ඔබ සිංහලයකු නම්, ඔබ කොතරම් මුලා වෙලා ද කියනවා නම්, කකුල් ගණන වෙනස් වුවත් වෙනසක් නැති තරම්. 1815 දී ඉංග්‍රීසීන්ට රට පාවා දී මුල් තැනට ඇවිත්, රටේ වටිනා සියලු සම්පත් උදුරාගෙන, සිංහලයන්ගේ නියෝජිත වූ මේ හිඟන සංක්‍රමණික ආක්‍රමණිකයන්, ඉංග්‍රීසීන් සමඟ එකතු වී, තම ඉතිහාසය සිංහල ඉතිහාසය කර, උන්ගේ උප්පැන්න සහතිකය තුලින් තමන් සිංහල බෞද්ධ යයි හංවඩු ගසා ගෙන, එරෙහි වූ සියල්ලන් නොමග යවා මරණයට දක්කා, ඉංග්‍රීසි පාලනය පවත්වා ගැනීමට උදව් කලේ සිංහල දේශප්‍රේමි සළුපිළු ඇඳගෙන බව නොදන්නා එකා, සිංහල කියන්නේත් සිංහල බෞද්ධ කියන්නේත් එකම ජන කොටස යයි කියනු ඇත. අපට සිටින භයානක ම පරම සතුරා අප සමඟ මිතුරු ඥාති වේශයෙන් සිටින සතුරා ය. එනයින් සිංහල බෞද්ධ සංක්‍රමණිකයන් සිංහලයාගේ පරම සතුරා බව ඔවුන් හිඟාගත් පාලනය තුලින් ඔප්පු කර ඇත.
නිදහස් වූවා යයි සමරණ 1948 පෙබරවාරි 4 දින සිංහල බෞද්ධ සංක්‍රමණිකයන් විසින් ඉංග්‍රීසීන් ද ගොනාට ඇන්ඳවීම ගත් කල, එකම සුවිශේෂි දෙයක් වැදගත් වේ. එනම් ඉංග්‍රීසි කොඩිය ගලවා 1815 දී පහත හෙළු සිංහලේ කොඩිය එසවීමයි. ඉපැරණි සම්ප්රදාය අනුව රටේ පරමාධිපත්‍යය කා සතුද යන්න හෙවත් කාගේ පාලනයට රට නතු ද යන්න ඔසවා තැබූ කොඩිය සංකේතවත් කරයි.
සැබැවින් ම, රටේ පාලනය, ඉපැරණි සම්ප්‍රදායන්ට අනුව, 1815 දී ඉංග්‍රීසි රැජිණ සතු වී ද? කිසි සේත් ම නැත. ඒ සඳහා එවක සිංහලේ රජ බලය පවරා දී යටත් වී ද? වසර ගණනාවක් සිරබත් කා, ඉංග්‍රීසි වදකාගාරයක මිය ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස රජ වූ කන්නසාමි එසේ යටත් නොවී මිය ගියේ 1815 බලය පැහැර ගැනීම පාවා දීමක් මිස ඉංග්‍රීසින් දිනාගත් ජයක් නොවීම නිසා බව කියමි. යටත් වන්නේ පරාජිතයකි. පරයකු වුවත් කන්නසාමි රැකගත් සිංහලේ ගෞරවය අගය කල යුතු ය. එසේ නම් මේ පාවා දීම කල සිංහල බෞද්ධ වේශධාරීන් සදාකල් හිම ද්‍රෝහීන් වන්නේ ය. සිංහල නීතියට අනුව ඔවුන්ට මරණය නියතයි. මෙහිදී සිංහල නීතිය යනු හුරා ගොඩ නැගූ නීතිය මෙන් ම දේව නීතිය ද වන්නේ ය. මෝඩයන් ස්වභාවධර්මය කියන්නේ ද මේ නීතියටයි.
බලෙන් අල්ලාගෙන සිටි රටක් කුමන්ත්රණයේ සමසහකරුවන්ට දී පැන යාම නිදහස ලැබීමක් ද? කිසි සේත් නැත. 1948 දී බලය අල්ලාගත් ඉංග්‍රීසීන්ගේ කුමන්ත්රණයේ සමසහකරුවන් වන සිංහල බෞද්ධ වේශධාරීන්, සුපුරුදු හිඟන සම්ප්‍රදායන්ට අනුව එතැන් සිට අද දක්වාම කලේ තමන් හිඟමනට වැටුනු ගමනේ ම යමින් රටද හිඟන රටක් කිරීමයි. ඔවුන් රටේ නම ශ්‍රී ලංකාව කලේ සඟවාගෙන සිටි තම හිඟන උරුමය හෙළි කරමිනි. විජාතිකයන් ස්වදේශිකයන් ගේ උරුමය නැසීමට මෙවැනි ජාතකයක් නැති නම් දමා රටේ උරුමය සඟවති. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිලෝන් ය. ඉංග්‍රීසි කොළණි වන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමරිකාව, කැනඩාව හා ශ්‍රී ලංකාව කියන නම් තුල සැඟවුනු රහස නම් ඉන් කිසිදු ජාතිකත්වයක් පිළිබිඹු නොවීමයි. එය කොළණියක මූළික ලක්ෂණයකි.
ජීවිත කාලයෙන් මුල් අඩ ගෙවූ ශ්‍රී ලංකා කොළණියේත්, ඉතිරි අඩ ගෙවූ ඔස්ට්‍රේලියන් කොළණියේත්, රාජ්‍ය පාලනය ගත් කල මට නම් කිසි වෙනසක් නැත. යම් ආකාරයක තැන වෙනස් වූවා පමණි. වෙනස්කම් තිබේ නම්, තවමත් ශ්‍රී ලංකා කොළණිය තුල ඇත්තේ 1948ට පෙර පැවති ම්ලේච්ඡ පාලනයයි. ඝාතනයෙන් භීෂණයෙන් ස්වදේශිකයන් තලා පෙලා මරා ගෙන ගිය කොළණි පාලනය එලෙසම පවතී. රටේ වටිනා සියල්ල විකිණීමේ දී ඉංග්‍රීසින් පරාද ය. පෞද්ගලික වාසි සඳහා අම්මා වුව පාවා දීම සංක්‍රමණික ගතියකි. වෙන දේ දැන නොකියමි. වෙනසක් ඇති නම්, ඉංග්‍රීසි සමාජය තමන්ගෙ පාලනය අනාගැනීම එලෙසම වී ඇති බවයි. එහෙත් ඉංග්‍රීසීන්ගේ බලපෑමෙන් මිදී සිංහල බෞද්ධ වේශධාරී හිඟනුන් තම අභිමතය අනුව එකතු කල වෙනස්කම් බොහෝ ය. ඒ අතින් තව කිරීමට ඇත්තේ හිඟනුන්ගෙ අවසානය වන කුසගින්නේ මියයාමයි. එය ද දැන් පේන මානයට ඇවිත් ය.
1948 සිට ගොඩ නැගුණු සිංහල බෞද්ධ වේශධාරී හිඟන පාලනය ගත් කල එය ළඟා විය හැකි උපරිමයට ළඟා වී ඇත. යැපීමට ඇති එකම මග හිඟනකමයි. හිඟන චින්තනයට අනුව ඉංග්‍රීසි කොළණි ආයතන හරහා පාලනය සිදුවේ. මුළු රාජ්‍ය පාලනයම හිඟනුන්ගෙන් පිරී ඉතිරී යයි. රාජ්‍ය සේවය පිං පඩි ලබන සේවයකි. රාජ්‍ය සේවකයන් හිඟනුන්ටත් වඩා බොරුව වංචාව ප්‍රගුණ කරන කොටසකි. හිඟනකම තුල බිහිවන සියළු ව්‍යාපාර බිහි වී උපරිම සංවර්ධනයක් පෙන්නුම් කරයි. බලන බලන අත දෙවියන් බුදුන් විකුණාගෙන කන ගුබ්බෑයම් ය. පොලියට සල්ලි දෙන තැන් හා උගස් කඩ පිරිලා ය. කාර්යාලවල වැඩ කරන සේවකයන් බහුල රටකි. සේවා සපයන්නන් හා නිෂ්පාදකයන් හැඳින්වීමට යොදන ගල් ආඳා හා අංකුට්ටා වැනි ඔවුන්ගේම වචන මොනවට කියා පායි. ලැබූ අත්දැකීම් කොතරම් ද කියනවා නම්, ශ්‍රී ලාංකිකයන් මට දිරවන්නේ ම නැත.
හිඟන පාලනයේ අවසානය උදා වෙමින් ඇත. ඔවුන් හසුරුවන ඉංග්‍රීසි ආයතන වල නම් වෙනස් වුව ද කරන්නේ ඉංග්‍රීසි සමයේ කල දේම ය. වෙනසක් ඇත්නම්, ඒ නූතන ඉංග්‍රීසි ක්‍රමවේදයන් හිඟන සම්ප්‍රදායන්ට අණුකූල ව කිරීමයි. ලැජ්ජාව වැදගත්කම නොහඳුනන සමාජයක, එවැන්නක් මම බලාපොරොත්තු නොවෙමි. අනුන් ගැන තැකීමක් නැති, තමන් ගැනම පමණක් හිතන හිඟන සමාජයක් බිහි වී ඇත. ඉංග්‍රීසීන් හඳුන්වා දුන් මුදල් භාවිතයෙන්, මංකොල්ල කෑම අංඟ සම්පූර්ණ තත්වයට ළඟා වී ඇත. රාජ්‍ය ආයතන තනිකර ම, මුදල් සූරා කන මංකොල්ලකාර හිඟනුන්ගෙන් පිරී ඇත. හිඟනකම හරියට තේරුම් නොගත්තෙකුට මෙම ලිපියෙන් ඵලක් නැති බව අවධාරණය කරමි. හිඟනුන් ද අප මෙන් ම ජීවත්වීමට මගක් තෝරාගත් සත්ව විශේෂයකි. ඒ මගේ යන අයට වෙන දේ මම සියැසින් දකිමි. සිංහලයන්ගේ දුබලකම නැති බැරි එකාට පිහිටවීම නම් එහි ආදීනව ඔබ ඉදිරියේ ඇත.
විශේෂයන් විවිධ මාධ්‍යයයන් ගැන කතා කල යුතු ය. සදාචාරය වචනයෙන් උතුරා යන මාධ්‍යයයන් ජඩ මාධ්‍යයයන් ම ය. පෙන්වන සියල්ලෙ තේමා වන්නේ පෙර කල අහිගුන්ටිකයන් කල රඟපෑම් ය. විශ්වාස කිරීම සියදිවි නසා ගැනීමකි. මාධ්‍ය සියල්ල හිඟන්නන් සඳහා හිඟන්නන් පවත්වාගෙන යන පෙරපාසල් ය. අවාසනාවට තේරුම නොදැන යොදන සිංහල වචනවලින් විනාශ කරන්නේ සිංහල උරුමයයි. තමන්ගේ බොරු පුනා පුනා කියන, ඇත්ත කතාකිරීමට කිසිදු ඉඩක් නැති මාධ්‍ය ගත් කල, ඉංග්‍රීසීන්ටත් වඩා සිය දහස් වාරයක් ඉදිරියෙන් ය. සොරා ගත් රාජ්‍ය සම්පත් යොදා පවත්වාගෙන යන මාධ්‍ය නොනවතින ඉන්දියන් දේශපාලන රැලි ය. මුදලට විකිණෙන හිඟන්නන් පිරි සමාජයක හැසිරීමේ පහල ඉමක් නැත. රඟපෑමේද ඉමක් හෝ නිමක් නැත. මෙතරම් බොරුව රජ කරපු කාලයක් මේ දිවයිනේ නොතිබුන බව ස්ථීර ය.
තවමත් රටේ සියලු කාර්යයන් උත්පාදනය වන්නේ ඉංග්‍රීසි රටවල මූලාශ්‍ර මත ය. අධ්‍යාපනයෙන් බිහිවෙන උගතුන් බුද්ධිමතුන් ගත් කල මම ඔවුන්ට වඩා ගවයන්ට බූරුවන්ට ගරු කරමි. පාදක වන ඉංග්‍රීසි අධ්‍යාපනය තනිකරම වහළුන් බිහි කරන එකකි. ගුරා කියන දේම කියන ගොන් තඩියන් ඉහලට ගෙන, උන්ට බලතල දුන් විට, පාලකයන් කියන ආකාරයට ම ක්‍රියාකරන, තමන්ගේ ක්රියාවේ ආදීනව නොදකින වහළුන් යොදවා තම සිතැඟි ඉටුකරගන්නා පාලකයන්ට මොවුන් හීලෑ කල සතුන් වැනි ය. මොවුන් මංකොල්ලකෑමට කදිම ඉත්තන් ය. ශ්‍රී ලංකාව ගත් කල මෙම අධ්‍යාපනය තනිකරම විභාග සමත්වීමට උත්සාහ කරන වංචනිකයන් අතර තරඟයකි. වංචනිකයන් අවශ්‍ය නම් ලෝකයටම සැපයිය හැකි රටක් ලෙස දෙවැනි වන්නේ ඉන්දියාවටයි.
සමාජය පවත්වාගෙන යාමට අවශ්‍ය යුක්තිය සාධාරණය ගත් කල, බලවතුන්ගෙ අභිමතයට නතු, සියල්ල මුදලට විකිණෙන රටකි. ඉංග්‍රීසි පාලනය ප්රජාතන්ත්රවාදී යයි කියන්නේ ඒ තුලින් බිහිවන වහළුන් ය. සැබැවින් ම, මැර බලය මූළික පාලන අවයවය ලෙස යොදාගන්නා ඉංග්‍රීසි පාලනය, පාලකයා සර්ව බලධාරි දෙවියන්ටත් ඉහලින් සිටිනවා යයි කියාගත් පාලනයකි. රට වැසියා වහළෙකු මෙන් ම පාලකයාගෙ දේපළ වේ. එම සංකල්පය මත ගෙතුනු පාලන තන්ත්රයේ වදකයන් ලෙස පොලීසිය යෙද වේ. ඔවුන් නිරායුධ රටවැසියන් මත තම මැර බලය යොදන ම්ලේච්ඡ ස්වරූපය ගත් කල බිය නොවන කිසිවකු නැත. පාලනයට එරෙහි වන සන්නද්ධ කල්ලි මර්දනයට ඝාතනයට පුහුණු කල හමුදාවන් ඇත. ඔවුන් මිනිසුන්ට සලකන්නේ කෙසේදැයි කිව යුතු නැත. අවශ්‍ය වුවහොත් පෝලිම් ගසා ඝාතනය කිරීම, පැහැර ගෙන ගොස් වද දී ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි. යුක්තිය හා සාධාරණය ඉටු කිරීමට දඩ ගැසීම හා වදකාගාර තුල දීර්ඝ කාලීන කොරටු කිරීම සිදුවේ. ශ්‍රී ලංකාව තුල යුක්තිය හා සාධාරණය ඉටු කරන මෙම ඉංග්‍රීසි ක්‍රමවේදය තවමත් අංඟ සම්පූර්ණ ව පවතී. වැඩි පුර යමක් වේ නම්, ඒ හිඟන සම්ප්‍රදායට අනුව තෝරා බේරා එ ක්‍රමවේදය භාවිතා කිරීමයි. මෙය ඝාතනය දක්වා පැතිරුනු ක්‍රියාවළියකි.
ඉංග්‍රීසි පාලකයා සදාකාලික ව සැප සම්පත් වලින් ආඪ්‍ය පරපුරකි. මේ සඳහා බදු, දඩ හෝ මංකොල්ලකෑම වුව නිත්‍යාණුකූල ව ක්‍රියාත්මක කරන රාජ්‍ය යන්ත්‍රයක් ගොඩ නගා ඇත. ඒ තුලින් පාලිතයන් සදාකාලිකව හිඟන තත්වයේ තබා නඩත්තු කෙරේ. වැඩ කරයි නම් ජීවිතය රැකේ. නැති නම් මරණය අත වනයි. රටේ සියලු සම්පත්වල හිමිකාරයා ද පාලකයා ම ය. පාලකයා පරම්පරාවෙන් එන තේරීමක් නිසා යම් ආකාරයක ඒකකාරී බවක් දරයි. ඉතිහාසය තුලින් පන්නරය ලැබූ මෙම පාලනය තුල පොරෝ පහර කා නැසුනු පාලකයන් ද සිටියත් ඔවුන්ට ගැලපෙන ක්‍රමය එයම විය හැක. අවාසනාවට, ඉංග්‍රීසී ජාතිය බිහි කල තේමිය කුමාරයා මහසම්මත මනුපරපුරේ අවසාන බුධ ද විය. සුර අසුර ගැටුමෙන් රට හැර ගිය තේමිය සුරයෙකි සූදුවට සුරාවට බර වූ තමන් හුදු ජනයාට වඩා ඉහළ යයි සිතුවෙකි. ඉතිහාසය කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ද පාලනය ඉංග්‍රීසි ක්‍රමයයි. වෙනසකට ඇත්තේ ක්‍රියා කරන ආකාරය නොව ඒ සඳහා යොදන වචනයි. මෑතක දී මහ රැජින වෙනුවට ජනරජය ආදේශ කෙරින. නීතිමය අන්තර්ගතය එලෙසමයි. මට හැර ඉංග්‍රීසි පාලනයට කොටු වූ කිසිවෙකුට ඉන් මිදිය නොහැක. මා මුදා ගතහොත් ඔබ කෙතරම් නිදහස් දැයි උදම් වේවි.
ශ්‍රී ලාංකික කොළණිය, පාලකයා නැති ඉංග්‍රීසි පාලනයකි. ඉංග්‍රීසි කොළණි පාලකයන් සේ ම, රටේ සම්පත් විදේශිකයන්ට විකුණති. ලස්සන වචන වලින් වසන් කල ද හෙළුව නොවැසේ. විශේෂ ම වෙනස වන්නේ සීමිත කාලයකට බලයට එන පාලකයා තම පාලන කාලය වැඩි කරන්න යොදන උපක්රමයි - 1948 සිට අද දක්වා රාජ්‍ය දේපළ කුට්ටි කර හිඟන සම්ප්‍රදායට අනුව පිනට බෙදා දීම මුල් තැන ගනී. ඉංග්‍රීසීන් උදුරාගත් ඉඩකඩම් ගත් කල, හිඟන කොළණිය තුල බිම් අඟලක් වත් පොදු අයිතියට අහිමි වනු ඇත. ඒ රට කාන්තාරයක් වන දිනයයි. අරුමය නම් හිඟන කොළණි කාරයන් සිතන්නේ මහපොළොවේ හිමිකාරයන් ඉංග්‍රීසි උත්තමයන් බවත්, ඔවුන් දුන් ඔප්පුවලින් තමන්ට භූමියේ සදාකාළික අයිතිය පැවරෙන බවත් වීමයි. එසේම ම්ලේච්ඡ මිනීමරු මංකොල්ලකාරයන්ගේ නීති රීති උත්තරීතර ලෙස සැලකීමත් දකිමි. හිඟන්නන් මවා ගත් සිහින ලෝකය බිඳ වැටෙන දින, සිංහලයන් නිදහස් වීම කෙසේ වෙතත් තවත් හිසරදයක් ඉවර වූවා යයි සැනසෙනු ඇත.
සුනඛයා පිට නැගි මැක්කන් සුනඛයා යන තැන්වල හැලෙන්නා සේ, ශ්‍රී ලංකා හිඟන ඉංග්‍රීසි කොළණිය තුලට රිංඟා ගත් අහිගුන්ටිකයන් ද ඉංග්‍රීසි ආක්රමණිකයා කල අපරාධ වල සුදු හුණු ගා යැපෙති. ශ්‍රී ලංකා හිඟන ඉංග්‍රීසි කොළණිය, සිංහල රට නොව බහු ජාතික බහු ආගමික කොළණියකි යි තෙපර බාන්නේ ද සිංහල අකුරු යොදා ගෙතූ වචන වලිනි. ඔවුන්ට අනුව, සංක්‍රමණිකයන් තොග ගණනින් ගෙන්වා පදිංචි කරවා බහු ජාතික බහු ආගමික කොළණිය හදපු ආක්‍රමණිකයන් උත්තරීතරය. උන්ට අනුව ස්වදේශිකයන් සමූළඝාතනය කර ජන්ම බිමේ අනාථයන් කල ඉංග්‍රීසීන් ශ්‍රේෂ්ඨයන් ය. දුෂ්ටයකු වී හෝ ස්වදේශිකයන්ට අහිමි වූ ජන්ම අයිතිය ලබා දීම මගේ අරමුණයි.
විහිළුවට හෝ දෙවැනි එලිසබත් රැජිණගේ නම දෙවැනි විහාරමහා දේවී යයි ගොතා අධ්‍යාපනයට යෙදුවොත් ඇය කියන්නේ ද මේ රට බේරාගත් වීරවරියකයි පවසන සිංහල බෞද්ධ වේශධාරීන් තොග ගණනින් බිහිවේවි. තව බොහෝ විපරිත ඇත. ඉංග්‍රීසි වෙදකම එවැන්නකි. කර්මාන්ත ශාලාවල නිපදවන රසායනික, බෙහෙත් ලෙස බොන අහිගුන්ටිකයන්ට නිවන් සුව පතමින් විපරිත හඳුනා ගැනීම ඔබට පවරමි. හූරා ලෙස සිංහල ජාතිය රැකීම මගේ වගකීමයි. කිව යුතු වැදගත් ම දෙයක් කියමි. ඉංග්‍රීසීන් ස්වදේශිකයන් සමූළඝාතනය කර පාලනය සඳහා ජාතියක් ජන්මයක් නැති සංක්‍රමණිකයන් පමණක් යෙදවූ ආක්රමණිකයෙකි. එසේම කිසි දා කිසි රටක ස්වදේශිකයන් තම පාලනයට නොගත් ආක්රමණිකයෙකි. එසේ නම් ශ්‍රී ලංකා කොළණිය පවත්වාගෙන යන්නේ කවුදැයි ඔබට සෙවීමට භාර කරමි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.