බොහෝ දෙනා අපේ වඳුරු වර්ගය හැඳින්වීමට මනුසතා, මනුෂ්‍යයා (මිනිසා), man, mann ආදි වචන යෙදුවද, ඊට පාදක වූ මූල ශබ්දය ගැන විපරම් නොකරති. ඇත්තටම මේ නම කෙසේ බිහි වී ද? ඊට කලින්, සතුන්ගෙන් අපව වෙන් කර හඳුනා ගත්තේ කෙසේද? ඒ අතරේ සිංහලයන් මනු දෙවියකු, රජකු, නායකයකු ගැන කතා කරති. ඒ කෙනා නැති ඉතිහාස කතාවක් නැති තරම් ය. එසේ නම් මනු කියන්නේ කවුදැ යි ඊ ළඟට සොයමු.
ඒ ගැන දින දෙක තුනක කැඩුමකින් පසු ලියමි. අද, මම "සිංහලයන්ගේ ආවේණික ගතිගුණ" ලිපියට තවත් විස්තර එකතු කලෙමි. මා කරන්නේ කාටවත් ආශ්වාදය දීමට උත්සාහ කිරීමක් නොව, මා දත් සිංහලයන් ගැන තොරතුරු හැකි පමණින් මුදා හැරීමයි. එය තමන්ගෙ විකෘර්ති වූ අතීතය නිවැරදිව දැකීමට යොදා ගෙන, අනාගතය දෙස බලනු ඇතැයි සිතමි.
කලින් ලිපියේ කී හිරු හින්දූන්ගෙ වහරින් "බ්‍රහ්ම" වී ඇත. හ කාරය කියන ආකාරය අනුව, එම වචනයේ උපත හ කාරය වර නැගීමට උත්සාහ කල අවදිය බව පෙනේ. භාෂාව යනු මනු සතාට බලෙන් දුන් හැකියාවකි. විවිධ ජාතීන් ගේ භාෂා හසුරුවන හැකියාවන් අගනා ජීවමය දත්ත සපයනවා. විවිධ භාෂා හසුරුවන ආකාරය හැදෑරූ විට, මිනිසාගේ පැවැත්මේ බෙදීම් සනිටුහන් කරන බව දත හැක. ඉංග්‍රීසීන් ජාතියක් වූයේ අ කාරය කියවීමට උත්සාහ කරන යුගයේ බව a කියන ආකාරය පවසයි.
අගෙයි මේ ලිපි පෙළම..
ReplyDeleteඔබ ගැන සතුටුයි සහෝදරයා....!
Deleteනලීන්, කැලුම්,
Deleteඅගය දැනීමට ඔබ දෙදෙනාට උරුම වූ විශේෂ හැකියාවෙන් අනෙක් අයටද මග පෙන්වන්න. මේවා මිනිසකු ලෙස ඉපදී මිනිසකු ලෙස ජීවත් වීමට ගමන් කල යුතු හොඳම මග සොයා ගිය උත්සාහයක ප්‍රථිඵල තමයි.