Sunday, 9 February 2025

බොරු කියන අහිගුන්ටිකයන් ගේ කතාවකට ලියපු ප්‍රතිචාරයක්...

ඉංග්‍රීසි පස්සෙ ගිහින් දකින ලෝකය තනිකරම මුලාවක්. උන් ඉතිහාසය හොයන විදිය තරම් මෝඩ විදියක් ලොවෙත් නැහැ. මමත් ඉංජිනේරුවෙක්. හරියට ම කියනවා නම් හිටපු ඉංජිනේරුවෙක්. දැන් මම මගේ පරණ කාලෙ ගැන බලන්නේ පිළිකුලකින්. ඇත්තමටම විභාගවලින් හොඳම ප්‍රථිඵල ගන්න උන් ලෙස උද්ධච්ඡකම ඉහ වහා ගිය අමනයන් තමයි ලංකාවේ මේ වෘත්තියේ යෙදෙන්නෙ. (මම ඉන්න ඌස්ට්‍රේලියානු කොළණිය ගත්තම, හොඳම ප්‍රථිඵල ගන්න උන් කරන්නේ නීති වෘත්තිය. දෙවන තැන දොස්තරකම. ඉංජිනේරු වෘත්තිය තෝරාගන්න උන් හා ලංකාවේ ඉන්න තාක්‍ෂණවේදීන් එක ගොඩට දාන්න පුළුවන්. වෙනස සමාජයේ ඇති මතය.) හේතුව මේ අධ්‍යාපනය කියන්නේ හොඳම මෝඩයන් (කියන දේ අකුරක් නෑර විශ්වාස කරන, කරන්න කියන ඕන දෙයක් බූරුවන් සේ කරන උන්) තෝරා ගෙන වහළුන් කරන ඉංග්‍රීසීන් ගේ විදියක්. හරියට ම කියනවා නම්, ඉංග්‍රීසීන් ගේ "චෝ‍ර තාක්‍ෂනය" අලෙවි කරන නියෝජිතයන්. කරන්නේ මර උගුල් ඇටවීම​. සමස්තයක් ලෙස මේ අධ්‍යාපනය තුලින් බිහිවන හැම එකාම සූදු කෙලින්නෙක් (gambler). ඉංජිනේරුවන් කරපු වැඩ හා කරමින් ඉන්න වැඩ ගත්තම හරියට ම රොබෝලා වගේ ඉංග්‍රීසීන් ගේ "චෝ‍ර තාක්‍ෂනය" බදා ගත් මෝඩයන් රැලක්. අටවපු මර උගුල් ගත්තම ඉන් රටට වෙන විනාශය නොදකින අන් ධයෝ රැලක්. ඒක විමලසුරේන්ඳ්‍ර නොවෙයි මොහුගෙනුත් හෙලි වෙන දෙයක්. ඉන් එහාට ඇයි කියන එක අන්තර්ජාලෙ තුල කියන්න යන්නේ නැහැ. 
 
අපේ පෞරුෂය ගැන කතා කරනවා නම්, ඒක සමාන වෙන්නෙ පාරවල් අයිනෙ ඉන්න හිඟන්නන්ටයි. ඇත්තටම එහෙම එකක් තියෙන උන් මෙහෙම කතා කරන්නෙ නැහැ. මේ තැනට වැටුනෙ ඉංග්‍රීසීන් තල්ලු කරපු නිසා. කවදා හෝ ඒකෙන් මිදෙන්නෙ ඉංග්‍රීසීන් කියන්නේ මොන වගේ සතුන් ද කියලා තේරුම් ගත්තොත් විතරයි. එහෙම කෙනෙක් හැටියට​, ඉංග්‍රීසීන් කියන්නෙ සිංහලයන් අතර හිටපු, කලකෙට පෙර​ රටෙන් ගිය උන් කොටසක් කිව්වෙත් තමුන්ලා හිනාවේවි. ඒත් ඒක තමයි ඇත්ත​.

https://www.youtube.com/watch?v=fqI6MKIUXMM

 

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.