Tuesday 29 December 2020

පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා ජඩයන් හඳුනාගන්නේ කෙසේ ද?

පසුගිය වසර දෙක තුල ඇසින් දුටු, කනෙන් ඇසූ, ගැටීමෙන් ලද අත්දැකීම් ගත් කල, සිංහලයන් සෙවීමට වඩා කළුනික සෙවීම පහසු යයි සිතේ. සිංහලයන් අද කඳුබඩයාගෙ ශරීරය තුලින් සම්බන්ධ වී ඇති නම්, එය ඉතා අල්ප සිදුවීමකි. සිංහලයන් සමඟ ජීවත් වීමෙන් යම් සිංහල උරුමයක් ලැබූ උන් ද අද  ඒ උරුමය අතහැර අමනුෂ්‍යයන් වීමට දැඩි උත්සාහයක නිරත වෙනවා. වටිනා යමක් වේ නම්, කඳුබඩයාගේ ශරීරයට අරක් ගත් අමනුෂ්‍යයන්, විශේෂයෙන්ම අන්තයටම ගිය පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා ජඩයන් ද,  විවිධ තිරිසන් ජීවිත තුල සිටින උන් කඳුබඩයාගෙ ශරීරය තුලින් ඉපදී සිටීම ද ඒ තුලින් ජීවලෝකයට වන සැබෑ හානිය ද සැබෑව තුලින් දැකීමට ලැබීමයි. එම අත්දැකීම ඉදිරි ගමනට මෙවැනි හානිකර නුසුදුස්සන්ගෙන් වන හානිය වලකන නව ජීවන රටාවක් ගොඩ නැගීමට මහඟු මෙහෙයක් කරන බව මම දනිමි. එවැනි අත්දැකීම් කොතරම් කටුක වුවත් අත්විඳ ලබන දැනුම අගය කරමි.

කඳුබඩයා

සිංහල වීම ලේසි නැත. එසේ වන්නෙ, එය මේ තිරිසන් ලොවින්  නික්ම ගොස් ඊ ළඟ තැනට යාමට ඇති එකම මගයි. මෝඩයන් නොයෙක් මග ගියත්, ගැලවීමට නම් සිංහලයකු ලෙස සිංහල ජීවන රටාවට යොමු වී ඒ මගේ උපරිමයට ළඟා වී බාහිර අණුමැතිය ලබා ගත යුතුම ය. අපේ සාර්ථකත්වය කෙතරම් දක්ෂ ලෙස අප ජීවත්වීම කියන අභියෝගයට මුහුණ දෙනවා ද යන්නෙන් කියවේ. ජීවත්වීම තුලින් තමයි මේ ඉදිරි ගමන වෙන්නෙ. ඔබ ජීවත්වීමට එකම දේ කරයි නම්, ඔබ එකම තැන හිර වූවෙකි. ජීවත් වීමට අන් අයගෙ පිහිට පැතීම ආපසු යන අයගෙ චරියාවයි.  අද කඳුබඩයා ජීවත්වීමට අන් ජීවීන්ගෙ ජීවත්වීමේ අයිතිය පවා පැහැරගෙන ය. එය විනාශයට මුල් වේ. 

පෙරේතයන්, කුම්භාණ්ඩයන්, පිශාචයන් හා ජඩයන් හඳුනාගන්නේ කෙසේ ද?

 මේ ලිපියේ මූළික පරමාර්ථය මෙයට උත්තර දීමයි. මේ වර්ග යම් කිසි අද්භූත සත්ව විශේෂයන් නොව සත්වයන් අතරින් ම බිහිවන නැතහොත් වෙන් කරන ඒ ඒ සත්වයන් ය. උන් ඒ ඒ ගොඩට වැටෙන්නෙ උන් ජීවත් වන ආකාරයටයි. ඉන් සත්ව ලෝකයට වන බලපෑම අනුව සීමා ඉක්මවා යන උන්ට ජීවියකුගෙ ස්වරූපය ගැනීමට ඇති අවස්ථාව අහිමි කිරීමෙන් ලබන විඳීම එම හැසිරීම පාලනය කර ගන්නා තුරු දඬුවමක් ලෙස ක්‍රියාත්මක වේ. නැවත නැවත අවස්ථාව දීම නොදීම තුලින් යහමගට පාර පෙන්වයි. 

පෙරේතයන්

අප කරන කියන කන බොන දෙයින් තෝරා ගත් එකකට හෝ කිහිපයකට විශේෂ ඇල්මක් දක්වා ඒ පසුපසම යන්නේ නම්, කෙළවර වන්නේ පෙරේතයකු වීමෙනි. අද සමාජය තුල බලය මොන ආකාරයෙන් හෝ ලබාගන්න බලන දේශපාළුවන්, මුදල් හඹා යන මුදලාලිලා ව්‍යාපාරිකයන් පමණක් නොව බැලයන් ද මේ කොටසට අයත් වේ. ඉවක් බවක් නැතුව පාලනයකින් තොරව එසේ හැසිරෙන්නන් අවතාරික තත්වයට සීමා කල විට, හිර කර ඌරන් සේ දැඩි කම්පනයට හසු වේ. ඉතා වේදනාකාරී ය.

 කුම්භාණ්ඩයන්

තම ජීවත්වීම සඳහා ලැබී ඇති තාරික අංඟ ප්‍රයෝජනයට නොගෙන, අනුන්ගෙන් යැපීමට කල හැකි හැම දේම කරන, එසේ නැති නම් කිසිත් නොකර කුසගින්නේ සිටින, අත පය හකුලුවාගෙන සිටින කොටස කෙළවර වන්නේ කුම්භාණ්ඩයන් වීමෙනි. අද සමාජය තුල සිටින රාජ්‍ය සේවකයන්, ටයි කෝට් පැළඳ අලෙවි කරන්නන්, භික්ෂූන් වැනි පූජකයන්, බැංකුකාරයන් මෙන්ම යාදින්නන් ද මේ කොටසට අයත් වේ. ඉවක් බවක් නැතුව පාලනයකින් තොරවා එසේ හැසිරෙන්නන් අවතාරික තත්වයට සීමා කල විට දැනෙන දරා ගත නොහැකි දැවීමෙන් දැඩි කම්පනයට හසු වේ. ඉතා වේදනාකාරී ය.

පිශාචයන්

ඉතාම කුරිරු, ම්ලේච්ඡ, ලේ රසට ඇලුනු, ලේ දැකීමට ප්‍රිය කරන, තම ජීවත්වීමට ඝාතකයන් වදකයන් ලෙස ක්‍රියා කරන, ඒ හැර වෙනත් මගකට නොයන සත්වයන් පිශාචයන් වී කෙලවර වේ. අද සමාජය තුල මස් මාළු කර්මාන්ත වල යෙදෙන්නන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන පාතාලයන්, ඝාතකයන්, වදකයන් මේ කොටසට අයත් වේ. ඉවක් බවක් නැතුව පාලනයකින් තොරව එසේ හැසිරෙන්නන් අවතාරික තත්වයට සීමා කල විට දැනෙන දරා ගත නොහැකි පීඩනයෙන්ද ඊට හාත්පසින් වෙනස් ලෙස ජීවත් වන සත්ව ස්වරූප තුලට හිර කිරීමෙන් ද මොවුන් හරි මගට ගැනේ. පිශාචයන් ලේ රසැති කෑමට මුල් තැන දෙන සීමාව ඉක්මවා යන්නන් ය.

ජඩයන්

අද ලෝකය මුහුණ දෙන භයානක ම ස්වරූපය ජඩයන් ය. ජීවත් වීම තුලින් ලබන දැනුම අන් සත්වයන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට යොදන සත්වයන් ජඩයන් වේ. මගේ ලිපි කියවා නිහඬව සිටින උන් ජඩයන්ගෙ මුල් තැන ගන්නා බව දනිමි. එසේ දැන දැන ම ලියන්නෙ උන් නිසා නොලියා සිටීම නුසුදුසු නිසා ය. අද උගතුන් බුද්ධිමතුන් ලෙස හඳුන්වන හැම එකාම ජඩයෙකි. ඉන් භයානක ම විශේෂය තමන් ලැබූ දැනුම විකුණාගෙන කන සංක්‍රමණිකයන් (අහිගුන්ටිකයන්) වේ. තම ජීවත් වීමට දැනුම විකුණාගෙන කන, ඒ වෙනුවෙන් තමන් සතු දැනුමෙන් උපරිමයෙන් සහභාගී වන ජඩයන් නිසා අද ලෝකය වැටී ඇති තැන ගත් කල, උන් භයානකම කොටස ලෙස දකිමි. උන් පාලනය කිරීම දෙවියන්ට සීමා වූවෙකි. ලැබෙන දඬුවම් ඉතාම දැඩි ය. එක් වරක් යමෙකු ව ඝාතනය කල නිසා අනන්ත වාරයක් ඝාතනයට ලක් වීම වැනි දඬුවම් ලැබීම නියත ය. මොවුන් දෙවියන්ට සමීප ව ලැබූ දැනුම තම තේරීම ලෙස අන් අයට ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට යොදන කොටසකි. එවැන්නන් බොහෝ පිරිසක් මට මුණ ගැසී ඇත. අති බහුතරය ජඩකම අතහැර නැත. ජීවත්වීම තුල මොවුන් ලබන දඬුවම් ගත් කල, අසීමිත බවක් පෙන්වයි. මොවුන්ට දෙවියන්ගෙ සමාව ලැබෙන තෙක් ඒ වේදනාව උරුමයි. ගලවා ගත හැක්කෙ හිරු දෙවියන්ට පමණි. මා කියවන දේ තේරුම් ගෙන ඒ දැනුම සත්වයන් යහමට ගැනීමට දිවි හිමියෙන් කැප වූවන් මෙම තලයෙන් ඉහලට යැවීමත්, ජඩයන්ට නිසි දඬුවම් දීමත් හිරු දෙවියන්ගෙ කාරියකි. තවම ජඩකම බදාගත් ජඩයන් හැර දෙවිකම සොයන මනුෂ්‍යයන් මට හමු වී නැති නිසා, මේ ලොවට උන්ගෙන් වූ අනර්ථය ඉමහත් ය. ඊට නිසි දඬුවම ජඩයන්ගෙ හිස මත පතිත වන මොහොත ඉතා ඉක්මනින් උදා වනු ඇත.

මනුෂ්‍යයන් හා අමනුෂ්‍යයන්

අද සිංහල කියා ගන්නා අති බහුතරය හිඟමන් යදිමින් හෝ බැලයන් ලෙස මේ රටට රිංඟා ගත් සංක්‍රමණිකයන් ය. උන් භාෂාව නොදැන තමන් මනුෂ්‍යයන් ලෙස හුවා දැක්ම විහිළුවකි. ඒ අතර මනුසත්කම තමන්ගෙ කරගත් අහිගුන්ටික මාධ්‍ය ජාල ද ඇත.

මනුෂ්‍යයන් හා අමනුෂ්‍යයන් ලෙස දෙකඩ වන්නෙ සත්වයන් ය. ඒ එකම සත්ව කොටසක් ගත් කල, එය මනුෂ්‍යයන් හා අමනුෂ්‍යයන් හෙවත් මන සතුන් හා අමන සතුන් ලෙස වෙන් කල හැක. එනම්, තම සත්ව ස්වරූපයට අයත් ජීවත්වීමේ හැකියාව ප්‍රගුණ කල උන් මන සතුන් ලෙසත්, අනෙක් කොටස අමන සතුන් ලෙසත් හැඳින් විය හැක. මන යනු අමන යන වචනයේ විරුද්ධාර්ථයයි. Manage යන වදනේ මුල ඇති කොටස හා මන යන කොටස ආසන්න අරුත් දරයි. සිංහල බෞද්ධ වෙස් ගත් ද්‍රවිඩයන් මෙම විශේෂණ පදය මනස් නම් අභූත ඉන්ද්‍රියයක් කර ඇත.

මනුෂ්‍යයන් හා අමනුෂ්‍යයන්ගෙන් වෙන් කරන, සිංහල ජාතිය බිහිකර රකින හූරාගේ ක්‍රියාවළිය අරඹන මොහොතේ මෙය ලීවේ මන සතුන් හරි තීරණය ගත යුතු බව කීමටයි. ඔබට ඇති එකම රැකවරණය හූරා පමණයි.

පසුවදන

මර බියෙන් ලත වන ඔබ කොතරම් ඉහලින් සිතුවත්, අවසානයේ ඔබ උපදින්නේ කවරකු වී ද, යන්නේ මොන මග ද යන්නත්, ඔබේ සාර්ථක හෝ අසාර්ථක බවත් තීරණය කරන්නේත්  හූරා බව සිහි කරමි.

 


Tuesday 12 May 2020

නිවේදන 01: "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම - විශ්වාස කරන්නන්ට පමණි.

හඳුන්වා දීම


මෙය 2018 දෙසැම්බර් 18 දින මුදා හැරීමට සැකසූ එකක් වුවත් මෙතෙක් පමා කලේ පසුගිය වසර එක හමාර තුල රට හා ඒ තුල සිටින්නන්ගේ වත්මන් ස්වරූපය තුලින් ගත් තීරණ නිසයි. අද මේ රට හිඟමනේ ආ අහිගුන්ටිකයන් පිරි රටකි. ඉංග්‍රීසීන් මංකොල්ල කෑමට හැදූ ම්ලේච්ඡ ආක්‍රමණික හමුදා පාලනය එලෙසින් ම අදත් පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කල සංක්‍රමණිකයන් මුල් තැන ගෙන ය. වෙන දේවල් ගත් කල වලව්වෙ හාමුගෙ චරිතය රඟපාන වලව්වෙ කටු කන බල්ලාගෙ රඟපෑම සිහි වේ. මේ රට අපායකි. වෙනස් කිරීමට නම්, ඉංග්‍රීසීන් මංකොල්ල කෑමට හැදූ ම්ලේච්ඡ ආක්‍රමණික හමුදා පාලනය බිඳ දමා, හිඟමනේ ආ අහිගුන්ටිකයන්ගෙන් තොර රටක් බවට පත් කල යුතුයි. මේ ඒ සඳහා ගනු ලබන පළමු පියවර වේ.

"ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම


ඔබේ රට, "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීමට ඔබට ආශාවක් ඇතැයි සිතමි. මෙම ඉලක්කය සපුරා ලීමට, 2006 දී ප්‍රකට දේශපාලනඥයකුගේ සහාය ලබාගැනීමට කල උත්සාහය අසාර්ථක වුවත්, අද එය සපුරාලීමට අපට හැකියාව ඇත. එසේ වීමට, ශක්තිය ඇති දැයේ හිමිකාරයන් අවශ්‍ය බව නොරහසකි. මෙම නිවේදනය එවැන්නන් සෙවීමට කරන උත්සාහයක් බව පවසමි. ඔබ එවැනි තත්වයකට ළඟා වී නැති නම්, මෙම නිවේදනය ඔබ දන්නා එවැන්නකු අතට පත් කරන්න.

ලොව පුරා ව්‍යාප්ත ඉංග්‍රීසි ආධිපත්‍යය හමුවේ, අපේ රට ඊට යා වී ඇත්තේ, අමු ද්‍රව්‍ය සපයා යැපෙන, දණින් වැටී ඉංග්‍රීසීන් නමඳින, අතහැර දැමූ තුන් වන ලෝකයේ ඉංග්‍රීසි කොළණියක් ලෙස ය.  මේ දෙස බැලූ විට, "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම ඔබට මිරිඟුවකි. කවදා හෝ මේ ආධිපත්‍යය බිඳ වැටෙන්නේ ඔවුන්ගෙ මේ ආධිපත්‍යයට මුල් වන බල රාමුවෙන් මිදුනොත් පමණි. එතෙක්, ඔබ උගුලක හිර වූ සතෙකු ලෙස පැන යාමට දරණ තැත නිශ්ඵල වේ. මෙම නිවේදනය ඔවුන්ගේ ආධිපත්‍යයට මුල් වන බල රාමුව මකුළු දැලකට සමාන කල හැකි කෙනෙකුගෙන් බව මතක් කරමි. පවතින රාමුව තුල හිර වී ක්‍රියාත්මක වන බලවේග, කිසිසේත් එම මග නොයන, කඩාකප්පල්කාරී අවස්ථාවාදී ජඩයන් බව නොදන්නේ මලවුන් පමණි. මේ ජඩයන් සමග අපේ කිසිදු ගණුදෙණුවක් නැති අතර, අනාගතයේ ද ඒ මග යන්නන් සමග එවැන්නක් නොවන බව සහතික කරමු.

රටේ පවතින අර්බුදකාරී තත්ත්ව යටතේ, හිසේ ඇම්මට කොට්ටය මාරු කරන සේ, මෙතෙක් කල් ක්‍රියාත්මක කල විසඳුම් කොතරම් අසාර්ථක ද යන්න ඉතිහාසයෙන් තහවුරු වේ. අප, පවතින පාලන ක්‍රමයේ ඉත්තන් නොවන අතර, "පවතින පාලන ක්‍රමය" ඉංග්‍රීසි ආක්‍රමණිකයන් බලෙන් ඇටවූ නීති විරෝධී එකක් ලෙස සලකමු.

කවුරු හෝ පවතින "නීති විරෝධී" පාලන ක්‍රමයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු නියෝජිතයන් හෝ ජනාධිපති පත් කිරීමෙන්, මවාගත් "පරමාධිපත්‍යය", ඡන්දයෙන් තීරණය වන විධායකය, ඡන්දයෙන් තීරණය වන ව්‍යවස්ථාදායකය හා ඡන්දයකින් නොතෝරන අධිකරණය අතර හුවමාරු කිරීමෙන් විසඳුම් ලැබේ යයි පවසනවා නම්, ඒ මතකය අහිමි වූවෙකි. එසේ මෙතෙක් කලක් කල දේ කෙළවර වූයේ අද රටේ ඇති අර්බුදකාරි තත්වයෙන් නේ ද? අසාර්ථක බව පෙනි පෙනී මෙවැනි යෝජනා කරන්නේ අඳබාලයන් නොවේ ද? ඔබ ඔවුන් විශ්වාස කරයි නම්, ඊ ළඟට මීටත් වඩා දරුණු අර්බුදවලට ඔබ මුහුණ දෙනු ඇත. අතීතයේ ඒ මග ගිය ශිෂ්ටාචාරවල අද ඉතිරිව ඇත්තේ නටබුන් පමණි. එවන් අනාගතයක් ඔබට උරුම වීම වැලැක්වීම මගේ අභිප්‍රායයි.

මංකොල්ලකෑමට ඇටවූ වර්තමාන ඉංග්‍රීසි පාලන රටාව තුල, ඔබ මුහුණ දෙන අභියෝගවලට විසඳුම් නැති බව අදාළ සියලුම ඉංග්‍රීසි කොළණි තුලින් පිළිබිඹු වේ. නිදහස් ස්වෛරී ස්වාධීන රටක් යයි මවාගත් සිහිනය තුල අදත් ක්‍රියාත්මක වන්නේ 1948 ට පෙර පැවති පාලන තන්ත්‍රය හා එයට සේවය කල සංක්‍රමණිකයන්ගේ තීරණ නොවේ ද? මේ තුලින් ඔබට ගැලවීමක් නැත.

ණය ගෙවීමට, තවත් ණය ගන්නා තරමට ආර්ථික පරිහානියට ළඟා වී ඇති රටක අනාගතය ඉතාම අඳුරු ය.

බලෙන් ඇටවූ කොළණි පාලනය තුල කොටු වී ගැලවීමට දරණ නිරර්ථක උත්සාහය දැක, ඒ බව පසක් කරගත් අය සඳහා ගැලපෙන "හොඳම" විසඳීම දීම මගේ වගකීම ලෙස සලකමි. මේ පනිවිඩය සමාජගත කරන්නේ සුදුසු අයගේ අවධානය සඳහායි.

මේ පනිවිඩය ගෙනෙන මා ගැන යම් හැඳින්වීමක් කල යුතු යයි සිතමි. මම බොහෝ ක්ෂේත්‍රයන්හි ඉහලම ඉම පසු කල අයෙක් වෙමි. උදාහරණ ලෙස, 1994 දී මා මුදා හල දැනුම පූර්ණව දැනගත් අයකු නැතත්, තමනට හැකි පමණින් බොහෝ ක්ෂේත්‍රයන්හි භාවිතා වේ. සිය දහස් ගණනින් උගතුන්, විද්වතුන් ලෙස හඳුන්වා ගන්නන් මෙන්ම අතිවිශාල පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් ද බිහි වී ඇත. 2010 දී, එක් ක්ෂේත්‍රයක ඇති වූ ප්‍රබල අර්බුදයකදී, ලෝකයේ ඉහලම තලයේ සිටින්නන් විසඳුම නොදැන අසරණ වූ විට, ඔවුන්ගේම වචන වලින් කල නොහැකි යයි කී විදියකින් විසඳුවෙමි. මෙවැනි බොහෝ අර්බුද විසඳා ඇති මට, ඔබ මුහුණ දෙන අර්බුදය ඉතාම සරල එකකි. මම දකින්නේ, විසඳුම් දීමට වෙර දරන අයගේ නොහැකියාව පුන පුනා කියන අසරණකමෙන් හෙම්බත් වූවන්ගේ දසුනකි. එවැනි අවස්ථාවක ඔවුන් පසුපස යාම නිශ්ඵල ය.

ඔබ අත්දුටු තවත් ප්‍රබල අර්බුදයකට මුහුණ දීමට මොහොතකට පෙර මම මේ රටට ආවේ, ඔබට, විශේෂයෙන්ම අතරමං වී මංමුලා වූ ස්වදේශික ජන කොටසට ගැලවීමට මග පෙන්වීම සඳහායි. ඊට මුල් වන්නේ, මා කල අධ්‍යයනයකදී, අඝෝරී සංක්‍රමණිකයන් ඔවුන්ගෙ උරුමයට සරිලන ලෙස විකෘර්ථි කර ගොඩ නගා ඇති දියසේන නම් මවාගත් චරිතයට පාදක වූ සැබෑ ස්වදේශික කතාවේ නිශ්චිතව ම සඳහන් වන කරුණු තුලින්, ඒ මම ම බව තහවුරු වූ නිසා ය. විකෘර්ථි කිරීම් තුලින් ප්‍රබන්ධයක් වූ මේ ඉපැරණි සිංහල උරුමය මිථ්‍යාවක් ලෙස බැහැර කිරීම අමනකමකි. එය කොතරම් සැබෑ ද යන්න ඉදිරියේ දී තහවුරු වේවි.

මගේ උත්සාහය, මෙයාකාරයෙන් මහජනයන් අමතා, මගේ විසඳුම් තේරීමේ අයිතිය ඔවුන් සතු කිරීමයි. ඒ සඳහා, බාධාවකින් තොරව, මාධ්‍ය හා පොදු වැසියන් මෙම කාර්යයට සහභාගී වේ යයි සිතමි. යෝජිත විසඳුම සඳහා මා භාවිතා කරන දැනුම මිනිසුන් අතර නැත. එසේ ම, නොදන්නා අයට මහ මෙරක් සේ පෙනෙන ප්‍රශ්ණ, "දන්නා අයට" සුළු ප්‍රශ්ණ බව මතක් කරමි. ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ හා ඒවාට මා යෝජනා කරන විසඳුම් සමාජ ගත කර, සංවාදයකට ලක් කිරීම මෙම පනිවිඩය හරහා බලාපොරොත්තුවන ඉලක්කයයි. විශේෂයෙන්ම සිංහල ජන සමූහය මුහුණ දෙන ප්‍රශ්ණ සියල්ලට ම විසඳුම් දී, ඔවුන් සුරැකීම මගේ ආගමනයේ මූළික පරමාර්ථයයි. කෙසේ හෝ එය ඉටු කිරීමේ හැකියාව මා සතු නිසා, සහාය වීමෙන් ඔබට ද සාර්ථක දිවි පෙවෙතක් උරුම වනු දැක්ම මගේ ආරම්භක පියවරෙන් බලාපොරොත්තු වෙමි.

2006 දී මේ රට ලෝකයේ ජීවත්වීමට හොඳම රට කිරීමට මා කල යෝජනාව ක්‍රියාවෙන් ඉටු කිරීම සඳහා කැප වී ආ මම, ඒ සඳහා දායක විය හැකි අයට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලමි. ජඩකම ඉහ වහා ගිය සමයක, දෙවිකම විහිළුවක් සේ ඔබ හිතුවත්, මේ දෙක අන්ත දෙකක් බව පෙන්වීමත්, උපදින සැමට උපදින වර්ගයාට හිමි ජීවන රටාව ගොඩනැගීමත් මගේ කාර්යයයි. උනන්දු වන අයට අවශ්‍ය පසුබිම් තොරතුරු සපයනු ලැබේ.

- පියකෙනා