Thursday, 31 January 2013

මහ සම්මත මනු, මත්ස්‍ය මනු කියන්නේ කවුද?

බොහෝ දෙනා අපේ වඳුරු වර්ගය හැඳින්වීමට මනුසතා, මනුෂ්‍යයා (මිනිසා), man, mann ආදි වචන යෙදුවද, ඊට පාදක වූ මූල ශබ්දය ගැන විපරම් නොකරති. ඇත්තටම මේ නම කෙසේ බිහි වී ද? ඊට කලින්, සතුන්ගෙන් අපව වෙන් කර හඳුනා ගත්තේ කෙසේද? ඒ අතරේ සිංහලයන් මනු දෙවියකු, රජකු, නායකයකු ගැන කතා කරති. ඒ කෙනා නැති ඉතිහාස කතාවක් නැති තරම් ය. එසේ නම් මනු කියන්නේ කවුදැ යි ඊ ළඟට සොයමු.

ඒ ගැන දින දෙක තුනක කැඩුමකින් පසු ලියමි. අද, මම "සිංහලයන්ගේ ආවේණික ගතිගුණ" ලිපියට තවත් විස්තර එකතු කලෙමි. මා කරන්නේ කාටවත් ආශ්වාදය දීමට උත්සාහ කිරීමක් නොව, මා දත් සිංහලයන් ගැන තොරතුරු හැකි පමණින් මුදා හැරීමයි. එය තමන්ගෙ විකෘර්ති වූ අතීතය නිවැරදිව දැකීමට යොදා ගෙන, අනාගතය දෙස බලනු ඇතැයි සිතමි.

කලින් ලිපියේ කී හිරු හින්දූන්ගෙ වහරින් "බ්‍රහ්ම" වී ඇත. හ කාරය කියන ආකාරය අනුව, එම වචනයේ උපත හ කාරය වර නැගීමට උත්සාහ කල අවදිය බව පෙනේ. භාෂාව යනු මනු සතාට බලෙන් දුන් හැකියාවකි. විවිධ ජාතීන් ගේ භාෂා හසුරුවන හැකියාවන් අගනා ජීවමය දත්ත සපයනවා. විවිධ භාෂා හසුරුවන ආකාරය හැදෑරූ විට, මිනිසාගේ පැවැත්මේ බෙදීම් සනිටුහන් කරන බව දත හැක. ඉංග්‍රීසීන් ජාතියක් වූයේ අ කාරය කියවීමට උත්සාහ කරන යුගයේ බව a කියන ආකාරය පවසයි.

Monday, 28 January 2013

සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු.

අද සිංහල කතා කරන සමාජය තුල බහුතරය යයි කියන බෞද්ධයන් ඉන්දියාවේ සිටි බුද්ධ කෙනෙකු ගැන අනේක වාරයක් කියනු ඇසුව ද, හිරු දෙවියන් ගැන කියනු නොඇසෙන තරම් ය. හිරු යයි කියන්නේ සූර්යයාට යයි කියන කතාව නම් දස දෙසින් ඇසේ. එහෙත් මම කියන්නේ හිරු නමැති ආදි සිංහලයන් කී සූර්යයාට සම කල කෙනෙකු හෙවත් දෙවියකු ගැනයි. කෙසේ වෙතත් හිරුට වන්දනාමාන කරන අය විවිධ ජන කොටස් අතර සිටින බව දනිමු.

හිරු දෙවියන් සිංහල ජාතිය බිහිකල බවත්, දැනුම හිරු දෙවියන්ගේ බවත් බොහෝ අතීතයේ සිට පැවතුන බවට තොරතුරු අදත් ඇත. මම කලින් සඳහන් කල, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) නමැති පොතේ, හිරු ගැන ද ඉතාමත් වැදගත් තොරතුරු දක්වා ඇත්තේ, ලියන්නා කිසිදු දැනුමකින් තොරව ලියූ නිසා බව පෙනේ. හිරු ගැන මතකය, හිරුගේ ලක්ෂණ ආරූඪ කර තැනූ නොයෙකුත් පසුකාලීන නාමධාරීන් නිසා ගිලිහී ගිය බවක් පෙනේ. අද මිනිසුන් කියන්නේ, තමන්ගේ දේ අතහැර අනුන්ගේ දේ බදාගෙන, එය තමන්ගේ යයි කීමට කරුණු මවන, නන්නත්තාරයේ යන සත්ව විශේෂයක් නිසා, වාචික තොරතුරු හීන වුවද, ඉතිරි වී ඇති සූර්ය වන්දනාවේ නටබුන් ගත් කල, සූර්යයා වැඳීම නොකල මිනිස් සමාජයක් නොතිබූ තරම්ය. එසේ නොතිබුනා නම් ඒ සිංහල සමාජය තුල පමණි. එනයින් ඔවුන් හිරු යයි හැඳින්නුවේ සූර්යයා නොව පුද්ගලයකු බව තහවුරු වේ. හිරු යන වචනය හා බැඳි හූරා, හේ, ඔහේ, ඔහු වැනි වචන මේ බව තහවුරු කරන්නේ, එවැනි වචන බිහිවීමේ රටාවක් සිංහල සමාජය තුල පවතින නිසාය.

හිරු යනු පියා ලෙසත් සඳු යනු මව ලෙසත් ගෙන ඇති ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ, ඉහත කී හිරු ගේ නම ඇතත්, අනෙක් අතට සඳු යයි කතක් සිටිය බවකුදු සඳහන් නොවේ. කුජ, බුධ, ගුරු වැනි නම් මිනිස් සමාජය නිරූපනය කිරීමට අණුකූලව පුද්ගලයන් හිටියත්, සඳු නියෝජනය කරන විශේෂ නාමධාරියක නැති බව පසක් වේ. ගැහැණු පිරිමි භේදයකින් තොරව මේ ආරූඪ නාම නියෝජනය වීම නිසා, ගැහැණුන් සඳු පමණක් නියෝජනය නොකරන බව ප්‍රත්‍යයක්ෂ වේ. දෙමව්පියන් දරුඵල ගැන්වීම තුලින් ගැහැණු හා පිරිමි දරුවන් සියල්ලන්ම බිහිවීම නිසා, ගැහැණු පිරිමි වෙනස දැඩි ශාරීරික වෙනසකට වඩා අවතාරය (සිත ඇතුළත් කොටස) මත රැඳෙන බව කිව හැක. තාරයේ (ශරීරයේ) හා අවතාරයේ වෙනස් කම් ජීවිතය බිහි කිරීමටත් පැවැත්ම රැකීමටත් ඇති අවශ්‍යතාවය සපුරාලීමට ගැහැණු හා පිරිමින් බිහි කරවන බව පෙන්විය හැක. ගැහැණු හා පිරිමින් පෙන්වන අසමාන හා පරස්පර හැසිරීම් මිනිස් වර්ගයාගෙ යහපතට දරණ වගකීමේ ඉමහත් බව කියා පානවා. එය දරුවාගේ පැවැත්මට කෙතරම් වැදගත් දැයි කියනවා නම්, ජීවත්වීමේ වරම දෙවරක් දෙන විදියක් යයි කිව හැක.

ගැහැණු හා පිරිමින් නියෝජනය කරන වගකීම් ගැන කීමට අවස්ථාව මෙය නොවූවද, හිරු හා සඳු (පියා සහ මව) යනු ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමේ ඒකීය නිරූපණයන් නිසා සුවිශේෂ කොටසක් බවත්, මේ දෙදෙනාම ජීවය නියෝජනය කරන නිසා, හිරුගේ ගතිගුණ බෙදාගෙන නියෝජනය කරනවා යයි කීම ස්වභාවයට ගැලපේ යයි සිතමු. දරුවන් වැඩීමේදී තනි තනිව හෝ එකතු වී රැකීම දෙදෙනා වෙන් කල නොහැකි බැඳීම් ඇත්තන් සේ පෙන්විය හැක. එසේ නම් හිරු දෙවියන් දෙමව්පියන් නියෝජනය කරනවා යයි කිව හැක.

හිරු දෙවියන් ගැන කතා නොකල ද, සිංහලයන්ට ලොව ළඟින්ම සිටින්නේ දෙමව්පියන් බව නොරහසකි.
අපේ දෙමව්පියන් ළඟ සුවිශේෂත්වයක් අපි දකිමු. ඒ සුවිශේෂත්වය අපේ දෙමව්පියන් ළඟ පමණක් නොව සියලු ජීවීන්ගේම දෙමව්පියන් පෙන්වන බව, ස්වාභාවික දත්ත මනාව පැහැදිලි කරනවා. වෙනසකට තියෙන්නෙ, ජීව පරාසය තුල පහලම ද නැත්නම් උපරිමයෙ ද නැත්නම් අතරමැද ද කියනක එකයි. (මෙහිදී අතරමැද යනු මැද යන අරුතම නොදේ). සිංහල දෙමව්පියන් කොතරම් මෙම හැසිරීම් රටාවට නතුද කියනවා නම්, තමන් කරන දේ ගැනවත් අවබෝධයකින් තොර බව කිව යුතුයි.

ඇත්තටම මේ හැසිරීම කාගෙ වුවමනාවට වෙන දෙයක්ද? හොඳට බැලූ විට, මේවා දෙමව්පියන් ඉබේ වඩාගත් දෑ නොවන බව සහතිකය. මම දෙමව්පියන් ගැන කිව්වේ ඔවුන් දෙන්නා අපට ළඟින්ම ඇති හිරුගේ ප්‍රබලම අවතාර දෙක නියෝජනය කරන බව කීමටයි. මෙතන දී, හිරුට අවතාර දහයක් ඇති බව කියන්නෙ කිව යුතුම නිසයි. බාහිර තොරතුරු ගොඩක් ලොව ඉදිරියේ තියෙන්නෙ මනුගේ සමයේ නිසා, ඒ අවතාර දහය මනුගෙ ලෙස කියවෙනවා. මනුට අමතරව තව මත්ස්‍ය මනු කියල කෙනෙක් සතුවත් අවතාර දහයක් ඇති බව කියවෙන කතා තවමත් තියෙනවා. බොහෝ දැනුම මනුගේ කාලයේ ලැබීම නිසා ඒවා අහපු අය මනු තුලින් අතීතයට ගිය බව පෙනෙනවා.

මම කලින් අප සතු අවතාරය ගැන කිව්වා. එසේම හැම ජීවයක්ම පෙන්වන එකට බැඳුනු ඒකීය ආරම්භය ඇති බිහිවීම අපට වෙනස්කල නොහැකි ස්වාභාවික ඇත්තක්. ඒ නිසා අපේ අවතාර හැදූ හිරු කෙනෙකුයි, මෑතකදී කියපු මනුයි දෙදෙනකු විය නොහැක. එසේ අඩු තරමින් දෙදෙනෙක් සිටී නම්, මුල් දෙක නියෝජනය කරන පැවැත්මක් තිබිය යුතුය. එක යනු තෝරාගැනීමට වෙන අවස්ථාවක් නැත්තකි. දෙකක් ඇති විට එක වරක් දෙකෙන්ද තව දෙවරක් දෙක වෙන වෙනමද ගෙන බිහිවිය යුතුය. මෙය සහතික කරන කිසිදු ස්වාභාවික ජීවයක් නැති නිසා, විවිධ නම් වලින් කීවද ඒ එක් අයකු බව පිළිගැනීමට සිදු වේ. එසේ නම් හිරු යනු ඒකීය ස්වරූපයක් ඇත්තෙකි.

මම හිරුට අවතාර දහයක් ඇතැයි කීවෙමි. ඉන් එක අවතාරයක් වන මත්ස්‍ය අවතාරය හෙවත් ජීවය බිහිකිරීමේ හැකියාව තවෙකකුට නොලැබෙන දෙයක් බව කිසිදු ජීවියකුට වෙනස් ආකාරයක ජීවියකු බිහි කිරීමට නොහැකි බව පෙන්වයි. අනෙක් අවතාර නවය සැබැවින්ම අපට උරුම වූ ගතිගුණ පිළිබිඹු කරන  අපේ අවතාරයට බෙදී ආ කොටස් නියෝජනය කරනවා. අපට ඇත්තේ එක අවතාරයක් බව ස්වාභාවික දත්ත තහවුරු කරයි. එසේ නම් නවයකින් එකක් හදන විට, හදන්න ගත් ප්‍රමාණය අනුව, වැඩියෙන් ගත් අවතාරයට අනුව අපේ අවතාරයේ ලක්ෂණ පිළිබිඹු කරනවා. හිරු හා සඳු අවතාර වලින් දෙමව්පිය ගති ලැබෙනවා වගේම බුධ අවතාරයෙන් දැනුම ද, ගුරු අවතාරයෙන් හැකියාවන් ද, කුජගෙන් යුධකාමී බව ද, සිකුරුගෙන් මනමාලකම ද, යනාදී පුද්ගල ලක්ෂණ නිරූපනය වෙනවා යයි සරලව කියමි. ඇත්ත මීට වඩා ඉතා සංකීර්ණ බව ස්වාභාවික හැසිරීම හැදෑරූ විට පෙනේ.

අද්භූත මානසික තත්වයක් ඇතිවීම වැලැක්වීමටත්, සැබෑ ලොව සමඟ බැඳීමටත් මා අවතාරය යනු කුමක්දැයි නැවත කිවයුතු වෙනවා. මිනිසුන්ගේ දරු උපතේ දී, දෙමව්පියන් ගත හැදීමට දායක වුවත්, හිත නොහදන බව තෙවැන්නා වන දරුවා හැම අතින් ම පෙන්වනවා. එසේම හිත යනු සංකීර්ණ, එමෙන්ම නිශ්චිත අංඟ ඇති ජීවි කොටසක් ලෙස ස්වාභාවික දත්ත හෙළි කරනවා. එම නිසා අප දන්නා සරල ස්වාභාවික ක්‍රියා වලින් එවැන්නක් වත්, එවැනිම සංකීර්ණ හා නිශ්චිත පැවතුමක් ඇති ගත වත් නොසෑදෙන බව ස්වාභවය පෙන්වනවා. මේ අනුව තෙවන පාර්ශවයක් ඇති බව පෙන්වනවා. එම තෙවන පාර්ශවය හිරු ලෙස මා හැඳින්වූවේ සිංහලයන් ද එම මගම ගොස් ඒකම කියපු නිසයි.

එසේ නම් ජීවය බිහි කිරීමට මුල් වූ හිරු, අපේ දෙමව්පියන් නියෝජනය කරනවා යයි කීම නිවැරදිය. හිරු දෙවියන් ගැන අමතක කල ද, අප දෙමව්පියන්ට දක්වන ගරු සරු ව්‍යංඟයෙන් හිරුට දක්වන ගරු සරු කිරීමක් නොවේ ද?  අනෙක් අතට අප හිරුගේ බිහි කිරීම් නොවේ ද? හිරු හා අප අතර නිරන්තර සබඳකමක් තිබේද? සැබැවින්ම එවැනි දෙදිසාවට යන හුවමාරුවන විදියක් ඇතැත් ඒ ගැන කතාකිරීමට සුදුසු තත්වයක් නැත. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගෙන, උපමා අණුසාරයෙන් කී විට, කනාට කිරේ පාට කී විට එය කුමක්දැයි සිදු වූ අකරතැබ්බය නැවත වනු ඇත. දැනටම එවැනි ප්‍රථිඵල හිරු හා බැඳී ඇත. හිරු හා සූර්යයා උපමාවකින් සම කිරීමට පොදු විශේෂ ගතියක් තිබුන ද, අන්තිමට කෙළවර වූයේ හිරු යනු සූර්යයා යයි කියමින් සූර්යයාට වැඳීමය. හිරු හා අප අතර ඇති සබඳතාවය සූර්යයාගෙ රැස් වලට උපමා කල විට, අන්ධ උන් රාවණ හෙවත් සූර්යයාගෙන් පැවතෙන බහුභූත කතාවක් ගොතා ඇත. අප සූර්යයාගෙන් පැවතේ නම්, අපට කිව යුතු වන්නේ මිනිසුන් නොව ආලෝක ධාරා යයි කියා නොවේ ද?


හිරු ගැන මා කී කරුණු මත ආදි සිංහලයන් හිරුට ගරු සරු කලේ අන්ධ විශ්වාසයකින් නොව ඇත්ත දැන ය. එය අද ද දෙමව්පියන්ට දක්වන ගරු සරු වලින් පිළිබිඹු වේ.

හිරු ගැන කතා කරේ හිරු කෙසේ අපේ පැවැත්ම හා බැඳේ ද කීමටයි. එය නිරන්තර බැඳීමක් යයි ද, ඉතාමත් කාර්යක්ෂම විදියක් බව ද ස්වාභාවික දත්ත තහවුරු කරයි. අති විශේෂ කාර්යයක් වන්නේ පැවැත්මේ සන්ධිස්තාන වල දී, ගතකින් බිහි වී මග පෙන්වීමයි. මෙය සිදුවීම වර්ෂ තිස් දහසකට පමණ වරක් සිදු වූ බවත්, ඒ හැම විටම යන දිසාව ජීවත්වීම හා පැවැත්ම රැකීම සඳහා මුල පිරීමක් ද වූ බව පෙනේ. උදාහරණ ලෙස, මීට වර්ෂ තිස් දහසකට පමණ පෙර මනු ලෙස ඉපි ද අළුත්ම ජීවන රටාවක් දුන් බව ද, වසර හැට දාහකට පමණ පෙර වඳවීමට ගිය විට බේරා ගත් බව ද පෙනේ. මීට චක්‍ර හතරකට පෙර, එනම් වසර 120,000කට පෙර අද දක්වා දිවෙන ගුරුකම් (තොවිල් පවිල්) වලට මුල පුරා අතිවිශේෂ වෙනසක් කල බව මම දැනගත්තේ අපූරු විදියකට ය. කෙසේ වෙතත් වෙන කෙනෙක් ඒ සඳහා යොදා ගත් සිංහල බෙරය මීට වසර 120,000කට පෙරද ගැසූ බව යූ ටියුබේ කියා තිබින. අද සමහර බෞද්ධයන්මෙම සිරිත් විරිත් සිංහලයන්ට අහිමි කරලීමට කොතරම් වෙර දරනවා ද? ඒ සිරිත් විරිත් සිංහලයන්ගෙ යහපතට කොතරම් හේතු වී දැයි වෙන ලිපියකින් දක්වමි. ඒවා නොවන්නට, අදත් අප අංඟෝපාංඟ සෙලවිය නොහැකි තිරිසනුන් වනු ඇත.

දැනට ලියූ ටික ඇති යයි සිතුන ද, හිරු ගැන සිංහලයන් සතු දැනුම පැහැරගත් උන්, වෙන නාම වලින් හෝ වැරදි උච්චාරණයෙන් හෝ අවැඩට යෙදීමෙන් විනාශ කර ඇති බව කිව යුතුය. තුන්ලොවට අධිපති, එහෙත් මිනිස්බව නසන බුදුන් කෙනෙකුටද මේ ගති විකෘර්ති කර ආරෝපනය කර ඇත. තවත් අය මිනිසුන් වෙනුවෙන් සියලු දේ මැව් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, තිරිසනුන් වත් නොකරන අපරාධ සියලු සතුන්ට කිරීමට පිටුවහලක් කරගෙන ඇත. තවත් කොටසක් තවත් සර්වබලධාරි දෙවියකු ගොඩ නඟා, අනුන්ගෙ දේවල් පැහැර ගැනීමට, මිනිසුන් මරා ගැහැණුන් උදුරා ගැනීමට පිටුවහලක් කරගෙන ඇත.  එහෙත් මධ්‍යස්ථව බැලූ විට, හිරු තමන්ගෙ හැකියාවන් උන්ට පෙන්වා දිය යුතු දඬුවම් ද දී ඇත. එහි නිමාවක් ද නැත. තවත් කොටසක් නා නා ප්‍රකාර නම් දාගෙන මුදල් උපයාගන්න යාග හෝම වලට බැඳ විකුණාගෙන කති. උදා: නාථ (නායක). අනෙක් නම් මනු ඈඳා ගෙන ගොතා ඇත. හිරුගේ නැවත ආරම්භයක් දීම ගැන මායා වරුන්ද කියා ඇත. සිංහලයන් ඊටත් වඩා තියුණු ලෙස පැමිණීම ගැන කියා ඇත. මේවා ගැන පසුවට විචාරය කරමු. මනුෂ්‍යයකු ලෙස ජීවිත් වී පැවැත්ම රැකීමට, නොඑසේනම් දරුවන් රැක බලාගැනීමට කැප වීම, හිරු හා සම්බන්ධ වීම ලෙස දකිමි.

දෙවියකු ගැන නොකීවේ පසුව කියන නිසාය.

සිංහලයන්ගේ ආවේණික ගතිගුණ

සිංහලයන්ටම ආවේනික වූද වෙනත් ජන කොටස් වල නොසැලකිය හැකි තරම් වූද ගතිගුණ වලින් කිහිපයක් ගැන මෙම ලිපියෙන් කියමි. බාහිර බලවේගවලට නතු නොවූ අය අතර අදත් මේ ගතිගුණ දැකිය හැකිවීම ඒවා කොතරම් සිංහලයන් තුල මුල් බැස ඇත්දැයි සිතේ. කලින් කී නාග, වඳුරු, සිංහ හා අලින්ට උරුම ගති වලට අමතරව ඇති, වෙනත් කිසිදු සත්වයකු නොපෙන්වන ගති ගුණ කිහිපයක් ගැන සිත යොමු කරමු.

සිංහලයන් අවට පරිසරය ගැන මධ්‍යස්ථව සිතන අතර, තමන්ට රිසි පරිදි කෘතීම පරිසර මැවීමට උත්සුක නොවීම  කරන කියන දෑ වලින් පිළිබිඹු වේ. ගොවිතැන් කිරීමට හැර නිකරුනේ කැළෑ එළිපෙහෙළි කිරීම නොකරති. වෙනස් කම් කලවිටද එය ස්ථීර වෙනසක් නොව, පැවතුන පරිසරය රැකෙන ලෙස කලින් කල කරන දෙයක් ලෙස හෝ එවැනිම දීර්ඝකාලීන පරිසරයක් ලෙස බිහිකරලීම එහි ඇති සුවිශේෂි අංගයයි. ඉංග්‍රීසීන් මීට සපුරා වෙනස් ය. පරිසරය නැවත මුල් තත්වයට කිසිදා ගෙන ඒමට නොහැකිවන තරමට හානි කරති. සිංහලයන්ගෙ ඉතා වැදගත් අංඟයක් වන කුඹුරු ගොවිතැන නොකඩවා කරන දෙයකි. එහි දී ස්වාභාවික පරිසරය වෙනුවට හැදෙන නව පරිසරය ඉතාමත් දියුණු සිතකින් බිහි ව ඇති බව පෙනේ. කැළෑ පරිසරයේ දිය සීරාව අධිකය. එය පැවැත්මට අත්‍යාවශ්‍යය. කුඹුරු ගොවිතැන ද ජලය බහුලව භාවිත කර, පරිසරයට කල හානිය අවම කර ඇත. හේන් ගොවිතැනේදී, කලින් කල වල් බිහිවීමට ඉඩ හැර, කාන්තර බවට පත්වීම වලකා ඇත. අද ඉංග්‍රීසි ආණ්ඩුව තුලින් ගොඩ නගන, තාක්ෂණය අතින් එකතැන පල් වන ගමනාගමන පද්ධති රටට ඔරොත්තු නොදෙන තරම් පරිසරය නසන බව කිව යුතු දෙයක් නොවන තරමට අපි සියල්ලම දනිමු. එහෙත්, සිංහලයන් අහසින් හා උමග තුලින් ගොඩ නැඟූ ගමනාගමන පද්ධතියක් තිබුනු බව අද ද වහරේ පවතී.

බොහෝ කලකට පෙර, ඒකාකාරි බවෙන් හෙම්බත් වීම නිසා දෝ, සිංහලයන් සූර්යයාගේ ගමන මත ගොඩ නැඟූ, එක්තරා විදියක නව වාර්ෂික පටන්ගැන්මක් බිහි කර ඇත. ඒ සිංහල නව වසර උදාවීම හා ඒ මත ගොඩ නැඟුනු සිරිත් විරිත් දම ය. මා දම යයි කීවේ එකට බැඳි දම්වැල වැනි ක්‍රියා ගොනුවක් ඇති හෙයිනි. අද පවතින සුවිශේෂ නව වසර උදාවීම, මීට වසර තිස් දහසකට පමණ පෙර සිටි මහ සම්මත මනු නායකයන් ඇරඹූ බවට සාක්ෂි ඇත. එය ඇරඹුන දින සිට අද දක්වා ගැණෙන මනු වසර, සිංහලයන්ගේ අනන්‍ය දින වකවානු සොයන විදියේ කොටසකි. නව වසර උදාවීම මනුගේ මාළිඟයට සූර්යයා මුදුන් වූ මොහොත ලෙස ගැණින. මෙතැන මන්නාරමේ පරපාකන්ද බව විවිධ දත්ත තහවුරු කරයි. පරපාකන්ද යන නම ද වැදගත් වන්නේ, මනු ද උපන්නේ මාතර එම නම හා බැඳි ගමක බව කියන නිසයි. එකල සිංහලයන් වචන තුලින් වැදගත් තොරුතුරු දුන් බව පැහැදිළිය. අද රෑ දවල් නොතකා නව වසර උදාවෙන වේලාව වෙනස් වෙන්නේ, ස්වාභාවයට වඩා ගණිතයට මුල් තැන දුන් නිසාය. පසුව විවිධ ජාතීන් මෙලෙස වාර්ෂික සැමරුම් පටන් ගත් බව ඉතිහාස පාඩමේදී අසමු. අද පවතින සම්මත නව වසර උදාවීමටද පෙර, ධාන්‍ය රැස්කර ගෙන මෙවැනි උළෙලක් සිංහලයන් පැවැත් වූ බවත්, විවිධ ජන කොටස් තම සිරිත් විරිත් වලින් පෙන්වති. ඒ සිරිත් සිංහලයන්ගෙන් ගිලිහුන ද, අනෙක් ජන කොටස් තම සිරිත් පුරුදු ලෙස අද දක්වා රැගෙන ආ බව පෙනේ.

තමන්ගෙ දරුවන් රැකීමට දිවි පරදුවට තබා උත්සාහ කිරීමත්, අනුන්ගේ දරුවන් ගොදුරු කිරීමත් සාමාන්‍ය දෙයක් වන ජීව ලෝකය තුල, අනතුරට ලක්වන මොහොතක, දරුවා තමන්ගේද, මිනිස් ද, තිරිසන් ද කියා නොබලා, රැකීමට, පිහිටවීමට සිංහලයන් සහජයෙන් පෙළඹෙන්නේ තමන් ගැනද නොසිතාය. සැබැවින් ම එවැනි විට හැසිරීම, තමන්ගෙ දරුවකු රැකීමට ඉදිරිපත්වීමට සම ය. තම රැහේ පැටවුන්ට සීමා වූ මෙවැනි ගතියක් අලින් සතුව ඇති බව කියමි. එය පැටවුන්ගේ ප්‍රමාණය නිසා ඇති වූ සහජ අවශ්‍යාතාවයක් මිස සිතාමතා කරන දෙයක් නොවන බව අලින්ගේ හැසිරීම පෙන්වයි. මෙහිදී, මෑතක සිදු වූ දෙයක් වන, තමන් විසින් කපා කොටා මියැදෙන සිංහල ගැබිනි කතුන්ගේ බඩ පලා දරු ගැබ ඇද පොළවේ ගසා නැසීමට තරම් කුරිරු වූ දෙමළුන්ද සිටින බව මතක් කල යුතුය. උන් සිංහලයන්ගේ තවත් ආවේණික ගතියක් නිසා සමූළඝාතනය වූ බවද කියමි.

සිංහලයන් තමන් පිළිගත් සම්මතයන් කඩන අය කවුරුන් ද නොබලා විරෝධය දක්වන කොටසකි. මෙහිදි ප්‍රතික්‍රියාව නොසතුට පෙන්වීමෙන් පටන් ගෙන, යන විදිය අනුව දැඩි අන්තයකට යන හැසිරීමකි. තම ළඟ ඥාතීන් හා ගැටීමේදී හෝ තමන්ට වඩා ප්‍රබලයකු හා ගැටෙන විට, සියලු සබඳතා බිඳ හෙලා, මඟුළකට මරණයකට හෝ නොයන තත්වයකින් කෙළවර වේ. එසේ නොවේ නම් යුද්ධයකින් කෙළවර වෙන මරු දකින දෙයක් දක්වා වර්ධනය වේ. අන්තයට ළඟා වූ විට ආපසු යෑමක් ද නැත. මෙතෙක් වූ දෑ බැලූ විට, සතුරා නැසීමෙන් එවැනි අර්බුද කෙළවර වූයේ, මොනයම් බලපෑම් නිසා දැයි සිතීම වටී.

කෑම, බීම, සංග්‍රහ කිරීම ගත් විට යමෙකු පිනවීමට සිංහලයන් තරම් පෙරට එන ජාතියක් නැත. මෙසේ පිනවීමේදී නැවත ලැබීමක් වෙන යම් යටි අදහසකින් නොකෙරේ. මෙම ගතිය නොවන්නට බොහෝ හිඟනුන් හා දුබලුන් නැසීම අනිවාර්ය දෙයකි. මෙම ගතිය තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමේදී අන්තයටම යයි. නොකරන දෙයක් නැත. මේ හැසිරීම තම දරුවන් රැකීමට ඇති දැඩි කැපවීම පෙන්වයි. එසේම, හොඳක් වේ යයි සිතන වි,ට ඒ ගැන නොසිතාම දීමට යත්න දරති. මේ ගතිය නොවන්නට සිංහලයන් ගේ රටට හිඟමනේ ආ මලයාලී අනාථයන් සම්පත් සියල්ලම පැහැරගෙන රජසැප විඳින අද ලෝකය සිහිනයක් මය. පිනවීමට ඇති කැමැත්ත, පින් ගැනීමට කරන පැරදෙන ව්‍යාපාරයක් වූයේද බාහිරයන්ගේ බලපෑමෙනි. මෙසේ පිනවීමට කොතරම් ලැදි වුව සැබෑ සිංහලයන් අනුන්ගෙන් පිනවා ගැනීමට ඉතාමත් අකමැති ජන කොටසකි. කන්නේ බොන්නේ තමන්ගේ දැඩි විශ්වාසය දිනුවන්ගෙන් පමණි. දරුවෙකුට අම්මා දෙන දේ මසුරන් වැනිය. පිට කෙනෙකු දෙන දේ ගැනීමට කොතරම් අදිමදි කරනවාද?

මොන දේ කීවත්, කරත්, සිංහලයන් තම උරුම දේවල් අත නොහැර ඉදිරියට ගෙන යන බව පෙනේ. එසේ නොවී නම්, අද මට ද සිංහලෙන් ලිවීමට වන්නේ වෙන ජාතිකයන්ගේ දේවල් ය. අවුරුදු 2500ක් පුරා සිංහලයන්ගේ උරුමය අතහැර, දෙමළුන් ගෙනා හින්දු උරුමයක් වැළඳවීමට දෙමළුන් නොකල වංචාවක්, රැවටීමක්, බොරුවක්, ගෙතුමක්, අපරාධයක් නැති තරම් ය. එහෙත් ඒ සියලු දෙයින් අඩපන වූවන් ද, තම උරුමය යම් තරමින් හෝ රකිති. උදාහරණ ලෙස ගුරුකම් හා ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) නමින් සඳහන් කරමි. එසේම ගෙනා උන්ටද තම මතය උඩුයටිකුරු කිරීමට සිදුවීමද සිංහලයන්ගෙ ගතිවලට නතු වීමක් යයි කියමි. මිනිස්කම නැසීම තම එකම පරමාර්ථය කරගත් ආගමිකයන් ද, දැන හෝ නොදැන මිනිස්කම රැකීමට ආවඩති. නැසීම පිටු දකින්න යයි කියන උන් නැසුමට යන උන්ට සෙත් පතති. තමන්ගේ අභිමතය කොතරම් සඟවා ඇති දැයි කියනවා නම්, එය එය දෙකකුල් අතර සඟවා ගත් වල්ගය වැනිය. දිනක ඇත්ත හෙළි වූ විට ඉහත කී එක් සුවිශේෂ ගතිගුණයක් නිසා, ලැබෙන කෑම උන්ට දිරවීමටද බැරි යයි සිතේ.

ඉතාමත් ම වැදගත් ආවේණික ගති ගුණයක් ගැන දැන් කියමි. ඒ තමන්ගෙ කැමැත්තට ඉඩ දීමයි. මහ සම්මත ක්‍රමය තුල ද, කාගෙත් කැමැත්තෙන් නායකයකු තෝරා ගැනීම තුලින් මෙය මනාව පිළිබිඹු වේ. තිරිසන් ලොවේ, ඝාතනය, ශක්තිය මත නායකයකු බිහිවීම ස්වාභාවික ය. එහෙත් කැමැත්ත මත කරන කියන හැම දේම රඳා පැවතීම අරුමයකි. මෙය කොතරම් බලපෑම් කරනවා දැයි කියනවා නම්, සිංහල ජීවයේ මුලටම ගොස් ඇතැයි කියමි. කැමැත්තෙන් වූ දෑ සිය දහසකට වඩා අකමැත්තෙන් වූ එක දෙයක් කොතරම් ප්‍රබල දැයි කියනවා නම් තීරණ ගැනීමේදී, එය අර සිය දහසට වඩා මුල් වේ. ජීවත්වීමේ හැම අදියරයකම, හැම ක්‍රියාවකම මෙය ප්‍රබල බලපෑමක් කරනවා.

මම වැදගත් ආවේණික ගතිගුණ කිහිපයක් ලීවේ, තව බොහෝ ඇති බව දැන දැන ය. මගේ උත්සාහය යම් ආකාරයක ආරම්භයක් දීමය. මෙම ලක්ෂණ වලට මුල් වූ පසුබිම ද, ඒවායේ සදාකාලික බව ද දත්තේ වුව, මෙතන ලිවීම අනවශ්‍ය යයි සිතමි. මේවා ඇති නැති කිරීමද, වැඩි දියුණු කිරීමද ගැන දැනීම වැදගත් වේ. පණ නැසීම (පර පණ නැසීම විතරක් නොවේ), සොරකම් කිරීම, පරස්ත්‍රී හා පරපුරුෂ සේවනය, බොරු කීම, කරදර හිරිහැර කිරීම, කාලය නාස්ති කිරීම, නිකම් හිඳ කෑම, හිඟාකෑම, සුරාපානය, දුම් බීම, අධික නින්ද වැනි ක්‍රියාවන් කෙරෙහි ඇති ආවේණික ගතිගුණ කෙතරම් ප්‍රබල දැයි කියනවා නම්, ආකම් වල ඇති තේරුමක් නැති වචන ගිරවුන් සේ කීම හින්දූන්ට මිස සිංහලයන්ට අනවශ්‍ය දෙයකි.

සියලු ආවේණික ගතිගුණ සලකා බැලූ විට, ඒ සියල්ලම එකම දිසාවකට යෑමේ දැඩි උත්සාහයක ප්‍රථිඵල බව පෙනේ. එනම්, මිනිසුන් ලෙස ජීවත් වීමටත්, මිනිසුන් ලෙස පැවැත්ම රැකගැනීමටත්, සහජයෙන් උරුම වූ කැපවීම ය. කා විසින් මේ ඉලක්කය සිංහලයන්ට දුන්නේ දැයි අමුතුවෙන් කිව යුතු නොවූවද, අද කෙතරම් මතකයෙන් ගිලිහී ඇති දැයි කිව හොත්, ඊ ළඟ ලිපිය, ඒ කවුදැයි කීමට වෙන් කලෙමි. එසේම විශේෂ මාතෘකා යටතේ විවිධ ගතිගුණ හා බැඳුනු සුවිශේෂ තොරතුරු ද පසුව ලියමි. සිංහලයන්ට පරයන් බලෙන් දුන් ඇදහීම් වල මූලය සිංහල ගති ගුණ බවද, ඒවායේ නියම අරුතද කීමට බලාපොරොත්තු වෙමි.

පසුව ලිවීම:

සිංහලයන්ගෙ තවත් ආවේණික ගතිගුණ කිහිපයක් ගැන ඉදිරියට කතා කරන නිසා, ඒවා මොනවා දැයි සටහන් කරන්න වෙනවා. එකක් තමයි "ඉගෙනීමට කරන කැප කිරීම". එතකොට, සිංහලයන් පෙන්වන "සංවේදී බව" ගැනත් කිව යුතුයි. සුළු හෝ අතපසුවීමක් කොතරම් සිත තුල කැකෑරෙනවාද යන වග නැවත නැවත කරන ක්‍රියාවන්ගෙන් පැහැදිළි වේ.

සිංහලයන් "තමන් අකමැති දේ කරන හෝ, තමන් කරන දේ නොදන්න හෝ, තමන්ට නොගැලපෙන අයගෙන් ඈත්වීමට උත්සාහ කිරීම" පිළිබඳ විශේෂඥයන් ය. විශේෂයෙන් ම දෙමව්පියන්ට හෝ දරුවන්ට නොසලකන අයගෙන් ඈත්වීම සහජ උරුමයකි.

තමන්ගෙ "නම්බුව රැකීම" හෙවත් උරුම වූ තැනට සරිලන හැසිරීමත් ඉතා වැදගත් එකක්. ඒ වෙනුවෙන් කොතරම් කැපවීම් කරනවා ද? තවත් වැදගත් එකක් තමයි තමන්ගෙ පාඩුවේ ජීවත්වීමට උත්සාහ කිරීම. මේ ගතිය තමන් ජීවත් වන පරිසරය සකසා ගන්නා විදියට ද බලපානවා.

නිකරුනේ තමන්ගේ පාඩුවේ ඉන්න උන්ට හිංසා පීඩා කිරීම, සිංහලයන් දැඩි ලෙස කෝපයට පත් කරන හැසීරීමක් යයි ද, එම ගතිය තවත් වැදගත් අංඟයක් බව ද මතක් කරමි.

සැබැවින්ම, විවිධ ජාතීන් ගත් විට, මේ ආවේණික ගතිගුණ කිහිපයක් හෝ තමන්ට ද ආවේනික ගති ලෙස ගත් බව ඔවුන්ගේ අනන්‍යතාවය බැලූ විට පෙනෙනවා. ඒ වගේම, අනෙක් හැම ජන කොටසකම, සිංහලයන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ගතියක් ද තිබීම, සියලු බෙදීම් වලට මුල් වූ බව පෙනෙනවා. විශේෂයෙන් ම, ඔවුන් වචන ශබ්ද කරන තාලය, කන බොන කෑම, කරන කියන දේවල් දැඩි ලෙස සිංහලයන් ඈත් කරනවා. භාෂාව හරියට භාවිතා කිරීම, තෝරාගත් කෑම පමණක් භාවිතයට ගැනීම, කෑම පිසින විදිය, සිංහලයන්ට ආවේණික වූ තවත් උරුමයන්ය.

මනුෂ්‍යකම අගය කිරීමත්, අතීතයේ බහුලව වූ බව පෙනෙන මිනීමස් කෑම දැඩි පිළිකුලට ලක්වීමත්, ආකමිකයන් කරන තේරුමක් නැති වැඳුම් පිඳුම් සිංහලයන් නොකිරීමත්, ඔවුන්ගේ හැසිරීම් රටාව තුල මුල් ඇද ඇත. අද කෙරෙන ගස් ගල් වලට, මැටි රූප වලට, බදාම ගොඩවල් වලට, ඇටකටු වලට, ඝාතක උපකරණ වලට කරන පුදසත්කාර සියල්ලම, සංක්‍රමණිකයන් තම රටින් ගෙනා කුණු කසළ බව, ඒ ඒ රටවල් තුල ඇති සමාජයන් හැදෑරූ විට ඔප්පු වෙනවා. සිංහලයන් නිශ්ඵල ලෙස අතෝරක් නැතිව පිහිට යැදි අසරණ ජන කොටසක් ලෙස නොහැසුරන බව, අදත් ශේෂ වී ඇති ගතිගුණ තුල ගැබ් වී ඇත. මෙවැනි ආවේනික ගතිගුණ බොහෝ යයි නැවත කියමි.

Saturday, 26 January 2013

සිංහලයන් (මිනිසුන්) බිහි වූ අයුරු

මිනිසුන් හා අනෙක් හැම සතෙකුම සැසඳූ විට ලොකු වෙනසක් ඇත. සතුන් අතර වාර්ගික වෙනස මිස හැසිරීම් රටාව ගත් විට තිරිසන්කම පොදු ගතියක් බව දැන ගත හැක. මිනිසුන් අතර තිරිසන්කම පොදු ගතියක් ලෙස උරුම වූ බොහෝ දෙනෙක් ඇත ද, මම "මිනිස්කම" යටතේ කී ලෙස, "මිනිසුන්ගේ හැසිරීම, වඩා පැහැදිළිව කියනවා නම් ජීවත්වීම, හැදෑරූ විට ඇති වෙනස, තිරිසන්කමේ ඇති විශ්ව ස්වභාවය නොගනී. නොඑසේ නම්, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට පොදු විවිධ ගති සමඟ එම ගති වලින් බැහැර වීමක් ද පෙන්වයි. මෙම  බැහැරවීම තමන්ගෙ අභිමතය අනුව නොව බාහිර බලපෑම් නිසා වූවක් බව, එකිනෙකාගේ හැසිරීම් රටාව තිරිසන්කමට ඈත් වන ප්‍රමාණයේ වෙනසින් මනාව පිළිබිඹු වේ.", උපුටා දැක් වූයේ නැවත මතක් කිරීමටය.

මෙම තිරිසන්කමට ඈත් වන ප්‍රමාණයේ වෙනස සිංහල සමාජය තුල තරම් වෙන කිසිදු ජන කොටසක නොදුටුවෙමි. ඒ සඳහා ජන කොටස් දෙසීයක් පමණ විමසීමට ලක් කලෙමි. මෙම වෙනස හඳුනා ගෙන මෙසේ මිනිස්කම යටතේ ලියූ දේ නැවත ලියමි. "සිංහලකම තුල ඇති හැසිරීම් රටාව විවිධාකාරයෙන් බැලුවද, සුවිශේෂ කෝණයකින් බැලූවිට, සිංහලකම ඒකීය බවක් ගනී. එනම් හැසිරීම, වඩා පැහැදළිව කියනවා නම් ජීවත්වීම, පුද්ගලයා මත නොරඳන විශ්ව ස්වභාවයක් ගන්නා බව තහවුරු වේ. එම රටාව තමාගේ ජීවිතය රැක ගැනීමටත්, පැවැත්ම රැක ගැනීමටත් පොදු වූ එකක් වූ තිරිසන්කමට වඩා, තමන්ට හැකි පමණින් තම හැසිරීම පාලනය කර "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීමකි. එය සැබැවින්ම තම දරුවන් සියලු දෙන ජීවත්වනු දැකීමක්, දරුවන් බිහි කර පවතිනු දැකීමට දෙමව්පියන් තුල ජනිත වන හැඟීම් වල බල ගැන්වීමක් ලෙස හැඳින් විය හැක."

අද කියන්නට යන්නේ, මෙම තමන්ට හැකි පමණින් තම හැසිරීම පාලනය කර "ජීවිතය රැක ගැනීමත්, පැවැත්ම රැක ගැනීමත්" පොදු අයිතියක් ලෙස දැකීමට සිංහලයා කෙසේ නම් හුරු වූවා දැයි යන කතාවය.

පුද්ගලයන් ලෙස, අපටම ආවේණික පෞද්ගලික ගති ඇති සේම දෙමව්පියන්ගෙන් උරුම වන ගතිද ඇති අය වෙමු. ඒ ගැන හැදෑරූ විට,  දරුවන් දෙමව්පියන්ට කොතරම් ළඟ ගති ඇති දැයි දැකීම පුදුම සහගතය. දෙමව්පිය ගති යයි කීවේ ජාතක කල දෙමව්පියන්ගේ මෙන්ම තමන් හදාවඩා ගත් අයගේද ගති ය.

දැනට නොයෙකුත් මාධ්‍යයන් මගින් බලෙන් දී ඇති, හැම වෙළාවෙම කන්දොස්කිරියාවක් වී ඇති, ඩාර්වින් ගේ පරිණාමවාදී ගෙතුම කිසිදු අයුරකින් පිළිතුරක් දීමට අසමත් ය. මේ ලිපිය තුල, වර්ණභේදවාදය ලොවට දුන් ම්ලේච්ඡ ජාතියකට අයත් වූවකුගේ විකාර කතාවක් ගැන කතාකිරීමද නුසුදුසු වුවත්, තැනින් තැන ගොස් හමේ වර්ණය වෙනස්වීම ගත් කල ද එය වළංඟු නොවේ. එක්තරා පරාසයක හෙවත් නිශ්චිත සීමා දෙකක් අතර වෙනස් වන සියලු මිනිස් ගති, මඳකින් හෝ එහා ගියේ නම් මරණයට ලක් වන නිසා, යම් හෙයකින් මිනිසා කෑල්ලෙන් කෑල්ල පරිණාමය තුලින් ගොඩ නැගුවා යයි කියනවා නම්, මොන කෑල්ලෙන් පරිණාමය පටන් ගත්තේ දැයි අසන්නේ, ඒ කෑල්ලද අනෙක් කෑලි නැතුව නොපවතින බව සක් සුදක් සේ පැහැදිලි නිසාය. ඉහත කී පරිණාම විදිය හමේ වර්ණයටද අවළංඟු බව, ඝර්ම කලාපීය වනයේ ඉපිද, තළෙළු වර්ණයෙන් උපත ලබා (රත්රන් වලට ඇති බැඳීම අපේ මුල් වර්ණයට ඇති ලෙන්ගතුකම විදහා දක්වයි.), අධි සූර්ය එළියෙන් කළු වූ ද, සූර්ය එළිය නැතිව මළපාට වූ ද හම් ඇත්තෝ, පරිසරය වෙනස් වූ විට ලබන අත්දැකීම විදහා පානවා. විශේෂයෙන් ම සූර්ය එළිය නැතිව මළපාට වූ හම් ඇත්තන් අරාබියේ සර්වාංඟය වසාගෙනද, ඉංග්‍රීසි කොළණි තුල රෙද්දෙන් පමණක් නොව වස විෂ ආලේපයෙන්ද පණ රැක ගන්නා අතර, සූර්යයාගෙ සැරට හසු වී පිළිකා හැදී නැසෙන්නේ පරිණාමය වන නිසා දැයි විමසිය යුතුය.

බොහෝ දේ කිව යුතු වුවද, දැන් සිංහලයන් බිහි වූ හැටි සොයමු. වාදයකින් තොරව ශරීරය, වඳුරු, ගොරිල්ලා, චිම්පන්සි පෙළපතට ගැලපෙන අත් පා හිස හා කඳකින් සමන්විත යයි කිව හැක. ගති ගුණ නාග, සිංහ හා අලි යන සත්ව විශේෂයන් සතු සුවිශේෂ හෙවත්, අන් සතුන්ට නැති ගති ගුණ වලට සම බව හැසිරීම සසඳා බලා තහවුරු කර ගත හැක.එසේ නම්, මේ එක් සතෙකුගෙන් පටන්ගෙන අනෙක් සතුන් වී සිංහලයන් බිහි වීද? එහෙත් මෙය බිඳ වැටෙන්නේ අනෙක් සත්ව වර්ග තුනම ඒකීය ලෙස පැවතීමත්, කිසිදු අතරමැදි සතකු නැති නිසාත් ය. එසේ නම් අනෙක් සතුන්ගේ තොරතුරු මනාව දත් බාහිර උපතකින් මේ ගතිගුණ දුන්නා යයි කීම ස්වභායට ගැලපේ.

මෙහිදී සිංහලයන් පරම්පරාවෙන් ගෙනෙන මතයට අනුව, සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් (සූර්යයා නොවේ. මිනිසෙකු ලෙස උපන්නෙකි) යයි කියති. කලින් ලිපි වල, ස්වාභාවික දත්ත මත, ජීවිය බිහිවීමට නම් සිතීමෙන් ස්වාභාවික බිහිකිරීම් කල හැකි ඉහළ තලයක සිටින ජීවියකු සිටිය යුතු බව තහවුරු කලෙමි. මෙහිදී සිතීම යනු ද්‍රව්‍යයමය ක්‍රියාවළියක් යයි නැවත මතක් කරමි. එවැන්නෙකුට සියලු සතුන් හා බැඳි දැනුම හුවමාරු වන මගක් ද ඇතිබව පෙන්විය හැක. ස්වාභාවික දත්ත මත, සෑම ජීවී වර්ගයක්ම හැදී ඇති ආකාරය බැලූවිට, එකම පොදු දැනුම් පද්ධතියක් මෙන්ම එකිනෙකාට ආවේණික වූ වර්ග අතර ගැටුමින් තොර කාර්යභාරයක් කිරීමට සැකසුනු උප දැනුම් පද්ධතියක් ද ඔවුන් සතු බව තහවුරු වේ. මෙහිදී දැනුම යයි කීවේ විවිධ සම්බන්ධතා මත ගොඩ නැගුණු ශාරීරික හෝ මානසික (තාරක හා අවතාරක) අංගෝපාංඟ බිහිවීමට දායක වූ ස්වාභාවික සංසිද්ධීන් අරුත් ගන්වීමයි. ජීවීන් අතර ඇති සුවිශේෂ දැනුමක් ද ඇත. ඒ දැනට වඳ වී ගිය ජීවීන්ගේ දැනුමද අඩංඟු වීමය.

මෙම ස්වාභාවික දත්ත විග්‍රහ කිරීමේදී, ජීවීන් තම පැවැත්ම තුලින් ගොඩ නඟන දැනුමද නැවත නැවත අනෙක් ජීවීන්ට ලැබෙන අයුරු රැකෙන බවයි. එසේම නව දැනුමද ලැබිය යුතුය. ජීවියකු බිහිවීමට අවශ්‍ය දැනුම ඒ ජීවියා බිහිවන මොහොතේ සතු විය යුතු නිසා, එම දැනුම වෙන උපතක් ඇති, ජීවියා ඵලය වන බැඳීමක් දෙන භාවිතයක් විය යුතුය.

මෙහිදී ස්වාභාවික දත්ත මත දකින තවත් යමක් කිව යුතුය. විස්තර අණාවරණය කල නොහැකි වුවද, ජීව ලෝකය කියන්නේ, නොකඩවා ගලන, අළුත් ජීවීන් බිහිවෙන, සමහර ජීවීන් වඳ වන, තවත් ජීවීන් රැකගෙන ඉදිරියට යන ක්‍රියාබහුල පරිසරයක් යයි කියමි. එසේම ජීවීන්ට, බිහි වූ අණුපිළිවෙලක් ද, අපේක්ෂිත පරමාර්ථයක් ද, නොකඩවා කරන උත්සාහයක ඵල බවද, නිමක් නැති අතීතයකට උරුමකම් කියන බවද ස්වාභාවික දත්ත මත තහවුරු කල හැක. එය කොතරම් අතීතයකට යනවා දැයි කියනවා නම්, සැබෑ නොවූ ගෙතුමක් වන මහා පිපුරුම් වාදය ගත්තද, එවැන්නකින් වත් නොනැසිය යුතුය. එයට මුල් වූ හේතුව වන්නේ, ජීවය බිහිවීමට අවශ්‍ය අංඟ සම්පූර්ණ දැනුම ජීවියා බිහිවන මොහොතේද තිබිය යුතු වීමය.

ජීවියකු බිහිවීමට අවශ්‍ය අංඟ සම්පූර්ණ දැනුම ජීවියා බිහිවන මොහොතේද තිබිය යුතු වීම පමණක් ඇති යයි සිතීම, අනෙක් ජීවීන් මත නොරැඳෙන කුඩා ජීවීන්ට ඇත්ත වුවද, මිනිසා වැනි බොහෝ සතුන් බිහිවීමට උන්ගේ පැවැත්මට අවශ්‍ය අනෙක් සියලුම ජීවීන්ද, ඒ ජීවීන් නිපදවන දේද ඒ මොහොතේ පැවතිය යුතුය. මෙම ක්‍රියා, බිහිවන ජීවියාට කල නොහැකි දේවල් බව ඉතා පැහැදිළිය.

එසේ නම් සිංහලයන් හිරු යයි කීවේ මා ඉහළ තලයක සිටිනවා යයි කී ජීවියාම විය යුතුය. මතු මේ ගැන ලියුවද අවශ්‍ය නිසා කරුණු මෙසේ දැක්වීමි. එසේ නම් සිංහලයන් පරම්පරාවෙන් ගෙනෙන මතයට අනුව, සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් (සූර්යයා නොවේ. මිනිසෙකු ලෙස උපන්නෙකි) යයි කී කතාව බොරුවක් නොවේ. ආදි සිංහලයන් බොරු නොකී බවත්, ඔවුනට එසේ කීමට කිසිදු අවශ්‍යතාවයක් නොවූ බවත් පැහැදිළිය. සිංහලයන් සිටිය බව සැබෑ නම්, ඔවුන් බිහි වූ විදියක් ද තිබිය යුතු යයි මා කියන්නේ කිසිදු අද්භූත ක්‍රියාවළියක ලකුණු ස්වභාවය තුල නොදකින නිසාය.

ඉහත කී සිංහලයන් බිහි කල ආකාරය විග්‍රහ කරමු. ජීවීන් බිහි වූයේ අංඟ සම්පූර්ණව බවත්, ඇරඹීම කුඩා අවධියකින් බවත් තහවුරු වේ. අද ද මිනිසාගේ මුල් අවස්ථාව ඇසට නොපෙනෙන බව කියමි. ජීවය ආරම්භයේදී, අංගෝපාංඟ විරල බවක් පෙන්වයි. මුල් ජීවීන් නිශ්චිත තැනකට බැඳී වැඩුන ශාක බවත් සරල සිට සංකීර්ණ වූ බවත් පෙන්විය හැක. මෙම නිශ්චිත තැනකට බැඳී වැඩුන ජීවීන්ගේ වැඩීමට අවශ්‍ය දෑ නිශ්චිත නිසා සරණ (ඇවිදින) ජීවීන් බිහික ඇති බව කියමි. උන්ගෙ පැවැත්ම තුලින් නිශ්චිත තැනකට බැඳී වැඩුන ශාක වල අවශ්‍යතා සපිරෙන බව දත හැක. සැබැවින්ම සියලු ජීවීන්ගේ අවතාර එකම ආකාරයට බිහි වූ බවත්, එයද ජීවීන් බිහිවන ආකාරය මෙන්ම ස්වාභාවික (සරල) දෙයක් බවද අංඟපූරණයට ලියා තබමි. බාහිර දේ වෙනස් වන්නේ කරන කාර්යයට අනුව බව පෙනේ.

මෙසේ ජීවීන් බිහි වීමේදී පාරිසරික වෙනස්කම් වූ බවද, මේ සමඟම වඩා සංකීර්ණ ජීවීන් බිහිවීමට අවශ්‍ය පසුබිම සැකසුන බවද කියමි. ස්වාභාවික දත්ත මත, ඇවිදින ජීවීන් බිහි වීමේදි, පා ඇති සතුන්ට පෙර පා නැති උන් බිහි වූ බව තහවුරු වේ. උදාහරණ ලෙස සර්පයන්, කුඩා ඇසට නොපෙනෙන වර්ගයේ සතුන් ගමන් කරන ආකාරයට යන බව කියමි. දැන් වැදගත් ම තොරතුරු දෙමි. සර්ප ලෝකයේ නායකයා නයා වන්නේ සියලු ගතිගුණ ගෙන බැලූ කල ඌ සතු විශේෂ ලක්ෂණ නිසාය. එනම් ජීවත් වීමට අවශ්‍ය අංඟ පමණක් නොව ඌ සතු අද්භූත හැසිරීමත්, ඊටම සැදුන සංකේත ඇති පෙණයත් ය.

සිංහයා යනු මාංශභක්ෂක ජීවීන්ගේ උඩම තැන හිමි සතාය. එනයින්, ඌ එම තත්වයට ඒමට ඊට පහලින් සිටි සියලු සත්වයන් තම ක්‍රියාවෙන් පැරදවිය යුතුය. මෙහිදී සිංහලයන් කෙතරම් සිංහයා ආරූඪ කරගෙන ඇති දැයි මම කිව යුතු නැත. එයට දායක වූ හේතු ද කිව යුතු නැත.

දැන් අලි ගැන කතා කරමු. මගේ බ්ලොගයේ යෙදූ අලි යන වචනය තම්බි වචනයක් යයි කී (තම බ්ලොගයේ මමත් හොඳ හෙළයකු යයි කී) කෙනෙකු සිටින බව කියා මෙය පටන් ගමි. අලි යනු ලොකුම සතාය. මෙහි දී ල කාරය එම වඳන් වල මූළය වූ බව පෙනේ. ඉංග්‍රීසියෙන් large කියන වදන ද, ල කාරය මුල්කොට හැදුනු බවක් පෙනේ. අලියා යනු ශාක භක්ෂකයන්ගේ ප්‍රධානියා මෙන්ම සිංහයාටද පැරදිය නොහැකි දැවැන්තයෙකි. සිංහලයන් අලියා තම උත්සව වල දී ඉදිරියෙන්ම ගෙන යන්නේ, සත්ව ලෝකයේ නායකයා නිසා යයි අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ බව දන්නේ කී දෙනෙක් ද?

වඳුරු වර්ගයා හින්දූන් නිසා හාස්‍යයයට ලක් වුවද, ජීවීන් ගැන හදාරණ විට සුවිශේෂ නිර්මාණයකි. බිමත්, ගස් උඩත් යෑමටත්, විශේෂ ආරක්ෂක අංඟ වන විෂ, අං, දළ වැනි දෑ නැති නිසාත්, වඳුරාගේ පැවැත්ම දැඩි අභියෝග වලට මුහුන දෙන,  සියලු විදියේ හැසිරීම් වලට උචිත බිහිකිරීමක් නොවේද? තනියම බැරි නිසා කණ්ඩායම් ලෙස රැකීම කලයුතුය. ක්ෂණිකව කිරීමේ හැකියාවද අවශ්‍ය ය. එනම් අණුකරණය ජන්ම ගතියෙකි. වෙන කිසිම සතෙකුට බැරි දේවල් වඳුරන්ට කල හැකි බව වඳුරු වර්ගයාගේ නායකයා වන මිනිසුන් ඔප්පු කර ඇත.

එසේ නම් සිංහලයන් වඳුරු වෙස් ගැනීමද, නාග, සිංහ හා අලි සතු ගුණාංඟ වැළඳ ගැනීමද සාධාරණ යයි කිව හැක. මේ සතුන් සූක්ෂම ව හැදෑරූ විට, සිංහලයන් ළඟ උන්ගේ විශේෂ ගති ඇති දැයි කියනවා නම්, සිංහලයන්ටද ඒ ගැන අවබෝධයක් නැත.  සිංහලයනුත් නොදන්නා ගුණාංඟ ඇති සතෙකු බවට සිංහලයන් පත් වූයේ කෙසේද?

ඉහත ඇසූ සිංහලයනුත් නොදන්නා ගුණාංඟ ඇති සතෙකු බවට සිංහලයන් පත් වූයේ කෙසේද යන වග දැන් බලමු. දෙමව්පියන්ගේ උරුමය අපේ උරුමයයි. දෙමව්පියන් මිනිසුන් නම් අපද මිනිසුන් ය. මෙය සදාතනික දෙයක් නම් දෙමව්පියන් මතම අපේ ගතිගුණ තීරණය වේ නම්, අපි කිසි දා වෙනස් නොවෙමු. ස්වාභාවික ඇත්ත එය නොවේ. දෙමව්පියන්ට වඩා දියුණු දරුවන් උපදින විට එම උරුම ගති ගුණ වැඩේ. ඒ අනුව උපදින කෙනා මත ඉදිරි පරපුරේ ගති ගුණ වෙනස් වේ. (මෙය දෙවියන් ගැන කීමටද වැදගත් කරුණකි.)

වඳුරු වර්ගයේ සතෙකු තිරසන් බව හැර මිනිසා වූවේ යයි කීම සැබෑය. එසේ නම් එය, හිරු, එම වඳුරු රංචුවේ ඉපදුනේ නම්,  තම සුවිශේෂ හැකියාවෙන් මිනිස් ගති හෙවත් ඉහත කී සතුන්ගේ ගති හා හිරුට අවශ්‍ය ගති දුන්නා යයි කීම ස්වාභාවිකය. මෙම ගති ගුණ පොදු නොවන බවත්, සමහරුන් උපතින් එසේ වූ බවත්, තවත් අය අනුගමනයෙන් ගත් බවත්, තවත් කොටසක් බලෙන් එසේ වූ බවත්, සුළු පිරිසක් මග හැරි බවත් එකිනෙකා එවැනි සිදුවීම් වලට භාජනය වී දක්වන ගති ලක්ෂණ තුලින් මනාව පිළිබිඹු වේ. ඒ බව තවමත් පවතින හින්දු ජනවහරේ ද ඇත. මිනිසුන්ගේ ලෝකයේ හින්දූන් ද සුවිශේෂ තැනක් ගනී. ඒ හින්දු සමාජය යනු මිනිස් වර්ගයා ආ ගමනේ එකතු වූ පරණ බඩු කඩය නිසයි.හින්දූන් ළඟ මුළු අතීතයම අදත් ජීවමාන ය. හින්දූන් විශ්ව මනු හෙවත් විෂ්ණු දෙවියන් වඳුරෙකු ලෙස ඇඳ පුද පූජා කරන්නේ එවැනි අතීත කතාවක් කියමිනි. අප මිථ්‍යාව යයි කියා බැහැර කරන දේ කොතරම් වැදගත් දේ කියනවාද?

සිංහලයන් හා බැඳි වඳුරු, සිංහ හා අලි වැනි ජීව කතා තේරුම් ගැනීම පහසුය. එහෙත් නාගයන් කෙසේ බැඳේ ද? එසේම නාගයන් සිංහලයන්ට ඉතා වැදගත් ගෞරවයෙන් දකින සතෙකි. එයට පුදුම විය යුතු නැත. වඳුරු, සිංහ හා අලි වැනි ජීවයන්ට මුල් වූ ශාරීරික ලක්ෂණ අතහැරි විට ශේෂය නාග ජීවයෙන් ගෙන ඇත. ඒ කියන්නේ ගත සිත (තාරය හා අවතාරය) රකින අභ්‍යයන්ත අංඟ සියල්ලම නාග ජීවයෙන් ගෙන ඇත. එතැනද නාගයන් දෙවියන් කොට වැඳීමට හේතුව, නාගයන්ට එම ගතිය ලැබුනේ හිරු නාගයකු ලෙස ඉපැදී වඩා දුන් නිසා බව පැහැදිළිය. නාගයා යන සංකේතය වෙදකමට ආරූඪ කිරීම කොතරම් ස්වාභාවික ලෝකයට ළංවීමක් දැයි සිතේ.

දැන් මා සිංහලයන් බිහි වූ හැටි කෙටියෙන් කීවෙමි. අපි වල්ගය ඇති හා නැති අයගෙන් පැවතෙන බව අදටත් ඉතිරි වී ඇති වල්ග කැළල බලා තීරණය කල හැකි යයි කියමි. අපි වඳුරන් ලෙස අද හඳුන්වන විශේෂයකින් පැවතෙන්නන් නොව, අපටම ආවේණික වූ කැලෑ පරිසරයක හැදුනු සුවිශේෂ ජීවි වර්ගයකි. එම පරිසරය නිත්‍යලෙස දත් මට ඒ ගැන කීම නුසුදුසු යයි සිතේ. කෙසේ වෙතත්, මිනිසා යනු තමන්ගේම උත්සාහයෙන් අද තත්වයට ආවා යයි කියනවාට වඩා, අපේ වෙස් ගෙන උපන් ඒ සුවිශේ ජීවියාගේ නොසැලෙන උත්සාහයේ ප්‍රතිඵලයක් බව අපේ නොදැනුම හා හැසිරීම තහවුරු කරනවා. මෙසේ අප තිරිසන් බවෙන් මුදා ගත්තේ කුමට දැයි සොයා ගත්ත ද දැනට නොකියමි. ජීවත් කරවීමටත්, පැවැත්ම රැකීමටත් කැප වූවෙකුට එය අවබෝධ වේ. ජීවිතය නැසීමට වෙර දැරූ කල, මෙම ස්වාභාවික තොරතුරු නොදැකීම අරුමයක් නොව, එවැන්නන්ට දැනුමට දොර වසා ඇති බවද මම අත් දැකීමෙන් දනිමි.

මෙතරම් සුවිශේෂ ගති ලැබූ සිංහලයන් එමගින් ප්‍රබලම අන්තයට යා යුතුයි නේද? එසේ නොවුනේද හිරුගේ බලපෑම නිසා යයි කියමි. ජීවීන් හැදෑරූ විට, තම සීමාවන් ඉක්මවා දෙපැත්ට යන උන් නැසෙන ලෙස ජීවීන් සැකසී ඇත. එමගින් මුළු ජීව සමූහයම එක්තරා විදියකට බැඳුන පොදු නිපැයුමක් වී ඇත. ශාක හා සත්ව කොටස් අතරද සුවිශේෂ බැඳීම් පැවැත්ම උදෙසාම සැකසී ඇත. ඒ බව කියන දත්ත බොහෝය.

එසේ නම් සුවිශේෂ ගති ලැබූ සිංහලයන් අන්තයකට නොගොස් මැද නැවතුවේ කෙසේද? ඒ කිසිදු වඳුරෙකුට, සිංහයෙකුට, අලියෙකුට හෝ නාගයකුට නැති ගති එකතු කිරීමෙනි. ඒවා මොනවාදැයි කීම මෙතන සුදුසු නැත. එසේම මේ සියලුම අංගෝපාංඟ සමඟ සිංහලයන්ටම සුවිශේෂ වූ ජීවන රටාවක් ද බිහි කර ඇත. එයින් ප්‍රධාන වන්නෙ තමන් ගැන තමන්ටම දැනගැනීමට හැකි වීමය. එසේම සිංහලයන්ගේ හැසිරීම තුල සිංහලයන්ට පාලනය කල නොහැකි, නිතර නිතර සිංහලයන්ට තමන් කවුදැයි කියන, අවශ්‍ය තැන නැසීම වුව කරන බරපතල පාලන ක්‍රමයක්ද මුල් තැනට දමා ඇත. ඒ "ජීවිතය ගැන කියන දැනුම" ලෙස හඳුන්වන, වෙනස් කල නොහැකි විවිධ රටාවලට ජීවිතය ගත කෙරෙන අරුම පුදුම ජීවිත පාලකයයි. අද, නොදන්න උන් මුදල් ඉපැයීමට හැම එකාගෙම ඵලාපල කියන ජ්‍යෝතිෂය නම් හින්දු වදනෙන් විකෘර්ති කර කියන්නේද මෙම දැනුම ය. "ජීවිතය ගැන කියන දැනුම" වළංඟු වන්නේ ඉහත කී ගතිගුණ ඇති සිංහලයන්ට පමණි. කිසිදා තිරිසනුන්ට හෝ අසිංහලයන්ට භාවිතා නොවේ. එවැනි විට බොරුවකියි කියන නොදත් උන්ද එමටය. සිංහල ගති උපතට අනුව නොලැබෙන බව උපනුන් හැදෑරු විට සහතික වේ. එසේ නම් අවතාරය තුලද මෙම වෙනස තිබිය යුතුය. ඒ කියන්නේ සිත (අවතාරය) වෙනස් කිරීමට හැකියකු සිංහලයන් බිහිකල යුතු නිසා හිරුගෙන් බිහි වීම සැබෑවකි.

සිංහලයන් රැකීමට 'ආයු වඩන විදිය" හෙවත් ආයුර්වේදය (හින්දි වචනයකි) ලෙස දුන් දැනුමද සිංහලයන් කොතරම් සංවේදී ද යන බව පෙන්වනවා. සිංහලයන් සතු උරුමයන් ගැන පසුව කතා කරමි. දැනට වැදගත්ම උරුමය වූ භාෂාව ගැන දෙවරක් කීමි. මගේ කතා සිංහලයන්ගේ අගැයීමට ලක්වන්නේ නම් අගයමි. ඒ කීවේ සිංහල වෙස්ගත් උන් නොවේ. මට සිහළුන් හඳුනාගැනීම සුළු දෙයක් වන්නේ ඇයි දැයි මා කියන දෙයින් පැහැදිළි විය යුතුය.

Thursday, 24 January 2013

කාලීන තොරතුරු - 2

http://radicaladahas.wordpress.com/2013/01/24/astrology-4/,

ඔබ අන්තවාදියකු (Radical) යයි ඔබම කීවද, මා දුටු එකම අන්තවාදය නම් සිංහල විරෝධි කමයි. ඒත් ඔබේ උත්සාහය "මගේ අරමුණ මිත්‍යාවෙන් ගැලවීමට සිංහලයා උනන්දු කිරීමයි. ජ්‍යෝතිෂය යනු වැරදි උපකල්පන මත ගොඩනැගුනු මිත්‍යාවකි." ලෙස දැක්වෙනවා.

ඒ මදිවට "Think Different, හදවතින් නොව මොළයෙන් හිතන්න!" කියලත් කියනවා. ඇයි ඔබට ඕක කරන්න බැරි. සිංහල මිනිසුන් ඔබ කියන මිථ්‍යාවේ ගැලී පීනන ජාතියක්. ඇයි ඔබට හිතන්න බැරි මෙතන ඔබ නොදන්න දෙයක් තියෙන්නත් පුළුවන් කියල.

හදවතින් හිතන්න බැරි බව ඔබ දන්නෙ නැත්ද? මම කියනවා හිතන්නෙ මොළයෙන් නොවෙයි කියල. ඔබ අහල නැද්ද හිත කියන සිංහල වචනය. ඉතින් සිංහල උන් ඒ වචනෙන් කියන්නෙත් මොළය කියන එකද?

"ඔප්පු කිරීමට අඩුගානේ ඔය කියන පොතේ නමත්, කතෘත්, ප්‍රකාශකයාත් සඳහන් කරන්න." අනුන්ට වැදිබණ කියන අතරේ පොඩ්ඩක් හිතුවද ඔය පොත් වුනත් මිථ්‍යාව, බොරුව පතුරුවන ප්‍රබන්ධ කියල. එතකොට ඔබ කියන්නෙ, මහාවංශෙ, බයිබලේ, කුරාණෙ හරි, ගලක කොටල තිබ්බොත් හරි, ඔප්පු වෙනවා කියලද?

ඔබ පොඩ්ඩකට හිතුවද ඔබ කතා කරන්නෙ අවබෝධයක් නැති විෂයයක් ගැන කියල. ඒ මදිවට ඔබ සිංහල දේවල් විකෘර්ති කරන්නේ ඇයි? අර එක තැනක කොටල තිබ්බා මහ සම්මත මනු හිටියේ වසර හයදාහකට කලින් කියල. කාගෙන්වත් ඇහුවද? දැන් ඔබ සිංහල කියල හිතාගෙන ඔක්කොම දන්නවා කියලද කියන්නේ. ඇයි වෙනස් විදියකට හිතන්න බැරි.

මනු ගැන නිවැරදිම තොරතුරු සොයා ගත්තේ මම. දකුණු පලාතේ සිංහල මිනිසුන් මනු වර්ෂ කියල එකක් ගණිනවා. ඒක අවුරුදු 30,000කට වඩා අතීතයට යන මිම්මක්. සිංහල අවුරුදු දිනය කියන්නේ, මන්නාරමෙ පරපාකන්ද ගමේ මනුගෙ මාළිඟයට හිරු මුදුන්වෙන වෙලාවට නව වසර ලැබීම. මනු තමයි තිරිසනුන්ට නැති "කැමැත්ත" කියන මනුෂ්‍ය ගුණය මත පාලනය ඇරඹුවේ. එයා තමයි ඔබ කියන ජ්‍යෝතිෂ මිථ්‍යාව සිංහලයන්ට දුන්නේ. දැන් ඒක මිථ්‍යාව කියන ඔබ මොන වගේ කෙරුම් කාරයෙක්ද? සිංහලයන් කරන කියන දේවල් වලට දැනුම දුන්නේ මනු කියලයි සිංහලයන් කියන්නෙ. ඒ සිංහලයන් හා ඔබ අතර ඇයි මෙච්චර වෙනසක්.

මම කියනවා ඔබ සිංහලයකු නොවන බව. එසේම ඔබ හැම විටම සිංහල දේ පෑගීමට මාන බලනවා. හැබැයි ඒ වගේ ජරාගති ඇති ජාතියත් කට ඇරියොත් සිංහලයට මඩ ගහනවා.

මම කියනවා ඔබ ජ්‍යෝතිෂය කියන වචනයවත් හරියට දන්නේ නෑ කියල. කලින් පිස්සා යන වචනයේ තේරුම දන්නෙ නැහැ කිව්ව. ඉන් එහාට කතා කල යුතුද?

මම තේරුම කියන්නම්. පිස්සා කියන්නේ පිසුණු (පිච්චුන) මනසක් ඇති එකාට. ඒ කියන්නේ burn out වුනා වගෙ තත්වයකට. ඔබ කියන දේ ඔබට නොතේරනවා වගේමයි පිස්සන්ගෙ කතාවත්.

එතකොට ජීවිත් විය යුතු විදිය කියන සිංහල දැනුම තමයි ඔය හින්දුකාරයෝ ජ්‍යේතිෂ විද්‍යාව කියන්නේ. උන් ආයුර්වේදය කියන්නේ ආයු වැඩිකරන විදිය කියන එකට කියලා දන්නවාද? ජීවිත කියන වචනෙයි ඔය ජ්‍යේතිෂ් වුනේ කියල දන්නවාද? දැන් මෙතන සිංහල උන්ගෙන් හින්දුකාරයෝ කොපිකරගත් දෙයක් බදාගෙන සිංහල එවුන්ට මඩගහන්න ලැජ්ජ නැද්ද?

අද අතේ පිච්චිය නැති හිඟනුන් පච කෙලල කීයක් හරි කඩාගන්න දිහා බලල, නොදන්න දෙයක් ගැන කතාකිරීම හරිද? එතකොට තුට්ටු දෙකේ ටියුෂන් දෙන ගුරාල කියන නූතන කෙප්ප විජ්ජාව මිථ්‍යාවක් නොවෙයි ලු.

මම දන්න තරමින් ලෝකෙ තියෙන මිල කල නොහැකි දැනුම ඔය "ජීවිත් වියයුතු විදිය" තුල තියෙනවා. මම කවුද කියල දැනගෙන හිටියනම් තේරෙනවා කීව දේ. ඒත් සිංහල උන්ට ගරහන්න ඉපදුන ජාතියට ඒක නොපෙනීම පුදුමයක් නොවේ. ඔය ග්‍රහයෝ පටලා ගෙන හින්දු වැසිකිළි හේදුවට, ඔය ග්‍රහ නාම හතත්, රාහු කේතු යන දෙකත් අපේ ජීවිත හැදුනු අභ්‍යන්තර දේ වලට බැදුනු නම්. ඉස්සර කාලේ සිංහල හෝඩියම ගණන් කිරීමට ගත්ත වගේ, ඔය නම් ග්‍රහයන්ටත් යෙදූ නිසා ඔබ වැනි මිථ්‍යාදෘෂ්ඨිකයන්ට පෙනෙන්නෙ ග්‍රහ නාම හැටියට විතරයි. තමන් නොදන්න දේ කුමක් දැයි නොදැන මිථ්‍යාවයයි පට බඳින ඔබට තේරුම්ගත නොහැකි දේ කීමෙන් ඵලක් නෑ.

මම දැනටම මගේ බ්ලොගෙ හිරු කවුදැයි කිව්වා. "ජීවිත් වියයුතු විදිය" හා බැදි දැනුම ගැනත් ළඟදිම කියනවා.  කැලුම් කියන දේ වත් තේරුම් ගන්න බැරි ඔබ, තම නැණ පමණින් හැසුරුනා නම් හොඳයි නේද? නොදන්න දේ ගැන කියන්න යාම වරිගෙ නසා ගැණීමක්.

ග්‍රහයන් ගැන කියන ඔබ සූර්යයා පායනකොට ඇහැරන්නේ සූර්යයා ඇහැරෙන්න කියන නිසාද, නැත්නම් මිනිසුන් පුරුද්දක් ලෙස හිරු නැගෙන විට ඇහැරීමේ ගතිය ඔබට ජන්මෙන් ලැබුනු නිසාද? ග්‍රහ පිහිටීම් යනු කාලය කියන ස්වාභාවික ඔරලෝසුවක් මිස මිනිසුන් කූද්දන දේවල් නොවේ. අපේ හැසිරීම ඒ අනුව වෙනස් වේ නම් ඒ අප හැදී ඇති ආකාරය අනුව දක්වන ප්‍රතිචාර නිසාය. ජීවිතය හැදී ඇති අයුරු නොදැන බොරුකීම සුදුසු නැත. මෙම දැනුම අදාළ සිංහලයන්ටය. ඔබට වළංඟු නොවේ නම් ඔබ සිංහල නොවන බව කියමි. එසේ කීවේ මා ඒ බව දත් නිසාය.

http://lankacnews.com/sinhala/main-news/89037/

"බෞද්ධයන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස් කල යුතු යයි බොදු බල සේනා සංවිධානය පවසයි." - මෙවැනි දෑ කියන බෞද්ධයන් සිංහලකම ගැන නොදනිති. දරුවන්ගේ අනාගත සුරකීමට අභිමානවත් මවක සිටිය යුතුමය. පියා මවගේත් දරුවන්ගේත් ආරක්ෂකයාය.

මෙනයින් බෞද්ධයන් අල්ලා ගුරු කොටගත් ලොව ජනප්‍රියම ආකම වේද? පිරිමිනට මෙන්ම ගැහැණුන්ටද කසාද පහක් කරගත හැකි ලෙස නීති වෙනස්  කිරීම සාධරණය. පහක් යයි කීවේ ඇඟිලි පහ ගැන සිතාද? ඊට වඩා තමන්ට කැමති ගණනක් විවාහ කරගන්න දුන්නා නම් ඇති හැකි අය, නැති බැරි අයගේ දරුවන්ට පියෙකු වී හදා වඩා ගන්නා හැටි කොතරම් අගේද?

තව නීතියක් ගෙන ආ යුතුය. ඒ ඇඵ්ඝනිස්ථානයේ ඇති පරිදි දවස් පහකට වරක් ගැහැණිය සැමීහරකාට කම් සැප දීමය. සාධාරණය ඉටු කිරීමට සැමීහරකාද අඩු තරමින් දවස් පහකට වරක් ගැහැණියට කම් සැප දිය යුතු වීමය. සැමීහරකුන්ට චීන අධිරාජයන් සේ අඩු වයසින් සුරලොව යා හැක. නීතිය කඩන උන්ගේ කොනෙන් නොව මුලින් කපා බිරියන් ජනසතු කල යුතුය. අඩුවකට ඇත්තේ හාමදුරුවන්ට .... සේවය නීත්‍යානුකූල නොවීමය.

සිංහලයනි, සැබැවින් ම කල යුත්තේ, මුස්ලිමුන්ට මෛත්‍රී කරුණා දක්වා රටේ පැළපදියම් කල බෞද්ධයන් පලවා හැර, එක ගැහැණියකට එක මිනිසකුත්, එක මිනිසකුට එක ගැහැණියකුත් කරකාර බැඳීමයි. එසේ නොවේ නම් බිහිවෙන දරුවා ද මරුවෙකි. අවනත නොවුවන් නැසිය යුතුය. ඒ මනුෂ්‍යකම සමඟ අනුෂ්‍යකම යා නොදෙන නිසාය.

http://lankacnews.com/sinhala/news/89077/

"අපේකම, රටත්, ජාතියත්, ආගමත් රැකෙන්නේ තමන්ගේකම ගැන නොසිතා පරම්පරාවෙන් ලැබුණු දේපොළ විකුණා දමා වෙනත් පළාත්වලට ගිහින් පදිංචි වීමේ පුරුද්ද හදාගත් දිනක බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරයි."

මොකක්ද මේ කියන්නේ. ක්‍රියාවට අනුව අපේකම කීවේ ඉංග්‍රීසිකම විය නොහැකිද? තමන්ගේකම කීවේ සිංහලකමටද? අපේකමයි ආකම(ආගම)යි රැකගන්න පුළුවන්ද? එහෙනම් දවල් මිගෙල් රෑ දනියෙල් වගේ හිටීවී. තියෙන උරුමෙ ඉතිරිවෙච්ච ටිකත් විකුණල පාරට බහිනවද, නැතිවෙච්ච උරුමෙ වන රටේ හැම බිම්කඩ ම, තේ වත්තක්ම, අපේ උරුමෙ කරගන්නවාද?

අරුම පුදුම දේවල් වන කලකි මේ. 1815දී සුද්දා රජ වූයේ නිලමෙලා බලය පැවරීමෙනි. රජා මැරෙන තුරු එය අනුමත නොකලේය. රාජ්‍ය නායකයා රජාද? නිලමෙලාද? සුද්දා කුරුස කොඩිය ඔසවන තෙක් රජ කල, විජේ කුමාර්ගෙන් ඇරඹී කන්නසාමිගෙන් අවසන් වූ දෙමළ ලෙයින් බිහි වූ රජ කැල 1815 දක්වා රජ කලේ සිංහලේ නම් රටයි. 1948 දක්වා රජ කල ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් පඩංඟු ඇදගත් සුදු හමුදාවල් සමඟ පාලනය කලේ සිලෝන්ය. දෙමළුන් හා මලයානුවන් සිංහලයන්ගෙ හිස මත පය තැබූහ. ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් සිංහලයන් මැරුවේ ඉඩම් පැහර ගත්තේ, නීතිය තමන් යයි සිතාගෙනය.

1948 සිට අද දක්වා රජ කරන කළුසුදු ආණ්ඩුකාරයන් සිංහලයාට කලේද එයමය. උන් රටේ නම ශ්‍රී ලංකා ලෙස තැබුවේ හින්දු බසට අනුවය. කොඩියට පාට ඉරි දමා දෙමළ මුස්ලිම් රටක් ද කලහ. බෝ කොල එල්ලා හෙල්ල ඉවත් කලේ බෞද්ධයන්ගෙ අවශ්‍යතාවයටයි. දෙමළ මුස්ලිම් ජාතිකයන් සිංහලයන්ගෙ හිස මත පය තැබූහ.

දෙමළ බලය කෙතරම් වැඩුනා දැයි කිව හොත් රට කෑලි වලට නොකැඩී තබා ගැනීමට සිංහල දිවි දහස් ගණනක් කැපවිය. එහෙත් කළුසුදු ආණ්ඩුකාරයන් ද ඉංග්‍රීසි ආණ්ඩුකාරයන් මෙන් සිංහලයන් මැරුවේ, ඉඩම් පැහර ගත්තේ, නීතිය තමන් යයි සිතාගෙනය. පොඩි වෙනසකට ඇත්තේ, මේ සියල්ල කෙරුනේ පඩංඟු ඇදගත් සිංහල කතාකරන කුලී හමුදාවක රැකවරණය යටතේය.

මෙවැනි විපරිත ගති මිනිසුන්ට ආවේ කෙසේදැයි කීමට ඉහත මත ප්‍රකාශය කෙරුවෙමි. සිංහලයන් (මිනිසුන්) බිහි වූ අයුරු ඊ ළඟට කියමි.

Tuesday, 22 January 2013

"අවතාරය" යන සිංහල වචනය හඳුනා ගමු

තමන් සිංහල යයි කියන අය බොහෝය. එහෙත් "සිංහල" යන වදනේ තේරුම දත් අය සිටීද? තමන් සිංහලයකු හෙවත් මෙතෙක් කල් ජාතියක් ලෙස රැකුනු ජන කොටසක වර්තමාන පුරුක යයි කීමට තරම් අපට ඇති සුදුසුකම කුමක්ද? ඒ සිංහල ජාතිය සතු සම්පත් කෙතරම් තමන් සතු දැයි යන කාරණය මත යයි මම කියමි. විශේෂයෙන්ම සිංහල භාෂාව ලෙස හඳුන්වන දැනුම කෙතරම් අපට හිමිද?

අවතාරය යන වදන අප කෙතෙක් වර අසා ඇත් ද? මෑතකදී බොහෝ ජනප්‍රිය වූ ඇවටාර් චිත්‍ර පටියට අනුව එය ඉංග්‍රීසි වචනයක් වන තරම් ය. මා කලින් කී කතාලවට ඇමුණූ යූටියුබ් පුරුකේ මහසොහොන් සමයමේද, අවතාර බලන අවස්ථාවක් ඇත. ඒ අනුව ඉංග්‍රීසින් බිහිවීමටද පෙර මෙම සිංහල වචනය තිබිය යුතුය. එහෙත් තේරුම දත්තකු සොයාගැනීම දුෂ්කරය. මේ වචනය සැදුනු ආකාරයම එය කොතරම් ඉපැරණි වදනක් දැයි කියනවා.

කෙසේ වෙතත් එම වචනය ජීවීන් බිහිවීම ගැන කියන විට යෙදුවද, තේරුම කීමට දෙවරක් සිතුවෙමි. මා කියන දෑ තේරුම් ගැනීමට අපහසුය. එයට මගේ වැරද්දට වඩා ලියා ඇති වචනවල තේරුම නොදැනීමද විය හැක. මම වෙන කිසිවෙකු නොදන්නා මගේ වචන යොදා ලීවේ නම් සෙල්ලිපි පරදවන බව දනිමි. එහෙත් මා යෙදූ සියලු වචන සරල සිංහල වචන ය.

දැන් අවතාරය යන වචනය හඳුනා ගමු. වචනයක අගය යෙදෙන, රය, කම, වීම වැනි දෑ නාම පද බවට වචන හරවන එකතු කිරීම් ය. එවිට අවතා යනු අව තා ලෙස අප දන්න සරල සිංහල පදවලට කඩා බලමු. අව පස සඳ හා පුර පස සඳ අප සැම දන්නේ යයි සිතමු.  එසේ නම් අව යනු සැඟවුනු හෝ නොපෙන යන ලෙස අරුත් දෙනවා නේද?

තා, තා, තා යන ශබ්ද අතදරුවන් හැම නඟන ශබ්දයක් බව දරුවන් දැක ඇති අය දනිති. මෙම ස්වාභාවික හඬ විහිදී ගොස් අද වන විට, තෝ, තී, තාත්තා, දූ, පුතා යන වදන් බිහි වී ඇත. එසේ නම් තා යන්නෙන් මේ සියලු දෙනම හඳුන්වන පොදු වදනක් දැක්වේ. අන්තිමට අප, මිනිසා, ජීවීන් සියල්ලම ඇතුළත් ය. එසේ නම් අවතාරය යනු සැඟවුන අප හෝ සැඟවුන ජීවය ලෙස දකිමු.

මම කලින් ලිපියේ ජීවය යනු ගත හා සිත යයි කොටස් දෙකට බෙදුනු එකක් යයි කීමි. ගත නොදත්තකු නැතැයි සිතමි. අත පය බඩ කට හිස ආදී අංඟ සියල්ලම අයත් ගතටය. ඇස් කන් නාසා වැනි උපාංඟද අයිති ගතටය. එසේ නම් සිත කෙබඳු දෙයක් දැයි නැවත බලමු.

අදහාගත නොහැකි දෑ මෙතරම් සුලබ, සරල ජීවය බිහිකරනවා යයි සිතීම මුලාවකි. එසේ නම් සිතද ගත වැනි යමක් විය යුතු වන්නේ ගත ක්‍රියාත්මක වන්නේ සිතෙන් එන සිතිවිලි අනුවය. සිතිවිලි නිශ්චිත නම් ගතේ ප්‍රතික්‍රියාවද නිශ්චිත බව අත්හදා දත හැක.

ඉහත කී අවතාරය දැන් ගත් සිතේ ලක්ෂණ වලට අමතරව තවත් උපාංඟ වලින් සමන්විත බව, අපේ ගත ක්‍රියාත්මක වන ආකාරයෙන් පෙනේ. සමහර දෑ සිතිවිලි නැතිවද නිශ්චිත ආකාරයකට වන බවට උදාහරණ එමටය. එසේ නම් අවතාරය යනු සිත පමණක් නොව වෙනත් උපාංඟද සහිත එකක් විය යුතුය. මේ ගැන කියන විට, අජාන් මහ බුආ නමැති තායි ජාතික බෞද්ධයා, බෞද්ධ මතයට පිටින් ගොස් යමක් සිත ගැන සඳහන් කරන බව කියන්නේ එය සැබෑවට ආසන්න නිසාය.

ගත යනු ඇති නැති වන උපාංඟයකි. සිත ඇති අවතාරය එසේ නම් ගත සමඟ ඇති නැති විය යුතු එකක් හෝ සිත ඇති අවතාරය යනු ගත ඇතත් නැතත් පවතින දෙයක් විය යුතුය. කලින් කී ලෙස දෙමාපියන් හා ඔවුන් අතර ඇති වෙනස් කම්, විවිධ ජීවීන් සතු ගති ලක්ෂණ ගෙන හැදෑරූ විට, අවතාරය යනු නොකඩවා පවතින දෙයක් බව පෙන්විය හැක. සිතේ බලපෑම් ගත් විට, ගත අපේ දෙමව්පිය දායකත්වයෙන් බිහිවන බවද, සිත අයත් අවතාරය ඔවුන් බිහි නොකරන බවද, ඔවුන් අතර ඇති නිශ්චිත වෙනස්කම් තහවුරු කරයි.

සිත අයත් අවතාරය බිහි කරන තවත් තලයක් ඇති බවත් එය ගත හා සිත (අවතාරය) අයත් තල වලට වඩා ඉහල ජීවියකුගේ වැඩක් බවත් ස්වාභාවික දත්ත පෙන්වයි. එසේ ම සිත (අවතාරය) හැදුනේද ද්‍රව්‍යමය එකතුවකින් බව එහි නිශ්චිත හැසිරීම් රටාව කියයි. නොඑසේ නම් දරුවකු වදන මවකට අලි පැටියකුද වැදිය හැක. එය එසේ නොවන බව සැබෑ ලොව දත්ත පෙන්වති.

එසේ නම් සිත (අවතාරය) හැදුනේ සැඟවුනු (අපට නොදැනෙන) ද්‍රව්‍ය වලින් යයි කිව හැක. අවතාරය ගැන මෙතරම් තොරතුරු කිව්වේ මම බව සහතිකය. එසේ නම් "තා" හදන්නේ "ද්‍රව්‍ය" ලෙස ගෙන "අවතා" හඳන්නේ "අවද්‍රව්‍ය" වලින් යයි කියමු. මෙහි "අවද්‍රව්‍ය" යනු මගේ වචන නිපැයුමක් ලෙස ගත් විට එහි අරුත දන්නේ මෙම ලිපිය කියවන අය පමණක් නේද? වෙන තැනක "අවද්‍රව්‍ය" යයි යන වදන දුටු විට, තේරුම නොදැන එය අරුත්සුන් වහරක් ලෙස බැහැර කරනවා නේද? සැබැවින්ම අවතාරය යන වදනට වූයේ ද එයමය. මා කී ලෙස ද්‍රව්‍ය මෙන්ම අවද්‍රව්‍යයයන්ද බොහෝ ඇති බවත් ඒවාට ආවේනික හැසිරීම ද්‍රව්‍ය වලට වඩා වෙනස් බවත් අත්හදා බලා දත හැක. අස්ථිර ද්‍රව්‍ය ලෝකේ නොකැඩී යන ජීවීන් ඇත්තේ එම ද්‍රව්‍යවල ගුණාංඟ නිසාය. ද්‍රව්‍ය හා අවද්‍රව්‍ය එකට සම්බන්ධ වන ආකාරය ඉතාමත් සරල බවත්, ඒ සඳහා සහභාගි වන ද්‍රව්‍යය ඉතාමත් අගයැති මෙන්ම සැඟවුනු ස්වභාවයක් ඇති බව, අත්හදා බලා දත හැක.

ගත තාරය ලෙස අවතාරයට ගැලපූ විට, තාරයේ පැවැත්මට අවතාරය විසින සැකසු අවයව, අංගෝපාංඟ රැසක් ඇත්තා සේ, අවතාරයේ පැවැත්මටද ඊටත් වඩා ප්‍රබල අංගෝපාංඟ රැසක්  ඇති බව තාරයේ හැසිරීම හැදෑරූ විට පෙනේ. තාරය සතු මුව ඇස් කන් යනාදිය සන්නිවේදනය කරන ආකාරය අවතාරයේ ක්‍රියාවක ප්‍රථිඵලයක්ය. එසේ නම් අවතාර අතරද සන්නිවේදන මාධ්‍යයක් තිබිය යුතු වන්නේ එවැනි දැයක් තිබීමෙන් වන ඵල ජීවීන් පෙන්වන නිසාය. තාරය (ගත) කාර්ය කිරීමටද, අවතාරය දැනුම දීමටද සැකසී ඇති බව ජීවීන් හදාරා දත හැක. මෙම අවතාරය සතු හැකියාවන් මත  කරන ක්‍රියා නොදැනුම නිසා අද බොරුවෙන් වැසී ඇත. මේ ක්‍රියා ගැන සිංහලයන්ට සුවිශේෂ දැනුමේ කොටස් ගැන කියන විට ලියමි.

Monday, 21 January 2013

සිංහල භාෂාව - 2

සිංහල භාෂාව කොතරම් ජීවීද යන බව සමහර ප්‍රතිචාර තුලින් පෙනේ. රචකයා ඒවා ඉවත් කර ගැනීම කණගාටුදායක වුවත් මා සතුව මා පවත්වාගෙන යන බ්ලොගය තුල සියලු දෑ ඇති බව කියමින් මෙය අරඹමි.

භාෂාව යනු විවිධාකාර ගතිගුණ ඇති පුද්ගලයන්ගෙන් සැදි ජාතියක අතීතය වර්තමානය අනාගතය ගොනු කර බැඳ තබන මහා කඹයයි. තම ඕනෑ එපාකම් අනෙකුන්ට කීමට බස අත්‍යාවශ්‍යයය. එහෙත් අද සිංහල භාෂාව අඩපන කර නැසීමට වෙර දරන හින්දු බෞද්ධ (දෙමළ) ඇදහිලි හමුවේ, ප්‍රිය වචන විතරක් භාවිතා කරන ලෙස කියන වැදි බණ නිසා, බසින් අඩක්ම අක්‍රීය වී ඇත. එය ශාරීරිකව එක අංශයක් හිසේ සිට පතුළ දක්වා අඩපන කරන හදවත් කම්පනයකට පසු ජීවත් වීම වැනිය. මෙම ආක්‍රමණික බලපෑම නිසා අද එම වචන යෙදීම නොකරන තරම්ය. මේ බ්ලොගය ඇරඹීමට පෙර මා ජාල අඩවියක් හැදීමට සිතුවේ, සිංහල බසින් කැමති දෙයක් කීමට ඉඩ දීමටය. වචන හැසිරවීම සිත කරන නිසා, එමගින් සිත දැකිය හැක.
එහෙත් කොන්දේසි විරහිතව එවැනි අඩවි නැත. මෑතකදී යමෙක් කල ඉල්ලීම අනුව මේ බ්ලොගය පටන් ගත්තේ මේ ටික කියවූවාට පසුය.

"What's a blog?

A blog is a personal diary. A daily pulpit. A collaborative space. A political soapbox. A breaking-news outlet. A collection of links. Your own private thoughts. Memos to the world.

Your blog is whatever you want it to be. There are millions of them, in all shapes and sizes, and there are no real rules.

In simple terms, a blog is a website, where you write stuff on an ongoing basis. New stuff shows up at the top, so your visitors can read what's new. Then they comment on it or link to it or email you. Or not.

Since Blogger was launched in 1999, blogs have reshaped the web, impacted politics, shaken up journalism, and enabled millions of people to have a voice and connect with others.

And we are pretty sure that the whole deal is just getting started....."

ඉංග්‍රීසි දැනුම ඇති නම් "... and there are no real rules." යන කොටස පැහැදිළි විය යුතුය.

එම නිසා සිංහල භාෂාවෙන් ලියන ඕනම වචනයකට විවෘර්තව ඇත. එහෙත් සිංහලකම ගැරහීමට සීමා දැම්මේ සිංහලයන්ට ගරු කිරීමටය.

සිංහලයකු වීමට නම් බස සපුරා දත යුතුය. වචන යොදන ආකාරයද දත යුතුය. සිංහල බසේ සැම වචනයක්ම කොතරම් ස්වාභාවිකද? චොර චොර ගා වැටෙන්නේ වචුරය (වතුර - water) ය. එසේම තම සිතේ ඇති හැඟීම් වන කෝපය, වෛරය, තරහ, පිළිකුල, අපහාසය, නින්දා කිරීම සඳහාද වචන බොහෝය. මෙම වචන සැදුනු ආකාරයද, ඊට පාදක වූ නීතිරීති ද නොදැන සිංහලයකු විය හැකිද? කවදාවත් නොහැක. විශේෂයෙන් ම අසභ්‍ය වචන සැකසී ඇති ආකාරයද සිංහලකමට කදිමට ගැලපේ.

උදාහරණ ලෙස අවලමා යන වචනය එන්නෙ අවළංඟු වැඩ කරන්නා, හෙවත් සිංහල සම්මතයට එරෙහිව යන්නා කීමටය. බැනීමට සතුන්ගේ නාම යොදන්නේද සිංහලකමට නොගැලපෙන, ඒ සතාට ආවේණි හැසිරීමක් දුටු විටය. උදාහරණ ලෙස ඌරා යයි කියන්නේ මඩ ගාගෙන ඉන්න ආකාරයේ හැසිරීම දුටු විටය. එහෙත් මෙවැනි වචන වෙන ජාතිකයන් යොදන්නේ එම අදහසින් නොවන බව දත යුතුය. උදාහරණ ලෙස තම්බීන් ඌරා කියන්නේ ආගමික බලපෑමෙනි. ඌරා සිංහලයන් වුව මසට කන සතෙක් නිසා එතරම් ඌරා පිළිකුල් කිරීමක් නැත. තම්බීන් එය යොදන්නේ උන්ගෙ ගතිද එවැනි වුව, ඌරා වෙන් කර හඳුනාගෙන ඈත් කිරීමෙන් තමන් එසේ නොවේ යයි රැවටීමටය. බල්ලන් සමඟ සිටි විට මැක්කන් ඇඟට ගොඩවන්නා සේ ජාතියකට අයත් දෑ ඒ අතර වසන විජාතිකයන්ට ද උරුම වීම වැළැක්විය නොහැක. මම උත්සාහ කලේ සිංහල වචන දත් පමණින් සිංහලයකු නොවන බවත්, වචන හසුරවන ආකාරයද වැදගත් කොටසක් බව කීමටය.

අද ගූගල් හරහා ඉංග්‍රීසියෙන් ලියන බොහෝ උන් සිංහල වචන යොදා පවසන්නේ සිංහල බස නොව තමන් ජීවත්වන පරිසරයේ හැසිරීම් රටාව බව හඳුනා ගැනීමෙන්, බස කෙලෙසනු දුටු විට පහර දී රැකුම කල හැක. හැම ජාතියකටම අනන්‍ය වූ ජාතික සම්පත් ඇත. ඒවා අයිති එම ජාතියටය. සිංහල බස සිංහලයන් ගේය. එයට පර වැහැර යොදන්නා සතුරෙකි. සිංහලයාගේ පැවැත්ම බස රැකුණොත් පමණක් රැකේ.

අද වන විට සිංහල බසට පර භාෂා මිශ්‍ර කර අරුතක් නැති, විපරිත වචන මවා ඇත. අපි මුදලි, කෝරාළ, ආරච්චි, අප්පච්චි, වලව්ව වැනි දෑ සිංහල වචන යයි සිතමු. සැබැවින්ම ඒවා සිංහල රට පාලනය කල දෙමළු ගෙතූ වචන ය . මුදලි යනු මෝඩ අලියා දෙමළුන්ට ඇසුනු විදියයි. කෝරාළ යනු ගොවිරාළ දෙමළ විදියට වර නැගුණකි. ආච්චිට හාල් ගරන වචනද සිංහල වහරට විපරිතය. නිලමේ ද දෙමළ වදනකි. වලව්ව යයි දෙමළු සිටි තැන්, අලව් නුවර යයි උන් ගෙනා වදනක් බිඳ උන්ටම කැවීමකි. දෙමළුන්ට හාමු වූයේද හින්දූන්ට ස්වාමි වූයේද සිංහලෙන් කී හාමිය. එහි ගැහැණු වදන හාමිනේය. යමෙක් කී පමණින් උසස් යයි කියා පර වචන යෙදීම නිවට ගතියකි.


මෑතකදී බ්ලොගයක මක් කරනවාද යන වචනය විහිළුවට ලක් කරනු දුටුවෙමි. සිංහල වචන අතර දෙමළ වචන මුල්තැන ගන්නේ එවැනි සිංහල වෙස් ගත් දෙමළුන් සිටින නිසාය. කුයන්න යොදා කුමක් වෙලා දැයි ඇසීම දෙමළකමයි. එසේ නම් මොනවා කරනවාද මේ මොනොව ද යන වදන් කුමොනවා කරනවාද මේ කුමොනොව ද යයි වර නැගිය යුතුය. අනෙක මක් කරනවා දැයි කියන්නේ මාතර මිස යාපනයේ නොවේ.

අද සිංහ වී ඇති නම් බොහෝය. මුලදී සිංහල වු පදය සිංහ වූයේ බෞද්ධ දෙමළුන් "සිංහල" යන වදනට දුන් විකෘර්ති අර්ථය නිසාය. හා මදුරුවා දෙමළ විදියට ගෞරවාර්ථයෙන් හාමුදුරුවෝ විය. අපේ රට කෙතරම් 1815 වන විට දෙමළ වී දැයි කියනවා නම්, ඉංග්‍රීසින් හා ගැසූ හොර ගිවිසුමට දෙමළෙන් අත්සන් කල නිලමේලාද බොහෝය. නිලමෙ, මුදලි, කෝරළේ වැනි නම් ඇතිව එකල රජාට සේවය කල උන් දෙමළුන්මය. දෙමළුන් තමන්ගෙ උන්ම පහලට දා තමන් උසස් යයි මානයෙන් ඉදිමුන කොටසකි. ලංකාවේදී ද එම උද්දච්චකම පෙන්වීමට අසල්වැසි සිංහලයන් තලාපෙලා ඇති බව අද ද තහවුරු වේ. මේ මාන්නාධික දෙමළුන් 1815 දී අධිතණ්හාවෙන් බලය නැති කරගත් විට, රහසේ සිංහල වෙස් ගත්ත ද, අද දක්වා තම ජන්ම ගතිය හැර නැත. සිංහලුන්ගේ දේපළ පැහැරගෙන උන්ගෙ රටේදීම උන් පිටරැටියන් කල වසලයන්  වනසා තම සම්පත් නැවත බෙදා දිය යුතු බවද සිංහලයන්ට කියමි. බලය ඉදිරියේ අසරණ වුවද භාෂාව තුලින් සිංහලයන් තම සිතේ ඇති හැඟීම් මුදා හැරීම කොතරම් අසිරිමත් ද?

අද සිංහලයන් එවැනීම පීඩනයකට භාජනය කිරීමට ඉංග්‍රීසි ආධිපත්‍යයය සමත් වී ඇත. ඉංග්‍රීසි බස මහ මඟ, අගු පිල් වල ලගින සුද්දාගේද භාෂාවය. සමහර නිවටුන් එය සම්භාව්‍ය භාෂාවක් ලෙස දැකීම මස් පුලුස්සාකෑම දිව්‍ය ආහාරයක් සේ දැකීමට නොදෙවෙනිය. බලයට කෑඳර උන් ඉංග්‍රීසි බස කරපින්නා ගෙන දෙමළුන් හැසුරුන ආකාරයටම සිංහලයන් පාගා ඇත. සිංහලුන්ගේ දේපළ පැහැරගෙන උන්ගෙ රටේදීම උන් තලන පෙලන ඉංග්‍රීසි වාදී වසලයන් වනසා තම සම්පත් නැවත බෙදා දිය යුතු බවද සිංහලයන්ට කියමි.

මම මෙතරම් සිංහලකම වෙනුවෙන් පෙනී සිටින්නේ එතුල සැඟවුන දැනුම කොතරම් අඟනේදැයි දත් නිසාය. තේරුම් ගැනීමට නොහැකි තරමටම අමාරු විෂයයක් ගැන ලියන්නේ ද දැඩි උත්සාහයකිනි. තේරුම් ගැනීමට අපහසුවීම රහසක් නොවේ. එහෙත් උත්සාහයෙන් තොරව ජයක් නැත.

මම නිර්නාමිකව ලිවීම ගැන අභියෝග කරන බව දනිමි. මා ලියන දෙයින් මා දැකීම අගයමි. මම සිංහලයන් ගැන දැන ගැනීමට කොතරම් උත්සාහ කරනවාද යන්න මෙම උදාහරණයෙන් කියමි. මම http://www.youtube.com/watch?v=l58wyPBBYd0 වීඩියෝවේ කොටස් හතරම බැලූ වාර ගණන සියය ඉක්ම වූවද නැවත නැවත බලමි. මෙය මහසොහොන් සමයමේ කොටස් ය. මා සියැසින් මෙවැන්නක් දුටුවේ වසර තිස් හතරකට පමණ පෙරය. මේ තුල කොතරම් සිංහල දැනුම රැඳී ඇත් දැයි වෙදකමේ එක් අංඟයක් වන ගුරුකම් ගැන කියන විට ලියමි. මේ දැනුමරැකගෙන ඉදිරියට ගෙන යන්නේ ගුරුලාය. බුධලා ගෙන යන දැනුම ගැනද කියමි. සිංහලේ බුද්ධලා නැත. මේ සියල්ලටම සිංහල බස අත්‍යාවශ්‍ය නොවේද?

කලින් ලිපියේ සිංහල හෝඩියේ අණුපිළිවෙළ ගැන කී විට සාධක විමසනු දුටිමි. කියන දේ කීමට පුරුදු කරන ඉංග්‍රීසි අධ්‍යාපනයට අනුව එය නිවැරදිය. එහෙත් සිංහල විදියට කන වැළ ඇල්ලීමකි. සිංහල හෝඩිය ප්‍රසිද්ධ දත්තයකි. එය ශබ්ද නගා කොතැන කට උල්වී අකුරු තුනක් කියවේදැයි නොබලා ප්‍රශ්ණ ඇසීම රහත්වීමට වෙනෙකෙකු දැනුම සොයනවා වැනිය.

අද තවත් වැදගත් දෙයක් ලියමි. සිංහල හෝඩියේ ඉරු ඉරූ හා ඉලු ඉලූ යයි අභාවයට යවා ඇති අකුරු හතරක් ඇත. මේ ඉකාරය දෙමළාගෙ වාචාල කටට සැකසුවකි. සැබෑ අකුරු ර්+උ, ර්+ඌ හා ල්+උ, ල්+ඌ ය. + ලකුණ එම ශබ්ද එකවර හඬ නැගිය යුතු යයි කීමට සංකේතවත් කලෙමි. සැබැවින්ම මෙම අකුරු දෙවර්ගය සිංහල හෝඩියේ ශබ්ද තුනෙන් දෙකක් (2/3) පමණ නියෝජනය කරයි. හෝඩියේ  නැති වුවද වහරේ එමට ඇත. වික්රම හා වික්‍රම යන වදන් වල, ක්ර හා ක්‍ර එකම නොවන බවට ඉඟි කරමි.

බොහෝ හීළෑ ගව අධ්‍යාපනයේ නියැලෙන්නන්, පර වචන වලින් සිංහල බස පෝෂණය වනවා යයි කීම සියදිවි නසා ගැනීමට වස පානය කිරීමෙන් පිපාසය නිවෙනවා යයි කියනවා වැනිය. ඉහත ඌරෙකුගෙ කතාවෙන් එය පැහැදිලි කලෙමි.

අද අසභ්‍ය වචනයක් යයි කියන දරුඵල ගන්වනවා යන අදහස කියන වචනය නැති නිසා සිංහලයන් නපුංසකයන් යයි පෙන්වීමට තරම් සමහර බෞද්ධයන් සමත් වී ඇත. ඒ වෙන ගැලපෙන වචන නැති නිසාය.

සංසේචනය මෝචනය වැනි වදන් කොතරම් පර දැයි කියනවා නම් සිත නිහඬ කරවන සුළුය. එහෙත් හ්ප් හ්ප් හඩින් නැගුන ස්වාභාවික වදන කොතරම් සිත ඇදගන්නවාද කියනවා නම්, එය බහුලව යෙදීමට තරම් ගෞරවණීය වදනකි. යමෙක් කී පමණින් බසක වචන හැරයාම බරපතල අපරාධයකි. වචන යනු ශබ්ද ගොනුවක් යොදා අරුත් දීමට ගෙතු සංකේතයක් මිස, ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදිය යුතු කෑම වැනි දෙයක් නොවේ. අද බාහිර බලපෑම් නිසා අසභ්‍යකරණය වූ සමහර වදන්, අතීතයේ රජුන් ඇමතු කලක් ද විය. උදාහරණ ලෙස, අද ව්‍යවහාරයෙන් බැහැර කර ඇති අඩා, අඩෝ, මුල් කල රැහේ නායකයා ඇමතූ වදනය. එය පසුව තෝ (Thou - you) විය.  අඩා යන වචනය නොවන්නට ඇඩම් යන වචනය බිහි නොවනු ඇත. පසුව උඹ නුඹ විය. අද ඔයා යයි කීමට බලකරන විට, අප කොතරම් ගැහැණුකරණය වී ඇති දැයි සිතේ.



Saturday, 19 January 2013

දැනුම - සිංහල අරුත

අද දැනුම ඇත්තකු බව පෙන්වීමට නම් අධ්‍යාපන සහතික තිබිය යුතුය. මේවා ගත් උදවිය ඉතාමත් ආඩම්බරයෙන් තමන් දත් බව පෙන්වති. තමන්ගේ මතය ලෙස පිටු ගණන්, පොත් ගණන් ලිවීමට අනුන්ගෙන් උපුටාගත් දේ අලවති. කියන කතාවකට අසන ප්‍රශ්ණයකට එවැනි යමෙකුගේ කතාවක් නොකියයි නම් එය වැදගත් නැත. මට මේ ගතිය අහිමි වූයේ කුඩා කල ය. ඉස්සර හිටපු යෝධයකු රා කළ සොලොස් දහසක් බීවා යයි කියපු  කතාවක් මගේ වැඩිමහල සොහොයුරෙකුට කීමි. ඒකා මට පරිභව කල විට, මම පොත ඔසවාගෙන ගොස් පිටුව පෙරලා ඒ කතාවේ කොටස පෙන්වීමි. ඔහු පිළිගත්තද මට එදා සැකයක් පහල විය. අද ඒ කතාවේ ඇත්ත මම දනිමි. ඉස්සර හිටපු යෝධයා බීවේ කළ දහසයකි. මේ කළය බීමට යොදා ගත් එකක් මිස අද ඇති ජලය රැස්කර තබාගන්න ලොකු කළය නොවේ. අද වචනෙන් කෝප්පය වැනිය.

මෙවැනි නොදැනුම හා අතිශයෝක්තිය නිසා ලියන දෑ කොතරම් අප නොමග යවා ඇති දැයි කියනවා නම්, මම කියන කිසිදු දෙයකට අනුන්ගේ පොතකින් උපුටා නොගනිමි. සැබෑ දේ ද පොත් වල ඇත. එවැනි දෑ බාහිර දත්ත ලෙස ඉදිරිපත් කරන්නේ යමෙකුට තවත් මගකින් මා කියන දෙය දැකීමටය.

කලකට පෙර මා කියන්නට පටන්ගත් දේවලට කිසිදු පුනරීක්ෂණය කල පොතක් නැත. එසේ මා ලියූ එක රචනයකට එවැනි පොත් නාමාවලියක් අත්‍යාවශ්‍ය වූ නිසා ඊට පෙර මා බැලූ ඉතා පැරණි පොත් කිහිපයක නම දුනිමි. අද එය අධ්‍යාපනයට අළුතින් එකතු වූ  ක්ෂේත්‍ර කිහිපයකට විහිදුනු භාවිතයේ ඇති ප්‍රබල විෂයයකි. එම විෂයයට මා ඉංග්‍රීසියෙන් කී ගෙතූ වචනයද යෙදේ. අරුමයකට ඇත්තේ රහසක් ලෙස තිබූ මේ රචනයේ පිටපතක් සොරෙන් ගත් දෙමළෙකු, මා කී විෂය කරුණු ඇරඹුනේ, අර නාමාවළියේ පැරණිම පොත ලියූ සමයේ යයි කීමය. මේ බව විකිපීඩියා වලටද එකතු වී ඇත.

මම මෙසේ කතාව පටන් ගත්තේ මම නොදන්න දෙයක්, අනුන්ගෙ කීමක් ගෙන දැක්වීමට මා සහජයෙන්ම අකමැති නිසාය. මේ ගතිය කුහුළක් දැනුනු දෙයක් මෙන්ම, පවතින අධ්‍යාපන ක්‍රමය තුල විභාගයකින් සමත්වීමට ඉතාමත් ප්‍රබල බාධකයක්ද විය. සපුරා දැන ගැනීමට දැඩි වෙහෙසක් ද දැරීමි. හැම අභියෝගයකින් ම ජයගත් මට, මා කී දේත්, පොත පතේ ඇති දේත් කොතරම් පරස් පරදැයි කියනවා නම්, ඔවුන් ඉගැන් වූ දේම මම කියනවා යයි ඔවුන් මුලා වූ බව දකිමි.

මේ ගැන සොයා බැලූ විට, අද සිංහල යයි හඳුන්වා ගන්නා සියල්ලන්ටම අහිමි වූ, ඒත් කතාවෙන් ක්‍රියාවෙන් අරුත් දෙන අතිවිශිෂ්ට දැනුම ලබා ගැනීමේ විදියක් පැවති බව පෙනේ. එය සැබැවින්ම අද පවතින ක්‍රමයට ප්‍රතිවිරුද්ධය. සිංහල විදියට, අනුන්ගේ දේ උපුටාගෙන තමන්ගේ දේ ලෙස කියන්නේ බොරු කරන උන් ය, මෝඩයන් ය, නැතහොත් රැවටීමට වෙර දරන වංචණිකයන් ය, චාටු කාරයන් ය, මානසික ආබාධිතයන් ය. මෙසේ කීවේ ආදි සිංහලයන් සපුරා ප්‍රතික්ෂේප කල බව පෙන්වීමටය.

එසේ නම්, සිංහලයන්ට ආවේණික වූ දැනුම ලබාගන්නා විදියක් තිබුනේ දැයි විමසමු. එම ක්‍රමය අද ද සිංහලයන් අතර පැවතෙන බව කියමි. එය අතහැර අද පවතින ක්‍රමය ඉහලට ගියේ, නොයෙකුත් වෙසින් ආ සංක්‍රමණික පැවැතුම් නිසා බව පෙනේ. ඒ, දැනුම ලබාගැනීමට වඩා තමන් දන්න බව පෙන්වීමට වචන යොදාගැනීමය.

අද පවතින ඉංග්‍රීසීන් බලෙන් පැටවූ අධ්‍යාපන ක්‍රමය තුල, ගුරා කියන දේ එසේම පැවසීමත්, ගුරා කරන දේ එසේ කිරීමත් විශිෂ්ඨ ප්‍රථිඵල දෙන කාරියන් වේ. ගුරා කියන දේ ද, කරන දේ ද එලෙසම ලැබූ දේවල්ය. එසේ නම් මෙම ක්‍රමය කෙසේ කවදා කා වෙනුවෙන් බිහි වීද? ඕපපාතික හෝ මැවීම් සංකල්ප බොරු බව කලින් කීමි. ඒවා බැහැර කල විට මෙම ඉගැන්වීමේ විදියට නියත හේතුවක් තිබිය යුතුය. එසේම සිංහලයන් පිළිකුලෙන් බැහැර කිරීමටද හේතු තිබිය යුතය.

දැන් පවතින විදිය පොදුය. එයද බිහි වූයේ සිංහලයන් අතරය. ඒ මීට බොහෝ කලකට පෙරය. මිනිසුන්ට සහායට වෙනත් සතුන් යොදා ගැනීම එක් කලෙක ඇරඹින. එකල අනෙක් සතුන් හීලෑ කර, විවිධ කාර්යයන් පුහුණු කලේ අද අධ්‍යාපන ක්‍රමය වී ඇති උපක්‍රම වලිනි. කියන දේ කල යුතුය. නොකලේ නම් දඬුවම් ලබයි. කොටුකර, ගාල් කර, එකම උපක්‍රමය සියලු සතුන්ට භාවිතා විය. මූලික අවශ්‍යතා පාලනය කර එම කියන දේ ඉටු කරගත්තේ, කෑම බීම වැනි අත්‍යාවශ්‍ය දෑ අවනත කරගැනීමට අල්ලස් ලෙස දීමෙනි. බිය ගැන්වීමද කෙරින. විශේෂයෙන් ම, කලින් කියන දේ එලෙසම කිරීමට පුරුදු කර ගත් සතුන් යොදා, අළුතින් අල්ලා ගත් සතුන් හීලෑ කිරීමට මුල් තැන දුන්නා. මෙම උපක්‍රම තුල හීලෑවීමට භාජනය වූ සතුන් ගේ අවශ්‍යතා ගැන කිසිදු තැකීමක් නොවීය. හීලෑවූවන්ගේ පැටවුන් නිරායාසයෙන් හීලෑ කිරීමට ලක් විය. එසේ නම් මෙවැනි තිරිසනුන්ට සැකසූ දෙයක් කෙසේ මිනිසුන් අතරට ආවේද?

කැලෑ ගති අතහැර මිනිසුන් වූ පසු, විශේෂයෙන්ම මහසම්මත මනු තැනු, අද නිමාවට යන ඒකපුද්ගල පාලන රටාව තුල, නායකකමට ළංවූවන්, නිලතල යොදා තමන්ගෙ තැන වඩා ගැනීමට යාම නිසා සමානත්වය දෙකඩ විය. උන් හා අපි, කෙරුමන් සහ බැරි උන්, දෙවියන් (Lords) සහ පොදු උන් (Commoners) බිහිවීම තුල, හීළෑ සතුන් ආපසු ලැබීමක් නොමැතිව ජීවිතයම මිනිසුන්ට දර දිය ඇදි සේ, ආපසු ලැබීමක් නොමැතිව ජීවිතයම මිනිසුන් ගේ දරදිය ඇදීමට, කරන කියන දෑ තේරුම්ගත හැකි මිනිසුන් බිහිකිරීමට මෙම උපක්‍රම යෙදීම සිදු විය.

මෙවැනි දෑ වීමට කම්මැලියකු සිටිය යුතුය. ඒ තේමිය කුමාරයා යයි අද හඳුන්වන කෙනාය. ඔහු නිසා මිනිසා මිනිසාට නැමෙන, ගරු කරන හැසිරීම බිහිවිය. අන් අයට වඩා උඩින් සිටි මිනිසුන් බිහි විය. ඒ බව දක්වන නූතන වචන වන තුමා, තෙමේ, තොමෝ යන වචන තේමියගේ නම මුල් කොට බිහි විය. මම කලිනුත් මෙවැනි දේ කීවේ හැම වචනයකම මුලක් ඇති නිසාය.

එසේ නම් අප අද හීළෑ වීමට පාසල් යමු. ගැල අදින ගවයන් සේ අනුන්ට බැල මෙහෙවර කිරීමට ජීවිතය කැප කරමු. කියන දේ කරන හරකුන් වෙමු. ගැල අඳින ගවයා තමන් කුමකට ගැල අදින්නේදැයි නොදන්නා සේ, අපද කලයුතු ඇයි කියා නොදැන, කියන කියන දේ කර, දෙන දෙයකින් යැපෙන ගවයන් වූවෙමු.

මෙම තිරිසන් විදිය සිංහලයන් කොතරම් පිළිකුල් කලාද කියනවා නම් දැනුමෙන් ඉහලම තලයක සිටි තේමියට රට හැර දා යාමට සිදුවිය. ඔහු කෙතරම් ප්‍රබල බැඳීම් ඇත්තකු යයි සිතනවා නම්, තමන් සමඟ සිටි හැකියාවන්ගෙන් අණූන වූවන්ද සමඟ රටෙන් පිට වූයේ අද දක්වා සිංහලයන්ට එවැනි හැකියා ඇති උන් අහිමි කරමිනි.

ගිය තෙමෙ හෙවත් ගෝ(go)තම යයි පසුව අන්වර්ථ නාමය දැරු තේමිය යනු ඉංග්‍රීසි ජාතිය බිහිකල කුමාරයා යයි උන්ගේ ඉතිහාසයේ ඇත. අද උන් ලොවටම ඒ විනය කැටීම කල බව කියමි. එහෙත්, මම වටේ ගියේ උන් ළඟ ඇති වෙන යමක් කීමටය. මෙසේ සිතා මතා මිනිසුන් හීළෑ සතුන් බවට පත් කර, ඉන්න, හිටින්න, කන්න, බොන්න ඕන දේ ද නිකම් නොදී, මිනිසුන් තිරසන් සතුන්ටත් වඩා පහලට දැමුවද, තමන්ගෙ උන්ට මෙම විදිය නොයෙදීම ගැනය. උන් උන්ගේ එවුන්ට දැනුම දෙන විදිය සිංහලයන් යොදාගත් විදියේ දෙයක් වීම කොතරම් විපරිතද? අද ද, උන්ගෙ දරුවන් එම විදියට වැඩී ලෝකයම තම අණසකට යටත් වූ හීළෑ මිනිසුන් කර ඇත.

සිංහලයන් ලෙස, අද දැනුම දෙන විදියට කුපිත වී ප්‍රබලයන් රටෙන් නෙරපීමට තරම් දියුණු මනසක් ලැබුනේ සිංහලයන් දැනුම ලබාගත් විදිය නිසාය. එතුල සැබැවින්ම දැනුම ලබාගත යුත්තේ තමන්ගේ උත්සාහයෙන් බව පැහැදිළිය. අනුන් කරන කියන දේ තම උත්සාහයෙන්ම දැන ගත යුතුය. මේ ගැන කීමට සිතුවේ මා සිංහලයන් සතු දැනුම ගැන කීවද, මගේ අදහස කටපාඩම් කිරීම නොව එතුළින් ගොස් තමන්ම දැන ගැනීමය.

ඒ ක්‍රමය පැහැදිළිව ගෙනහැර පෑම අයුතු වූවද, එය මෙලෙස ව්‍යංඟයෙන් කියමි. යමෙක් යමක් කලේද ඔහු කල හැටි දන්නේය. ඔහු කරන හැටි දුටුවෙකු තමන් දුටු දේ දන්නේය. ඔහු කරන හැටි ඇසුවෙකු තමන් ඇසූ දෙය දන්නේය. අනෙකෙකු (තෙවැන්නෙකු) මෙසේ ඇසූ දුටු දෑ කියන්නේ නම් තමන්ට අවබෝධ වූ තරමින් ඇසූ දුටු දෑ කියන්නේය. බොහෝ විට එවැන්නකු නොතේරුන වැදගත් දේ අත හැර කියන බව කියමි.

හැම වචනයක් ම දැනුම දෙන්නට හැදූ සංකේත බවත්, ඒ වචනයට මුලක් ද, මුල් වූ දැනුමක් ද ඇත. යමක් දන්නෙකු වන්නේ වචනයෙන් දැනීමටත් වඩා, ස්වභාවයෙන් වචනයට මුල් වූ දැනුම දත් විටය. එය දෙවියකු හෙවත් දන්න අයකු වීමටද ඉවහල් වේ.

සිංහලයන් සතු දැනුම ලබා දුන් ක්‍රමය ඉතා අඟනේය. ගුරුලා ක්‍රියාවෙන් ගතේ දැනුම දුන් අතර බුධලා වචනයෙන් සිතේ දැනුම දුන්හ. හිරු සඳු හෙවත් පියා හා මව මුල් දැනුම ජාතකයෙන් දුන්හ. අනෙක් ග්‍රහ නාමද ආවේණික දැනුම මිනිසාට දුනි. මිනිස්කම නැසුනු විට ඒ සිංහල විදියද පීඩාවට ලක්ව ඇත. සිංහලයන්ට තම දැනුම සෙවීමට සිංහල විදියම යොදා ගත යුතුය.

අද ගෝතමගෙ නම ඈඳා බුධ නොව බුද්ධ යයි ඇදල වචන කියන කෙනෙකු දුන් දැනුමද අර තෙවැන්නෙකු "ඇසූ දුටු දෑ කියන්නේ නම් තමන්ට අවබෝධ වූ තරමින් ඇසූ දුටු දෑ කියන්නේය" යයි කී ලෙස, ඇහිඳගත් සිංහල දැනුම උඩුයටිකුරු කර කියා ඇත. මා කලින් ජීවය බිහි වූ හැටි සිංහලයන් දත් අයුරු පැහැදිලි කලෙමි. එහිදී හින්දු බෞද්ධයන් හා යුදෙව් ක්‍රිස්තියානින් යෙදූ විදි දෙක ගැන ද කීමි. සැබැවින්ම මේ දෙක එකතු කල විට, අවබෝධ වූ තරමින් ඇසූ සිංහල දැනුම බව පෙන්විය හැක. තමන්ට තේරුම් ගත හැකි වූ ගත පමණක් ගෙන සිත ගැන කී දේ ද ගතට යොදා ආත්ම අනාත්ම විකාර මවා ඇත. තේරුම් නොගත් තැන් පිරවීමට, හින්දු බෞද්ධයන් ඕපපාතික වීමද, යුදෙව් ක්‍රිස්තියානින් මැවීමද යොදා ගෙන ඇත. සැබැවින්ම වචන දෙකම එකම අදහස ඇති, නොදත් බව වසන වචන හරඹයන්ය. ඒ අතින් සිංහල දැනුම යනු ස්වාභාවික දැනුමය.

අමතර තොරතුරු:

මම ලියන විට සිතට එකඟව ලියමි. යමෙකුට නින්දාවක් වේ නම්, එම කොටසට මමද අයත් වන්නේ, මා ලියන සියල්ල මවිසින් සොයා ගත්තේ අත්විඳීමෙන් මිස, යමෙක් කී දෙය අනුගමනය කිරීමෙන් නොවේ. අපේ අත්දැකීමට අප වැරදි කරුවන් වෙන්නේ, සිතා මතා දැන දැනම යම් හැසිරීමකින් අත්දුටු විටය. උදාහරණයක් ලෙස, අධ්‍යාපනය තුලින් අප හීළෑ ගවයන් සේ වීම අපට පාලනය කල නොහැකි බලෙන් පැටවූ දෙයක් නිසා අප වැරදි කරුවන් නොවේ.

අද පවතින මිනිසුන්ට යෙදූ සතුන් හීළෑ කිරීම පදනම් වූ ඉංග්‍රීසි අධ්‍යාපනය තුල බිහිවන්නන්ගේ එක් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, දෙක සමත් වුවත්, අට සමත් වුවත්, සාමාන්‍ය පෙළ/උසස් පළ සමත් වුවත්, උපාධිධාරී, උපාධිපති, ආචාරී, මහචාරී, පට්ටම් ලැබුවත් සිතන විදිය එකම වීමයි. ඒ තමන්ට වඩා අන් අය නොදන්නා බවය. සැබැවින් ම, මේ සියල්ලන්ම දන්නේ එක දෙයකි. එනම් ගුරා/අධීක්ෂක කියන කියන පදයට නැටීමය. නිවැරදිව නැටුවොත් සමත් වේ. ඒත් විශිෂ්ඨ ලෙස හීළෑ වීම, ආචාරී මහචාරී පට්ටම් ලැබීමට සුදුසු කමකි.

මට මේ බව තේරුනේ ඉංග්‍රීසි මහාචාරියකු යටතේ උපාධිපති කට්ටක් ගැනීමට ගිය විටය. මම කියන දේ වෙනුවට මම දත් දේ කීමි. වසර තුනක් කාලය නාස්තිකර, මහාචාරියා, තමා මම කියපු දේ තේරුම් ගැනීමට බැරි මෝඩයකු බව පිළිගත් විට, ගුරු භක්තිය සුන් විය. වඳුරු තොප්පිය බල කර දා ගතිමි. අද ඒ රචනය, ආචාරීන් දහස් ගණනින් නිපදවන යන්ත්‍රයකි. අනිවාර්ය විෂයකි. වැරැද්දකට තියෙන්නේ උන් කියන කියන පදයට නටන සව්දමේ, මා කී දේවල් හැලීම නිසා බරපතල අඩුවක් තිබීමය.

මා මේ අධ්‍යාපනයට සරදම් කලේ බොහෝ කලකට පෙරය. එය පසුව ප්‍රසිද්ධ දේශීය දේශපාලුවන්ගෙ කතාවක් විය. එහෙත් මට හැර, හීළෑචාරි දෙක සමත් සිට මහාචාරි වුවද, මේ වෙනුවට මිනිසුන්ට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක්  බිහිකළ හැකි අයෙක් සිටී දැයි දැනගන්නේ නම් යහපති.


කාලීන තොරතුරු - 1

මගේ උත්සාහය සිංහලයන් බිහිවීමේ සිට අද දක්වා කල කී දෑ මත ඔවුන් හිමි කරගත් උරුම කරගත් ඉතිහාසය ගොඩ නැගීමය. ඒ මත අනාගත සිංහල ගමන ගැන සවිස්තරව තොරතුරු සැපයීමටද සිතමි. ඒ අතරේ අපි ජීවත්වන අද ගැනද සංවේදීව සිටිය යුතු වෙමු. අද සිංහලයන් ගෙවන්නේ පරිහානියේ පහලම තලයේය. එය කොතරම් බරපතල දැයි කියනවා නම්, සිංහලයන් යයි හඳුන්වාගෙන, සිංහල බසින්ම සිංහල විරෝධී දෑ කියන උන් බොහෝය.

සංක්‍රමණියන්ට තමන්ගේ කියන්නට උරුමයක් නැත. නතර වූ තැන ගති ගැනීම මෙන් ම කලින් හිටපු තැන ගති වලට ගරහමින් සිටීම උන්ගේ ප්‍රධාන අංඟයකි. අද සිංහලෙන් ලියන ලිපි හා එතුලින් කරන සංවාද කොතරම් අසිංහලද කියනවා නම්, ඒවා කියවූ විට ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මගේද වගකීමකි. එසේම හිතවතුන් අසන පොදු වූ කාරණා වලටද පිළිතුරු දෙමි. මේ පිටුව මා එසේ ලියන දෑ ඇලවීමටත්,  අසන කරන පොදු සංවාද වලටත් යොමු කරමි. සිංහලයන්ට නිගරු නොකර, කරන දේ මෙහි සංවාදයට විවෘර්තය.

මෙහි සරල සිංහල කතා ශෛලියය යොදා ලියූ වචන ඇති බව සලකන්න.

http://chithula.blogspot.com.au/2013/01/18.html

Anonymous One orig 19 January 2013 13:24

කෝරාළ,

ඕවා ඉතින් ජන්මෙන් එන ගති නොවැ. ඉවරයක් නැතිව දුම් බොන උන් තමයි තම්බි. උන් තමයි කුඩු කාරයෝ. ඇට වැල මිරිකන්නෙත් උන්. ලෝකෙටම ඕවා පුරුදු කලෙත් උන්. හේතුව උන් මනසින් බොහොම අස්ථාවරයි. ගැහැණු දැක්කමත් සතුන් වගේ නිසා, උන් ගෑණුන්ට බලෙන් රෙදි ඔතල මමියෝ කරල.

මටත් නවක වදේදී බලෙන් පෙව්වා. ඒත් කවදාවත් ඕන වුනේ නෑ. බොහෝ ගති අම්ම තාත්තගෙන් එන්නෙ. හොර ගති, බලු ගති, කැත ගති අපේ ඉස්සර කට්ටිය කල ඒවා තමයි. ඒවා කරන්නම හිතෙන්නෙ ජන්මෙ තමයි. එහෙම නැත්නම්, ඇමරිකන් කාරයෝ උපායෙන් ඒවා ඇබ්බැහි කරල. රූප රාමු වලට දාල, පිනට දීල විතරක් නොවෙයි උත්තේජක දාල ඇබ්බැහි කරල පාරිභෝගිකයන් බිහි කලා.

දුම්බීම, සුරාව, තේ, කෝපි වැනි දෑ පරාජිතකමේ ලක්ෂණ. මම දන්න එකෙක් පුදුම බීමක් බිව්වා. දවසට පැකට් දෙක තුනක් ගත්තා. මම ඌට ඇත්ත කීවා. උගේ ගති ආවේ පරංගින්ගෙන් කිව්වා. ඊට පස්සෙ බීම නැවතුනා. දුම් බීම, සුරාව, අනඟ රැඟුම් අපේ රට ආක්‍රමණය කල උන්ගෙ වැදගත් සමාජ සම්මත ක්‍රියා. නීතියෙන් නැතත් කාගෙ කාගෙත් කිල්ලෝට වල හොරට දාපු හුණු තියෙනවා.

ඕක මානසික ප්‍රශ්ණයක්. දැඩි වෛරය, පිළිකුල, ඔය ඕන දෙයක් එපා කරන දිව්‍ය ඖෂධයක්. ඒ මානසික ප්‍රවනතා තියෙන්නෙ ගැලවීමටයි.

Thursday, 17 January 2013

ජීවය කුමක් දැයි හඳුනාගමු - ආදි සිංහලයන් දැන සිටි විදිය

මීට පෙර ලිපියේ මම මගේ උත්සාහයෙන් ජීවය කුමක් දැයි සොයාගත් විදිය කීවෙමි. දැන් ආදි සිංහලයන් කී දෑ වලින් අද වන තුරු ඉතුරු වී ඇති තොරතුරු මත මෙසේ ලියමි. මෙහිදී පරගැති අය ගෙතූ කතා බැහැර කරන්නේ ඒවා නොවැදගත් නිසාය. මම දැඩි ආයාසයකින් මේවා ලියන්නේ සිංහලයන්ගේ පරිහරණයටය. ඔබ සිංහල යයි සිතේ නම්, මේ මම ලියන්නේ ඔබ අද නියෝජනය කරන මිනිසුන්ගේ වගතුගයි. එම නිසා කාලය නාස්ති කිරීමට නොව දැනගත යුතුම දෙයක් කොට හදාරන්න.

අද බොහෝ සිංහල දැනුම වෙනුවට පර මත ගොතා ඇමිණීම නිසා නිවැරදි බව නැසී ඇති තොරතුරු අත් හල විට, මහායානිකයන් තම ඇවැසිතාවලට කපා කොටා සැකසු ලංකාවතාර සූත්‍රයත්, ක්‍රිව 1815  දී සිංහල රට අල්ලාගත් ඉංග්‍රීසීන්ගෙ ඇවසිතා සපුරාලීමට ලියූ History of Ceylon from the Earliest Period to the Year 1815: With ... By Philalethes (http://books.google.com.au/books?id=OkxFuKoEzBcC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false) ත්, යමෙක් ලිඛිත තොරතුරු ලෙස ඇවැසි නම් ගත යුතුය.

සිංහලයන් තම ජාතිය බිහිකලේ හිරු දෙවියන් යයි කියති. අද වන විට හිරු යනු සූර්යයා යයි කීවද හිරු යනු කෙනෙකුගේ නම බව භාෂාවේ ඇති වචන වලින් පැහැදිලිය. හුරා යනු හිරු යන නම ම අනුවර්තනය වීමක් ලෙස පෙනේ. හේ, ඔහේ, ඔහු (He) යන වදන් මේ වචනයෙන් බිහි වූ ඒවා ලෙස දකිමි. මෙවැනි වහර සිංහල භාෂාවේ බොහෝ ඇත. නායකයාගේ නම පසුව පොදු නමක් වීම, මහසම්මත මනු නමින් මනුසතා හැඳින්වීමද කියයි.

රාහු යන හුරා (හිරු) උඩුයටිකුරු කර සැදූ ජීවිත දැනුමට අදාළ සුවිශේෂ නමකි. හිරු ගැන බොහෝ ජාතීන් දැන සිටියේ සූර්යයා ලෙස බව ඔවුන් ඇදහූ ආකාරය අනුව පෙනේ. මෙම අරුත් වෙනස දෙමළකමෙන් නැගුනු විපරිතයකි. දස අවතාර ඇති රාවනා නම් කෙනෙකුට හිස් දහයක් ඇඳ විපරිත කලේද දෙමළකමය. එසේම, අඩා යන සිංහල පිරිමි නමත් ඊ යනු ගැහැණු නමත් මත කී දරුවන් බිහිවීම ඇඩම් හා ඊවා මැව් කතාවට ගියේද දෙමළකමේ විපරිතබව නිසාය. මේවා කීවේ වඩා බරපතල යමක් කීමට ය. බොහෝ දැනුම ලැබුනේ මහසම්මත මනුගෙන් නිසා, මනු යන වදන බහුඅර්ථ දීමට ගෙන ඇත. උදා හරණ ලෙස මත්‍ස්‍ය මනු යනු දස අවතාර බලැති ඉතා දිගු කලක් සිටින අයකු ලෙස හින්දූන් තමන්ට රුචි ලෙස කියා ඇත. එසේම විශ්ව මනු (වෙසමුණි, විෂ්ණු) වැනි නම් ද ගෙන වඳුරු රුවකින් පෙන්වීමද කර ඇත. එසේම බ්‍රහ්ම නම් ජීවීන් මැව් මහා බලගතු දෙවියකු ගැනද කියනවා. මෙම බ්‍රහ්ම නම් නූතන හින්දු පදයේ හ් ආවේ හිරු යන වචනයෙන් බව සිංහල වචන හින්දියට යන විදියෙන් පෙන්වයි. උදාහරණ ලෙස සිංහල  වචනය දෙමළෙන් ඉල වූ බවද සිංහලයෝ යන වචනය සයිලාඕ ලෙස පරංඟි කී බවද බැලූ විට විශාල ශබ්ද හැලීමක් වචනයට වෙන බව කිව හැක. දෙමළෙන් ඉල වූ සිංහල වචනය හින්දු වීමේදී ල දක්වා සිඳිනි. අද ලංකා කියන්නේ ල ගැහැණුකරණය වීමෙනි. මෙම බිඳීම භාවිතයට වඩා ජන්ම ගතියක් බව කිව යුතුය. එසේ නම් බ්‍රහ්ම කියන්නේද හිරුමය.

ඉහත කී සියලු වඳන් යටතේ විසිරී ඇති දැනුම ගත් විට හිරු යනු සියලු ජීවින් බිහි කල කෙනා බවත්, විපරිත දෑ හල විට ඔහු (හිරු) යනු මා කලින් කී සුවිශේෂ ජීවියාට කෙතරම් සමීපදැයි දැන ගත්තේ මගේ සෙවීමට බොහෝ කලකට පසුය.

අර්ධ දැනුමෙන් ඉතිරි වී ඇති, බෞද්ධයන් නොදැනුම නිසා අතහැරියද, සිංහලයන්ගෙන් ගෙනගිය දැනුමේ කොටසක් වන ලංකාවතාර සූත්‍රය වැදගත් තොරතුරු සඟවාගෙන ඇත. එකක් වන්නේ ගත හැරි විට ඉතුරු වන අවතාරයයි. සිංහල වෙදහෙදකමේද මේ ගැන ප්‍රබල යෙදුම් ඇත. අවතාරය නොමැරෙන දෙයක් ලෙසද දක්වා ඇත. එසේම ජීවින් බිහිවීමේදී සිතේ ප්‍රබල බවත්, අප වටා ඇති සියල්ල සිතිවිලි වලින් බිහි වූ දේ ලෙසත් පෙන්වා ඇත. අනවබෝධය නිසා සිතේ යථා ස්වරූපය නොදැන කීවද, තිබෙන නිවැරදි දත්ත කෙතරම් මා ගොඩ නැඟූ ස්වාභාවික ඇත්තට බැඳි ජීවීන් බිහිවීම, මෙම අර්ධ තොරතුරු වල මූලය ලෙස දිග හැරේ.

කාලයාගේ ඇවෑමෙන් දියවී බොඳවී හෑල්ලු වූ සිංහල දැනුම තුල මා දුටු ස්වාභාවික ඇත්ත එලෙසම තිබිය යුතු බව මෙම දත්ත සමඟ ආපසු ගමන් කලවිට තහවුරු විය. මේ අනුව හිරු, කලින් කලට මිනිසකු වන, දැනුමෙන් අණූන වූ, සිතේ බලයද ගත්තකු බව තහවුරු වේ. මායාවරුන් හිරු දෙවියන් ඇවිත් නව යුගයක් ඇරඹීමත්, සිංහලයන් දී ඇති අනන්‍ය තොරතුරු අනුව උපන් දියසේනද හිරුගේ නැවත ඒමක් කියයි.

සූර්යයා යනු සූ ගාන වේදනාව දෙන රැස් විහිදුවන ගිනි ගොඩක් මිස ජීවියකු නොවන බව අපි දනිමු. එය ද්‍රව්‍යයන් කඩා බිඳ දමා ජීවීන් බිහිවීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය දෙන ගත හිමි ස්වභාවයේ හිමියා වන අප වටා ඇති භෞතික ස්වභාවයේ ප්‍රධාන අංඟයකි. හිරු යනු සිත අයත් ස්වභාවයේ සිත බිහිකිරීමට දායකවන්නා බව තහවුරු වේ. සූර්යාගෙන් අණුද්‍රව්‍ය රැස් ලෙස විහිදේ නම්, හිරු රැස් ලෙස හිතට දැනුම දෙන දායකයා ය. ඒවා සිත හදන දැනුම ලෙස ගත් විට හිරුද සූර්යයා මෙන් ජීවීන් බිහිවීමට අවශ්‍ය සිත හැදීමට රා (ray) දෙන කෙනාය. මෙම සමානතාවය උපමාවෙන් කී විට වරදවා තේරුම් ගෙන, හිරු කියන්නේද සූර්යයා ම යයි නොදැනුවත්කමින් පටලැවුනා විය යුතුය. ජීවීන් බිහිවීමේදි ගත හා සිත බිහිවෙන ආකාරය කියන විට මේ පැටළිලි නිරාකරණය වනු ඇත. මෙහිදී සූර්යයා යන වදන, රැසින් පීඩා වූ විට සූ ගා පිඹින හඬ පසුව සූර්යයා වූ බව පෙන්වයි. Sun (Su) යනුද සූර්යයා මිස හිරු නොවන බව He (හේ) යන වදන නිසා පැහැදිලිය. මූළික ඉංග්‍රීසි වදන්, සිංහල වදන් විචාරයට සමාන්තර ලෙස යෙදුවේ විශේෂ හේතුවක් නිසාය.

බොහෝ විස්තර සොයාගත හැකි වුවද, මා ස්වාධීනව ගොඩනැඟූ ස්වාභාවිකව ජීවීන් බිහිවන ආකාරය, ආදි සිංහලයන් කී තොරතුරු වලට කොතරම් සමීප දැයි කියනවා නම්, ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දැන සියලු දෑ කී බව පැහැදිළිය. නූගත් සංක්‍රමණිකයන්ගෙන් නොනැසුනේ නම්, එම දැනුම අද ද සිංහලයන්ට මග පෙන්වන බව කියමි. ඒ පාඩුව මැකීමට මට හැකිවීම,  සිංහලකම රැකීමට ඉවහල් කර ගනිමු. මලකඳන් වැනි දෑ නැගිටිනවා යයි කීම වැනි සංක්‍රමණිකයන් කී බොරු නිසා නොසලකා ඇති සිංහල දැනුම කොතරම් වටිනවාද? බොහෝ අය, විශේෂයෙන්ම, මිථ්‍යාවාදී බෞද්ධයන්ගේ පීඩනය නිසා නොකියන, සිංහලයන් සතු අද්භූත යයි සිතන දෑ මට කියන්නේ නම් මට මහඟු දෙයකි. ඒ සිංහලයන් බොරු නොකී බව මම දන්නා බැවිනි.එවැනි දෑ අද හැකියාවන්ට සරිලන ලෙස අරුත් දීම අපේ වගකීමකි. විශේෂයෙන්ම මානසික හැකියාව පිරිහුන උන් බහුතරය නිසා, සිතින් දියුණු ආදි සිංහලයන් කී දෑ නොතේරුම නිසා බැහැර කර, තමන් ගෙතු මත දිනවීමට මාන බලති. එවැන්නන් නිසා අහිමි වූ දැනුම බොහෝය. එය නැවතීමට මග ඇහිරිය යුතුය.

Monday, 14 January 2013

ජීවය කුමක් දැයි හඳුනාගමු

අප බොහෝ දේවල් දැනගන්න උත්සාහ කලාට, අප ගැන මොනවද දන්නේ? අප ගැන නො දැන වෙන දේවල් ගැන සොයන කොට, ඉන්න තැන නොදැන යන්න ඕන තැන සොයනවා වගෙයි. මේක ඉතාමත් වැදගත් වන්නේ ඒ ගැන මෙතෙක් ඇසූ කතා වෙන ලෝකෙක ඉන්න ජීවින් ගැන කියනවා වගේ නිසයි. හතර අතේ ඉන්න,  කිසිදු අද්භූත හස්තයකින් නොව, කිසිදු ආයාසයකින් තොරව බිහිවන ජීවය ගැන කියන කොට ඒ ඔක්කොම අප අවට තියෙන ජීවීන්ට කෙලින් ම සම්බන්ධ වෙන්න ඕන. ඒත් සමහරු කියන දේවල් ඇසුවම,  උන් අඩු තරමින් තමන් බිහි වුනේ පියා දායක වී පණ දුන් මව උපතින් ම ගෙනා බිජුවකින් බව වත් දන්නවද කියල සැක හිතෙනවා.

නොදන්න වචන දාල මැවීමක් කිරීම මට අනවශ්‍ය නිසා ස්වභාවික ලෝකෙ ජීවීන් බිහි වන ආකාරය මෙසේ ලියන අතරේ, මා තනිවම අඳුරේ අතපත ගාමින් සොයාගත් ඇත්ත මීට බොහෝ කලකට පෙර සිංහලයන් ඇසූ දත් දෙයක් වීම මම විමතියට පත් කල බව කියමි. කඩුවෙන් නැසෙන්නේ සතුරාද මිතුරාද විය හැකි නිසා, දත්ත දැනට භාවිතයේ ඇති තොරතුරු වලට සීමා කළද, එය එසේ නොවේ යයි දැන ගැනීමට කියමි.

ජීවීන් හා අජීවීන් ලෙස අපට පුළුවන් හැම දෙයම බෙදමු. එවිට ජීවීන් කියන්නේ එක්තරා නිශ්චිත ආකාරයකට ගැලපෙන, කාලාණුරූපව නිශ්චිත රටාවක් සපුරාලන කොටසක් ලෙස ගනිමු. අනෙක් ජීවීන් ලෙස සිතීමට අඹමල් රේණුවක තරම් හැකියාවක් නැති මිනිසුන් ලෙස හඳුන්වන අපද ජීවීන්ට අයත් කොටසක් ලෙස සිතා අපට තේරුම් ගත හැකි දේ මත මේ සෙවීම අරඹමු. මෙහිදී ඉන් එහාට ගොස් සියලු ජීවීන් ගැන කීම තරමක් නුසුදුසු නිසා වැළකෙමි.

දරුවන් හදපු සියලු දෙනම එකඟ වන පරිදි, දරුවකු මවගේ කුස තුල පිළිසිඳ ගන්නේ මව උපතින් ගෙනා බිජූවකට පියා ධාතු මුදා හැර පණ දීමෙන් යයි කියමි. මවගේ බිජුවෙන් පමණක් දරුවකු උපන් කතාවක් එක් සතෙකුට අදාළව ඇසුවත් ඒ ගැන අමතක කරන්නේ ලිපිය සරල කිරීමටය. උපදින දරුවා ගතින් මෙන් ම සිතින් දෙමව්පියනට සම මෙන්ම අසම වන බවද කියමි. මේ සඳහන් කලේ ස්වාභාවික ඇත්තයි. ඒ මත සිට ඉතිරිය විග්‍රහ කල යුතුය. මම ගත හා සිත ගැන නිකමට කීවද මෙයද පසුව විග්‍රහ කරමි.

මිනිසකු ඉපදී හැදී වැඩි විවාහ වී දරුවන් බිහිකර මිය යති. මේ ද ස්වාභාවික ඇත්තයි. මේ ඇත්ත මත බැලුවොත් දරුවා බිහි වීම සරලය. දෙමව්පියන් මිනිසුන් නිසා, දරුවා ඒ දෙදෙනාගේ අනුපිටපතක් යයි කීම පහසුය. මෙම ඇත්ත පමණක් නොව, මේ තුලින්, එන දරුවන් දෙමව්පියන් බිහිකල අනුපිටපතක් යන කතාව අප බරපතල ප්‍රශ්ණයක හිර කරයි. එනම් දරුවන් බිහිකිරීමට දෙමව්පියන් අනන්ත කාලයක් පැවතිය යුතුය. ඇරඹුමක් හෝ අවසානයක් නැත. එම මතය බැහැර කල යුතු තව ස්වභාවික ඇත්තක් ඇත. එනම් වඳ වීමය. දරුවන් නැති වීම, දෙමාපිය දුබලතා, පාරිසරික සම්පත්වල සීමිත බව, මෙම ප්‍රශ්ණය බැරෑරුම් කරයි. දෙමව්පියන්ට දරුවන් නැතිවීම හෝ එක දරුවකු බිහි වීම වඳ වීමේ ලක්ෂණයකි. දරුවන් දෙදෙනෙකු ලැබීම සමව පවත්වා ගැනීමකි. දෙකට වැඩිනම් ජන ගහනය වැඩේ. එවිට වඳවෙන්නේ ජීවත්වීමට අවශ්‍ය සම්පත් හිග වීමෙනි.

ජීවත්වීම යනු නොකඩවා ගත රැක ගැනීමට වෙර දැරීමය. තව ස්වභාවික ඇත්තක් ඇත. අපි ජීවත්වන පරිසරය වෙනස් වේ. ජීවත්වීමට අවශ්‍ය දෑ අඩු වැඩි වීම නැතහොත් නැති වීම ජීවත්වීමට තදින් බලපානවා.

ජීවය පවත්වාගෙන යාමට බලපාන දෑ වලින් ඉතා සුළු කොටසක් කීවෙමි. ප්‍රශ්ණය ඇත්තේ ජීවය සරල දෙයක් නොව ඉතා සංකීර්ණ නිපැයුමක් වීමයි. එම සියලු සංකීර්ණ කොටස් දිගටම ගෙන යාම ලෙහෙසි නැත. එසේ නම් ඒ ගැනද විමසමු. දරුවකු ඉපදීමට පෙර ගබ්සා වෙන්නේ ස්වභාවිකය. එසේ නොවී ඉපදෙන දරුවාගෙ අඟපසඟ අසම්පූර්ණ නම් මරණය අත ළඟය. මිනිස් දරුවකු යනු කොතරම් සංකීර්ණ නිපැයුමක් ද? ඇස් කන් නාසා අත පය වැනි දකින දේ මෙන් තව අතිවිශාල කොටස් ප්‍රමාණයක් ඇත. මේවා සියල්ල අවශ්‍ය කාරිය කලයුතුමය. එසේ නම් ජීවය බිහි කිරීමට කොතරම් දැනුම අවශ්‍ය දෙයක් ද? ඒත් අප වටා ඇති ඇත්ත එය කොතරම් සරල දෙයක් බව  කියයිද? අද තියෙන ප්‍රාථමික තාක්ෂණය ගෙන බැලූ විට යකඩ ඇනයක් වැනි දෙයක් හැදීමට පවා කෙතරම් දුෂ්කර ගමණක් යා යුතු දැයි දනිමු. එසේ නම් ජීවයක් හැදීමට කොච්චර වෙහෙස විය යුතුද? දැනට මා ඇසූ මෝඩම මතය වන විද්‍යාකමේ කියන පරිදි ජීවින්අප වටා සිදුවෙන ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් බිහි වීද? මෙතරම් සංකීර්ණ නිපැයුමක් අප වටා සිදුවෙන ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් බිහි වී නම්, එම ස්වාභාවික පරිසර ක්‍රියාවන්ගෙන් ඉතා සරල නිපැයුමක් වන යකඩ ඇනයක් වැනි දෙයක් බිහි කිරීම ඉතා සුළුය. අවාසනාවට මට නම් එසේ හැදු යකඩ ඇනයක් දෙකක්වත් හමු වී නැත. එසේ නම් ජීවය කෙසේ බිහි වීද? අප මිනිසුන් වූයේ කෙසේ ද?

මා ජීවින් ගැන කියන දේවල් යන්තමින් හෝ සඳහන් වන්නේ ඉතා අතීතයේ සිංහලයන් අතර බව දැන ගතිමි. එහෙත් මම එම තොරතුරු වලට වඩා පවසන්නේ සරල සිංහල දැනුමක් හෝ ඇති අයටය. එම කාර්යය කොතරම් අමාරුදැයි කිව යුතු නැත. වචන ටිකක් කියවීමෙන් සියල්ල දත් යයි සිතීම සුදුසු නැත. හරියාකාරව ග්‍රහණය කිරීමට නැවත නැවත කියවිය යුතුමය. ඒ මගදී අතරමං නොවීමටය.

අපට දැනෙන ස්වාභාවික පරිසරයේ ක්‍රියාවන්ගෙන් අප බිහිවූවා යයි කීම දැනටම බිඳ දැමුවෙමි. දැන් අපේ අංඟ ගැන කතා කරමු. ඒවායේ ඇති එක සිදුරක්, කැඩිච්ච තැනක්, අසම්පූර්ණ තැනක් තිබුනොත් එය මරණයට හේතු වෙනවා නේද? එසේම අපට මිනිසුන් ලෙස ස්ථීර සැකිල්ලක් හා නිර්මාණයක් ඇත. ඊට අමතරව මේ සියල්ලම පුද්ගලික බවක් ගන්නා නිසා, ප්‍රශ්ණය තවත් බරපතලය. බිලියන හතක් වන ජනගහනයේ  සමාන දෙදෙනකු සොයා ගැනීමට නැත. ඒ විතරක් නොව හැම කෙනාම තම පරිසරයට ගැලපෙන ස්වරූපයක් ද ගත යුතුය. මේ සඳහා කොතරම් තොරතුරු රැකගෙන ආ යුතුද? දරුවක බිහිවන කළලයේ මුල් අවස්ථාවේ ඇසට නොපෙනන තරම් ය. ඒ තුල සියලු තොරතුරු තිබේද?

ඉහත කතා කලේ අප ගැනය. අපේ පොදු හා තනි තොරතුරු විමසීමකි. අපි උපතින් පසු ඉතිරිය පහල නොවේ. සිරුරේ වැඩීමත්, ජීවත් වීමත් රැඳෙන්නේ අප පරිසරයෙන් උකහා ගන්න දෑ නිසා ය. අපේ ජීවත්වීමට අවශ්‍ය දේවල් සියල්ලම පරිසරයෙන් ලැබේ. ඒවාද බහුතරය තවත් ජීවින් විසින් තැනූ කොටස් වේ. එසේ නම් අපට අවශ්‍ය දෑ හැදීමට අනෙක් ජීවින් ද අපේ අවශ්‍යතා දැන සිටය යුතුය. අප කවදා කෙසේ එම ජීවින්ට එසේ කරන ලෙස නොකීවෙමූ. කෙසේ වෙතත් අප හා අපේ ජීවත්වීමට සහාය දෙන ජීවින් අතර යම් ආකාරයක නිශ්චිත එකඟතාවයක් තිබීම අවශ්‍ය යයි කියමුද? මෙම ස්වාභාවික ඇත්ත සෑම ජීවියෙකුටම යෙදූ විට සියලු ජීවින් නිශ්චිත සබඳතා ඇති අන්‍යෝන්‍ය අවශ්‍යතා සපුරලන එකතුවක් වෙනවා නේද? එය ජීවත්වීටමට පමණක් නොව නැසුනු විට නැවත ජීවත් වීම සඳහාද ඇති බව තහවුරු වේ. තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ හැම ජීවියකුටම සුවිශේෂ වූ අනුරටාවක්, පැවැත්මක් මෙතුල තිබීමයි. මෙය කෙසේ වීද? ජීවීන් අතර කිසිදු අදහස් හුවමාරුවක් නැති සේම කිසිදු අනන්‍යෝන්‍ය බැදීමක් ද නැත.

ඉහත කරුණු දැක්වූයේ අප අහඹු ජීවියකු නොව මනාව ගෙතුනු ජීව සමුහයක එක මුහුණක් බව පෙන්වීමටයි. එනයින් ජීවයට පරිබාහිර වූ විදියක් තිබේදැයි ඇසිය යුතුය. ඊට ප්‍රථම මෙම ජීවීන් එක් වරක් නොව නැවත නැවත බිහිවීම නිසා ජීවීන් කෙසේ පවතිනවාදැයි ඇසිය යුතුය. එසේම සමහර ජීවීන් වඳ වී යාමත් ඒ වෙනුවට නව ජීවීන් බිහිවීමත් සිදුවිය යුතුයි නේද? නොඑසේ නම් අද ජීවීන් මීට බොහෝ කලකට පෙර සිටි උන් මෙන්ම අනාගතයේද පැවතිය යුතුය. ඇත්ත එය නොවන බව දනිමු. එසේ නම් ජීවය කුමක්ද කෙසේ බිහිවීද යන්න ගැන සෙවීම අරඹමු.

දැන් මා ඒ සඳහා විදි හතරක් ගනිමි. යමෙක් පස්වන හෝ ඊට වඩා වැඩි විදි දනී නම් කී විට තතු දැනීමට පහදමි. ඊට පෙර ජීවය කොතරම් බහුලද යන වගත් බිහිවීම කොතරම් සුළු දෙයක් ද යන ස්වාභාවික ඇත්ත නැවත මතක් කරමි.

පළමු විදිය:

හින්දු බෞද්ධයන් කියන ගත ඉපදී නැසෙන, සිතිවිළි සමූහයක් වන සිත,  මරණාසන්නයේ ඇතිවන සිතිවිල්ල මත නැවත සිතක් ඇතුව බිහිවීමක් ගැන කියනවා. ඔවුන් ඕපපාතික උපත් ගැනද කියන්නන්ය. මෙහි ස්වභාවයේ දකින ස්ථිර බවත්, ජීවියකුට එම වර්ගයේම ජීවියකු පමණක් බිහිකල හැක යන ඇත්ත නැති කරනවා. මොන තර්ක දැම්මත් ස්වාභාවික ඇත්ත වසං කල නොහැක.

අද මිනිසකු වී, මළ පසු ගවයකු හෝ වෙන ඕනම සතකු විය හැකි නම් එයද බරපතල ප්‍රශ්ණයක් වන අවශ්‍ය දැනුම ලබාගන්නේ කෙසේද? එය දෙමව්පියන් සතු නිසා ඔවුන්ගෙන් ගනී යයි සිතුවොත්, එක් තැනකදී විවිධාකාර සතුන් වන දෙමව්පියන් සතු ඒකීය ගුණ කෙසේ බිහි වුනාදැයි යන ප්‍රශ්ණයට උත්තර නොදේ.

ස්වාභාවික ලෝකයේ බල්ලකු හෝ වෙන සතකු ගෙන වෙනත් වර්ගයක සතකු ලෙස ඌරකු හෝ වෙන යම් සතෙක් ගෙන බැලූ විට, එක් වරක් බල්ලකු ලෙස හැසිරී, ඊ ළඟ වර ඌරකු ලෙස ස්වාභාවික පරිසරයේ ඇති අභියෝග වලට මුහුන දෙන්නෙ කෙසේද? කිසිදු සතකු වෙනස් සතකු ලෙස හැසිරෙන බවක් නොපෙන්වනවා නේද? ඊට වඩා වෙනස් වුවද මිනිසුන් පවා තම ජන්ම හැසිරීම වෙනස් කිරීමට අපොහොසත්ය. කියන ආකාරයට සියලු සතුන් එකම වර්ගයේ විය යුතුය. නොඑසේ නම් අනෙක් සතුන් බිහිකල ජීවයට පරපෝෂිත වූ විශේෂ සත්ව කොටසක් විය යුතුයි නේද? මෙම මතය කාට අදාළ දැයි පසුව කියමි.

මෙම විදියේ ඇති බරපතල අඩුව, නැවත ඉපදීම ඇතැයි කියමින් එක උපතක සිට අනෙකට අහඹු ලෙස පැනීමය. ඔවුන් සිත කියන්නේ සිතිවිලි සමුදායක් ලෙස හඳුන්වා ඇත. එය වචන සමුදායක් පිට කරන කටද වචනයක් යයි කීම හා සම ය. සිත එවැන්නක් නම් මොහොතින් මොහොත වෙනස් විය යුතුය. එසේ නම් එවැනි සිතකින් ස්ථීර දෙයක් වන ගත පාලනය වන්නේ කෙසේද? අද අත එසවීමට එන සිතිවිලි හෙටත් නැත්නම් මැරෙන කම්ම එකම විය යුතුයි නේද? අත ඔසවන සිතිවිල්ලෙන් කකුල එසවීම හෝ කට ඇරීම නොවෙන බව ස්වාභාවික ඇත්තයි. එසේ වේ නම් මානසික ව්‍යාධියක් නොවේද? නැවත ඉපදීමද නිශ්චිතව දත හැකි බව පසු ලිපියක ලියන නිසා, නැවත උපදින කෙනා කෙසේ කලින් උපතට බැඳේ දැයි කීම මෙමගින් නොකෙරෙන බව කියමි. මේ විදිය ස්වාභාවික ඇත්තට ළඟින්වත් නොයන බව පැහැදිළිය.

දෙවන විදිය:

යුදෙව් ක්‍රිස්තියානි මුස්ලිම් කීමට අනුව මේ සියලුම ජීවීන් සර්වබලධාරි දෙවියන්ගේ කෙරුම්ය. ප්‍රශ්ණ කිරීම තහනම්ය. මිනිසා දෙවියන් අනුව හැදූ පිටපතකි. පිටපතේ හැකියාවන් මිනිසුන් වන අප හොඳට දනිමු. එසේ නම් දෙවියන් සියලු දේ දත යුතුය. එසේ නම් ඇයි අප මෙතරම් දුබල? අපි මෙතරම් එකිනෙකාට වෙනස්? ඇයි ජීවීන් වඳ වෙන්නේ. මිනිසුන් වන අප ඇසෙන් කනෙන් කරන දෑ, ඒවා නැතුව කල හැකි නම්, ඇයි අපට ඒ අවයව දුන්නේ.

හින්දු බෞද්ධයෙන් සිරුරෙන් යමක් ඊළඟ ජීවිතයට නොයන අනාත්ම වාදීන් නිසා, සිරුර ඉදිකිරීමට දැනුම දෙමව්පියන්ගෙන් ලබාගෙන අතරමං වූ බව ඉහත පෙන්නුවෙමි. මොවුන් ආත්මය නම් සිරුරේ කොටසක් ගෙන යන නිසාත් මිනිසකු වී ඊට පසු දෙව් ලොව යන නිසාත් නැවත ඉපදීම නැතැයි කියති. එසේ නම් එක් කලක ආත්ම සියල්ලම ගිය විට ජීවීන් නැතිවිය යුතුය. අනෙක් ජීවීන් සියල්ල මිනිසාගේ යැපීමට දෙවියන් මැව්වාළු. එසේ නම් මිනිසුන් නසන, ලෙඩ කරන, මරන ජීවීන් මැව්වේ කුමටද? මිනිසුන් අන් සතුනට වඩා වෙනස් ද? මෙවැනි දෑ ස්වාභාවික ඇත්ත හා සැසඳූ විට බිඳ වැටේ.

තුන්වන විදිය:

මෙය මගේය. ඉතා සරලය. ජීවීන් සියල්ල ස්වාභාවික ක්‍රියාවන්ගෙන් බිහි විය. දෙමව්පියන්ගෙන් දරුවන් සියලු දේ පිටපත් කරයි.  හැදීම වැඩීම නැසීම ස්වාභාවික වෙනස්වීම් පාලනය කරයි.  මා ස්වාභාවික ක්‍රියාවන් කීවේ සියලු විදියේ දේවල් ය. අප වටා ඇති ද්‍රව්‍ය හැදුනේද එම ක්‍රියාවකින් බව පෙන්විය හැක. කලින් කලට වූ ක්‍රියාවන් නිසා බිහි වූ ජීවය එහි ඇති ගතිගුණ නිසා හැදී වැඩී ඇතිවී නැති වී, නැවත හැදී වැඩී ඇතිවී නැති වී යන ද්‍රව්‍යමය නිපැයුමකි.

මෙය විද්‍යාගමේ ගෙතුමට වෙනස් වන්නේ, එහි සඳහන් නොවන ස්වාභාවික ක්‍රියාවන්ද ගෙනය. එනම් සරලව කියනවා නම් විද්‍යාගමේ ස්වාභාවික ක්‍රියාවන් මා කියන ස්වභාවයෙන් අඩකි. ඉතිරි අඩ අප දන්න ස්වභාවයට වඩා වෙනස් මූලධර්ම මත ක්‍රියා කරනවා. අප දන්න එකේ පැවැත්ම ද්‍රව්‍ය වල උදාසීන බව සුරකින එකක්. අනෙක් භාගය සක්‍රීය බව රකින එකක්. එකක සිට අනෙකට යන විට ද්‍රව්‍ය වල මේ වෙනස අත්හදා බලා දත හැක. එම භාගයේදී හැදෙන දේ අප නොදන්න ස්වාභාවයේ කොටස තුල අනන්‍ය ස්වරූපයක් ගනී. එතුලින් දිගටම කොටස් එකතු වීමත්, එකතු නොවී නිශ්චිත වීමත් සිදු වන නිසා, හැදෙන කොටස් ස්ථීරවම එක්තරා විදියකට වෙනස් වන ස්වරූපයක් ගනී. ජීවයද එවැනි ලක්ෂණ පෙන්වන සංකීර්ණ දෙයක් නොවේද? කාලය අනන්තයට ළඟා වන විට ඕනෑම වර්ගයක නිපැයුමක් ඉදිවීමට ඉඩකඩ බොහෝය. ඒ අතර ජීවීන්ට සම නිපැයුම් බිහි වේ.

මෙම විදියට මුල් වුනේ අපේ ස්වභාවයයි. හින්දු බෞද්ධයන් අස්ථිර බව ගැන අඳෝනා නගන බාහිර පරිසරයත් ජීවීන් වන අපත් අතර බරපතල වෙනසක් තියෙනවා. අජීවි සියලු දෑම දිරාපත්වෙලා උදාසීන තත්වයකට වැටෙනවා. උදාහරණ ලෙස සවිමත් යකඩයක් ගතහොත් නිකම්ම දිරාපත් වෙලා උදාසීන වෙනවා. ඒත් අපේ වෙනසක් තියෙනවා. අපි දිරාපත් වීමට කලින් අපට සමාන දෙයක් බිහිකිරීමයි. ඒක දිගටම වෙන කොට දීර්ඝකාලීනව ස්ථීර වීමක් තිබීමයි. යකඩය දිරනකොට එහෙම නැහැ නේද? මෙම සිදුවීමට නම් අපි දන්න පරිසරයේ අස්ථිර බවත් අප නොදන්න ස්ථිර බව දෙන පරිසරයකුත් තිබිය යුතුයි නේද. ජීවීන් වන අපේ ස්වාභාවය මේ දෙලොව තුල හිර වූ දෙයක් බවට අප පත් කරනවා.

මේක, බොහෝම ප්‍රශ්ණ විසඳන, මම කලින් කී ස්වාභාවික ඇත්ත කියන බහුලව ඇති ජීවිතය සැබෑවක් කියල පෙන්වනවා. ඒත් මේකත් කඩන් වැටෙන හේතු තියෙනවා. ඒ කොහොමද බලමු. අපි දෙමව්පියන්ගෙ අනුපිටපත් නම් එයාලගෙ වැරදි එලෙසම පිටපත් කල යුතුයි නේද? ඒත් සැබෑ ලෝකෙ වැරදි ඇති දෙමව්පියන්ට දාව වැරදි නැති දරුවන් උපදිනවා. ඒ විතරක් නොව දරුවෝ දෙමව්පියන්ට  වඩා වෙනස් වෙනවා. අනෙක සිතීමෙන් ගත පාලනය කිරීම හා ස්ථීර සැකිල්ලක් හා අනන්‍යතාවයක් නොකඩවා රකින හැටි, දියුණු වෙන හැටි කියන්න බෑ. ඉතින් මේ විදියත් අසමත් වෙනවා.

සිව් වෙනි විදිය:

මෙයත් මගේම ස්වාභාවික විදියක්. කලින් කී මගේ විදියට වඩා වෙනස් වුනත්, ඒකෙන් බොහෝ දෑ ගන්නවා.

මේ විදියට, ජීවය, සිත හා ගත කොටස් දෙකකට බෙදනවා. ගත හැදෙන්නේ අස්ථිර ස්වාභාවය කියන අර්ධයෙන්. සිත හැදෙන්නෙ ස්ථිර ස්වාභාවය කියන අර්ධයෙන්. සිත නොකඩවා පවතින අංඟයක්. ගත හැදී වැඩී නැසී නැවත නැවත හැදෙන දෙයක්. එතකොට ජීවීන්ගෙ හැසිරීම හරියට කියනවා.

ඒත් ජීවීන් වෙනස්වන ආකාරය, එකිනෙකාට අයත් නිශ්චිත ස්වරූපය ගැන ප්‍රශ්ණ එනවා. ජීවීන් අතරෙ යමෙක් අනෙක් ජීවීන්ට බලපෑම් නොකර මේක වෙන්න බැහැ නේද? එසේම ගත හැදුනෙ සිතට අනුව වුනත් සිත හැදුනේ කෙසේද යන ප්‍රශ්ණය එනවා.

ජීවීන් සියල්ලම ක්‍රියාකරන විදිය ගත්තොත්, ඒ ඔක්කොම එක වගෙයි බිහිවෙන්නෙ. වෙනසකට තියෙන්නෙ තමන් මේ ලෝකෙට එනකොට හිමි තැනයි. මේ ගැන කියන ස්වාභාවික දත්ත තියෙනවා. සරල උදාහරණයක් ලෙස ගත් විට, වේයන් එකම මවකගෙ වුවත් ජීවත්වීමේදි විවිධ ආකාර ගන්නවා. එසේ නම් ජීවීන්ගෙ මුල, තවත් තලයක ජීවියෙක් සිටියොත් එවැනි සියලු දෑ සිදුවිය හැකියි නේද?

දැන් අපි අනෙක් අතට යමු. අපේ ජීවීන්ට ඉහල මට්ටමේ සුවිශේෂ ජීවියෙක් ඉන්නවා. එයා අප වැනී ජීවින් ස්වාභාවික අවස්ථාවන්ට උචිතව හදනවා. අපි ඒ හැදුම් වල සිර වී නැවත නැවත අපට දුන් ආකාරයට ගත බිහි කරනවා. ඒත් අපට අර සුවිශේෂ ජීවියා වෙන්න බෑ.

සැබැවින් ම ස්වාභාවික ලෝකෙ සියලුම ජීවීන් මේ විදිය තුල අපූරුවට බද්ධ වෙනවා.

ඊට එහා යන්නෙ සිංහලයන්ගෙ අවශතාවයටයි. දැන් සුවිශේෂ ජීවියකු වුනාම, අප වගේම වුනත් අපට වඩා විශේෂ දේවල් තියෙනවා. ඒක වෙන්න පුළුවන් නේද? අප අතරෙත් කොච්චර විශේෂකම් තියෙනවාද? ඇයි එක් කෙනෙක් වුනේ. දෙතුන් දෙනෙක් ඉන්න බැරිද? ඒක හැදුනු දේවල් වන ජීවීන් කියනවා. හැම ජීවියම ඒකීයයි. මිනිසුන්ට උපදින දරුව ඒකීයයි. වෙන සතෙක් නූපදී. එක සමාන සුවිශේෂ දෙදෙනෙක් සිටියොත්? ඒක ස්වාභාවිකව නොවෙන දෙයක්. අප අතරෙවත් සමාන දෙන්නෙක් නැහැ නේද?

සුවිශේෂ ජීවියගෙ කිරීම් මොනවද බලමු. ඔහු තමයි සිත හදන්නෙ. අපි සිතට අනුව ගත හදා ගත්තට සිත හදන්න බැහැ නේද? පුළුවන් නම් මනුෂ්‍ය පැටියකු වගේම හරක් පැටියකුත් එකම දෙමව්පියන්ට ලබා ගන්න පුළුවන්.

සුවිශේෂ ජීවියා කොහොමද මේ ලෝකෙ ගැන දන්නෙ. ඒකට නම් එක විදියයි තියෙන්නෙ. එයාටත් මේ ලෝකෙට එන්න ඕන ජීවියෙක්ගෙ වෙස් ගෙන. එහෙම කෙනෙක් වෙනස් වෙන්නේ ගතෙන් නොවන නිසා අපට අනිත් කොටස් වලින් දැන ගන්න පුළුවන්.

එවැන්නෙකුට ගත නැතුව ඒක කරන්න බැරිද? අපේ සිත අපට පාලනය කල නොහැකි දෙයක්. ඒ කීවේ එන අදහස් නැවතීම. බෞද්ධයන් ගත මරා සිත නසන්න හැදුවට හැසිරීමෙන් සිතට වහල් බව ක්‍රියාවෙන් පෙන්වනවා.

ජීවීන් බිහිවීමට අවශ්‍ය අතිවිශාල දැනුම් සම්භාරය සුවිශේෂ ජීවියාට ලැබීමට නම් සියලු ජීවීන් නොකඩවා ඔහුට සම්බන්ධ විය යුතුය. ඒ කාලින තොරතුරු සියලල්ල ජීවයක් බිහිකිරීමට පෙර දත යුතුය. ජීවීන් භාග නොපවතී.

ස්වාභාවික ඇත්ත නම් සිත අනිවාර්යයෙන්ම අප  කවුරුත් දන්න ගත පාලනය කරන බවයි. එය ක්‍රියාවෙන් තහවුරු වේ. එහෙත් සිත අපේ වුවද එය කුමක්දැයි අපි නොදනිමු. ගත පාලනය වන හැටි බැලූවිට සිතද යම් ආකාරයක දැඩි නිපැයුමක් බව තහවුරු වේ. එවැනි දෙයක් බිහිකල ජීවියා අරුම පුදුම හැකියාවක් ඇති අයකු විය යුතුයි නේද. අපේ හැසිරීමද ඔහුට ඇවැසි ලෙස සැදී ඇති නිසා ඔහු කෙබඳු පරමාර්ථයක සිටී දැයි ජීවීන්ගේ හැසිරීම පැහැදිලි කරනවා. අපි කටින් පවසා කණෙන් අසා ගතකින් ගතකට අදහස් හුවමාරු කරමු. එවැනි හැකියාවන් දුන්නකු අපේ සිත් අතරද එවැනි හැකියාවක් දී ඇති බව සිත පිළිබඳ සංවේදී වූ විට දත හැක. එය වැදගත් වන්නේ දැනුම ඇවැසි තැන සැම ජීවියකුටම දීමට හැකි නිසාය. නොඑසේ නම් තිරිසන් සතුන්ගෙ ශරිර ඉදිකල දැනුම උන්ගේ ක්‍රියාවෙන් ද පෙන්විය යුතුය. එවැනි හැකියා ඇති විට, සිතූ පමණින් සිත වෙනස් කල හැකි, ද්‍රව්‍යමය අංඟ වලට බලපෑම් කල හැකි ප්‍රබලයකු වේ.

අප වටා සියලු දේ අස්ථිර යයි කියන උන්, ඒවා සියල්ල ස්ථිර, වෙනස් ලෙස,  පවතින්නේ උදාසීන තත්වයේ බව නොදකියි. ඉතින් උදාසීන බව කවුරු බිහි කලාද? ජීවය බිහිකිරීමට එම හැකියාවන් ඇති සුවිශේෂ ජීවියාට ඒවා කිරීමට ඇත්තටම කල යුත්තේ සිතීම පමණකි. එසේ නම් ස්වභාවයේ ලක්ෂණද සිතීමෙන් ඔහු බිහි කලාද ? ජීවින් ජාතියක් අද පවතින ස්වරූපය ගැනීමට, නිත්‍ය බවේ අන්ත දෙකම යොදා ගත යුතුය.

තවත් විශේෂ යමක් කියමි. අද කතාවෙන මහා පිපිරුම් න්‍යායය සැබෑ යයි කීමට දත්ත නැති වුවද, ඇත්ත ඊට වඩා සරල වූවක් වුවද, එම අන්තවාදී දැකුම තුලින් බැලුවද, අද සිටින ජීවීන් බිහිවීමට අවශ්‍ය දැනුම ඊට පෙර සිට රැඟෙන ආ යුතු වන්නේ, ජීවය යනු නිමක් නැති දෙයක් බිහි කිරීමක් නිසා, කවදා බිහිවුවත් ඊට පෙර මුළු දැනුම දැන සිටිය යුතු නිසාය.


සිතීමද ද්‍රව්‍යමය ක්‍රියාවක් ලෙස ගත යුතුය.

අපේ සිත හා ගත සරල නිර්මාණ වුවත් ඒවා ගොඩ නැගූ දැනුම, වෙන කිසිදු විදියකට දෙවැනි නොවන, අනර්ඝතම නිපැයුම් වේ. දැනුම එකතු කිරීම, බෙදීම සඳහා ද යොදා ගන්න ක්‍රමය තරම් අපූරු වෙන ක්‍රමයක් නැත. අනන්ත කාලයකට ගැණ බැලුවද, එම සුවිශේෂ ජීවය ගමන් කර ඇත්තේ එකම දිසාවටය. එනම් ජීවිත රැකීමත් පැවැත්ම ඉදිරියට ගෙන යාමත් සඳහා ය. උදාසීන ද්‍රව්‍ය මත බිහිකල ගත කෙතරම් අභියෝග වලට මුහුණ දී ඇත්ද කියනවා නම් තවමත් ළදරු වියේ යයි කිව හැක.


විද්‍යාගමිකයන් පැරදුනේ ස්වභාවික යයි අස්වාභාවික දේ සැලකීමත්, අප දකින ස්වභාවය කොතරම් සරලද යන්න නොදැනීමත් ය. නොදකින, නොතේරෙන දේ නැතැයි කීම අමන විද්‍යාගමිකයන්ගේ සටන් පාඨයයි.

මම දැන් කීවේ ජීවය ගැනය. එය බිහිවු ආකාරයද, වෙනස් කරන ආකාරයද නිරාකරණය කලෙමි. මෙහි කිසිදු අස්වාභාවික තත්වයක් නොපෙන්වයි. ස්වාභාවික ඇත්ත හා බැඳේ. සියලු දේ විස්තර ඇතුව කියනවා. ඉතින් මම කී දේ මට කලින් සිංහලයන් දත්තේ කෙසේද? ඒ ගැන ඊ ළඟ ලිපියේ ඇත. මෙහි අන්තර්ගතය කෙටි වූද අත්‍යවශ්‍යම වූද කරුණු වේ. සිත හා ගත බැඳෙන අයුරු ඇතුළු විශේෂ ජීවිය සතු බලයන් ගැන නොකීවෙමි.

(සැකසුම් අංකය : 0 )


Friday, 11 January 2013

සිංහලයන්ගේ උපන් බිම


අද වන තෙක් සිංහලයන් කොහේ බිහිවුනා දැයි දන්න සිංහලයෙක් මට හමු නොවීය. දැනට පවතින එක මතයකට අනුව සිංහලයන් බිහි වුනේ ඔරිස්සාවෙන් ආ විජේ කුමාර්ගෙන් ය. විජේ කුමාර් යන නම ද දෙමළ වූවා සේම,  මේ සිංහලයන් උපන් විදිය කියන්නේද විජේ කුමාර් මිය ගොස් බොහෝ කලකට පසු ඉන්දියාවෙන් බෞද්ධ මිෂණාරියකු ලෙස ආපු දෙමළෙකි. දෙමළුන් ගැන සුළුවෙන් හෝ දන්නේ නම්, තම ජාතිකත්වය අත නොහරින අයගේ මුල් තැන දෙමළුන්ට දෙනු ඇත. ඒ ඔවුන්ට එවැනි සහජ හැකියාවක් නැති නිසාය. ඔවුන් අද ද කරගෙන යන චාරිත්‍ර වාරිත්‍ර ගතහොත් ඒවා අයත් වන්නේ ප්‍රාථමික යුගයේ සිටි නළලේ මිනී අළු ගාගත් කොටසටය. අද ද මිනී අළු තවරාගෙන සිටින කොටසක් හින්දුස්ථානයේ සිටිති.

කවුරු කෙසේ කීවත්, දෙමළකු සිංහලයන්ගේ උපත ගැන කියන කොට විමතිය නඟන්නේ, තමන් අයිති නොවන ජන කොටසක ඉතිහාසය තමන් හා බැඳි දෙයක් නොවන නිසාය. අද ද දෙමළුන් සිංහල ඉතිහාසය ගැන කියමින් රටෙන් කොටසක් උදුරා ගැනීමට මාන බලන විට, ඒ ප්‍රලාප වලට ගරු කරන සිංහලයෙක් නැත. එසේ නම්, රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිංහලයන් මත බුද්ධාගම යයි කියා තමන් අදහන හින්දුකම මත බිහිවූ ඇදහීමක් පතුරුවන ආගමික මිෂණාරියකු වූ දෙමළකු කියන දේ සත්‍යයය නොව මුලා කිරීමට ගෙතුවක් විය යුතුමය. ඒ තමන් ඉන්න තැන අහිමි වූ විට තමන් ගේ දෙයක් නැතැයි යන හැඟීම, යමෙක් දෙන ඕන ජරාවක් වැළඳ ගැනීමට සිත පොළඹවන නිසාය. මෙම උපක්‍රමය මෑතකදී ඉංග්‍රීසින් උදුරාගත් භූමි වල සිටි ස්වදේශිකයන් ක්ෂණිකව පිටින් ආ සංක්‍රමණිකයන් කිරීමටත් බහුලව යොදා ගත්තකි.

දෙමළෙකු රජ වී, දෙමළ ගැහැණියක ආනයනය කර, දෙමළකම හැර දා සිංහල නම් ජාතියක් බිහි කලේ නම්, එවැනි කතා විශ්වාස කරන කාගෙත් මනස් ආබාධිත විය යුතු වන්නේ, ඉතිහාසය පුරාම දෙමළා යනු දෙමළකම බලෙන් පැටවූවකු නිසාය. අද අසල්වැසි ජනකොටස් ද්‍රවිඩකමට මුල්වූ දෙමළකම මිශ්‍ර ජන කොටස් වූයේද දෙමළ ආධිපත්‍යයට හසු වූ නිසා ය. ඒ අතරේම මහියංඟනය ප්‍රදේශයේ සිටි යක්ෂයන් ගැන ද කියන දෙමළා, සිංහල යන වදනට දී ඇති අරුත තම නොදත්කම හෙළි කිරීමකි. නොදත්කම  නොදත් දෙමළුන් කතා ගෙතීමට උපන් හපනුන් ය.

ඒ කතා අතරේ, විවිධ ජාතීන් ඊට බොහෝ කලකට පෙර සිටි සිංහලයන් ගැන කතා කරන්නා සේම, දකුණේ, මහසම්මත මනු හා බැඳි වසර ගණනය කිරීමට අනුව වසර තිස් දහසකට පෙර වූ දේ රැකගෙන ආවේ කෙසේද? සිංහලයන් ආ තැනක් ගැන කිසිත් සිංහල වහරේ නැත. එසේ ආවේ නැත්නම් ආ බවක් ගැන කතා මැවිය යුතුයි නේද?

ඒ අතින් දෙමළුන් අවශ්‍ය තොරතුරු දෙනවා නොවේද? තැනින් තැන යාම අද පවා දෙමළුන් කරන දෙයකි. එසේ යන යන තැන, තම උරුමයද රැගෙන යන නිසා, ඔවුන් හැම විටම ඉන්නේ ගමනට සූදානමෙනි. සිංහලයන්ගේ ඉතිහාසය අණුමාන කරන දෙමළුන්, තමන්ගේ ඉතිහාසය වසන් කරන්නේ ඇයි. අද ඉරාණය  නම් ප්‍රදේශයට ඉහලින් කාන්තාර වූ බිමේ සිට, පරිසරය ඉවක් බවක් නැතිව විනාශ කර, ක්‍රමයෙන් ඉන්දියාවේ දුෂ්කර පෙදෙසක් වන වියළි භූමියේ සරණ සොයා ගොස්, ජනගහණය වැඩි වී තමන්ගේ යයි කියන භූමියටද ආක්‍රමණිකයන් වූ දෙමළුන්, කෙසේ කොතන සිටියා දැයි කියන සාක්ෂිද රැගෙන ගිය බව ප්‍රාථමික ඉතිහාස කරුවන්ට අමතක වුවද,  අදත් උන් යැපෙන්නේ රැගෙන ආ දේ මතය. මිනිසුන් පමණක් නොව සියලු සතුන් තම ජීවත්වීමට ගන්නේ අවට පරිසරයේ ඇති සීමිත ස්වාභාවිකව වැඩෙන සම්පත් ය. කොහේ ගියත් එම සම්පත් ද රැගෙන ගොස් අවට පරිසරයට එකතු කරන්නේ ජීවත්වීම ඒ මත රැඳෙන නිසාය. සැබැවින් ම මිනිසා වෙන ලොවකට ගියද තම අවශ්‍යතා සපුරා ගැනීමට මෙලොවින් සියලු දෑ රැගෙන යන්නේ, තමන් මෙලොවින් ආ උන් බව සනාථ කරමිනි. විශේෂයෙන්ම දෙමළුන් හඳුන්වා දුන් කුලුබඩු වර්ග උන් කොහේ සිට ආවා දැයි කියනවා.

මෙකී කරුණු මත සිංහලයන් ගත් කල, උන් ආ තැනක් නොදන්නේ, එහෙම තැනක් නොවූ නිසාය. සිංහල වෙස් ගත් සිංහලකම නැති උන් ආ බව නම් සහතිකව කිව හැක. සිංහලයන්ගේ චර්යාව අනුව, නිවසින් බැහැරට යන්නේද හැකි නම් සූර්යයා බැස යාමට පෙර ආපසු ඒමටය. අද ද බහුතරය ඈත එපිට ගමනක නොගිය උන් ය. බෞද්ධ බලපෑම් නිසා ගමන් යන උන් ද නැවත නිවසට එන්නේ කිසිදු ආයාසයකින් තොරවය. මා අත්දුටු පරිදි, සියලු ජන වර්ගයන් අතරින් සිංහලයන් තරම් තමන් සිටින තැන හැරයාමට ප්‍රතිරෝධයක් දක්වන වෙනත් කොටසක් නැත. තැනින් තැන ගොස් ජීවත්වීමට බලකරන පරිසරයක් ඇති අද ද, සිංහලයන් ගේ පසුබෑම තම උරුමයෙන් ආවක් වැනිය. එසේම සංක්‍රමණිකයන් හඳුන්වා දුන් කුණු කසල නොමැතිවද, සිංහලයන්ට අවශ්‍ය සැම දෙයම අවට පරිසරයට ආවේණික වූ සම්පත් වලින්ම සපුරා ගත හැකි වීමද තමන් බිහිවුනේ අද සිටින බිමේ බව තහවුරු කරයි.

මිනිසාගේ උපත කෙසේ කවදා කොතැන වුනේ දැයි විමසූ විට අවශ්‍ය තොරතුරු තිරිසන් ලොවේ එමටය. ඒවා ගෙන හැර බැලූ විට මිනිසාගේ උපත යනු සිංහලයාගේ උපත බවද තහවුරු වේ. එදා පැවති පරිසරය ගත් විට, අද ලොව පුරා විහිදුන මිනිසා ඉතා සීමීත ප්‍රදේශයකට කොටු විය යුතුය. අද ද අනෙක් සියලුම සතුන්, විශේෂයෙන් ම සිරුර වැඩුන සතුන්, එක්තරා ප්‍රදේශයකට සීමා වී ඇත. එදා, සිංහයන්, අලියන්, වග වලසුන්, සර්පයන් ආදී සුවිශේෂ හැකියා ඇති උන් ඉදිරියේ මානවයාට තරණය කල හැක්කේ සුළු දුරකි. මිනිසාගේ දැඩි නිපැයුම නිසා, සීත ප්‍රදේශ වලට ගියේ ගින්න හා රෙදි බිහි වූ පසුව විය යුතුය. ශරීර උෂ්ණත්වය අනුව ඝර්ම කලාපයට සීමිත විය යුතුය. කාළගුණයේ වෙනස්වීම් අද ද දැඩි ලෙස රෝගාබාධ හදන නිසා, බෙහෙත් සොයා ගැනීමට පෙර කිසිදු කටුක ප්‍රදේශයක බිහි විය නොහැක. අද දඩයමින්, ඇති දැඩි කිරීමෙන් හා වගාවෙන් යැපුනද, එකල  අවට පරිසරය තුල සිරුර හැදීමට අවශ්‍ය සියලු දෑ තිබිය යුතුය. අද මිනිසා සිටින තත්වය ගත් විට මුල් තැන වටා මේ පිබිදීම සිදුවිය යුතුය. ව්‍යාප්තිය හෙවත් වර්ධනය සමඟ සංඛ්‍යාව වැඩි වී අවට පරිසරයට විහිදීමට බලපාන හේතු කාරණා ගත් විට, දුබලුන් මිස ප්‍රබල උන් මුල් තැන හැර නොයාම ස්වභාවයයි. ඒ අනුව අඵ්‍රිකාණුවන් නොවන බව තහවුරු වන්නේ මිනිස් දියුණුවට උන්ගෙන් ලැබුනු නායකත්වය ඉතා සුළු නිසාය. ව්‍යාප්ත වූයේ ඕපපාතිකව නොව සංක්‍රමණයෙන් නිසා උන් ගෙන ගිය උරුමයද මුල් තැනට බැඳේ. විවිධ තොරතුරු දීමට ගොඩ නැඟී ඇති භාෂාව ගත් විට මුල් තැන වචනාර්ථයෙන්ද පැවතිය යුතුය. මුල් තැනෙන් කැමැත්තෙන් ගිය උන්ද, පැන ගිය උන්ද, බලෙන් නෙරපූ උන්ද, බැරිකම නිසා අයින් වූ උන්ද, අඳ උන් ලෙස තමන් නොදැනුවත්වම පිටමන් වූ උන්ද, ජනගහනය වැඩිවීම නිසා විසිරීයාමද ගත් විට මිනිසා මෙන්ම සිංහලයාද බිහි වූ පෙදෙස මාතර යයි කිව හැක. එම පෙදෙසේ ඇති "පරම මුල" ඊටත් වඩා යමක් කියන බව පෙනේ. සිංහල, විවිධ කාලවල පිටමන් වූ ජන කොටස් (දෙමළ), ඉංග්‍රීසි, හින්දු, ආර්මේනියානුවන් ඇතුළු සියලු ජාතීන්ගේ තොරතුරු මෙම මතය තහවුරු කරයි. තව බොහෝ මානව දත්ත ඒ සඳහා යොදාගත්තද පැවසීම අනවශ්‍ය යයි සිතමි. ඉන් විශේෂම කාරණය වන්නේ, අද පරිසරයටත් එදා පැවති ස්වාභාවික පරිසරයටත් එක ලෙස බැඳුන කොටසක් වීම වන අතර, එම අවශ්‍යතාවය කදිමට සපුරා ලන්නේ සිංහලයන් බවත් කියමි. අන් ජාතීන් එදා පැවති පරිසරයට දක්වන නොසැලකිල්ල, තමන් බිහි වුනේ එවැනි පරිසරයක නොව මිනිසා වෙනස් කල තැනක බව කියන්නේ, අපේ හැසිරීම හැදුන පරිසරයට බැඳෙන නිසාය.

ඉංග්‍රීසින් යොදා ගන්නා ප්‍රාථමික උපක්‍රම මගින්ද දඩයමින් ජීවත්වීම මත මිනිසාගේ උපත වූයේ නැගෙණහිර අඵ්‍රිකාවේ යයි කියන විට, ගොන්ඩවානා බිම පිපිරී වෙන්වීමට පෙර, ලංකාවද නැගෙණහිර අඵ්‍රිකාවද යාව සිටි බව පැහැදිලි වන නිසා, දෙමගින් එකම තැනට යාමක් පෙන්නුම් කරයි. එම පිපිරීමත්, ජලය ප්‍රමාණයේ වැඩිවීමත් නිසා වූ සත්ව ව්‍යාප්තිය ගැන බොහෝ දෑ දැන දැන නොකියන්නේ යම් හේතුවකටය.

සියලු ජාතීන් ගෙන අභියෝග කලද, කිසිදු ආකාරයකින් මිනිසා වෙන තැනක බිහි වූ බව පෙන්වීමට නොහැකි විය. භාවිතා කල හැම උපක්‍රමයම තහවුරු කිරීමක් මිස සැකයක් ජනනය නොකල බව කියමි. ඔරිස්සාවෙන් ආවා යයි කී ජනයන් පසු කලක එම ප්‍රදේශයෙන් වඳ වූවද, මෑතක් වන තුරු එම පෙදෙස වන ලැහැබක් ව පැවතුනද, උන් ගෙනා ආකම වැළඳගත් බෞද්ධයන්, අද ද එම ගෙතුමේ පැටලී සිංහලයන්ගේ සුවිශේෂ බව කෙලසන බව කියමි. බෞද්ධයන්  සැබැවින්ම සිංහලයන්ගේත් සිංහලකමේත් පරම සතුරන් වීම වසන් කල නොහැකි ඇත්තකි. මිනිස් වර්ගයාගේ නියමුවන්ට එසේ කිරීම මනුෂ්‍යයත්වයට කරන හාණියක් නොවේද?

මෑතකදී සිංහලයන් ආවේ කේරළයෙන් යයි තවත් දෙමළෙක් කියා ඇත. සමහර විට මේ දෙමළා සිංහලයකු හමු වී නැති එකකු විය හැක. කෙසේ වෙතත් කේරළයේද බොහෝ සමානකම් ඇත. මෙලෙස බැලූ විට හිමාලය දක්වා එවන් සමානකම් ඇත. එහෙත්, සිංහල දෙමළ හා හින්දු යන වචන තුන සිංහල අරුත් ගත් විට, කලෙක හිමාලය තෙක් සිංහලයන් ව්‍යප්තව සිටි බවත්, මුල් තැන සිට හිමාලය තෙක් ක්‍රමයෙන් විහිදුන බවත් පෙන්වීමට කලින් කී උපක්‍රම ප්‍රමාණවත්ය. අද වන විට සිංහල රටේ උතුරු පෙදෙස දක්වා සංක්‍රමණික ආක්‍රමණයකට ලක් වී පැතිරී සිටින්නේ, එහා බිම් කන්තාර වන විට සරුබිම් සොයා ආ සංක්‍රමණිකයන් ගෙන් පැවතෙන උන්ය. ස්වදේශික භාෂා උච්චාරණය කිරීමෙන් විකෘර්ති භාෂා හැදුනේද, ඒවා කියන විට ස්වභාවික බවෙන් තොර වන්නේද අනුන්ගේ බසක් තමන්ගේ වූ විට හැසිරෙන ආකාරයටමය. මෙවැනි බස් වහරක් ඉංග්‍රීසින් අතරට යන සංක්‍රමණිකයන්ද ගොඩ නගන බව පෙනේ. කාලයාගේ ඇවෑමෙන් බහුතරය ඔවුන් වන විට, උන් තමන්ගේ බස ලෙස කතා කරන ඉංග්‍රීසි, සම්මත ඉංග්‍රීසියෙන් කොතරම් වෙනස් ද යන්න දෙමළ හා හින්දි භාෂා සිංහල හා සසඳා දත හැක.

© All copy rights reserved by the author.

Thursday, 10 January 2013

සිංහල භාෂාව - 1


සිංහලයන් හා සිංහලකම ගැන කතා කරන විට, ඒ සඳහා වඩාත් ම සුදුසු වන්නේ සිංහල භාෂාව නිසා, ඒ ගැන කතා නොකරම බැරිය. සිංහල බස කෙතරම් දියුණු ද යන්න එහි ඇති සංකීර්ණ ස්වරූපය කියා පානවා. අද තරම් සිංහල බස දැඩි පීඩනයට ලක් වූ කලක් නොමැති තරම්ය. අධ්‍යාපනය ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වී ඇති නිසා ඉංග්‍රීසි බස ඉගෙනීමට කරන බලපෑම සිංහල අතහැරීමට කියනවා වැනිය. මෙසේ බස නසන්නේ සිංහලයන් දැයි විමසීමද, නිවැරිදිව බස හැසිරවීමද අරුත් ඇති කතාවකට මුල පුරන නිසා, ඒ ගැන යමක් කිව යුතු යයි සිතමි.

අද සිංහල භාෂාව ඉගෙනීම,  වාක්‍ය රචනයට අදාළ නීති රීති හා සාහිත්‍යය ලෙස තාලයකට කියන, එහෙත් සැබෑ ලොවට දුරස් වූ කවි කතා වලට සීමා වී ඇත. බොහෝ විට සාහිත්‍ය කෘතීන් බෞද්ධයන් ලියූ නිසා තම දැකුම එතුලින් මතු කරන නිසා සැබෑ සිංහල දැනුම එතුල ගැබ්ව ඇත් දැයි බැලීම අවශ්‍ය වේ.

මගේ අත්දැකීමට අනුව සිංහල භාෂාව තුල අන්තර්ගත දැනුම සිංහලයන්ට කොතරම් අහිමි වී ඇත් දැයි කියනවා නම්, සිංහල වචන යොදා වෙනත් බසක, විශේෂයෙන්ම ඉංග්‍රීසි, දෙමළ හා හින්දු දැනුම හුවමාරු කරනවා දැයි විමසිය යුතුය. උදා හරණ ලෙස මම උදේට බත් කෑවා කියන එකත් මම උදේට rice කෑවා යයි ඉංග්‍රීසි වචනයක් දමා කී විට ඇති වෙනස ඉංග්‍රීසිකම හා සිංහලකම අතර ඇති වෙනස තරම් විශාලය. ඊට හේතුව බත් යනු ඒකීය අරුතක් දෙන වදනක්ය. කරන ක්‍රියාව ඇතිව හෝ නැතිව ඒ අරුතම ගනී. එසේ වුවත් rice යන ඉංග්‍රීසි වදන කරන ක්‍රියාවෙන් ඉඟි කරන, අර්ථය කියන්නාට ඇවැසි අරුත් දෙන නිසා, අසන්නාට ස්ථීරව වචනය තුලින් අරුතක් නියතව නොදෙයි. සැබැවින් ම මෙය ඉංග්‍රීසිකම හා සිංහලකම අතර ඇති වෙනසේ විශේෂ ලක්ෂණයක් ද හෙළි කරනවා.

මෙම විශේෂ කාරණය කීවේ මා ලියන දෑ සිංහල අරුතම යොදා තේරුම් ගත යුතු නිසාය. භාෂා අතර ඇති පොදු වචනද ඒවායේ වෙනස්කම්ද, අරුත වෙනස් වන අයුරු උදාහරණයකින් ම දැක්වීම සුදුසුය. කෙනා (සිංහල) , කිං (ඉංග්‍රීසි), කන්නන් (දෙමළ), කුමා(ර්) (හින්දු) යන වදන් හතරම එක මූලයක් ඇති වචනය. එහෙත් ඒවායේ සිංහල අරුතට වඩා අනෙක් භාෂාවල ඇති අරුත වෙනස් බවද, අනෙක් භාෂා තුන ගත් විට ඔවුන් දක්වන අරුත් කොතරම් සමීප දැයි බැලූ විට, වචන තුලින් අතීතය රැඳී ඇතැයි ද කිව හැක. මේ සුළු විග්‍රහය මා ලියන දේ තේරුම් ගැනීමට අත්‍යාවශ්‍ය පදනම සපයයි.

සිංහල භාෂාව කොතරම් අපට සමීප දැයි කියනවා නම්, භාෂාව හැදෑරිය යුතු යයි පැවසීම වුව හාත්ස්‍යයට ලක් වේ. උදාහරණ ලෙස අපේ අත පය වැනි අංඟ කොතරම් අපේම කොටසක් වී ඇති දැයි කියනවා නම් ඒවා තියෙනවා දැයි නැද්දැයි යන හැඟීමද අපට ඇති නොවේ. එහෙත් නිතර සෙවිල්ලෙන් සිට ආරක්ෂා කරගැනීමට උත්සාහ නොකරයි නම් අහිමි වීමෙන් නැතිකම දැනෙන විට, ප්‍රමාද වැඩිය. එය තම බස සිංහල යයි සිතන අයට වෙන විපතකැයි මම කියමි. සිංහල බස බාහිර බලපෑම් නිසා කොතරම් අහිමි වී ඇති දැයි කියනවා නම් අනෙක් වචන තබා සිංහල යන වචනයේ අරුතද දත් අයෙකු මට සොයාගත නොහැකි විය.

සිංහල යන වචනය නිකම්ම නිකම් පුහු වචනයක් නොවන බව අප අතරේ රැඳී ඇති සිංහල වචන වල නියමාර්ථ හැදෑරූ විට පෙනේ. සිංහල වචන අතරේ ඇති සිංහලකරණය වූ දෙමළ, හින්දු ඉංග්‍රීසි වචන වැනි බාහිර වචන අතහැර, වචනාර්ථයන් හැදෑරූ විට, එකම අරුත දෙන වචන දෙකක් හෝ අරුත් දෙකක් දෙන එකම වචනයක් දැකීම උගහටය. එකම මාතෟකාවක් යටතේ යෙදෙන වචන වුව ඊටම ආවේණික අරුතක් දැරීම අඟනේය. මෙම විශේෂ ගතිය දැනුමට මුල් තැන දෙන බසකට අත්‍යාවශ්‍ය ස්වාභාවික ගුණයකි. සිංහල යන වචනය, තිරිසන් ලොව සිට අද දක්වා එයින් හඳුන්වන දෑ වල නියම ගති ගුණ කියා පානවා. එය ආරම්භයේදී බිහි වූ වචන දෙකක එකතුවක් වන අතර සිංහලකම බිහිකිරීමට දායක වූ පදනම ද ඒ හා බැඳුනු ගති ගුණද, දැනුමද සංකේතවත් කරනවා. බොහෝ ජාතිකයන් මෑතකදී සිංහල යන වදන භාවිතයට හුරු වීම නිසා ඔවුන් සිංහල යන වචනය ගෙතුවා යයි යන මතය පුස්සක් බව, විවිධ ජාතීන් කලින් සිංහලයන් ඇමතූ වදන් සිංහල යන වචනය බිඳ දමා සැකසුණු ඒවා බව පෙන්වා තහවුරු කල හැක. එහි සුවිශේෂත්වය වන්නේ සරල ප්‍රාථමික යුගයේ වචන එකතුවක් වීමත්, ඒ සමඟම දෙමළ හා හින්දි යන වඳන් වල අරුත් දීමත් ය. වචනය සැකසුනු පරිසරයද ප්‍රාථමික යුගයට අයත් වේ. ඒ වචනය ගොඩ නැගීමට දායකවූ අනෙක් වචනද, අදාල පසුබිම් දත්තද භාෂාවත් සමඟ අදත් ජීවමාන නිසා, වැදගත්කම කොතරම් ද යත් තව දුරටත් කතා කිරීම නුසුදුසය. ඒ එය එතරම් සරල නිසාය.

අද සිංහල බස කොතරම් පරිහානියට ලක් වී ඇති දැයි කියනවා නම් අප්‍රාණික වූ අඟපසඟ වැනිය. සිංහල හෝඩියද දෙමළ බලපෑම් නිසා විකෘති වී ඇත. වැදගත් අකුරු නොසලකා අමතක කර ඇත. පිළිවෙල දෙමළ මුවට/උච්චාරණයට අනුව සකසා ඇත. මේ හානිය බෞද්ධ මිෂණාරීන් ලෙස පැමිණ සිංහලයන් සමඟ විසූ දෙමළුන්ගෙ අණුවන ක්‍රියාවල ප්‍රථිඵල ය. සිංහල බසේ අකුරු අණුපිළිවෙලම ගණනය කිරීමට යොදා ගත් බවත්, දෙමළ හින්දු බලපෑම් වලට හසු නොවූ ජන කොටසක් සතු දැනුම සමඟ සසඳා බැලූවිට, සිංහල බසේ අනන්‍යතාවයත් තහවුරු වේ.

සිංහල යනු මා සෙවූ, දැනුම එලෙසම රැකී ඉදිරියට ගෙන යා හැකි භාෂාවකට හිමි විය යුතු අංඟ සපුරාලන භාෂාවයි. එම බසේ ඇති වචන, තිරිසන් යුගයේ සිට අද දක්වා භාෂාව ගොඩ නැඟුනු ශබ්ද හා වචන වලින් පිරී ඇති අඟනා වචන එකතුවකි. එලෙසම වචන නොකී තිරිසනුන් ලෙස පටන් ගෙන, ටිකෙන් ටික ස්වාභාවික ශබ්ද මුසු කොට අරුත් දෙන වදන් බිහි වූ හැටි කියන බවද, කාලයත් සමඟ වචන විහිදී නව අරුත් දෙන වචන බිහි වූ හැටිද, මුල් වචනය නොමැකී එවදන් තුල රැඳීමද, සිංහල යනු තමන් විසින් තමන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බිහි කල තමන්ගේ බස වීම ගැන සිංහලයන් විශේෂ තැනක් ගන්නේ, වෙන කිසිදු බසක පොදු අයිතියක් නොමැතිකම නිසාය. එසේම භාෂා දෙකක් ලෙස පෙනෙන දෙවිදියක වචන තිබීමද, වාක්‍ය තිබීමද, නීති රීති නැතිව නිදහසේ බස බිහි වීමත්, භාෂාව වැඩෙන විට පොදු සම්මත යොදා වචන හා වාක්‍යයයන් ගොඩ නැගීමත් සාක්ෂි දරයි. එය සිංහලයන් නිදහසේ ජීවත් වූවා යයි කියන ප්‍රබල අංඟයකි. බස බිහිවීමත්, නැඟීමත්, ජාතිය ගමන් කල දිසාවත් වචන තුලින් හෙළි වේ.

ඉංග්‍රීසි බස වඩා හොඳයයි සිංහලෙන් කියනු මම ඇසුවෙමි. ඒ ගැන පුදුම නොවෙමි. තමන්ගෙ මට්ටමට වඩා ඉහළින් යාම උගහටය. සිංහලයන් උයා ගෙන කන කෑමත්, ඉංග්‍රීසින් තවමත් පුච්චාගෙන කෑමත්, භාෂා දෙකේ වෙනසට සමය. යමෙක් පුච්චාගෙන කෑ යුගයේ හිර වේ නම් ඔහු සිංහලයකු නොවේ. මේ පිටුවේ කී ලෙස බස නොදැන අරුත් දීම නුසුදුසු බවත්, කියන දේ දැන ගැනීමට එම බස ගොඩ නැඟුණු පරිසරය අත් දැකීම අවශ්‍ය බවත් කියමි.



(මෙම බ්ලොගය මට මෙන්ම සිංහලයන්ට වැදගත් වූ පර්යේෂණ දත්ත සීමිත ලෙස අන්තර්ජාලයට මුදා හැරීමකි. මගේ උත්සාහය හැකි පමණින් තොරතුරු බිඳක් දී සිංහලයන් හඳුනා ගැනීමය. දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම් බොහෝ තොරතුරු වාරණය කිරීමට සිදු වේ. යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ඒ මා කියන දෑ හුදු විශ්වාස නොව දත්ත මත ලියූවක් නිසාය.)

Wednesday, 9 January 2013

සිංහලකම හඳුණා ගනිමු


මා මේ පිටුව තුලින් සිංහලකම හඳුනා ගන්නේ කෙසේදැයි බලමි. සිංහල යයි තමන් හඳුන්වාගන්නා අය බොහෝය. ඔවුන් අතර පරතරය ගත හොත් එතුල සියලු ජාතීන්ට ආවේණික වූ අය සිටින බව පෙනේ. එසේ නම් ඔවුන් සැම සිංහලද? සැබෑව එය නොවේ. අද ඉංග්‍රීසීන් ලොව බලවතුන් වී සිටින මොහොතේ, උන්ගෙ සරණ යන, ඉංග්‍රීසිකම වැළඳ ගන්නා විවිධ ජාතීන්ට අයත් ජනයන් බොහෝය. ඒ තම අවශ්‍යතාවයන් සපුරා ගෙන රැකීමටය. එහෙත් ඒ සමඟින් තම දරුවන් ඉංග්‍රීසි බස උපතින් කතා කරමින්, ඉංග්‍රීසිකම තුල වැඩෙන විට ඔවුන් ඉංග්‍රීසි ජාතිකයන් නොවුනද වෙන ජාතියකට හිමිකම් නොකියන කොටසක් වේ. මෙහිදී තම අනන්‍යතාවය සුරකින ඉංග්‍රීසීන්, තම ජාතිය ප්‍රධාන කොට නාමික ජාතියක් බිහි කර, මේ යටත්වැසි ජනකොටස් ද තම අණසකට යටත් කර ගන්න නිසා, ඉංග්‍රීසිකම තුල වැඩෙන අනෙක් ජාතිකයන් ඉංග්‍රීසින් ලෙස පෙනී සිටීම වළකයි. ඒ ඉංග්‍රීසිකම විවිධ ජාතීන්ට පොදු දෙයක් නොවන නිසයි. එසේ නම් සිංහලකම තුල, විවිධ ජාතීන් තම අනන්‍යතාවය ලෙස සිංහල හුවා දැක්වීමට හේතු විමසිය යුතුය.

අද ඉංග්‍රීසින් මෙන් එක්තරා යුගයක සිංහලුන්ද ප්‍රබල ජාතියක්ව සිට බවට සිංහලකම තුල සාක්ෂි එමටය. එකල සිංහලයකු වීම අගය කල බව පෙනේ. සිංහලයන් කෙතරම් ප්‍රබලද යන්න ඔවුන් සිංහල සරණ පැතූ උන් ගැන තඹ සතයකට මායිම් නොකල බව, අද වන විට සිංහලයන් පත් වී ඇති තත්වය සාක්ෂි දරයි. එක් අතකින් සිංහලකම සියලු මිනිසුන්ට උරුම වූවක් ද විය හැක. කෙසේ වෙතත් සිංහලකම අදත් නොනැසී පැවතීමට නම් යම් ආකාරයක අධීක්ෂණයක් තිබිය යුතුය.

සිංහලකම රැකෙන ආකාරය මා අත් දැකීමෙන් මනාව හඳුනමි. එය රැකෙන විදිය මිනිස් පාලනයට ඉහළින් ක්‍රියාත්මකය. එය නාමික බෙදීමකට වඩා පුද්ගල හැසිරීම මත ක්‍රියාත්මක වන, ඉතා ප්‍රබල ක්‍රියාවලියකි. සිංහලකමට අභියෝග වන ලෙස හැසිරීම, උන් හිටි තැන් නැතිවී, ජීවිතයෙන් වන්ඳි ගෙවන, තම අනාගත උරුමය අහෝසි කරන විනාශයකට මුල පුරයි. මම සිංහලකමට අභියෝග කර එයට ආවේනික ප්‍රතික්‍රියා අත්විඳ, නැවත නැවත අත්හදා බැලීමට දායක වූ තොරතුරු හෙළි නොකලද, එම සිංහලකම රකින සියලු උපක්‍රම අදද සක්‍රීය බව අත්හදා බලා සහතිකව දනිමි. එම ක්‍රියාවළිය ජීවමාන බවද දනිමි.

සිංහලකම තුල ඇති ජීවමාන ආරක්ෂණ උපක්‍රම නිසා සිංහලකම මනාව අවබෝධ කරගැනීම තම යහපතට හේතු වේ. සිංහලකම යනු මිනිසකු ලෙස ජීවත් වීමටත්, තම පැවැත්ම තහවුරු කිරීමටත්,  සිංහලයකු ලෙස හැසිරෙන ආකාරය ගොනු කිරීමකි.

සිංහලයකු ජීවත්වීමට කරන කියන දෑ, අනෙක් අය සමඟ පවත්වන සබඳතා, කන බොන ආකාරය, ඇඳුම් පැළඳුම්, ආවාහ විවාහ, නෑ සබඳතා, අදහස් හුවමාරු කරන විදිය, සිංහල භාෂාව සැකසී ඇති ආකාරය, සිංහලයන් පරිසරයට බැඳෙන අයුරු, ගැටළු හා අර්බුද නිරාකරණය කරන අයුරු,  තම ජීවිත අපේක්ෂාවන් යන කී නොකී දහසකුත් එකක් තොරතුරු සිංහලකම අරුත් දක්වන සුවිශේෂ අංඟයන්ය. අද සිංහලකමට අමතරව ඇති සිංහලකම හා නොගැටී පවතින ආකම් බොහෝ ඇති නිසා බොහෝ අය ඒවාද සිංහලකම ලෙස හුවා දැක්වීම සිංහලකම ගැන නොදැන කියන හිතළු වේ.

සිංහලකම තුල රජ කරන කැමැත්තට ඉඩදීම, කැමැත්ත මත තීරණ ගැනීම වැනි ඉතාමත් අස්වාභාවික ගුණය කෙසේ සිංහලයන්ට උරුම වී දැයි සිතිය යුතුය. එය කිසිදු ආකාරයකින් තිරිසන්කමට අයත් වන ගතියක් නොවේ. එසේ නම් කෙසේ එය සිංහලකමට බැඳුනේද? මෙම විශේෂ සිංහලකමේ උත්තරීතර නිර්මාණය වන්නේ මහසම්මත මනු පාලනයයි. තිරිසන්කම තුල, ශක්තියත්, කෲර බවත් තෝරන නායක කම,  කැමැත්ත මත තේරීමට තරම් වෙනස් වීම සිංහල මනසේ ප්‍රබලකම හෙළි කරයි. අද එම මහසම්මත ක්‍රියාවලිය කැමැත්තෙන් අනායකයකු තෝරාගැනීමට ඉංග්‍රීසීන් යොදා ගෙන ඇත. නුදුරු කල, සිංහලකමේ ශ්‍රේෂ්ඨ අංඟයක් වන "කැමැත්ත අනුව පැවැත්ම" නව අදිරයකට යන විට, තිරිසන්කමේ ඉතිරියක් වන නායකත්වය ද අනවශ්‍ය වන බව දකින මම, මේ මහසම්මත පාලන ක්‍රමය කෙතරම් මිනිස් පැවැත්ම වෙනස් කලේද යන්න, ඒ බලපෑමෙන් සැඟවී සිට, අද එළිබැස ඇති මුස්ලිම් සමාජයේ හැසිරීම් රටාව සමඟ සැසඳූ විට පැහැදිලි වේ....

සිංහලකම තුල ඇති තවත් වැදගත් අංඟයක් වන කෑම බීම ඉබේ බිහි වූවක් නොව, තිරිසන්කම හැර දමා මිනිස්කමට තල්ලු කල මහ මඟක් වැනිය. තිරිසන් ලොව කළාතුරකින් රස විඳි අඟනා දෑ රිසි ලෙස පරිහරණය කිරීමට සැකසීම වසඟයෙන් සතෙකුගේ කැළෑ ගතිය ඉවත් කිරීමක් වැනිය. උදාහරණ ලෙස මී පැණි වැනි කිතුල් පැණියක් ලැබීම ඉබේ වූවක් නොවේ. සිංහලයන් නොදැනුවත්වම යොදන සැකසීමේ උපක්‍රම ජීවත් වීමටත් පැවැත්ම රැකීමටත් ඉවහල් වන බව උන් නොදැනම කරන බව පෙනේ. කරන දෑ, එසේ කිරීමට හේතු නොදැනම කිරීමද, විමතිය දනවයි.

සිංහලයන් සතු ගොවිතැන් කිරීමේ විශේෂ දැනුම නොවන්නට අද වන විට සිංහලයන් ද දැනට වඳ වී ගිය ශිෂ්ඨාචාරයක් විය යුතුය. බොහෝ අය නැසි ගිය හේතු සිංහලයන් මග හැර ඇති ආකාරය කෙසේ සිංහලයන් සතු වීද? අද වන විට තමන් කරන දේ එසේ කරන්නේ ඇයි දැයි කීමට හැකියාව නැත. බාහිර බලපෑම් නිසා වල් වැදුන අදාළ දැනුම රැකීමට නිරන්තරයෙන් උත්සාහ ගැනීමද සිදුවේ. මෙම ගොවි උපක්‍රම නොවන්නට, කුසගින්න නිසාම මිනිසා වඳ වූ සත්ව විශේෂයක් වීමට ඇති සාධක බොහෝය.

තවත් අඟනා සිංහලකමේ අනන්‍යතාවය පෙන්වන අංඟයක් වන්නේ ඔවුන් සතු, ශාරීරික හා මානසික ලෙඩරෝග සුව කරන ආයු වැඩිකරන විදියයි. ඒ වටා ඇති දැනුමද බිහි වූ කාරය විමතිය දනවයි. මානසික රෝග සුවකිරීමට ඇති ක්‍රම සුවිශේෂ වන අතර,  ඒවා කෙසේ ලෙඩ සුවකරනවා දැයි කරන්නන් පවා නොදන්න බවක් පෙනේ. ඒ ගැන බොහෝ කිව යුතු නිසා පහසුවට තබමි.

සිංහලකමේ ප්‍රබල අංඟයක් වන කුල ක්‍රමයද විශේෂ තැනක් ගනී. අද ඇති ක්‍රමය මහසම්මත මනුගේ දරුවන් දස දෙනාට දැනුම බෙදා රැක ගැනීමට කණ්ඩායම් සැකසීමෙන් බිහිවිය. සීමිත මිනිස් හැකියාවන් තුල, අසීමිත දැනුම් සම්භාරයක් ගබඩා කිරීමට නම්, සීමාවන්ට යටත් ව දැනුම බෙදිය යුතුය. එම දැනුම අදත් ඇත්තේ තම වගකීම පැවැත්මේ කොටසක් වූ නිසාය. මෙහි ඇති වැදගත් කම, කුල සියල්ලම මිනිසා ජීවත් කරවීමට දායක වීමය. යම් ආකාරයක ශ්‍රේණිගත වීමක් ඇත්තේද තමන් කෙතරම් ජීවත් වීමට දායක වනවාද යන කරුණ මතය. හින්දු හා දෙමළ කුල ක්‍රම, බලය යොදා බෙදූ, එකෙක් අනෙකාට මෙහෙ කරන අසමාන සමාජයක් බිහි කලද, එවැනි තදබල බාහිර තෙරපුම් නොමැතිව සිංහලකමේ ප්‍රබල අංඟයක් වන කුල ක්‍රමය රැකී ඇත. මෑතකදී දෙමළ හා හින්දු සංක්‍රමණිකයන් පාරම්පරික වෘත්තීන් උදුරා ගැනීමත්, දඬුවමට ලක්වූවන්ට පාරම්පරිකව කරන රැකියා දීමත් නිසා අවුල් වුවද, හැම කුලයකම සිටින සිංහලයන් අභිමානයෙන් තම වෘත්තියේ යෙදීම, සම්මතයෙන් හා සිය කැමැත්තෙන් ඇරඹූ බවට සාක්ෂි දරයි. දරුවන් පොරකෑම නවතා, තම හැකියාවන්ට සරිලන කාර්යයක නිරත වීම, ජීවත්වීමටත් පැවැත්ම රැකීමටත් කෙතරම් දායක වී ඇති දැයි සාක්ෂි එමටය. කලින් කල සිංහලකම ඉදිරියට යන නිසා, නුදුරු කල, ජීවත්වීම හා පැවැත්ම රැකීම සමඟම සහෝදරකමේ සමානතාවය එළිදකින නව දැනුම සමාජ සැකසුම දියුණු කිරීමට ඉවහල් වන බව මට විශ්වාසය.

සිංහලකම තුල ඇති තවත් විශේෂයක් වන්නේ පැවැත්ම රැකීමට අත්‍යාවශ්‍ය වන විවාහ ක්‍රමය හා ජීවත්වීමේ මග කියන ජීවිත විදියයි. පිරිමියෙකුත් ගැහැණියකුත් එකතු වී දරුවකු බිහිකිරීම පැවැත්මට හේතු වේ. දෙදෙනා මත ලැබෙන දරුවාගේ ස්වභාවය බොහෝ දුරට තීරණය වන නිසා, සුවිශේෂ ගැලපීම් විදියක් බිහි වී ඇත. එහෙත් සම්මතයට අනුව කැමැත්තට මුල් තැන දීම සමාජමය ලක්ෂණයකි. හැම විටම දූ දරුවන්ගේ යහපතට කැපවීමද සිදුවන ආකාරය විමතිය දනවයි.

සිංහලකම ගැන ඉතා සුළුවෙන් ලිව්වේ සම්පූර්ණ තොරතුරු ලිවීමට අනාදිමත් කාලයක් ගතවන බව දැන දැනය. මෙහිදී වඩා වැදගත් වන්නේ කරන කියන දැ නොව ඒවාට පසුබිම සැකසුන ආකාරය දැනගැනීමයි. මෙම සිංහලකමට දායක වූ දැනුම කෙසේ කවදා හිමි වුනා දැයි විමසිය යුතුය. එම දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම්, සිංහලකම ගොඩනැගීමට යොදා ගත් දැනුම සඳහා ජීවිතය යනු කුමක්ද, කෙසේ කවදා බිහිවීද, කෙසේ වෙනස් කල හැකිද යන බව සපුරා දත යුතුමය. මිනිසුන් කී දෙනෙක් මේ ගැන දනීද?

තිරිසන්කම තුල හිර වූ මිනිසා තමන් විසින්ම මේ මගට ආවේ නම් අනෙක් තිරිසනුන්ද ඒ මග ආ යුතුය. ප්‍රශ්ණයකට ඇත්තේ තිරිසනුන් තබා සිංහලකමෙන් යැපෙන මිනිසුන්ද මේ ගැන කිසිත් නොදැනීමයි. කරත්තය අදින ගවයා, සුපුරුදු ලෙස බර ඇද්ද ද, තමන් එසේ කරන්නේ තමන්ගේම වුවමනාවට නොවුවද, වෙන්නේ කුමක්දැයි නොදැන කරන්නා සේ, සිංහලයන්ද තමන් අත්විඳින ජීවන රටාව කරගෙන ගියද එය එසේ වීමට හේතු කාරණා නොදන්න බව පෙනේ. එසේ නම් මිනිසාගේ මග පෙන්වීමට යටත් වූ ගවයා මිනිසාට ඇවැසි දෑ කර තම යැපීම කරන්නා සේ, වෙන යම් කෙනෙක් සිංහලයන් එතැනට දමා, තම ඇවැසි දෑ කරන්නේද යන්න විමසීම වැදගත්ය. විශේෂයෙන්ම සිංහලකම අතහැර තිරිසනකු වීම ඉතා දුෂ්කර දෙයක් නිසා, පසුබිම හැදැරීම වැදගත් ය. ඒ ගැනද සිංහලයන් සතු දැනුම යම් ඉඟියක් දෙන බව කියමින් මෙම පිටුව අවසන් කරමි.


(මෙම බ්ලොගය මට මෙන්ම සිංහලයන්ට වැදගත් වූ පර්යේෂණ දත්ත සීමිත ලෙස අන්තර්ජාලයට මුදා හැරීමකි. මගේ උත්සාහය හැකි පමණින් තොරතුරු බිඳක් දී සිංහලයන් හඳුනා ගැනීමය. දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම් බොහෝ තොරතුරු වාරණය කිරීමට සිදු වේ. යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ඒ මා කියන දෑ හුදු විශ්වාස නොව දත්ත මත ලියූවක් නිසාය.)