අද මම කතා කරන්නෙ "මම කවුද? දියසේන ද?" කියලා හඳුන්වා දීමටයි. සිංහලයන්ට හුරුපුරුදු කතාබහ කරල අදහස් හුවමාරු කරගැනීමේ පුරුද්දට සමීප වීඩියෝ භාවිතය තුලින් මෙසේ පවසන එක රචනයක් හරහා දෙනවාට වඩා උචිත යයි සිතමි.
පොදු මාධ්‍යගත කිරීමක් ලෙස දෙන්නෙ සීමා ඉවත් කිරීමට වුවත් මම ඇත්තටම කතා කරන්නෙ මගේ නෑ මිතුරන්ටයි. අපේ භෞතික සීමාවන් නිසා අනන්ත කාලයක් තුල පැවති සබඳතා වලින් ගොඩ නැගුණු නෑකම් මිත්‍රකම් තවදුරටත් නොදැන හිටියත්, මගේ කතාව තුලින් එය පණ ගැන්වේ යයි සිතමි.
අනුන්ගෙ උරුමයන් උන්ට දී අපේ උරුමය අපේ කරගැනීමට තවත් පියවරක් ඉදිරියට තබමි.
මගේ සැබෑ ලොවේ ගමනේ මූලාරම්භය සිංහලයන්ගෙ මූලාරම්භය වන "පරමමුලින්" ඇරඹුනු වග මතක් කරමින් අවශ්‍ය යූටියුබ් පුරුක මේ බව ලියමි.
https://www.youtube.com/watch?v=rvFW4HWoZNo
No comments:
Post a Comment