Thursday 29 December 2022

මගේ වග තුග (මගේ වත ගොත) - 9 කොටස

 2022 ඔක්තොබර් 22 සිට ......

පුතාගේ සහායෙන් පැරමැටා වල තරු පහේ හෝටලයක ලැගුම් ගනිමින් මේ කාල පරාසය ගත කිරීම ඇරඹුවෙමි. අකමැත්තෙන් පුතාගේ අවශ්‍යතාවයට මුල් තැන දී ආ බව සටහන් කරමි. අනාගතය මම නොදනිමි. සිඩ්නි, කාලයක පටන් වැසි බර අඳුරු දිවා කාලයකට පත් වූ ප‍්‍රදේශයකි. මෙවර රැකියා කිරීම හෝ රජයේ වෙල්ඵෙයාර් මත යැපීමේ අදහසක් නැත. මෙතැන් සිට මම මගේ නිජ බිම අමනුෂ්‍යයන්ගෙන් බේරාගෙන ඊට හිමි තැන ලබාදීමට මුල පුරමි. සහායක් ඇතිව හෝ නැතිව කිරීමට අවශ්‍ය හැකියාවන් මා සතු ය. තමන් තෝරාගත් හිඟමනින් යැපී බඩගින්නේ මිය යන හිරු නියමය දැන මා පෙන්වන සිංහල මග තෝරාගන්නන් රැකීමටත් ඉතිරිය වැනසීමටත් කල යුතු දෑ කරමි.

28 වන දින නෝර්-ත්මෙඩ් හි මගේ නිවසට ආවෙමි. මා හදා වඩා ගත් කොස්, අඹ ගස් හා කෙසෙල් ගස් තවම යහතින් ය. දෙහි ගස මිය ගොස් ය. කරපිංචා ගස් සරුවට හැදී ඇත. අධික ලෙස වාහන ගමන් කරන පැත්තේ සැකසූ ලෙසම කැලෑ වැටකි. මම ඉන්නේ තුරු ලිය පිරි නිජබිමේ යයි හැඟෙන පරිසරයක ය. මෙතෙක් කල් පැවති වැස්ස හා අඳුරු ගතිය පහව ගොස් ග්‍රීෂ්ම ඍතුව උදා වූයේ නිවසට ආ දින සිටයි. මෙය ලියන 29-12-2022 තෙක් එය එසේම ය. රෂ්ණය නිසා සරම පමණක් ඇති ය.

මෙතැන් සිට ඉතිරි කාලය කලින් කලට එකතු කරමි............. 


මීට පෙර කොටස සමඟ මෙය ද පල කල දැනගන්න.........................

මගේ වග තුග (මගේ වත ගොත) - 8 කොටස

 2018 ඔක්තෝබර් 21 සිට 2022 ඔක්තෝබර් 21 දක්වා ශ්‍රී ලංකා කොළණියේ ගත කල කාලය

මගේ වත ගොත කීම පසුපස ඇති රහසක් මුලින් ම මෙසේ සඳහන් කරමි. මම මගේ ජීවිත කාලය තුල මුහුණ දුන් සිදුවීම් සියල්ල තුල කඳුබඩයන් නොදන්න උන්ගේ සැබෑ ස්වරූපයේ පසුපසින් ඇති තාරිකව උන් යන මග තීරණය කරන අන්ත පෙන්වන හිරුකමේ තොරතුරු ඇත. ඒ නිසා පෞද්ගළිකත්වයට අයත් තොරතුරු ද ලියමි. ඒ අනාගත සැලසුම් තුල මේ අත් දැකීම් අඩංඟු නිසා ය. මා අවසන් වරට මගේ ඩෙපියුටි ලෙස රඟ පෑ කැලුමා හමු වූ විට කීවේ ගූ වල රස දන්නේ ගූ කාපු එකකු පමණයි කියා ය. එය මෙලොව ස්වභාවයයි. ඔබ නොකල දෙයක අත් දැකීම් කිසි දා ඔබට නොලැබේ. එම නිසා කල යුතු සියල්ල කරන තුරු ඔබ අසම්පූර්-ණ ය. කාලය සීමිත නිසා එවැනි බොහෝ අත්දැකීම් නොලිව්ව ද, අවසානයේ ගොඩ නගන සැලසුමේ සඳහන් වීමට නියමිත සියල්ල පසුපස ලැබූ අත්දැකීම් පදනම වේ. මම ආවේ වෙන්න යන දේවල්  බොහෝ කලකට පෙර කියා, අවශ්‍ය පියවර ගෙන සිංහලයන්ට උදව් කිරීමටයි. මට අවස්ථාව ලැබුනේ නම් කතාව සපුරා වෙනස් ය. එසේ නොවීම ද මට ප්‍රශ්ණයක් නොවන්නේ එන්න එන්නම අගාධයට ගොස්, අන්තිමට මට හැර වෙන කිසිවකුට විසඳුම් නැති බව හොඳින් දන්න නිසා ය. බොරුකාරයන් අතේ මාට්ටු වී පරිදිනවාම ය.

ඉහත සඳහන් දින වකවානු මගේ සිතා මතා කල තේරීම් නොව මගේ කටයුතු ගැන කිසිදු හැඟීමක් නැති පුතා ගේ ය. එකම නීතිය ගමනේ ආරම්භය බ්‍රහස්පතින්දා වීම පමණි. මෙය මා දන්නා කාලයේ සිට අණුගමනය කල පිළිවෙතකි. එය උරුමයක් ලෙස සලකමි. ඔස්ට්‍රේලියානු කොළණියට විත් මාස තුනකින් කල තීරණය, එනම් මගේ රටට ආපසු යාම මේ ගමනේ අරමුණයි. පුතා අපෙන් ඈත් වී අධ්‍යාපනයට යොමු වී සිංගපූරුවේ රැකියාවට යාම නිසා මෙය ඉටු විය. එහෙත් හැම දේකටම හැම තත්පරයකම මට විරුද්ධවන භාරී මෙවර ද දැඩිව එරෙහි විය. වෙන එකෙකුට එවැනි බිරියක් සිටියා නම් කී වරක් ඝාතකයකු, කැලුමා වැනි දීගය හැර ගිය එකෙකු, මා සමඟ ඉගෙනගත්, සියදිවි නසාගත් තුන්දෙනා මෙන් සියදිවි නසා ගත්තෙකු වේ දැයි මම දනිමි. එහෙත් මට එය ඇත්ත පෙන්වාදුන්, දරාගත නොහැකි තරම් පීඩාකාරී වූ, මටම ගැලපෙන තවත් අභියෝගයක් වූවා පමණි. ලෝක දෙකක උරුමයන් එකට ගැටෙන විට එලොවත් මෙලොවත් අතර සම අසමකම් පරතෙරට ම දැනගැනීම වටිනා අවස්ථාවකි. දැඩි තීරණ අවශ්‍ය තැන ගැනීමට උපන් හපන් මට (දැඩි මුණ්ඪ = දැඩි මනු) ඇගේ විරෝධය ප්‍රශ්ණයක් නොවීය. දිය යුතු තේරීම් දෙක දුනිමි. ඇය මා සමඟ යාමට එකඟ විය. මෙය මගේ එක්තරා සුවිශේෂ උරුම ගතියකි. එය මා සමඟ සම්බන්ධ වන ඕනම එකෙකුට මුහුණ දීමට සිදුවන අභියෝගයකි. සඳහන් කලේ හැම එකාගේ ම දැන ගැනීම සඳහා ය. මේ කාලය තුල ලැබූ අත්දැකීම් තුල ද මෙය වැදගත් වේ. බරපතලම උදාහරණය නම් මරණ දඩුවම දිය යුතුයි කියා තීරණය වී නම්, එය ඒ ආකාරයෙන් ම නොවැනී නොසැලී ක්‍රියාත්මක කිරීමේ හැකියාව මා සතු බව ය. සාධාරණය, යුතුකම වල් වැදී ඇති සමයක මෙම සිහිකිරීම තේරුම් ගැනීම වැදගත් වේ. නෑ හිතවත්කම්, සමීප බව, ව්‍යාජ අසරණකම්, පාඩු, හානි බලපාන්නේ ම නැත.

හොංකොන් වල දින කිහිපයක් පුතා සමඟ ගත කර, ඉහත කී දින ලංකාවට ආවෙමු. භාරිගේ කැනඩාවේ සිටි මිතුරියකගේ කැළණියේ නිවසේ ජීවිතය ආරම්භ කලෙමි. නිවස රැක බලාගත් සේවිකාවගේ උදව් උපකාර නොවන්නට අපේ ආරම්භය පසුව උදා වූ මිහිපිට අපායේ ඇරඹුම වනු ඇත. ඉහවහා ගිය සතුටින් අන්ධව මුල් කාලය ගත කලේ දෙව් ලොවට ආ හැඟුමෙනි. ජීවිතය උඩු යටිකුරු කර යථාර්-තය දුටු වසර හතරක කාලය එසේ ගත කලෙමු. පටන් ගත් දින සිට මා මුහුණ දුන් බරපතල ප්‍රශ්ණය වූයේ අධික රෂ්ණයයි. මෙය බලාපොරොත්තු නොවූවකි. ශීත පරිසරයේ අක්‍රීය ව පැවති හමේ රෝම කූප නිසියාකාරව ඇරීම වැසීම නොවී ඉතා වේදනාකාරී දාඩිය බිබිළි හැදුන ද කඩවත භාරිගේ නිවසේ අපට අවශ්‍ය වන ඉදිකිරීම් ඇරඹුවෙමු. ඒ සඳහා මාතර ගමෙන් දෙදෙනකු ගෙන්වා ගතිමි. ඔවුන් යොදා අවශ්‍ය ආකාරයට ඉදිකිරීම් කර ගැනීමට සිදු වූයේ දැඩි අපහසුවෙනි. හේතුව මම කියන දේ නොව ඔවුන්ට පහසු විදියට කිරීමයි. පසුව උදව්වට කොල්ලෙකු ගෙනැවිත් වැඩ කරනවා වෙනුවට වවාගෙන කන බවක් දුටිමි. වැඩේ මුල්තැන ගත් පුෂ්පකුමාර 1994 වසරේ මගේ ඉදිකිරීම් වලට අත් උදව් දුන්නෙකි. පසුව තේරුනේ මානය නිසා මා කී දේ කෙලින් ම බෑ නොකියා නොකර සිටීමයි. විශ්වාසය කෙමෙන් පළුදු විය. ඒ අතරේ ළග තිබූ හාඩ්වෙයා කඩේ මුදලාලී ඉල්ලූ යකඩ වෙනුවට දෙවන පෙල දිග අඩු යකඩ දුන්නේ ය. උගෙන් ගත්තේ එපමණයි. පසුව ඒ කඩය වැසිනි. ඌ ලවා හදාගත් ස්කැපෝල්ඩීන් ඉතා පහල තත්වයේ බඩු විය. ක්‍රමයෙන් නූතන ලංකාව ගැන තේරෙන්නට විය.

ඉතාම අමාරුවෙන් ගරාජය වෙනස් කර කාමරයක් හා අපට ගැලපෙන බාත්‍ රූම් එකක් හැදුවෙමි. එහි දොර ජනෙල් වීදුරු යොදා හැදීමට කතාකර ගත්තේ බුළුගහහන්දියේ සරස හෝටලයට යාබද එකේ ඉන්න පරයා සමඟ ය. අන්තිමට ඇවිත් මැන ගණන් කීමට පොරොන්දු විය. ඒත් ආවේ නැත. දොරවල් නැතුව එයට යාමට නොහැකි විය. මේ සඳහා මාස අටක් පමණ ගත විය. ඒ අතරේ අප නිවසෙන් නොයාවි යයි සිතා ගාමිණී අමනාප වූ බව කෙනෙක් කීවා. අප සිටි කොටසේ ටයිල් ගැලවීමට සේවකයකු යෙදවූයේ අපට නොදන්වා ය. අමාරුවෙන්  දූවිළි පිස දමා කඩපු ටයිල් ගොඩ ඉවත් කර නිදාගත්තේ එසේ නොවී නම් දූවිලි නෑමට වන නිසා ය. එතැනින් අපට ඉන්න දී කල උදව්වේ අගය බින්දුවට බැස්සා. මගේ භාරිගේ තවත් ගින්නක් එසේ පත්තු විය. දැන් යා යුතු ය. ඒ අතරේ නැවත සිඩ්නි ආවෙමු. භාරිගේ යෙහෙළියකගේ නිවසේ ගත කලද ඇගේ ලාංකික බර්-ගර් සැමියා නොරුස්සන බව තේරුනි. එය භාරිගේ කැමැත්තට ඉඩ දුන් අවසන් නැවතුමයි. පසුව තරු හතරෙ පහේ හෝටල් වල ගත කලෙමි. එය කොතරම් සතුටු ද කිව නොහැකි තරම්. අනුන්ගේ ගෙවල් වලට රිංඟීමේ භාරිගේ පුරුද්දට නැවත ඉඩක් නැත.

 අවසානයේ මිතුරිගේ පවුල ලංකාවට එන නිසා අපේ නිවස අසල නුවර පාරේ සිටි නන්දසිරිට දොර ජනෙල් හැදීම දුන්නේ උගේ පුතා සහතික වූ නිසා ය. කතා කර ගත්තේ දින තුනකින් වැඩේ කිරීමට ය. ඒ සඳහා මිලෙන් භාගයක් අත්තිකාරම ලෙස දුනිමි. කාලය ගෙවී ගිය ද කිසි දෙයක් නොවී ය. බැරිම තැන නිවසට ගියේ දොර ජනෙල් නැතිව ය. ජනේලය ගඩොලෙන් වසා  පරණ ලී දොරක් කඹ හා පොල්ලකින් බිත්ති වලට හිර කර දින කිහිපයක් සිටියෙමි. තර්-ජන ගර්-ජන නින්දා අපහාස කර දොර ජනෙල් හදා ගතිමි. එය අපූරු අත්දැකීමකි. පෙර කල වී නම් නන්දසිරිට දරුණු ඵලයක් හිමි වනු ඇත. පිටරට ගොස් දිගු කලක් නිසා මට කුජ බලය නැතිකම මතක් විය. නන්දසිරි ගල් ආඳකු යයි මට කීවේ බාල කම්බි දුන් හාර්-ඩ්වෙයාර් එකේ මුදලාලි නරේන්ද‍්‍ර ය. ගල් ආඳා හා අංකුට්ටා වැනි හැඳින්වීම් මට අළුත් වචන ය. ඒ දෙකම ඔහුට ද ගැලපේ. අද ලංකා කොළණියේ අත්තිකාරම් ගෙන වැඩ පැහැර හැරීම සාමාන්‍ය දෙයකි. මට දරා ගත නොහැකි අළුත් අත්දැකීමකි.

 මේ අතරේ මම උපන් ගමට යාමට මිස කොළඹ ඉඳීමට අදහස් නොකලෙමි. 14 වියේදී අකමැත්තෙන් ගම හැර ගිය මට වසර 44කට පසු ගමට යාමේ ආශාව අතිමහත් විය. එසේම ගම හැර යාමට හේතුව සොයා ගැනීම ද අරමුණකි. මගේ වටිනාම දේවල් භුක්ති විඳි නංගී සහ මල්ලී අපට හොඳට සලකන බව භාරිට කීවේ දැඩි විශ්වාසයෙනි. ඒ නිසාම ඔවුන් වැනි පස් වෙනි දරුවට පසුව උපදින්නේ අමු තිරිසනුන් බව ලංකාවට ඒමට පෙර තහවුරු වූ මගේ මතය මට අමතක විය. (අමු තිරිසනා යන පද වැලේ අරුත දත් එකෙක් නැති නිසා ලියමි. අමු, පැසුනු, ඉදුනු අඹ යන භාවිතයේ "අමු" පදයේ අරුත ඇත. "තිරිසනා" යනු "තිරසතා" පරයන් ගේ උච්චාරණයෙන් හැදුනකි. මෙය ජීවීන්ගේ නියම ස්වරූපය කියයි. තිර අද ස්ථිර ලෙස උච්චාරණයෙන් වෙනස් වේ. හැම සතෙක් ම තිර ජීවිතයකට සීමා වේ. මෙහි "සතා" යනු "හැබෑ (සැබෑ) තා" වේ. හැබෑ (සැබෑ) හෙවත් නූතන ස්වභාවය සිංහලෙන් හා+බෑ යන මෙලොවේ ඇති ද්විත්ව රටාව අරුත් ගන්වයි.) දරුවන් පහකට වඩා හදන්නේ දෙමව්පියන් තිරිසනුන් නිසා යන මතය ද අමතක විය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ඒ කාලය තුල මේ මත මැනවින් පසක් කලේ අමතක නොවන ලෙස ය. උණු වතුර සමඟ නවීන වැසිකිළියක් හැදීම අත්‍යාවශ්‍ය විය. කෙසේ වෙතත්, මෙතැන් සිට අවජාතකයෙක් ලෙස හඳුන්වන මල්ලී, යටි සිතේ දැඩි විරෝධයක් දැරූ බව දැන ගත්තේ පසුව ය. හීන් නූලෙන් මගේ වැඩ කඩාකප්පල් කලේ වැඩේ කිරීමට භාර දුන් මෙතැන් සිට අවජාතකියක් ලෙස හඳුන්වන නංගීට ද බලපෑම් කරමිනි. අවජාතක යනු "ජාතක උරුමය සැඟවුනු" වේ. මෙවැනි කෙලෙහි ගුණ නොදත් උන් බොහෝ පවුල්වල සිටියත්, මට හරියට දැනුනේ එදා ය. මට කිසිම සහයෝගයක් නොදී වැඩ අඩාල කලේ සේවකයන්ට බලපෑම් කරමිනි. මට හිමි වූ ගෙදර යන එන මං නැති අවජාතකයට දුන්නේ මවගේ ඉල්ලීම මත ය. දැන් ඌ මගේ ගෙයි අයිතිකාරයා වූයේ බලහත්කාරයෙනි. බැලුව ම මෙය අද රටේ පාලකයන් පවා කරන දෙයකි. කෙසේ වෙතත් මම ද කොවිඩ් ඒමට පෙර බලහත්කාරයෙන් ගෙදරට ගියේ වෙනම උයා පිහාගෙන කෑමට පහසුකම් හදාගෙන ය. ගම වටා ගිය ද ඒ මම දන්න ගම නොවී ය. මෙසේ මා ගමට යාමට කල උත්සාහයට භාරි සම්පූර්-ණයෙන් ම විරුද්ධ විය. කල නින්දා අපහාස කිව නොහැකි තරම් ජරා ය. ඇයගේ සැබෑ ස්වරූපය දුටිමි. මූසලයන්ගේ දඬුවම මතක් විය. මුලදී බෑ කියා නාව ද, දෙවන වර අකමැත්තෙන් ආවා. එහෙත් ඇය අරුන් දෙදෙනා සේම මගේ පරම සතුරකු බව පසක් විය. අද සමාජය උපරිමයෙන් මා වටා ඇති බව තේරුනේ මේ කාලයේ ය. දැන් මට කවුරුවත් නැත. ළඟ ඉන්න පවුලේ උන් මට සහාය වේ යයි සිතුව  ද උන් පරම සතුරන් බව පැහැදිළි විය. එය ද දරා ගත නොහැකි අභියෝගයක් වූයේ අනෙක් හැම විටම වූ විදියටයි.

මම ගමට ගියේ උන්ට උදව් වීමට ය. මා කොළඹ උන් අතහැර ගමට ගියේ උන් අතර සිංහලයන් නැති නිසා ය. ගමේ සිටිති යන විශ්වාසයෙන් ගියෙමි. එහෙත් උන් කොළඹ සිටින උන්ටත් එහා ගිය ජඩයන් ය. රුපියල් සත පස්සේ දුවන අහිගුන්ටිකයන් ය. නූතන ඉතිහාසය දැන සිටිය ද මේ ආකාරයේ රටකට යාමට හීනෙන් වත් නොසිතුවෙමි. මම අවුරුදු 14දී ගමෙන් පිටමන් වීම අපූරු ය. උන් අතරේ හැදුනා නම් මම අද උන්ගේ එකෙකි. මගේ ජීවිත ගමන නිසි ලෙස පෙර සැකසූ රටාවක් බවත් ඒ තුලින් අද ජීව ලෝකය මුහුණ දෙන අසීරුතම බාධක වලට මුහුණදී ලබන අත් දැකීම විසඳුම් සෙවීම සඳහා අත්‍යාවශ්‍ය බවත් තේරුම් ගතිමි. 

ලංකාවට ගිය සැනින් අනාගතයට මුහුණ දීමටත් සිංහලයන් දැනුවත් කිරීමටත් අවශ්‍ය දේ කලෙමි. මෙහිදී ශබ්ද විකාශණ උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් භාරි දීම මුලින් ප්‍රතික්‍ෂේප කලේ පුතා ද හවුල් කරගෙන ය. නිවස වටා කල ඉදිකිරීම් නවතා දැමුවේ අල්ලපු ගෙදර ගමයා ප්‍රාදේශීය සභාව හරහා බලපෑම් කල නිසා ය. මගේ රහසිගත වැඩ ගැන කිසිවකුට නොකියන බවට තීරණය කලෙමි. මේ සියල්ලම මෙසේ වීම ගැන සතුටු වෙමි. අන්තිමට අද සිංහලයන් නැත යන බව තහවුරු වීම තුල මේ සියල්ල නිශ්ඵල වැඩ ය. මරණය හිමි උන් එය ලබාගත යුතු ය.

ගමට ගිය පසු දුටු සිංහලයෙක් නැත. කතා කල හැම එකා ම සල්ලි වෙනුවෙන් ඕන ජඩ වැඩක් කරන සක්කිලියන් විය. මේ අතරේ ඔස්ට්‍රේලියාවට ගොස් ආපසු ආ විට, බලාපොරොත්තු වූ ලෙසම කොවිඩ් වසංගතය ආවේ ය. කිරීමට ගිය සියල්ල අසාර්-ථක වූ නිසා, මුහුණ දීමට වූයේ පෙර සූදානමක් නැතිව ය. 2019 නොවැම්බර් සිට 2022 ඔක්තෝබර් තෙක් ලංකාවේ හිර වූයේ දැඩි ලොක් ඩවුන් නිසා ය. වරක් දින 67ක් එහා මෙහා යාම පාලනය කල නිසා රුපියල් වලින් ඩොලර් ලබාගත නොහැකි වි ය. කන බොන දෑ නැති විය. මට ඕන වුනේ මාතර යාමට ය. පළාත් අතර ගමන තහනම් ය. කෝපය නිසා මහ එකාට ඊමේලයක් යැව්වෙමි. අද වන තුරු ලැබුනු බවට කිසිදු තොරතුරක් නැත. එහෙත් යවා සතියක් ඇතුළත සඳහන් කල සියලුම ප්‍රශ්ණ විසඳුනි. පළාත් අතර ගමන් තහනම ඉවර විය. එසැනින් මාතරින් වාහනයක් ගෙන්වාගෙන ගමට ගියෙමි. ගෙදර අල්ලා ගත් අවජාතකයා කොවිඩ් වසංගතයට බිය වීම නිසා, ගෙදර ගිය සැනින් පීඑච්‍-අයිලා හතර පස් දෙනෙක් ගෙදරට ආවේ සැකය නැති කිරීමට ය. අවජාතකයාගේ භාරි ඇගේ අක්කාගෙ ගෙදර මාසයක් ගත කලේ බිය නිසා ය. ඒ අතරේ ඉන්න අවශ්‍ය අවම පහසුකම් හදාගතිමි. කාමර තුනක වපසරියක වසර දෙකක් පමණ ගත කල කාලය ජපනාගේ ජීවිතය වැනි ය. අවජාතකයා ඉන්න තැනක් නැති වේ යයි බියෙන් මරු විකල වී තිරිසනකු සේ හැසිරිනි. ඌට සහායට කිහිප දෙනෙක් විය. ඒ අතර මම දැඩිව විශ්වාස කල නංගී ද ඇගේ සැමියා ද විය. ඌ ගල් ආඳෙකි. ඔරිජිනල් අහිගුන්ටිකයෙකි. කෙටවීම උගේ ජන්ම ගතියයි. ඌ නිසා දෙවරක් අවජාතකයා සමඟ රණ්ඩුවට පැටලුනෙමි. කෝපය නිසා, මම අවජාතකීට දී තිබූ වටිනා දෙයක් මගේ භාරයට ගතිමි. නෑකම ඉවර කලෙමි. උන් දෙදෙනා රැකීම මගේ මවගේ ඉල්ලීම මත කලෙමි. එහෙත් උන් කවුදැයි දුටු මට මව සමඟ පැවති දැඩි බැදීම නිමා විය. ඇය මූසල මවක් බව දුටිමි. ලංකාවේ සිටින්නේ මූසල මවුන් බව මට ප්‍රත්‍යක්‍ෂ විය.

මේ කාලය තුල මා මුහුණ දුන් අභියෝග තුලින් ලැබූ අත්දැකීම් සුවිශේෂ ය. මෙතෙක් නොදුටු හිඟන්නන්ගේ සැබෑ චරිතය දුටිමි. හිඟන සමාජයක් එම තත්වයේම පවතින ආකාරයට මුල් වන හේතු ද දුටිමි. උන් අතර උපදින තිරිසනුන් හැසිරෙන ආකාරය ද දුටිමි. ගූ නොකා ගූ වල රස දැනගත නොහැක. එසේම මේ අත්දැකීම් නොවන්නට කිසිදාක ඒ තොරතුරු හමු වන්නේ නැත. සිංහල ජාතිය ගොඩ නැගීම කොතරම් අමාරුද කියනවා නම් ඒ අදහස අත් හරින්න වුව මම සූදානම් ය. මට ජීවිත කාලය පුරාම මෙවැනි අත්දැකීම් සමුදායක් ලැබුනේ පෙර සැකසු ආකාරයකට යයි කියමි. මෙතෙක් මා වටා සිටි පවුලේ උන් උමතු වීම පසුපස ඇති බලපෑම් මම හඳුනමි. තිරිසනුන් පිරි ලොවක ජීවත් වීම කොතරම් අභියෝගයක් දැයි අත්දුටුවෙමි. විවිධ කටයුතු සඳහා උපදින දෙවියන් මුහුණ දෙන ප්‍රශ්ණ එමට ය. මට කිසි බලපෑමක් නොවූවද ඔවුනට සාධාරණය ඉටු විය යුතු බව දැන ගතිමි. එක පැත්තකින් කොවිඩ් ද අනෙක් පසින් මට එරෙහි නෑයන් ද කරන්න ගිය දේවල් නවතන තැනට මුල් විය. මගේ ඉඩකඩම් වලට හොර ඔප්පු ලියාගෙන ය. මට ඔප්පු තිබුනද ඒවා මට අයිති නැත. මගේ සියල්ල උන් ගේය. දැන් මම පාරට බහිනවා ද? කිසිසේත් එය නොවී ය. උන් සමඟ බුධකමෙන් ඵලක් නැත. එය දෙවියන් සමඟ ගණුදෙණු සඳහා ය. තිරිසනුන්ට උත්තර ඇත්තේ කුජකම තුලය. මම මෙතෙක් ගිය ගමන නිශ්ඵල වූයේ බුධකම පමණක් භාවිතා කල නිසා ය. මගේ අයිතිය රැකීමට කුජ බලය යෙදවීම තුලින් නැති වූ බොහෝ දේ ලබාගතිමි. ඒ අතරේ නැවත ඔස්ට්‍රේලියාවට යාමට සියලු පැති වලින් බලපෑම් එල්ල විය. අවසාන සිදුවීම තුල මම, කෙනෙක් ඝාතකයකු වන පසුබිම අත්දුටුවෙමි. ඉන් රටේ ඝාතකයන් බහුල වීමට හේතුව ද දුටුවෙමි. අවජාතකයා මගේ වැඩට කොතරම් හරස් වූවා ද කියනවා නම්, මා ඉදිරියේ මගේ සේවකයකු මරා දැමීමට උත්සාහ කලේ ය. ඒ සමඟම පවතින නීතියෙන් නිදහස් වී ඌව ඝාතනය කල හැකි පසුබිම් අත්දැකීමක් ලැබුවෙමි. ඉන් ප්‍රයෝජන නොගත්තේ මට අවශ්‍යතාවයක් නොවූ නිසා ය. අද ලංකාව ඉංග්‍රීසි අටවපු අපරාධකාරයන්ගේ තෝතැන්නකි. නීතිය ඒකපාක්ශිකය. සාධාරණය දන්න එකෙක් නැත. හැම එකාම තිරිසනෙකි. එවැනි පසුබිමක ලැබූ අත්දැකීම සුපිරි ය. කිසිවකු පොලීසියට උසාවියට යන්නේ නැත. සැබැවින් ම යාමේ තේරැමක් නැත. උන් ලොකුම අපරාධකාරයන් ය. සිංහයන්ගේ නිවහන හයිනා රංචුවක් අල්ලාගෙන ය. එනම් රට ගැන කලකිරී පිටමන් වූයේ සිංහල උරුමය ඇති උන් විය හැක. ඒත් රටහැර ගිය බහුතරය අහිගුන්ටිකයන් බව ද දනිමි. ගමේ සියලු කටයුතු ඊ ළඟ අදියරයට කල් දමා කොළඹට ඒමට තීරණය කලෙමි.

කොවිඩ් මට බොහෝ පිහිට විය. එය කාලකන්නි හිඟන්නන්ගෙන් ඈත්වීමට ද උන්ගේ කෑම බීම ප්‍රතික්‍ෂේප කිරීමට ද යෙදුවෙමි. උන් කන්නේ වහ ය. ඇමරිකන් කෑම බහුල ය. බලාපොරොත්තු වූ කෑම කිසිවක් නැත. ඇත්තේ චයිනීස් ඵ්‍රයිඩ් රයිස් ය. කෑවම වහ කෑවා වැනිය. අන්තිම කාලය වන විට කිසිවක් කරන්න බඩු නැත. වැඩ කරන්න කෙනෙක් නැත. ඉන්නේ හාල්පාරුවන්, ගල ආඳන්, අංකුට්ටන් පමණි. කෙසේ වෙතත්, වෙනදා මෙන් මේ කාලය තුල ද මට අවශ්‍ය දේ කරන්නට කිහිප දෙනෙක් සිටි නිසා කලයුතු සියල්ල කලෙමි.

අපට ඈත්ව සිටීමට බලපෑ ප්‍රධාන හේතුව ඔස්ට්‍රේලියාව පිළිගත් වැක්සීන් මාතර නැතිකම ය. භාරිට ඕන වුවද මම වැක්සීන් ගැනීම කල් දැමුවේ එක් රහසිගත හේතුවකට ය.  ඔස්ට්‍රේලියාවට යාමට එය ගත යුතු විය. පුතා දැඩිව ඉල්ලූ දෙයකි. පසුව ලැබූ දත්ත මත අත්හදා බැලීමට තීරණය කලෙමි. දැන් ඔස්ට්‍රේලියාවට යාමට හැක. එහෙත් මගේ පාස්පෝර්-ට් අළුතෙන් ගත යුතුය. මාතර ගම ගැන දැන් ඇත්තේ දැඩි කෝපයකි. ඒ නිසා සියලු දෑ සමඟ කඩවතට ආවෙමු.

ලංකාවට ආ මුල් කාලයේ සිට ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වූයේ භාරී කෝප වී ආපහු ඔස්ට්‍රේලියාවට ගෙන යන ලෙස බැන වැදුන නිසා ය. කාගෙ හෝ කැමැත්තට එරෙහි වීම මට කල නොහැකි දෙයකි. නැවත ඇය කැටුව ලංකාවට නොඑන බව තරයේ පැවසුවෙමි. කොළඹට විත් පාස්පෝර්-ට් ගැනීමට ඔස්ට්‍රේලියන් හයි කොමිසමට ගියේ හදිසි පාස්පෝර්-ට් එකකින් යාමට ය. එය මගේ පැරණි ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කරන විට කී නිසා ය. සුද්දී බෑ කියා කී විට සැරෙන් උත්තර දුනිමි. මෙය වූයේ සිකුරාදා ය. ඔන්ලයින් ඇපොයින්ට්මන්ට් එක සඳුදාට ලැබිනි. යන්න වාහන නැති වූයේ පෙට්‍රල් නැති නිසා ය. කෙසේ හෝ පික්මී හරහා 3වීලයකින් ගියෙමි. එය රඳවා ගත්තේ ආපසු යාමට ය. ඉල්ලුම් පත භාර දී සති කිහිපයකට පසු පාස්පෝර්-ට් ගැනීමට ඔස්ට්‍රේලියන් හයි කොමිසමට කලින් ආ 3වීලය නොතිබුනා නම් යන්නට වෙන්නේ පයින් ය. පෙට්‍රල් නැති නිසා වාහන නැත. කොතරම් බාධක ආවත් නිසි කල සියල්ල වීම මගේ උරුමයයි.

අවසානයේ යන දිනයත් අනෙක් තොරතුරුත් තේරීම පුතාට භාර දුන්නෙමි. ඒ අනුව බිස්නස් ක්ලාස් ටිකට් දෙකත් නැවතීමට තරැ පහේ හෝටලය බුක් කිරීමත් පුතා තම වියදමින් කලේ ය. ඒ අතරේ නිවසේ වැඩ කටයුතු කිහිපයක් පටන් ගත්තා. උදව් කරපු එකා එනවා කියා ගොස් ආවේ නැත. අතරමන් වුනෙමි. යන්නට බැරි තත්වයක් උදා විය. ගේට්ටු දොරක් සැපයීමට භාරගත් තුෂාර ස්ටීල්වර්-ක්ස්හි ඒකනායක මුදල් ගෙන බඩු එව්වේ නැත. මීටර් කියවීමට පමණක් ඇතුලු වන ගේට්ටුව යාමට පෙර හැදිය යුතුය. එය සැකෙන් රංජිත්ට දුනිමි. ඔහු නොසිතූ ආකාරයේ වෙනස් කෙනෙකි. ඔහු නිසා නොකරන්න හිටපු වැඩ ද කලෙමි. ඒ අතරේ තව දෙදෙනෙක් සමඟ ධර්මසිරි දොරවල් වැඩේ නිම කලේ ය. අවසන් මොහොත තෙක් සුසන්ත නිදි මරාගෙන මට ඇවැසි ලෙස අළුත් වයරිං කලේ ය. ගෙදර සුද්ද පවිත්‍ර කලේ නිමල් සමග ය. සිතේ නිදහසින් ගමන යා හැකි තැනට ආවෙමි. මෙය සිඩ්නි වලින් යන විට වූ ආකාරයට ම අවසන් මොහොත තෙක් ඇදී යාම අරුමයකි. එයාර්-පෝට් යන මොහොත තෙක් බෑග් සූදානම් කලෙමි. අන්තිමේදී මගේ ජීවිතය උඩු යටිකුරු කල ගමන නිම විය.

තව බෝහෝ සුවිශේෂ අත්දැකීම් වුවද නොකියන්නෙ සිංහලයන් නැති නිසා ය. ඒත් ජේසීබීයකින් පාරක් කපන විට හදිසියෙම අහස කළුවර වී හෙන පිට හෙන ගහන්න විය. වැඩ කලේ කඳු මුදුනක ය. රියදුරු බිය වී වැඩ නතර කලේ ය. පසු දින එම පාර ද තවත් පාරක් ද හැදුවෙමි. ඒ වසර හතර තුල මා මහ පොළොවට පය තැබුවෙමි. සිංහලයන් නැත. ඉන්නේ අමනුෂ්‍යයන් ය. මෙතෙක් ලිව්වේ සිංහලයන්ටය. අමනුෂ්‍යයන් නිසා ලියන විදියත් කරන විදිත් මෙතැන් සිට වෙනස් ය. මේ කාලය තුල යන්තමින් හෝ ඵලක් ඇති එකකු ලෙස දුටුවේ සුසන්ත පමණි. ඉතිරිය රටෙන් ගමෙන් ඉවත් නොකර මගේ වැඩ කල නොහැකි බව තිරව දනිමි. මෙතැන් සිටි මම ක්‍රියාත්මක කරන වැඩ සටහන තුල හිස් තැන් බොහෝ ය. ඒ හිඟන්නන් පහරන නිසා ය. හිස් තැන් දැනගැනීමට ලැබෙන්නේ රිසි (සෘෂි) අයට පමණි. රැකිය යුතු එකා රැකීමටත් නැසිය යුතු එකා නැසීමටත් මම සූදානම් වෙමි. මෙය හරි මගයි.

මම මුහුණ දීමට වෙන ප්‍රශ්ණ වලින් සිංහලයන් බේරාගැනීමට ගියෙමි. ඒ සඳහා සිංහලයන් වෙනුවෙන් කැපවූ ජන මාධ්‍ය හා යූටියුබ් චැනල් හරහා ප්‍රචාරණය ඇරඹීමට උත්සාහ කලෙමි. එහෙත් උන් ජඩයන් නිසා සියල්ල නැවතිනි. රට ගලවාගන්න දියසේන ලෙස ඉදිරිපත්ව සිටි ජඩයන් දැක මටම ලැජ්ජාවක් දැනුනි. මම ප්‍රචාරණය ඇරඹී නම්, උන් සේම විහිළුවට ලක් වන බොරු කාරයකු වනු ඇත. අනෙක් අතින් වැනසිය යුතු උන් බේරාගත යුතු නැත. කලයුතු වන්නේ වැනසීම ඉක්මන් කිරීමයි.

අද මගේ නිජබිම අමනුෂ‍්‍යයන්ගේ ගොදුරුබිම වී ඇත. කඳුබඩයාගේ තාරය තුලට පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා ජඩයන් රිංඟා ගෙන රට වනසති. බීමට පිරිසිදු ජලය නැත. කෑමට ඇත්තේ වස විෂ පිරි විකෘර්-ථි දේ ය. ජඩයන් කල විනාශය අතිමහත් ය. මෙසේ ගියහොත් නිජබිම නිසරු කතරක් වේ. බේරා ගැනීමට කුජ බලය හැර වෙන යමක් නැත. මුන් සුණු විසුණු කල යුතුමය. අද එය ලොව ඇති ජරා ම රටයි. පරමමුල ඉන්නේ ලොව ජරාම උන් ය. තේරුම් නොගති නම් මගේ වෑයම ගඟට ඉණි කැපීමකි. යන මග වෙනස් කරන උන්ට අවස්ථාක් දී අනෙක් උන්ට හිමි ඉරණම ලබාදෙමි. අන්තිමට 2006 දී කී ලෙසම ලොව හොඳම රට බවට පත් කරමි.


Tuesday 6 December 2022

මගේ වග තුග (මගේ වත ගොත) - 7 කොටස

 2012 ඇරඹි නව වසරේ සිට 2018 ඔක්තෝබර් 21 දක්වා

මේ කාලය තුල වග තුග කීමට අවශ්‍ය වුනත් පසුගිය කාලය තුල මුහුණ දුන් අභියෝග හමුවේ ඒ සඳහා කාලය නැති විය. 2018 ඔක්තෝබර් 21 දින සිට 2022 ඔක්තෝබර් 21 දින නැවත රටින් පිට වන තුරු මුහුණ දුන් අභියෝග හා ඉන් උගත් පාඩම් ගත් කල, මේ බ්ලොගය පවත්වාගෙන යන්නේ මා විසින් මට ම හදාගත් නීති රීති රැකීම සඳහා පමණි. මගේ බ්ලොග් ලිපි කියවපු උන් හා පසුව මුහුණුපොත හා යූ ටියුබ් හරහා මුණ ගැසුණු හැම එකාම එකිනෙකාට උරුම අන්තයට ගිය උන් වීම නිසා මගේ සොයාගැනීම් ප්‍රායෝගිකව තහවුරු කිරීමට ප්‍රයෝජනවත් විය. ජීවිත කාලය පුරාම කඳුබඩයන් මුහුණ දෙන ප්‍රශ්ණවල බැරෑරුම් ස්වරූපයට මුහුණ දීම තව තවත් දිගු විය. සිංහලයන් හඳුනා ගැනීමට කල internet භාවිතය කොතරම් නිශ්ඵල ද කියනවා නම්, අන්තිමට උත්සාහය අත හැරියේ කැලෑ සතුන් ළඟ උන්ට වඩා සිංහල උරුමයන් සතු බව පසක් වූ නිසා ය.

Facebook භාවිතය ලමයින් සඳහා ය යන මතය දැරූ මම internet හරහා එයට එකතු වුනෙමි. සිංහලයන් හමු වේ යන අදහසින් බොහෝ ක්‍රියාවන් ඇරඹුවෙමි. ඒ අතරේ විවිධාකාර චරිත හමු වුනා. තමන් සිංහල හෝ සිංහල බෞද්ධ කියාගෙන මා සමඟ වාදයට ආ බුකියේ අයිතිකාරයන් බොහෝ විය. ඒ අතරේ සිටි සකර්බගර් ගේ ඩෙපියුටි මා බුකියෙන් පන්නන බවට තර්.ජන කලේ මුල් දිනයේ ය. ඔහුගේ ගජ මිතුරා නිසා බුද්ධාගම ගැන දැරූ මතයට ප්‍රතිචාර ලෙස එය සිදු විය. මා බුකියට ඇදගෙන ආ ගජමිතුරා පසුව මගේ ඩෙපියුටි ලෙස තමන් හදා ගත් ඇන්දීම තුලින් මට සමීප වූ අයට බලපෑම් දැඩිව එල්ල කලේය. මට සමීප වීම හෝ ඈත්වීම කිසිදු වෙනසක් නැතිව භාර ගතිමි. මා පන්නන බව කී බුකි අධිපති තමන් සිංහල බෞදධ ගොවිගම යයි කියා පටන් ගත් කතාව කෙළවර වූයේ සිංහල කියා ජාතියක් නැති බවත්, ගෝතම කියන්නේ ගවයන්ට නායකයා බවත් පැවසීමෙනි.

මේ කාලය තුල උත්සාහ කලේ සිංහලයන් සොයා ගෙන රැකීමට අවශ‍්‍ය පියවර ගැනීමටයි. එසේම දුරස් වීම නිසා පුද්ගලයන්ගේ ස්වරූපය නොදැක ගණුදෙණු කිරීම තුලින් තාරික උරුමය නැතුව අවතාරික උරුමය ප්‍රදර්.ශණය කල ග්‍රාහකයන් සියලු දෙනා ම සිංහලයන් ලෙස තමන් හඳුන්වා ගත්ත ද, ඒ එකෙක්වත් සිංහලකම උරුම කරගත් උන් නොවීම විමතිය ජනනය කලා. එනම් පෙර උපතින් කිසි දා සිංහලයකු වී නැති බව තහවුරු වීමයි. මොවුන් තනිකරම සිංහලයන් ලෙස තමන් හඳුන්වා ගත්තෙ උපන් පරිසරයේ බලපෑම මත මිස සිංහල ජීවන රටාව අනුගමණය කිරීමට ගත් උත්සාහයක ඵලයක් නිසා නොවේ. උන් කොතරම් අමන ද කියනවා නම්, තමන් සතු පරස්පර උරුමයන් සියල්ල ම උන්ට සිංහල උරුමයන් ය. ඒ නිසාම, උන් තම විවිධත්වය තුල එකිනෙකා ගැටුනේ පිස්සු බල්ලන් සේ ය.

මා සතු අවතාරික ස්වරෑපය සිතැඟි සේ වෙනස් කල හැකි නිසා, එතුලින් ඔවුන් ගේ අවතාරික උරුමයට සම කල විට දුටුවේ ඔවුන් තුල කිසිදු සිංහල උරුමයක් නැති බවයි. සිංහල උරුමය යනු තිරිසනෙකු අභිබවා ගොස් දෙවියන්ට සමීප උරුමයන් තමන් සතු කර ගැනීමයි. මෙය දෙමව්පියන්ටවත් තමන්ටවත් ගොඩ නගා ගත හැකි දෙයක් නොවේ. අනිවාර්‍යයෙන්ම පරමතාරික බලය තුලින් ගොඩ නැගෙන උරුමයකි. මා සමඟ සමීපව වැඩ කර මගේ කැමැත්තට අනුව යන දරුවන්ට හිමි වන දෙයකි. මගෙන් බාහිරව එය ලබාගත නොහැකි බව මට ප්‍රත්‍යක්‍ෂ වූයේ ඒ වෙනස තුලිනි. දරුවන්ගේ උරුමය ගොඩ නැගෙන්නේ දෙමව්පිය පහසෙන් යැපෙන පරිසරයෙනි. එය ඉතාමත් තාවකාළික වෙනසකි. එහෙත් සිංහල උරුමය එසේ නොව ස්ථීර එකක් බව මා වටා රොක්වූ සමහරුන්ගේ පෙර උරුමය තුලින් දුටිමි. බොහෝ විට සිංහලයන් වීමට පෙර කඳුබඩයන් ලෙස ලැබුනු දෙයකි. ඔවුන් හරි මග නොයෑමේ ඵලයකි.

මට සමීප වූවන් තුලින් දුටුවේ, සමහරුන් ගත් විට, සමීපව සිට මගදි හැලුන උන්ද සිටින බවයි. හිරු යුගයෙන් තවත් හිරු යුගයකට යන විටත්, එක හිරරු යුගයක් තුල හතරට බෙදී එන අතුරු යුග හතර අවසානයේ ද යන මග පරික්‍ෂාවේදී ද මෙලෙස ඉවත් කරන්නෙ යා යුතු මගෙන් බැහැර වන උන් ය. ම්ලේච්ඡ තිරිසනුන් ලෙස අරඹා යන ගමනේ මෙවැනි කඩ ඉම් බොහෝ ය. එසේම දඬුවම් ලබපු උන් නැවත සලකා බැලීමට ළඟට ඒමක් දුටිමි. ඒත් සමහර උන් ලෝ දියේ ගිල්ලා මැකීම හැර වෙන මගක් නොදුටුවෙමි.

මම ඇමතුවේ සිංහලයන්ට පමණයි. ඒත් අන්තර්.ජාලෙ හරහා සම්බන්ධ වූ එකෙක් ළඟවත් මම හොයන සිංහල ගති නොදුටුවෙමි. මොවුන් සිංහල යයි හඳුන්වාගන්නේ ඇයි කියන එක විපරිතයකි. එසේ යයි කීමට ඇති එකම ශාක්‍ෂිය ඉංග්‍රීසීන් හඳුන්වා දුන් උප්පැන්නය පමණි. අවතාරික උරුමය තුල දුටුවේ ශ්‍රී ලාංකික ලෙස හඳුන්වාගන්නා සංක්‍රමණිකයන් පෙන්වන ලකුණු ය. කිසිදු පැකිලීමක් නැතුව තමන් සිංහල යයි හඳුන්වාගන්නේ සිංහලයන් ගැන කිසිදු අවබෝධයක් නැති බැලයන් වීම තුල කෙතරම් බොරුව ඉහලට ගොස් ඇතිදැයි හෙළි විය. සිංහලකම පිළිබිඹු කරන භාෂාව, සිරිත් විරිත්, හැසිරම් රටාව, ජීවන රටාව වැනි වටිනා අංග කිසිවක් නැති උන් කිසිදු ප්‍රමාදයකින් තොරව තමන් සිංහල යයි කීම අදහාගත නොහැකි හැසිරීමකි. මම ඔවුන් සමඟ කල කතාබහ ගත් විට, එකෙක්වත් වචනය ගොඩ නැගෙන ශබ්දයට එහා ගොස් අරුත දුටු බවක් නොදුටුවෙමි. ඉවසීමේ සීමාව පැන මගේ ඩෙපියුටි වෙන්න දඟලපු එකා ඈත් කල විට විරසක වී කල කතා එය සනාථ කලා. මම කියපු දේවල් ගැන දැක් වූ ආකල්පය ගත් කල, උන් දන්න ආකාරයට පොත පතින් ගත් දෑ ලෙස සිතන බව හැඟිනි. මම කොතරම් හෑල්ලු වී දැයි කියනවා නම්, එවැන්නන් ඉදිරිපත් වේ යයි දැන ඇරඹුවා නම් මම කියපු කිසිම දෙයක් නොකියමි. එනම් මේ බ්ලොගය ද නැත. මට පෙර දැනුම මත තීරණ ගැනීම නොවන පසුබිමක එය එසේ නොවීමත් මම හදා ගන්නා නීති රීති පවත්වාගෙන යන නිසාත්  පටන් ගත් දෙයක් තනිවම හෝ අවසානය තෙක් ඇදගෙන යන නිසා අතහැරයාමක් නොවින.

අන්තර්.ජාලය හරහා මුණ ගැසුනේ උගතුන් බුද්ධිමතුන් යයි සිතන සුවිශේෂ පිරිසකි. තමන් දන්නා බව පෙන්වමින් දැක් වූ අදහස් සියල්ල ඒ ආකාරයෙන් ම ඉංග්‍රීසින්ගෙන් අසා ඇති මට, කෙසේ මේ අදහස් ඔවුන්ගේ වූයේදැයි පැහැදිළි නොවීම අරුමයක් නොවේ. මොවුන් අවලමුන් ලෙස මම දුටුවෙමි. මෙය නොතේරෙන සිංහල වෙස් ගත් අමනුෂ්‍යයන් අසභ‍්‍ය වචනයක් ලෙස දුටුවද එය අරුත් බර යෙදුමකි. අපේ සැබෑ ස්වරූපය කියන වදනකි. අව+ලමුන් යනු සැඟවුනු හෝ නොපෙනෙන ලමුන් යයි කිව හැක. අව+තාරය වැනි අකුරු භාවිතයකි. එනම් ලමයින් සිටින හැසිරීම වෙනස් නොවූ එකෙකි. අපේ ජීවිත ඇරඹෙන්නෙ ලමයින් ලෙස ය. මේ අවදියේ, දෙමව්පියන්ගෙන් යැපෙන, ඇසෙන දකින දේ එලෙසම අනුකරණය කරන, සමීප අයගේ බසට නැමෙන, ඔවුන්ගෙ හැසිරීම තමන්ගේ කරගත්, තමන්ට කියා අනන්‍යතාවයක් නැති කොටසකි. සැබෑ තත්ව යටතේ වැඩීම සමඟ තමන්ටම ආවේනික චරිතය බවට පත්වේ. එහෙත් වැඩීම සමඟ, කාලය සමඟ, එසේ හැසිරෙන ආකාරය වෙනස් නොවී ශරීරය පමණක් සැකසේ නම් ඒ අවලමුන් ය. මොවුන් උපතේ සිට විපත දක්වා එකම ආකාරයෙන් හැසිරින්නේ තමන්ට කියා ආවේනික ගති පැවතුම් ගොඩ නගා ගැනීමට උත්සාහ නොකිරීම නිසා ය. සැබැවින්ම කුඩා ලමයින් සේ හැසිරීම නිසා එකම දේ නැවත නැවත කීමට සිදුවිය. කියපු දේ මතක නැතිව නැවත ඇසීම වදයක් විය. මම ද ඔවුන් සේ කාගෙන් හෝ අසාගත්, පොත පතින් උපුටාගත් අයෙකු ලෙස දැකීම ලැජ්ජාවකි. මම කොතරම් හෑල්ලු වූවා ද කියනවා නම් කතා නොකර සිටින තැනට ඈත් කලෙමි. මගේ ඩෙපියුටි වූ අවලමයා තරම් එකම දේ නැවත නැවත ඇසුවෙකු නැත.

උගතුන් බුද්ධිමතුන් සොයා ගියේ මගේ කාර්‍ය්‍යන්ට යෙදවීමටය. එක කට කටවල් දහසක් කිරීමට ගොස්, අන්තිමට අවලමුන් රැසකට සුරංඟනා කතා කියමින් ගතකල කාලය නිෂ්ඵල විය. අවසානයේ මම ද කෙප්ප කෙලින අහිගුන්ටික නඩේ සාමාජිකයකු වීමි. හැම එකාම බොරැවෙන් ජීවත්වෙන තැන, ඇත්ත කී මම ද උන්ට තවත් බොරුකාරයෙක් වීමි. පරම්පරාවෙන් බොරුව උරුම වූවන්ට ඇත්ත ලෙස පේන්නෙ ද බොරුව පමණක් බව පසක් විය.

කඳුබඩයකුගේ ජීවිතයට මගේ ජීවිතය දරාගත නොහැකි දුක් පීඩා ගහන වූ වේදනාකාරී ජීවිතයක් වුව ද, වසර තිස්දහසක අනුයුග කාල පරාසයක වූ වෙනස් කම් එක ජීවිත කාලයක විඳ, ඉන් ලබන සැසඳීම හරහා ඊ ළඟ හිරු යුගය ගොඩ නැගීම මෙන්ම, මට ඇති දරාගැනීමේ ශක්තියත් පිළිබිඹු කරන බව කිව යුතු ය. මේ අත්දැකීම් සියල්ල තුලින් දුටුවේ තේරිම් මත යන ගමනේ අනාගත ඵලය තීරණය කරන්නේ ද මා විසින් තාර හා අවතාර ගත කර ඇති අමනුෂ්‍යන් කරුමය ලෙස දකින හිරුකමේ අංග බව තහවුරු කරන බවයි. ඒ සඳහා මගේම තාරය යෙදීමත් ඒ තුලින් ලබන අත්දැකීමත් තුල අනන්‍ය වූ පරික්‍ෂාවක් වීම ය. අවට සමාජය තුල ඒ තේරීම් කරපු උන්ගේ අවසානය මට නොවීම තුල තහවුරු වූයේ, මා පවතින රටාවට පිටින් ක්‍රියාත්මක වන බවයි. එසේ නොවේ නම් මම බොහෝ වරක් විනාශ විය යුතු ය. මා මුණ ගැසුනු උන්ට සැබෑ ජීවිතයේ උරුම වූ ඵලයන් තුල තේරිම් මත යන ගමනේ අනාගත ඵලය තුලින් විය යුතු දේ වන බව දුටිමි. මේ යුගයට වැදගත් වන හිඟනකම අවසාන වන්නේ කුසගින්නෙන් දැවී ලබන මරණය බව පැවසිය යුතු ය. ඒ පසුපස සක්‍රීයව ක්‍රියාත්මක වන කොටසක් ඇති බවත්, ගනයන් වැනි මෝඩයන් පවසන ඉබේ සිදුවන දෙයක් නොවන බව දත යුතුයි. එසේ නොවී නම් ඵලය මට ද එලෙසම උරුම විය යුතු ය.

මේ කාලය තුල මට මුණ ගැසුනු හැම එකාම බියක් සැකක් නැතිව තම මතය කීවේ අන්තර්.ජාලයේ සැඟවී එසේ හැසිරිය හැකි බැවිනි. එය මහඟු අවස්ථාවකි. මේ නිසා මම අළුත් කතාවක් හැදුවෙමි. එනම් "යමක් දන්නේ එය කරපු එකා පමණි. කරපු දේ දැකපු උන් දන්නේ දැකපු දේ කීමට ය. කරපු කෙනා කී දේ අහපු උන් අහපු දේ කියති. මේ ගැන කිසිම දැනුමක් හිමි නොවූ උන් තම හිතට එන දේ කියති. උන් කියපු බොරුව දුටු අහපු හැම එකාම ඒ බොරුව ඒ ආකාරයෙන්ම වමාරති. ඌ බොරැ කාරයෙක් නම් ඊට තවත් බොරැ එකතු කර බොරු ගාලක් හදයි." ඇසූ එවැනි හොඳම ගෙතීම දියසේනයි.  සිංහලයන් ගැන අඹමල් රේණුවක තරම් දෙයක් නොදත් හිඟමනේ ආ ද්‍රවිඩ අහිගුන්ටික ගනයෙක් සිංහල උරුමය තම අභිමතයට අනුව විකෘති කොට ගෙතූ දියසේන ප්‍රබන්ධය අද අසිංහලයකු ලෙස පෙන්වන බොරැ පඹගාලක ගිලී ඇත. ඒ තුල බොරු සිංහලයන් කොටු වී හීන දකිති. මා වටා එකතු වූයේ ද උන්ගේ ම කොටසකි. උන් උගත් බුද්ධිමත් යයි අටවා ගත් දරහැව තුල මේ සියලු කෙප්ප තමන්ගේ යයි කීමට පසුබට නොවිනි. සුවිශේෂත්වය වූයේ මගෙන් මූලාශ්‍ර ඉල්ලීම ය. එනම් ඔවුන් මෙන් මමද කාගේ හෝ පොතකින් උපුටා කියන බවයි. ඉන් එහාට යමක් තේරුම් කරදීම නිශ්ඵල ය.

අරුමය වූයේ මට සමීප වූවන් කිසිවකු මා කී දේ තේරුම් නොගෙන ලංවීමයි. එය ඔවුන්ගේ හිස් බව පෙන්වපු එකකි. කිසි විටක මා දුන් දැනුම බදාගැනීම හෝ අන් අයට දීමට තරම් හේතු නොවී ය. එහෙත් තමන් දන්න බව පෙන්වීමට ඇසූ ගොන් ප්‍රශ්ණ බොහෝ ය. ඒ අතරේ, මම උන්ගේ කේන්දර බලන, උන්ගේ ගැලවීමට අනාවැකි කියන උන් ගේ ගජමිතුරෙකු වීමි. අවසාන ඵලය වූයේ උන් සියල්ලෝම ඈත් කිරීමයි. මම බලාපොරොත්තු වූ සහයෝගය කෙසේ වෙතත් උන්ගේ පෞද්ගළික ප්‍රශ්ණ විසඳන ආවතේව කාරයා වීම හිරිකිත ය. අන්දවපු මෝඩයන් සමඟ මොන කතා ද? එනයින් අන්තර්.ජාල වෑයම තනිකර ම නිශ්ඵල දෙයක් බව ප්‍රත්‍යක්‍ෂ වී බැහැර වීමි. උන් සමඟ යන ගමන ආඬි හත්දෙනා හදපු කැඳ හැලිය සිහි කරයි. තේරීමක් නොමැතිව යන මට ම ආවේනික ගමනේ තවත් මට අවශ්‍ය වන වෙනස්කම් මේ කාලය තුල හඳුනා ගත් බව කිව යුතු ය.

අන්තර්.ජාලය තුලින් හඳුනාගත් චරිත ද සුවිශේෂ ය. කොතරම් ද කියනවා නම්, සමීප වූ කිසිවකු මේ ලියන මොහොත තෙක් මගේ වැඩට සහායක් නොවීමයි. මොවුන් ද, මා වටා උපතින්, අධ්‍යාපනයෙන්, විවාහයෙන්, රැකියාවෙන්, ජීවත්වීම තුලින් සමීප වූවන් සේම බාධාවක් මිස සහනයක් නොවීම කෙතරම් අභියෝග රැසකට මා මුහුන දිය යුතු ද යන්න පැහැදිළි කරයි. චරිත සියල්ලම වැදගත් වුව ද, කාලය සීමිත නිසා සීමා කරමි. මගේ ඩෙපියුටි වූ කැලුමා වැන්නන් සමීපකර ගැනීම කොතරම් භයානක ද කියනවා නම්, කිසිවෙකුට මාව නියෝජනය කරන්නට ඉඩ නොදෙමි. මගේ නියෝජිත වීම මරණයයි. සම්පත් ගූගේ නමැති සක්කිලියා කොතරම් නීච ද කියනවා නම්, තමන් වටා එකතුවන අමනයන් ඇන්දවීමට ගල් පැලෙන බොරැ වුව කියන්නේ ය. මා ගැන කියපු දේවල් එළියට ආවේ කොතැනින්දැයි සෙවීමට බැරි තරම්‍ ය. කල්ප ගණන් බොරැව ජීවිතය කරගත් එවැනි කාලකන්නියන් සමාජ පිළිලයකි.  මුලිනුපුටා දැමිය යුතුයි. ඉතිරිය කිසිදු කමකට අයත් නොවන නිශ්ඵල චරිත බවට පත් වූවන් ය. සියල්ලම ගත් විට, තාරයක් ලැබුන ද කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි දුබල අමන සතුන් බිහි කරන අවතාරික උරුම ඇති උන් බව තහවුරු විය. ඒ අතරේ සිංහල උරුමය ඇති උන් සිටියා නම් අද වන විට කල යුතු සියල්ල අරඹා හමාර ය.

අත් දුටු සියල්ල තුල, යා යුතු මග අඩාල කල හේතු සොයා ගැනීමත් ඊට නිසි පිළියම් යෙදීමත් මගේ කාරිය වන්නේ ය. සියල්ලන්ට ම යා යුතු මග යාමට අවශ්‍ය පරිසරය ගොඩ නැගිය යුතුයි. ඊ ළඟ කොටසේ, මා උඩු යටිකුරු කල, ජීවිතය ආරම්භයේ සිට ගොඩ නැගුනු බැඳීම් සිඳ බිඳ ලූ වසර හතරක කාලය ගැන ලියමි. ඒ 2018 ඔක්තෝබර් 21 සිට 2022 ඔක්තෝබර් 21 දක්වා ශ්‍රී ලංකාවේ ජීවත් වී ලැබූ අත් දැකීමයි. කාලය නිමා වී යාමට පෙර කල යුතු දෑ බොහෝය. බුධකමෙන් උත්තර නැති තැන කුජකමෙන් විසඳුම් ලැබෙන කාලයට පෙර කිවයුතු යයි සිතමි.