Friday 13 July 2018

අද ලෝකයම අනතුරේ දාන ප්‍රශ්ණයට මුල් වෙන්නෙ අමනුෂ්‍යයන්...

අද ජීව ලෝකය ම දෙදරා යන තැනට ආවේ අමනුෂ්‍යයන් නිසා කියලා කිව්වම ඒකට විසඳුම බලි තොවිල් කියලා හිතුනා නම් ඔබ අමනුෂ්‍යයන්ටත් එහා යන සතෙක්. අද සිංහල කියාගන්න උන් ගොඩක් හිටියට, සිංහල භාෂාව, සිංහල රට, සිංහලකම තියා අඩුම තරමින් සිංහල කියන වචනෙ අරුතවත් දන්න එකෙක් මට හමු වෙලා නැහැ. පටන් ගත්තෙ සිංහලයන් ගැන පිටස්තරයකු ලෙස සොයා ගත් තොරතුරු වලින් වුවත්, ඇත්තට ම මම මේවා ලියන්නෙ දැඩි කෝපයකින්. ඒකට හේතුව, අද සිංහල භාෂාව, සිංහල රට, සිංහලකම බලෙන් නියෝජනය කරන, ඒ වගේම සිංහල ජාතිය රකිනවා කියා මරහඬ දෙන හැම එකා ම, කිසිසේත් ම ඒ ජාතිය නියෝජනය නොකරන ජාතියකට ජන්මයකට හිමිකමක් නැති, ඉබාගාතේ යන අහිගුන්ටිකයන් වීමයි. මෙය අන්තර්ජාලය හරහා කියවන උන් පවා ඒ ගොඩේ විය හැකියි. මම මුහුණ දෙන බරපතල ම අභියෝගය තමයි සිංහල උරුමය ඇති උන් හුළං බූරුවන් ලෙස හැසිරීම. උන්ට ඇති ලෙන්ගතුකම නොවන්නට වචනයකින් හෝ ඇමතීමක් නොවන්න තිබ්බා. කෙසේ වෙතත් කරන්න බැරි අභියෝග බදා ගැනීමත්, කෙසේ හෝ ජයගැනීමත් මගේ උරුමය නිසා කිසි දා අතහැරීමක් නොවේ. අද තියෙන ප්‍රශ්ණවලට විසඳුම ලබාගන්න ඕන කුජ බලයෙන්. ඒත් ඊට කලින් බුධ බලයෙන් විසඳුම ලබාගන්න උත්සාහ කිරීම සම්මතය නිසා එසේ කරනවා.

සිංහල කෙනෙක් කියාගන්න එක බොහොම ආඩම්බර එකක් වෙලා. ඒකට හේතුව දන්නෙ නැති වුනත්, බොහෝ අය දැන හෝ නොදැන සිංහල කියාගන්න දඟලනවා. සමහර විට තමන්ට පිහිට වන ඉටු දෙවියන් වැනි අයගෙ බලපෑම නිසා වෙන්න පුළුවන්. ඒකත් හරියට සමහර පාසල් වලට ලමයි දාන්න දෙමව්පියන් දඟලනවා වගෙයි. අන්තිමට ජරා වැඩට පවා පෙළඹෙනවා. අද තියෙන හැම ප්‍රශ්ණෙකම මුල මේකයි.

"කඳුබඩයා"


ඉහත මාතෘකාව ගැන කතා කරන්න වචනවල සැබෑ අරුත දක්වන්න ඕන. අද මනුෂ්‍යයන් කියන්නෙ එක සත්ව විශේෂයකට. මේක වැරදි භාවිතයක්. අපි ඒ සතාව හැඳින්වීමට සුදුසු ආකාරයක් සොයන්න ඕන. මේ සතා මුල් කාලේ හිටියෙ තිරිසන් සතෙක් ලෙසයි. ඒ කාලෙ උන් ඔක්කොම අනෙක් සතුන් වගේ තිරිසන්කම මුල් කරගත් ජීවන රටාවට අයත්. උපතින් උපතට නොවෙනස් වන තිරිසන් සත්ව වර්ගයක්. අපි උන්ට උන්ගෙ නිජබිම වන දකුණෙ කඳුබඩ ප්‍රදේශය මුල් කරගෙන "කඳුබඩයා" කියමු.

"නරයා"


එක්තරා කාල සටහනකට අනුව මේ "කඳුබඩයා" බාහිර බලපෑමකින් තමන්ගෙ ජීවන රටාව වෙනස් කිරීමට ලක් වෙනවා. ඒකෙදි මේ බාහිර බලපෑමකින් තමන්ගෙ ජීවන රටාව වෙනස් කිරීම වෙන්නෙ තමන්ගෙ හැකියාව මත නිසා, අද ඒ සත්ව සමාජය ගත්තම, "කඳුබඩයා" ජීවත් වූ තිරිසන් ආකාරයට වගේම ඊට වඩා වෙනස් ආකාරයට ජීවත් වන අය සිටිනවා. මේ විවිධත්වය පෙන්වන සත්වයන්ට අපි "නරයා" කියමු.

"නරයා" ගත් කල එකම ස්වරූපයක් තුල, විවිධ ජීවන රටා ඇති සත්ව වර්ගයක් නිරූපණය වෙනවා.  නරයා ගත්තම,  තිරිසන්කම මුල් කරගත් ජීවන රටාවට සාපේක්ෂව අන්ත දෙකකට යන ජීවන රටා  පෙන්වනවා. එක අන්තයකට යන ජීවන රටාව පෙන්වන නරයන් තිරිසන්කම කියන ජීවන රටාව තුල ඇති ආකාරයෙන් කොටසක් අතහැර ජීවත් වෙනවා. අනෙක් අන්තයට යන ජීවන රටාව පෙන්වන නරයන් තිරිසන්කම කියන ජීවන රටාව තුල ඇති ආකාරය ඊටත් වඩා දැඩිව ක්‍රියාත්මක කරනවා. මේ වෙනස් වීමට මුල් වන්නේ ඉහත සඳහන් කල එක්තරා කාල සටහනකට අනුව බලපාන බාහිර බලපෑම හරහා ගොඩ නැගෙන දැනුම ලෙස ගත හැකියි.

මන, අමන, මන+සතා (මනුසතා) හා අමන+සතා (අමනුෂ්‍යයා)


අද සිංහල භාෂාව පරයන් විනාශ කරලා සුන් බුන් ලෙස පමණයි ඉතිරි වෙලා තියෙන්නෙ. ඉතා වැදගත් වචනයක් වන මන හොඳටම අච්චාරු වූ වචනයක්. ඒත් අමන කියන වචනය පරයන්ට නොතේරුන නිසා, තවම යම් තේරුමක් රැඳී තියෙනවා. මන කියන්නෙ අමන කියන අන්තයට ප්‍රථිවිරුද්ධ අන්තයටයි.

සතා කියන්නෙ සැබෑ+තා වැනි අදහසක්. ඒක මේ ලෝකයට සාපේක්ෂ එකක්. අප ගත්තම විවිධ සතුන් ලෙස උපදිනවා.  ඉන් එකක් තමයි "කඳුබඩයා" ලෙස හෝ "නරයා" ලෙස ඉපදීම. මේ හැම සත්ව කොටසකම මුල් අවදිය "නවක" ස්වරූපයක් ගන්නා අතර, නැවත නැවත ඉපදී "පළපුරුදු" ස්වරූපයක් ගන්නවා. ඇත්තටම ඒ තුලින් ඒ සත්ව ශරීරය ජීවත් කරවීමට ලබන හැකියාව තමයි මෙහි සඳහන් වෙන්නෙ.

සත්ව ශරීරය ජීවත් කරවීමට ලබන හැකියාව නිසා ඒ වර්ගයේ හැම සතාම එක ගොඩකට දැමීම වැරදියි. උදාහරණ ලෙස බල්ලා ගතහොත් හපාකන උන්, බුරන උන්, භයේ දුවන උන්, වල්ගෙ වනන උන්, ලෙවකන උන්, දෙපා මුල වැතිරෙන උන් වගේ විශාල පරාසයක ඉන්නවා. මින් හොඳම බල්ලා තමයි "මේ හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කරන එකා. මේ බල්ලා මන-බල්ලෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් බුරන්න ඕන තැන පැන දුවන, දුවන්න ඕන තැන හපාකන්න හදන බල්ලනුත් ඉන්නවා. බොහෝ විට උන් මරණයට ලක්වෙනවා. එවැන්නන් අමන බල්ලන් ලෙස සලකන්න ඕන. මරණය කාටත් තද පාඩමක් කියා දෙනවා. ඊ ළඟ උපතේදී ඊට පිළියම් ලෙස අළුත්වීමක් දකින්න පුළුවන්. මෙසේ මැරි මැරී ඉපදී ඉගෙන ගන්න පාඩම් තුලින් මන-බල්ලෙක් වීම හැම බල්ලාගෙම වගකීමයි. එහෙත් සමහර බල්ලන් හැමදාම එක තැන ඉන්න බවත් කියන්න ඕන. ඒ තමන් ලබන අත්දැකීම් අමතක කිරීමෙන් වෙන දෙයක්.

ඉහත කී බලු කතාව හැම සතාටම අදාළයි. ඒ කියන්නෙ හැම සත්ව වර්ගයකම අන්ත දෙකක් ලෙස මනසතා හා අමනසතා යන වචන දෙක යොදන්න ඕන.

කඳුබඩයා ගත්තම විශේෂත්වයක් තියෙනවා. ඒ අනෙක් හැම සත්වයාටම පොදු ලක්ෂණ වන ආවේණික සත්ව චරිතය නැතිවීම. එය උගේ බිහිවීමට පදනමයි. මේ සතා ජීවත්වීමට බාහිර දැනුම භාවිතා කලයුතුමයි. සමාජයෙන් මේ දැනුම ලැබෙනවා. මේ සත්ව වර්ගය ගත්තම මේ සුවිශේෂ උරුමය නිසා ජීවත්වීම අභියෝගයක් ලෙස මෘදු බවක් පෙන්වනවා. අද තියෙන කඳුඩයාගෙන් ගොඩ නැගුණු නරයන් ගත් කල නරයන් ලෙස උපදින්නෙ  කාලයට ගැලපෙන නරයන් පමණක් නොවෙයි. ඊට අමතරව අනෙක් සත්ව වර්ගයන්ගෙ තලයේ ඉන්න ඒ සත්ව තලය දක්වා අවතාරික උරුමය හිමි සත්වයන් ගොඩක් නර තාරය තුලින් නියෝජනය වෙනවා. මේක තාවකාළික අත්හදා බැලීමක්. ඒ සඳහා මන-සත්වයන් මෙන් ම අමන-සත්වයන් ගොඩක් නරයන් ලෙස උපත ලබලා. අති බහුතරය අයත් වෙන්නෙ  අමන අවස්ථාවේ හිරවුන සත්වයන්ගෙන්. උන් නර තාරයෙන් හැසිරෙන කොට, "හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කෙසේ වෙතත්, තමන්ගෙ සැබෑ සත්ව තාරයට හිමි දැනුමවත් ලබා නැති නිසා, අද ලෝකයම අනතුරේ දාන ප්‍රශ්ණයට මුල් වෙන්නෙ මේ අති බහුතරයයි.

මේ අමන-නර බහුතරය අතර මෙය කියවන අමන ඔබ ද සිටින බව කිව යුතුයි. ඉන් අදහස් කලේ ඔබ ද ජීවත්වීමේ අභියෝගයට මුහුණ දීමේ දී "හැම ක්‍රියාවම උචිත තැන උචිත ලෙස කිරීම" කෙසේ වෙතත් අමනයන් ලෙස පැනයන උන් වීමයි. සමහර උන් දරුවන් ඉදිරියට දමා උන් වෙනුවෙන් කියා සැඟවෙන නපුංසකයන් ය. නැත්නම් හොඳ තැන් සොයා උපන් තැන හැර ගොස් අනාගන්නා සරණාගතයන් ය. එසේම අමන නරයන් පිරිවරාගත් "ශ්‍රී ලංකා" හිඟන කොළණියේ ලබන අමන මග පෙන්වීමෙන් මුලා වීම නිසා අනාගත් උන් ය. මේ තත්වය දිගටම පවතින තෙක් උන් අමන නරයන් ලෙස හැසිරේවි. ඉන් ගැලවීමට නම්, මේ අමනකම පරදා තමන්ගෙ තීරණ ගැනීම ය. මම ද මේ අභියෝගයට මුහුණ දුන්නෙමි. එය නරයන් ලෙස අප කාලෙන් කාලෙට මුහුණ දෙන අභියෝගයයි. දැන් උදාවී ඇත්තේ එවැනි තීරණාත්මක කඩඉමකි. මෙය ජීවිතය ද මරණය ද යන අන්ත දෙක පමණක් ඇති තේරීමකි. එහි බලගැන්වෙන නීතිය නම් "නරයකු වීම අමනසතුන්ට අහිමි ය" යන්නයි. අමන සතුන් ඉවත් කිරීම සඳහා සියල්ල සූදානම් බව මම දනිමි. මනසතුන් රැකෙනු ඇත.

සාරංශය ගත් කල අමනසතුන් (අමනුෂ්‍යයන්) මරණයට පත්වීම නියතයි. ඔබ එවැන්නෙකු නම් ගැලවීමක් නැහැ. අන්තිමට මනකම (මිනිස්කම) නැවත ආරම්භයේ පදනම වනු ඇත. එය එසේ වන බව තහවුරු කිරීම මගේ වගකීමයි. ඔබ මනසතෙක් (මනුෂ්‍යයෙක්) නම්, මා හමුවී රැකෙන්න. මෙය යුගයෙන් යුගයට වෙන වෙනසක් ලෙස දිගු කලක සිට කරන පිරිසිදුකිරීමකි. අමනසතුන්ට එය ලෝක විනාශය ලෙස පෙනෙනු ඇත.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.