Sunday 7 November 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 5 කොටස

ඔස්ට්‍රේලියානු ජීවිතයේ ලොකු වෙනසක් වූ කාලය කෝයෝ එකෙන් අස්වීමෙන් ටික කලකට පසු සිදු විය. මේ වන විට භාරි ද රැකියාවක් සඳහා කාලය ගත කලා. බිස්නස් එක හරහා ලැබුනු කොන්ත්‍රාත් වැඩේ වගකීම වූයේ ලූකස් හයිට්ස්වල ඉදිවුන නව රියැක්ටර් එකේ කොටසක් වූ නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එකේ අවශ්‍යවන උපකරණ සඳහා ඉංජිනේරු තාක්ෂණික හා විද්‍යාත්මක තොරතුරු ගොණු කර මිලදී ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ඩොකියුමන්ට්ස් සැකසීම ය. මේ project එකේ විද්‍යාඥයන් අට දෙනකු යටතේ ඉන්ස්ටෘමන්ට්ස් අටක් තැනීමටත්, ඉලෙක්ට්‍රිකල් හා ඩේටා සිස්ටම් ඉන්ජිනියර්ස්ලා දෙදෙනා සමඟ වැඩ කිරීමටත් සිදු විය. මේ දස දෙනාම ආචාරී උපාධි දරණ ක්ෂේත්‍රයේ ඉහල තලයේ සිටි අයයි. ඒ අතර ඔස්ට්‍රේලියන්, බ්‍රිටිශ්, ජර්මන්, රසියන් මෙන්ම ඵ්‍රෙන්ච් අය ද විය. සහායට තාක්ෂණික නිළධාරීන් හා මම අධීක්ෂණය කල ඉංජිනේරු මයිකල් ඩියුරා ද විය. නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එක යනු ඔවුන්ගේ බසින් cutting edge technology ය. එනම් සහායට කිසිදු පෙර කල දෙයක් නැති start from scratch වර්ගයේ වැඩකි. එසේම විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට එකට වැඩ කරන එක ලේසි නැත. විද්‍යාත්මක අවශ්‍යතා පමණක් ගොණුකල Instrument proposals තුලින් පටන් ගත යුතු විය. මෙහිදී රහස්‍යභාවය රැකීමට නාමිකව හෝ විද්‍යාත්මකව ඒ තුල අඩංඟු වූ දේ නොකියමි.

වැඩ බිම ඉතාම ආරක්ෂිත තැනකි. Australian Protective Service හරහා ඇතුල්වීම පිටවීම පාලනය විය. Shoot to kill බලය ඇති ඔවුන් ඉදිරියේ වැරදීම් වලට ඉඩ නැත. වරක් මම සමඟ අභ්‍යන්තර ගේට්ටුවක් හරහා යමින් සිටි තාක්ෂණවේදී ප්‍රංශ මිතුරා අතින් වූ වරදකට arrest කරන බවට ආරාක්ෂාවට සිටි APS officer තර්ජනය කලේය. ආරක්ෂාව එතරම් දැඩිය. එසේම ඉබාගාතේ තැන තැන යාමද තහනම් ය. ID නැතිනම් නෝ එන්ට්‍රි ය. පාස්වර්ඩ් වෙනස් කරපු වේගය කොතරම් ද කියනවා නම් අදත් අංක මතක තබාගැනීමට අපහසු ය. අනෙක් පැත්තෙන් ක්‍රියාත්මක වූ පරණ රියැක්ටර් එක නිසා එය අධි අවදානම් කලාපයකි. ඒ වටා කිලෝමීටර් ගණනක් ඈතට විහිදුන ප්‍රදේශය ජනවාසවලින් තොර කැලෑවකි. හදිසියක දී පළමුව වසන්නේ ඇතුළවන පිටවන ගේට්ටුවයි. අවදානම පහවන තුරු designated ආරක්ෂිත ස්ථානයට වී සිටිය යුතුය. ගොඩනැගිළි සියල්ල සංවෟත ය. අවශ්‍ය විට වාතය ඇතුල්වීම පිටවීම නවතන ආකාරයට එයාර් සර්කියුලේෂන් යුනිට්ස් ඇත. ගෙදර මෙන් දොර ජනෙල් ඇරිය නොහැක. රියැක්ටර් යනු හෙන්ඩුවෙන් පාලනය කරන ඇතෙකු වැනි පාලනයක් සහිත තැනකි. පාලනයෙන් ගිලිහුනොත් බඩුම තමයි. එසේම රේඩියෝඇක්ටිව් වායුන් නිපදවන අතර ඒවා ඉහල ආකාශයට මුදා හැරේ. සීමා ඉක්මවා ගියොත් එය අවට සිටින පවුල් අවදානමට ලක්වේ. සේවකයන් ලෙස ඉහල radiation exposure limits ඇත්තේ රියැක්ටර් ආසන්නයේ ඇති රේඩියේෂන් හා භාවිතයේදී වන මුහුණදීම සේවයේ කොටසක් නිසා ය. මම දුටු සුවිශේෂ දෙයක් නම් පෙන්ෂන් ගොස් මාස කිහිපයකින් පිළිකාවෙන් මියගිය අය ගැන කරන දැනුම් දීමයි.

න්‍යෂ්ටික තාක්ෂණය සීමිත කොටසකට හිමි රහස්‍ය තාක්ෂණයකි. මම මීට පෙර ලංකාවේ ඇති ඇටොමික් එනර්ජි ඕතරිටි හරහා Level 2 Radiography inspection බලය ලබාගෙන සිටියෙමි. ඒ තෙල් ටැංකි වල වෙල්ඩින් පරික්ෂාවටයි. මා සමඟ එම පුහුණුව ලැබූ මගේ ඩෙපියුටි ඉංජිනියර් වූ ඵර්නැන්ඩුපුල්ලේ ටික කලකට පසු පිළිකාවකින් මිය ගොස් ඇත.  රැකියාව කරන අයට මෙම ක්ෂේත්‍රය මාරක අභියෝග කරයි. එහෙත් අදාළ ඉන්ස්ටෘමන්ට්ස් වලින් කරන කාර්යයන් ගත් කල රියැක්ටර් එකෙන් ජනනය කරන න්‍යුට්‍රන්ස්, බීම් එකක් ලෙස ගෙන කරන පරීක්ෂණ ඉතාම සංකීර්ණ ක්‍රියාවළි ය. එක් එක් ඉන්ස්ටෘමන්ට් සඳහා භාවිතා කරන ආකාරය වෙනස් ය.

මගේ ප්‍රථම කාර්යය වූයේ විද්‍යාඥයන් සැකසූ proposals වල අඩංගු අවශ්‍යතා ඉංජීනේරු අවශ්‍යතා වලට පරිවර්තනය කර design, construction and supply සඳහා අවශ්‍ය specifications හා tender documents සැකසීම ය. මේ සඳහා දෙයාකාරයකින්, එනම් විද්‍යාත්මක ඇසින් හා ඉංජිනේරු ඇසින් බැලීමට හැකි විය යුතු ය. සරලව, කරලා බලා ප්‍රථිඵල ලබා ගැනීමත්, පවතින handbooks, codes, standards වලට අණුකූලව ඉල්ලන අවශ්‍යතා සපයන උපකරණ ගොඩ නැගීමත්, අවශ්‍ය තැන අළුත් තාක්ෂණය ගොඩ නැගීමත් මේ දෙයාකාර ලෙස කිව හැක. විද්‍යාඥයන් භාවිතා කරන න්‍යුට්‍රෝන ඇසට නොපෙනෙන කුඩා අංශු නිසා බලාපොරොත්තු වන උපකරණවල accuracy ඉතා ඉහල විය යුතුයි. උදාහරණ ලෙස උපකරණ වල X Y Z axes වල accuracy 0.00001 mm වැනි අවශ්‍යතා විද්‍යාඥයන් සඳහන් කර තිබුනි. මෙහිදී මගේ කාර්යභාරය වූයේ පවතින බටහිර තාක්ෂණයෙන් සේවා සැපයීම ය. මා සතු අදාළ නොවන තාක්ෂණයක මීටත් වඩා ගොඩක් ඉහල accuracy ලබාගත හැකි වුවත් හෙළි නොකලෙමි. පවතින බටහිර තාක්ෂණය ගත් කල ඉල්ලා ඇති අවශ්‍යතා ඉටුකල නොහැකි බව කියමින් ක්ෂේත්‍රයේ නියුතු නිෂ්පාදකයන්ගෙන් විමසන ලෙස ඉල්ලුවෙමි. ඔවුන් මා කී දේ තහවුරු කර නිසා නැවත විද්‍යාත්මක අවශ්‍යතා නිර්ණය කෙරුනි. පවතින නියුට්‍රන් බීම් තාක්ෂණයේ ඉමේ සිට ගොඩ නගන මේ instruments සඳහා සියලු අවශ්‍යතා දැන සිටිය යුතු ය. මගේ අදහස අදාළ තාක්ෂණයන් හෝ පුද්ගලයන් ගැන කතා කිරීම නොවේ. එසේම රහස්‍යතා ගිවිසුම් ද ඇත. අවශ්‍ය කෙනෙක් අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න. මම මුල් තැන දෙන්නේ කොහේ ගියත් මොනවා කලත්, මට ලැබෙන්නෙ ම, කල නොහැකි දේවල් බව කීමටයි. කට් ඇන්ඩ් පේස්ට් ජොබ් එකක් ලෙස සැලකුවත්, සැබෑව වූයේ proposals අංඟ සම්පූර්ණ නොවීමයි. අතරට නොදන්න හිස් තැන් ආවිට වැඩක් ඇන හිටී. දැන් මගේ වැඩ කිරීමට, මේ නොදන්න හිස් තැන් පිරවිය යුතු ය. නොඑසේ නම් progress නැත. milestones කැලේ ය. අන්තිමට විද්‍යාඥයකු ලෙස ද දැනුම ප්‍රගුණ කර, design, construction and supply සඳහා අවශ්‍ය specifications හා tender documents සැකසුවෙමි. අතරමැද හිරවී සිටි අය මෙන්ම අවශ්‍යතා නිවැරදිව හඳුනා නොගත් අය ද මේ නිසා මා කල සේවයට තම gratitude නොපැකිළව ප්‍රකාශ කල විට සතුටක් දැනුනි. එහෙත් ඇතුලතින් මේ උපකරණ කොතරම් සරල දැයි දැනුනේ ඔවුන් කරන සියල්ල එකම instrument එකෙන් කල හැකි තාක්ෂණය පෞද්ගලිකව මා සතු වීම නිසයි. මේ රැකියාව තුලින් අළුත් ක්ෂේත්‍රයක ප්‍රවීණයකු වීමි. සමහරු තමන්ට ම හිමි ගුරු මුෂ්ටි වූ රහස්‍ය දැනුම මගේ කටින් ඇසීමෙන් මට ඉතා සමීප විය.  ඒවා ලිඛිතව නැත.

මා ඔස්ට්‍රේලියාවට ගියේ ලංකාවේ ගෙවූ ජීවිතය ගෙවන්න නොවේ. එහෙත් වුනේ බින්දුවෙන් පටන් ගන්නයි. මේ වන විට අපි දෙදෙනාම රැකියා කල අතර ප්‍රථම වරට brand new කාරයක් මිල දී ගත් අතර අනෙක අතිරේක ලෙස තබා ගතිමි. බොහෝ විට බැටරි චාර්ජ් කිරීමට පමණක් පැදෙව්වෙමි. මේ කාලය තුල ම, බලාපොරොත්තු වූ ආකාරයටම නිවසක් පැරමටා අවටින් බැංකු ණයෙන් ගත්තෙමු. ගෙය නූතන ක්‍රමයට නොව ලංකාවේ ආකාරයට බිත්ති මත වහල රැඳවූවකි. බරපතල පැලීම් වූ නිසා වෙන කිසිවකු නොගත් බැවින් ඉඩමේ වටිනාකමට නිවස සමඟ මිල දී ගැනීම, පසුව, තවත් කල නොහැකි අභියෝගයක් වූයේ ට්‍රේඩීස්ලාට දුන් පළමු ජොබ් එකම අසාර්ථක වී මගේ දෑතින් නිම කරන්නට වීමෙනි. ඔස්ට්‍රේලියාවෙ මේ වගේ ගෙවල් අද හදන්නෙ විශේෂ ඒවා ලෙස ය. බහුලව ඇත්තේ ලී රාමුව ඇටවූ නිවාස ය. සාමාන්‍යයෙන් වසර තිහක් ආයු කාලය ලෙස ගැනේ. මෙය නිවාස ණය ගෙවීමට ඇති වසර තිහක කාලයට සමාන ය.  මේ සඳහා වසර තිහක් එක දිගට රැකියාව කල යුතු ය. පවතින පසුබිම ගත් කල එය ඉටු නොවන තරම් ය. බොහෝ විට විකුණා දමන නිසා අදාළ නැත. නිවසට ණය ගැනීමේ දී බැංකුව සියල්ල සූරා ගනී. මෙම නිවස ගත් කල අධික වාහන යන ප්‍රධාන පාරකට මුහුණ ලා සිටීම නිසා දෙදරුම් කම්පණයට ලක්වීමත්, නොනවතින කාලගුණික වෙනස්කම් නිසා ඇතිවන කම්පණයත් නිසා ඝණ බිත්ති ඉරි තලා කපරාරුව පෝරු පිටින් කඩා වැටීමත් විසඳිය නොහැකි ප්‍රශ්ණ බව දැන සිටි උන් නිවස මිලදී ගැනීමට පසුබට විය. මම ඉරි තැලූ තැන් පිළිසකර කලේ ලෙබ්බෙකු යොදාගෙන ය. ඊට පසු දින හතලිහක දිග නිවාඩුවක් දාගෙන පුතා සමඟ අපි දෙන්නා  ලංකාවට ඇවිත් බොහෝ ඓතිහාසික තැන් වලට ගියේ අසල ඇති ගෙස්ට් හවුස් හෝ හෝටලයක නැවතෙමිනි. යාමට බැරි වූයේ කලින් ගියපු නුවරඑළියට පමණි. මේ ගමනේදී බොහෝ කතා ඇසුවෙමි. ඒ අදාළ තැන් වල අතීතය ගැනයි.

නැවත ආවේ අප මිල දී ගත් නිවසටයි. හදපු බිත්ති ඒ කාලය තුල ඉරි තලා මුල් තත්වයට ඇවිත් තිබුන නිසා කඩා ඉවත් කලෙමි. දැන් බදාම වැඩ කරන්නේ මමයි. මට ම ආවේණික තාක්ෂණය යොදා හෙමින් හෙමින් පිළිසකර කලෙමි. ලියන මොහොතේත් ඒවා ඉරිතලා නැත. ඒ සමඟ නිවස පිළිසකර කිරීමේ සියලු වැඩ මම කලෙමි. සැබැවින් ම අවසන් කලේ 1918 ඔක්තෝබර් 18 දින ගුවන්තොටට යාම ද කලින් යා යුතු පැය හතරෙන් පැයකින් පමා කරමිනි. නිවසට ආවේ 2005 වසරේ ජනවාරි වලයි.  උපාධිමානෙන් වෙහෙසීමෙන් මගහැරපු භාරිගෙන් ලැබුනු පිටුවහල ඉතා අල්ප ය. පුතා ද ගියේ ඒ මගයි. තනිව ම බලාපොරොත්තු වූ ආකාරයට ම වැඩ නිම කිරීමේදී අදාළ වැඩ සියල්ලෙන්ම දැනුම ලැබුවෙමි. විශේෂ වැඩ සඳහා ලාංකික සුදේශ් ද දකුණු අඵ්‍රිකාණු ඉන්දියන් ඇලන් ද යොදා ගතිමි. මෙම නිවස තරම් අභියෝග දුන් වෙනත් නිවසක් නැති තරම් ය. වරක් ජල කාන්දුවක් නැවතීමට නොහැකිව plumber දෙවියන් යදින්න පටන් ගත්තේ ය. එවිට මම ඔහුට උදව් කලෙමි. ඒ ක්‍රමය 2010 දී වූ ලෝක ප්‍රසිද්ධ disaster එකක් විසඳීමට යෝජනා කල නැවුම් තාක්ෂණයක මුල් කොටස විය. මෙහි waste pipe line මෝඩකමේ උපරිමය සංකේතවත් කරන චොර තාක්ෂණයේ ඵලයකි. බොහෝ විට පිළිසකර කරන එක ඉතාම දුෂ්කර අභියෝගයකි. පවතින ඉංජිනේරු තාක්ෂණය කොතරම් චොර දැයි තේරුම් ගැනීමට මෙම අත්දැකීම ද ඉවහල් විය. එසේ ම විසඳුම් ලෙස නව තාක්ෂණික ක්‍රමවේද සොයාගැනීම ද සිදු වූයේ මුහුණ දුන් ප්‍රශ්ණවලට විසඳුම් ලෙස ය.

මගේ ජීවිතයේ වටිනා ම සොයාගැනීම් වූයේ මම දැරූ පෞද්ගළික උත්සාහය තුලිනි. ඒ නිසා කාටවත් කීමට හෝ ලිවීමට අවශ්‍ය නොවී ය. එළඹි කාලය තුල මා සිතු මගේ සාමාන්‍ය දැනුම එසේ නොවන බවත් අසාමාන්‍ය බවත් දැනෙන්නට විය. මෙය අත්දැකීම් බහුලවීම සමඟ ඇතිවන ස්වයං හඳුනාගැනීමක් හෝ self realisation ලෙස හඳුන්වමි. එනම් කාගෙවත් බාහිර බලපෑමකින් තොරව සත්‍යය හෙවත් සැබෑව මනාව තහවුරු කර ගැනීම ලෙස අරුත් දේ. මට සාපේක්ෂව අනෙක් අයගේ හැකියාවන් ඉතා පහල මට්ටමක පවතින බව තහවුරු විය. තම ක්ෂේත්‍රයට ප්‍රවීනයන් වූ දහදෙනෙකු සමඟ ගණුදෙනු කිරීමත්, ඔවුන්ගේ ක්ෂේත්‍රයේ මුහුණ දෙන ගැටළු විසඳා දීමට තරම් සමත් වීමත්, ඔවුන්ගේ දැනුමේ ඉම ඉක්මවා යමින් කටයුතු කල ද ඔවුන් මෙන් පීඩනයට ලක් නොවීමත් තරමක අමුතු බවක් ඇති කලා.

මේ කාලය තුල මා අසා ඇති මෙන් ම සොයාගත් විවිධ කතා, විශේෂයෙන් ම මෝඩ චොරයන්ගේ බැලයන්ට මිථ්‍යාව හෝ හිතළු ලෙස පෙනුන කතා විශ්ලේෂණය කලෙමි. ඒවායේ ඇත්ත නැත්ත සෙවීමට බොහෝ උපක්‍රම යොදා මධ්‍යස්ථ ව සොයා බැලුවෙමි. විවිධ ජාතීන්ට හිමි විවිධ කතා මෙන් ම ඓතිහාසික ව, ඔවුන් සතුව පැවති උරුමයන් ගැන සෙවීමේ දී, සිංහලයන් සතුව පැවති තොරතුරු තුල පමණක් ඇත්ත බව සනාථ විය. ඊට සමගාවී ව පැවති අනෙක් ජාතීන්ගේ කතා හුදු ප්‍රබන්ධ බවත් ඒවායේ මූල සිංහලයන් සතුව පැවති තොරතුරු බවත් දුටිමි. වෙන්වීම හා නූතන චොර ආධිපත්‍යය සමඟ බිහි වූ චොර බලපෑම් සමඟ විවිධ ලාභ ප්‍රයෝජන තකා බිහි වූ සාවද්‍ය විකෘර්ථිවීම් වලට මුල් තැන දීම සමඟ, ඇත්ත අහිමි වූවා සේ ම යම් දුරස්ථ වීමක් දුටිමි. මාගේ දැනුමේ අගය ලැබෙන වැටුපෙන් මැනීම ඉවසුම් නොදෙන අසාධාරණයක් බව මේ කාලයේ දී ඒත්තු ගත්තෙමි. මෙම න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ රැකියාව අවසන් වූ විට වෙනත් රැකියාවක් ලැබුන ද එය ප්‍රතික්ෂේප කලේ interview ගොස් අධිවේගයේ එන අතරමග මුහුණු දුන් අනතුරුදායක සිදුවීමක් නිසා ය. මෙතැනින් මගේ ජීවිතයේ වහළකු සේ රැකියාවක් කිරීම අවසන් විය. මේ වන විට භාරී හොඳ රැකියාවක නියුතු වූ නිසා වැඩි බලපෑමක් නොවී ය. ලියන මොහොතේ ආපසු හැරී බලන විට, එසේ නොකලා නම්, අද වන තෙක් ආ මග ඇහිරී පුතාගේ අනාගතය ද අඳුරු වන බව පැහැදිළි නිසා ය. මගේ පෞද්ගළික සෙවීම් හා අත්හදා බැලීම් සඳහා වැඩිපුර කාලය යෙදුවෙමි. පුතා මුහුණ දුන් අභියෝග හමුවේ, මම ඔහු සමඟ නොසිට රැකියාවකට ගියා නම්, අධ්‍යාපනය පවා අත හරින බව ස්ථීර ය. මේක ලියන මොහොතේ, ඔහු තෝරාගත් ක්ෂේත්‍රයේ ඉදිරිපත් කල පර්යේෂණ පත්‍රිකාව ලෝකයේ මුල් තැන ගත්තේ ය. මේ අතරේ භාරිගේ වැඩකටයුතු ද කර අත්දැකීම් ලැබුවෙමි. කොතරම් කලත්, ඇයගේ රැකියාවෙන් යැපුන සමය පුනා පුනා මතක් කරන විට, ඔවුන්ගේ හැසිරීමේ තවත් පැති කඩක් අනාවරණය විය. තේරීම් නැති නිශ්චිත ගමනක ගිය ජීවිතයේ මේ කොටස ද ඒ අනුවම ගෙවී ගියා.

කැපුවත් නිල් බයියන් අතරේ හැදී වැඩී බයියකු වූ මම 2005 දී ජනාධිපතිවරණයෙන් අපේ කෙනෙක් දිනුවා යයි සිතුවෙමි. ඒ නිසා ඥ්‍රාති සබඳතා උපයෝගී කරගෙන ලිපියක් යොමු කලෙමි. එම යෝජනාව 2013 අගෝස්තු මස මතක සටහනක් ලෙස බ්ලොගයට එකතු කලෙමි. එහි පුරුක https://sinha-ali.blogspot.com/2013/08/blog-post_22.html ය. විශ්මය වූයේ එය දැක තරමක් කලබල වී මම අභියෝගයක් විය හැකියි යන හැඟීම පෙන් වූ බව මට නැවත ලැබුන පිළිතුර වීම ය. මම පෞද්ගළික ව සිටි තැන හෙළි කරනවා නම්, මට අවශ්‍ය වූයේ අපේ පැත්තේ එකාට උදව් කර මේ රට ලෝකයේ බලවත් ම රට බවට පත් කිරීමයි. ඒ ලිපියේ අන්තර්ගතය ඔවුන්ගේ කරගෙන ක්‍රියාත්මක වීමේ දී රටට මෙන්ම ඔවුන්ට ද අනපේක්ෂිත ඵල නෙලාගැනීමට සිදු විය. චන්ද්‍රිකා සමයේ මෙන් රටට ඒමට සිත් නොවීම පසුව ඉතා සුභ දෙයක් වූයේ කම්බ හොරුන්ගේ බැලයකු නොවීම යයි කිව හැක. ඒ ලිපියේ අන්තර්ගතය හා එවීමේ යථාර්තය හරියට පැහැදිළි වුනේ ඊට බොහෝ කලකට පසු ය. කෙසේ හෝ ඉතා ශූක්ෂම ලෙස පියසේන යන නම  ටෙලිනාට්‍ය තුලින් අවමානයට ලක්කිරීමක් වී ඇති බව දුටුවේ බොහෝ පසු කාලයකයි. මෙතෙක් බිහි වූ කූටම දේශපාළුවන් සමඟ යම් වෙනසක් වී නම් ඒ ඊ ළඟ ජනාධිපතිවරණයේ දෙරණ හරහා කල මතවාදී සහාය ලෙසින් මම කල අවඥාසහගත ප්‍රචාරණයයි. මේ සමයේ මම නොයෙකුත් මාධ්‍ය හරහා සිංහලයන්ගෙ යයි ලේබල් ගසා පල කල උරුමයන්ට එරෙහිව විවිධාකාර ප්‍රතිචාර දැක්වීමි.

1990-94 කාලය තුල මා හිස මුදුණින් පුරුදු පුහුණු වූ ඉංග්‍රීසිකම බිඳ වැටීමේ ආරම්භය විය. ලංකාවෙ ඉන්න ගිරවුන් දෙන අධ්‍යාපනය දෙකට ම නැති හිඟන උපක්‍රම බව වැටහුන අතර, ඉංග්‍රීසි උරුමය ඇති උන් ලැබූ අධ්‍යාපනය ඒ තුල සැඟවුන ඇත්ත හෙළි කලා. නන්නත්තාර වූ, එහෙමත් නැත්නම්, සිරකරුවන් වහළුන් ලෙස තම යැපීමට හිතළු ඇත්ත ලෙස සළුපිළි අන්දා කරන බටහිර අධ්‍යාපනය, චොර (සොර, සුර) දැනුම බවත් එහි ඇති ව්‍යාකූල බවත් ප්‍රත්‍යයක්ෂ වෙන්න පටන් ගත්තා. මෙය Self Realisation හෝ ස්වයං තේරුම් ගැනීම ලෙස හඳුන්වමි. ඒ තමන් ඒ තුල ගිලී ඉන් ලබන අත්දැකීම් තුලින් ඇත්ත නැත්ත හඳුනාගැනීමේ ඵලයයි. මෙයට වෙන කිසිවකුගේ සහායක් නැත. මෙහි උපරිමය 2006 වසරේදී ලඟා වූවා යයි කිව හැක. බටහිර දැනුම, සූදු කෙලීමෙන් ලබාගන්නා අත්දැකීම් මත ගොතපු, හිතට එන අදහස් හෙවත් හිතළු සාගරයක් බවත්, ඇත්ත ඊට බොහෝ ඈත බවත් තහවුරු වන විට, ඊට පිටින් යමින්, ඇත්ත මත ගොඩ නැගූ දැනුම බිහිකිරීම 2006 කම්බ හොරාට ලියපු යෝජනාවේ අරමුණ වුව ද ඒක ඊට එහා ගිය ක්‍රියාවළියක ආරම්භය බව පසුව දුටුවෙමි. එනම් දේශපාලනික ක්ෂේත්‍රයට යොමු වීමේ ආරම්භය විය. ඊ ළඟ කොටසින් මම ගැනත් ශ්‍රී ලාංකිකයන් ගැනත් ඇත්ත දුටු කාලය ලෙස වැදගත් වේ. ඊ ළඟ කොටස, තීරණාත්මක දිනයක් වන 2012 අප්‍රේල් 12 ලෙස පසුව හඳුනාගත් දිනයක කල අත්හදා බැලීමෙන් අවසන් වී නව ආරක දැකීමක් සනිටුහන් කරපු කාලයේ සිදුවීම් සුළුවෙන් ලිපිගත කිරීමකි.

 



Saturday 16 October 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 4 කොටස

 1998 - 2001

Skillmax වල සහාය ඇතිව සොයාගත් ඵෙඩරල් රජයේ රැකියාව භාරගැනීමට අපි තුන්දෙනා ගියේ ඉන්ටර්ස්ටේට් දුම්රියෙනි. අධික වේගයත් පසුපසට වූ පෙට්ටියත් සමඟ අඩියක් පමණ එහා මෙහා යාමක් දැනුනි. සති තුනකට 4 ස්ටාර් හෝටලයක නැවතීමට සකසා තිබුනා. ඔස්ට්‍රේලියාවේ අගනුවර කෘථීමව බිහි කල තවත් කුඩා නගරයකි. ජනගහනයේ බහුතරය රාජ්‍ය සේවකයන් ය. සාපේක්ෂව පහසුකම් අඩු තැනකි. ඒ කාලේ කැලෑබද ප්‍රදේශ මැදින් යන පාරවල් විය. මෑතකදී විශාල සංවර්ධනයක් සිදු වී ඇත. එනම් ගහකොල වනසා ගෙවල් පාරවල් හදා "දියුණු" කර ඇත. නැවතීමට තැනක් සොයා ගැනීමට ඉතා අපහසු විය. සති 3 පහ තෙක් දිගු කෙරින. අන්තිමට Aranda වල 3br නිවසක් සොයා ගෙන ඒ අසල පෞද්ගළික ක්‍රිස්ටියානි පාසලකට පුතා දැමුවෙමි. ප්‍රින්සිපල් බල්ලා ආගම පටවන්නේ නැතැයි පොරොන්දු වුවත් කලේ පට්ට බොරුවකි. විශ්වාස නොකලයුතු උන් විශ්වාස කිරීම සියලු සත්වයන් නිදුක් නිරෝගී සුවපත් වේවායි පතන්නෙකු ලෙස කරපු තවත් අමන ක්‍රියාවකි. පුතා කොතරම් ඒ පාසල පිළිකුල් කලාදැයි දැනගත්තේ ආපසු සිඩ්නිවල පදිංචියට ගිය පසු යහළුවකු නිකම් දුන් තඩි ඕගන් එක ගෙදරට ගෙනා පසුය. ඔහු එයට කෙල ගැසුවා. පුතාගේ දැඩි විරෝධය නිසා එය බඩු ප්‍රවාහනය කල පුද්ගලයකුට දුන්නෙමි.

රාජකාරිය වූයේ රථ වාහන මෝටර් සයිකල් ආනයනය කිරීමේ දී compliance plates issue කිරීමයි. මේ සඳහා කොල පිරි තඩි පයිල් ඉල්ලුම් කිරීමට එවන්නේ අදාළ සහතික ප්‍රථිඵල සමඟ ය. වැඩ භාරගනිද්දී, මේසය හා cubicle මනාව හිස්  තිබිනි. එහෙත් කබඩ් ලාච්චු පයිල් පිරී ඉතිරී යන ලෙස පිරිලා. යථා සිහිය එළඹෙන විට දැන ගත්තේ මම තනියම කලයුතු වැඩේ කලින් තුන් දෙනෙකු කල බව ය. අංශයේ සර්වබලධාරී අංශ ප්‍රධානී අධ්‍යක්ෂක වූයේ ඇලන් ගැස්කොයින් ය. ඔහුට සමීප වූ ඉන්දියානුවෙක් අසල cubicle එකක සිටියා. ඔහු ඇලන් ගේ ෂෙයාර්මාර්කට් වැඩ කරනු දුටිමි. සති තුනකට පමණ පසු මම ලියා දුන් technical compliance report එකකට හොඳටම උරන වූ ඇලන් මාව සති දෙකකට ගැරාජ් එකක වැඩට ඇරිය යුතු බව කීවේ ය. ආරම්භයේ සිට මට ලොකුම ඇනය වූයේ ඩග් බේන් කියන ටෙකා ය. කුලභේදය නිසා, මගේ බොස් සේ ඌ මට උපදෙස් දෙනකොට  මරන්නට තරම් කේන්තියක් දැනිනි. පසුව දැන ගත්තේ ඌ මේ හයිය පෙන්නුවේ තමන්ගෙ union power හා ඇලන්ගෙ රහස් කල්ලියේ සාමාජික නිසා බවයි. මෙය රැකියාව රැකගන්න එකතු වන පුංචි කල්ලිවාදයේ ඵලයකි. හරියට ලංකාවේ හිටි විතාන හා සමරවික්‍රම වැනි ය. එසේම මම ටෙකියාගේ ජොබ් එක ගන්න පත්කල ඉංජෙකු ලෙස ඔහු සැලකූ බව දැන ගතිමි. ඩග් බේන් හීනමාන කාරයෙකි. interstate travel වලදී ද ඌ සමඟ පුහුණුවට යාමට සිදුවිය. මේ අතරේ මම  ඇලන් කුපිත කල report එක පත්තු විය. මම හරි ය. දෙපාර්තමේන්තුව වසර විසිගණනක් කලේ වැරදි අරුත් දීමකි. අප අංශයට උඩින් සිටි Administrator සහතික දීමේ බලධාරීයා මේ ගැන දැන ගත් විට ඇලන් බලු විය. කරේ සිටි ඩග් සුවච කීකරු සුනඛයකු සේ හැම දේටම මගෙන් අසන තැනට පත්විය. එය මල කරදරයක් විය. කාලය සමඟ, මම උන්ගෙ තනතුරු අපේක්ෂාවන්ට අභියෝගයක් බව රහසිගතව කතා කරනු ඇසුණි. ඒ අතරේ මෙතෙක් මගේ සුප්පා වූ ලාල් ගුණවර්ධන වෙනුවට වොන් පත්විය. මගේ performance ගැන record එකක් තබාගන්නැයි ලාල් මට රහසේ කීවේ ය. මේ පසු පස ලොකු කුමන්ත්‍රණයක් ඇති බව මම දැනගතිමි.

කල් යත්ම බොහෝ සැඟවුනු රහස් දැන ගතිමි. මට කලින් මගේ තැන ගත් කොලින්ස්, ඇලන් සමඟ ගැටී වසරක no-pay නිවාඩු ගොසින් ය. ඔහු ආවොත් මගේ තැන දිය යුතු ය. එනම් මගේ සේවය ස්ථීර නොකර මගේ දුර්වල බව performance  හරහා පෙන්වීම ය. ඒ සඳහා ලාල් ඉවත් කර චීනා දැමුවේ, ඌ කියන ඕන දෙයක් කරන පරයකු නිසා ය. මේ අතරේ කැන්බෙරා රැකියාව ලංකාවේ අරුවක්කාරු වල කල සේ කැලයක ඉන්න බවක් දැනී එපා විය. බරපතලම දේ කලාවට මුල්තැන දුන් අධ්‍යාපනයයි. පුතා කලාකාරයකු කිරීමට මට ඕන නැති නිසා භාරි හා පුතා නැවත සිඩ්නිවල පැරමැටා කුලී නිවසක රඳවා මම ඉරිදා හවස කැන්බෙරා ගොස් සිකුරාදා පැරමැටා ගෙදර ආවෙමි. මුල් සතියේ නගරය මැද වූ හෝටලයේ ලාභ ෂෙයාර් කාමරයක සිටියෙමි. නන්නාඳුනන දේශීය විදේශිය සංචාරකයන් සමඟ රැය පහන් කිරීම තැති ගැන්වීය. පසුව ලංකාවෙන් ආ කෙනෙකුගේ ගෙදරක නැවතුනෙමි. අන්තිමට වියට්නාම් පන්සලේ කාමරයක් කුලියට ගත්තෙමි.

දැන් ලැබෙන පඩිය වියදමට මදි විය. රක්ෂාව නිෂ්ඵල ය. පුතා මා සොයයි. ඒ අතරේ මගේ සේවය ස්ථීර කිරීමට performance අගැයීම ආවා. චීනා ඇලන් කී ලෙස ම මගේ වැඩ slow යයි ලියා මට අත්සන් කරන්නට කීවේ ය. මම ක්ෂණිකව දිග ලිපියක් ලියා අස්වීමේ ඉල්ලීම එදාම පිළිගන්නා ලෙස මගේ performance report status කියන මගේ ලේඛණය සමඟ First Asst Secretary ට දුන්නෙමි. ඔහු එය පිළිගෙන සවස තුනට පෙර සියල්ල නිම කරන බව කීවේ මට ආපසු කෙලින් ම සිඩ්නි යාමට ය. මේ සමඟ මා සමඟ ඉර්ෂ්‍යාවෙන් පෙළුන රොජර් සුප්පා උගේ ශ්‍රේණියේ අළුත්ම තනතුරක් හදා මම ඊට කැමතිදැයි ඇසුවේය. ඌ මට ඉර්ෂ්‍යා කලේ මගේ compliance knowledge නිසාය. ඒ වනවිට මම ඔස්ට්‍රේලියාවේ compliance issues ගැන මුල් තැන දැරුවෙමි. මුලදී මට හින්ට් පාස් කල engineering consultantsලා හැම දේම මගෙන් අහන්නට පටන්ගෙන තිබුනි. ඒ අතරේ මගේ performance පැය 24ක් තුල ලැබෙන සියලු ඉල්ලුම්පත් ඇසෙස් කරන තැනට ගෙන අවසන් ය. මම slow යයි කියපු උන් ඊට පෙර දින dept එකේ assessment එකෙන් බේරුනේ මගේ වැඩවල performance highlight කිරීමෙනි. අන් කිසිවකු දී ඇති 90 day සීමාව තුල නොවී ය.

බලු වී බැනුම් අසමින් සිටි රාජ්‍ය සේවය, අභිමානවත් කලේ මගේ tech compliance reports හා QA වලිනි. දැන් engineering consultants ලා පහල ය. ඒ අතරේ සරත් විතාන සේ ම ඇලන් ගැස්කොයින් කලේ තම වාසියට ආයතනය වැනසීම ය. පසුව ඔහු එතැනින් ඉවත් කල බව දැන ගතිමි. මගේ රාජකාරි වැඩ නිසා බොහෝ special vehicle category ආනයනය කරන්නන් බංකොලොත් වූ බව දැනගත්තේ පසු කාලයකයි. වසර 20ක් පමණ වැරදි අරුත් දී  වියදම් අධික modification කරපු උන් කෝපය පිටකිරීමට phone කල විට transfer කරන්නේ මට ය. ඒ මදිවට හැම එකාම වැඩ මට තල්ලු කලේ ලංකාවේ විදියටමයි. එක අතකින් එයින් අස්වීම නිදහස් වීමකි. මේ කාලය තුල මම මගේ මුල්ම කම්පියුටරය ගත්තෙමි. වැඩියෙන් භාවිතා කලේ පුතා ය. මේ සියල්ල අතරේ මම බොහෝ වීඩියෝ බලා තාක්ෂණය මෙන්ම ඉතිහාසය හැදෑරුවෙමි. මොනෑෂ්වල දී මුහුණ දුන් කතා කිරීමෙ දෙබිඩිකමත්, මිනිසුන්ගේ අමනකමත් නිසා මිනිසුන්ට වඩා ශූක්ෂම නැවත රිජනනය වන රොබෝලා හැදීමට උත්සාහ කලෙමි. මැෂින් අතර කතාකිරීමට නිශ්චිත අරුත් දෙන භාෂාවක් හැදීමත්, රිජනනය වන රොබෝලා හැදීමට අවශ්‍ය දැනුම ගොඩ නැගීමේ දීත් මගේ ජීවිතයේ වූ ලොකුම පරිවර්තනය සිදුවිය. එනම් නිශ්චිත අරුත් දෙන භාෂාව, දැන සිටි එහෙත් අගයක් නොදුටු සිංහල භාෂාවට සමාන වීමත්, රිජනනය වන රොබෝලා හැදීමට අවශ්‍ය දැනුම, මා අසා තිබූ සිංහල උරුමය තුලින් ඒ ආකාරයටම කලින් කියා තිබීමත් පුදුමය දැනවී ය. මේ විශ්වයේ මූලධර්ම පදනම් කරගෙන මිනිසුන් මෙන් නැවත නැවත හැදෙන රොබෝලා තුල අන්තර්ගත විය යුතු දැනුම හැකියාවන්/බලයන් දහය සිංහලයන් සතු දසබලධාරී හා ග්‍රහනාම තුලින් කියන දැනුම හැකියාවන්/බලයන් හා සම වීමත්, ඒ අතරේ බටහිර විජ්ජාවේ සූදු කෙලීම අසාර්ථක බව තහවුරුවීමත් තුලින් අදට මා සිටින තැනට එන ගමන ඇරඹිණි. මෙය අහම්බයක් මිස කිසිදු පෙරදැනුමකින් නොවුනේ ආපසු ඔස්ට්‍රේලියාවට ගියේ උන්ගේ එකෙක් වීමට නිසයි. එසේම අසා තිබුනු තොරතුරු මිස වෙන කිසිදු බැදීමක් සිංහලයන් සමඟ නොවී ය.

එතැන් සිට සිංහලයන් ගැනත් මානවයාගේ බිහිවීමත් කරා මගේ හිත යොමු විය. අන්තර්ජාලය තුල පළවූ බොහෝ තොරතුරු සාවද්‍ය බව දුටිමි. Lankaweb නම් වංශෙ කබල් ගාන සේ සිංහල උරුමය ගැන කතා කල ඇමෙරිකා ගිය අහිගුන්ටිකයන්ගෙ කඩමාල්ලේ මම විවාද කලෙමි. එහි බර තිබුනේ අද මම පිළිකුල් කරන බොරු සිංහල වෙස් ගත් හිඟමනට ආපු ඉන්දියන් අහිගුන්ටිකයන් ගෙතූ කෙප්ප වලටය. සැබැවින් ම උන්ට අනුව මහාවංෂම් සිංහල උරුමය විය. ඒ වන විට ඉන්දියන් අහිගුන්ටිකයන් සැබෑ ලෝකේ හමු වී තිබුනු නිසා සිංහලයන් උන්ගෙන් බිහිවීම අපහාසයක් විය. රොබෝ ක්‍රියාකාරිත්වය හඳුනාගත් විට මානවයාගේ බෙදීම් ද හඳුනාගතිමි. මේ අතරේ විවිධ වාර්තා වැඩ සටහන් තුලින් ජපනාගෙ කතා පසු පස ඇති ප්‍රෝඪාව දැක ඔවුන් ගැන සෙවීමට අවස්ථාවක් සෙව්වෙමි.

2001-2002

ජපනුන් ගැන සොයමින් සිටි මට කෝයෝ ඔස්ට් වල සේල්ස් ඉංජිනියර් තනතුරක් ලැබින. මෙහි ප්‍රධානීන් වූයේ කෝයෝ ජැපෑන් වල නිෂිමුරා හා යෝජී නම් සේවකයන් ය. නමට MD හා Director වුනාට හැසිරීම සේවකයන් වැනි ය.  පාලනය ජපානේ සිටින්නන් හසුරුවන එකකි. සැබැවින් ම Ltd යනු ඔසී නමක් දා ගැනීම පමණි. මම ජපනුන් ගැන බොහෝ දේ සෙව්වෙමි. විශේෂයෙන් ධනවත් බලවත් රටවල ලොවට පේන ස්වරූපය හා සැබෑ ස්වරූපය හඳුනා ගැනීම වැදගත් ය. ජපනාගේ ලොවට පේන ස්වරූපය කාර්යශීලී, අවංක, බුද්ධිමත්, නිහතමානී ජාතියකි. තම ප්‍රථිරූපයට යම් හානියක් වේ නම් සියතින් බඩ කපාගෙන හරාකිරි කරගන්නා ජාතියකි. එහෙත් දෙවැනි ලෝක යුද්ධ සමයේ චීනුන්ට සැලකූ ආකාරය මෙයට අභියෝග කරයි. මට සැබෑව දැකීමට ඔවුන් අතරට යාමට කෝයෝ භාවිතා කලෙමි. ඔවුන් ඔසියන් වගේ අතට අත දීමේදී දැඩි නොවී ය. මොලොක් අතට අත දුන්නා වැනි ය. නම අගට san කියා කියති. මුල් දිනයේ ම යෝජී සන් මට කතා කර අසල තිබුනු ගලවපු දොරක් ගෙන ගොස් තබන්න නියෝගයක් ලෙස කියනු අසා මගේ ලේ කෝප විය. උගේ පුකට පයින් ගැසීමට සිත් විය. කාගෙන ඉවසුවෙමි. ආයතනයේ සැබෑ ලොක්කා ලෙස හැසුරුනේ ලක් ඩී සිල්වා ය. මම ඌට ඵක් ඩී සිල්වා කීමට ප්‍රිය කරමි. ඌ මගේ බොසා ය. තනිව කාමරයක සිටින විට උගේ පුකට පයින් නොගැසීම ගැන දැනුත් දුක් වෙමි. ඌ ජපනාගෙත් ලාංකිකයාගේත් ජරාම අන්තය නියෝජනය කරන සක්කිලියෙකි. මුල් දිනයේ මා හමු වූ warehouse manager මට දැඩි පහරක් උරහිසට එල්ල කලේ වැළඳ ගන්න ලෙස වුවත් එය බිය ගැන්වීමට කල දෙයකි. දිගු කලක් අයිතිකාරයා ලෙස සිටි ඌ ලෙබනන් මූසලයෙකි. අන්තිමට මම ඔහුගේ රැකියාව අහිමි කරවන කෙනා වූයේ කල දේට දඬුවමක් ලෙස විය හැක. ඌ හොරෙකි. එසේම සමාගමට වඩා සේවාදායකයන්ට උදව් කරන වංචනිකයෙකි. වරක් ඌ නිසා NZ delivery පමා වී Fisher & Parkel එකෙන් ලොකු ලෙඩක් ඇදී ගැලවුනේ අමාරුවෙනි.

ඵක් ඩී සිල්වා, විතාන වැනි තමන්ගෙ පැවැත්මට ආයතනය වුව කම්බස් වන තැනට වැඩ කරන්නෙකි. තම රක්ෂාව රැකගන්න මිනී වුව මරන්නෙකි. මොහු නයිලෝන් එකේ දී හමු වූ ස්ටැම්බුගේ ඵස්ට් කෂින් කෙනෙකි. දිය යටින් ගින්දර ගෙන යන පරංගි නමැත්තෙකි. ඔහු මට භාරදුන්නේ කල නොහැකි සේල්ස් ජොබ් ය. මුන් ස්ථීර රැකියා, වෘත්තීය සුදුසුකම් පෙන්නා රැකියාවට කැඳවන්නේ අවස්ථාවාදීව උන් ලවා බිස්නස් වැඩිකරගැනීමට ය. සුද්දට ජපන් බඩු විකිණීම ලේසි නැත. උන්ට ඒවා බාල බඩු ය. ටික කලක් යන විට සේවයෙන් පහකරන එක මුන්ගේ සිරිතයි. හැමදාම හවසට එක් වී සේවයෙන් අයින් කරන්නේ කවුදැයි සාකාච්ඡා කරන බවත්, අප ඉදිරියේ ජපනුන් උන්ගෙ බසින් අපට නින්දා අපහාස කල බවත් පසුව දැන ගත්තේ උන්ගේ බසින් උන් සමඟ කතා කල සේවකයකු හරහා ය. මට ලැබුනු එක client කෙනෙක් වූයේ ටොමැගෝ වල ටයිටන් කන්වේයර්ස් ය. මුල් වරට හමුවීමට වෙලාවක් වත් GM දුන්නේ නැත. හේතුව කෝයෝ බ්ලැක්ලිස්ට් වීම බව පසුව දැන ගත්තේ ඵක් ඩී සිල්වා ගෙනි. පසුව මට GM හමුවීමට හැකි විය. ඔවුන් එසේ කලේ මුහුණ දුන් ගැටළුවක් විසඳීමට බව තේරුනේ ගිය විටයි. කිලෝමීටර පහ හය දිග කන්වේයර් වල මෝටර් නිතර පිලිස්සෙන බව ඇසුවෙමි. මෙහිදී පේරාදෙණියේදී තනිවම කල Fits and Tolerances assignment එක මෙන්ම vibration බෙයරිං විකිණීමට ඉතා වැදගත් වූ බව සිහි කරමි. ඔවුන්ගේ සුද්දා ඉංජිනියර් සමඟ කතා කලවිට ග්‍රීස් 100%ක් පුරවන බව කීවේ ය. එය 60-70% පමණ ප්‍රමාණයක් විය යුතුයයි කීවත් සුද්දා පිළි නොගති. මම ඒ ගැන ඔවුන්ට අත්හදා බලන්න කීවෙමි. සිල්වා ද මා සමඟ එකඟ විය. පසුව ගිය විට ඔවුන් මගේ මතය පිළිගත් අතර ඉංජා රිටයර් වී බලු තරඟ වලට යන බව කීවේ ය. අදහස් වන්නේ තම රැකියාව අහිමිවීම ය. මේ සමඟ GM මට ඉතා සමීප විය. ඔහු මට සාම්පල් බෙයරිං ගෙනත් දෙන්න කීවේ ය. මේවා ආවේ හොලන්ඩ් HQ වලිනි. කෝයෝ කියන්නේ ලෝකය පුරා විසිරුනු අන්තර්ජාතික ව්‍යාපාරයකි. තරඟ කලේ ලොව ඉහලම ගනයේ නිෂ්පාදන සමඟ ය. මෙය තරඟකාරී අන්තර්ජාතික ව්‍යාපාර අත්දැකීම් දුන් රැකියාවකි. ටෙන්ඩරයට ලෝකප්‍රසිද්ධ බෙයරිං කම්පැණි ඔක්කොම සහභාගී විය. ඒ අතරේ අපේ බෙයරිං හංගේරියාවෙන් එන බාල බඩු යයි උන් GM ට කියා ඇත. සියල්ල යුරෝපියන් ප්‍රමිතයට අණුකූල යයි සහතිකයක් සැපයුවෙමි. අනෙක් බෙයරිං වර්ග ද එලෙසම සැපයුනු බාල ඒවා බව කීවෙමි. තෝරා ගැනීම ප්‍රශ්ණයක් වූ විට, GM සියලු බෙයරිං සාම්පල් මට දුන්නේ ය. කෝයෝ එකේ භාවිතා නොකර පසෙකට ලූ වයිබ්‍රේෂන් මනින යන්ත්‍රය පිරිසිදු කර සියලු සාම්පල් වල වයිබ්‍රේෂන් සිග්නේචර්ස් දුනිමි. මෙහිදී මම මොනෑෂ් වලදී හැදෑරූ Computer-aided Machine Condition Monitoring වැදගත් විය. සියල්ලම බාල බඩු විය. මම කිසි නිගමනයක් නොකලෙමි. අවසානයේ ටෙන්ඩරය අපට ලැබිණි. හත්වසක් බඩු සැපයූ නාචි එකේ සුද්දා සේල්ස් ඉංජිනියර් අස් වූ බව ඇසුවෙමි.

මේ අතරේ ක්වීන්ස්ලෑන්ඩ් රේල්වේ එකට සපයපු බෙයරිං වල compliance ගැන චෝදනාවක් ආවේය. ඵක් ඩී සිල්වා බොරු measurements ගෙන එය යටගැසීමට උත්සාහ කලේ ය. මට එම බෙයරිං වල measurements ගැනීමට සිදුවිය. ඇත්ත කීම රැකියාව අහිමි වන ලෝකයක මම ඇත්ත කීවෙමි. MD නිෂිමුරා මා ගැන විශ්වාසය ඇතිව සිටියේය. මගේ දේ පිළිගති. මේ බෙයරිං කෝයෝ එකෙන් විකිණුව ද, ජපානයේ හදන්නේ නාචි එකෙනි. පසුව ඔවුන්ගෙන් වන්දිගත් බව දැනගතිමි. එතැන් සිට නිෂිමුරා ජපනුන්ට වඩා මා විශ්වාස කලේ ය. එවන ඩේටා මා ලවා නැවත පරික්ෂා කරවී ය.

ගිය මුල් කාලයේ ම ජපනෙක් ආ මීටිමකට ගියෙමි. ඉඳ ගන්නේ එක් ඕඩර් එකකට ය. මම ඵක්ට පසුව පුටුවේ හිඳගතිමි. පඩිය අනුව තැන තීරණය වේ. ජපනා Head of the Expert Division ය. අන්තර්ජාතික සමාගම් වලට එන ප්‍රබල ප්‍රශ්ණ විසඳන්නේ මෙවැනි Expert Division ය. ප්‍රශ්ණය ඵෝර්ඩ්, හෝල්ඩන්, නිසාන් වාහනවල රියර් ඇක්සල්/ඩිඵ් වල එන වයිබ්‍රේෂන් එකකි. මෙය ලොව වටා වාහන හිමියන් නගපු එකකි. අදහස් විමසූ විට මා කී දේ සතයකට මායිම් නොකලේ ජපනාගේ ලොකුකම නිසා විය යුතුය. ඵක් මම ගැන විශ්වාසයෙන් සිටි බව පසුව හෙළි විය. ඒ කාලයත් සමඟ ප්‍රශ්ණය නොවිසඳී කෝයෝ බෙයරිං නොගන්න බවට මේවා හදන ඩාන ස්පයිසර් කම්පැණිය කී විට ය. දැන් කෙලවෙන්නේ ඵක් ඩී සිල්වාට ය. Sales volume එකෙන් භාගයකට වඩා අහිමි වන නිසා ඌ මට කීවා නොව අණ කලා යයි කිව හැක. මම ඊට උපකරණයක් අවශ්‍ය බව කීවෙමි. මිල ඩොලර් එකොලොස් දහසකි. ඩොලර් දෙකටත් අදිමදි කරන තැනක, නිෂිමුරා කිසිම පැකිලීමක් නොකර මිලට ගත්තේ මා විශ්වාස කල නිසාය. පසු දින මම ඩාන ස්පයිසර් කම්පැණියේ පර්යේෂණ ඉංජිනේරුවා ද ඔවුන්ගේ ලැබ් එකේ දී හමු වූයෙමි. ඔහු සතුව පතරංඟ ඉන්ස්ටෘමන්ට්ස් ගොඩකි. මගේ ළඟ small handheld instrument  එකකි. ඉන් Fourier Transformation කල හැක. මුලින් ම මම මිටියකින් ගැසු විට එය ලිස්සා ගියේ නුපුරුදු නිසා ය. පර්යේෂණ ඉංජිනේරුවා මට අපහාසයට හිනා විය. මෙය පවතින තාක්ෂණික දැනුමට එහා යන තාක්ෂණික ගැටළුවකි. මේ ලියන මොහොතේත් එය විෂය පථයෙන් එහා ය. අත්හදා බැලීමෙන් කාලය ගෙවී ගිය අතර හවස තුනට පමණ උත්තරය මගේ instrument එකේ තිරයේ දිස් විය. කිසිවක් නොකියා screen එකේ රූපය පර්යේෂණ ඉංජිනේරුවාට පෙන්වා මම ආපසු යන්න ගියෙමි. ප්‍රශ්ණය බෙයරිංවල නොව ඩිඵ් එකේ බව ඉන් තහවුරුවේ. මේ සුවිශේෂ ඩිඵ් එක ලංකාවෙන් ගිය ඉංජෙකුගේ නිර්මාණයකි. පසු දින ලෝකය කඩා වැටිනි. බෙයරිං සාමාන්‍ය ලෙස ගන්න තීරණය කර ඇත. ඵක් ඩී සිල්වා අන්ද මන්ද විය. ඌ මොකක්ද වුනේ කියා මට තග දමා ඇසී ය. මම ඌට ඊ මේලෙන් උත්තර දුනිමි. කිසි විටක ඒ ගැන නැවත විමසුවේ නැත. ඒ ඌට නොතේරුන නිසා බව සහතික ය. එදා මීටිමට ආ ජපනා Head of the Expert Division ගේ සේවය අහිමි විය. මේ සිදුවීම ජපනුන්ට හිනාවීමට සිල්වා භාවිතා කලේ ය.

BHP වයාලා, පෝර්ට් කෙම්බලා හා නිව් කාසල් කර්මාන්තශාලාවලට ගිය ද බිස්නස් ලැබුනේ වයාලා වලින් පමණි. අනෙක් දෙකේ අප වැටුනේ දෙකේ කොලේට ය. කෙසේ හෝ ඵක් ඩී සිල්වා ඒ දෙකේ බිස්නස් ගැනීමට බිය විය. ඔස්ට්‍රේලියාවේ වැඩ කල එකම තැන කෝයෝ නිසා ඵක්ට ශ්‍රී ලාංකිකයකු ලෙස සුද්දා දෙවියකු විය. උන් ඉතාම ආඩම්බර බවක් දුටිමි. නිව් කාසල් කර්මාන්තශාලාවට අරක් ගෙන සිටි බෙයරිං ට්‍රේඩර්ස් නම් අතරමැදියා නියෝජනය කල සේල්ස් කාරයා අපට නොයෙකුත් තහංචි දමා මැදට පැන්න නිසා අවස්ථාව ලද සැනින් පහර දුනි. සේල්ස් යනු කිල් ඔර් ඩයි ගේමකි. ඒ තවත් සුද්දෙකු අතරමැදියා කර ගෙන ය. අන්තිමට බෙයරිං ට්‍රේඩර්ස්ට බිස්නස් අහිමි වී බංකොලොත් විය. මේ වන විට තරඟකාරයන් මට ඉමහත් බියක් දැක් වූ බව ආරංචි විය. දීපු බෙයරිං වලට ග්‍රීස් ගහන්න ඵක් මම ද යැව්වේ ජෝ ප්‍රොවීනෝ සමඟ ය. ජෝ ප්‍රොවීනෝ ඵක් මෙන් ම ගිය තැන කෝයෝවලට ගැරහූ එකෙකි. ඌ සමඟ යාමෙන් මට ද පාඩු වූ නිසා ඌ ඉවත් කරන තැනට වැඩ සිද්ධ විය. පසුව BHP පෝර්ට් කෙම්බලා හා නිව් කාසල් කර්මාන්තශාලාවලින් අපට ඩිරෙක්ට් බෙයරිං සපයන ලෙස ඉල්ලුව ද ඵක් පසු බෑවේ ය. හේතුව අතරමැදියා සමඟ හොර ඩීල් විය හැක.

දුම්රිය නඩත්තුව කල මේන්ට්‍රේන් හා EDI වලට සැපයීම ගත් කල ඵක් ඩී සිල්වා  ඔවුන්ට ඉතා වාසිදායක ලෙස ඩීල් ගැසුවේ ය. මේන්ට්‍රේන් වල පර්චේසින් වුමන් මට සර්වන්ට් කෙනෙකුට සේ සැලකීම ඉවසිය නොහැකි තරම් විය. කපටි කෛරාටික ගැහැණිය NSK ප්‍රයිසස් දී ඊට මැච් කරන ලෙස කියන්නේ රැවටීමට ය. ඵකා ද ඒකිට සපෝර්ට් විය. නිෂිමුරා හරහා NSK MDට කතා කර මේ කට්ත්‍රෝට් ගේම නතර කලෙමි. ඵක් ඩී සිල්වා මේන්ට්‍රේන් හා BHP පෝර්ට් කෙම්බලා හා නිව් කාසල් අකවුන්ට්ස් ආපසු ගත්තේ ඌට බැරි වූ දේ මම කරයි යන බියෙන් විය යුතුය.

දැන් මම ජපනා ඉදිරියේ උගේ එකෙකි. ඉතිහාසයේ වැඩිම සේල්ස් ඒ වසරේ ගත් නිසා මට වැඩිම බෝනස් හිමි විය. ජෝ ප්‍රොවීනෝ විරුද්ධ වුවත් මට ගණන හිනා යන එකක් විය. ඔවුන් මම දින අටකට ජපානයට ඇරියා. එය ඔවුන්ගේ කර්මාන්තශාලා බැලීමට ය. ඇමෙරිකාවෙන් ප්‍රංශයෙන් හා බ්‍රිතාන්‍යයෙන් කෝයෝ නියෝජිතයන් ආවා. ප්‍රංශයෙන් හා බ්‍රිතාන්‍යයෙන් ආ උන් එකතු වුනොත් වලි ය. ඇමෙරිකාවෙන් ආ සුද්දා ජපනාට පහත් ලෙස සැලකුවේ තවමත් උන්ගේ ආධිපත්‍යයට යටත් නිසා විය යුතුයි. මේ කාලය වන විට කොතරම් ඉදිරියට ගියා ද කියනවා නම්, ජපනාගේ සියලු රහස් හෙළි විය. නිෂ්පාදන කාලසටහන් පවා චෙක් කලේ අප ය. ජපනුන්ට ආවේනික උරුමයන් ද දැන ගතිමි. දැන් මට දැනගත යුතු දේ සියල්ල දැන ගෙන අවසන් ය. ලොව ප්‍රචලිත JIT වලට නව එකතුවක් කලෙමි. මගේ කාලය තුල SMS බින්දුවකි. කලින් එකාගෙ SMS (Slow moving Stock) ක්ලියර් කලෙමි. අන්තිමට කවුරුවත් නොඉල්ලපු එක රේල්වේ බෙයරිමක් පර්ත් වල භාවිතා කරන්නෙකුට එය අවශ්‍ය වේ යයි කියා විකුණුවේ සේවය කල අවසන් දවසේ ය. තව දුරටත් ජපනකු වීම කල නොහැකි නිසා සේවයෙන් ඉල්ලා අස් වූයෙමි. ඒ අතරේ නොයන ලෙසත් Country Manager post එක මට ලැබෙන බවත් කීවද ගණන් නොගත්තෙමි. මට ජපනා විසින් ඵක් ඩී සිල්වා ගේ හිස ගසා දැමීමට අවස්ථාව දුන්නත් නොකලේ ඌ රැකියාවට පණටත් වඩා ආදරය කල නිසා ය. ජපනා ලොවට පෙන්වන මුහුණත් සැබෑවත් දෙකකි. තම වරද වසා ගැනීමට අහිංසකයකු හරාකිරි කරවීමට තරම් ශූක්ෂම ය. යකුසා යටතේ පාලනය වන රටක විනයගරුක වීම සාමාන්‍ය දෙයකි. ඇමෙරිකන් කොළණියක් ලෙස දියුණුයි කීවද ජපනා වැඩටත් සුරාවටත් දිවි කැප කල වහළෙකි. සුළු පිරිසක් දැනුමේ ඉම පසු කල නිසා රට ඉහලින් බැබලේ.

තව බොහෝ වැදගත් අත්දැකීම් ලැබුවත් ඒ ගැන කීමට නොයමි. මා සමඟ කොයෝ එකේ සේවයට බැඳුනු රාඩි ෂිනර් රසියෙන් ජූවෙකි. ඊශ්‍රායලයට ගොස් ඔස්ට්‍රේලියා ආවේ එහි ඇති ගැටුම් නිසා ය. කලකට පෙර වික්ටෝරියා වල යුදෙව්වන් පිරි නෝර්ත් කෝඵීල්ඩ් වල ලද අත්දැකීම් සම්පූර්ණ වූයේ රාඩි සමඟ සමීප ඇසුර නිසා ය. මොහු මුල් කාලයේ සේල්ස්වල කතා කරන විදිය අමු අමුවේ මගෙන් කොපි කලේ ය. මේ කාලය වන විට රැකියා කිරීමේ නිෂ්ඵලබව මට ප්‍රත්‍යයක්ෂ වූ නිසා බිස්නස් පැත්තට බර වුනෙමි. රාඩි ද ජූවෙක් ලෙස ලෝකය දිහා බැලුවේ සල්ලිවලින් හැදූ කන්නාඩියෙනි. මට එය කල නොහැකි විය. ඔහුගේ සමහර අදහස් ගත්කල ඔස්ට්විච් වල සිදු වූ ම්ලේච්ඡත්වය තේරුම් ගත හැක. සල්ලි වලට කෑඳර වීම නිසා තමන් කරන සමහර තුච්ඡ වැඩ නිසා ඉන් පාඩුවන කෙනා මිනීමරුවකු බවට පත්වීම සුළු දෙයකි. මේ වන විට එක පැත්තකින් මට අත්‍යාවශ්‍ය වූ කෑම බීම විකිණීමටත් අනෙක් අතින් ඉංජිනේරු කන්සල්ටින් කිරීමටත් පටන් ගතිමි. කිසිවක් ලේසි නැත. බඩු දෙන එකා මුළු මුදල අය කරයි. විකුණන්න බැරි වුනොත් පාඩුව මට ය. මේ අතරේ කඩයක් කුලියට ගෙන බෙයරිං විකිණීමට පටන් ගතිමි. අරුමයක් දුටිමි. කෝයෝ බඩු වෙන අයගෙන් ඊට වඩා අඩුවට ගත හැක. හේතුව ආඵ්ටර්සේල්ස් මැනේජර්ගේ ඊසි ගොයින් සේල්ස් ක්‍රමය විය. එක ක්ලයන්ට් කෙනෙක් මහා පරිමාණයෙන් අඩුවට ගෙන අන් අයට විකිණීම නිසා ඔවුන් සැබෑ ඩිස්ට්‍රිබියටර් විය. මේ ගැන නිෂිමුරාට කී විට මැනේජර්ට රැකියාව අහිමිවිය. කඩේ උඩ මහලේ නිවසේ සිටි ඇමෙරිකන් කල්ලො දෙන්නා නොගිය නිසා කඩය අතහැරීමට සිදුවිය. තනියම කල නොහැකි නිසා ලාංකිකයන් කිහිප දෙනෙකු එකතු කරගත්ත ද, උන්ට ඕන වුනේ මම මහන්සි වී උන්ට පිනට හම්බ කරනවා බැලීමට ය. ඒ කාලේ ලාංකිකයන් හිඟාකන්න ආපු අහිගුන්ටිකයන් බව තහවුරු නොවී ය. පසුව ඔවුන්ගෙන් ඈත් වුනෙමි. ඩොලර් තිස්දහසක පමණ බෙයරිං තවම මා ළඟ ඇත.

ඊ ළඟට ඉංජිනේරු කන්ට්‍රෑක්ටර් කෙනෙකු ලෙස ලූකස් හයිට් න්‍යෂ්ටික බලාගාරයේ අළුතින් ඉදිවන බලාගාරයේ නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එකට ගියෙමි. නා නා ප්‍රකාර ක්ෂේත්‍රවල වැඩ කල මට මෙය තවත් අළුත් ක්ෂේත්‍රයක් විය. මේ අතරේ මම තව බොහෝ තොරතුරු සිංහලයන් ගැන සොයාගතිමි. සිංහල සංගමයේ වෙළඳ දැන්වීමෙන් පටන් ගෙන පසුව චැනල් 31 රූපවාහිනී වැඩසටහන කරන තැනට පත්වුනෙමි. පැය භාගයක වැඩ සටහනට පැය 12ක් පමණ යාම අපූරු ය. එය තවත් ක්ෂේත්‍රයක අත්දැකීම් එකතු කලේ ය. නියුට්‍රන් ඉන්ස්ටෘමන්ට් බීම් ප්‍රොජෙක්ට් එක යනු උන්ගේ බසින් cutting edge technology ය. ඒ ගැන ඊ ළඟ කොටසේ කියමි.

Thursday 7 October 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 3 කොටස

 1990 - 1994 December

ඇස් පියාගෙන වලවල් වලට පැනපු, නොදන්න දේවල් කරන්න භාරගත්, හැඟීමට වහල් නොවී, වෙන කරන්න දෙයක් නැතිව, තමන්ට දරාගත නොහැකි පාඩු විඳගෙන බර පැණ බදාගත් කෙනෙකු ලෙස, ජීවිතය උඩුයටිකුරු කරවන විදේශගත වීමට ගත් තීරණය නොවන්නට, මම අදත් කිසිම "කමකට" නැති ශ්‍රී ලාංකිකයෙකි. පැවැති බාධක කරදර හිරිහැර මෙන් ම කලකිරීම් වගේ ම පුතා ගැන හිතු දේවල් නිසා මේ හැර වෙන විසඳුමක් නොවී ය. අප සමඟ නයිලෝන් වල හිටපු බහුතරය සිටියේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිසා මෙල්බර්න් ගියෙමු. සිඩ්නිවල සිට ගියේ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් නොව වෙනත් එකකිනි. අප සමඟ පිරිපහදුවේ වැඩ කල කෙනෙක් ද ගියේ ය. නයිලෝන් වල හිටපු ද්‍රවිඩයකු එන අයට රජයෙන් සියලු පහසුකම් දෙනවා යයි කියා කී නිසා කිසි දෙයක් ගැන නොසිතා ගියෙමු. ඔහු සරණාගතයකු ලෙස ගිය නිසා එසේ ලැබුන ද PR වලින් ගිය අපට එවැනි පහසුකම් නැත. අනෙක් පවුල ඒ වෙලාවේ එයාපෝට් ආ පවුලක සහායෙන් ඔවුන් සමඟ ගියා. අප එක් නයිලෝන් වල හිටපු මිතුරකු අමතා උදව් ඉල්ලුවෙමු. ඔහු පැමිණ අප ඔහුගේ නිවසට රැගෙන ගියා. බිරිඳ අප දන්නවා වුනත් ඇහැරුනේ නැත. පසුව දැනගත්තේ විරසක වී වසර ගණනාවක් කතා නොකල බවයි. පසුදින ඔහු අපව රැගෙන ගොස්, ආණ්ඩුවේ ලියාපදිංචි වීම වැනි වැඩ කර, නිවසක් කුලියට ගැනීමට කටයුතු කලා. එය තනි කාමරේ එකක් විය. ක්‍රොක්ස්ටන් ස්ටේෂන් ආසන්නයේ විය. අප සමඟ ගිය පිරිපහදුවේ වැඩ කල කෙනා, අදාළ නොවුන ද, පසුව හොඳ රැකියාවක් ලැබී සිඩ්නි ගියා. පසු කලක සංගීතයට බර වී විවාහය දෙදරා ගියේ දරු තිදෙන සමඟ මව වෙන් වීමෙනි. තවත් කල් ඇවෑමෙන් ඔහු ආපසු ලංකාවට ඇවිත් රැකියාවේ නියුතු විය. මේ ලියන මොහොතට වසර කිහිපයකට පෙර ඔහු මිය ගිය බව දැනගතිමි.

අපේ කතාව පටන් ගත්තා පමණි. අප ගියේ රැකියා වියුක්තිය උපරිමයට ගිය රිශෙෂන් මැද ය. රැකියා සෙවීමට දැඩි වෙහෙසක් ගතිමි. ඇබෑර්තු ගැන ඇසූ විට, ඔස්ට්‍රේලියන් ක්වොලිඵිකේෂන් තියෙනවා ද නැත්නම් පළපුරුද්ද තියෙනවා ද අසා ප්‍රතික්ෂේප කලේ ඉංග්‍රීසි ජාත්‍යාලයට අනුව ඇක්සෙන්ට් එකෙන් ය කියා තේරුනේ කලකට පසු ය. නීතියට අනුව නම් එය වරදකි. ඉංග්‍රීසි නීතිය පොතට පමණක් සීමා වන බව ශ්‍රී ලාංකිකයකු ලෙස ද දත යුතු ය. මාස තුනක් පමණ ගිය විට පියවි සිහිය උදා විය. අප ඇවිත් තියෙන්නේ භාගෙට ඉංග්‍රීසි කොළණියක් වූ ලංකාවේ සිට පූර්ණ ඉංග්‍රීසි කොළණියක් වූ ඔස්ට්‍රේලියාවටයි. ඒ කාලේ පුවත් පත්වල ගිය ලිපි අනුව තේරුනේ ඔවුන්ගේ ජාන පූල් රැකීමට මෙන්ම අඩු පඩියට වැඩ කරන්න සංක්‍රමණිකයන් ගේන බවයි. ඉල්ලුම්පත් ටයිප් කර යැව්වත් ඵලය ප්‍රතික්ෂේප වීමයි. මම සෙව්වෙ මගේ වෘත්තිය සුදුසුකම්වලට ගැලපෙන රැකියාවකි. පසුව දැනගත්තේ අන් අය ලැබෙන ඕන රැකියාවක් කරන බවයි. මේ අතරේ වැඩිදුර ඉගෙනීමට සිතුවේ ආශාවට නොව රැකියාවක් සෙවීමටයි. මාස තුනකට පසු ආපසු ඒමට ඕන වුනත් එය සාර්ථක වූයේ 2018 දීය. මෙල්බර්න් යුනි ගොස් විමසූ විට කී කතාවට අදත් හිනා යනවා. ළමයි ඉංග්‍රීසි ජාත්‍යාලය මට පෙන්නුවා. What is this black doing here වගේ කතාවක් ඇසිනි. ඒ කාලේ වික්ටෝරියා වල ඒසියන්ස් අවුට් වැනි පාඨ බිත්ති පුරා දුටුවෙමි. එක රටක මහ ජාතිය වී තව රටක සුළුම ජාතියක සංක්‍රමණිකයකු වී ලැබූ අත්දැකීම අංඟසම්පූර්ණ එකකි. මම Monash ගිය විට හමු වූ Jon Hinwood ජෙන්ට්ල්මන් කෙනෙකි. මගේ සුදුසුකම් පිළිගැනීම නිසා එය පහසු විය. මම Master of Engineering Science කිරීමට ඉල්ලුවෙමි. එය බයි කෝස්වර්ක් හා මයිනර් තීසිස් එකකි. වසර 1 - 2  කාලයකට සීමා වුවද මම හිතුවේ වසරකින් කර රැකියාවක් සොයා ගැනීමයි. පාඨමාලාව පටන්ගත්තේ 1991 සමර් වලය. දවල් උෂ්ණත්වය 43 C වලට ගිය විට නාහෙන් ගන්න හුස්ම වල පෝරණුවක දැනෙන රෂ්ණෙ දැනින. කාර්, දැසියන් සිටි ලංකාවේ ජීවිතය උඩුයටිකුරු වී සංක්‍රමණියන් විය. පුතාට දැඩි පීඩාවක් දැනුනත් කරගත හැකි දෙයක් නොවීය. ලැබුනු දීමනා ජීවත්වීමට ඇති වුවත් ජීවිතය ඉතාම දුක්බර විය. සුරලොව පැතු අප අපායට ආ බව තේරුම් ගත්තත් කරන්න දෙයක් නැත. ආපසු ඒමට වුවත් ඉගෙනීම සම්පූර්ණ කලයුතු විය.

උපදෙස් වලට එරෙහිව යමින් පළමු හා දෙවන සෙමිස්ටර් වල විෂයයන් හතරක් හා පහක් කර අවශ්‍ය කෝර්ස්වර්ක් සම්පූර්ණ කරගන්නට සිතුවෙමි. කරන්නට සිදුවූ නොයෙකුත් පර්යේෂණ හා ගැටළු බැලූවට එය සියදිවි නසාගැනීමකි. ලංකාවෙ මෙන් යල්පැන ගිය පාඨමාලා නොව ඒ මොහොතේ ලෝකයේ සිදුවන පර්යේෂණ ඇසුරෙන් පවා කොටස් අන්තර්ගත විය. එසේම විෂයයන් සමව සිවිල්, මිකැනිකල්, ඉලෙක්ට්‍රිකල් ක්ෂේත්‍ර වලින් තෝරාගත්තේ ලංකාවේ මෙන් සෙට් මේනු ආකාරයේ පාඨමාලා නොවූ නිසා ය. කම්පියුටර් භාවිතය හා ප්‍රෝග්‍රෑමින් බොහෝ විය. මේ වන විට විශ්ව විද්‍යාලයට ආසන්නයේ පැවති ක්ලේටන් වල කාමර දෙකේ ඵ්ලැට්/යුනිට් එකකට ආවෙමු. අවසානයේ විෂයයන් නවයෙන් ම සමත් වීමි. විශේෂ යමක් වී නම් ඒ පීඨාධිපති මහාචාරී මෙල්බර්න් ගේ විෂයය වූ Wind Engineering වලදී ය. ලොව පතල නියම සුදු ජාතිය්‍යාලෙන් පෙළුණු ඔහු හමේ පාටට ඇලර්ජික් බව දැනගත්තේ පසු කලක ය. මගෙන් ප්‍රශ්ණ අසා මට හිනාවීමට කල උත්සාහයේ කෙළවර වූයේ විභාග පත්තරේ ලකුණු සටහන් කර නොදී කාටත් සම්මාන සාමාර්ථය දීමෙනි. මුලදී මා දැඩි අපහසුතාවයට පත්වූයේ පේරා උපාධියේ අන්තර්ගතය වසර තිහ හතලිහකින් කල් පැනපු බව දැනුනු නිසා ය. පසුව සුද්දන් ඇනගන්න විට මට නිවැරදි උත්තරය දීමට මගෙන් ප්‍රශ්ණ ඇසීමෙනි. පසු ව දැන ගත්තේ ශ්‍රී ලාංකිකයන් මොහුගේ විෂයය අතහරින තැනට මොහු තල්ලු කරපු බවකි. ඔහු මෙන් උද්ධච්ඡ ආචාරී උපාධි සිසුවකුද මට ලැබ් එකේ දී හමුවිය. එදා එසේ වුවත් පසුව මට හිතුනේ මොහු අං ආපු බූරු තඩියකු ලෙසයි. එවැන්නන් ලොව පතල වීම අපේ පරිහානිය කියයි. මීට වඩා සුළු සිදුවීම් බොහෝ විය. ඒ වගේම ඉතාම ප්‍රොඵෙෂනල් මහාචාරිලා හා ආචාරිලා ඒ අතර විය.

දැන් ඇත්තේ මයිනර් තීසිස් කිරීම ය. කෙසේ හිතුනාද කිව නොහැකි වුනත්, මම ආශා කලේ control engineering ක්ෂේත්‍රයටයි. Supervisor වූයේ UK වල සරේ ප්‍රදේශයේ උපන් මහාචාරී Peter Dransfield ය. පේරාදෙණියේ දී ඔහු ලියපු පොතක් මම කියවා ඇත්තෙමි. මොහු පෙන්ෂන් යාමට ලං වූ ලොව පතල කෙනෙකි. මම කතා කල විට එකඟ විය. අන්තිමට මට වුනේ මගේ අතින්ම මාතෘකාවක් සොයාගෙන මම ම ඒක යොදා තීසිස් ලියන තැනට වැටීම ය. මයිනර් තීසිස්වල දී සුප්පා අවශ්‍ය මගපෙන්වීම කලේ නම් මට මෙය සුළු වැඩකි. අන්තිමට මම තෝරාගෙන ඇත්තේ කිසිවකු උත්සාහ නොකරන, saturated විෂයකි. එනම් අළුතෙන් කිසිවක් බිහි නොවන ක්ෂේත්‍රයකි. අදාළ ක්ෂේත්‍රයේ තිබුනු සියලු පර්යේෂණ පත්‍රිකා කියෙව්ව ද, පොටක් පෑදුනත් එය ද කවුරු හෝ කර ඇතැයි සුප්පා කියන විට සිදු වූයේ ආපසු මුලට ම ඒම ය. ඒ මදිවට ඒ පර්යේෂණ පත්‍රිකා අතරේ කිසිදු පොදු හරයක් නොවී ය. මෙය පසුව මා සමාන කලේ gambling වලට ය. දැන් වසර තුල කිරීම කෙසේ වෙතත් නොකෙරෙන තැනට තල්ලු විය. පැන යා නොහැකි නිසා දැඩි සිතෙන් උත්සාහ කලෙමි. අන්තිමට මෙතෙක් විෂයපථයේ අන්තර්ගතය පසෙක ලා මගේ ම තියරියක් ගොඩ නැගීමි. ඒ අතරේ කාලය අමතක කර තව විෂයයන් දෙකක් කලේ මගේ දැනුම පුළුල් කිරීමට ය. මම කල එක් විෂයයක, එක් Assignment එකක් වූයේ ආචාරි ඉරාන්කාරයා වසර හයක් ගතකර ආචාරී උපාධියට ගොඩ නැගූ සබඳතාවක දත්ත දී සබඳතාවය හඳුනා ගැනීමයි. කාලය සති තුනකි. ගණිතමය කොටස පිටු පහලොවක් දිගු විය. කිසිදු පොතක් හමු නොවී මම ගොඩ නැගූ ගණිතමය සබඳතාවය ඔහු වසර හයකින් ගොඩ නැගූ එකම ය. ලකුණු 15/15ක් ලැබිණි.

මා ගොඩ නැගූ control engineering තාක්ෂණය ලියා සුප්පාට දුන් විට ඔහු අන්දමන්ද විය. මම කී ගණිතමය සබඳතා ඔහුගේ හිසට උඩින් යන බව දුටිමි. ඔහු කෘතහස්ත සුද්දෙකි. දැන් බලන්නේ ඉංග්‍රීසියෙන් වාක්‍ය ලියපු ආකාරයයි. මම යොදාගත් ස්ටයිල් එක වෙනස් කර ඔහු ලියයි. මම එය edit  කර නැවත ලියූ විට ඔහු කලින් මම ලියපු ආකාරයට නැවත ලියයි. මේ අතරේ ඔහුගේ තේරුම් ගැනීමට බැරිකම මට වදයක් වූවත් හිතේ හිරවී තිබූ ගුරු භක්තිය නිසා නිහඬව මම කී දේවල් සරල කලෙමි. අන්තිමට ළදරුවකුට වුව තේරුම් ගත හැකි භාවිතා කිරීමෙන් ප්‍රථිඵල පෙන්වා දීමට simulation program කර දුන්නෙමි. එය දැක ඔහු අප දෙදෙනාගෙන් එක් කෙනෙක් stupid යයි කියා තමන්ගේ අවංකබව පෙන්වී ය. මම සඟවා ගෙන සිටි කෝපය එළියට ඇවිත් මට ඉක්මනට ප්‍රථිඵල දෙන ලෙස ඉල්ලුවෙමි. 1992 මැද ඉවරවිය යුතු ඉගෙනීම 1994 දක්වා ගියේ ගුරාගේ බැරිකම නිසා ය. ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගුරා සර්වබලධාරී ය. සමහර විට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගුරාගේ දැනුමට එහා ගිය එකම සිසුවා මම විය හැක.

මම ගොඩ නැගූ control engineering තාක්ෂණය හඳුන්වා දීමට මම සුප්පාට කීවේ Feed-forward Control  යන වචනයයි. ඉන් අදහස් කලේ පැවති Feedback Control වලට විරුද්ධ අතට යන බව කීමයි. පසුව මේ නමින් මගේ තාක්ෂණය ලොවට ගියේ මගෙන් නොව සුප්පාගෙනි. මගේ තීසිස් දීමට පෙර එහි පිටපතක් වයසක ද්‍රවිඩ සිසුවකු වූ රාජරත්නම් ළඟ විය. මම ඇසූ විට දී ඇත්තේ මගේ සුප්පා ය. උන්ගේ බුද්ධිමය දේපළ අයිතියේ රෙදි ගැලවිනි. මම සුප්පා සමඟ research paper ලිවීම ප්‍රතික්ෂේප කලේ මෝඩකමට ඔහු කල වෙනස වැරදි නිසාය. මම එය නිවැරදි නොකිරීම ගැන අද ද සතුටු වෙමි.

මෙය ලියන කාලය ගත් විට මගේ ළදරු තාක්ෂණය ඉංජිනේරු ක්ෂේත්‍රයකි. මේ තාක්ෂණය මුල් කර ගෙන වෛද්‍ය, ගණිත, ආර්ථික, ආරක්ෂක, ගුවන් වැනි බොහෝ ක්ෂේත්‍රවල භාවිතා වන සුපිරි නිෂ්පාදන බිහි වී ඇත. ආචාර්ය උපාධි සියදහස් ගණනින් බිහිකරන නොනවතින උල්පතකි. මිලියන ගණනින් පේටන්ට් ඇති නව නිෂ්පාදන බිහිවන තාක්ෂණයකි. ලංකාවේ විද්වතුන් යයි කියාගන්නා අම්ඹරුවන් හා රාක්කවල ඇති සම්මාන නිසා අං ආපු ඔස්ට්‍රේලියාවේ සිට අනාවැකි කීමට ආපු අම්ඹරුවා මතක් වනවිට හිතෙන්නේ කෙවුළාගෙ කරේ පැළඳූ මාලයයි. මගේ තාක්ෂණය දෝෂ සහිත නිසා මම ඉන් යැපෙන්නන් ගැන කණගාටුවෙමි. එහෙත් ඒ සියල්ලන්ම මම ගැන දන්නේ නැත. සමහර ඇමෙරිකානුවන් එය ඔවුන්ගෙ දෙයක් ලෙස හුවා දැක්වූවේ උන්ගෙ ලැජ්ජානැතිකම නිසා ය. මට ද එය මගේ යයි කීමට අවශ්‍ය නැත්තේ මගේ සුප්පා එහි යෙදූ වැරදි දේ නිසා ය. මේ තාක්ෂණය ලොවට එන්නේ මොනෑෂ් වල ආචාරී උපාධිය කර බොයිං වල වැඩකල ද්‍රවිඩයකු මගේ තීසිස් එක අගැයූ තුන්කට්ටුවේ එකකු ලෙස ලැබූ තීසිස් පිටපත හරහා ය. පසුව සුප්පාගේ සිසුන් හරහා ද ගියා. තීසිස් විශ්වවිද්‍යාලය සතු දෙයකි. එය දුටු දෙමළෙකු කැන්බරා වල Soft Sensing and Parameter Estimation ලෙස විෂයයක් ගොඩ නැගී ය. අද ලොව පුරා බිහිවෙන මිනිසුන් රහිතව ක්‍රියා කරන  නා නා ප්‍රකාර නිෂ්පාදන වල වටිනාම තාක්ෂණය එයයි. එය නොවී නම් තවමත් මිනිස් මොලය මුල් තැන ගෙන වැඩකරන තාක්ෂණය තුල පල් වෙමු. එහෙත් මගේ අවසරයෙන් තොරව භාවිත කරන තාක්ෂණය තුල භයානක පැත්තක් ඇත. සොරා ගෙන තමන්ගෙ කරගන්න උන්ට එහි ආදීනව කියාදෙන ආකාරය අපූරුයි. ඊට එහා කතා නොකරමි. ළදරු වර්ෂන් මෙසේ නම් මගේ ඔරිජිනල් වර්ෂන් කෙබඳු වේදැයි සිතීම ඔබට භාරයි. වුන දේවල් එසේ වීම ගැන සතුටු වෙමි. පසුව මේ ගැන නැවත කතා කරමි.

මේ වන විට පුතා සිංහලෙන් අහන දේට පවා උත්තර දුන්නේ ඉංග්‍රීසියෙනි. මගේ ක්‍රියා නිසා ඔහුගේ උරුමය මියයාමට ඉඩ දීම අපහසු විය. එසේම ආපසු ලංකාවට යාමට හිත දැඩි විය. චන්ද්‍රිකා බලයට ඒමත් සමඟ බයියකු ලෙස ද ආපහු ඒමට සිත් විය. ඒ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සෙවීමට මොනෑෂ් වලදී හැදෑරූ විෂය දැනුම භාවිතා කිරීමට ය. ඒ විෂයය offshore oil exploration, development හා offshore structures design, construction and installation ගැන ක්ෂේත්‍රයේ නියුතු අය යොදාගෙන කල ප්‍රායෝගික එකකි. එසේම මේ විෂයයේ, මලකෑම ගැන ගොඩ නැගූ තියරි අන්තිමේදී ඔක්සිජන් තියෙන නිසා මල නොකන බව පැවසීම නිසා, වැල යන අතට මැස්ස ගසන බටහිර විජ්ජාව ගැන තිබූ විශ්වායේ බිඳ වැටීම ඇරඹිනි. සරත් විතානට කතා කර මම නැවත එන බව පවසා උදව් කරන බවට සහතිකයක් ගතිමි. ඒ පරණ හිතවත්කම නිසා ය. උපාධි ප්‍රදානෝත්සවය අවසන් වී දින කිහිපයකට පසු ලංකාවට ආවේ අතේ ඉතා සුළු මුදලක් තබාගෙන ය. ඒ දෙදෙනාටම රැකියාව ලැබෙන බව සිතූ නිසා ය.

1994 December - 1997 April

නැවත ලංකාවට ආ විට මුලින් ම පුතාට සිංහල හෝඩියේ පටන් සිංහල ඉගැන්නුවෙමු. මට රැකියාව දීමට විතාන අදිමදි කලේ ය. ඊට බලපෑවේ සමරවික්‍රම ය. පසුව තේරුනේ ඔවුන්ගේ සිවිල් බලය රැකගැනීමට බවයි. මම දේශපාලන බලයෙන් කොලොන්නාවට ආවෙමි. මට ඕන වුනේ තෙල් ගවේෂණය කිරීම වුවත් සංස්ථාවේ අපතයන්ට කිසිම වුවමනාවක් නොවී ය. විතාන මට අළුතෙන් Engineering Inspection Dept එකක් අරඹන ලෙස කියා වෙන තැනක් දුන්නත් ඒ තැන අයිති ඇග්‍රෝකෙමිකල් මැනේජර් සුනඛයා මගේ ඇඟට ගොඩ වුනේ ඒක උගේ බූදලය ලෙස සිතාය. විතානයා ඒක විසඳුවත් මම ඌට දැන් ගරු කරන්නේ නැත. ඒ මේ පාහර බල්ලා උගේ ගජයා සමඟ මගේ අස්වීම සමඟ ආ යාන්ත්‍රික ඉංජිනේරුවාට කල කරදර නිසා ය. පිනට තනතුරු ලැබුනා යයි සිතූ විතාන ද උගේ ගජයා වූ සමරවික්‍රම ද වෘත්තිකයන් නොව තම තනතුරු රැකගන්න ඕනම කෙනෙකුට ඕනම අපරාධයක් කරන සක්කිලි බව ඒත්තු ගියා. වරක් මීටිමකදී මේකෙ ඉන්න මැනේජර්ලාට කකුල් දෙකට වඩා ඇතැයි කීවේ කෝපය නිසා ය. දේශපාලන බලය සමඟ කී නිසා ඔවුන් නිහඬව අසා සිටියහ. මා ඈත් කලේ ද උන්ගේ තනතුරු රැකගැනීමට බව පසුව තේරුම් ගතිමි. එහෙත් අළුත් අංශය යටතේ මගේ බලය සීමා ඉක්මවා ගියේ ඒ තුලින් ඉංජිනේරු වැඩ අධීක්ෂණය කල නිසා ය.

භාරිට රැකියාව නොලැබුනේ නයිලෝන් එකේ උන් උද්ඝෝෂණ කරන අතරේ එය ප්‍රශ්ණයක් වේ යයි සිතූ නිසා ය. සභාපති වූයේ අනිල් ඔබේසේකර ය. පුතාට පාසලක් සොයාගැනීමට අපහසු විය. එයට ද දේශපාලන බලපෑම් යෙදීමට සිදුවිය. පළමු ව කෝට්ටෙ ජනාධිපතියටත් දෙවනුව මරදානේ ආනන්දෙටත් දැමුවේ එසේ ය. මේ අතරේ අපි කරමු යයි කට දමා ආනන්දෙ බිල්ඩිමක පහලමාලය ඉදි කිරීමට මට සිදුවිය. ඒ සඳහා ගමෙන් කාර්යමණ්ඩලය යොදා ගතිමි.

සංස්ථාවේ අළුත් අංශයට තිහක් පමණ බඳවා ගත්තේ වැඩ කිරීමට කැමතියි කී අයගෙන් පමණි. මේ කාලයේ යාපනය ප්‍රදේශය අල්ලාගෙන තෙල් සැපයීම කඩිනමින් කිරීමට අවශ්‍ය තෙල් ටැංකි නිපදවීමට ගත් ක්‍රියාමග නිසා සියළු අදාළ අංශවල වගකීම මට ගැනීමට සිදුවිය. ඒ නිපද වූ ටැංකි ප්‍රමාණය ඔවුන්ට දරාගත නොහැකි වූ නිසා ය. අප කල ටැංකි ටෙස්ට්ස් හමුවේ හදපු උන් සැඟවීම නිසා උන්ගේ අනියත බියෙන් රැකියාව පවා අහිමිවිය. එසේ කලින් නොකල බව හෙලිවීම සමඟ අලි ඔළුවක් තිබූ මාර්කටින් DGM ගේ රැකියාව පවා අහිමිවන තැනට පත් වූ නිසා සුනඛ පෝතකයකු සේ වී ඉංජීනේරුවන්ට තග දැමීම නතර විය.

මේ කාලය පෞද්ගළික ජීවිතයේ අමිහිරිම කාලයකි. ඔස්ට්‍රේලියාවෙ මෙන් පහසුකම් අහිමි වූවකි. තවත් නොයෙකුත් බාහිර ප්‍රශ්ණ නිසා නැවත රට හැර දා යාමට තීරණය කලෙමි. මෙය ද නොපිළිගත් පරණ අනාවැකියක් සැබෑවීමකි. ආපසු ආවත් නැවත යනවා යයි කියා තිබිනි. ටිකට් වලට සල්ලි ඉල්ලාගත්තේ ඔස්ට්‍රේලියාවේ යහළුවකුගෙනි. ආනන්දෙ වැඩට අතේ තිබුනු සල්ලි වියදම් විය. මට රුපියල් ලක්ෂයක් දුන්නා කියා නිවිදුහල්පති කීවද මගේ බැංකු ගිනුමේ එය නැත. අප ඔස්ට්‍රේලියාවට ගොස් සති කිහිපයකට පසු ඔහුගේ වැඩ තහනම් වූවා යයි ඇසුවෙමු. මේ වන විට පුතාට ඉංග්‍රීසි වචන පවා අමතක වී තිබුනි. මෙවර අප ගියේ සිඩ්නි වලටයි. මෙල්බර්න් ඔස්ට්‍රේලියාවේ අපායයි. අද ද පිළිකුල් කරමි. මුලින්ම සිඩ්නි නැවතුනා නම් ජීවිතය මීට වඩා සුන්දර වන බවත් කතාව වෙනස් වීමටත් ඉඩ තිබුනා. ආපසු හැරී බැලූ විට, එසේ නොවුනේ මිනිසුන් මුහුණ දෙන හැම තත්වයකම අන්තයට මා මුහුණ දිය යුතුය යන උපතින් ලද රටාව නිසා යයි දනිමි. එතරම් දුකක් කරදරයක් වෙන කිසිවකුට දරාගත නොහැක. මම තනිබර ගත් නිසා භාරිට හා පුතුට නොදැනුනා වැනිය. කාරය අහිමි වුවත් පුතා ගියේ මගේ කරේ නිසා ඔහුට පාඩුවක් නොවී යයි සිතමි. ජඩයන් පිරි ලොවක උන් කරන අපරාධ නිසා මිනිසුන්ට දැරීමට වන දුක් ගැහැට අත්දැකීමෙන් මම මනාව හඳුනමි.

 1997 April - 1998

New South Wales ප්‍රාන්තය ප්‍රථම කන්වික්ට් කොළණිය මෙන් ම දැන් වැඩිම multi-cultural ප්‍රාන්තයයි. සුද්දාගේ ජාතිය්‍යාලය සුවිශේෂ කොටස්වලට සීමා වුවත් පාර තොටේ යන කොට නිදහස ඇත. ඒ අතින් ශාපලත් වික්ටෝරියා ප්‍රාන්තය සංවිධානාත්මකව හදපු ප්‍රාන්තයකි. සාපේක්ෂව සුරපුර හා අපාය වැනි ය. New South Wales ප්‍රාන්ත රජය මගින් සංක්‍රමණිකයන් සඳහා සුවිශේෂ වැඩ සටහන් විය. අප වික්ටෝරියා ගිය සමයේ නිව්සවුත්වේල්ස්වල සිටි රැකියා විරහිත ඉංජිනේරුවන් කාටත් ප්‍රාන්ත රජයෙන් රැකියා හිමි වූ නිසා ජීවිතය වෙනස් විය. ඔස්ට්‍රේලියාවේ ජීවිතය සුරලොවත් අපායත් අතර දෝලනය වන්නේ රැකියාවක් ඇති ද නැති ද යන්න අනුවයි. එහෙත් මුල් කාලයේ ලැබූ අත්දැකීමෙන් මම පාඩමක් ඉගෙන ගත් නිසා අද යහතින් සිටිමි. ඉස්සෙල්ලා අල්ලන මාළු කුණු වන සේ, මුලින් රැකියාවලට ගිය අය යථාර්තය දැක්කේ වයසට ගිය පසු ය. වහලුන් ලෙස වයසක උන්ට රැකියා ලබා ගැනීම අපහසු ය. එසේ රැකියා අහිමි වූ විට ඉතිරිකරගත් සියල්ල දියවී යන තුරු රජයේ පිහිටක් නැත. සියල්ල එක ජීවිත කාලයකට කොටුකල විශ්වාසය තුල ගිලෙන සොරුන් මංකොල්ලකාරයන් දරුවනට උරුම කරන්නෙ උන් මෙන් ම ජීවිතය බිංදුවෙන් පටන් ගැනීම ය. ඉංග්‍රීසි කොළණියක් වන ලංකාව හිඟමන් යදිමින් ආ අහිගුන්ටිකයන් අතට පාලනය ගිය විට අන්තිම ඵලය මේ ලියන මොහොතේ ස්වරූපයෙන් පිළිබිඹු වේ. ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කොළණිය  ඉංග්‍රීසි උරුමය ඇති උන් හරහා පාලනය වීම නිසා උදාවන තාත්වික පාලනය කාලාණුරූපීව වෙනස් වේ.

අප මුලින් ම ගියේ පැරමැටා ආසන්නයේ සිටි මිතුරු ලාංකික නිවසකට ය. ගමන් මහන්සිය, ජෙට් ලෑග් නිසා හොඳටම නිදා ගතිමු. සැලකීම මෙල්බර්න් වලටත් වඩා බාල වූයේ වියදමට සරිලන ඉපැයීමක් නොවූ නිසා යයි සිතමි. ඉක්මනින් කුලියට තැනක් සොයාගත යුතු විය. භාරි සමඟ පුතා තබා තනියම පැරමැතා නගරයේ රියල් එස්ටේට් ඒජන්ට්ලා හමු වුවද ඔවුන් කුලියට දීමට අදි මදි කලේ රැකියාවක් නැතිව අළුතින් ආපු නිසා හා සමහරුන්ගේ ජාතිය්‍යාලය නිසා ය. ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් හා ඉන්දියානුවන් පිරිසිදුකම ගැන ප්‍රසාදයක් නැති කොටසකි. එය ද බලපෑවා. එහෙත් එක තැනකදී මුණ ගැසුණු ජෝන් මට ඉතාම කුළුපගව සලකා හිස් වූ කාමර දෙකේ තට්ටු නිවසක් හය මසක ලීස් සඳහා දුන්නේ ය. එවෙලෙම මුදල් තැන්පත් කර යතුර භාරගතිමි. එය පැරමටා ප්‍රයිමරි පාසල ළඟ චාර්ල්ස් ස්ට්‍රීට් වල පිහිටා තිබුනි. ජෝන් නොවන්නට තැනක් තනිවම සොයා ගැනීම හාස්කමක් වනු ඇත. අපි ඒ තැනට එදාම ආවෙමු. නිදාගත්තේ කාපට් කර තිබූ බිම මත ය. ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ චැරිටි හරහා අප වැනි අයට ක්ෂණිකව, භාවිතා කල ගෘහභාණ්ඩ නොමිලේ දෙන නිසා  ජීවිතය පහසු විය. මෙහි සිට රැකියා සඳහා ඉල්ලුම් කලෙමි. ඩිසයින් ඉන්ජිනියර් ලෙස සෝන්ඩර්ස් ඉන්ටර්නැෂනල් නම් තෙල් ටැංකි හදන කම්පැනියේ ඉන්ටර්වීව් සමත් වී රැකියාවට ගියෙමි. වැඩ ලංකාවටත් වඩා අවුල් විය. අනාගෙන නාගෙන වැඩ කරන තැනකි. දින කිහිපයකින් මට රැකියාව තිත්ත විය. අස්වීම ඔස්ට්‍රේලියාවේ නොකරන දෙයකි. ඒ තරමට මිනිසුන්ට රැකියාව වටී. මට ලංකාවේ රැකියාව මීට වඩා වටී. ටිම් හමුවී මගේ රැකියාව සමාප්ත කරන ලෙස දැන්වීමි. එය සැබෑ වූයේ මාස තුනකට පසු ය. වහලකු ලෙස කල මුල් රැකියාව එසේ නිම කලෙමි.

 සංක්‍රමණිකයන්ට ප්‍රාන්ත රජය බොහෝ පහසුකම් දුන්නේ සංක්‍රමණිකයන් සේවයේ යොදවා වීම නිසා ඉන් ප්‍රයෝජන බොහෝ විය. රැකියා නැති අතිරික්තයක් නඩත්තු කරන රටක එය එසේ කරන්නේ ඇයි කියා දන්න උන් මට හමුවී නැත. සියල්ල luck හෝ chance එකට භාරදෙන සූදුකාරයන් (සුරයන්, චොරයන්, චෞරයන්) පිරි සමාජයක, දෙමව්පියන්ගෙන් ඉටුවිය යුතු වගකීම් නොවන විට, ඒ වගේ ම දෙමව්පියන් පාලකයාගේ නියෝජිතයන් වූ විට, උපදින අතිබහුතරය තෝරාගන්නේ තමන් යොමුකරන දිසාවයි. පාලකයා තම පවුල සදාකාලික සැප විඳිමින් අතිබහුතරයේ ජීවත්වීමේ අයිතිය ඔවුන්ට අහිමිකර දාසයන් ලෙස ඉපදී මිය යන සමාජයක් ගත් කල, ආරම්භය ලැබෙන්නේ අධ්‍යාපනයෙනි. කාට හෝ රැකියාවක් කර ජීවත්වන වහලකු බිහිකිරීම අතිසාර්ථක ය. වෙනත් මගක යන්නන්ට කිසිදු සහනයක් නොදෙන රටක, එවැන්නන් අපරාධකාරයන් ලෙස සලකා රාජ්‍යපාතාලය යොදවා හිර කර වදහිංසා පමුණුවා අකර්මණ්‍ය කරයි. ඒ පසුබිම තුල, ඇඳිය යුතු තම ඇඳුම් පැළඳුම් මෙන් ම කරන කියන දේවල් ද ඉල්ලුම් කරන ආකාරය ද පුහුණු කරන සේවා දායකයන් ඇත. එවැනි Skillmax නම් සේවාව හරහා ICI (Orica) වල මාස කිහිපයක් සේවය කලෙමි. මෙය ලියන මොහොතේ මුහුණු ආවරණ පැළඳ ජීවිත රැකගන්න දරණ උත්සාහයට සාපේක්ෂව මරණය සියදහස් ගුණයකින් අත වනන ක්ලෝරීන් නිෂ්පාදනාගාරයකට සම්බන්ධ වී එය ෂට්ඩව්න් කිරීමේ වැඩ සටහන සැකසුවෙමි. මෙය පැය 72ක් තුල නිම කල යුතු කාර්යයකි. ඊට වඩා කල් ගතහොත් එහි වටිනාම උපාංඟ සදහටම අක්‍රීය වේ. මෙය මරුවා සමඟ කරන සෙල්ලමකි. නිෂ්පාදන ක්‍රියාවලිය නොනවතා කරන සැකසුම තුල අඩුළුහුඩුකම් තිබුනොත් විෂ ක්ලෝරීන් වාතයට මුසු වී බොහෝ අනතුරුදායක වේ. සේවයේ නියුතු උන් පවා ඉවත් කරමින් සිටි ආයතනයක් ලෙස මට රැකියාවක් ලබා ගැනීමට අවස්ථාවක් නොතිබුන ද කර්මාන්තයක් ලෙස එහි ගත කල කාලය තුල ලබාගත් දැනුම වෙනත් කිසිදු තැනක ලබාගත නොහැක. එතරම් දරුණු රසායනික සමඟ ගැටෙන පරිසරයක වැඩ කිරීම පවා උන්මත්තයකු මිස මම වැනි කෙනෙක් තෝරා නොගනී. එසේම ජාතිය්‍යාලය උතුරා යන පසුබිමක වැඩ කල නොහැක. අවසන් දිනයේ ජෙඵ් ඵෙරී මා ගැන කියමින් මම නොසිටියා නම් එම කාර්යය සාර්ථකව කල නොහැකි යයි කී විට එතෙක් මායිම් නොකල හැම එකාම ගරුසරු ඇතුව මට සැලකූහ.

Skillmax වල සේවය සැපයූ කෝල්ස් ඉන්දියන් කාරයකු බැඳසිටි ගැහැණියක් නිසා සංස්කෘතික ගැටුම් ගැන බොහෝ දේ තේරුම් ගත හැකි විය. කැන්බරාවල ඵෙඩරල් ආණ්ඩුවේ Dept of Transport and Regional Services වල Client Engineer ලෙස යැවූ අයදුම්පතට ඇය බොහෝ උදව් කලේ ය. ජෙඵ් ඵෙරී  ද උදව් කලේ ය. අන්තිමට එම තනතුර මට ලැබී ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බෙරා යාමට තීරණය කලෙමි. ඊ ළඟ කොටසේ එතැනින් පටන් ගනිමි. ලංකාවේ නාගරිකව වසන ඉන්දියානු අහිගුන්ටික සමාජය තුල ගතකල කාලයේ උචිත ලෙස නම වෙනස් කල ආකාරයට ඔස්ට්‍රේලියානු කොළණියේ ජාතිය්‍යාලයට උචිත ලෙස නම ද වෙනස් කලමි. බොහෝ චීන සංක්‍රමණිකයන් ද එලෙස අළුත් නම් ගනිති. මේ වන විට උච්චාරණය ද වෙනස් වූ නිසා රැකියාවක් ලැබීමේ සම්භාවිතාව ඉහල ගියා. බොහෝ අත්දැකීම් සටහන් නොකලේ කාලය ඉතුරු කරගැනීමටයි. එසේම නොපවසන දෑ එලෙසම යටපත් කලෙමි. මේ සියලූ ම අත්දැකීම් හරහා ජීවත්වීමට හදපු සියලු බාධා හිරහැර කරදර හඳුනා ගැනීම අවසානයේ අනාගතය තීරණය කරන අත්තිවාරම වනු ඇත.

 



 

Monday 27 September 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 2 කොටස

 1979 - 1983

මේ කාලය තුල පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයනය කලෙමි. අග මුල පැටළුනු අධ්‍යාපන ක්‍රමයේ උසස් පෙල සිංහලෙන් කර පළමු වසරේ ඉංග්‍රීසියෙන් හැදෑරීමට සිදුවීම, ගමෙන් ගාල්ලට ගිය විට වූ දේ ම නැවත වීමකි. එක විෂයයක් ද්‍රවිඩයකු ආවේනික ස්වරූපයෙන් ඉංග්‍රීසි උච්චාරණය කල නිසා කිසිවක් තේරුනේ නැත. අවසාන ඵලය වූයේ වසර අවසානයේ ඉන් අසමත් වීමයි. මුල් කාලය තුල නවක වදයට ගොදුරු විය. එකල සෝමේ මාමා තුන්වන වසරේ සිවිල් සිසුවෙකි. ඔහුගේ ගජයන් කී දෙයක් කරන විට, සැබැවින් ම කුණුහරුප බණක් කියන විට වෝඩන්ගේ අතටම අසු විය. මම සති දෙකකට සස්පෙන්ඩ් කරනවා යයි වෝඩා මට තර්ජනය කලේ ය. නවක සිසුවකු සස්පෙන්ඩ් කරන එක පුදුමයක් වුවත් මම කල දේ බරපතල යයි කීම මට ඇසිනි. ඒ කාලේ මම කියන දේ ඒ ආකාරයෙන් ම හැකි උපරිමයෙන් කිරීමට උත්සාහ කලෙමි. මෙය පවතින අධ්‍යාපන ක්‍රමයට හැඩගැසීමකි. කියන දේ ගිරවා සේ කීමත් කරන්න කියන දේ ඒ ආකාරයෙන් කිරීමත් හොඳ සිසුවකුගේ ගතියයි. එම දුබලතාවය ජ්‍යේෂ්ටයන් දැන සිටියා. මට චකිතයකින් තොරව දෙක වසර 250කට පන්සිල් දීමට හැකිවිය. වරක් පැය කිහිපයක් ශ්‍රී පාදෙ නැග්ගෙමි. ඒ සමසමාජ කාරයකුට අසු වූ විටයි. විශේෂයකට වූයේ ධම්මිකට හැම විටම හෙළුවෙන් ඉන්න කීවත් මට එසේ නොකීම ය. බානගලයා පැය භාගයක් ම කුණුහරුපෙන් බැණීම ගත් කල මානසික රෝගියකු යයි සිතේ. පළමු වසර නිව් වින්ග් එකේ බිම් මහලේ ගත කලෙමි. ධම්මික රූම්මේට් විය. ඔහු පාඩම් කරන ගමන් නිදාගත් නිසා මහ රෑ ද ඇහැරිලා පාඩම් කරනු දුටිමි. මම රෑ 10ට නිදා ගතිමි. හික්කඩුවේ කොඩිකාරගේ අලාම් ක්ලොක් එකේ වෙලාව වෙනස් කල විට ලනුව කා උදෑසන කරන දෑ හැන්දෑවේ කරන්න දුවන විට ඔක්කොම හිනා වුනා.

ලංකාවේ හැම පැත්තකින් ම ආපු සිසුන්ගේ විවිධාකාර හැසිරීම් දුටිමි. මේ අතර කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් එකේ ටියුෂන් කර බදුල්ලෙන් ආ හත් දෙනා මතක් කරමි. මට යයි විශේෂ හැසිරීම් රටාවක් නොවූ නිසා, කිසිවකු ගැන කිසිදු මතයක් ගොඩ නැගුනේ නැත. ඒ හත් දෙනා අතර සිටි ජයන්ත ආර් කැපී පෙනීමට උත්සාහ කල චරිතයකි. හිස පීරා හැඩ ගැන්වීමට බොහෝ වෙහෙස වූවෙකි. ආනන්දේ සමන් ජී නෑමට අලස වූයේ සකසාගත් කොණ්ඩ මෝස්තරය අවුල් වන නිසා ය. ඉහලට ඉගෙනීමට තිබූ ආශාව බිඳ වැටීමට ස්ලයිඩ් රූල් වෙනුවට කැල්කියුලේටර් ඉල්ලා කල වර්ජනයේදී පීඨාධිපති මහචාරී ජයසේකර දැක්වූ නිර්ධය ප්‍රතිරෝධය, මහචාරී සිවසේගරම් පන් මල්ලක් අරගෙන කල කැෂුවල් හැසිරීම,  මහචාරී ජයතිලක තමන්ට උසුළු විසුළු කරන අය සෙවීමට සයිඩ් මිරර් එකෙන් බැලීම, මහාචාරී ගුණවර්ධනගේ ඉලෙක්ට්‍රිකල් ලෙක්චර්ස් බලපෑවා විය හැක. ගුරුන් ලෙස දැක්වූ කෲර හා සතුරු දෘෂ්ඨිය නිසා අතරමන් වූවා වැනියි. සැබැවින්ම ගුරෙකු නැතිව අයාලේ යමින් ඉගෙනීමක් දුටිමි.

ස්ලයිඩ් රූල් වෙනුවට කැල්කියුලේටර් ඉල්ලා කල වර්ජනයේදී පීඨාධිපති මහචාරී ජයසේකර දැක්වූ නිර්ධය ප්‍රතිරෝධය නිසා වර්ජනය මාස ගණනක් ඇදී ගියා. එය 100%ක වර්ජනයකි. පසුව එකඟ වුවත්, විභාගය ඉතා දුෂ්කර කර තිබිනි. අපි පළමු වසරේම කැල්කියුලේටර් භාවිතා කල නිසා ස්ලයිඩ් රූල් භාවිතා කිරීමට අවශ්‍ය වුනේ නැත.

දෙවන වසර නේවාසිකාගාර අහිමි කාලයකි. ගෙවල් කිහිපයකම සිටියෙමි. මේ කාලේ මම, පාලිත, සෙනෙවිරත්න, සුසන්ත හා හෙන්රි එක කාමරයක බෝඩිං කාරයන් විය. බොහෝ ලෙක්චර්ස් වලට පස්දෙනාම  නියෝජනය කලේ මම ය. අවසානයේ මම ටියුෂන්කාරයා වීමි. මේ කාලය වන විට මම පරිසරයට හුරු වී සිටියෙමි. පළමු වසරේ එක විෂයයකුත් සම්පූර්ණ කර දෙවන වසර සඳහා සෙකන්ඩ් ලෝවර් පංතියත් ගත්තේ ඉහල අධ්‍යාපනය ගැන උනන්දුවක් නැතිව ය. බෝඩිම් වල තරමක සෙල්ලම් විය. අන්තිම බෝඩිමේ දුව මට දීමට බොහෝ උනන්දු විය. ඒ වන විටත් දූලා දෙදෙනකු බැඳ සිටියේ බෝඩිං වූ ඉංජන් ය. ඇග්‍රෙක් සමඟ සෙට් වී සිටියත් ඒ බව නොහඟවා සමීප විය. ඔහු මගේ මිතුරකු විය. ඒ නිවස හැර ගියේ නිරස කෑම නිසා ය. මේ කාලය තුල මගේ වසරේ උන්ගෙන් මම ඈත් වුනෙමි. අනුන්ට අකුල් හෙලන උන් බොහෝ විය. මේ කාලයේ සිසු අරගල එමට ය. ජේආර්ගෙ කාලෙ නිසා මැර ප්‍රහාර අපේක්ෂාවෙන් සිටියෙමු. නවක වදය දීමේ නායකත්වය දෙවන වසරට හිමිවේ. මට එතරම් උනන්දුවක් නොවී ය. එහෙත් හෙන්රි මගෙන් ප්‍රයෝජන ගත්තේ ය. ඒ ඔවුන්ගේ කීමට කීකරු නොවන උන්ට මම කීවිට කිසි කතාවක් නොකර කල නිසා ය. ඒ මට බිය වූ නිසා ද නැත්නම් මගේ කටහඬදැයි නොදනිමි. එහෙත් පසුව මට හෙන්රි ගැන අකමැත්තක් ඇතිවිය.

තෙවන වසරේ නැවත නේවාසිකාගාර හිමි විය. මම අක්බාර් වින්ග් තෝරාගත්තේ බැචාලා නැති නිසා ය. මගේ රූම්මේට් සිබ්බා ය (සී බී රත්නා..). ඔහුගේ ගෙදර බහිරව කන්දේ ය. ඒ නිසා මම තනියම සිටියෙමි. පසුව ජූනියර් බැච් එකේ සිටි මගේ ක්ලාස්මේට් කහඳ ආවේ දෙක වසරේ නේවාසිකාගාර අහිමි නිසා ය. පළමු වසර දෙක තුල කාටත් විෂයයන් පොදු වූවත් තෙවන වසරේ තම ක්ෂේත්‍රය තෝරා ගත යුතු ය. මට ඉලෙක්ට්‍රිකල් හා මිකැනිකල් දෙකම කරන්න ඕන වුනත් දෙන්නේ එකක් නිසා මිකැනිකල් තෝරා ගතිමි. ධම්මිකගේ ඉලෙක්ට්‍රිකල් නෝට්ස් හැදෑරුවත් ප්‍රශ්ණ නිසා අතහැරීමට සිදුවිය. කෙල්ලෙකු නැතිකම තරමක් අසහනකාරී විය. මුදල් හිඟය හා විශ්වාසවන්තයන් නැතිකම නිසා නැගුණු මානසික බලපෑම් අද ද නැති වී නැත. මහාචාරී මහාලිංඟම් මගේ හිත ගිය විශේෂ කෙනෙකි. ඔහු වයිබ්‍රේෂන් වලට ප්‍රසිද්ධ ය. මම ද ඒ විෂයයට ආශාව දැරුවෙමි.

දෙවන වසරේ අප අතර සිටි මානසික රෝගයකට ප්‍රතිකාර ගත් එකෙකු නවකවදය ලෙස කල දෑ ගැන අසා ඌට ඉඩ නොදී සිටියා. තෙවන වසරේදී මා අතින් වූ නවක වද ගැන පසු තැවී ඊට කිසිඳු සම්බන්ධවීමක් නොකලෙමි. කතාවත් ක්‍රියාවත් අතර ලොකු වෙනසකි. නවකයන් හඳුනාගැනීම කෙසේ වෙතත් තමන්ගේ මානසික අසහනය නවකයන් මත ඇරීමක් විය. අද සමාජයේ යථාර්තය එදා මා වටා සිටි උන්ගෙන් දුටු නිසා තනියකු වීමි. කහඳ පාසැලේ මිතුරා නිසා ප්‍රශ්ණයක් නොවීය. ඔහු සමඟ සිටි ජයතිලක හා සූරියාරච්චි මට සමීප වුවත් මේ දෙදෙනා මෙන් ම හෙන්රි ද ජෙප්පන් බව දැන ගත්තේ මේ කතාව ලියන කාලයට සමීපව ය. මම කොතරම් අසංවේදී ද යන්න ඉන් කියවේ. හරියට උන් සමඟ සිටි රොබෝවකු වැනි ය. එහෙත් ඉන් ලද අත්දැකීම නොකැළැල් එකක් වන්නේ මගේ යයි කිව හැකි කිසිදු බලපෑමක් නොවූ නිසා ය. හෙන්රිත් සූරියාරච්චිත් නූතන කලාකාරයන් ය. මම හෙන්රිට පහරදීමට කවියක් ලියා සාහිත්‍ය කවයේ පල කලේ ආශාවට නොව එදිරිකමටයි. මම කලාවට අරහං එකෙකි.

හතරවන වසර ඉතාම කලහකාරී එකක් විය. ජේආර්ගේ වැඩට එරෙහි ව්‍යාපාර බොහෝ විය. අපේ පීඨය ස්වාධීන අය මුල් තැන ගත් අතර ජෙප්පන්ට තැනක් නොවී ය. එහෙත් මේ සමයේ ජෙප්පන් ඇටවූ උගුල් බොහෝ ය. එක් සැඳෑවක, ඩී එම් ආනන්ද අක්බාර් එකට දුව ආවේ නෙවිල්ට සමවාදීන් (UNP) පිහියෙන් ඇන්න බව කියමිනි. ඒ නිසා සියල්ලන් ම කුලප්පු වී සමවාදීන් සොයමින් ගල් ගසමින් ගොස් මාර්කස් ඵනැන්ඩු ශාලාව වට කලහ. මේ අතරේ පනිවිඩය දී ඩී එම් ආනන්ද හොරෙන් ලිස්සා යනු මා දුටුවෙමි. පසු දින මගේ බැච්මේට් වූ ඉඩමේගම ගේ නායකත්වයන් කණ්ඩායමක් ගල් මුල් රැගෙන ගලහ පාර දිගේ යන මතකය සිහිවන්නේ සතුන් දඩයමේ යන වනචාරීන් ලෙස ය. ඉඩමේගම, ගුනසේන සමඟ සිටි සිනාවට සීමා වූ හිතවත්කම ඇති නිහඬ චරිතයකි. රංජිතන් ගුණරත්නම් ද එසේ මය. පසු කාලෙක මොවුන් ප්‍රබල ජෙප්පන් බව දන ගත්තේ බාහිර මාර්ග වලිනි.

ඉතාම දරුණු සිසු අරගලය පැවතියේ සිව්වන වසරේ ය. මුළු පේරාදෙණිය ම ස්ට්‍රයික්ය. පහවසර මෙඩ්ඩන් නැවතුවේ හතර වසර ඉංජන්ගේ මැර තර්ජනයෙනි. වරක් විද්‍යා පීඨාධිපති උස්සා හිර කල විට පොලිස් ප්‍රහාරයක් එල්ල වේ යයි සිතා සෙනට් මණ්ඩලය තුල සූදානම් වී සිටියෙමු. ඇතුළුවන තැන සිටියේ මාතරින් ආ මමත් තවත් තිදෙනෙකි. 1976 සිසු ඝාතනය වූයේ ඒ අසලම ය. අපි හතර දෙනාම කළු ජූලිය ඇරඹි විට අක්බාර් නෙල් වල ප්‍රධාන දොරටුව වසා දැමීමට ද මුල් වූයෙමු. මේවා කෙසේ වූවා දැයි අදත් අදහාගත නොහැකි තරම් ය. කතාවේදී නිහඬ මට පළමු වසරේදී චෝදනා කල ජයන්ත රත්නායක මේ කාලයේ ඉතාම පසුගාමි චරිතයක් විය. ඔහුට රිදෙන්න උත්තර දුන්නේ මා සමඟ පළමු වසරේ සිට මිත්‍ර වූ පාලිත සෝමරත්න ය. ඔහු බැන්නේ අතීතය ද මතක් කරමිනි.

මොන ප්‍රශ්ණ ආවත් වසර හතරින් ඉගෙනීම අවසන් විය. විශේෂ උපාධිය සඳහා තෝරාගත් විෂයයන් ඉතා අමාරු ගනයේ වුවත් දෙවැනි පංතියේ පහල කාණ්ඩයේ විශේෂ උපාධියක් හිමි විය. මා ප්‍රිය කලේ කවුරුත් අතහැරි වයිබ්‍රේෂන් ක්ෂේත්‍රයයි. ඉගෙනගත් තියරි ඔළුව කළඹන සුළුවිය. මහාචාරී මහාලිංඟම් එම ක්ෂේත්‍රයේ ලෝ ප්‍රකට චරිතයක් විය. මගේ ප්‍රොජෙක්ට් එක කලේ නිව් සීලන්ඩ් වලින් ආපු ආචාරි පුස්සගොඩ (නම ෂුවර් නැත) සමඟයි. මාර්ටෙන්සයිට් වලට විශේෂඥ විය. කී ලෙස ටෙස්ට් රිග් හැදුවත් එය කැඩෙන බව මම කීවෙමි. කී ලෙස කැඩුනි. හැදීමට ක්ලාස් වන් මැෂිනිෂ්ට් හිටිය ද මම අවසර ගෙන කලේ ඇකියුරසි ගැනීමටයි. නිවාඩු කාලයේ වැඩ කිරීම ඉගෙනීමේ කොටසකි. පළමු වසරේ මාතර හයිවේස් දෙපාර්තමේන්තුවට අනුයුක්තව මාතර කඹුරුපිටිය පාරේ වැඩ කලෙමි. ඒ අතරේ ප්‍රේමදාසගේ මුල් ගමට පාරක් කපන වැඩේට ද ගියෙමි. ගමේ අය ඉතා හොඳින් සැලකුවා. ඔවුනට ප්‍රේමදාස යනු පවුලේ කෙනෙක් බව කතාවෙන් තේරුනා. දැනුදු ඒ මාතර කඹුරුපිටිය පාරෙන් යන විට ගත කල හැටි මතක් වේ.

මගේ දෙවන වසර මාතර ජල සැපයුම් යෝජනා ක්‍රමයට අනුයුක්තව කෙරිනි. මුල් කාලය කුණුඇල අසල බෝඩිමක මදුරු සාගරයක් මැද ගත කලෙමි. පසුව ඇන්ටිගේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක ගත කලෙමි. මෙය රාහුල පාරේ සුජාතා එකට හැරෙන තැන විය. ඒ කාලේ වටිනා දර්ශණ ඇති තැනකි. මා සමඟ සිටි ඒ ලෙවල් කරන එකා කල විහිළුවක් නිසා ඉඟ දැමීමෙන් වූයේ අනාගතය වෙනස් වන දෙයක් වීම ය. සුරූපී වුවත් නොදැන ඉඟ දමා පසුව වෙනස් වූවත් ආඩම්බර මට එය එතැනින් ඉවර විය. මම නිතර මුහුදු වැල්ලේ සැඳෑව ගත කලෙමි.

අපි නිතර පේරාදෙණි ගියේ මාතරින් රුහුණු කුමාරිට ගොඩවීමෙනි. ගාල්ලෙන් ධම්මික, කොඩිකාර ගොඩ වූහ. වරක් සීනියර් එකෙක් සුරූපියකට ට්‍රයි කලත් සෙට් වූයේ නිහඬව සිටි මට ය. කොඩිකාර සහායට ඩැනී විය. පසුව ලිපි ලීවා. වරක් ගෙදරට ද යාළුවකු ලෙස ගියෙමි. පසුව එය නැවතින. මට සෙනෙහස තරමක යාන්ත්‍රික හැඟීමකි.

තෙවන වසරේ යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබිඹු කරන යකඩ ගොඩවල් අතර ජීවිතය සිහිපත් කරන ගවර්මන්ට් ඵැක්ටරියේ පුහුණුවට ආවෙමි. යාළු වූ ඵෝර්මන් කෙනෙක් මගින් ගොතටුව ටේලර් ගෙදර බෝඩිංකාරයා වීමි. පාරේ ටැප් එකෙන් මූණ සෝදාගතිමි. කෙල්ලන් ද ඒ වෙලාවට ළංවුවත් එතරම් ඇල්මක් නොවී ය. පසුව ඒ අසල නව නිවාස පංතියක ගෙදර බෝඩිමා වූවෙමි. ඒ කාලේ ජනපතිවරණය උණුසුම් විය. නාමයෝජනා දෙන දිනයේ කාඩ් එක ගසා හොරෙන් පැන අපි කට්ටියම අසුවී පඩි කපාගත්තෙමි. කාඩ් පන්ච් කරන හිරගෙදරට හුරු වුනෙමි. එය ගුරුමුස්ඨිකාරයන් පිරි තැනකි. ස්ප්‍රින්ග් ලෝඩඩ් බෝල් වෑල්ව් ගැන මම ඵෝර්මන්ට කල විස්තරය වෙන අයට නොකියන ලෙස ඔහු මගෙන් ඉල්ලී ය. පුහුණුව අවසානයේ කෑම ගත්තේ ශාන්ති විහාර්වලය. ඵැක්ටරි ඉන්ජිනියර් (ද්‍රවිඩ) කෙසෙල් කොලේ බත් එකට කිරි දමා මැටි අනන සේ අනා කෑ හැටි මතක ය.

මේ කාලය තුල මා උපන් ගමේ සංස්කෘතියට වඩා හුඟක් වෙනස් නාගරික පරිසරය තුල කිසි සේත් ම කොන් වීමට මම ප්‍රිය නොකලෙමි. ඒ නිසා සැඟවී තිබූ පරම්පරා නාමය ඉදිරියට ගෙන මුල් නම අතහැර ප්‍රියන්ත අබේවික්‍රම ලෙස වෙනස් කලෙමි. එක් සිකුරාදා දිනක මාතර දිසාපති හමු වී මේ ගැන විමසූ විට ඔප්පුවක් ඒ නමට ලියාගෙන හමුවෙන්න කිව්වා. සඳුදා ඔප්පුව සමඟ හමුවී නිත්‍යානුකූලව උප්පැන්න සහතිකය වෙනස්කර ගතිමි. ඒ අනුව මගේ උපාධි සහතිකය පවා පසුව ලබා ගතිමි. මෙවැනි සුවිශේෂ උදව් මගේ ජීවිතය පුරාම ලැබුනු නිසා කොතරම් බාධා එල්ල වුනත් මා යා යුතු මග ඇන හිටියේ නැත. එසේ නොවී නම් මගේ ජීවිතය අසාර්ථක වෙන බව ස්ථීරයි.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුලින් ඉගෙනීමට තිබූ ආශාව බිඳ වැටිණි. එසේම ගුරු සිසු සබඳතා ගත් කල දැඩි පසමිතුරු බවක් පොදුවේ දුටිමි. පෞද්ගළික කතා බහේදී එවැනි වෙනසක් නොදැනුනත් ගුරුන් හැසුරුනු පොදු විදිය ගත් කල ඉතා දැඩි මෙන්ම ඒකාධිපති බවක් දුටිමි.  සාමාන්‍ය සමාජයෙන් ඈත් වී තමන් මවාගත් ලෝකෙක තනි වී මනෝ ගසන්නන් ලෙස  දුටිමි. උපාධි වෙනත් ලෝකයකින් ලබාගත් උන් ලෙස හැසිරීම අමුතු දෙයක් විය. අසාර්ථක දිවි ගෙවීම මට එසේ වීමට උනන්දු කිරීමක් නොවී ය. මවාගත් මහන්තත්වයට යටින් ඇති අමු ම්ලේච්ඡත්වය ද දුටු අවස්ථා විය.

මම පෙර සූදානමක් ලෙස Fits and Tolerances වාර්තාවක් ස්වෝත්සාහයෙන් කල ද එසේ එකක් නොදීම නිසා සිසුවන්ගේ උසුළු විසුළු වලට ලක්වීමි. පසු කාලෙක මෙමගින් ලද දැනුම ඉතා වැදගත් විය.

1983 -1990

වසර හතරක අධ්‍යාපනය සමාප්ත කර ප්‍රථිඵල එන තෙක් තාවකාළික උපදේශකයකු ලෙස සේවයට වාර්තා කලෙමි. මගේ ප්‍රියතම විෂයය වූ වයිබ්‍රේෂන් ක්ෂේත්‍රයේ පරික්ෂණයක් වූ ඵෝර් රෝටර් පරීක්ෂණය මට භාරවිය. Fluid Dynamics පරික්ෂණය ද ඉංජිනියරින් ඩ්‍රෝවින් පංතියද රාජකාරියට අයත් විය. විභාගවලින් සමත්වීම සමඟ එන මහන්තත්වය මට ද බෝවූ දෙයකි. අංඟසම්පූර්ණත්වය සොයන බව ඒ කාලේ වූ සිදුවීම් කියනවා. ඵෝර් රෝටර් පරීක්ෂණය ගත් කල ගණනය කර ලබාගත් ප්‍රථිඵල පරීක්ෂණාත්මකව නොලැබුන නිසා fixed කර තිබූ කොනක් ලිහිල් කර බැලුවෙමි. ඒ සමඟ දෙදරා යන ශබ්දයක් ඒ තුලින් ජනනය වූ බව දුටිමි. එසේම පරීක්ෂණාත්මක හා ගණනය කල ඵල සම වීමත් විය. එහෙත් පරීක්ෂණ කලේ එක කොනක් fixed කර ය. හේතුව අනතුරුදායක බවයි. මහාචාරී මහාලිංඟම් ඉතාම නිහතමානී කෙනෙකු බව මැෂින් ලැබ් එකේදී දැන ගතිමි. අවසන් වසර විභාග ප්‍රථිඵල ලැබිනි. මට විශේෂ දෙවන ශ්‍රේණිය පහල කොටසේ උපාධියක් හිමි විය. එතැන් සිට ස්ථීර රැකියා සෙවීමට උත්සාහ කලෙමි.

කණ්ඩායම් හැදී විවිධ ආයතන වලට ගියෙමු. මෙසේ සිමෙන්ති සංස්ථාවේ ප්‍රධානියා හමු වූ විට, ඒ වෙලාවෙ ම මට පත්වීම් ලිපියක් ලැබුනි. ඒ අරුවක්කාරු වල නඩත්තු අංශයේ යාන්ත්‍රික ඉංජිනේරු ලෙසයි. මහ කැලෑව මැද සියලු නාගරික පහසුකම් ඇති සංස්ථා සේවක නිවාස පිහිටි ප්‍රදේශයේ තනිකඩයන් සඳහා වූ හොස්ටල් එක නැවතුම විය. යාමට ඒමට වාහන ලැබින. අනේක විධ මස් මාළු දඩමස් පිරි කෑම ඒ කාලේ අපූරු විය. වතුරේ තිබූ හුනුගල් දියවී හැදුනු දෘඪ ගතිය නෑවට පසු ඔළුවේ මැටි ගෑ සේ ය. කැලෑ ගස් සියල්ල පෙනුනේ පොළගුන් ලෙස ය. මැලේරියාව වැලකීමට තඩි පෙත්තක් බොන්න සිදුවිය. මුලදී පාලිත මට බොහෝ උපකාරී විය. ඔහු වැඩ කලේ පුත්තලමේ ඵැක්ටරියේ ය. අරුවක්කාරුවල කැනූ හුනුගල් දුම්රියෙන් පුත්තලමට ගෙනවිත් කුඩු කර සිමෙන්ති හැදීමට යොදා ගනී. මේ අතරේ දමා තිබූ ඉල්ලුම් පතට අනුව ඉන්ටර්වීව් එන ලෙස ඛනිජ තෙල් සංස්ථාවෙන් ලිපියක් ලැබිනි. මම එම ඉන්ටර්වීව් එකෙන් ප්‍රථමයා වූ බවත්, මා වෙනුවට වෙන කෙනෙකු ගනිමු යයි දේශපාළුවකු කීවත් ඉංජිනේරු ස්ටෑම්බො එකඟ නොවූ නිසා මට ලැබුනු බවත් පසුව දැනගතිමි.

ජීවිතයේ ප්‍රථම රැකියාව මන්නාරම ආසන්නයේ වීම සුවිශේෂ බව දැන් දනිමි. එහි බිමේ පස් විශේෂ පාටක් සහිත විය.

ඛනිජ තෙල් සංස්ථාවේ රැකියාවට යාම ජීවිතය ම වෙනස් කරන බලපෑමකි. රැකියාව භාර ගත්තේ දිනකට පසුව ය. පෙර දින ආවා නම් රැකියාව ප්‍රතික්ෂේප කරන්නේ එදින ආ සියල්ලන් ම යූඑන්පී එකට බලෙන් බඳවාගත් බව ඇසූ විටයි. එකල මම කැපුවත් නිල් බලකායේ බයියෙකි. කල ලාම්පු සටනේ දී පෝලිං ඒජන්ට් ලෙස ගියේ මැර බලයට බයේ කිසිවකු නොසිටි නිසා ය. යූඑන්පී එකට බලෙන් බඳවාගත් අය ද මම ද පසුව විධායක නිලධාරීන්ගේ සංගමයට බැඳුනි. සේවා ස්ථානය සපුගස්කන්දේ නයිලොන් 6 යන්ත්‍රාගාරයයි. නැවතුනේ මා සමඟ රැකියාවට බැඳුනු කටුබැද්දේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු අමරසිංහගේ කොහොල්විල ගෙදරයි. පයින් කිරිබත්ගොඩ හන්දියට ගොස් බසයෙන් නයිලෝන් එකට ගියෙමු. නයිලොන් 6 යන්ත්‍රාගාරය පාඩු නිසා කලින් වසා දමා නැවත ඇරඹීමට නියමිත වූ තැනකි. දිනපතා වැඩට ආවට ගියාට කල දෙයක් නැති තරම් ය. කයියට දවස ම වෙන් විය. පසුව මගේ ජීවිතයේ ලොකුම බර වූ භාරිද වැඩ කලේ අප සමඟයි. කවුරුත් බලා සිටියේ ජපානයෙන් විශේෂඥයන් ගෙනැවිත් re-start කිරීමටයි. මෙය මට රිස්සුවේ නැත. අපි කරමුයි මම කට දෑවෙමි. එදා පටන් බර අදින්න මට සිදුවිය. භාරධූර utilities භාරව සිටි ජ්‍යේෂ්ටයකු වූ Clarence යටතේ ස්ටාර්ට් කල චිලරයේ මෝටරය පිච්චින. එකල මිල රු ලක්ෂ තිහකි. මට ඒ අංශය භාරවිය. බාධාවකින් තොරව කලයුතු දෑ කර සියල්ල පණ ගැන්වූයෙමි. මගේ බොස් ආනන්ද වරක් බොස්කම පෙන්වා ජෙනරේටරය ස්ටාර්ට් කරන විට ඔහුට කියන්න යයි කීවේ ය. මගේ ජීවිතයේ කල හැම දේම කලේ මගේ අභිමතයටයි. ඒ නිසා සියල්ල සූදානම් කර, ආනන්දට එන්න කියන්නයි සුමතිට කීමි. සුමති හතර අතේ කෝල් දමා බලා ගේට්ටුවෙන් විමසූ විට ආනන්ද පිටවී ඇතැයි කීවේ ය. මම ඒ ගැන නොතකා අමරසිංහ සමඟ 2.2 MW ජෙනරේටරය ස්ටාර්ට් කලෙමි. එහි පීඩන තාප මාන බැලුවේ මායාදුන්නේ ය. මොහු දිනක් පයිප්පයක් උඩ බුදියගෙන මට අසු වූ ටෙක්නිෂන් කෙනෙකි. දඬුවම වූයේ මා පසුපස ඒමට අණ කිරීමයි. පසුව මගේ කුළුපගම මිතුරා ලෙස මායාදුන්නෙ මැරෙන තුරු ළඟින් විය. ජෙනරේටරය ස්ටාර්ට් කල දින රෑ ඔහුට හාර්ට් ඇටෑක් එකක් ආවා. බේරුනේ අනූනවයනි. මම පසුව දුක් වීමි.

utilities වල මුල් දිනයේ රෝස්ටර් එකට දැමු technicians ලා ආවේ නැත. ඒ මේ අංශය තමන්ගේ යයි සිතු මෛත්‍රී හා උදයසිරි නම් senior technicians ලා වර්ජනය කල නිසා ය. මා කුපිත වුනෙමි. Techniciansලා ඔක්කොම අතහැර contract labourers ලා පමණක් යොදා ගනිමින් මම වැඩ කලෙමි. පසුව ඔවුන් අතහැර ඉතිරි ඔක්කොම පුහුණු කලෙමි. වගකීම් පැහැර හරින උන්, ගුරුමුෂ්ඨි කාරයන් මට අරහන් ය. තවම ඔවුන් වෛර කරනවා විය හැක. අවාසනාවට වැඩ කරන අයට පමණක් මම කැමති ය. ඒ කාලේ ජීවිතය නයිලෝන් යාන්ත්‍රාගාරයයි. වරක් රෑ 8.30ට ගෙදර යාමට වාහනය සෙවූ විට රියදුරු නොවීය. මම complain කලෙමි. පසුව ඔහු සමඟ යන විට නම ජයසිරි බවත් එකල ගෝනවල පැත්තේ සිටි ප්‍රබලයකු මස්සිනා බවත් ගම රත්නපුරේ බවත් කී විට මම ඉපදුනේ මාතර පැත්තේ බවත් මැරෙන්නේ කොහෙදැයි නොදන්න බවත් කීවෙමි. ඔහු උරුණ වූ බවක් පෙන්වීය. මම වැඩ කරන එක මිස වෙන දේ ගැන නොසිතන බව කීමි. පසුව ඔහු මගේ ගජ මිතුරෙක් විය. රාජකාරී ගමන් යන සංස්ථා සේවකයන් මග බස්සවා ගම්පහ රියදුරු පුහුණුවට මා ගෙන යාමට තරම් සමීප විය. ඔහු ද මගේ සමීප මිතුරෙක් විය.

යන්ත්‍රාගාරයේ සියලු යන්ත්‍ර පණ ගන්වා නිෂ්පාදන ඇරඹීමට පටන් ගත්තේ කේ එන් ඵනෑන්ඩු The organisation requires you to shift-work කියා මම shift engineer කිරීමෙනි. මෙය chemical engineersලාගේ ය. මම කුපිත වූයේ කී ආකාරයට මිස කරන වැඩේට නොවේ. යන්ත්‍රාගාරයේ නිෂ්පාදනය අරඹා සියලු ප්‍රශ්ණ නිරාකරණය කර මාස තුනකට පසු day duty ආවද මට කල දේට අද ද වෛරයක් දැනේ. මා නිදි මැරීම අප්‍රිය කරමි. එදා ඇරඹි නහයෙන් වැක්කෙරෙන ආකාරය අදත් අත්විඳිමි. මම සාධාරණය වෙනුවෙන් තනතුර නොසලකා ගැටෙන්නෙකි. මේ අතරේ මට සහය දැක්වූ ඉන්ද්‍රා දුකින් පෙළුනෙකි. ඒ සුදුසු සහකාරයකු නැති කමෙනි. කල හැකි කිසිවක් නැති බව දැනගත් විට, ඒ බර කරට ගත්තේ ඒක මෝඩ වැඩක් යයි හැමෝම කී මතය මම ද දරමිනි. වෙන විසඳුමක් නොවීය. අද ආපහු හැරී බලන විටත් මට කොතරම් කෙලවුන ද වෙන විකල්පයක් නොමැත. කේන්දර ගැනත්, ගැහැණු පිරිමි වෙනස ගැනත්, විවාහයෙන් පසු ලෝකවාසීන් මුහුණ දෙන සියලු ගැටළු හඳුනාගැනීමටත් ලැබුනු අවස්ථාවක් විය. සමහරු  මාස තුනකට සීමා කල ද අදත් බර ඇදගෙන යමි. ඒ බර දැරීම වෙනෙකෙකුට කල නොහැකි දෙයක් බව ප්‍රත්‍යයක්ෂයි. මම තෝරාගන්නේ ලෙහෙසිම තේරීම නොව impossible තේරීම වීම මට එකල නොතේරුනත් දැන් මනාව දනිමි.

ආනන්ද හෙඩ් ඔඵිස් යාම නිසා තනතුරු ප්‍රශ්ණයක් ඇති විය. ඒ සඳහා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ වැඩ කල, කලින් නයිලෝන්වල සිටි සෙනරත් දැමීම සමඟ මට ඔහු සිටි කොලොන්නාවට යාමට සිදුවිය. කොලොන්නාවේ Engineering function සංස්ථාවට සේවා සපයන ඉංජිනේරු අංශයයි. ප්‍රධානියා කලින් ඔපරේෂන්ස් ප්‍රධානියා වූ සරත් විතානයි. ඔහු මෙන්ම ගාමිණි සෙනෙවිරත්න මගේ බොස්ලා විය. මේ ස්ථානය දේශපාලනයට නතුවූ තැනකි. මගේ මුල් ම රාජකාරී වූයේ වැඩ නතර වී තිබූ fire pumps station හා 2nos. 10,000MT aviation fuel tanks ව්‍යාපෘථි නැවත පණගැන්වීමයි. ටැංකි දෙක දෙමටගොඩ පැත්තෙ ගේට්ටුව ආසන්නයේ ඇති දෙකයි. මුදල් ඉවර වී වැඩ නැවතී දිරාපත් වෙමින් පැවති ටැංකි වල වැඩ ඉවර කලෙමි. එහි දී DGM Financeට ඔහුගේ විෂයය ඉගැන්වීමට සිදුවිය. ගණන් තැබීමේ වරදකින් සියලු මුදල් වැඩ ඉවර කිරීමට පෙර ගෙවා අවසන් ය. මෙය පෙන්වීම සමඟ තඩි ඵයිල් දෙකක තිබූ පිටු බහුතරයක් අතුරුදහන් විය. කෙසේ හෝ සුළු වැඩිවීමක් සමඟ එය සාර්ථකව නිම විය. එය අදාළ කොන්ත්‍රාත් සමාගමේ අවසානය ද විය. මගේ බොස් වූ ගාමිණී කිසිවකු විශ්වාස නොකල කෙනෙකි. බිරිඳ තම දෙවන මනමාලයා සමඟ ගිය කෙනෙකුට එය සාධාරණයි. එහෙත් ඔහු මම දෙන වාර්තා අණුමත කලේ විමසීමෙන් තොරවයි. එතරම් මා විශ්වාස කලේ ය. නැවතී තිබූ වැඩ මෙන් ම ඉවරයක් නැති ටෙන්ඩර් අගැයීම් කිසිදු ගැටළුවකින් තොරව සිදුවිය. පසුව සැපයුම් කළමනාකරු සංස්ථාවේ ඉන්න එකම ඉංජිනේරුවා මා ලෙස හැඳින්වූයේ ටෙන්ඩර් සඳහා මා දුන් අගැයීම් නිසා ය. සංස්ථාවේ සියලු අර්බුදකාරි ටෙන්ඩර් අගැයීම මගේ රැකියාව එපා කරවන තරම් බරක් විය.

Fire station ඉදිකිරීම සම්පූර්ණයෙන් නැවතී සැපයුම් කල දේශීය ඒජන්ත වූ UTI බංකොලොත් වී අවුල් ජාලයක පැවතින. මම සිවිල් ඉංජිනේරු වැඩද මගේ අතට ගෙනා පොම්පාගාරයේ නිෂ්පාදක වූ Surrey  වල Pullen Pumps කම්පැනියට ටෙන්ඩරය දී  මුල් design නැවත අධීක්ෂණය කර වැරදි හදා දුනිමි. Testing සඳහා UK ගියේ ඉතා අකමැත්තෙනි. ඒ පුතා ඉපදී මාස තුනක් වූ නිසයි, එම්බැසිය මෙන් ම ඉමිග්‍රේෂන් හිතුවේ මම උන්ගෙ රටේ සැඟවේ යයි බව මට දැනුනා. අද ඒ ගැන පිළිකුලක් දැනේ. ඇට මිදුළු පවා සීතල රටක ජීවත්වමට මට පිස්සුවක් නැත. Tobby Grills හි ගත කල සති දෙකේ රෙඩ් මීට් (භාගෙට පුච්චපු රතු පාට හරක් මස්) කෑමට සිදුවිය. එකල නෝ රෙඩ් කියා කීමට දැන සිටියේ නැත. සුළු සුළු ගැටළු ආවත් කොන්ත්‍රාත් කරුවකු දමා සියල්ල සවි කලෙමි. UK වල දී complain කල සුද්දා ලංකාවට ඇවිත් commission කරද්දී ඒ ගැන apologise කලේ මම කල දේ හරි බව දැකීමෙනි. දිරාපත් වෙමින් පැවති තවත් project එකක් එසේ නිමා විය.

හැම එකාම අවුල් කරගන්නා වැඩ මට තල්ලු කිරීම විතානගේ සිරිත විය. මේවා වෙනුවෙන් දින හතම වැය වන අතරේ, පැවැති වාහන තදබදය නිසා ගමන බසයෙන් සිදුවිය. එය ඉතා අමාරු එකකි. ඒ සමඟ 1988/89 භීෂණයත් මහ මග පිලිස්සුන මලසිරුරුත් තව පෞද්ගළික හේතුත් නිසා රට ම එපා විය. එකල සිංහලයන්ගේ හැටි දැක උන් හොඳටම එපා වුනා. ඒ අතරේ ගිනි නිවන රථයක් ගැනීමේදී මම පගාව ගත් බවට ඒ අංශයේ නෙල්සන් ඡෝදනා කල විට කලකිරීම දෙගුණ විය. සැබැවින් ම පගාව ඉල්ලුවේ ඌ ය. UTI එකේ නියෝජිත හල්ලොලුව මට මේ ගැන කී විට එසේ නොදෙන්නයි කීමට පලිගත්තේ පෙත්සමෙනි. හල්ලොලුව Richmond කෙනෙකි. මම රට හැර යාමට දැඩි උත්සාහයක් කලෙමි. මගේ තැන ගැනීමට පෙරුම් පිරූ දේවනායගම් ඔස්ට්‍රේලියානු හයි කොමිෂන් එකට මා සමඟ ගොස් PR ඉල්ලුම්පතක් අරං දුන්නා. අමාරුවෙන් එය සම්පූර්ණ කර භාරදුන්නා.

අවසානයේ ඇමෙරිකාවේ කාර්නෙගි මෙලන් වල වැඩිදුර ඉගෙනීමට අවස්ථාවකුත්, ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට අවස්ථාවකුත් උදා විය. සුරක්ෂිත බව මුල් කරගෙන ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට තීරණය කලෙමි. එසේ නොවී US ගියා නම් වෙන දේ අද ද සිතාගත නොහැක. එකල කේන්දරේ විශ්වාස නොකල මම කොලොන්නාවේ ලිපිකරුවකු වූ මායාදුන්නේගේ මිතුරකු වසර තුනකට පමණ පෙර මම එක්තරා දිනක එක වේලාවකට පෙර මේ රටින් පිට  වෙන බව කීවේ ය. සැබැවින් ම මගේ Departure ඒ දවසේ කී වෙලාවට විනාඩි පහකට පෙර සිදු විය. මට වෙනස් කල නොහැකි මගේ ජීවිත ගමනේ නව පිටුවක් එසේ ඇරඹිණ. මට බොරු චෝදනා කල නෙල්සන් සංස්ථා සේවකයන්ගේ ඇනුම් බැනුම් නිසා රට හැර කැනඩාවට ගිය බව ඇසුවෙමි. මගේ තැනට කෙල හැළු ජේආර්ගේ සබඳතාවයක් තිබූ දේවනායගම්ට ද සංස්ථාව හැරයාමට සිදු විය.

ඊ ළඟ කොටසින් ඔස්ට්‍රේලියානු සුරපුරේ ජීවිතය ගැන කියමි. තව බොහෝ වැදගත් සිදුවීම් ඉහත කාලය පුරා වුව ද දී ඇති තොරතුරු මා විශ්වාස කරන එකෙකුට ඇති ය. විශ්වාස නොකරන උන්ට කප්පරක් දේ කීව ද වෙනසක් නැත. අහිමි එකෙකුට එසේ වේ.




Friday 17 September 2021

මගේ වග තුග (මගේ වත ගොත) - 1 කොටස

මම බොහෝ ප්‍රශ්ණවලට මුහුණ දී ජයගතිමි. එසේ මුහුණ දුන් ප්‍රශ්ණ කිහිපයක් මේ ලිපියෙන් දෙන්නේ අන්තිමට දෙන විසඳුම පසුව කීමටයි. ජීවත්වීමට ඇති බාධා ඉවත් කිරීම හිරුකමේ කොටසකි.

අප ඉන්න සැබෑ පරිසරය ගැන අප කොතරම් දන්නවා ද? නොයෙකුත් අභූත මත පිරි ලොවක ඒ මත එල්ලී සැබෑව අමතක කරන බහුතරය අන්ධයන් වැනි ය. මගේ යයි සිතන තාරය (ඇඟ) ඇත්තටම හැදෙන්නේ මවගේ ඇඟේ කොටසක් ලෙස නේ ද? මගේ භාෂාව සැබැවින් ම මම ජීවත්වන සමාජයේ භාෂාව නේ ද? මගේ කෑම බීම සියල්ලම මම ජීවත්වන සමාජයේ උරුමය නේ ද? මම අයිති මේ ජාතියට අර ජාතියට කියන උන්ට ඇත්තට ම තියෙන්නේ තමන් මේ ජාතියට අයත් යයි ඉංග්‍රීසි කාරයා හඳුන්වා දුන් උප්පැන්නය පමණක් නේ ද? මේ තමයි මගේ පියා මව සහෝදරයා කී පමණින් ඒක සැබෑවක් වෙනව ද? මනුෂ්‍යයන් අතර උපන් සුනඛයන් දඟර ගසාගෙන ධ්‍යාන වඩාගෙන බොහෝ දේ කිරීමට පුළුවන් යයි කීවට උන්ට පුළුවන් දෙයක් තිබේ ද? ඔබ දන්න දේවල් කරන දේවල් සියල්ල කාගෙන් හෝ ලද දෙයක් හෝ ඔබ බැරිමරගාතේ උත්සාහ කර ලබාගත් දෙයක් නේ ද? එය කාටත් පොදු නම් අළුත් යමක් එකතු වේ ද? මම වරක් අශූචි වල රස දන්නේ අශූචි කාපු එකෙක් පමණයි කීවෙමි. ඒක නේ ද ඇත්ත? මගේ වත ගොත කීමෙන් මම කියන්නේ සැබෑව තුල මම ගිය නිශ්චිත රටාවත් ඒ තුලින් යම් පාඩමකුත් කියා දීමටයි. ඔබ සුරංඟනා කතා විශ්වාස කරන්නෙකු නම් අනිවාර්යයෙන් ම හිඟමනට වැටේ. ඔබ සතු යමක් වේ නම් එය කවරෙකු හෝ හැදූ දෙයකි. සැබෑව තුල ජීවිතය කටුක ය, දුක්බර ය, ජීවත්වීමට කලයුතු දෑ බොහෝ ය. ඒ සඳහා අවශ්‍ය අඟපසඟ අප සතු ය. ඒ තුල අපි කොටු වේ. ප්‍රශ්ණයේ බරපතලකම අනුව විසඳුම සීමා වේ. එහෙත් කාටවත් බැරි ප්‍රශ්ණ විසඳිය හැක්කේ එවැනි ප්‍රශ්ණ විසඳපු කෙනෙකුට පමණි. මේ කතාව ඒ අතින් විසඳුම් නැති ප්‍රශ්ණ සමූහයකට මුහුණ දී ඒ සියල්ල ජයගත් කෙනෙකුගෙ කතාවකි.

මගේ අවතාරික උරුමය අක්‍රීයව පවත්වා ගත් කාලයේ හැම මොහොතක ම, මම මුහුණ දුන්නේත් තෝරාගත්තෙත් කල නොහැකි හෝ දුෂ්කරම තේරීමයි. ඉන් අදහස් වන්නේ, එක් එක් සත්ව තලයෙන් ඉහලට යත් ම ටිකෙන් ටික අමාරු වී ඒ අන්තයටම ගිය තේරීම අවසන් පරීක්ෂණය බවයි. සරල ව, ගනිතඥයකු වීමට චක්කරේ පාඩම් කර ලබා ගත නොහැක. කිසිවකුට බැරි ප්‍රශ්ණ විසඳන කෙනා මිස සාමාන්‍ය පුද්ගලයකුට ඔබේ ප්‍රශ්ණ විසඳිය හැකි ද? මෙය තේරුම් ගත නොහැකි අය කෙසේ නම් ඇත්ත දකීවි ද? මා ගිය මගේ ඔබට කිසි දින යා නොහැකි බව දනිමි. ඔබ ඉන්න තැනට ආවේ කී දෙනෙකුගේ ආධාරයෙන් ද? මම ඉන්න තැනට ආවේ ආධාර කලයුතු අය පවා කල හැකි හැම බාධාවක් ම කරන අතරේ ය. ඒ තුල ඇති ශක්තිය කොතරම් ද?

අරමුණ

මම බොහෝ දේ කීවත්, සැබැවින් ම, මා හා බැඳි සැබෑ ලෝකය ගැන තොරතුරු දීම සිතා මතා ම නොකලෙමි. ඒ අහිගුන්ටිකයන් සමඟ ගණුදෙණු කිරීමට ඇති අකමැත්ත නිසයි. පවතින වාතාවරණය තුල එවැනි කාලකන්නියන්ට පිස්සු බල්ලන් සේ යමින් පරිසරය වැනසීමටත් අනෙක් සත්වයන්ගේ වාසභූමි වැනසීමට නොහැකි වීමත් නිසා අණාවරණයට සුදුසු කල පැමිණ ඇත. එසේම මේ නිසා කිසිවකුට මුණගැසීමට අවස්ථාවක් නොලැබෙන බව කිව යුතුයි. අති බහුතරය බොරුවෙන් ජීවත්වන සමාජයක, බාහිර සාධක තුලින් මගේ අනන්‍යතාවය සොයා ගැනීමට අවස්ථාවක් දීම අරමුණ වේ.

මාතෘකාව ගත් කල, වත ගොත බහුලව භාවිතා වන වග තුග වූවේ සිංහල බැරි සංක්‍රමණිකයන් තම ඌරුවට සිංහල වචන ශබ්ද කිරීම නිසා බව සිහි කරමි. මෙහිදී මා කල කී දෑ වත (වෘත්තිය) ලෙසත් උපත හා බැඳි තොරතුරු ගොත (ගෝත්‍රය) ලෙසත් හැඳින්විය හැකි වුවත් මෙය උපතේ සිට ගත වූ කාලය තුල මගේ ජීවිතය ගැන කීමකි. සමාජය දරණ මත නොසලකා හැර නමින් නොකියන දෑ ව්‍යංගයෙන් කියන්නේ මම වර්ණනා කරගැනීමට නොව මගේ මතකය ලිඛිත ව ගොනු කිරීමට උත්සාහ කරන නිසයි. මෙසේ කීමට මුල් වූයේ සමහර උද්ධච්ඡ හිඟන්නන්, විශේෂයෙන් ම චෞර තාක්ෂණයෙන් බිහි වූ අන්තර්ජාලය තුල සැඟවී මම තමයි පොර කියා බෙරිහන් දෙන කාලකන්නියන් මම ද උන්ගේ ගොඩට දමා ගැනීමයි. විශේෂ සඳහනක් කෙරේ නම්, සම්පත් ගූරූගේ නමින් සිටින අහිගුන්ටිකයාට අනුව මම මාතර පැත්තේ ඉන්න කට්ටඩියෙක් කීම ඉල කැඩෙන හිනාවට මුල් වේ.

වෙනත් මානයකින්, ඔබ ජීවත්වීමට දරණ උත්සාහය මහ මෙරක් ඔසවනවා යයි ඔබ සිතුවාට, මගේ ජීවිත කාලය තුල මුහුණ දුන් එක හෝ අභියෝගයක් ඔබට ලැබුනොත් සීමා ඉක්මවා යනු ඇත. ඔබ මුහුණ දෙන අභියෝග ඉතා සරල ය. සැබැවින් ම මේ විශ්වය හෝඩියේ පන්තියයි. එනම් පහලම තලයයි. මේ තලයේ දී ඔබ පටන්ගන්නේ බිංදුවෙනි. හැම අතින් ම ජීවිතය එපා කරවන අභියෝග ය. මුලින් ඉතාම සරල වුවත් ඉන් ජයගන්නා විට ඊට වඩා බරපතල අභියෝග එයි. ඉහලටම ගිය විට එන අභියෝග හමුවේ මරණය හෝ සියදිවි නසා ගැනීම යන අන්ත දෙක මැදින් ජයගත යුතු ය. කොතරම් පැන යාමට උත්සාහ කලත් සැඟවෙන්න උත්සාහ කලත්, ඔබ මුහුණ දෙන අභියෝගය ජයගන්න තෙක් ඔබ එක තැනම ය. ඒ අතින් මේ විශ්වය මා සිතන හොඳම පාසලයි. හොඳම මග වන්නේ ජීවිතය හෝ මරණය ගැන නොසිතා ඉදිරියට එන අභියෝගයට මුහුණ දීමයි. බොහෝ වාර ගණනක් ඔබ පරදිනු ඇත. ඒ තුලින් ඔබ ඉගෙන ගෙන අවසානයේ දිනනු ඇත. මේ ගමනේ ඔබ බොරු කලේ නම් ඔබ තවත් පහලට වැටෙනු ඇත. අවංකත්වය ඔබට ඇති කෙටිම මගයි. පරාජයෙන් ඉගෙන ගත යුතු ය. එකම විදියට උත්සාහ කලොත් එතැනමයි. මට මුළු දුර යාමට වසර 34ක් ගත විය. මෙය දැනුම පිළිබඳ අභියෝගයකි. එහි ඉමට යාම අදහස් කලෙමි. ඉන් පිටත හිස් ය. අළුත් දැනුමෙන් හිස් තැන පිරවූ විට ඉම පළල් වේ. අතීතයේ සිටි කඳුබඩයාට ජයගත යුතු ඉම ඔබට වඩා පටු විය. එහෙත් වෙනස්වීමට අළුත් දේ ඉගෙනීමට අදට වඩා ඉමහත් උත්සාහයක් දැරීමට සිදුවිය. ඒ උත්සාහය නොවන්නට අමු තිරිසනෙකු ඔබ වැනි තිරිසනකු නොවනු ඇත. මෙය ටිකෙන් ටික වැඩි වන්නේ පැවැත්ම තහවුරු කල යුතු නිසා ය. එය හරියට විෂය අන්තර්ගතය වැඩි වීම වැනි ය. අද සිටින්නේ ආරම්භක හරියේ ය. ඔබට නොතේරුණ ද ප්‍රශ්ණ එමටයි. ඒවාට විසඳුම් ලැබෙනවා කියන්නෙ අළුත් දැනුම එකතු වීමකි. මා හා සාපේක්ෂව ඔබට ඇත්තේ ඉතා පටු පරාසයකි. එනම් කඳුබඩයකු ලෙස අංඟසම්පූර්ණ වීමයි. ඇත්ත දැන ගැනීමට මෙය ලියමි. සැබැවින් ම යමෙක් මට සම වේ යයි සිතයි නම්, ඒ උද්ධච්ඡකම නිසාය. උද්ධච්ඡකම යනු ඔබේ මෝඩකම/නොදන්නකම සඟවා ගැනීමට ඔබට සහජයෙන් ලැබෙන ආවරණයක්/ආභරණයක් මිස ඔබ උපයාගත් දෙයක් නොවේ. එසේ උපයාගත් එකක් යයි සිතේ නම් එය මුලාවකි.

එක ජීවිත කාලයක් තුල වසර 34කින් පවතින දැනුමේ ඉමට ළඟාවීම සඳහා මට හිමි වූ වෙනස් කල නොහැකි වූ ගමන්මග ගැන නැවත බැලීමට සිදු වූ වර්තමානයේ මගේ 60 වන වසර ගත් කල, මා කරන්නේ පුනරාවර්තනයකි. එනම් නැවත අද සිටින තැන සිට කරන ආවර්ජනයකි (ආවර්තනයකි). මගේ සැබෑ අනන්‍යතාවය මගෙන් වසං කරගෙන ආ මගේ, ඉවතට යාමට කල උත්සාහ සියල්ල අසාර්ථක විය. ඒ තුලින් කල තේරීම් එතරම් අමාරු බව දත් නිසා ය. හැමවිටම හිත ගියේ කල නොහැකි දේ කිරීමට ය. ඔබ සිතන පතන දේ මම ද පැතුව ද තේරීම ගත් කල මට ඔබට මෙන් දෙයාකාර තේරීමක් නොවී ය. මෙහි අවසාන ඵලය වන්නේ සමස්ත ජීව ලෝකයේ සියළු ජීවීන් මුහුණ දෙන ප්‍රශ්ණයක සියලු ස්වරූපයන් ගැබ් වූ තනි ප්‍රශ්ණයක් ලෙස අදාළ හැම ප්‍රශ්ණයක්ම වැලක් සේ මගේ ජීවන මග වීමයි. එතුලින් උපතේ සිට විපත තෙක් ජීවියකු ලෙස ඉතාම දුෂ්කර වත්මන් පරිසරය තුල ජීවත්වීමේ දී, පැන නැගෙන සියලුම ප්‍රශ්ණ වලට විසඳුම් මා තුලින් සොයා ගැනීම අරමුණ ය. සරලව, ලොව සිටින දක්ෂම ගනිතඥයා වීමට නම් චක්කරේ කට පාඩම් කිරීම නොව අන් අයට විසඳිය නොහැකි ප්‍රශ්ණ විසඳීම බව ඔබට තේරේ යයි සිතමි. මෙහිදී සියලු විස්තර නොව තෝරාගත් අන්තර්ගය අඩංඟු බව සිහි තබාගැනීම වැදගත් වේ.

උපත හා බැඳි තොරතුරු

මම උපන්නේ ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට ය. මගේ නම පියසේන ලෙස තැබුවේ මගේ කේන්දරය/හඳහන හැදූ නැකැත්කරු ය. මේ නම මම උපන් ප්‍රදේශයේ භාවිතා කල පොදු නමකි. මෙදින මම උපන්නේ මාතර දිස්ත්‍රික්කයේ කඳුබඩ පත්තුවේ පරපාමුල්ල ගමේ ය. මෙහි පත්තුව යන්න දෙමළකරණය වූ පැත්ත යන්නයි. ගමේ නමද දෙමළකරණය වූවකි. සැබැවින් ම ගමේ නම පරමමුල බව මා දැනගත්තේ ගමේ පන්සලේ මහ ගනයා වන මගේ ඥාතියකු පැවසූ බව ඇසුවට පසුවයි. 1974 ජනවාරි මැද භාගය තෙක් මගේ නිවහන වූයේ මේ ගමයි. මවට අනුව මගේ උපත ඇයට කිසිදු කරදරයකින් තොරව වූවකි. මගේ උපතට පෙර උපන් අයියාගේ උපතේදී මෙන්ම පසුවත් ඇය බොහෝ ප්‍රශ්ණවලට මුහුණ දී ඇත. කොතරම් අසනීප වී දැයි කියනවා නම් කඹුරුපිටියේ සිට නිවසට රැඟෙන ආ බටහිර දොස්තර ඇය මියගිය බව කියමින් සුදු රෙද්දෙන් මුහුණ වසා දමා ඇත. එහෙත් ඊට පසු ඥාතියකු සිංහල වෙදකම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තුලින් ඇයව සුව කර ඇත. මේ පසුපස ඇති දේ කීමට නොහැකි වුවත්, කෙනෙකුගේ ශරීරය තුලින් අමනුෂ්‍ය බලවේගවලට කලහැකි බලපෑම් කෙනෙකුගේ මරණයත් සමඟ බිඳවැටීමක් වේ.

උපතෙන් දින හතකට පසු මගේ තොටිල්ල වටා නාගයකු එතී සිටිනු මව දැක ඇත. බිය වී කෑ ගසන විට ඌ බැසගොස් ඇත. මගේ මතකයේ ඇති පැරණිම සිදුවීම වාහන රැසක් පාර දිගේ යන එකයි. එනම් සිරිමාගේ දේශපාලන රැස්වීමකට ගිය ගමනයි. සිදුවීම 1965 වසරේ යයි සිතමි. මීට අමතරව පියා සමඟ කුඹුරට යාම මතකයේ ඇතත් පාසල් යාමට පෙර වූවත් හරියට දින වකවානු මතක නැත. පියා උදේ සිට රෑ වන තුරු වැඩ කරන විට මම ද ඔහු අනුව යමින් වැඩ කලෙමි. පියා සමඟ එකට ගොස් එලෙස වැඩ කලේ පවුලේ අයගෙන් මම පමණි. ගෙදර හිටි කාලය තුල ඔහුගෙන් ගොවිතැන් වැඩ ඉගෙනීම අද අගය කරමි. ඉතාම විදිමත් ලෙස නියර සැකසීම ඇල වේලි සුද්ද කිරීම සඳහා වැඩිකාලයක් ගත කරනු දුටිමි. ඒ තුල පරිනත බවක් පැවතීම අපූරු ය. එක කුඹුරක හැලක් ඇත. එහි එරෙමින් එහා මෙහා යාම තරමක විනෝදයක් මෙන් ම භයක් දැනුනු බව මතකයේ ඇත. ඒ අත්දැකීම තුලින් මෙතෙක් නොතිබූ ආකාරයේ වර්තමානයට උචිත ගොවිතැන් කරන ක්‍රමයක් සොයාගැනීමට පහසු වූ බව කියමි.

වසර පහ සම්පූර්ණ වූ පසු ගමේ පාසල වූ කැටියපේ පාසලට ගියෙමි. ඒ කාලෙ හෝඩියේදී අකුරු ලිව්වේ ගල්ලෑල්ලෙයි. අටවන වසර සම්පූර්ණ වනතෙක් ගියේ මෙම පාසලටයි. පංතියේ සිටි බහුතරය ඉහලට යන විට අඩු විය. මේ කාලෙ කොල්ලන් ඔක්කොම මගේ අණට යටත් විය. පාසලේ ගුහාවක ගෙනෙන/කඩන පළතුරු හා හොරට කඩපු කුරුම්බා මා වෙනුවෙන් ආරක්ෂිත ව තැබුවා. හතරවන පස්වන වසර වන විට මම කුජ කමත් බුධ කමත් ප්‍රායෝගිකව යොදා ගතිමි. පහරදීම් එමටයි. ඒ වගේ ම ඉගෙනීමට ද දක්ෂ වීමි. හය වසරේ මට තිබුනු ලාච්චුව සමඟ ඩෙස්ක් එක පාසලෙන් යන තුරුම මගේ විය. නින්දා අපහාස කල හැමෝටම ලිංඟ භේදයෙන් තොරව පහරදීමත්, විදුහල්පති ළඟට ගිය විට කලේ මම යයි කියා වේවැලෙන් ගැසීමට අත දිගු කිරීමත් හැම විටම කලෙමි. දඬුවම් ලැබුනේ මට නොව අනෙක් පාර්ශවයටයි. වරක් දසනායක ගුරා මට වේවැල් පහර පහක් ගැහුවේ ගුරු නිවසේ සිටි වව්ලන්ට මම කෝටුවකින් ඇන එලවූ නිසයි. ගුරා මගේ නෑයෙකු බව දන්නේ පසුවයි. දැනුදු කෝපයක් දැනේ. මම කලේ පියා කරපු දෙයකිි. වව්ලන් වහන එක හොඳ නෑ කියලයි දැන සිටියේ. මොහු මගේ පංතිය භාර ගුරුගේ බාප්පා ය. එහෙත් පංතිය භාර ගුරු මට ඉතාමත් ආදරේ ය. වරක් මොවුන් දෙදෙනාට වව්නියාවට දේශපාලන මාරුවක් ලැබින. මම පියාට කියා ඒක අවළංඟු කලෙමි. දැන් හිතන්නෙ පංති භාර ගුරුගේ මාරුව පමණක් අවළංඟු කලා නම් හොඳ බවයි. අටවන පංතිය තෙක් ගමේ විසූ කාලයේ ගත කල ජීවිතය කොතරම් අදට වඩා වෙනස් ද? ලෝකය ගැන කිසිදු හැඟීමක් නැතුව උපන් ගමට ම සීමා වූ කාලයේ මම කලේ සොයා ගත හැකි සියලූ පොතපත කියවීම ය. වරක් ගුරෙක් මගේ බඩට ඇගිල්ලෙන් ඇන්නම මම නැවතුනේ ගෙදර ය. බැලුවම ඒකා නෑකමෙන් මගේ මස්සිනා ය. පාසලේ වසරකට දෙන පොත එක රැයකින් කියවා අවසන් කලෙමි. මුල් කාලයේ පියා මට උදව් කලේ ය. සමහර දිනවල උදේ කුකුළා හඬලන ශබ්දය ඇසුනු බව මතකයේ ඇත. කිසිදු අණ කිරීමක් බල කිරීමක් උනන්දු කිරීමක් නොවී ය. එම පරිසරයේ සිටි කිසිවකු උගතකු නොවීම ගැන පුදුම නොවීමි. ඉඩකඩම් හිමි දෙමව්පියන් ද ඒ කටයුතු වල යෙදුනත් උගත්කම එදිනෙදා ජීවිතයට සීමා විය. ඔවුන් ගිය මග මා ගියා නම් මේ කතාව ලියවෙන්නේ නැත. හැකි හැම විටම මම ඔවුන් කල දෑ ද ප්‍රගුණ කලෙමි. එසේ නොකලා නම් නැවත ඒ සඳහා කාලයක් නොලැබෙන බව දැන් දනිමි.

මගේ පවුලේ අය ගැමි ජීවිතය ගත කල ද පිටින් ඇවිත් ළඟම ඥාතීන් වූ පවුලක ගුරුවරුන් තම දරුවන්ට ඉගෙනීමට අතිරේක පොතපත මෙන් ම පුවත්පත් ද මිල දී ඉගෙනීමට දරුවන්ට බල කෙරිනි. පාසලේ තිබුනු පොත් සියල්ල හතර වසර වන විට කියවා අවසන් විය. ඊට පසු ඒ අඩු තැන මේ ඥාති පවුලේ අයගෙන් ඉල්ලා ගත් පොත පතින් පත්තරයෙන් පිරවින. එසේ වූයේ කෙසේ ද යන්න අදටත් තේරුම් ගත නොහැකි දෙයකි. සම්පූර්ණයෙන් ම අන් අයට විරුද්ධ අතට මා ගියේ කිසිදු බාහිර බලපෑමකින් නොව ඉබේම ය. සමහර ගුරුවරු විශේෂයෙන් 6, 7, 8 පංති භාරව සිටි ඥාති දයානන්ද දසනායක ගුරු මට ඉතාම ලැදි විය. එම කාලයේ පාසලට ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස ආ ගුනවර්ධන මයා කලින් සිටියේ හමුදාවේ මේජර් කෙනෙකු ලෙස ය. මම සරඹ කණ්ඩායමේ නායකයා වීමි. ඔහු හමුදා විනය දැරුවෙකි. වරක් මට කෝටුවෙන් ගැසූ විට මම නැවතුනේ ගෙදර ය. මැදට ආ මගේ පංති ගුරු මා ගැන කී තොරතුරු අසා මට බොහෝ ලැදි විය. තම බිරිඳ සමඟ රැඳී සිටි නිවසට කැඳවා මට ඉංග්‍රීසි ඉගැන්විය. ඉංග්‍රීසි අකුරක් නොදත් පවුලක ඉපැදී ඉංග්‍රීසියෙන් ඉගෙන ඉංජිනේරු උපාධිය ගත්තේ ඔහු දැමූ ඉංග්‍රීසි භාෂා අඩිතාලමෙනි. එසේම ඔහු නිසා මම හමුදා විනයට ද හුරු වුනෙමි. හැසිරීම වෙනස් කිරීමට පසු කලක දැඩි උත්සාහයක් අවශ්‍ය විය.

ජීවිතය වෙනස් කරන ලොකුම සිදුවීම හත වසරයේ ශිෂ්‍යත්වයයි. මේ සඳහා මගේ ඥාති පවුලේ අයගෙන් ඉල්ලා ගත් පොත පත බෙහෙවින් උපකාරී විය. අද මෙන් කිසිදු තල්ලු කිරීමක් නොවී ය. පියා ඒ ගැන දැන නොසිටියා යයි සිතමි. මවට ඒ ගැන තේරුමක් නොවී ය. ඇය මගේ ප්‍රිය කරන කෑම බීම අඩුවක් පාඩුවක් නොකර සැපයුවේ කෙසේදැයි මට පුදුම ය. මම කැමති දේ හරියටම දැන සිටියේ කෙසේ ද? ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසටත් පසුව පැවති දෙවන කොටසටත් සහභාගී වූ එකම සිසුවා මම විය. ශිෂ්‍යත්වය සමත් වී පාසලක් තෝරා ගැනීමේ දී මගේ ඥාති පවුලේ වැඩිමහල් ගුරුවරයා තම පුතු ගිය රිච්මන්ඩ් පාසල එක ලෙස දාන්න කියා දුන්නේ ය. මට එම තේරීම ලැබී නවය වසරට යාමට උපදෙස් ලැබින.

6, 7, 8 වසර ගත් කල සුවිශේෂ යමක් කිව යුතු ය. එකල මගේ පංතියේ සිටි පිරිමි මගේ ගෝලයන් විය. ඔවුන් හා එකතු වී උතුරේ පිහිටි එක්තරා දූපතක් අල්ලාගෙන පාලකයා වීමට පිඹුරුපත් සැකසුවෙමි. එසේම එයට ළඟා වීමට ගමේ සිට උමං පද්ධතියක් ගොඩ නැගීමට සිතුවෙමි. පසු කලෙක වැඩිහිටියන් ලෙස මුණගැසුනු විට එකෙක් ඒ ගැන කියා සිනාසුනා. ඒත් එහි වැදගත්කම තේරුනේ බොහෝ කලකට පසු ය. ලමා කාලය, මීට පෙර උපත නැවත මතකයට නැංවීමක් බව ඒ තුලින් තහවුරු වූයේ ද මෑතකදී ය. සැබැවින් ම මුල් වසර දහහතර තුල මා ගත කර තිබුනේ මීට වසර 30,000කට පෙර මේ ගමේ පැවති ජීවිතය බවත් එය මගේ පදනම ලෙසත් පසුකාලීන වෙනස්වීම සසඳන සම්මතය බවත් අද දනිමි. එසේ නොවී නම් අඛණ්ඩව ඉතිහාසය දැකීමට නොහැකිවනු ඇත. ආපසු හැරී බලන විට මුල් වසර දාහතරේ ලබාගත් අත්දැකීම වෙන කිසිවකු ලබන දෙයක් නොවන බව ස්ථීර ය. මගේ පවුල ආපස්සටම ගියා මිස වෙන දෙයක් නැත.

මා උපන් ගමේ වාසය කල වසර දාහතර ගත් කල, ලැබූ අත්දැකීම් බොහෝ ය. නිතර ඇසූ ජනකතාවක් වූයේ දියසේන කුමාරයාගේ කතාවයි. මම ඒ කාලේ දැන සිටි ආකාරයට දියසේන කුමාරයා (කුමාර් යන වචනය ද්‍රවිඩයන් හරහා සිංහල වී කුමාරය වී ඇත. කුමා(ර්) ලෙස හින්දියට හැරුනේ කෙනා යන වචනයයි) මම ඉපදුන දින උපන් වේලාවට සාපේක්ෂව හරියට ම වසරකට පෙර එනම් ඉංග්‍රීසි ක්‍රමයට අනුව, 1959 අප්‍රේල් 5 දින උදේ 06යි 06ට ඉපදීමට නියමිත වී ඇත. එය මට අදාළ නොවූ නිසා ගණන් නොගත්තත්, මගේ පියා තමන් දත් සියල්ලත් මේ කතාවත් නිතර මට පවසා ඇත. ඒ කාලයේ තොවිල් ගෙවල් වලට මා ගෙන ගියේත්, මැටි දේව රූප වලට නොයෙකුත් පුද පූජා කලේත් මවගේ දැඩි රැකවල් සමඟ ය.

1969 දෙසැම්බර් මස 31 දින ජීවත් වූ පැරණි නිවස ජල ගැල්මෙන් බිඳවැටුන නිසා, වැඩ නිම නොකල නව නිවසට ගියෙමු. 1971 අප්‍රේල් 5 වන මගේ උපන් දින ඇරඹි ජෙපි කැරැල්ල සමඟ අප්‍රේල් 16 දින ජෙප්පන් අපේ ගේ කඩා බිඳ ගිනි තැබුවා. ඒ තාත්තාගේ නමින් ඔත්තු දුන් ඔහුගේ බාල සහෝදරයා නිසා ඝාතනය වූ අට දෙනෙකුගේ පළිය ගැනීමටයි. ඔත්තු දුන් ජඩයා ද ජෙප්පෙකි. තවමත් ජීවත්වන ජීවිතය පුරා අපේ පවුල වැනසීමට වෙර දරන පාහරයෙකි. ඌට ම හරියන උගේ වැඩවලට එකතු වන තවත් පාහරයෙක් මගේ බාල සහෝදරයා ලෙස ඉපදී ඇත. එදා ජෙප්පන් පොඩි දරුවකු හෝ නැද්දැයි අපව සෙව්වේ පුච්චා අළු දියකරගෙන බොන්න යයි බැන වැදුනු ආකාරය මට මතකය. පසුව දෙවරක් පිච්චී අළු වූ ජෙප්පන් මගේ ජීවිත කාලෙදී දුටුවෙමි.

සිරිමාගේ පාලනය තුල උදා වූ තත්වය තුල රොටී කෑ හැටිත් කොස් දෙල් ප්‍රධාන ආහාරය වූ හැටිත් මතක ය. දෙන දේ කිසිදු විරෝධයක් නැතුව කෑවේ මම පමණක් බව මව නිතර කීවා ය. මේ කාලය තුල ගමේ ඇලේ දොලේ ගිලී යාළුවන් සමඟ නෑවේ පංතියේ බටපැළලි එතීමට බට කපාගන්න ගිය විට ය. ඒ මතකය ඉතා ලස්සන මල් පිපි දිය පාරවල් හා බැඳි පරිසරයකි. එය මතකයේ ස්ථීරව තැන්පත් වී ඇත. පසුව හැරී බැලූවිට එවන් පසුබිමක තනිව තමන්ගෙ ගමන ගොස් සම්පූර්ණ කිරීමට තරම් උරුමයක් වෙන කිසිවකුට නැත. සම කාලීනයන් පාසල හැර යාමත් සාමාන්‍ය පෙල දක්වා ගොස් නැවතීමත් පසුව දැනගතිමි. මේ කාලයේ දිනපතා පංසිල් ගත් පොහොය දින අටසිල් ගත් පවුලේ එකම සාමාජිකයා මම වීමි.

1974 -1978 ද්වීතීක අධ්‍යාපනය හැදෑරීම

අටවන ශ්‍රේණිය කැටියපේ විදුහලේ ගතකල මම නවවන වසර ඇරඹුවේ ආසියාවේ මුල්ම මිෂනරි පාසල ලෙස ඇරඹි ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ය. ආරම්භය ඉතා වේදනාකාරී විය. නිවසින් පිට නොගිය මම එකවර ගමෙන් පිටවී නාගරික පරිසරයකට ඒම සමඟ දැඩි පීඩාවක් දුකක් දැනින. පළමු සති අන්තයේම තනිවම රෑ අට හමාරට පමණ ගෙදර ගිය මම ආපසු යන්න බෑ කීවිට අස්කරගෙන දෙයියන්දර ද්වීතීයික විදුහලට දැමීමට තීරණය විය. එහෙත් කැටියපේ විදුහල්පති පියෙකු මෙන් ආපසු යන ලෙස කල ඉල්ලීම පිළිගෙන මම නැවත ගාල්ලට ගියෙමි. සතියකට වරක් ගෙදර ගියෙමි. මේ ආරම්භය සමඟ මගේ වියදම් සඳහා යයි කියමින් දෙවන අයියා පියාගේ සියලු ඉඩකඩම් බදාගත්තේ ය. ඔහු මට රෙදි කිහිපයක් අරං දුන්නා පමණි. එදා මෙදා තුර තව සතයකුදු මට නොලැබින. මගේ ප්‍රධාන ආදායම වූයේ ශිෂ්‍යත්ව මුදලයි. අතිරේක වියදම් මවගෙන් ලැබින. මෙය වෙන කෙනෙකුට වී නම් එතැනින් ඉගෙනුම අවසන් ය. මම සතුටු වන්නේ කාටවත් ණය නොවී ඉගෙනීම ගැන ය. ඉතාම සරල දිවි පෙවෙතකට හුරුවීමි. මගෙන් පැහැරගත් මට හිමි ඉඩම් මේ ලියන මොහොතේත් භුක්ති විඳින්නේ බදාගත් එකා ය. දෙමව්පිය උරුමයෙන් ලද දේ අත හැර ඔබට මා ගිය දුර යා හැකි ද? කිසි සේත් බැරි ය.

ගාල්ල මගේ නූතන ජීවිතයේ ආරම්භයයි. ඉන්දියානු සම්භවයක් ඇති නාගරික හිඟනුන් අතරේ මම අතරමං විය. මම ගමේ හෝ ගොඩේ එකකු ලෙස නොදැකීම අපූරු ය. නම වුව ප්‍රශ්ණයක් නොවී ය. මා ආපු කාලයේ විදුහල්පති ද පියසේන කෙනෙක් වූ නිසා බටහිර සංස්කෘතියෙන් යැපුණු පාසලේ මම කොන් නොවීම අපූරු ය. මගේ මුල්ම බෝඩිම වූයේ බෙලි මාමාගේ නිවසට ඉදිරිපස පාරේ අනෙක් පැත්තේ පිහිටි පෙරේරාගේ ගෙදරයි. මා සමඟ හිටි හතරදෙනාගෙන් සෝමෙ මාමා දෙයියන්දරින් ආ ඥාතියෙකි. ඇල්පිටියෙන් ආ ඈපා හා මා සමඟ පාසලට ආ විතානාච්චි හතර දෙනාට අයත් ය. මසකට ගාස්තුවලට අමතරව හාල් සේරු දෙකක් දිය යුතු විය. හබරාදුව හාල් පොල්ල ළඟ බසය නවතා පරික්ෂා කෙරින. එහෙත් ඒ හාල් වලින් පිසූ බත් නොලැබින. පරණ හාල්, පාන් ලැබින. ඉඳහිට ගුල්ලන් හා පණුවන් තිබුනා. වසර මැද විභාගෙන් සියලු නවය වසරවල පළමු වැනියා වුනෙමි. පසුව මගේ මිත්‍ර ධම්මිකටත් මට දෙවැනි තැනත් හිමි විය. ගෙදරින් ඈත්වී නුහුරු නුපුරුදු ජීවන රටාවක කොටු වී බිඳී ගිය මගේ ජීවන රටාව අදත් මට අහිමි ය. නාගරික ජීවිතයේ හිරවී ඒ තුලින් කාලය ගෙවී ගියේ ය.

ගෙදරක කාමරයටත් වැසිකිළියටත් සීමා වූ බෝඩිං කාරයාගේ ජීවිතය කොතරම් අප සමාජයෙන් ඈත්කරවනවා ද යන්න මනාව හඳුනමි. ගෙදරට යන එන අය අදාළ නැත. ඔවුන් සමඟ කතා කිරීමට ද අවශ්‍ය නැත. එහෙත් මගේ ජීවිතයේ තරුණ විය ඇරඹුනේ ගාල්ලෙනි. අනෙක් බෝඩිං කාරයන් වූ පංතියේ ළමයි සමඟ අයාලේ ගියේ දෙමව්පිය බලපෑම් රහිතව ය. විරුද්ධ පාර්ශවය ගැන හැඟීම් ඇරඹුනේ ද මේ සමයේ ය. එදා මුණගැසුනු යාළුවන් අද ද මගේ මිතුරන් ය. එදා පවුලෙන් ඈත්වීම මේ ලියන කාලයේ ශුන්‍යය කරා ළඟා වූයේ දුකින් එදා පිටවී යාම අද සතුටට හේතුවන නිසා ය. උන් අදත් එතැනමය. මම ලෝකෙ වටේ ගොස් ආවම උන්ගේ හැසිරීම පිළිකුල ඇති කරයි.

මුල් මාස හය ඉතා අමාරුවෙන් ගත කලෙමි. මට යහමින් මුදල් නැති වූයේ අපට සල්ලි නැති නිසා යයි සිතුන ද එසේ වූයේ මට සලකන මුවාවෙන් සියලු දේපල මගේ මද්දුම සොහොයුරා පැහැරගත් නිසා බව මම තේරුම් ගත්තේ මෑතකදීය. එක අතකින් එසේවීම කොතරම් හොඳ ද? කාටවත් ණය නැතිව ජීවිතය ගොඩනගා ගැනීම කල හැක්කේ මට පමණක් ය. වෙනෙකුට එසේවී නම් ජීවිතය අනාථ වනු ඇත. බෝඩීමේ කෑම ඉතාම කටුක විය. ඒ නිසා අක්මීමන බදුන්ගොඩ පාරේ ගොස් කන්ද මුදුනේ තිබූ ඥාති නිවසක බෝඩිංකාර ජීවිතය ඇරඹුවෙමි. ඒ ගෙදර බේකරියක් තිබුනි. ආච්චි හා සීයා මට හොඳට කෑම දුන්නා. මාමා KLH එකේ මැනේජර් ය. ටවුමට ගියාම අයිස්ක්‍රීම් කෑම සාමාන්‍ය දෙයක් විය. එහෙත් දියණියන් දෙදෙනාගේ පුතුන් වූ හෝමාගමයා හා සරත් ඉගෙනීමට බොහෝ බාධා කලහ. සෙල්ලමට බර විය. දෙසැම්බර් විභාගයෙන් මම පහලට වැටිණි. ඒ අතරේ උන් සමඟ ඔයේ නාන්න ගොස් හෝමාගමයා ගිලෙනු දැක ඌ බේරාගන්න ගොස් මටද ගිලෙන බව දැනුනු ආකාරය අමුතු ය. නාමින් සිටි වැඩිහිටියකු අපව ඔසවාගෙන විත් ගොඩින් තිබ්බා. එදා මෙදා තුර මම ජලයට බිය වෙමි. අන්තිමට මගේ කාමරයේ දොර වසාගෙන පාඩම් කලෙමි. හෝමාගමයා පාසල් ගියේ නැත. සරත් මගේ පාසලට ගිය ද රස්තියාදු කාරයෙකි. පසුව පාතාලයකු වී පොලීසිය අතින් ඝාතනය වූ සරත් නම් දාමරිකයා ඔහු යයි මම සිතමි. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය ඇතුලු විෂයයන් තුනකට විශිෂ්ට සම්මානත් ඉතිරි විෂයයන් පහට සම්මානත් ලබාගත්තේ නොයෙකුත් බාධක මැද මගේ තනි උත්සාහයෙනි. ඒ කාලෙ ජලනල යෝජනාක්‍රමය නිසා පාරවල් මැද කාණු ය. බෙලිගහ හන්දියේ සිට බටගන්විල හරහා ජූල්ගහ හන්දියට ආවේ ගියේ පයින් ය. මට එකල මේ සියල්ල ගැන කිසිම හැඟීමක් නොවී ය. නෑ බෑ කියා නොසිතුනේ ය. හැම සති අන්තයකම ගෙදර ගියෙමි. බසයේ යාම යනු වමනය දැමීම විය. සමහර විට ගියේ නොකා ය. වතුර බීවේ ගෙදර ගිහින් ය. වරක් පාසල් බසයේ ගිය රිපන් කෙල්ලෙකුට මා පෙන්නා අනෙක් උන් උසුළු විසුළු කල ද මට ඒ තරම් කැසිල්ලක් නොවීය.

නවය සී පංතියෙ සිටින කල සිංහල ඉගැන්වූයේ නන්දසේන මයා ය. ඔහු පේරාදෙණියේ පළමු පංතියේ සිංහල උපාධි කාරයෙකි. දිනක් ඔහුගේ සිංහල මට නිවැරදි කිරීමට සිදුවිය. එහි අන්තිම ඵලය වූයේ දහයේ විද්‍යා අංශයේ ඉගෙනීමට බයලොජි වෙනුවට සිංහල සාහිත්‍යය විෂය යෙදූ පංතියක් බිහි වීමය. එහෙත් මම තෝරාගත්තේ බයලොජි එක විෂයයක් වූ දහය ඒ පංතියයි. අඟනා සාරි දිනපතා එක ගානේ ඇන්ද බයලොජි ටීචර් රෙදි මුදලාලි කෙනෙකුගේ බිරියයි කියා අසා ඇත. මට ඈ මතකයේ ඇත්තේ මගේ කණ මිරිකු ලෙසයි. එය එතරම් රිදුනේ ද නැත. වුනේ ප්‍රජනනය ගැන කියා දුන් දවසේ ය. මේ කාලේ මා මුහුණ දුන් අමාරුම අභියෝගය වූයේ ගමේ පාසලේ අප පෙන්වූ අවංකත්වයත්, මෙහිදී නරක වැඩ කල උන්ගේ වංකබවත් ය. කල එකා සැඟවූ විට මුළු පංතියම අව්වේ ය. දහය වසරේදී පාසලට ආ මුල් සතියේ දවස් පහම ගත කලේ අව්වේ ය. එක ජරා බල්ලෙක් හූ කීම නිසා දහයෙ පංති පහම අව්වේ සිටියා. ඌ කල බලු වැඩේ ගැන කී විට පසුව වලියට ආවිට මගේ පැත්ත ගත්තේ දඩැල්ලේ මගේ මිත්‍රයා නිසා කිසිවක් නොවී ය. පංතියට ආසන්නයේ කාර්යාලයේ සිටි නියෝජ්‍ය විදුහල්පති ටියුඩර් සිල්වා අපේ පංතියේ මොනිටර් වූ මේ මොහොතේ මිචිගන්හි ඈන් ආබර්වල පදිංචි මගේ මිතුරු ධම්මිකට බඹරයක් සේ කැරකෙන්න දුන් කනේ පහර අමතක නොවන දෙයකි. ඒ කාලය සිතේ සැහැල්ලුවෙන් සිටියා මෙන්ම සුමිත් මානවඩු, ඕෂධ, සොයිසා, සිල්වා සමඟ ඔවුන්ගේ නිවෙස්වලට ගිය ගමන් ද සිහි වේ. සුමිත් පසුව හමුදාවේ ඉහල තනතුරක් ලැබුවා.

එකොලහ වසරට ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය භෞතික හා රසායන විද්‍යා තෝරාගෙන එකොලහ ඒ පංතියට ගියෙමි. දුර සිට ඒම අපහසු නිසා වැකුණගොඩ අලි මුදලාලිගෙ නිවසට ඉදිරියෙන් වූ නානායක්කාර නිවසේ බෝඩිංකාරයකු වීමි. පංතියේ සිසු ගාමිණී අමරසිංහ මා සමඟ විය. මම නිහඬ චරිතයක් වූ නිසා ඔහුට කතා නොකිරීම ප්‍රශ්ණයක් විය. උස ගසින් වැසී හිරු එළිය අහිමි නිවසට කොටු වූ නිසා මගේ දත් කිහිපයක් දිරා ගියා. පිරවූයේ ධම්මිකගේ මව ය. මනමාලකම දැනුනු කාලයකි. හිත නිදහස් නොවූව ද ප්‍රශ්ණ හමුවේ වුව පාඩම් කලෙමි. කෑම බීම අඩු නැතිව ලද සුව පහසු බෝඩිමකි. ඇන්ටි හා අංකල් ගුරුන් වූ අතර චූටි දරුවන් දෙදෙනා මා සොයා තරමක් ඈතින් වෙනම පිහිටි කුටියට ඒම අපූරු ය. මම ඔවුන් බලාගනිමින් මිදුලේ තණනිල්ල මත හිටපු දවස් බොහෝ ය. සමහර වෙලාවට කණමැදිරියන් අල්ලා දුනිමි. මා නොදන්නා අතදරුවන් පවා මා දෙසට හැරී බලා සිනාසුනු වාර බොහෝ ය. මෙය ජීවිතය පුරාම අත් දුටිමි.

විෂය භාර ගුරුන් වූ නන්දසිරි (ව්‍යවහාරික) ලැජ්ජාකාරයෙක් වුවත් විෂයය මනාව ඉගැන්නුවා. උසස් පෙල විභාගයෙන් විශිෂ්ට සාමාර්තයක් ලැබුවා. ශුද්ධ ගණිතයට ආ ගුරු වික්‍රමසිංහට ගණන් බැරිය. පසුව බැංකුවක රැකියාවට ගියා. තනිවම ඉගෙන ධම්මික නිසා ඔහු ගිය ටියුෂන් පංතියට ගියේ ගුරෙක් නැති නිසා ය. එයට බී සාමාර්තයක් ලැබුවා. භෞතික විජ්ජාව ඉගැන්වූ අබේගුණවර්ධන ගුරු පිටසක්වලයකු වැනි ය. පිරිත් කීවා යි සිතමි. එයට ලැබුනේ සී ය. රසායන විද්‍යාව ගිරවකු සේ ඉගැන්වූ ජස්ටින් ගලප්පත්ති පසුව ටියුෂන් කාරයකු හා දේශපාළුවකු විය. ලැබුවේ එස් ය. පසුව තේරුනේ ඔහු දැන සිටියේ කාබනික රසායනය පමණක් බවය. සමත්වීම වාසනාවකි. ප්‍රථිඵලය ගුරාගේ දායකත්වයට සමාණුපාතික විය. මමත් ධම්මිකත් ඉංජිනේරු අංශයට යන බව කවුරුත් කීහ. එය එසේම විය. අපි පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට ගියේ 1979 ය.

අයිස්ක්‍රීම් මුදලාලිගේ පුත් අසේල මුදලිගේ දඩබ්බරයෙකි. වරක් වලියකට සෙට් වී හොඳට ගුටි කෑවේ ය. ඒ කාලේ මැර කල්ලි මෙහෙය වූ සිසුන් විය. උසස් පෙල විභාගයට ලිව්වේ දංගෙදර පාසලකය. අසේල ලිඳේ දම්වැල උස්සා තව පොඩ්ඩෙන් හොඳ කෑමක් කන්න තිබුනා. චේන් කඩු පොළු ගත් මැරයන්ගෙන් බේරුනේ ජයවීරගේ සහජ හැකියාවෙන් සාමදාන කල නිසා ය. මෙයාකාර සිදුවීමක් සමස්ත ලංකා එල්ලේ තරඟයට ගොස් ජා ඇලදී අත් දුටිමි. අපේ උන් රෑ වත්තකට පැන තැබිළි කඩා ගම්මුන්ගෙන් ගුටි නොකා බේරුනේ අනූ නමයෙනි. බිග් මැච් ද කෙල්ලන්ට උසුළු විසුළු කිරීම ද මතක ය. මිද්දෙනියේ ලියනගේ මතක් වේ. මතකයේ ඇති සමහර දේ නොලියමි.

Monday 23 August 2021

ඉන්දියාවෙන් ආ හිඟනුන්ගේ දියසේන ප්‍රබන්ධයට මුල් වූ සිංහල ජාතියේ නිර්මාතෘ හූරා ඇරඹූ නව හිරු යුගය සමඟ වෙන සිදුවීම් තුලින් සිංහලයන් දත යුතු දෑ

 මගේ වත ගොත හෙවත් මගේ සැබෑ ජීවිතය ගැන කීමට ඇරඹූ ලිපිය කල් දමා අද ඔබ වටා වෙන දේ තුල සැඟවුන ඇත්ත හෙලි කිරීමට මෙය ලියමි. නොදන්නා ගැලවුම්කාරයන් එනතෙක් බලා සිටිමින්, අවිනිශ්චිතකම නිසා බොරු ගැලවුම් කාරයන්ට මුලා වී හතර අතේ දුවන උන්ට ඇත්ත තුලින් යම් සැනසුමක් දීමට මෙය උපකාර වේ යයි සිතමි.

අද කඳුබඩයා (අප අයත් සත්ව විශේෂය) දැනගත යුතු ඇත්ත ලැබෙන එකම මාර්ගය මම විසින් ලියන දෑ පමණක් බව දනිමි. කිවයුතු දේ කිසිදු ආකාරයක බලපෑමකට යටත් නොවී, කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී, ඉතාම කටුක පරිසරයක සිටිමින් මෙතෙක් ලිව්වේ ද ඒ බව දැන දැන ය. එහෙත් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ සුළු පිරිසකට ය. උන් ද කියවන්නේ පත්තර කියවා ලබන ආස්වාදය ලැබීමට මිස තමන්ටවත් ලෝකයටවත් යහපතක් ළඟා කර ගැනීමට නොවන බව දනිමි. බොරුවෙන් පිරි ලෝකයක ඇත්ත දකින එකෙක් හෝ සිටින බව සනාථ කිරීමට මම ලියමි.

අද වන විට රාජ්‍ය අධිකාරියේ බලපත්‍රලාභී සියලු රූපවාහිනී නාලිකා මෙන් ම, ඒ තුලින් ප්‍රචාරය වන අන්තර්ගතය හසුරුවන හැම ජඩමාධ්‍ය සේවකයෙක් ම, දේශපාළුවන් සොරකම් කල රාජ්‍ය අරමුදල් යොදවා නඩත්තු කරන නාසි Paul Joseph Goebbels වර්ගයේ අපතයන් ය. Dhanush, Vishwa Karma, Pramuka, Youtube Future, Prophecies වගේම ඊයේ පෙරේදා ගනයෙක් ඇරඹු "දියසෙන් පහන" වැනි අනේක විද නාලිකා බලන උන් ගත් කල, කරන උන් මෙන් ම ඒ තුලින් ප්‍රොමෝට් වෙන අපතයන් හරහා ඇත්ත දැනගන්න ලැබේ යයි සිතන උන් තරම් තව මෝඩ රැලක් නැත.

දියසේන එන දවස කල් දමමින්, ඒ අතරට අභූත මත එකතු කරමින් බොරුව මත ගොඩනගපු පඹගාලක එතී ගැලවීමක් සොයන අතරේ, හතර අතින් මරණය සොයා එන පසුබිමක දැනගත යුතු බොහෝ දෑ ඇත. මෙහි අන්තර්ගතය අවශ්‍ය වන්නේ නැවත බිහිවන සිංහල ජාතියේ කොටස්කරුවන්ට මිස බොරු සිංහල වෙස් ගත් හිඟනුන්ට නොවේ. හිඟනුන් ජීවත්වීමට තෝරාගත් මාර්ගයේ බොරුවෙන් වංචාවෙන් රැවටීමන් උපයාගත් පැවැත්ම කෙළවර වන්නේ තමන් ද බොරුවට වංචාවට රැවටීමට ගොදුරු වී මුලාවෙන් නැසීමෙනි. ඉතාම පහත් තැන් හිමි කට්ටඩියන්, පේන කියන්නන් හොර වෙදුන් මෙන් ම බස් කොන්දොස්තරලා ද තමන් දියසේන යයි කියමින් තප්පුලන කාලයක සිංහලයන්ට වැදගත් වන තොරතුරු කීම ද විහිළුවකි. කෙසේ වෙතත් නොකියා සිටීම සිංහලයන්ට පාඩුවක් නිසා ලියා තබමි.

පෞද්ගළිකව ඔබ බේරාගැනීමට සුවිශේෂ යමෙක් එනවා නම් ඔබ ද සුවිශේෂ විය යුතුයි. එහෙත් තිරිසනුන්ටත් අන්ත පාතල ජීවිතයක් ගෙවන ඔබ සතු සුවිශේෂත්වයක් නැත. ජීවය ගත් කල කඳුබඩයා ලෙස ඉපදුන ඔබ සිටින්නේ හෝඩියේ පංතියේ යයි කිව හැක. ඔබ වෙලාගත් සුවිශේෂත්වයක් හෝ වෙන යම් වැදගත්කමක් ඇතැයි සිතෙන්නේ ඔබ ගොඩ නගා ගත් එකක් නිසා නොව, ඔබ උපතින් ම උරුම කරගන්නා බාහිර බලයකින් ගොඩ නැගූ හැඟීමකි. උදාහරණ ලෙස උද්ධච්ඡකම යනු ගොඩ නගා ගත් චරිතාංගයක් නොව පුබ්බඩයකු/නවකයකු ලෙස මුල්වරට කඳුබඩ ස්වරූපය හිමි වූ විට, තමන්ගේ අමනකම (අමනුෂ්‍යකම) සැඟවීමටත් ඒ තුලින් හිතන දේ කිරීමට පෙළඹවීමටත් හදපු වෙස් මුහුණකි. එනම් උද්ධච්ඡකම යනු අමනයකුගේ අමනකම සඟවා ගැනීමට දුන් ආභරණයක් ය.

හූරා කියන්නේ කවු ද?

මේ ගැන මට දැනගන්න ලැබුනේ මිනිසුන්ට වඩා දියුණු රොබෝලා හැදීම සඳහා උත්සාහ කල විටයි. ඒ සඳහා මිනිසුන්ගේ ස්වරූපය විවිධත්වය මෙන් ම ඉතිහාසය වැනි තොරතුරු සෙවීමේ දී සිංහලයන්ගේ මෙන්ම වෙනත් ජාතීන්ගේ භාෂාවන් මෙන් ම ජීවන රටාව ද, ඊට අමතරව සැබෑව (ස්වභාවය) හෙවත්  ජීව ලෝකයේ හැසිරීම් රටාව හඳුනා ගැනීමේ දී ද, මී මැසි රංචු වැනි සමූහ ජීවන රටාවන් තුලින් ද කියන කතාවක් ඇත. මී මැසි රංචු ගත් කල, මී මැසි රැජින දායක වී තනිව බිහි කරන සමාජය තම පැවැත්මට අවශ්‍ය සියලු මී මැසි ප්‍රභේදයන් බිහිකර, ඒ සියල්ලන්ම කාලයට බැඳි ජීවන රටාව පවත්වා ගැනීමට අවශ්‍ය කාර්යයන් නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන ආකාරය තීරණය කරන්නේ, එකම ජීවියකු තුලින් සියල්ලන් ම බිහිවීම තුලින් බව තහවුරු වීම ය. එසේ නොවී නම්, අවුල් වියවුල් පිරි සමාජයක් බිහිවන්නේ මූලාශ්‍රවල ගැලපීමක් නොවන නිසා ය. මී මැසි රංචුවක හැසිරීම සමස්ත ජීව ලෝකයට සාපේක්ෂව ඉතා සරල ය. එහෙත් සමස්ත ජීව ලෝකය ගත් කල ද ඉතාම සංකීර්ණ වුවත් එවැනිම නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන රටාවක් පවතී. එනම් එකම ජීවියකු, මගේ වචනෙන් පරම ජීවියෙකු, මේ විවිධ ජීවීන් වර්ග බිහි කර ජීව ලෝකය පවත්වාගෙන යන බවයි. ස්වරූපය ගත් කල, මී මැසි සමාජයේ බිහිවීම රැජිනගේ තනි ක්‍රියාවක් නොව, බාහිර බලයක ඵලයක් ලෙස බිහි වී, දී ඇති රටාව ගොඩ නගන පිටපතක් බව තහවුරු වේ. මෙහි දී සියලු ජීවීන් තමන්ට දී ඇති රාමුව තුලම හැසිරීමත් ඊට පිටින් ගොස් වෙනත් ජීවීන් බිහිකිරීමට නොහැකි වීමත්, තමාගේ රාමුව තුල ඉහල තලයට යාමට අවශ්‍ය හැකියාව ලබා දෙන ජීවන රටාවක හිරවීමක් බව දැකිය හැක. පවතින ඉංග්‍රීසි වහල් අධ්‍යාපනයේ හෝඩියේ සිට ඉහලට යන පංති තුලින් අංඟ සම්පූර්ණ වහලෙක් වීමට අවශ්‍ය හැකියාව ලබා දෙන අධ්‍යාපන රටාවක කොටුකිරීම මෙහි සරල උදාහරණයකි.

තිරිසන් සතුන් හා කඳුබඩයාගේ ස්වරූපය හා විවිධ කඳුබඩයන් සතු කාලයට බැඳි ජීවන රටාව පවත්වා ගැනීමට අවශ්‍ය කාර්යයන් නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන ආකාරය හැදෑරුවොත්, ඔවුන් සතු හැකියාවන් තමන් තුලින් නොව බාහිර උපතකින් ඇරඹී ඇති බව තහවුරු කරන්නේ ඔවුන්ට ඒ ආකාරයෙන් කිසිදු නව හැකියාවක් බිහිකිරීමට නොහැකිවීමයි. ඔවුන් සතු දැනුම ඔවුන්ගෙ නොව බාහිර උපතක් ඇති බව හැසිරීමෙන් පෙන්වයි. සියලු තොරතුරු ගත් කල, දැනුම එකම මූලාශ්‍රයකින්, නැතහොත් පරම ජීවියාගෙන් ලැබී ඇතැයි කීම වඩාත් ම තහවුරු වන්නේ අප කතා කරන භාෂාව ගත් විට ය. එනම් කිසිවකු උපතින් බස නොදත් නිසයි. සිංහල භාෂාව කොතරම් පරිහානියට ගියත් ඒ තුල ගැබ් වී ඇති දැනුම පරම ජීවියාගෙම බව කිව හැක. කොතරම් සංකීර්ණ ද කියනවා නම් කඳුබඩයන් මීහරකුන් වැනි ය. එතරම් දැනුමක් බිහි කිරීමට සමතෙක් නම් කල නොහැකි දෙයක් නැත.

අප දකින ජීව ලෝකය ගත් කල, හැම ජීවියකුටම ආවේනික ජීවන රටාවක් ද ඊට ගැලපෙන නිශ්චිත තාරයක් (අප කන බොන ජීවීන්ගේ කොටස් එකලස් කර සැකසූ ශරීරයක්) ඇත. ජීවියකු ලෙස අප ඉපදුන විට, අපේ ප්‍රධාන කාර්යය වන්නේ තාරය රැකගැනීමට අවශ්‍ය අප කන බොන ජීවීන්ගේ කොටස් ලබා ගැනීමයි. ඒ දේ කිරීමට අප දරණ උත්සාහයන් විවිධාකාරයි. මුල් ලිපි වල පෙන්වූ පරිදි අපේ තාරයට අමතරව අවතාරයක් ද එනම් අපේ ශරීරය මෙහෙයවන තවත් ශරීරයක් අපට ඇත. මෙය අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් ගොඩ නැගූ විට, මේ විශ්වයේ මූලධර්ම මත හැසිරෙන, ඇති වී මියෙන ද්‍රව්‍ය පිරි තාරය මෙන් නොව, වෙනත් විශ්වයක මූලධර්ම අනුව හැසිරෙන, ගෙවී නොයන නියත ගුණාංඟ පිරි ද්‍රව්‍ය වලින් සැකසූ සංකීර්ණ ශරීරයක් ලෙස අවතාරය හැඳින්විය හැක. එනම් හැම ජීවියකුම ඉහත කී ශරීර දෙක වන තාරය හා අවතාරය එකතු වීමෙන් බිහිවන බවයි. (පැවැත්ම පදනම නිසා එක අවතාරයකට බැඳුනු තාර කිහිපයක් ඇති ජීවීන් ඇති බව සඳහන් කරමි.) තව දුරටත් අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් බැලුවොත්, මේ හැම ජීවියාම ක්‍රියාකරන ආකාරය තුලින් තහවුරු වන්නේ ඒවා අතර ඇති සබඳතා හා ක්‍රියාකාරකම් පාලනය කරන තවත් යම් ආකාරයක මූලාශ්‍රයක් ඇති බවයි. එසේ නොවන්නට පණ කියන ලක්ෂණය අපට/හැම ජීවියකුටම අහිමි වේ. මෙය පරමතාරය ලෙස හඳුන්වමු. පරමතාර පැවතිය හැක්කේ එකක් පමණක් බව අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් බැලුවොත් තහවුරු වේ. එනම් කුඩා සතුන් ගේ සිට අලි කොටි සිංහයන් කඳුබඩයන් වැනි සියලු වර්ගවල බෙදීම් මෙම පරමතාරයේ තේරීම් බවත් ඒ සියල්ලම තුලින් තම මූළික අවශ්‍යතාවය ඉටු කරගන්නා බවත් ය. තාරික අවශ්‍යතාවය යනු තාරය රැකගැනීමට අවශ්‍ය අප කන බොන ජීවීන්ගේ කොටස් ලබා ගැනීම බව කලින් කීවෙමි. තාරය මෙහෙයවමින් අවතාරය ඉටු කරගන්නා මූළික අවශ්‍යතාවය වන්නේ තාරික අවශ්‍යතා ඉටුකර ගැනීමට කරන මෙහෙයුම් තුලින් ලබන දැනුම එක්රැස් කිරීමයි. ජීවියකු ගත්කල බිහිකිරීමෙන් පසු මුල් කාලය තාරිකා අවශ්‍යතාවය ඉටු කිරීමටත් ඉන් ලබන අත්දැකීම් හරහා පසු කාලීන ව අවතාරික අවශ්‍යතාවය වන දැනුම එක්රැස් කිරීම ඉටු කිරීමටත් යොමු වන බව ජීව විවිධත්වය තුලින් දකින්න පුළුවන්. මෙහිදී තාරික ක්‍රියාවළි රිසි සේ පාලනය කිරීමේ හැකියාව අවතාරය සතු බවත්, ක්‍රියාවළිය එක දිසාවකට පමණක් බවත් තහවුරු වේ. 

මේ ලිපියේ සඳහන් දෑ තේරුම් ගැනීමට නම් තාරික ස්වරූපයට බැඳි සියලු අභියෝග ජයගෙන අවතාරික ස්වරූපය පමණක් ඇතිව සිටිය හැකි අයකු විය යුතුයි. එවැනි අය මට මුණ ගැසී නැත. හමු වූ අතිබහුතරය අවශ්‍ය තිරිසන් ස්වරූප තුලින් ලැබිය යුතු තැන පවා ලබා නැත. ඔවුන්ට යම් කලෙක තේරුම් ගැනීමට ලැබේ යයි සිතමි. එය අනන්ත කාලයකින් වුව තාරික ස්වරූපයට බැඳි සියලු අභියෝග ජය නොගතහොත් ඉටු නොවන බව දත යුතුයි.

සරල ව පරම විශ්වය අවතාරික විශ්වය හා තාරික විශ්වය ලෙස ඉහල සිට පහලට ගැනීම ආරම්භයක් ලෙස ගනිමු. අපේ පවුල් ආකෘතියේ මෙන්ම තාරික තලයේ සිටින ජීවීන් පරමතාරික විශ්වයට සම්බන්ධ වන්නේ අතරමැදි අවතාරිකයන්ගෙන් සැදුම්ලත් දම්වැලකිනි. බොහෝ විට තාරික තලයේ සිටින ජීවීන්ට මෙය තේරුම් ගැනීමටවත් නොහැකි තරම් ය. මූළික අවශ්‍යතාවයන් ගත් කල තාරික හා අවතාරික තලවලට අදාළ දෑ පෙර සඳහන් කලෙමි. එහෙත් පරමතාරික අවශ්‍යතා ගැන දන්නේ පරමතාරිකයා හෙවත් පරම ජීවියා පමණි. මුළු විශ්වයක්ම එකම ජීවියකු සේ හැසිරෙන ද්‍රව්‍යයකින් සමන්විත මේ තලය ගත් කල බොහෝ හිතළු හා මුලාවන් ප්‍රචලිතව ඇත. එහෙත් පවතින චෞර තාක්ෂණයෙන් සෙවීමට දඟලන god particle යයි කිව හැක. සැබැවින් ම එම ද්‍රව්‍ය සියලු ආකාරයේ ද්‍රව්‍යයන් තුල ඇති ස්වරූප තුලින් ගොඩ නැගිය හැකි අංඟසම්පූර්ණ ද්‍රව්‍යය යයි කියමි. එහි නියම ස්වරූපය තේරුම්ගත හැකි අය නැති නිසා කීමෙන් ඵලක් නොවේ.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා (පරම දෙවියන්)ගේ මූළික අවශ්‍යතාවය වන්නේ හොර බොරු නැති අංඟ සම්පූර්ණත්වයයි. මෙය අවතාරික තලයට පරිවර්තනය වන්නේ ඇත්ත දැනුම ලෙසයි. එහි අඩුලුහුඬුකම් හා අසත්‍යතා පරමතාරය තුලින් අංඟ සම්පූර්ණත්වය බිඳ වැටීමක් ලෙස සක්‍රීය වේ. මෙය පරමතාරිකයා හෙවත් පරම ජීවියා සංවේදී වන වෙනසකි. එහි ඵලය වන්නේ නැවත අංඟ සම්පූර්ණත්වය ගොඩ නැගීමෙනි. මෙය අවතාරික තලයේ නව දැනුමෙන් පෝෂණය වීමක් ලෙසත්, තාරික ලෝකයේ අදාළ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට වේදනාකාර ක්‍රියාවන්ට මුහුණ දීමක් ලෙස ක්‍රියාත්මක විය හැක. මෙය තාරිකව කරදරවලට මුහුණ දීම, මරණය වැනි සිදුවීම් වල සිට විශාල විනාශයන් තුලින් පිළිබිඹු වේ.

අංඟ සම්පූර්ණත්වය නිර්ණය කිරීම තුල පරමතාරිකයා හෙවත් පරම ජීවියා නිශ්චිත කාල සටහනකට අනුව තමන් හා බැඳි අවතාරික ශරීරය වන පරම අවතාරය හරහා ජීව ලෝකය නිරූපණය කරන තාරික ස්වරූපයක් බිහිකර සිදුවන දෑ විමසීමක් වේ. එනම් තාරික ශරීරයක් ගොඩ නගා තාරික ලොවට සම්බන්ධ වේ. මෙම සිදුවීම පරමතාරිකයා හෙවත් පරම ජීවියා ගේ උපතක් ලෙස අප සිටින තාරික තලය තුලින් පැවසිය හැක. මෙය පරමතාරිකයා හෙවත් පරම ජීවියා, ජීවියකු වීමක් නොව ජීවියකුගේ උපාංඟ තුලින් තාරික විශ්වය නිරීක්ෂණය කිරීමකි. ඉතාම තියුණු අවධානයකින් මෙය තේරුම් ගත යුතුයි.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා මෙලෙස පරම අවතාරය තුලින් ගොඩ නගන ජීව ශරීරය පරම ජීව තාරය ලෙස හැඳින්විය හැක. පරම අවතාරය හා පරම ජීව තාරය ගත් කල ඒ තුලින් පිළිබිඹුවන්නේ අංඟසම්පූර්ණ අවතාරික හා තාරික නිර්මාණයි. පරම ජීව තාරය ගත් කල මෙම තාරික විශ්වයේ පැවැත්ම පදනම් වන බලයන් දහයේ උපරිමය නිරූපණය කරයි. මෙම නිසා දස බලධාරී ලෙස ද සඳහන් කල හැක. හඳහන තුලින් මෙය මනාව හඳුනාගත හැක. මේ ස්වරූපය සමඟ ගැටෙන සියලු අවතාරික/තාරික ජීවීන් මේ හා සසඳා වෙනස්කම් හඳුනා ගෙන නිසි දැනුම ගොඩ නගා නැවත අවශ්‍ය මගට යොමුකරයි.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා අද පවතින ජීව ලෝකයේ සුදුසුම ජීවියා ලෙස සුදුසුම තැන උපත ලබා සුදුසුම ජීවන රටාව තුලින් ගමන් කර ඉහත කී සැසඳීම කර පිළියම් යොදයි. කඳුබඩයකු ලෙස ගතහොත් පැවතිය හැකි ඉතාම දුෂ්කර හා කටුක අත්දැකීම් වලට මුහුණ දී ජය ගෙන හේතු සාධක සොයා ගැනීම සාමාන්‍ය කඳුබඩයන්ට අදහාගත නොහැකි බරපතල ක්‍රියාවක් මිස චෞරයන් ගොතන හිතළු වල කියන සුන්දර ජීවිතය නොවේ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා අතීත තොරතුරු ක්ෂණිකව ලැබෙන පසුබිමක, අංඟසම්පූර්ණත්වය බිඳ වැටීමේ හේතු සාධක තහවුරු කිරීමක් ලෙස නම් කල හැක.

පරමතාරිකයා හෙවත් පරම ජීවියාගේ පරම ජීව තාරික උපත සතර ආකාරයකින් සිදුවේ. මෙය යුගයක් ලෙස ගතහොත් සිංහල වසර 120,000කට ආසන්න කාල පරාසයකි. සතර ආකාරයකින් වන උපත් අතර කාලය වසර 30,000ක් පමණ වේ. පළමු උපත හිරුකම (හූරාකම) ගොඩනැගීම සඳහා වේ. එනම් ඊ ළඟට එළඹෙන වසර 120,000කට ආසන්න කාල පරාසය තුල යන ගමන්මග තීරණය කිරීමය. ඊට වසර 30,000කට පමණ පසු ලබන උපත බුධකම ගොඩනැගීම සඳහා වේ. එනම් අළුත් මග යන විට අවශ්‍ය වන ඇත්ත නැත්ත වෙන් කිරීමට අවශ්‍ය දේ කිරීමටයි.

120,000කට ආසන්න කාල පරාසය එක හූරා (හිරු) යුගයක් ලෙස  ගත් කල ඉන් වසර 60,000කට ආසන්න කාලයක් ගෙවී ගිය කල, කුජකම (සිංහකම) ගොඩනැගීම සඳහා උපත ලබයි. මෙය අළුත්මග යද්දී වන දෙයාකාර තේරීම් වලින් වන හානිය අවම කරන දැනුම දෙන උපතයි. නව හිරු යුගයේ වසර 90,000කට ආසන්න කාලයක් ගිය තැන, ගුරුකම ගොඩනැගීම සඳහා උපත ලබයි. මේ තුලින් අළුත් මගේ ඉදිරියට යාමට අවශ්‍ය ගුරු හුරුකම් (ශිල්ප ශාෂ්ත්‍ර) දීම සිදු වේ. 120,000කට ආසන්න කාල පරාසය සම්පූර්ණ වූ විට අළුත් හූරා යුගයක් ඇරඹීමට උපත ලබයි. උපදින තැන, වසර, දිනය, වෙලාව, නම වැනි දෑ සිංහලයන්ට සීමා වූ දැනුමෙන් සොයාගත හැක. ඔබේ යයි සිතන තිරිසනුන්ට එහා ගිය හැම හැකියාවක් ම මෙවැනි සතරාකාර උපතින් හිරු යුගයෙන් යුගයට ඔබේ තාරික උරුමයට එකතු කල මේ සතරාකාර හැකියාවන් බව සිහි කරමි.

ඉන්දියාවේ සිට හිඟමන් යදිමින් ආපු අහිගුන්ටිකයන් විකෘර්ථි කර දියසේන ප්‍රබන්ධය ගොඩ නැගීමට මුල් කාලයේ යොදාගත් උපදින තැන, වසර, දිනය, වෙලාව, නම වැනි දෑ තුලින් කියවෙන්නේ නව හූරා යුගයක් ඇරඹීමට එන හූරාගේ උපතයි. මේ අවදිය ගත් කල ජීවලෝකය අකර්මන්‍ය වී සියල්ල උඩු යටිකුරු වී ඇති පරිසරයක ලබන අත්දැකීම් තුලින් තමන් හඳුනා ගෙන අංඟසම්පූර්ණත්වය සඳහා කලයුතු දේ තීරණය කිරීමට කාලය යෙදවේ. මෙහි උච්චතම අවස්ථාව ඉතාමත් ආශ්චර්ය සිදුවීමක් තුලින් පටන්ගන්නා නව හිරු යුගයයි. ඊට ප්‍රථම තමන් සතු මෙවලම් නිසියාකාරව හඳුනාගැනීමක් වේ. අනන්ත අප්‍රමාණ බාධා මැද සියල්ල ජයගෙන යන මේ ගමන කෙළවර වන්නේ අංඟසම්පූර්ණත්වය සඳහා යන ගමනට ජීව ලෝකය දිසානත කිරීමයි. මෙය සමහරුන් ලෝක විනාශය හෝ නව ආරම්භයක් ලෙස දකින්නේ තමන් ආ මග අනුවයි.

නව හූරා යුගය ඇරඹුන දිනය ගැන වෙන කිසිවකු නොදත් නිසා ලියමි. එය ඇරඹුනේ මායාවරුන් කී ලෙසම පවතින ලිත් අනුව 2012-12-12 දින ය. හූරාගේ උපත ඉංග්‍රීසි ලිතට අනුව ගෙන 1959-04-05 දින උදේ 06-06ට යයි ගත් ඉන්දියානු හිඟන්නන් සේ ම, තම ලිතට අනුව ලෝක විනාශයක් 2012 දෙසැම්බර් 12 වේ යයි කියූ බටහිරයන් අනාගත් බව නොරහසකි. සිංහලයන්ගේ ලිතට අනුව 1959 බක් මස 05 දින, එනම් ඉංග්‍රීසි ලිතට අනුව 1960-04-05 දින උදේ 06-06ට උපත සිදු වූ ලෙස ම 2012 අප්‍රේල් මස 12 දින ලැබූ නව සිංහල අවුරුදු උදාව සමඟ නව හූරා යුගය ආරම්භ විය. බක් මස සිංහල වසරේ 12 වන මසයි. 12 වන දිනය නව සිංහල වසර ඇරඹුන දිනයි. ඒ බව සනාථ කරන හූරාගේ අත්හදා බැලීමක් එදා සිදුවිය. ඉහත කාල ගණනයේදී දිනය ඉංග්‍රීසි ලිතට අනුව ගත්තේ දිනය ගණනය කරන ආකාරය සම නිසයි. එහෙත් වසර ආරම්භක දිනයේ ඇති වෙනස්කම් නොදත් උන් මුලා කර ඇත.

2012 අප්‍රේල් මස 12 දින ලැබූ නව සිංහල අවුරුදු උදාව සමඟ ආරම්භ වූ නව හූරා යුගය

මෙදින සිට සිදු වූ දේ විමසන්නකුට මේ ගැන අළුතෙන් කිව යුතු නැත. මනුෂ්‍යයන් කියාගත් කඳුබඩයන් ලොවට වසංගතයක් වී අංඟසම්පූර්ණත්වය, එනම් අපේක්ෂිත ජීවලෝකයේ පැවැත්ම පාලනය කරන්න ගොස් කල විනාශයේ ඵල නෙලාගනිමින් සිටිති. එක තැන කැරකුනු කඳුබඩයා අද අනෙක් ජීවීන්ට හිමි 50-50 ප්‍රවණතාවය උරුම කරගනිමින් සිටී. මෙම නිවැරදි කිරීම තුල කඳුබඩයා වඳ වුවද කම් නැත. තමන් පෙන්වන මගේ යා යුතු ය. වැනසෙන උන් උමතුවෙන් එහා මෙහා දුවනු ඇත. පණ බේරා ගැනීමට තණ කොල පඳුරේ එල්ලී දියේ ගිලීමෙන් බේරීමට මෙන් උත්සාහ කරනු ඇත. තමන් මෙතෙක් කල තේරීම් එසේම කිරීමට අතිමහත් බහුතරය උත්සාහ කරනු ඇත. පරම දෙවියන් පුදන මුවාවෙන් කරපු විනාශය එසේම කරනු ඇත. උන් නොදන්නා දෙය නම් උන්කල වැරදි සියල්ල ඔවුන් මෙන් ම, පරම දෙවියන්ද සියැසින් දුටු බවයි. හරියට නොදැන පරම දෙවියන්ට එරෙහිව ගිය බව දැක ගන්නා ක්‍රියා කොතරම් ස්ථීර ද යන්න සියල්ලෝම තේරුම් ගනු ඇත. සිංහලකම නැසූවන් නිසි දඬුවම් ලබනු ඇත.  හිඟමන ලොවින් තුරං වනු ඇත. ජඩකම නිමා වේ. ඉතිරි වන සුළු පිරිස නව හූරා යුගයේ ආරම්භකයන් වනු ඇත. තව බොහෝ දෑ තුලින් ඔබව අභියෝගයට ලක්වනු ඇත. පරාජිතයන්ට ගමනක් නැත. කිසිවකු නැතොත් එය ද ප්‍රශ්ණයක් නොවේ. හරිමග යාමට උත්සාහ කරන්නේ නම් යම් සහනයක් හිමි වේ.

දැන් වෙන්නෙ මිනිසුන්ට මග පෙන්වන දෙයක්. ඒකෙන් ඔක්කොම වුනත් මැරෙන්න පුළුවන්. හරි විසඳුම තියෙන්නෙ එක් අයෙකු ළඟ පමණයි. ඒ තමයි ඔය දියසෙන් ප්‍රබන්ධයට මුල් වූ සිංහල කතාවෙ එන හූරා. ඒත් පිනට, ණයට, මුදලට වත්, වැඳලා පුදලාවත්, අඬා වැටිලවත් විසඳුම ගන්න බෑ. සුදුසු අය බේරා ගනීවි. මේක යුගයක ආරම්භයට කරන තෝරාගැනීමක් නිසා මේ තුලින් අනාගතයත් දකින්න පුළුවන්. මෙය කියවූ පමණින් ඔබට හූරාගෙන් පිහිටක් නැත. කඳුබඩයාගේ ස්වරූපයෙන් ඔබට සමීපවූවත් හූරා හසුරුවන තාරය තුල අංඟසම්පූර්ණත්වය මිස එක එකාට උචිත ලෙස නැටවෙන චරිතයක් නැත. ඒ බව අත් දුටු අය බොහෝ ය.

වෙලාව ලැබුනොත්, නව හූරා යුගය තුලින්, අභියෝගෙන් ජය ගතහොත්, අනාගත කඳුබඩයන්ගේ ජීවන රටාව ගැන හැඳින්වීමක් ලිපියකින් කරමි. ඊට පෙර මගේ වතගොත ගැන කියා අවිශ්වාසය බිඳ හෙලීමට බලාපොරොත්තු වෙමි.

ඉල්ලීමකින් තොරව, වගකීමෙන් තොරව දෙවියන්ගේ පිහිට ලැබේ යයි සිතීම ලොකුම මුලාවයි. එසේ ඉල්ලූ පමණින් ලැබේයයි සිතීම ඊටත් එහා යන මුලාවකි.

දැනුම සඳහා: 

සිංහලයන් අතර ඇති ධෘත රාෂ්ඨ (හූරා /රු), වෲධ (බුධ), රූපාක්ෂ (කුජ/සිංහ), වෛශ්‍රවණ (විෂ්ණු/මහසම්මත මනු) සතරවරම් දෙවියන්ගේ උපත් නිරූපණය කරයි. එසේම ඉන්ද්‍ර, බුධ, යම, වරුණ ලෙස ද මේ නම් කියවේ. මේ තුල ගැබ් වූ තොරතුරු බොහෝ ය. තව බොහෝ කාර්යයන් තාරික උපත සමඟ සිදු වුව ද, ඒ ගැන පහලම තලයේ සිටින උන්ට කීම අවකලනය හෝඩියේ උන්ට කීමක් වැනි ය. තේරුම් ගැනීමට අවට ඇති ආයතනයක හෝ රාජ්‍යයක පාලනය වන ආකාරය සරල උදාහරණ ලෙස ගත හැක. එහෙත් විශ්ව අතරේ විහිදෙන ජීව ලෝකයේ ස්වරූපය තේරුම් ගත හැක්කේ පරම දෙවියන්ට පමණි. එහෙත් පාරම්පරිකව බොරුවෙන් වංචාවෙන් යැපුනු හිඟනුන්ට තමන් පරම දෙවියන් හෝ පරම දෙවියන්ගේ තාත්තා බාප්පා ලෙස හඳුන්වාගත හැක. ඒ සඳහා අවශ්‍ය වචන කීපයක් මිමිනීම පමණි. එහෙත් කඳුබඩයාගේ පිරිහීම කොතරම් ද කියනවා නම් උන් කියන කතා විශ්වාස කරන අමනයන් බහුතරය වීමයි.