Friday 15 April 2022

මගේ වග තුග (මගේ වත ගොත) - 6 කොටස

 2006 - 2012 අප්‍රේල් 12

මම මගේ වත ගොත ලියා තබන්නේ මගේම අනාගත අවශ්‍යතා වෙනුවෙනි. වෙන කෙනකුට කියවීමෙන් ලබාගත හැක්කේ වචනවල මතකය පමණි. කියවන විට යථාර්තය දකින්නේ එහි සඳහන් ක්‍රියාවන් කල කෙනා පමණි. ජීවිතය තම රහස් හෙළි කරන්නේ අපේ අත්දැකීම් මත ය. බොහෝ දේ කර නැවත නැවත විවිධ අත්දැකීම් ලැබීමත් සමඟ අපේ අනන්‍යතාවය හඳුනා ගත හැක. මේ වන විට අනෙක් අයත් මමත් අතර ඇති පරතරය දුටිමි. මට ඉතා සුළු දෙයක් වෙන අයට නොතේරෙන, කල නොහැකි බැරෑරුම් ප්‍රශ්ණයක් වීම තුලින් තමන් හා ඔවුන් අතර පරතරය කියවේ. මා ළඟා වූයේ මගේ සුවිශේෂත්වය මා තුලින් ම දකින අවදියටයි. මේ වන විට අප සතු දැනුමේ මූලාරම්භය සෙවීම ද මගේ ප්‍රයත්නය විය. එනම් සැසඳීම තුලින් තමන්ට වඩා ඉහලින් සිටින්නා සෙවීම තුලින් දැනුමේ මූලාශ්‍රය තහවුරු කිරීමයි.

මේ කාලය මට මා ගැන ඉතා වැදගත් දේ දැනගැනීමට ලැබුනු කාලයයි. කුඩා කල සිට ලැබූ ඉංග්‍රීසී වහල් අධ්‍යාපනයෙන් ඔවුන් කියපු ඕන දෙයක් විශ්වාස කරපු, ඔවුන් කියන සියල්ල පරම සත්‍යය ලෙස ඇදහූ, ඔවුන් සරණ ගිය කාලය ද නිමා වුනේ මේ කාලයේ ය. එසේම සිංහල බෞද්ධ මිථ්‍යාව තුල ගිලී, ඉන්දියාව හරහා ආපු හිඟමනෙන් යැපෙන අහිගුන්ටිකයන්ගේ උරුමය මගේ ද උරුමය ලෙස සිතූ මුග්ධ සමය ද නිමා විය. සැබැවින්ම මේ සමය ඇත්ත නැත්තෙන් වෙන් කිරීමට අවශ්‍ය හැකියාව උපරිමයෙන් ක්‍රියාත්මක වූ කාලයකි.

ඉංග්‍රීසී වහල් අධ්‍යාපනයෙන් ලැබුවේ එකිනෙකාගේ හිතළු බදාගැනීමක් බව පසක් විය. මේ තුලින් බලාපොරොත්තු වන්නේ අංඟ සම්පූර්ණ වහළුන් හඳුනාගෙන පෝෂණය කිරීමයි. අධ්‍යාපනයෙන් මුල සිට අගටම සොයන්නේ ඕන දෙයක් කියූ පමණින් බදාගෙන ඒක තමන්ගේ එකක් ලෙස හුවා දක්වන ගිරවුන් ය. උන් මුල් පෙල හොබවයි. මේ ක්‍රමය තුල උගතා, බුද්ධිමතකු හෙවත් තම ණැන පමණින් තේරුම්ගත්තකු නොව, ගුරා කියන දේ ගිරවෙකු සේ කියවන මෝඩ තකතිරුවෙකි. මේ තුල ආචාරී මහචාරී වන කෙනෙකුට වඩා මී හරක් බුද්ධිමත් ය. මෙය ලියන මොහොතේ මොවුන්ගේ අමනකම ලොවට ම හෙළි වෙන පරිසරයක් උදා වී ඇත.

බටහිරයන් ගොඩ නගා ගත් ඉතිහාසය, පරිණාමය, මූලද්‍රව්‍ය වැනි බොහෝ සංකල්ප කොතරම් පටු ද කියනවා නම් සැබෑව අහලකින්වත් නොයන හිතළු වේ. එසේම මහා විද්වතුන් ලෙස හුවා දක්වන ඩාර්වින්, අයින්ස්ටයින් කොතරම් බොළඳ මෝඩයන් ද යන්න පෙන්වන බොහෝ සිදුවීම් අත්දුටු කලකි. මේ මුලාව තුල ඉංග්‍රීසි පාලකයන් ලැබූ ලොකුම ජයග්‍රහණ වන්නේ තම පැවැත්මට අභියෝග කල හැකි උන් ඈත් කර පහලට දමා සැබෑ වහළුන් තම අභිමතයට අනුව හැසිරවීම බව පසක් විය.

තෝරාගත් අමනයන් ඉහලම තලයේ බුද්ධිමතුන් ලෙස මවා පා උන් ලවා අනෙක් සියලු මත හා පාරම්පරික උරුමයන් මිථ්‍යාවන් හෙවත් අසත්‍ය දේ ලෙස හැඳින්වීම කොතරම් සාර්ථක ද කියනවා නම්, උපතින් ම අප උන්ගේ අන්ධභක්තියන් වන හැටි දුටුවෙමි. තම ගුරුන්, දෙමාපියන් මෙන්ම සමාජය උන්ගෙ ග්‍රහණයට පත් වූ කල උපදින දරුවන් නිතැතින් ම ගොදුරු වේ. මේ සඳහා ලැබූ පූර්ව උරුමයන් ද ඒ තුලින් සපුරාගන්නා ඉලක්ක ද දුටිමි. මේ සියලු බලපෑම් බිඳ හෙළීමට මට හැකිවීම මට ද ප්‍රහෙළිකාවක් විය. අන් අය ජීවිත කාලයම වහළුන් ලෙස කඹුරද්දී මම ඉන් මිදීම ලොකු වෙනසක් කියයි.

නොදන්නා උන් කියන බොහෝ කතා මිථ්‍යාවන් ලෙස හංවඩු ගැහුන ද, ඔවුන්ගේ නොදන්නකම අණාවරණය කරගෙන බැලූ විට, ඒ හැම කතාවකම මූලය සත්‍යයක් වීම මා අත්දුටිමි. මේ කාලය තුල විවිධ ජාතින් සතු නොයෙකුත් මිථ්‍යාවන් මෙන් ම මතකයේ රැඳි සිංහල මිථ්‍යාවන් ද ගැන ඇලීමකින් තොරව විමසුවෙමි. මෙහිද සිංහලයන් සතු පාරම්පරික උරුමය කියන කතා සියල්ලම සැබෑ බවත්, හඳුනා ගැනීමට විශේෂ වූ උරුමයක් ඇවැසි බව ද පසක් විය.

 මුළු ලෝකයම ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් හා අහිගුන්ටික/සංක්‍රමණික සහභාගිත්වයෙන් බොරුවෙන් මුලාවෙන් පිරුණු පසුබිමක ඒ හැම දෙයක් ම වෙන් කර හඳුනාගැනීමත් ඊට යටවී අතුරුදහන් වූ ඇත්ත සොයාගැනීමත් කලහැකි වන්නේ එක් අයෙකුට බව මේ අතරේ තහවුරු විය. සොයාගත් දෙයින් සිංහලයන්ට වැදගත් වන තොරතුරු බිඳක් මේ ලිපි අයත් බ්ලොගයට පසු කලක එකතු කලෙමි. පසුව අන්තර්ජාලයේ මාධ්‍ය හරහා හමුවූ සිංහලයන් ලෙස ඇන්ඳුනු කාලකන්නි සංක්‍රමණිකයන් සමඟ හුවමාරු කරගත් කතා තුලින් තේරුම් ගත්තේ එවැනි බූරුවන්ට මා කී දේවල් සමච්චලයට ලක්වීම පමණි. උදාහරණ ලෙස උන්ට අනුව දෙවියන් කියන්නේ හිඟන ගනයන් කියන ආකාරයේ අත්භූත මවාපෑම් කල හැකි සුපිරි මැජික් කාරයන් ය. හිඟන ගනයන් කියපු කුණු කසල හිසේ පුරවාගත් කල, ඒ තුල අතපත ගා එවැනි කසල (ද්‍රවිඩයන් උච්චාරණය කරන්නේ කුසල් කියා ය. මේ උන්ගේ අරාබි උරුමය පෙන්වන ලක්ෂණයකි.) හමු වූවත්, අපට බාහිරව ඇති ලෝකය තුල එවැනි කිසිදු අත්භූත දෙයක් නැති බවත්, පවතින රටාව තනිකරම සැබෑව බවත්, ඒ තුල ඇත්තේ එකිනෙකට බැඳුණු ක්‍රියා පද්ධතියක් බවත්, ඒ සියල්ල මේ විශ්වය පවත්වාගෙන යන පදනම අනුව බවත් පසක් විය. එනම් සෙවිය යුතු ඇත්ත කිසිදු ආයාසයකින් තොරව අප ඉදිරියේ දිස්වන පරිසරය තුල බවත්, ස්වභාවය ලෙස සැඟවී ඇති වචනය සැබෑව බවත් තහවුරු විය. ඇත්ත සොයන්නකු කල යුත්තේ එකිනෙකා පසුපස යාම නොව තමන් ඉදිරියේ ඇති සැබෑව හඳුනාගැනීම බව තේරුම් ගතිමි. එතැන් සිට මම මගේ මතකය නොව සැබෑව හරහා මගේ ප්‍රශ්ණවලට පිළිතුරු සෙව්වෙමි. එහි ඇති අනන්‍ය හා ස්වාධීන බව ගත් කල අප සොයාගත යුතු පරම ඇත්ත අප ඉදිරියේ ඇති ස්වභාවය තේරුම් ගැනීම බව පැහැදිළි විය.

මේ කාලය තුල තිරිසනුන් සතු තිරිසන්කමත් ඉන් එහාට යන කඳුබඩයාගේ හැසිරීමත් සිදු වූ ආකාරය තහවුරු කරගැනීමට වෙහෙස දැරුවෙමි. විශේෂයෙන් ම තමන්ගේ යයි අයිතිය තහවුරු නොවන භාෂාව වචන හා අන්තර්ගත නීති රීති වගේම අපේ හැසිරීම් රටාව බිහි වූ ආකාරයත් ඒ සඳහා භාවිත කරන්නන්ගේ කිසිදු දායකත්වයක් නොමැති බවත් ඔවුන් තුලින් දිස්වීම නිසා ඒ ගැන විශේෂ උනන්දුවක් ගත්තෙමි.

තාක්ෂණිකව ගත් කල බහුතරය අන්ධභක්තියෙන් විද්‍යාව ලෙස බදාගන්නා විජ්ජාව චොර තාක්ෂණය බවත් එය තනිකරම චොරයන් සැබෑව තුලින් තම නැණ පමණින් අත්හදා බැලීම් බවත් තහවුරු විය. ජීවීන් ලෙස අප ක්‍රියාත්මක වන ආකාරය හඳුනා ගැනීමේ උත්සාහය තුල දුටුවේ, අංගසම්පූර්ණ යාන්ත්‍රණයක් තුලින් පවත්වාගෙන යන බව ය. එහි වගකීම ඉතාම ශූක්ෂම දැනුමැති අය දරණ බව ය. සැබැවින් ම දෙවියන් යනු මොවුන් ය. සුවිශේෂත්වය වන්නේ මෙම විශ්වය යනු ඉහත කී ශූක්ෂම දැනුමැති අය බිහි කිරීමේ පළමු පෙල වීම ය. එනම් සත්ව ශරීර හා බැඳී ලබන අත්දැකීම් වලින් පෝෂණය වන ළදරු අවතාරිකයන් යම් දිනක දෙවියන් ලෙස ඉන් සමත් වී ඉහල පංතියකට යන බව ය. මෙය ජීවත් වීමට දරණ උත්සාහය තුලින් පමණක් ගොඩ නැගෙන ඵලයකි. හිඟන්නන් මුල් තැන ගත් සමාජයේ පවතින හිතළු කිසිවක් සැබෑව නොවන බව තේරුම් ගතිමි. විෂයයන් දහයකින් සමන්විත මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම රහස් දත් කෙනෙකු එනම් රහතකු වීමෙන් සම්පූර්ණ වේ. අද සිටින කඳුබඩයන් කිසිවෙකු ඒ අහලටවත් ළඟා නොවූ තිරිසනුන් බව පසක් විය.

මේ කාලය තුල කලේ මොනවා ද යන්න මේ බ්ලොගේ ලිපි තුලින් කෙටියෙන් ලියා ඇති නිසා හැකි අයට තෝරාගැනීමට ඉඩ හරිමි. මෙම කොටස ලිවීමට මේ තරම් කල් ගත වූයේ ලියන මොහොතේ සැබෑ ලෝකයේ උදාවී ඇති, කඳුබඩයකු ලෙස ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට උත්සාහ කල නිසා ය. අද විවිධ ස්වරූප වලින් නිරූපණය වන කඳුබඩයා යනු සැබැවින් ම අමනුෂ්‍යයෙකි (අමන සතෙකි). කාලය වැඩියෙන් ගත වූයේ සතුරන්ගේ බලපෑම මැඩීමට ය. මුන් කිසිවෙකුට වෙනසක් කිරීමට ඉඩ නොදෙන නරුමයන් ය. මා මෙන් අන් අය ද මේ දරුණු අභියෝගයට මුහුණ දෙන කාලයකි. මට මෙලොව කෙනෙකු මුහුණ දිය හැකි උපරිම අභියෝගය සැම විටම නිතැතින් උරුම ය. ඒ තුලින් ලබන අත්දැකීම අනාගත විසඳුම් වේ. මේ දිනවල මගේ පරම සතුරන්ගේ කාර්යභාරය කරන්නේ මට ඉතාම සමීප උන් ය. මේ වන විට දෙමාපියන් මියගොස් සිටීම සතුටකි. හිටියා නම් මට එරෙහිව පෙරමුණ ගනු ඇත. මෙවැනි අභියෝගයක් වෙන කිසිවකුට ජයගත නොහැකි බව දනිමි. මගේ සුවිශේෂත්වය මෙම අභියෝග වලට මුහුණ දී ජය ගැනීමයි. එය අදාල හැම වකවානුවක ම ලබන සුපුරුදු රටාවයි.

මේ කාලයේ උපරිමයට ළඟා වූයේ 2012 අප්‍රේල් 12 දිනය යයි කීම නිවැරදි ය. එනම් දියසේන ප්‍රබන්ධයට මුල් වූ සිංහල චරිතය තුලින් කියන කෙනා මම යයි නිශ්චිත ව හඳුනා ගැනීමට කල අත්හදා බැලීමයි. ඉහත දිනය පසුව හඳුනා ගත්ත එකකි. බොහෝ දේ අත්හදා බැලුවේ මම ඒ කතාවේ උපත හා බැඳි තොරතුරු, ඒ මම යයි මට ම තහවුරු කරගැනීමටයි. ඒ තුල වෙනකෙකුට තේරුම්ගත නොහැකි තරම් සංකීර්ණ අත්දැකීම් ලැබ අවසානයේ ඒ මම යයි ප්‍රත්‍යයක්ෂ ව තහවුරු කර ගතිමි. එතැන් සිට මේ ලියන මොහොත තෙක් මගේ උපතින් බලාපොරොත්තු වූ සියලු ඉලක්ක කරා යන ගමන ඇරඹුවෙමි. එය පොත පතේ සඳහන් සියලු දෑ අභිභවා යන කාර්යභාරයකි. ප්‍රථිඵල සියල්ලන් භුක්ති විඳින බව දනිමි.

මෙම කාලය නිමා වී උදා වූයේ සිංහලයන් සොයා ගැනීමේ අභියෝගයයි. ඒ ගැන ඉතිරි කොටස් දෙකෙන් පවසමි. තනිවම මුළු ලෝකයක් සමඟ ගැටී ජයගැනීම කෙනෙකුට කල නොහැකි දෙයක් බව දනිමි. ඒත් මට එය තවත් අභියෝගයකි. මවාගත් ලෝකෙක, ඇන්දිච්ච මෝඩ සතුන්ට/අමන සතුන්ට එය තේරුම් ගත නොහැකි දෙයකි. කලකට පෙර පැවසූ ආකාරයටම සියල්ල සිදුවන මොහොතක යමෙකුට ඇස් ඇරේ නම් මග පෙන්වමි. නොඑසේ නම් මරණය ඔබට ඒ පාඩම කියා දෙනු ඇත. හිඟනුන් මවා පා ඇති සේ උන් සොයාවිත් උන් බේරා ගනී යයි සිතීම ම ව්‍යාජ දෙයකි.  උපකාර අවශ්‍ය වේ නම් ඉල්ලා සිටිය යුතු ය. ලැබෙන්නේ කොන්දේසි සමඟ ය. අනාගතය තීරණ කරන කෙනාට හැර වෙන කිසිවකුට විසඳුම් නැති බව ඔබට පසක් වන බව කියමි.

නව හිරු යුගයේ ආරම්භය සමඟ පෙර යුගයේ සියල්ල බිඳ වැටෙනු ඇත. ඒ අතර චොර තාක්ෂණයේ ඵලයක් වන අන්තර්ජාලය ද නියත වශයෙන් ම බිඳ වැටේවි. කෙසේ වෙතත් ඉතිරි කොටස් දෙක ද ලිවීමට බලාපොරොත්තු වෙමි. පළමුව සිංහලයන් සොයා ගැනීමට දැරූ ප්‍රයත්නයේදී ඵේස් බුක් වැනි මාධ්‍යජාල හරහා මුණගැසුණු සිංහල වේශධාරී අහිගුන්ටික චරිත හරහා ලැබූ අත්දැකීම් ගොනු කරමි. ඇත්ත ඇති සැටියෙන් කීම මිස අපහාස උපහාස කිරීමක් නැත. සැමට යුක්තිය සාධාරණය ඉටු කිරීමේ අරමුණෙන් කල එම ව්‍යායාමය ගඟට කැපූ ඉනි සඳහා ගත වූ කාලයකි. එතෙක් මෝඩ හිඟනුන් පසුපස යමින් නායකත්වය සොයන අහිගුන්ටිකයන්ට අත්වන ඉරණම හදාරමි. විසඳුම සතු එකම කෙනා පැරණි සිංහලයන් කී ලෙස ම මම බව දනිමි.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

මෙය Self Realisation හෝ ස්වයං තේරුම් ගැනීම ලෙස හඳුන්වමි. ඒ තමන් ඒ තුල ගිලී ඉන් ලබන අත්දැකීම් තුලින් ඇත්ත නැත්ත හඳුනාගැනීමේ ඵලයයි. මෙයට වෙන කිසිවකුගේ සහායක් නැත. මෙහි උපරිමය 2006 වසරේදී ලඟා වූවා යයි කිව හැක. බටහිර දැනුම, සූදු කෙලීමෙන් ලබාගන්නා අත්දැකීම් මත ගොතපු, හිතට එන අදහස් හෙවත් හිතළු සාගරයක් බවත්, ඇත්ත ඊට බොහෝ ඈත බවත් තහවුරු වන විට, ඊට පිටින් යමින්, ඇත්ත මත ගොඩ නැගූ දැනුම බිහිකිරීම 2006 කම්බ හොරාට ලියපු යෝජනාවේ අරමුණ වුව ද ඒක ඊට එහා ගිය ක්‍රියාවළියක ආරම්භය බව පසුව දුටුවෙමි. එනම් දේශපාලනික ක්ෂේත්‍රයට යොමු වීමේ ආරම්භය විය. ඊ ළඟ කොටසින් මම ගැනත් ශ්‍රී ලාංකිකයන් ගැනත් ඇත්ත දුටු කාලය ලෙස වැදගත් වේ. ඊ ළඟ කොටස, තීරණාත්මක දිනයක් වන 2012 අප්‍රේල් 12 ලෙස පසුව හඳුනාගත් දිනයක කල අත්හදා බැලීමෙන් අවසන් වී නව ආරක දැකීමක් සනිටුහන් කරපු කාලයේ සිදුවීම් සුළුවෙන් ලිපිගත කිරීමකි

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.