මෙය ඉතා සීමිත පිරිසකට කරන ඉල්ලීමකි. පවතින රාමුව තුල එසේ කිරීමට අවශ්‍ය තාක්ෂනික පහසුකම් නැති නිසා පොදු ලිපියක් ලෙස ලිව්වෙමි. මෙය නිකරුනේ කාලය කා දමන උන් සඳහා නොව අද වෙමින් පවතින දේවල් ගැන ඉවක් ඇති, ඉන් තමන්ට ද වන හානිය දකින සුවිශේෂ කොටසකට අදාළ වේ. අවශ්‍ය අඩුම ප්‍රමාණය වන්නේ 30ක් 60ක් පමණ නිසා මගේ ගමෙන් වුව සොයා ගත හැක. මේ ගණන එන්නෙ තිරිසනුන් ලෙස කඳුබඩයා සිටි යුගයේ සිටි ප්‍රමාණය මුල් කරගෙනයි. දැනටම ඊට අවශ්‍ය දේවල් කරමින් ඇත. ඉන් බාහිරව සිටින සුදුසු අය වේ නම්, දැන් ඔවුන් ගේ අවධානය යොමු විය යුතුයි. කටින් නොව ක්‍රියාවෙන් ඉදිරියට යා යුතු කාලයයි. සුදුසු සුළු පිරිසක් අන්තර්ජාලය තුලත් අති බහුතරය ඉන් පිටතත් සිටින නිසා ඔවුන් වෙත මේ පනිවුඩය ගෙන යාම කාගෙත් වගකීමයි. ජීවිතය ඉතා සීමිත කාලයකි. එ නිසා නොපමාව කල යුතු දේ කලහොත් ඔබේ අනාගතය සරු වේ. හිඟන්නන් මෙන් ම, අනු න් ගේ පානෙන් එලිය බලන්න ඉන්නවා නම් හෝ ඌරන් කැකුණ තලන කම් බලන් ඉන්න හබන් කුකුල්ලුන් නම් කියන්නෙ තියෙන්නෙ එය කිසි දා හරි නොයන බවයි.
ඔබ මම වගේ ම පවතින දේශපාලන රාමුවෙන් පිට සිටින කෙනෙක් නම්, එන්න මම සමඟ අපට ඕන විදියෙ රටක් හදන්න. මම බොහෝ කලක් අන්තර්ජාලයේ සිටියත් මුදල් ඉපැයීම මගේ පරමාර්ථය වුනේ නැහැ. ඒත් අළුත් විදියකට FB යොදා ගන්න නිසා මුදල් ලැබීමක් වුවොත් ඒකත් මේ ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. කාලයක් තිස්සේ නිහඬ ව කරපු වැඩ වල ඵලයක් ලෙස අද ඉන්න තැනට රට ආපු එක ගැන සතුටු වෙනවා. ඉංග්‍රීසී ආක්‍රමණිකයන් විසින් අටවපු, ඔවුන් ගෙනා සංක්‍රමණිකයන් යොදා ගෙන ගිය පාලනය අද වන විට කොතරම් අසාර්ථක ද කියන එක අප ද අත්දකිමු. 1948 පාලනය භාරගත්තේ ඉංග්‍රීසීන් ළඟින් ම සිටි ඔවුන් ගේ සුවච කීකරු සේවකයන් වූ අතර ඔවුන් හා ඉංග්‍රීසීන් අතර වෙනසක් වී නම්, ඒ හමේ වර්ණය පමණි. ඔවුන් සුළු කලක් තුල වඳ වී ගිය හැටි ඉතිහාසය තුලින් දකින්න පුළුවන්. එහෙත් ඔවුන්ට සේවය කල දෙවන පෙලට අයත් සංක්‍රමණිකයන් මෑතක් වන තුරු රටේ පාලනය ගෙන ගියා. එහෙත් මොවුන් ගේ දෙබිඩි ගති නිසා, ඉංග්‍රීසි අටවපු පාලනය බිඳ වැටුනු අතර, ඒ තුලින් සංක්‍රමණිකයන් ගේ උරුමය වන වංචාව, බොරුව මෙන් ම අවස්ථාවාදී හැසිරීම නිසා රට හිඟන රටක් වුනා.
මේ පාලනයට රිසි අති බහුතරය සංක්‍රමණිකයන් වන අතර, ජීවත් වීම දුෂ්කර වන විට, මර බිය නිසා මෙතෙක් පහලම තලයේ සිටි පිරිසකට බලය දී දිවි ගැට ගසා ගැනීමට දැන් හීන දකිමින් සිටිනවා. මෙවැනි අමන සංක්‍රමණිකයන් නිසා රට අරාජික වන තත්වයක් උදා වෙමින් පවතී. අද බලයේ සිටින්නේ, ඉංග්‍රීසි ආක්‍රමණිකයන් ගේ අනුදැනුමකින් තොරව, ඔවුන් බිඳ දැමූ දේශ සීමාවලින් රිංගපු, ස්වදේශික හෝ ඉංග්‍රීසි උරුමයට නතු නොවූ විජාතිකයන් පිරිසක් බව ඔවුන් ගේ ක්‍රියාවෙන් දකින්න පුළුවන්. ඔවුන්ට ඉංග්‍රීසි අටවපු පාලනය පිළිබඳ කිසිදු අවබෝධයක් නැත. උත්සාහ කරන්නේ හිතූ මතේ මැර බලයෙන් පාලනය ගොඩ නැගීමටයි. එහි ප්‍රති විපාක විඳින විට රටක් ඉතිරි වේ දැයි කියන ප්‍රශ්ණය මතු වේ. මෙය ඔවුන්ට පමණක නොවේ අපේ පැවැත්මට ද තර්ජනයක් වෙන අභියෝගයකි. ඒ නිසා, පවතින ක්‍රමය බිඳ වැටෙන විට, එයට අණුබද්ධ උන් වැනසුනත් අපට ඉන් මිදිය හැකි වන්නේ අපේ ම පාලනයක් තුලට අනුගත වුවොත් පමණි.
මිනිස්කමට මුල් තැන දෙන ජාතියක් බිහි කිරීම සඳහා මම බොහෝ කල් සිට අවශ්‍ය දැනුම සමාජ ගත කලෙමි. එහෙත් ලැජ්ජාව බිය නොහඳුන සංක්‍රමණිකයන් ඉන් ප්‍රයෝජන ගෙන සමාජය නොමග යැවීම නිසා අතරමන් වූවෝ බොහො ය. ඒ අතර, රට ලෝකයේ ම බලවත් රට කිරීමේ ඉලක්කය මා පැවසූ විට, හිඟමනේ ඇවිත් පාලකයන් වූවන් ඔවුන් ගේ ලෙස පවසමින් මිනිසුන් රවටා විනාශ වුනා. එලෙසම, හැම කෙනෙකුටම, සරලව කියනවා නම්, දරුවන් ගේ සිට මහලු වියට ලන් වූවන් ද ඇතුලත් මුළු සමාජයට ම වාහනයක් අවශ්‍ය බව සඳහන් කල විට, එය ද අවභාවිතා කර නොමග යවා විනාශයට පත් වුනා. තවත් මෙවැනි අදහස් උපුටා ගෙන නොයෙකුත් නොමග යැවීම් කල බව දනිමි. දන්න කෙනෙක් කියන දෙයක් අසා එය තමන්ට ද කල හැකියයි සිතන, ඒත් කිසිදු දෙයක් කරන්න බැරි හිඟනුන් පිරි රටක, එවැනි බොරු කියන හිඟනුන් විහින් නැසෙන බව කීමට අවශ්‍ය නැත.
අද රටේ සිටින උගතුන්, බුද්ධිමතුන් ඇතුළු අතිබහුතරය දන්න එකම දෙය නම් කවුරුන් හෝ කියපු දෙයක් ගිරවුන් සේ නැවත කීම පමණි. කරන්නට දන්න එකම දේ ද හිඟමන් යැදීම පමණි. ඒ ගමනේ කෙළවර ඔවුන් කුස ගින්නෙන් මිය යනු ඇත. ඊට පෙර පරිසරය ද විනාශ කරන නිසා, අප ද ඒ සමඟ වැනසෙන බව දත යුතු දෙයකි. කෙනෙක් හිඟමනට වැටෙන්නේ ද අසීමිත බලාපොරොත්තු තියාගෙන බැරි දේවල් කරන්න යාමෙනි. ඔවුන් සිතන්නේ බලය සදාකාළික කියා ය. එහෙත් එය ගිලිහෙන බව තේරුම් ගන්න තරම් හැකියාවක් හිඟනුන් ට නැත. ඔවුන් වෙනස් කරන්න බැරි නිසා එසේ වූවාට ප්‍රශ්ණයක් නැත. ඉතිහාසය පුරා එවැනි සිදුවීම් බහුල නිසා, කණගාටු වීමට අවශ්‍ය නැත.
මම මෙන් ඔබත් පවතින පාලන රටාව මෙන් ම, එහි රඟන සියල්ලන් පිළිකුල් කරන්නේ නම්, දැන් සුදුසු කල උදාවෙමින් ඇත. එනම් අප මත බලෙන් පටවා ඇති පාලනය වෙනුවට අපි ජීවත් වන සීමිත කාලය තුල අපේ උපතින් අපේක්ෂා කරන ජීවන රටාව බලගන්වන ක්‍රමයක් ගොඩ නගන්න ඕන. කටින් නොව ක්‍රියාවෙන් බොහො දේ කර ඇති කෙනෙකු ලෙස ප්‍රායෝගික මෙන් ම ස්ථාවාර ජීවන රටාවක් බිහි කිරීමට අවශ්‍ය නව දැනුම මට දිය හැක. ඒ තුල ඔබ වහළකු නොවේ. විවිධාකාර ස්වරූප වලින් පෙනී සිටින මැරයන්, කප්පන් කාරයන්, හොරුන්, මංකොල්ලකාරයන් නැති ලොවක් බිහි කරමු. එක එකා පස්සෙ ගොස් කුලී වැඩ හොයන ක්‍රමය වෙනුවට ඔබේ යහපතට හේතු වෙන දේ බාධාවකින් තොරව කරගෙන යන්න පුළුවන් සමාජයක ජිවත් වෙමු. ඔබ උපයා ගන්න දෙයින් හිඟන්නන් පෝෂණය නොකරමු. බදු, දඩ, ගාස්තු මෙන් ම දිනෙන් දින ඔබ හිඟමනට තල්ලු කරන මංකොල්ලකාර ආර්ථික රටාව වෙනුවට, ඔබේ හැකියාවට අගයක් ලැබෙන විදියක් සකසමු. අතේ තියෙන මුදලට සරිලන ජීවිතයක් නොව අද මෙන් ම හෙටත් අංගසම්පූර්ණ ජීවිත බිහිවෙන, දැනුම තුලින් ලබා ගත හැකි උපරිමයෙන් බල ගැන්වෙන සමාජයක ජීවත් වෙමු. අද ලඟා කර ගත නොහැකි හීන ලෙස දකින බොහො දේ, අයිතීන් ලෙස ලබා දෙන ලෝකයක් බිහි කරමු. උපතේ සිට විපත දක්වා අනුන්ට කඹුරා යැපෙන වහල් ජීවිතයෙන් ඔබව මුදා ගනිමි. අභිමානයෙන් හිස ඔසවා නිදහස් මිනිසුන් ලෙස ජීවත් වීමට අවශ්‍ය ස්වාධීනත්වය ලබා ගනිමු. මම මෙතෙක් කියපු දේවල් මෙන් ම මේ කියන දේ ද ඕන ම මෝඩයකුට ගිරවකු සේ නැවත කිව හැක. එහෙත් කරන විදිය දන්නේ මම පමණක් බව සිහි කරමි. අද බෝහෝ මිනිසුන් මෝඩයන් ය. ඔවුන් වචනය පමණක් විශ්වාස කර අතේ පැලවෙන බොරු කියන වසලයන්ට මුලා වී කබලෙන් ලිපට වැටෙති. පළමුව ඔවුන් කියන දේ කරන්න තරම් හැකියාවක් හෝ එවැනි යමක් මීට පෙර කර ඇත්දැයි බැලුවේ නම් මෙවැනි මුලා වීම් නොවේ. මම ගැන සෙවීමට අවශ්‍ය තොරතුරු බොහො කලකට පෙර අන්තර්ජාලයට එකතු කර ඇත.
එක වගකීමක් ඔබ සතුවේ. එනම් ඔබේ හැකියාවන් ප්‍රගුණ කර ඔබේ ම යහපතට යොදවන එක ඔබ කල යුතු වේ. ඊට අවශ්‍ය නව දැනුම මෙන් ම නව තාක්ෂණය මගෙන්. අද පවතින චොර තාක්ෂණය (එහෙන් මෙහෙන් අමුණා හදා ගත් මර උගුල්) සමඟ මා කියන දේ පටලවා ගන්න එපා. ඔබ තබා චොර තාක්ෂණයේ ඉහලම ඉන්න උන් පවා ඊට සාපේක්ෂව අඳබාලයන් ය. අපි ගොඩ යමු ද? හිඟන්නන් සමඟ නැසෙමු ද? තේරීම ඔබේ ය. කරන හැටි ඇහුවොත් නිසි තැන කියමි. ලැබෙන දේ ගැන ඉදිරියේ දී කියමි. දායක වන්නන්ට කරන හැටි පුහුණු කරමි. පමා වුවොත් නොලැබෙනු ඇත. එය ඔබට මිස මට ප්‍රශ්ණයක් නොවේ. අද ද මම යහතින් සිටිමි.
මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Wednesday, 22 January 2025
නව හිරු යුගයක් සඳහා එක් වෙමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.