Friday, 31 January 2025

බොරුවෙන් රැවටීමෙන් ලෝකය ඉදිරියේ සිංහල කියාගත්තට ඔබේ නියම වර්ගය හඳුනාගන්න

බොරුවෙන් රැවටීමෙන් ලෝකය ඉදිරියේ සිංහල කියාගත්තට ඔබේ නියම වර්ගය හඳුනාගන්න උදව්වක් ලෙස මෙය ලියන්නෙ. තමන් කවුද නොදැන ඉදිරි ගමණක් නැහැ. සිංහලයන් වෙන්න තියෙන්නෙ නම වෙනස කරගෙන ජාතිය සිංහල කියලා උප්පැන්නේ දාගන්න එක විතරක් ද​? එහෙම නම් අද පවතින ඉතාම ප්‍රාථමික අධ්‍යාපනය තුලින් උපාධි කාරයෙක් වෙන්න ඕන කරන්නේ රෝල් කරපු උපාධි කොලයක් ගන්න එක නේ. කවුරුත් දන්න දෙයක් තමයි පවතින ඉතාම ප්‍රාථමික අධ්‍යාපනය තුල වුනත් උසස් පෙල අධ්‍යාපනය ලබා දෙන්නේ විශ්ව විද්‍යාල වලින් පිට වුන උපාධි කාරයෝ කියන එක. උන් තමයි  විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවශ්‍ය පෙරහුරුව දෙන්නෙ.

සිංහලයන් කියන්නෙ කවුද​? ඊට කලින් තේරුම් ගන්න ඕන මේ ලෝකෙ කියන්නෙ මොකක්ද කියලා. හොඳට අපට තියෙන අවයව තුලින් බැලුවොත් පේනවා මේක තමයි ජීවීන් ලෙස අවතාරික දැනුම ලබන මුල් ම තලය (තැන​) කියලා. මේකෙ ඉන්නවා අවතාරික උරුමය නැති සතුන්. ඒ වගේ ම කඳුබඩයා (අපි) ගත්තම ඉන්නෙ විවිධ වුනත් අනෙක් සත්ව ස්වරූප වලට වඩා ඉහලින් අවතාරික උරුමය අවශ්‍ය වන සත්ව ස්වරූපයක් තුල බව​. අපි අතරෙත් මනකම (ඒ කියන්නේ කඳුබඩයෙක් ලෙස හැසිරීමේ හැකියාව) ගත්තම​, එක කොනක ඉන්නවා අනෙක් සතුන් වගේම හැසිරෙන උන්. අනෙක් කොනේ ඉන්නවා ඒ සතුන් කරන බොහො දේවල් නොකර ජීවත් වෙන කොටසක්. මේ ඉහලම ඉන්න කොටස අතරෙ ඉන්නවා මේ ලෝකයට වඩා ඉහලින් හැසිරීමක් පෙන්වන කඳුබඩයන්. අන්න ඒ කොටස කවුද කියන එකයි දැන ගන්න කියන්නෙ. මෙන්න මේ අය තමයි අර විශ්ව විද්‍යාලයට යන්න පෙරහුරුව දෙන උපාධි කාරයන් වගේ, මේ ජීව තලයෙන් ඉහලට යන්න පාර පෙන්වන අය. නියම සිංහලයන් කියන්නෙ අන්න ඒ කොටසට මිස අද ඉන්න සිංහල කියා ගන්න හිඟනුන්ට නොවෙයි. ඒ පෙරහුරුව තුලින් ලබන දැනුම සමඟ අන්තිමට ලොකු විභාගයක් තියෙනවා. ඒකෙන් සමත් වෙන අය ඉහලට යන්වා. ඉතිරිය නැවත ඉගෙන ගන්න පටන් ගන්නවා. නුසුදුසු බහුතරය නැවත පහලට ගොස් ඒ ඒ සතුන් වෙලා උපදිනවා. අළුතෙන් ආරම් භ වන එකට තමයි නව හිරු යුගයක් උදා වෙනවා කියන්නේ. ඒකට තෝරා ගන්න අයට තමයි පියකෙනා (ෆාදර් කිං) අවශ්‍ය වෙන්නෙ. ඔහුට විතරයි දස බලයන් ගෙන් හතරක් උගන්වන්න පුළුවන්. ඊට පස්සේ වසර 120,000ක් පමණ මේ වැඩේ කරගෙන යන්න උඩින් අය එනවා. මේ දවස් වල් වෙන්නෙ අළුත් විදියක් බිහි කිරීම​. ඒ තුලින් ඉදිරියට ඉතිරි වන අයගෙන් සුළු පිරිසක් තමයි අන්තිමට සිංහල වෙන්නෙ. ඔබට කරන්න තියෙන්නෙ මුලාවෙන් මිදිලා හරි කෙනාගෙන් මග පාදා ගන්න එකයි. ඒකට අද ඔබ ඉන්න තැන මේ පහල සඳහන් කොටස් හතරට අයත් නම්, ඉන් මිදෙන්න වෙර දරන්න.

FB එකෙන් උපුටා ගත් කොටසයි මෙතන තියෙන්නෙ.....

"මේකෙ අනං මනං ලියන මමත් හරියට නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයනවා වගේ වැඩක් කරන්නෙ. ඒත් කරන්න හිතෙන නිසා ලියන්නෙ. මම හොයන්නෙ සිංහල උරුමෙ තියෙන අය​. එහෙම අය මේ වගේ තැනක ඉන්නවා නම් ඉතාම වටින කොටසක්. ඒත් අවාසනාවට මේ ජාල තුල ඉන්නෙ කරන්න දෙයක් නැතිව කාලෙ කන අපතයන්. ගොඩක් උන් හිතන්නෙ උන් සිංහල කියලා. ඒත් හැසිරෙන්නෙ ඉබා ගාතේ යන හිඟන්නො වගෙයි. අනේ එහෙම අය මම ලියන ඒවා දැක්කම නොදැක්කා වගේ යන්න​. මොකද මට උන් ව හුරතල් කරන්න කාලයක් ඉතිරි වෙලා නැහැ. මම කරන්නේ දේශපාලනය​. මට ඕන රටේ උරුමය සිංහලයන්ට අරන් දෙන්න. ඒ වෙනුවෙන් මම ඕන දෙයක් කරන්න ලෑස්තියි. මේක ඉන් පොඩි කොටසක් පමණයි.

ලංකාවේ ඉන්නවා කණ්‍ඩායම් හතරක්. මෙහෙමයි බෙදෙන්නෙ.

පළමු කණ්‍ඩායම

ඒ තමයි ඉංග්‍රීසිකාරයන් සමඟ හරි හරියට එකතු වෙලා උන් හදපු කොළණිය පවත්වාගෙන යාමට උදව් කලේ. 1948 දී කොළණිය අතහැරලා සුද්දා පැනලා යන කොට රට භාර දීලා ගියේ මේ කොටසට​. හමේ පාට වෙනස් වුනාට පාලනයේ වෙනසක් වුනේ නැහැ. මුල් කාලෙ මැති ඇමතිලා අයත් වෙන්නෙ ඒ ගොඩට​​. උන් වඳ වෙලා ගිහින්. ඉතිරිය අද වෙනකොට සුද්දගේ කොළණි වලට ගිහින්.

දෙවන කණ්‍ඩායම

මොවුන් තමයි පළමු කණ්‍ඩායමට එකතු වෙලා උන් එක්ක සුද්දගේ පාලනය ගෙන යන්න උදව් කලේ. ඒත් ඔවුන්ට සුද්ද සමඟ එකට ගැටී පුරුද්දක් නැහැ. මෑතක් වෙනකම් කොළණි පාලනය ගෙන ගියේ මේ පිරිසයි. මොවුන් සුද්දන් වගේ ම පල් හොරු රැලක්. ඒත් සුද්දා හොරකම් කලාට ඒ සියල්ල අයිති වුනේ රජ පවුලට​. මුන් හොරකම් කරපු සියල්ල උන් ගෙ පවුල අතරෙ ම බෙදා ගත්තා. සුද්දන්ට එහෙම පවුල් කියලා දෙයක් නැති නිසා කල හැම දේම කලේ තමන් වෙනුවෙන් පමණයි. ඒත් මේ කණ්‍ඩායම පවුලේ හැත්ත බුරුත්තම රජ කරවන්න කරපු හොරකම් නිසා රටටම කෙලවුනා. මේ දවස් වල ටිකක් අනාථ වෙලා ඉන්නෙ.

තුන්වන කණ්‍ඩායම

කලින් කී දෙගොල්ලම සුද්ද එක්ක ආපු අය. ඔවුන් රෙද්ද අතට අරන් සුද්දට අල්ලපු අය වුනාට මේ කොටස සුද්දා එන්නට කලින් ඉඳලා රටේ අහු මුළු වල ගුබ්බෑයම් අටවගෙන හිටියේ. සමහරු රජ වෙලත් හිටියා. නිලමැස්සොත් හිටියා. ඒ වගේම හිඟන බිස්නස් වලත් නියැලුනා. ඉහල ම හිටපු සෙට් එක තමන් ගෙ තැන නැති වෙන කොට සුද්දා එක්ක වලියට ගිහින් මැරුම් කෑවා. ඉතිරි ටික නගුට දෙපරැන් දෙ ගහගෙන සුද්දට රට අල්ලා ගන්න උදව් කලා. ඔවුන් ගේ ඇදහිළි වලට මුල් තැන ගන්න වගේම රටේ තිබ්බ වැදගත් තැන් අල්ල ගෙන හිඟන මඩම් දාන්න පොරොන් දු අරන් තමයි සුද්දට ඇල්ලුවෙ. සුද්දා කියන්නෙ පොරොන් දු රකින උන් නොවෙයි. පස්සේ හැසිරුන විදිය නිසා 1818 දී වගේම 1848 දී පිස්සු බල්ලො කුලප්පු කරලා සුද්දාට කෙලවන්න හැදුවට පස්සෙ ටිකක් වෙනස් වුනා. අද මොවුන් තමයි සුද්දන් ගේ ලේඛණ වලට අනුව සිංහල හා බෞද්ධ ලේබල් ගහගෙන ඉන්නෙ. මෑතකදී අල්ලපු අතුත් පය ගහපු අතුත් කඩන් වැටිලා වැලේ වැල් නැති වෙන තැනක අද ඉන්නේ.

හතරවන කණ්‍ඩායම

මේ අය ගැන මම තේරුම් ගත්තෙත් මේ ඊයෙ පෙරේදා තමයි. සුද්දා රට කොළණියක් කරලා උන්ට ඕන උන් තොග ගණනින් මේ රටට ගෙනාවා. හිරු නොබසින අධිරාජ්‍යයක් හදපු නිසා දේශසීමා කියන එක බිඳ වැටුනා. ඒ අතරෙ ඉබා ගාතෙ යන මූසලයන් රැලක් මේ රටට රිංග ගෙන තියෙනවා. මොවුන්ට සුද්දගෙන්වත් රටෙ හිටපු අනෙක් උන් ගෙන්වත් කිසිම උදව්වක් නැතිව ජීවත් වෙන්න වුන නිසා, හිතේ ඇති වුන වෛරය ක්‍රෝධය අසරණකම හංගගෙන දුප්පතුන් ලෙස ජීවත් වුනා. මේ තමයි කුසට සාගිනි ඇඟට වැරහැළි ඇදගෙන ඉන්න කොටසට අයත් වුනේ. මොවුන් තමයි හාල් සේරු දෙකට, ඇට රාත්තල් අටට, ධර්මිස්ඨ සමාජයකට, ආශ්චර්‍යයන්ට, යහපාලනයට වගේම පුනරුදයට තමන්ට කල හැකි එකම දේ වූ කතිරය ගැහුවේ. උන්ට රටේ ඉන්න අනෙක් උන්ව පෙන්නන්නත් බැහැ. සුද්දන් ගෙන් උරුම ගතිත් නැහැ. කතා කරන්නෙ කොහේ හරි පොතක තිබිච්ච දෙයක් කරන්න​. නැත්නම් සුද්ද මවපු හීනෙ දකින්නෙ. හැබැයි කිසිම දෙයක් කරලා පලපුරුද්දක් නැහැ. සුද්ද වුනත් දැනගෙන හිටියා නම් සර්වජන චන් ද බලේ දෙන්නෙ නැහැ. ඒ තරමට තමන් ගෙ කතිරේ හෑල්ලු කරපු ජාතියක්. අද රටේ මුල් තැන අරගෙන රට හදන්න කතා කරන්නෙ මේ කණ්‍ ඩායමයි. හරියට ගණනත් කියන්න පුළුවන්. ඒ කියන්නෙ 69 ලක්‍ෂයක් ම ඉන්නවා. උන්ට ඕන කරනවා මේ රට ජපානයක් කරන්න​. නැත්නම් සිංගප්පූරුවක් කරන්න​. එහෙමත් නැත්නම් සුද්දගේ රට වගේ කරන්න​. මේ වගේ උන්ට එහෙම දෙයක් කරන්න තියා පාන් කියාගන්නවත් බැහැ කියන එක උන් දන්නෙ නැහැ. කවුරු හරි කරලා දෙන්න තමයි කියන්නෙ. ඒ අතරෙ පිනට කන්නත් ඕන​. ඒ මදිවට සිංහල තෙරිය වානා. ඉංග්‍රීසිත් වානා. සිංහලෙන් කතා කරන ඉංග්‍රීසි වගේ රෙද්ද අඳින එලොවටත් නැති මෙලොවටත් නැති ජාතියක්.

මගේ ඉල්ලීම​:

මේ කණ්‍ ඩායම් හතරට අයත් වෙන කවුරුවත් මම ලියන කිසිම දෙයක් බලන්න එපා. මුන් ඔක්කොම වැඩ බැරි ටාසන් ලා. සමහර උන් මම කියපුවා කොපි කරලා පොර චරිතත් මැව්වා. බැරි වැඩ කොරන්න ගිය අබරන්ලාත් හිටියා. මොකද මට ඔය ඔක්කොම වහ කදුරු වගේ තිත්තයි. කොමෙන්ට් කරන්නත් එපා. කලොත් මකනවා විතරක් නොවෙයි බ්ලොක් කරනවා. අනෙක් අයටයි මම කියන්නෙ. වෙන විදියකින් කියනවා නම් චන් දෙ දෙන්න හීනෙන් වත් නොගිය අයට​. එන්න මුන් ඔක්කොම එංගලන්තෙට යවලා අපි රට හදන්න. මගේ ළඟ හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. මම තමයි මේ රට ලෝකෙ බලවත් ම රට කරනවා කිව්වේ. මම හරි අකමැතියි කියන දේ නොකර ඉන්න එකට. කොහොම හරි කරනවාමයි. ඒත් පිනට කරල දෙනකම් බලන් ඉන්න උන්ට අබ සරණයි.​"

පිටපත් කල කොටස අවසන්. දැන් කියන්න තියෙන්නෙ කවුරු හරි සිංහල වෙන්න ඕන නම් මේක තමයි වෙලාව​. ඒක එක දවසකින් එක උපතකින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒත් ආරම් භයක් නැතුව​, දිගටම නොකර කවදාවත් ඉදිරි ගමණක් නැති බව මතක තබා ගන්න​. එසේම ඔබ නුසුදුසු නම් දැනටම ඔබ මර බියෙන්, අනාගතය ගැන සැකයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන​. ඒ ඔබ තවම ලබා ගත යුතු දැනුම නොලැබූ කෙනෙක් නිසයි. නැවතත් තිරිසන් සතුන් වෙලා ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න වෙනවා. මේක රොබෝලා හදනවා වගෙයි. විවිධ සත්ව ජීවිත තුලින් තමයි ඔබේ අවතාරික උරුමය ඔබම ලබාගන්න ඕන. ඔබ නොදන්න කොටස හතර තමයි හතර සැරයක් ඇවිත් මම දෙන්නෙ. හිතා ගන්න බැරි නම්, ඔබ මේ බ්ලොගය කියවෙන එකේ තේරුමක් නැහැ. අවංකත්වය තමයි ඔබ මුහුණ දෙන විශේෂම පරික්‍ෂාව​. අනෙක පැවැත්ම, ඒ කියන්නේ ජීව ලෝකය රකින්න ඔබ දක්වන කැපවීම අනෙක් එක​. මේවා නැතුව ඉදිරි ගමණක් නැහැ.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.