Wednesday 17 March 2021

සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් නොකඩවා ඔබ රවටන සිංහලයන්ට පමණක් වැදගත් දියසේන පුරාවෘත්තියේ ඇත්ත කතාව ----- Revised Article.........සාධක සමඟ නැවත එකතු කිරීමක්......................

ද්‍රවිඩ, ඕලන්ද, පෘතුගීසි, ඉංග්‍රීසි හා සිංහල කතාකරන ද්‍රවිඩ ආක්‍රමණිකයන්ගේ පාලනය හරහා මේ රටට ආපු විවිධාකාර සංක්‍රමණිකයන් නිසා, අද මේ රට බහුජාතික, බහුආගමික ශ්‍රී ලංකාව නම් අනන්‍යතාවයක් නැති, ඉංග්‍රීසීන් ඇටවූ යල්පැනගිය ම්ලේච්ඡ මංකොල්ලකාර පාතල පාලනයෙන් දුවන කොළණියක් වී ඇත. එවැනි පසුබිමක ස්වදේශික උරුමයන් පාගා දමා විදේශික උරුමයන් ඉස්මතු වී ඇති බව, අද තත්වය හා 1817 ඉංග්‍රීසි කාරයකු ලියපු පොතක ඇති තොරතුරු සැසඳීමෙන් සනිටුහන් කරයි. මේ ඉතා වැදගත් ස්වදේශික උරුමයක් එසේ සිංහල කතා කරන ද්‍රවිඩ ආක්‍රමණිකයන් අතින් වෙනස් වූ ආකාරය කියන ලිපියකි.

අනාදිමත් කාලයක් අහිගුන්ටිකයන් ලෙස ලැබූ සහජ බොරු කීමේ හැකියාවත්, රැවටීමේ හා මුලා කිරීමේ ප්‍රවීණත්වයත්, ව්‍යාජ චරිත රඟපෑමත් ජීවත්වීමේ මෙවලම් කරගත් ජන කොටසක් මුල් තැන ගත් වත්මන් සමාජයේ, ඓතිහාසික තොරතුරු වටා එතෙමින් තමන් ඓතිහාසික පුද්ගලයකු යයි කියා කීමට ලැජ්ජා නොවන බහුතරය ගත් කල, ඔවුන් කොතරම් තම ගෙතීමට පරිබාහිර තොරතුරු යොදාගෙන තහවුරු කරනවා ද යන්න සෙවීමට බහුතරය අසමත් වී ඇත. තමන් දියසේන හෝ, රාවණා වැනි පැරණි චරිතයක නැවත උපතක් කියන උන් කොතරම් ද? තමන් විශ්වකර්ම වැඩ කරන්නෙකු බවත් විෂ්ණු දෙවියන්ටත් වඩා ඉහල බවත් කියමින් මිනිසුන් ගොනාට අන්ඳවන ගෝතයකු ද අන්තර්ජාලයේ දැක ඇත්තෙමි. එවැනි කෙප්ප දැක නිහඬවත රකින උන්, දියසේන කියාගන්නා උන්ගෙන් උපන් දින, වෙලාව හෝ තැන ඇසීමට තරම් බුද්ධිමත් නොවන බව දනිමි. එහෙත් මේ කතාවේ අන්තර්ගතය අති ශූක්ෂම මෙන්ම අපේ අවශ්‍යතාවය අනුව ඇද පැද වෙනස් කල නොහැකි එකකි. විශේෂයෙන් කෙනෙකු උපදින වෙලාව පුද්ගලයාගෙ පාලනයෙන් තොර ය. කිසිවකු ඇසීමට උත්සුක නොවූවත්, දැනුවත් වීමට අවශ්‍ය තොරතුරු නැවත සැකසූ ලිපියේ අන්තර්ගත ය.

ඒ අතරේ දියසේන කල යුතු දේ හා නොකලයුතු දේ කියමින් දියසේනගේ උපදේශක පදවියට බලෙන් පත් වූ ගෝතයන් ද දුටිමි. අරුමයක මහත. තමන් කරන්නට යන දේ මොකක්දැයි ඇසීමට තරම් වත් බුද්ධිය ඇති උන් විමසිය යුතු වුවත්, එවැන්නකු තවම ඉදිරිපත් නොවීම දුකකි.

අද විවිධාකාර ස්වරූප වලින් සමාජ ගත කර ඇති "දියසේන කුමාරයාගෙ පැමිණීම " සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් විසින් ගොඩ නැගුවේ, දකුණු පලාතේ මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුව (මෙම ප්‍රදේශය මානව ඉතිහාසයේ කේන්ද්‍රයයි) අවට පැවති ඉපැරණි සිංහල ජනප්‍රවාදයකිනි. එම ප්‍රවාදයට අනුව සිංහල ජාතිය බිහි කර රකින කෙනාගෙ මනුෂ්‍ය උපතක් ගැන කියවේ. මනුෂ්‍ය ස්වරූපය මේ ලෝකයට අප සම්බන්ධ කරන මුහුණතක් පමණි. ඊට සම්බන්ධ වන්නේ අපේ අවතාරික ස්වරූපය හරහා ය. හූරා තම පරමතාරික ස්වරූපය තුලින් අවතාරික ස්වරූපයට ද ඉන් තාරික ස්වරූපයට ද සම්බන්ධ වීම යුගයකයකට වරක් සිදු වන පරික්ෂාවකි. ඓතිහාසික ව, ඒ කෙනා හූරා (හිරු දෙවියන්) ලෙස පැරණි ඉතිහාසයේ සඳහන් වේ. සිංහලයන් මේ රටට ආවේණික වූ මනුෂ්‍ය ඉතිහාසයේ පැරණිම ජාතිය බව දන්නේ මා වැනි සුළු පිරිසකි. අද සිංහලයන් කියා ගන්නා අය මෙන් ම, මේ රටට උරුමකම් කියන සියල්ලන්  ම ආක්‍රමණිකයන්ගේ පාලනය තුලින් ආපු සංක්‍රමණිකයන් බව ඔවුන්ට ආවේනික විදේශික උරුමයන් තහවුරු කරනවා.

සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් විසින් ප්‍රචලිත කරපු මුල් කතාවට අනුව දියසේන කුමාරයා මාතර දිස්ත්‍රික්කයේ සූරියමල්දෙණිය කියන ගමේ 1959 අප්‍රේල් මස 05 දින උදේ 06.06 ට උපත ලබන බව සඳහන් විය. එය සැබෑ වනු දැකීමට ගිය මිනිසුන් හිස් අතින් ආපසු ගිය බව ඒ දිනවල මතකය ඇති අය දැන සිටියහ. ඉන් බලාපොරොත්තු සුන් වූ සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන්, විශේෂයෙන් මාතර දිස්ත්‍රික්කයේ හොරපාවිට ඇති පංසලේ සිටි සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක්, ද්‍රවිඩ ආකාරයට සිතමින්, දියසේන පුද්ගළයකු නොව විශ්ව ශක්තියක් යයි කියා පහන් කෙලියක් අරඹා ඇත. අද වන විට සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන්, මෙය කටට එන හැම ආකාරයකින් ම ගොතා, මේ දින එනවා හෝ මෙයා තමයි කියමින් ප්‍රචාරය කර වාසි ලබා ගන්නා අතරේ, පිනට ලැබෙන අන්තර්ජාලය හරහා හිතළු වපුරති. මුදලට ගිජු ජඩමාධ්‍යවේදීන් මේ පුරාවෘත්තිය (ප්‍රවාදය) විකුණා යැපෙති. ඊට ම කැප වූ දර දිය අදින බොරු සිංහල නඩයක් ද ඇත.

සිංහල භාෂාව හෝ උරුමය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් නැති සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් මිරිඟුවක් පසු පස දුවති. අඩු තරමින් දියසේන කියන නමවත් සිංහල නොවන බව නොදැන, හඹායන්නේ ඒ ඔවුන්ගෙ ගැලවුම් කාරයා යයි කියමිනි.

තිත්ත ඇත්ත නම්, සිංහල නමක් වගේ පෙනෙන දියසේන හෙවත් දිය දෙන කෙනා සිංහල නමක් නොවීමයි. මේ තුල සිංහල බවක් නැත. හරියට කියනවා නම් ප්‍රාථමික යුගයේ සමාජීය ස්වරූපය කියන, දියර දෙන කෙනා ය. දිය යනු වතුර ලෙස ද අරුත් දේ. ලිඳවල්, වැව්, ජලාශ, සැපයුම් නල පද්ධති නැති එකල, වතුර සොයා ගැනීම ජීවිතය දෙන එකකි. මෙය සිංහල උරුමය ගෑවිලාවත් නැති, සිංහල විදියට හිතන්න නොදන්න, සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූවක් තම ප්‍රාථමික ශිෂ්ටත්වය පෙන්වන ගෙතීමක් බව පැහැදිළි ය. අද ද "බොරු සිංහල" ජාතිකත්වයක් ආරූඪ කරගන්නා සංක්‍රමණිකයන්, මෙවැනි සිංහල සම්ප්‍රදාය නොපෙන්වන නම් දමා ගනිද්දි මෙයාකාරයේ වචන දමා ගනිති. සිංහල නාමකරණය දත් උන් විරල නිසා මෙය කියමි. සිංහලයන් ගත් කල, කෙනෙකුගේ නම තමන්ගේ පෞද්ගළිකත්වය පෙන්වන අතර, ආරික නාමය තම ආරේ අගයන් පෙන්වනවා.

නැවත දියසේන කියන නම ගත් විට, මුල් කොටස වන දිය හා සුළුදිය යන වචනය සැසඳු විට, දිය යනු ශුක්‍රාණු තරලය ලෙස අද බසින් කියවේ. මින් අදහස් කරන වචනය, නූතන හින්දි, ද්‍රවිඩ හා යුරෝපීය ජාතිකත්වය පෙන්වන නම් ඒමට ප්‍රථම බහුල ව භාවිතාවේ පැවති සිංහල නමක කොටසක් වන පිය (පියා) බවත්, සිංහලයන් අතර විසූ ද්‍රවිඩයකු එය තම වහරට හැරවූ බවත් සහතික ය. අද ද සිංහල වචනවලට මෙවැනි මෝඩ අරුත් දෙන භික්ෂූන් එමට ය. යමෙක් ඉපැරණි පුරාවෘත්තයේ කියන කෙනා, දියසේන නමින් හඳුන්වන්නේ නම්, ඒ සිංහල නොදත්, ජාතිය සැඟවුනු, වැසුනු හෝ හඳුනාගත නොහැකි ද්‍රවිඩයකු හෝ සංක්‍රමණිකයකු  විය යුතුම ය. අමතර ව, විශ්ව ශක්තිය යන දෙමළ ඇසින් ලොව දකින සංකල්පය යොදාගෙන මේ කෙනා විග්‍රහ කරන්නේ ද, ඒකා නියතයෙන් ම දෙමළ ආභාෂය ලද ද්‍රවිඩ සංක්‍රමණිකයකු වේ. ඔවුන් පසුපස යන්නෙකු මුලාවේ අතරමං වේ.

සිංහල ජාතිය බිහි කර රකින හූරා සොයන්නකු, මේ නාමික ප්‍රභේද හඳුනා ගෙන, එම මුල් පුරා වෘත්තයේ සඳහන් දින, කී වේලාවට උපත ලද කෙනා සොයාගත යුතුම ය. මෙහිදී, උපදින දවසේ, එසේ සොයා ගොස් හිස් අතින් ආපසු ආවේ සිංහලයන්ගේ උරුමය නැති සිංහල වෙස් ගත් ද්‍රවිඩයන් ය. එසේම 1815 ඉංග්‍රීසි පාලනය ඇරඹුනාට පසු පැමිණි අය බව ඉංග්‍රීසි ලිත මුල් කරගැනීමෙන් තහවුරු වේ. හේතුව වන්නේ, ඔවුන් දිනය ගණනය කිරීමට ඉංග්‍රීසි ලිත භාවිත කලේ, සිංහල ආකාරයට දින ගණින ආකාරය නොදත් නිසා ය. අදාළ සිංහල වසර, ඉංග්‍රීසි ලිතට අනුව 1960 අප්‍රේල් 13 දා ඊළඟ සිංහල නව වසර ඇරඹෙන තෙක් පවතින බව අසිංහලයන් නොදනිති. අදාල අප්‍රේල් 05 සැබවින්ම 1960 අප්‍රේල් 05 මිස 1959 අප්‍රේල් 05 නොවන්නේ 1959 අප්‍රේල් 05 කලින් සිංහල වසරට, එනම් 1958 වන සිංහල වසරට අයත් නිසා ය. වර්තමානය ගත් විට, 2021 වන සිංහල වසර තවම උදාවී නැත.

ඉහත කී දින ගණනයේ දී, 1959 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ඉතාම සාමාන්‍ය කෙනෙක් උපදින වේලාවක් වීම නිසා මෙවැනි කෙනෙකු එදා උපදී යයි සිතීම පවා ගොන්කමකි.  එහෙත් 1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම ගත් විට, උපදින කෙනා කොතරම් සුවිශේෂ ද යන්න තේරුම් ගැනීමට නම්, ඉන්දියානු අහිගුන්ටිකයන් හිඟාකන්න විකෘර්ථි කල ජ්‍යෝතීෂ් සූදුව නොව, ඊට පෙර පැවති සිංහලයන්ගේ මුල් දැනුම දත යුතු ය. එහෙත් එවැනි අය මට මුණගැසී නැත. වර්තමානයේ දූෂිත ගණනය තුලින් එක ග්‍රහ පිහිටීමක් මකරයේ නොව කුම්භයේ ලෙස දැක් වුව ද, එම වරද මෙම පැරණි පුරාවෘත්තය වටා ගොඩ නැගුණු පැරණි සටහනකින් නිවැරදි කල හැක.

1960 අප්‍රේල් 05 උදේ 06.06ට පැවති ග්‍රහ පිහිටීම කියන්නෙ අති විශිෂ්ට කතාවකි. දසබලධාරි කෙනෙකු උපදින වෙලාවකි. හැම සක්වලක් ම ගත් කල එවැන්නන් සිටින්නෙ එක් අයෙකි. සිංහල බෞද්ධ වේශධාරී දේශපාලන හා ආගමික සංක්‍රමණියන් විහිළුවක් කරගෙන, ඒ තමන් යයි කියන්නේත්, තමන්ගේ ආගම රකින්න එනවා කියන්නේත් කෙනා කවුදැයි  නොදැන ය. කෙනා කවුදැයි අප අවටන සිදුවීම් කියන නිසා නොකියමි. දැනුම දුන් පිය කෙනා ජීවිතය ඔබට දෙනු ඇත. හරි මග ගොස් රැකෙන්න.

තැන සූරියමල්දෙණිය නොවන්නේ ද මොවුන් හිරු දෙවියන් ලෙස සූර්යයා හැඳින්වීම පටලවා ගත් නිසා ය. සැබෑ තැන දැන ගැනීමට හැකි වන්නේ හූරා (පිය කෙනා)ට පමණි. මෙය ඉතා ශූක්ෂම ව සැකසූ ගුප්ත කතාවකි. අන්තර්ගත තොරතුරු සාමාන්‍ය ජනතාවගෙන් වසං කර තැබීමට සිංහල බෞද්ධ වේශධාරී ද්‍රවිඩ භික්ෂූන් යොදවා වෙනස් කලා යයි කිව හැක. ඉන් තේරුම් ගැනීමේ අයිතිය සිංහලයන්ට පමණක් සීමා කෙරේ. දියසේන සොයන්නන් මිරිඟුව පසුපස ගොස් නැසෙනු ඇත. ඔබ සිංහලයකු වීමට සුදුසු නම් පමණක් ප්‍රහේළිකාවක් වැනි මේ කතාවේ ඇත්ත දකිනු ඇත. ඒ වරය හිමි සුළු පිරිසකට පමණි. ඔබේ අනෙක් සියලු උරුමයන් ඔබේ දෙමව්පියන්ගෙන් ලැබුවත්, සිංහලයන්ට ආවේනික උරුමයන් ඔබ ලබන්නේ හූරා (පිය කෙනා) ඇසුරෙන් පමණි.

 

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.