Sunday 8 July 2018

සිංහල ජාතික උරුමය නැවත ගොඩ නැගීමට පුළුවන් එකම කෙනා (පියකෙනා) මම ලෙස පැරණි සිංහලයන් කාටවත් වසං කල නොහැකි අනාවැකියකින් කීමට තරම් එඩිතර වූයේ ඇයි?

සිංහල අනාවැකිය විකෘර්ථි කර තිබුනු සමයේ එහි ඇති අනන්‍යතාවය නිසා මම ඒ ගැන විශ්මයට පත් වුනා. ඒත් මම කවුද කියලත් දී ඇති තොරතුරු මගේ උපත වීමත් නිසා, අද මට ඒ ගැන කිසිදු සැකයක් නැත. සිංහලයන් ඉන්න තැන ගත් විට, වඳ වීමෙන් මිදීමට නම්, හිර වී ඇති ඉංග්‍රීසි පාලන රටාවෙන් මිදීම මෙන් ම ඉංග්‍රීසීන් ගොඩනගා ගත් තාක්ෂණයෙන් දුවන ජීවන රටාව ද පැරදවීම අත්‍යාවශ්‍යයි. නොඑසේ නම්, ඉංග්‍රීසීන් මෙන්ම උන්ට නතුවන සියල්ලන් විනාශ කර මේ ලෝකෙන් තුරං කිරීමට, උන්ට ගැලවෙන්න බැරි සේ කොටු කරපු ඉංග්‍රීසිකම තුල ගිලී කෙළවර වනු ඇත. මෙය ඉංග්‍රීසීන් උපයාගත් අවතාරික උරුමයයි. මෙය උන් මත පැටවූ දඬුවමකි. මරණයෙන් කෙළවර වන මිහිපිට අපාගත ජීවිතයක් දෙන එකක් බව මම ද හොඳින් දනිමි. මෙය කෙබඳු මර උගුලක් දැයි දන්න මට නම් එයින් මිදීම සුළු දෙයකි. එහෙත් ඔබට හිතාගන්නවත් බැරි බව දනිමි.

දැනුමෙන් හා තාක්ෂණයෙන් ඔවුන් මට වඩා කොතරම් බාල ද කියනවා නම්, මම කියන දේවල් ඔවුන්ට IMPOSSIBLE (කවදාවත් කල නොහැකි) දේවල් ය. දහස් ගණනින් ආචාරීන් බිහිකිරීමට දායක වන මගේ දැනුම හරියට තේරුම් ගැනීමට පුළුවන් එකෙක් මිහිපිට නැත. කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වා ඇති මට පැරණි සිංහලයන් කොතරම් නිවැරදි දැයි තේරෙනවා.

මෙතෙක් රට පාලනය කල, ඉබාගාතේ යන අහිගුන්ටිකයන්, ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කර හිඟාගත් තනතුර තුල හිරවී අදත් පැන ගිය ඉංග්‍රීසීන් කරපු දේවල්ම කරමින් රට වලට ම දමා ඇත. උන් නැවත නැවත බලයට පත් කරගෙන කබලෙන් ලිපට වැටුනු වාර ගණන ගත්තම මනක් ඇති සතෙක් උන් පසුපස යන්නේ නැත. සිරිසේනලා චන්ද්‍රිකාලා රනිල්ලා වගේම ඔවුන් වටා ඉන්න සිංහල විරෝධී අහිගුන්ටිකයන් ගත්කල,  ඔවුන්ට කල හැකි දේවල් ඔබට දිරවා ගත නොහැකිව දඟලන නිසා ඒ ගැන කිව යුතු නැත.

ද්‍රවිඩ ත්‍රස්තවාදය පැරදවීමට දේශප්‍රේමය මවා පා සිංහල උන් බිල්ලට දී, සිංහල උන් ලබාගත් එකම දේ, ගරා වැටෙන ඉංග්‍රීසි කොළණි පාලනයට නව පණක් දීම පමණි. රාජපක්ෂ සහ සමාගම රටේ සම්පත් මංකොල්ල කෑවේ රොබට් බ්‍රව්න්රිග් ද පරදවමිනි. ඔබේ දෑතින් කල හැකි දේ පරයන්ගෙ ශ්‍රමයෙන් හදා, දස අතේ ණය වී, ලබාගත් හොර සල්ලි ඒ තුලට ම රිංඟවා රටවැසියන් මත පැටවීම හෙණ ගහන අපරාධයකි. තව සැරයක් බලයට ආවොත් ඔබට රටක් නැති අවලමුන් ලෙස සරණාගත වේශයෙන් මුහුදට පැනීමට වන බව ස්ථීරයි.

මෙතෙක් රට පාලනය කල ඉබාගාතේ යන අහිගුන්ටික අධමයන් රැල රටට ජාතියට කමට කල සියලු පාඩු පියවා, ලොව ඇති ඉහලම තාක්ෂණයෙන් ඔබේ දෑත සවිමත් කර, ඔබේ මහන්සියෙන් ගොඩ නගන, ඔබට හිමි දියුණු රටක් බිහිකිරීම මට සුළු දෙයකි. දියුණු කරන මුවාවෙන් පරිසරය නසා, රටම ජීවත්වීමට නුසුදුසු තැනක් කරන මුන්ගෙ මග ගියොත්, පරයන් හදන මලකඩ තාක්ෂණයේ දරසෑ මත ඔබ බැලයන් වනු ඇත. තේරීම ඔබ සතුයි.

අද සමහර බත් බැලයන් යුරෝපය, ඇමෙරිකාව, ජපානය, හොංකොං, චීනය, සිංගප්පූරුව දියුණු රටවල් යයි කියති. කොන්ක්‍රීට් ගොඩවල් ගැසීම ඕන බූරුවෙකට කල හැක. ඒත් ඒ කිසිවක අයිතියක් රටේ බහුතරයට නැත. උන් දාසයන් ය, එදා වේල කන්න ජීවිතය පුදා බැලමෙහෙ කරන වහළුන් ය. මෙය මනුෂ්‍යකම නොවේ.

ඔබලාගෙ රට වැටී ඇති වලෙන් ගොඩ ගෙන ඔබලාට හිමි ජීවිතය ලබා දිය හැකි එකම කෙනා මම වෙමි. මම බලෙන් කිසිවක් නොදෙමි. ඕන නම් ඉල්ලිය යුතුයි. එය කොන්දේසි මත දෙමි. මනුකම මගේ පදනමයි. මෙය මහසම්මත මනු ලෙස සැකසු රටාවයි. දැන් එහි ඊ ළඟ පියවර ක්‍රියාත්මක කරමි. කැමති අය ඉදිරියට ආ යුතු කාලයයි. ඉතිරි අයට මනු උපත අහිමියි.

තමන් ගත කරන ජීවිතය ගැන ආඩම්බර විය හැකි, ඉන් ලෝකයටම සෙතක් සලසන මනුෂ්‍යයන් වීමට නම් මගේ පිහිට ඔබට අවශ්‍යයි. නිල ලත් මැරයන් හා පාතාලයන් අතර හිරවී මර බියෙන් ගෙවන ජීවිතය ඉංග්‍රීසි උරුමයයි. ඉංග්‍රීසි පාලනය මැර බලය යොදා පාලනය කිරීමයි. ඒ බලය ගොඩ නගා ඔබ ත්‍රස්තවාදයට නතු කිරීමට ඉංග්‍රීසීන් කාපේරීන් මැරෑටියන් ද්‍රවිඩයන් මැලයන් ගෙනා හැටිත් උන්ගේ ම්ලේච්ඡත්වය ගැනත් ඉංග්‍රීසීන් ලියා ඇති සටහන් කියවීම ලේ කෝප කරයි. අදත් ඔබ හිරවී ඇති මැරවාදී රාජ්‍ය පාලනය එයයි. ඔබ ඉන් මුදවා ගෙන ඊට විකල්ප පාලන රටාවක් ගොඩ නැගිය හැකි එකම කෙනා මමයි.

මම සම්මතයේ පිහිටා කැමැත්තට අනුව ජීවිතය ගෙන යාමට ඉඩ දෙන පියකෙනායි. තේරීම ඔබ සතුයි. පරෙස්සමෙන් තෝරන්න. ඔබ ඇතුව හෝ නැතුව මම මේ ගමන යමි. මගේ මග පෙන්වීම ඔබේ ගිනි නිවා ලනු ඇත.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.