Friday, 17 January 2025

ලංකාවේ අද තියෙන යුක්තිය හා සාධාරණය ගැන වීඩියෝවකට ලියපු අදහසක්

 කණගාටුදායක වුනත්, ඔයාලගේ අපේක්‍ෂාවන් අහන කොට හිනා යනවා. ප්‍රියදර්ශණ වගේම තෙල් හොරකම ගැන කියපුවට වඩා වැදගත් දේවල් දන්න කෙනෙක් හැටියට කියපු කතාව සම්පූර්ණ නැහැ කියලයි කියන්න වෙන්නෙ. මම දන්න හැටියට OIC හෝ ASP හෝ ඉහල අයට අවශ්‍ය වූ විට ඝාතන කිරීමට නීතියෙන් අවසර තියෙනවා. ඉංග්‍රීසී කොළණිවල ඕනම පොලිස් කාරයකුට මේ අවසරය තියෙනවා. මට මීට අමතර ව ඔයාලගේ අමනකම ගැන කියන්න ඕන​. ඇයි ලොකු හීන දකින්නෙ? කවදාවත් පවතින පාලන රටාව තුලින් හොඳක් සිද්ධ වෙන්නෙ නැති එක නොතේරෙන එකයි අමනකම​. පොලීසිය වගේ ම තමුන් කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ් ඩු අටමගලේ හැදුවේ ඉංග්‍රීසි ආක්‍රමණිකයන්. ඔවුන් පොලීසිය හැදුවේ පිටින් අපරාධකාරයන් ගෙන්නලා. විශේෂයෙන් අරාබි, මැරෑටි, කාෆේරි හා මැලේ අපරාධකාරයන් ගෙනත් හදපු පොලීසිය පටන් ගත්ත දවසෙ ඉඳලා ම කලේ ඔය වගේ දේ තමයි. ඔවුන් නීතියට ඉහලින් ඉන්න කොටසක්. අධිකරණය දෙවැනි නැහැ. පොලීසිය, කියනවාටත් එහා ගිහින් කරපු දේවල් ගැන විස්තර ඒ කාලෙ හිටපු සුද්දන් ගේ සටහන් වල තියෙනවා. 1948 ට පෙර ඕනම ඉංග්‍රීසී නිලයකට මෙවැනි ඝාතන කිරීමේ බලය තිබුනා. මංකොල්ලකාරයන් මූළිකව හදපු රාමුව තුල අනිවාර්‍යයෙන් ම ඔවුන් ගේ ක්‍රියා රැකීමක් වෙනවා. ඒක මේ පාලන රාමුව තුල හොඳට පේන්න තිබුනත්, එය නොදකින ඔබ අන් ධයි. මංකොල්ලකනවා කියන්නෙ අනුන් ගේ දේවල් උදුරාගැනීම​. යුක්තිය සාධාරණය පෙන්වමින් කරන්නෙත් ඒ පස්සෙ යන එකාගෙන් හූරා කෑම​. පතුලටම කිඳා බැහැපු ජරා ක්‍රමයක් තුල නැති දෙයක් ඉල්ලන්න හදන එක ගැන ලැජ්ජයි. ඉංග්‍රීසින් කියන්නෙ යුක්තිය සාධාරණය විහිළුවට ගත් අපරාධකාරයන් රැලක්. හදපු ආණ් ඩු අටමගලේ තනිකරම අවනීතිය රජ කරවන එකක්. බොරු බලාපොරොත්තු දීලා මිනිසුන් අනාථ කරන්න එපා.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.