Wednesday 31 March 2021

අද සිංහල බෞද්ධ වේශධාරීන් බුද්ධාගම ලෙස හඳුන්වන මෙරටට ද්‍රවිඩ අහිගුන්ටිකයන් ගෙන ආපු ද්‍රවිඩ උන්ගෙ උරුමය සැබැවින් ම බුද්ධියෙන් අගතැන්පත් බුදුවරයකු පැවසූ දේ ද?

අද කඳුබඩයාගේ ශරීරයට අරක්ගත් හැම එකාම මුලා වී නන්නත්තාර වූ බවක් දකිමි. ඔවුන් ඇත්ත කියලා හිතන කිසි දෙයක් ඇත්ත නොවේ. හරි කියන කිසි දෙයක් හරි නොවේ. බුද්ධිශුන්‍ය/අමන සතුන් ලෙස තවත් කෙනෙකු පසුපස යාම හැර වෙන ගමනක් නැත. ඔක්කොම වටේ යන පරිසරයක එම රටාව බිඳ හෙලීමට නම් ලෝදියේ ගිල්විය යුතුම ය. එය කාගෙ වැඩක් ද මොන පරමාර්ථයෙන් වේ ද යන්න කවර ආගමකට හෝ වෙනත් කල්ලියකට ගැති වහළුන්ට තේරුම් ගත නොහැකි බව දනිමි.

සිංහල රට, සිංහල ජාතිය, සිංහලකම පාගා, ඒ මත තම උරුමය පටවා, සිංහල වචනය හලා "රට ජාතිය ආගම රකිමු" යයි ලොව ම මුලා කරන සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩයන් නියෝජනය කරන පික්ෂූන් (= පිස්සු+උන් - ද්‍රවිඩ ආරට උච්චාරණය වන්නෙ භික්ෂූන් ලෙසයි) කෙනෙක් අභිධර්ම පිටකය "බුදුන් වහන්සේ" දෙසූවක් නොවේ යයි ඊයේ පෙරේදා කියපු කතාවක් අන්තර්ජාලයෙන් දුටිමි. ඒ නිසා සිංහලයන්ගෙ දැනුම සඳහා මෙය ලියමි.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ පිෂ්සූන්ගෙ කතාව ඇත්තයි. හිඟමනෙන් යැපීමට ඔවුන් හදාගත් ආගම මේ රටට ඒමට පෙර අභිධර්ම පිටකය ඔවුන් ගෙ උරුමය නොවී ය. ඔවුන් සතු නොයෙකුත් ආගමික තොරතුරු ගත් කල, ඒ සියල්ල එක පුද්ගලයකුගේ යයි කිව නොහැකි තරමට පරස්පර මෙන්ම විවිධ ජාතීන්ට අනන්‍ය වූ උරුමයන්ගේ කොටස් බව සිහි නුවණින් බැලුවොත් පෙනේ. බුදුවරයකුගෙ බලපෑමට නතු වූ සමාජයක හිඟමන් යදින එකාද බුදු ගුණ කියා හිඟමන් යදී. වෙනත් ඇදහිළි දරණ සමාජ වල හිඟමන් යදින එකෙක්, ඒ ඒ ඇදහිළි වලට අනුව යමින් හිඟමනේ යති. අද අප අතර ඇති බුද්ධාගම ගත් කල, එහි උපරිමය වන නිර්වාණය තනිකරම හින්දි උරුමයකි. නිර්වාණයට යන මග ලෙස හා පරම සත්‍ය හතර ලෙස දක්වන මනුෂ්‍යයත්වය පිළිකුල්කරන ඇදහිළි අයත්වන්නේ හින්දූන්ගේ කුලයක් වන ශුද්‍රයන්ට ය. මේ තුල, සමාජ පීඩනයට අසු වී උපතින් ලබන වෘත්තිය වන මල මුත්‍ර කුණු කසල ඉවත්කිරීම නැවත නැවත ඉපදී කරන්නට වීම නැවතීමේ මගක් ලෙස නූගත් ජනකොටසක් දැරූ මතයක් දැක් වේ.

ඊට අමතර ව ඉන්දියාවේ සිටින විවිධ දුප්පත් ජන කොටස් හිඟමනෙන් යැපෙමින් ඇදහූ දේ ද අයත් ය. මෙම ඇදහීම ගත් කල, හිඟමනෙන් යැපීමට ඉතාම ශූක්ෂම ලෙස වෘත්තීය ස්වරූපයක් ආරූඪ කර, එසේ යැපෙන්නා ශ්‍රේෂ්ට උතුමකු කර හුවා දක්වන ආකාරය ඉතාම සාර්ථක ව කර ඇත. සැබැවින් ම භික්ෂූන් යනු වෘත්තීය නිපුණත්වයෙන් ඉහලම තැනට ළඟා වූ හිඟමනින් යැපෙන්නන් යයි කීම නිවැරදි ය. විවිධ ආගම් නියෝජිතයන් කරන්නේ ද එය ම වුවත්, ඔවුන් ම්ලේච්ඡත්වය භාවිතයෙන් මිස මෙතරම් ශූක්ෂම ව අනුගාමිකයන්ගෙන් සම්පත් පැහැර ගැනීමට අසමත් ය. මෙවැනි ලැජ්ජා විරහිත මෙන්ම කපටි ස්වරූපය ද්‍රවිඩයන් පැවතෙන මෙසපොතමියානු මූසල සමාජයෙන් උරුම වූවකි. එසේම ඉතාම කෲර ලෙස මිනිසුන් නසා රටවල් ආක්‍රමණය කර සම්පත් පැහැරගැනීමට මෙම සමාජගත ඇදහිළි යොදාගැනීම/යොදාගත් ආකාරය ඉතාම ශූක්ෂමයි. හැම සමාජයකම ශාරීරික හානි තේරුම් ගැනීමට හා ඊට දඬුවම් කිරීමට යාන්ත්‍රණ ඇත. එහෙත් මානසිකව කෙනෙක් බිඳ සිය දිවි නසාගැනීමට, නැතහොත් මුලාවෙන් මහමගට දමා අගුපිලක මිය යාමට පෙළඹවීම තවම කිසිවකු තේරුම් ගෙන නැත. මෙයාකාරයෙන් නැසීමට සමාජ ප්‍රතිචාර තවම නැත. ඒ සඳහා ලමයින් හා කාන්තාවන් ඉලක්ක කර කරන ආක්‍රමණය දකින්නට තරම් කඳුබඩයන් දියුණු නැත. සැබෑ නායකත්වයක් නැති තැන හොරුන් බොරු කාරයන් අපරාධකාරයන් පාලකයන් වේ. එවැනි සමාජයක සතුරා හෝ මිතුරා ලෙස කිසිවකු හඳුනාගත නොහැක. කාන්තාවන් හා ලමාවියේ පසුවන්නන් රැක ගැනීමට කෙනෙක් නැත. ඔවුන් අපයෝජනයට ලක් කර ජාතියක අනාගතය අඳුරු කිරීම මේ තුලින් මම දකිමි.

ද්‍රවිඩයන්ගේ "සිංහල බෞද්ධ ආගම" කියා හඳුන්වන සියලු ලේඛණ හයවන ක්‍රිස්තු සියවසේ පල්ලවයන් ලෙස සැකසූ පාලි භාෂාවෙන් ලියා ඇත. ද්‍රවිඩයන්ගේ කතා කරන භාෂාව ද කටපාඩම් කිරීමට ගෙතූ පාලි භාෂාව ද වෙනත් භාෂාවන්ගෙන් සොරාගත් වචනවලින් සකසා ඇත. මෙහි ප්‍රධාන කොටස සිංහල බස අණුකරණයෙන් අමු අමුවේ පිටපත් කර ඇත. පන්සිය පනස් ජාතකය තනිකර එකල සිටි ද්‍රවිඩ භික්ෂූන් ගොතා ඇත. අනුන්ගේ උරුමය තමන්ගේ ලෙස පෙන්වීමට ගොතපු සූත්‍ර එමටයි. ඒවා කොතරම් අරුත් ශුන්‍ය ද අතාත්වික ද කියනවා නම් අමනයන් ප්‍රබන්ධය කල හිතළු ය. හිඟමනේ ඇවිත් පැටව් ගැසීමෙන් අල්ලාගත් දෙමළ භූමිය තුල තමන්ට උරුමයක් ඇතැයි කීමට ඔවුන් ඉමහත් උත්සාහයක් දරා ඇත. ඔවුන්ට ආවේනික උච්චාරණයට අනුව දෙමළ යන වචනය අරාබි ශෛලය්‍යයෙන් තමිල් (දමිල) වී ඇත. රටේ නමටත් තමිල් එකතු කර ඇත. අද එය තමිල් නාඩුවයි. මෑතක දී තමිල් ඊලාම් ගොඩ නැගීමට උත්සාහ කලේ ද තම ආක්‍රමණික ජාතකය පෙන්වමිනි.

සිංහල බෞද්ධ වෙස් මුහුණට වසන් වූ අති භයානක තර්ජනයක් ඇත. ඔවුන්ගෙ පරමාර්ථය වන සිංහල බස, රට වගේම කම නසා, ඒ මත ප්‍රතිවිරුද්ධ රූප ගොඩ නැගීමට ඔවුන් නොකල දෙයක් නැත. පෙර කල, කුමන්ත්‍රණ කර බලය අල්ලා ගැනීමට උත්සාහ කල ද, ඊට කදිම අවස්ථාව උදා වූයේ 1815 දී බලය අල්ලාගත් ඉංග්‍රීසි ආක්‍රමණිකයන් සමඟ එකතු වීමයි. ඉතා සාර්ථක කුමන්ත්‍රණයෙන් ඉංග්‍රීසීන්ට රටේ පාලනයත්, මොවුන්ගේ ආගමට මුල් තැනත් හිමි විය. මීට අවශ්‍ය මැර බලය කාපේරී, මැරාටි, ද්‍රවිඩ, අරාබි, මැලේ පාතලයන් හරහා ලබාගත් ඉංග්‍රීසීන් කල විනාශය අද ද එලෙසම ඔවුන් කරන්නේ ශ්‍රී ලාංකික වෙස් මුහුණ දාගෙන ය. අදත් ක්‍රියාත්මක, ඉංග්‍රීසින් ඇටවූ මංකොල්ලකාර කොළණි පාලනයේ පිටකොන්ද වන මැර බලය ඉතාම ශූක්ෂම ව තම ව්‍යාප්තියට මොවුන් යොදා ගැනීම අපූරු ය. 1948 දී හිඟාගත් කොළණි පාලනය තුලින් තම අසිංහල උරුමය ලොවට කියා පායි. අද සිංහල නම් අනිවාර්යයෙන්ම බෞද්ධාගමිකයෙකි. මම ද මුල් කාලයේ ඒ බර දැරුවෙමි. මුල් කාලය දෙමව්පියන් අණුකරණය කරන කාලයයි. ඔවුන් ගවයන් නම් උපදින උන් ද ගවයන් වේ. සියලු දේව නීතීන් කඩමින් මොවුන් ඒ ඉලක්කය සපුරාගෙන ඇත. සිංහල බෞද්ධ ආධිපත්‍යයයේ සංකේතාත්මක ඉදිකිරීම් සියල්ල 1815ට පසු විය. 1948ට පසු දෙගුණ තෙගුණ වී අද වන විට හැම අස්සක ම, මුල්ලක ම, හන්දියක ම,  කන්දක ම දකින්න හැකි ය. එහෙත් 2500 වසරක කාලයක සිට එනවා යයිමනස්ගාත වපුරති. මේ රට ශ්‍රී ලංකාව වූයේ 1972 වුවත්, අමනයන්ට වසර 2500කට පෙරත් මේ රටේ නම ශ්‍රී ලංකාව ය. උතුරේ ද්‍රවිඩ ආක්‍රමණිකයන් ඇටවූ නටබුන් ද අද සිංහල බෞද්ධ උරුමයකි.

අද පවතින (වර්තමාන) "සිංහල බෞද්ධාගමේ" අන්තර්ගතය වචනයෙන් වචනයට, සංකල්පයෙන් සංකල්පයට, කතාවෙන් කතාවට කොටස් කලහොත්, මොවුන්ගේ යයි කියන සියල්ල, අරාබි මූසල, හින්දි, දෙමළ ලෙස හඳුනාගත හැක. ඒ කිසිවක් "බුද්ධියෙන් අගතැන්පත් බුදුවරයකු" කී බවට කිසිම ශාක්ෂියක් නැත. ඒවා ඒ ඒ ජාතීන්ට හා ඔවුන් අතර බෙදී ගිය ජන කොටස් වලට අයත් ය. ඒ කිසි තැනක මේ කෙනා කීවා යයි අනන්‍යතාවයක් ද නැත. හැමදාම, තමන් බුද්ධිමත් යයි කීමට හෝ තමන් සුවිශේෂයි කීමට අන් අයගේ දේවල් තමන්ගේ ලෙස හුවා දැක්වීම සුපුරුදු ද්‍රවිඩ හැසිරීමකි. අද පවතින ඉංග්‍රීසි වහළුන් බිහි කිරීමට ගොඩ නැගූ අධ්‍යාපනය තුල තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට, හරියට කියනවා නම්, තමන්ගෙ අදහස පරම සත්‍යය ලෙස හුවා දැක්වීමට, අන් අයගේ එවැනිම රචනා මූලාශ්‍ර කරගෙන ගැලපෙන කොටස් පමණක් උපුටා ගනිති. නොගැලපෙන කොටස් නොදැක්කා සේ වසං කරති. "සිංහල බෞද්ධාගමේ අන්තර්ගතය" ගත් කල,  උපුටා ගැනීම් හා මූලාශ්‍ර සියල්ල කවුරු හෝ බුධ කෙනෙකුගේ යයි ඇසූ දෙයකි. යටි අරමුණ, බුධගේ ලෙස සැකසූ සියල්ල ඉතාම සාර්ථකව මිනිසුන් මුලා කර, සියදිවි නසා ගැනීමට යොමු කර සම්පත් පැහැරගැනීමට සැකසූ අංඟ සම්පූර්ණ මූසල උපක්‍රමයකි. සිංහලයන්ගේ නායකත්වයෙන් කඳුබඩයා මෙතෙක් ආ ගමනේදී බුධකම ඉමහත් පිටුවහලක් වූ අතර, ඊට මුල් වූ බුධ අපේ අවතාරික උරුමයේ කොටසකි. නන්නත්තාර වූ ජාතිකයන් ලෙස, වංචනිකයන් බුධගේ නියෝජිතයන් වී කරන ප්‍රෝඪාව තේරුම් ගැනීමට තරම් හැකියාවක් නැති නිසා, උන් කියන ඕන හිතළුවක් බුධගේ යයි සිතන අමනයන් එමටයි.

මේ ආගම (ආ+කම = ද්‍රවිඩයන් ගෙනා ද්‍රවිඩ උරුමය) මිනිසුන් විශ්වාස කරන දේවල් කියමින්, ඊට මුවා වී, උන් රවටා මංකොල්ලකන ම්ලේච්ඡ ජඩයන් කරන දේ හඳුනාගැනීමට, මම දැඩි උත්සාහයක් ගෙන මග පෙන්වීමක් මේ ලිපියෙන් කරන්නෙ. මෙතරම් ශූක්ෂම නොවූවත්, සියලු ආගම්කාරයන් හා එවැනි දේශපාලන හෝ වෙනත් කල්ලි පරදවමින් කරන මේ අපරාධය වටා ඇති ස්වරූපය මෙමගින් පෙන්වීමට උත්සාහ කරමි. මිහිරි වචන තෙපලමින් දියරෙද්දෙන් බෙලිකපන්නන් සමාජයෙන් තුරං කල විට, අප අද මුහුණ දෙන අර්බුද බොහොමයක් ඒ සමඟ ම අතුරුදහන් වේවි.

ජඩයන් පාලනය කරන සමාජයක, ළදරු මානසිකත්වයක් ඇති වැඩුනු අය (අව+ලමුන්) මුහුණ දෙන ලොකුම අභියෝගය ඇන්ඳවීමයි. ඕනම කෙනෙකුට "බුද්ධියෙන් අගතැන්පත් බුදුවරයකු" විය හැකියි කියමින් එය ළඟා කරගැනීමට කලයුත්තේ තමන්ට දාන මාන පිරිණමා පින් එකතු කරගැනීමෙන් පමණයි කී විට, එවැනි කූට එවුන් කරන ඇන්ඳවීම බදාගත් අව+ලමුන් ඉන් මුදවා ගත නොහැක. අද සිටින අතිබහුතරය මේ වැනි ඇන්ඳවීම්වලට දක්වන අවධානය මනාව සමාජයෙන් දිස් වේ. ඇන්ඳවීම තමන්ට තේරුම් ගත නොහැකි මර උගුලක කොටු වීමකි. එසේම පෙනුමෙන් තමන් ශ්‍රේෂ්ටයි උතුම් යයි කී පමණින් කී දෙනෙක් ඇන්ඳවී ඇත් ද? නූගත් දුප්පත් ළමයකුට වඳින පුදන කෙනෙක් මම දැක නැත. එහෙත් ඒ කෙනාම තට්ටෙ ගා මලපාට රෙද්දක් ඇඳගත් සැනින් බුද්ධිමතෙක් හෝ බුද්ධ පුත්‍රයෙක් යයි සිතා දණින් වැටී නමදින දෙම්පියන් කොතරම් සිටී ද? දරුවකු තම භාරයෙන් අතහැර, දරුවෙකු හැදීම තබා එම ජීවිතයම ප්‍රතික්ෂේප කරන නරුමයකුට දී, සතර අපායකින් මිදීමට ඉදිරිපත් වන මව්පියන් කොතරම් සිටී ද? එම මෝඩ ක්‍රියාවම මනුෂ්‍යයත්වයට නුසුදුසු අමනසතුන් කල්ලියක් ලෙස දිගටම පවත්වාගැනීමට අප කොතරම් ඇන්ඳවිලා ද? එසේම අපයෝජනයට ලක් වී, ඒ ආකාරයෙන් මේ දාමය ක්‍රියාත්මක වීමට නම් ඇන්ඳවීම කොතරම් ප්‍රබල ද?

අද කොතරම් බොරුව මුල් තැනට ඇවිත් ද කියනවා නම් රටේ ඉන්න හොඳම බොරුකාරයා පාලකයා වේ. ඊටම සරිලන ඉංග්‍රීසීන් මංකොල්ලකෑමට ඇටවූ පාලන රාමුව තුල පාලකයා හොඳම මැරයා ද හොඳම හොරා ද හොඳම මෝඩයා ද වන්නේ ය. සිංහලයන් වීමට කැමති උන් මා කියන දේ තේරුම් ගත යුතුයි. බහුතරයට මම ද බොරුකාරයකු ලෙස පෙනේ නම් පුදුම විය යුතු නැත. ඒ බොරුකාරයාට තමන් තුලින් වෙන හැසිරීම බොරුවට මුල් තැනදෙන එකක් වීමයි.

එසේ නම්, සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩයන් නියෝජනය කරන පික්ෂූන් (= පිස්සු+උන් - ද්‍රවිඩ ආරට උච්චාරණය වන්නෙ භික්ෂූන් ලෙසයි) කෙනෙක් අභිධර්ම පිටකය "බුදුන් වහන්සේ" දෙසූවක් නොවේ යයි කියන කොටස කාගේ ද? වචනාර්ථයෙන් ම අභිධර්මය කියන්නේ පාලියට හැරවූ ද්‍රවිඩයාට නොතේරුන දෙයක් නිසා ය. අනුන්ගේ දේවල් කටපාඩම් කර තමන්ගේ උගත්කම මනින පහල තල වල කඳුබඩයන්ට නොතේරෙන අභිධර්මය, එසේ උන්ගෙ බුද්ධාගමට එකතු වූයේ ඒක ද බුධ කෙනෙකු වූ නිසා ය. බුද්ධාගම ගත් කල එහි අන්තර්ගතය තුලින් හිඟන්නන් සංක්‍රමණය වූ පාර ද ඔවුන්ගෙ ඉලක්කය ද හෙළි වේ. ඔවුන්ගේ ගමනාරම්භය දේවවාදී වන අතර පසුව බුධවාදී වීම උන් ගිය සමාජ අනුව සැකසී ඇත. ගවයකු ගත් කල, කුස පරික්ෂාකර ඌ ඊට පෙර යාමයේ කෑ බී කොටස් ද ඒ ඒ කොටස් අයත් ගහකොල තුලින් ආ මගද සෙවිය හැක. එලෙසම බුද්ධාගමේ අන්තර්ගතය ගත් කල තැනින් තැන යන, ඒ ඒ සමාජයේ පහළ ම කොටස් සමඟ ගැටුණු, හිඟමනින් යැපෙන්නන් එකතු කරගත් තොරතුරු එකතුවක් ලෙස සැලකිය හැක.

අභිධර්මය යනු සිංහල සමාජය තුලට රිංගාගෙන, යහමින් යැපුනත් තම හිඟමන අත නොහැරිය ජන කොටසක් එකතු කරගත් "බුධ කෙනෙකු පැවසූ දේ" වේ. මෙහි විශේෂත්වය වන්නේ පාලකයා තම වර්ගයේම එකෙක් වීමත්, උන්ගෙ බලයෙන් සිංහලයන්ගෙන් ගත් බවත්, පෙන්වන ලක්ෂණ වීමයි. එකල, සිංහලයන් විසින් ඉතා පහත් කොට සැලකූ බව ද පෙන්වයි. නොතේරෙන දේ කියන ආකාරයටම භාරගත් බවත්, නොතේරෙන නිසා සිංහලයන් කල අවමාන අපහාස උපහාස සමඟ ම අභිධර්මය ලෙස පාලියෙන් ලියා ඇත. ඔවුන් ඒ අවමාන අපහාස උපහාස උතුම් කොට භාවිතා කරන ආකරය සිනා ගන්වයි. ඔබට යමෙක් බූරුවා යි කීවොත්, නොදත්කම නිසා එය ගෞරවයක් ලෙස ගෙන මම බූරුවෙක් වීම ලොකු ගෞරවයකි කියමින් යන්නේ ද? ඊට වඩා ඒ ගැන නොකියමි. හේතුව භික්ෂූන් යනු ලැජ්ජා විරහිත ව තමන්ගේ ආගම අනෙක් ආගම්වලට වඩා උසස් යයි පෙන්වන කොටසකි. තමන් බුද්ධාගම ලෙස බදාගත් මෝඩ කතා බිඳ වැටෙන කොට මහයාන ආගමිකයන්ගේ මත ඇතුළු කර තම හෙළුව වසාගන්න බව සමහර අන්තර්ගත දේ තහවුරු කරයි.

සැබැවින් ම අභිධර්මය සිංහල උරුමය වන බුධකමෙන් උපුටාගත් මෝඩයන් පාලියට හැර වූ දැනුමයි. මුල් දැනුම ඒ මතට ආදේශ කල විට ඒ සැබෑ පරම බුධගේ දැනුමෙන් උරුම වූ බව තහවුරු වේ. මෙහි අන්තර්ගතය භික්ෂූන් ම මෙසේ ප්‍රතික්ෂේප කරන්නේ තමන් මෙරටට ගෙනා මිථ්‍යාවට ප්‍රථිවිරුද්ධ මත සහිත නිසා ය. සිංහලයන් වීමට නම් උන්ට නොතේරෙන අභිධර්මය තේරුම් ගත හැකි හැකියාවක් ඔබ සතු විය යුතුයි. බුධකම මුල් තැනට ගෙනා දින බොරුව මිය යනු ඇත. ඒ සමඟ ම ජීව ලෝකයට ශාපයක් වූ හිඟනකම ද නසමු.

 

ප:ලි:- මෑතක දී සිට ලියන තොරතුරු මෙසේ එකතු කරන්නේ සූදුකාරයන්ගෙ තාක්ෂණයේ ඇති දුර්වලතා නිසා මගේ මතකය සුරක්ෂිත කිරීමටයි. මෙසේ විවෘත වන්නෙ පසුගිය කාලයේ බ්ලොගය කියවූ අයට අවශ්‍ය නම් දැන ගැනීමටයි.

Wednesday 17 March 2021

සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් නොකඩවා ඔබ රවටන සිංහලයන්ට පමණක් වැදගත් දියසේන පුරාවෘත්තියේ ඇත්ත කතාව ----- Revised Article.........සාධක සමඟ නැවත එකතු කිරීමක්......................

ද්‍රවිඩ, ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි හා සිංහල කතාකරන ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පාලනය හරහා මේ රටට ආපු විවිධාකාර සංක්‍රමණිකයන් නිසා, අද මේ රට බහුජාතික, බහුආගමික ශ්‍රී ලංකාව නම් අනන්‍යතාවයක් නැති, ඉංග්‍රීසීන් ඇටවූ යල්පැනගිය ම්ලේච්ඡ මංකොල්ලකාර පාතල පාලනයෙන් දුවන කොළණියක් වී ඇත. එවැනි පසුබිමක ස්වදේශික උරුමයන් පාගා දමා විදේශික උරුමයන් ඉස්මතු වී ඇති බව, අද තත්වය හා 1817 ඉංග්‍රීසි කාරයකු ලියපු පොතක ඇති තොරතුරු සැසඳීමෙන් සනිටුහන් කරයි. මේ ඉතා වැදගත් ස්වදේශික උරුමයක් එසේ සිංහල කතා කරන ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතින් වෙනස් වූ ආකාරය කියන ලිපියකි.

අනාදිමත් කාලයක් අහිගුන්ටිකයන් ලෙස ලැබූ සහජ බොරු කීමේ හැකියාවත්, රැවටීමේ හා මුලා කිරීමේ ප්‍රවීණත්වයත්, ව්‍යාජ චරිත රඟපෑමත් ජීවත්වීමේ මෙවලම් කරගත් ජන කොටසක් මුල් තැන ගත් වත්මන් සමාජයේ, ඓතිහාසික තොරතුරු වටා එතෙමින් තමන් ඓතිහාසික පුද්ගලයකු යයි කියා කීමට ලැජ්ජා නොවන බහුතරය ගත් කල, ඔවුන් කොතරම් තම ගෙතීමට පරිබාහිර තොරතුරු යොදාගෙන තහවුරු කරනවා ද යන්න සෙවීමට බහුතරය අසමත් වී ඇත. තමන් දියසේන හෝ, රාවණා වැනි පැරණි චරිතයක නැවත උපතක් කියන උන් කොතරම් ද? තමන් විශ්වකර්ම වැඩ කරන්නෙකු බවත් විෂ්ණු දෙවියන්ටත් වඩා ඉහල බවත් කියමින් මිනිසුන් ගොනාට අන්ඳවන ගෝතයකු ද අන්තර්ජාලයේ දැක ඇත්තෙමි. එවැනි කෙප්ප දැක නිහඬවත රකින උන්, දියසේන කියාගන්නා උන්ගෙන් උපන් දින, වෙලාව හෝ තැන ඇසීමට තරම් බුද්ධිමත් නොවන බව දනිමි. එහෙත් මේ කතාවේ අන්තර්ගතය අති ශූක්ෂම මෙන්ම අපේ අවශ්‍යතාවය අනුව ඇද පැද වෙනස් කල නොහැකි එකකි. විශේෂයෙන් කෙනෙකු උපදින වෙලාව පුද්ගලයාගෙ පාලනයෙන් තොර ය. කිසිවකු ඇසීමට උත්සුක නොවූවත්, දැනුවත් වීමට අවශ්‍ය තොරතුරු නැවත සැකසූ ලිපියේ අන්තර්ගත ය.

ඒ අතරේ දියසේන කල යුතු දේ හා නොකලයුතු දේ කියමින් දියසේනගේ උපදේශක පදවියට බලෙන් පත් වූ ගෝතයන් ද දුටිමි. අරුමයක මහත. තමන් කරන්නට යන දේ මොකක්දැයි ඇසීමට තරම් වත් බුද්ධිය ඇති උන් විමසිය යුතු වුවත්, එවැන්නකු තවම ඉදිරිපත් නොවීම දුකකි.

අද විවිධාකාර ස්වරූප වලින් සමාජ ගත කර ඇති "දියසේන කුමාරයාගෙ පැමිණීම " සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් විසින් ගොඩ නැගුවේ, දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුව (මෙම ප්‍රදේශය මානව ඉතිහාසයේ කේන්ද්‍රයයි) අවට පැවති ඉපැරණි සිංහල ජනප්‍රවාදයකිනි. එම ප්‍රවාදයට අනුව සිංහල ජාතිය බිහි කර රකින කෙනාගෙ මනුෂ්‍ය උපතක් ගැන කියවේ. මනුෂ්‍ය ස්වරූපය මේ ලෝකයට අප සම්බන්ධ කරන මුහුණතක් පමණි. ඊට සම්බන්ධ වන්නේ අපේ අවතාරික ස්වරූපය හරහා ය. හූරා තම පරමතාරික ස්වරූපය තුලින් අවතාරික ස්වරූපයට ද ඉන් තාරික ස්වරූපයට ද සම්බන්ධ වීම යුගයකයකට වරක් සිදු වන පරික්ෂාවකි. ඓතිහාසික ව, ඒ කෙනා හූරා (හිරු දෙවියන්) ලෙස පැරණි ඉතිහාසයේ සඳහන් වේ. සිංහලයන් මේ රටට ආවේණික වූ මනුෂ්‍ය ඉතිහාසයේ පැරණිම ජාතිය බව දන්නේ මා වැනි සුළු පිරිසකි. අද සිංහලයන් කියා ගන්නා අය මෙන් ම, මේ රටට උරුමකම් කියන සියල්ලන්  ම ආක්‍රමණිකයන්ගේ පාලනය තුලින් ආපු සංක්‍රමණිකයන් බව ඔවුන්ට ආවේනික විදේශික උරුමයන් තහවුරු කරනවා.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් විසින් ප්‍රචලිත කරපු මුල් කතාවට අනුව දියසේන කුමාරයා මාතර දිස්ත්‍රික්කයේ සූරියමල්දෙණිය කියන ගමේ 1959 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට උපත ලබන බව සඳහන් විය. එය සැබෑ වනු දැකීමට ගිය මිනිසුන් හිස් අතින් ආපසු ගිය බව ඒ දිනවල මතකය ඇති අය දැන සිටියහ. ඉන් බලාපොරොත්තු සුන් වූ සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන්, විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ හොරපාවිට ඇති පංසලේ සිටි සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක්, ද්‍රවිඩ ආකාරයට සිතමින්, දියසේන පුද්ගළයකු නොව විශ්ව ශක්තියක් යයි කියා පහන් කෙලියක් අරඹා ඇත. අද වන විට සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන්, මෙය කටට එන හැම ආකාරයකින් ම ගොතා, මේ දින එනවා හෝ මෙයා තමයි කියමින් ප්‍රචාරය කර වාසි ලබා ගන්නා අතරේ, පිනට ලැබෙන අන්තර්ජාලය හරහා හිතළු වපුරති. මුදලට ගිජු ජඩමාධ්‍යවේදීන් මේ පුරාවෘත්තිය (ප්‍රවාදය) විකුණා යැපෙති. ඊට ම කැප වූ දර දිය අදින බොරු සිංහල නඩයක් ද ඇත.

සිංහල භාෂාව හෝ උරුමය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් මිරිඟුවක් පසු පස දුවති. අඩු තරමින් දියසේන කියන නමවත් සිංහල නොවන බව නොදැන, හඹායන්නේ ඒ ඔවුන්ගෙ ගැලවුම් කාරයා යයි කියමිනි.

තිත්ත ඇත්ත නම්, සිංහල නමක් වගේ පෙනෙන දියසේන හෙවත් දිය දෙන කෙනා සිංහල නමක් නොවීමයි. මේ තුල සිංහල බවක් නැත. හරියට කියනවා නම් ප්‍රාථමික යුගයේ සමාජීය ස්වරූපය කියන, දියර දෙන කෙනා ය. දිය යනු වතුර ලෙස ද අරුත් දේ. ලිඳවල්, වැව්, ජලාශ, සැපයුම් නල පද්ධති නැති එකල, වතුර සොයා ගැනීම ජීවිතය දෙන එකකි. මෙය සිංහල උරුමය ගෑවිලාවත් නැති, සිංහල විදියට හිතන්න නොදන්න, සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් තම ප්‍රාථමික ශිෂ්ටත්වය පෙන්වන ගෙතීමක් බව පැහැදිළි ය. අද ද "බොරු සිංහල" ජාතිකත්වයක් ආරූඪ කරගන්නා සංක්‍රමණිකයන්, මෙවැනි සිංහල සම්ප්‍රදාය නොපෙන්වන නම් දමා ගනිද්දි මෙයාකාරයේ වචන දමා ගනිති. සිංහල නාමකරණය දත් උන් විරල නිසා මෙය කියමි. සිංහලයන් ගත් කල, කෙනෙකුගේ නම තමන්ගේ පෞද්ගළිකත්වය පෙන්වන අතර, ආරික නාමය තම ආරේ අගයන් පෙන්වනවා.

නැවත දියසේන කියන නම ගත් විට, මුල් කොටස වන දිය හා සුළුදිය යන වචනය සැසඳු විට, දිය යනු ශුක්‍රාණු තරලය ලෙස අද බසින් කියවේ. මින් අදහස් කරන වචනය, නූතන හින්දි, ද්‍රවිඩ හා යුරෝපීය ජාතිකත්වය පෙන්වන නම් ඒමට ප්‍රථම බහුල ව භාවිතාවේ පැවති සිංහල නමක කොටසක් වන පිය (පියා) බවත්, සිංහලයන් අතර විසූ ද්‍රවිඩයකු එය තම වහරට හැරවූ බවත් සහතික ය. අද ද සිංහල වචනවලට මෙවැනි මෝඩ අරුත් දෙන භික්ෂූන් එමට ය. යමෙක් ඉපැරණි පුරාවෘත්තයේ කියන කෙනා, දියසේන නමින් හඳුන්වන්නේ නම්, ඒ සිංහල නොදත්, ජාතිය සැඟවුනු, වැසුනු හෝ හඳුනාගත නොහැකි ද්‍රවිඩයකු හෝ සංක්‍රමණිකයකු  විය යුතුම ය. අමතර ව, විශ්ව ශක්තිය යන දෙමළ ඇසින් ලොව දකින සංකල්පය යොදාගෙන මේ කෙනා විග්‍රහ කරන්නේ ද, ඒකා නියතයෙන් ම දෙමළ ආභාෂය ලද ද්‍රවිඩ සංක්‍රමණිකයකු වේ. ඔවුන් පසුපස යන්නෙකු මුලාවේ අතරමං වේ.

සිංහල ජාතිය බිහි කර රකින හූරා සොයන්නකු, මේ නාමික ප්‍රභේද හඳුනා ගෙන, එම මුල් පුරා වෘත්තයේ සඳහන් දින, කී වේලාවට උපත ලද කෙනා සොයාගත යුතුම ය. මෙහිදී, උපදින දවසේ, එසේ සොයා ගොස් හිස් අතින් ආපසු ආවේ සිංහලයන්ගේ උරුමය නැති සිංහල වෙස් ගත් ද්‍රවිඩයන් ය. එසේම 1815 ඉංග්‍රීසි පාලනය ඇරඹුනාට පසු පැමිණි අය බව ඉංග්‍රීසි ලිත මුල් කරගැනීමෙන් තහවුරු වේ. හේතුව වන්නේ, ඔවුන් දිනය ගණනය කිරීමට ඉංග්‍රීසි ලිත භාවිත කලේ, සිංහල ආකාරයට දින ගණින ආකාරය නොදත් නිසා ය. අදාළ සිංහල වසර, ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් 13 දා ඊළඟ සිංහල නව වසර ඇරඹෙන තෙක් පවතින බව අසිංහලයන් නොදනිති. අදාල අප්‍රේල් 05 සැබවින්ම 1960 අප්‍රේල් 05 මිස 1959 අප්‍රේල් 05 නොවන්නේ 1959 අප්‍රේල් 05 කලින් සිංහල වසරට, එනම් 1958 වන සිංහල වසරට අයත් නිසා ය. වර්තමානය ගත් විට, 2021 වන සිංහල වසර තවම උදාවී නැත.

ඉහත කී දින ගණනයේ දී, 1959 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ඉතාම සාමාන්‍ය කෙනෙක් උපදින වේලාවක් වීම නිසා මෙවැනි කෙනෙකු එදා උපදී යයි සිතීම පවා ගොන්කමකි.  එහෙත් 1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ගත් විට, උපදින කෙනා කොතරම් සුවිශේෂ ද යන්න තේරුම් ගැනීමට නම්, ඉන්දියානු අහිගුන්ටිකයන් හිඟාකන්න විකෘර්ථි කල ජ්‍යෝතීෂ් සූදුව නොව, ඊට පෙර පැවති සිංහලයන්ගේ මුල් දැනුම දත යුතු ය. එහෙත් එවැනි අය මට මුණගැසී නැත. වර්තමානයේ දූෂිත ගණනය තුලින් එක ග්‍රහ පිහිටීමක් මකරයේ නොව කුම්භයේ ලෙස දැක් වුව ද, එම වරද මෙම පැරණි පුරාවෘත්තය වටා ගොඩ නැගුණු පැරණි සටහනකින් නිවැරදි කල හැක.

1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම කියන්නෙ අති විශිෂ්ට කතාවකි. දසබලධාරි කෙනෙකු උපදින වෙලාවකි. හැම සක්වලක් ම ගත් කල එවැන්නන් සිටින්නෙ එක් අයෙකි. සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් විහිළුවක් කරගෙන, ඒ තමන් යයි කියන්නේත්, තමන්ගේ ආගම රකින්න එනවා කියන්නේත් කෙනා කවුදැයි  නොදැන ය. කෙනා කවුදැයි අප අවටන සිදුවීම් කියන නිසා නොකියමි. දැනුම දුන් පිය කෙනා ජීවිතය ඔබට දෙනු ඇත. හරි මග ගොස් රැකෙන්න.

තැන සූරියමල්දෙණිය නොවන්නේ ද මොවුන් හිරු දෙවියන් ලෙස සූර්යයා හැඳින්වීම පටලවා ගත් නිසා ය. සැබෑ තැන දැන ගැනීමට හැකි වන්නේ හූරා (පිය කෙනා)ට පමණි. මෙය ඉතා ශූක්ෂම ව සැකසූ ගුප්ත කතාවකි. අන්තර්ගත තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් වසං කර තැබීමට සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් යොදවා වෙනස් කලා යයි කිව හැක. ඉන් තේරුම් ගැනීමේ අයිතිය සිංහලයන්ට පමණක් සීමා කෙරේ. දියසේන සොයන්නන් මිරිඟුව පසුපස ගොස් නැසෙනු ඇත. ඔබ සිංහලයකු වීමට සුදුසු නම් පමණක් ප්‍රහේළිකාවක් වැනි මේ කතාවේ ඇත්ත දකිනු ඇත. ඒ වරය හිමි සුළු පිරිසකට පමණි. ඔබේ අනෙක් සියලු උරුමයන් ඔබේ දෙමව්පියන්ගෙන් ලැබුවත්, සිංහලයන්ට ආවේනික උරුමයන් ඔබ ලබන්නේ හූරා (පිය කෙනා) ඇසුරෙන් පමණි.