Monday 16 July 2018

සිංහල පාලනය තුල දඬුවම් කරන විදිය ...

බොහෝ දෑ කිව යුතු වුවත් සීමිත කාලය තුල කාලීණ අවශ්‍යතා ගැන ද සඳහන් කිරීම අවශ්‍ය වන්නේ මම සකසා ඇති සිංහල පාලන ක්‍රමය තුල ගැටුම් හා අයුතු ක්‍රියා පාලනය වන ආකාරය දැනගැනීම සඳහායි. මෙය වඩාත් වැදගත් වන්නෙ සිල්ගත් ගමරාළ සේ, ආප්ප කුමන්ත්‍රණයෙන් චන්ද්‍රිකාගෙ උරුමය බදාගත්, සුළුතර ගවනර් සිරිසේන ද එල්ලා මැරීමක් ගැන කියමින් මාධ්‍ය සංදර්ශණයක් පැවැත්වීම හා අනාගත ගවනර් වීමට දත කන දෙදෙනෙක් ද එවැනි මත හරහා සමාජය තුල කතා බහට ලක්වීමයි.

මෙයින්, හිටපු ගවනර්ගෙ සහෝදර සමාගම නියෝජනය කරන, බලය නැතුවත් මිනිසුන් අතුරුදහන් වූ හා අවි පෙන්වීමට ගොස් වෙඩි කාපු යුගය හා බැඳුනු, අණ දුන් පමණින් කිසිදු පැකිලීමක් නැතිව මිනී මැරීමට අනර්ඝ පුහුණුවක් ලබා මනුෂ්‍යයත්වය අහිමි වූ කෙනා හිට්ලර් වී හෝ රට හදන මතවාදයක පැටලීම ගත් කල, රට කොතරම් පිරිහී ඇති දැයි පෙනේ. මිනී මරන්න්නන් ද ඔවුන්ට සහාය දෙන්නන් ද මිනී මරුවන් ය. මෙහිදී ජීවිතය රකින මම ද ඔවුන්ගේ ගොඩට වැටෙන්නේ, මම "මිනී මරුවන්" මනුෂ්‍ය සමාජයෙන් තුරං කරන මතය දරන නිසා ය. ජීවත්වීමට වෙර දරන, ජීවිතය රකින ඔබව ආරක්ෂාකර මිනීමරුවන්ගෙන් ඔබ රැකීමට මට තරම් වෙන කාටවත් අයිතියක් නැත.

එසේම අපරාධ කාරයන් දඬුවම් ලබන එක නතර කිරීමට, වැලැක්වීමට වෘත්තිය මට්ටමෙන් ක්‍රියා කරන, කළු පඩංඟු (ඝණ රෙදි වලින් හදපු කලිසම්) අඳින මිනී කාක්කන් අතරින් එළි බැසි, නීතියේ පූර්ණ ආධිපත්‍යයයක් ගැන කියවන අනාගත  ගවනර් වීමට දත කන්නෙකු ගැන ද සමාජය කතා කරන බව දනිමි. ලොව මෙතෙක් බිහි වූ නරකම ක්‍රමය වන, අවනීතිය නීතිය කරගත්, අසාධරණය සාධාරණය කරගත්, අපරාධ විසඳන මුවාවෙන් මැදට පැන ගහෙන් වැටුනු එකාට ගොනා අනින්නා සේ, පැමිණිලි කරන්නාගෙ සේසතම සූරා කන ඉංග්‍රීසි කොළණි අධිකරණයත්, එය ක්‍රියාත්මක කිරීමට ලේ පිපාසයෙන් පෙලෙන කාපේරියන් ද, පොරකෑමට උපන් හපන් ද්‍රවිඩයන්ද, පළි ගැනීමට දත කාපු මැලයන්ද අතරින් තෝරාගත් මැරයන් යොදා සැකසූ ඉංග්‍රීසි කොළණි පොලීසිය ද එකතු වී ක්‍රියාත්මක වන ශ්‍රී සිංහලේ අහිගුන්ටික කොළණියෙ, නඩු මග තෝරාගැනීම විනාශයට ආ වැඩීමක් බව ක්‍රියාවෙන් ඇස් ඉදිරියේ පෙනෙද්දී, එල්ලා මැරීමෙන් හෝ හිට්ලර් මෙන් විරුද්ධවාදීන් ඝාතනය කිරීමෙන් හෝ අවනීතියේ පූර්ණ ආධිපත්‍යයය පවරා ගැනීමෙන් අදටත් වඩා අපරාධ බහුල සමාජයක් බිහිවීම ඒකාන්තයි.

මත් කුඩු ව්‍යාපාරිකයන් එල්ලා මරා ප්‍රශ්ණය විසඳෙයි ද? දැනට ම ඊට පමණක් දෙවැනි දඬුවම වන ජීවිතාන්තය තෙක් සිරගත කිරීමෙන් වූ සෙතක් තිබේ ද? නරයන්ට ස්වභාවයෙන් උරුම වූ ජීවත්වීමට අවශ්‍ය සැප සම්පත් සියල්ල අහිමි කර, ඒවා ලබා ගැනීමට මුදල් ඉපැයීමට පොළඹවා, උන් රවටා තමන්ගෙ බැලයන් කර වහල් සේවයේ යොදවන පාලකයන් පළමුව එල්ලා මැරිය යුතු වන්නෙ, ඔවුන් මතට අගයක් දී එය ලාභදායී මගක් කරන නිසා ය.

මත්වීම යනු අනවශ්‍ය දෙයක් ගැනීමෙන් ඊට ඇබ්බැහිවීම තුලින් ඒ අනවශ්‍ය දෙය නැවත නැවත ලබාගැනීමට පෙළඹෙන නර මානසික ප්‍රතිචාරයයි. මෙය අද කොතරම් මුහුණුවලින් නරයන් මත් කරවනවා ද? දොස්තරලා, නිෂ්පාදකයන්, මාධ්‍යකාරයන්, කලා කාරයන්, මුදලාලිලා නරයන්ට අනවශ්‍ය දේ දී උන් කොතරම් මත් කරනවා ද? ආගම් කාරයන් හා දේශපාළුවන් අනාගත සිහිනවල නරයන් මත් කර කරන අපරාධ ගත් කල පළමුව උන් එල්ලිය යුතු ය.

මගේ පාලන ක්‍රමය තුල, කාටත් ජීවත්වීමට සම අයිතියක් ඇත. එය මුළු සත්ව ලෝකයට ම වළංඟු අයිතියකි. එම අයිතිය අහිමි කරන්නාට ඒ හා සමාන ප්‍රතිචාරයක් දීමට අහිමිවන්නාට නිතැතින් බලය ලැබේ. යමෙකුට එම බලය ක්‍රියාත්මක කල නොහැකි නම්, මාගේ යම බලය පිහිටට එනු ඇත. මෙය ජීවිත රකින හිරු බලය හා සමගාමී ව ක්‍රියාත්මක වේ.

මගේ නීතිය සරල ය. අතරමැදියන් නැත. දඬුවම තීරණය වන්නේ සමාන ප්‍රතිචාරයක් දීමට අහිමිවන්නාට ඇති අයිතිය තුලිනි. සමාජය ම සහභාගි වන්නෙ වැරදි ද නැද්ද යන්න තීරණය කිරීමට මිස අද මෙන් දෙන දඬුවම තීරණය කිරීමට නොවේ. මුළු සමාජයටම අදාළ ක්‍රියාවළියේ වෘත්තිකයන් වීමට වරම් ලැබේ. අසමත් අයට නියෝජිතයන් හිමි වේ.

යමෙක් සම්මතයට ගරු නොකරයි නම්, එකඟ නොවේ නම්, ඔවුන් පිටමන් කර ස්වාභාවික නීතියට භාර කරමි. අධිතාක්ෂණික උපක්‍රම හරහා එවැන්නන් අප අතරට ඒම වලක්වා තිරිසන් ලොවට යවනු ඇත.

අද අපරාධකාරයන් තම අභිමතයට නතු කරගත් පාලනය තුලින් අපරාධ වගා කරති. මගේ ක්‍රමය තුල අපරාධ කිරීමට පෙළඹෙන මග අහුරා දමනු ඇත. එහි මුල් තැන දැනුම වනු ඇත.

මා කියන සියල්ල මනසතුන්ට සීමා වේ. අමනසතුන් කඳුබඩයන් අතර බිහිවෙන මං සියල්ලා අහුරා දැමේ. තිරිසනුන්ට තිරිසන්කම උරුමය වනු ඇත. තිරිසන් වැඩ කරන උන්ට මනසතුන්ට හිමි රැකවරණය අහිමියි.

මගේ ක්‍රමය තුල යුක්තිය හා සාධාරණය මුල් තැන ගනී. අළුත්ම දැනුම අයත් "පුද්ගල පරමාධිපත්‍යය" හඳුන්වා දෙමි. ඒ තුලින් ඔබේ ජීවිත ගමන තීරණය කරන්නෙ ඔබ ය. අතර මැද, බදු අය කරන රාජ්‍ය වරප්‍රසාද ලත් සේවකයන්වත්, ආදායම් බදුවත්, බලපත්‍ර ගාස්තුවත්, සහතික/ලියාපදිංචි ගාස්තුවත්, දඩ ගසන කාපේරී පොලීසියවත්, නඩු කියන උසාවිවත් නැත. ඉහලම තාක්ෂණය යොදා ඔබේ ජීවිත ගමන අනෙක් අයගෙන් වන බලපෑමෙන් වෙන් කරමි. ඔබ දන්නේ ඔබ වැනි සමානයන් පමණක් දකින ලෝකයයි. ඔබෙන් බලාපොරොත්තුවන දායකත්වය කිසිදු බාධාවකින් තොරව ඉටු වන ලෝකයක් උදා වනු ඇත.

අද තියෙන සියලු අර්බුද වලට මුල නොදියුණු ජීවන රටාවයි. දැනුමෙන් මුහුකුරා ගිය ලොවක, නරයන් තම තිරිසන් හා අමන උරුමය අතහරිනු ඇත. අපරාධ කරන්නන් නැති ලොවක් නරයන්ට බිහි කරමි.

ඉහත සඳහන් යම බලය හා ජීවිත රකින හිරු බලය මම සැකසූ පාලන රටාවේ ආයතනික කොටස් දෙකකි. "පුද්ගල පරමාධිපත්‍යය" රැකෙන පාලන රටාවේ සියලු ආයතන පුද්ගලයන් හා කාලය මත රඳා නොපවතී. මෙය කල හැක්කේ මට පමණි. ස්වභාවයෙන් සියලු ජීවින්ට රැකවරණය දෙන පරිසරය ක්‍රියාත්මක වන ආකාරයේ දිගුවකි. මෙය අද නරයන්ගෙ නොමනා ක්‍රියා නිසා දැඩි බලපෑමකට ලක් වුවත්, ඒ බලපෑම ද මේ තුලින් ශුන්‍ය වේ. ඊට වඩා යමක් මේ අවදියේ නොකියමි. කිව්ව ද තේරුම් ගැනීමට හැකි නරයන් නැති නිසා නිශ්ඵල වෑයමකි. කෙසේ වෙතත්, මනුෂ්‍යයන් මෙන්ම පිසාචයන් පිනවීමට කරන සත්ව ඝාතන ද හිංසා ද නවතමි. අද සිදුවෙන අලි ඝාතන, ගව ඝාතන, පිසාචයන් පිනවීමට කරන සත්ව ඝාතන මෙන්ම වස විෂ යොදා, උපක්‍රම යොදා සතුන්ගෙ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීම නවතිනු ඇත. මෙතෙක් එම අපරාධ කල නර වේශයෙන් සිටින අමනුෂ්‍යයන් (අමන සතුන්) ලොවෙන් තුරං කිරීම මේ බල දෙකෙන් කෙරෙනු ඇත.

 අද අපට ඇති ලොකුම අභියෝගය, අප කියන වචන, අදහස් තමන්ගෙ කරගෙන සිංහලයන් රවටන අහිගුන්ටික රැලක් කොළණි අටමගලය තුලින් රට නොමග යැවීමයි. මෙතෙක් කල් ඉවසුව ද නැවත ඉඩ නොදෙමි. මගේ කතාවෙන් උපුටා ගෙන, "පුද්ගල පරමාධිපත්‍යය" යන වචනය හෝ ඉන් ඇඟවෙන තොරතුරු තමන්ගේ ලෙස ලොවට පවසන ඕන අවලමෙක්ගේ හත් මුතු පරම්පරාව ම ලෝ දියේ ගිලී මැරෙන බව සහතික කරමි.



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.