Friday 24 February 2023

මම රකින්නෙ කවුද​? මගේ රැකවරණය ලැබීමට සුදුසු අය කවුද?

මුලින් සඳහන් කල පරිදි, මගෙ රැකවරණය ලැබීමට සුදුසු අය කවුද? මම රකින්නෙ කවුද​? කියන ප්‍රශ්නවලට උත්තර දීමට කලින් යමක් කියන්න ඕන​. ඒ තමයි මේවා කියවන උන් එකෙක්ටවත් මම කියන දේවල් තේරෙන්නෙ නැහැ කියල මම දන්නවා. ඊට හේතුව මේ කියන දේවල් අළුත් නිසා. ඉගෙන ගන්නවා කියන්නෙ අළුත් දේවල් තේරුම් ගැනීමට උත්සාහ කරන එකට​. උන් විශ්වාස කරනවද නැද්ද කියන එකත් මට වැදගත් නැහැ. නොදැන ඉතින් මොනව කරන්න ද​? එහෙම දැන දැන ඇයි මම මේ තොරතුරු දෙන්නෙ? හේතු ගොඩක් තියෙනවා. හරියට තේරුම් ගන්න නම් විශ්වයන් ගැන​, විශ්වයන් අතර කොහොමද ගණුදෙණු කරන්නෙ කියන දේවල් ගැන දැනගන්න ඕන​. බටහිර සයි-ෆයි වීඩියෝ බලපු උන් හිතයි උන් දන්නවා කියල​. ඒ වීඩියෝ වල හැම දේම වෙන්නෙ මේ ග්‍රහලෝකෙ මිස ඉන් එහාටවත් නොගිහින් බව දන්නවා නම් දැකපුවා ගැන හිනා වෙන්න ඕන. අපි අපේ තාරය තුලින් කරන වැඩ තාරික ලෝකෙ (Driving force - FOOD) තිබෙන තාරික අවයව වලින් තේරුම් ගන්න පුළුවන්. බොහෝ උන් නොදන්න දෙයක් තමයි ඒ තාරික ක්‍රියාවලට අනුව දක්වන අවතාරික ක්‍රියාවළිය අවතාරික ලෝකෙ (Driving force - KNOWLEDGE) තුල ඊට උචිත අවතාරික අවයව තුලින් තේරුම් ගන්න පුළුවන් බව​. අවතාරික ලෝකෙ දැනුම ලෙස එකතුවෙන්නෙ තාරික ලෝකෙ තිබෙන වචන හෝ ක්‍රියා හො රූප නොව ඊට ම ආවේනික ස්වරූපයකින්. මේක කොටස් දහයකට බෙදන්න පුළුවන්. දස බලයන්/හැකියාවන් කියන්නෙ ඒ කොටස් දහයට. සමහර හිඟන්නන් අවතාරික ලෝකෙ ඉන්න දෙවියන් උන් සමඟ කතා කරනවා කියල මෝඩ ගැහැනුන් රවටනවා. තාරයට කටක් තිබුනට, කතා කරන කටක් අවතාරයට නැහැ. අවතාරික ලෝකෙ ඉන්න දෙවියන් තාරික ලෝකෙ සමඟ ගණුදෙණු කරන ආකාරය, තාරික අවයව වලට සංවේදී නැහැ. සරලව අපේ තාරික අතපය මෙහෙයවන අවතාරික හැඟීම් අපේ ඉඳ්‍රියවලට දැනෙන්නෙ නැහැ වගෙයි. ඒ නිසා වෙනත් උපක්‍රම භාවිතා කරනවා. ඒ ගැන කියන්නෙ නැත්තේ ඒකෙන් අයථා ප්‍රයෝජන ගෙන මිනිසුන් නොමග යැවිය හැකි නිසයි. ඒ ලෝකෙ ගත්තම තාරික ලෝකෙ දත්ත තේරුම් ගන්න ඒ ලෝකෙ තියෙන අවයව වලට හැකියාවක් නැහැ. මේක තරමක අන්ධ සෙල්ලමක්. ඒක තමයි ඇත්ත තත්වය. ඒකට කරන්න දෙයක් නැහැ. සරලව කියනවා නම් කාර් එකක් ස්ටාර්-ට් කරන්න යතුර දාල කැරකුවාම ඒක ස්ටාර්-ට් වුනත් නැතත් අපි දන්නෙ යතුර දාල කරකවන එක විතරයි. මේ තුල ලොකු රහසක් තියෙන නිසා ලිව්වෙ.

මම ගත්තම​, අවතාරික ලෝකෙ තුල ඊට උචිත අවයව තුලින් දක්වන ක්‍රියාවලට අනුව පරමතාරික ලෝකෙ පරමතාරය තුල යම් ක්‍රියාවළියක් වෙනවා. පරමතාරික ලෝකෙ "අංගසම්පූර්-ණත්වය" තහවුරු කරන වෙනස්කම් ලෙස එකතුවෙන්නෙ අවතාරික ලෝකෙ තිබෙන දැනුම නොව ඊට ම ආවේනික ස්වරූපයකින්. මේක බිඳ වැටුනු අංගසම්පූර්-ණත්වය නැවත ගොඩනගන වෙනස්වීමක් ලෙස සටහන් වෙනවා. එනම් තාරික ලෝකෙ ගොඩ නගා ඇති රටාව බිඳ වැටෙන කොට, අවතාරික ලෝකෙ ඒක දැනුමෙ අඩුවක් ලෙසත්, පරමතාරික ලෝකෙ "අංගසම්පූර්-ණත්වයේ" යම් කොටසක නැති වීමක් ලෙසත් පිළිබිඹු වෙනවා. තාරික ලෝකෙ ගොඩ නගා ඇති රටාව නව දැනුමෙන් නැවත සැකසූ විට සියල්ල යථා තත්වයට පත්වෙනවා. දැන් වෙමින් පවතින්නෙ මේකයි. තේරුම් ගන්න පුලුවන් දවසක මෙහි කියපු දේ කොතරම් වටිනවාද කියා තේරේවි. ඒක මට වැදගත් එකක්. පරමතාරික ලෝකෙ තුලින් දක්වන "අංගසම්පූර්-ණත්වය" (Driving force - PERFECTION) වටහා ගන්න තුරු මොන වගේද කියල තේරුම් ගන්න වෙන අයට අමාරුයි. මෙසේ මෙතෙක් වූ අතීත සිදුවීම් සියල්ලම පරමතාරය තුල රැඳෙනවා. ඒ නිසා සැබෑ අතීතය මගේ කොටසක් ලෙස පවතිනවා. එසේ නොවන්නට මම කියපු කිසි දෙයක් මට කියන්න බැහැ. මම පසුව මේ ගැන අත් හදා බැලීම් කර තහවුරු කර ගත්තත් මුලින් ම දැනගත්තෙ රොබෝ තාක්‍ෂණය තුලින්. මේක හරියට මගේ ට්‍රැවල් ලොග් එක වගෙයි. ඉපදීමෙන් කරන්නෙ මෙසේ තොරතුරු ("අංගසම්පූර්-ණත්වය" තහවුරු කරන වෙනස්කම්) එක් කිරීමක්.

මගේ වටේ ඉන්නෙ පහළම බාලංශයේ අයන්න ආයන්න වත් නොදන්න පොඩි උන් බව දැන දැන මම උන්ට මෙලෝ දෙයක් නොතේරෙන කතා ලියන්නෙ නිකම් නොවන බව සමහරුන්ට දැන් තේරේවි. එක වටිනා උපදෙසක් දෙන්නම්. අතිබහුතරය මම කියන දේවල් වල වටිනාකම දකින එකක් නැහැ. හේතුව ඒ තරමට ම ඉහලට යන එක අමාරු දෙයක්. ඒත් කවද හරි උඩට යන අයත් පහළ ම බාලංශයේ ඉඳල තමයි ඉහලට යන්නෙ. ඒක නිසා කවද හෝ මම කවුද වගේම මම කිව්ව දේත් තේරෙන දවසක් එන බව මතක් කරනවා. මම 2011 දී කනිෂ්ට පාසලක පුන්චි දරුවන්ට මෝටිවේෂන් කතාවක් කලා. ඒ අත්දැකීම කොච්චර වටිනවාද කියල තේරුනෙ පස්සෙ කාලෙක​. දැන්, කඳින් ලොකු වුනත් අවතාරිකව ළදරුවන්ට කතා කරන බව මම හොඳින් දන්නවා. උනුත් අර පොඩි ලමයි වගෙ හිතනවා ඇති.

මම බ්ලොග් ලිපි ලිවීමෙ අරමුණ ඇත්තට ම මගේ දැනුම තාවකාළිකව සුරක්‍ෂිත තැනක ගබඩා කිරීමයි. පවතින තාක්‍ෂණයේ ඇති දුබලතා ​ඊට හේතු වෙනවා. කවුරු කියෙව්වත්, නැතත්, වෙලාව තිබුනොත් ලියනවා. එහෙම නැතුව කාගෙවත් ප්‍රශ්ණ කිරීම් වලට හෝ කැමත්ත අකමැත්ත විමසීමටවත්, ප්‍රසාදය දිනාගැනීමටවත්, ලකුණු දමා ගැනීමටවත්, මුදල් ඉපැයීමටවත්, වෙනත් සඳහන් නොකල අයුතු ප්‍රයෝජන ලබා ගැනීමටවත් නොවන බව කියන්න ඕන​. ඒ වගේම, දැන් දැනගත යුතු දෑ සොයාගෙන අවසන් නිසා ප්‍රතිචාර බලා පොරොත්තු නොවෙන බැවින්, ඒ සඳහා තිබෙන පහසුකම් ඉවත් කලා. මේ දැනුම සිංහලයන් බිහි කිරීමෙ අරමුණින් ලියපු සිංහලයන් වීමට නම් දැනගතයුතු කාරණා බව කියමි. අද සිංහලයන් ලෙස රඟපාන හිඟනුන් සියල්ල වනසා ඇති නිසා සිංහල ජාතිය නැවත​ ගොඩනැගීමෙ අරමුණින් පමණක් සමාජ ගත කරන බව තරයේ සිහිපත් කරමි. අනුන් සමඟ යන්න හදන එකා කවදාවත් ඉහලට යන්නෙ නෑ. අන්තිමට තනිවම තමයි යන්න වෙන්නෙ. ඒ බව තේරුම් ගත් අයට විතරයි මම කියන දේවල් වැදගත් වෙන්නෙ. මේ අතරෙ කවුරු හරි කෙනෙක් මම කියන දේවල් තේරෙනවා කියල හිතෙනවා නම් ඊමේල් හරහා දැන ගන්න කැමතියි. ඇහුවොත් නොදන්න කෙනෙක් හොයා ගන්න බැහැ. ඒ වගෙ අය ගොඩක් මුහුණුපොතෙන් හොයා ගන්න පුළුවන්. බොරුවෙන් ම ජීවත් වෙන රටක බොරුව රජ කරන බව මම දන්නවා. ඒ නිසා, මම වගේ, කරපු දෙවල් සමඟ කිව්වොත් කියවන්නම්. නැත්නම් නිකරුනේ කාලය නාස්ති වෙයි. 

රකිනවා කියන්නෙ මොකක්ද? අද රකින අය හෙවත් රකින සතා (රකුසා) කියන්නෙ, නරකසතා (නොරකින සතා) වගේම නරක ලෙස දකින සිංහල නොදත් කාලකන්නි හිඟන්නන් විසින් කෙලෙසපු වචනයක්. මේ වචනය මීට කලින් හිරු යුගයක භාවිතයට ගෙනා වචනයක්. කඳුබඩයා තිරිසනෙක් ලෙස දැකපු ලෝකෙ තුලින් පැහැදිලි කරන වචනයක්. අපි දන්නවා බිත්තර රකින සතුන්. ඒ නිසා තමයි උන්ගෙ පැටව් බිහිවෙන්නෙ. ඊට පස්සෙ උන්ගෙ පණ වෙන සතුන්ගෙන් රැකලා තමයි උස් මහත් කරන්නෙ. දැන් රකිනවා කියන එකේ තේරුම යන්තම් හෝ දැනෙන්න ඕන. කියන දේ අහන උන් රකින්න හරි ලේසියි. ඒත් කියන දේ අහන්න තරම් නොදියුණු පසුබිමක හැදුනොත්, එහෙම නැත්නම් කියන දේ අහන්නෙ නැත්නම් ඒ වගේ උන් රකින විදිය තමයි බියගැන්වීම​. ඒ සඳහා තමයි රකුසන් ඉන්නෙ. ඔවුන් ආයතනයක එක කොටසක් වගේ, ජීව ලෝකය පවත්වාගෙන යන්න ඉන්න සමූහයක්. මටත් ඔවුන්ගෙන් අත්දැකීම් තියෙනවා. කාට හෝ එවැනි අත්දැකීම් තියෙනවා නම්, ඒ කෙනා රැකෙන කෙනෙක් ලෙස ඒක තේරුම් ගන්න ඕන​. ඒ වගේම දැනගත යුතු දෙයක් තමයි මේ වගේ විශාල ජීව ලෝකයක් රකින කොට යමෙක් කරන දේ තුලින් ඊට අභියෝග එල්ල වුනොත් එවැන්නන්  විනාශ කරන්නත් අය ඉන්න බව​. දෙයාකාර ලෝක ස්වභාවය තෙරුම් ගත් කෙනෙකුට මේවා බොහොම සරල අවශ්‍යතා කියල තේරුම් ගන්න පුලුවන්.

රැකීම කඳුබඩයාට පමණක් සීමා නොවේ. ඕනම සත්ව වර්-ගයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වන අවම ගහනයක් වගේම උපරිම ප්‍රමාණයක් තියෙනවා. තිරිසනුන් ලෙස ස්වභාවික පරිසරය තුල ප්‍රජනනය වෙන්නෙ එකිනෙකාට මුණ ගැහුනොත් පමණයි. විවිධාකාර සතුන් ඉන්න පරිසරයක වඳ නොවී පවත්වාගැනීම සඳහා ඒ සත්ව වර්-ගයා නියෝජනය කරන ජීවින්, ඒ කියන්නෙ අඩු පාඩු නැතිව අලුත් පැටව් බිහිකල හැකි උන් අවම ප්‍රමාණයක් රැකගන්න ඕන​. ඒ වගේම විවිධාකාර සතුන් ඉන්න පරිසරයක පවතින සීමිත සම්පත් නිසා අනවශ්‍ය ලෙස ගහනය වැඩි වුනොත් බඩගින්නෙ මිය යන සතුන් නිසා බොහෝ වර්-ග වඳ වෙන්නත් පුළුවන්. මේ අභියෝගය ජයගන්නෙ රකුසන් යෙදවීමෙන් බව තේරුම් ගත යුතුයි. මීට අමතරව ජීව ලෝකයේ සැකසුම වගේම විවිධ ජීවීන් හැසිරෙන ආකාරය තුලින් ද මේ ක්‍රියාවළිය බල ගැන්වෙනවා. සැබෑ සිංහල වචන වල නියම තාරික තේරුමක් තියෙනවා. රකුසා කියන්නෙ ඇත්තටම අභූත (අද්භූත - භූ (බිම) + තා)) සතෙක් ද​? කිසිසේත් ම නැත​. ඉහත සඳහන් කල හිරු යුගයේ ඉහලම සිටි අය රකුසන් විය​. මෙහිදී සිංහලයකු වී උපත ලද විට අයත් වන ගනය මේ ගැන කියනවා. නාග​, දේව​, මනුෂ්‍ය​, රාක්‍ෂ (රකුසු) ගන හතරෙන් කියන්නෙ හතර ආකාරයකින් සිංහලයකුගෙ උපත බෙදීමක්. මුල් කාලයෙ උපදින කොට රාක්‍ෂ ගනයෙන් උපදින්නෙ. හැසිරිය යුතු ආකාරය ඉහත සඳහන් කල හිරු යුගයේ ඉහලම සිටි රකුසන්ට සමාණයි. දෙවන ගනය වන මනුෂ්‍ය ගනයෙන් උපදින කොට හැසිරිය යුතු ආකාරය රාක්‍ෂ ගනයට වඩා ඉහලයි. මන සතෙක්, ඒ කියන්නෙ කරන කියන දේවල් "මනාව" කරන​, නැත්නම් අවශ්‍ය ලෙස පාලනය කරමින් හැසිරිය යුතු වෙනවා. දේව ගනය ගත්තම රහත් වූවකුගෙ හැසිරීම පෙන්වනවා. නාග කියන්නෙ ඉහලින් පහලට ඇවිත් වගකීම් ගන්න අය​. ඒ අය තිරිසන්කම අභිබවා ගිය අය​. මේ හතර ආකාරයෙන් කඳුබඩ ශරීරය සමඟ ඉපදීමෙන් හැසිරීම පාලනය කිරීමක් වෙනවා. හරියට හැසුරුනොත්, ස්කෝලෙ පංතියෙන් ඊ ළඟ පංතියට යනවා වගේ ඉහලට යනවා. සැබෑව තරමක් වෙනස් වෙන්නෙ අසීමිත පංති ප්‍රමාණයක් තියෙන ජීව ලෝකෙ, ඒ ආකාරයට යන්න ගියොත් අසීමිත කාලයක් යන නිසා. ඒකෙ බාහිර පාලනයකින්, තෝරා ගත් අය වේගෙන් ඉහලට යවනවා. ඒ වගේම ඒක වැරදි විදියට භාවිතා කලොත් මුලට ම වුනත් දාන්න පුළුවන්. බලාපොරොත්තු වන ආකාරයට හැසිරුනේ නැත්නම්, දඬුවම් ලෙස පවා පහල උපතක් ලැබෙන්න පුලුවන් බව සඳහන් කරන්න ඕන​. දැන් හොඳ පසුබිම් දැනුමක් ලැබුනා යයි සිතමි. 

ජීව ලෝකයේ පැවැත්ම තහවුරු කිරීමට හැම වර්-ගයක සතුන් අවම හා උපරිම ප්‍රමාණයක් රකින්න ඕන බව ඉහත සඳහන් කලා. ඒකෙදි කවුද රැකෙන්නෙ කියන එක ගත්තම එයා මෙයා කියල විශේෂ තේරීමක් නැහැ. දැන් කියන්නෙ විශේෂ තේරීමක් කරල රකින අය ගැන. අණක් ගුණක් නැති අමු තිරිසනුන් අතර උපදිනවා කියන්නෙ ම මරණය අතට අරන් පටන් ගන්න ගමනක්. ඒත්, ඒක කරන්නවෙන කොටසක් ඉන්නවා. හරියට පාසළක උගන්වන්න එන ගුරුන් වගෙ අය​. මේ අය රකින්න කැප වූ විශේෂ විදියක් තියෙනවා. ඊට අවශ්‍ය සුවිශේෂ බලයන් සහිත කොටසක් ඉන්නවා. මටත් ඒ වගේම රකින්න කැප වූ විශේෂ විදියක් තියෙනවා. කොහොමද කරන්නෙ කියන එක මේ ලිපියට අදාළ නැහැ. ඒක වෙන බව පමණක් දැනගත්තම ඇති. ඕනම ආයතනයක ඉහල නිලතල ලබන අයට විශේෂ වරප්‍රසාද හිමි වෙනවා වගෙ දෙයක්. මේ රැකීම තමන් උපයාගත යුතු දෙයක්. කොතරම් පැවැත්ම රැකීම වෙනුවෙන් කැප වෙනවාද කියන එක මත ලැබෙන දෙයක්. පගාව දීලා පින් දීලා ගන්න බැරි දෙයක්. එහෙම කරන්න හැදුවොත් වෙන්නෙ හොඳ ඉල්ලගෙන කෑමක් කන්න. විශේෂයෙන් අළුත් දේවල් කරන කොට, ඊට සම්බන්ධ වන අය තමන් කරන දේ අනුව මීට ඇතුලත් වෙනවා. එහෙමයි කියල නුසුදුසු කිසිවෙකුට ඒ අවස්ථාව හිමි නොවේ. මගේ අත්දැකීම් ගත්තම​, මට හරස් කපපු කිසිවෙකු යහතින් නැහැ. ඒක මම ජීවිත කාලය පුරාම දුටු දෙයක්. ඕනම ආයතනයක තමන්ගෙ වගකීම් ඉටුකරන්න අවශ්‍ය සියලු බලතල හිමිවෙනවා. තේරුම් ගැනීම සඳහා මේක කියන්නම්. අප අවට ලෝකෙ වෙන බොහො දේ ගත්තම, ඒ තුල වෙන/කරන දේවල් සියල්ලම ජීව ලොකය පවත්වාගෙන යන ආකාරයේ සුලු පරිමාණ භාවිතයන් ලෙස ගන්න පුලුවන්. මේක තවත් ආකාරයකින් තේරුම් ගැනීමෙ උපක්‍රමයක් ලෙස ගන්න පුළුවන්. විශේෂ වරප්‍රසාද හිමි වූ පමණින් ඕන දෙයක් කරන්න නිදහසක් ලැබෙන්නෙ නැහැ. පවතින සම්මත බිඳීමට ඉඩ දීමක් වෙන්නෙ නැහැ. ඒ වගේ බලයක් සතු අය ඉන්නෙ එක් කෙනයි. මම පුංචි කාලෙ ගමේ හිටපු ගණිතයෙක් මගෙ කේන්දරේ බලා මට අපල උපද්‍රව ගැන කියල වැඩක් නැහැ කියලා මම ඉන්නෙ නීතියට උඩින් කියල කියපු කතාව මතක් කරමි. පසු කාලෙක එය අත් හදා බලා තහවුරු කලෙමි. එසේ අත් හදා බැලුවත්, වලං කඩේට පැන්න හරකෙක් සේ හැසිරීමක් නොවෙන්නෙ, මුලු පද්ධතියම ගත්තම මෙතෙක් ගොඩ නගා ගත් සම්මත සියල්ලම රැකගන්න වෙන නිසයි. ඒත් එක අන්තයකදී සියල්ල විනාශ කරන්න වුනොත් පමණක් මේ හැසිරීම වෙනස් වෙනවා. මේ ගැන පසුව කියන්න පුළුවන්.

ගනයන්, තට්ටසාමිලා, පොට්ටුසාමිලා, කුරුසසාමිලා, ජටාසාමිලා වගේම තොප්පිසාමිලා, මිනිසුන් ගේ දේවල් කඩා වඩා ගන්න යොදාගන්න උපක්‍රමයක් තමයි මිනිසුන් බිය වැද්දීම​. මේ සඳහා යොදාගන්න එකක් තමයි හැසිරීම පාලනය සඳහා යොදා ඇති ආරක්ෂක රටාව​. සමහර දෙවල් කලාම ඊට නිසි දඬුවම් ලැබෙන එක හුවා දක්වා බිය වැද්දීම නිතර කරන දෙයක්. මේ සිදුවීම් පිටුපස තියෙන්නෙ හැම ජීවී වර්-ගයක් ම රැකගෙන ඉදිරියට පවත්වාගෙනයාම සඳහා ගොඩ නගා ඇති නීති රටාව​. මේක වෙනත් විදියකින් කියනවා නම් "හිරුකම" ලෙස හඳුන්වන්න පුළුවන්. හැම ජීවී වර්-ගයකටම තාරික සීමා පනවා තියෙනවා. ඒ වගේම අවතාරික සීමා ද පනවා තියෙනවා. ඒකෙන් හැසිරීම පාලනය වෙන්නෙ. ඊට පිටින් ගියොත් දඬුවම් විදින්න වෙනවා. ජීවිතය පවා නැතිවෙන්න පුළුවන්. මේ තුලින් අනෙක් ජීවීන්ට එන බලපෑම, පැවැත්ම රැකෙන මට්ටමකට ගේනවා. දෙයාකාර ලෝකෙ මේ සබඳතාවය ගණිතයමය වශයෙන් 50-50% හෙවත් සම සමව ජීවිතය හා මරණය අතර බෙදෙනවා. එසේ නොවන අවස්ථාවල, කලින් කලට යාවත්කාලීන කරනවා. ඒ කියන්නෙ අවශ්‍ය වෙනස් කම් කරල නැවත ඒ මට්ටමට ගේනවා. කලින් කලට මේ නීති රටාව අළුත් වෙනවා. එහෙත් විශේෂ කාර්-යයන් සඳහා එන අයට අවශ්‍ය ලෙස තාරික සීමා වගේම අවතාරික සීමා යටපත් කෙරෙනවා. ඒකෙන් කියන්නෙ මේ කිසිවක් ඉබේ නොවන බවත්, කවුරු හෝ පිටුපසින් සිට හිතාමතා මෙහෙයවන බවත් ය. මම කරන කිසිම දෙයකට තාරික සීමා වගේම අවතාරික සීමා කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බව අත් හදා බලා තහවුරු කලෙමි. මගේ එක පරික්‍ෂාවක් වන්නෙ ඒ තාරික සීමා වගේම අවතාරික සීමා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාදැයි බැලීමයි. එවිට ක්‍රියාත්මක වී නම් කෙසේ පරික්‍ෂා කරන්නද​? මීට අමතරව කෙලින්ම සම්බන්ධ වී, අසාමාන්‍ය ලෙස දැඩි දඬුවම් කරන අවස්ථා ද තියෙනවා. විශේෂයෙන් වරප්‍රසාද ලාභීන් බලය අවභාවිතා කලොත් ඔවුන්ට නිසි පිලිතුරු දීම මගේ වැඩක්. පසු ගිය කාලෙ එවැනි හිතාගන්න බැරි, අසාමාන්‍ය සිදුවීම් වුනේ ඒ නිසයි. පවතින මුලාව තුල තමන් දියසෙන් කියාගන්න අයට උන් හිටි තැන් අහිමි වෙන්නෙ ඒ විදියටයි. ඊට පෙර අවවාද දීමක් වෙනවා. බොහෝ විට මුලාවෙන් අන් ධ වී, ඒක නොසලකා හැරියොත් මදි නොකියන්න කන්න ලැබෙනවා. ඉහලටම යන අය පවා මෙලෙස වැටෙන අවස්ථා තියෙනවා. කවදා හෝ තේරුම් ගත් දිනය තෙක් බලපානවා. මගේ තීරණ අභිබවා යා හැකි කිසිවකු නැති බව කියන්න ඕන​. පැවැත්ම රැකගැනීම සඳහා යොමු කරන අය මෙලෙස රැකීමක් වෙනවා. එලෙසම ඉහත කී ලෙස පසු පසින් යාන්ත්‍රණයක් තිබෙන බව මතක තබා ගත යුතුයි. සරල උදාහරණයකින් කියනවා නම්, පැවැත්ම රැකගැනීම සඳහා ඊට එරෙහිව යන උන් නැසීමට වෙන අවස්ථා තියෙනවා. එවිට නැසීම වැලැක්වීමට දමා ඇති නීති බලපාන්නෙ නැහැ. එහෙත් ඒ පසුබිම තුල​, අනවශ්‍ය ලෙස නැසීමට ගියොත් ඉහත කී දඬුවම් ලැබෙනවා. මෙහිදී බලාපොරොත්තු වෙන්නෙ දැඩි තාරික හා අවතාරික ක්‍රියා පාලනය කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීමක්.

 රැකීම හා රැකවරණය ලැබීම ගැන කිව්වෙ, අද බොහෝ මුලා වූ මත දරණ උන් බහුල නිසා ය​. හිඟමනෙන් යැපෙන තට්ටසාමිලා අද මේ සියල්ල කරුමය නිසා වෙන බවත්, ඉන් මිදීමට නම් උන්ට ඕන දේවල් දී, බේරීමට පින් එකතු කරගන්න කියා අන්දවනවා. එහෙත් එකම කරුමයට එක සමාන ඵලයක් නොලැබෙන බව දැක දැක මේ ගොන් කතා විශ්වාස කරන උන් ඉන් ගලවා ගැනීමට ඇත්ත දැන ගත යුතුයි. උන්ට ඕන දේවල් දෙන එකෙන් වෙන්නෙ තමන්ට ලොකු විනාශයක් බව තේරුම් ගන්න තරම් නොමේරූ උන් ගොඩක් ඉන්නවා. ඊට වඩා සතෙකුට සීපාවෙකුට දීමෙන් තමන්ට යහපතක් වෙන බව තේරුම් ගන්න ඕන​. ඒ වගේ ම "පැවැත්ම​" රැකීමට කල යුතු හැම දේම කරන අය රැකීම හා රැකවරණය ලැබීම මගේ වගකීමක් බව දැනගත යුතුයි. ඕනම ආයතනයක් පවත්වාගෙන යාමට සහාය වන අය රැකීම ආයතන ප්‍රධානියාගෙ වගකීම නේ ද​? ඉහත කී දේවල් ලබා දෙනවා කියන, දෙවියන්ගෙ නියොජිතයන් කියා ගන්න උන් ද​, දෙවියන්ගෙන් පනිවිඩ ලැබෙනවා කියන හිඟන්නන් ද කරන්නෙ ලොකු රැවටීමක්. විශ්ව දෙකක් අතරෙ ගණු දෙණු කිරීම ඉතාම සංකීර්-ණ මෙන් ම පැටලෙන එකක් නිසා ඉහල තාක්‍ෂණයක් යොදා ගන්න ඕන. ඒ ගැන දැන් විස්තර කිව නොහැකියි. මුන්ට වෙලා තියෙන්නෙ මුන්ගෙ පාලනයක් නැති ඇස් වලට පේන දේවලුත්, කනට ඇහෙන දේවලුත් තමන්ගෙ පාලනයෙන් තොරව සැකසීමේ ක්‍රියාවලිය නිසයි. ඒක කරන්නෙ මොලේ සමතුලිත කිරීමටයි. අන්තිමට දරණ වැරදි විශ්වාසයත් දකින අහන දේත් මිශ්‍ර වී එලොවටත් නැති මෙලොවටත් නැති බයිලා වාචාලයන්ගෙ කටින් එනවා. කොහොමත් බොරු කියන උන්ගෙ රෙදි ගලවන උපක්‍රම හිරුකම තුලින් (අප හදන කොට ඇතුලත් කල උපක්‍රම තුලින්) ලැබෙනවා. රැකීම හා රැකවරණය ලැබීම ගැන කිව්වෙ කවුරුවත් පෙලඹවීමට නොව, නොදැනුවත්කම නිසා උපදින බිය සැක නිසා ඉදිරිපත් නොවී සිටිනවා නම් දිරිමත් කිරීමටයි.

රැකීම හා රැකවරණය ලැබීම සඳහා තිබිය යුතු ගති ගුණ ගැන සුළු හැඳින්වීමක් කරන්නම්. අනිවාර්‍යයෙන්ම සිංහලයෙක් වෙන්න ඕන​. ඒ කියන්නෙ මගේ හැසිරීමට සමාන හැසිරීමක් තියෙන්න ඕන​. ඉන් කීපයක් විස්‍තර කරන්නම්.

අවංකකම - ඔබ අවංක ද කියලා ඇහුවොත් නැහැ කියන එකෙක් බේතකටවත් හොයා ගන්න බැහැ. ඒ තරමට බොරු කියන උන් අද ඉන්නෙ. ඒ නිසා කොහොම ද අවංක ද කියලා හොයාගන්නෙ? ඒක තමයි අමාරුම දේ. මම ගැන කියන්නම්. මම කරන දේ කියන කියන දේ කරන කෙනෙක්. අද ඉන්න බොරු කියන උන් අතරෙ ඒ නිසා මට වෙච්ච පාඩු බොහෝ ය​. ඒත් විඳ දරා ගනිමි. කෙසේ වෙතත් මෙය විශ්වාසය ගොඩ නැගීමට අත්‍යාවශ්‍ය දෙයක්. සිංහල භාෂාව මත යැපෙන සමාජයක වචන තුලින් දෙන අරුත දැන ඒ අනුව හැසිරීම අවශ්‍යයි. එසේම, කරන දේ කියන කියන දේ කරන ගතිය, වෙලාව​, කෙනා, ලාභ අලාභ, වාසි අවාසි, නෑ හිතවක් කම් හෝ කාලය වැනි කිසිදු බාහිර හෝ අභ්‍යන්තර හේතු මත වෙනස් නොවිය යුතුයි. මම කරපු දේවල් ගත්තම​, රැකියාව​, හිත මිතුරුකම්, වෙලාව​, කෙනා, ලාභ අලාභ, වාසි අවාසි, නෑ හිතවක් කම් හෝ කාලය තබා දරු පවුල ගැනවත් නොතකා සිදු වූ නිසා, සමහර වෙලාවට මටවත් හිතා ගත නොහැකි තරම් තියුණු විය​. සමහර සිදුවීම් ගත් විට, වටේ සිටි සියල්ලන්ගේ ම විරෝධය මෙන් ම අවවාද ද නොතකා සිදු විය. සැබවින්ම ඉන් මගෙ අංගසම්පූර්-ණත්වය කියවේ. අද, අති බහුතරය අවංකව කල යුතු දෑ නොකර සිටීමට දෙමාපියන්, දූ දරුවන්, පවුල, රැකියාව, කාලය නැතිකම කියමින් කල් දමන, මග හරින පසුබිමක, මම වැනි අවංක කෙනෙක් සිටී නම් පුදුම වෙමි. සමහර සිඳුවීම් ගත්තම ජීවිතයත් මරණයත් නොසලකා හැසිරුනු හැටි සිහි වේ. කෙසේ වෙතත් එවන් හැසිරීමක් අවසානයේ බලාපොරොත්තු වේ.

සාධාරණකම - අද නැති තවත් ලක්‍ෂණයකි. සම්පූර්ණයෙන්ම අසාධාරණයෙන් පිරි පසුබිමක ඉපදී, හැමෝටම එකම විදියට සලකා කටයුතු කිරීම ලෙහෙසි නොවී ය​. මින් අදහස් කරන්නෙ හැමෝටම නිදුක් වේවා නිරෝගී වේවා වැනි දෑ කියමින් හැම එකාට ම එක හැන්දෙන් බෙදීම නොවේ. ජීවිත නසන්නකු හා ජීවිත රකින්නකු ගෙන දෙදෙනාටම එකම විදියට සැලකීම කොතරම් අසාධාරණ ද​? මිනීමරුවකු එල්ලා මැරීමත්, ඒ සමඟ අහිංසකයකු එල්ලා මැරීමත් සාධාරණ ද​? අද සාධාරණකම ගෑවිලාවත් නැති ඉන්ග්‍රීසින් රට මංකොල්ල කන්න අටවපු මැර පාලනය පවා සාධාරණ යයි සිතන හිඟන්නන් පිරි රටක සාධාරණය ඉටු කර ගැනීමට ඇති ආයතන පවා ඒ මුවාවෙන් මුදල් උපයන ඉහඳ පනුවන්ගෙන් පිරි තැනකි. දරුවන්ගෙන් පවා වැඩ ගන්න​, ගැහැනුන් වහල් කමේ යොදවන, ජීවත්වීමට ලිඟුව විකුණන​ පසුබිමක​, ලිංගික පරිහානියට​, අඟ පසඟ ආබාධිත උන් රැකීමට යථා මිනිසුන්ට බලපෑම් කරන පසුබිමක​, ආක්‍රමණිකයන් විසින් ස්වදේශිකයන් පාගා සිටින පාලනය තුල සාධාරණය සෙවීම විහිළුවකි. සැබවින්ම "සාධාරණය" කියන්නෙ තමන්ට ස්වභාවය තුල හිමි තැන දීමට ය​. දරුවකුට දෙමාපිය රැකවරණය දීම දෙමාපිය වගකීමයි. ඒත් අද දෙමාපියන් රැකියාවට යාම ඊට වඩා වැදගත් ය​. මේක "සාධාරණය" ද​? කිසි සේත් ම නැත​. "සාධාරණය" ගැන කිව යුතු දෑ බොහෝය​. එහෙත් එය පසුවට තබමි. යම් අදහසක් දීම මගේ අරමුණයි. 

යුතුකම -  කල යුතු දේ කිරීම මින් අදහස් කරමි. කෑ පතේ පහරන උන් බහුළ කාලෙක, යුතුකම් ගැන කතා කිරීමත් විහිළුවක්. ඒත් මතු සිංහල දැනුමට ලියමි. තමන්ගෙන් තමන්ට​, දරු පවුලට, නෑ හිත මිතුරන්ට​, රටට, ජාතියට කල යුතු දේ බොහෝ ය​. මේ සියල්ල පැවැත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය වේ. මෙහි අන්ත ලෙස ඝාතනය​, දිවි පිදීම හා මරාගෙන මැරීම දැක්විය හැක​. එසේ අතීතයේ නොවන්නට, අප වඳ වී බොහෝ කල් ය​. මෙය තිරිසනුන්ට පවා අදාළ ය​. එක් මුව දෙනක් තම පැටවාට පැන යාමට හැර මග අහුරා ගොදුරු කර ගැනීමට නැවතීම පෙන්වන සැබෑ වීඩියෝවක් දුටිමි. එහෙත් අද හිඟනුන් තම දරු පවුල බිලි දී යැපෙනු දුටු විට ඇතිවන පිලිකුළ අති මහත් ය. කල යුතු දේ නොකිරීමත්, නොකල යුතු දේ කිරීමත්, ඒ දෙස අක්‍රීය ව බලා සිටීමත් එක සේ ගත යුතු ය​. බලෙන් පටවා ඇති මංකොල්ලකාරයන් ගේ පාලන රටාව තුල යුතුකම අවහිර කර ඇත​.

මනකම - මෙය අද බොහෝ ලෙස අවභාවිතා වන වචනයකි. වඩාත් හොඳින් තේරුම් ගැනීමට මෙහි විරුද්ධ පදය වන අමනකම ගැන කීම පහසු ය​. අද සමාජය තුල කරන හැම දේම අමනකම් ය​. මුල් තැන ගත් මුදල් හඹා යාම නිසා ජීවිතයම අහිමි කරගෙන පැරදෙන අමනයන් බොහෝ ය​. සමහර අමනයන් ගෙවල් දොරවල් විකුණා වසර කිහිපයකින් දිරාපත් වන වාහන ගනිති. සමහර අමනයන් ඉවක් බවක් නැතිව අනුන් ගේ දේ පැහැර ගනිති. සොරකම් කරති. මංකොල්ල කති. උදුරා ගනිති. අන්තිමට නිකරුනේ නාස්ති වෙයි. සමහර අමනයන් බල්ලා පිදුරු කන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ වැනි චරිත ය​. මනකම යනු සැබෑ ලෝකයේ ඇති ජීවන රටාවට අනුව තම අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන​, පැවැත්ම රැකෙන ආකාරයට සම්පත් රැකගෙන ජීවත් වීමට කටයුතු කරන රටාව යයි කිව හැක​. මෙය කඳුබඩයාට පමණක් නොව අනෙක් සතුන් ද ජීවිත් වීම තුලින් ප්‍රගුණ කල යුතු, ගොඩ නැගිය යුතු ගුණාංගයකි. මෙය ඉන්ග්‍රීසි වහරේ මැනේජ් ලෙස ඇත​. අද සිංහල වචන බොහොමයක් විකුර්-ථි කර අරුත වනසා ඇති නිසා ඉන්ග්‍රීසි වහරෙන් එන වචන ප්‍රයෝජනවත් ය​. ආධිපත්‍යය නිසා හිඟනුන් සිංහල වචන උන්ගේ උරුමයට අනුව අරුත් දී වනසා ඇත​. එවැනි විකාරයක්, "මන" යොදා හදා ඇති මනස හා කඳුබඩයා හැඳින්වීමට යොදන මනුෂ්‍යයා යන වචන තුලින් දිස් වේ.

සිංහලකම - ....

සිංහල භාෂාව - ....

සිංහල ජීවන රටාව - .....

සිංහල උරුමය - .....

............

රැකීම හා රැකවරණය ලැබීම සඳහා තිබිය යුතු ගතිගුණ තව බොහෝ ය​. සියල්ල විස්තර කිරීම මගේ අරමුණ නොවේ. සුදුස්සකු වීමට නම්, තමන් තුලින් සියලු අවශ්‍ය ගතිගුණ හඳුනාගැනීමේ හැකියාව තමන්ට තිබිය යුතුයි. මේ සඳහා සිංහලයකු වීම පදනම වේ. එසේම පිරිමින්ට සීමා වේ. ඉංග්‍රීසින් ගැහැණුන් වහල් සේවයේ යෙදවීමට ගොතපු සම අයිතීන් මට අදාළ නැත​. කඳුබඩයා අණුජීවී වර්-ග දෙකකින් සමන්විතයි. ඒ ගැහැණු හා පිරිමි ලෙසයි. වෙනස්කම් දැන, ඒ අනුව, ඒ ඒ සත්වයන්ට හිමි තැන දීම සාධාරණය වේ. ගැහැණු හා පිරිමි ලෙස බෙදීම ඉතා වැදගත් කාරණයකි. ඒ ගැන වෙනම කතා කලයුතු වේ. අද පවතින​ හිඟන්නන්ගේ ජීවන රටාව තුල ගැහැණිය මුලු බර දැරුව ද​, සැබෑව තුල එය එසේ නොවේ. තිබිය යුතු ගති ගුණ හඳුනා ගැනීමට මගේ වත ගොත තුලින් දුන් මගේ හැසිරීමට මුල් වන ගති ගුණ හඳුණාගත යුතුයි. තිරිසන් ජීවිතය තුලින් මේ කිසිදු උරුමයක් හිමි නොවේ. මම පියකෙනා වන්නේ ද ඒ නිසා ය. "අඩා" එදා සිටි හැම දරුවෙකුගේම සැබෑ පියා බවට පොඩි සඳහනක් කරමි. දරුවෙකුට තිරිසන්කමෙන් මිදීමට හැකි වන්නේ පියාගෙන් උරුම වන ගති ගුණ තුලින් පමණි. මව තුලින් වෙනත් ආකාරයක ගති ගුණ උරුම වේ. ඒවා වෙනස් නොවන හෝ ස්‍ථීර ගති ගුණ යයි හැඳින්විය හැක​.

මේ සියල්ලටම වඩා වැදගත් වන දෙයක් ඇත​. ඒ සිංහල විදියට සැකසූ හඳහනයි. අද බහුලව භාවිතා වෙන්නෙ, ඉන්දීය හිඟන්නන් ගෙනා ඔවුන්ගේ විදියට සැකසූ අසම්මත හඳහනයි. සිංහල විදියට සැකසූ හඳහන සඳහා අපට පාලනයක් නැති ග්‍රහ පිහිටීම් සහ සම්මතයෙන් ගොඩ නැගූ කාල මිනුමක් භාවිතා වේ. මෙම සම්මතය තහවුරු කිරීමට අවශ්‍ය භෞතික පහසුකම් නොලැබුන නිසා පොදු මිනුමක් කිරීමට තවම නොහැකි ය​. එසේ වුවත්, මගේ උපත, අපට පාලනයක් නැති ග්‍රහ පිහිටීම් හා ඓතිහාසික තොරතුරු මත නිවැරදි කර මූලාශ්‍රය ලෙස ගැනීමෙන්, නැවත සිංහල විදියට සැකසූ හඳහන ගොඩ නැගෙනු ඇත​. ඒ අනුව නීච හා සතුරු ග්‍රහ පිහිටීම් නොමැති, අදාළ වගකීමට ගැලපෙන මහා පුරුශ යෝග ඇති නම් සුදුසු වන්නේ ය​. උපරිමය වන පංච මහා පුරුශ යෝග ඇති, සියලු ග්‍රහයන් උච්ච හෝ ස්වක්ශේත්‍ර බලයෙන් පිහිටීම තුල හූරා ලෙස හැසිරීමට සැකසුණු මගේ හඳහන සම්මතය ලෙස ගෙන හඳහන් සැකසිය හැක.

පවතින ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් හෝ වර්-තමානයේ හින්දි විදියට ඉංග්‍රීසි අධ්‍යාපනය තුලින් දෙන හිතළු කටපාඩම් කර ලබාගත් වහල්බව සංකේතවත් කරන සහතික මට අදාළ ම නැත​. දැනුමේ විශ්ව "අකුරුපත" (හෝඩිය​) වන දස බලයන් වර්-ධනය මුල් කරගත් අධ්‍යාපනයෙන් ලබා ගත් කාර්-ය නිපුණතාවය තවත් මිනුම් දණ්ඩක් වේ. විෂයන් දහයකින් සමන්විත දස බලයන් වර්-ධනය මුල් කරගත් අධ්‍යාපනය තුලින් සියලු කාර්‍යයන් කිරීමෙ හැකියාව ලබා දෙන අලුත් විදියක් සිංහල අධ්‍යාපනයට එකතු කරමි. මේ ගැන වෙනම විස්තර දෙනු ලැබේ. දහසකුත් එකක් සහතික මත ක්‍රියාත්මක වන, හැකියාවන් පටු සීමාවකට කොටු කර, මිනිසුන් දත් දෙයින් තමන්ට පලක් නැති, එහෙත් ස්වාමියන්ට වහලකු සේ යෙදවීමට සැකසූ ඉංග්‍රීසි අධ්‍යාපනයත්, කිසිදු දෙයක් කිරීමට බැරි, ගිරවුන් සේ අතෝරක් නැතිව දන්න බව පෙන්වීමට එකම හිතළු නැවත නැවත කියවන පුත්තලම් බූරුවන් බිහි කරන හින්දි විදියට දෙන ඉංග්‍රීසි අධ්‍යාපනයත් මට අදාළ නැත​.

තවත් ආකාරයකින් කියනවා නම් රැකීම හා රැකවරණය ලැබීම සඳහා තිබිය යුතු ගති ගුණ, සිංහල භාෂාව තුලින් දෙන වචන තුලින් සිංහලකම හඳුනා ගැනීමට වෙන් කර ඇති ගති ගුණ තමන් සතු වීම අවශ්‍ය වේ. ඒ සමඟ ම සිංහලකම, සිංහල භාෂාව, සිංහල ජීවන රටාව හා සිංහල උරුමය ගැන මනා වැටහීමක් අවශ්‍ය වේ. මගේ ලිපි තුලින් කියා ඇති තොරතුරු ප්‍රත්‍යක්‍ෂව තේරුම් ගැනීම අවශ්‍ය වේ. මේ සියල්ල කාලය සමඟ යුගයෙන් යුගයට ඉදිරියට යන නිසා, යාවත්කාලීණ වීම "රැකීම හා රැකවරණය ලැබීම" අහිමි වීමෙ අවදානම අවම කරයි.

රැකීම හා රැකවරණය ලැබීම සඳහා කඳුබඩයකු සේ ලබා ගත යුතු හැකියාවන් ද බොහෝ ය​. ඒ ගැන කෙටියෙන් කියන්නම්. කඳුබඩයාගේ ශරීරය තුලින් කල හැකි බොහෝ දේ අද අප අතර බිහි වී ඇති නිපැයුම් සියල්ලෙන් ම හෙළි වේ. මීට වඩා දියුණු වගේම ඉතා සංකීර්-ණ නිපැයුම් අනාගතයේ බිහි වනු ඇත​. ඒ තුලින්, කල හැකි දේ කොතරම් ද කියා සිතා ගත හැකි ය​. මෙය අනාගතයේ බිහි වන මීට වඩා සංකීර්-ණ ජීවීන් තුලින් බිහි වෙන නිපැයුම් ගැන යම් අදහසක් දෙනවා. කෙසේ වෙතත් වර්-තමානයට අදාළ නිපැයුම් කීයක් කිරීමේ හැකියාව ඔබ සතු ද යන්න අනුව කඳුබඩයකු සේ ලබා ගත යුතු හැකියාවන් නිර්-ණය වේ. වහලකු ලෙස කියන දෙයක් කිරීමෙන් මේ හැකියාවන් නොලැබේ. සිය කැමැත්තෙන් කිරීමෙන් පමණක් සැබෑ හැකියාවන් ලැබේ. පවතින කිසිදු ආයතනකින් හෝ අධ්‍යාපන සහතිකයකින් හැකියාව සනාථ නොවේ. තනිවම ස්වෙච්ඡාවෙන් කිරීමෙන් පමණක් ලැබෙන මෙම හැකියාවන් කිහිපයක් හෝ සතු අය සිටී නම් ඒ අතලොස්සකි. බිහි වී ඇති නිපැයුම් ලෙස අපි කන බොන දෑ, භාවිත කරන උපකරණ වගේම චොර තාක්‍ෂණයෙන් බිහි වී ඇති නා නා ප්‍රකාර යන්ත්‍ර සුත්‍ර ද​, ඒවා හැදීම සඳහා භාවිත කරන පද්ධති හා අන්තර්ගත තාක්‍ෂණික යෙදුම් ද අයත් වේ. එය නිවැරදිව තහවුරු කිරීමට නම් මා මෙන් නව තාක්‍ෂණයක් හඳුන්වා දීමක් තමන් සතු විය යුතු ය​. පවතින චොර තාක්‍ෂණයේ වෙනසක් කරන එකතුවක් වැදගත් නොවේ. මෙය උපරිමය දක්වන මානයක් මිස අපේක්‍ෂා නොකරන්නෙ එවැනි පසුබිමක් නැති නිසා ය​. එහෙත් එම කඩඉමට ළඟා වීම ඉලක්කය විය යුතුයි.

අද ගහක් වැලක් හිටවලා ඵල නෙලාගන්න කම් බලා ගන්න බැරි කී දෙනෙක් අප අතර ඉන්නවා ද​? කැත්තක් උදැල්ලක් අල්ලපු නැති උන් කී දෙනෙක් ඉන්නව ද​? ඩ්‍රිල් එකක් හැමර් එකක් භාවිතා නොකල උන් කොච්චර ඉන්නවා ද​? කිසිම වැඩක් නොකර දවස ගත කරන උන් කී දෙනෙක් ඉන්නවා ද​? ඒ අතින් අපි හිඟන රටක් වීමේ අරුමයක් තිබේද​? වැඩ කරන උන් මලොත් මුන් ඔක්කොම නිකම් ම මැරිලා යනවා. මේකෙන් මම කියන්න හදන්නේ අනෙක් උන් ඔක්කොම මලොත්, ඉතිරි එකාට පැවැත්ම රැකගෙන ඉදිරියට යන්න අවශ්‍ය හැකියාවන් හැම එකාම සතු විය යුතුයි කියන එක​. ඒ සඳහා අවශ්‍ය පසුබිම ගොඩ නගන්න ඕන​. මෙහිදී ගොවිතැන ගැන දැනගන්න​, හැම ගහක් වැලක් ම හිටවලා ඵල ගන්න කම් බලා සිටීම අවශ්‍ය නැහැ. ඒත් හේන් ගොවිතැන කරපු කෙනෙකුට මඩ ගොවිතැන් කරන්න ලේසි නැහැ. මේ නිසා හැම කෙනෙක් ම​, රැකීම හා රැකවරණය ලැබීම සඳහා අවශ්‍ය සියළු හැකියාවන් ප්‍රගුණ කර තිබීම අවශ්‍ය වෙනවා. තැනක් නැහැ, තනියම කරන්න බැහැ කියන අයට කවදාවත් රැකීම හා රැකවරණය ලැබෙන්නේ නැහැ. ඔවුන් නැවත නැවත ඒ කඩ ඉම පසු කරන තුරුම මුහුණ දෙන අභියෝගය තුල හිරවෙනවා. ජීවන රටාව සකස් කරල තියෙන්නෙ, අපි මුහුණ දිය යුතු අභියෝගයෙන් පැන ගියොත්, ඉන් ජය ගන්න තුරු ඉදිරියට යන්න බැරි වෙන ලෙසයි. ඒ නිසා පැන යාමෙන් ඵලක් නැහැ. උත්සාහ කරනවා නම් සහාය නිති හිමි වෙනවා.

ස්ථීර ලෙස කඳුබඩයකු වීමට​, හරියට කියනවා නම්, කඳුබඩයකු වීම අයිතියක් වීමට නම්, ඊට පහලින් ජීවී පංතිවල හිමි වන සියලු ගුණාංග උපයා ගත යුතුයි. කඳුබඩයකු වූ පමණින් සිංහලයකු වෙන්න බැහැ. තිරිසන් කමත් සිංහලකමත් අතර තවත් බොහෝ ජාතීන් හා ගෝත්‍ර තියෙනවා. මේ සියල්ලම සිංහලයකු වීමට අවශ්‍ය පසුබිම සකස් කරනවා. ඒ සියල්ලෙන් ම සමත් වුනත් සිංහලයකු වීමට නම් සිංහල ජාතිය බිහිකරන කෙනාගෙ කැමත්ත ඕන​. සිංහලයකු ලෙස උපත ලද පමණින් අංග සම්පූර්-ණ සිංහලයෙක් වෙන්නෙ නැහැ. උපතින් උපතට හඳහන තුලින් පෙන්වන දස බලයන් ගොඩ නගා ගන්න ඕන​. ඒ සඳහා කලයුතු බොහෝ දේ තියෙනවා. හොරෙන් ඇවිල්ලා සුද්දගෙ උප්පැන්නෙන් ජාතිය සිංහල කියා දා ගත් පමණින් සිංහලයෙක් වෙන්න දඟලන උන්ට කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි උන්ගෙ විදියට කියනවා නම් උන්ගෙ කරුමෙ. යුගයෙන් යුගයට යනකොට කඳුබඩයන් වීමට නුසුදුසු රැලක් සිටී නම්, ඔවුන් යම් පෙර උරුමයකට හිමිකම් දරයි නම්, අවසන් තීරණය ගන්නෙ පියකෙනා බව කියන්න ඕන. ඒ සඳහා පියකෙනා උන්ගෙ පස්සෙ යන්නෙ නැහැ. ඒ වෙනුවට උන් පියකෙනා ලඟට ගේන යාන්ත්‍රණයක් තියෙනවා. මේ යුගය ගත්තම, ලොකුම පරිහානිය වුනේ, අද සිංහල බෞද්ධ කියාගන්න රැකියාවක් ලෙස පාරම්පරිකව හිඟමනෙන් යැපෙන අහිගුන්ටිකයන් නිසා බව ඔප්පු වී හමාරයි. ඒ නිසා දැන් ඔවුන්ගෙ විනාශය ආරම්භ වෙලා තියෙන්නෙ. ඒකෙන් ගැලවීමට නම් හිඟමනෙන් යැපෙන ජීවන රටාව සහමුලින් ම ප්‍රතික්‍ෂේප කල යුතුයි. මෙය ජීව ලෝකයේ රටාව තුල එක අවදියකින් ඊ ලඟ අවදියට යාමට ඇති විදියයි. එනම් බදා ගත් ජීවන රටාව තමන්ට හොඳටම එපා වී ප්‍රතික්‍ෂේප වෙන තුරු ඉන් මිදීමක් වෙන්නෙ නැහැ. ඉංග්‍රීසිකම තම ජීවන රටාව කරගත් අය අතර තියෙන සුවිශේෂ හැසිරීමක් තමයි තම දරු පවුල ඝාතනය කර සිය දිවි නසා ගැනීම​. හේතුව ලෙස දක්වන්නෙ එම ජීවන රටාව තව දුරටත් දරා ගත නොහැකි වීම​. දරු පවුල ඝාතනය කර සිය දිවි නසා ගන්නෙ තමන් මෙන් ම උන්වත් ඒකෙන් ගලවා ගැනීමට බව සඳහන් ලිපි පවා ලියා තිබෙනවා. තිරිසනකු ලෙස ජීවත්වීම ගත්තම, තම ජීවත්වීම සඳහා එල්ලවන අභියෝග තව දුරටත් අභියෝග නොව සාමාන්‍ය සිදුවීම් ලෙස දැනෙන විට අභියෝග වන ජීවිත රටාවක් ඇති සතෙක් වෙනවා. අතිවිශාල පද්ධතියක එකම ආකාරයකට නොව, විවිධාකාර තේරිම් තුලින් මෙම ගමන සිදු වෙනවා.

මගේ ජීවත්වීමේ රටාව ගත්තම​, මුහුණ දෙන අභියෝග සියල්ලම කල නොහැකි ඒවා. ඒ සඳහා අවශ්‍ය හැකියාවන් උපරිමයෙන් තියෙන්න ඕන​. දරා ගන්න බැරි නම්, සිය දිවි නසා ගන්න තරමට පීඩනය දැනෙනවා. ඒ වගේ පීඩනය දැනෙන ප්‍රශ්න හමුවේ විසඳුම ලැබෙන තෙක් රැඳී සිටීමට නම්, විවිධ සතුන් තුලින් ලබා ගත හැකි හැකියාවන් ඕන වෙනවා. උදාහරණ ලෙස, සැක බිය උපදවන අභියෝග හමුවේ, වෙන දෙයක් වෙයන් කියල කෙලින්ම කරගෙන යන දේවල් කරගෙන යන්න ඕන​. මේ හැකියාව ලැබෙන්න නම්, ඌරෙක් වීම හෝ ඌරාගෙ හැසිරීම හරියට දන්න කෙනෙක් වෙන්න ඕන​. අභියෝගය දරා ගත නොහැකි, නිමක් නැති, අවසානයක් නොපෙනෙන එකක් නම්, කවදා හෝ ඉවර වෙන තෙක් කරගෙන යන්න ඕන​. මේ හැකියාව ලැබෙන්න නම් හරකෙක් වීම හෝ හරකාගෙ හැසිරීම හරියට දන්න කෙනෙක් වෙන්න ඕන​. නොදන්න අලුත් දෙයක් සම්පූර්ණයෙන් දැනගන්න එක අභියෝගයක් වූ විට, ඊට අදාළ හැම පැත්තක්ම දැනගන්න ඕන​. මේ හැකියාව ලැබෙන්න නම් බූරුවෙක් වීම හෝ බූරුවෙකුගෙ හැසිරීම හරියට දන්න කෙනෙක් වෙන්න ඕන​. මේ තුලින් මම කියන්නෙ, හැම සතෙක්ගෙ ම නිර්-මාණය තුලින් යම් ආකාරයක වැදගත් හැකියාවක් ලබා දීමක් වෙන බවයි. මේ ගැන මුලින් ම අත්හදා බැලීම් කලේ රොබො තාක්‍ෂණය හොයන කාලෙ. බිහිකරන කෙනා ලෙස පිය කෙනා, මේ කිසිම සත්වයෙක් නොවී ඒ හැකියාවන් භාවිතා කරනවා​. ඒත් ඔබට නම්, ඒ ඒ හැකියාවන් ලබා ගැනීමට අදාළ සතෙක් වීම හෝ සතාගෙ හැසිරීම හරියට දන්න කෙනෙක් වෙන්න ඕන. පවතින ජීවීන් එසේ බිහි කිරීමට හේතුව මින් කියවේ. එහෙත් තවම කිසිම ජීවියෙක්ගෙන්වත් ලබා ගත නොහැකි හැකියාවන් මම මුහුණ දෙන "කල නොහැකි" අභියෝග සියල්ලම කිරීමට ඕන වෙනවා. සමහර ඒවා වෙන කිසිවකුට ලබා ගත නොහැකි ඒවා බවත් කියන්න ඕන​. තමන් සතු හැකියාවන් වැඩිවෙන්න වැඩිවෙන්න තමන්ගෙ වටිනාකම වැඩි වෙනවා. ඒ සමඟම රැකීම හා රැකවරණය ලැබීම ඉතා ඉහල මට්ටමක් තෙක් වැඩි වෙනවා. පියකෙනා ගත්තම එය අසීමිත එකක් බව කියන්න ඕන​. තට්ටසාමිලා දියසේන එබඳු කෙනෙක් කියන්න මුල් වුනේ මේ අසීමිත රැකීම හා රැකවරණය ලැබීම පිටපත් කිරීමෙනුයි. මගේ ජීවිත අත්දැකීම් තුලින් හා මුහුණ දුන් අභියෝග තුලින් ඒ බව මනාව සනාථ වෙනවා. මීට අදාළ දත්ත සියල්ල අවතාරිකව රැදෙනවා. මම ගත්තම​, මගෙ අවතාරික කොටස් පාලනය තුලින් ඒ ඒ ස්වරූප වලට අයත් හැසිරීම ගොඩනගන්න පුලුවන් බව දැන ගන්න. ඔබ උපයාගත යුතු වෙනවා. බොරු කීවොත් අවතාරික සැසඳීමෙන් අහුවෙනවා.

රැකීම හා රැකවරණය ලැබීම සඳහා අයත් වන කොටස් දෙකකි. ඉන් එක කොටසක් ගොඩ නගන සිංහල ජාතික රටාව අත් හදා බලන අයයි. අනෙක් කොටස නිරීක්‍ෂණය කරන කොටසයි. අද ඉන්න කඳුබඩයන් ගත් විට කිසිවකුට තනිවම වැඩක් භාර දී ඉටු වේ යයි සිතීම මුලාවකි. ඒ නිසා ගොඩනගන පාලන රටාව තුල පෙනෙන පාලනයක් මෙන් ම නොපෙනන පාලනයක් බිහි කිරීම සිදු වේ. පෙනෙන පාලනය සතු වගකීම වන්නෙ සම්මත හා විදි එලෙසින් ක්‍රියාත්මක කර ඉටුවිය යුතු ඉලක්ක සපුරාලීමයි. නොපෙනන පාලනය හරහා පෙනෙන පාලනය තුලින් සිදුවන සියලු ක්‍රියාකාරකම් අදිසිව නිරීක්‍ෂණය වේ. පෙනෙන පාලනය සිංහලයන් ගෙන් සමන්විත වන අතර, සම බලයන් හා සම වගකීම් දරණ සමානයන්ගෙන් සැකසේ. එසේම යොමුකිරීම, තේරීම මත හා පැවරීම මත සිදු වේ. කාලීන සීමාවල් ද, සබඳතා සීමාවල් ද​, සුදුසුකම් ද​, වයස් සීමාවන් ද​, අවශ්‍යතාවයන් ද​, දස බලයන් ගොඩ නැගීම සඳහා ද යනාදී කාරණා මත ද පැවරීම සිදු වේ. මින් කල්ලි ගැසීම​, බලය එක්තැන් වීම​, පුද්ගල බලපෑම් හා අනෙකුත් හිඟන හැසිරීම් මැඩ ලනු ඇත​. කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය රැකීම හා රැකවරණය ලැබීම පාලන රටාව තුලින් සහතික වේ. එහෙත් දෙයාකාර ලෝක ස්වභාවය සලකා, අළුතින් නොපෙනෙන පාලනයක් බිහි කෙරේ. ඉන් කෙරෙන ප්‍රධාන කාර්‍යය වන්නේ, පෙනෙන පාලනය, යොදා ඇති පාලන පදනම මත ක්‍රියාත්මක වෙන බව තහවුරු කිරීම සහ නොවෙන විට හෝ නොකරන විට කලයුතු නිවැරිදි කිරීම් ක්‍ෂණිකව ඉටු කිරීම වේ. මේ කොටස අදිසි වෙන අතර, පොදු සමාජයට දිස් වූ සැනින් බලය අහිමි වනු ඇත​. එනයින් රහස්‍ය බව රැකෙනු ඇත​. තේරීම, රැකීම හා රැකවරණය ලැබීම, අධීක්‍ෂණය කෙරෙනුයේ දෙවියන් ක්‍රියා කරන ආකාරයට වේ. එය කඳුබඩයන්ට අදාළ නොවන විෂයකි.

රැකීම හා රැකවරණය ලැබීම, අදාළ විෂයයන් හා ඒ යටතේ එන කාර්‍යයන් අනුව තීරණය වන දෙයක්. මේක ඉතා විශාල පද්ධතියකට සම් බන්ධ නිසා කෙටියෙන් මෙහි සඳහන් කිරීම නිශ්ඵලයි. තනියම තීරණ ගැනීමෙ රටාව තුල ගන්න තීරණ පිලිබඳ ඇතිවන ගැටළු ඉතාම සංකීර්-ණයි. එහෙත් ගොඩනගන රටාව තුල මෙය නොවෙන නිසා, සම්මත හා විදි තුලින් විසඳුම් ලැබෙන බැවින්, අවශ්‍ය රැකීම හා රැකවරණය ලැබීම සඳහා, තමන් කොතරම් ඒ සම්මත හා විදි අනුව කලේ ද යන්න පමණයි වැදගත් වෙන්නෙ. බිහිවෙන නොපෙනෙන පාලනය තුලින්, ඇති වෙන ගැටළු විසඳෙනවා. අද පවතින රටාව තුලත් යම් ප්‍රමාණයකට මෙම පාලන ක්‍රමය ක්‍රියාත්මක වුනත්, වෙන්නෙ අවතාරික මට්ටමෙන් නිසා තේරුම් ගැනීම සීමිත වෙනවා. බොහෝ විට​, හිඟනුන් වෙන දේට අයිතිය කියන තත්වයක් උදා වෙලා තියෙන්නෙ. එහෙත් බිහිවෙන "නොපෙනෙන පාලනය" අවතාරික මෙන් ම තාරික මට්ටමෙන් වෙන නිසා, ක්‍ෂණික ව ක්‍රියාත්මක වීමක් ඇතුලත් වෙනවා. යොදන තාක්‍ෂණය ගත්තම එකම වරද දෙසැරයක් නොවෙන ලෙස වේවි.

කඳුබඩයන් ගේ ග්‍රහණයට හසු නොවන පාලනයකින්, ඒ ඒ කාර්‍යයන් සඳහා කැප වූ කොටස් හරහා ක්‍රියාත්මක වන අධීක්‍ෂණය තවත් ඉදිරියට යාමක් මිස, ඉන් වෙන්වීමක් හෝ වෙනස් වීමක් සිදු නොවේ. අළුත් තත්වයන්ට සරිලන ලෙස, ඒ ඒ "නව" කාර්‍යයන් සඳහා කැප වූ කොටස් හරහා යා යුතු පාරේ යාමට අවශ්‍ය පාලන එකතුවක් ලෙස උදා වන වෙනස සැලකිය යුතු වේ. ග්‍රහණයට හසු නොවන පාලනය කෙතරම් සක්‍රීය ද කියනවා නම්, කිසිසේත් ම ඉන් පිටතට යාමක් හෝ රුවල් කැඩුනු නැවක් සේ පාලනයකින් තොර ගමණක් ඊයේ, අද හෝ කිසි දා නොවන බව තේරුම් ගත යුතුයි. අයාලේ යන බවක් පෙනේ නම්, ඒ එසේ යාමට හැර කරන හැසිරීමේ පරික්‍ෂාවක් මිස පාලනයෙන් මිදීමක් නොවේ. කාලීන බිඳ වැටීම් තුලින් පවතින දැනුමේ ඇති අඩුලුහුඬුකම් පරික්‍ෂාවක් මෙන් ම, අධික ජනගහනයකට ගැලපෙන ආකාරයට නැවත සැකසීමක් යයි ගත යුතුයි. ඒ තුලින් බිහිවන ජීවන රටාව අද පවතින අපේක්‍ෂාවන් සැබෑ ලෙස හිමිකර ගැනීමත්, ඉන් පැවැත්මට වන හානිය නැවතීමත් සිදු වේ. කුලප්පු වූ ගැහැනුන්, තම හැඟීම් අනුව නැවත අතීතයට යාමට පොරකන බවක් දුටිමි. බොහෝ කඳුබඩයන් සිතන්නේ, සියලු ප්‍රශ්ණ වලට මුල ඉංග්‍රීසින් හරහා හඳුන්වා දුන් ජීවන රටාව බවත්, ඉන් ගැලවීමට නම් ආපස්සට යාමට සිදු වන බවත් ය​. මෙය මෝඩකම ය​. කිසි දිනක එසේ ආපස්සට යාමක් නොවේ. ඇත්තට ම වෙන්නෙ ලබා ගැනීමට හැදූ ජීවන රටාවට වඩා සියදහස් ගුණයකින් ඉහල රටාවක් බිහි වීමය​. ඒ සඳහා යොදන නව දැනුම ගැන අබමල් රේණුවක අදහසක් නැති කාලකන්නි හිඟන්නන් දියසේනලා ලෙස අද ඉදිරිපත් වීම උන්ගේ හැසිරීම පෙන්වීමක් පමණි. ඉදිරියට යන විට, එසේ කිරීමට බැරි උන් අතහැරීමක් සිදුවේ. කලින් කුම්හාණ්‍ඩයන්, පෙරේතයන් හා පිශාචයන් අතහැරියා සේ, මෙවර ජඩයන් අතහැරීමක් වේ. මේ කවුද යන්න මීට කලින් කියා ඇත​. අද සිටින අති බහුතරය ඊට අයත් උන් ය​. උන් නැවත හිමි තැනට යා යුතුය​. ඉදිරියට යන උන් අතර ඉංග්‍රීසින් හරහා හඳුන්වා දුන් දැනුම ප්‍රගුණ කල උන් සිටීවි. ඉංග්‍රීසින් හරහා හඳුන්වා දුන් දැනුම යන්තමින් හෝ ප්‍රගුණ නොකල මෝඩයන් දියසෙන්ලා වීම තුලින් කියන්නේ, උන් හිඟන්නන් අතරින් එන හොර දොස්තරලා, හොර ඉංජිනේරුවන්, හොර නීතීඥයන් වැනි වංචනිකයන්ගේ ජරාම උන් බව ය​. කලින් කලට විවිධ ජාතීන් හරහා ගොඩනගන ජීවන රටාවන් හරහා කරන්නේ විවිධ උපකරණ භාවිතා කර එකම වැඩක් කිරීමෙන් සුදුසුම උපකරණ තේරීමක් වැනි දෙයක් බව මතක තබා ගත යුතුයි. එසේ ම අඩු ලුහුඬුකම් හඳුනාගෙන නව උපකරණ නිර්-මාණය කිරීමක් ඊට අයත් වේ.

අද කොතරම් බොරු කියන උන් ඉන්නවා ද කියනවා නම් ඇත්ත කියන එකෙක් හොයනවාට වඩා ලේසියෙන් කළුනික හොයාගන්න පුළුවන්. බොරු කීම කොතරම් අගයක් දෙනවා ද කියනවා නම් බොරුවෙන් ම මුදල් හම්බ කරලා ජීවත් වෙන්න පුලුවන්. ඉන් ප්‍රධාන තැන ගන්නෙ මේ ලිපි දාන අන්තර් ජාලයයි. අද ඇත්ත කියනවා නම් ඒ මම විතරයි. ඒක කරන්නෙ මගේ කාලයයි ධනයයි වැය කරමින් කිසිම මුල්‍ය වාසියක් නොමැතිවයි. එසේ කරන්න එක හේතුවක් තමයි බොරුව පැරදවීම​. ඒත් බොරු කියන උන්ට බොරුව මිස ඇත්ත දිරවන්නෙ නැහැ. අන්තිමට ඒ බොරුවෙන් ම උන් විනාශ වෙනවා. අද වෙමින් තියෙන්නෙ ඒක​. මම, ඇත්ත කියන උන් මේ විනාශයෙන් මුදවා ගන්න ඕන​. අද යූ ටියුබ් වල සිංහලෙන් යන්නෙම පට්ට බොරු. තට්ටසාමිලා වමාරන කෙප්ප අශූචි වලටත් වඩා දුඟදයි. ඒ මදිවට දියසෙන්ලා, දියසෙන්ලාගෙ ඒජන්තලා, විශ්ව ශක්තියෙන් පේන කියන උන් කියන මහා විනාශයන් වුනා නම්, අපි මේ වෙනකොට කී සැරයක් මැරිලද​? අද හිඟන්නන් මරන බිය උපදවා මිනිසුන් නොමග යවනවා. මේ ලිපිය ඒ මුලාව දුරු කිරීමට ඉවහල් වේවි. ඒ වගේම අනාගතයෙත්, අතීතයේ වර්-තමානයේ වගේ ම, මම කලින් කලට ඉපදී කරන අත් හදා බැලීම් හා තාරික නිරීක්‍ෂණ ඒ විදියටම වෙන නිසා ජීව ලෝකය ගොඩ නැගූ පදනම වෙනස් වෙන්නෙ නැහැ. හැමදාම ඒ කාලයට නුසුදුසු උන් ඉවත් කරන එකත් වෙනවා. කාට හරි ඒක බලපානවා නම් කරන්න තියෙන්නෙ, සුදුසු කෙනෙක් වීමයි. කිසිම දෙයක් හොර රහසෙ වෙන්නෙ නැහැ. කියල තමයි කරන්නෙ. හැබැයි නැවත නැවත කියල අනේ පනේ, ඔන්න ඔහේ කමක් නැහැ කියල නිවට වීමක්/දෙවැනි වීමක් කිසිසේත් බලාපොරොත්තු නොවෙන්න​.

තාරික ලෝකයට සාපේක්‍ෂව බැලුවොත්, අප ඉන්න තැන අනුව තව ගොඩක් ඉහලට යන්න ඕන​. ඒ කියන්නෙ, සිංහලයකුට ජීවියෙක් බිහිකරන ආකාරය තේරුම් ගත හැකි වෙන්න ඕන​. ඒක කොතරම් ඉහල අභියෝගයක් ද කියනවා නම්, අද ලෝකෙ තියෙන ඔක්කොම තාක්‍ෂණය එකට එකතු කලත්, ජීවියෙක් බිහිකරන ආකාරය තබා ජීවියෙකුගෙ එක කොටසක්වත් හැදෙන හැටි තේරුම් ගන්න තරම්වත් ලැබෙන දැනුම මදි. ඒ නිසා මුලාවෙන් තමන් පොරක් කියන රැවටීමට අසු නොවී, උත්සාහවන්ත වුනොත් සිංහලයකු වීමේ සිහිනය සැබෑ වේවි. බොරු ලේබල් ගහගෙන මම සිංහල කීම, ශාප වෙන, මෙතෙක් උපයා ගත් දැනුම පවා අහිමි වන බොරුවෙක්. මේ ගමන යද්දි ඕන ම විටක මග නතර වෙන්න පුළුවන්. එක විදියක් තමයි තාරික හැකියාවන් අහිමි වීම​. අනෙක තමයි අවාතාරික හැකියාවන් ගොඩ නගා ගැනීමට බැරි තරම් පරිසරය අවුල් වීම​. මේ අභියෝග දෙකට දෙයාකාරයකින් "සම්පූර්-ණ විනාශයක්" වුව කර, නැවත මුල සිට ආරම්භ වෙන හැටිත් මතක් කරමි.

ඇත්ත හඳුනාගැනීමට උපදෙසක් දෙන්නම්. මේක කාලෙකට පෙර මම සඳහන් කල දෙයක්. හේතු වුනේ බොහෝ උන් හැම දේම දන්න බව පෙන්වීම​. අද ස්කෝලෙ ගිය එකත්, නොගිය එකත්, අට පාස් එකත්, ඕ ලෙවල් කල එකත්, ඒ ලෙවල් කල එකත්, උපාධි කාරයත්, ආචාරි මහාචාරි කාරයොත් හිතන්නෙ උන් ඔක්කොම දත්, එහෙම නැත්නම් බුද්ධලා කියල. මේක ද්‍රවිඩ උරුමයක්. நான் கடவுள் (නාන් කඩවුල්)  කියන ද්‍රවිඩ චිත්‍රපටිය කදිම ලෙස මේ නරුම උරුමය හෙලි කරනවා. ඒ නිසා මේ කියන දේ සිහියේ තබාගෙන්න​....

"යමෙක් හරියටම දන්නේ තමන් තනියම සම්පූර්-ණ කල දෙයක් පමණි. යමෙක් තව කෙනෙකුගෙ මග පෙන්වීම යටතේ යමක් කරයි නම්, ඔහු දන්නෙ මග පෙන්වීම යටතේ තමන් කල කොටස පමණයි. යමෙක් යමක් කරනු දකියි නම්, ඔහු දන්නේ තමන් දුටු කොටස පමණයි. යමෙක් යමක් කරන හැටි ඇසුවේ නම් ඔහු දන්නේ ඇසූ කොටස පමණයි. යමෙක් ලියපු දෙයකින් දැනගන්නේ ලියපු කෙනා ලියපු වචන පමණයි. යමෙක් තමන් නොදන්න දෙයක් දන්නෙ යයි පවසන්නෙ නම්, ඒ පවසන දේ කිසිදු අරුතක් නැති වචන හරඹයක් පමණි. එහෙත්, ඇත්ත වටහා ගැනීමට නම් අප අවට ඇති සියලු දේ තුලින් එය තහවුරු කරගත යුතු ය. මම කියන සියල්ල අප අවට ඇති සියලු දේ තුලින් තහවුරු කර ගැනීමට අවශ්‍ය වන්නෙ මනුෂ්‍යයන් සතු තාරික අවයව නිසි පරිදි භාවිතා කිරීම පමණයි."

සිංහල ජාතිය නැවත ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකය උන්ට දරා ගත හැකි පරාසය තුලට සීමා වේ. එසේ නොවී නම්, එය ප්‍රායෝගික නොවන්නේ ය​. උදාහරණ ලෙස ගුවන් යානයක් පැදවීමට නොදන්න එකෙකුට එවැන්නක් දුන්නොත් ඉන් වන ඵලක් නැත​. නිකම් ම නාස්ති වනු ඇත​. එසේම කරත්තයක් දුනහොත් ඉදිරයට නොව ආපසු යාමක් වේ.  මෙසේ කීවේ බිහිවන රටාවේ මූලික පදනම තුලින් කඳුබඩයාගේ අවශ්‍යතා නිර්-ණය කිරීමක් ඊ ළඟ ලිපියේ සඳහන් කිරීමට සිතන නිසා ය. 


 



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.