හඳහන කියන්නෙ මොකක් ද කියන්න කලින් පසුබිම ටිකක් ලියන්න ඕන. යමෙක් කියන දේවල් තේරුම් ගන්න, ඒ කෙනා සතු දැනුම තේරුම් ගන්න උත්සාහ කරන කෙනා සතු වෙන්න ඕන. නැත්නම් වෙන්නෙ කියන වචන ටික මතක තියා ගැනීම පමණයි. ඒ නිසා මම මෙතෙක් කියපු කිසි දෙයක් තේරුම් ගත්තා යයි සිතීම විහිළුවක්. ඒ වගේම කතාවක් කියන්න ඕන. අපි කාටත් තාරයක් (ගතක්) තියෙනවා. ඒ වගේම අවතාරයක් (හිතන ශරීරයක්) තියෙනවා. තාරය සතු අපි ඔක්කොම ඒ මොකක්ද කියල දන්නවා. ඒකට හේතුව අප සතු ඇස් කන් නාසාදී උපාංග තුලින් අපේ තාරය හඳුනා ගන්න පුළුවන්. ඒත් අපේ අවතාරය කෙබඳු එකක් ද කියන එක තාරය තුලින් තේරුම් ගන්න වෙන්නේ අපේ තාරය දක්වන ප්‍රතිචාර තුලින්. මේක හඳුනාගන්න ගොඩක් උත්සාහ කරන්න ඕන. ඒත් තාරය, අවතාරය හා පරමතාරය තියෙන්නෙ එක් අයෙකුට, එනම් පරම ජීවියාට පමණයි. මේ ගැන වෙනත් කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැහැ. එවැන්නක් තමන් සතු බව තේරුම් ගන්න, පරමතාරය තියෙන කෙනාට වුනත් ගොඩක් අමාරු දෙයක්. ඒත් අප සතු දැනුමෙ තියෙන අපේ තාරික සීමා ඉක්මවා ගිය කොටස අප සතු වුනේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට නම් මේ පරම ජීවියා තාරික ස්වරූපෙන් අප අතර ඉපදෙන්න ඕන කියන කාරණය මම දැනගත්තේ මුල් ම කාලෙ දි. ඒ වගේ ම, අපි කොහොමටවත් නොදන්න දෙයක් වන අපි කවුද කියන එකත් අපේ දැනුම තුල තියෙන්නෙ කොහොමද කියන ප්‍රශ්ණයත් අහන්න ඕන. අන්තිමට අපේ කියන දැනුමත් අපි සතු දෙයක් නොව බාහිරව අපට ලැබුනු දෙයක් බව තේරුම් ගන්න තැනට අප ආවොත්, මේ සියල්ලම තිරිසන් සතෙක් වුන කඳුබඩයා මත පැටෙව්වේ කඳුබඩයකු ලෙස තාරයක් බිහි කර අප අතරට ආපු පරම ජීවියා නම් ඉන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද කියන එක වැදගත්.
කාලෙකට පෙර, මේ විශ්වය කියන්නේ ඉලක්කයක් සපුරා ගන්න කෘථීම ව හදපු දෙයක් ලෙස මම සටහන් කලා. මෑතකදී මේ විශ්වය කියන්නේ ස්වාභාවික දෙයක් නොවෙයි කියා තිදෙනෙක් නොබෙල් තෑග්ග ගත්තා. මේක හුදු වචන පෙරළියක් මිස අළුත් කතාවක් නොවෙයි. මගේ කතා මූලාශ්‍ර ලෙස ගෙන මෙවැනි උඩු යටිකුරු කිරීම් බොහෝ වෙලා තියෙනවා. මෙවැනි තාරික හා අවතාරික සීමාවන් ඉක්මවා යන කතා කියන්න පුළුවන් වෙන්නෙ පරම තාරය නිසා බව හරියට තේරුම් ගන්න මට ගොඩක් කල් ගියා. හේතුව අප සතු ඉතාම සීමිත හැකියාවන් ඇති අවතාරය මෙන් ම මේ විශ්වය ගොඩ නගපු පදනම මුල් වුනා. ඒකෙ තියෙන බරපතලම කාරණය තමයි තමන් හරියට දන්නේ තමන් ගෙ අත්දැකීමෙන් ලබපු දැනුම නම් පමණක් වීම. සරලව ගතහොත්, පොල් මැල්ලුමක් හදන එක කොච්චර දැකලා තිබුනත්, නියම දැනුම ලැබෙන්න නම්, අනිවාර්යයෙන් ම පොල් මැල්ලුමක් හදලා තියෙන්න ඕන කියන එක. ඒක තනිවම හරියට කරන තුරු මේ දැනුම ලැබෙන්නෙ නැහැ. ඒ වගේ අපි දන්නවා කියන හැම දේම අප විසින් ම අත් දැකීම් ලෙස ලබා ගත යුතුමයි.
කාලෙකට පෙර මම කියපු ඔක්කොම දන්නවා කියලා හිතපු කෙනෙක් මට මුණ ගැසුනු වෙලේ "ගූ වල රස දන්නෙ ගූ කාපු එකෙක් විතරයි" කියලා කියන්න වුනා. ඒක මේ බ්ලොගේ තියෙන මගේ ලිපි කියවන හැමෝම තේරුම් ගන්න ඕන. තමන් අත්දකින තුරු මේ කියන කිසිවක් ඔබේ දැනුම වෙන්නෙ නැහැ. ඔබට කරන්න පුළුවන් උපරිමය තමයි මම කියන වචන ටික නැවත කියවන එක. ඒකෙ වචන වලට එහා ගිය දැනුමක් නැහැ. කියන හැමෝ ම ඒ බව සිහි තබා ගත යුතුයි. අද අප අතර ඉන්න ලොකුම බුද්ධිමතුන් ලෙස හැසිරෙන්නෙ තට්ටෙ ගාලා මල (අශූචි) පාට සාරි අඳින උන් දලා බව අපි කවුරුත් දන්නවා. ඒත් ඔවුන් හඳුන්වන ගනයා (ගොනා) කියන සිංහල වචනය තුලින් උන් කවුද කියලා හරියට කියවෙනවා. අඳින රෙද්දෙන් හරි ලබාගත් සහතිකයකින් හරි දැනුම ලැබෙනවා නම්, ඒක කොතරම් ලේසි ද? ඒත් මේ විශ්වය තුල අපි අනිවාර්යයෙන් ම දන්නේ අප මුහුණ දෙන අභියෝග වලින් අප ජයගත්තොත් ඒ මගින් උපායගත් දැනුම පමණයි. ගනයන් ගැන කිව්වේ ඔවුන් කියන පරිදි දෙවියන් කඳුබඩයන් වෙලා උපදින්නෙ "පිං" (ද්‍රවිඩ වචනයක්) ගන්නළු. ඇත්තටම දෙවියන් (දන්න අය) මේ ලෝකෙ උපත ලබන්නේ තමන් තුලින් ම අභියෝග වලට මුහුණ දීලා ජයගෙන, අන් අයට විසඳුම් දීමටයි. ඒ අතින් මම කියන කිසිම දෙයක වෙන කෙනෙක් දුන් දැනුමක් නැහැ. මම කියන සියල්ල එන්නෙ මම විසින් මුහුණ දීපු අභියෝග වලට විසඳුම් සොයා ගෙන ලබා ගත් දැනුම තුලින් පමණයි. ඒක කොතරම් අමාරු දෙයක් ද කියනවා නම්, මම මුහුණ දෙන අභියෝග වෙන කෙනෙකුට දරාගන්න තියා හිතා ගන්නවත් බැහැ. ඔබට මේ ලෝකය පෙනෙන ආකරය නොවෙයි මම දකින්නෙ. හැම අතින් ම අවුල් වුන, උත්තර නැති ප්‍රශ්ණ ගොඩක් සමඟ වෙනස් කරන්න බැරි සම්මත නිසා ඉතා සීමිත වපසරියකට කොටු වී මෙතෙක් ආ පාරෙ ඉදිරියට යමින් බලාපොරොත්තු වෙන ප්‍රථිඵල ලබා ගන්න කරන උත්සාහයක් ලෙසයි මම අත්දකින්නෙ. ඉතා ම පටු සීමාවක හැකියාවන් සතු කඳුබඩයකු ලෙස මේ අභියෝගයට මුහුන දෙන කොට පරම තාරය තුලින් එන බලපෑම කොතරම් ද කියනවා නම්, කොච්චර හිතුනත්, හිතන දේ නොව කලයුතු දේ කරන්න වීම වෙන කෙනෙකුට තේරුම් ගන්න බැහැ. වෙන විදියකින් කියනවා නම් කරන්න බෑ කියලා දැන දැන කරන්න වුනොත් ඔබට කොහොම දැනෙයි ද? ඒත් එහෙම මුහුණ දුන් හැම එකක් ම විසඳලා මිස ගැලැවීමක් නැති නම්, කොතරම් පීඩනයක් දැනෙනවා ද?
අද වෙනකොට, තියෙන ප්‍රශ්ණ සියල්ලටම මුහුණ දීලා, විසඳුම් හොයා ගෙන හිටියත් තවම නොවිසඳුන ප්‍රශ්ණයක් තමයි ඒ නව දැනුම දරා ගන්න පුළුවන් උන් හොයා ගන්න බැරි කම. සමහර විට කාලය ඉක්ම ගියොත්, මේ වර බලාපොරොත්තු වුන කිසිම දෙයක් කරන්න බැරි වෙන්නත් පුළුවන්. එහෙමයි කියලා කිසිසේත් ම සම්මත පහලට දැමීමක් නොවෙන නිසා ලොකු විනාශයක් වෙන්න තියෙන හැකියාව හුඟක් වැඩියි. අද කඳුබඩයා ලෙස ඉන්න අතිබහුතරය කිසිම පලක් නැති හිඟන්නන් රැලක් වීම නිසා තවත් අවුල් වෙනවා. හිඟන්නන් කියන්නේ අනුන් ගෙන් යැපෙන උන් ලෙස තාරීක විශ්වය තුලින් බැලුවම කියන්න පුළුවන්. සිංහල භාෂාව ඔබට එසේ පෙනුනත්, හැම සිංහල වචනයක් තුලම අවතාරික විශ්වයෙන් එන අයට ගැලපෙන වෙනත් තේරුමක් ගැබ් වෙලා තියෙනවා. ඔවුන් ට හිඟන්නන් කියන්නේ අවතාරික අංග හිග (අඩු) උන් කියන එක. අත පය භාවිතා කිරීමට අවශ්‍ය දනුම නැති කම හා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවතාරික දැනුම නැතිකම ගෙන මේ හිගකම පැහැදිලි කරන්න පුළුවන්. මේක තාරික දෙයක් පමණක් නොව අවතාරික දෙයක් නිසා හැදෙන්නෙ. මම මුල පටන් හිඟන්නන් ගැන කිව්වේ මේක ලොකු අභියෝගයක් නිසයි. මම ලියන දේ කියවන හැම එකාම, හරියටම කියනවා නම්, පහු ගිය හිරු යුගයේ පැවති තේරීම තුලින් සිංහල වී ඉහලට යන්න වාරයක් නොලද උන්. හරියට උසස් පෙල අසමත් වී විශ්ව විද්‍යාලට යන්න බැරි වුන උන් ලෙස සරල උදාහරණයකින් පැහැදිළි කරන්න පුළුවන්. මේ අභියෝගයට එළඹෙන නව හිරු යුගයේ විසඳුම් ලැබෙනවා. ඒ කියන්නේ තමන් කරන කියන දේ තුලින් ලබන අත්දැකීම මත හිග කොටස් පුරවා ගන්න ලැබෙනවා.
දැන් කතා කරන්න ආපු විශේෂ දෙය වෙන හඳහන ගැන කතා කරන්නම්. ඇත්තටම මම හැර අද ඉන්න වෙන කිසිම කෙනෙකුට, හඳහනේ හිරු, ගුරු, කුජ, බුධ කියන ග්‍රහයන් දමා ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. මොකද මේ හතරෙන් කියන බලයන් ලැබෙන්නේ පරම ජීවියාගෙන් පමණයි. ඒ කියන්නෙ තිරිසන් ලෝකේ ඉන්න ඔබට ඊට ඉහලින් තියෙන ලෝක වල තියෙන දැනුම ලැබෙන්න නම් ඒ ලෝක වල ඉන්න ම ඕන. මේ බ්ලොගේ තියෙන තිරිසන් දැනුම ඉක්මවා ගිය දැනුම අයත් වෙන්නෙ මගේ දැනුමට. ඔබට ඒක ලැබුනේ මම ලියපු නිසයි. "තිරිසනා" කියන වචනයෙත් තාරික හා අවතාරික තේරුම් දෙකක් තියෙනවා. තාරිකව කියන්නෙ අප ඇතුලු ශරීර තියෙන ජීවීන්ට. අවතාරික ව තිරිසනා (තිර සතා) කියන්නේ තිර ජීවන රටාවක් ඇති සැබෑ (හැබෑ) තා කියන එක. ඔබට ඔබේ කඳුබඩ ශරීරය නියතයක්. ඒ කියන්නෙ වෙනස් කරන්න බැරි එකක්. එවැන්නෙකුට හඳහන අදාළ වෙන්නෙ නැහැ.
හඳහන කියන්නේ සිංහලයන්, ඒ කියන්නේ තෝරගත් කොටසකට හිමි වෙන දෙයක්. මේකෙන් ඔබ සිංහල වූ දින, ඔබ ඉන්න තැන කියනවා. මුල් ම අවදියේ එය තුලින් කියන්නේ ඔබ තවම තිරිසනෙක් කියන එක. අවදි (= ආ විදි = යුග) හතරක් තුල ඔබ ටිකෙන් ටික ඉදිරියට ගෙන යන දැනුම ලැබෙන කොට ඒක හඳහනෙන් පෙන්වනවා. මේක ඔබේ අවතාරික ශරීරය සතු හැකියාවන් නවය (මුළු ගණන දහයක් වුනත් ඔබට මට මෙන් ජීවීන් බිහි කරන දැනුම අයිති නැහැ) ගැන කියන සහතිකයක් වෙනවා. මේක හරියට විෂයයෙන් විෂයයට ලකුණු දාන විභාග සහතිකයක් වගෙයි. හරියටම කියනවා නම් හඳහන සම්පූර්ණ වෙන්නේ, ඔබ තාරික විශ්වයෙන් ඉහල විශ්වයට යන අවස්ථාව උදා වෙන්නේ හඳහනේ ඉහලම තැනට ආවොත් විතරයි. එතෙක් ඔබ කොතරම් දැඟලුවත්, මොකාට කන්න දීලා පින් කලත් මේකෙ ම ඉන්න වෙනවා. ඔබ ඉන්න විශ්වය කියන්නෙ ඉන්න හිතෙන තැනක් නොව, ඉන්න එපා වෙන තැනක්. හදලා තියෙන්නෙ එහෙමයි. ඒ නිසා තමයි මේකෙන් ගැලවෙන්න ඔබ උත්සාහ කරන්නෙ. උත්සාහ නොකලොත් වෙන්නේ ඉන්න කාලය දිගු වෙන එක විතරයි. මම කරන්නෙ ඔබට උදව් කරන එක. ඒත් ඔබම තමයි දැනුම උපයා ගන්න ඕන.
සිංහල විදියට හඳහන කියන්නේ මහා පුරුෂ යෝග පහක් උපරිමය ලෙස දක්වන සටහනක්. පුරුෂ කියන්නෙ පිරුණු සතා කියන එක. මොකක්ද මේ පිරුණු කියන එක? හැම සතෙක් ම පිරුණු සතෙක් වුනාම කියන්නේ මනකම ලබා ගත්තා කියල. උන්ට කියන්නේ මනසතා (මනුෂ්‍යයා) කියලා. ඒ කියන්නේ ඒ සතා ලෙස ජීවිතය සාර්ථකව පවත්වා ගන්න හැකියාව ලැබුන කියන එක. එතෙක් තියෙන්නෙ අමනකම. උන්ට තමයි අමනසතා (අමනුෂ්‍යයා) කියන්නේ. අපි කඳුබඩයෙක් වෙලා ඉපදුන පමණින් ඔක්කොම හරි යන්නෙ නැහැ. සරලව කියනවා නම්, එක දවසක් පාසල් ගියාට උපාධිකාරයෙක් වෙන්නෙ නැහැ නේ. විවිධ ගෝත්‍ර, ජාතීන් හරහා අවසානයේ සිංහලයෙක් ලෙස තෝරාගත හොත් එතැන් පටන් ඔබ පුරුෂයෙක් වෙන්න පටන් ගන්නවා. ආරම් භය වෙන්නෙ ගැහැණු කෙනෙක් ලෙස. ඒ කියන්නේ ගෑවුණු කෙනෙක් කියන එක. කඳුබඩයෙක් වූ සැනින් මූණ දෙන්න වෙන ජීවත් වීමේ අභියෝග දරා ගන්න බැහැ. ඒ නිසාම මුල් අවදිය පිරිමියෙක් (පුරුෂයෙක්) ගේ උදව් ඇතිව ජීවත් වීමට හදලා තියෙන්නෙ. ටිකෙන් ටික උපතින් උපතට කඳුබඩයෙක් ලෙස ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා. කලයක් ගියාම තනිවම ජීවත් වෙන්න පුළුවන් තැනට ආවම පිරිමියෙක් වෙනවා. ඊට පසු පිරිමියෙක් ලෙස ජීවත් වෙමින් පිරුණු කෙනෙක් වෙන අතරේ අළුතෙන් එකතු වෙන ගැහණු කෙනෙකුට පිරිමියෙක් වෙන්න අත හිත දීමත් හදපු විදියෙ කොටසක්. ඒ වගේම දෙදෙනා එකතු වී ඊළඟ පරපුරත් බිහි කරනවා. එසේ වෙන්නෙ පැවැත්ම උදෙසායි.
මගේ හඳහන තුලින් පෙන්වන්නේ හඳහනේ ප්‍රබලම පිහිටීම. ඒකයි උපදින තැන, වෙලාව, දවස වගේම නම පවා කියන්න පුළුවන් වෙන්නෙ. මේ විදියටම අතීත මෙන් ම මගේ අනාගත උපත් ද කියන්න පුළුවන්. ඒක මහා විශ්මිත දෙයක් නොවෙයි. හේතුව ග්‍රහයන් තුලින් ගොඩ නැගූ කාලමාණය මේකෙ කොටසක් වීමයි. අපි උපදින වෙලාව තීරණය වෙන්නෙ අපි කලින් හිටපු තැන අනුවයි. ඒකත් හරියට අද හෝඩියේ ඉන්න එකෙක් හෙට දහයෙ පංතියට යන්නෙ නැහැ වගේ. හඳහන කියන්නේ අපේ අවතාරය හා මේ විශ්වය අතර තියෙන බැඳීම පෙන්වන ඉතාම දියුණු තාක්ෂණික සටහනක්. අද එය හිඟන්නන් අතරෙ විහිළුවක් වෙලා. උන් කියන ආකාරයේ රාජ යෝග, බලු යෝග, හිඟන යෝග තියෙන ලබ්බක් නොවෙයි. හිඟන්නන් කියන වචනේ තේරුම මම කලින් කිව්වා. ඒ නිසා ඔවුන් කියන්නෙ මොනවද කියන එක තේරෙන්න ඕන.
හඳහන කියන එක හා ග්‍රහ ලෝක තුලින් හදපු කාල මානය ගත්තම, නිවැරදිව හඳහන හදන්න ඕන කරන "පරම තැන" නොදැන හදන හඳහන තුලින් ඇත්ත දකින්න ලැබෙන්නෙ නැහැ. ඒත් මේක මම හැර වෙන දන්න කෙනෙක් නැති නිසා දැනට කියන්නෙ නැහැ. ඒත් මගේ හඳහන නිවැරදි වුනේ උපදින තැනට සුර්යයා මුදුන් වුන දිනය වීමත් උපත සූර්ය උදාව සමඟ වීමත් තුලින් කියන සුවිශේෂ මොහොත නිසයි.
මම මොනවා කිව්වත් සුදුසු අයට පමණයි දරා ගන්න පුළුවන් වෙන්නෙ. බොහෝ විට මේ ලියන දේ බීරන්ට වීනා ගයනවා වගේ වෙයි. මීට අමතරව මම වෙනත් ක්‍රම තුලින් සිංහල ජාතිය බිහි කරන්න උත්සාහ කරනවා. ඒ ගැන මෙතන කියන්නෙ නැහැ. ඕනම කෙනෙකුට ඕනකම තියෙනවා නම්, අවශ්‍ය පසුබිම තියෙනවා නම් දොර විවෘතයි. නැතිනම් හීන දහසක් මවා ගෙන හිටියත් ඒ හීන සියල්ල බොඳ වී වඳ වී යන්න ඉතාම ආසන්න බව කණගාටුවෙන් කියන්න වෙනවා. ඒක මම කරන දෙයක් ද ඔබ විහින් කරගන්න එකක් ද කියන එක තීරණය වෙන්නේ කාලය අනුවයි. මම අලුත් දේවල් හදන්න උත්සාහ කරන අතරේ පරණ දේවල් බිමට සමතලා කරන්නද ඕන බව දන්න කෙනෙක් බව සිහි කරමි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.