සිංහල භාෂාව හරි හැටි නොදැන ඔවුන් ගේ ඉතිහාසය කීම විහිළුවක්. අද සිංහල උගන්වන්නෙ ද්‍රවිඩයන් විසින් දෙවන භාෂාවක් ලෙසයි. කුමක් ද කියන වචනය මොකක්ද කියන සිංහල වචනය ද්‍රවිඩයන් ගේ කටින් එන විදිය. කුමක් ද කියා වචනයක් සිංහල බසේ නැත. යක්‍ෂයන් කියන වචනයත් වැරදි ලෙස ද්‍රවිඩයන් කියන රාක්‍ෂයන් කියන වචනයයි. මේක හුඟක් පැරණි වචනයක්. රක හා නරක (අද බසින් රකින හා නොරකින) කියන්නෙ විරුද්ධ පද දෙක. අද තියෙන රක්‍ෂාව, ආරක්‍ෂක අංශ, රකිනවා වචන තුලින් දකින්න පුළුවන්. මින් ජීවිත රකින අය හඳුන්වන්නෙ. ඉස්සර රාක්‍ෂයන් කියන්නේ අද ඉන්න පොලිස්කාරයන්, හමුදාකාරයන් වගේ අය. ඔවුන් වෙස් මුහුණු හා වෙනත් බිය උපදවන දේ පැළඳි නිසා වැරදි අරුත් දීමක් වෙනවා. අදත් මේ වගේ වෙස් ගැන්වීම් තියෙනවා.
ද්‍රවිඩයන් ගේ විදිය නොදැන කොහොමද ඔවුන් ගේ ලිවීම් තේරුම් ගන්නෙ? ඔවුන් අතිශයෝක්තිය පෙන්වීමට මෙන් ම අවශ්‍ය තැන ගල් පැලෙන කෙප්ප කියන ජාතියක්. කවදාවත් ඇත්ත කියන්න බැරි ජාතියක්. ඔවුන් ගේ කතා හොඳයි බොරු කියන හැටි තේරුම් ගන්න. වංශම් (வம்சம் = வஞ்சம்= வமிசம் vamicam n vaṃša 1 Race lineage descent family. Source: Tamil Lexicon) කියන්නේ ද්‍රවිඩයන් ගේ වචනයක්. කොහොමද ඒ නමින් එන රචනා මේ රටේ අතීතය වෙන්නෙ? මේක සිතිජයන් යා කිරිමක නොව අදාළ නැති මූලාශ්‍ර එකතු කර නිබන් ධයක් (ප්‍රබන් ධයක්) හැදීමක්. බටහිර උගතුන් කරන්නෙම ඒවා. අන්තිමට ඔක්කොම, පස්සෙන් යන උන් මුලාකරන හිතළු ගොඩක්.
ලංකාවෙ තියෙන ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් බිහි කරන්නෙ වහළුන්. හොඳම වහළුන් කියන්නෙ කියන ඕන දෙයක් පිළිගන්න, කියන ඕන දෙයක් කරන අයට. ඒ අතින් ආචාරීන් කියන්නේ මිනිසුන් අතර ඉන්න හොඳම වහළුන්. සිංහල විදියට කියන්නෙ අප අතරේ ඉන්න මෝඩම උන්. මමත් ටික දුරක් ඒ මගේ ගිය කෙනෙක් වගේම ඒ ජාතියේ මෝඩයන් දහස් ගණනින් ආචාරියන් ලෙස නොකඩාවා බිහි කරන පුංචි වැඩක් කරපු කෙනෙක් හැටියට සහතිකවම දන්නවා. හැබැයි මේ ආචාරී මහාචාරී උන් දලා නොදන්න, සුද්දෙක් ලියපු ඉතා වටින පොතක් තියෙනවා. ඒක ලියලා තියෙන්නෙ 1817 දී. ඔහු ඉතිහාස කාරයෙක් නොවෙන නිසා තවත් වටිනවා. ලිවීමේ පරමාර්ථය තමයි කොළණියෙ ඉඩම් මිල දී ගන්න සුද්දන්ට ස්වදේශිකයන් ගැන දැනුවත් කිරීම. මේ පොතේ අද කියන බෞද්ධ මිත්‍යාව නැහැ. මොවුන් ගොතන සිංහල ලේබල් අලවපු බෞද්ධ ඉතිහාසය තනිකරම 1815ට පසු හදපු එකක්. ඔය නෑ කියන මහජනයා ගැනයි ඒකෙ තියෙන්නෙ. පොඩි අවුලකට තියෙන්නෙ පරිවර්තනය කරල තියෙන්නෙ ද්‍රවිඩයෙක්. ඒ කියන්නෙ "තැන්න හරියෙ" කියන එක "තැන්න ෂරියෙ" වගේ කතා තියෙනවා.
අද ලංකාවෙ ඉන්නෙ ඉස්සර ඉඳලා මේ රටෙ හිටපු උන් ද? කිසිසේත් ම නැහැ. එවැනි කිසිම උරුමයක් මොවුන් ළඟ නැහැ. තියෙන උරුමෙ අයිති වෙන්නෙ බිඳ වැටුන මෙසපොටේමියානුවන් ට. කලින් කල ආපු උන් වෙන් වෙන් ව හඳුනාගන්නත් පුළුවන්. ලංකාවෙ ඉන්නෙ අහිංසක අය ද? කිසිසේත් ම නැහැ. උරුමෙන් ම තමන් ගැන පමණක් හිතන නරුම ජාතියක්. ඒක හිඟමන් යැදීමෙන් උරුම වූ දෙයක්. කතාවෙන් දෙවිවරු. ඒත් ක්‍රියාවෙන් තිරිසනුන්ටත් එහා ගිය කොටසක්. ඒ වගේ ම හරි හමන් හැදියාවක් නැති නිසා, කවුරු හරි දෙන ළණුවක් ගෙඩිය පිටින් ගිලින කොටසක්. විශ්වාස කරන්නෙම කිසිම තේරුමක් නැති හිඟන මත. මේ සියල්ල ම හිඟන්නන් අතර ඉන්න, උන් ගෙන් ම හිඟා කන කොටසක් හදපු මිථ්‍යා විශ්වාස. මල් පිදීම, පිං දීම ඔවුන් හදපු ඒවා.
සමහරවිට ඔය කියන තැන් වල තියෙන්නෙ මෙ අයගෙම පරණ අතීතය වෙන්න පුළුවන්. එහෙම සිදුවීම් බොහොමයක් මම පෞද්ගළිකවම අත්දැකලා තියෙනවා. අපේ මුළු අතීතයම සොයන ආකාරය සිංහලයන් සතු දැනුමෙ තියෙනවා. ඒ වගේම කෙනෙක් වහලෙක් ලෙස යොදා ගෙන කරන අනාවරණත් සිදු වෙනවා. මේක හිතා මතා හදපු ලෝකයක්. ඒ තුල ඇත්ත කියන එක වසං කරන්න කරන්න, ඒක හෙලි කරන ක්‍රමවේදයක් තියෙනවා. මම වුනත් කරන්නෙ ඒක වෙන්න පුළුවන්. අහඹු දේවල් හෝ ඉබේ වෙන දෙවල් නැති තැනක්.
මේ සොයාගත්තා කියන සියල්ල මෙරටට ආපහු ආපු හින් දු අයගේ දේවල්. ඒ වගේ ආපු අය නැවත නැවත වඳ වෙන තැනක් තමයි මේ රට. ගල් මෙවළම් තිබ්බ යුගයක් කියලා එකක් නැහැ. ඇති උන් යකඩ උපකරණ භාවිතා කරද්දි නැති උන් උල් කෝටු භාවිතා කරන එක මෙච්චර දියුණු කියා ගන්න අදත් වෙනවා. ඉංග්‍රීසී විදිය කියන්නෙ ම ඇත්ත නොදකින සූදුවක් පමණයි. අන්තිමට හිතළු ගොඩක් හදා ගන්නවා. ගල් මෙවළම් දාන්නෙ වැරදි ලෙස තේරුම් ගත් නැවත උපත මතයි. අදත් සමහරු, රන් රිදී පවා දානවා. මේ සියල්ල ඊ ළඟ ජීවිතේට ප්‍රයෝජන ගන්න දාන්නෙ. අදත් සිදුවෙන මෙවැනි දේවල් තේරුම් ගන්න සොහොන් හාරන්න ඕන ද? මළවුන් පිලිස්සීම පිටුපස තියෙනවා ලස්සන කතාවක්. ඒ කාලෙ තිබුන නොදියුණු සමාජය තුල අද මෙන් ම තිරිසනුන්ට සමීප අය හිටියා. උන් බඩගින්න නිවා ගන්න මළවුන් ගේ කොටස් කන්න පටන් ගත්තා. මේක නතර කරන්න හදපු සිරිතක්. අදත් අඝෝරියන් මේ වැඩේ කරනවා. ද්‍රවිඩයන් නම්, තම මහන් තත්වය පෙන්නන්න අද නොයෙකුත් විකාර කරනවා. ලොකු සොහොන් කොත්, ලොකු දාන, පිං දීම් කරනවා .ඒ තුල හැදෙන වැඩෙන අය අතීතය දකින්නෙ ඒ මානසිකයෙන්. මෙයාල නොදන්න දෙයක් තියෙනවා. ඒ තමයි සිංහලයන් කියන්නෙ කවුද කියන එක. මවා ගත් ජාතිකත්වය තුල අන් ධ වුනාම තමන් තමයි සිංහල කියලා හිතනවා. ඒත් නියම සිංහලයන් කියන්නෙ මේ කාටවත් හිතා ගන්න බැරි තරම් දියුණු කොටසක්. ඔවුන් ඔය කියන මලවිකාර කිසිවක් කලේ නැහැ.
මේකෙ කියපු ලොකුම බොරුව තමයි කඳුකරයේ සිට පහළට ආවා කියන එක. මෑත කාළීණ ඉතිහාසය තුල රට තුල සිටි හැම ජන කොටසක් ම එන්නෙ දකුණු ඉන් දියාවෙන්. සුළු පිරිසක් මුහුදෙන් ඇවිත් තියෙනවා. අනෙක තමයි සිංහල භාෂාව නොදන්නකම. උදා: මනුෂ්‍යයන්, අමනුෂ්‍යයන්, මනස, මනෝකාය වැනි පුහු වචන හදා ගෙන තියෙන්නෙ ද්‍රවිඩයන් වීම. මීට මුල් වෙන්නෙ සිංහලයන් ගෙ වචන වන මන හා අමන කියන දෙක. මේවා මනකම හා අමනකම ලෙස ගතහොත්, ඕනම සතෙකුට අදාළයි. සතෙක් වෙලා ඉපදුන පමණින් අංග සම්පූර්ණ වෙන්නෙ නැහැ. මුල් අවදිය තුල අමනකම දකින්න ලැබෙන්නේ. ඒ සතා වෙලා උපදින වාරයක් පාසා ඒ සතා ලෙස ජීවත් වී ලබන අත්දැකීම් තුලින් තමයි මනකම ලැබෙන්නෙ. අන්තිමට ජීවත් වෙන්න මුහුණ දෙන ඕනම අභියෝගයක් ජය ගන්න තරම් අත්දැකීම් ලැබුව ම තමයි මනකම හිමි වෙන්නෙ. මේක සතෙක් ලෙස මනසතා (මනුෂ්‍යයා) හා අමනසතා (අමනුෂ්‍යයා) ලෙස හඳුන්වන එක නොදන්න කම නිසා විකුර්ථි කර භාවිතා වෙනවා. මන කියන එක හා ඉංග්‍රීසියෙන් එන මැනේජ් (manage) කියන දෙක ම එකම අදහස දෙන්නෙ. ඉංග්‍රීසි කියන්නෙත් සිංහල භාෂාවමයි කියල කිව්වොත් කී දෙනෙක් විශ්වාස කරයි ද? කලත් නොකලත් ඒක තමයි ඇත්ත.
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Friday, 17 January 2025
සිංහල ඉතිහාසය කියා හිඟමනේ ආපු ද්‍රවිඩයන් ගේ ඉතිහාසය ලොවට කියන මහාචාරියාගේ වීඩියෝවකට දුන් ප්‍රතිචාරයක්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.