මනුෂ්‍යයන් යනු තාරයක් හා අවතාරයක් යන කොටස් දෙකකින් සමන්විත ජීවියකු බව සිංහලයන් අනාදිමත් කාලයක සිට දැන සිටි බව භාෂාවේ ඇති වචන තුලින් තහවුරු වේ.
මින් තාරය හෙවත් ශරීරය යනු අපේ යයි කියන අප වටා ඇති විශ්වයේ ද්‍රව්‍යවලින් සැකසෙන කොටසයි. එම ද්‍රව්‍ය යම් රටාවකට එකතු වී පවතින විට පණ ඇතැයි කියමු. ගෙවීම හා දිය වීම අබලන්වීම වැනි මේ විශ්වයේ ඇති ගුණාංඟ තුලින් මේ රටාවන් බිඳ වැටුණු විට මැරුනා යයි කියමු. ස්වභාවය ගත් විට මැරුණු ස්වභාවය මේ විශ්වයේ ස්ථාවර ගුණයයි. ඒ නිසා පණ ගැන්වීමට මෙම ස්ථාවරයෙන් ඉහල රටාවකට ද්‍රව්‍ය ගොනු කර ශරීර හදා ගමු. එහෙත් නැවත ස්ථාවර තැනට යන නිසා නැවත නැවත මෙම ශරීරය ගොඩ නගා පණ ගන්වමු.
එහෙත් අපේ ශරීරය පාලනය කරන අවතාරය ශරීරය හසුරුවන ආකාරය තුලින් බැලූ විට එවැනි ගෙවීම හා දිය වීම අබලන්වීම වැනි මේ විශ්වයේ ඇති ගුණාංඟ අදාළ නොවන බවත්, එය නිශ්චිතව පවතින, ගෙවීම හා දිය වීම අබලන්වීම සිදු නොවන ස්ථාවර ද්‍රව්‍ය වලින් සෑදී ඇති බවත් තහවුරු වේ.
මෙම ලිපියේ කතා වෙන්නෙ තාරයෙන් හා අවතාරයෙන් මනුෂ්‍යයන් වන අප ජීවත්වීම සඳහා අප සතු විය යුතු තාරික හා අවතාරික බලයනුත් ඒ තුලින් ලබන හැකියාවනුත් ගොඩනගා ගත යුතු බවයි. මෙය "පරම" අයිතියක් වන්නෙ අපේ ජීවිතවල පරමාර්ථය එම හැකියාවන් ගොඩ නගා ගැනීම වීමයි.
අප හැදී ඇති ආකාරය තුල අපෙන් බලපොරොත්තු වෙන මෙම පරම අයිතිය අපට බාහිරව අප මත පටවා ඇති අනිවාර්ය අංඟයකි. අපට ඉන් ගැලවිය නොහැක. එවැනි පසුබිමක ජීවත්වීම අප තුල පනවා ඇති තාරික හා අවතාරික පාලන සීමාවන්ට අනුව පවත්වා ගැනීමට මේ බලයන් හැකියාවන් අවශ්‍ය වන්නේ අපේ තාරය හා අවතාරය අපට අවශ්‍ය ලෙස වෙනස් කර තනා ගත නොහැකි නිසා ය. මෙම බලයන් හැකියාවන් ලබා ගැනීමට ඇති අයිතිය පොදු පාලන රටාවකින් තහවුරු කරමු.
මෙම මාතෘකාව ඉහල දැනුමක් අවශ්‍ය වන එකකි. විස්තර වීඩියෝවේ ඇත. උත්සාහයෙන් තේරුම් ගත හොත් ඵලදායී වේ. කවදා හෝ ඔබට මේ කඩ ඉම පසු නොකර ඉදිරි ගමනක් නැත. සත්වයන් ලෙස ගත කරන ජීවිතය කෙළවර කරන මග මෙහි අන්තර්ගත වේ.
https://www.youtube.com/watch?v=Etv2g2FF7o8&feature=youtu.be
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.