පෙරවදන:
මම කවුදැයි කීවත් මා හඳුනා ගැනීම ලෙහෙසි නොවන්නෙ එවැනි පසුබිමක් ඇති අයකු නොමැති නිසා ය. මිනිසා, නොදන්න අය කවුදැයි හඳුනාගන්නේ තමන් වටා සිටින චරිත හා සම කිරීමෙනි. මම කියන දේ අනුව තම මතකය ඔස්සෙ තමන් දන්න කෙනෙක්ගේ මතකය හා සසඳා, නොගැලපෙන නොතේරෙන දේ අතහැර, මමත් ඒ වගේ කෙනෙක් යයි සිතා ප්‍රතිචාර දෙනු ඇත. එය වරදක් නොව මානවයාගේ සීමිත බව පෙන්වීමකි.සිංහලයන් වෙනුවෙන් කතා කරන විට මා ලැබූ ඇමතුම් ගත් කල, සිංහලයන් අතර එවැන්නන් සිටීම ද දුකකි. සිංහලයන් අතරට හිඟමනේ විත් එසේ හැසිරෙන උන් එවැනි වැදගත්කමක් චාරයක් නැති උන් වීම හැර වෙන යමක් නොවීම එක අතකින් හොඳ ය.
මම ගැන කියන්නේ ඊට සුදුසු කාලය උදා වී යයි හැඟෙන නිසා ය. එසේ කියන්නේ ද මට නොයෙකුත් කතා කී හිඟනුන් නිසා නොව සිංහලයන් දැනගත යුතු නිසා ය. මට නොයෙකුත් කතා කී හිඟනුන් ගැන කතා කලයුතු නොවන්නෙ ඔවුන් ඊට වඩා සිය දහස් ගුණයකින් පීඩා විඳින බව දන්න නිසා ය.
උපතින් උරුම වූ වගකීම:
මම වැන්නකු උපදින දින වකවානු කිසිදු දෙගෙඩියාවක් නැතිව සටහන් වීම වැදගත් වන්නේ මට ය. ඒ සමඟ මගේ අවතාරික බලපෑම් හරහා මම කවුද මගේ කාර්යය මොකක් ද යන්න මනාව හඳුනා ගතිමි. මම කලයුතු වන්නේ නිශ්චය කිරීම මිස පහදා දීම නොවන බව ප්‍රත්‍යයක්ෂ ය. එය කාලයක් උත්සාහ කර ගොඩනැගුවක් ක්‍රියාවෙන් මැනීම ය. සරලව ගත් විට වාරයක් පුරා උගන්වපු දේ වාරාවසාන විභාගයකින් මැනීමය. මම කියන දේවල් තේරෙයි නම් එය සමත්කම වේ. නොඑසේ නම් අසමත් ය. මම කියන දේ අදාළ වෙන්නේ සමත් වූවන්ට පමණි. එනම් ලිපි හරහා ගොඩ නැගූ දැනුම අයත් හිරු යුගයේ මානව ප්‍රජාව නිරූපණය කරන සිංහලයන්ට ය.සිංහලයන් ඇමතීම:
මම කාලයක සිට සිංහලයන් ගැන උනන්දු වූවෙමි. විශේෂයෙන් ම සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන ඔවුන්ට හිමි තැන ලබා දීමටය. මේ සඳහා වැදගත් පියවරක් ලෙස ගත්තේ 2006 වසරේ පාලකයකුට ලියා, ඒ හරහා සිංහලයන්ට උදව් කිරීමට ලිපියක් ලිවීම ය. එය බ්ලොග් ලිපියක් ලෙස ඇත. එහෙත් එතැන් සිට අද දක්වා කල හැම දේකින් ම තහවුරු වූයේ අතරමැදියන් හරහා එය කල නොහැකි බවයි. දැන් මම කෙලින් ම සිංහලයන් අමතන්නෙ එසේ හැර වෙන මගක් නැති නිසා ය.ඔබ සිංහලයෙක් නම් මා සමඟ එකතු වීමට කාලය උදාවී ඇත. දීම මිස ගැනීමක් නැති, වගකීමකට උර දිය හැකි සිංහලයන් සතු වගකීමක් ඇත. ඒ තම රටෙත් ජාතියේත් තමන්ගේත් අනාගතය රැකගැනීමට තමන් ද කැපවීම් කල යුතු නිසාය. හිඟන්නන් මෙන් බැලමෙහෙ කර අනුන්ට අත පා ජීවත්වීම සිංහලයන්ට අකැප ය. එම පසුබිම ගත් කල මුහුණ දෙන අභියෝග ඉදිරියේ මම අවශ්‍ය බව පුන පුනා කිව යුතු නොවේ.
මම ගැන සොයා තහවුරු කල හැකි තොරතුරු:
මම බොහෝ දේ කර ඇත. ඒ සියල්ලම වෙන අයට බැරි අතහැර දමා බැරිකම වසා ගැනීමට සැඟවූ දේ ය. සරලව කියනවා නම් කිසිවෙකුට බැරි වූ දේ ය. එවන් හැකියාවක් ඇති කෙනෙකු මෙලෙස ලියන්නේ ද සිංහලයන් සමඟ ඇති ලෙන්ගතු කම නිසා ය.විශේෂ තොරතුරු:
පවතින පාලන රටාව තුල අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය මම ඉන් ඔබ්බට ගියේ 1991-94 කාලයේ ය. එය ද රැකියාවක් ලබා ගැනීමට කල සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාවකි. මෙම පහල ඇති රූපය එම රචනාවේ මුල්පිට පෙන්වයි.සුළු අධ්‍යයනයක් වෙනුවෙන් කල රචනාව |
මෙහි සඳහන් වන්නේ එක්තරා ගණිතමය දැනුමක් භාවිතා කරන ආකාරයි. ඒ තුලින් තව බොහෝ භාවිතයන්ට ද මග පෑදේ. මෙහි වැදගත්කම වන්නේ ඒ මොනවද යන්න නොව ඒ නිසා වූ බලපෑමයි. යමෙක් මෙහි ඇත්තේ මොනවා දැයි කුතුහලයෙන් විමසනු ඇත. ඔබ පමා වූවා වැඩි ය. මෙය අන්තර්ජාතික මට්ටමේ දැනුමක් වී ඇත. ඒ දැනුමෙන් පෝෂිත විශාරදයන්, උගතුන් ආචාරීන් මහාචාරීන් එමට ය. ඉංජිනේරු, විද්‍යා, වෛද්‍ය, ආර්ථික ක්ෂේත්රවල ප්‍රබල තැනක් හිමි වී ඇත. ඒ දැනුම භාවිතයෙන් බිහි වූ ප්රබුද්ධ උගතුන් වෘත්තිකයන් බොහෝ ය. ඒ ගැන මට ආඩම්බරයක් නැත්තේ, ඒ එකෙක් වත් මේ පොතේ නමවත් නොදන්න නිසා පමණක් නොව, එහි අන්තර්ගතයෙන් තේරුම් ගෙන ඇත්තේ ද සුළු කොටසක් වීමත්, අවසනාවට ඒ සුළු තේරුම් ගැනීමත් වැරදි ආකාරයට ක්රියාවේ යෙදවීමත් නිසයි. එවන් පසුබිමක දැනුමට හිමිකම් කියන හොර ඔප්පු කාරයන් ද ඇත. ඒ මදිවට අසාර්ථක ව ක්රියාවේ යෙදවීම නිසා එය unproven technology කියා කීවේ ද තාක්ෂණයට අධිපති රටක නායකයා වීමද විහිළුවකි. පසු කලක ඊට නිසි පිළිතුරක් දුනිමි.
මෙම සුළු අධ්‍යාපන රචනාව කලේ ඉහල තලයේ බටහිර උගතකු වූ ඉංග්‍රීසි ජාතිකයකු යටතේ ය. මුළු කාලයෙන් වසර 3ක් වැය කලේ මා ලියපු දේ ගුරාට පැහැදිළි කිරීමට ය. එය කෙතරම් අමාරු දෙයක් ද කියනවා නම්, වට කිහිපයකදී, ඒ වටා ඇති සංකීර්ණ දැනුම කපා කොටා සරල බාලංශ කතාවක් තෙක් පහළට බැසීමට සිදු විය. අන්තිමට කලේ රූපයේ දක්වා ඇති භාවිතය යොදා ප්‍රථිඵල, පැවැති තාක්ෂණය සමඟ සැසඳීම ය. මෙය ඕනම කෙනෙකුට තේරෙන ක්‍රමයයි. අවසන් වරට ප්‍රථිඵල දැක තුටු වූ මගේ ගුරා කීවේ ඔහු මෝඩ (stupid) බවයි. එනම් ප්‍රථිඵල මිස කල දේ නොතේරුන බවයි. පසුව ලත් අත්දැකීම් සමඟ, ඔහු කොතරම් දක්ෂ දැයි පෙනුනේ, තමන් ගැන එසේ කීමට තරම් වූ හැකියාවයි. ඒ අතින්, බොහෝ උන්ට තමන් ගෙ කියාගන්නෙ තේරුම නොදැන අනුන්ගේ දෙයක් පිටපත් කිරීම බවවත් නොතේරීම ගත් කල, මෙම දැනුම භාවිතා කරන උන් බහුතරයද වැටෙන්නේ ඒ ගොඩටයි. මේ අතරතුර මා බිහිකල අදියර කිහිපයකට අයත් පිටපත් ද මුසු වී දැනුම තවත් වියවුල් වී ඇත. මෙතරම් අපවිත්‍ර වුවද, අද භාවිතාවන් පෙන්වන සාර්ථකත්වය ගැන පුදුම විය යුතු ය.
අද වෙන තෙක් මේ රචනාවේ අන්තර්ගතය දත් එකෙකු නැත. එවන් පසු බිමක, කිසිදු වැදගැම්මකට ඇති වැඩක් නොකර මේ ගැන කතා කිරීම ද මට කරන අපහාසයකි. එහෙත් ඊට වඩා මිනිසුන් ගේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට සිංහලයන් යොදාගෙන කල හැකි යයි මම සිතමි.
මෙය අද වන විට හොඳට මෙන්ම නරකට ද යොදා ඇති දැනුමකි. වඩා ප්‍රචලිතව ඇත්තේ මම ගුරාට මගේ උත්සාහය පැහැදිළි කිරීමට යොදා ගත් Feedforward Control යන වචනයෙනි. පිටතින් බැලුවන්, Soft Sensing and Parameter Estimation ලෙස ද දක්වනු දුටිමි. ගූගල් සෙවීමකින් මේ ගැන තොරතුරු සොයා ගැනීම ඔබට භාරයි. ඒ කිසිදු තැනක මගේ රචනාවේ අන්තර්ගත දැනුමේ අවභාවිතයක් මිස වෙන යමක් මම නොදකිමි. "අයථා ලෙස" ලබාගත් දැනුම යොදා කරන දේවල් වලින් ලබන සාර්ථකත්වය හීන වේ. නොමග යන සුළු ය. අවුලෙන් අවුලට පත්වේ.
මෙම දැනුම පරිහරණය කල හැකි ජනකොටසක් වේ නම් ඔවුන් සිංහලයන් විය යුතු ය. මම උදාහරණයක් ලෙස පෑවේ මා සතු දැනුමෙන් ප්‍රකාශිත අල්පයකි. ඉන් එහාට යනවා නම්, බැරි දෙයක් තවම හමු වී නැත. තමන්ගේත් ජාතියේත් අනාගතය වෙනුවෙන් මා සමඟ එකතු වෙන ලෙස ලොව වටා විහිදුනු සිංහලයන්ට ආරාධනා කරමි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.