Tuesday 16 May 2023

සිංහල ජීවන රටාව ගොඩනගන පදනම​ - කොටස් 2C : පුද්ගලයා/කෙනා

තාක්‍ෂණික හේතු නිසා එකම ලිපිය කඩ කිරීමට සිදු විය​. කොටස් 2A, 2B හා 2C යනු එකම ලිපියක් ලෙස සැලකිය යුතු වේ.

ක්‍රීඩා කිරීම:​

අද ක්‍රීඩා කිරීම කියන්නෙ සූදුවක් වෙලා. ඉංග්‍රීසි ආධිපත්‍යය හමුවේ බිහිවෙච්ච තවත් මුදල් උපයන රංගනයක් වෙලා. සුළු පිරිසක් සහභාගි වෙන අතර අති බහුතරය නරඹන පිනාලා වෙලා. තාරිකව නිෂ්ඵල, අවතාරිකව උත්තේජනයක් ලැබීම මුල් වෙලා. ඇබ්බැහි වීම තුලින් කාලය කා දමන​, නිකමුන් බිහි කරන මූලාශ්‍රයක් වෙලා. නව ජීවන රටාව තුලින් තාරික මෙන්ම අවතාරික සක්‍රීය බව රකින​, අමතර ව අනාගත අවශ්‍යතාවයන් සඳහා කඳුබඩයන් සතු තාරික හා අවතාරික හැකියාවන් වඩන ආකාරයේ ක්‍රීඩාවන් හඳුන්වා දෙනවා. මේ තුලින් සමූහයක් ලෙස කලයුතු කාර්‍යයන් කිරීමට පුහුණුවක් ලබා දෙනවා. සමූහයක් ලෙස එකම දේ පමණක් කිරීම හා විවිධ දේ කර සමූහ ඵලයක් දෙන ආකාරයේ හැකියාවන් ගොඩ නැගීම මෙහි අරමුණයි. මින් තිරිසනුන් ලෙස තනිව සියල්ල කරන්න යන ප්‍රවණතාවය වෙනස් කිරීමක් වෙනවා. අද පිරිහීමට මුල් වන ප්‍රධාන හේතුවක් වන්නේ සමූහයක් ලෙස එකතු වී තනිවම කල නොහැකි වැඩ කිරීමට තරම් හැකියාවක් සමූහයක් ලෙස අපට​නැති වීමයි. බොහෝ ජාතික මට්ටමේ වැඩ කිරීමට මුළු ජාතියම එකට වැඩ කලයුතුයි. ඒ සඳහා පෙරහුරුවීමක් මේ ක්‍රිඩා තුලින් බිහි විය යුතුයි. මෙය හැම මට්ටමකම වගකීමක් මෙන් ම අයිතියක් වෙනවා. ඉන් බැහැර වේ නම් ඒ තිරිසනෙක් ය​. ජීවත් වීම සඳහා විශාල ක්‍රියාවල් කොටස් ලෙස එකිනෙකා කල යුතු වෙනවා. එසේ කිරිමට පුහුණු කිරීම ඉගෙනීමේ කොටසක් විය යුතුයි. මෙසේ කිරීමේ දී සම්පූර්-ණ ක්‍රීඩාව හෝ ක්‍රියාවළීය ගත් කල​, ඊට අයත් හැම අංඟයක් ම හැම එකාම මාරුවෙන් මාරුවට කලයුතු වෙනවා. ඒ තුල සමානත්වය රැකිය යුතුයි. කාර්‍යය මිස තනතුරු කොටසක් නොවිය යුතුයි. මින් පද්ධතියක් ලෙස සියල්ල එකලස් විය යුතුයි.

ඉංග්‍රීසි ආධිපත්‍යය හමුවේ බිහිවෙච්ච ක්‍රීඩා තුලින් චොරයන් බිහි වීමත් තිරිසනුන් සේ එකිනෙකා පරයා යන​, තිරිසන්කම වඩන​, එකිනෙකා අතර ගැටුම් බිහිකරන​, එකිනෙකා බිඳවන​, ක්‍රියාකාරම් බොහෝ ය​. නව ජීවන රටාව තුලින් වගකීම් ගැන දැනුම දෙන, එකිනෙකා අතර සමීප බව වැඩි කරන​, පොදු ඉලක්ක සපුරාගැනීම මූළික වූ, අනෙකාගේ කාර්‍යභාරය තේරුම් ගන්න පුළුවන් පසුබිමක් නිර්-මාණය කිරීම කල යුතුයි. එසේම තාරිකව හෝ අවතාරිකව දුබලතා ඇති කරන හෝ හානි වන ආකාරයේ ක්‍රියාකාරකම් නොවිය යුතුයි. තමන් සතු තාරික හා අවතාරික සීමාවන් තුල සියළු ක්‍රියාවන් ගොඩ නැගිය යුතුයි. සමූහයක් ලෙස කොටසින් කොටස එකිනෙකා කරන ක්‍රියාවළිය, තනිවම කොටසින් කොටස කර සම්පූර්-ණ කල හැකි ලෙස තෝරාගත යුතුයි. අවශ්‍ය නව දැනුම හා තාක්‍ෂනික සහාය ලැබෙනු ඇත​. මේ සඳහා හැකි සැම විටම ජීවත් වීමට හා පැවැත්ම රැකීමට අවශ්‍ය ඵලයන් ගොඩනැගීම ක්‍රීඩා තුලින් ලැබිය යුතුයි. ක්‍රිඩාවක් යනු සීමිත කාලයක් තුල පෙරහුරුවක් ලැබීමට කරන දෙයක් මිස, එක දිගටම කාලයක් කරන ක්‍රියාවළියක් නොවේ.

දුව පැන ඇවිදීම​:

කඳුබඩයා හැබෑව තුල තිරිසනෙකි. මෙතෙක් ආ දුර ගත් විට​, වෙනස් වීම තමන් තුලින් නොව බාහිර ව කල බලපෑමකින් බව සනාථ වේ. තමන් තුලින් වූවා නම්, කඳුබඩයා බොහෝ හැකියාවන් ඇති, දැනුමෙන් අගතැන් පත් සතෙක් විය යුතු ය​. එහෙත් එවැනි හැසිරීමකට වඩා කරත්තය අදින ගොනුන් සේ හැසිරීම දැකිය හැක. කඳුබඩයාගේ තාරික-අවතාරික සබඳතාවය නිසියාකාර ව පවත්වා ගෙන යා හැකි වන්නේ උන්ට ආවේනික හැබෑ හැසිරීම තුලින් පමණි. මේ සඳහා තිරිසනකු ලෙස හැසිරෙන ආකාරය දුව පැන ඇවිදීම තුලින් අදහස් කරමි. මෙය තිරිසන් සතුන්ගේ හැසිරීමට සමාන වේ. සම්මත රටාවකට මේ හැසිරීම පවත්වා ගෙන යාමෙන් තාරික-අවතාරික සමබරතාවය රැකීම පුද්ගල මෙන් ම ජාතික වගකීමක් හා අයිතියක් වේ. මෙහිදී සූර්‍යයාට නිරාවරණය වූ එලිමහන් පරිසරයක කිරීම අත්‍යාවශ්‍ය වේ. ඉන් හැබෑ තිරිසන් උරුමය මෙන් ම නිරෝගි බව රැක ගැනීම ඉලක්කය වේ. පවතින ඉංග්‍රීසි ජඩ පාලනය හමුවේ කඳුබඩයා ද අනෙක් සතුන් මෙන් කොටුකර හිර කරපු ජීවිතයකට සීමා වී ඇත​. ඉන් බිහි වූ තාරික-අවතාරික දුබලතා මැඩීමට මෙම නව ජීවන රටාව තුලින් සිදු වේ.

ජඩයන්ගේ රාමුව තුල මේ සඳහා ගොඩ නැගී ඇති බොහෝ ක්‍රියාකාරකම් තුලින් තාරික-අවතාරික දුබලතා තව තවත් උත්සන්න වේ. වයසට හා එක් එක් පුද්ගලයාට සුදුසු වන හැබෑ ක්‍රියාකාරකම් තුලින් පමණක් ඉලක්ක සපුරා ගත යුතු වේ. තාරික ස්වරූපය ගත් කල​, එය කෑලි වලට වෙන් කල නොහැකි, එකිනෙක කොටස් අතර සබඳතා ඇති පද්ධතියකින්. එම නිසා මුළු තාරයම පද්ධතියක් ලෙස සලකා ක්‍රියාකාරකම් වල නිරත විය යුතු ය​. මෙහිදී කඳුබඩයාට සමීපතම ජීවීන් වන කඳුබඩ ගොරිල්ලන් තුලින් අවශ්‍ය හැසිරීම ගොඩ නැගිය යුතු ය​. නූතන කඳුබඩයා යනු වෙනත් එවැනි සතුන්ගේ ද මිශ්‍රණයක් බැවින්, එකිනෙකා ගේ ස්වරූපය මත ඒ ඒ සතුන් ගේ හැසිරීම එකතු කල යුතු වේ. උදාහාරණ ලෙස වඳුරන් ගේ ස්වරූපය දරන්නන් ගස් නැගීම වැනි ක්‍රියා තුලින් තම සහජ උරුමයන් පණ ගැන්විය යුතු වේ. මේ සඳහා අවශ්‍ය දැනුම රිසියන්ට ලැබෙනු ඇත​. මෙම රටාව තුලින් කඳුබඩයා මත ගොඩ නගා ඇති බහුකාර්‍යය වැඩ රටාව නිසා අඩපන වන තාරික-අවතාරික සබඳතාවය යථා තත්වයට ගෙන ඒම හරහා පැවැත්මට වන බලපෑම් අවම කිරීමක් අපෙක්‍ෂා කරමි. ක්‍රියාකාරී කාල පරාස හා වාර ගණන සම්මත තුලින් ගොඩ නැගිය යුතු ය​.

තාරික අභ්‍යාස කිරීම:​

කඳුබඩයා තම තාරික​-අවතාරික සබඳතාවය රැක ගැනීම සඳහා කලයුතු දේවල් කිව්වෙමි. දැන් කතා කරන්නෙ කඳුබඩයාගෙන් අපේක්‍ෂා කරන තිරිසන් ලොව නොකල දෑ කිරීමට පුහුණු කිරීමක් ගැනය​. අද කරන බොහො දේ අයත් වන්නේ මෙම කොටසට ය​. පවතින වහල් රටාව තුල කඳුබඩයා ගැන කිසිම තැකීමක් නැතිව වහල් සේවයේ යෙදවේ. මින් බොහෝ තාරික​-අවතාරික ආබාධයන් මෙන් ම අංග විකලවීම් වේ. ඒ පමණක් නොව උපදින දරුවන් පවා අංග විකල වූවන් වීම දැඩි අභියෝගයක් වී ඇත​. චොර තාක්‍ෂණය තුල අමාරු සියළු කාර්‍යයන් කිරීමට උපකරණයක් ලෙස යොදා ගන්නෙ කඳුබඩයා ය​. එකම දේ දිගටම කරන​, හිරකාරයකු ලෙස කොටු වීමෙන් වූ හානිය දරා ගත නොහැකි තරම් ය​. එසේම සීමාවන් ඉක්මවා යන කාල පරාසයන් වැඩට යොදා ගැනීමෙන් වෙන හානිය නැවත පිළිසකර කර ගැනීමට නොහැකි නිසා නිමක් නැති වේදනාවෙන් විඳවන උන් බොහෝ ය​. කලහැකි වෙන දෙයක් නැති නිසා, වේදනාව නොදැනීමට වස විෂ යොදා ගැනීමෙන් වන අතුරු ආබාධ බොහෝ ය​. උපතින් උරුම වන පසුබිම තුල මේ සියල්ල සාමාන්‍ය ලෙස සලකා නිහඬ ව විඳිති. වයසට යාම සමඟ වුව මේ කාලකන්නි රටාවේ වෙනසක් නොවන නිසා, මහළු විය අපාගත වූ සේ දුකෙන් ගත කරති.

කඳුබඩයා මුල් වරට කරන බොහො දේ කිරීමට සිදුවන්නේ තමන් සතු තාරික​-අවතාරික උපාංග භාවිතයෙන් පමණි. මේ නිසාත්, අත්‍යාවශ්‍ය තැනත්, කඳුබඩයා කරන කාර්‍යයයන් කිරීමට පෙර හුරුවීමක් දීම තාරික  අභ්‍යාස කිරීම ලෙස තේරුම් ගත යුතු ය​. ඉන් බලාපොරොත්තු වන්නේ හෑබෑවෙන් පිට යන ක්‍රියාකාරකම් සඳහා පුහුණු කිරීමකි. උදාහරණ ලෙස තාක්‍ෂණික උපකරණ භාවිතය සඳහා අවශ්‍ය වන හැකියාවන් ලබා දීම ගත හැක​. මේ අභ්‍යාස කිරීම සම්මත තුලින් ගොඩ නගා ගැනීම පුද්ගල සිට ජාතික මට්ටම තෙක් විහිදෙන වගකීමක් හා අයිතියක් වේ. මෙහිදී අනිවාර්‍යය අවශ්‍යතාවයක් වෙන්නෙ තාරික​-අවතාරික ක්‍රියාවලින් ජීවත් වීමට හෝ පැවැත්මට අභියෝගයක් නොවෙන ලෙස වග බලා ගැනීමයි. මෙ සඳහා අවශ්‍ය අචොර තාක්‍ෂණය හා නව දැනුම දෙමි. ඉන් කාර්‍යයන් තුලින් ගොඩ නගන පද්ධති තුල කඳුබඩයාගෙ අවශ්‍යතාවය අවම කිරීමත්, ඒ වෙනුවට වෙනත් තාක්‍ෂනික උපක්‍රම යෙදීමත් අවශ්‍ය වේ. පද්ධති ගොඩ නැගීමේ දී, කොටස් වලට කැඩීම කලයුතු වන්නේ මේ අවශ්‍යතාවය ඉටු වන ලෙස ය. යමෙක් අසමත් වේ නම් ඒ තිරිසනකු නිසා ය​.

තාරික අභ්‍යාස කිරීම එකිනෙකා අනුව වෙනස් වන අතර, වයස අනුව ද වෙනස් විය යුතු ය​. කිසි සේත් හානි වන සීමා පසු නොකල යුතුය​. හැකි සැම විටම නව තාක්‍ෂණය තුලින් තාරික අභ්‍යාස කිරීම අවම කිරීමටත්, සංකීර්-ණ වැඩ සඳහා පමණක් සීමා කිරීමත් ඉලක්කය විය යුතුයි. මෙහිදී එකම ඉරියව්වෙන් සිටීම, එකම දේ නැවත නැවත කිරීම මෙන් ම හැබෑ හැසිරීමෙන් පිට යන ක්‍රියාකාරකම් සඳහා මෙම අභ්‍යාස සාර්-ථක ව නිම කිරීම පෙර-අවශ්‍යතාවයක් වේ. මේ සඳහා ජාතික සම්මත තුලින් මැනීම කල යුතු ය​. ආදේශ කල අභ්‍යාස හෝ අසම්මත අභ්‍යාස නොකල යුතු ය​. හැබෑ කාර්‍යයන් තුලින් ම මේ හැකියාවන් වඩා ගත යුතු ය​. ජාතික අවශ්‍යතාවයන් පවත්වාගෙන යාම මෙම තාරික අභ්‍යාස කිරීම තුලින් අපේක්‍ෂිත අරමුණ වේ. අලුත් අවශ්‍යතා වලදී රිසියන් තුලින් මෙම යෝජිත ක්‍රියාවළි පෙර​-අධ්‍යයනයක් ලෙස කල යුතු වේ. කඳුබඩයා පරීක්‍ෂණ සඳහා යොදන ජීවියකු නොවිය යුතුයි. පොදුවේ කිසිම සතෙකු යොදා ගැනීම තහනම් වේ. එසේ කිරීම පැවැත්මට කරන අභියෝගයක් වන්නේ ය​. ම්ලේච්ඡ කොලනි පාලනය තුල සතුන් යොදා ගැනීම නිසා උන්ට වන හානිය අති මහත් බව සඳහන් කරමි. එය අපට තරම් නොවන නිහීන ක්‍රියාවකි. කඳුබඩයාගෙ අවශ්‍යතා ඉටු කර ගැනීම කඳුබඩයා විසින් ම කර ගත යුතු ය. සියල්ල අදිසි පාලනය තුලින් අධීක්‍ෂණය විය යුතු ය​.

විවේක ගැනීම:​​

විවේක ගැනීම කියන්නෙ අපි එදිනෙදා කරන කියන දේවල් වලින් වගේ ම ඉන්න පරිසරයෙන් ඈත්වීම කියල අරුත් දෙන්න පුළුවන්. මින් අදහස් කරන්නෙ නිදා ගැනීමවත් ඇහරිල ඉන්න එකවත් නොවෙයි. මේක අද කඳුබඩයන්ට අහිමි වෙච්ච හැබෑ තිරිසන් උරුමයක්. මේක සතුන් තුලින් දකින්න පුළුවන් අවශ්‍යතාවයක්, කෑමක් ගත්තට පසුව සතුන් විවේක ගන්නවා. ඒ වගේම ලෙඩක් දුකක් ඇති වුනාම අපට විවේකය අවශ්‍ය වෙනවා. සමහර විට විවේක ගැනීම නොකල නිසා මැරිලා වැටෙන අවස්ථා පවා තියෙනවා. අපි ජීවත් වෙන්නෙ ජීවිතය මරණය සම සම ව උරුම පරිසරයක​. අපි නොදැනුවත් ම ලෙඩ රෝග හදන කොටස් අපේ ශරීරගත වෙන්න පුළුවන්. ඒ වගේම තේරුම් කල නොහැකි තාරික හෝ අවතාරික බලපෑම් නිසා විවේක ගන්න ඕන​. මෙහි ඉලක්කය තාරික හා අවතාරික කොටස් යථා ලෙස පවත්වෑගෙන යාමයි​. අද බරපතල යයි නොසිතන විට නිවාඩු දෙන්නෙ නැහැ. ඒ වගේම අමාරුව දැනුනත් ගණන් ගන්නෙ නැහැ. නැත්නම් වෙන වගකීම් නිසා ඒක නොසලකා හරිනවා. ඉන් ජීවිත කාලය අඩු වෙනවා. මගේ අරමුණ ඒ කාලය වැඩි කිරීමයි. මෙම රටාව ඒක අරමුණු කරගත් දෙයක්. විවේක ගැනීම පුද්ගල සිට ජාතික මට්ටම තෙක් විහිදෙන අයිතියක් මෙන් ම වගකීමක්. සම්මත තුලින් පසුබිම් තොරතුරු තහවුරු කරගන්න ඕන​. දෙන නව වෙද දැනුම තුලින් මේ අයිතිය තහවුරු කරන තීරණ ගනු ඇත​. එනම් ඉන් දෙන උපදෙස් අනුව විවේක ගන්න ඕන​. ඒ ගැන රිසියන් පමණක් දැන සිටියම ඇති. අහිතකර ලෙස මෙම අයිතිය අවභාවිත වීම ඉන් නවතනවා. එසේම අවශ්‍ය විට තහවුරු කරන විදියක්.

වැඩ කරන විදියේ වෙනස සමඟ අද මුහුණදෙන බොහෝ අභියෝගයන් විසිඳෙනු ඇත​. විවේක ගැනීමෙ ප්‍රධාන පරමාර්ථය තාරික හා අවතාරික නිරෝගී බව පවත්වාගෙන යාමයි. කඳුබඩයා තිරිසනකු ලෙස, අද කරන තිරිසන් නොවන ක්‍රියා සඳහා බිහි වී නැහැ. ඒ නිසා අසාමාන්‍ය ක්‍රියා කරන කොට නොදැනුවත්ව ම තාරිකව හා අවතාරික ව දැඩි පීඩනයක් එල්ල වෙනවා. උදාහරණ ලෙස එක තැන ඉඳගෙන පැය අටක් වැඩ කරන කොට ඉන් දැඩි හානියක් වෙනවා. පවතින ජඩ ක්‍රමය තුල ගැහැනුන් බහුතරයක් එකම කාර්‍යයේ දිනපතා යොදවා වහළුන් ලෙස වැඩ ගන්නවා. මින් වන හානි භයානකයි. පිරිමින් යන්ත්‍ර සූත්‍ර ලෙස යොදවනවා. ඒ වගේම නිෂ්පාදන කර්-මාන්තයේ වේගය දරා ගත හැකි උපරිමය දක්වා වැඩි කරලා. මේක ජීවත් වීමට හා පැවැත්මට බරපතල තර්ජනයක්. ඒ නිසා එවැනි ක්‍රියාවල යෙදෙන්නන් සම්මත තුලින් විවේක ගැන්වීම කල යුතුයි. නොසලකා හැරීම ජඩකමකි. උපදින්නෙ ජීවත් වීමට බව නැවත මතක් කරමි. සම්මත පැය හයකට සීමා වන කාලයක් වැඩ කිරීම හා නව තාක්‍ෂණික විදි හරහා වන තාරික​-අවතාරික හානිය අවම කිරිමට අවශ්‍ය දැනුම දෙමි.

අනතුරු වැලකීම හා ප්‍රතිකාර කිරීම​:

අපේ පෙර දැනුමකින් තොරව අපේ තාරික​-අවතාරික කොටස් වලට හානි විය හැකි සිදුවීම් අනතුරු ලෙස හඳුන්වන්න පුළුවන්. අපේම වරදකින් හෝ වෙනත් කෙනෙකුගේ වරදින් මෙන් ම වෙනත් සතුන්ගෙන් වුව අනතුරු විය හැකියි. එසේ ම හෑබෑව තුල බොහෝ අනතුරුදායක සිදුවීම් වෙනවා. අපේ ප්‍රථම උත්සාහය විය යුත්තේ මෙම අනතුරු හඳුනාගෙන වැලකීමට උත්සාහ කිරීමයි. එහෙත් සමහර අනතුරු දකින්නේ හානිය වුනාට පසුයි. එවැනි අවස්ථා වලදී නැවත අනතුරු වීම වැලකීම සඳහා සිදු වූ ආකරය හා පසුපස ඇති කරුණු සොයා බලා නිසි පිළියම් යෙදිය යුතුයි. අපි ජීවත් වෙන්නෙ ජීවිතය හා මරණය සම සමව බෙදී ඇති තැනක​. ඒ නිසා අනතුරු වීම අපේක්‍ෂා කල යුතු වේ. අවශ්‍ය ලෙස පරිසරය සැකසීම හා අනතුරු වැලකීම පුද්ගල සිට ජාතික මට්ටම තෙක් වගකීමක් හා අයිතියක් වේ. නොකිරීම නිසා කෙනෙකුගේ ජීවිතයට මෙන් ම පැවත්මට හානි වේ. එය බරපතල වරදකි. අද භාවිතා වන චොර තාක්‍ෂණය අනතුරු බහුල ජීවිතයට දැඩි බලපෑම කරන එකක් බව මතක් කරමි. උගුල් ඇටවීම හා අමතර කොටස් සැපයීම සඳහා බොහෝ රහසිගත උපක්‍රම යෙදීම නිසාත් උපකරණ වල ක්‍රියාකාරිත්වය දැනගත නොහැකි නිසාත් අනතුරු වීම වැලැක්විය නොහැකි ය. ඒ වෙනුවට අචොර තාක්‍ෂණය යෙදවිය යුතු ය​. අමතරව උපකරණ වල ක්‍රියාකාරිත්වය මෙන් ම ක්‍රමාණුකූල ලෙස ගැලවීම සහ සවිකිරීම නිපැයුම් වල කොටසක් විය යුතු ය​. අවශ්‍ය තැන භාවිතා කරන්නාට අවශ්‍ය දැනුම ලබා දිය යුතු ය​.  නොදැන භාවිතය වරදකි. අවශ්‍ය දැනුම හා තාක්‍ෂණික උපක්‍රම මම දෙමි.

අනතුරක් වූ විට නිසි ප්‍රතිකාර කිරීම, කලින් පැවති තත්වයට තාරික හා අවතාරික කොටස් පත් කිරීම කාගෙත් පුද්ගල සිට ජාතික මට්ට​ම තෙක් විහිදෙන වගකීමක් හා අයිතියක් වන්නේ ය​. අවශ්‍ය තැන​, එසේ කල නොහැකි නම්, තාක්‍ෂණය තුලින් විසඳුම් දිය යුතු වේ. ඉලක්කය විය යුත්තේ තමන්ගේ ජීවත් වීමේ අයිතිය අහිමි නොවිය යුතු ය​. මින් අදහස් කලේ වෙනත් කෙනෙකුගේ උදව් නැතිව ජීවත් වීම ය යන්නයි​. මීට පටහැනි ලෙස අනතුරු වේ නම් එවනි ක්‍රියාකාරකම් තහනම් විය යුතු ය​. අද චොර ප්‍රවාහනය තුලින් වන අනතුරු බොහෝ ය​. එය තහනම් විය යුතුයි. ඒ වෙනුවට අචොර තාක්‍ෂණය හා දැනුම දෙමි. අවශ්‍ය ප්‍රතිකාර දැන සිටීම කාගෙත් පුද්ගල සිට ජාතික මට්ට​ම තෙක් විහිදෙන වගකීමක් හා අයිතියක් වන්නේ ය​. පවතින චොර ක්‍රම තුල අනතුරු වීම යනු වෘත්තිකයන්ගේ සූරාකෑමට ලක් වන උගුලකි. නිසි ප්‍රතිකාර හා කලයුතු ආකාරය සම්මත තුලින් ගොඩ නගා වෘත්තීය සුදුසුකම් සැමට ලබා ගත හැකි අයුරු රටාව සකසිය යුතු ය.

කඳුබඩයා තම තිරිසන් හැසිරීමෙන් පිට යන්න යන්න, අනතුරු වීමේ ඉඩකඩ වැඩි වන නිසා, අනතුරු වැලකීම හා ප්‍රතිකාර කිරීම ජීවන රටාවේ වැදගත් අංගයක් විය යුතු ය​. මේ බව දැන නව තාක්‍ෂණික මෙවලම් සැකසීම තුලින් බොහෝ අනතුරු වලකා ගත හැක​. අළුත් තාක්‍ෂණය මේ සඳහා දෙමි. ප්‍රතිකාර තුලින් අනතුරු නිසා වන තාරික හා අවතාරික දුබලතා යථා තත්වයට එන තෙක් කලින් සඳහන් කල පරිදි විවේක ගත යුතු වේ. මෙය පුද්ගල අයිතියක් වන අතර ජාතික වගකීමකි. අනතුරු වැලකීම මුල් තැන ගත යුතු වේ. නැවත නැවත අනතුරු වේ නම් කඳුබඩයන් වෙනුවට වෙනත් ආකාරයේ විසඳුම් දිය යුතු ය​. විශේෂයන් ම වැඩිහිටියන් අනතුරු වලින් බේරා ගැනීම සඳහා විශේෂ උත්සාහයක් ගත යුතු ය​. එදිනෙදා තාරික හා අවතාරික අවශ්‍යතා සඳහා හදන පහසුකම් තුල අනතුරු නොවන ආකාරයේ නිර්-මාණ යොදා ගත යුතු වේ. අද බොහෝ කඳුබඩයන් ලෙස කූඩු වල හැදුනු සතුන් ඉපදී ඇත​. ඔවුන් කරන හැම දේකම කූඩු කිරීමක් වන බව දකිමි. ඒ නිසා පැහැදිළි සම්මත තුලින් කඳුබඩයාගෙ තාරික ස්වරූපයට සරිලන ආකාරයට ඉඩ කඩ තීරණය විය යුතු වේ. අල්ලන තැන්, පය තබන තැන් මෙන් ම යන එන තැන් ද, නිදන, කල් ගත කරන තැන් ද අනතුරු වැලකෙන ලෙස සැකසිය යුතු ය​. මේ සඳහා අවශ්‍ය නව දැනුම හා තාක්‍ෂණය දෙමි. මෙහිදී විවිධත්වය ඉස්මතු කරනවාට වඩා හුරුපුරුදු බව රැකෙන සේ භාවිතය කල යුතු ය​. හැම විටම ජීවත් වීම සහ පැවත්ම පදනම් ලෙස ගෙන කටයුතු කිරීමෙන් අනතුරු අවම වනු ඇත​. චොර තාක්‍ෂණය භාවිතා නොකල යුතු ය​.

ලෙඩ දුක් වැලකීම හා ප්‍රතිකාර කිරීම:

​මෙතෙක් පැවති රිසියන් හරහා සමාජයට සේවා සැපයීම ජඩයන් හා බොරුවෙන් වංචාවෙන් දිවි ගෙවන හිඟනුන් නිසා අවභාවිතයටත් පිරිහීමටත් ලක් වී ඇත​. ඒ නිසා ලෙඩ දුක් හඳුනාගැනීම​, වැලකීම මෙන් ම ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වන දැනුම පුද්ගල අයිතියක් හා වගකීමක් කරන අතර, අදිසි පාලනයේ අධීක්‍ෂණය යටතේ ජාතික මට්ටමේ වගකීමක් ද විය යුතු ය​. මෙහිදී සුවිශේෂ දැනුම රිසියන් තුලින් ලබා දිය යුතු ය​. සේවා සැපයුමට පුද්ගලයන් බර දැරිය යුතු නොවේ. එසේ කිරීම තාරික හා අවතාරික පැවැත්මට කරන අභියෝගයකි. ලෙඩ දුක් හඳුනාගැනීම​, වැලකීම මෙන් ම ප්‍රතිකාර කිරීම ඒක පුද්ගල තීරණ නොව ජාතික තීරණ තුලින් විය යුතු ය​. මේ සඳහා නව ආකාරයක වෙදකමක් හා අවශ්‍ය දැනුම මෙන් ම තාක්‍ෂණය දෙමි. ඒ තුලින් නොකඩවා නිරෝගී බව තහවුරු කෙරෙන අතර, අවශ්‍ය තැන ක්‍ෂණිකව ප්‍රතිකාර දීම මුල් තැන ගනු ඇත​. චොර විදි හරහා කරන නිර්-ණය වෙනුවට තමන්ට අදාළ වන ආකාරයේ තොරතුරු තුලින් තීරණ ගන්න නව දැනුමක් දෙමි. එසේම කෑලි වලට කඩා ලෙඩ දුක් හඳුනාගැනීම​, වැලකීම මෙන් ම ප්‍රතිකාර කිරීම මුල් කරගත් චොර විදියට වඩා, තාරික හා අවතාරික ස්වරූප අනුව කරන අචොර විදියක් දෙමි. චොර විදියෙන් බොහෝ විට මරණාසන්න වන තුරු ප්‍රතිකාර දීම පමා වේ. මෙය වෙනුවට ආරම්භක අවස්ථාවේදී ම හඳුනාගැනීම සඳහා අවශ්‍ය වෙද දැනුම දෙමි. එහෙත් මුල් තැන දෙන්නෙ වැලකීමට බව කියමි. එනම්, ගත යුතු කෑම වැනි දෑ නිසි ලෙස ගැනීම, කල යුතු දෑ නිසි ලෙස කිරීම, හා ලෙඩ දුක් වැලකීම සඳහා ගොඩ නගන සම්මත තුලින් වැලකීම සඳහා අවශ්‍ය විදි දෙමි. සිංහල ජීවන රටාව යනු ජීවත්වීම හා පැවැත්ම හරියාකාරව කරන රටාවක් බව මතක් කරමින් ඒ තුලින් පිළිතුරු ලබා දෙමි. යමෙක් ඉන් පිට යයි නම් තිරිසනෙකු ලෙස සලකා තිරිසන් බව ලබා දිය යුතු ය​.

ලෙඩ දුක් වැලකීම හා ප්‍රතිකාර කිරීම මුල් කරගෙන පැවැති සිංහල දැනුම අද නැසී ඇත​. අද වෙදුන් ලෙස පෙනී සිටින්නේ හිඟමනේ විත් බැලමෙහෙ කර ලබාගත් දැනුමෙන් යැපෙන කාලකන්නියන් ය​. හොරකම් කිරීමෙන් හා හිතළු පිරි දැනුමෙන් මුදල් ඉපැයීම මුල් කරගත් මුලා කිරීමක් වේ. ඒ අතරේ ඉතා සුළු පිරිසක් ළඟ මුල් දැනුම ඇත. උන් ලබාගෙන ඇත්තේ බැලයන් ලෙස කල සේවයට හා වෙන දෙන්න කෙනෙක් නැති නිසා මියැදෙන එක වැලකීමට ය​. මෙම වෙදකම බොහෝ පැරණි එකකි. එය අදට ගැලපීමක් නැත​. ඉංග්‍රීසින් හඳුන්වා දුන් චොර වෙදකම නිසා හා චොර දේ නිසා හැදෙන ලෙඩ දුක් වලට ඉන් පිළිතුරු නැත​. ඒ දැනුම දුන් සමයේ මිනිසුන් නිරෝගී මෙන් ම ශක්තිමත් උන් විය​. අද මෙන් පාන්ඬු කාරයන්, ආබාධිතයන් නොවීය​. අදට ගැලපෙන මෙන් ම අනාගතයටත් ඔබින වෙදකමක් සිංහලයන්ට දෙමි. එය මුලුමනින් ම ගොඩ නැගෙන්නේ අපි සැකසී ඇති ආකාරය මත නිසා අනාගතයටත් ගැලපෙන්නේ තාරිකව අපේ වෙනස්කම් නොවන නිසා ය​. එසේම එක එකා මත අන්ධයන් සේ යැපීමට ද අවශ්‍ය නොවේ. සිංහලයන්ට දෙනවා කීමෙත් කඳුබඩයන්ට දෙනවා කීමෙත් අතර ලොකු වෙනසක් ඇත​. ඒ බව තේරුම් ගත යුතු ය​. අවභාවිතය තුලින් වන හානිය වැලකිය යුතු වේ.

ප්‍රතිකාර කිරීම යනු චොරයන් කියන සේ එක ලෙඩක් වෙනුවට තව ලෙඩ දෙක තුනක් හදා ගැනීම නොවේ. එනම්, නැවතත්, ලෙඩ වීමට පෙර පැවති නිරෝගී බව තහවුරු කිරීම ය​. බොහෝ විට එය අසීරු විය හැක​. හේතුව ලෙඩ දුක් තුලින් වෙන හානිය විශාල නම් නැවත මුල් තත්වයට ගෙන ඒමට තරම් ප්‍රබල, සුව කරන අංග අප සතු නොවීමයි. එය හිරුකමේ කොටසකි. ඉන් බලාපොරොත්තු වන්නේ එවැනි හානි නොකරගැනීමට පෙළඹවීමත්, එසේ වී නම් මරණය තුලින් පාඩමක් ඉගැන්වීමටත් ය​. බොහො තිරිසනුන් සුළු තුවාල වලින් මැරෙති. ඒ වෙනත් සතුන් තුවාල හරහා බෝ කරන ලෙඩ නිසා ය. බෙහෙත් තියෙනවා කියා ලෙඩ රෝග හදා ගැනීමට මුල් වන ආකාරයේ හැසිරීමක් තුලින් වන්නෙ තව තවත් ලෙඩ දුක් හදාගැනීමකි. එය ජඩයන් කරන දෙයක් වේ. හැම විටම ලෙඩ දුක් වැලකීමට මුල් තැන දිය යුතු වේ. එය පුද්ගල සිට ජාතික මට්ටම තෙක් විහිදෙන අයිතියක් මෙන් ම වගකීමක් වේ. චොර සමාජය තුල බොහො ලෙඩ දුක් බහුලවීමට හේතු වන්නෙ නොදැනුවත්කම නිසා අන් ධ විශ්වාසයෙන් වෙන චොර හැසිරීම නිසාය​. එය ජඩයන් කරන දෙයකි. ජඩයන් සිටිය යුත්තේ අපායක ය​. අනාගතයේ හැකි තරම් සතුන්ට කඳුබඩයාට හිමි දේ උරුම විය යුතු ය​. උන් ද තාරිකව හා අවතාරිකව උපරිමයෙන් පවත්වාගෙන යාමෙ වගකීම කඳුබඩයන් ගත යුතු ය​. වෙදකම් සඳහා ජීව ධාතු පමණක් භාවිතා කල යුතු ය​. අජීවී කොටස් හෝ අංගෝපාංග භාචිතය නොකල යුතු ය​. මෙහිදී තාරික කොටස හැදෙන්නෙ අනෙක් ජීවින් ගේ කොටස් තුලින් පමණක් බව දත යුතු ය​. අද ජඩයන් තම තාරික උපාංග විනාශ කරගෙන අනුන්ගේ උපාංග තුලින් ජීවත් වීමට වෙර දරති. මෙය පිශාචයන් කරන දෙයකි. කිසිසේත් වෙදකමක් නොවේ. පිශාචයන් ද සිටිය යුත්තේ අපායක ය​. ගනයන් වෙසින් සිටින පිශාචයන් අංගෝපාංග දීමට පොළඹවති. එයට ගොදුරු වන්නෙ අමන සතුන් ය​. ඉන් පෙන්වන්නෙ උන් තම තාරික ස්වරූපය නොරකින බවකි. උන් ද ගනයන් ද කඳුබඩයන් නොවිය යුතු ය​. තම ශරීරය රැකගෙන ජීවත්වීමත් එය අභාවයට යන විට මරණයත් අපේක්‍ෂා කල යුතු ය​. එසේ නොකිරීම ආයුෂ වඩා ගැනීමක් නොවේ. ආයුෂ වඩා ගැනීම යනු හැබෑ ජීවිතය පවතින කාලය වැඩි කිරීමක් මිස මිය ගිය ශරීරයක එල්ලී සිටීම නොවේ.

අපේ ජීව දත්ත ඉතා වැදගත් වේ. අද ජඩයන් ඒ තුලින් ලෙඩ බෝ කර හෝ ලෙඩ බිය තුලින් මුලාකර හෝ මුදල් සෙවීම කරති. ඒ නිසා ජීව දත්ත රැකීම අදිසි පාලනයේ අධීක්‍ෂණය යටතේ විය යුතු පුද්ගල සිට ජාතික මට්ට්‍ම තෙක් විහිදෙන අයිතියක් හා වගකීමක් වේ​. තොරතුරු රැස් කිරීමේදී පුද්ගල අනන්‍යතාවය දැන සිටිය යුත්තේ අනුමැතිය ලද උන් පමණි. රිසියන්ට හෝ ඉගෙන ගන්න උන්ට ලබා ගත හැක්කේ නමින් නොකියා දෙන දත්ත පමණි. ආරික නියෝජනය තුලින් ආරට වැදගත්‍ වන තොරතුරු එක් රැස් කරගත යුතු වේ. එය ආරික රැකීම සඳහා පමණි. අවභාවිතය වඳ කිරීමට සුදුසු නියත වරදකි. දරුවන් බිහි කිරීමට සුදුසු බව තීරණය කිරීම හා ලෙඩ දුක් වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙම දත්ත අවශ්‍ය වේ. එසේම ලෙඩ දුක් නිර්-ණය කිරීමට ද මෙම දත්ත අවශ්‍ය වේ. ගොඩනගන වෙදකමේ අවශ්‍යතා මේ තුලින් කීවෙමි. මෙය බුධකම, හිරුකම​, කුජකම, ගුරුකම තුලින් බිහිවෙන විෂයයකි. සිංහලයන්ට ඒ ගැන විස්තර ලැබෙනු ඇත​.

ගැටුම් වැලකීම:

තිරිසනුන් ලෙස කඳුබඩයා ගත් විට ඇතිවන ගැටුම් බොහෝ ය​. සියල්ලන් එක සමාන යයි සිතන මෝඩ මතය නිසා ඔක්කොම එක ගොඩට දමා සලකන ඉංග්‍රීසි ම්ලේච්ඡ මැර පාලනය තුල​, ගැටුම් වැලැකීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් පත් කර නඩත්තු කරන මැර හමුදාවන් හා ආයතන ඇත​. ඒ තුලින් ගැටුම් වැලකීමට වඩා තවත් තියුණු කිරීමක් වේ. පක්‍ෂග්‍රාහී වීම හා නොයෙකුත් බලපෑම් නිසා, සාධාරණය ඉටු වීමක් නොව වින්දිතයා චූදිතයා කරන ආකාරයෙ වංචනික හැසිරීමක් වුව දැකිය හැක​. ජඩයන් පිරි පාලන රටාවක එකෙක් අභිබවා යාමේ බලය අනෙකකුට දීමෙන් වන්නේ බලය අවභාවිතයකි. මෙය ජඩයන් විසින් තම වාසිය තකා යොදා ගැනීමෙන් ගැටුම් බහුල අරාජික සමාජයක් බිහි වේ. අද ගැටුම් වැලකීම සඳහා කිසිදු මගක් නැත​. මැරයන් මුල් තැන ගත් විට, උන්ට ඕනෑ පරිදි සියළු නීති රීති අරුත් දීම සිදු වේ. තමන් මොන දේ කලත් නිදොස් ය. අනෙක් උන් නොකලත් දොස් ය. අද ඇත්තේ මෙවන් සමාජයකි. ඒ තුල ජීවත් වීම ඉතා අවදානම් සහගත වේ. මර බියෙන් ජීවත් වීමට සිදුවීම නිසා ජාතිකත්වය බිඳ වැටේ. රට අගාධයට යයි. අපි එය අත්දකිමින් සිටිමු. බිහි කරන නව ජීවන රටාව තුල බලලත් මැරයන් නැත​. තනි තීරණ ගන්න විනිසුරුවන් ද නැත. නීති රීති රකින්නන් රැකීමත් කඩන්නන් තිරිසන් ලෙසත් සලකා කටයුතු කිරීම මුල් වේ. එපා යයි සම්මතයෙන් ගොඩ නගා ඇති උපදෙස් නොපිලිපදින උන්ට පිළිපදින උන්ට  මෙන් සැලකීම ජඩ වැඩකි. අගතියක් වී නම්, එයට විසඳුම් සෙවීමේ දී තමන් සම්මත රැකි බව සනාථ කල යුතු වේ. නොඑසේ නම් ලැබෙන ආවරණය අහිමි විය යුතුයි. උදාහරණ ලෙස බලපත් ලාභි ඝාතකයන් නැත​. කවුරු හෝ ඝාතන කරයි නම් ඒ තිරිසනෙකි. හැබෑව තුල තම දිවි ගලවා ගැනීමට බේරා ගැනීමට අවශ්‍ය වුවහොත්, නීති රීති නොසලකා ඝාතනය කිරීමෙන් වුව තම ජීවිත රැක ගැනීම අයිතියකි. එසේ නොවන උන් තිරිසනුන්ට හිමි ඵලය නෙලා ගත යුතුයි. උදාහරණ ලෙස යමෙක් ගවයන් ඝාතනය කරයි නම්, නිදහසට එසේ කලේ කෑමට යයි කියයි නම්, එය තිරිසන් ලොවේ වෙන සාමාන්‍ය දෙයක් වේ. උන්ට ජීවිත ආරක්ක්‍ෂාව දිය යුතු යයි සිතීම විහිළුවකි. එසේම ඝාතනයට රුකුල් දීමකි. ඝාතනය ජීවත්වීම හා පැවැත්ම රැකීමට පටහැනි දෙයකි. ඒ නිසා කෑමට යයි කියන ඝාතකයන් කිඹුලන්ට ගොදුරු ලෙස යමෙක් දෙයි නම්, එය වරදක් නොවන්නේ ය​. ජීවන රටාව තුල ජීවත්වීම හා පැවැත්ම රැකීමට අවශ්‍ය ආකාරය ගොඩ නැගිය යුතු සේ ම​, ඉන් පිට යාම වැලකීමට මෙවන් පියවර ගත යුතු ය​. ඝාතනය තහනම් යයි කී පමණින් ඝාතනය නවතින්නෙ නැත්තේ අප අතර තිරිසනුන් සිටින නිසා ය​. එහෙත් තිරිසනුන් වුව මැරෙන්න භය නිසා රැකවරණය නැති තැන ඝාතනයෙන් වැලකෙනු ඇත​. ගැටුම් ඇති වන්නේ තිරිසන්කම අප තුල ඇති නිසා ය​. තිරිසන්කමේ ස්වරූපය සියල්ලන් දැනුම තුලින් හැදෑරීම නිසා ගැටුම් වැලකීමට ඒ ගැන ඉගෙනීම පුද්ගල සිට ජාතික මට්ටම තෙක් වන අයිතියක් මෙන්ම වගකීමක් වේ.

අපේ විවිධත්වය යනු අපේ උරුමයකි. එකිනෙකා ලෙස යන මග එකිනෙකාට වෙනස් ලෙස තේරීමක් අපේ නිර්-මාණය තුල ඇත​. එනම් අපි හැම දෙනාම එකිනෙකාට වෙනස් වීම හැබෑවයි. ඒ අනුව පරස්පරතා හඳුනාගෙන සමීපව යන අය එක්වීමත්, දුරස්ත අය වෙන් කිරිමත්, තමන් ගේ හඳහන තුලින් හා ජීවිතය තුල ලබාගත් හැකියාවන් ගේ එකතුවෙන් මෙන් ම දරණ තාරික හා අවතාරික ප්‍රවණතාවයන් තුලින් වෙන් කිරීම තීරණය කරන සම්මත යොදා ගත යුතු වේ. මෙහිදී එකම තලයක සිටින්නන් හා එකම දේ කරන්නන් අතර යම් එකඟතාවයන් ඇති වුව ද​, ගැටුම්කාරී සබඳතා වෙන් කිරීම ජාතික වගකීමකි. එසේම පළමුව ගැටුම් විසදීමට මුල් තැන දීමත්, එය අසාර්ථක නම් වෙන් කිරීමත් විය යුතු ය​. මෙහිදී තම තේරීමට ඉඩ දී නිරීක්‍ෂණය කල යුතු ය​. නැවත නැවත ගැටේ නම් වෙන් කිරිම කල යුතු ය​. ඒ සඳහා අවශ්‍ය පහසුකම් පොදු සේවා තුල බිහි කල යුතු ය​.  ඔක්කොම එක ගොඩට දමා සලකන ඉංග්‍රීසි ම්ලේච්ඡ මැර පාලනය අකා මකා දැමිය යුතු ය​. වරදක් කල පමණින් ඒ සියල්ලන් එකම යයි සැලකීම සපුරා තහනම් කෙරේ. පුද්ගල ස්වරූපයට මුල් තැන දිය යුතු ය. සමානයන් විසිරවීම සඳහා ගැටුම් කාරි වන ලෙස අප සැකසී ඇති බව තේරුම් ගත යුතු වේ. ගැටුම් නොවේ නම් අපි කූඩලු පොදියක් සේ එකට ගුලි වී සිටිනු ඇත​. මෙය කඳුබඩයාගෙන් අපේක්‍ෂිත හැසිරීම නොවේ. ඒ නිසා ගැටුම් යනු වෙන් වීමට දෙන ඉඟියක් ලෙස සලකා කටයුතු කල යුතු ය​.

 අද එක එකා හදාගත් ජඩ නීති අනුන් මත පටවා, ගැටුම් වැලකීම කෙසේ වෙතත් තමන්ට වාසි වන ලෙස විසඳුම් දෙති. නීතිය මොකා හැදුවත් එය තමන්ගේ වෙන්නෙ තම කැමත්ත ඇති තාක් පමණක් වන ලෙස රටාව ගොඩ නගමි. ගොඩ නගන සම්මත තුලින් ජාතික සුදුසු කම් ඇති ඕනම කෙනෙකුට නීති රීති සැකසීමට ඉඩ දිය යුතු සේ ම,​ භාවිතය තමන්ගේ කැමත්ත අනුව සිදු විය යුතු අතර​, තාරික හා අවතාරික ක්‍රියාකාරකම් වලට කෙලින් ම සම්බන්ධ විය යුතු ය​. නැවත නැවත විවිධ අරුත් දීම නොවිය යුතු ලෙස වචන තෝරා ගත යුතු වේ. ගොඩ නගන සම්මත තුලින් ජාතික සුදුසු කම් ඇති ඕනම කෙනෙකුට ඕනෑම ගැටුමක් ගැන තම මතය දැක්විය හැක​. මෙය තමන්ට අනුව වරදක් වී ද නැද්ද යන්න මිස දිය යුතු දඬුවම තීරණය කිරීමක් නොවිය යුතු ය​. පවතින ජඩ ක්‍රමය තුල වෘත්තිකයන් සර්-වබලධාරී වියරුවක් මවා ගෙන තනි මතයක් ගැනීම හා එකම වරදට තමන්ට කැමති දඬුවමක් තීරණය කිරීමත් ගත් කල, මෙය යුක්තිය සාධාරණය අහිමි කිරීමක් වේ. වරදක් කලේ නම්, ඒ වරද කවුරු කලත් දඬුවම එකක් වන ලෙස වරද හඳුනාගැනීම පුද්ගල සිට ජාතික තලය දක්වා විහිදෙන අයිතියක් මෙන් ම වගකීමක් වේ. එය කලින් කලට වෙනස් නොවිය යුතු ය​. ඒ තුලින් යමෙක් තම තනි මතය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ජඩයෙක් ලෙස දැකිය යුතු වේ. වෘත්තිකයන්ගේ කල්ලියක් ලෙස බූරු දේශපාළුවන් අන්දා කරන ජඩ වැඩ වැනි දේ අපරාධ ලෙස සැලකිය යුතු වේ. ඔවුන් අකා මකා දැමිය යුතු කොටසකි. සම්මත තුලින් ජාතික සුදුසුකම් ඇති ඕනම කෙනෙකුට තීරණ අභියෝගයට ලක් කල හැකි විය යුතු ය. ගැටුම් වලට මුල් වන අයුක්තිය හා අසාධාරණය නැති කිරීමෙන් ගැටුම් වැලකීම මුල් තැන ගත යුතු වේ. සම්මත තුලින් ජාතික සුදුසුකම් ඕනම කෙනෙකුට ලබා ගැනීමට පුද්ගල අයිතියක් මෙන් ම වගකීමක් ඇත. එසේම තමන් රිසි කෙනෙකුට තම නියෝජනය කල හැක. අවසන් තීරණය වන්නේ තමන් හෝ තමන් රිසි කෙනෙකු බහුතරය ගන්නා තීරණය පිළිගනී නම් පමණි. තම වරද පිළීගැනීමත් එයට හිමි දඬුවම විදීමත් සිංහලයන් කල යුතු ය​. පවතින ජඩ පාලනය තුල එකෙක් ගන්නා තීරණය තව එකෙක් උඩු යටිකුරු කල ද, ඉන් එහාට කිසිදු බලපෑමක් නැත. මෙය ඉතා අසාධාරණ දෙයකි. අපරාධකාර මිනීමරු මංකොල්ලකාරයන් හා ජඩයන් හදන නීති තුලින් යුක්තිය හා සාධාරණය බලාපොරොත්තු වීම මුලාවකි. යමෙක් වැරදි තීරණ ගනී නම් එවැන්නන් නැවත තීරණ ගැනීම නොකලයුතු ය. උන්ගෙන් ජීවන රටාවට වන්නෙ අයහපතක්ම ය. තීරණ ගැනීම හා ඊට අවශ්‍ය සම්මත තුලින් ලබන ජාතික සුදුසුකම් හා එසේ සුදුසු වන අයගේ ක්‍රියාකාරකම් අදිසි පාලනයේ අධීක්‍ෂණයට ලක් විය යුතු ය​. දැනුමෙන් පෝෂණය වීම හා පෙරහුරුව තුලින් ගැටුම් වීමේ ප්‍රවණතාවය අවම කල හැක​. අත්දැකීම් නැති තැන ගැටුම් ඇති වේ. ඒ නිසා අත්දැකීම් ලබා ගැනීම හා දීම පුද්ගල සිට ජාතික තලය දක්වා විහිදෙන අයිතියක් මෙන් ම වගකීමක් වේ.

ගැටුම් යනු හැඟීම් තුලින් දැනෙන නොරිසි (නුරුස්සන​) කමේ සිට කෙනෙකුට පහර දීම​, බැන වැදීම, ඝාතනය කිරිමට උත්සාහ කිරීම හා කෙනෙක් හෝ පිරිසක් ඝාතනය කිරීම දක්වා විශාල පරාසයක වන සිදුවීම් රැසකි. බොහො විට පටන් ගන්නේ නොරිසි (නුරුස්සන​) කමෙනි. ඒ මොහොතේම සම්මත තුලින් ගොඩ නැගූ ක්‍රියාමගවල් ගනී නම් සරලව විසඳිය හැක​. එහෙත් කඳුබඩයන් ලෙස උපන් තිරිසනුන් නම් ඝාතනය කිරීම මුල් හා අවසාන උත්සාහය වන්නේ එය තිරිසන්කමේ කොටසක් නිසා ය​. මෙය වැලකීමට හඳහන හා තාරිකවත් අවතාරිකවත් ඉගෙනීම තුලින් ලබාගන්න ප්‍රථිඵල අනුව හඳුනා ගත හැක​. මෙය අදිසි පාලනයේ අධීක්‍ෂණය යටතේ කල යුතු ය​. එකට සිටින සමූහයන් ගොඩ නැගීමේදී ගැටුම් වැලකීමට මුල් වන ආකාරයට කල යුතු ය​. පෙරහුරු වලදී නොගැලපෙන උන් එකට තබා ගැටුම් ඇතිවන ආකාරය පිළිබඳව දැනුම උන් සතු කල යුතු වේ. මෙය දැනුවත් කර අධීක්‍ෂණය යටතේ කල යුතු ය​. නොදන්වා හෝ රහසි ගත ලෙස අත්හදා බැලීම් කිරීම තහනම් විය යුතු ය​. කුජකම, එනම් තිරිසන් බවින් මිදී මනකම තුලින් දෙවිකම වෙත යන ආකරය කියා දෙන විෂයය හා අනෙකුත් විෂයයන් තුලින් මෙය ගැන මනා දැනුමක් හා හුරුවක් ලැබෙනු ඇත​.

පවතින ක්‍රමය තුල මැරයන් පාලකයන් වූ විට, අපරාධ කරන්නන් හා විඳින්නන් අතර වෙනසක් නැත​. උන්ට අනුව සියල්ලන් ම වරද කරුවන් ය​. පාලකයන් වූ මැරයන් කරන වරදවල් නීතියට රීතියට උඩින් ය​. ජීවිත රකිනවා යයි කියමින් පැහැර ගෙන ගොස් ජීවිත නසන උන් කෙසේ නීති රීති රකිනවාදැයි යන්න ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මැර පාලනය තුලින් දැකිය හැක. වරද කරුවන් යයි තීරණය කිරීමට පෙර උන් හිර කර වද දෙති, සමහරුන් මරා දමති, මිනීමරුවන්ට නිදැල්ලේ යන්න ද ඉඩ දෙති. බලය හා ධනය අනුව සියල්ල තීරණය වේ. එවැනි අනාගතයක් නැවත බිහි නොවන ලෙස සිංහල ජීවන රටාව ගොඩ නගමි. සියල්ලන්ට ම ජීවිත රැකීමට අවශ්‍ය උපකරණ භාවිතය පුහුණු කල යුතු ය​. ඒවා දැරීම හෝ නොදැරීම පුද්ගල තීරණයකි. එසේ ගන්නා තීරණය අනුව හැසිරීම පාලනය කල යුතු ය​. ජීවිත ආරක්‍ෂක උපකරණ දැරීම ජීවත් වීමේ අයිතියකි. නොදැරීම ද අයිතියකි. ඒ නිසා දෙකොටස වෙන් කල යුතු ය​. ජීවිත ආරක්‍ෂක උපකරණ  දරන්නකු, එසේ නොකරන අයට වෙන් කර ඇති පරිසරයකට ඇතුළු වීම ඝාතනය කිරිමක් ලෙස සලකා දඬුවම් කල යුතු ය​. අද මැරුනොත් පමණක් යම් ප්‍රතිචාරයක් දැක්වේ. මැරීමට තැත් කිරීම සුළු වරදකි. මෙය ජඩකමයි. නව රටාව තුල මැරීමට තැත් කිරීම පමණක් නොව නොදැරිය යුතු පරිසරයක ජීවිත ආරක්‍ෂක උපකරණ දරා සිටීමද ඝාතනය කිරිමක් ලෙස සලකා දඬුවම් කල යුතු ය​. පොදු පරිසරයන් තුල මෙය ක්‍රියාත්මක  කිරිමට අවශ්‍ය දැනුම හා තාක්‍ෂණය දෙමි. ජඩ පාලනය තුල පවතින තහනම් කිරීම් නිසා නීති රීති රකින්නන් අනාරක්‍ෂිත අතර නීති රීති කඩන්නන් තවත් ප්‍රබල වී ඇත​. තිරිසනුන් ලෙස තම ජීවිත රැකීම වෙන අයට පැවරීමක් නොවන අතර, තමන් ම තම දිවි රැකගත යුතු වේ. කඳුබඩයන් ද හැම විටම ඒ සඳහා සූදානමින් සිටිය යුතු ය​. නීති රීති රැකීම සඳහා බලපත් ලාභීන් නැත​. සියළු දෙනාම ඒ සඳහා වගකිව යුතු ය​. අවශ්‍ය තැන මිනිසුන්ට එහා යන තාක්‍ෂණය තුලින් විසඳුම් දෙමි. ජීවිතය හා පැවත්ම රැකීම සඳහා වැදගත් කාර්‍යභාරයක් කරන සිංහලයන් රැකීමට ජීවිතාරක්‍ෂක සමූහයක් ගොඩ නැගිය යුතු ය. ඔවුන් ගේ වගකීම වන්නෙ තම දිවි පරදුවට තබා මෙම විශේෂිතයන් රැකීමයි. මෙහිදී දරුවන්ගේ රැකුම දෙමව්පියන්ට භාරදීම වැනි සමීප අයට දෙන වගකීමකි. කඳුබඩයන්ට හිමි දෙයාකාර තේරීම තුල කිසිවකු කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි නිසා, එවැනි හැකියාවන්ගෙන් තොර තාක්‍ෂණික උපකරණ භාවිතය සඳහා අවශ්‍ය දැනුම දෙමි. අද සිටින ජඩයන් තුලින් මා දකින්නේ කඳුබඩයන් ලෙස කිසිවෙකු කෙරෙහි සුනඛයන් තුලින් දකින ලෙන් ගතුකම බලා පොරොත්තු නොවිය යුතු බවයි. එසේ වුවත් සිංහලයන් තුලින් එම හැසිරීම පෙන්විය යුතු ය​. එසේ නොවේ නම් උන් සුනඛයන් ලෙස ඉපදී එම ගුණය ප්‍රගුණ කල යුතු ය​. එතෙක් කඳුබඩයකු නොවිය යුතුයි. පණ රැක ගැනීම, අවශ්‍ය තැන පණ නැසීම, රැකීම වෙනුවෙන් තම පණ දීම කඳුබඩයාගෙන් අපේක්‍ෂා කරන හැසිරීමකි. මෙය මනකමේ කොටසකි. නව ජීවන රටාව තුල වදකයන්ගේ හිරගෙවල්, මැරයන්ගේ කඳවුරු හෝ ඝාතකයන්ගේ කඳවුරු නැත​. උන් මෙහෙයවන පාලකයන් ද නැත. තිරිසන් ලොවේ මෙන් නොව තාක්‍ෂණය හා දැනුම තුලින් සිංහලයන්ට උචිත පරිසරයක් ගොඩ නගමි. තිරිසනුන් සිටිය යුත්තෙ පාලකයන් ලෙස නොව තිරිසන් ලොවේ ය​. බියෙන් සැකෙන් තොරව තමන් කැමති අය සමඟ පමණක් ගණු දෙණු කිරීම තුලින් ජීවත් වී සිංහලයන්ගෙන් අපේක්‍ෂා කරන ඉලක්ක සපුරා ගැනීම මුල් තැන ගත යුතු ය.

සබඳතා ගොඩනැගීම:

සබඳතා ගොඩනැගීම අවශ්‍ය වෙන්නෙ මොකටද කියන එක ටිකක් පැහැදිලි කරන්නම්. කඳුබඩයා කියන්නෙ ඉතා මෑතකදී ජීව ලෝකයට එකතු කල සතෙක්. ඒ තුලින් බලාපොරොත්තු වෙන අරමුණු මොනවද කියල කවුරුත් දන්නෙ නැති වුනත් මම දන්නවා. තාරිකව විවිධ ස්වරූප තුලින් දකින එකිනෙකා අතර වෙනස ගත් විට, විවිධ කාලයන් තුල ලබන පුහුණුව තුලින් අන්තිමට බිහි වෙන්නෙ අංග සම්පූර්-ණ අවතාරිකයෙක්. මේ තැනට එන්න තව බොහො කල් යනවා. අපි එකිනෙකාට වෙනස් නිසා, අපි හිතන්නෙ මේක තමයි අපේ හැබෑව කියල​. ඒත් මේ වෙනසට හේතු වෙන්නෙ අපි එකිනෙකා වෙන් වෙන් වශයෙන් යන ගමනේ අපට ලැබෙන අවස්ථාව අනුව ලබා ගත් පුහුණුව පමණයි. අපි වගේම අනෙක් අයත් ඔවුන්ට ලැබෙන අවස්ථාව අනුව ලබා ගත් පුහුණුවක් සතුයි. අපත් ඔවුනුත් එක තැනක තැබුවොත් මේ වෙනස අත් දකින්න පුළුවන්. කවදා හෝ අපිත් ඔවුන්ට ලැබුන අවස්ථාවන් වලට මුහුණ දුන්නොත්, ඔවුන් වගේම වෙනවා. එසේම වෙනස් වුනත් අපත් ඔවුනුත් අතරත් සමානකම් දකින්නත් ලැබෙනවා. මේ සියල්ල තුලින් අප කවුද කියන එක අපට තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසයි සබඳතා ගොඩනැගීම ජීවන රටාවේ කොටසක් වෙන්නෙ. මෙය අද මෙන්, හොරෙන් ඇවිත්, බලෙන් ගිහින්, මුදල් ගෙවීමෙන් ලබන අත්දැකීමක් නොව​, හේතු දැන කරන ඉගෙනීමක් වෙනවා. උදාහරණ ලෙස අපට ජපන් පවුලක් එක්ක ඔවුන්ගේ පරිසරයේ එකට ජීවත් වෙමින් ඔවුන්ගේ ජීවන රටාව අත්විඳින්න ලැබේ නම්, ඔවුන් සතු අපට සාපේක්‍ෂව හොඳ නරක හඳුනාගන්න ලැබෙනවා. ඒ වගේම ඔවුන් ජීවත් වෙන පරිසරය ගැනත් දැනගන්න ලැබෙනවා. මේ දෙක අතරෙ සබඳතාවයත් හඳුනාගන්න ලැබෙනවා. එය වෙන කිසිම විදියකින් ලැබෙන්නෙ නැහැ. වෙනස් අය වෙන් කල යුතු වෙන්නෙ එකම ජාතියක් තුලයි. ඒ ගැටුම් වැලැකීමටයි. එහෙත් ජාතියක් තුල වුව බෙදීම් තිබෙනවා නම් එවිටත් සබඳතා ගොඩ නැගිය යුතු වෙනවා. විශේෂයෙන් ම ද්‍රවිඩ සංක්‍රමණිකයන් නිසා එකිනෙකා කරන දේවල් වල වෙනස තුලින් විකාර උස් පහත් භේදයක් නිර්-මාණය වෙලා තියෙනවා. මේක උන්ගෙ ජඩකම පෙන්වන එකක්. මිනිසුන් භේද කර මුලා කිරීමක්. නැති වැදගත්කමක් උරුමයක් මවා පෙන්වන ප්‍රෝඪාවක්. භේදය ජාතියක විනාශයට මුල් වන බව නැවත මතක් කරමි. ජීවන රටාවේ මෙම කොටසින් වෙන්නෙ වෙන දෙයක් බව තේරුම් ගත යුතුයි.

අපි ඉන්නෙ දිගටම ඉගෙන ගන්න ජීව රටාවක් තුල ය​​.  තමන් තුලින් සියල්ල තේරුම් ගැනීම මුල් කරගත් දිග ගමණක් ඇත​. ඉහලම තලයට​/මට්ටමට යන කොට ඔක්කොම එක වගේ වෙනවා. ඒ නිසා වෙනස්කම් හඳුනාගෙන හැමෝම සමඟ එකට ඉන්න පුළුවන් පසුබිමක් ගොඩ නැගීම සඳහා සබඳතා ගොඩ නැගීම අවශ්‍ය වෙනවා. මෙය ඉගෙන ගැනීමක් මිස විනෝදයට කරන්නක් නොවෙයි. ඒ නිසා ඊට පෙර සුදුසුකම් සපුරාලීමක් අවශ්‍ය වෙනවා. හඳහන තුලින් හා ලබා ගත් හැකියාවන් මත මේ සඳහා තෝරාගැනීම පුද්ගල සිට ජාතික මට්ටම තෙක් විහිදෙන අයිතියක් මෙන් ම වගකීමක් වෙනවා. අදිසි පාලනය තුලින් අධීක්‍ෂණය වන, ගොඩ නගන සම්මත තුලින් පාලනය වන රටාවක් මීට අයත් වෙනවා. අද මෙන් වෙන රටකට ගිහින් උන්ගෙ කෙනෙක් වෙන්න හදන එක ජාතිකත්වය බිඳ හෙලන සංක්‍රමණිකයන් බිහි කරන අපරාධයක්. තමන්ගේ කැමැත්ත මෙන් ම ජාතික අවශ්‍යතා මත මෙය සම සම ව තෝරාගන්න එකක් වෙනවා. ජාතීන් අතර සබඳතා ගොඩ නගන විට දෙගොල්ලන් ගේ භාෂාවන් හා ජීවන රටාවන් දන්න අය හරහා එය ගොඩ නැගිය යුතුයි. විවාහ හෝ ලිංගික සබඳතා වැනි ජාතිකත්වයට අභියෝග කරන ක්‍රියා සපුරා තහනම් වේ. එසේ කිරීම ජඩ කමකි. සිංහලයන්ට පැවරෙන සියළු ජාතීන් රැකීමේ වගකීම දැරීමට මෙය පෙර පුහුණුවක් ලෙස සලකමි. එසේම මුහුණ දෙන අභියෝග වලදී තමන්ට උරුම වෙන දැනුමෙන් විසඳුම් දීම කොටසක් වෙනවා. විවිධ ජාතීන් යනු එකම සුදුසුකම් ලබා ගැනීමට ඒ ඒ පන්තිවල ඉන්න ලමයි වැනි ක්‍රියාවකි. මෙය ඉන් එහා ගොස් සතුන්ට ද එම තැනම දිය යුතුයි.

අනෙක් ජාතීන් හා සත්ව විශේෂයන් සමඟ සබඳතා ගොඩ නගා ගැනීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය රැකෙන ලෙස විය යුතුයි. මින් බලපෑම් කර උන් වෙනස් කිරීමට උත්සාහ කිරීම හෝ උන්ගේ අන්න්‍යතාවය තමන් මත පටවා ගැනීම බරපතල වරදක් ලෙස සැලකිය යුතුයි. පැවැත්මට අභියෝගයක් වන විට පමණක් රිසියන් හරහා අදිසි පාලනයේ අධීක්‍ෂණය යටතේ පමණක් අවශ්‍ය විසඳුම් දිය යුතුයි. පවතින ජඩ රටාව තුල සතුන් ඇති කිරීම, මසට මරාගෙන කෑම, හුරතල් කිරීම​, උන් දෙමව්පියන්ගෙන් ඈත් කිරීම හා කොටු කිරීම​, බැඳ තැබීම​, දරුවන් සේ තබා ගැනීම හා අනෙකුත් විෂමාචාර තුලින් උන්ට හිමි විය යුතු හැබෑ අනන්‍යතාවය අහිමි වීමක් සිදු වී ඇත​. මෙය තිරිසන්කම කඳුබඩයන් මත පැටවීමක් ලෙස දකිමි. එසේ කරන උන් තිරිසනුන් ලෙස සැලකිය යුතු වේ. උන් සිටිය යුතු වන්නෙ තිරිසනුන් ලෙස ය​. ඊටත් වඩා බරපතල අභියෝගයක් වන්නේ උන් නිසි පසුබිමක් නැතිව කඳුබඩයන් වීම ය​. කඳුබඩයා ඇතුළු ඕනෑම සතෙක් සමීප කරගත් විට පවුලේ අයකු ලෙස හැසිරෙනවා. තමන් මොන වර්-ගයට අයත් ද කියන එක තේරුම් ගැනීමට තිරිසනුන්ට බැරි ය​. ඒ නිසා උන් දරුවන් ලෙස උපදිනවා. හදා වඩා මරා ගෙන කන්නෙ තමන් දරුවන් ලෙස සිතන ජීවීන් බව අමතක නොකල යුතු ය​. එය බරපතල අපරාධයක් වේ. බරපතල ම අභියෝගය වන්නේ එවැනි සතුන් කෙටි මගින් කඳුබඩයන් වූ විට උන් වටා සිටින තිරිසනුන් ද උන් හරහා කඳුබඩයන් වීමයි. අන්තිමට වෙන්නේ කඳුබඩයාගෙ අනන්‍යතාවය බිඳ වැටි කඳුබඩ ස්වරූපයෙන් ඉන්න විවිධ සතුන් සමූහයක් බිහි වීමයි. අද වී ඇත්තේ මෙයයි. නිසි සුදුසකම් නොලත් තිරිසනුන් කඳුබඩයන් වූ විට දැනුම නිසා උන් ජඩයන් වී මුළු රටාවම බිඳ හෙලයි. අද තිබෙන අභියෝග වල පසුබිම මෙයයි. ඉවක් බවක් නැතිව සතුන් ඝාතනය කල විට, උන්ට උපදින්න තැනක් නැති නම් මැරූ එකාගේ දරුවකු ලෙස උපත ලබන විදියක් හිරුකම තුල ඇත​. ඉන් රටාවේ ඉහලට හෝ පහලට යාමක් ද වේ. මෙය කඳුබඩයා ගත් විට නොවිය යුතු දෙයකි. මේ නිසා අනෙක් ජීවීන් සමඟ සබඳතා ගොඩ නැගීමේ දී අතේ දුරින් සිටීම වැදගත් වේ. අලි ඇතුන් සමඟ සබඳතාවය ගොඩ නැගීම අනිවාර්‍ය විය යුතු ය​. ඉන් උන්ට කඳුබඩයන් වීමට මගක් හෙළි වේ. මෙය ද එක්තරා සීමාවන්ට යටත් විය යුතුයි. උන් ගේ ගහණය වැඩි කිරීමත් උන්ට බිමේ අයිතිය දීමත් තුලින් වෙනත් සතුන් කඳුබඩයන් වීම වැලකිය යුතු ය​. මහ පොලවේ හැම තැනක් ම ජීවීන් ගේ නිජ බිමකි. ඒ බව දැන කඳුබඩයා හැසිරිය යුතු ය​. උන්ට හිරිහැර බාධා නොවන ලෙස හැසිරීම ද මේ සබඳතා ගොඩනැගීම තුලින් විය යුතු ය​.

පසු වදන​:

ඊ ළඟ කොටසේ දී පවුල කියන ඒකකය හඳුන්වා දී බිහිකරන ජීවන රටාව තුල ඔවුන්ට හිමි තැන ගැන කතා කරමි. මම ලියන දේවල් කියවූ පමණින් සියල්ල දත් වෙන්නෙ නැත​. එසේ ම කරන සියල්ල ලියා නැත​. කරන විදි ද ඊට අවශ්‍ය දැනුමද මෙහි සඳහන් නොකරමි. කියන හැම දේ ම සමස්ථ ජීව ලෝකය මුල් කරගත් එකකි. කියවූ පමණින් එහි කොටස් කරුවකු යයි සිතීම මුලාවකි. ජඩයෙක් නොවන්න​.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.