Monday 23 August 2021

ඉන්දියාවෙන් ආ හිඟනුන්ගේ දියසේන ප්‍රබන්ධයට මුල් වූ සිංහල ජාතියේ නිර්මාතෘ හූරා ඇරඹූ නව හිරු යුගය සමඟ වෙන සිදුවීම් තුලින් සිංහලයන් දත යුතු දෑ

 මගේ වත ගොත හෙවත් මගේ සැබෑ ජීවිතය ගැන කීමට ඇරඹූ ලිපිය කල් දමා අද ඔබ වටා වෙන දේ තුල සැඟවුන ඇත්ත හෙලි කිරීමට මෙය ලියමි. නොදන්නා ගැලවුම්කාරයන් එනතෙක් බලා සිටිමින්, අවිනිශ්චිතකම නිසා බොරු ගැලවුම් කාරයන්ට මුලා වී හතර අතේ දුවන උන්ට ඇත්ත තුලින් යම් සැනසුමක් දීමට මෙය උපකාර වේ යයි සිතමි.

අද කඳුබඩයා (අප අයත් සත්ව විශේෂය) දැනගත යුතු ඇත්ත ලැබෙන එකම මාර්ගය මම විසින් ලියන දෑ පමණක් බව දනිමි. කිවයුතු දේ කිසිදු ආකාරයක බලපෑමකට යටත් නොවී, කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී, ඉතාම කටුක පරිසරයක සිටිමින් මෙතෙක් ලිව්වේ ද ඒ බව දැන දැන ය. එහෙත් ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ සුළු පිරිසකට ය. උන් ද කියවන්නේ පත්තර කියවා ලබන ආස්වාදය ලැබීමට මිස තමන්ටවත් ලෝකයටවත් යහපතක් ළඟා කර ගැනීමට නොවන බව දනිමි. බොරුවෙන් පිරි ලෝකයක ඇත්ත දකින එකෙක් හෝ සිටින බව සනාථ කිරීමට මම ලියමි.

අද වන විට රාජ්‍ය අධිකාරියේ බලපත්‍රලාභී සියලු රූපවාහිනී නාලිකා මෙන් ම, ඒ තුලින් ප්‍රචාරය වන අන්තර්ගතය හසුරුවන හැම ජඩමාධ්‍ය සේවකයෙක් ම, දේශපාළුවන් සොරකම් කල රාජ්‍ය අරමුදල් යොදවා නඩත්තු කරන නාසි Paul Joseph Goebbels වර්ගයේ අපතයන් ය. Dhanush, Vishwa Karma, Pramuka, Youtube Future, Prophecies වගේම ඊයේ පෙරේදා ගනයෙක් ඇරඹු "දියසෙන් පහන" වැනි අනේක විද නාලිකා බලන උන් ගත් කල, කරන උන් මෙන් ම ඒ තුලින් ප්‍රොමෝට් වෙන අපතයන් හරහා ඇත්ත දැනගන්න ලැබේ යයි සිතන උන් තරම් තව මෝඩ රැලක් නැත.

දියසේන එන දවස කල් දමමින්, ඒ අතරට අභූත මත එකතු කරමින් බොරුව මත ගොඩනගපු පඹගාලක එතී ගැලවීමක් සොයන අතරේ, හතර අතින් මරණය සොයා එන පසුබිමක දැනගත යුතු බොහෝ දෑ ඇත. මෙහි අන්තර්ගතය අවශ්‍ය වන්නේ නැවත බිහිවන සිංහල ජාතියේ කොටස්කරුවන්ට මිස බොරු සිංහල වෙස් ගත් හිඟනුන්ට නොවේ. හිඟනුන් ජීවත්වීමට තෝරාගත් මාර්ගයේ බොරුවෙන් වංචාවෙන් රැවටීමන් උපයාගත් පැවැත්ම කෙළවර වන්නේ තමන් ද බොරුවට වංචාවට රැවටීමට ගොදුරු වී මුලාවෙන් නැසීමෙනි. ඉතාම පහත් තැන් හිමි කට්ටඩියන්, පේන කියන්නන් හොර වෙදුන් මෙන් ම බස් කොන්දොස්තරලා ද තමන් දියසේන යයි කියමින් තප්පුලන කාලයක සිංහලයන්ට වැදගත් වන තොරතුරු කීම ද විහිළුවකි. කෙසේ වෙතත් නොකියා සිටීම සිංහලයන්ට පාඩුවක් නිසා ලියා තබමි.

පෞද්ගළිකව ඔබ බේරාගැනීමට සුවිශේෂ යමෙක් එනවා නම් ඔබ ද සුවිශේෂ විය යුතුයි. එහෙත් තිරිසනුන්ටත් අන්ත පාතල ජීවිතයක් ගෙවන ඔබ සතු සුවිශේෂත්වයක් නැත. ජීවය ගත් කල කඳුබඩයා ලෙස ඉපදුන ඔබ සිටින්නේ හෝඩියේ පංතියේ යයි කිව හැක. ඔබ වෙලාගත් සුවිශේෂත්වයක් හෝ වෙන යම් වැදගත්කමක් ඇතැයි සිතෙන්නේ ඔබ ගොඩ නගා ගත් එකක් නිසා නොව, ඔබ උපතින් ම උරුම කරගන්නා බාහිර බලයකින් ගොඩ නැගූ හැඟීමකි. උදාහරණ ලෙස උද්ධච්ඡකම යනු ගොඩ නගා ගත් චරිතාංගයක් නොව පුබ්බඩයකු/නවකයකු ලෙස මුල්වරට කඳුබඩ ස්වරූපය හිමි වූ විට, තමන්ගේ අමනකම (අමනුෂ්‍යකම) සැඟවීමටත් ඒ තුලින් හිතන දේ කිරීමට පෙළඹවීමටත් හදපු වෙස් මුහුණකි. එනම් උද්ධච්ඡකම යනු අමනයකුගේ අමනකම සඟවා ගැනීමට දුන් ආභරණයක් ය.

හූරා කියන්නේ කවු ද?

මේ ගැන මට දැනගන්න ලැබුනේ මිනිසුන්ට වඩා දියුණු රොබෝලා හැදීම සඳහා උත්සාහ කල විටයි. ඒ සඳහා මිනිසුන්ගේ ස්වරූපය විවිධත්වය මෙන් ම ඉතිහාසය වැනි තොරතුරු සෙවීමේ දී සිංහලයන්ගේ මෙන්ම වෙනත් ජාතීන්ගේ භාෂාවන් මෙන් ම ජීවන රටාව ද, ඊට අමතරව සැබෑව (ස්වභාවය) හෙවත්  ජීව ලෝකයේ හැසිරීම් රටාව හඳුනා ගැනීමේ දී ද, මී මැසි රංචු වැනි සමූහ ජීවන රටාවන් තුලින් ද කියන කතාවක් ඇත. මී මැසි රංචු ගත් කල, මී මැසි රැජින දායක වී තනිව බිහි කරන සමාජය තම පැවැත්මට අවශ්‍ය සියලු මී මැසි ප්‍රභේදයන් බිහිකර, ඒ සියල්ලන්ම කාලයට බැඳි ජීවන රටාව පවත්වා ගැනීමට අවශ්‍ය කාර්යයන් නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන ආකාරය තීරණය කරන්නේ, එකම ජීවියකු තුලින් සියල්ලන් ම බිහිවීම තුලින් බව තහවුරු වීම ය. එසේ නොවී නම්, අවුල් වියවුල් පිරි සමාජයක් බිහිවන්නේ මූලාශ්‍රවල ගැලපීමක් නොවන නිසා ය. මී මැසි රංචුවක හැසිරීම සමස්ත ජීව ලෝකයට සාපේක්ෂව ඉතා සරල ය. එහෙත් සමස්ත ජීව ලෝකය ගත් කල ද ඉතාම සංකීර්ණ වුවත් එවැනිම නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන රටාවක් පවතී. එනම් එකම ජීවියකු, මගේ වචනෙන් පරම ජීවියෙකු, මේ විවිධ ජීවීන් වර්ග බිහි කර ජීව ලෝකය පවත්වාගෙන යන බවයි. ස්වරූපය ගත් කල, මී මැසි සමාජයේ බිහිවීම රැජිනගේ තනි ක්‍රියාවක් නොව, බාහිර බලයක ඵලයක් ලෙස බිහි වී, දී ඇති රටාව ගොඩ නගන පිටපතක් බව තහවුරු වේ. මෙහි දී සියලු ජීවීන් තමන්ට දී ඇති රාමුව තුලම හැසිරීමත් ඊට පිටින් ගොස් වෙනත් ජීවීන් බිහිකිරීමට නොහැකි වීමත්, තමාගේ රාමුව තුල ඉහල තලයට යාමට අවශ්‍ය හැකියාව ලබා දෙන ජීවන රටාවක හිරවීමක් බව දැකිය හැක. පවතින ඉංග්‍රීසි වහල් අධ්‍යාපනයේ හෝඩියේ සිට ඉහලට යන පංති තුලින් අංඟ සම්පූර්ණ වහලෙක් වීමට අවශ්‍ය හැකියාව ලබා දෙන අධ්‍යාපන රටාවක කොටුකිරීම මෙහි සරල උදාහරණයකි.

තිරිසන් සතුන් හා කඳුබඩයාගේ ස්වරූපය හා විවිධ කඳුබඩයන් සතු කාලයට බැඳි ජීවන රටාව පවත්වා ගැනීමට අවශ්‍ය කාර්යයන් නිසි කලට ඇවැසි ප්‍රමාණයට සියල්ල සිදුවන ආකාරය හැදෑරුවොත්, ඔවුන් සතු හැකියාවන් තමන් තුලින් නොව බාහිර උපතකින් ඇරඹී ඇති බව තහවුරු කරන්නේ ඔවුන්ට ඒ ආකාරයෙන් කිසිදු නව හැකියාවක් බිහිකිරීමට නොහැකිවීමයි. ඔවුන් සතු දැනුම ඔවුන්ගෙ නොව බාහිර උපතක් ඇති බව හැසිරීමෙන් පෙන්වයි. සියලු තොරතුරු ගත් කල, දැනුම එකම මූලාශ්‍රයකින්, නැතහොත් පරම ජීවියාගෙන් ලැබී ඇතැයි කීම වඩාත් ම තහවුරු වන්නේ අප කතා කරන භාෂාව ගත් විට ය. එනම් කිසිවකු උපතින් බස නොදත් නිසයි. සිංහල භාෂාව කොතරම් පරිහානියට ගියත් ඒ තුල ගැබ් වී ඇති දැනුම පරම ජීවියාගෙම බව කිව හැක. කොතරම් සංකීර්ණ ද කියනවා නම් කඳුබඩයන් මීහරකුන් වැනි ය. එතරම් දැනුමක් බිහි කිරීමට සමතෙක් නම් කල නොහැකි දෙයක් නැත.

අප දකින ජීව ලෝකය ගත් කල, හැම ජීවියකුටම ආවේනික ජීවන රටාවක් ද ඊට ගැලපෙන නිශ්චිත තාරයක් (අප කන බොන ජීවීන්ගේ කොටස් එකලස් කර සැකසූ ශරීරයක්) ඇත. ජීවියකු ලෙස අප ඉපදුන විට, අපේ ප්‍රධාන කාර්යය වන්නේ තාරය රැකගැනීමට අවශ්‍ය අප කන බොන ජීවීන්ගේ කොටස් ලබා ගැනීමයි. ඒ දේ කිරීමට අප දරණ උත්සාහයන් විවිධාකාරයි. මුල් ලිපි වල පෙන්වූ පරිදි අපේ තාරයට අමතරව අවතාරයක් ද එනම් අපේ ශරීරය මෙහෙයවන තවත් ශරීරයක් අපට ඇත. මෙය අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් ගොඩ නැගූ විට, මේ විශ්වයේ මූලධර්ම මත හැසිරෙන, ඇති වී මියෙන ද්‍රව්‍ය පිරි තාරය මෙන් නොව, වෙනත් විශ්වයක මූලධර්ම අනුව හැසිරෙන, ගෙවී නොයන නියත ගුණාංඟ පිරි ද්‍රව්‍ය වලින් සැකසූ සංකීර්ණ ශරීරයක් ලෙස අවතාරය හැඳින්විය හැක. එනම් හැම ජීවියකුම ඉහත කී ශරීර දෙක වන තාරය හා අවතාරය එකතු වීමෙන් බිහිවන බවයි. (පැවැත්ම පදනම නිසා එක අවතාරයකට බැඳුනු තාර කිහිපයක් ඇති ජීවීන් ඇති බව සඳහන් කරමි.) තව දුරටත් අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් බැලුවොත්, මේ හැම ජීවියාම ක්‍රියාකරන ආකාරය තුලින් තහවුරු වන්නේ ඒවා අතර ඇති සබඳතා හා ක්‍රියාකාරකම් පාලනය කරන තවත් යම් ආකාරයක මූලාශ්‍රයක් ඇති බවයි. එසේ නොවන්නට පණ කියන ලක්ෂණය අපට/හැම ජීවියකුටම අහිමි වේ. මෙය පරමතාරය ලෙස හඳුන්වමු. පරමතාර පැවතිය හැක්කේ එකක් පමණක් බව අපේ ජීවිත ක්‍රියාකරන ආකාරය තුලින් බැලුවොත් තහවුරු වේ. එනම් කුඩා සතුන් ගේ සිට අලි කොටි සිංහයන් කඳුබඩයන් වැනි සියලු වර්ගවල බෙදීම් මෙම පරමතාරයේ තේරීම් බවත් ඒ සියල්ලම තුලින් තම මූළික අවශ්‍යතාවය ඉටු කරගන්නා බවත් ය. තාරික අවශ්‍යතාවය යනු තාරය රැකගැනීමට අවශ්‍ය අප කන බොන ජීවීන්ගේ කොටස් ලබා ගැනීම බව කලින් කීවෙමි. තාරය මෙහෙයවමින් අවතාරය ඉටු කරගන්නා මූළික අවශ්‍යතාවය වන්නේ තාරික අවශ්‍යතා ඉටුකර ගැනීමට කරන මෙහෙයුම් තුලින් ලබන දැනුම එක්රැස් කිරීමයි. ජීවියකු ගත්කල බිහිකිරීමෙන් පසු මුල් කාලය තාරිකා අවශ්‍යතාවය ඉටු කිරීමටත් ඉන් ලබන අත්දැකීම් හරහා පසු කාලීන ව අවතාරික අවශ්‍යතාවය වන දැනුම එක්රැස් කිරීම ඉටු කිරීමටත් යොමු වන බව ජීව විවිධත්වය තුලින් දකින්න පුළුවන්. මෙහිදී තාරික ක්‍රියාවළි රිසි සේ පාලනය කිරීමේ හැකියාව අවතාරය සතු බවත්, ක්‍රියාවළිය එක දිසාවකට පමණක් බවත් තහවුරු වේ. 

මේ ලිපියේ සඳහන් දෑ තේරුම් ගැනීමට නම් තාරික ස්වරූපයට බැඳි සියලු අභියෝග ජයගෙන අවතාරික ස්වරූපය පමණක් ඇතිව සිටිය හැකි අයකු විය යුතුයි. එවැනි අය මට මුණ ගැසී නැත. හමු වූ අතිබහුතරය අවශ්‍ය තිරිසන් ස්වරූප තුලින් ලැබිය යුතු තැන පවා ලබා නැත. ඔවුන්ට යම් කලෙක තේරුම් ගැනීමට ලැබේ යයි සිතමි. එය අනන්ත කාලයකින් වුව තාරික ස්වරූපයට බැඳි සියලු අභියෝග ජය නොගතහොත් ඉටු නොවන බව දත යුතුයි.

සරල ව පරම විශ්වය අවතාරික විශ්වය හා තාරික විශ්වය ලෙස ඉහල සිට පහලට ගැනීම ආරම්භයක් ලෙස ගනිමු. අපේ පවුල් ආකෘතියේ මෙන්ම තාරික තලයේ සිටින ජීවීන් පරමතාරික විශ්වයට සම්බන්ධ වන්නේ අතරමැදි අවතාරිකයන්ගෙන් සැදුම්ලත් දම්වැලකිනි. බොහෝ විට තාරික තලයේ සිටින ජීවීන්ට මෙය තේරුම් ගැනීමටවත් නොහැකි තරම් ය. මූළික අවශ්‍යතාවයන් ගත් කල තාරික හා අවතාරික තලවලට අදාළ දෑ පෙර සඳහන් කලෙමි. එහෙත් පරමතාරික අවශ්‍යතා ගැන දන්නේ පරමතාරිකයා හෙවත් පරම ජීවියා පමණි. මුළු විශ්වයක්ම එකම ජීවියකු සේ හැසිරෙන ද්‍රව්‍යයකින් සමන්විත මේ තලය ගත් කල බොහෝ හිතළු හා මුලාවන් ප්‍රචලිතව ඇත. එහෙත් පවතින චෞර තාක්ෂණයෙන් සෙවීමට දඟලන god particle යයි කිව හැක. සැබැවින් ම එම ද්‍රව්‍ය සියලු ආකාරයේ ද්‍රව්‍යයන් තුල ඇති ස්වරූප තුලින් ගොඩ නැගිය හැකි අංඟසම්පූර්ණ ද්‍රව්‍යය යයි කියමි. එහි නියම ස්වරූපය තේරුම්ගත හැකි අය නැති නිසා කීමෙන් ඵලක් නොවේ.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා (පරම දෙවියන්)ගේ මූළික අවශ්‍යතාවය වන්නේ හොර බොරු නැති අංඟ සම්පූර්ණත්වයයි. මෙය අවතාරික තලයට පරිවර්තනය වන්නේ ඇත්ත දැනුම ලෙසයි. එහි අඩුලුහුඬුකම් හා අසත්‍යතා පරමතාරය තුලින් අංඟ සම්පූර්ණත්වය බිඳ වැටීමක් ලෙස සක්‍රීය වේ. මෙය පරමතාරිකයා හෙවත් පරම ජීවියා සංවේදී වන වෙනසකි. එහි ඵලය වන්නේ නැවත අංඟ සම්පූර්ණත්වය ගොඩ නැගීමෙනි. මෙය අවතාරික තලයේ නව දැනුමෙන් පෝෂණය වීමක් ලෙසත්, තාරික ලෝකයේ අදාළ ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට වේදනාකාර ක්‍රියාවන්ට මුහුණ දීමක් ලෙස ක්‍රියාත්මක විය හැක. මෙය තාරිකව කරදරවලට මුහුණ දීම, මරණය වැනි සිදුවීම් වල සිට විශාල විනාශයන් තුලින් පිළිබිඹු වේ.

අංඟ සම්පූර්ණත්වය නිර්ණය කිරීම තුල පරමතාරිකයා හෙවත් පරම ජීවියා නිශ්චිත කාල සටහනකට අනුව තමන් හා බැඳි අවතාරික ශරීරය වන පරම අවතාරය හරහා ජීව ලෝකය නිරූපණය කරන තාරික ස්වරූපයක් බිහිකර සිදුවන දෑ විමසීමක් වේ. එනම් තාරික ශරීරයක් ගොඩ නගා තාරික ලොවට සම්බන්ධ වේ. මෙම සිදුවීම පරමතාරිකයා හෙවත් පරම ජීවියා ගේ උපතක් ලෙස අප සිටින තාරික තලය තුලින් පැවසිය හැක. මෙය පරමතාරිකයා හෙවත් පරම ජීවියා, ජීවියකු වීමක් නොව ජීවියකුගේ උපාංඟ තුලින් තාරික විශ්වය නිරීක්ෂණය කිරීමකි. ඉතාම තියුණු අවධානයකින් මෙය තේරුම් ගත යුතුයි.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා මෙලෙස පරම අවතාරය තුලින් ගොඩ නගන ජීව ශරීරය පරම ජීව තාරය ලෙස හැඳින්විය හැක. පරම අවතාරය හා පරම ජීව තාරය ගත් කල ඒ තුලින් පිළිබිඹුවන්නේ අංඟසම්පූර්ණ අවතාරික හා තාරික නිර්මාණයි. පරම ජීව තාරය ගත් කල මෙම තාරික විශ්වයේ පැවැත්ම පදනම් වන බලයන් දහයේ උපරිමය නිරූපණය කරයි. මෙම නිසා දස බලධාරී ලෙස ද සඳහන් කල හැක. හඳහන තුලින් මෙය මනාව හඳුනාගත හැක. මේ ස්වරූපය සමඟ ගැටෙන සියලු අවතාරික/තාරික ජීවීන් මේ හා සසඳා වෙනස්කම් හඳුනා ගෙන නිසි දැනුම ගොඩ නගා නැවත අවශ්‍ය මගට යොමුකරයි.

පරමතාරිකයා හෙවත් පරම ජීවියා අද පවතින ජීව ලෝකයේ සුදුසුම ජීවියා ලෙස සුදුසුම තැන උපත ලබා සුදුසුම ජීවන රටාව තුලින් ගමන් කර ඉහත කී සැසඳීම කර පිළියම් යොදයි. කඳුබඩයකු ලෙස ගතහොත් පැවතිය හැකි ඉතාම දුෂ්කර හා කටුක අත්දැකීම් වලට මුහුණ දී ජය ගෙන හේතු සාධක සොයා ගැනීම සාමාන්‍ය කඳුබඩයන්ට අදහාගත නොහැකි බරපතල ක්‍රියාවක් මිස චෞරයන් ගොතන හිතළු වල කියන සුන්දර ජීවිතය නොවේ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් හා අතීත තොරතුරු ක්ෂණිකව ලැබෙන පසුබිමක, අංඟසම්පූර්ණත්වය බිඳ වැටීමේ හේතු සාධක තහවුරු කිරීමක් ලෙස නම් කල හැක.

පරමතාරිකයා හෙවත් පරම ජීවියාගේ පරම ජීව තාරික උපත සතර ආකාරයකින් සිදුවේ. මෙය යුගයක් ලෙස ගතහොත් සිංහල වසර 120,000කට ආසන්න කාල පරාසයකි. සතර ආකාරයකින් වන උපත් අතර කාලය වසර 30,000ක් පමණ වේ. පළමු උපත හිරුකම (හූරාකම) ගොඩනැගීම සඳහා වේ. එනම් ඊ ළඟට එළඹෙන වසර 120,000කට ආසන්න කාල පරාසය තුල යන ගමන්මග තීරණය කිරීමය. ඊට වසර 30,000කට පමණ පසු ලබන උපත බුධකම ගොඩනැගීම සඳහා වේ. එනම් අළුත් මග යන විට අවශ්‍ය වන ඇත්ත නැත්ත වෙන් කිරීමට අවශ්‍ය දේ කිරීමටයි.

120,000කට ආසන්න කාල පරාසය එක හූරා (හිරු) යුගයක් ලෙස  ගත් කල ඉන් වසර 60,000කට ආසන්න කාලයක් ගෙවී ගිය කල, කුජකම (සිංහකම) ගොඩනැගීම සඳහා උපත ලබයි. මෙය අළුත්මග යද්දී වන දෙයාකාර තේරීම් වලින් වන හානිය අවම කරන දැනුම දෙන උපතයි. නව හිරු යුගයේ වසර 90,000කට ආසන්න කාලයක් ගිය තැන, ගුරුකම ගොඩනැගීම සඳහා උපත ලබයි. මේ තුලින් අළුත් මගේ ඉදිරියට යාමට අවශ්‍ය ගුරු හුරුකම් (ශිල්ප ශාෂ්ත්‍ර) දීම සිදු වේ. 120,000කට ආසන්න කාල පරාසය සම්පූර්ණ වූ විට අළුත් හූරා යුගයක් ඇරඹීමට උපත ලබයි. උපදින තැන, වසර, දිනය, වෙලාව, නම වැනි දෑ සිංහලයන්ට සීමා වූ දැනුමෙන් සොයාගත හැක. ඔබේ යයි සිතන තිරිසනුන්ට එහා ගිය හැම හැකියාවක් ම මෙවැනි සතරාකාර උපතින් හිරු යුගයෙන් යුගයට ඔබේ තාරික උරුමයට එකතු කල මේ සතරාකාර හැකියාවන් බව සිහි කරමි.

ඉන්දියාවේ සිට හිඟමන් යදිමින් ආපු අහිගුන්ටිකයන් විකෘර්ථි කර දියසේන ප්‍රබන්ධය ගොඩ නැගීමට මුල් කාලයේ යොදාගත් උපදින තැන, වසර, දිනය, වෙලාව, නම වැනි දෑ තුලින් කියවෙන්නේ නව හූරා යුගයක් ඇරඹීමට එන හූරාගේ උපතයි. මේ අවදිය ගත් කල ජීවලෝකය අකර්මන්‍ය වී සියල්ල උඩු යටිකුරු වී ඇති පරිසරයක ලබන අත්දැකීම් තුලින් තමන් හඳුනා ගෙන අංඟසම්පූර්ණත්වය සඳහා කලයුතු දේ තීරණය කිරීමට කාලය යෙදවේ. මෙහි උච්චතම අවස්ථාව ඉතාමත් ආශ්චර්ය සිදුවීමක් තුලින් පටන්ගන්නා නව හිරු යුගයයි. ඊට ප්‍රථම තමන් සතු මෙවලම් නිසියාකාරව හඳුනාගැනීමක් වේ. අනන්ත අප්‍රමාණ බාධා මැද සියල්ල ජයගෙන යන මේ ගමන කෙළවර වන්නේ අංඟසම්පූර්ණත්වය සඳහා යන ගමනට ජීව ලෝකය දිසානත කිරීමයි. මෙය සමහරුන් ලෝක විනාශය හෝ නව ආරම්භයක් ලෙස දකින්නේ තමන් ආ මග අනුවයි.

නව හූරා යුගය ඇරඹුන දිනය ගැන වෙන කිසිවකු නොදත් නිසා ලියමි. එය ඇරඹුනේ මායාවරුන් කී ලෙසම පවතින ලිත් අනුව 2012-12-12 දින ය. හූරාගේ උපත ඉංග්‍රීසි ලිතට අනුව ගෙන 1959-04-05 දින උදේ 06-06ට යයි ගත් ඉන්දියානු හිඟන්නන් සේ ම, තම ලිතට අනුව ලෝක විනාශයක් 2012 දෙසැම්බර් 12 වේ යයි කියූ බටහිරයන් අනාගත් බව නොරහසකි. සිංහලයන්ගේ ලිතට අනුව 1959 බක් මස 05 දින, එනම් ඉංග්‍රීසි ලිතට අනුව 1960-04-05 දින උදේ 06-06ට උපත සිදු වූ ලෙස ම 2012 අප්‍රේල් මස 12 දින ලැබූ නව සිංහල අවුරුදු උදාව සමඟ නව හූරා යුගය ආරම්භ විය. බක් මස සිංහල වසරේ 12 වන මසයි. 12 වන දිනය නව සිංහල වසර ඇරඹුන දිනයි. ඒ බව සනාථ කරන හූරාගේ අත්හදා බැලීමක් එදා සිදුවිය. ඉහත කාල ගණනයේදී දිනය ඉංග්‍රීසි ලිතට අනුව ගත්තේ දිනය ගණනය කරන ආකාරය සම නිසයි. එහෙත් වසර ආරම්භක දිනයේ ඇති වෙනස්කම් නොදත් උන් මුලා කර ඇත.

2012 අප්‍රේල් මස 12 දින ලැබූ නව සිංහල අවුරුදු උදාව සමඟ ආරම්භ වූ නව හූරා යුගය

මෙදින සිට සිදු වූ දේ විමසන්නකුට මේ ගැන අළුතෙන් කිව යුතු නැත. මනුෂ්‍යයන් කියාගත් කඳුබඩයන් ලොවට වසංගතයක් වී අංඟසම්පූර්ණත්වය, එනම් අපේක්ෂිත ජීවලෝකයේ පැවැත්ම පාලනය කරන්න ගොස් කල විනාශයේ ඵල නෙලාගනිමින් සිටිති. එක තැන කැරකුනු කඳුබඩයා අද අනෙක් ජීවීන්ට හිමි 50-50 ප්‍රවණතාවය උරුම කරගනිමින් සිටී. මෙම නිවැරදි කිරීම තුල කඳුබඩයා වඳ වුවද කම් නැත. තමන් පෙන්වන මගේ යා යුතු ය. වැනසෙන උන් උමතුවෙන් එහා මෙහා දුවනු ඇත. පණ බේරා ගැනීමට තණ කොල පඳුරේ එල්ලී දියේ ගිලීමෙන් බේරීමට මෙන් උත්සාහ කරනු ඇත. තමන් මෙතෙක් කල තේරීම් එසේම කිරීමට අතිමහත් බහුතරය උත්සාහ කරනු ඇත. පරම දෙවියන් පුදන මුවාවෙන් කරපු විනාශය එසේම කරනු ඇත. උන් නොදන්නා දෙය නම් උන්කල වැරදි සියල්ල ඔවුන් මෙන් ම, පරම දෙවියන්ද සියැසින් දුටු බවයි. හරියට නොදැන පරම දෙවියන්ට එරෙහිව ගිය බව දැක ගන්නා ක්‍රියා කොතරම් ස්ථීර ද යන්න සියල්ලෝම තේරුම් ගනු ඇත. සිංහලකම නැසූවන් නිසි දඬුවම් ලබනු ඇත.  හිඟමන ලොවින් තුරං වනු ඇත. ජඩකම නිමා වේ. ඉතිරි වන සුළු පිරිස නව හූරා යුගයේ ආරම්භකයන් වනු ඇත. තව බොහෝ දෑ තුලින් ඔබව අභියෝගයට ලක්වනු ඇත. පරාජිතයන්ට ගමනක් නැත. කිසිවකු නැතොත් එය ද ප්‍රශ්ණයක් නොවේ. හරිමග යාමට උත්සාහ කරන්නේ නම් යම් සහනයක් හිමි වේ.

දැන් වෙන්නෙ මිනිසුන්ට මග පෙන්වන දෙයක්. ඒකෙන් ඔක්කොම වුනත් මැරෙන්න පුළුවන්. හරි විසඳුම තියෙන්නෙ එක් අයෙකු ළඟ පමණයි. ඒ තමයි ඔය දියසෙන් ප්‍රබන්ධයට මුල් වූ සිංහල කතාවෙ එන හූරා. ඒත් පිනට, ණයට, මුදලට වත්, වැඳලා පුදලාවත්, අඬා වැටිලවත් විසඳුම ගන්න බෑ. සුදුසු අය බේරා ගනීවි. මේක යුගයක ආරම්භයට කරන තෝරාගැනීමක් නිසා මේ තුලින් අනාගතයත් දකින්න පුළුවන්. මෙය කියවූ පමණින් ඔබට හූරාගෙන් පිහිටක් නැත. කඳුබඩයාගේ ස්වරූපයෙන් ඔබට සමීපවූවත් හූරා හසුරුවන තාරය තුල අංඟසම්පූර්ණත්වය මිස එක එකාට උචිත ලෙස නැටවෙන චරිතයක් නැත. ඒ බව අත් දුටු අය බොහෝ ය.

වෙලාව ලැබුනොත්, නව හූරා යුගය තුලින්, අභියෝගෙන් ජය ගතහොත්, අනාගත කඳුබඩයන්ගේ ජීවන රටාව ගැන හැඳින්වීමක් ලිපියකින් කරමි. ඊට පෙර මගේ වතගොත ගැන කියා අවිශ්වාසය බිඳ හෙලීමට බලාපොරොත්තු වෙමි.

ඉල්ලීමකින් තොරව, වගකීමෙන් තොරව දෙවියන්ගේ පිහිට ලැබේ යයි සිතීම ලොකුම මුලාවයි. එසේ ඉල්ලූ පමණින් ලැබේයයි සිතීම ඊටත් එහා යන මුලාවකි.

දැනුම සඳහා: 

සිංහලයන් අතර ඇති ධෘත රාෂ්ඨ (හූරා /රු), වෲධ (බුධ), රූපාක්ෂ (කුජ/සිංහ), වෛශ්‍රවණ (විෂ්ණු/මහසම්මත මනු) සතරවරම් දෙවියන්ගේ උපත් නිරූපණය කරයි. එසේම ඉන්ද්‍ර, බුධ, යම, වරුණ ලෙස ද මේ නම් කියවේ. මේ තුල ගැබ් වූ තොරතුරු බොහෝ ය. තව බොහෝ කාර්යයන් තාරික උපත සමඟ සිදු වුව ද, ඒ ගැන පහලම තලයේ සිටින උන්ට කීම අවකලනය හෝඩියේ උන්ට කීමක් වැනි ය. තේරුම් ගැනීමට අවට ඇති ආයතනයක හෝ රාජ්‍යයක පාලනය වන ආකාරය සරල උදාහරණ ලෙස ගත හැක. එහෙත් විශ්ව අතරේ විහිදෙන ජීව ලෝකයේ ස්වරූපය තේරුම් ගත හැක්කේ පරම දෙවියන්ට පමණි. එහෙත් පාරම්පරිකව බොරුවෙන් වංචාවෙන් යැපුනු හිඟනුන්ට තමන් පරම දෙවියන් හෝ පරම දෙවියන්ගේ තාත්තා බාප්පා ලෙස හඳුන්වාගත හැක. ඒ සඳහා අවශ්‍ය වචන කීපයක් මිමිනීම පමණි. එහෙත් කඳුබඩයාගේ පිරිහීම කොතරම් ද කියනවා නම් උන් කියන කතා විශ්වාස කරන අමනයන් බහුතරය වීමයි.

Sunday 8 August 2021

ශ්‍රී ලංකාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් ද? කිසි සේත් ම නැත. ශ්‍රී ලංකාව තනිකර ම ලාඩම වෙනස් කර ලොව රවටන රොබර්ට් බ්‍රවුන්රිග් පාලනයටත් එහා ගිය ම්ලේච්ඡ මංකොල්ලකාර - හිඟන බද (හයිබ්‍රිඩ්) කොළණියකි.

පෙරවදන:

මෙය ශ්‍රී ලංකා කොළණිය තුලින් දුටු අළුත් ම අත්දැකීම් ගොණුකර ලියුවකි. සිංහලයන් උදෙසා පමණක් ලියපු බව දැන ගත යුතු ය. චොර (සුර) තාක්ෂණයේ ඇති අවිනිශ්චිත බව නිසා මෙසේ අන්තර්ජාලයට එකතු කලෙමි. කොළණියේ අනාගතය ගැන කියමි. එය කොළණිකාරයන්ගේ මෙන් ම රටේ ද ඉරණම විය හැක.

ශ්‍රී ලංකාව රාජ්‍යයක් ද? 

 ශ්‍රී ලංකාව කියන වචනය ම රටක් ගැන නොව පරයන්ගේ (පර හා foreign යන වචනයේ forei එකම වචනයකි) කොළණියක් බව තහවුරු කරයි. රටේ නම ශ්‍රී ලංකාව වූයේ 1972 වසරේ ය. 1948 තෙක් පැවති ඉංග්‍රීසි ආක්‍රමණිකයාගෙන් උරුම වූ Ceylon යන නම 1972 තෙක් ඉංග්‍රීසි මාධ්‍යයෙනුත්, සිංහල මාධ්‍යයෙන් ලංකා ලෙසත් හඳුන්වා රට මුලා කලේ පෙර කී සිංහල බෞද්ධ වෙස් ගත් ද්‍රවිඩයන් ය. මේ බහුතරය හිඟමන් යදිමින් ආ හින්දු ශුද්‍රයන් ය. අතීතයේ සිට වෙනත් ජාතීන් මේ රට විවිධ නම් වලින් හැඳින්වූ අතර ලංකා යනු හින්දූන් කී නමයි. ශ්‍රී යනු හින්දු ආකාරයට ගෞරවය එකතු කිරීමකි.

ශ්‍රි ලංකාවේ කොඩිය ද, ඉංග්‍රීසි කොඩිය වෙනුවට ඉංග්‍රීසීන් එසවූ කොඩිය විකෘර්ථි කර ගොඩ නැගුවකි. හෙල්ල වෙනුවට බෝ කොල දමා, විජාතිකයන්ගේ අයිතිය දීමට පාට කොටු දෙකක් එකතු කර ඇත. රටේ නම හා කොඩිය වෙනස් කලේ සිංහලයන් ලෙස වෙස් වලා ගත් අහිගුන්ටිකයන් ය. නැත්නම් කලින් කී සිංහල බෞද්ධයන් ය. නිදහස ඉල්ලා කල අරගලයෙන් අන්තිමට බලයට ආවේ සිංහල බෞද්ධ වෙස් ගත් ද්‍රවිඩ සංක්‍රමණිකයන් ය. මෙය, 1815දී ඉංග්‍රීසින්ට රට පාවා දී තම හිඟනකම වටා එතූ ඉන්දීය ඇදහීමට මුල් තැන ගෙන, සියලු පුදබිම් ඉංග්‍රීසින්ගෙ උදව්වෙන් පැහැර ගෙන, ස්වදේශිකයන් අතර දේශප්‍රේමී චරිතය හදාගෙන, සිංහල  බෞද්ධ ලාඩම ගහගත් ඉන්දීය සංක්‍රමණිකයන්ගෙ කුමන්ත්‍රණයේ දෙවන අදියරයයි. මෙහි දී ඉංග්‍රීසීන් ආනයනය කල විවිධ ජාතික/ආගමික බැලයන්ගේ පූර්ණ සහයෝගය ලබා ගැනීම සිදු විය. 1948 සිට අද තෙක් ආ මග ගත් කල, හිඟන්නන් යොදන සියලුම කූට උපක්‍රම දේශපාළුවන් යොදා බලහුවමාරුව ක්‍රියාත්මක කිරීම තුලින් තහවුරු වන දෙයක් නම්, රටේ අතිබහුතරය ද ඔවුන් මෙන් ම හිඟන්නන් බවයි. සිදුවීම් තුලින් හිඟන්නන්ගෙ නියම ස්වරූපය දකින්න පුළුවන්. හිඟන්නන් අහිංසකයන් දුර්වලයන් හා අපේ උපකාර ලැබිය යුතුයි යන මතය ද හිඟන්නන්ගෙ උපාය මාර්ගික රැවටීමකි. සැබැවින් ම හිඟන්නන් කොතරම් භයානක විනාශකාරී කොටසක් ද යන්න ඔවුන් මේ රටට කල විනාශයෙන් කියවේ. හිඟනකම මිහි පිටින් තුරං කලයුතු අධම ජීවන රටාවකි. මනුෂ්‍යයත්වය නසන ජීව ලෝකය වනසන රෝගී තත්වයක් ලෙස සලකමි.

පවතින පාලනය තුල ඇති සියලු වැදගත් ආයතන ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය, රටේ සම්පත් මංකොල්ලකෑමට ඇටවූ ම්ලේච්ඡ කොළණි පාලන ආයතනයි. පසුව බිහි වූ සියලු ආයතන ඉංග්‍රීසිකාරයන්ගෙන් ගෙන හදාගත් ඒවා ය. ප්‍රධාන වෙනස නම් බ්‍රිතාන්‍ය මහරැජිණ යන වචන දෙකට ශ්‍රී ලංකා ජනරජය ලෙස ආදේශ කිරීම ගත හැක. ක්‍රියාත්මක වන ආකාරය, පෙර කල පැවති රොබර්ට් බ්‍රවුන්රිග් පාලනයටත් එහා යන පරයන්ගෙ පාලනයකි. අමතර ව එකතු වූ සියල්ල අහිගුන්ටිකයන් තම පෞද්ගළික වාසි ප්‍රයෝජන තකා කල වෙනස්කම් ය. කිසිදු චාරයක් නැති, වැදගත්කම ගෑවිලාවත් නැති, හත්මුතු පරම්පරාවම දුගියන් රවටා මුලාකර යැපුන වංචාවේත් බොරුවේත් උපරිමයට ගිය අහිගුන්ටිකයන් තම සැබෑ උරුමය තහවුරු කරන වෙනස්කම්, මෙතෙක් පැවති කිසිදු ශිෂ්ටාචාරයකටත් වඩා ඉතා පහල තලයකට රට ගෙන ගිය වෙනස්කම් ලෙස සැලකිය හැක. මම දුටු නිහීන හැසිරීම නිසා, මට අද හිඟනුන් පෙනෙන්නේ තුරං කලයුතු සත්ව විශේෂයක් ලෙසයි. 

ඉංග්‍රීසිකම ගත් කල ඉතාම ම්ලේච්ඡ පාතල ජීවන රටාවක් උරුම සමාජයක් සංකේතවත් කරයි. යුක්තිය හා සාධාරණය ගෑවිලාවත් නැති, සාමාන්‍ය ජනතාවට ජීවත්වීමේ අයිතිය උපතින් ම අහිමි කරන, පාලකයන් ජීවත්වීමේ අයිතිය සහමුලින් උරුම කරගත් සුවිශේෂ සමාජයකි. ඉංග්‍රීසි ජාතිකත්වයේ පදනම ගත් කල, එය සංක්‍රමණිකයන් සුළු පිරිසක් ස්වදේශිකයන් මත බලෙන් හා උපක්‍රමිකව පැටවූ ඒකාධිපති පාලනයකි. පාලකයා හා තම සංක්‍රමණික මිතුරු රැල සදාකාලිකව යැපෙන, අතිබහුතරය එදා වේල කන්න තම ජීවිතය වහළුන් ලෙස වැය කරන තල දෙකක සමාජයකි. මෙය සියලු සම්පතින් පිරිපුන් lords හා ඔවුන්ගෙ ඕනෑඑපාකම් ඉටුකිරීමට ම උපදින කිසිදු සැබෑ මානුෂික අයිතියක් නොමැති commoners ලෙස නම් කල හැක. මෙම රටාව සදාකාළිකව පවත්වා ගැනීමට උපතින් ම උරුම වන සිරිත් විරිත් සේම, උපායශීලි ව ගොඩ නැගූ භාෂාවක් ද ඇත. ස්වභාවික උරුමයන් සියල්ල උපතේදී ම අහිමි commonersලා ගත් කල, එම ජීවන රටාවට කොටු වන කිසිවකුට ඉන් ගැලවීමක් නැත. මම එම රටාව තුලට කොටු වී සියළු අභියෝගයන් ජයගෙන මගේ ම රටාවකට මගේ සියලු ස්වභාවික උරුමයන් රැකගෙන නික්මුන ද එවැනි හැකියාවක් මගේ සමීපතමයන්ට පවා නොමැති බව අත්දකිමි.

ඉංග්‍රීසීන්ගෙ වර්තමානය ගත් කල, ඉදිරි ගමන වලකන අළුත් ම විකෘර්ථිය වන ජඩකම පූර්ණවීමක් දකිමි. කඳුබඩයන් ජඩයන් වීමෙන් විය හැකි විනාශය වර්තමානයේ ඊට නතු වූ මුළු ලෝකය ම තුලින් දකින්න පුළුවන්. මේ රට ජඩයන්ගේ පූර්ණ ග්‍රහනයට ලක් වූයේ 1815 දී ය. ඒ සඳහා දායක වූ ද්‍රවිඩ, මැලේ, ඉන්දීය, අරාබි හා අඵ්‍රිකානු ජඩයන් තවම තම ගොදුරු ගිලිමින් මේ රටේ සිටින්නේ රොබර්ට් බ්‍රවුන්රිග් බිහි කල ඉංග්‍රීසි පාලන යාන්ත්‍රය තුලිනි. ශ්‍රී ලංකා ඉංග්‍රීසි කොළණියේත් ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කොළණියේත්  ජීවිත කාලයෙන් අඩක් බැගින් ගෙවා ලබාගත් සැබෑ ජීවිත අත්දැකීම් සසඳා බැලීමට ලැබුන අවස්තාව ඉතා වැදගත් තොරතුරු දෙනවා. මෙහි දී, ශ්‍රී ලංකා ඉංග්‍රීසි කොළණියේ ගත කල ස්වදේශිකයාගේ චරිතයත්, ඔස්ට්‍රේලියානු ඉංග්‍රීසි කොළණියේ ගත කල සංක්‍රමණිකයාගේ චරිතයත් ඉතා වටිනා වෙනස්කම් පෙන්වනවා. තනි අත්දැකීමට වඩා ද්විත්ව අත්දැකීම සැබෑව තහවුරු කරනවා.

ද්විත්ව අත්දැකීම තුලින් බැලූ විට, මුළු රාජ්‍ය යන්ත්‍රය ම දුවන්නේ සංක්‍රමණිකයන්ගේ කර මතිනි. යදමින් බැඳි වහළුන් ලෙස ජීවත් වූ ආරම්භයක් ඇති ජාතියක් ලෙස, වහළුන්ගේ තැන ගැනීමට සංක්‍රමණිකයන් ඉදිරිපත් වන්නේ ස්වේච්ඡාවෙනි. වෙනසකට ඇත්තෙ වෛරයෙන් වැඩ කල වහළුන් මෙන් නොව, සංක්‍රමණිකයන් පාලකයාගේ හිතුමනාප එයාකාරයෙන් ඉටු කර, ළං වී කරන දේ ය. ඒ අතින් සංක්‍රමණිකයන් කොතරම් භයානක ද  කියනවා නම්, තමන්ට රැකවරණය දෙන සමාජය ම ඇතුළතින් තම සිතැඟි ඉටුකරගැනීමට වසඟයට ගැනීම කිව හැක. රට, ජාතිය, කම, රිසි සේ යන යන තැන මවා පාන සංක්‍රමණිකයන් ගත් කල, ඇතුලාන්තයෙන් ඒ කිසිදු උරුමයක් නැති, කෑ පතේ පහරන, ගරාවැටෙන කොට කර හැර පැන යන සංක්‍රමණිකයන්, මෙතෙක් බිහි වූ සියළුම ශිෂ්ටාචාර විනාශ කිරීමට දායක වීම ඕනම සමාජයක් තැති ගන්වයි. ඉංග්‍රීසි ශිෂ්ටාචාරය ද මෙම ඉරණමට ගොදුරු වී ඇතැයි පැවසීම සමඟ සංක්‍රමණිකයන්ට දැඩි ඇල්මක් දැක් වූ බටහිර රටවල්, දැඩි ව අනෙක් අන්තය කරා ගිය ද ප්‍රමාදය නැවතිය නොහැක. සංක්‍රමණිකයන්ගේ පාලනය ගත් කල, මම ජීවත් වූ එක කොළණියක් ඉංග්‍රීසි බසත් සමඟ ඔවුන්ට සමීප යටත් යුරෝපා ජාතියකට හිමි වූ අතර, කිසිදු ආකාරයකින් ස්වදේශියන්ට හිමි තැන නොදී, වටේ යමින් යම් සහනකාරී පිළිවෙතක් අනුගමනය කලත්, කලින් කලට වෙන ඝාතන තුලින් ස්වදේශිකයන්ට දෙන සැබෑ තැන පෙන්වයි. ශ්‍රී ලංකා කොළණිය මීට වඩා වෙනස් පැත්තකට ඇදුනේ, දෙවන ලෝක යුද්ධය හමුවේ පැන ගිය ඉංග්‍රීසීන් ලබාදුන් නිදහස නිසයි. මෙය වචනයෙන් හාත්පසින් වෙනස් වුවත්, සැබෑව නම් ඉංග්‍රීසින්ට බැල මෙහෙ කල සංක්‍රමණිකයන්ම ස්වදේශික මුහුණුවරකින් බලය හිඟා ගැනීමයි.

ස්වදේශික මුහුණුවරකින් බලය හිඟාගත් සංක්‍රමණිකයන්, මේ රට බහුජාතික බහුආගමික කොළණියක් ලෙස හඳුන්වා, සිංහල හෝඩිය තුලින් බොහෝ පර අරුත් ඇති පර වචන සිංහල කර, තම බලය භාවිතා කරමින් සංක්‍රමණිකයන් ලෙස තමන් රැගෙන ආ තමන්ගේ බහුජාතික බහුආගමික උරුමය සිංහල උරුමය ලෙස වෙස් ගන්වා, තමන් මේ රටේ සැබෑ උරුමක්කාරයන් ලෙස රඟති. එහෙත් පාලනය ගත් කල වෙනස් වී නම් ඉංග්‍රීසි වචන සිංහලකරණය කිරීම පමණි. එනයින් රොබර්ට් බ්‍රවුන්රිග් 1815 ආරම්භ කල ම්ලේච්ඡ කොළණි පාලනය එයාකාරයෙන් ම පවත්වා ගැනීමට සමත් වී ඇත. වෙනසක් වී නම්, ඒ තම ස්වාමියා පසුපස යන නිවට සුනඛයන් සේ ඉංග්‍රීසීන් අනුගමනය කිරීමයි; එසේ යන ගමනේ දී, තම උරුමය වන සම්ප්‍රදායික අහිගුන්ටික උරුමයෙන් ජාතක වූ හිඟනකම පාලනය තුල බලගැන්වීමයි. මේ තුල බොරුව වංචාව රජ කරන, තම වාසියට රටක් රාජ්‍යයක් වුව පාවා දෙන, කතාකරන්නේ මොන පැත්තෙන් දැයි සිතා ගැනීමට නොහැකි පාලක ප්‍රජාවක් බිහි වී ඇත. ශ්‍රී ලංකාව යනු ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මැර පාලනයෙන් රැකී වැඩෙන හිඟනකම අංගසම්පූර්ණ වූ රටක්.  මෙම ද්විත්ව ස්වරූපය ගත් කල රටක පැවත්මට මෙතරම් තර්ජනයක් ඉතිහාසයේ මීට පෙර කිසිදු රටක් මුහුණ දී නැති නිසා, අපට ගොඩ ඒමට පුළුවන් වේවි ද?

ඉංග්‍රීසී මැර පාලනයෙන් රැකී වැඩෙන හිඟනකම අංගසම්පූර්ණ වූ රටක් ලෙස ගතහොත්, අද මේ රටේ ඕන ම දෙයක් කරගන්න කාට හෝ අත පෑ යුතුයි. හිඟන්නන් බලවත් නම්, ඒ තුල හිඟන අගයන් මුල්තැන ගැනීම අරුමයක් ද? සුනඛයන් කැලෑවේ රජා තෝරන විට, තම වර්ගයාට මුල්තැන හිමිවීමත්, සිංහයන්ට ද සුනඛයන් වීමටත් සිදු නොවේ නම් පමණි පුදුම විය යුත්තේ. බලන බලන අතේ බැංකු ය. නැතිනම් උගස් ගන්නා තැන් ය. අතිබහුතරය බඩ තඩි මුදලාලිලා, කරපටි බැඳ ගෝනි පඩංඟු ඇඳි වැදගතුන්, මන්ද පෝෂිතයන් හා හිඟමන් යදින උන් ය. මේ සියල්ලන්ම යැපෙන්නේ වෙන උන්ගේ නිෂ්පාදන ගිලිමිනි. තමන්ගේ කිසිදු ශ්‍රමදායකත්වයක් ඒ සඳහා දීපු බවක් නොදකිමි. ආයතන සේවකයන්ගෙන් පිරී ඇත. ඒත් වැඩක් කරන උන් හිග ය. නොකරන්න හෝ කල් දාන්න රුසියන් ය. ලෙඩේ සුව කිරීමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් තව ටිකකුත් අවශ්‍ය වන්නා සේ, වැඩේ කල් දැමීමට ඉල්ලන දෑ බොහෝ ය. රුපියලක් හොයාගන්න දවසක් යැදපු හිඟනුන්, සොච්චමක් උපයාගැනීමට ඊට වඩා කිහිප ගුණයකින් වියදම් කරති. රාජ්‍ය සේවකයන් වැඩ නොකර සිටීමට ඇටවූ උපක්‍රම ගත් කල, පිළිතුරු ලෙස පිරිහුණු ඇමෙරිකානු සේවකයන් කරන දේ කිරීමට අවසර දේ නම්, මුළු රාජ්‍ය සේවයම සෙත්තපෝච්චි ය. අතේ පිච්චිය නැති නම් ජීවත්වීමට මිල මුදල් මෙන් ම ගෙවල් දොරවල් නොමිලේ ලැබේ. යන්තමින් හෝ තම උත්සාහයෙන් ජීවත් වෙන එකා සියලු වියදම් තමන් විසින් දරාගත යුතු ය. ඌ හිඟමනට වැටෙනකම් බර ඉසිලිය යුතුයි. ගේ දොර හිමි එකා පාරට වැටෙන තුරු බර අදී. පාරේ ඉන්න උන්ට නොමිලේ ගේදොර ඉඩකඩම් ලැබේ. දේශපාළුවන් සර්වබලධාරීන් ය. ලැජ්ජාව භය ගෑවිලාවත් නැත. යුක්තිය සාධාරණය රිසි සේ නැවේ. තමන්ට වාසි නම් හරි ය. එසේ නොවේ නම් වැරදි ය. උදේට හරි දේ හවසට වැරදි වේ. කෙනා අනුව ද හරි වැරදි වෙනස් වේ. ඒ අතින් ඉංග්‍රීසි සමාජයේ දකින යුක්තිය හා සාධාරණය, මේ පාලන තුල මියෑදී, අවස්ථාවාදී තීරණය ගන්නේ මහ දවල් හෙළුවෙන් දුවන දේශපාලුවන් ය. ඔවුන් කරන කියන කිසිවක ඇත්තක් නැත. රට ම ව්‍යාජ වෙස්මුහුණු කාරයන් පිරුණු තැනකි.

ඉංග්‍රීසි කොළණියක දකින මංකොල්ලකෑම, දඩ, බදු හා නොයෙකුත් ලියාපදිංචි ගාස්තු මෙන් ම උපයන දෙයින් කොටසක් පැහැර ගැනීම වැනි ම්ලේච්ඡ වහල් සමාජ පවත්වාගෙන යන අංඟ එසේම ක්‍රියාත්මක වුවත්, විශේෂයන් ම හිරකරුවන්ගෙන් සැදුම්ලත් ඔස්ට්‍රේලියානු කොළණියේ ඇති රැකවරණ කිසිවක් සමාජයට නැත. ඔස්ට්‍රේලියානු කොළණියේ මිනිසුන්ට යම් සමානතාවයකින් සිටීමට ඇති අවස්ථාව මෑතකදී රිංඟාගත් ඉන්දියානු/ශ්‍රී ලංකන් හිඟන රැල මුල් වී ආපසු හැරවීමට දරණ උත්සාහය පිළිකුලකි. උන්ගේ සක්කිලි ක්‍රියාවලින් බැට කෑ සුද්දෙකු මම ඉලක්ක කොට එල්ල කල වාග් ප්‍රහාරය සිනහමුසු මුහුණින් විඳ දරාගතිමි. ඒ සමාජයේ මිනිසුන්ට යම් සමානතාවයකින් සිටීමට ඇති අවස්ථාව, වෛරයෙන් පෙලෙන ශ්‍රී ලංකන් හිඟනුන් අතින් නොලැබේ. තමන් සිඟමන් යැද යැපුනා සේ සේවා ලබාගැනීමට එන උන් නොසලකා හැරීම උද්දච්ච ස්වරූපයෙන් හැසිරීම මෙන්ම අවස්ථාවාදී වීම තුච්ඡ ය. හොරුන් හා හිඟනුන් යැපෙන්නේ දෙයාකාරයකින් වුවත්, ක්‍රියාව ගත් කල, දෙගොල්ලම සමාජය තුල අන් අයට සැකෙන් භයෙන් තොර ව ජීවත්වීම ද අහිමි කරයි. ඊට රාජ්‍ය මැර බලය ද එකතු වූ විට වෙන සියල්ල විඳ දරා ගැනීම හැර වෙන විකල්පයක් නැත. රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන මුවාවෙන් මංකොල්ලකෑම ද සිදු වේ.

ශ්‍රී ලංකාව සමාජවාදී රාජ්‍යයක් ද?

 මෙම හැඳින්වීම බටහිර/ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් ජාතක වූ බුද්ධිමතුන් යයි කියාගන්නා බූරුවන් ඇහිඳගත් ලාඩමකි. කිසිදු තේරුමක් නැති යෙදුමකි. සමාජවාදය හා ධනවාදය පිල් බෙදීමට යොදාගත් කල්ලිවාදී මත දෙකකි. සංක්‍රමණිකයන් ලෙස ඇතුල් වී තම බලය යොදා ස්වදේශිකයන් වහළුන් ලෙසත් තම කල්ලිය ස්වාමීන් හා සියල්ලේ හිමිකාරයන් ලෙසත් ගොඩ නැගූ ම්ලේච්ඡ ඉංග්‍රීසි රටාව තුල ඇති, ධනය හිමි, සියලු සැප සම්පත් භුක්ති විඳින සුළුතරයගේ ස්ථාවරය ධනවාදය ලෙසත්, ඒ තුල ඉතාම අසාර්ථක ජීවිතයක් ගෙවූ යුදෙව්වකුගේ ලේඛණගත කල උන්මාදය තුලින් බිහි කිරීමට සිහින මැව් ජීවන රටාව සමාජවාදය හෙවත් සියලු සැප සම්පත් වැඩ කරන බහුතරයේ භුක්තියට නතු කිරීම ලෙසත් හැඳින්විය හැක. ඉංග්‍රීසි රටාව තුල, එක පවුලක් තම සමීපතමයන් සමඟ සදාකාළික ව සියලු සැප සම්පත් භුක්ති විඳින සුළුතරය වූවත්, මෙම රටාව භාවිතා කල ද වෙන කිසිම සමාජයක එම ලක්ෂණ නොමැති නිසා අසාර්ථක වී ඇත. එනයින් කලින් කලට සියලු සැප සම්පත් භුක්ති විඳින සුළුතරය නියෝජනය වන සමාජ ස්ථරය වෙනස්වන නිසා, එකම කල්ලියක්, අගහිගකම් සමඟ ජීවත් වන විට සමාජවාදයත්, ඉන් ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගෙන අගහිගකම් සමඟ ජීවත්  වීමෙන් මිදීම සමඟ ධනවාදයත් කරපින්නා ගැනීම තුල, මේ වෙනස වෙස් ගැනීමක් ය. හිඟන්නන් අතිබහුතරයක් සිටින ශ්‍රී ලංකාව ගත් කල, අතේ පිච්චිය නැති, මොනවා හෝ ජරාවක් කා හැදුන හිඟනුන්ට ලැබෙන සැප සම්පත් සලකා බැලුවොත් උන්ට සමාජවාදය යනු ද ධනවාදයකි. අත පය වෙහෙසීමට ජන්මයෙන් ම අකමැති රැලකට ධනවාදයට හෝ සමාජවාදයට වඩා, පිනට ලැබෙන හෝ දෙන්නම් කියන වාදයක් වේ නම් මසුරන් නොවේ ද?

ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ද? 

මෙය ඉතා රසබර මාතෘකාවක් වන්නේ රොබර්ට් බ්‍රවුන්රිග් ගොඩ නැගූ ම්ලේච්ඡ, මංකොල්ලකාර, ස්වදේශිකයන් පාගා මර්දනය කිරීමට මැර බලය යොදන පාලනය තුලින් බිහි වූ හා ඒ තුලින් එකතු වූ නව සංකල්ප සමඟ අප සතුව ඇත්තේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් යයි කියන බූරුවන් රැසක් සිටින නිසා ය. අංඟසම්පූර්ණ ම්ලේච්ඡ හිතුවක්කාර පාලනයක් තුල, ඕනම කෙනෙකු ලවා තමන්ට රිසි පරිදි වර්ණනා කර ගත හැක. එසේ කිරීමේදී ලැබෙන සම්මාන තරු පටි තානාන්තර ගත් කල එය හදවතින්ම එන අඳෝනාවකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් ම තමන් පාලනය කිරීමක් ලෙස ගතහොත්, පවතින පාලනය තමන් විසින් තමන් ම රවටාගන්නා සමාජයක් බව කිව හැක. මිනිසුන් වහළුන් ලෙස සිටින තාක්, සුනඛයන් ස්වාමියාට දක්වන ලෙන්ගතු කම හා සමාන හැසිරීමක කොටුවේ. පවතින ක්‍රමය තුල, රහසිගත ඡන්දය, දෙන එකාගේ අයිතිය මුළුමනින් උදුරා ගැනීමකි. දුන්නේ කාටද යන්න මෙන්ම එය ගණනයට යෙදුවාද යන්න දීපු එකාටත් ස්ථිරව කිව නොහැකි ඉංග්‍රීසි ක්‍රමය තුල ඇති පටිපාටිය කොතරම් සැඟවුන අභිරහස් එකක් ද කියනවා නම්, ප්‍රථිඵල තුලින් දුන්නේ කාට ද කියාවත් දීපු එකා නොදනී. කතිරය ගසා ඡන්ද කොලය පෙට්ටියට දැමූ සැනින් තරු පහේ ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දදායකයාගේ කාර්යභාර සියල්ල අවසන් වේ. නැවත එවන් අවස්ථාවක් උදාවීමට වසර ගණනාවක් ගත වේ. එතෙක්, බලයට ආ පාලකයා තමන්ට රිසි ලෙස පාලනය කරයි. ඡන්දදායකයා තමන්ගෙ ඡන්දයෙන් පාලකයා තේරුව ද, තේරී පත් වූ පාලකයා සිතන්නේ තම යෝජනා සියල්ලට ම ජනතාව සහාය දුන් බවයි. මෙහිදී අපේක්ෂකයන් ගෙනෙන වැඩසටහන මොකක් වුවත්, එහි ඡන්දදායකයාට තේරීමක් නැත. ඇති එකම තේරීම හිටපු එකා හා එන එකා යන දෙදෙනාගෙන් තමන් කැමති කෙනා තේරීම පමණි. ඒ අතරේ, වංචනිකයන් දහසකුත් එකක් පොරොන්දු දී බලයට ආව ද, දන්නෙ එකම දෙයකි. ඒ උන් තමන් ගිල්ලපු ලණුව ආශාවෙන් ගිලපු බවයි.

බොරුවෙන් වංචාවෙන් අතේ පිච්චය තියෙන මෝඩයන්ගෙ පිච්චිය ද කඩා වඩා ගත් හිඟනුන්ට දිය හැකි පොරොන්දු කොතරම් ආකර්ෂණීය ද යන්න දිනපු උන් දුන් පොරොන්දු සසඳා දැන ගත හැක. ලොකුම බොරු කාර වංචනිකයා තෝරාගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ද?

තරු පහේ ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රවාදය තුල පාලනාධිකාරයේ ඉහලම සිටින්නෙ රජෙකි/රැජිණකි. පත්වන්නේ උපතින් ලද උරුමයෙනි. එකම පවුලකට සීමා වන මෙම බලය ස්වෛරී වේ. කරන කියන කිසිදු ක්‍රියාවකට වගවීමක් නැත. තම රටවැසියන් ද තමන්ගෙ සුවච කීකරු මෙහෙකාරයන් වහළුන් විය යුතු ය. නැත්නම් මරණය නියතයි. ඊ ළඟට ඇති පාලනාධිකාරය ස්වාමි වරුන්ගේ මණ්ඩලයයි. ඔටුන්න හිමි තැනැත්තා සේම මොවුන්ගේ බහුතරය ද පරම්පරාවෙන් පැවතේ. කාලීනව මුහුණුවර අළුත්වීමක් (cosmetic change) මෙහි දැකිය හැක. ඒ කෙසේ වෙතත් ඇතුලාන්තය රැකගැනීමට කරන උත්සාහය කොතරම් දැඩි හා කෲර ද කියනවා නම් නොකල අපරාධයක් නැති තරම් ය. සුදුසුකම් ඇතත් නැතත් මොවුන් රාජ්‍ය යාන්ත්‍රණයේ සියලු ක්‍රියාකාරකම් ඔටුන්න හිමි තැනැත්තාගේ අභිමතයට අනුව කෙරෙන බව සහතික කරන ඉතාම ලෙන්ගතු පිරිසකි.

රටේ බර පැන විසඳීමේ කාර්යයද පාලකයා අතට ගෙන තිබුනත්, හිස ගැසුම් කෑමට පවා සිදු වූ නිසා, එම වගකීම බහුතරය වන commoners මත පටවා උන්ගෙ එකෙක් එහි ප්‍රධානියා කර පවත්වාගෙන යන කොටස house of commons හෝ parliament වේ. එහි ප්‍රධානියා අගමැටියා වේ. අගමැටියා වටා ඇමති මණ්ඩලයක් හෙවත් cabinet එකක් ඇත. මේ වචන සිංහල වචන සේ අප අතර භාවිතා වුවද තනිකරම ම්ලේච්ඡ ඉංග්‍රීසි කොළණි පාලනය ස්ථාපිත කල ආයතනයි. මොවුන්, ඉහලින් ඇති ඔටුන්න තෝරාගත් නිවට සේවකයන් නොව, සාමාන්‍ය උන් තරු පහේ ඉංග්‍රීසි ප්‍රජාතන්ත්‍රවාදය තුල කතිරෙන් තෝරා ගත් උන් ය. කවුරු ආවත්, රජ පවුලට දක්වන ලෙන්ගතුකම උපරිමයි. ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පුදන බවට සපථ කරන වීරයන් බහුල සමාජයක, අගමැටිය දැලි පිහියෙන් කිරි කනවා වගේ රට ඉදිරියට ගෙනයයි. රජ පවුලේ බළල් අත ද වේ. වැරදුනහොත් ගෙල පුදන්නේ රජා නොව අගමැටියා ය. මේ තුල රජ පවුල කොතරම් ශූක්ෂම ව සමාජය හසුරුවා තම පැවැත්ම රැකගන්නවා ද යන්න කියවේ. ඒත් ඒ මග ගිය වෙනත් කිසිවකු සාර්ථක නොවූවා පමණක් නොව, ඥාති රැල සමඟ සමූලඝාතනය වූ බව කියා ඉතිහාසය කියයි.

මෙම ම්ලේච්ඡ පාලන රටාවට මම එකතු කරන ම්ලේච්ඡ යන වචනය තුලින් ක්‍රියාත්මක වන්නේ, මේ පාලනයේ ඊ ළඟ අදියරයි. පාලකයාගේ නියමයන් ඉටු කරන්නේ මැරයන් හරහා ය. ඒ සඳහා එදිරිකාර සිවිල් (නිරායුධ) වැසියන් මර්දනය කිරීමට police නමින් රජයෙන් නඩත්තු කරන අතින් පයින් හා අවියෙන් විවිධ වද හිංසා පමුණුවා බිය ගැන්වීමටත්, අවශ්‍ය වූ විට සුළු පිරිසක් ඝාතනය කිරීමටත් පුරුදු පුහුණු කල බියකරු ඇදුම් ඇඳි සන්නද්ධ කල්ලියක් ඇත. ඔවුන් කොතරම් ඔවුන්ගේ රාජකාරියට කැප වී ඇති දැයි ශාක්ෂි එමට ය. සමහර අවස්ථාවල ලේ වැගිරීමට ඇති ආශාව පිශාචයන්ටත් එහා බව පෙනේ. මවාගත් මානයෙන් පහර දෙන්නේ, ඒ රජාගේ සතුරන් නොව තමන්ගේ සතුරන් ලෙස සිතා ය. අරුමයකට ඇත්තේ ඔවුන් ද, තමන් මෙන් ම ජීවත්වීමේ අයිතිය අහිමව උපන් commonersලා බව අමතක වීමයි. commonersලා ගත් කල, යැපීමට මගක් හෙලි වේ නම් ඕනම දෙයක් කරන තරම් පහත් මානසිකයක සිටී. ඒ අතින් ස්ථීර රැකියාවක්, අසීමිත බලයක් හා මැරෙන තුරු විශ්‍රාම වැටුපක් ලැබේ නම් මොවුන් මොනවා නොකරයි ද? විශේෂයෙන් ඔටුන්න නියෝජනය කරන officer වුනාම ඔටුන්න පැළඳුවා හා සමාන නොවේ ද? යටහත් එකාගේ ජීවිතය හා මරණය තීරණය කරන ඉහලින් සිටින එකාගේ බලය හමුවේ යටහත් එකා ලවා කරවිය හැකි දේ හි සීමාවක් තිබේ ද? මේ එම සමාජය තුල එදිනෙදා ජීවිතය ගෙවන ආකාරයයි. මෙම මැරබලය සෙවනැල්ල සේ හැම විටම සමාජය පසු පස ඇත. හැම තැනම දැකිය හැක. සංවේදී අය බියෙන් ත්‍රස්ත කරන, අපරාධකාරයන් ඔවුන්ගේ මානසිකයට ඇද දමන රටාවකි. වෙනසකට ඇත්තේ officer ස්ථීර රැකියාවක්, අසීමිත බලයක් හා මැරෙන තුරු විශ්‍රාම වැටුපක් වෙනුවෙන් කරන දේවල් පාතලයන් (අපරාධකාරයන්) ස්වේච්ඡාවෙන් කිරීමයි.

තලා පෙලා වද දී නිරායුධ වැසියන් පාලනය කල හැක. දෙයාකාර ලෝකයක මැර රාජ්‍ය පාලනය හමුවේ අනිවාර්යයෙන් ම මැර පාතල කල්ලි ද බිහි වේ. ම්ලේච්ඡ මැර බලය ගත් විට රාජ්‍ය මැර බලය තරම් සන්නද්ධ හෝ සංවිධානාත්මක නැත. එය සමතුලිත වන්නේ හඳුනාගත හැකි නිල ඇඳුම් නැතිව සමාජ රැකවරණය ලබා ගැනීමෙනි. මෙම පාලන රටාවට නොකඩවා පාතල කල්ලි අභියෝග කරන නිසා තරමක අභියෝගයක් වේ. එහෙත් දරන අවි ආයුධ මෙන්ම මතවාදි අදහස් වලින් පෝෂණය වී බිහිවන මැර පාතලය ඉහත කී රාජ්‍ය මැර බලයට පාලනය කල නොහැක. ඔවුන් සමඟ ගැටීමට, දිය ගොඩ අහස් සටන් සඳහා සූදානම් කල වෘත්තීය සොල්දාදුවන්ගේ කාණ්ඩ ඇත. ඔවුන් පුහුණු කල මිනී මරුවන් යයි සුපතල වෙල් විදානේ කෙනෙකු කී දේ සැබෑ ය. ඔවුන් මුදාහරින ඝාතන භීෂණ රැලි හමුවේ ම්ලේච්ඡ යයි කියන සිංහයන් පවා අහිංසක සතුන් ය. පැහැරගෙන ගොස් ඝාතනය කිරීම හෝ පෝලිම් ගසා වෙඩි තබා ඝාතනය කිරීම ගත්කල සතුරා නිරායුධ වුව ද වෙනසක් නැත. රුදුරු පුහුණුවෙන් පන්නරය ලැබ දෙන වද හිංසා ගත් කල, සතුරා අල්ලා ගැනීමට පෙර සිය දිවි නසා ගැනීම බුද්ධිමත් තීරණයකි. නැති නම් ඇස් කන් නිය බඩවැල් වැනි ඉන්ද්‍රියයන් අදිනු දැක දැඩි වේදනාවෙන් මියයෑම නියතයි. ලබාදෙන පුහුණුවට පසු මනුෂ්‍යයකු නොව අනට ක්‍රියා කරන රොබෝවෙකි. ඊට වෙනස් මගක ගියොත් සතුරාට හිමි දඬුවම් තමන්ට ලැබේ. තල දෙකකින් සමන්විත මෙම දිය ගොඩ අහස් සටන් සඳහා සූදානම් කල වෘත්තීය සොල්දාදුවන්ගේ කාණ්ඩ හරියට කොට අදින අලි හා පෙරහැරේ යන අලි වැනි ය. පහල තලය සතුරාට මුහුණදෙන අඬු බඬු කඩා ගෙන මරණයෙන් කෙලවර වන කොටසයි. ඔවුන් පාලකයන් සමඟ මරණෙන් කෙළවර වන ගිවිසුමකට යටත් ය. ඉහල තලය වන නිලධාරි තලය, පස්සා දොරෙන් ගෙන තනතුරු වල හොබවා පහසුකම් දී පහල තලයේ සොල්දාදුවන් මෙහෙයවන කණ්ඩායමයි. සතුරු ප්‍රහාරවලට මුහුණදීමේ අත්දැකීම් විරල මෙම නිලයන්, ඉදිරි පෙල සටන්කරුවන් යුද්ධයට අරින්නේ උන් එකා පිට එකා මලත් තමනට හැඟීමක් නැතැයි සනාථ කරමිනි. රට ජාතිය හෝ රජා/රැජිණ වෙනුවෙන් තම දිවි පුදමි යන මතින් සිහි විකල්වී කරන දේවල් තිරිසනුන් අතර දකින්නට ලැබෙන්නෙ සුනඛයන් අතර පමණි. තරු පටි උසස්වීම් හා glory වෙනුවෙන් තම රාජකාරිය කරන කොටස මට තේරුම් ගැනීමට අපහසු වන්නේ මම නම් කිසිසේත් මගේ හිතට එකඟව මිස වෙන එකෙකුගේ අණට නිරාපාධකාරයන් ඝාතනය නොකරන නිසා ය.

මෙම පාලන රටාව අංඟ සම්පූර්ණ වන්නේ, ඉහත සඳහන් රාජ්‍ය මැර බලයන්ට පිටතින් යන රාජ්‍ය විරෝධී හෝ පාලක අවශ්‍යතාවය අනුව හංවඩු ගැසූ අපරාධකාරයන් මට්ටු කිරීමට ගොඩ නගා ඇති රාජ්‍ය වදකාගාරයි. මේවා දීර්ඝ කාලීනව මිනිසුන් කොටු කර තබා උන්ගේ නිදහස අහිමි කර "පුනරුත්ථාපනය"  කිරීම හෝ IRC කාරයන් බිහිකරන සිපිරි ගෙවල් ය. සීමිත බිමක සීමිත පහසුකම් යටතේ දිගු කලක් රඳවා තැබීම මොන වගේ වදකාගාරයක් ද යන්න තේරුම් ගැනීමට ඒ අත්දැකීම ලැබිය යුතුමයි. සිරකරුවන් සඳහා එළිමහන් කඳවුරක් ලෙස ඇරඹී ඉංග්‍රීසි කොළණියක වසර 28ක් හිරවී ලැබූ අත්දැකීම මා සතු ය. එම කොළණියේ ස්වදේශිකයන්ට ඔවුන්ගේ මානයෙන් සීමිත බිමක සීමිත පහසුකම් යටතේ දිගු කලක් රඳවා තැබීම කොතරම් මානසිකව බලපානවා ද කියනවා නම් අවස්ථාව ලද සැනින් සිය දිවි හානි කරගැනීමට තරම් ප්‍රබල ය. සිරකරුවන්ට වදහිංසා කිරීම පමණක් නොව ඝාතනය කිරීම ද සම්ප්‍රදායේ කොටසකි. එල්ලා මැරුවේ නැතොත්, මුදා හරින විට රාජ්‍ය පාලකයන්ට තර්ජනයක් නොවන තරමට කාලය ගෙවේ.

ඉහත සඳහන් කලේ පාලකයාට එරෙහි වෙන අයට පිළිතුරු දෙන තෙවැදෑරුම් පාලන ප්‍රතිචාරයයි. ඒ තැනට මිනිසුන් තල්ලු කරන රාජ්‍ය බලය මුදා හරින්නේ මේ තෙයාකාරයට මර්දනය කරන මැර බලයන්ටත් වඩා දරුණු පරිපාලන රාජ්‍ය ආයතනයි. රටවැසියන් කරන හැම දේම පාලනය කරන, ඒ මුවාවෙන් ලියාපදිංචි ගාස්තු, බදු, දඩ හා විවිධාකාර අයකිරීම් කරන රාජ්‍ය හෝ රාජ්‍ය අනුග්‍රහය ලබන පෞද්ගළික ආයතන සියල්ලම මේ ගොඩට වැටේ. විශේෂයෙන් ම ඔබ උපයන ආදායමෙන් කොටසක් ගැනීම මෙන්ම ඉහත කී සියල්ල වෙනුවෙන් ලබා දිය යුතු තොරතුරු සඳහා ගත කරන කාලය හා ශ්‍රමය ගත කලහොත්, ඔබ මස් පිණිස හදන සත්වයන්ටත් වඩා අන්ත වූ වහල් ජීවිතයක් ගත කරන බව පෙනේවි. ඊටත් වඩා භයානක පැත්ත නම්, ඔබ පාලකයන් පනවන නා නා ප්‍රකාර නීති රෙගුලාසි අණ පනත් වල ප්‍රකාර comply විය යුතු අතර එසේ නොවේ නම්, ඔබ සතු සියලු සම්පත් අහිමි වී සිරබත් කෑම බලාපොරොත්තු විය යුතු වීමයි. අදාල මර බන්ධන ක්‍රියාත්මක කරන බලය ලත් නිලධාරීන් තමන්ට පැවරී ඇති රාජකාරිවලට අදාල ලිපි ලේඛණ සුළු ප්‍රමාණය ගැනවත් පූර්ණ දැනුමක් නැති වුවත්, ඔබ අභියෝගයට ලක් වූවොත් මෙතෙක් සක්‍රීය සියළු ලිපි ලේඛණ වල අන්තර්ගතය අපේක්ෂිත ආකාරයෙන්  ම ඔබ දත යුතු බව සර්වබලධාරී දෙවියන්ටත් ඉහලින් සිටින ආයතන ඉදිරියේ ඇති මතයයි. සැබැවින්ම මේ සියල්ල පසු පස ඇත්තේ ඉංග්‍රීසි පාලනයට ආවේණික මංකොල්ල කෑමයි. පාලකයන් හා රාජ්‍යසේවය නඩත්තු වන්නේ මෙම කප්පන් වලිනි. ඉන් සුළු කොටසක් මියැදීමෙන් වැලකීමට බෙදා දෙන්නේ ද සූරා ගන්නා ප්‍රමාණය තීරණය වන්නේ ද ඔබ සහ අනාගත පරපුර වැඩට අවශ්‍ය ශ්‍රම දායකත්වය සඳහා පණ පිටින් තබා ගැනීම සඳහා පමණි. මෙම තත්වය මීට වසර හාරපන්දහසකට පෙරත් පැවතුනා යයි ඔවුන් අතර සිටින්නෙකු මට පවසා ඇත. උපතින් ම පටන් ගෙන, එදා වේල කන්න නැතිව මියැදෙන තෙක් කාට හෝ කඹුරා දිවි රැකගැනීම commoners ලාගේ ජන්ම උරුමය වී ඇත.

මෙම අනිසි බලපෑම හමුවේ ඊට පිටින් ගොස් ජීවිතය භුක්ති විඳීමට උත්සාහ කිරීම අපරාධයකි. අපරාධකරුවන් මර්දනය කිරීම සඳහා තෙයාකාර රාජ්‍ය මැර බලය ක්‍රියාත්මක වේ. යම් ආකාරයක ගැලවීමක් ඇත්තේ රාජ්‍ය ආයතනවල සිටින බැලයන්ගේ බුද්ධිය අභිබවා යා හැකි නම් පමණක් බව මම අත්දුටිමි. එහෙත් පසු පසින් එන පිස්සු බල්ලන් සේ ඔවුන් ක්‍රියාත්මක වේ. අපරාධ යනු, පාලනයට කප්පන් නොගෙවා කරන ඕනෑම දෙයක් මිස ස්වභාවෙන් උරුමෙන් දක්වන ක්‍රියා නොවේ. උදාහරණ ලෙස කසිප්පු පෙරීමට බලපත්‍ර තිබේද නැද්ද යන්න අනුව අපරාධයක් ද නැද්ද යන්න තීරණය වන අතර, බලපත්‍රලාභියාගේ ව්‍යාපාර ආරක්ෂා කර දීම ද වේ. එක අතකින් කප්පන් ගෙන ව්‍යාපාරවලට රැකවරණය දෙන පාතාලයන්ගේ මහා පරිමාණ භාවිතයක් රාජ්‍යය කරනවා යයි කිව හැක.

ශ්‍රී ලංකා හිඟන-ඉංග්‍රීසි බද (Beggar-English Hybrid) කොළණිය ගත් කල, ඉංග්‍රීසි සමයේ රොබට් බ්‍රවුන්රිග්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ම්ලේච්ඡ පාලනය ඉංග්‍රීසි පාලනයට වඩා එම අන්තයට ම යන්නේ, මේ රට ඝාතනයෙන් භීෂණයෙන් හා සිංහල බෞද්ධ වෙස්මුහුණු කාරයන්ගේ සහායෙන් අල්ලා ගත්තේ රටේ සම්පත් මංකොල්ලකෑමත් භූමිය විකුණා දමා මුදල් ඉපැයීමත් ගත් විට ය. රොබට් බ්‍රවුන්රිග්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ම්ලේච්ඡ පාලන රටාව තනිකරම මිලිටරි පාලනයක් බව ඒ ඒ ආයතන වල ප්‍රධානින්ගේ තනතුරු නාමයෙන් මෙන්ම ඔවුන් සතු අසීමිත බලතලවලින් තහවුරු වේ. විශේෂ කරුණක් වන්නේ තෙයාකාර රාජ්‍ය මැරබලය සැකසීමයි. මේ සඳහා යොදාගත් කාඵීරියන්, අරාබීන්, මැරාටීන්, මැලේයන් මෙන් ම ද්‍රවිඩයන් කිසිම හැදියාවක් නැති ම්ලේච්ඡ අපරාධකාරයන් වීමයි. මොවුන් ස්වදේශිකයන් තලා පෙලා ඝාතනය කලේ ස්ත්‍රී දූෂණය කලේ impunity සමඟ ය. මින් කාඵීරියන් මිනී මස් කෑ කොටසකි. එකල මෙහි වැඩකල ඉංග්‍රීසි කාරයකුගේ සටහනකට අනුව මැලේයන් මේ රටේ මිනිසුන් කපා කොටා ඝාතනය කිරීමට දැක් වූ රුචිය ඉමහත් බව කියවේ. ඒ පැරණි කෝන්තරයක් වන විජය නගර් සමයේ වූ ආක්‍රමණයට පලි ගැනීමට යයි සඳහන් විය.

ඉංග්‍රීසි පාලනය සමයේ සංක්‍රමණිකයන් විශාල ප්‍රමාණයක් පැමිණ මේ රට මිහි පිට අපායක් විය. කිසිදු ජාතිකත්වයකට ලඝු කල නොහැකි මොවුන් ආ කාලය අනුව පැරණිම කොටස් සිංහල වෙස් ගත් අතර මෑත කාලීන සංක්‍රමණියන් තමන් ගෙනා පෙර කොළණියේ වෙසින් පෙනී සිටිති. මේ අතර, පසු කාලීනව සිංහල බෞද්ධ වෙස් ගත් සංක්‍රමණිකයන් ප්‍රමාණයෙන් මුල් තැන ගනී. කලියුගය අවසන් වී අළුත් හිරු යුගය ඇරඹෙන කල සිංහලයන් තම හැකියාවෙන් මනුෂ්‍ය උපතක් නොගෙන සිටින්නේ ඒ කාලයේ හූරා ගේ ආගමණය සමඟ සිදුවන දේවල් මනාව දන්නා හෙයිනි.

ශ්‍රී ලංකා හිඟන-ඉංග්‍රීසි බද කොළණිය 1948 දී සිංහල බෞද්ධ වෙස් ගත් හිඟනුන්ගෙ බහුතර පාලනයට නතු වූ පසු, ඉංග්‍රීසි පාලනයේ ඇති මූළික පදනම වන loyalty පෑළ දොරින් පැන ගොස්, ඒ වෙනුවට හිඟනකම මුල් තැන ගැනීමත් සමඟ පාලනය බිඳ වැටී, පැවති නීති රීති බිඳ වැටී, පාන් ලෙල්ලට බත් පැකට් එකට, වාසියට, හිතවත් කමට, නෑ කමට, පවුලට අනුව තීරණ ගන්න සමාජයක් බිහි වීම ඇරඹිණි. මේ මගේ සීඝ්‍ර කඩා වැටීම 1977 බිහි වූ ජේආර් පාලනයෙන් ඇරඹින. අද වන විට එය පටුම බැඳීම වන පවුලේ සමාගමක පාලනයක් වී ඇත. පාලනයක් නැති රටක, තෙයාකාර මැර බලය පිළිකාවක් සේ පැතිරුණු සමාජය ජීවත් වීමට කොතරම් නුසුදුසු ද යන්න මම අත්දකිමි. තෙයාකාර මැර බලය හා එය ක්‍රියාත්මක කරන අයගේ හැසිරීම ගත් කල තවමත් පෙනුමෙන් සුළු සුළු වෙනස්කම් තිබියත්, ක්‍රියාවෙන් වෙනසක් නොවූ බව දකිමි. තිරිසනුන්ටත් අන්ත ජඩ කොළණියකට අයත් වීම තුල, මම ආපසු ආවේ ගිය රටට නොව ලෝකයේ මම අප්‍රියම කරන රට වන ඇමෙරිකා කොළණියකට දැයි සිතේ.

ශ්‍රී ලංකාව ද ඇමෙරිකාව මෙන් "නිදහස" ලැබූ කොළණියකි. නොඑසේ නම් IRC කාරයන්ගේ පාලනයට නතු අරාජික රටකි. ඉංග්‍රීසි කොළණියකට වඩා වෙනස් වන්නේ රැජිණගේ හා සාමිවරුන්ගේ පාලනයෙන් තොරවීමත් බලවත් තනතුරු වලින් ඉංග්‍රීසිකාරයන් ඉවත්වීමත් ය. රැජිණගේ හා සාමිවරුන්ගේ පාලනයෙන් තොරවීම/අහිමිවීම තුල ඉංග්‍රීසි පාලනයේ ඇති වටිනාම ගුණාංඟ අහිමි විය. එනම් පාලකයන්ගේ නොමනා ක්‍රියාවලට action ගතහැකි කිසිවෙකු නැති වීමයි. ඒ වෙනුවට රැජිණගේ බලය සතු නීතියට උඩින් සිටින බලවතුන් පිරි හිඟනකමින් ආඪ්‍ය වූ අතරමන් රාජ්‍යයයක් බිහි වී ඇත. රට වැසියන් පාලකයන් තේරීමේ දි හැසිරෙන්නේ, හිඟන්නන් තමන්ට රුපියලක් දික් කරන කෙනා සුදුසුයි කියන ආකාරයටයි. අද වන විට, පාලකයන් හරියට රෝමය ගිනිගන්නා විට නීරෝ හැසිරුන ආකාරයට රට ගෙන යයි. විද්වතුන් උගතුන් බුද්ධිමතුන් දෙන උපදෙස් ඒ ආකාරයෙන් ම කරන, තමන්ට කියා කිසිවක් නැති පාලකයන් බිහි වී ඇත. ඔවුන්ගේ අවාසනාවට, පවතින ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් තෝරා, බේරා, අන්ඳා, අං පළඳවන්නේ රටේම සිටින අමන රොත්තට බව මොවුන්ට තේරුම් ගත නොහැක. මම නම් උන්ගේ උපදෙසට වඩා මී ගවයන්ගේ හිස වැනීමට ගරු කරමි. එතරම් මගේ අත් දැකීම් තිත්ත ය.

අප මේ ගත කරන්නේ ඉංග්‍රීසි ශිෂ්ටාචාරයේ අවසන් භාගයි. False  hopes වලින් ඇන්ඳෙන, දිනෙන් දින බිඳ වැටෙන පාලනයක අවසාන වන්නේ කෙසේ ද යන්න දෙස අපි බලා සිටිමු. කොතරම් නැවතීමට උත්සාහ දැරුවත්, මෙතෙක් බිඳ වැටුන අනෙක් ශිෂ්ටාර මෙන් ඉතිහාසයට එක් වේවි. කොතරම් වෙර දැරුවත් නැවතිය නොහැක. ඉදි කල ගල් ගඩොල් ඉතිරි වේ. බොහෝ විට වසංගතයක් වූ මනුෂ්‍ය වර්ගය වඳවනු ඇත. මේ පාලන ක්‍රමය මානවයා මත පටවා කරන පරික්ෂාව ගත් කල, කොතරම් බෙරිහන් දුන්නත්, හිරවීම තුල එහා මෙහා යාම හැර පිටතට ගොස් විසඳුමක් දිය හැකි යයි කියන අය, ඒ තුල ම කොට වී ඒකම ඉදිරියට ගෙන යාමට දායක වේ. නැවතිය හැකි එකම කෙනා මෙය ලියන මම වුනත් සුදුසු අය නොමැති නම් එසේ ම වීමට ඉඩ හරිමි.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ද? 

ස්වෛරීයත්වය යනු තමන් කරන කියන දේවල් සියල්ලම තමන්ගේ අභිමතයට අනුව පමණක් වෙන, කිසිදු බාහිර බලවේගයකට යටත් නොවී සිටින තත්වයක් ලෙස ගත් විට, එම තත්වය ඉංග්‍රීසි රජාටවත් නොලැබෙන අතාත්වික දෙයකි. කියන්නම් වාලේ කිව්වත් එය මෝඩකම පෙන්වීමකි. අපේ පැවැත්ම තුල ඉහලම සිටින්නෙ එවැන්නකු වුවත් එම කෙනා ද ස්වයං පාලනය තුල සිටින නිසා, පවතින ජීව ලෝකය එසේ පවතින අතර, එවැනි ස්වෛරී හැසිරීමකින් එවැනි පැවැත්මක් නොවනු ඇත.

සැබෑවෙන් මිදුනු අයට මෙය හුදු මායාකාරී සහනයක් දෙන පුරාජේරු කතාවකි. ස්වෛරී වීමට නම් බොහෝ දෑ කල යුතුය. එහෙත් රට මංකොල්ල කන්න ආපු උන්ගෙ පාලන රටාව බදාගෙන, එය තමන්ගේ කරගෙන ප්‍රවර්ධනය කරමින්, ඉන් ම යැපී, තමන්ගේ සියලු අවශ්‍යතා බාහිරව සපයන රටක, කිසිම භෞතික වටිනාකමක් නැති කිසිදු හැකියාවක් නැති හිඟන්නන් පිරි රටක, ස්වෛරීයත්වය කතා කිරීම ද තමන් ම රවටවා ගෙන හිඟනුන්ට උද්දාම වීමට විහිළු සපයන රඟපෑමක් පමණි. ජඩමාධ්‍ය හරහා මවා පාන රටේ ස්වභාවය සමාන වන්නේ රට ගිනි ගනිද්දී වයලිනය වාදනය කල නීරෝගේ හිතළු ලෝකයටයි. මිනිසුන් රැවටිය හැක්කේ උන්ගේ ජීවිත අවදානමට ලක්වන තුරු පමණි.

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ද?

ස්වාධීන යන වචනය අද හිතු මතේට වැඩ කරන උන් තමන්ගේ ජඩවැඩ සාධාරණ යයි කීමට භාවිතා වේ. ඒ නිසා මගේ අරුතක් දීම අවශ්‍යයි. දෙම්පියන්ගෙන් යැපෙන දරුවකු වැඩිවියට යන විට තමන්ගේ කටයුතු තමන් ම කරගෙන යැපේ නම් ඒ නිදහස් දරුවෙකි. 1948 "නිදහස" ලැබුනේ කියා මගුල් නටන ශ්‍රී ලංකාව සැබැවින් ම නිදහස් ද? 1948ට පෙර කාලයටත් වඩා ඉංග්‍රීසිකමෙන් යැපෙන, හිඟන ජීවන රටාව වෙලාගත් සමාජයක් නිදහස් වෙන්නේ කෙසේ ද? පාලකයන්ද වහළුන් නම් ඒ රට වහල් රටක් වේ. ශ්‍රී ලංකාව නිදහස් රටක් යයි කීවද එය භාවිතා කරන්නේ පාලකයන්ගේ ඕනෑ එපාකම් අනුව එල්ලවන බාහිර බලපෑම් වලට ප්‍රථිචාර ලෙස ය. බොහෝ විට තමන් කරන ජඩවැඩ වලට එල්ල වන බලපෑම් ඉදිරියේ රටවැසි සංක්‍රමණිකයන් නොමග යැවීමට ය. නීතිය යන වචනයේ අරුතවත් නොදන්න, පාර්ලිමේන්තුව හරහා තමන්ට ඕන නීතියක් බිහිකල හැකියයි සිතන අමන පාලනයන් ගත් කල, තමන් හදන නීතියෙන් තමන් ම කොටුවීම නොවැලැක්විය හැක. ඉංග්‍රීසි කොළණි තුල ක්‍රියාත්මක වන කිසිදු ක්‍රමවේදයක් අද වන විට ශ්‍රී ලංකා කොළණියේ භාවිතා නොවේ. ඒ වෙනුවට හිඟන සම්ප්‍රදායට අනුව අනුන් ගැන කිසිදු හැඟීමකින් තොර, තමන්ගේ අවශ්‍යතා ඉටුකරන අනීතික පදවැල් සමූහයක් ඇත. Law හා regulations අතර ද වෙනස මැකී ඇත.

නිදහස ගැන කතා කරන විට වෘත්තිකයන් තම ක්ෂේත්‍රයේ සර්වබලධාරීන් වී ඇත. විශේෂයෙන් නීතියේ පරමාධිපත්‍යය ලෙස නීතිවේදින් මේ සර්වබලධාරීන් අතර ප්‍රමුඛ තැන ගෙන ඇත. ඉංග්‍රීසි කොළණි තුල ක්‍රියාත්මක වන ඔටුන්න සර්වබලධාරී යන මතය ශ්‍රී ලංකා කොළණියේ රාජ්‍ය සේවයේ පහලම තනතුරට ද හිමිය. කරන නොපනත්කම් එමටය. ඔවුන්ට දඬුවම් නැත. දේශපාළුවන් ගත් කල ඉංග්‍රීසි පාලකයා හා මොවුන් අතර වෙනස උතුර දකුණ වැනි ය. එනයින් ඉහත කී සියලු දෙනා නිදහස අංඟ සම්පූර්ණව විඳිති. එය සීමිත කාලයකට පමණක් වන්නේ මේ ලෝකය මෙහෙයවන දෙවියන් නිසා ය. සිංහ වෙස් ගන්නා සුනඛයන් හිමි තැනට යොමු කරන බවට ඉතිහාසය ශාක්ෂි දරයි.

මේ ලෝකයේ නිදහස නැති තරම් ය. වැරදි මග ගියොත් කෙටි කලකින් ම අතරමං වේ. ශ්‍රී ලංකා කොළණිය ගත් කල සර්වබලධාරී නීතියට තමන් ඉහලින් බව කියන පාලකයන් පවා බලු වෙන්නේ නීතිය උඩ යට හැරවීමේ බලය පාර්ලිමේන්තුව සතු නිසා ය. සල්ලි වලට විකිණෙන සමාජයක හිඟන්නන් සල්ලි වලට නොකරන එකම දේ හරි දේ ය.

ලෝකය ගත් විට, නිදහස විග්‍රහ කරන්නේ නම් එය මනාව පාලනය වන පාසලක සිසුවකුට හිමි නිදහස ය. ඉන් එහා ගියොත් පසුව මෙහාට යන්නේ ය. නිදහස අහිමි වී ජීවිතය ම බැල මෙහෙකර යැපෙන අති බහුතරයත් සියළු නිදහස භුක්ති විඳින සුළුතරයත් මෙතරම් කල් පැවතියේ ඉංග්‍රීසි ජාතිය බිහිකල තේමිය නිසා විය හැක. එය අද හුස්ම හෙලන අවසාන මොහොතට යන සිදුවීම් බොහෝ ය. ඒ මහා රූක්ෂ පිළිකා ගසේ පුංචි අත්තක බිහි වූ ශ්‍රී ලංකා හිඟන කොළණිය ද ඒ සමඟ අවසන් ගමන යා යුතු ය. කුසගින්නෙන් මිය ගියත් හිඟනකම අතනොහරින උන් රට සුරපුරයක් වන හීන දකිමින් මියෙනු ඇත. එය ඉරණම ලෙස හඳුන්වන හූරා ගොඩ නැගූ විශ්ව නීතිය බලගැන්වීමකි. ඊට පිටින් යා හැකි එකම කෙනා ද හූරා ය.