Saturday 13 May 2023

සිංහල ජීවන රටාව ගොඩනගන පදනම​ - කොටස් 2A : පුද්ගලයා/කෙනා

හැඳින්වීම

අති විශාල පද්ධතියක් තේරුම් ගැනීමට කොටස් වලට කඩන්න ගියාම එහි ඇති සබඳතාවය බිඳ වැටෙනවා. උදාහරණ ලෙස අපේ ශරීරය කෑලි වලට කඩන්න ගියොත් අන්තිමට දකින්න ලැබෙන්නෙ එක් එක් කෑලි වල එකතුවක් ලෙසයි. අත, පය, හිස, කඳ, බඩ​, බෙල්ල යනාදි ලෙස නම් කලත්, මේ සියල්ල ම එකිනෙකට සම්බන්ධ වුන තනි ශරීරය මිස කෑලි වල එකතුවක් නොවේ. එසේම මම කෑල්ලෙන් කෑල්ල වෙන් කර කිව්වත් මේ සියල්ලම එකම පද්ධතියක කොටස් මිස කෑලි වල එකතුවක් නොවන බව සිහි කරමි. බෙදීම් විවිධාකාරයෙන් කල හැකියි. පවතින ඉංග්‍රීසි ජඩ අධ්‍යාපනය ගතහොත්, එය විවිධ ක්‍ෂේත්‍ර ලෙස බෙදා තිබෙන්නෙ, ඒ එක ක්‍ෂේත්‍රයකවත් ඉගෙන ගන්න එකාට තමන් ලබන දැනුමෙන් තනිවම කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි වන ලෙසයි. ඉන් ජඩයන් බලාපොරොත්තු වෙන්නෙ උගතුන් (අහගත් උන්) සදාකාළිකව වහලුන් රැසක් ලෙස තබා ගැනීමයි. මම බෙදීම් කරන්නෙ, නොදන්න එකෙකුට, මම කියන දේ තනිවම තේරුම් ගෙන තනිව ම හෝ පොදුවේ ප්‍රයෝජන ගත හැකි ආකාරයටයි. මෙය සිංහලකමට අයත් විදියයි. එසේම හැමදේ ම නොදැන වුව, තමන් දන්න සුළු දෙයින් පවා යම් ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයට සැකසෙන්නෙ, එය දරා ගැනීමෙ සීමා ඉක්මවා යන අති විශාල පද්ධති ගැන ඉගෙන ගන්න කොට කියන්න තියෙන එකම විදිය නිසයි. නොඑසේ නම් අතරමන් වේ. ඒ වගේම එකෙන් එක එලෙස කෑලි වලට කඩා දීර්-ඝ කාලයක් ඉගෙන ගත් විට මුළු පද්ධතිය ගැනම තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී පිළිවෙලකට කිරීමේ අවශ්‍යතාවය මග හරින්නත් පුළුවන්.

මම ලියන ආකාරය තරමක් වෙනස් කරන්නෙ, මගේ පැත්තෙන් බලා කියන දේවල් තුලින් එකිනෙකාට තේරෙන දැනෙන ආකාරයට දකින්න තරම් පුළුවන් කමක් නැති නිසයි. මම කියන ඒවා තේරුම් ගන්න තරම් තැනක බහුතරය හිටියා නම්, මීට බොහෝ කලකට පෙර මේවා ක්‍රියාත්මක වෙන්නෙ. ඒත් දැන් මම දකින්නෙ මේක කරන්න පුළුවන් තැනකට කඳුබඩයා ඇවිත් නැහැ කියලයි. එහෙම වුනොත් වෙනත් මගකින් මේක ම කරන්න වෙයි. මම කරන්න ඕන දේ කරන කෙනෙක් නිසා යොදා ගත හැකි හොඳම විදිය මෙන් ම ඒකෙ අනෙක් අන්තය ද දනිමි. ඒත් මට සරල විය හැකි සීමාවක් තියෙනවා. ඒ වගේම කිසිම ආකාරයක අතරමැද විසඳුම් වලට යන්නෙ නැහැ. අසීමිත පද්ධති තුල වැඩ කරන්නෙ ඒකීය විසඳුම් පමණයි. සිංහල භාෂාව, හිඟාකන උන් නිසා අරුත නැසී අච්චාරුවක් වෙලා. බොරු කියන උන් නිසා සමහර වචන වගේම අරුත් උඩු යටිකුරු වෙලා. පවතින ජඩ පාලනයත් ද්‍රවිඩ ගනයන්ගේ ඇනීමත් නිසා අභූත වචන මෙන් ම අසිංහල වචන එකතු වෙලා. ඒ නිසා කියන දේ හරියට තේරුම් ගන්න අවශ්‍ය පසුබිම අහෝසි වෙලා තියෙනවා.

උපතින් ම හිඟන්නන් ලෙස ඉපදිලා අන්තිමට හිඟන්නෙක් වගේ ඉගෙන ගෙන​, හිඟන්නෙක් වගේ ජීවත් වෙන්න සිදුවන පරිසරයක අපි නිකම් ම හිඟන්නන් වගේ බොරු කියන්න පුරුදු වෙනවා. සහතිකයක් ගත්ත හැටියෙ අපි ඔක්කොම දන්නවා කියල හිතන එක අප බදා ගත් මෝඩ මතයක්. මම ලියන ඒවා කියවා ඊට වඩා දන්නවා කියලා පෙන්නන්න හදපු අය ගොඩක් මට හමු වෙලා තියෙනවා. අන්තිමට කියපු වචන ටිකක් පමණයි උන් දැන සිටියේ. එවන් පසු බිමක​, මම කියන සියල්ල දන්නවා කියන අයට එකක් මතක් කරන්නම්. ඒ තමයි එවැන්නන් අප අතරේ ඉන්න ලොකුම බොරු කාරයන්. නොයෙකුත් තාක්‍ෂණික උපක්‍රම හරහා මම කියන ඒවා කියවන පසුබිමක, ඉන් ගැලැවීමට මම බොහෝ උපක්‍රම යොදන නිසා අග මුල පැටලෙන්න පුළුවන්. ඒ වගේම අඩු තැන්, වැරදුන තැන් නිවැරදි නොකිරීමට තීරණය කලා. කියවන කොට ​ඒ බව දැන කියවිය යුතුයි. සිංහල උරුමය නැති අයට එවැනි දේ දැනෙන එකක් නැහැ. අනෙක කතා කරන විෂයයන් අපේ හැකියාවන් ඉක්මවා යන නිසා, එකිනෙක ගොනු කිරීමේ දී නොයෙකුත් අපහසුතා වලට මුහුණ දෙන්න මට වෙනවා. බරපතලම ප්‍රශ්ණය තමයි වචන නැති කම​. අලුත් වචන හදලා දැම්මොත් කාටවත් තේරෙන්නෙ නැති නිසා ආසන්න අරුත දෙන වචන යොදනවා. ඒ වගේම කාලයත් ගොඩක් වැය කර කරන මේ ලිවීම තුලින් කාට හෝ යහපතක් වේ යයි සිතමි. මේක විස්තර කිරීමක් මිස කරන දේ ඒ ආකාරයෙන් ලේඛණ ගත කිරිමක් නොවෙයි. අන්තිමට මේ සියල්ල හැබෑව තුලින් ගොඩ නැගේවි. ඉන්දියානුවන් කියන ස්වභාව ධර්-මයේ කොටසක් වෙයි.

ගහනය වර්-ගීකරණය​

තේරුම් ගැනීමෙ පහසුව සඳහා ගොඩනගන ජීවන රටාව කෙසේ ක්‍රියාත්මක වෙනවාද යන්න කඳුබඩයාගෙ කෝණයෙන් බලා, කඳුබඩ ගහනය කොටස් වලට බෙදනවා. එය මේ ආකාරයටයි බෙදෙන්නෙ. මේ බෙදීම තාවකාළික හෝ කාලීණ එකක් නොව දිගටම පවතින පදනම මතයි වෙන්නෙ. උදාහරණ ලෙස​, හැම කොටසක් තුල ම නොවෙනස් වෙන හැබෑ ස්වරූපයක් තියෙනවා. ඉන් පිටතට යන අය විනාශ කරන නිසා ඒ විනාශ වෙන අය මෙහි ඇතුලත් වෙන්නෙ නැහැ. ඔවුන් කිසිසේත් ම රැකීමක් වෙන්නෙ නැහැ. ජඩයන් නිසා විකෘර්-ථි වුන සමාජයේ නොයෙකුත් විපරිත තියෙනවා. කෙනෙක් මගෙන් ඇහුවා සමලිංගිකයන් ගැන අදහසක්. එහෙම කොටසක් මගේ කතාවට අදාළ නැහැ. එවන් තාවකාළික බිහිවීම් නිකම්ම විනාශ වෙනවා. විනාශ කරන රටාව ඇති නිසා, තව ඒ ගැන අලුතෙන් යමක් කිව යුතු නොවේ. මෙතෙක් පැවති හැබෑව තවත් වැඩි දියුණු කිරිමක් මිස වෙනත් මගකට හැරවීමක් නොවේ.

  • පුද්ගලයා/කෙනා
  • පවුල​
  • ආර​
  • රැල​
  • ජාතිය
  • කඳුබඩයා
  • ජීව ලෝකය​
  • දේව ලොකය​
  • පරම ලෝකය​

පුද්ගලයා/කෙනා

කවුරු ගැන ද මේ කතා කරන්නෙ කියන එක වැදගත්. මම කතා කරන්නෙ සිංහල වෙන්න සුදුසු අයට පමණයි. කවුරු හරි හිතනවා නම්, මම සිංහල ඒ නිසා මේක මට අදාළයි කියලා, ඒක ලොකු මුලාවක්. අද තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි කවුරු හරි රෙදි උස්සන් මම තමයි පොර කියාගෙන බෙරිහන් දෙන එක​. කිසිම සුදුසුකමක් නැති, බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන උන් මේ වගේ හැසිරීමක් පෙන්වනවා. උන් ඇත්තට ම මින් අදහස් වෙන්නෙ නැහැ. කවුරු හෝ තමන් තෝරා ගත් මාර්-ගයේ යනකොට අන්තිමට විනාශයෙන් කෙළවර වේ නම්, ඔවුන්ගෙ රකින්න දෙයක් නැහැ. මැරෙන්න දඟලන උන්ගෙ ජීවිත බේරාගන්න එක නාස්තියක් පමණයි. මම "පුද්ගලයා/කෙනා" කියල අදහස් කරන්නෙ, පැවැත්ම රැකෙන තාරයක් (ශරීරයක්) තියෙන​, ඒ තාරය මනාව භාවිතා කිරීමට දැනුම ඇති අවතාරයක් තියෙන කෙනෙක්. මෙය තහවුරු කරගත හැකි සුදුසුකමක්. ඒ වගේ ම මෙය තනිකරම හැබෑ ලෝකෙ වෙන් ව පවතින ඒකකයක්. වටේ ඉන්න අය තබා අඳින පළඳින රෙදි පිලි ආභරණවත් අයත් වෙන්නෙ නැහැ. ගොඩ නගන ජීවන රටාව තුල මේක තමයි ආරම්භක ඒකකය​. පිරිමියෙක් ද, ගැහැනියක් ද​, දරුවෙක් ද​, තරුණ ද​, මේරු වියේ ද, ගුරු වියේ ද, වැඩිහිටි වියේ ද​, පෙර උපත් වියේ ද යනාදී කිසිම දෙයක් මීට අදාළ නැහැ. මේ සියල්ලම ​"පුද්ගලයා/කෙනා" ගේ තාරික ස්වරූපයේ එක් එක් අවස්ථා පමණයි. මේක මනාව තෙරුම් නොගත හොත් මුලා වෙන්න පුළුවන්. මම කිසිම කෙනෙක්, හරියටම කියනවා නම්, මමවත් මේ අරුත් දීමට උපමා/තේමා/මූලාශ්‍ර කරගන්නෙ නැහැ. හේතුව, මෙසේ වීමට අපි තෝරාගන්න ඒවා බලපාන නිසයි. යම් විටක​, "පුද්ගලයා/කෙනා" තම ජීවන රටාව හිඟනකම තෝරගත හොත්, ඒ කෙනා අවසානයේ බඩගින්නෙ මැරෙනවා කියන එක විස්තර කලයුතු වෙන්නෙ "පුද්ගලයා/කෙනා" යටතේ නොව හිඟනකම යටතේ ය​. මෙය පැහැදිලි කලේ සිංහල භාෂාව පිළිබඳ ඇති කඳුබඩයාගෙ දැනුම අල්ප නිසාය​. මේ හා සමාන අරුත් දීමක් අකුරුපත තුලින් දකින්න පුළුවන්. (ඉංග්‍රීසියෙන් "absolutely generic").  ඊ ළඟට "පුද්ගලයා/කෙනා" ට ගොඩ නගන ජීවන රටාව තුල ඇති තැන හා සතු අයිතීන් හා වගකීම් ගැන කතා කරමු.

"පුද්ගලයා/කෙනා" ට ගොඩ නගන ජීවන රටාව තුල ඇති තැන හා සතු අයිතීන් හා වගකීම්:

තැන:

"පුද්ගලයා/කෙනා" ට ගොඩ නගන ජීවන රටාව තුල ඇති තැන තීරණය කරන්නෙ මුළු ජීව ලෝකයේම හැම කොටස් කරුවෙකුටම ඇති තැන අනුවයි. අද කඳුබඩයන් වසංගතයක් සේ වැඩී මුළු ලෝකෙම තමන්ගෙ බූදලය කියල හිතාගෙන වැඩ කරන අතර, හැම එකාම වෙන් වෙන් ව ගත්තොත්, මහපොලොව බෙදාගෙන​, උන් එකිනෙකාට අයිති හරියෙ මේ ලෝකය හදපු පරම දෙවියන්ටත් වඩා තමන්ට අයිති යයි සිතමින්, ගහ කොල සතා සීපාව වඳ කරමින් මුළු ජීව ලෝකයම විනාශ කරමින් ඉන්නෙ. උන් දැන හෝ නොදැන හැසිරෙන්නෙ මේ ලෝකෙ අයිති එංගලන්තෙ රජාට කියලා. අයිතිය පෙන්වන්නෙ ඔප්පුව කියන කඩදාසි කොලෙන්. අනෙක් පැත්තෙන් උන්ගෙ වර්-ගෙ එකෙක් වුව තමන්ගෙ කියන තැනට ආවොත් මරාගන්නවා. හරියට තිරිසනුන් වගෙයි. ඒ අතරෙ අනුන්ගෙ එකක් අල්ලගත් උන් අයිති එකාටවත් දෙන්නෙ නැතුව බලෙන් අල්ලගෙන ඉන්නවා. මමත් මේ අත්දැකීමට මුහුණ දුන්නා. ඒ විතරක් නොවෙයි මම හිටවපු ගහ කොල පවා විනාශ කලා. ගොඩ නගන ජීවන රටාව තුල එවැනි හැසිරීම් පෙන්නුවොත් "පුද්ගලයා/කෙනා" ලෙස සැලකෙන්නෙ නැහැ. තිරිසනෙක් ලෙස වෙන් කරනවා. තිරිසනුන් අනිවාර්‍යයෙන් ම ඉන්න ඕනෙ තිරිසන් ලෝකයේ ය​.

මම කියන සියල්ල අදාළ වෙන්නෙ සිංහලයන්ට පමණයි. එක පැත්තකින් තිරිසන්කමත් අනෙක් පැත්තෙන් දෙවිකමත් අතර මැද ගතකරන කාලය තුල සිංහලයන් ලෙස ගොඩ නගන්නෙ මනකමේ උපරිමය​යි. එනම් තිරිසනෙක් ලෙස ජීවත් වීමත් දෙවි කෙනෙක් ලෙස හැසිරීමත් සකසන ජීවන රටාවක්. තිරිසන් ජීවිත තුලින් පවා මෙය ගොඩ නැගෙන ගතියක්. අනිවාර්‍යයෙන් ම තාරය (ශරීරය​) පවත්වාගෙන යන්න හැම තිරිසනෙක් ම කරන දේවල් අපට කරන්න වෙනවා. එනම් තවත් ජීවියෙකුගෙ කොටසක් ආහාර ලෙස ගන්න ඕන​. ඒ කියන්නෙ ඒ ජීවියාට ජීවත් වීමේ අයිතිය නැති කිරීමක්. එහෙත් දැනුම තුලින් එම ජීවියාටත් පැවැත්මට උපකාර වෙන ආකාරයට මෙය කරන්න පුළුවන්. මෙය ජීව ලෝකයේ සැකසීම තුලින් ම තහවුරු වෙන එකක්. උදාහරණ ලෙස කෙසෙල් ගසක් ගමු. අන්තිමට කෙහෙල් කැනක් හැදිලා ගහ මැරෙනවා. අපි කෙසෙල් කෑවත් නැතත් ඒක වෙනවා. ඒ නිසා කෙසෙල් ගෙඩි කාලා, කෙසෙල් ගස් රැක බලාගත්තොත් අපි කරන්නෙ මන වැඩක්. ගෙඩි කාලා කෙසෙල් පඳුරත් විනාශ කලොත් ඒක අමන වැඩක්. අමන සතුන්ට (අමනුෂ්‍යයන්ට​) කඳුබඩයකු වීමේ අයිතිය අහිමි වුනේ මේ වගේ හැසිරීම නිසයි. අද ජඩයන් ඒ වගේ ම විනාශයක් කරනවා​. ඒ තමයි ගෙඩි කන ගමන් කෙසෙල් ගසට නොයෙකුත් බලපෑම් කර හැදෙන ගෙඩි ප්‍රමාණය වගේම රස ගුණ වෙනස් කරන්න යාම​. ඒ තුලින් වන්නෙ පැවැත්මට බලපාන විකුර්-ථි කිරීමක්. ජඩයන් කියන්නෙත් අමන සතුන් (අමනුෂ්‍යයන්​) කොටසක්. අන්තිමට කෙසෙල් ගසුත් ඒ ගෙඩි කන අපිත් විනාශ වෙලා වඳ වෙනවා. හැබෑව (ස්වභාවය​) ගොඩ නැගීමට යොදපු දැනුම අහලකින්වත් තියන්න බැරි ජඩයන් කරන විනාශය නිසා, උන් වගෙ අයට සිංහලයන්ගෙ ජීවන රටාව අහිමි විය යුතුයි. ජඩයන් ගැන මම මේක ලියන අතරෙ ලැබූ අත්දැකීමක් කියන්නම්. ජඩයන් වර්-ග දෙකක ඇට මිශ්‍ර කර හදපු අඹ ගෙඩියක ඇටයක් පැල කර හදපු අඹ ගසක් මගේ ගෙදර තියෙනවා. ඒකෙ හැදෙන ගෙඩි වල ඇට ඔක්කොම කුනු වෙනවා. කවදාවත් පැල කරන්න බැරි තරමට ඒකෙ ප්‍රජනන පද්ධතියට හානි වෙලා. මේ පරිසරේ අඹ හදන්න හුඟක් අමාරුයි. නිතර වතුර දාලා හදාගත්තෙ. මේ සැරේ ගෙඩි කිහිපයක් හැදිලා තිබුනා. වතුර දාපු නිසාම ලොකු වුනේ. ඒත් දින කිහිපයකට පෙර ඒකෙ තිබුන මෝරපු ගෙඩි ජඩයෙක් කඩා ගෙන ගිහින්. ඉන් ඌට කිසි හොඳක් වෙන්නෙ නැති වුනත්, අද ජඩයන් මොන තරම් ජඩ ද කියන එක ඉන් කියනවා. අද "සිංහලේ", මේ වගේ වැඩ කරන ජඩයන් එමටයි. උන් හරියට කාපේරීන් ගෙන් පැවතෙන​, යුරෝපීය මතධාරී ජෙප්පන් වගේ, එහෙම නැත්නම් මුලා කර යැපෙන ගනයන් වගේ, අනුන්ගෙ දේවල් උදුරාගෙන කන්න බලන් ඉන්න කොටසක්. එවැන්නන්ට ද මේ ජීවන රටාව තුල තැනක් නැහැ.

මහ පොලවේ සැබෑ අයිතිය තියෙන්නෙ ඊට මුල් ඇදලා ස්ථීරව සම් න්ධ වෙලා තියෙන ගස් වැල් වගේ ජීවීන්ට​. මොවුන් ඇත්තටම කඳුබඩයෙක් වගේ එහා මෙහා යන සතෙක් වීමට පෙර අවස්ථාව නියෝජනය කරන්නෙ. එහා මෙහා යන සතෙක් වන කඳුබඩයා වගේම අනෙක් හැම සතෙක්ම ගත්තම පොලවේ අයිතිය හිමි වන්නෙ තමන්ගෙ බර පොලොව මත දරා ගැනීමටත්, එහා මෙහා යාමටත්, ස්ථීරව සම්බන්ධ වෙලා තියෙන ගස් වැල් වගේ ජීවීන්ගෙන් හා වතුර වැනි තම පැවැත්ම සඳහා අවශ්‍ය දේ ලබා ගැනීමටත් පමණි. පරිසරය වැනසීමේ සියලුම ක්‍රියා තහනම් වෙනවා. අළුත් දැනුමෙන් පරිසරය ගොඩ නැගෙන සේ මේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් වෙනවා. උදාහරන ලෙස​, ජීවත් වීමට බැරි පරිසරයක අපි ජීවත් වේ නම්, එයින් ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්-මාණය කරන්න අපේ දැනුම භාවිතා කල හැකියි. ඉන් අපට වගේම ජීවී ලෝකයටම පැවැත්ම රැකීමට උපකාරී වෙනවා​. මේක ජීවන රටාවෙ එක අංගයක්. ඒ වගේ ම දැනුම යොදා කරන දෙයින් පවතින පරිසර තත්වයන් වෙනස් නොවිය යුතුයි. එසේ වුවහොත්, ඒ තුල යැපෙන ජීවීන් වඳ වී යාමට පුළුවන්.

"සිංහලේ" ගත් විට​, අනුරාපුර කියන්නෙ රා හිටපු දෙවන තැන​, හා රාපුර (රා උන් පුර - රුහුනු පුර​)  මෙන් ම​, සිංහල උරුමයෙන් කියන තැන් වල එක්තරා රටාවකට ජීවිතයේ විවිධ කාලයන් ගත කරන්න වෙනවා. පැවැත්මට අවශ්‍ය සියලු දේ ඉන්න තැනට ලැබෙන ආකාරයෙන් නව දැනුමෙන් හෙබි සැපයුම් ජාලයක් බිහි වෙනවා. මේක කඳුබඩයන්ගේ බලපෑමෙන් මිදුනු එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. තනි අයිතිය නොව පොදු අයිතිය පදනම් වෙනවා. සම්පත් බෙදී යාම සමානව කරන දැනුම ගොනු කරනවා. කඳුබඩයන් ගත් විට, කවුරු හෝ එකෙක්ට අනෙක් උන් පාලනය කරන්න අවස්ථාවක් දුන්නොත්, ඌ අනිවාර්‍යයෙන් ම ඉන් අයුතු ඵල-ප්‍රයෝජන ගන්න ලෙස හදපු සතෙක්. ඒ නිසා කිසිවෙකුට එවැනි විශේෂ තැනක් හිමි නොවේ. මේ තුලින් බලය නිසි ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාවය මෙන් ම හැකියාව ප්‍රගුණ කරන්න ලැබෙනවා. විශේෂයෙන් ම දැනුම සමඟ හැබෑව තුල බලය අභිබවා යාමක් වෙන නිසා, ඉන් වන අවැඩ නැවතිය යුතුයි. සුනඛ ජීවන රටාව පදනම් කරගෙන බිහි වූ ඉංග්‍රීසිකම මුල් කරගත් ජීවන රටාව තුල තමන්ගේ තැන අනුව පහල සිටින උන්ගේ ජීවිතය මරණය තේරීමේ අයිතිය වගේම ඉහල තැන ගන්න එකාට තමන්ගේ ජීවිතය මරණය තේරීමේ අයිතිය මින් අහිමි වෙනවා​.

තමන්ට හිමි නිසි තැන වන්නේ තමන් මෙතෙක් ආ මගේ උපයාගත් දැනුමට හිමි තැන මිස, ලබා ගත හැකි තැන නොවේ. යම් හෙයකින් එසේ අහිමි තැනකට යන්න උත්සාහ දැරීම හෝ එසේ කිරීමට පෙලඹවීම සියල්ල අහිමි කරන දෙයකි. තැන තීරණය කරන සේ හඳහන හා සම්පූර්-ණ කල විෂයයන් අනුව වර්-ගීකරණයක් අදිසි පාලනය හරහා ගොඩ නගමි. ඉන් මෙය වළකනු ඇති. තීරණ ගැනීමේ අයිතිය තීරණය වන්නේ මේ වර්-ගීකරණයට අනුවයි. අද නොයෙකුත් විකාර තනතුරු හදාගෙන, තමන් අනුන්ට වඩා ඉහලින් ඉන්න බව මවා පාන ජඩයන් බහුලයි. උදාහරණ ලෙස ඉන්දියාවෙන් ආපු අහිගුන්ටිකයන් පරං ගි නිසා කෝට්ටෙ හැර දමා කන්දෙ නුවරට ගිහින්, උන් උඩරට සිංහල ලු. අපි පහත රට සිංහල ලු. ඒ වගෙ සුනඛයන් යවන්න ඕන තැනට යැවිය යුතුයි. සමහර උන් මටත් වඩා මම කියන දේ දන්න බව අඟවනවා. ඒත් අඩුම තරමින් මම කියපු වචන ටිකවත් මතක නැහැ. කොහොමත් වචන මතක තබා ගන්නවාට වඩා යමක් කියවන උන්ගෙන් බලා පොරොත්තු නොවෙමි. ඒ තරමට ම හැකියාවන් දුබල උන් ඉන්නෙ. අන්තිමට මම ලියන ඒවායේ වටිනාකම තියෙන්නෙත් මට ම පමණයි. කතා කරන වචන මත එකිනෙකා අතර ගණුදෙණු කෙරෙන නිසා යොදන වචනවල තේරුම අනිවාර්‍ය්‍යයෙන් ම දත යුතුයි. නොඑසේ නම් ඉංග්‍රීසියෙන් කතා කරනවා වැනියි. කියන එකා කියවනවා. අහන එකා අහන් ඉන්නවා. අන්තිමට හැමදේම වචන වලට පමණක් සීමා වෙනවා. මෙය වෙනස් නොකර ඉදිරි ගමනක් නැහැ. එසේම කියන කෙනා කවුද යන්න පැහැදිලි ව ම අහන උන් දැනගන්න ඕන​.

භාෂා ප්‍රවීණතාවය​:

සිංහලයන් වෙන්න ඕන උන් අනිවාර්‍යයෙන් ම සිංහල භාෂාව ප්‍රගුණ කල යුතුයි. ඒක තමන්ගෙ වගකීමක් මෙන් ම තමන් ජාතක කරන දරුවන්ගෙ අයිතියක් වෙනවා. තාරික ස්වරූපය තුල දැනුම ගබඩා කරන්නෙ වචන ලෙසයි. සිංහල භාෂාව ගත්තම ඒ තුල හැබෑව නියෝජනය වෙනවා සේ ම, ඉතිහාසය ද අන්තර්-ගත වෙනවා. තිරිසන් කාලෙ සිට අද වෙන තෙක් සිංහල භාෂාව ගොඩ නැගුනේ එක්තරා රටාවකට​. ඒ තුලින් දැනුම පමණක් නොව එය දුන් කාලය ද නිර්-ණය කරන්න පුළුවන්. ඒ වගේම දුන්නෙ කොහොම ද කියන එකත් තියෙනවා. අද සිංහල භාෂාව කියන්නෙ ද්‍රවිඩයන් විසින් උගන්වන, උන්ගෙ දෙවැනි භාෂාව වෙලා. උගන්වන්නෙ උන්ගෙ භාෂාවෙ ඇති නීති රීති අනුව​. ඒ නිසා කිසිවකුට හැබෑ භාෂාව ඉගෙන ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේ ම දෙමව්පියන් කතා නොකරපු භාෂාවක් ලමයි කතා කරන කොට, එහි ඇති ජාතිකත්වය ගිලිහෙනවා. අද සිංහල කතා කරනවා යයි කියාගෙන තමන් සිංහල යයි කියන කිසිම එකෙක් ළඟ හෝ උන් කරන කතාව තුල හැබෑ රටාව නැහැ. උපතේ සිට වයස අවුරුදු පහ (5) වන තෙක් සිංහල භාෂාව හැබෑ ලෙස භාවිතා වන පරිසරයක පමණක් තමන් ජාතක කරන දරුවන් සමඟ ජීවත් විය යුතුයි. එසේ නොකලොත් එය දරුවන්ගේ අයිතිය පැහැර හැරීමක් ලෙස සළකා, එවැන්නන් අයින් කර දරුවන් රකින ජාතික ආයතනයකට යොමු කරන්න ඕන​. සිංහල ජාතිය රැකෙන්න නම්, අප සිංහලයන් විය යුතු සේ ම, අපේ දරු මුණුබුරන් ද සිංහලයන් විය යුතුයි. යමෙක් සිංහල ජාතියේ විනාශයට කටයුතු කරයි නම් ඔවුන් විනාශ කල යුතුයි. මෙය අදිසි පාලනයෙන් අධීක්‍ෂණය විය යුතුයි. සිංහල භාෂා ප්‍රවීණයන්ට​, එනම් සම්මතයෙන් නියමිත දැනුම ලබා ගත් අයට, වෙනත් භාෂවක් හෝ භාෂා පිළිබඳ දැනුම ලබා ගැනීම අනිවාර්‍ය වෙනවා.  විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව හැදෑරිය යුතුයි. (ලොව ඇති සියලු ජාතීන් හා භාෂා  රැකීම සිංහල ජාතික වගකීමක් වේ.) එහෙත් භාවිතය සීමා කල යුතුයි​. හේතුව ඒ බස හා සිංහල බස අතර ඇති පැරණි සම්බන්ධය වේ. අද සිංහල භාෂාව සොයා ගත නොහැකි තරමට සක්කිලි ගනයන් විසින් කුනු කසල එකතු කර ඇත​. වැරදි ආකාරයට වර නැගීම නිසා වචන වල අකුරු රටාව පවා අවුල් වෙලා. සිංහල අකුරුපත බිඳ වැටි ඇත​. ඉන් තුනෙන් දෙකක් අතහැර දමා, ඒ තැනට ඉතිරි මුලකුරු මල අකුරු යයි හඳුන්වා වනසා ඇත​. සක්කිලි ගනයන්ගේ ග්‍රහණයට හසු වී සිංහල භාෂාව එසේ වැනසුන ද​, උන්ට නතු නොවූ ඉංග්‍රීසි හා අනෙකුත් භාෂා සියල්ල තුලින් සිංහල භාෂාව නැවත මුල් තත්වයට ගෙන ඒමට අවශ්‍ය දැනුම මම දෙමි. ඒ සමඟ ම අරුත් ද ගොඩ නගා සුරක්‍ෂිත කල යුතු වේ. යමෙක් ඊට බාධා කරයි නම් ක්‍ෂණිකව ඉවත් කල යුතුය. තේමිය බිහිකල ඉංග්‍රීසි බස හා සිංහල භාෂාව අතර​ ඉතා සමීප අතීත සබඳතාවයක් ඇත​. එය දත යුත්තේ අදිසි පාලනය පමණි. සුරක්‍ෂිත ව රැකගැනීම ද​, අයිතියක් ලෙස උරුම අයට දීම ද අදිසි පාලනය තුලින් තහවුරු කල යුතු වේ. සිංහල භාෂාව "හූරා"ගෙන් උරුම වූවක් මිස කඳුබඩයන් හදාගත් එකක් නොවේ. අද බොහෝ පර වචන සිංහල රටාවට ලියා සිංහල භාෂාව ලෙස කරන චොරය ඉවත් කල යුතුයි. වෙනත් බසක වචනයක් ඒ බසෙන් ම ලිවිය යුතුයි. සිංහල අකුරු යොදා පර වචන ලිවීම දරුණු අපරාධයක් ලෙස සැලකිය යුතු වේ. ජාතියක පැවැත්ම සඳහා භාෂාව අනිවාර්‍ය කොටසක් වේ. අද වචනයක් හරියට ලියන්න කියන්න දන්නෙ නැති උන් ද සිංහලයන් ලෙස රඟ පාති. මෙය විනාශයට මුල් වේ. සිංහල භාෂාව ඉගෙනීම ජීවිත කාලය පුරාම නොකරයි නම් සිංහලයකු නොවේ.

සිංහල භාෂාව සිංහලයන් ගේ අනන්‍යතාවය රකින උරුමයක් මිස, එක එකාට ඕන ඕන හැටියට හසුරුවන්න ලැබෙන අන්තර්-ජාතික මෙවලමක් නොවේ. සිංහල නොවන්නකු සිංහල භාෂාව භාවිතා කරයි නම් එය තමන් විසින් පැවසිය යුතු ය​. ඉන් අසිංහල මත ප්‍රචාරය කරයි නම් එය සිංහලයන්ට එරෙහි සතුරකු සේ සලකා විනාශ කලයුතුයි. උන්ගෙ කතා කිරීමේ අයිතිය තාරික ව ඉවත් කල යුතු තැන එසේ කල යුතු වේ. ඇවැසි නම් තාරික ව අකර්-මන්‍ය කිරිමෙන් වුව කම් නැත​. අද සිංහල භාවිතා කරන අති බහුතරය බස වනසන අහිගුන්ටිකයන් හා ගනයන් වේ. උන්ට අනිවාර්‍ය්‍යයෙන් ඉංග්‍රීසි බස භාවිතා කරවිය යුතුයි. භාෂාව තුල අපේ උරුමය සේ ම අපේ ඇති හැකි මෙන් ම නැති බැරි කම් ද අන්තර්-ගත වේ. එනයින් සතුරා අතට බස දීම ජාතියට විනාශය ගෙන දෙන​, පැවැත්මට අභියෝග කරන අපරාධයක් ලෙස සැලකිය යුතු වේ. බස රැකීම පුද්ගල මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා විහිදෙන වගකීමකි. හැම ජාතියකම අනන්‍යතාවය රැකීමත්, තමන්ගේ ජාතික බස කතා කිරීමට පහසුකම් සැපයීමත් සිංහලයන්ගේ වගකීමකි. කිසිදු ආකාරයකින් අන් ජාතීන් අතර සිංහල ප්‍රචලිත කිරීම තහනම් කල යුතු ය​. ඒ සිංහල භාෂාව හැසිරවීම තුලින් ලැබෙන අසීමිත හැකියාවන් නිසා උන් ජඩයන් වීම වැලැක්වීමට ය​. හැම කඳුබඩයකුට ම සිංහල භාෂාව හැදෑරීමේ අයිතියක් ඇත​. එහෙත් එය සිංහලයන්ගේ අධීක්‍ෂණය යටතේ විය යුතුයි. සිංහල භාෂාව ඉගැන්වීමේ අයිතිය සිංහලයන්ට සීමා වේ. මෙය අනෙක් භාෂාවන්ට ද එලෙස ම ක්‍රියාත්මක විය යුතුයි. ගොඩ නගා ඇති සම්මතයන්, භාෂාව භාවිතය තුලින් කෙලසේ නම් එය අපරාධයක් ලෙස සලකා භාවිතා කිරීම තහනම් විය යුතුයි. අද සිංහලයන්ගේ භාෂාවට හිඟන්නන් විසින් කරන විකෘර්-ථි කිරීම වැනි දේ නැවත සිදු නොවිය යුතුයි. එසේ කරන උන්ට ඉංග්‍රීසි අනිවාර්‍ය කලයුතු වේ. ඉන් අදහස් කරන්නෙ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේදී, ඒ බස මුල් තැන දෙන්නේ ගොඩ නැගූ සම්මත වලට මිස අරුතට නොවීමයි. මින් සම්මත රැකීමට පුහුණුවක් ලැබේ. එසේම හරියාකාරව වචන තෝරා ගැනීමේ හැකියාව ද ඉන් ප්‍රගුණ වේ. භාෂාව ජීවිත කාලය තුල ම ප්‍රගුණ කිරීම හැම කෙනෙක් ගේ ම අයිතියක් මෙන් ම වගකීමක් වේ. ජාතික ආයතන හරහා අදිසි පාලනයේ අධීක්‍ෂණයෙන් සිදු කල යුතු දෙයකි. එසේම සිංහල භාෂාව වෙනස කිරීමට උත්සාහ කිරීම ජාතිකත්වය අහෝසි වන අපරාධයක් ලෙස සැලකිය යුතු වේ. එසේ කිරීමට අවශ්‍ය පසුබිම ඇත්තේ හූරාට පමණි.

හුස්ම ගැනීම:

අද බොහෝ ජීවීන්ට අහිමි දෙයක් තමයි හුස්ම ගන්න පිරිසිදු වාතාශ්‍රයක් නැති කම​. අද පරිසරයේ ජීව පද්ධතියෙ සමතුලිතතාවය බිඳ වැටිලා. ඒක දැන් තව තවත් වේගෙන් සිදු වෙලා අන්තිමට කඳුබඩයන් වැනි සතුන් වඳ වීමෙන් කෙලවර වෙන්නෙ. ඒකට හේතුව කඳුබඩයන් ඉතාම සංවේදී තාරයක් සතු ජීවියෙක් වීම​. මෙම විනාශයට මුල් වෙන්නෙ ගෙවල් හදන්න මෙන් ම, ඒ අවට අනෙක් සතුන් සිටිමට ඇති ඉඩ කඩ නැති කිරීම සඳහා කරන පරිසර විනාශය හා ඉංග්‍රීසින් හඳුන්වා දුන් චොර (කිසිම පිළිවෙළක් නැති, එහෙන් මෙහෙන් ඇහිඳ ගත්, අසම්පූර්-ණ) තාක්‍ෂණය වගේම, පරිසරය නසන ගොවිතැන වේ. අද ලොව පුරා ඇති චොර කර්-මාන්ත ශාලා හා චොර යන්ත්‍ර සුත්‍ර වලින් අහසට මුදා හරින විෂ වායු නිසා දිනෙන් දින හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් මිනිසුන් පමණක් නොව අනෙක් සතුන් පවා පෙලෙනවා. අනෙක් පැත්තෙන් ගස් වැල් කපා කරන විනාශය නිසා වාතය විෂ වීම මාරන්තික ඉමකට එමින් තියෙනවා. හැම කෙනෙකුටම හැබෑ පරිසරයෙ උරුම තත්ව යටතේ හුස්ම ගැනීමට අවශ්‍ය වීම අයිතියක් වෙනවා. මේ අතරේ බොහෝ උන් නොදන්නා එකක් තමයි තමන් අටවා ගන්න ගෙවල් වල දොර ජනෙල් වසා ගෙන සිටීමෙන් කෙනෙකුටම හැබෑ පරිසරයේ උරුම තත්ව යටතේ ජීවත් වීමට අවශ්‍ය වාතය නොලැබෙන බව. විසඳුම ලෙස නව අචොර (හැබෑව නිමවා ඇති තාක්‍ෂණය අණුකරනය කරමින් ගොඩ නගන​) තාක්‍ෂණය හඳුන්වාදෙනවා. එහි කොටසක් ලෙස අචොර තාක්‍ෂණය මුල් කරගත් නිවාස ඉදිකිරීම් තාක්‍ෂණය​, නිෂ්පාදන තාක්‍ෂණය මෙන්ම හැබෑ පරිසරයේ උරුම තත්ව යටතේ හුස්ම ගැනීම තහවුරු කරන තාක්‍ෂණය හඳුන්වාදෙනවා. නව ගොවි තාක්‍ෂණය හරහා භාවිතා වන භූමිය දැනට අල්ලා ගෙන ඇති භූමියෙන් දහයෙන් එකක් වන තෙක් අඩු කරනු ඇති. ගොවි හා ප්‍රවාහන තාක්‍ෂණයන් ගැන වෙනම කතා කරමි. මෙම "පුද්ගලයා/කෙනා" සතු අයිතිය ජාතික මට්ටමින් තහවුරු කරනු ඇත​. මින් අඩු වයසින් වන හදිසි මරණ මෙන් ම රෝගී තත්වයන් ද වැලකෙනු ඇත​. ජීවත් වන කාලය වැඩි කිරීම හඳුන්වාදෙන ජීවන රටාවේ ප්‍රධාන අංගයකි. ගොඩ නගන පරිසර සමතුලිතතාවය බිඳ හෙලීම ජීවන රටාවෙන් යමෙක් ඉවත් කලයුතු වරදකි. මින් සියළු සතා සීපාවන් මෙන් ම ගහ කොල ද රැකීම සිදු විය යුතුයි. මින්, චාරයක් නැතිව හිතු මතේ තැන තැන බිහි කරන විනාශකාරී කඳුබඩ ක්‍රියාවන් ද නවතනු ඇත​. චොර තාක්‍ෂණය භාවිතා කරන කඳුබඩයන් තිරිසනුන් ලෙස සැලකිය යුතුය​. මෙය අග මුල නොදැන කරන තිරිසන් විදියයි.

හුස්ම ගැනීම ගත් කල කෙනෙක්ගෙන් තව කෙනෙකුට මෙන්ම වෙනත් සතුන් හරහා ද බොහෝ ලෙඩ මෙන්ම මාරාන්තික අභියෝග ද එල්ල වේ. ඒ නිසා අන් අයගෙන් තමන්ට එල්ල වෙන මෙන් ම තමන්ගෙන් වෙන අයට එල්ල විය හැකි අභියෝග වැලැක්වීම සඳහා අචොර තාක්‍ෂණය තුලින් නව ආරක්‍ෂක විදි හඳුන්වා දෙමි. ඉන් සියළු රැකවරණ ලැබෙනු ඇත​. වැලැක්වීමට ගොඩනගන සම්මත නිසි ලෙස ක්‍රියාත්මක වීමේ වගකීම මෙන් ම අයිතිය තහවුරු කිරීම හැම කෙනාගේ සිට ජාතික මට්ටම තෙක් භාර වේ. අදිසි පාලනය අධීක්‍ෂණය කලයුතු වේ. (සියළු "ජාතික" වගකීම් හා අයිතින් වෙනුවෙන් ජාතික ආයතන ගොඩ නගන අතර අදිසි පාලනය අධීක්‍ෂණය කරනු ඇත.) රෝගීන් අපරාධකාරයන් ලෙස සැලකීම හෝ බලහත්කාරයෙන් පැහැරගෙන යාම හෝ කොටුකර තැබීම වැනි දෑ සපුරා තහනම් වේ. අචොර තාක්‍ෂණය තුලින් ජීවිත රැකගැනීමට අවශ්‍ය සියළු සැපයුම් සියළු අභියෝග හමුවේ නොකඩවා පවත්වාගෙන යා යුතු ය​. එක තැනකින් "වෙනස්" තැනකට හෝ පරිසරයකට යන විට තමන්ගේ මෙන් ම අන් ජීවීන්ගේ පැවත්ම තහවුරු කිරීමට සම්මත තුලින් "පාලිත අතරමැදි හුරු කිරීමේ" කාලයක් හඳුන්වා දෙනු ඇත. එහි බර ජාතික වගකීමක් මිස පුද්ගල එකක් නොවේ. තමන් සිටින්නෙ කොහෙද යන්න කිසිසේත් තමන් ගේ රැකීමට අවශ්‍ය දෑ නැතිවීමට හේතු නොවිය යුතුය​. මෙය අචොර සැපයුම් ජාලයකින් තහවුරු කරනු ඇත​.

තාක්‍ෂණික හේතු නිසා එකම ලිපිය කඩ කිරීමට සිදු විය​. කොටස් 2A, 2B හා 2C යනු එකම ලිපියක් ලෙස සැලකිය යුතු වේ.


No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.