Saturday 11 February 2017

තා, පුතා, මහතා, අවතා, සතා, කතා ....

තාක්ෂණික බිඳවැටීම් හා අනෙකුත් හේතූන් නිසා ඉතිරි කොටස් වල වීඩියෝ පොදු මාධ්‍ය හරහා විකාශණය කිරීම නවතා දැමීමට සිදු වුනා. බොහෝ විට ඉතිරි කොටස් සිංහලයන් අත පමණක් දීම අභිප්‍රායයි. දැනට මුදා හැර ඇති තොයරතුරු ප්‍රගුණ කල අයට මේ සඳහා වරම් ඇත.

අද දාපු ලිපිය මුහුණු පොතේ සිංහල අරම - ඇඩ්මින් නැත යන කණ්ඩායමේ මා දාපු එකකින් උපුටා ගත්තකි.
....................

 සිංහලයන් මානව ඉතිහාසය පටන් ගත් දින සිට ගොඩ නැගූ උරුමයට හිමිකම් කියන ජාතියකි. වෙනත් ජාතීන් සතුව ඇත්තේ භාගික කොටස් පමණි. මෙම ප්‍රකාශය එක් එක් ජාතියෙ උරුමය තුලින් තහවුරු වේ.

සිංහලයන්ගේ මෙකී උරුමයේ මුල් තැන ගන්නේ ඔවුන් ගොඩ නැගූ දැනුමෙනි. එය පොතක් යයි සිතීම විහිළුවකි. සැබැවින් ම මේ දැනුම භාවිතයෙන් රැකෙන්නකි. අපි එය දන්නේ එදිනෙදා භාවිතා කරන සිංහල භාෂාව ලෙස ය. එහෙත් කී දෙනෙක් තමන් කතා කරන වචන පසුපස ඇති දැනුම හා ඉතිහාසය දන්නවා ද?

මෙතෙක් කල් මුලා වූ ජාතියක් ලෙස සිංහල යන වචනයේ පසුපස ඇති දැනුම හා ඉතිහාසය අප දුටුවේ, ඉන්දියාවේ සිට මිෂනාරී වැඩට ආ අඝෝරී සාධු කෙනෙකු වන මහනාමන් නම් ඉන්දීය තමිලයාගෙ විග්‍රහයට අනුවයි. එය නොදන්නා ජාතියක් ගැන ඉබාගාතේ යන යාචකයෙක් කී පබැදුමක් වීම ලැජ්ජාවට හේතු වේ. කලින් කී ලෙස, මෙම වචනයේ සැබෑ අරුතත් ඒ පසුපස ඇති දීර්ඝ ඉතිහාසයත් දැන සිංහලයෙක් යයි හඳුන්වාගැනීම අප සහජයෙන් පෙන්වන අභිමානයට මුල් වේ.

අද කතා කරන්නේ තවත් සිංහල වචන කීපයක් ගැනයි. සිංහලයෙක් වීමට තම භාෂාව මනාව ප්‍රගුණ කල යුතු ය. අඩු තරමින් දිනකට එක වචනයක හෝ සැබෑ අරුතත් ඒ පසුපස ඇති දීර්ඝ ඉතිහාසයත් තේරුම් ගත් විට, අප අතරට වැද භාෂාව වනසන යාචකයන්ගේ සැබෑ ස්වරූපය තේරුම් ගැනීමට දායක වේ.

"තා, පුතා, මහතා, අවතා, සතා, කතා ...." යන වචන සමූහය ගත් කල සිංහල භාෂාවට ම ආවේණික එකිනෙකට බැඳුණු වචන රටාවක් ලෙස මුළු භාෂාව ම දිස් වේ. එවිට පර වචන කුණුකසල සේ වෙන් වේ.

ඉහත වචන වල ප්‍රධාන ශබ්දය වන තා,මනුසතා තිරිසන් යුගයේ කල ශබ්දයකි. අද ද මේ ශබ්දය අතදරුවන් නගන හඬකි. එනම් සිංහල පටන් ගන්නෙ එතැනින් ය.

"තා" යනු තෝ (Thou >>> you) හෙවත් ගතක් ඇත්තා සේ අරුත් දේ. මෙය ද මුල් වචන කිහිපයකින් එකකි. අද සමහර ආගමිකයන් මෙය නුසුදුසු වචනයක් ලෙස බැහැර කරන්නේ ද, මෙම වචනය තුල ගැබ් වූ ප්‍රෞඪත්වය හමුවේ උන්ගෙ හිත් කීරි ගැසෙන නිසා ය. සුදුසු තැන මේ වචනය භාවිතා කිරීමට සිංහලයන් පැකිලිය යුතු නැත. මෙහි අනෙක් වචනය "තී" වේ.

"පුතා" යන්න "පුංචි තෝ" යන දෙකේ එකතුවයි. ගතෙන් පුංචි එකා යයි කියමු. අද මෙය දෙමව්පියන් තම පිරිමි දරුවාට අමතන වචනයයි. මේ තුල සිංහල ජාතිය පිරිමිකම මුල් වූ ජාතියක් බව කියයි. වෙනත් ජාතීන් හා සැසඳූ විට සිංහල ගැහැණිය ද ළඳ බොළඳ කතක් (ක"ත") නොව අවශ්‍ය තැන හැඩි දැඩි බවක් (පිරිමි බවක්) පෙන්වයි.

"මහතා" යන්න මහ තෝ වේ. විශාල ශරීරයක් ඇති එකා යන අදහස දේ. කැලෑවේදී එවැනි ශරීරයක් ඇත්තා මුල් තැන ගනී. අද ද මේ වචනය එම අරුත ම දේ.

"අවතා" යන්න මට ඉතා වැදගත් වූ වචනයයි. සැබැවින් ම මේ ලිපිය දාන්නේ ද එය වැදගත් වූ නිසයි. අද මේ වචනය දන්න අය මට හමුවී නැත. මෙතරම් වැදගත් වචනයක් එසේ පසුබෑම අපේ බිඳවැටීම කියයි. "අවතා" යන්න සැඟවුනු හෝ පසුපසින් සිටින තා ලෙස අරුත් දේ. එනම් තා (ගත) පිටුපසින් සිටින තා, "අවතා" ලෙස ගැනේ. අව හඳ, අව පස, අව යව, අව කැපෙන යන වචන භාවිතය තුලින් "අව" යන්න ගැන අරුත උකහා ගත හැක.

"අවතා" ගැන අසා නැතත්, එහි පසු කාලීන වචනය වන "අවතා"රය ඔබ අසා ඇතත්, තේරුම නොදන්නා බව ස්ථීර ය. -රය වැනි කොටස් එකතු කර වචන දිගු කර ඒකීයත්වය දීම පසුව බිහි වූ සිංහල සම්ප්‍රදායකි.

සැබැවින් ම "අවතා"රය යනු "තාට පිටුපසින් සිටින තා" ලෙස ගත හැක. මෙය දෙදෙනෙකු එකට එකතු වී සිටින බවක් කියයි. ඔබ නොදන්නා මේ වචන පිටුපස ඇති දැනුම කොතරම් ඉහල ද යන්න තේරෙන්නේ, ජීවය යනු මොන වගේ දෙයක් දැයි කවදා හෝ ඔබ දැනගත් දිනයේ දී ය.

ඔබ මම ඇතුළු සියලු ජීවීන් ගත් කල ඒ තුල ශරීර දෙකක් ඇත. එකක් දෙමව්පියන්ගෙන් ලැබෙන ශරීරයයි ("තා"). අනෙක අපේ සැබෑ අනන්‍යබව, එනම් අප දෙමව්පියන්ගෙන් වෙන් කරන ශරීරය ("අවතා"රය) වේ. ඔබ බුධකමෙන් මුහුකුරා ගිය කලෙක, "තා" යනු අප අවට පරිසරයට අයත් ද්‍රව්‍ය එකතුකර තැනුවක් බවත්, "අවතා"රය යනු මේ ද්‍රව්‍ය වලින් නොව ඊටම ආවේණික වෙනත් පරිසරයක ඇති ද්‍රව්‍ය එකතුකර තැනුවක් බවත් ප්‍රත්‍යයක්ෂ වනු ඇත.

අදට උචිත වචන වලින් කියනවා නම්, ජීවීන් වන අප, මේ විශ්වයේ ඇති ද්‍රව්‍ය එකතුකර තැනූ "තා"රයකින් හා තවත් විශ්වයක ඇති ද්‍රව්‍ය එකතුකර තැනූ "අවතා"රයකින් සමන්විත බවයි. මෙය ඔබ කරකවා අතහැරියා විය හැක. එය එසේ වුවත් ඔබේ ඉපැරණි නෑයන් ඒ තරම් විශිෂ්ට දැනුමකට උරුමකම් පෑ ජාතියක් වීම ගැන ආඩම්බර විය යුතුයි.

යම් දිනක ඔබේ සැබෑ අනන්‍යතාවය යනු "අවතා"රය බවත්, ඒ තුලින් බැලීමට තරම් දක්ෂ වූ විට, සැබෑව ඒ අයුරින් ම දකින බවත් මගේ විශ්වාසයි. ඔබේ "අවතා"රය යනු කිසිදා බිඳ නොවැටෙන ඔබේ සැබෑ ස්වරූපය ලෙස දකින විට ඔබ මුහුණ දෙන අභියෝග සුළු කොට තකනු ඇත.

"සතා, කතා ...." ගැන පැවසීම ඔබට භාරයි...

පසුව පැහැදිළි කිරීමක්:
ප්‍රශ්ණය:- මේ සියලුම වචන් සන්ස්කෘත සහ ඉන්දීය සම්බවයක් ඇති වචන නේද?

පැහැදිළි කිරීම:- මේවා ඔක්කොම සිංහලයන්ගෙ වචන. ඒවා මම කිව්වා වගෙ භාෂාවෙ කොටස්.

අනෙක් සතුන්ට වගේම මිනිසුන්ටත් ස්වාභාවික භාෂාවක් ශබ්ද වැලක් තියෙනවා. මේ වචන එන්නෙ ඉන් එකක් යොදා ගැනීමෙන්.

අද සිංහල කියා ගන්න ඉන්දියාවෙන් ආපු යාචකයන් කරන මුලාව නිසා සිංහලයන් හිතන්න පුරුදු වෙලා තියෙනවා තමනුත් ආවේ ඉන්දියාවෙන් කියලා. ඒ විතරක් නොවෙයි සිංහල භාෂාව හැදුනෙත් ඔය දෙමළ පාලි සංන්ස්ක්‍රිට් හින්දි වලින් කියන මතය අපේ ඔළුවට රිංඟවලා. මේක කරන්නෙ ලමා කාලේ. අපි ගෙඩිය පිටින් ගිලිනවා.

උදාහරණ ගතහොත්, බුද්ධ කියන්නෙ දෙමළ වචනයක්. ඒක එන්නෙ බුධ් කියන හින්දි වචනෙන්. බුධ කියන සිංහල වචනෙ තමයි හින්දියට ගිහින් බුධ් වුනේ. මේ වගේ හැම වචනයක් ම සිංහලෙන් ඒ භාෂාවලට ගිය ඒවා.

ඔය සංස්ක්‍රිට්, හින්දි, පාලි, දෙමළ කියන වචනත් සිංහල වචන වලින් හැදිච්ච සිංහලෙන් විතරක් අරුත් දෙන වචන වැලක්. තේරුම සොයා බලන්න.

නැකැත් වෙලාවට වැඩ අරඹමු...

තාක්ෂණික බිඳවැටීම් හා අනෙකුත් හේතූන් නිසා ඉතිරි කොටස් වල වීඩියෝ පොදු මාධ්‍ය හරහා විකාශණය කිරීම නවතා දැමීමට සිදු වුනා. බොහෝ විට ඉතිරි කොටස් සිංහලයන් අත පමණක් දීම අභිප්‍රායයි. දැනට මුදා හැර ඇති තොයරතුරු ප්‍රගුණ කල අයට මේ සඳහා වරම් ඇත.

අද දාපු ලිපිය මුහුණු පොතේ සිංහල අරම - ඇඩ්මින් නැත යන කණ්ඩායමේ මා දාපු එකකින් උපුටා ගත්තකි.
....................

සිංහලයන් හොඳ වෙලාවක් බලා ජීවිතේට වැදගත් හැම දේම කරන්නෙ. මේ සිරිත බුකියේ දැඩිව ප්‍රහාරයට ලක් වන කාරණයක්. සිංහලයන් මේක කරන්නෙ පුරුද්දට බව ඔවුන්ගෙන් ඇහුවම කියනවා.

ඇත්තට ම මේක නිෂ්ඵල දෙයක් ද? එය කිසිසේත් නිෂ්ඵල දෙයක් නොවේ. ඒක කොතරම් දියුණු දැනුමකින් බිහි වීමක් ද කියනවා නම්, මේ සිරිත් වලට මුල් වන දැනුම දුන් සිංහල නායකයා මේ විශ්වය ගැන පමණක් නොව ඉන් එහාට යන දැනුමෙන් පරිපූර්ණ කෙනෙක් බව තහවුරු වෙනවා.

මේ විශ්වය, අපට පාලනයක් නැති සංකීර්ණ රටාවකට වෙනස් වන ක්‍රියාදාමයක් තියෙන එකක්. ඒ ක්‍රියාදාමය උච්ච හා නීච යන අන්ත දෙක අතර නිශ්චිත ස්වරූපයකට අනුව වෙනස් වෙන්නෙ. ඒ නිසයි අප අවට තියෙන ජීව ලෝකය කාලය අනුව හැදී වැඩී ඵල දරා නැවත ජීවීන් බිහිකරන්නෙ. ඒ හැම සිදුවීමක ම රටාවක් තියෙනවා.

සිංහලයන් නැකත කියන්නෙ අපට පාලනයක් නැති සංකීර්ණ රටාවකට වෙනස් වන ක්‍රියාදාමය තුල තමන් කරන දේට උචිත ම අවස්ථාව තෝරා ගැනීමයි.

අද නැකත් හොයන දැනුම සංක්‍රමණිකයන් මුදල් උපයන යාචක රැකියාවක් කරගෙන තියෙනවා. ඒ වගේම දින කාල වකවාණු වරදවා නැකැත් වේලාවන් වැරදියට ගණිනවා. මේ නිසා සිංහලයන් පවා සැකෙන් බලන්න ඉඩ තියෙනවා.

මමත් ඉස්සර නැකැත් ගැන හිතපු කෙනෙක් නොවෙයි. මම සිතා මතාම නැකැත් නැතුව මට හිතෙන වෙලාවට වැඩ කරපු කෙනෙක්. ඒත් මම එසේ කරපු හැම වෙලාවකම මල් වැස්සක් වැටුනු බව අත්දුටුවා. සමහර වෙලාවට වලාකුළක් නැති නිල් අහස පෙනෙද්දි අතට වතුර බිඳු කීපයක් වැටෙනු අත්දුටුවා. පසු කාලෙකයි මේ ගැන තේරුම් ගත්තෙ.

සිංහලයෙක් නම් පැකිලීමක් නැතුව නැකැතට අනුව වැඩ කරන්න. පුළුවන් හැම වෙලාවෙම දෙතුන් දෙනෙකුගෙන් නැකැත් වෙලාව ගන්න. නියම නැකැත් වෙලාවකදී පුංචි පොදක් හෝ වතුර බිඳු කීපයක් හෝ වැටෙන්න ඕන. මේක සිංහලයන්ට පමණක් හිමි වරප්‍රසාදයක්. නැකැත්වලට ගරහන සිංහල වෙස් ගත් යාචකයන්ට ඕවා තේරුම්ගන්න බැහැ. උන්ගෙ අවලාද නොසලකා හරින්න.

Wednesday 25 January 2017

ඉගෙනීම පුළුල් තලයකට ගෙන දස තාරික/අවතාරික බලයන්/හැකියාවන් ප්‍රගුණ කිරීමට ඇති පරම අයිතිය රකිමු - Prog 19

ජීවීන් බිහි වී තියෙන්නෙ මොන අරමුණක් සඳහා ද යන රහස හෙළි කරන වැදගත් තොරතුරු අඩංඟු මේ කතාව මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමටත්, මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට එල්ල වන අභියෝග සාර්ථකව ජය ගැනීමටත් අවශ්‍ය පරම බලයන් දහය ගැන කලින් කතාවේ සඳහන් කල තොරතුරු තවත් ඉදිරියට ගෙන ගොස් විස්තර කරනවා.

සැබැවින් ම හඳහනේ ඇති ග්‍රහයන්ගෙ නම් නවය තුලින් මේ පරම බලයන් දහයෙන් නවයක් ම නියෝජනය කරන බව දැක්කම සිංහලයන් මේ සියලු තොරතුරු අනාදිමත් කාලයක සිට දැන සිටි බව තහවුරු වෙනවා. ඒ අතින් අද සිංහලයන් ලෙස පෙනී සිටින බහුතරය එසේ හැඳින්වීම සිංහලයන්ට කරන අපහාසයක්. මේ දැනුම යොදාගෙන සිංහලයන් බොරු සිංහලයන්ගෙන් වෙන් කිරීම පහසු දෙයකි.

ඔබ සිංහලයෙක් ද නැද්ද යන්න මම කියන තොරතුරු තේරුම් ගත හැකි ද නොහැකි ද යන්න අනුව තීරණය වේ. සිංහලයන් මේ තොරතුරු තමන්ගෙ උරුම දැනුම බව හිතේ දරාගත යුතු ය.

ජීවයේ ආරම්භය වගේම පැවැත්ම තුල ඇති මේ පරම බලයන් දහය වඩා ගැනීම තේරුම් ගත් විට ජීවත්වීම කොතරම් වැඩදායක උත්සාහයක් දැයි තේරේවි. අද හිඟනුන් හා රට මංකොල්ල කෑ පරයන් කියන ප්‍රලාප වලට මුලාවී නන්නත්තාර වී ඇති සමාජයක් ලෙස සිංහලයන්ට මග පෙන්වා තමන්ට ගැලපෙන ආකාරයේ සාමූහික වගකීම් රැසක් ගොනු වූ පාලනයක් ගොඩ නැගීම කාලීණ අවශ්‍යතාවයයි. බිඳ වැටී වැනසෙන ගමන ඉන් නතරවනු ඇත. ජීවත්වීමට අභියෝග කරන සතුරන් වනසා දැමීමට ද මෙම පරම බලයන් අත්‍යාවශ්‍ය වේ.

විස්තරාත්ම හැඳින්වීම ඇතුලත් වීඩියෝව මේ පුරුකෙන් බාගන්න. පාලනය කල නොහැකි බාල තාක්ෂණයෙන් බිඳ වැටෙන වීඩියෝ රූපවල තත්වය නොසලකා තොරතුරු වලට අවධානය යොමු කලොත්  ඔබේ යහපතට හේතු වනු ඇත.

https://www.youtube.com/watch?v=57DfqntsJbY

Wednesday 18 January 2017

ජීවත්වීමට අවශ්‍ය තාරික/අවතාරික බලයන්/හැකියාවන් ගොඩ නැගීමට ඇති පරම අයිතිය රකිමු -Prog 18

මනුෂ්‍යයන් යනු තාරයක් හා අවතාරයක් යන කොටස් දෙකකින් සමන්විත ජීවියකු බව සිංහලයන් අනාදිමත් කාලයක සිට දැන සිටි බව භාෂාවේ ඇති වචන තුලින් තහවුරු වේ.

මින් තාරය හෙවත් ශරීරය යනු අපේ යයි කියන අප වටා ඇති විශ්වයේ ද්‍රව්‍යවලින් සැකසෙන කොටසයි. එම ද්‍රව්‍ය යම් රටාවකට එකතු වී පවතින විට පණ ඇතැයි කියමු. ගෙවීම හා දිය වීම අබලන්වීම වැනි මේ විශ්වයේ ඇති ගුණාංඟ තුලින් මේ රටාවන් බිඳ වැටුණු විට මැරුනා යයි කියමු. ස්වභාවය ගත් විට මැරුණු ස්වභාවය මේ විශ්වයේ ස්ථාවර ගුණයයි. ඒ නිසා පණ ගැන්වීමට මෙම ස්ථාවරයෙන් ඉහල රටාවකට ද්‍රව්‍ය ගොනු කර ශරීර හදා ගමු. එහෙත් නැවත ස්ථාවර තැනට යන නිසා නැවත නැවත මෙම ශරීරය ගොඩ නගා පණ ගන්වමු.

එහෙත් අපේ ශරීරය පාලනය කරන අවතාරය ශරීරය හසුරුවන ආකාරය තුලින් බැලූ විට එවැනි ගෙවීම හා දිය වීම අබලන්වීම වැනි මේ විශ්වයේ ඇති ගුණාංඟ අදාළ නොවන බවත්, එය නිශ්චිතව පවතින, ගෙවීම හා දිය වීම අබලන්වීම සිදු නොවන ස්ථාවර ද්‍රව්‍ය වලින් සෑදී ඇති බවත් තහවුරු වේ.

මෙම ලිපියේ කතා වෙන්නෙ තාරයෙන් හා අවතාරයෙන් මනුෂ්‍යයන් වන අප ජීවත්වීම සඳහා අප සතු විය යුතු තාරික හා අවතාරික බලයනුත් ඒ තුලින් ලබන හැකියාවනුත් ගොඩනගා ගත යුතු බවයි. මෙය "පරම" අයිතියක් වන්නෙ අපේ ජීවිතවල පරමාර්ථය එම හැකියාවන් ගොඩ නගා ගැනීම වීමයි.

අප හැදී ඇති ආකාරය තුල අපෙන් බලපොරොත්තු වෙන මෙම පරම අයිතිය අපට බාහිරව අප මත පටවා ඇති අනිවාර්ය අංඟයකි. අපට ඉන් ගැලවිය නොහැක. එවැනි පසුබිමක ජීවත්වීම අප තුල පනවා ඇති තාරික හා අවතාරික පාලන සීමාවන්ට අනුව පවත්වා ගැනීමට මේ බලයන් හැකියාවන් අවශ්‍ය වන්නේ අපේ තාරය හා අවතාරය අපට අවශ්‍ය ලෙස වෙනස් කර තනා ගත නොහැකි නිසා ය. මෙම බලයන් හැකියාවන් ලබා ගැනීමට ඇති අයිතිය පොදු පාලන රටාවකින් තහවුරු කරමු.

මෙම මාතෘකාව ඉහල දැනුමක් අවශ්‍ය වන එකකි. විස්තර වීඩියෝවේ ඇත. උත්සාහයෙන් තේරුම් ගත හොත් ඵලදායී වේ. කවදා හෝ ඔබට මේ කඩ ඉම පසු නොකර ඉදිරි ගමනක් නැත. සත්වයන් ලෙස ගත කරන ජීවිතය කෙළවර කරන මග මෙහි අන්තර්ගත වේ.

https://www.youtube.com/watch?v=Etv2g2FF7o8&feature=youtu.be

Wednesday 11 January 2017

ආයුෂ වැඩි කරගැනීමට ඇති අයිතිය රකිමු - Prog 17 ...

අපේ සාමාන්‍ය ආයුෂ වසර 120ක් නම් ජීවිතය කොච්චර වෙනස් වෙයි ද? එම ඉලක්කය සමූහයක් ලෙස බිහි කරන පාලන රටාවක් තුල ස්ථාපිත කර ආයතන ගත කරන ආකාරය ගැන මෙහි කතා කරනවා.

අද අපට අපේ ජීවිතයේ විවිධ අවස්ථා සිහිවෙන්නෙ අත්දැකීමෙන්. පවතින සමාජ රටාව තුල පුද්ගලයන් ලෙස ළදරු වියෙන් ඇරඹී, වයසට ගොස් අබලන් වූ ශරීරය බිඳ වැටී අප මිය යන යථාර්තයට අප කිසිදු ආකාරයකින් සාමූහික වගකීමක් නොදරන තත්වය තුල, අප අත්විඳින කටුක අත්දැකීම් බොහෝ ය. ළදරු කල දෙමා පිය රැකවරණය ස්වභාවයෙන් ලැබෙන නිසා තවමත් බහුතරයට ලමා විය සුන්දර ය.

එහෙත් ඔබ අකල් මරණයකට ගොදුරු නූනොත් කොතරම් දුක්බර මහළු වියක් උඹට උරුම දැයි දැනුනොත් ඔබ නොපමාව මා සමඟ එකඟ වනු ඇත. දරුවන් තම පවුල්වල අරගලවලට මැදි වී ඈත් වූ විට, ඔබ මහළු විය තනිකමෙන් අගහිග වලින් පෙලෙමින් ගෙවන දුක්බර ජීවිතය ගැන හිතුව ද?

 මට ඕන ඔබේ මහළු වියත් ළදරු විය මෙන් ම සුන්දර එකක් කිරීමට ය. ඒ වගේම එසේ කිරීමෙන් ඊ ළඟ පරම්පරාවල් වල ආයුෂ වැඩි කරන ආකාරයක් මම දකිමි. එම උපක්‍රමය ම සිංහලයන් තම පරම ආයුෂ වැඩි කරගැනීමට යොදාගත් නිසා ඔබ අවුරුදු 60-70ක් ජීවත් වීම කොතරම් අපූරු ද? කැලෑවේ දී වසර 30ක් වූ උපරිම ආයුෂ අද දෙගුණ වී ඇත. නැවත එය දෙගුණ කර අපේ පොදු ආයුෂ වසර 120 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පසුබිම මේ කතාව තුල අන්තර්ගත වේ.

ජීවිතය බිඳ වැටීම වයස පරතරයකට සීමා නොවන කාලයක එය වෙනස් කර අළුත් ඉලක්කයක් හඹා යාම අපෙන් අරඹමු.
https://www.youtube.com/watch?v=7hadVJ3c4xw&feature=youtu.be

Wednesday 4 January 2017

පොදු උරුමය රකිමු ...Prog 16

ලිහා බලන්නට පුළුවන් මල්ල ඔබා බැලීම විහිළුවකි. ඒ නිසා වීඩියෝව බලා දැනුවත් වෙන්න.

https://www.youtube.com/watch?v=yaszkwdFrFg&feature=youtu.be