Wednesday 28 December 2016

උරුම වූ සිරිත් විරිත් පවත්වාගෙන යාමට ඇති අයිතිය රකිමු ...

සිංහලයන් සතුව ඉතා වැදගත් සිරිත් විරිත් සමූහයක් ඇත. ඒවා සියල්ල මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට ගොඩ නගා ඇත. කොතරම් ද කියනවා නම්, වෙන කිසිදු ජාතියකට අයත් උරුම වලට වඩා ඉතා විශාලය.

පහුගිය කාලය තුල සිට එල්ලවෙමින් ඇති බාහිර අභියෝග හමුවේ මේ සියල්ල බිඳවැටීමට හා අනන්‍යබව නැසීමට බාහිර බලවේග බල පා ඇත. සමහර වැදගත් සිරිත් විරිත් සිංහලයන් මත බලෙන් පටවා ඇතැයි යන මතයක් ගොඩනගන සතුරන් සිංහලයන් අතරම සිටී.

උරුම වූ සිරිත් විරිත් වටිනාකමින් අනූණ වුවත්, මෙලෙස විනාශ වීමට හේතු වූයේ පුද්ගලයන්ගෙ සීමාවන් තුලින් රැකීම ඉටු නොවුන නිසා ය. මෙම උරුමය දිගටම පවත්වාගත යුතු ඉතා වැදගත් දේ නිසා සිංහල පාලන රටාවක සාමූහික වගකීම් දරණ රංචුවක ස්වරූපයකින් කලයුතු පොදු කාර්යයකි. එසේම එහි අනන්‍යතාවය මතු පරපුරවල් හරහා රැකෙන ආකාරයටත්, මිනිසුන් ලෙස ඉදිරියට යන ගමනේදී මුහුණ දෙන අභියෝග හමුවේ වැඩි දියුණු වන ආකාරයටත් පවත්වා ගැනීම ආයතනික වගකීමක් විය යුතුයි.

උරුම වූ සිරිත් විරිත් ගත් කල ඒ හරහා සමාජයක් ලෙස පැවතීමට රැකිය යුතු අගයන් හා අණුගමණය කලයුතු පිළිවෙත් අඩංඟු වේ. ඒ තුලින් පුද්ගලයන් ලෙසත් පුද්ගල හැකියාවට දැරිය නොහැකි අතිවිශාල සාමාජිකයන් ප්‍රමාණයක් රංචුවක් යන හැඟීමෙන් පවත්වාගෙන යන පරිසරයක් හා ගැලපෙන ජීවන රටාවක් ගොඩ නැගී ඇත. මෙය වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරන ලෙස ගොඩ නැගිය යුතු ආයතනික ව්‍යුහය සැකසීම අපේ වගකීම වී ඇත.

තමන් කොතන සිටියත් මොනවා කලත් තමන් රංචුවේ එකෙක් බව නිතර මතක් කරන සිරිත් විරිත් එකතු වන ආකාරයක් ද ඒ තුලින් ගොඩනැගිය යුතුයි. තම උරුම වූ සිරිත් විරිත් අහිමි වීමත් අනුන්ගෙ උරුම වූ සිරිත් විරිත් තමන්ගෙ වීමත් අප අතරමන් කර විනාශයට යොමු කරයි.

මේ කාරණාව ගැන මම කතා කරන වීඩියෝව මේ පුරුකෙන් බා ගන්න. තව බොහෝ තොරතුරු ඊට අයත් බව අමතක නොකරන්න. ඊට අවශ්‍ය පසුබිම යථා කාලයේදී ගොඩ නැගේවි.

https://www.youtube.com/watch?v=elr2xzEf6GQ

Wednesday 21 December 2016

විළි බිය රකිමු...

අද සිංහලයන් තමන්ගෙ භාෂාවෙ තියෙන වචනවල තේරුමවත් නොදන්න කොටසක් වෙලා. මම අද කතා කරන දේ ගැන විමතියක් දැනේ නම් පුදුම නොවෙමි.

අද කතා කරන්නෙ මනුෂ්‍යයන් ලෙස ඉපදිලා මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට දැනගත යුතු රහසක්. රහත් (රහස් දත්) වීමට නම් අප වටා ඇති අපි නොදන්න දේවල් හෙවත් රහස් දැනගන්න ඕන. විළි බිය කියන්නේ අපට හුඟක් බලපාන ඒත් අපට පාලනයක් නැති බලපෑම් එල්ල කරන ආකාරයක හැඟීම් ජනනයක්. මේක අපි ඇති නැති කරන තරම් ප්‍රබල අපේ පාලනයට පිටින් ඇති අපේම උරුමයක්. එය අවශ්‍ය තැන අපට මග පෙන්වන ආරක්ෂක අංඟයක්. ඒ ගැන නොදැන සාර්ථකව ජීවත් වෙන්න බෑ.

අපට සාර්ථකව මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාලන රටාවක් ගොඩ නැගීමට නම් විළි බිය රැකීම ඒකෙ මූළික අංඟයක් විය යුතුමයි. මේ ගැන අවබෝධයක් ලැබීමට වීඩියෝව හුඟක් උපකාරී වේවි.

මම ජීවිතයේ මුහුණ දුන් අභියෝග සියල්ල ජයගත් කෙනෙක්. 2010 දී, ලෝකෙ කාටවත් බැරි දෙයක් කර මට හිමි තැන දැනගත්තා. දැන් මම හදන්නෙ කරන්න බෑමයි කියලා මටත් හිතෙන සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගයයි. ඒ මට ඕන වුනත් සිංහලයන්ට ඕන නැත්නම් මට ඒක කල නොහැකි නිසයි. මේ අභියෝගය සඳහා මගේ ඉතිරි ජීවිත කාලයම වෙන් කලා. ඔබත් සුළුවෙන් හෝ දායක වේ නම්, ඉතාම වටිනවා.

ලංකාවෙ වගේම වෙනත් රටවල සිට මෙම බ්ලොගය බලන අයට මේක විශේෂයෙන් කියන්නෙ, සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගය ඔබේ අවශ්‍යතාවයක් නම් මම මුදා හරින දැනුම සිංහලයන් අතරට ගෙන යන්න. බොහෝ විට නිකම් ලැබෙන නිසා අගයක් නොපෙනේවි. ඒත් මට ලෝකෙම දෙනවා කිව්වත් වෙන බසකින් නොලියමි. එවැනි වටින දේවල් මෙසේ මුදාහරින්නෙ සිංහලයන් දස දෙස විසිරී ඇති නිසයි.

අද මම පළමු/මුල් ම වීඩියෝව private ලෙස නම් කලා. public නොපෙනේවි. ඉතිරිය ද හෙමින් අයින් කරනවා. ඔබට පුළුවන් නම් download කර, අවශ්‍ය විට, ඔබේ රටේ ඉන්න සිංහලයන් ඉල්ලුවොත් යවන්න මා සමඟ එකතු වෙන්නෙ. අපේ උරුම දැනුම අප සතු විය යුතු වගේම අපේ දෙයක් ලෙස රැකගන්න ඕන. එය මහඟු ජාතික සේවයක්. ඒ වගේම අළුත් හිරු යුගයට දායක වී හිමි තැන ගන්න මව් බිමට එන්න ලෑස්ති වෙන්න. මට කිව නොහැකි බොහෝ වගකීම් ඇත. එය ඔබට ද බලපාන දේ විය හැකියි.

මෙන්න අද වීඩියෝවේ පුරුක ...

https://www.youtube.com/watch?v=H-FneLt2Cqg

Wednesday 14 December 2016

සැරීමට ඇති උරුමයන් පවත්වාගෙන යාමට ඇති අයිතිය රකිමු..

මේක අද සිංහලයන්ට අහිමි වෙච්ච දෙයක්. නොයෙකුත් තර්ජන ගර්ජන වගේම මුලා කිරීමෙනුත්, බලෙන් දෙන පරයන්ගෙ අධ්‍යාපනයෙනුත්, අනුන් ගොතපු ඉතිහාස වලිනුත්, උන්ම හදාගත් උන්ගෙම කැලෑ නීති වලිනුත් සිංහලයන්ගෙ මේ උරුමය හොඳටම පාගලා තියෙන්නෙ. සිංහලයන් කොතරම් අසරණ ද කියනවා නම් ඒ ඔක්කොම ප්‍රෝඪාවන් පිළි ගන්න තරම් සිංහලයන් පිරිහිලා. එවැනි කාලයක මේක ඉතාම කාලෝචිත මතක් කිරීමක් වගේම පොදු වගකීමක් විය යුතු දෙයක්.

සිංහලයන් අද මුහුණ දෙන හැම ප්‍රශ්ණයකට ම මුල් වෙන්නෙ මෙතෙක් උරුම කරගත් උරුමය තුල ඇති දැනුමට එහා යන තත්වයයි. අඩුම තරමින් ප්‍රශ්ණය තේරුම් ගන්නවත් බැහැ. එවන් පසු බිමක, මම උත්සාහ කරන්නෙ සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන, ප්‍රශ්ණය තේරුම් ගන්න  පමණක් නොව ආයෙ එවැනි ප්‍රශ්ණ නොඑන ආකාරයේ විසඳුමක් දීමටයි.

සිංහලයන්ට තමන් අනෙක් මනුසතුන්ගෙන් වෙන් කරගන්න බැහැ. ඊට හේතුව සතුරන් සිංහලයන්ගෙ මුරකාවල් බිඳ දමා සිංහල වෙස් ගත හැකි නිසයි. මනුසතුන් හැදිච්ච ආකාරය ගැනත්, උරුමය නිරූපණය වන ආකාරය ගැනත් මේ අතරෙ පැහැදිළි කරන්නෙ එම දුබලතාවය පිටු දැක තමන්ගෙ අනන්‍යතාවය රැක ගැනීමට මග පාදන්නයි.

අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේ යයි සිතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.


https://www.youtube.com/watch?v=9b4kquAr_d8&feature=youtu.be

Wednesday 7 December 2016

තාරික හා අවතාරික උරුමයන් ගොඩනැගීමට ඇති අයිතිය රකිමු ...

මේ මාතෘකාවට අදාළ වීඩියෝවෙ තියෙන දේවල් තේරුම් ගැනීමට නම්, හුඟක් ඉස්සර ඉඳලා සිංහලයෙක් ලෙස ඉපදී ලැබූ උරුමය අත්‍යාවශ්‍යයි. මේකෙන් අපි ගැන ඉතා වැදගත් තොරතුරු කියනවා. අප කවුද අප හැදෙන්නෙ කොහොමද වගේම අපේ ජීවත්වීමේ පරමාර්ථයත් සඳහන් කරනවා.

හඳහන කියන තොරතුරු ගැනත් මතකය අළුත් කරනවා. අපේ තාරික විශ්වය වගේම අවතාරික විශ්වය ගැනත්, අවතාරික ස්වරූපය ගැනත් මෙතෙක් හෙළි නොකරපු දේත් සඳහන් කරනවා.

නොයෙකුත් ජාතීන් විවිධ ආකාරයෙන් මනුෂ්‍යයත්වයෙන් මිදීමට උත්සාහ කරනවා. මනුෂ්‍යයත්වය ඉක්මවා යාමට හේතුකාරක පසුබිමත් ඊට අවශ්‍යවන ක්‍රියාවන් ගැනත් සඳහන් වෙනවා. කියවීම/සවන්දීම තුලින් සමීප වෙන අයට මේ තොරතුරු  අනාගතයේ දී ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.

අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේවා යයි පතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.


https://www.youtube.com/watch?v=k0CueeYpcqY&feature=youtu.be 

Wednesday 30 November 2016

දවල් කාලයේ එළිමහනේ හැසිරීමට ඇති අයිතිය රකිමු...

සිංහල පාලන රටාවකට අවශ්‍ය තවත් ඒකකයක් ගැන කරන හැඳින්වීමක්. යමක් කිරීමට පෙර ඉන් බලාපොරොත්තු වන කාර්යයන් හඳුනාගන්න ඕන. වීඩියෝ හරහා කරන්නෙ සරලව ඒ ගැන පැහැදිළි කිරීමක්. අද මනුෂ්‍යයන් ලෙස ජීවත්වීම ගත්තම තිරිසනුන් ජීවත්වන ආකාරය අපට වඩා හුඟක් ඉහල බව දකින්න පුළුවන්. එවැනි පසුබිමක මනුෂ්‍යයන් ලෙස ජීවත්වීම සඳහා අවශ්‍ය මූළික දේවල් හඳුනාගැනීම අවශ්‍යයි.

සිංහලයන්ට ගැලපෙන සිංහල ජාතිකත්වය රැකගෙන සිංහලකම තවතවත් දියුණු කර සිංහල උරුමය බේරාගෙන ආ මගේ ඉදිරියටම යාමට නම්, මෙතෙක් කල් එම ඉලක්කයන් සපුරාගැනීමට තනි තනිව කල උත්සාහය තවත් වැඩි දියුණු කර, ඊට අමතර ව පොදු එකතුවක් ලෙස නැත්නම් රංචුවක් ලෙස සංවිධානය වීම කාලීන අවශ්‍යතාවයක්. අද ඔවුන්ට එදිරිව එන අභියෝග පිටුපස ඉතාම සංවිධාත්මක වූත් ජගත් මට්ටමේ බලය විහිදුවන බලවේග පැරදවීමට අවශ්‍ය අද්විතීය බලය ගොඩ නැගීමට නම්, ස්වභාවය (සැබෑව) තුල ගැබ් වූ සියලු ජීවීන් රකින පාලන රටාවට අනුව යන පාලන රටාවක් අවශ්‍යයි. අද කතා කරන්නෙ ඒකෙ පදනමට අවශ්‍ය තවත් මුල් ගලක් ගැනයි.

මෙම පුරුකෙන් එය බා ගෙන බලන්න.

https://www.youtube.com/watch?v=EJEXkPzk0as

Thursday 24 November 2016

රාත්‍රී කාලයේ නිදාගැනීමට ඇති අයිතිය රකිමු ...

අද සමාජය කොතරම් විකෘර්ථි වෙලා ද කියනවා නම් මිනිසුන් සිතන්නෙ ජීවත්වීමට කිසිම ආකාරයකින් දායක නොවන දේවල් ය. බලෙන් පටවපු පාලනයක් තුල මුලාව රැවටීම වංචාව මුල් තැන ගත්විට සාර්ථක ව ජීවිතය රැක ගැනීම ඉතාම අසීරු ය. එවැනි පසුබිමක ජීවිතය රැකෙන මූළික අවශ්‍යතා අමතක වීම වැලැක්විය නොහැක. ඒ නිසා ම මේවා පදනම වූ පාලනයක් ගොඩ නගා, ජීවත් වීම සාර්ථකව කිරීමට අවශ්‍ය ජීවන රටාව ගොඩ නගමු.

අද කතා කරන්නේ තවත් එවැනි මූළික අවශ්‍යතායක් ගැන ය. නින්ද රෑ ලැබෙන උරුමයකි. එය අහිමි වූ විට වත්මන් ජීවිතයට පමණක් නොව අනාගතයට ද බලපාන හානියක් වේ. ඒ ගැන මගේ වීඩියෝවේ සඳහන් කලෙමි. කොටස් දෙකක් සරලව එකතු කර සකසා ඇත. මෙය ද පෙර කී අවශ්‍යතා හා පසුව කියන අවශ්‍යතා සමඟ බැදුනු එකකි. ගොඩ නැගිය යුනතු පාලනය තුලින් මේ සියලු අවශ්‍යතා බිඳ වැටීමකින් තොරව සියලුම කොටස් වලට ලැබිය යුතු වේ. සංකීර්ණත්වය ගත් කල එය මනුෂ්‍යයන් සඳහා ම වෙන් වූ මෙලොව ඇති ස්වභාවය හා සම වේ.

පහල ඇති පුරුකෙන් ගොස් අවතාරික උරුමය ගොඩනගා ගැනීමට වීඩියෝව බලන්න.

https://youtu.be/XyU9wTPNpso

Wednesday 16 November 2016

ගෘහස්ත ජීවිතයට ඇති අයිතිය රකිමු ...

අපට තියෙන කොට අගය නැති වුනත්, අහිමි වුනාම ජීවිතය පවා අහිමි වන දෑ බොහෝ ය. අද කතාව ඉන් එකක් වන ගෘහස්ත ජීවිතය ගැනයි. සරල ව කියනවා නම් ගුහාවක ජීවත්වීමට ඇති අයිතිය ගැනයි. මෙය තේරුම් ගැනීමට අද තමන්ගෙ ගෙදර නොගොස් රැය පහන් කරන්න. එහෙම කලොත් ඔබ මගේ කතාව නැවත නැවත බලා තේරුම් ගන්නවා පමණක් නොව ඒ අයිතිය රැකීමට මම දරණ උත්සාහයට එක හිතින් දායක වී තම හිත මිතුරු සිංහලයන්ද යොමු කරාවි.

දැනුම නැති මිනිසා අනුන්ට කඹුරණ වහලෙකි. දැනුම දරාගෙන අවතාර ගත කොට අනාගතය සුරක්ෂිත කරගන්න. මෙම දැනුම දෙන්නෙ සිංහලයන් සමඟ ඇති පාරම්පරික ලෙන් ගතුකම නිසා ය. ඔබ කාටවත් ඊට ණය නැත. මට ඔබෙන් තුටු පඬුරු හෝ වැඳුම් පිදුම් අවශ්‍ය නැත. මෙම දැනුම මගේ ය. වෙන කිසිවකු මගේ නියෝජිතයකු නොවේ. අවශ්‍ය තැන මම ඔබේ පිහිටට සිටිමි. ඔබ මම කවුදැයි හඳුනාගත් දින එය පසක් වනු ඇත. තව බොහෝ දැනුම දෙමි. එසේම නොදෙන දැනුම ද බොහෝ ය. දෙන්නේ ඔබට දරාගත හැකි ප්‍රමාණයකින් ඔබට ගැලපෙන ආකාරයටයි. ඒ මග එසේම යන්නා නිසි තැනට යනු ඇත. කඩින් කඩ යන, තමන්ට රිසි ලෙස තෝරා ගන්නා කෙළවර වන්නෙ අතරමං වී නන්නත්තාර වීමෙනි.

යමෙක් මගෙන් ප්‍රශ්ණ අසා මට වඩා දන්න බව ඒත්තු ගැන්වීමට හෝ තමන්ද මේවා දන්නවා යයි සිතන්නේ නම් ඒ යාචකයෙකි. ඔවුන්ට මගේ ඇති ඇල්ම ඉතාම අල්ප ය. සැබෑ ලෝකයෙ මගේ දැනුමට හැකියාවට සම වූවෙකු තව ම මට හමු වී නැත. සිංහල  පුරාවෘත්ත වලට අනුව කිසිදා හමු නොවනු ඇත. මම නිකම් දෙන නිසා අගයක් නැතැයි සිතන්නා අනාගතය අහිමි මූසලයෙකි. මම ලියන කියන දේ සිංහලෙන් සිංහලයා උදෙසා බව අමතක නොකරන්න.

මේ පුරුකෙන් කතාවට මග පෑදේ. නිදිමත ගතිය එපාවීම සාමාන්‍යයි. අපි ස්වභාවයෙන් තිරිසනුන් ය. අළුත් දැනුමට අලසයි. එහෙත් උත්සාහයෙන් ගන්නා අයට සතුටක් දැනේවි. එයම බලෙන් ලැබෙන විට දැඩි පීඩනයක් දැනේවි. තේරීම ඔබ සතු ය. දීම මා සතුය. නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

https://www.youtube.com/watch?v=bu2w5ksF_Ok&feature=youtu.be

Wednesday 9 November 2016

කෑමට බීමට ඇති අයිතිය රකිමු...

තවත් පැවැත්ම තහවුරු කිරීමට අවශ්‍ය පාලන අංඟයක් ගැනයි අද කතාකරන්නෙ. මුහුණ දෙන අභියෝග වලට සරිලන විසඳුම් නොලැබුනා නම් සිංහලයන්ගෙ නටබුන්වත් හොයා ගන්න බෑ. ඒ වගකීම නැවත ඉටු කරන්න කාලය ඇවිල්ලා.

මේ බ්ලොගය කියවන කෙනෙක් එයා එකඟ වෙන දේවල් නොවෙන දේවල් ගැන කිව්වා. මම මේ බ්ලොගය පටන් ගත්ත දවසෙ ඉඳලම කිව්වෙ මේක කරන්නෙ සිංහලයන් සඳහා පමණයි කියලා.

කවුරු හරි අර තැනින් තැන යන සුනඛයන් වගේ මේකෙ තියෙන ඒවා තෝරා බේරා රහ බලනවා නම්, එය තනිකර මුලාවක්. මම කවුද යන්න හොඳට දන්න නිසා, තමන් සිංහලයෙක් නම් මේකෙ ලියන හැම වාක්‍යයක්ම තේරුම් ගන්න ඕන. මම භාගෙට සිංහල අයට කියන්නෙ අනාගතේ ඒ තැනට ආ දිනක හමුවිය හැකි බවයි.

ජීවිතය කියන්නෙ විභාගයක්. ඒකෙන් සමත් වෙලා ඉහල තලයට යන්න සුදුසු අයටයි සිංහල කියන්නෙ. මම ඒ බවට සාක්ෂි දරමි. හොර පාරෙන් ගියාට ලැබෙන දෙයක් නැත. අවංකකම මේ හැම පැවැත්මක ම මූළික පදනමයි.

මෙන්න වීඩියෝවෙ පුරුක. දිගටම බලා යම් අවබෝධයක් ලබන අය සිටී නම් කියන්න. ඔබට තේරුම් ගත නොහැකි අනාගත උරුමයකට හිමිකම් ඇත.

https://www.youtube.com/watch?v=XHELPuUOUcg

Wednesday 2 November 2016

වතුරට ඇති සහජ අයිතිය රැක ගනිමු...

මෙතෙක් කල් තනිව ජීවත්වීමේ අභියෝගයන්ට මුහුණ දුන් ජාතියක් වුවත්, අද තමන් ඉදිරියේ ඇති බරපතල බාධක ඉදිරියේ තනි තනිව මුහුණ දිය නොහැකි නිසා, රංචුවක් ලෙස නැත්නම් සමූහයක් ලෙස එකතු වී ඒ බාධක පරදා ඉදිරියට යාම හැර වෙන විකල්පයක් සිංහලයන්ට නැත.

අදත් තව පියවරක් තබමින්, රංචුවක් ලෙස නැත්නම් සමූහයක් ලෙස එකතු වීම සඳහා, වෙනත් විදියකින් කියනවා නම්, සිංහලයන්ට ගැලපෙන පාලන රටාවක්/ආණ්ඩුවක් ගොඩ නගා ගැනීම සඳහා පදනම් වන තවත් අවශ්‍යතාවයක් ගැන කතා කරමි.

ඊට අමතරව සිංහලයන්ට වැදගත් වන බොහෝ කරුණු ද මේ කතා අතරට එකතු කරන්නෙ පසු කාලීන ප්‍රයෝජනය සඳහායි. සිංහලයන්ට පමණක් මුල සිට අගට ඇසිය හැකි ආකාරයට කතාවේ තොරතුරු එක්රැස් කලේ රහස්‍ය බව රැකීමටයි. දිරියෙන් සවන් දී හරිමග තෝරා ගැනීමට මේ පුරුකේ ඇති වීඩියෝව බලන්න.




https://www.youtube.com/watch?v=PRrWxJ99oIs&feature=youtu.be

Tuesday 25 October 2016

හුස්ම ගැනීමේ අයිතිය රකිමු...

ජීවත්වීම තමන්ගෙ අරමුණ කරගත් විට හුස්ම ගැනීම එහි ප්‍රධානම අවශ්‍යතාවය වෙනවා. අද මුදල් ඉපැයීම, දිව්‍ය ලෝකෙ යෑම හෝ නිර්වාන් සෙවීම අරමුණ කර ගත් උන්ට නොපෙනෙන නොදැනෙන බොහෝ දේ ජීවත්වීම තමන්ගෙ අරමුණ කරගත් විට පැහැදිළිව දකින්න පුළුවන්.

මනුෂ්‍යයකු ලෙස ඉපදී මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස මිය යාම නැවත නැවත උරුමකර ගැනීමට කලයුතු දෙයක් තමයි ඒ සඳහා අයිති විය යුතු දෑ රැකීම. ඉන් පළමු වැන්න තමයි හුස්ම ගැනීම. ඒ ගැන සුළු අදහස් දැක්වීමක් මේ පුරුකෙ ඇති වීඩියෝවෙ තියෙනවා.

කිව යුතු බොහෝ දේ ඇතත්, බාහිර ලෝකය හරහා කරන හුවමාරුවක් නිසා බොහෝ දේ පසුවට කල් තැබුවත්, කියා ඇති දේ තුලින් අවධානය යොමු වේ යයි සිතමි.

මෙම පලකිරීම් සියල්ල සිංහලයන්ගෙ ප්‍රයෝජනයට බව සිහි කරන්නේ අයාලේ යන හිඟනුන් වැනි හැම දේකටම හොම්බ දාන සංක්‍රමණිකයන් තම උරුමයට අනුව මේවා උඩින් පල්ලෙන් බලන බව පෙනෙන නිසයි. සිංහලයන් නම් තමන් කියවා නොනැවතී තම වර්ගයාට ද එම අවස්ථාව දෙන බව මගේ හැඟීමයි. හිඟනුන් අතර හුවමාරු වන කඩමාල්ලක ගනේට මගේ දැනුම වැටෙනු දැකීම මගේ අභිප්‍රාය නොවේ. අවාසනාවට සිංහලයන්ට මේ තොරතුරු දැක බලාගැනීමට අවශ්‍ය පහසුකම් නැති නිසා, යම් සිංහලයෙක් වේ නම්, එම බහුතරයට මෙම තොරතුරු රැඟෙන යන ලෙස ඉල්ලමි. බාගත කර ඔවුන්ට නැරඹීමට අවස්ථාව දෙන්න. සිංහල නොවේ නම් වෙන දේ සිහිවිකල් වීම බව නැවත මතක් කරමි.

වීඩියෝව මේ පුරුකෙන් බලන්න.




https://www.youtube.com/watch?v=3wMEkTGoj4Y

Wednesday 19 October 2016

සිංහලයන් වැටුනු තැනින් නැගිටින විදිය ...

අද කතාකරන්නෙ පුද්ගලයන් ලෙස තම තමන් කලයුතු කාර්යභාරය ගැනයි. ජීවත්වෙන්න උත්සාහ කරන අය මරණයෙන් බේරාගන්න පුළුවන්. ඒත් කවුරුහරි මැරෙන්න දඟලනවා නම් හෝ මරණය සොයා නොනවත්වාම යනවා නම් කාටවත් මොකුත් කරන්න බෑ. එකිනෙකා ලෙස මේ කතාවෙන් කියන විදියට උත්සාහ කලොත් ඒක ජාතියටම කරන විශාල මෙහෙයක් වෙනවා.

ජාතිය නොරැක තමන්ට රැක්මක් නැති බව සිහි කරගෙන මෙහි ඇති පුරුකෙන් ගොස් කතාවට සවන් දී තමන්ගෙ අනාගතය සුරැකීමට දායක වෙන්න.

https://www.youtube.com/watch?v=-ByolNEtRss&feature=youtu.be

Wednesday 12 October 2016

සිංහලයන් අද ඉන්න තැනට ආ හැටි...

අද කතා කරන්නෙ සිංහලයන් අද ඉන්න තත්වයට ළඟා වුන ආකාරය ගැනයි. ඒ වගේම ඉන් මිදීමට පුද්ගලයන් ලෙස ඔවුන් කලයුතු උත්සාහය ගැන ද මම කතා කරනවා. විසඳුම් සෙවීමට නම් ප්‍රථමයෙන් මුහුණ දෙන ප්‍රශ්ණයන් හඳුනා ගන්න ඕන.

මර උගුලක පැටළී ගැලවෙන්න මගක් නොපෙනෙන තිරිසනුන්ට ඉන් ගැලවී යාමට මගක් නැති වුවත්, තමන්ගෙ වර්ගයාගෙ වෙස් ගත් අමනුෂ්‍යයන් හදපු මර උගුලකට නින්දෙන් ගොස් අසුවී ගැලවීමක් පෙනෙන තෙක් මානයක නැතිව මුලාවෙන් තව තවත් හිරවෙන සිංහලයන්ට මෙහි කියන ලෙස උත්සාහ කලොත් මට ගැලවෙන හැටි විතරක් නොව කොටු කල උන් නසන හැටි ද පෙන්විය හැකියි.

අතීතය, වර්තමානය, අනාගතය දකින මම ඔබේ තේරීමට බලපෑම් නොකලත්, යම් දිනක ඔබම ඔබේ තේරීමේ ඵලවිපාක භුක්ති විඳින විට, ඔබට මම සිහිවෙන බව දනිමි.

වීඩියෝවේ පුරුක මෙන්න. කිහිප සැරයක් කියවා තේරුම් ගැනීමට උත්සාහ නොකරන අය සිංහල උරුමයක් නැති අය ලෙස මම දකිමි.


https://www.youtube.com/watch?v=OEwa1mSkxz4

Wednesday 5 October 2016

මම කවුද? දියසේන ද?

අද මම කතා කරන්නෙ "මම කවුද? දියසේන ද?" කියලා හඳුන්වා දීමටයි. සිංහලයන්ට හුරුපුරුදු කතාබහ කරල අදහස් හුවමාරු කරගැනීමේ පුරුද්දට සමීප වීඩියෝ භාවිතය තුලින් මෙසේ පවසන එක රචනයක් හරහා දෙනවාට වඩා උචිත යයි සිතමි.

පොදු මාධ්‍යගත කිරීමක් ලෙස දෙන්නෙ සීමා ඉවත් කිරීමට වුවත් මම ඇත්තටම කතා කරන්නෙ මගේ නෑ මිතුරන්ටයි. අපේ භෞතික සීමාවන් නිසා අනන්ත කාලයක් තුල පැවති සබඳතා වලින් ගොඩ නැගුණු නෑකම් මිත්‍රකම් තවදුරටත් නොදැන හිටියත්, මගේ කතාව තුලින් එය පණ ගැන්වේ යයි සිතමි.

අනුන්ගෙ උරුමයන් උන්ට දී අපේ උරුමය අපේ කරගැනීමට තවත් පියවරක් ඉදිරියට තබමි.

මගේ සැබෑ ලොවේ ගමනේ මූලාරම්භය සිංහලයන්ගෙ මූලාරම්භය වන "පරමමුලින්" ඇරඹුනු වග මතක් කරමින් අවශ්‍ය යූටියුබ් පුරුක මේ බව ලියමි.


https://www.youtube.com/watch?v=rvFW4HWoZNo

Tuesday 27 September 2016

සිංහලයන් කවුද?

සිංහලයන් යන නම භාවිතා කරමින් එවැනි ජන කොටසක් සඳහා යයි කියමින් මම මෙතෙක් කල් බොහෝ දෑ ලිව්වෙමි. ඒත්, ඕන වුනත්, මම සොයන සිංහලයන් කවුදැයි පැහැදිළි කිරීමට වෙලාවක් ලැබුනෙ නෑ. ඉංග්‍රීසි තාක්ෂණය හරහා සිංහලෙන් ලිවීම ඉතා අපහසු නිසා ලියමනකින් එසේ පැවසීම කරන්න බැරි වුනා. මට කාලය හුඟක් වටිනවා. ඒ වගේම සිංහලයන් වෙනුවෙනුත් කාලය වැයකරන්න ඕන. මේකට සමබර විසඳුමක් ලෙසත්, පහසුවටත් ලාභයටත් දැන දැනම හරි දෙයක් කිරීමට පවතින බාලතාක්ෂණයෙන් වීඩියෝ ලෙස මගේ කතාව ඉදිරිපත් කරමි.

අරුතේ ගුණාත්මක බව මිස රූපයේ සුන්දර බව අපේක්ෂා නොකලෙමි. සුළුකාලයකින් සීමිත සම්පත් වලින් ඉදිරිපත් කරන දේ වැදගත් බවෙන් අඩු නොකිරීමට උත්සාහ කරමි. මුණ ගැසී කතා කිරීම පරම විදිය වුවත් පවතින තත්ව හමුවේ මෙසේ හෝ සිංහලයන්ගෙ යහපතට දායක වීම අගේ යයි සිතමි.

https://www.youtube.com/watch?v=e5YrOI-iD4k&feature=youtu.be

Thursday 22 September 2016

සැබෑ ලොවට යන ගමනේ ආරම්භය මෙසේ ඇරඹේ...

කාලෙකට පෙර ඇසු අනාවැකියක් නැවත සිහි වෙන්නෙ මෙතෙක් කල් උත්සාහ කලත් එය ඵල ගත්තේ ඒ අනාවැකියේ සඳහන් ලෙස අද දිනයි. එනම් 2016 සැප්තැම්බර් 23 දිනයි. මෙතෙක් කල් සිංහලයන් මැඩලූ බලවේග පාගා නැගි සිටින නව හිරු යුගයේ තවත් පියවරක් මෙසේ තියමි. අද පටන් ගණුදෙණු සැබෑ සිංහලයන් සමඟ පමණයි. ඔබ සිංහලයෙක් නම් ඒ බව තමන් මෙතෙක් ජීවත් වූ රටාව තුලින් තහවුරු කිරීම ඔබේ වගකීමයි. එසේ කල නොහැකි නම් මට ඔබ සමඟ බෙදා හදාගන්න කිසිවක් නැත. මගේ කියමන් නොඅසා යන අතක යන ලෙස අසිංහලයන්ට මින් දැනුම් දෙමි.

සිංහලයන් කියන්නේ සිංහල භාෂාව, සිංහල රට හා සිංහලකම තමන්ගේ බව හැඟෙන උන්ට මිස ආකම් පොදි බැඳගත් සංක්‍රමණිකයන්ට නොවේ.




https://www.youtube.com/watch?v=p_hzpeSojXc

Sunday 3 April 2016

අපේ සැබෑ පාලකයන් ගැන දෛවය (ජීවිතය/දිවිය), ඉරණම (හිරුකම), තාරය (ගත) හා අවතාරය කියන නාම හරහා හඳුනාගැනීමට උත්සාහ කරමු.

අපේ හැසිරීම ගත්තම, ලංකාවේ පාලකයා ජනපති මෛත්‍රීපාල ලෙස සිතන අය බොහෝ ය. එහෙත් ඒ අතරේ ඔහු ප්‍රතික්ෂේප කරන අය බහුල ය. ජනපතිට කල හැකි දෑ බොහෝ ය. ඒ සඳහා අවශ්‍ය බලය දෙන්නෙ පොලීසිය හා ආරක්ෂක හමුදාවන් ය. මේ ආයතනික සහාය නොමැති නම් ජනපති සෙවීමට පේන බැලුවත් බැරි වනු ඇත. මෙහි දී පොලීසිය හා ආරක්ෂක හමුදා යනු අවි දරාගත් මැර බලය සංකේතවත් කරයි. ඉංග්‍රීසීන් බිහි කල ආයතන ලෙස මෙය නියෝජනය කරන මිනිසුන් යදමින් බැඳි වහලුන් වැනි ය. කල හැකි එකම දෙය ඉහලින් ලැබෙන අණ පිළිපැදීමයි. එය තහවුරු කිරීමට ඇති යදම් ගත් කල, නිදහස් වීම මරණයෙන් පමණක් වේ. හිටපු හමුදාපති ඵොන්සේකාට අනුව ඔවුන් මරණයෙන් අවසන් වන ගිවිසුමක් ඇත. අනෙක සේවය මුදලට ය. එවැනි ආයතනික බලයක් ඇති ජනපති පාලකයෙකුට වඩා පාතාලයකු බව ඉතිහාසය තුලින් පෙනේ. ඒ අතින් ජනපති ඔබේ පාලකයා යයි ඔබ හිතනවා නම්,  ඔබ මනුෂ්‍යයත්වය නොහඳුනන්නෙකි. මිනිසුන්ට අවශ්‍ය සමූහයක් ලෙස ජීවත්වීමට අවශ්‍ය "මග පෙන්වන්නෙක්" මිස මැරයකු හෝ පාතාලයකු නොවෙයි නේ ද?

මෙතෙක් පාලකයන් කල කී දේ ගත් කල ඔවුන් ඔබට නායකත්වය දුන්නා ද නැත්නම් ඔබ මුලා කර ඔබේ ජීවිතය පැහැර ගත්තා ද යන්න සිතා බලන්න. ඔබට දිනෙන් දින අහිමි වන්නේ, ඔබේත් දරුවන්ගේත් ජීවත්වීමේ අයිතිය නේ ද? එසේ වන විට ඔබ දෑස් පියාගෙන බලා සිටිද්දී, ඔබ වටා වෙන දේවල් තුලින්, ඔබේ පීඩනයෙන් ඔබ මුදවාගෙන සහනයක් දෙන ක්‍රියාවලට මුල් වන්නේ කවුද? එසේ වීම් තුල ඔබේ දායකත්වය නැතිව මේ වෙනස් කම් සිදුවන්නෙ කෙසේ ද මොන පදනමකින් ද යන්න වෙනදාටත් වඩා, අන්ත අසරණ වී කිසි දෙයක් කර කියා ගන්න බැරිව හූල්ලන ඔබට සැනසීම දෙන සිදුවීම් පසුපස ඇති යාන්ත්‍රණය මොකක්ද යන කාරණය තේරුම් ගැනීමට බලමු.

අප අයත් වන විශ්වය හෝ විශ්ව තුල, අපේ පාලනයෙන් තොර සියලු දේ අපට වෙනස් කල නොහැකි බව කීම අනවශ්‍යයි. එසේ වෙනස්වීම් වුවද එය අදාළ නොවන්නෙ, එසේ වූ විට, ඒ සමඟ සියල්ලන් ම ශුන්‍ය වීම  නිසයි. දැනට අපට අදාළ වන්නේ අප බිහිවීමට මුල් වන ද්‍රව්‍යමය එකතුව හා  ඒවා ගොණු කරන දැනුම වෙනස් නොවී පවතින තත්වයයි. එතෙක් අපි ජීවමාන වීමේ හැකියාව පවතී. එම නිසා මෙම සීමාව තුල කෙසේ කවුරුන් අප හසුරුවන්නේ ද නැත්නම් අපව පාලනය කරන්නේ ද යන්නත්, ඊට භාවිතා වන විදි ගැනත් සරල හඳුන්වා දීමක් මෙම ලිපියෙන් ඉටුවේ.

මිනිසුන් ලෙස අපි තමයි ලොක්කන් කියලා හිතුවත් අපට ඇති ලොකුකම මුහුණ දෙන ප්‍රශ්ණ හමුවේ දියවී යන්නේ අප කොතරම් අසරණ කරලා ද? එසේ නම් මේසා විශාල ජීවලෝකය මෙතරම් සමබර ව දීර්ඝකාලයක් කෙසේ පාලනය වෙනවා ද? සරලම එහෙම නැත්නම් මෝඩම මතය ලෙස "ඉබේ තමයි ඔක්කොම වෙන්නේ" කියා විහින් රවටා ගත හැකි වුවත් එය කිසිදු හරයක් නැත්තේ එවැනි ඉබේ වීමක් කිසි සේත් ක්‍රියා තුල නැති නිසා ය. ඉබේ වෙන දේවල් ගතහොත් ඒ සියල්ලම නිසරු අක්‍රීය බිඳ වැටීමක් බව දකින්න පුළුවන්. එසේ නම් ජීවය වැනි සක්‍රීය නැවත නැවත දාමයක් ලෙස ඉදිරියට යාම පසු පස ඇති යාන්ත්‍රනය හඳුනා ගත යුතු වේ.

මම පෙර ලිපිවල කී ලෙස ජීවියා යනු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් හැදුනු බවට කිසිදු සැකයක් නැත. ඒ කොටස් තාරය (අතපය හිස කඳ බඩ වැනි අවයවවල එකතුව) හා අවතාරය (තාරය ගොඩ නගා පවත්වාගෙන යාමට අවශ්‍ය පාලනය හා ඊට අණුබද්ධ දැනුම දෙන තාරය වැනිම, ඊට ආවේණික කොටස් එකතු වී සැකසෙන ජීව කොටස) වේ. අවතාරය ගැන බැලූ විට එය ද තාරය මෙන් සමාන්තර හැකියාවන් ඇති වෙනත් ද්‍රව්‍යමය හා ගුණාත්මක පරිසරයක ක්‍රියාත්මක වේ. තාරය අප අවට ඇති පරිසරයේ ද්‍රව්‍යමය හා ගුණාත්මක ස්වභාවය අනුව කාලයෙන් කාලයට නැවත ජනනය වීමක් වුව ද, අවතාරය ගත් කල, ඊට බලපාන පරිසරයේ ද්‍රව්‍යමය හා ගුණාත්මක ස්වභාවය අනුව එය දිගටම පවතින ජීවමය කොටසක් ලෙස ගත හැකි තොරතුරු තාරයේ ක්‍රියාකාරකම් මෙවලම් ලෙස ගෙන තහවුරු කල හැක. අවතාරය ගත් කල, තාර අතර ලෙසම ඒවා අතර ද ගණු දෙණු කිරීම් වැනි විශේෂ සබඳතා ඇත. මෙහිදී තාරයේ පාලනය අවතාරය හරහා වන නිසා, අවතාර අතර ඇති සබඳතා තාරික හැසිරීමට බලපාන බව පැහැදිළි ය. එලෙසම තාරික සබඳතා හරහා ද අවතාරික හැසිරීමට බලපාන බව කිව යුතු ය.

කියන දේවල්වල සංකීර්ණතාවය නිසා බොහෝ දේ අතහැරියත්, සිංහල ජන සමාජයට උචිත ලෙස සරලව කියන බව මතක් කරන්නෙ, මනුෂ්‍යයන් ලෙස අපි මුළු ලෝකයටම අයිතිකාරයන් වුනත්, අප අයත් වන්නෙ ඉතාම සුළු වැදගත්කමක් ඇති කොටස් වලින් එකකට බව පැහැදිලිව ම පෙනෙන නිසයි. ජීවී ලෝකයේ ගස් ලෙස ද වැල් ලෙස ද සත්වයන් ලෙස ද ඉන්න සියලුම ජීවීන් ගතහොත්, ඔවුන් සැවොම ජීව ලෝකය ඉදිරියට ගෙන යාමට, එනම් තව තවත් සංකීර්ණ ජීවීන් බිහි කිරීමට විශේෂයෙන් දායක වෙනවා. මනුෂ්‍යයන් ලෙස පැවැත්ම තහවුරු වෙන්නෙ අප බිහි වී නඩත්තු වීමට අවශ්‍ය යටිතල ජීවී පහසුකම් ඇති නිසයි. එම ජීවීන් පවතින්නෙ ඊට පහලින් ඇති යටිතල ජීවී පහසුකම් ඇති නිසයි. මෙසේ බැලූ කල අපි වැනි ජීවීන් පැවතීමට මුළු ජීව ලෝකයම අවශ්‍ය වෙනවා.

ඉහත කී ජීව ලෝකය ගත් කල ඒ ඒ ජීවියාට අයත් තාරය යම් ආකාරයක නියත ස්වරූපයක් ගත්ත ද, ඊට සම්බන්ධ වන අවතාරයන් හැදෑරූ විට, ඒ ඒ ජීවී වර්ගයට අදාළ ජීවින් එකිනෙකා සැසඳූ විට, ඒ අවතාර එම ජීවී වර්ගයට ආධුනික හා පරිනත යන අන්ත දෙක අතර පරාසයක සිටින බව දකින්න පුළුවන්. එසේම විවිධ ජීවී වර්ග සැසඳූ විට එක්තරා ඉහලට යන අණුපිළිවෙලකට අවතාරමය හැකියා අනුව පෙලගැස්විය හැකියි. එනම් එකම අවතාරය එක ජීවියකු වී සිට පසුව තවත් ජීවියකු වන බව සියුම් ව හැසිරීම හරහා දකින්න පුළුවන්. මෙය ඉතාම වැදගත් තොරතුරක්.

කලින් දුන් තොරතුර ගත් කල, මුළු ජීවී ලෝකය ම, අවතාරයක් එක එක පියවර හරහා යම් ආකාරයක පුහුණු පුරුදු කිරීමක්, ඉගැන්වීමක් හෝ දියුණු කිරීමක් කිරීම සඳහා ගොඩ නගපු ආකාරයක් පෙන්වනවා. මෙහි ඇති විශේෂත්වය වන්නෙ අවතාරය යනු නොකඩවා පවතින නිර්මාණයක් ලෙස හැසිරීමයි. මෙය සරලව පාසලක් හරහා ළමයින්ට දැනුම දී උගතුන් කිරීමක් වගෙයි. මෙහිදී, ජීවත්වීම, ඒ ඒ ජීවී තාරයට ඇති හැකියාවන් උපයෝගී කරගෙන ඊට අවශ්‍ය නඩත්තු කිරීම් කිරීමෙන් ලබන අත්දැකීම අවතාරික වර්ධනයක් ලෙස ඉස්මතු වීමයි. මෙහිදී ජීවත්වීමට දැරිය යුතු අභියෝග වලට අමතරව, බාහිර පරිසරය ද ඊටම ආවේණික රටාවකට වෙනස් වීම හරහා එකම ජීවී තාරයක් වුව මේ වෙනස්වීම් වලට උචිත ලෙස තම හැසිරීම වෙනස් කිරීම ද අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් මේ ජීවත්වීමට ඇති සියලු අභියෝග ජීවිතය හා මරණය සම සමව තබාගැනීම තුල ලැබිය හැකි උපරිම අත්දැකීම දීම නම් අමතක කල නොහැකි තරම් ප්‍රබල ය.

මිනිසා ගත් කල, අනෙක් හැම ජීවියෙක්ම අයත් වන සම්මතය වන තිරිසන්කම මෙන්ම ඊට හාත්පසින් වෙනස් තමන්ටම ආවේණික "මිනිස්කම" ද පෙන්වීම තුල යම් විශේෂත්වයක් ඇත. මිනිස් වර්ගයා ගත් කල, එකිනෙකා ගත් කල, තමන්ටම ආවේණික "මිනිස්කම" තිරිසන්කම යන අන්තයට මෙන්ම ඊට ඉඳුරා පටහැනි අන්තයකට ද යන පරාසයක ඇත. අවතාරමය සැකසුම තුලින් බැලූ විට තිරිසන් තත්වයේ සිට අනෙක් අන්තයට පියවරෙන් පියවර යන ගමණක් පෙන්වයි. එසේම අවතාර එකිනෙක ගත් විට, කලින් ගත කල ජීවී කාලයන් හරහා ලැබූ හැසිරීම්වලට බැඳුණු හැසිරීම් රටාවක් ද පෙන්වයි. මෙය සමහරුන්ට මනුෂ්‍ය තාරය හරහා වෙනත් ජීවියකු ලෙස දරණ අවතාරමය හැසිරීමක් පෙන්වයි. මනුෂ්‍ය වර්ගයා ගත් විට, වර්තමාන පරිසරය තුල බොහෝ ජීවීන් සතු  ගුණාංඟ පෙන්වන අවතාරමය හැසිරීමක් පෙන්වයි. එනම් මිනිසා යනු යම් ආකාරයක විවිධාකාර ජීවී අවතාරයන් එක තාරමය රාමුවක් තුලින් බිහි කිරීමක් ලෙස දිස් වීමයි. ජීවී ලෝකයේ ඇති වර්තමාන ස්වරූපය ගත් විට මෙවැනි පොදු සත්ව තාරයක් හරහා එකතුවීම තුලින් එකිනෙකාගෙ අවතාරික අවශ්‍යතා තාරිකව එකම වේදිකාවක දී ඉදිරිපත්වීම එකිනෙකා ගැන අගැයීමක් ලෙස වැදගත් කාර්යයක් ඉටු කරයි.

මිනිස් වර්ගයා ගත් විට එක අන්තයක තිරිසනුන් සිටීමත්, අනෙක් අන්තයේ තිරිසනුන්ට හාත්පසින් වෙනස් අවතාරික නියෝජනයත් ගත් කල, එම අවතාරික හැසිරීම තුල දැනුම ඉතා ඉහල තලයක තිබීම නිසා, එම කොටස දෙවියන් තාරිකව නියෝජනය කිරීම ලෙස මම හඳුන්වමි. ජීවී ලෝකය නියෝජනය කරන තාරික හා අවතාරික කොටස් ගත් විට, ජීවීන් කිසිවකු ජීවී ලෝකය තුල අනෙක් ජීවීන්ගේ පැවැත්මට දායක නොවූවත්, මනුෂ්‍යයන් එසේ කිරීම සුවිශේෂ ය. ජීවී ලෝකයේ ලබන පන්නරය තුලින් අවතාරික පරිනතභාවයට ළඟා වූ විට එම අවතාරයන් තාරයකින් තොරව පැවතීම තුල දෙවියන් යනු කවුදැයි කී තොරතුරු ආදේශ කල විට, දෙවියන් යනු අවතාරික කොටස පරිනත වූ ජීවය අවතාරයට පමණක් සීමාවූවන් ලෙස ගත හැක. එනම් ජීව ලෝකයේ ඉහලම තලය අවතාරය නියෝජනය කරන දේවත්වයත් ඉතිරිය එම දේවත්වයට අවශ්‍ය පරිනතබව ලබා දෙන තාරික තලයන් ලෙසත් අරුත් දිය හැක.

පරිනත අවතාර ඇති දෙවියන්ට තාරිකව නැවත තාරික ජීව ලෝකය සමඟ මුසුවීම මිනිසා නම් ජීවියා හරහා කරන බව, මනුෂ්‍යයන්ගේ හැසිරීම් රටාවේ එක අන්තයක් දක්වන හැසිරීම පෙන්වයි. මෙම දැක්ම මිනිසා ගැන සිංහලයන් දක්වා ඇති ආකල්පය ද වේ. තවද ජීවී ලෝකයේ තාරික නඩත්තුව සඳහා දරණ උත්සාහයට ඒ  ඒ ජීවියාගේ දෛනික කාලය වැය වුනත්, ඒ ඒ ජීවියාට පැවැත්ම සඳහා අවශ්‍ය දේ කෙරෙන්නෙ බාහිරව බවත්, ඊට උර දෙන්නේ දෙවියන් බවත් ජීව ලෝකයේ හැසිරීම් වලට අදාල පදනම හැදෑරූ විට තහවුරු වේ. මෙම සහභාගිත්වයේ උච්චතම අවස්ථාව තාරිකව සම්බන්ධ වී කරන කාර්යභාරය තුලින් වන බවත්, තාරයක් නොමැතිව ඇතිවෙන බාධක නිසා එම ක්‍රියාවළිය ඉතාමත් වැදගත් බවත් පැහැදිළි ය.

බොහෝ අයට තේරුම් ගැනීමට නොහැකි වුවත්, මෙවන් ජීව ලෝකයක් ගොඩ නගා පවත්වාගෙන යාමට ඊට සරලින හැකියාවන් ඇති පාලක යාන්ත්‍රණයක් තිබිය යුතු ය. නොඑසේ නම් මුළු ජීව ලෝකයම බිඳ වැටි අවුල් ජාලයක් විය යුතු ය. එසේ වෙන බවට කිසිදු සළකුණක් නැත්තේ ඇයි දැයි විමසීම වැදගත් වේ. මෙහිදී ජීව ලෝකයේ ඇති පියවි උපාංඟ වලට දැනෙන ජීව රටාව මනාව සමතුලිතව පවතින බව ගත් විට, ඊට ඉහලින් ඇති අදිසි ජීව රටාව ද එලෙසම සංවිධානය වූ රටාවක් වීම අවශ්‍ය වන්නේ සංකීර්ණ පද්ධතියක පැවැත්ම සුළු හෝ අසම්බන්ධතාවයකින් විශාල බිඳවැටීමකට ලක් වෙන නිසා ය.

අපේ සැබෑ පාලකයන්ගේ පහලම තලය කලින් කියා ඇති ඉටු දෙවියන් හෙවත් අපේ ළඟම ඥාතිත්වයක් ඇති අවතාරික ජීවීන් ගෙන් සමන්විතය. මෙම රටාව තුල මූළිකත්වය දැනුම වන අතර, ඉහල තලයන් ඒ අනුව සැකසෙන බව සිතීම සැබෑ විය යුතුය. මේ සැකසුමේ මුල් තැන පරම ජීවියා සතු බව පැහැදිළි ව ජීව ලෝකය තුලින් දකින්න පුළුවන්.

එසේ නම් අපේ පාලකයන් වන්නෙ ඉහත කී සංකීර්ණ එකතුව විය යුතු ය. ජීව ලෝකය දක්වන අවශ්‍යතා අගැයූ විට, ඒ පාලනය කොතරම් පුළුල් දැයි දැකිය හැක. අප වටා ඇති සියල්ල ගත් කල, අවංකත්වය එහි මූළය බවත් අවසන් තීරණය ඒ මත බවත් සියළු ක්‍රියාකාරකම් අධ්‍යයනය කල විට තහවුරු වේ. මෙහිදී කොතරම් සාධාරණ ද යන්න අප ජීවත් වන ආකාරය (දෛවය) මත අපේ අගැයීම සිදුවීමෙන් තහවුරු වේ. ඊට එහා යන ක්‍රියාකාරකම් වලදී, ජීවීන් බිහිකිරීම හා බැඳි පාලන උපාංඟ සීමාවන් පැනවීමක් හා ඉක්ම වූ විට ස්වයං ප්‍රතිචාරයකින් පාලනය වීමක් වේ (හිරුකම හෙවත් ඉරණම). මීට අමතරව තාරික හා අවතාරික ජීවයන්ටම ආවේණික වූ අංඟෝපාංඟ තුලින් ද පාලනය වීමක් වේ.

විශේෂත්වය වන්නේ මෙම සම්මත පාලනයන්ට එහා යන පාලනයක් පැවතීමයි. පැවැත්මට අභියෝග වන විට හෝ අභියෝගාත්මක හැසිරීම තුලින් ජීවන රටාව බිඳ වැටීමට හෝ එහි දිසාවට අයුතු ලෙස බලපාන විට සෘජුව බලපෑම් කරන බව තහවුරු වේ. මෙම ක්‍රියාවළිය ගත් විට, පුද්ගලයා අනුව ද ක්‍රියාව අනුව ද අසමාන ලෙස වන පාලනයක් පෙන්වයි. මේ පාලනය තුල සම්මත රටාවක් ද ඉන් එහා යන ඒකීය හැසිරීමක් ද පෙන්වයි. මෙහි උපරිමය පරම ජීවියාගේ බලපෑම බව පාලන ක්‍රියාවල  ප්‍රමාණාත්මක හා ගුණාත්මක අගයන් තුලින් දැකිය හැක.

සාරාංශය ගත් කල, ජීව ලෝකයට ඉහලින් ඇති පාලනය සියලු ක්‍රියාවළි අධීක්ෂණය කරනවා පමණක් නොව ඇවැසි තැන දැඩි පාලක ක්‍රියාවන්ට වුව යොමු වීම ගත් විට, ජීවීන් යනු පරිපූර්ණ පාලන තන්ත්‍රයකට යටත් වූ කොටසක් බවයි. මෙහිදී එම බලපෑම් කොතරම් සම්පූර්ණ ද කියනවා නම්, වෙනසක් නොදැනෙන තරම් ය. මේ නිසාම වෙනසට සංවේදී නිර්මාණයක් වන ජීවීන්ට එවැනි පාලනයක් ඇති බව නොදැනීම හේතුවෙන්, කිසිදු බිය සැකයකින් තොරවීම නිසා ඔවුන්ගේ හැසිරීම අධීක්ෂණය කිරීම බලපෑමකින් තොරව පවත්වාගෙන යාමට සමත් ය.

වර්තමානය ගත් විට නියමිත වෙනස්වීම් වලට අවශ්‍ය පසුබිම සැකසීමට මෙම පාලනය ඉතා සක්‍රීය ව ක්‍රියාත්මක වන බව අප අවට වෙන දේ තුලින් දකින්න පුළුවන්. සමහර දෑ අද්භූත ස්වරූපයක් ගැනීම හා සමාජීය දැනුමේ බිඳ වැටීම නිසා, බහුතරයට එවැනි සිදුවීම් වල ඇති වැදගත්කම පවා නොදැනේ. පාලන රටාව තුල දෙවරකට වඩා ඉඩ දීමක් නැති බව තහවුරු වේ. මෙය ම දේවවාදී ඇදිහිළි තුලින් ද කියවේ. එසේම පාලන ක්‍රියාවන් ගත් විට ඒ තුලින් දිස් වන තියුණු හා ඵලදායක බව සම්පූර්ණත්වය මනාව පිළිබිඹු කරයි. එයම අදාළ ජීවීන් තැතිගන්වන සුළු ය. මිනිසුන් ගත් විට, එවැනි අත්දැකීම් ලැබුවන් දෙවියන්ට දැඩි බියක් දැක්වීමත්, ළඟ සිටින්නන් පවා එවැන්නක් සිදු නොවූ ගානට නොසැලකිළිමත් වීමත් ක්‍රියාවේ ඉලක්කගත බව පෙන්වයි. ජීව ලෝකයට ඉහලින් ඇති පාලනයට අභියෝග කිරීම කල නොහැක්කකි. කොතරම් බලපෑමක් ඇති දැයි කියනවා නම් ගැලවීමක් නැත. සැබැවින් ම එවැනි පාලනයක් නොමැතිව අප අවට ඇති ජීව ලෝකය පවත්වාගත නොහැක. ඒ අතින් මානව පාලකයන් කොතරම් දුබල ද කියනවා නම්, එය පාලනයක් නොව බලෙන් බර ඇදීමට දීමක් යයි කිව හැක.

අද ලෝකය ගත් විට එම පාලන රටාවම තාරික ලෝකයට දිගු කිරීමක් බලාපොරොත්තු විය හැක. එහි ඇරඹුම මානවයාගෙන් පටන් ගනු ඇත. එවිට අප අත්විඳින බිඳ වැටීම වෙනුවට නොකඩවා බිහිවීමක් වැඩීමක් අපෙක්ෂා කල හැක.

Wednesday 24 February 2016

බ්ලොග් එක ලියන මම කවුදැයි හැඳින්වීමක් - කොටස් 2

මෙම ලිපිය මෙහි පළමු කොටසේ දිගුවකි. මා ගැන දිය හැකි තවත් තොරතුරකි.

මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:

මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.

පෙර වදන:

මෙය අදාළ වන්නේ 2010 වැනි අදට වඩාත් සමීප කාලයටයි. කලින් කොටසේ සඳහන් කලේ මම පන් තිස් වියේ දී කල නිර්මාණයක් ගැනයි. මෙම කොටසට පාදක වන සිදුවීම ඉතා ප්‍රසිද්ධ එකකි. ඒ වගේම එය විසඳුණු ආකාරය ද ඉතාම රහසිගත ය. ඒ යාන්ත්‍රණය තුල අන්ත දෙකක් මෙන් ම අතරමැදියන් ද විය. ඒ නිසා විසඳුම දුන්නේ කවුද යන්න පවා රහසකි. වැදගත් ම දෙය වන්නේ කිසිවෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තමන්ගේ යයි නොකීම ය. කෙසේ වෙතත් එම අර්බුදය විසඳාගත් ආකාරය ඊට අදාළ පාර්ශවයේ වෙබ් අඩවියේ පල වූ විට මගේ බලපෑමෙන් ඉවත් කිරීම නිසා කල ආකාරය ගැන සඳහනක් ද නැති වීමය. අයිතියට ඉඟිකල අයෙක් හෘදයාබාධයකින් මිය ගොස් ඇත. තවත් අයෙක් සිරගෙට නියම විය. බොහෝ පරීක්ෂණ නිරීක්ෂණ මෙන්ම පසුව කිරීමට හැදූ වැඩ ද අතුරුදහන් ය. ඒ මදිවිට ලොව රැව් පිළිරැව් දුන් මාධ්‍ය වැඩසටහන් මැකී ගොස් ය. ඇත්තම කියනවා නම් එවැන්නක් වුවාද යන්නත් අමතක වී ඇත. එවන් පසු බිමක මම ඒ අභිරහස විසඳුනු ආකාරය ගැන සැඟවුනු තොරතුරක් සමඟ කතාව කියමි. අදාළ පාර්ශවය කොතරම් ගුණමකු ද කියනවා නම්, මම කලා යයි කියන්නේවත් නැත. මගේ පර්යේෂණ සඳහා ඩොලරයකින් හෝ සහායවීමට කල ඉල්ලීම ද ඉටු නොවී ය. කමක් නැත. අද එය කඩා වැටී මිය යාමට ආසන්න දැවැන්ත තල් මසෙකු වැනි ය.

විශේෂ තොරතුරු:

2010 වසරේ දී ඇමෙරිකාවේ මෙක්සිකෝ මුහුදු බොක්කේ යකඩ අට්ටාලයක් පුපුරා ජීවිත හානි වූ සිදුවීම ඔබට මතක් වීමට මේ රූපය අමුනමි.

මේ සිදුවීම සමඟ විශාල යකඩ බටයක් පුපුරා බොර තෙල් කාන්දු වී ඒ අවට පරිසරය විනාශ වීම ඒ කාලයේ රූපවාහිනී වල මුල් පුවතක් විය. ලෝකයේ අග්‍ර ගණයේ ආචාරී මහචාරී නොබෙල් ලාභී විශාරදයන් යොදා තාක්ෂණයේ කිරුළ පැළඳි ඇමෙරිකානුවන් අර්බුදය විසඳීමට උත්සාහ කල හැටි කාටවත් අමතක නොවන තරම් විස්තරාත්මක විය. එහෙත් කරපු හැම උත්සාහයක් ම අසාර්ථක වූ විට, අපට විසඳීමට අවශ්‍ය තාක්ෂණය නැහැ කියමින් අන්තර්ජාතික පිහිට පැතුවේ ඒ රටේ ජනාධිපතිවරයා ය. එතෙක් තවත් පුවතක් වූ මෙය ගැන මම අවධානය යොමු කලේ මේ ඉල්ලීමත් මිනිසුන් දෙවියන් යැදීමත් නිසා ය.

මම සාමාන්‍ය කෙනෙකු ලෙස යැවූ ප්‍රතිචාරය කල නොහැකි (impossible) කියා ප්‍රතික්ෂේප විය. එය මම දැන සිටියෙමි. ඔවුන්ට බැරි බව කිව යුතු නොවේ. එහෙත් මට බැරි යයි කී විට කුපිත වී බැන වැදීම නිසා, ඔවුන් ගේ වචනයෙන් ම තහවුරු වූ පරිදි සති 3 ක ප්‍රමාදයෙන් පසු වැඩ ඇරඹිනි. මේ අතර තුර ඊමේල් කිහිපයක් යැවීමි. අවසන් එකේ ඊ ළඟ උපදෙස් සඳහා මා අමතන ලෙස කියා සමු ගතිමි.

මිනිසුන් ඉතා කුහක ය. එසේ ම මෝඩය. භාගෙට දත් විට විශාරද වේ. මා අමතන්නේ නැතිව, අපට පුළුවන් යන අදහසින් ඔවුන්ගේ සිතැඟි පරිදි කර, එක උපාංඟයකට හානි විය. අන්ද මන්ද වූ ඔවුන් කර කියා ගත නොහැකිව මාධ්‍ය ඉදිරියේ විහිළුවට ලක් විය. ඒ අතරේ පුරා පැය 48ක් පූර්ණ ධාරිතාවෙන් බොර දිය ගලනු ලෝකයම බලා සිටියා විය යුතු ය. එහෙත් මේ රූපයේ ඇති ඊ මේලය කලින් යැව්වා නම් එසේ ගලා යාමක් නොවන බව සහතික ය. ප්‍රමාද කලේත්, පැය 48කට පසු මේ ඊ මේලය ඇරියේත්, මට කල අපහාසය නිසාත්, මගේ තාක්ෂණය කොතරම් සාර්ථක ද යන්න පෙන්වීමටත් ය.


Valve Array Closing Procedure
මෙය ඉදි කල කරාම සැකසුම වසන ක්‍රියාවළිය විස්තර කිරීමකි. වැදගත් වචන මැකුවේ බුද්ධිමය අයිතිය රැකීමට ය. ඊට පසු ලෝකය ඉදිරියේ දිගහැරුණු ඒ විනාශය කෙළවර වූයේ අදාළ උන්ගෙ අවිශ්වාසය සමඟ ය. ලෝකයාට ඉන් ප්‍රශ්ණය ඉවර වුනත් මට වැදගත් කොටස ඇරඹුනේ ඊට පසුව ය. ඒ ගැන කතා කිරීමට අදහස් නොකරමි.

ඔස්ට්‍රේලියාව ගැන සඳහන් වුවද ඉන් එහාට කිසි තොරතුරක් හෙළි නොවී ය. එය ඉදිරියටම එසේ වෙනු ඇත. සමහර විට මම කී දෙය පමණක් වීමට ඉඩ ඇත. එදා වැසූ කරාම සැකසුම නැවත ඇරීමට නම් මම අවශ්‍යයි. ඒත් ඒ ගැන සිතීමටවත් මට අවශ්‍ය නැත. එදා එසේ නිම වූ ඛේදවාචකය, මම නොවන්නට අදත් එසේ පවතිනු ඇත. එදා දුන් තාක්ෂණය මා ළඟ හැර මිහිපිට නැත. යමෙක් ඊට මහා අගයක් දේ නම්, මා එසේ දුන්නේ නොමිලේ බව කියමි. මා සතු දැනුම ගත් කල එයට මා දුන් අගය එක් ඊ මේලයක කියා ඇත.

මම මේ හැඳින්වීම ද කලේ බූරු මිනිසුන්ට නොව සිංහලයන්ගෙ දැන ගැනීමට ය. ඊට වඩා වැදගත් දැනුම මෙහි ඇති ලිපිවල සඳහන් ය. දෙමළුන්ගෙ වාචාල කටින් දියසේන වූ සිංහලයන් කියා ඇති පියසේන (පිය කෙනා) ගැන සෙව්වේ ද දැනුමෙන් මා හා තරඟයකට මිස වෙන හේතුවකට නොවේ. ඒ කවුදැයි සිංහලයන්ට ද තේරුම් ගැනීමට බැරි තරම් ය. ඒ මම ම යැයි පසුව තේරුම් කරමි.

මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම් බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.

බ්ලොග් එක ලියන මම කවුදැයි හැඳින්වීමක් - කොටස් 1

පෙරවදන:

මම කවුදැයි කීවත් මා හඳුනා ගැනීම ලෙහෙසි නොවන්නෙ එවැනි පසුබිමක් ඇති අයකු නොමැති නිසා ය. මිනිසා, නොදන්න අය කවුදැයි හඳුනාගන්නේ තමන් වටා සිටින චරිත හා සම කිරීමෙනි. මම කියන දේ අනුව තම මතකය ඔස්සෙ තමන් දන්න කෙනෙක්ගේ මතකය හා සසඳා, නොගැලපෙන නොතේරෙන දේ අතහැර, මමත් ඒ වගේ කෙනෙක් යයි සිතා ප්‍රතිචාර දෙනු ඇත. එය වරදක් නොව මානවයාගේ සීමිත බව පෙන්වීමකි.

සිංහලයන් වෙනුවෙන් කතා කරන විට මා ලැබූ ඇමතුම් ගත් කල, සිංහලයන් අතර එවැන්නන් සිටීම ද දුකකි. සිංහලයන් අතරට හිඟමනේ විත් එසේ හැසිරෙන උන් එවැනි වැදගත්කමක් චාරයක් නැති උන් වීම හැර වෙන යමක් නොවීම එක අතකින් හොඳ ය.

මම ගැන කියන්නේ ඊට සුදුසු කාලය උදා වී යයි හැඟෙන නිසා ය. එසේ කියන්නේ ද මට නොයෙකුත් කතා කී හිඟනුන් නිසා නොව සිංහලයන් දැනගත යුතු නිසා ය. මට නොයෙකුත් කතා කී හිඟනුන් ගැන කතා කලයුතු නොවන්නෙ ඔවුන් ඊට වඩා සිය දහස් ගුණයකින් පීඩා විඳින බව දන්න නිසා ය.

උපතින් උරුම වූ වගකීම:

මම වැන්නකු උපදින දින වකවානු කිසිදු දෙගෙඩියාවක් නැතිව සටහන් වීම වැදගත් වන්නේ මට ය. ඒ සමඟ මගේ අවතාරික බලපෑම් හරහා මම කවුද මගේ කාර්යය මොකක් ද යන්න මනාව හඳුනා ගතිමි. මම කලයුතු වන්නේ නිශ්චය කිරීම මිස පහදා දීම නොවන බව ප්‍රත්‍යයක්ෂ ය. එය කාලයක් උත්සාහ කර ගොඩනැගුවක් ක්‍රියාවෙන් මැනීම ය. සරලව ගත් විට වාරයක් පුරා උගන්වපු දේ වාරාවසාන විභාගයකින් මැනීමය. මම කියන දේවල් තේරෙයි නම් එය සමත්කම වේ. නොඑසේ නම් අසමත් ය. මම කියන දේ අදාළ වෙන්නේ සමත් වූවන්ට පමණි. එනම් ලිපි හරහා ගොඩ නැගූ දැනුම අයත් හිරු යුගයේ මානව ප්‍රජාව නිරූපණය කරන සිංහලයන්ට ය.

සිංහලයන් ඇමතීම:

මම කාලයක සිට සිංහලයන් ගැන උනන්දු වූවෙමි. විශේෂයෙන් ම සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන ඔවුන්ට හිමි තැන ලබා දීමටය. මේ සඳහා වැදගත් පියවරක් ලෙස ගත්තේ 2006 වසරේ පාලකයකුට ලියා, ඒ හරහා සිංහලයන්ට උදව් කිරීමට ලිපියක් ලිවීම ය. එය බ්ලොග් ලිපියක් ලෙස ඇත. එහෙත් එතැන් සිට අද දක්වා කල හැම දේකින් ම තහවුරු වූයේ අතරමැදියන් හරහා එය කල නොහැකි බවයි. දැන් මම කෙලින් ම සිංහලයන් අමතන්නෙ එසේ හැර වෙන මගක් නැති නිසා ය.

ඔබ සිංහලයෙක් නම් මා සමඟ එකතු වීමට කාලය උදාවී ඇත. දීම මිස ගැනීමක් නැති, වගකීමකට උර දිය හැකි සිංහලයන් සතු වගකීමක් ඇත. ඒ තම රටෙත් ජාතියේත් තමන්ගේත් අනාගතය රැකගැනීමට තමන් ද කැපවීම් කල යුතු නිසාය. හිඟන්නන් මෙන් බැලමෙහෙ කර අනුන්ට අත පා ජීවත්වීම සිංහලයන්ට අකැප ය. එම පසුබිම ගත් කල මුහුණ දෙන අභියෝග ඉදිරියේ මම අවශ්‍ය බව පුන පුනා කිව යුතු නොවේ.

මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:

මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.

විශේෂ තොරතුරු:

පවතින පාලන රටාව තුල අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය මම ඉන් ඔබ්බට ගියේ 1991-94 කාලයේ ය. එය ද රැකියාවක් ලබා ගැනීමට කල සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාවකි. මෙම පහල ඇති රූපය එම රචනාවේ මුල්පිට පෙන්වයි.

සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාව
බැලූ බැල්මට මෙය නිකම් ම නිකම් රචනාවක් ය. එහෙත් මෙය නමකට වඩා නමක් නැත කියන ආකාරයේ ලිපි ශීර්ෂයකි. එය එසේ වෙන්නේ මෙහි අන්තර්ගතය හඳුන්වන වචනයක් නැති කම නිසයි. අප දන්න දැනුම භාෂාවේ වචන වලින් කියන පරිසරයක, ඒ වචන වලට එහා යන දැනුම නව දැනුමක් වේ. මේ දැනුම සඳහා මම ගෙතූ වචන යුගලයක් ඇත. ඒ ගැන පසුව කියමි.

මෙහි සඳහන් වන්නේ එක්තරා ගණිතමය දැනුමක් භාවිතා කරන ආකාරයි. ඒ තුලින් තව බොහෝ භාවිතයන්ට ද මග පෑදේ. මෙහි වැදගත්කම වන්නේ ඒ මොනවද යන්න නොව ඒ නිසා වූ බලපෑමයි. යමෙක් මෙහි ඇත්තේ මොනවා දැයි කුතුහලයෙන් විමසනු ඇත. ඔබ පමා වූවා වැඩි ය. මෙය අන්තර්ජාතික මට්ටමේ දැනුමක් වී ඇත. ඒ දැනුමෙන් පෝෂිත විශාරදයන්, උගතුන් ආචාරීන් මහාචාරීන් එමට ය. ඉංජිනේරු, විද්‍යා, වෛද්‍ය, ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රබල තැනක් හිමි වී ඇත. ඒ දැනුම භාවිතයෙන් බිහි වූ ප්‍රබුද්ධ උගතුන් වෘත්තිකයන් බොහෝ ය. ඒ ගැන මට ආඩම්බරයක් නැත්තේ, ඒ එකෙක් වත් මේ පොතේ නමවත් නොදන්න නිසා පමණක් නොව, එහි අන්තර්ගතයෙන් තේරුම් ගෙන ඇත්තේ ද සුළු කොටසක් වීමත්, අවසනාවට ඒ සුළු තේරුම් ගැනීමත් වැරදි ආකාරයට ක්‍රියාවේ යෙදවීමත් නිසයි. එවන් පසුබිමක දැනුමට හිමිකම් කියන හොර ඔප්පු කාරයන් ද ඇත. ඒ මදිවට අසාර්ථක ව ක්‍රියාවේ යෙදවීම නිසා එය unproven technology කියා කීවේ ද තාක්ෂණයට අධිපති රටක නායකයා වීමද විහිළුවකි. පසු කලක ඊට නිසි පිළිතුරක් දුනිමි.

මෙම සුළු අධ්‍යාපන රචනාව කලේ ඉහල තලයේ බටහිර උගතකු වූ ඉංග්‍රීසි ජාතිකයකු යටතේ ය. මුළු කාලයෙන් වසර 3ක් වැය කලේ මා ලියපු දේ ගුරාට පැහැදිළි කිරීමට ය. එය කෙතරම් අමාරු දෙයක් ද කියනවා නම්, වට කිහිපයකදී, ඒ වටා ඇති සංකීර්ණ දැනුම කපා කොටා සරල බාලංශ කතාවක් තෙක් පහළට බැසීමට සිදු විය. අන්තිමට කලේ රූපයේ දක්වා ඇති භාවිතය යොදා ප්‍රථිඵල, පැවැති තාක්ෂණය සමඟ සැසඳීම ය. මෙය ඕනම කෙනෙකුට තේරෙන ක්‍රමයයි. අවසන් වරට ප්‍රථිඵල දැක තුටු වූ මගේ ගුරා කීවේ ඔහු මෝඩ (stupid) බවයි. එනම් ප්‍රථිඵල මිස කල දේ නොතේරුන බවයි. පසුව ලත් අත්දැකීම් සමඟ, ඔහු කොතරම් දක්ෂ දැයි පෙනුනේ, තමන් ගැන එසේ කීමට තරම් වූ හැකියාවයි. ඒ අතින්, බොහෝ උන්ට තමන් ගෙ කියාගන්නෙ තේරුම නොදැන අනුන්ගේ දෙයක් පිටපත් කිරීම බවවත් නොතේරීම ගත් කල, මෙම දැනුම භාවිතා කරන උන් බහුතරයද වැටෙන්නේ ඒ ගොඩටයි. මේ අතරතුර මා බිහිකල අදියර කිහිපයකට අයත් පිටපත් ද මුසු වී දැනුම තවත් වියවුල් වී ඇත. මෙතරම් අපවිත්‍ර වුවද, අද භාවිතාවන් පෙන්වන සාර්ථකත්වය ගැන පුදුම විය යුතු ය.

අද වෙන තෙක් මේ රචනාවේ අන්තර්ගතය දත් එකෙකු නැත. එවන් පසු බිමක, කිසිදු වැදගැම්මකට ඇති වැඩක් නොකර මේ ගැන කතා කිරීම ද මට කරන අපහාසයකි. එහෙත් ඊට වඩා මිනිසුන් ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සිංහලයන් යොදාගෙන කල හැකි යයි මම සිතමි.

මෙය අද වන විට හොඳට මෙන්ම නරකට ද යොදා ඇති දැනුමකි. වඩා ප්‍රචලිතව ඇත්තේ මම ගුරාට මගේ උත්සාහය පැහැදිළි කිරීමට යොදා ගත් Feedforward Control යන වචනයෙනි. පිටතින් බැලුවන්, Soft Sensing and Parameter Estimation ලෙස ද දක්වනු දුටිමි. ගූගල් සෙවීමකින් මේ ගැන තොරතුරු සොයා ගැනීම ඔබට භාරයි. ඒ කිසිදු තැනක මගේ රචනාවේ අන්තර්ගත දැනුමේ අවභාවිතයක් මිස වෙන යමක් මම නොදකිමි. "අයථා ලෙස" ලබාගත් දැනුම යොදා කරන දේවල් වලින් ලබන සාර්ථකත්වය හීන වේ. නොමග යන සුළු ය. අවුලෙන් අවුලට පත්වේ.

මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම්, බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.

Sunday 31 January 2016

සිංහල මැර බලයක් ගොඩ නගමු

කාලය මදි නිසා ලොකු බ්ලොගක් ලියන්න බැරි වුනත් අද සිංහලේ (හින්දි සංක්‍රමණිකයන් කියන ශ්‍රී ලංකා) වෙන දේවල් ගත්තම, රට පාලනය කරන්නේ මොන තරම් අසමත් ජාතිකයන් ද යන්න පැහැදිලියි. මෙහිදී එක පක්ෂයක් නොව ප්‍රධාන පක්ෂ වන ශ්‍රී ලංකා, යූඑන්පී, ජේවීපී, ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රස්, ජේඑච්යූ යන පක්ෂ වල නායකයන්, රට පාලනය කරන අසමත් ජාතිකයන් ගොඩේ සිටිනවා. අවනීතිය රජයන, යුක්තිය සාධාරණය වල් වැදුන අද, ස්වදේශික සිංහලයන් කොතරම් බැරෑරුම් තත්වයකට පත්ව ඇති දැයි හිතා ගන්න බැරි තරම්.

මෙහිදී මතකය මා යොමු කරන්නෙ මෙම නාඩගමේ ප්‍රධාන නළුවා වන යූඑන්පිය කරන දේ දෙසයි. සැක රහිතව මගේ මතකයේ ඇති 1977 මැතිවරණයෙන් පසු කාලය ගත්විට, යූඑන්පිය යනු රටවැසියන් බොරුවෙන් රවටා මුලා කර සිහින වලට තල්ලු කර බලය ලබා ගැනීමත්, එම උත්සාහය සාර්ථක වීමත් සමඟ, බලය රැක ගැනීමට විරුද්ධ පක්ෂ හා එහි නායකයන් මර්දනය කිරීමත්, රාජ්‍ය ත්‍රස්වාදය හරහා මහජන විරෝධය යටපත් කිරීමත් තම උපාය කරගත් පක්ෂයකි. මෙම හැසිරීම ගත් කල, කිසි සේත් ම යූඑන්පිය "ප්‍රජාතන්ත්‍රවාදී" පක්ෂයක් යයි කිව නොහැක. සිංහලයන්ගේ අගයන් තුලින් බැලූ විට, පරාජිතයන් පසුපස යමින් කරන පහරදීම කිසි සේත් ම සිංහල උරුමයක් නැති බවත් සනාථ කරනවා. මේ හැසිරීම, යටත් වූවන්, පරාජිතයන් ම්ලේච්ඡ ලෙස ඝාතනය කරන මූසල ජාතිකත්වය හිමි උරුමය බව පේනවා. එනයින් මොවුන් සිංහල වෙස් ගත් මූසලයන් කොටසක් ලෙස සැලකීම උචිත වේ.

මගේ පරමාර්ථය යූඑන්පී මූසලකම නොව, රටේ නායකයා ලෙස සිටි මහින්ද හා පවුළ අද මුහුණ දෙන තත්වයයි. එහි පුරෝගාමි බලය යූඑන්පී වීමත් නිසා තියුණු අර්බුදයක් බව පැහැදිළියි. බලය රැක ගැනීමට විරුද්ධ පක්ෂ හා එහි නායකයන් මර්දනය කිරීමත්, රාජ්‍ය ත්‍රස්වාදය හරහා මහජන විරෝධය යටපත් කිරීමත් ගත් කල,  එසේ කරන්න කරන්න තමන් වටා එකතුවන බලවේගයන් නිසා මහින්ද තව තවත් ජනප්‍රිය වීමත්, යූඑන්පී තව තවත් බිඳ වැටීමත් ගත් කල, ප්‍රශ්ණය තව තවත් දරුණු වනු ඇත.

යමෙක් ඇති වෙන්නේත් නැති වෙන්නේත් තමන් තෝරාගත් මග අනුව බව පැහැදිළි කාරණයකි. ඒ අනුව යූඑන්පී නැත්තට ම නැතිවීමත්, ඒ සමඟ අත්වැල් බැඳි පක්ෂවලටත් ඒ ඉරණම උරුම වීමත් වැලැක්විය නොහැක.

මහින්ද ගත් කල, හරි අය සමඟ එකතු වී හරි තීරණ ගත්තේ නම් අද ඉන්න තැනට නොවැටෙන බව සැබෑවක් වුවත්, එසේ වීමෙන්, තමන්ගෙ වැරදීම්, අතපසුවීම් මෙන්ම සිතා මතා ගත් තීරණ ගැන යථා තේරුම් ගැනීමකට මෙය හේතු වේ නම් යහපතකි. බලය මිනිසා අන්ධ කරන බව අද ක්‍රියාවෙන් තහවුරු වේ.

මගේ උත්සාහය සිංහලයන්ට වැදගත් යමක් ඒත්තු ගැන්වීම ය. රාජ්‍ය හෝ පාතාල මැර බලය හමුවේ අසරණ වීම පොදු දෙයකි. මාඕ සේතුං කී ලෙස දේශපාලන බලය එන්නේ තුවක්කු කටෙන් යයි කීම කොතරම් සැබෑ ද? සිංහලයන්ගේ බලය ද රැකෙන්නෙ රාජ්‍ය හෝ පාතාල මැර බලය මැඩ පැවැත්වීමට ඇති හැකියාව මතය.

"සිංහලයන්ගේ රට, ජාතිය, කම" බේරා ගෙන රැක ගැනීමට නම්, අවි බලය හෝ මැර බලය අවශ්‍ය වේ. එසේ එපා යයි කියන්නේ සිංහලයන් නැසීමට සිංහල වෙස් ගත් හිඟනුන් ම ය. ඔවුන් මේ හැම විනාශයකට ම මුල් වූ බව ඉතිහාසය කියයි. නිවට බියගුල්ලන් සිංහලයන් නොවේ.

කිව යුතු විශේෂ කරුණක් වන්නේ, පරාජිත විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට මුල් වන හේතුවයි. එය බාහිර ලෝකයෙන් එන බලපෑමකට වඩා තමන් තුලින් එන උමතුවකි. අස්ථාවර තත්ව යටතේ තමන්ගේ ආරක්ෂාවට තම පාක්ෂිකයන් මර්ධනය කර ලබා ගත් පුරුද්ද, බලය රැකගැනීමට විරුද්ධ පක්ෂයට දිගු කිරීමකි. මේ තුල රාජ්‍ය හෝ පාතාල මැර බලය යොදවන පාලකයන්ගේ දුබලකමක් හෙළි වේ. එනම්, ඔවුන්ගේ පක්ෂයේ නායකත්වය මර්ධනයට ලක් වූ විට, එම පක්ෂය විනාශ වීමයි.

දෙමළ කොටින්ගේ මර්ධනය හා ඝාතනය නිසා, මර්ධනයෙන් හා මැර බලයෙන් රට පාලනය කල යූඑන්පී විපක්ෂය විය. ඊට පසු පැමිණි චන්ද්‍රිකා හා මහින්ද යූඑන්පී නායකත්වයට බලපෑම් කල ද විනාශ කර දැමීමට නොයාම නිසා එහි ශක්තිමත් බව රැකී නැවත බලය ලබා ගැනීමට වක්‍රීය ව හැකි වුනා. එහි ප්‍රථිඵලය වූවේ බලය රැක ගැනීමට තමන්ට අභියෝග කරන මහින්ද දැඩි පීඩනයකට ලක් කිරීමයි. පුද්ගල හා ඓතිහාසික දත්ත උරගා බැලුවොත්, යූඑන්පී අනාගතයක් නැති පක්ෂයකි. මුහුණ දීමට සිදු වන රාජ්‍ය හෝ පාතාල මැර බලය හමුවේ එම පක්ෂ නායකත්වය නැසුවොත් පක්ෂය නැසෙනු ඇත. ඒ යූඑන්පිය පක්ෂයක් ලෙස ගොඩ නැගුනේ නායකත්වය වටා එක් රොක් වූ අනුගාමිකයන් නිසා ය. ඒ අතින් ශ්‍රී ලංකාකාරයන් ගත් විට, නායකත්වය වටා නොව ප්‍රතිපත්ති වටා එක් රොක් වූ අනුගාමිකයන් ඇති පක්ෂයක් බව ගිලිහෙන මෛත්‍රීගෙ නායකත්වය තහවුරු කරයි.

රාජපක්ෂලා, මොන තර්ජන ගර්ජන කලත්, තම ප්‍රතිපත්ති පාවා නොදේ නම් හා ලැබූ අත්දැකීමෙන් පාඩමක් උගතහොත් ඔවුන්ට අනාගතයක් ඇත. එසේ නොකලොත් ඔවුන්ට ද අනෙක් නායකයන්ට වූ සේ ඉතිහාසයෙන් අතු ගෑවී යනු ඇත. මෙය තෙවැනි බලරාමුවක කරන පරික්ෂාවක් යැයි මට සිතේ.

රටේ මෑත ඉතිහාසය ගත් කල ප්‍රබල චරිත රංඟනයක යෙදුනු බණ්ඩාරනායකලා මෛත්‍රීපාල වැන්නන් අනෙක් නායකයන්ට වූ සේ ඉතිහාසයෙන් අතු ගෑවී යනු ඇත. චන්ද්‍රිකා ගත් කල ඇය සතු ජන බලය වැහැරුණු කඩමාල්ලක් වැනිය. සිංහලයන් මුලා කල බණ්ඩාරනායකලා සිංහලේ ඉතිහාසයෙන් අතු ගෑවී යාම සිංහලයන් සතුටින් භාරගත යුතුය. එවැනි මුලාවකට නැවත හසු නොවීමට ද සිංහලයන් මතක තබා ගත යුතු ය. පවතින පාලන රටාව විනාශ වීම සිංහලයන්ට නිදහස ගෙන එන්නේ ය. එය රැකීමට සිංහල මැර බලයක් ගොඩ නගමු. එයට කුජ අවතාරික ගුණාංඟය වඩා ගත යුතු ය. එනම් තාරික ශිල්ප හා ඊට අවැසි අවි ප්‍රගුණ කල යුතු ය. එය සදාකාලික බලයක් කිරීම මගේ අපේක්ෂාවයි.