අපේ සාමාන්‍ය ආයුෂ වසර 120ක් නම් ජීවිතය කොච්චර වෙනස් වෙයි ද? එම ඉලක්කය සමූහයක් ලෙස බිහි කරන පාලන රටාවක් තුල ස්ථාපිත කර ආයතන ගත කරන ආකාරය ගැන මෙහි කතා කරනවා.
අද අපට අපේ ජීවිතයේ විවිධ අවස්ථා සිහිවෙන්නෙ අත්දැකීමෙන්. පවතින සමාජ රටාව තුල පුද්ගලයන් ලෙස ළදරු වියෙන් ඇරඹී, වයසට ගොස් අබලන් වූ ශරීරය බිඳ වැටී අප මිය යන යථාර්තයට අප කිසිදු ආකාරයකින් සාමූහික වගකීමක් නොදරන තත්වය තුල, අප අත්විඳින කටුක අත්දැකීම් බොහෝ ය. ළදරු කල දෙමා පිය රැකවරණය ස්වභාවයෙන් ලැබෙන නිසා තවමත් බහුතරයට ලමා විය සුන්දර ය.
එහෙත් ඔබ අකල් මරණයකට ගොදුරු නූනොත් කොතරම් දුක්බර මහළු වියක් උඹට උරුම දැයි දැනුනොත් ඔබ නොපමාව මා සමඟ එකඟ වනු ඇත. දරුවන් තම පවුල්වල අරගලවලට මැදි වී ඈත් වූ විට, ඔබ මහළු විය තනිකමෙන් අගහිග වලින් පෙලෙමින් ගෙවන දුක්බර ජීවිතය ගැන හිතුව ද?
මට ඕන ඔබේ මහළු වියත් ළදරු විය මෙන් ම සුන්දර එකක් කිරීමට ය. ඒ වගේම එසේ කිරීමෙන් ඊ ළඟ පරම්පරාවල් වල ආයුෂ වැඩි කරන ආකාරයක් මම දකිමි. එම උපක්‍රමය ම සිංහලයන් තම පරම ආයුෂ වැඩි කරගැනීමට යොදාගත් නිසා ඔබ අවුරුදු 60-70ක් ජීවත් වීම කොතරම් අපූරු ද? කැලෑවේ දී වසර 30ක් වූ උපරිම ආයුෂ අද දෙගුණ වී ඇත. නැවත එය දෙගුණ කර අපේ පොදු ආයුෂ වසර 120 දක්වා වැඩි කිරීමට අවශ්‍ය පසුබිම මේ කතාව තුල අන්තර්ගත වේ.
ජීවිතය බිඳ වැටීම වයස පරතරයකට සීමා නොවන කාලයක එය වෙනස් කර අළුත් ඉලක්කයක් හඹා යාම අපෙන් අරඹමු.
https://www.youtube.com/watch?v=7hadVJ3c4xw&feature=youtu.be
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.