Tuesday 28 August 2018

අන්තර්ජාලෙ හරහා "සිංහලයන්" වෙනුවෙන් මුදා හල දැනුම් අල්පයේ අවසාන ද මෙය විය හැකියි...

අවුරුදු පහක් බුකියෙ ගත කලා කියන දවසෙ මෙය ලියන්න වීම විශේෂයි. ඒ වගේම අන්තර්ජාලෙ හරහා "සිංහලයන්" වෙනුවෙන් මුදා හල දැනුම් අල්පයේ අවසාන ද මෙය විය හැකියි.

මම පටන් ගන්න කොට සිංහලයන් ගැන උදමින් කලත්, අන්තර්ජාලෙ හරහා හඳුනාගත් "සිංහලයන්" ලෙස හඳුන්වාගන්නා මගේ ලිපි කියවන්නන් ඇතුළු "ගොබ්බයන්" (මෙය අරුත්බර වූවත් කීමට වද නොවෙන්නේ "සිංහල" තේරෙන එකෙක් නැති නිසයි) ගත් කල, උන්ට වඩා බුරියා ළඟ වටිනා "සිංහල" ගති ඇතැයි තහවුරැ වූ නිසා මෙසේ ලියමි. "බුරියා" මා කුඩා කල නිවසේ සිටි බල්ලා ය. දිනක් ඌ සුපුරුදු ලෙස දොර ළඟ පා පිස්සේ සිටින විට, පයින් ගසා එළවූයේ මගේ පා පිස ගෙට යාමට ය. ඒ වෙලාවේ, ප්‍රතිචාරෙ ලෙස, මහ වැස්සේ තෙමි තෙමී දොරකඩ ළඟ මිදුලේ දරණු ගසා ඌ ලැග සිටි ආකාරය මට අමතක නොවේ. ඒ උගේ වගකීම ඉටු කිරීමට ය. මොන බාධක ආවත්, "වගකීම ඉටු කිරීම" අතනොහැරීම වටින "සිංහල" ගතියකි. එහෙත් අද "සිංහල" යයි කියාගන්න අන්තර්ජාලිකයන් ගත් කල, ඉබා ගාතේ යන "අවජාතික සක්කිලි අහිගුන්ටිකයන්" මිස "සිංහල" නොවන බව පසක් විය. ඔවුන්ට "සිංහල" වීමට තව බොහෝ කල් යනු ඇත.

නැවත මුල සිට පටන් ගැනීමට මට වීම අරැමයක් නොවේ. ලෝකයේ කාටවත් බැරි දේ මම කලේ මෙලෙස මිස "ඉබා ගාතේ යන අවජාතික සක්කිලි අහිගුන්ටිකයන්" පවසන අද්භූත විදි වලින් නොවේ. මා සමඟ සැබෑ "සිංහලයන්" ඇත. ඔවුන් සතුන් අතර අද නැත. ඔවුන් ගැන මතකයෙන් කී දේ අන්තර්ජාලෙ හරහා හඳුනාගත් "සිංහලයන්" ලෙස හඳුන්වාගන්නා අය ගැන නොවන බව සටහන් කරමි.

අන්තර්ජාලෙ හරහා හඳුනාගත් "සිංහලයන්" ලෙස හඳුන්වාගන්නා "ගොබ්බයන්" හා ඉන් මට සමීප වී කාලය කා දැමූ "ගොබ්බයන්" තුලින් මම දකින්නේ මිරිඟුවක් හඹා යන මුලා වූවන් ලෙස ය. ඔවුන්ට මම කියපු දේ, තමන් ගේ මනෝ විකාර පවත්වාගෙන යාමට අළුතින් එකතු කරගත් "කුණු" ය. පිස්සන්ගේ පලාමල්ල වැනි එකතුවකි. කාටවත් ඵලක් නැත.

අද මනුෂ‍්‍යයන් කියන්නේ වචන "මතක" තබා ගන්නා, වචන "තේරැම්" නොගන්නා, "ගොබ්බයන්" රැලකට ය. වංචාවෙන් බොරැවෙන් යැපීමට ගොස් කොටු වූ අමන සතුන්ටය. මට උන් වෙනුවෙන්  කල හැකි දෙයක් නැත. තමන් සතු තේරීමේ අයිතිය අභියෝගවලින් පැනයාමට යොදා ගන්නා තාක් ඔවුන් ආපස්සට යනු ඇත. මම පැහැදිළිවම කීවේ, මම අමතන්නේ "සිංහලයන්ට" පමණක් බවයි. කවුරු හෝ කී පමණින්, තමන් "සිංහල" යයි සිතන්නේ  "අමන ගොබ්බයන්" ය. අද ඇති හිඟනකම මුල් කරගත් ඉංග්‍රීසි ජීවන රටාව, "සිංහල ජීවන රටාව" යයි සිතන උන්ට කතා කිරීම ද පිළිකුලකි.

මින් ඉදිරියට, මේ ලෝකයේ උපරිම තලයේ ජීවියා වන  "සිංහලයකු" වීමට නම් තමන් ඊට සුදුසු බව ඔප්පු කල යුතු ය. යාළු මිත්‍රකම් නෑකම් නැත. සැබෑ ලෝකයේ ක්‍රියාවෙන් මැනෙනු ඇත. පොදු මිස පුද්ගල සබඳතා නැත. ජාතිකත්වය යනු පොදු උරැමයකි.

"සිංහල රට", "සිංහල ජාතිය", "සිංහල කම" ගොඩ නැගීම මගේ වගකීමයි. එය දිවි හිමියෙන් කැප විය යුතු වගකීමකි. එසේ නොවී ඔබට කවදාවත් "සිංහල" විය නොහැක. තීරණය කරන්නේ මමයි. "සිංහල රට", "සිංහල ජාතිය", "සිංහල කම" මගේ උරැමයෙන් ලැබුනු දෙයක් මිස, මගේ උත්සාහයෙන් ගොඩ නැගුවක් මිස, "ඉබා ගාතේ යන අවජාතික සක්කිලි අහිගුන්ටිකයන්" පවසන අද්භූත විදි වලින් බිහිවූවක් නොවේ. මට පමණක් "සිංහල රට", "සිංහල ජාතිය", "සිංහල කම" බේරාගත හැකි යයි කියන්නේ ඒ නිසාම ය.

ඔබ අතර සැඟවුනු සිංහලයන් තවමත් සිටී නම් මව් බිමට එන්න. ඉතිරිය, බුකියේ මට හමු වූ ගඳමාල් පෙරේරා චරිතය මෙන්, මම ඊ ළඟ වර එනතෙක් උමතුවෙන් කියවපු දේ වමාරනු ඇත. ඉන් මම ඔවුන් එකල ද හඳුනාගනිමි. ඔබ තීරණ ගත යුත්තේ ඔබට සාපේක්‍ෂව නොව සැබෑවට සාපේක්‍ෂවයි. තීරණය ඔබ සතුයි. එතෙක් ඔබ දස අතේ ඉබාගාතේ යනු ඇත.

මට ළංවූවන් තරම් මගේ වැඩට බාධා කල වෙනත් සතුරන් නැත. මගේ හැම දේටම හරස් වන පරම සතුරන් මා වටා ය. ඒ නිසා, සීමිත කාලය තුල කිරීමට ඇති "කරන්න බැරි කාරිය" කරන්න, කිසිවකු ළඟට නොගන්න තීරණය කලෙමි. එය අන්තර්ජාලයටද පොදුයි. බුකියේ වසර පහක් ගත විය. පටන් ගත් වැඩ මම නැති ව වේලේ. තව මොන කතා ද? මගේ වැඩට කිසිවකු වැදගත් නොවේ. යමෙකුට වැදගත් වන්නේ මගේ උත්සාහයේ ඵල භුක්ති විඳීමටයි. සුදුසු අයට සදා සීමා වේ. ළඟා වීමට ඇත්තේ එක මගකි. ඒ ක්‍රියාවෙන් පෙන්වීමයි.

Tuesday 31 July 2018

ඔබේ තාරය (ගත) හා අවතාරය (සිත) කොර වෙල ද? හිරි වැටිල ද?

අනුන්ට සේවය කිරීමට ප්‍රථම තමන්ටම සේවය කර ගැනීම සඳහා සිංහලයන්ට උපදෙසක් මෙහි අඩංඟුයි. මගේ වැඩසටහන ඔබේ ජීවත්වීමේ අයිතිය රැකීමත්, ජීවිතය තුලින් ලබාගත යුතු සැබෑ ඵලය ලබා දීමත් ය. නිවහල් නිදහස් මනුෂ්‍ය ජීවිතයකට මග පෙන්විය හැක්කේ මට පමණි.

තාරය (ගත) හා අවතාරය (සිත)කොරවීම:




මේ ගැන කියන්න හිතුනේ අද සිංහල හෝඩියෙන් කොටසක් භාවිතා කරමින් තමන්ගෙ ජාතිය සිංහල යයි සිතන කොටස මෙන්ම මානව (නරයන්) සංහතියම දක්වන හැසිරීම නිසයි. විශේෂයෙන් ම මගේ ලිපි කියවා කාලය කා දමන බහුතරය කිසිදු ජාතික හෝ පුද්ගල දියුණුවක් නොපෙන්වීමයි. මගේ කාලය වැය කර මෙතරම් වටිනා තොරතුරු දුන්නත්, ඉන් හරි ප්‍රයෝජන ගන්න එකෙක් නොදකින නිසා මෙම විස්තර කරන ආබාධය ගැන කියමි.

පළමුව, මම ලියන දේ සිංහලයන්ට පමණක් දරාගැනීමේ ශක්තිය ඇති දැනුම බව මතක් කරමි. එසේ නොවේ නම් ඔබ ඉහත කී කොරවීමට ලක් වේ. මම මුලදි ම අවවාද කලෙමි. අවාසනාවට, අහිගුන්ටිකයන් (සංක්‍රමණිකයන්) කියන්නෙ ඕන වෙස් මුහුණක් දමා ගන්න, ව්‍යාජ දේට මුල් තැන දෙන කොටසකි. අද සිංහල කියන බහුතරය මේ ගොඩට අයත් ය. ඔවුන් කරගත්තේ ලොකුම හිරවීමකි. ගැලවීමක් නැති ව කොර වනු ඇත. පණ පිටින් අනන්ත කාලයක් ගිනි අපායේ සිටියට වඩා දරුණු දඬුවමකි. ව්‍යාජ සිංහලයන්ට මගෙන් ලැබෙන උරුමය ඒ දඬුවමයි. ඔවුන්ට මෙය අදාළ නොවන කතාවකි.

කොරවීමට මුල් වන බාහිර බලපෑම්/කොර වීමේ ලක්ෂණ:


අද බලෙන් දෙන, ඉංග්‍රීසි දැනුම හින්දි විදියට හැදෑරීම මුල් කරගත් අධ්‍යාපනය තුලින් ඔබේ තාරය (ගත) හා අවතාරය (සිත) කොර වන්නේ (අක්‍රීය වන්නේ) එය ඒ ආකාරයට සැලසුම් කරපු උපක්‍රම වල ඵලයක් නිසා ය. ඉංග්‍රීසින්ගෙ උරුමය එන්නේ අනාදිමත් කාලයක් උගුල් ඇටවීමෙන් හා වස විෂ යොදා ගොදුරු සොයාගන්නා සත්ව තාර හරහා ය. ස්වභාවෙන් උගුල් ඇටවේ. එහි පරමාර්ථය සතුන් කොටුකර ගැනීමයි. අධ්‍යාපන ක්‍රියාකාරකම් තුලින් ඔබ අඩපන කර බැඳ තබා වහලුන් කර ගන්නෙ ඔබ ගැන අබමල් රේණුවක හැඟීමක් නැතිවයි. හරියට ගොදුරක් වෙත සර්පයකු දක්වන ආකල්පය වගෙයි.

අධ්‍යාපනය තුලින් ලබන එකිනෙකට කිසිදු බැඳීමක් නැති තොරතුරු හා ක්‍රියාකාරකම් නිසා ඔබේ දැනුම වචන හැසිරවීමට මුල් වේ. ඔබ මතක තබාගන්නෙ දකින වචන පමණයි. අරුත ඔබට අවශ්‍ය නැත. මේ බව මනාව තහවුරු වන්නෙ ඔබ මගේ ලිපි කියවා දක්වන නිහඬකම තුලිනුයි. මම දුන් දැනුම මට සාපේක්ෂව සුළු වුවත් මානවයන් (නරයන්) ලෙස අද මුහුණ දෙන අභියෝග සියල්ල හඳුනාගැනීමට ප්‍රමාණවත් ය. තේරුම් ගත්තේ නම්, ඔබට වී ඇති අසාධරණය අයුක්තිය හමුවේ මූසලයන්ටත් වඩා දරුණු මරාගෙන මැරෙන හැඟීමෙන් කුපිතවීම නියතයි. ඒත් ඔබ නිහඬයි. කම්මලේ බල්ලාටත් වඩා අන්තයි. සැබැවින් ම, ඔබ ගොදුරු වූ සතෙක් මෙන් තාරය (ගත) හා අවතාරය (සිත) කොර වීමක් පෙන්වයි. වගකීමෙන් හරි අඩක් ඔබ ද භාරගත යුතුයි. අමනසතුන් (අමනුෂ්‍යයන්) ලෙස ඔබ ලේසියත් පහසුවත් සොයමින් තමන්ම රවටාගෙන අනුන්ගෙන් යැපීමට යාමේ ඵලය ඔබ උපයාගත්තකි. අද ඔබ වහලෙකි. යැපෙන්නෙ අනුන් හදන දෙයින් ය. ඒ කියන්නෙ කොර වීම සම්පූර්ණයි. බොහෝ සිදුවීම් මරණයෙන් පසු උපතට පසු මග හැරුනත් මේ කොරවීම මරණයට වෙනස් කල නොහැක. වෙනස් වෙන්න නම් මැරිලා උපදින්න ඕන යයි කීවත්, මේ කොරවීම එසේ නිම නොවේ.

ඉංග්‍රීසිකම අහිගුන්ටිකයන් (සංක්‍රමණිකයන්) කොටු කර කොර කර එකම තැන හිර කිරීමට සැදුනකි. ඔබ ඒ තුල සිටිමින් මගේ ලිපි කියවනවාට වඩා ගංජා ඉරීමට ඒ කාලය වැය කරන්න. ඒ මම ඔබ එසේ සිටිනු දැකීම අපේක්ෂා කරන නිසයි. එය අහිගුන්ටිකයන් (සංක්‍රමණිකයන්) සඳහා ලැබෙන අවස්ථාවකි. දරාගත නොහී සිය දිවි හානි කර ගනිමින් නැවත නැවත හිමිවන දඬුවමකි. ගලවා ගැනීමට යැද්දත් ඵලක් නැත. මගෙන් ඔබට පිහිටක් නැත. මෙවැනි අය බුකිය/අන්තර්ජාලය හරහා මට හමු වී බලාපොරොත්තු තියාගැනීම පවා නිශ්ඵල බව කිව යුතුයි. විශේෂයෙන් ම බැලමෙහෙ කරමින් සල්ලි පස්සෙ දුවන කවුරු හෝ මම සල්ලි දේ යයි සිතීම කොරවීමේ ප්‍රබල ලක්ෂණයයි. එවැන්නන් බඩගින්නෙ මැරෙනු ඇත.

සිංහලයන් ද කඳුබඩයාගේ ස්වරූපය තුලින් ලොව දකින විට නොදැනුවත්වම තාරය (ගත) හා අවතාරය (සිත) කොර වීම අද සාමාන්‍ය දෙයක්. බලෙන් දෙන අධ්‍යාපනය නිසා, ලමා කාලය නිකරුනේ ගත කිරීමෙන් මේ කොරවීම සිදු වේ. එය වැඩුනු අයට වෙනස් කිරීමට දැඩි උත්සාහයක් ගත යුතු දෙයකි. මම ලියා ඇති ලිපි තුලින් ඔබේ අවතාරික කොරවීම සුව වුවත් ඵලක් ලැබීමට නම් ඔබ විසින් ම තාරික කොරවීම සුව කරගත යුතුයි. තාරය යොදා කල හැකි හැම දේම ප්‍රගුණ කරන්න. වරකට එක දෙයක් කරන්න. හැම දේම කරන්න යාමෙන් එකක්වත් හරියට කරගන්න බැරිවීම කොරවීමේ දරුණු ඵලයකි.

ඔබ මගේ ලිපි වෙන අයට දෙනවා නම් මුල් ආකාරයෙන් දිය යුතුමයි. ඔබට අවශ්‍ය ලෙස ඔබට තේරෙන ආකාරයට ඔබේ දෙයක් කරගන්න ගියොත් ඉන් වන කොරවීම සුව කල හැක්කේ මට පමණයි. එවැනි ජඩ වැඩ කර මගෙන් සහනයක් පැතීම නිශ්ඵලයි. අද සිංහල සමාජය බිඳ වැටී ඇත්තේ ව්‍යාජ සිංහලයන් වූ ඉබාගාතේ ගිය අහිගුන්ටිකයන් මම මීට පෙර දුන් දැනුම එලෙස විකෘර්ථි කිරීමෙනි. මම සිංහලයන් වෙනුවෙන් දෙන දැනුම එසේම රැකගැනීමත්, වෙනස් කිරීමට හදන උන් නැසීමත් සිංහලයාගේ වගකීමයි. නැවත මෙවන් විනාශයක් වීමට ඉඩ නොදෙමු.

කොර වූවන්ට මම ලියන ලිපි තුල ඇති දැනුම ප්‍රයෝජනයට ගත නොහැක. ඔවුන්ට මීට වඩා සරල උපක්‍රම හරහා දිය යුතු වුවත් මේ ආකාරයට අන්තර්ජාලය හරහා එය කල නොහැක. ඒ සඳහා ප්‍රයෝගික විදි තුලින් කොර වී අහිමි වූ සිංහලකම ලබා ගැනීමට කැමති අය ඔබේ නිජ බිමේදී මා හමුවෙන්න. ව්‍යාජයන්ට මං අහුරා ඇත.

කොරවීමට දායක වන ඔබේ හැසිරීම්:


ඔබ එකම රටාවකට කොටු වී ඒකාකාරී ජීවන රටාවක ගිලී සිටී නම්, ඉන් ගැලවිය නොහැකි කොරවීමකට හිර වේ. ඉන් පිටතට යාමට ඔබට බැරි වේ. එකම ආකාරයේ තාරික හා අවතාරික හැසිරීමක් පෙන්වන අධ්‍යාපනය, රැකියාව හෝ නැවතුම්හල් ජීවිතය වගේ සීමිත ඉඩකඩකට සීමා වූ හෝ ජනාකීර්ණ පරිසරයක ඔබ කොර වේ. විශේෂයෙන් ම ඉංග්‍රීසි පොලීසි හා ආරක්ෂක සේවා වල හිර වී නම්, ඉතාම දරුණු ගනයේ කොරවීමක් සිදුවේ. මේ සියලු ඉංග්‍රීසි උපක්‍රම හරහා ඔබ තාරිකව මෙන්ම අවතාරිකව කොර කරන්නෙ ඔබට තීරණ ගැනීමේ හැකියාව නැසීමටත්, ලැබෙන උපදෙස් බුද්ධි අන්ධයකු සේ ක්‍රියාත්මක කිරීමටත් ය. ඒ හරහා ඔබ ලවා ඔබේ පාලනයෙන් තොරව සාපරාධී මිනී මැරුම් හොර ජඩ වැඩ කරවා ගැනීමට පුළුවන් වෙනවා. ඔබ මෙවැනි තේරීමක් කල විට ගැලවිය නොහැකි ලෙස කොරවීමක් දකින්න ලැබෙනවා.

භයානකම කොරවීම වන්නෙ ඔබ විසින් සිය කැමැත්තෙන් දැන දැන කොරවන තේරීමක් කල විටයි. ජීවිතය අභියෝගයකි. දරාගත නොහැකි මරණයෙන් කෙළවර වන අභියෝගයකි. මර බිය නිසා ඉන් මිදීමට හැඟීම් මැඩ පැවැත්වීම මෙන් ම බලපෑමට ඉඩ දීම තුලින් ඇති වෙන කොරයෙන් මිදීමට නොහැකි වන්නෙ ඒ සඳහා කලයුතු තේරීම් සඳහාවත් ඔබෙන් ප්‍රතිචාර නැති වීමයි.

ඔබ ගණු දෙණු කිරීමේ දී මම වැනි අය සමඟ හැසිරීම පරෙස්සමින් කල යුතුයි. අවංක නොවේ නම් ඈත් වෙන්න. ඔබට වඩා සිය දහස් වාරයක් ප්‍රබල අය සමඟ ගැටීමෙන් ඔබට වියහැකි අනතුරු අතර කොරවීම මුල් තැන ගනී. එනම් ලෝකය ඉදිරියට ගිය ද ඔබ එක තැනක කොටු වීමයි. මෙවැනි අය මා සමඟ සමීප වුව ද ඵලක් නැත. පවුල සතුරු වන, ජීවිතය මිහිපිට අපායක් වන කොරවීම පසුපස දෙවියන් සිටින බව අමතක නොවන්න. අද වචනයෙන් අප තරම් අවංක ශුද්ධවන්තයන් නැතැයි ලොවට පවසා රහසින් හැම ජරා වැඩක් ම කරන ජඩයන් බහුලව සිටින බව අමතක කල නොහැකි ඇත්තකි. ඔවුන් කොරවීම නියතයි.

මම ලියන දේ කියවා අවට පරිසරය තුලින් එහි සත්‍යතාවය නොදකින ඔබ කොර වූවෙකි. එසේ නොවූ අය සිටී නම් පුදුමයකි. අනුන්ගෙ සහතික තුලින් ඔබ කොර වූ බව නොපෙන්නුවත්, එය පුහු වෑයමකි. කොරය අත්හරින තුරු ඇත්ත නොපෙනේ. ඒ සඳහා කොරයෙන් බේරීමට උත්සාහ කල යුතුයි. ඒ සඳහා ඇත්තෙ එකම හරි මගකි. මිදීමට එය හඳුනාගත යුතුම ය.

බටහිර ලෝකයම කරන්නෙ එකි නෙකා කොර කර බැලයන් සේ යොදාගැනීමට මග පාදා ගැනීමයි. සියල්ලන් ම කොර වූ විට, ලොකු විනාශයකින් අවසන් වේ.

කොරෙන් මිදුනු අය මගේ වැඩසහනට අත්‍යවශ්‍ය කොටසක්. මා වටා කොරයන් එමට සිටින නිසා මුහුණ දෙන පසුබෑම් මෙන් ම කාලය අපතේ යාම දරාගත නොහැකි බරකි. තවත් කොර වූවන් අනවශ්‍යයි. නියත ලෙස මිදීමට නම් කලයුතු කාර්ය රටාවක් ඇත. ඒ ගැන සජීවී ව දැනගත හැක. ඔබ කොරෙක් නම් මසට හදන ගවයකු ඔබට වඩා වටී.

Monday 16 July 2018

සිංහල පාලනය තුල දඬුවම් කරන විදිය ...

බොහෝ දෑ කිව යුතු වුවත් සීමිත කාලය තුල කාලීණ අවශ්‍යතා ගැන ද සඳහන් කිරීම අවශ්‍ය වන්නේ මම සකසා ඇති සිංහල පාලන ක්‍රමය තුල ගැටුම් හා අයුතු ක්‍රියා පාලනය වන ආකාරය දැනගැනීම සඳහායි. මෙය වඩාත් වැදගත් වන්නෙ සිල්ගත් ගමරාළ සේ, ආප්ප කුමන්ත්‍රණයෙන් චන්ද්‍රිකාගෙ උරුමය බදාගත්, සුළුතර ගවනර් සිරිසේන ද එල්ලා මැරීමක් ගැන කියමින් මාධ්‍ය සංදර්ශණයක් පැවැත්වීම හා අනාගත ගවනර් වීමට දත කන දෙදෙනෙක් ද එවැනි මත හරහා සමාජය තුල කතා බහට ලක්වීමයි.

මෙයින්, හිටපු ගවනර්ගෙ සහෝදර සමාගම නියෝජනය කරන, බලය නැතුවත් මිනිසුන් අතුරුදහන් වූ හා අවි පෙන්වීමට ගොස් වෙඩි කාපු යුගය හා බැඳුනු, අණ දුන් පමණින් කිසිදු පැකිලීමක් නැතිව මිනී මැරීමට අනර්ඝ පුහුණුවක් ලබා මනුෂ්‍යයත්වය අහිමි වූ කෙනා හිට්ලර් වී හෝ රට හදන මතවාදයක පැටලීම ගත් කල, රට කොතරම් පිරිහී ඇති දැයි පෙනේ. මිනී මරන්න්නන් ද ඔවුන්ට සහාය දෙන්නන් ද මිනී මරුවන් ය. මෙහිදී ජීවිතය රකින මම ද ඔවුන්ගේ ගොඩට වැටෙන්නේ, මම "මිනී මරුවන්" මනුෂ්‍ය සමාජයෙන් තුරං කරන මතය දරන නිසා ය. ජීවත්වීමට වෙර දරන, ජීවිතය රකින ඔබව ආරක්ෂාකර මිනීමරුවන්ගෙන් ඔබ රැකීමට මට තරම් වෙන කාටවත් අයිතියක් නැත.

එසේම අපරාධ කාරයන් දඬුවම් ලබන එක නතර කිරීමට, වැලැක්වීමට වෘත්තිය මට්ටමෙන් ක්‍රියා කරන, කළු පඩංඟු (ඝණ රෙදි වලින් හදපු කලිසම්) අඳින මිනී කාක්කන් අතරින් එළි බැසි, නීතියේ පූර්ණ ආධිපත්‍යයයක් ගැන කියවන අනාගත  ගවනර් වීමට දත කන්නෙකු ගැන ද සමාජය කතා කරන බව දනිමි. ලොව මෙතෙක් බිහි වූ නරකම ක්‍රමය වන, අවනීතිය නීතිය කරගත්, අසාධරණය සාධාරණය කරගත්, අපරාධ විසඳන මුවාවෙන් මැදට පැන ගහෙන් වැටුනු එකාට ගොනා අනින්නා සේ, පැමිණිලි කරන්නාගෙ සේසතම සූරා කන ඉංග්‍රීසි කොළණි අධිකරණයත්, එය ක්‍රියාත්මක කිරීමට ලේ පිපාසයෙන් පෙලෙන කාපේරියන් ද, පොරකෑමට උපන් හපන් ද්‍රවිඩයන්ද, පළි ගැනීමට දත කාපු මැලයන්ද අතරින් තෝරාගත් මැරයන් යොදා සැකසූ ඉංග්‍රීසි කොළණි පොලීසිය ද එකතු වී ක්‍රියාත්මක වන ශ්‍රී සිංහලේ අහිගුන්ටික කොළණියෙ, නඩු මග තෝරාගැනීම විනාශයට ආ වැඩීමක් බව ක්‍රියාවෙන් ඇස් ඉදිරියේ පෙනෙද්දී, එල්ලා මැරීමෙන් හෝ හිට්ලර් මෙන් විරුද්ධවාදීන් ඝාතනය කිරීමෙන් හෝ අවනීතියේ පූර්ණ ආධිපත්‍යයය පවරා ගැනීමෙන් අදටත් වඩා අපරාධ බහුල සමාජයක් බිහිවීම ඒකාන්තයි.

මත් කුඩු ව්‍යාපාරිකයන් එල්ලා මරා ප්‍රශ්ණය විසඳෙයි ද? දැනට ම ඊට පමණක් දෙවැනි දඬුවම වන ජීවිතාන්තය තෙක් සිරගත කිරීමෙන් වූ සෙතක් තිබේ ද? නරයන්ට ස්වභාවයෙන් උරුම වූ ජීවත්වීමට අවශ්‍ය සැප සම්පත් සියල්ල අහිමි කර, ඒවා ලබා ගැනීමට මුදල් ඉපැයීමට පොළඹවා, උන් රවටා තමන්ගෙ බැලයන් කර වහල් සේවයේ යොදවන පාලකයන් පළමුව එල්ලා මැරිය යුතු වන්නෙ, ඔවුන් මතට අගයක් දී එය ලාභදායී මගක් කරන නිසා ය.

මත්වීම යනු අනවශ්‍ය දෙයක් ගැනීමෙන් ඊට ඇබ්බැහිවීම තුලින් ඒ අනවශ්‍ය දෙය නැවත නැවත ලබාගැනීමට පෙළඹෙන නර මානසික ප්‍රතිචාරයයි. මෙය අද කොතරම් මුහුණුවලින් නරයන් මත් කරවනවා ද? දොස්තරලා, නිෂ්පාදකයන්, මාධ්‍යකාරයන්, කලා කාරයන්, මුදලාලිලා නරයන්ට අනවශ්‍ය දේ දී උන් කොතරම් මත් කරනවා ද? ආගම් කාරයන් හා දේශපාළුවන් අනාගත සිහිනවල නරයන් මත් කර කරන අපරාධ ගත් කල පළමුව උන් එල්ලිය යුතු ය.

මගේ පාලන ක්‍රමය තුල, කාටත් ජීවත්වීමට සම අයිතියක් ඇත. එය මුළු සත්ව ලෝකයට ම වළංඟු අයිතියකි. එම අයිතිය අහිමි කරන්නාට ඒ හා සමාන ප්‍රතිචාරයක් දීමට අහිමිවන්නාට නිතැතින් බලය ලැබේ. යමෙකුට එම බලය ක්‍රියාත්මක කල නොහැකි නම්, මාගේ යම බලය පිහිටට එනු ඇත. මෙය ජීවිත රකින හිරු බලය හා සමගාමී ව ක්‍රියාත්මක වේ.

මගේ නීතිය සරල ය. අතරමැදියන් නැත. දඬුවම තීරණය වන්නේ සමාන ප්‍රතිචාරයක් දීමට අහිමිවන්නාට ඇති අයිතිය තුලිනි. සමාජය ම සහභාගි වන්නෙ වැරදි ද නැද්ද යන්න තීරණය කිරීමට මිස අද මෙන් දෙන දඬුවම තීරණය කිරීමට නොවේ. මුළු සමාජයටම අදාළ ක්‍රියාවළියේ වෘත්තිකයන් වීමට වරම් ලැබේ. අසමත් අයට නියෝජිතයන් හිමි වේ.

යමෙක් සම්මතයට ගරු නොකරයි නම්, එකඟ නොවේ නම්, ඔවුන් පිටමන් කර ස්වාභාවික නීතියට භාර කරමි. අධිතාක්ෂණික උපක්‍රම හරහා එවැන්නන් අප අතරට ඒම වලක්වා තිරිසන් ලොවට යවනු ඇත.

අද අපරාධකාරයන් තම අභිමතයට නතු කරගත් පාලනය තුලින් අපරාධ වගා කරති. මගේ ක්‍රමය තුල අපරාධ කිරීමට පෙළඹෙන මග අහුරා දමනු ඇත. එහි මුල් තැන දැනුම වනු ඇත.

මා කියන සියල්ල මනසතුන්ට සීමා වේ. අමනසතුන් කඳුබඩයන් අතර බිහිවෙන මං සියල්ලා අහුරා දැමේ. තිරිසනුන්ට තිරිසන්කම උරුමය වනු ඇත. තිරිසන් වැඩ කරන උන්ට මනසතුන්ට හිමි රැකවරණය අහිමියි.

මගේ ක්‍රමය තුල යුක්තිය හා සාධාරණය මුල් තැන ගනී. අළුත්ම දැනුම අයත් "පුද්ගල පරමාධිපත්‍යය" හඳුන්වා දෙමි. ඒ තුලින් ඔබේ ජීවිත ගමන තීරණය කරන්නෙ ඔබ ය. අතර මැද, බදු අය කරන රාජ්‍ය වරප්‍රසාද ලත් සේවකයන්වත්, ආදායම් බදුවත්, බලපත්‍ර ගාස්තුවත්, සහතික/ලියාපදිංචි ගාස්තුවත්, දඩ ගසන කාපේරී පොලීසියවත්, නඩු කියන උසාවිවත් නැත. ඉහලම තාක්ෂණය යොදා ඔබේ ජීවිත ගමන අනෙක් අයගෙන් වන බලපෑමෙන් වෙන් කරමි. ඔබ දන්නේ ඔබ වැනි සමානයන් පමණක් දකින ලෝකයයි. ඔබෙන් බලාපොරොත්තුවන දායකත්වය කිසිදු බාධාවකින් තොරව ඉටු වන ලෝකයක් උදා වනු ඇත.

අද තියෙන සියලු අර්බුද වලට මුල නොදියුණු ජීවන රටාවයි. දැනුමෙන් මුහුකුරා ගිය ලොවක, නරයන් තම තිරිසන් හා අමන උරුමය අතහරිනු ඇත. අපරාධ කරන්නන් නැති ලොවක් නරයන්ට බිහි කරමි.

ඉහත සඳහන් යම බලය හා ජීවිත රකින හිරු බලය මම සැකසූ පාලන රටාවේ ආයතනික කොටස් දෙකකි. "පුද්ගල පරමාධිපත්‍යය" රැකෙන පාලන රටාවේ සියලු ආයතන පුද්ගලයන් හා කාලය මත රඳා නොපවතී. මෙය කල හැක්කේ මට පමණි. ස්වභාවයෙන් සියලු ජීවින්ට රැකවරණය දෙන පරිසරය ක්‍රියාත්මක වන ආකාරයේ දිගුවකි. මෙය අද නරයන්ගෙ නොමනා ක්‍රියා නිසා දැඩි බලපෑමකට ලක් වුවත්, ඒ බලපෑම ද මේ තුලින් ශුන්‍ය වේ. ඊට වඩා යමක් මේ අවදියේ නොකියමි. කිව්ව ද තේරුම් ගැනීමට හැකි නරයන් නැති නිසා නිශ්ඵල වෑයමකි. කෙසේ වෙතත්, මනුෂ්‍යයන් මෙන්ම පිසාචයන් පිනවීමට කරන සත්ව ඝාතන ද හිංසා ද නවතමි. අද සිදුවෙන අලි ඝාතන, ගව ඝාතන, පිසාචයන් පිනවීමට කරන සත්ව ඝාතන මෙන්ම වස විෂ යොදා, උපක්‍රම යොදා සතුන්ගෙ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම නවතිනු ඇත. මෙතෙක් එම අපරාධ කල නර වේශයෙන් සිටින අමනුෂ්‍යයන් (අමන සතුන්) ලොවෙන් තුරං කිරීම මේ බල දෙකෙන් කෙරෙනු ඇත.

 අද අපට ඇති ලොකුම අභියෝගය, අප කියන වචන, අදහස් තමන්ගෙ කරගෙන සිංහලයන් රවටන අහිගුන්ටික රැලක් කොළණි අටමගලය තුලින් රට නොමග යැවීමයි. මෙතෙක් කල් ඉවසුව ද නැවත ඉඩ නොදෙමි. මගේ කතාවෙන් උපුටා ගෙන, "පුද්ගල පරමාධිපත්‍යය" යන වචනය හෝ ඉන් ඇඟවෙන තොරතුරු තමන්ගේ ලෙස ලොවට පවසන ඕන අවලමෙක්ගේ හත් මුතු පරම්පරාව ම ලෝ දියේ ගිලී මැරෙන බව සහතික කරමි.



Sunday 15 July 2018

සිංහල ජාතිය නැවත බිහිකිරීමට නම් අමනකම (අමනුෂ්‍යකම) පැරදවිය යුතුමයි...

මම මා නොවී වෙන කෙනෙක් වී නම්, අද වෙනකොට කොතරම් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා ද කියලා හිතෙන වාර අනන්තයි. ඒ තරමට දැනෙන අභියෝගයක් තමයි මා මත පැරණියන් පටවලා තියෙන්නෙ. සිංහලයන් දිහා බැලුවම හැසිරීම කොතරම් බාල ද කියනවා නම්, වඳ වීම වලක්වන එක අපරාධයක්. ඒත් ඇයි මේ තරම් වද වෙන්නෙ? ඒකට බරපතල හේතු තියෙනවා. ඒක පසුව කතා කරමු.

අද සිංහල කියාගන්න හැම එකාම අමන සතෙක්. උපදින්නෙ හැදෙන්නෙ වැඩෙන්නෙ අමනයෙක් වීමටයි. මොකා ඉපදුනත්, දෙමව්පියන් ජීවත් වෙන්නෙ අශූචි වලක නම්, ජීවිතය පටන් ගන්නෙම අශූචි සමඟයි. අද අපේ පසු බිම ගත්තම, බලය තියෙන්නෙ ලෝකෙ ඉන්න අමනම ජාතියෙ කොළණියකයි. මේ බලය හසුරුවන්නෙ උන්ට බැලමෙහෙ කරපු අහිගුන්ටික අමන රැලයි. දෙමව්පියන් ගත්තම ඊට වඩා හොඳක් බල්ලෙක් බැල්ලියක් හරහා ලැබෙනවා. දරුවකු අමනයකු කිරීමට ලොකුම බලපෑම එන්නෙ දෙමව්පියන් ගෙන්. කාට ගැලවීමක් ද? ඊ ළඟට කෙලවෙන්නෙ එක බඩවැල කඩාගෙන ආපු සහෝදර සහෝදරියන්ගෙන්. නෑයන් මිතුරන් ඊට දෙවැනි නෑ. අනෙක් උන් ඊටත් එහා. මොකක් ද අපට වුනේ? මෙතරම් පීඩනයකට ලක්වීමට කල වරද මොකක්ද? ඇත්තටම අපි කරන්න තියෙන හැම වරදක් ම කරලයි මේ විනාශයට මුල පිරුවෙ. පටන් ගත්තෙ ඉබා ගාතේ යන අහිගුන්ටික වෙස් ගත් අමනයන්ට සංග්‍රහ කොට ලං කර ගැනීමෙන්. අන්තිමට උන් ආක්‍රමණිකයන් සමඟ එකතු වී අපට ම කෙලියා. උන් අපේ භාෂාව ජාතිය උරුමය අයින් කරලා උන්ගෙ දේවල් ආදේශ කලා. අන්තිමට උන් සිංහල. අපි උන් පස්සෙ යන අහිගුන්ටිකයන් වුනා. උන් අපේ ජන්ම උරුමය කෙලෙසා, මිශ්‍රවීමෙන් උන්ගෙ හිඟන උරුමය එකතු කලා. අද අපි අත පය හොලවලා වැඩක් ඵලක් කරන්න බැරි අලසයන් වෙලා. උන් අපේ පාලකයන් කළමණාකාරයන් අධීක්ෂයන් වෙලා. අපි උන්ව ජීවත් කරවන බැලයන් වෙලා.

අපි මුහුණ දෙන්නෙ ඉතාම බැරෑරුම් අභියෝගයකටයි. ජය ගතහොත් ශ්‍රේෂ්ටයි. බැරි වුනොත් උපදින්නෙ තිරිසන් ලෝකෙයි. ජය ගැනීමට නම්, මනසතෙක් වෙන්න ඕන. අමනයෙක් වෙන්නෙ එකම වරද නැවත නැවත කරන එකෙකුයි.  මේ සඳහා විසඳුම, අප කරන දේවල් හොඳට මතකයේ තබාගෙන, ඵලක් නොවී නම් නැවත නොකිරීමයි. මෙය ක්‍රියාවෙන් විය යුතු දෙයක්. ලොකුම අමනකම තමයි සල්ලි මුල් තැනට දමා විසඳුම් සෙවීම. බොහෝ විට රක්ෂාවක් ඒ සඳහා තෝරා ගැනීම.

ඉංග්‍රීසීන් හා කුළුපග සියල්ලන්ම පරම සතුරන් ලෙස සැලකීමෙන් අනන්ත අප්‍රමාන ගැටළු විසඳේ. ආගම් සියල්ල මේ මූසල කල්ලතෝනිකම අප මත පටවන ප්‍රෝඩාවන් ය. මනුෂ්‍යයන් වී මනුෂ්‍යයත්වය පිළිකුල් කරන්නෙ අමනසතුන් ය. උන් කරන දේ අපිත් කරමු. එවිට අප අමනසතුන් නොවේ ද?

අද මිනී මස් කා දෙවියන් පුදන අමනසතුන් (අමනුෂ්‍යයන්) ද, දස මසක් කුස දරා ලොවට බිහිකල මව අමතක කර ගැහැනුන්ට ගල් ගසා මරන්න දඟලන අමනසතුන් (අමනුෂ්‍යයන්) ද, ගස් ගල් වලින් හදාගත් රූකඩවලට දේවත්වය දී වඳිමින් පිහිට යදින අමනසතුන් (අමනුෂ්‍යයන්) ද අප හා සමාන යයි අපි සිතමු. ඒ කියන්නෙ අප ද අමනසතුන් (අමනුෂ්‍යයන්) කියා නොවේ ද? මේ සියලු අමනසතුන් (අමනුෂ්‍යයන්) ට වඩා භයානක වර්ගයක අමනසතුන් (අමනුෂ්‍යයන්) ඇත. ඒ ඉංග්‍රීසීන්ගෙ අධ්‍යාපනයෙන් බිහිවන අමනසතුන් (අමනුෂ්‍යයන්) ය. තමන් මුල් තැනට දාගෙන ලොවම නසන්නේ මුන් ය. උන් අපේ ගුරුන් ය, උගතුන් ය, මග පෙන්වන්නන් ය. අපි උන්ව දේවත්වයේ තබා උන් පසු පස යන ගැත්තෝ වෙමු. මෙවන් අමනසතුන් (අමනුෂ්‍යයන්) කොටසක් වන අප ඇසිය යුතු වන්නේ හෙණ හත වැඩී අප මක බෑ නොවුනේ ඇයි කියා නේ ද? කලබල විය යුතු නැත. එය ද අත ළඟට ඇවිත් ය.

පළමුව කල යුතු වන්නෙ අප වෙලාගෙන සිටින අමනකම (අමනුෂ්‍යකම) පැරදවීමය. ඒ සඳහා අපට අවශ්‍ය අඟ පසඟ අපේ කඳුබඩයාගේ තාරයේ ඇත. ඇසෙන් දකින දේ අවතාරයෙන් හඳුනාගන්න. කනෙන් ඇසෙන දේ අවතාරයෙන් හඳුනාගන්න. ඇඟට දැනෙන දේ ඒ ආකාරයෙන් ම හඳුනාගන්න. අප අවට ලෝකය සැබෑවයි. එය ගුරු කරගන්න. ඔබට වඩා ප්‍රබල නම් ඔවුන්ගෙ බසට කන් දෙන්න. ඔබට වඩා වැඩට දක්ෂ අයගෙන් වැඩ ඉගෙනගන්න. සහතික වලින් අඳින රෙද්දෙන් පමණක් තම අනන්‍යතාවය පෙන්වන උන් අහිගුන්ටිකයන් ලෙස බැහැර කරන්න.

ඔබ අමනකම (අමනුෂ්‍යකම) පරදවා ජය ලැබී නම්, පන්සල්, පල්ලි, දේවාල, කෝවිල්, මොස්කු, නටබුන්, පාසල් මෙන් ම කම්හල්, නගර, ගුබ්බෑයම් වැනි දියුණුව සංකේත සැබැවින් ම පරිහානියේ සංකේත බිමට සමකරන්නට සිතනු ඇත. ගුරුන් දෙමාපියන් නෑයන් මිතුරන් පමණක් නොව නරයන් ගැන ඔබට දැඩි පිළිකුලක් දැනේවි. ඒ සැබෑව දකින බවට ශාක්ෂි වේ. අපි කොතරම් මනුෂ්‍යයත්වයෙන් (මනකමෙන්) දුරස් දැයි ගින්නෙන් දැවෙන හැඟීමක් ඒවි. මෙම දැක්ම තුලින් ජීවත්වීමේ අයිතිය රකින නව පරපුරක් බිහිවෙනවා. ඒත් බහුතරයට එය අහිමියි. තේරීම ඔබ සතුයි.

Friday 13 July 2018

අද ලෝකයම අනතුරේ දාන ප්‍රශ්ණයට මුල් වෙන්නෙ අමනුෂ්‍යයන්...

අද ජීව ලෝකය ම දෙදරා යන තැනට ආවේ අමනුෂ්‍යයන් නිසා කියලා කිව්වම ඒකට විසඳුම බලි තොවිල් කියලා හිතුනා නම් ඔබ අමනුෂ්‍යයන්ටත් එහා යන සතෙක්. අද සිංහල කියාගන්න උන් ගොඩක් හිටියට, සිංහල භාෂාව, සිංහල රට, සිංහලකම තියා අඩුම තරමින් සිංහල කියන වචනෙ අරුතවත් දන්න එකෙක් මට හමු වෙලා නැහැ. පටන් ගත්තෙ සිංහලයන් ගැන පිටස්තරයකු ලෙස සොයා ගත් තොරතුරු වලින් වුවත්, ඇත්තට ම මම මේවා ලියන්නෙ දැඩි කෝපයකින්. ඒකට හේතුව, අද සිංහල භාෂාව, සිංහල රට, සිංහලකම බලෙන් නියෝජනය කරන, ඒ වගේම සිංහල ජාතිය රකිනවා කියා මරහඬ දෙන හැම එකා ම, කිසිසේත් ම ඒ ජාතිය නියෝජනය නොකරන ජාතියකට ජන්මයකට හිමිකමක් නැති, ඉබාගාතේ යන අහිගුන්ටිකයන් වීමයි. මෙය අන්තර්ජාලය හරහා කියවන උන් පවා ඒ ගොඩේ විය හැකියි. මම මුහුණ දෙන බරපතල ම අභියෝගය තමයි සිංහල උරුමය ඇති උන් හුළං බූරුවන් ලෙස හැසිරීම. උන්ට ඇති ලෙන්ගතුකම නොවන්නට වචනයකින් හෝ ඇමතීමක් නොවන්න තිබ්බා. කෙසේ වෙතත් කරන්න බැරි අභියෝග බදා ගැනීමත්, කෙසේ හෝ ජයගැනීමත් මගේ උරුමය නිසා කිසි දා අතහැරීමක් නොවේ. අද තියෙන ප්‍රශ්ණවලට විසඳුම ලබාගන්න ඕන කුජ බලයෙන්. ඒත් ඊට කලින් බුධ බලයෙන් විසඳුම ලබාගන්න උත්සාහ කිරීම සම්මතය නිසා එසේ කරනවා.

සිංහල කෙනෙක් කියාගන්න එක බොහොම ආඩම්බර එකක් වෙලා. ඒකට හේතුව දන්නෙ නැති වුනත්, බොහෝ අය දැන හෝ නොදැන සිංහල කියාගන්න දඟලනවා. සමහර විට තමන්ට පිහිට වන ඉටු දෙවියන් වැනි අයගෙ බලපෑම නිසා වෙන්න පුළුවන්. ඒකත් හරියට සමහර පාසල් වලට ලමයි දාන්න දෙමව්පියන් දඟලනවා වගෙයි. අන්තිමට ජරා වැඩට පවා පෙළඹෙනවා. අද තියෙන හැම ප්‍රශ්ණෙකම මුල මේකයි.

"කඳුබඩයා"


ඉහත මාතෘකාව ගැන කතා කරන්න වචනවල සැබෑ අරුත දක්වන්න ඕන. අද මනුෂ්‍යයන් කියන්නෙ එක සත්ව විශේෂයකට. මේක වැරදි භාවිතයක්. අපි ඒ සතාව හැඳින්වීමට සුදුසු ආකාරයක් සොයන්න ඕන. මේ සතා මුල් කාලේ හිටියෙ තිරිසන් සතෙක් ලෙසයි. ඒ කාලෙ උන් ඔක්කොම අනෙක් සතුන් වගේ තිරිසන්කම මුල් කරගත් ජීවන රටාවට අයත්. උපතින් උපතට නොවෙනස් වන තිරිසන් සත්ව වර්ගයක්. අපි උන්ට උන්ගෙ නිජබිම වන දකුණෙ කඳුබඩ ප්‍රදේශය මුල් කරගෙන "කඳුබඩයා" කියමු.

"නරයා"


එක්තරා කාල සටහනකට අනුව මේ "කඳුබඩයා" බාහිර බලපෑමකින් තමන්ගෙ ජීවන රටාව වෙනස් කිරීමට ලක් වෙනවා. ඒකෙදි මේ බාහිර බලපෑමකින් තමන්ගෙ ජීවන රටාව වෙනස් කිරීම වෙන්නෙ තමන්ගෙ හැකියාව මත නිසා, අද ඒ සත්ව සමාජය ගත්තම, "කඳුබඩයා" ජීවත් වූ තිරිසන් ආකාරයට වගේම ඊට වඩා වෙනස් ආකාරයට ජීවත් වන අය සිටිනවා. මේ විවිධත්වය පෙන්වන සත්වයන්ට අපි "නරයා" කියමු.

"නරයා" ගත් කල එකම ස්වරූපයක් තුල, විවිධ ජීවන රටා ඇති සත්ව වර්ගයක් නිරූපණය වෙනවා.  නරයා ගත්තම,  තිරිසන්කම මුල් කරගත් ජීවන රටාවට සාපේක්ෂව අන්ත දෙකකට යන ජීවන රටා  පෙන්වනවා. එක අන්තයකට යන ජීවන රටාව පෙන්වන නරයන් තිරිසන්කම කියන ජීවන රටාව තුල ඇති ආකාරයෙන් කොටසක් අතහැර ජීවත් වෙනවා. අනෙක් අන්තයට යන ජීවන රටාව පෙන්වන නරයන් තිරිසන්කම කියන ජීවන රටාව තුල ඇති ආකාරය ඊටත් වඩා දැඩිව ක්‍රියාත්මක කරනවා. මේ වෙනස් වීමට මුල් වන්නේ ඉහත සඳහන් කල එක්තරා කාල සටහනකට අනුව බලපාන බාහිර බලපෑම හරහා ගොඩ නැගෙන දැනුම ලෙස ගත හැකියි.

මන, අමන, මන+සතා (මනුසතා) හා අමන+සතා (අමනුෂ්‍යයා)


අද සිංහල භාෂාව පරයන් විනාශ කරලා සුන් බුන් ලෙස පමණයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඉතා වැදගත් වචනයක් වන මන හොඳටම අච්චාරු වූ වචනයක්. ඒත් අමන කියන වචනය පරයන්ට නොතේරුන නිසා, තවම යම් තේරුමක් රැඳී තියෙනවා. මන කියන්නෙ අමන කියන අන්තයට ප්‍රථිවිරුද්ධ අන්තයටයි.

සතා කියන්නෙ සැබෑ+තා වැනි අදහසක්. ඒක මේ ලෝකයට සාපේක්ෂ එකක්. අප ගත්තම විවිධ සතුන් ලෙස උපදිනවා.  ඉන් එකක් තමයි "කඳුබඩයා" ලෙස හෝ "නරයා" ලෙස ඉපදීම. මේ හැම සත්ව කොටසකම මුල් අවදිය "නවක" ස්වරූපයක් ගන්නා අතර, නැවත නැවත ඉපදී "පළපුරුදු" ස්වරූපයක් ගන්නවා. ඇත්තටම ඒ තුලින් ඒ සත්ව ශරීරය ජීවත් කරවීමට ලබන හැකියාව තමයි මෙහි සඳහන් වෙන්නෙ.

සත්ව ශරීරය ජීවත් කරවීමට ලබන හැකියාව නිසා ඒ වර්ගයේ හැම සතාම එක ගොඩකට දැමීම වැරදියි. උදාහරණ ලෙස බල්ලා ගතහොත් හපාකන උන්, බුරන උන්, භයේ දුවන උන්, වල්ගෙ වනන උන්, ලෙවකන උන්, දෙපා මුල වැතිරෙන උන් වගේ විශාල පරාසයක ඉන්නවා. මින් හොඳම බල්ලා තමයි "මේ හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කරන එකා. මේ බල්ලා මන-බල්ලෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් බුරන්න ඕන තැන පැන දුවන, දුවන්න ඕන තැන හපාකන්න හදන බල්ලනුත් ඉන්නවා. බොහෝ විට උන් මරණයට ලක්වෙනවා. එවැන්නන් අමන බල්ලන් ලෙස සලකන්න ඕන. මරණය කාටත් තද පාඩමක් කියා දෙනවා. ඊ ළඟ උපතේදී ඊට පිළියම් ලෙස අළුත්වීමක් දකින්න පුළුවන්. මෙසේ මැරි මැරී ඉපදී ඉගෙන ගන්න පාඩම් තුලින් මන-බල්ලෙක් වීම හැම බල්ලාගෙම වගකීමයි. එහෙත් සමහර බල්ලන් හැමදාම එක තැන ඉන්න බවත් කියන්න ඕන. ඒ තමන් ලබන අත්දැකීම් අමතක කිරීමෙන් වෙන දෙයක්.

ඉහත කී බලු කතාව හැම සතාටම අදාළයි. ඒ කියන්නෙ හැම සත්ව වර්ගයකම අන්ත දෙකක් ලෙස මනසතා හා අමනසතා යන වචන දෙක යොදන්න ඕන.

කඳුබඩයා ගත්තම විශේෂත්වයක් තියෙනවා. ඒ අනෙක් හැම සත්වයාටම පොදු ලක්ෂණ වන ආවේණික සත්ව චරිතය නැතිවීම. එය උගේ බිහිවීමට පදනමයි. මේ සතා ජීවත්වීමට බාහිර දැනුම භාවිතා කලයුතුමයි. සමාජයෙන් මේ දැනුම ලැබෙනවා. මේ සත්ව වර්ගය ගත්තම මේ සුවිශේෂ උරුමය නිසා ජීවත්වීම අභියෝගයක් ලෙස මෘදු බවක් පෙන්වනවා. අද තියෙන කඳුඩයාගෙන් ගොඩ නැගුණු නරයන් ගත් කල නරයන් ලෙස උපදින්නෙ  කාලයට ගැලපෙන නරයන් පමණක් නොවෙයි. ඊට අමතරව අනෙක් සත්ව වර්ගයන්ගෙ තලයේ ඉන්න ඒ සත්ව තලය දක්වා අවතාරික උරුමය හිමි සත්වයන් ගොඩක් නර තාරය තුලින් නියෝජනය වෙනවා. මේක තාවකාළික අත්හදා බැලීමක්. ඒ සඳහා මන-සත්වයන් මෙන් ම අමන-සත්වයන් ගොඩක් නරයන් ලෙස උපත ලබලා. අති බහුතරය අයත් වෙන්නෙ  අමන අවස්ථාවේ හිරවුන සත්වයන්ගෙන්. උන් නර තාරයෙන් හැසිරෙන කොට, "හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කෙසේ වෙතත්, තමන්ගෙ සැබෑ සත්ව තාරයට හිමි දැනුමවත් ලබා නැති නිසා, අද ලෝකයම අනතුරේ දාන ප්‍රශ්ණයට මුල් වෙන්නෙ මේ අති බහුතරයයි.

මේ අමන-නර බහුතරය අතර මෙය කියවන අමන ඔබ ද සිටින බව කිව යුතුයි. ඉන් අදහස් කලේ ඔබ ද ජීවත්වීමේ අභියෝගයට මුහුණ දීමේ දී "හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කෙසේ වෙතත් අමනයන් ලෙස පැනයන උන් වීමයි. සමහර උන් දරුවන් ඉදිරියට දමා උන් වෙනුවෙන් කියා සැඟවෙන නපුංසකයන් ය. නැත්නම් හොඳ තැන් සොයා උපන් තැන හැර ගොස් අනාගන්නා සරණාගතයන් ය. එසේම අමන නරයන් පිරිවරාගත් "ශ්‍රී ලංකා" හිඟන කොළණියේ ලබන අමන මග පෙන්වීමෙන් මුලා වීම නිසා අනාගත් උන් ය. මේ තත්වය දිගටම පවතින තෙක් උන් අමන නරයන් ලෙස හැසිරේවි. ඉන් ගැලවීමට නම්, මේ අමනකම පරදා තමන්ගෙ තීරණ ගැනීම ය. මම ද මේ අභියෝගයට මුහුණ දුන්නෙමි. එය නරයන් ලෙස අප කාලෙන් කාලෙට මුහුණ දෙන අභියෝගයයි. දැන් උදාවී ඇත්තේ එවැනි තීරණාත්මක කඩඉමකි. මෙය ජීවිතය ද මරණය ද යන අන්ත දෙක පමණක් ඇති තේරීමකි. එහි බලගැන්වෙන නීතිය නම් "නරයකු වීම අමනසතුන්ට අහිමි ය" යන්නයි. අමන සතුන් ඉවත් කිරීම සඳහා සියල්ල සූදානම් බව මම දනිමි. මනසතුන් රැකෙනු ඇත.

සාරංශය ගත් කල අමනසතුන් (අමනුෂ්‍යයන්) මරණයට පත්වීම නියතයි. ඔබ එවැන්නෙකු නම් ගැලවීමක් නැහැ. අන්තිමට මනකම (මිනිස්කම) නැවත ආරම්භයේ පදනම වනු ඇත. එය එසේ වන බව තහවුරු කිරීම මගේ වගකීමයි. ඔබ මනසතෙක් (මනුෂ්‍යයෙක්) නම්, මා හමුවී රැකෙන්න. මෙය යුගයෙන් යුගයට වෙන වෙනසක් ලෙස දිගු කලක සිට කරන පිරිසිදුකිරීමකි. අමනසතුන්ට එය ලෝක විනාශය ලෙස පෙනෙනු ඇත.

Sunday 8 July 2018

සිංහල ජාතික උරුමය නැවත ගොඩ නැගීමට පුළුවන් එකම කෙනා (පියකෙනා) මම ලෙස පැරණි සිංහලයන් කාටවත් වසං කල නොහැකි අනාවැකියකින් කීමට තරම් එඩිතර වූයේ ඇයි?

සිංහල අනාවැකිය විකෘර්ථි කර තිබුනු සමයේ එහි ඇති අනන්‍යතාවය නිසා මම ඒ ගැන විශ්මයට පත් වුනා. ඒත් මම කවුද කියලත් දී ඇති තොරතුරු මගේ උපත වීමත් නිසා, අද මට ඒ ගැන කිසිදු සැකයක් නැත. සිංහලයන් ඉන්න තැන ගත් විට, වඳ වීමෙන් මිදීමට නම්, හිර වී ඇති ඉංග්‍රීසි පාලන රටාවෙන් මිදීම මෙන් ම ඉංග්‍රීසීන් ගොඩනගා ගත් තාක්ෂණයෙන් දුවන ජීවන රටාව ද පැරදවීම අත්‍යාවශ්‍යයි. නොඑසේ නම්, ඉංග්‍රීසීන් මෙන්ම උන්ට නතුවන සියල්ලන් විනාශ කර මේ ලෝකෙන් තුරං කිරීමට, උන්ට ගැලවෙන්න බැරි සේ කොටු කරපු ඉංග්‍රීසිකම තුල ගිලී කෙළවර වනු ඇත. මෙය ඉංග්‍රීසීන් උපයාගත් අවතාරික උරුමයයි. මෙය උන් මත පැටවූ දඬුවමකි. මරණයෙන් කෙළවර වන මිහිපිට අපාගත ජීවිතයක් දෙන එකක් බව මම ද හොඳින් දනිමි. මෙය කෙබඳු මර උගුලක් දැයි දන්න මට නම් එයින් මිදීම සුළු දෙයකි. එහෙත් ඔබට හිතාගන්නවත් බැරි බව දනිමි.

දැනුමෙන් හා තාක්ෂණයෙන් ඔවුන් මට වඩා කොතරම් බාල ද කියනවා නම්, මම කියන දේවල් ඔවුන්ට IMPOSSIBLE (කවදාවත් කල නොහැකි) දේවල් ය. දහස් ගණනින් ආචාරීන් බිහිකිරීමට දායක වන මගේ දැනුම හරියට තේරුම් ගැනීමට පුළුවන් එකෙක් මිහිපිට නැත. කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වා ඇති මට පැරණි සිංහලයන් කොතරම් නිවැරදි දැයි තේරෙනවා.

මෙතෙක් රට පාලනය කල, ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කර හිඟාගත් තනතුර තුල හිරවී අදත් පැන ගිය ඉංග්‍රීසීන් කරපු දේවල්ම කරමින් රට වලට ම දමා ඇත. උන් නැවත නැවත බලයට පත් කරගෙන කබලෙන් ලිපට වැටුනු වාර ගණන ගත්තම මනක් ඇති සතෙක් උන් පසුපස යන්නේ නැත. සිරිසේනලා චන්ද්‍රිකාලා රනිල්ලා වගේම ඔවුන් වටා ඉන්න සිංහල විරෝධී අහිගුන්ටිකයන් ගත්කල,  ඔවුන්ට කල හැකි දේවල් ඔබට දිරවා ගත නොහැකිව දඟලන නිසා ඒ ගැන කිව යුතු නැත.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරදවීමට දේශප්‍රේමය මවා පා සිංහල උන් බිල්ලට දී, සිංහල උන් ලබාගත් එකම දේ, ගරා වැටෙන ඉංග්‍රීසි කොළණි පාලනයට නව පණක් දීම පමණි. රාජපක්ෂ සහ සමාගම රටේ සම්පත් මංකොල්ල කෑවේ රොබට් බ්‍රව්න්රිග් ද පරදවමිනි. ඔබේ දෑතින් කල හැකි දේ පරයන්ගෙ ශ්‍රමයෙන් හදා, දස අතේ ණය වී, ලබාගත් හොර සල්ලි ඒ තුලට ම රිංඟවා රටවැසියන් මත පැටවීම හෙණ ගහන අපරාධයකි. තව සැරයක් බලයට ආවොත් ඔබට රටක් නැති අවලමුන් ලෙස සරණාගත වේශයෙන් මුහුදට පැනීමට වන බව ස්ථීරයි.

මෙතෙක් රට පාලනය කල ඉබාගාතේ යන අහිගුන්ටික අධමයන් රැල රටට ජාතියට කමට කල සියලු පාඩු පියවා, ලොව ඇති ඉහලම තාක්ෂණයෙන් ඔබේ දෑත සවිමත් කර, ඔබේ මහන්සියෙන් ගොඩ නගන, ඔබට හිමි දියුණු රටක් බිහිකිරීම මට සුළු දෙයකි. දියුණු කරන මුවාවෙන් පරිසරය නසා, රටම ජීවත්වීමට නුසුදුසු තැනක් කරන මුන්ගෙ මග ගියොත්, පරයන් හදන මලකඩ තාක්ෂණයේ දරසෑ මත ඔබ බැලයන් වනු ඇත. තේරීම ඔබ සතුයි.

අද සමහර බත් බැලයන් යුරෝපය, ඇමෙරිකාව, ජපානය, හොංකොං, චීනය, සිංගප්පූරුව දියුණු රටවල් යයි කියති. කොන්ක්‍රීට් ගොඩවල් ගැසීම ඕන බූරුවෙකට කල හැක. ඒත් ඒ කිසිවක අයිතියක් රටේ බහුතරයට නැත. උන් දාසයන් ය, එදා වේල කන්න ජීවිතය පුදා බැලමෙහෙ කරන වහළුන් ය. මෙය මනුෂ්‍යකම නොවේ.

ඔබලාගෙ රට වැටී ඇති වලෙන් ගොඩ ගෙන ඔබලාට හිමි ජීවිතය ලබා දිය හැකි එකම කෙනා මම වෙමි. මම බලෙන් කිසිවක් නොදෙමි. ඕන නම් ඉල්ලිය යුතුයි. එය කොන්දේසි මත දෙමි. මනුකම මගේ පදනමයි. මෙය මහසම්මත මනු ලෙස සැකසු රටාවයි. දැන් එහි ඊ ළඟ පියවර ක්‍රියාත්මක කරමි. කැමති අය ඉදිරියට ආ යුතු කාලයයි. ඉතිරි අයට මනු උපත අහිමියි.

තමන් ගත කරන ජීවිතය ගැන ආඩම්බර විය හැකි, ඉන් ලෝකයටම සෙතක් සලසන මනුෂ්‍යයන් වීමට නම් මගේ පිහිට ඔබට අවශ්‍යයි. නිල ලත් මැරයන් හා පාතාලයන් අතර හිරවී මර බියෙන් ගෙවන ජීවිතය ඉංග්‍රීසි උරුමයයි. ඉංග්‍රීසි පාලනය මැර බලය යොදා පාලනය කිරීමයි. ඒ බලය ගොඩ නගා ඔබ ත්‍රස්තවාදයට නතු කිරීමට ඉංග්‍රීසීන් කාපේරීන් මැරෑටියන් ද්‍රවිඩයන් මැලයන් ගෙනා හැටිත් උන්ගේ ම්ලේච්ඡත්වය ගැනත් ඉංග්‍රීසීන් ලියා ඇති සටහන් කියවීම ලේ කෝප කරයි. අදත් ඔබ හිරවී ඇති මැරවාදී රාජ්‍ය පාලනය එයයි. ඔබ ඉන් මුදවා ගෙන ඊට විකල්ප පාලන රටාවක් ගොඩ නැගිය හැකි එකම කෙනා මමයි.

මම සම්මතයේ පිහිටා කැමැත්තට අනුව ජීවිතය ගෙන යාමට ඉඩ දෙන පියකෙනායි. තේරීම ඔබ සතුයි. පරෙස්සමෙන් තෝරන්න. ඔබ ඇතුව හෝ නැතුව මම මේ ගමන යමි. මගේ මග පෙන්වීම ඔබේ ගිනි නිවා ලනු ඇත.

Friday 6 July 2018

මනඃකල්පිතයක් ලෙස සලකන සිංහලේ පාලනය අතට ගමු...

හුඟ කාලෙකට පස්සෙ මේකෙ මොනවා හරි ලියන්න හිතුවෙ. පහුගිය කාලේ ජරාම සමාජ ජාලය වන සකර්ගෙ ඵේක්බුක් එකේ ලියපු දේවල් මේකෙ ලියන්න බැරිවීම කණගාටුවක්. අඩු තරමින් ඒ දේවල් එක තැනක තිබ්බා නම් මතු ප්‍රයෝජනයට හොඳයි. අනුන්ගෙ ඉල්ලීමට සකර්ගෙ ඵේක්බුක් එකේ ගත කල කාලය නැවත නොලැබුනත්, මම ලියපු හැම දේම මගේ දැනුම නිසා, ඒක කවදාවත් මගේ අවතාරික උරුමෙන් මැකෙන්නෙ නෑ. ඔබත් මම කියන දේ වුව දැන, තම උත්සාහයෙන් ප්‍රගුණ කලොත්, එය ඔබේ අවතාරික උරුමය ලෙස රැඳී ඔබේ අනාගතයට මග පෙන්නාවි.

අද වන විට රටට අනාගතයක් නෑ කියලා ඔබට පෙනේවි. ඔබ පවතින රටාවෙ හිමිකාරයෙක් නම්, රටට නොව ඔබට අනාගතයක් නෑ කියලා සිතන්න. ඒකයි යථාර්තය. අද පවතින ජීවන රටාව අයිති සංක්‍රමණිකයන්ගෙ ශ්‍රමයෙන් එය ගොඩ නැගූ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්ටයි. එය අද ඉන්න "අනාගතයක් නෑ කියන" තැනට ගෙන ඒම, මම නොහිටියා නම් නොවෙන දෙයක්. ඒ අතින් සතුටු වුවත්, දැන් තමයි අපේ වගකීම උච්ච වෙන්නෙ.

පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව බිඳ වැටෙන කොට ඒ සමඟ බැඳුනු සියල්ල ම නැසෙනවා. බලය යොදා ලබා දුන් අධ්‍යාපනය හා හීලෑ කිරීම තුලින් අපත් ඔවුන් සමඟ නැසෙනවා. ඒකට විකල්පයක් ලෙස අපට අවශ්‍ය අපේ උරුමයට ගැලපෙන ජීවන රටාවක් මම සකසා හමාරයි. දැන් එය ක්‍රියාත්මක කරමු.

මේ ලිපිය ලිවීමට මුල් වුනේ අද ලංකා සී නිවුස් පච ජාලයේ ගිය කතාවක්. රට හරි මගට ගන්න තිබුනු අවස්ථාව අකා මකා දමා, රට කාපු, රාජපක්ෂ සහ සහෝදර සමාගම කිසිම හිරිකිතයක් නැතුව, නැවත සිංහලයන් රවටා බලය ගෙන රට විනාශ කිරීමට දඟලන හැටි දැක්කම හිතුන දේවල් මේකෙ ලියන්න බැරි තරම්. ඔවුන්ගෙන් වැදගත්කම ලැජ්ජාව බලාපොරොත්තු වෙන්න එපා.

ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, සිංහල වෙස් ගෙන අටවා ගත් හිඟන ව්‍යාපාර රැකගන්න නොකරන දෙයක් නෑ. ඒත් මගේ වගකීම ඒ සියල්ල අහිමි කර නැවත ඔවුන්ගෙ උරුමය වන ඉබාගාතේ යන අහිගුන්ටිකකම ඔවුන්ට දීමයි. එවිට හිඟමනට වැටී ඇති සිංහලයන් ධනවත් බලවත් මනුෂ්‍ය ජාතියක් වෙනවා.

රටේ සම්පත් හොරා ගෙන, රටේ මිනිසුන් ගොනාට අන්ඳා තමන්ගේ හිඟන ව්‍යාපාරවලට ලබාගත් විදේශ මුදල් ඔබේ ගැහැණුන් පරයන්ට කඹුරා උපයන සොච්චමින් ගෙවන තැනට ඔබ රැවටූ වසලයන් පලවා හැර, මනුෂ්‍යයන් ලෙස ඔබට ජීවත්වීමට ඇති අයිතිය මෙන්ම අනෙක් ජීවීන්ට අහිමි වූ ජීවත්වීමේ අයිතිය ලබා දෙමු.

රටේ පාලනය වෙනස්වීමට තිබුනේ 2016 වුවත් බලපෙරේතයන් වන රාජපක්ෂ සහ සහෝදර සමාගම කල නීච වැඩට දඬුවම් කිරීමට සිදු වූ නිසාත්, කමකට නැති බුකියන් සමඟ කාලය ගත කල නිසාත්, එම කාලසටහන වෙනස් වුනා. තවත් කල් දැමීමට කාලයක් නැති නිසා, මෙය අවස්ථාව කර ගමු.

වෙනත් විදියකට කියනවා නම් රටේ පාලනය අප සතු කර ගනිමු. එසේ නොවුනත්, ඔබට තේරෙන බසින් කියනවා නම්, එළඹෙන ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා යයි සිතන්න. බලය ගන්නේ මට ම ආවේනික ක්‍රමයකට වුව, ඔබට තේරෙන බසින්, මම සිංහලයන් වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ යයි සිතමු.

පවතින ඉංග්‍රීසි කොළණි පාලනය තුල බලය පතුරුවා ගෙන සිටි බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම, 2013 පල වූ අනාවැකියකට බියෙන් ඡන්දය කලින් තබා පරාජය වූවාට අමතරව, ප්‍රථිවාදියා ඡන්දයට ඒමෙන් වැලකීමට ද්විත්ව පුරවැසිභාවය ඇති අයට දේශපාලනය තහනම් කිරීමට තරම් සක්කිලි විය. එහෙත් අද ඔවුන්ගෙ බැලයකු කියන්නෙ "ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය." ලෙස ය. අනුන්ට කැපූ වලේ වැටි දඟලන බලපෙරේත රාජපක්ෂ සහ සහෝදර සමාගම ඒ තුලින් ම නැසෙන බව සහතික කරමි. අදාළ පච නිව්ස් ලිපිය අලවන්නේ දැන් උන් කියන පච පවා අන්තර්ජාලයෙන් ඉවත් කරන නිසා ය.

මම නිසි කල, නිසි තැන, ඔබට දෙන පාලන රටාව ගැන සියලු විස්තර දෙමි. මම කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් වෙමි. එය හොඳට මෙන් ම නරකට පොදු ය. ජීවත්වීමට හැම ජීවියකුටම ඇති අයිතිය රකිමි. එසේ ම යමෙකුගෙ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට මාන බලන උන් එල්ලා මැරීම මම දෙන අවම දඬුවමයි. ඔබට මින් වන යහපත නම්, බැලයකු වහලකු යාචකයකු නොවී මනුෂ්‍යයකු ලෙස ජීවත්වීම අයිතියක් වීමයි. අද එය අහිමි කර ඔබ පැගීමට යොදන කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට වඩා සියදහස් ගුණයකින් ක්‍රියාත්මක වන සක්‍රීය බලයකි. ඔබට නිදි යහනෙන් උදෑසන හිරු උදාව සමඟ නැගිටීම සහතික කරන බලයකි. කුසගින්න ගැන සිතා කල් ගත කිරීම බැහැර කරන්නකි. ලෙඩ රෝග වලට යන වියදම් සිතින් අතහරින ක්‍රමයකි. ඔබ ඉගෙන ගන්නෙ ඔබේ ජීවත්වීමට අවශ්‍ය දේ ය. ඔබ කරන්නෙ ඔබේ යහපතට හේතු වන දේ පමණි.

මගේ විසඳුම මෙතෙක් මනුෂ්‍යයන්ට නොදුන් නව තාක්ෂණික දැනුම හරහා ය. මට හැර කිසිවෙකුට ඒ ගැන කතා කරන්නටවත් හැකියාව නැත. ඉබාගාතේ යන අහිගුණ්ටිකයන් සිංහල වෙස් ගෙන දියසේන කියන විකෘර්ථි නම හරහා මනඃකල්පිතයක් කිරීමට දැඟලූ ඒ සිංහල උරුමය සැබෑවක් කරමි. සිංහල කම, සිංහල භාෂාව මෙන් ම සිංහල රට ද මගේ උත්සාහයේ ඵලයකි. එය රැකීමත් ඉදිරියට ගෙන යාමත් මගේ කාරියයි. මම දෙන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිංහලයකු වීම ඔබ තෝරා ගත යුතුයි.

ඔබ සිංහලයකු වීමට තරම් දියුණු තැනක සිටී නම්, දැන් ඉදිරිපත් වෙන්න. එහෙත්, පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව තුල කිමිදී ඉන් යැපෙන අය අනවශ්‍යයි. ඔබ මුදල් මත පමණක් යැපේ නම් හෝ දේශපාලකයන් හෝ දේශපාලන කටයුතු වල යෙදී හිටියා නම් හෝ මට ඔබ අනවශ්‍යයි. රට විනාශ කරන ඉහඳ පණුවන් වන රාජ්‍ය සේවකයන් සේ ම, රට නසන දේශපාළුවන් රකින කාපේරී මැරෑටි ද්‍රවිඩ මැලේ රාජ්‍ය පාතාල බලයට අයත් වහළුන් ද මට එපා. එසේ ම, ඉංග්‍රීසී වහල් අධ්‍යාපනයෙන් උගතුන් ලෙස සහතික දරණ, මන්ධ බුද්ධික අම්ඹරුවන්ද මට එපා. මම සොයන්න, මම මෙන් ම පවතින ඉංග්‍රීසි කොළණි ජීවන රටාව සහමුලින් ම ප්‍රතික්ෂේප කරන අයයි. ඔබත් එවැන්නකු නම්, එන්න මා සමඟ එකතු වෙන්න. ඔබ ද පිදුම් ලබන මනුෂ්‍යයකු වනු ඇත.

පරයන්ගෙ පසු පස යන සුනඛයන්ට උන් ලොකු වුනාට, උන්ගෙ නීතියෙන් රැකවරණ පැතුවට, පරයන්ගෙ පුරවැසිකම මට නම් බලෙන් දුන් යදමකි. සිංහලයන් වෙනුවෙන් එය අතහැරීම සුළු දෙයකි.


බාහිර දත්ත:


ගෝඨාභය නීතියට උඩින් ද?

July 6, 2018 at 12:02 am | lanka C news
 
“ගෝඨා භය“ නමැති රෝගයෙන් පෙලෙන ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ චෝදනා නගති.  එහි ඉදිරියෙන්ම සිටින්නේ ජනපති සිහිනයෙන් පෙලෙන සිල් බිඳ ගත් ඇමතිවරයෙකි.  ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා ගණනාවක් නගයි.  අපි ඒ එක් එක් චෝදනාවට පිලිතුරු නගමු.
ගෝඨාභය මහතා කිසිම දිනක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නොහැකි වුණු බවත් ඔහු නීතියට උඩින් සිටින පුද්ගලයෙකු බවට පත් වී සිටින බැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය බිඳ ඇති බවත් මෙම ඇමතිවරයා පවසයි.  නමුත් ඇත්තෙන්ම සිදු වූයේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි.
මෙම ආණ්ඩුව තමන්ට අනාගතයේ තර්ජනයක් විය හැකි ප්‍රධානතම පුද්ගලයින් දෙදෙනා ලෙස හඳුනා ගත්තේ හිටපු ජනපති මහින්ද මහතා සහ ගෝඨාභය මහතා යන යුද ජයග්‍රහණයේ නියමුවන් දෙදෙනාය.  එබැවින් ජනපතිවරණ දෙකක් ජයග්‍රහණයක කළ පුද්ගලයෙකුට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කර මහින්ද තර්ජනයට තිත තැබීය.  ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි කලේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙනය.  නමුත් ඔහු ඇමෙරිකානු පුරවැසිකම අත්හැරියොත් ජනපතිවරණයට තරග කළ හැකි වේ.  එබැවින් බටහිර බලවතුන්ගේත් වත්මන් ආණ්ඩුවේත් පළමු ඉලක්කය බවට පත් වුණේ ගෝඨාභය මහතාය.

ඇවන්ට්ගාඩ් යනු ජාතියට විදෙස් විනිමයත් විශ්‍රාමික රණවිරුවන්ට රැකියාත් ලබා දෙන ලොවට නැවුම් සංකල්ප ගෙනා සමාගමකි.  ජාතියේ ධන නිධානය ලෙස සම්මාන ලැබිය යුතු මෙම සමාගම බිහි කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස ආණ්ඩුව හුවා දැක්වූයේ ගෝඨාභය දඩයම සිතේ තබා ගෙනය.  ඒ අනුව ඇවන්ට්ගාඩ් සමාගමට එරෙහිව දඩයම ඇරඹුවේ  ආණ්ඩුව බලයට පැමිණ මාසයක් ඇතුලතය.  ඉන් පසු සෝද සෝදා මඩේ දමන වසර 12ක් පුරා වංචාවක් සිදු වී නොමැති බවට තාර්කිකව කරුණ දක්වා ඇති මිග් ගුවන් යානා මිළ දී ගැනීම මහ වංචාවක් බවට පත් විය.

මීට පෙර අප විසින් කරුණු දක්වා ඇති පරිදි හුදු වාණිජමය ගනුදෙනුවක් වුණු ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීම ද අපරාධ වරදක් කෙරිණි.  එයින් ද ආණ්ඩුව සෑහීමකට පත් නොවිණි.  එජාප නායකයින් විසින්ම අතීතයේ දී වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු දෙදෙනෙකුට චෝදනා එල්ල කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම සඳහා හදිසියේම ගෝඨාභය මහතා චුදිත විය.  අපරාධ නිර්මාණ කරමින් ද ලංකාවේ අපරාධ නඩු ක්‍රියා පටිපාටිය අළුතින් ලියමින් ද මෙම නඩු ගොනු කඩිමුඩියේ සැකසිණි.  ඒ අනුව සුරංගනා කතා බඳු බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර උසාවියේ ගොනු කෙරිණි.

තමන් නොකළ වැරදි ගොන්නකට තමන්ට දඬුවම් විඳීමට සිදු වන බව ගෝඨාභය මහතාට පෙනිණි.  විධායකය විසින් පොලීසිය සහ නීතිපති සමග එකතු වී  නීතිය නැමීම ඉහළ අධිකරණයේ දී අභියෝගයකට ලක් කළ යුතු බව සමාජයේ පොදු පිලි ගැනීම විය.  ඒ අනුව අධිකරණයේ ගොනු කළ බී වාර්තා සහ අධිචෝදනා පත්‍ර මෙන්ම අසාධාරණ අත්අඩංගුවට ගැනීමේ සූදානම ද ඉහළ අධිකරණයේ දී අභියෝගයට ලක් කෙරිණි.
ඉහළ අධිකරණයක් විසින් පහළ අධිකරණයක් හෝ විධායකය විසින් ගත් තීරණ නැවැත්වීම, අත්හිටුවීම හෝ සංශෝධනය කරන්නේ එහි නීතිමය දෝෂයක් ඇත්නම් පමණි.  ඉහළ අධිකරණ තුල සිටින්නේ රටේ ජ්‍යෙෂ්ඨතම විනිසුරන්ය.  ඔවුන් තීන්දු ලබා දෙන්නේ ද විනිසුරන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් එක් වීය.  එබැවින් විධායක සහ පහළ අධිකරණ තීන්දු වලට වඩා ඉහළ අධිකරණ තීන්දු තුල තාර්කික බව දැකිය හැකිය.
ගෝඨාභය මහතා වෙනුවෙන් නිකුත් කළ තහනම් නියෝගයින් පෙන්වන්නේ ලංකාවේ අධිකරණය තවමත් ආණ්ඩුව පවසන අයුරින් දූෂිත නොවන බවයි.  මන්දගාමි ද නොවන බවයි.  දේශපාලන පලි ගැනීම් වල ගොදුරු වන අයට අධිකරණයෙන් සහනයක් ලැබිය හැකි බවයි.  අනිත් අතට රටේ අධිකරණය දූෂිත හෝ මන්දගාමි නම් ඊට වගකිව යුත්තේ ද වත්මන් ආණ්ඩුවයි.  යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ සියළුම වැදගත් තනතුරු පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවයි.  එකී සභාවේ සිටින සාමාජිකයින් හත්දෙනෙකු නිල හෝ නොනිල ලෙස ආණ්ඩුවේ සාමාජික දේශපාලකයින්ය.  ඉතිරි තිදෙනා අගමැති සහ ආණ්ඩුවට කීකරු විපක්ෂ නායක විසින්  සාමුහිකව තෝරා ගත් අයයි.  වත්මන් අගවිනිසුරු ද ඉහළ අධිකරණයන් හි බහුතරයක් විනිසුරුවරුන් ද පහළ අධිකරණයන්ට විනිසුරුවරුන් පත් කරන අධිකරණ සේවා කොමිසමට සාමාජිකයින් ද පත් කර ඇත්තේ ආණ්ඩුවයි.

එමෙන්ම යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියේ මී ළඟ වැදගත්ම තනතුරු වන නීතිපති සහ පොලිස්පති පත් කර ඇත්තේ ද මේ ආණ්ඩුවයි.  එබැවින් යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය දූෂිත හෝ මන්දගාමි නම් ඒ පිළිබඳ වගකීම භාර ගත යුත්තේ ද ආණ්ඩුවයි. විනිසුරන් තමන් රිසි අයුරින් නඩු තීන්දු ලබා නොදෙන විට අධිකරණයට දූෂිත යැයි පැවසීම වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෝස්තරයකි.  ඒ අතර ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික ඇමතිවරුන් ද සිටීම ඇත්තෙන්ම හාස්‍යජනකය.

ගෝඨාභය මහතාට එරෙහිව නගන දෙවන තර්කය වන්නේ ඔහු සැබැවින්ම දේශප්‍රේමි නම් ජනපතිවරණ අපේක්ෂකයා වුණත් නැතත් ඔහු සිය ඇමෙරිකානු පුරවැසිකම අත් හළ යුතු බවයි.  යමෙකුගේ දේශප්‍රේමිත්වය මැනිය යුත්තේ ඔහු රට වෙනුවෙන් කෙතරම් අභීතව පෙනී සිටී ද යන්න මත මිස ඔහුගේ දෙවන පුරවැසිකමෙන් නොවේ.  ජනපති මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ ලොව බලගතුම ත්‍රස්තවාදයෙන් මව්බිම පුදා ගැනීමට නායකත්වය ලබා දුන්නේ ඔහුය.  කොටි ත්‍රස්තවාදය රැක ගැනීමේ අරමුණෙන් බටහිර රටවල් විසින් සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස ලංකාණ්ඩුවට බලපෑම් කරන විට එකී බලපෑම් වලට සෘජුවම ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පීඩනයට එරෙහිව ඉදිරියෙන්ම සිටියේ ඔහුය.
සටන් විරාමයක් ප්‍රකාශ කරන ලෙස බලපෑම් කිරීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ට ශ්‍රී ලංකාව තව දුරටත් ඔවුන්ගේ යටත්විජිතයක් නොවන බව සිහිපත් කලේ ගෝඨාභය මහතාය.  කොටි වෙනුවෙන් පෙනී සිටි ඇමෙරිකානු ආණ්ඩුවට එවැනිම කර්කශ ප්‍රතිචාරයක් දැක්වීමට ඔහුට සිය ඇමෙරිකානු පුරවැසිකම ප්‍රශ්නයක් නොවිණි.  සිය පුරවැසියා ලංකාවේ පළමු පුරවැසියා වෙන්නේ නම් ඇමෙරිකාව සතුටු විය යුතුය.  ගෝඨාභය මහතාගේ ජනපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ ඇමෙරිකානු තානාපති දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලි වන්නේ යුද සමයේ සිය පුරවැසියා විසින් ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයන් එරට ආණ්ඩුවට තවමත් රිදුම් දෙන බවයි.  ඇත්තෙන්ම මෙරට පමණක් පුරවැසියන් ඇමෙරිකානු නිලධාරින් ඉදිරියේ නිවටව හැසිරෙන විට ඇමෙරිකාවේ ද පුරවැසියෙකු වූ ගෝඨාභය මහතා ඇමෙරිකාව ඉදිරියේ පෙන් වූ නිර්භීත බව සමස්ත ජාතියටම ආදර්ශයකි.

ගෝඨාභය මහතාගේ දේශප්‍රේමිත්වයට ඇමෙරිකානු පුරවැසිකම ආධාරයක් මිස බාධාවක් නොවුණු බව ඉහත නිදසුනෙන් පැහැදිලි වුවත් ඔහු තව දුරටත් ඇමෙරිකානු පුරවැසිකම දරා සිටීමට මා සිතන හේතු ද ජනතාව ඉදිරියේ තබමි.

පළමු හේතුව වන්නේ ඇමෙරිකානු පුරවැසිකමෙන් ඔහුට ලැබෙන ආරක්ෂාවයි.  යුද අපරාධ පිළිබඳ විභාග කර දඬුවම් කිරීමට බලය දී ඇති ආයතනය වන්නේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයයි.  නමුත් එකී අධිකරණය පිිහිටුවීමට ඇමෙරිකාව දැඩි ලෙස විරුද්ධ විය.  එරට විරෝධය මැද එකී අධිකරණය පිහිටුවීමෙන් පසු ඇමෙරිකාව විසින් 2002 දී අපූරු පනතක් සම්මත කලේය.  යම් ඇමෙරිකානු පුරවැසියෙකු ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට රඳවා ගෙන ඇත්නම් ඇමෙරිකානු හමුදා මෙහෙයවා ඔහුව නිදහස් කර ගැනීමට මෙම පනතින් ජනාධිපතිට බලය ලබා දී තිබේ.  එසේම ඇමෙරිකානු පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නොපමුණුවන බවට රටවල් රාශියක් සමග ඇමෙරිකාව විසින් ද්විපාර්ශවීය ගිවිසුම් අත්සන් කර ඇත.  එබැවින් ඇමෙරිකානු පුරවැසිකම තිබෙන තුරා ලොව කිසිම රටකට යෑමට ගෝඨාභය මහතා පැකිලීමට අවශ්‍ය නැත.  මන්ද ඔහුව අත්අඩංගුවට ගෙන ඇමෙරිකානු ආක්‍රමණයකට මුහුණ දීමට කිසිම රටක් කැමති නොවන හෙයිනි.

දෙවන හේතුව වන්නේ ඔහුගේ එකම දරුවා ජීවත් වන්නේ ඇමෙරිකාවේ වීමයි.  ඇමෙරිකාව සිය පුරවැසිකම අත්හැරීම දකින්නේ ඇමෙරිකාවට කරන අපහාසයක් ලෙසිනි.  නැතහොත් තමන් කැමැත්තෙන් ලබා දුන් තෑග්ගක් යළි භාර දීමක් ලෙසිනි.  එබැවින් ඇමෙරිකානු පුරවැසිකම අත් හල පුද්ගලයෙකුට නැවත ඇමෙරිකානු වීසා ලබා ගැනීම දුෂ්කරය.  එබැවින් එකම දරුවාගේ හදිසි අවශ්‍යතාවයකට වුවද ඇමෙරිකාව යෑම දුෂ්කර වනු ඇත.

මෙම හේතු දෙකම මත ජනපතිවරණයට මාස 15ක් තිබිය දී ඇමෙරිකානු පුරවැසිකම අත් හැරීම අපට සම කළ හැක්කේ මුහුදට හත් ගව්වක් තිබිය දී අමුඩ ගැසීමට පමණි.

– උදය ගම්මන්පිල