මම මේ වෙනකම් කියපු දේ යම්තම් හෝ තේරුනා නම්, ඇඟක් ලැබුනු පමණින් ඒ සතාගේ සියළු හැසිරීම් අපට නොලැබෙන බව දැනගතයුතුයි. ඒ ඇඟ තුලින් කොච්චර කල් ජීවත් වුනා ද කී සැරයක් ඒ ඇඟ උපතින් ලැබුනද කියන එක අනුව තමයි අපට ඒ සතා ලෙස ජීවත් වීමේ හැකියාව ලැබෙන්නෙ. කලින් කොටසෙ කිව්ව පරිදි අද ලෝකෙ උඩම ඉන්නෙ කඳුබඩයගේ ඇඟ තුලින් උපන් සුනඛයන් බව තහවුරු වෙන්න ඕන. මේ සඳහා සුනඛයන් ගේ හැසිරීම මනාව ඉගෙන ගන්න ඕන. කෙටියෙන් කියනවා නම් සුනඛ ජීවිතයක් ලැබුවෙකු ඒ තුලින් තමන් ගේ ජීවිතය ගැන තැකීමක් නැති එකෙක් වෙනවා. ඒ වගේම සුනඛ සමාජය තුල උස් පහත් භේදය තියෙනවා. එකිනෙකා පෙල ගැසෙන්නේ හරියට පඩි පෙලක් වගේ. උඩම එකා තමයි රජා වගේ. පහලට යන්න යන්න තමන්ට හිමි වන්නේ ඉතාම පහල තැනක්. මේ රටාව ගොඩ නැගෙන්නෙ පොර කෑමෙන්. රැකෙන්නෙත් පොරකෑමෙන්. එකිනෙකා අතර සමාන හැසිරීමක් නැති නිසා හැම තිස්සෙම එකිනෙකා තමන් ගේ තැන උඩට ගන්න අනෙක් උන් එක්ක පොර කනවා. මේක සමාජය තුලින් දකින්න ලැබෙන හැසිරීමක්. වෙන විදියකට කියනවා නම් එකාට එකා නැති සමාජයක්. ඒ වගේම අනෙක් එකා පහලට දාන්න හැම උත්සාහයක් ම දරනවා. මේ සඳහා ඕන විදියක් භාවිතා කරනවා. අද මුන් සිංහල කියාගන්න නිසා, මේවා සිංහලයන් ගේ ගති කීවාට ඇත්තටම අයිති වෙන්නෙ උන් ගේ සුනඛ උරුමයට. මේ හැසිරීම සුනඛයන් අතර පවතින එකක්. මුන් තමන් ගේ හිමි කරුට එහෙම නැත්නම් උඩම ඉන්න එකාට ඕන ඕන විදියට නැටවෙන සතුන් ජාතියක්. කවදා හෝ මේ හැසිරීම කෙළවර වෙන්නේ තමන් ගත කරන ජීවිතය හොඳටම එපා වුනාම. ඒ වෙනකොට විශ්වාසය කියන ගුණය මුල් බැසගන්නවා. ගුණ ගරුක එකෙක් වෙන්න නම් ඔබට තියෙන එකම විදියත් සුනඛයකු වීමෙන් තමයි ලබා ගන්න වෙන්නෙ. මම මේ සියල්ල කියන්නෙ කවුරුවත් පහත් කරන්න නොව තමන් ඉන්න තැන තේරුම් ගන්නයි. ඒක කරන්න පුළුවන් වෙන්නෙ තමන් ගේ හැසිරීම තුලින්. තමන්ට ඕන නම ඒක ඉවර කරන්න පුළුවන් විදියත් මම කියනවා. සුනඛ ජීවිතයෙන් ගැලවෙන්න ඕන නම්, දිවි හිමියෙන් විශ්වාසය රකින කෙනෙක් වෙන්න ඕන. තවම එහෙම එකෙක් මට හමු වෙලා නැහැ.
ඉහත සටහන දැම්මේ කලින් කොටස ලියන කොට ඒක තහවුරු වුන දෙයක් නිසයි. ලියන අතරේ මට මග හැරුනු තැන් දකින්න ලැබෙනවා. දැන් ලියන කොටසෙන් පටන් ගන්නෙ අප අතරේ ඉන්න විවිධ ජාතීන් ගැනයි. උන් අප අතරෙම ඉන්න නිසා, තේරුම් ගන්න පේන බලන්න ඕන නැහැ. සම්මතයෙන් සිංහල වෙන්නෙ දෙමව්පියන්ට දාව උපදින ලොකු පුතා ය. ඊ ළඟ එකා දෙමල ලෙසත් තුන් වෙනියා හින්නි (හින් දි) ලෙසත් හතර වෙනියා මූසලයා ලෙසත් මම කලින් කියලා ඇති. මේ වර්ග හතරම හැම සතෙකුටම අදාළ බෙදීමක්. ඒ තුල තියෙන්නෙ ජීවය පවත්වාගෙන යන විදි හතරක්. එනම් ජීවන රටා හතරක්. මේ හතර පරිසරය තුල ඉපදී ජීවත් වීමෙන් ගොඩ නගපු හතරක්. තමන් ජීවත් වෙන ආකාරයට අනුව, එහෙම නැත්නම් පණ රැකගන්න එදිනෙදා කරන වැඩ කටයුතු අනුව තමයි මොවුන් වෙන් කරලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. කඳුබඩයා තිරිසන් සතෙක් ලෙස, එනම් භාෂාවක් කතා නොකරන කැළෑ සතෙක් ලෙස ගතහොත්, සිංහල කියන වර්ගය යන්තමින් හෝ නියෝජනය කරන කොටසක් අදත් අප අතර ඉන්නවා. ඒත් ඔවුන් නියම සිංහලයන් ලෙස අද වර්ග කරන්න බැහැ. ඒකට හේතුව පළමු කොටසෙ ලිව්වා. මේ කොටසෙ කතා කරන්නේ ඊළඟ වර්ගය වන දෙමල ගැනයි. අද සිංහලයන් ලෙස හැසිරෙන උන් අතරේ මේ දෙමලුන් ඉන්නවා. ඒක හැබෑව තුල වෙන ඉදිරියට යාමක්. එනම් ලොකු එකා නැති තැන දෙවන එකා ලොකු එකා වීමක්. මේ ජීව ලෝකය එක තැන පල් වෙන එකක් නොව දිනෙන් දින ඉහලට යන එකක් කියලා සරලව කියන්න පුළුවන්. හරියට පංතියෙන් පංතියට යනවා වගෙයි. වෙනසකට තියෙන්නේ මේකේ දී ඉහලට යාමත්, එක තැන පල් වීමත්, ආපස්සට යාමත් තමන් කරන තේරීම් අනුව වෙන දෙයක් වීමයි.
වැදගත් යමක් කියන්න ඕන. ඒ තමයි තමන් සිංහල, දෙමළ හින් දි හෝ මූසල කියා ගන්න, ඒත් කිසිම අදාළ හැකියාවක් ගෑවිලාවත් නැති හිඟන්නන් බහුල වීම. මේක ඉතාම බරපතල තත්වයක්. බොරු කියන්න පුළුවන් නම්, ලැජ්ජා භය කියලා එකක් නැත්නම්, හැදිච්චකමක් වැදගත්කමක් නැත්නම්, ඒ වගේ උන් ජාතියක් වෙන් නැහැ. හැදිච්චකම හා වැදගත්කම අහල තියෙන වචන වුනාට තේරුම දන්න උන් නැති නිසා යම් පැහැදිළි කිරිමක් කරන්නම්. හැදිච්චකම කියන්නේ උපතින් තිරිසනකු වීමේ හැකියාව ඇති නිසා තමන්ට මග පෙන්වන කෙනෙක් ගති ගුණ "හදලා" තියෙනවා කියන එක. වැදගත්කම කියන්නේ වැද්ද ගන්න පුළුවන් කම කියන එක. ඒ කියන්නේ තමන් පුරුදු පුහුණු වෙලා අන් අය සමඟ එකට ඉන්න තරම් දියුණු ගති ගුණ ඇති එකෙක් වීමයි. මේ ගති ගුණ දෙමළකම තුලින් වඩා ගත යුතු දේවල්. අද හෙලයන් කියාගෙන හෙල උරුමයක් ගැන නන් දොඩවන කාලකන්නි හිඟන්නො රැලක් ඉන්නවා. මෑතක් වෙනකම් උන් සිංහල බෞද්ධ වෙස් මුහුණු දා ගත් ද්‍රවිඩයන් ගොතපු පච සිංහල උරුමය බදා ගෙන හිටියත්, ඒක බිඳ වැටෙන කොට රාවණයෙක් වටා එකතු වෙමින් මේක තමයි හෙල උරුමය කියාගෙන නාඩගමක් නටනවා. මුන් හරියට කූඩැල්ලන් වෙලා ගොඩක් කල් හිටපු උන් වෙන්න පුළුවන්. ඒ සතා යැපෙන්නෙ අනුන් ගෙන් නිසා ඒ උරුමය මුන් ගෙ මුල් තැන අරං. මුන් නොදන්න එකක් තමයි සිංහලයන් කියන්නේ අතීත උරුමයක් බදා ගෙන එක තැන පල් වෙන ජාතියක් නොවන බව. හතර වරම් දෙවියන් ගේ පිහිටෙන් සිංහලයන් තමයි පරණ උරුමය අත හැර අළුත් උරුමය බදා ගන්න එකම ජාතිය. උන් කිසිම උරුමයකට කූඩැල්ලන් වගේ එල්ලිලා ඉන්නේ නැහැ. නිකරුනේ ආපස්සට යන්නෙත් නැහැ. කලින් කලට එක එකා රැවටීමට තම හැසිරීම වෙනස් කරන්නෙත් නැහැ. ඒක උන් ගේ ගතිය. ඒ වගේම සුදුසු තැන සුදුසු උරුමය අනුව වුනත් උන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන් සතුව කලින් ලබාගත් උරුමයන් පවා රැකිලා තියෙනවා කියන එක. උරුමයක් නැති උන් තමයි එල්ලෙන්න ලැබෙන ඕනම එකක එල්ලෙන්නේ. උන් වෙන් කරලා හඳුනාගන්න ඕන.
කඳුබඩයගේ ශරීරය ලැබුනට ඒක ඇතුලෙ ඉන්න අවතාරිකයා මොකාද කියලා අද හඳුනාගන්න බැරි තරම් අවුල් වෙලා තියෙන්නේ. ඒක මට ලොකු අභියෝගයක් වගේම අළුතින් හිතන්න අවශ්‍ය දෙයක් වුනා. ඒ මදිවට, කිසිසේත් ම නොසුදුසු සතුන් පමණක් නොව කඳුබඩයකු සේ උපදින්න නොලැබෙන උන් පවා අද මේ අතර ඉන්නවා. ඒ තුලින් කියන්න තියෙන්නේ හැම එකාගෙම ප්‍රශ්ණ හඳුනාගෙන උන් ඒ තැනට වැටුන ආකාරය තේරුම් ගෙන ඉදිරියේ එසේ නොවෙන්නට අවශ්‍ය වෙනස්කම් කලයුතු බවයි. කඳුබඩයාගෙ නිර්මාණය ගතහොත්, ඒ තුලින් හඳුනාගත යුතු සියළු සත්වයන්ට ඉපදෙන්න හැකියාව ලැබෙන එකක්. ඉන් හැමෝම එකම ස්වරූපයක් තුල හැසිරෙන විදියෙන් ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනාගන්න පුළුවන්. සිංහල කතා කරන උන් ගත්තම ඒ ඔක්කොම ඉන්නවා. ඉන් අන්තයට ගිය උන් තමයි මගේ ළඟින් ම ඉන්නේ. ඒ අතර මගේ දෙමව්පියන්, සහෝදර/දරියන් වගේම බිරිඳ හා පුතා පවා ඉන්නවා. මේ එකෙක් වත් මට උදව්වට ආපු උන් නොව, කරන්න පුළුවන් ලොකුම බාධාවන් කර මට දෙන්න පුළුවන් උපරිම කරදර කරන උන් රැලක්. කඳුබඩයෙක් හැටියට දරන්න පුළුවන් උපරිම පීඩනය ගත්තම, ඒ තරම් බරක් වෙන කෙනෙක් දරන්නෙ නැහැ. එහෙම නොකර හරියට ප්‍රශ්ණ තේරුම් ගන්න බැරි වුනත්, මම ගෙවන ජීවිතය ඔය සමහර හිඟන්නන් කියන ආකාරයේ සුරංගනා එකක් නොවෙයි. දරාගන්න බැරි බර සැප ද කියල හිතන එකෙක් නැහැ. මේ තුලින් මට කෙසේ වෙතත් ජීව ලෝකයට විය යුතු සාධාරණය වෙනවා. ඒ තරමට සමානත්වය රැකෙන විදියක් තුල, තමන් යන මග තීරණය වෙන්නෙ තමන් කරන තෝරා ගැනීම අනුවයි. තෝරන මග අනුව ලැබෙන අවසානය තීරණය වෙනවා. ඒ නිසා හරි තීරණය ගන්න හැම එකාම උත්සාහ කලයුතුයි.
දෙමළ කියන්නෙ කවුද?
සඳහන් කළයුතු බොහො දේ කීවත්, කියන්න ඕන වුනේ සිංහලයන් වෙන්න කලින් කඳුබඩයා ඉන්න ස්වරූපය ගැනයි. මේක තමන්ට පාලනයක් නැති කඳුබඩ ස්වරූපයක් තුල හිර කර ලබා ගත යුතු හැකියාවන් මෙන් ම මුහුණ දීමට වෙන අභියෝග සීමා කිරීමක් වෙනවා. මෙහීදී මම කතා කරන්න යන්නේ දෙමළ කියන බෙදීම ගැනයි. මෙය එකම දෙමව්පියන්ට ඉපදෙන දෙවන දරුවා ලබන ජීවන රටාව තුලින් පැවැත්ම තහවුරු කිරීමක් වෙනවා. මෙහිදී වැදගත් දෙයක් තමයි කඳුබඩයා මොන කාලය තුල ඉපදුනා ද යන්න. අද වෙනකොට බාහිර ව ලද දැනුම නිසා මොකා ඉපදුනත් එක්තරා මට්ටම ක සිටිනවා. මෙය කඳුබඩයා තිරිසන් සතෙක් ලෙස ඉන්න කාලේ පැවැති තත්ත්වය හා සසඳන්න ඕන. අද තිරිසනෙක් ඉපදුනත් ඌට හිමි වෙන්නෙ තිරිසන් ජීවිතයක් නොවෙයි. උගේ හැසිරීම පවා උපදින පරිසරය තුලින් පාලනය වෙනවා. ඌට වුනත් භාෂාව යන්තමින් හෝ භාවිතා කරන්න පුළුවන්. මේක කිව්වේ දෙමළ කියන බෙදීම තුල උපදින්නේ තිරිසනුන් ලෙස ජීවත් වෙන රටාව බව කියන්නයි. අනෙක් සතුන් ඔක්කොම තිරිසනුන් ලෙස හැසිරුනත්, දෙමළකම තුලින් එන තිරිසන් කම ඊට වඩා වෙනස් එකක්. මෙය කුජකම තුලින් දකින්න පුළුවන්. මේ ජීවන රටාව තුල අපි ජීවත් වෙන ආකාරය වෙනස් කිරීමකට ලක් වෙනවා. උදාහරණ ලෙස විළි වසා ගැනීමට රෙදි ඇඳීම, වතුර යොදා පිරිසිදු වීම, කන බොන විදියෙ වෙනස් කම්, හැඳුම් පැළඳුම්, කතා කරන විදිය, හැසිරෙන විදිය, එකිනෙකා අතර ගණු දෙණු කරන විදිය පවා ටිකෙන් ටික වෙනස් කරලා තියෙනවා. මේක වෙන්නෙ කුජ දෙවියන් ලෙස උපදින යුගයේදී ය. දෙමළුන් ගත් විට තාරික හැකියාවන් තුලින් පමණයි ලෝකය දකින්න ලැබෙන්නේ. මොවුන් සිංහලයන් දකින තාරික හා අවතාරික දේවල් සියල්ල තාරික ස්වරූපයෙන් ගොඩ නගනවා. උදාහරණ ලෙස තාරික හා අවතාරික ශරීර දෙක මොවුන් දකින්නේ තාරික ශරීරයට පිටු පසින් තියෙන ඒකෙ පිටපතක් ලෙසයි. මෙය වැරදි වුනත් හැකියාව නැති උන් ලෙස එසේ දකිනවා. ඒක කවදා හෝ තේරුම් ගත් විට තමයි සිංහල වෙන්න ලැබෙන්නේ. අද සිංහල කියන සියළු තොරතුරු අයිති වෙන්නෙ දෙමළුන්ටයි. ඔවුන් අද සිංහල ලෙස ඉන්නවා. ඒත් එසේ ඉන්න අතිබහුතරය කිසිම ජාතියකට අයිති නැති ඉබා ගාතේ එහා මෙහා ගිය අහිගුන්ටිකයන් බව මතක තියා ගන්න ඕන.
කඳුබඩයා තිරිසන් කමෙන් ගලවා ගෙන යන ගමනේ මුල් කාලය ගත්තම හැම එකාම ජීවත් වුනේ තිරිසනුන් ලෙසයි. මේ තිරිසන් රටාවේ මුල් තැන ගත්තේ කඳුබඩ ගොරිල්ලා වර්ගයක් වන මුල් සත්වයායි. කාලය සමඟ තිරිසන් ජීවන රටාව තුල කඳුබඩයා ලෙස උපන් අලියා, සිංහයා වැනි සතුන් නිසා හැසිරීමේ වගේම පෙනුමේ වෙනස්කම් වුනා. මේ ගැන කියන ජීවමාන ශාක්‍ෂි එක්තරා සිංහල උරුමයක එනවා. ඒ ගැන ඊට වඩා කියන්න යන්නෙ නැහැ. හේතුව සිංහලයන් දැනුම දුන් විදිය ගැන කියන්න වීමයි. එය පසුවට තබනවා. මුල් කාලයේ විවිධ සතුන් කඳුබඩයාගේ ස්වරූපයෙන් උපදින කොට ඉතා තියුණු වෙනස්කම් දකින්න තිබුනා. ඒත් ඒ සියල්ල පාලනය කරලා අද ඉන්න තැනට ආවත්, අදත් වෙනත් සතෙක් කඳුබඩයාගෙ තාරය තුලින් බිහි වුනොත් වෙනස හඳුනාගන්න පුළුවන්. ඉතා සුළු ගණනක් වූ නිසා මුල් කාලයේ මිශ්‍ර වීම තුලින් උපදින වර්ග හතර වෙන් කරන්න බැරි තරමට සමානත්වයක් ගත්තා. ඒත් ගහණය වැඩි වෙද්දී හැසිරීමේ ඇති මේ ස්වාභාවික වෙනස් කම් තියුණු වීම නිසා බෙදීම වී කල්ලි ලෙස වෙන් වීමක් දකින්න පුළුවන් වුනා. මීට කලින් බිහි වූ කුජ යුගයේ මේ කොටස් හතර බෙදා වෙන්කර තැන් හතරක පදිංචි කරවීම නිසා නැවත සමානත්වය ඇති පරිසරයක් ගොඩ නැගුනා. හිරුගේ දැනුම ලැබූ සිංහලයන් තිරිසන්කමට එහා ගිය ජීවන රටාවකට හුරු වුනත්, දෙවන දරුවා මුල් කර බිහි වූ ජාතිය හෙවත් දෙමළ ජාතිය තුල මේ වෙනස දකින්න ලැබෙන්නේ තාරික හැසිරීමේ පමණයි. අවතාරික උරුමය නිසා ඉන් එහාට යන්න බැහැ. ඔවුන් ගේ ජීවන රටාව ගත්තම, ගත වෙහෙසවා කරන බර වැඩ මෙන් ම පොරකෑම, උදුරා ගැනීම, බෙදා නොගැනීම වැනි තිරිසන් ගති වල අඩු වීමක් වුනේ නැහැ. තිරිසන් කම තුල දෙවැනියා ජීවත් වුනේ පොර කා ලබා ගත් ආහාර වලින් ය. මුල් තැන ලොකු දරුවාට හිමි වූ අතර, පියා ඔහු ලංකර ගැනීම නිසා රැකුම තිර වුනා. මෙහිදී දෙවැනියා රැකුනේ මව ගේ පිහිටෙනි. අදත් මව දෙවැනියාට දක්වන විශේෂ සැළකිළි තුලින් මෙය තහවුරු වෙනවා. ඔවුන් ගේ වර්ගය තුල මවට හිමි වෙන්නෙ මුල් තැනයි. ඒ අතින් සිංහලයන් ගේ මුල් තැන දැනුම දෙන පියාට හිමි වෙනවා. අද ඉන්න සිංහල දෙමළ කියන අතිබහුතරය කිසිම ජාතියකට හෝ කමකට අයත් නොවන බොරු කාරයන් නිසා, උන් තුලින් මේ ගති දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ම උන් බොරු කරන බවත් තහවුරු වෙනවා. කෙසේ හඳුන්වාගත්තත් හැසිරෙන ආකාරය තුලින් තමන් ගේ නියම අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්.
සිංහලයන් හා සැසඳීමේදී දෙමළුන් ගත් විට බොහෝ හොඳ හා නරක ගති ඇත. මෙය තමන් කොතරම් ජීවත් වීම සඳහා තිරිසනුන් ලෙස උරුම වූ ගති භාවිතා කරයි ද යන්න මත තීරණය වේ. එය මුහුණ දෙන ජීවත්වීමේ අභියෝග හා තමන් සතු පෙර දැනුම, එනම් තමන් කලින් එවැනි අභියෝග වලට මුහුණ දුන්නා ද යන්න අනුව තීරණය වේ. පටන් ගන්නේ තිරිසනෙක් ලෙස නිසා හැම කඳුබඩයාම එම ගති පරදවා දේව ගති පුරුදු පුහුණු කර ගන්න තෙක් තිරිසනෙක් ලෙස හැසිරේ. මෙලෙස වර්ගීකරණයේ දී මතක තබා ගත යුතු වන්නේ ජීවමාන රටාවක ආරම් භක අවදියේ සිට අවසන් අවදිය දක්වා, එනම් සිංහලයකු වීමට සුදුසු වන තෙක්, මේ අය දෙමළ වර්ගීකරණය තුල ඇති බවයි. එසේම අවසන් අවදිය වන විට, පෙරහුරුවක් ලෙස සිංහලයන් ලෙස ද උපදින නිසා, වර්ගීකරණයේදී ඒ ඒ කඳුබඩයා තනිවම ගෙන කළ යුතු වේ. ජීවත් වීම සඳහා තමන් සතු තාරික හැකියාවන් යොදා ගන්න නිසා, පුරුදු පුහුණු කල හැකියාවන් මෙන් ම තිරිසනුන් කරන දේවල් ද යොදා ගන්නා බව කියමි. මේ කතා කීමට මට විශේෂ උත්සාහයක් කලයුතු නොවෙන්නේ ඒ සියළු දෙනාම මගේ පවුලේ හෝ සමීපයේ සිටින නිසා ය. මා වටා ඉන්න උන් ඒ ඒ ක්‍රියාකාරකම් වල අන්තයටම ගිය උන් නිසා ඈතින් සිටින උන් උන්ට වඩා අඩු ප්‍රමාණයකින් එම ගති ගුණ පෙන්වන්නේ යයි සිතමි. මෙම සිදුවීම් ගත් විට, ඒ සියල්ල සිතා මතා මගේ අවශ්‍යතා ඉටු කිරීමට සකසපු ඒවා බව දනිමි. ඉන් එකෙක්, මගේ හිමිකම් දැරූ ඉඩම් පවා අල්ලගෙන භුක්ති විඳින බව උන් ගේ හැසිරීම පෙන්වයි. අනුන් ගේ දේ කඩා වඩා ගෙන හෝ තම අරමුණු ඉටු කරගන්න ගතිය මොවුන් සතු ය. එහෙත් ඒ සියල්ල කරන්නේ තම තත්වය ද රකින්න උත්සාහ කරමිනි. එහෙත් ඉඩ කඩම් යාන වාහන සම්පත් තිබුනද ජීවත් වෙන ආකාරය සිංහලයන් තරම් ඉහල තැනක නැත. අනුන් ට හිමි දේ තමන් සතු කර ගැනීමට වුව නොපැකිලේ. මගේ ඉඩමක් එලෙස හොරෙන් "ඔප්පු" සකසා ගෙන අල්ලා ගැනීම හොඳ උදාහරණයකි. මම එය බලෙන් ගත් විට නිහඬ වුනත් මම නැවත අත හැරී විට නැවත අල්ල ගෙන ඇත. මේ වගේ හැසිරීම ඔවුන් හැසිරෙන ආකාරය තුලින් ගොණු කල යුතු වේ.
කාලය සමඟ වෙනස් වීම දෙයාකාරයකින් සිදු වේ. එනම් ජීවත් වීම තුලින් ඉගෙන ගෙන යම් වෙනස් වීම් විය හැක. එසේම ලබන අත්දැකීම් නිසා උපතින් උපතට ද වෙනස් කම් වේ. මේ සියල්ලටම අමතරව, කුජ කම අළුත් වන හැම විටම ඔවුන් ගේ හැසිරීම ද අළුත් වේ. එනම් යුගයෙන් යුගයට දෙමළුන් ද අළුත් තලයකට එන බව සිහි කල යුතු ය. ඇරඹුන නව හිරු යුගය තුල, මෙම දෙමළ හැසිරීම වෙන් කර ඔවුන් වෙනුවෙන් ම සැකසූ විදි තුලින් වෙනස් කිරීමට ලක් වෙනු ඇත. එය හැදෙන වැඩෙන ආකාරය පාලනය කිරීමෙන් සිදු වේ. දෙවැන්නා දෙමළකු වන්නේ පළමු වැන්නා සමඟ සිටීම තුලින් නිසා, වෙන් කිරීම අවශ්‍ය වේ. සිංහලයන් හා දෙමළුන් වෙන් වෙන් ව පදිංචි කලේ ද මේ නිසා ම ය. එසේම වෙන් කර ඔවුන් හඳුනා ගෙන විසඳුම් සෙවීම ද තවත් අරමුණකි. පැවැත්ම තහවුරු කිරීමට නම් දෙමව්පියන් නාකි වෙන විට ඔවුන් ගේ තැන ගැනීමට අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු අවශ්‍ය වේ. පරිසරික අභියෝග හා වෙනත් හේතු නිසා මීට වඩා වුව හැදීමට සිදු වේ. මෙහිදී වැදගත් යමක් කියමි. එනම් විවිධ සතුන් එකවර බිහි කරන පැටව් ගණන හා එසේ බිහිකරන වාර ගණන තීරණය වන්නේ සතාගේ ප්‍රමාණය හා ජීවත් වීමට කොතරම් අභියෝග එල්ල වේ ද යන්න අනුව ය. මෙයට පරිසරයේ ඇති සීමිත සම්පත් හා ඔවුන් ගේ පැවැත්මට අනෙක් සතුන් බලපානවා ද යන්න වැනි කරුණු අදාළ වේ. වඳ වී යන සතුන් ගත් විට ලෝක විනාශයෙන් පසු එන අළුත් ආරම් භය තුල දී වෙනස් කම් එකතු කෙරේ. මේ ක්‍රියාවළිය නිවැරදිව කීමට සුදුසු වචනයක් සැකසිය යුතු ය. මෙවැනි තොරතුරු දෙමළුන්ට පමණක් නොව හැම ජීව වර්ගයකටම, අණුවර්ගයකටම අදාළ බව සිහි තබා ගත යුතු ය. ජීවිත කාලය සීමිත නිසා මෙවැනි අතිරේක තොරතුරු සඳහන් කාලේ කොතන හෝ ඒ තොරතුරු තිබිය යුතු නිසා ය.
දෙමළකම නියෝජනය කරන කුජකමට උපතේ සිට විපත දක්වා වෙන වෙනස් කම් බලපාන හැටි දැනගැනීම වැදගත් වෙනවා. තමන් උපදින කාලය, තැන වගේම තමන් ගේ උරුමයත් ජීව ලෝකය බිහිකර ඇති පදනම අනුවත් මොන වර්ගයකට අයත් වුවත් ජීවත් වීම තුලින් ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. ආරම් භය බොහෝ විට තිරිසන් ගති මුල් කරගෙන සිදු වුවත්, ඉහත කාරණා අනුව කාලය සමඟ වෙනසක් වෙනවා. ඒත් අද නම් උපදින හැම එකා ම වගේ වසර 4ක ළමයකු සතු හැකියාවන් තුල හිර වෙන නිසා, කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව පවතින රටාව තුල එසේ වීමට ඉඩක් නැති වීමයි. මේ වර්ගයට හිමි හැසිරීම වෙනස් වෙන්න නම් ලොකු දරුවා ගේ බලපෑමෙන් තොර ව හැදෙන්න ඕන. සම්පත් හිමි තැනක හැදෙනවා නම්, දෙදෙනාට ම එකම විදියට සලකන කොට උරුම ගති ගුණ යටපත් වෙනවා. ඒ වගේම තමන් හරි මග යන කෙනෙක් නම් ඉතා වේගෙන් වෙනස් වෙනවා. මේ වෙනස, කෙනා අනුවත් තෝරා ගැනීම් අනුවත් පාලනය වෙනවා. කාට හෝ මේ දැනුම තේරුනොත් එය වෙනස් වෙන්න ලොකු පිටුවහලක් වෙනවා. මෙය උපරිම වෙනස හෝ අවම වෙනස අතර හෝ කිසි වෙනසක් නොවීම යන අන්ත අතරේ පවතින දෙයක්. නොගැලපෙන දෙමව්පියන් ගත් විට, ඕන වර්ගයක දරුවන් ආපස්සට වුව යන්න පුළුවන්. ඒ නිසා දරුවන් ගේ යහපත වෙනුවෙන් සුදුසු අය පමණක් එකතු වීම කල යුතු දෙයක් වෙනවා. ඒක ජාතික මට්ටමෙ වැඩක්. තමන් කරන සමහර වැරදි තීරණ අනුව කිසිදු වෙනසක් නොවෙන, එහෙම නැත්නම් එක තැන පල්වෙන තත්වයක හිර වුනොත්, නැවත ජීව ලෝකය ඇරඹෙන තෙක් හිර වී නැවත මුලට යන්න වෙනවා.
කුජකම තුලින් අදට ආපු තැන ගත්තම සිංහලකම වගේම දෙමළකමත් තිරිසන් කමෙන් ගැලවීමක් පෙන්වනවා. ඒ නිසා දෙමළකම තුලින් හඳුනාගැනීමේ දී මේ එක එක කුජ යුගය තුල වූ වෙනස්කම් තේරුම් ගන්න ඕන. ඝාතනය භීෂණය මුල් කරගත් තිරිසන් කමින් ඈත්වීම ටිකෙන් ටික මේ ගති වල අඩුවීමක් ලෙස දකින්න පුළුවන්. ඇඟේ හයියෙන් විසඳපු ආරවුල් තුන්වන පක්‍ෂයක මැදිහත් වීම තුලින් විසඳන තැනට ඒමක් දකින්න පුළුවන්. හැසිරීම් රටාවෙත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කන බොන දේවල් හා කන බොන විදිය, ගෘහ භාණ් ඩ භාවිතය, බෙදා හදා ගැනීම වගේම අළුත් නීති රීති තුලින් අළුත් වීමක් දකින්න පුළුවන්. මම කියන බොහො වචන වල තේරුම නොව වචන වල ශබ්දය පමණක් බදා ගැනීම සිදු වන නිසා සුළු පැහැදිළි කිරීමක් කරන්නම්. නිතර නැත්නම් නියත ව කරන දේ නීති ලෙසත් රිසි ලෙස තෝරා ගෙන කරන දේවල් රීති ලෙසත් ගන්න ඕන. එහෙම නැතුව ඉංග්‍රීසි ක්‍රමය තුල වෙන උන් අප මත බලෙන් පටවපු දේවල් නොවේ. තව එකක් කියමි. බෙදා හදා ගැනීම වගේ ඒවා තුල ඇති දෙයාකාර ස්වරූපය මනාව තේරුම් ගන්න ඕන. ගොඩක් තියෙනවා නම්, ඒ කියන්න කාටත් තියෙන ප්‍රමාණය ඇති නම් බෙදා ගැනීමත්, එසේ නොවන විට වෙන වෙන ම හදා ගැනීමත් මින් අපේක්‍ෂා කරනවා. මේ වගේ එකක් තමයි හදා වඩා ගැනීම. මෙය ඉතා වැදගත් වචන යුගලයක්. ඒ නිසා ම මම තේරුම කියන්න යන්නේ නැහැ. එය රිසි අයට පමණයි. තව බොහො දුර මේ මගේ යන්න ඇති නිසා ජීවත් වීමේ රටාව වෙනස් වන විට මේ බෙදීම් තුලින් අන් අයට වෙන බලපෑම ඉතාම අවම වේවි.
තිරිසන්කම හා දෙමළකම අතර වෙනස තේරුම් ගත යුතු දෙයක්. සතුන් ගත්තම උන් ඔක්කොම ජීවත් වෙන රටාව එකයි. වෙනසකට තියෙන්නේ තාරික අවයව වලින් වන සීමාවන් පමණි. උදාහරණ ලෙස කකුල් ඇති සතුන් හා කකුල් නැති සතුන් අතර වෙනසක් තියෙන්නෙ යන එන විදියෙයි. ඒත් හැසිරෙන ආකාරය ගත්තම, ඔක්කොම ක්‍රියාකරන විදිය තුල තියෙන්නෙ එකම අවතාරික හැසිරීමක්. වෙනසක් වේ නම්, ඒ කලින් හිටපු සත්ව ස්වරූප තුලින් උපයාගත් හැකියාවන් පමණයි. මේ හැකියාවන් තමයි අළුත් සත්වයා ලෙස ජීවත් වෙන්න ඕන කරන්නෙ. නැත්නම් ඉක්මනින් අභියෝග වලින් පැරදී මැරෙනවා. මේක මුල් කාලෙ වෙන දෙයක්. මරණය තුලින් ඉගෙන ගැනීමක් වෙනවා. විශේෂම දෙය තමයි තාරික ක්‍රියා පාලනය කිරීම වෙන ආකාරය. ඇතිවන හැඟීම් මත ප්‍රතිචාර දැක්වීම මුල් තැන ගන්නවා. තෝරා බේරා ගෙන හරි දේ හෝ වඩාත් ම උචිත දේ කිරීමේ හැකියාවක් නැහැ. තිරිසන් යුගය ගත්තම දෙමළකම තුලත් මුල් බැසගෙන තිබුනේ මේ විදියේ හැසිරීමක්. ඒත් යුගයෙන් යුගයට එකතු වූ නව දැනුම අයත් වෙන ක්‍රම තුලින් මේ ගති පාලනය වීමක් වෙනවා. ඒත් එසේ වෙන්නේ තමන් තුලින් නොව, බාහිර ව ඇති කල නීති රීති තුලිනුයි. තාරික ව වෙන ක්‍රියා තුලින්, එනම් දඬුවම් වැනි දෑ තුලින් තමයි පාලනය වෙන්නෙ. ඉඩක් ලැබුනොත් පුරුදු විදියට හැසිරෙනවා. පවතින සමාජ රාමුව මෙම හැසිරීම පාලනය කිරීමට වැදගත් වෙනවා.
සිංහල දෙමළ වෙන්නෙ කවුද? දෙගොල්ල අතර වෙනස මොකක්ද? කියන ප්‍රශ්ණ තුලින් බැලුවොත්, තමන් ඉන්න තැන අනුවයි තීරණය වෙන්නෙ. හැම ජීවියෙක් තුලින් ම සමත් වීමක්, එනම් අපේක්‍ෂිත ජීවත් වීම සාර්ථකව කර ගෙන යාමේ හැකියාව ලැබීම මින් කියවෙන්නෙ. ඉතාම ශූක්‍ෂම ව මෙම තේරීම වෙන්නෙ. තමන්ට තෝරාගන්න බැහැ. ඒත් යමෙක් තමන් ලද සත්ව උපත තුලින් කිසිදු අභියෝගයක් නැති වෙන උපරිමයට ආ පසු, ඒක එපා වීමක් වෙනවා. ඒ වගේම ඊ ළඟ තලයේ ඉන්න සතා වීමේ ආශාවක් ඇති වෙනවා. බොහො විට ඉහලින් ඉන්න සතා තමයි තමන්ට ජීවත් වීම අහිමි කරන ලොකුම අභියෝගය. සමහර අවලමුන් (තාරය වැඩුනත් අවතාරික උරුමය ලමා කාලයේ පසු වන අය) අනුන් ගේ බසට මුලාවී මිනිසුන් වීමෙන් වැළකීම මිනිසත් බව පිළිකුල් කිරීමෙන් නවතා ඉහලට යන්න හෝ අතුරුදහන් වීමට හැකියයි උත්සාහ කලත්, ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මේ ගමන, ඒ කියන්නෙ සත්වයන් වී ලබන දැනුම ගත්තම, මේ වගේ බොහෝ ආපස්සට යවන උපක්‍රම, උගුල් අටවා තියෙනවා. විශේෂයෙන් ම බොරුවෙන් හෝ වැරදීමෙන් ඉහලට යන එක නැවතීම, ජීවීන් ට මුහුණ දෙන්න වන අභියෝග වල කොටසක්. අහුවුනොත් ඇත්තටම වෙන්නෙ ආපස්සට යාමක්. කවදා හෝ එය තේරුම් ගන්න තෙක් එක තැන වටේ යාමක්, ඒ කියන්න ඉස්සරහට පස්සට එක තැන යාමක් වෙනවා. කවුද දෙමළ වෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ ඊට කලින් උපදින ස්වරූපය වන හින් දුකම අංග සම්පූර්ණ කල විටයි. එසේම සිංහල වෙන්නෙ, ඊට යටින් ඇති තලය, අද භාෂාවෙන් කියනවා නම් පංතිය, හරියට පාසලේ පංති වගේ, වන දෙමළකම සමත් වූවමයි. එක තලයකින් අනෙක් තලයට යාම සඳහා බොහො අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒක වෙන කාලය කොතරම් ද කියන එක තීරණය වෙන්නෙ කොතරම් අභියෝගවලට මුහුණ දුන්න ද කියන එක වගේම ජයගැනීම මතයි. පවතින බාහිර ලෝකයේ තත්වය අනුව අභියෝග එල්ල වන ප්‍රමාණය තීරණය වෙනවා. ඒත් සිංහලයෙක් වෙන්න තව ඉතා වැදගත් සමත් වීමක් තියෙනවා. ඒ තමයි හතර වාරයක් උපදින දෙවියන් මුණ ගැසීම. බොහෝ විට මේක අහඹු දෙයක් වගේ පෙනුනත්, සුදුසු අය තේරීම හා මුණගැස්වීම වෙන විදියක් තියෙනවා. ඒ ගැන නොකියමි. බොහො විට ඒ කවුදැයි හරියට නොදැන තමයි මුණ ගැසෙන්නෙ. මට මෙවැනි අය බොහෝ ගණනක් හමුවෙලා තියෙනවා. උන් ඔක්කොම අනෙක් උන්ට වඩා ඉහලින් ඉන්න නිසා තරමක උඬඟු හැසිරීමක් පෙන්වනවා. ඒක තමන්ට සියල්ල අහිමි කරන තරම් ප්‍රබල දුබලකමක්. මෙවැනි උන්ට අවස්ථාවක් දුන්නත්, ඒ එකෙක්වත් ඊට සුදුසු බවක් නොපෙන්වූ නිසා අතහරින්න වුනා. තේරීමේ සාමාන්‍ය විදිය (කාටත් පොදු විදිය) තමයි යුගයක් අවසානයේ මුහුණ දෙන්න වෙන අභියෝගය. අද මේ මොහොතේ වෙන්නෙ ඒ වගේ දෙයක්. ඉන් බේරෙන සුළුතරයට සිංහල වීමට අවස්ථාවක් ලැබෙනවා. අද එළඹී ඇති හිරු යුගය ගතහොත්, ඔවුන් ඉදිරි වසර 120,000 තුල නොයෙකුත් වැඩසටහන් තුලින් ඒ තැනට ගෙන ඒමට උත්සාහයක් වේවී. කෙසේ වෙතත්, හොඳින් තේරුම් ගත යුතු දෙයක් තමයි බොරුවෙන්, වංචාවෙන් හෝ වෙනත් අනිසි විදියකින් උඩට යන්න හැදුවොත්, ආයේ මුලටම හෝ බිංදුවෙන් පටන් ගන්න තැනට වුනත් වැටෙන්න පුළුවන් බව. මෙතන දී තමන් කොතරම් අවංක ද කියන එක දැඩි අභියෝග වලට ලක් වෙනවා. හේතුව මේ ජීව රටාවේ මූලය හෝ පදනම වෙන්නෙ අවංකබව. එහෙම නැති ව මෙතරම් දියුණු ජීව ලෝකයක් බිහි කරන්න බැහැ. හැම විටම මේ ගතිය තහවුරු කරන්න මුලා කිරීම් වගේම උගුල් ඇටවෙනවා. අහු වුනොත් ඔක්කොම අහිමි වෙනවා. ඒ වගේම පරම දේවත්වය තුලින් පෙන්වන්න අංඟ සම්පූර්ණත්වය ගත් විට, කවදාවත් අඩුවෙන් සමත්වීමක් වෙන්නෙ නැහැ. අද බසින් කියනවා නම් 200%ක සමත්වීමක් අවශ්‍ය වෙනවා. මේක දිගටම ලැබෙන අභියෝගයක් ඉහල තලයේ ඉන්න අය වෙන්නෙ සමත් වූවන් පමණයි.
මේවා කියවන උන් ඉන්නේ ඉතාම පහල ම තැනක නිසා මෙය කියමි. නොදන්නකම නිසා, පංතියෙන් පංතියට යනවා වගේ එක රටාවකට මේක සිදුවෙනවා කියල සිතීම අමනකමක්. එහෙම වෙන්නෙ සරල රටාවක් තුල පමණයි. උදාහරණ ලෙස පවතින අධ්‍යාපන රටාව ගන්න පුළුවන්. ගිරවුන් සේ කියන දේ එලෙසම කීමේ පුහුණුවක් දෙන මෙම විදිය ඉතාම සරල එකක්. ජීව ලෝකය කියන්නේ අසීමිත ජීවීන් ගණනක් අයත් බහුවිධ රටාවක්. බහුවිධ කියන එකෙන් අදහස් කලේ උඩට යන්න නොයෙක් විදි තියෙන නිසයි. ඒ කියන්නෙ හැම සත්ව ස්වරූපයක් ම ගත කරන්න අවශ්‍ය නැහැ කියන එක. මේක කෙනා අනුවත් තීරණය වෙනවා. මම ගත්තම, කවදාවත් වෙනත් සත්ව ස්වරූපයක් ගන්නෙ නැහැ. ඒ වගේම දෙමළ හෝ ඊට පහල වෙන්නෙත් නැහැ. කොටින් ම කියනවා නම් කිසි දින දෙවැනි තැනක ඉන්නෙ නැහැ. මේ නිසාම අභියෝග ගොඩක් වැඩියි. කවදාවත් ගැහැණියක වීවත් ඉපදිලා නැති කෙනෙක් වීම තුල ඒක කියවෙනවා. ඒත් හදපු කෙනා ලෙස එසේ වීමක් අවශ්‍ය නැහැ. හදපු කෙනා තමයි හරියටම දන්නෙ කියන කතාව මතක් කරමි. අනෙක් සියළු දෙනාම ගත් විට, ඉපදෙන්නෙ මොන සතා වෙලා ද කියන එක තීරණය වෙන්නෙ, තමන්ට ලැබෙන අවස්ථාව අනුවයි. මෙහි එකම රටාවක් නැහැ. මොන විදියෙන් වුනත්, අවතාරිකව වෙන්නෙ හැකියාවන් දහයක් ප්‍රගුණ කිරීමයි. ඒක තිරිසන් සතුන්ටත් අදාළයි. විශාලත්වය හා වර්ග ගණන නිසාත් පවතින දෙයාකාර ස්වරූපය හා 50-50 පැවැත්ම තුල කඩින් කඩ වෙලාවෙන් වෙලාවට ලැබෙන අවස්ථාව අනුව මේ දැනුම/හැකියාවන් එකතු කර ගැනීම වෙනවා. එහෙත් එක දේ නැවත නැවත වීමක් වෙන්නෙ නැහැ. හොඳින් බැලුවොත් පේන දෙයක් තමයි උපරිම කාර්‍යක්‍ෂමතාවය. ඒ කියන්නෙ වැඩියෙනුත් නැති අඩුවෙනුත් නැති රටාවක් හිමි වීම. ඒක එසේ නොවේ නම්, ඊට මුල් වෙන්නෙ තාරික හෝ අවතාරික දුබලතාවයක්. හරිගස්ස ගන්න ලැබෙන අවස්ථාව ඒ තුල තියෙන්නෙ. උත්සාහ කරල තමයි හරි විදිය ඉගෙන ගන්නේ. මුල් වරට බොහෝ විට අසමත් වෙනවා. හරි මග තෝරා ගන්න සුළුතරය තමයි වේගෙන් ඉදිරියට යන්නෙ.
දෙමළකම තුලින් බලාපොරොත්තු වන ඉලක්කය ගැන යම් හැඳින්වීමක් කරන්න හිතුවා. හැම සත්වයෙක් තුලින් ම බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙනවා. දෙමළකම තුලින් බලාපොරොත්තු වෙන්නෙ සිංහලයකු වීමට සුදුසු අවතාරිකයෙක් බිහි කිරීමයි. එම කාර්යය සම්පූර්ණ වූ පසු ඔවුන්ට සිංහලයෙකු වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒත් ඒක ඇති කියන්න බැහැ. මොකද තේරීමකුත් තියෙනවා. සුදුසුකමට අමතරව සම්මුඛ පරීක්‍ෂණයක් තියනවා වගෙයි. දෙමළකම තුලින් ඉහලට යනකොට, ඒ තුල ඇති හිස් බව තේරෙන්න ගන්නවා. පසුව සියල්ල එපාවීමක් දක්වා තේරුම් ගැනීම ඉහලට යනවා. මෙහෙම කිව්වා කියලා ඉබේ කිසි දෙයක් වෙන්නෙ නැහැ. ජීවත් වීමට, ඒ කියන්නෙ තමන් ගේ හිතට එන දේ එලෙසම ලබා ගන්න දරණ උත්සාහය සාර්ථක වීම තුලින් ලබන දැනුම තමයි මේ ඉහලට යාමට උදව් වෙන්නෙ. බොහෝ විට එක තැන කැරකෙනවා නම් ඉන් එහාට ගමණක් නැත. අවසාන කාලයේ තාරික අවශ්‍යතා වලට අමතර ව අවතාරික කෝණයෙන් බලන්න උනන් දු වෙනවා .මේක කවුරු හරි, මම හරි කිව්ව පමණින් වෙන්නෙ නැහැ. ඒක තමන් තුලින් එන්නේ තමන් දරණ උත්සාහය අනුවයි. අද බොහෝ උන් මුලාවෙන් තමන් ඉහලට ම ගියා කියලා හිතාගෙන ඉන්නවා. ඒ අය වෙන් කරලා හඳුනාගන්න පුළුවන් බව සිහි කරමි. බොරුවට තැනක් නැත.
සිංහල වීමට වාරය ලැබීම තහවුරු වෙන්නෙ දෙමළකම ඉක්මවා ගියොත් පමණයි. අතරමැද හුරු කිරීමක් වූ පමණින් ඉන් එහාට සිංහල වෙන්නෙ නැහැ. සිංහල කම තුල ජීවත් වෙනකොට යොදන දැනුම දෙමළකම තුලින් යොදන දැනුමට වඩා හාත්පසින් ම වෙනස් වන අතර, ඉතාම තියුණු ලෙස අවතාරික ස්වරූපය මුල් කරගෙන හිතන්න වෙනවා. මේක උඩ යට මාරුවීමක් වගෙයි. බොහෝ විට අග මුල පැටලෙන ආරම් භයක් ලැබෙන්නෙ. සිංහලයන් කියන්නේ දෙවියන් වීමට, ඒ කියන්නේ සියලු රහස් දත් හෙවත් රහත් වූ කඳුබඩයකු වී මනකම, ඒ කියන්නේ සිංහලකම තුලින් ලබන ජීවත්වීමේ හැකියාව ලබා ගන්න වෙනවා. දෙමළකම තුලින් ලැබෙන මනකම ගත්තම එය භෞතික දේවල් වලින් පොහොසත් වීම ලෙස දක්වන්න පුළුවන්. ඇත්තටම පොහොසත් කියන එක "බොහෝ සතු" හෙවත් ජීවත් වීමට අවශ්‍ය කරන බොහෝ දේ සතු කෙනෙක් වීම කියලා ගන්න පුළුවන්. මේ බොහොසත් කියන වචනය ද්‍රවිඩයන් අතින් බෝසත් වෙන්නෙ උන්ට හ කාරය කියන්න බැරිව හැලෙන නිසයි. අද උන් අතරේ බෝසත් චරිත එමටයි. ඒත් යැපෙන්නෙ හිඟමනෙන්. ඒකෙන් කියන්නේ උන් ගේ තියෙන අමනකමයි. කියන එක ලේසි වුනත් සිංහලයකු වෙන්න අවස්ථාව ලබා ගැනීම කියන්නේ ඉතාම අමාරු දෙයක්. අන්තිම ඉලක්කය වෙන්නෙ මේ ලෝකෙ තියෙන හැම දේම දැනගෙන, ඊට අවශ්‍ය සියල්ල කිරීමට දායක වීමේ හැකියාව ලබා ගැනීමයි. ඒකෙ අමාරු කොටස් තියෙන්නෙ ඊළඟ තියෙන තලයේ සිටයි. උපරිම තලයේ සිටින අයට ජීවියකු බිහි කිරීමෙ මෙන් ම රැකගැනීම සඳහා අවශ්‍ය දැනුම තියෙනවා. එතැනට එන එක හිඟන්නන්ට කන්න දීලා ගන්න තියා හිතාගන්නවත් බැරි දෙයක්. අප අතර ඉන්න අමනුෂ්‍ය බහුතරය (අමන සතුන් බහුතරය) හිතා ගෙන ඉන්නෙ ඒක පගාවක් දීලා කරගන්න පුළුවන් කියලයි. ඒක තමයි ඉස්සර වෙලා ම මුහුණ දෙන අභියෝගය. අද ඉන්න අතිබහුතරය ඒකෙනුත් අසමත් වෙලා ඉන්නෙ.
අද ගොඩක් උන් හිතන්නේ උන් සංසාරේ දිගටම එක තැන පල් වෙවී ඉන්නවා කියලයි. ඒක උන්ට පමණක් අදාළ කතාවක්. මිනිසකු වීම පිළිකුල් කරන උන් ඉස්සරහට නොව ආපස්සට යන්නේ. මනුකම අහිමි වුනාම කවදාවත් ඉහලට යන්න බැහැ. එහෙත් අනෙක් අති බහුතරය ගත්තම, අනවරත ප්‍රවාහයක් ලෙස එකෙක් උඩට යන කොට තව එකෙක් පහලින් ඉහලට යාම වෙනවා. එසේ නොවූ විට ඉහල ඉන්න උන් ගේ අඩුවීමක් දකින්න ලැබෙනවා. ඇත්තම කියනවා නම් මේක ලියන වෙලාවෙ, සිංහල කියාගන්න උන් ගොඩක් හිටියත්, සිංහල වෙන්න සුදුසු එකෙක් වත් මම දකින්නෙ නැහැ. ඒක බරපතල ප්‍රශ්ණයක් නිසයි කලයුතු දේ තීරණය කරන්න වෙන්නේ. පවතින රටාව තුල ඇති ප්‍රශ්ණ තමයි මුල් හේතුව වන්නේ. අද ඉන්න හැම එකාම දවස ගත් කරන්නෙ තුන් වේලට මොනවා හරි ජරාවක් ගිලින්නයි. තමන් ගේ ජීවිතය විකුණාගෙනයි මේක කරන්නෙ. කඳුබඩයෙක් වුනාම හිතන්න දකින්න කාලය අවශ්‍යයි. ඒක කන්න ගත කරන කාලය අඩු කිරීමෙන් තමයි ලබාගත්තේ. ඒත් අධික ජනගහණය නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගිහින්. මේ බර අඩු කිරීම තමයි මගේ උත්සාහය. නැවත අනවරත (නොනවතින) ගමන ගැන කිව්වොත්, ඒක ඉතාම සංකීර්ණ එකක්. තියෙන සරල උදාහරණය වන වහළුන් බිහි කරන ඉංග්‍රීසි අධ්‍යාපනය ගත්තම, පළමු පංතියෙන් දෙවන එකටත් දෙවන එකෙන් තුන්වෙනි එකටත් යනාදී ලෙස ඉහලට ගිහින් විභාග වලින් සමත් වෙන උන් ඊටත් ඉහලට යන්නෙ. මෙතන ඉන්නෙ සීමිත ගණනක් නිසා එසේ එක පෙලට ඉහලට යවන්න පුළුවන්. ඒත් ජීව ලෝකය ගත්තම, ඉඩ ලැබෙන ආකාරය අනුව ඉහල තැන් වලටත්, තමන්ට හිමි පහල තැනටත් යනාදී ලෙස දෙපැත්තටම යනවා. ඒ අතින් ගතහොත්, දෙමළකම සංපූර්ණ නොකල එකෙක් අවස්ථාව ලැබුනොත් සිංහලයන් අතර ඉපදෙනවා. ඒ වගේම හින් දු එකෙක් දෙමළුන් වී උපදිනවා. ඉහලට යන්න යන්න ඇති ජීවත් වීමේ වර්ධනය පෙන්වන්න වෙනත් සතුන් පවා කඳුබඩයන් ලෙස උපදිනවා. අද ඉන්න අතිබහුතරය තාවකාළීක ව එසේ උපන් උන්. අධික ගහණයක් තුලින් වෙන ක්‍රියාවළිය හඳුනා ගෙන ඊට හරියන ලෙස අළුත් ජීවන රටාවක් බිහි කිරීම සඳහා මෙලෙස ගහණය වැඩි කරලයි තියෙන්නෙ. ඒ නිසා දෙමළ හෝ සිංහල හෝ වෙනත් ජාතියකට අයත් යයි කිව්ව පමණින් එය එසේ වෙන්නෙ නැහැ.
ඉපදුන පමණින් , නෑ කමින්, හිතවත් කමින්, පෙනුමෙන්, තමන් විසින් කියාගත් පමණින්, නම් වෙනස් කරගත් පමණින්, භාෂාව කතා කල පමණින්, බාහිරව වර්ගීකරණයට ලක් වූ පමණින් කිසිවකු අයත් වර්ගය මනින්න බැහැ. හැම එකාම ජීවත් වෙන රටාව තුලින් පමණයි හොයන්න පුළුවන්. තමන් සතු අවතාරික උරුමය හා දෙමව්පියන් ගෙන් වගේම පෙර උපත් තුලින් තමන් උපයාගත් තාරික උරුමය තමයි තමන් ජීවත් වෙන රටාව තීරණය කරන්නේ. මෙහි මුල් තැන ගන්නේ අවතාරික උරුමයයි. එය නැති කෙනෙකුට දෙමව්පියන් හරහා ලැබෙන වෙන අයගේ උරුමය තමන් ගේ කරගන්න ඉඩක් නැහැ. තමන් ගේ ආරෙන් එන එකෙකුගෙ දරුවකු ලෙස ඉපදුනොත් ඒ පෙර තාරික උරුමය තමන්ට නැවත ලැබෙනවා. මේ ලිපියෙන් දෙමළුන් හඳුනාගත් හැකි තොරතුරු දුන්නේ මතු එය වැදගත් වෙන නිසයි.
දෙමළුන් ගණු දෙණු කරන ප්‍රධාන විදිය තුල කුජකමින් මුල්තැන ගත්තත් බුධකම නැහැ කියලා නැවත මතක් කරමි. ඒ කියන්නේ තාරික උපාංග තුලින් තමයි වෙන්නෙ. සරලව කියනවා නම් ඇඟේ හයියෙන් තමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා තාරික බලයන් තුලින් තම පැවැත්ම තහවුරු කරගන්න වෙනවා. සිංහලයන් හා ගැටීමේදී පොරකෑම දකින්න පුළුවන්. මේක තමයි දෙමළුන් සිංහලයන් ගෙන් වෙන් කරන ප්‍රධාන ගතිය. ඒ වගේම අනෙක් උන් අභිබවා මුල් තැන ගන්න ඕන දෙයක් කරන එකත් ගන්න පුළුවන්. මොවුන්ට කරුණු කාරණා තේරුම් කරලා විසඳුම් දෙන්න බැහැ. මුල් කාලයේ මම සිංහලයන් ඉන්නවා කියල හිතාගෙන බුධකම තුලින් විසඳුම් දෙන්න උත්සාහ කලා. සිංහලයන් නැති තැන ඉන්න අනෙක් උන් වෙනස් කරන්න වෙන්නෙ කුජකම තුලින් නිසා දැන් ඒ මගේ යමින් ඉන්නේ. ඒ තුල ඇඟට වේදනාව දැනෙන දේවල් සිදුවෙන්නෙ. බොහෝ විට මරණය තමයි හිමි වෙන්නේ. බුධකම තුලින් වෙන්නෙ කියන දේ තේරුම් ගෙන වෙනස් වීමයි. එසේ නොවෙන විට බලය යොදා වෙනස් කරන්න වෙනවා. මම දෙමළුන් ගැන කිව්වා ඇති යයි සිතමි. තව බොහො දේ කලයුතු නිසාත්, කාලය සීමිත නිසාත් ලිවීම පමා වෙනවා. ඒ වගේම ඉලක්කයෙන් පිට ගොස් වෙනත් වැදගත් කරුණු ද එකතු කරන්නෙ දන්න අයට (දෙවියන්ට) පමණක් වෙන් කර ගෙන තේරුම් ගැනීමටයි.
No comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.