මෙය සිංහලයන් ගැන සැබෑ දැනුම දෙන, සිංහල විදියට පෙළ ගැස්වූ ලිපි ගොනුවකි. හැම විටම මුල් ලිපියේ සිට කියවීම අවශ්‍ය වේ. නොඑසේ නම් පැටළීම, අවුල්වීම හෝ ඊට වඩා ප්‍රබල මානසික අසහනයන්ට ලක් විය හැක. තමන්ගෙ හැකියාවෙන් දැකීමට නම් නැවත නැවත කියවීම අත්‍යාවශ්‍ය වේ. එමගින් මිතුරු බවක් මෙන්ම, සුපුරුදු බවක් දී, මනස නිසංසල කරයි. නිවැරදි දැකුමට/අවබෝධයට "මිනිස්බව අගැයීම පැවැත්ම හා සුරකීම" මුල් කර ගත යුතුය. නොඑසේ නම් නිශ්ඵල වෑයමකි.
Wednesday, 20 February 2013
බුධලා, ගුරුලා හා බුද්ධලා හා අග රදගුරුලා
ඉහත මාතෘකාවේ ඇති වචන හතර ගැන නොව, ඒ නම ඇති අය පිළිබඳව කතා කරන්න ඕන වුනත්, වචන වල අරුත නොදැන කීම නිශ්ඵල වැඩක් නිසා, එතැනින් පටන් ගත යුතු යයි සිතමි. සිංහල අකුරු වලින් ලියන හැම වචනයක් ම සිංහල වචන ලෙස දැකීමට තරම් අපේ සිංහල දැනුම පිරිහී ඇත. මේ වචන වලින් බුද්ධ යනු බෞද්ධයන්ටත් අගරදගුරු යනු ක්‍රිස්තියානින්ටත් ඉතා වැදගත් වචන ය. බුධ ගුරු යනු ජ්‍යෝතිෂකාරයන් යොදන ග්‍රහලෝක වල නම් යයි කියනු ඇත. බෞද්ධයන් හා ක්‍රිස්තියානින් එම වචන තේරුමක් නැති මිථ්‍යාවක් වෙනුවෙන් ගෙතුණු වචන යයි කියනු මම ඇසුවෙමි. ඔබ එසේ සිතයි නම් ඔබේ සිංහල නොදැනුම ගැන මම කණගාටු වෙමි.
ඇත්ත නම් බුධ හා ගුරු යනු සිංහල වචන ය. බුද්ධ යනු දෙමළ වදනකි. එහි හින්දු මුල් වදන "බුධ්" ය (බුධ්ගයා). අග රජගුරු හෙවත් අග්‍ර රාජ ගුරු යනු, සිංහල යයි සිතන දෙමළෙකු, සිංහල වචන යොදා තැනු තේරුමක් නැති බහුභූත පද වැලකි. මේ පද වැල, දෙමළකරණය කර කියනවා නම් පඩ වැල, සිංහලට පරිවර්ථනය කරන්නේ කාඩනිල් (Cardinal) යන තනතුරය. මේ තනතුරු පෝප්ට දෙවැනියා ය. අග්‍ර වූයේ කෙසේ ද? රජකම ගා ගත්තේ ඇයි? ගුරු කෙනෙකු නොව බයිබලය අකුරකින්වත් වෙනස් නොකරන අනුගාමිකයෙක් ගුරෙක් වූයේ කෙසේ ද?
සිංහල වෙස් ගත් දෙමළා නිකම් ම නිකම් නම් නොගනී. විජය, රාජ, සිංහ, නායක නැති නමක් නොගනී. අරුමයකට ඇත්තේ එකතු කරන කෑලි දෙක නොපෑහීමයි. සමහර සිංහල වෙස් ගත් දෙමළුන් තම දරුවන්ට විවිධ පරම්පරා නම් දෙති. ඒවා ද අමුතු ය. සැබෑ සිංහල පරම්පරා නමක ඒ පරම්පරාවට උරුම විශේෂ ලක්ෂණයක් ගැන කියයි. දෙමළාගේ නම, තමන් අන් අයට වඩා උඩ බව පෙන්වීමට යෙදුවකි. භාෂාව වෙනස් වූ පමණින් ජාතිය වෙනස් නොවේ. සිංහලයා පරම්පරා නම රැක ගනී. දෙමළාට එහෙම ගතියක් නැත. පියාගෙ පුද්ගල නාමය දරුවාගේ පරම්පරා නාමය වේ. නොවෙනස් වන පරම්පරා නාමයක් නැත. මේ ටික කීවේ දැනගැනීමට ය.
දැන් බුධ හා ගුරු ගැන කතා කරමු. බුධ හා ගුරු යනු ග්‍රහ නාම පමණක් නොව අපේ ජීවිත ක්‍රියාත්මක වන ආකාරයට බැඳී ජීවමය කොටස් ගැන ද කියන සුවිශේෂ වචන ය. අතීතයේ සිංහල හෝඩියේ අකුරු ගණන් කිරීමට ද යොදාගත් සේ, මේ නාම ද බහුවිධ භාවිතයන්ට ලක් වී ඇත. අද ග්‍රහ නාම වැනි සුළු අරුතකින් දැකීම පිරිහීමේ තරම කියයි. මේවා ග්‍රහයන්ට යෙදූ නම් පමණක් නොව පරම්පරා නාමයටද එකතු වන විශේෂ ලක්ෂණයක් ගැන කියන වචන ය. එසේම දැනුම හා බැඳුනු සුවිශේෂ පුද්ගල නාමයන් ය. මහ සම්මත මනු දුන් දැනුම, මේ නම් දෙක යටතේ බෙදින. බුධලා සිතට (අවතාරයට) ගෝචර දැනුම පිළිබඳ විශේෂඥයන් ය. ගුරු ලා ගතට ගෝචර දැනුම පිළිබඳ විශේෂඥයන් ය. ගුරුලාගෙ දැනුම පැහැදිලි කිරීම පහසු ය. ඒ දැනුම ක්‍රියාවෙන් ඵල ගැන්වෙන නිසා ය. ගොවිතැන, වඩුවැඩ වැනි කායික ක්‍රියාවලින් කර පෙන්වා උගන්වන දැනුම ගුරුලාගේ ය. අද ගුරු ලා ගිරවුන් ලෙස කියවීමට සීමා වූවන් ය. කොතරම් ගුරුලා පිරිහිලා දැයි එය කියනවා. බුධලා මිනිසුන්ගෙ සැක බිය දුරලීමට අවශ්‍ය දැනුම දෙන්නන් ය. සැක බිය මිනිසා ගේ පැවැත්මට හානි කර නිසා බුධලා දැනුම තුලින් විසඳති. විශේෂත්වය වන්නේ කියන දේ එසේ යයි පිළිගෙන සිත සැනසීමයි. මෙම දැනුම මනු හැර වෙන කෙනෙකුට අවබෝධ කරගැනීමට නොහැකි කොටසකි. මිනිසුන් එය එසේ යයි ගෙන සැක බිය හරිති. උදාහරණ ලෙස හොඳ නරක වැනි බෙදීම්, මරණයට පසු හා උපතට පෙර තොරතුරු මෙම කොටසට අයත් ය. ඒ අතින් ගුරුලාගෙ දැනුම ක්‍රියාවට යෙදවීමෙන් ලැබෙන ඵල දැක අවබෝධ කරගැනීමට හැකි ය.
අද බුධලා ගුරුලා හැම දේම කරනවාට වඩා කියන, නොදත් දේ මග හරින, අනුන් ගේ දේ තමන්ගේ දේ කරගත්, තමන්වත් තමන් කියන දේ වල අගමුළ නොදන්න අය බව කිව යුතු ය. ගුරුලා තේරුම් ගැනීම පහසු ය. එහෙත් බුධලා කියන දේ එලෙස ගැනීම හැර වෙන යමක් කල නොහැක. ඒ අතින් බුධලා සුවිශේෂ කොටසක් ය. සුවිශේෂ යයි කීවේ බහුතරයට වඩා සමාජය තුල කැපී පෙනීම ය. හිරු එකතු කල "දැනුම ලබාගැනීමට ඇති පිපාසය" නිසා, දැනුමට ගරුසරු කරන සිංහල සමාජය තුල, බුධලා සුවිශේෂ තැනක් ලැබුවන් ය. මනුට පසු රටේ නායකයන් වූයේ එවැනි සුවිශේෂ බුධලා ය. ඉන් විසි අටවැනියා වූ ගෝතම (ගිය තේමිය) ගැන කලින් කීවෙමි. පසුකලක මෙම නම්වැල පටලවා බෞද්ධයන් තමන්ගේ බුද්ධලා ගෙතූ බව පෙනේ. කතාව එසේ වුවත් ඔවුන්ගේ සිදට් බුධ්ට පෙර කිසිවෙකු ඉන්දියාවේ සිට නැත. සමකාලීන ව තවත් පස් දෙනෙකු තමන් ද බුද්ධ යයි තරඟ කර ඇත. සිදට් බුධ් කී දෑ ලෙස මහා වීර් නම් තවත් බුධ් කෙනෙකු කී දෑ එකතු කර ඇතැයි මහා වීර් අදහන අය කියති. ඇඵ්ඝනිස්ථානයේ බාමියන් බුධ් පිළිම මෙම මහා වීර්ගේ යයි කතාවක් ඇත. මම අතුරු පාරකට හැරුනේ බුධලා විසි අට දෙනා හා බුධ්ලා අතර වෙනස කීමටය.
බුධලාට හිමි විශේෂත්වය නිසා බොහෝ අය බුධ වීමට නැඹුරු විය. මෙම විශේෂත්වය කොතරම් ද කියනවා නම් හින්දූන් ද බුධ්ලා (දෙමළෙන් බුද්ධලා) වීමට බොහෝ වෙර දැරූහ. සුපුරුදු හින්දු විදියට ඔළුවෙන් හිටගැනීම පමණක් නොව මළ කෑම වැනි අන්ත වලට ද ගියහ. මෙහිදී සිංහල හා හින්දු (සිංහල වදනකි) අතර උතුර දකුණ වැනි වෙනසක් ඇත්තේ එය ජීව ස්වභාවය අනුව බෙදීමක් නිසා ය. උදාහරණ ලෙස සිංහලයන් ජීවිතය රැක ගැනීමට උත්සාහ කරනවිට, හින්දූන් ජීවිතය නැසීමට උත්සාහ කරති. මෙය අත්‍යාවශ්‍ය ස්වභාවික දෙයක් ලෙස දකින මම, සිංහලයන් ජීවිත නැසීමට උත්සාහ කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන්නේ, සිංහලයන් අවංකව උත්සාහ කර නැසෙන නිසාය. හින්දූන් ජීවිතය නැසීමට උත්සාහ කල ද, කවදාවත් සැබෑ උත්සාහයක් නොකරන්නේ ජාතක ගුණයක් නිසා ය. එනම් හින්දූන් කියන දේ උන්වත් විශ්වාස නොකරන බොරු කාරයන් නිසා ය. මතු ප්‍රයෝජනයට මේ ටික ද එකතු කරමි. ඒ සිංහල, දෙමළ හින්දු වෙනස කීමටය. සිංහලයා දරුවකුට අවවාදයක් දෙන්නේ අවංකවමය. දරුවා කැමැත්තෙන් පිළි පදිනවා යයි බලාපොරොත්තු වුවද තීරණය දරුවාට භාර දෙයි. දෙමළා දරුවකුට අවවාදයක් දෙන්නේ දැඩි විශ්වාසයෙනි. දරුවා පිළිපැදිය යුතුමය. දරුවාට පහර දී හෝ තම අවවාදය පිළිගැනීමට හැර වෙන විකල්පයක් නොදේ. හින්දු කාරයා දරුවාට අවවාද දෙන්නේ එසේ අවවාද දිය යුතු යයි සමාජ සම්මත නිසාය. තමන්වත් පිළි නොපදින අවවාදය දරුවාගෙන් පිළිපැදීමක් බලාපොරොත්තු නොවේ. අන් අයට අවවාද දෙන හින්දූන් තම අභිමතයට අනුව එයට පිටු පාන්නේ ඉන් සතුරා පැරදීමටය. සැබැවින් ම මේ තුන් ජාතියේ හැසිරීමට සාධක වූ ජීවමය සාධක මිනිසුන් ගේ බිහිවීම ගැන අඟනා කතාවක් කියයි.
දැන් බුද්ධලාගේ (බුධ්ලාගේ) කෙරුවාව ගැන කතා කරමු. සිංහල බුධලා මිනිසුන් ජීවත් කරවීමට තම දැනුම යෙද වූහ. ඔවුන් උත්සාහ කලේ රහත් වීමට ය. හින්දු බුද්ධලා උත්සාහ කලේ ජීවිතය නැසීමටය. ඒ සඳහා දැනුම ගත්තේ සිංහල බුධලා කී දේ උඩුයටිකුරු කිරීමෙනි. ජීවිත රැකීම උඩු යටිකුරු කලවිට ජීවිත නැසීම වේ. සිංහල බුධලා කීවේ අපේ පණ ගිනි දළුවක් වැනිය කියා, එය රැක ගන්නා ලෙසය. මෙම කතාව අදට සුළු වුවත්, එසේ පැවසූ යුගයට ගිය විට, ගිනි ගොඩක් ගසා ගිනි දළුව රැකීම නිරන්තර උත්සාහයකින් කලයුතු කාර්යයක් බව තේරුම් ගනු ඇත. ජීවිතය රැකීම ද නිරන්තර උත්සාහයකින් කලයුතු කාර්යයක් නොවේ ද? එසේම ජීවිතයත් ගින්නත් අතර උපමාවක් ලෙස යෙදූ අඟනා සමානතාවයක් ද ඇත. මා බොහෝ බෞද්ධයන්ගෙන් ඇසුව ද පිළිතුරක් නැති නිසා දැන් කියමි. (දළුව යන වචනය ද අළුත් ජීවිතයක් බිහිකිරීමට දායක වෙන බව අමතක නොකරමු.) දෙමව්පියන් එකතු වී බිහි කරන දරුවා තම දෙමව්පියනට නොබැඳුනු ජීවිතයක් ගෙන යන්නා සේ, යමෙක් රකින ගිනි ගොඩකින් තවෙකෙක් ගිනි දළුවක් ගෙන බිහිකරන නව ගිනි ගොඩද කලින් ගිනිගොඩට නොබැඳී රැකෙන්නේය. මේ උපමාව කියන යුගයේ ගිනිගොඩක් මිනිසාගේ පැවැත්මට කොතරම් බලපෑවාද යන්න, රෙදි උනා, මහ කැළයකට ගොස් සතුන් අතරේ වැසීමෙන් තේරුම් ගත හැක.
කනා කිරේ පාට තේරුම් ගත් සේ, ආදි සිංහලයන් කී උපමාව හින්දූන් ප්‍රථිලෝම ව ගැනීම ස්වාභාවිකය. එතැන් සිට හින්දූහු ජීවිතය නිවන්න උත්සාහ කලහ. අප තිලෝගුරු සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ සසරින් මිනිසුන් එතෙර කරන අමා මහ නිර්වාණය ලොවට දුන්නා යයි කියන කතාව මම දහස්වර ඇසුවෙමි. මේ වැකියේ ඇති අරුත්සුන් අසිංහල උපමා නොසලකා බැලුවොත්, හින්දූන් ඔය කියන නිර්වාණය (ජීවිතය නිවීම) සොයා ගත්තේ සිදට් ඉපදීමට බොහෝ පෙර බව තහවුරු වේ. මේ ගැන මා බෞද්ධයන්ට අභියෝග කල විට, සුළු පිරිසක් වාදකොට පසුව මා සමඟ එකඟ වූ විට, බහුතරය මට මෙන් ඔවුනටද බැන වදිනු දුටිමි. සැබැවින් ම ඇත්ත එතරම් තිත්ත ය. ඉහත, බුද්ධ තිලෝගුරු වීම ද අරුමයකි. තමන් නොදත් බසකින් කී විට වචනවල අරුත් මිය යති.
අද සිංහල යයි කියාගත් බහුතරය අදහන බෞද්ධාගම අරහත් (අරහං) වීමත්, නිර්වාණයෙන් නැවත නැවත උපදින ජීවිතය නැවතීමත් සඳහා මග පෙන්වයි. සිංහල බුධලා ජීවිතය රැක පැවැත්ම තහවුරු කරගැනීමටත් රහත් වීමටත් මග පෙන්වූහ. අද සිංහල කතා කරන අය රහත්වීමත් අරහත් වීමත් එකක් ලෙස දකිති. එයම සිංහලකම වැටී ඇති ප්‍රපාතයේ ගැඹුර කියයි. වාසනවාට තවම "හොඳ" කියන්නෙ "නරක" යන වචනයම නොවේ යයි කියනවා. එහෙත් ජීවිත නැසීමත්, ජීවිත රැකීමත් අතර වෙනස නොදත් අප හොඳ නරක හඳුනාගන්නේ කෙසේ දැයි ඇසිය යුතුය.
සිංහල වචන තුල සැබෑ ස්වාභාවික අරුතක් ඇති බව මම ප්‍රත්‍යයක්ෂව දනිමි. රහත් යන වචනයේ අරුත කියන ලෙස බෞද්ධයන්ට අභියෝග කලෙමි. පිළිතුරක් නොලද තැන මම කීවෙමි. "රහත්" යනු "රහ දත්" හෙවත් "රහස් දත්" වේ. රහ හා රහස් යන වදන් තුලද එම අරුතට පදනම දක්වයි. අප නොදත් දේ කොතරම් අප වටා තියෙනවා ද කියනවා නම්, දන්න සුළු දෙය ද කාගෙන් හරි අහගත් දෙයක් වන නිසා, අපේ දැනුම ශුන්‍යය (සුන්) නොවේ ද? එසේ නම්, ඒ නොදත් සියල්ල දත් විට රහත් වීමට හැක. එසේ නම් අරහත් වීම යනු මොකක් ද? එය රහත් යන වදනේ විරුද්ධ පදය නොවේ ද? සැබැවින් ම බෞද්ධයන් කරන්නේ අරහත් වීමට උත්සාහ කිරීම නොවේ ද? එයට එක මගක් නම් අනුන් කී දෙයක් කීම ය. එසේ කර ඒකත් නැවතුවහොත් කියන්න දෙයක් නැති වෙනවා නේද? රහත් වීම හා අරහත් වීම කෙසේ මේ දෙගොල්ල ලබාගත්තා දැයි වෙන ලිපියක පසුව ලියමි. අරහත් වීම තිරිසනකු වී නවතින බවත්, ජීවිතය නිවීම කොකාගේ පාට අතේ හැඩෙන් කනා හඳුනා ගැනීමට සමාන දෙයක් යයි කියමි. රහත් වීම ජීවත්වීමට මහත් පිටුවහලක් වන බවත් කියමි.
දැන් අග රජගුරුලාගේ කෙරුවාව බලමු. බෞද්ධයන්, සිංහලයන් ජීවිත රැකීමට දුන් දැනුම ජීවිත නැසීමට (නිවීමට) යෙදුවා සේ, ක්‍රිස්තියානින් සිංහලයන් දෙවියන් ගැන කී දේ යොදා තම ම්ලේච්ඡකමට සුදු හුණු ගාති. පෙර කල, මිනීමස් කෑ උන් තුරන් කලේ සිහළුන්ය. පැන ගොස් සැඟවී අද ද එම සිතුවිළි වලින් සතුට ලබන, දෙවියන්ගේ අනුදැනුම ඇති ව සතුන් මහා පරිමාණයෙන් මරාගෙන කන ම්ලේච්ඡයන්, තමන් දෙවියන් අදහන නිසා අදහන් නැති උන් මරා උන්ගෙ සම්පත් උදුරා ගෙන ගෙවන්නේ කෙබඳු ජීවිතයක් ද යන්න දෙවියන් ගැන සැබෑ තොරතුරු දන්නේ නම් පැහැදිලි ය. දෙවියන් උන්ට කෙතරම් වද දෙනවා දැයි කියනවා නම් උන් කියන දෑ සැබැවින්ම උන්ට උරුම වන බව කියමි.
දෙවියන් යනු සිංහලයන් බිහිකල වදනක් යයි මම කීවෙමි. ඊ ළඟ ලිපියේ "දෙවියන් හා අනෙකුත් අදෘෂ්‍යමාන නාමිකයන්" ගැන ලියමි.
Subscribe to:
Post Comments (Atom)
හෝටලයේ ගත කල දින කිහිපය තුල මා සැබැවින්ම රහත්, අරහත් යන වදන් දෙක පිළිබඳ සිතීමි. එසේම මේ දෙකම එකම අරුතින් භාවිත කරනවා නොවේදැයි සිතීමි...මෙය භාෂා විශාරදයන් යැයි කියා ගන්නා උන්ටද නොපෙනීම පුදුමයකි..වන්නේ පවතින දෙය එළෙසින්ම ගැනීම විනා නියම තතු නොසෙවීම බව පැහැදිළිය. ඉතිහාසය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද වෙනත් බටහිර දැනුම මත පදනම් වූ ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද ඔබ කලින් කී පවතින දැනුමටම පමණක් අනුගත වීමේ ගැටළුව තිබේ..එහෙව් දැනුමට වහල් වූ මුග්ධයින් ඒ පටු සීමාව තුල තම ස්ථාවරය රැක ගැනීමට නොකරන බලුකමක්, නොකියන කුණුහරුපයක් නැත...උන් වෙනුවෙන් කාලය වැය කිරීමද අපරාධයකි...
ReplyDeleteතැන තැන සිංහලකම ගැන කරුණු ඉදිරිපත් වෙමින් හා කරුණු නිවැරදිව පෙළ ගැස්වී පැහැදිළිව අදහසක් ඉදිරිපත් නොවීම නිසා යට කී "අනුගාමිකයන්ගේ" පහත් විවේචන වලට ඔබ මෙන්ම මෙම වටිනා "සෙවුම්ද" ලක් වනු දැක ඉතා කම්පාවට පත් වීමි. දැන් බොහෝ දේ පැහැදිළි වී ඇතුවා සේම ඔබගේ ආරම්භය ඔස්සේ අමුතු දැනුමක් සිත තුල අවදි වෙමින් පවතී. සිංහලකම දඩමීමා කරගෙන සිංහලයා වෙත බලෙන් වංචාවෙන් පටවා ඇති දේ නිසා අද සිංහල රටේ සිංහලකම නසන පාළකයන් පවා බිහිව ඇත...එකක් කියමි...තම්බින් අතින් නැසෙනවා බලා නොසිට උන්ගෙන් කොටසක් හෝ ගලවාගත යුතුය..නැතිනම් නාමික සිංහලයන්ටද, අනෙකුත් ම්ලේච්ඡයින්ටද සිංහලකමේ බලය ඇඟට දැනෙන යමක් සිදු කොට සිහලාගේ දහම කෙරෙහි අවධානය දිනා ගත යුතුය...එසේම අභාවයට ගිය විද්‍යාවන් නැවත පණ ගන්වා ඒවායේ සත්‍යතාව සෑම කෙනෙකුටම දැන ගැන්මට සළස්වා බටහිරයන්ගේ දැනුම පරදවා පෙන්විය යුතුය...
සිංහලයන් අද සිටින තත්වයට ඒමට ද බොහෝ හේතු ඇත. බටහිර දැනුම අන්ත පරාජයක් ලැබුවේ 2010 දී ය. එදා සිට උන් නිහඬ ය. බටහිරට ගැති අයට දැන් කර කියා ගත හැකි දෙයක් නැත. තව වසර කිහිපයකින් සිංහලයන් නියම තැනට එන බව මීට බොහෝ කලකට පෙර කියා ඇති දෙයකි.
Deleteළඟ දී වෙන දේවල් ගැන පසුව කතා කරමු. තම්බීන් ගැන මා දකින දේ ඔබ දකී නම් සැකයක් නැත. සිංහල විදිය කියා එකක් ඇත. එම විදියට පළමු පියවර ඇත්ත ඇති සැටියෙන් කීම ය. අවසාන පියවර මුළින් කල හැකි නම් පහසු ය. එතැනට තවම ටිකක් දුර ය. උත්සාහය අත් නොහැර ඉදිරියට යන විට සිදුවන දේ බලමු.
දැන් මට බනින අය අඩු බව පෙනේ. වරෙක බෞද්ධයෙකු ඔහුගේ චිත්ත බලය පෙන්වීමට ගොස් මංමුළා විය. බැනපු අය ලැබු අත්දැකීම තුලින් බියට පත් වූ සේ ය. එවිට පසුගිය දිනක කී අනාවැකිය මතක් විය. එහි දෙවියන් සතුරන් නසනවා යයි කියා තිබුණි. ඊ ළඟ නායකයා එල්ලා මැරීමට වුව කැමති අයෙක් ලු. දෙවියන් ගැන කියන ලිපියට පසු බලමු.
This comment has been removed by the author.
ReplyDeleteසිංහලකම.....
ReplyDeletehttp://img689.imageshack.us/img689/3692/sinhalakama.jpg
කොසොල් රජ්ජුරුවන්ගෙ හීන 16 වත්මන් සමාජයේ තියන තත්ත්වය මොනවට පැහැදිළි කරනව...ඒක මීට සෑහෙන කාලෙකට කලින් අද්‍යතන සමාජය ගැන පැරැන්නො, නැතිනම් සිංහලයො කරපු පෙරැයීමක් වෙන්න පුළුවන් කියල මම හිතනව...අනෙක් සියළුම සිංහලකම් වගේ දෙමෙල්ලු මේකත් ආගම්කරණය කරන්න ඇති කියල හිතෙනව...වැදගත්ම දේ මේ විදියට අනාගතය නිවැරදිව දකින්න භාවිත කල ක්‍රමවේදය බලාත්මක කරගන්නෙ කොහොමද කියන එකයි...
ReplyDeletehttp://www.elakiri.com/forum/showthread.php?t=1091701
කැලුම්,
Deleteවැඩ නිසා මට කලින් මනු ගැන ලියපු එකටත්, කියෙව්වත් පිළිතුරක් දෙන්න බැරි වුනා. දෙකටම මේ ටික ලියන්නම්.
සිංහල, දෙමළ, හින්දු කියන්නේ එක්තරා විදියක නියත බෙදුමක්. සිංහලුන් නැත්නම්, දෙමළ, හින්දු කියල පැවැත්මක් නෑ. ඒත් අනෙක් පැත්තට බැලුවොත් දෙමළ, හින්දු හිටියත්, නැතත් සිංහලුන්ට බලපෑමක් නෑ. ඇත්තටම උන් නැතුව සිංහලයන් බොහෝ කලක් පැවතුනා.
දැන් තියෙන ආකම් බිහි වී පැතිරීමට පෙර, සිංහලුන් හැර හැම එකාම වැන්ඳෙ හිරු දෙවියන් කියල සූර්යයාට. ඒ වගේම මනුත් බලපෑම් කලා. මනු නොදත් කොටසට සීතල ගල් ගුහාවල් වල සැඟවුන සොරුන් අයත් බව, උන්ගෙන් පැවතෙන තම්බීන්ගෙ හැසිරීම කියනවා.
සිහින අතාත්වික දේ ලෙස දැකීම නිවැරදි නෑ. ඒත් කෙනෙකුට පෙනෙන දේ මෙලෙස සමාජයට, අනාගතයට දිගු කිරීම ස්වාභාවික නෑ. අනෙක, දකින සිහින සමඟ එයට මුල් වූ හේතුත් දැනෙනවා. ගතේ බොහෝ කොටස් නඩත්තු කරන නින්ද නිසා, සිතේ අක්‍රීය වීමක් නොවේ. සිහින යයි කියන සිතිවිළි නොවන්නට ගත කවදාවත් නින්දෙන් ඇහැරෙන්නෙ නෑ.
මිනිසුන් බිහිවුන දවසෙ ඉඳල අද වෙනකම් පැවැතුනේ සීමිත පරාසයක් තුල. ඒ නිසා එදාට වඩා අද වෙනස් නම් ඒක ඔලු ගණන වැඩි ද අඩු ද යන වගයි. ආගමිකයන් යනු අනාගත බිය තුලින් යැපෙන රක්ෂණ මුදලාලිලා වර්ගයකි. මේ සිහින හා පැහැදිළි කිරීම් පියවි සිහියෙන් ගෙතූ දෑ බව පෙනේ. සිංහලයන්ගෙන් ම පිටපත් කර, ඌණපූරණ යොදා, නම් ගම් වෙනස් කර සිංහලයන්ට ම ගිල්ලීමට, පසු කලක කල ප්‍රබන්ධ ය.
කෙසේ වෙතත් වචන තුලින් කියපු කාලයේ පරිසරය දිස්වෙනවා. වචන කියන්නේ කාලීන සමාජීය අවශ්‍යතා ඉටු කරන උපාංඟයක්. අද අප අනාගතයේ වෙන දෙයක් කියයි නම් අප යොදන්නේ අද වහරේ ඇති වචන නොවේ ද? එදා, අද යොදන ඉංග්‍රීසි වචන ද දමා කීවේ නම්, එය නිවැරදි කියමනක් වේ. මේ කතා කියපු කලත්, කියන ආකාරයේ පරිසරයක් තිබුනු බව පෙනේ. අරුත් ගත් විට අනාගතය ගැන කියනවාට වඩා ආගමික අවශ්‍යතා ඉටු කිරීමට කී බවක් පෙනේ.
ඒත් අද අප වැටිච්ච ප්‍රපාතෙට ආ හැටි ඉතා පැහැදිළියි. හරි බුධලා නැති තැන බොරු බුද්ධලා මග පෙන්වූ විට කෙළවර වන්නේ අද සිටින තැනය. ඒ අතරෙ අපේ දුබලතා උපයෝගී කරගෙන අප එතැනට තල්ලු කරන්න උත්සාහ ගත් බවක් ද පෙනේ. ඊ ළඟ ලිපි දෙක ඒ ගැන කියනවා.
"අනාගතය නිවැරදිව දකින්න භාවිත කල ක්‍රමවේදය" ගැන කියනවා නම්, බහුතරය කලේ අණුමාන කිරීම තමයි. ඒත් ගණිතමය අගයක් ඇති නිශ්චිත මගක් තියෙන්නෙ අර feed forward control කියන එකට දායක වුන මුල් දැනුමෙයි. වෙච්ච දේවල් වලින් අළුතෙන් වෙන දේ කිව නොහැකි වුනත්, දිගටම හැදෑරීමෙන් අප නැවත නැවත යන වක්‍ර පථය (cyclic path) ගොඩ නැගුවම, හෙට සූර්යයා පායනවා වගේ කියන්න පුළුවන්.
නිශ්චිත බිහිවීම් ලෙස අප සැම විටම එහා මෙහා යන්නේ සීමිත පරාසයක විතරයි. මේ කියන වැදගත් කාරණය ගැන සිතන්න. මිනිසා බිහිවන බිජු වන ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග ය. වැඩීමෙන් හා පරිසර බලපෑම් තුලින් ඩිම්බ වලට කිසිදු බලපෑමක් නොවේ. එසේම එම ඩිම්බ වලින් බිහිවන ගැහැණු දරුවකුගේ ඩිම්බ බිහිවන්නේ ද ගැහැණු දරුවකුගේ බිහිවීමත් සමග නිසා, ඩිම්බ වලට කාලානුරූප වෙනසක් ඇති වීමට ඉඩක් නැත. ජීවීන්ගේ පැවැත්මට, මෙය ඉතා වැදගත් කාර්යයක් කරයි. ගැහැණුන් කෙතරම් පරිත්‍යාගයක් ඒ සඳහා කරනවා දැයි කියනවා නම්, ගැහැණුන් කෙරෙහි ඇති මිනිස්කමේ ලක්ෂණ ඒ බව සනාථ කරයි. ගැහැණියක් රැකීමට පිරිමියෙකු දිවි පරදුවට තබන තරම් එම කාර්යය වැදගත් ය. ඉතිරිය ඔබට සෙවීමට භාරයි.
ගොඩක් වටින දේවල් කියල තියෙනවා. අපේ සිංහල බෞද්ධ කියන ගොං හරක්ටයි. බුද්ධාගම මාක්ස්වාදය භෞතිකවාදය එකට අල්ලගෙන කතා කරන ජෙප්පන්ටයි මේව තේරෙන්නෙ නෑ. බලද්දි එක්කොම යන්නෙ අයාලෙ යන ගමනක්.
ReplyDelete