Tuesday, 1 July 2025

ඔබ කවුද​? සිංහල​, ඉංග්‍රීසි, දෙමළ​, හින් දි, මූසල, යුදෙව් හා ද්‍රවිඩ කියන ජන කොටස් හඳුනා ගැනීමට ඕන ද​? - තුන්වන​ කොටස​

 මම මේ වෙනකම් කියපු දේ යම්තම් හෝ තේරුනා නම්, ඇඟක් ලැබුනු පමණින් ඒ සතාගේ සියළු හැසිරීම් අපට නොලැබෙන බව දැනගතයුතුයි. ඒ ඇඟ තුලින් කොච්චර කල් ජීවත් වුනා ද කී සැරයක් ඒ ඇඟ උපතින් ලැබුනද කියන එක අනුව තමයි අපට ඒ සතා ලෙස ජීවත් වීමේ හැකියාව ලැබෙන්නෙ. කලින් කොටසෙ කිව්ව පරිදි අද ලෝකෙ උඩම ඉන්නෙ කඳුබඩයගේ ඇඟ තුලින් උපන් සුනඛයන් බව තහවුරු වෙන්න ඕන​. මේ සඳහා සුනඛයන් ගේ හැසිරීම මනාව ඉගෙන ගන්න ඕන. කෙටියෙන් කියනවා නම් සුනඛ ජීවිතයක් ලැබුවෙකු ඒ තුලින් තමන් ගේ ජීවිතය ගැන තැකීමක් නැති එකෙක් වෙනවා. ඒ වගේම සුනඛ සමාජය තුල උස් පහත් භේදය තියෙනවා. එකිනෙකා පෙල ගැසෙන්නේ හරියට පඩි පෙලක් වගේ. උඩම එකා තමයි රජා වගේ. පහලට යන්න යන්න තමන්ට හිමි වන්නේ ඉතාම පහල තැනක්. මේ රටාව ගොඩ නැගෙන්නෙ පොර කෑමෙන්. රැකෙන්නෙත් පොරකෑමෙන්. එකිනෙකා අතර සමාන හැසිරීමක් නැති නිසා හැම තිස්සෙම එකිනෙකා තමන් ගේ තැන උඩට ගන්න අනෙක් උන් එක්ක පොර කනවා. මේක සමාජය තුලින් දකින්න ලැබෙන හැසිරීමක්. වෙන විදියකට කියනවා නම් එකාට එකා නැති සමාජයක්. ඒ වගේම අනෙක් එකා පහලට දාන්න හැම උත්සාහයක් ම දරනවා. මේ සඳහා ඕන විදියක් භාවිතා කරනවා. අද මුන් සිංහල කියාගන්න නිසා, මේවා සිංහලයන් ගේ ගති කීවාට ඇත්තටම අයිති වෙන්නෙ උන් ගේ සුනඛ උරුමයට. මේ හැසිරීම සුනඛයන් අතර පවතින එකක්.  මුන් තමන් ගේ හිමි කරුට එහෙම නැත්නම් උඩම ඉන්න එකාට ඕන ඕන විදියට නැටවෙන සතුන් ජාතියක්. කවදා හෝ මේ හැසිරීම කෙළවර වෙන්නේ තමන් ගත කරන ජීවිතය හොඳටම එපා වුනාම​. ඒ වෙනකොට විශ්වාසය කියන ගුණය මුල් බැසගන්නවා. ගුණ ගරුක එකෙක් වෙන්න නම් ඔබට තියෙන එකම විදියත් සුනඛයකු වීමෙන් තමයි ලබා ගන්න වෙන්නෙ. මම මේ සියල්ල කියන්නෙ කවුරුවත් පහත් කරන්න නොව තමන් ඉන්න තැන තේරුම් ගන්නයි. ඒක කරන්න පුළුවන් වෙන්නෙ තමන් ගේ හැසිරීම තුලින්. තමන්ට ඕන නම ඒක ඉවර කරන්න පුළුවන් විදියත් මම කියනවා. සුනඛ ජීවිතයෙන් ගැලවෙන්න ඕන නම්, දිවි හිමියෙන් විශ්වාසය රකින කෙනෙක් වෙන්න ඕන​. තවම එහෙම එකෙක් මට හමු වෙලා නැහැ.

ඉහත සටහන දැම්මේ කලින් කොටස ලියන කොට ඒක තහවුරු වුන දෙයක් නිසයි. ලියන අතරේ මට මග හැරුනු තැන් දකින්න ලැබෙනවා. දැන් ලියන කොටසෙන් පටන් ගන්නෙ අප අතරේ ඉන්න විවිධ ජාතීන් ගැනයි. උන් අප අතරෙම ඉන්න නිසා, තේරුම් ගන්න පේන බලන්න ඕන නැහැ. සම්මතයෙන් සිංහල වෙන්නෙ දෙමව්පියන්ට දාව උපදින ලොකු පුතා ය​. ඊ ළඟ එකා දෙමල ලෙසත් තුන් වෙනියා හින්නි (හින් දි) ලෙසත් හතර වෙනියා මූසලයා ලෙසත් මම කලින් කියලා ඇති. මේ වර්ග හතරම හැම සතෙකුටම අදාළ බෙදීමක්. ඒ තුල තියෙන්නෙ ජීවය පවත්වාගෙන යන විදි හතරක්. එනම් ජීවන රටා හතරක්. මේ හතර පරිසරය තුල ඉපදී ජීවත් වීමෙන් ගොඩ නගපු හතරක්. තමන් ජීවත් වෙන ආකාරයට අනුව​, එහෙම නැත්නම් පණ රැකගන්න එදිනෙදා කරන වැඩ කටයුතු අනුව තමයි මොවුන් වෙන් කරලා හඳුනාගන්න පුළුවන් වෙන්නේ. කඳුබඩයා තිරිසන් සතෙක් ලෙස​, එනම් භාෂාවක් කතා නොකරන කැළෑ සතෙක් ලෙස ගතහොත්, සිංහල කියන වර්ගය යන්තමින් හෝ නියෝජනය කරන කොටසක් අදත් අප අතර ඉන්නවා. ඒත් ඔවුන් නියම සිංහලයන් ලෙස අද වර්ග කරන්න බැහැ. ඒකට හේතුව පළමු කොටසෙ ලිව්වා. මේ කොටසෙ කතා කරන්නේ ඊළඟ වර්ගය වන දෙමල ගැනයි. අද සිංහලයන් ලෙස හැසිරෙන උන් අතරේ මේ දෙමලුන් ඉන්නවා. ඒක හැබෑව තුල වෙන ඉදිරියට යාමක්. එනම් ලොකු එකා නැති තැන දෙවන එකා ලොකු එකා වීමක්. මේ ජීව ලෝකය එක තැන පල් වෙන එකක් නොව දිනෙන් දින ඉහලට යන එකක් කියලා සරලව කියන්න පුළුවන්. හරියට පංතියෙන් පංතියට යනවා වගෙයි. වෙනසකට තියෙන්නේ මේකේ දී ඉහලට යාමත්, එක තැන පල් වීමත්, ආපස්සට යාමත් තමන් කරන තේරීම් අනුව වෙන දෙයක් වීමයි.

වැදගත් යමක් කියන්න ඕන​. ඒ තමයි තමන් සිංහල​, දෙමළ හින් දි හෝ මූසල කියා ගන්න​, ඒත් කිසිම අදාළ හැකියාවක් ගෑවිලාවත් නැති හිඟන්නන් බහුල වීම​. මේක ඉතාම බරපතල තත්වයක්. බොරු කියන්න පුළුවන් නම්, ලැජ්ජා භය කියලා එකක් නැත්නම්, හැදිච්චකමක් වැදගත්කමක් නැත්නම්, ඒ වගේ උන් ජාතියක් වෙන් නැහැ. හැදිච්චකම හා වැදගත්කම අහල තියෙන වචන වුනාට තේරුම දන්න උන් නැති නිසා යම් පැහැදිළි කිරිමක් කරන්නම්. හැදිච්චකම කියන්නේ උපතින් තිරිසනකු වීමේ හැකියාව ඇති නිසා තමන්ට මග පෙන්වන කෙනෙක් ගති ගුණ "හදලා" තියෙනවා කියන එක. වැදගත්කම කියන්නේ වැද්ද ගන්න පුළුවන් කම කියන එක. ඒ කියන්නේ තමන් පුරුදු පුහුණු වෙලා අන් අය සමඟ එකට ඉන්න තරම් දියුණු ගති ගුණ ඇති එකෙක් වීමයි. මේ ගති ගුණ දෙමළකම තුලින් වඩා ගත යුතු දේවල්. අද හෙලයන් කියාගෙන හෙල උරුමයක් ගැන නන් දොඩවන කාලකන්නි හිඟන්නො රැලක් ඉන්නවා. මෑතක් වෙනකම් උන් සිංහල බෞද්ධ වෙස් මුහුණු දා ගත් ද්‍රවිඩයන් ගොතපු පච සිංහල උරුමය බදා ගෙන හිටියත්, ඒක බිඳ වැටෙන කොට රාවණයෙක් වටා එකතු වෙමින් මේක තමයි හෙල උරුමය කියාගෙන නාඩගමක් නටනවා. මුන් හරියට කූඩැල්ලන් වෙලා ගොඩක් කල් හිටපු උන් වෙන්න පුළුවන්. ඒ සතා යැපෙන්නෙ අනුන් ගෙන් නිසා ඒ උරුමය මුන් ගෙ මුල් තැන අරං. මුන් නොදන්න එකක් තමයි සිංහලයන් කියන්නේ අතීත උරුමයක් බදා ගෙන එක තැන පල් වෙන ජාතියක් නොවන බව​. හතර වරම් දෙවියන් ගේ පිහිටෙන් සිංහලයන් තමයි පරණ උරුමය අත හැර අළුත් උරුමය බදා ගන්න එකම ජාතිය​. උන් කිසිම උරුමයකට කූඩැල්ලන් වගේ එල්ලිලා ඉන්නේ නැහැ. නිකරුනේ ආපස්සට යන්නෙත් නැහැ. කලින් කලට එක එකා රැවටීමට තම හැසිරීම වෙනස් කරන්නෙත් නැහැ. ඒක උන් ගේ ගතිය​. ඒ වගේම සුදුසු තැන සුදුසු උරුමය අනුව වුනත් උන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ උන් සතුව කලින් ලබාගත් උරුමයන් පවා රැකිලා තියෙනවා කියන එක​. උරුමයක් නැති උන් තමයි එල්ලෙන්න ලැබෙන ඕනම එකක එල්ලෙන්නේ. උන් වෙන් කරලා හඳුනාගන්න ඕන​.

කඳුබඩයගේ ශරීරය ලැබුනට ඒක ඇතුලෙ ඉන්න අවතාරිකයා මොකාද කියලා අද හඳුනාගන්න බැරි තරම් අවුල් වෙලා තියෙන්නේ. ඒක මට ලොකු අභියෝගයක් වගේම අළුතින් හිතන්න අවශ්‍ය දෙයක් වුනා. ඒ මදිවට, කිසිසේත් ම නොසුදුසු සතුන් පමණක් නොව කඳුබඩයකු සේ උපදින්න නොලැබෙන උන් පවා අද මේ අතර ඉන්නවා. ඒ තුලින් කියන්න තියෙන්නේ හැම එකාගෙම ප්‍රශ්ණ හඳුනාගෙන උන් ඒ තැනට වැටුන ආකාරය තේරුම් ගෙන ඉදිරියේ එසේ නොවෙන්නට අවශ්‍ය වෙනස්කම් කලයුතු බවයි. කඳුබඩයාගෙ නිර්මාණය ගතහොත්, ඒ තුලින් හඳුනාගත යුතු සියළු සත්වයන්ට ඉපදෙන්න හැකියාව ලැබෙන එකක්. ඉන් හැමෝම එකම ස්වරූපයක් තුල හැසිරෙන විදියෙන් ඔවුන් මුහුණ දෙන අභියෝග හඳුනාගන්න පුළුවන්. සිංහල කතා කරන උන් ගත්තම ඒ ඔක්කොම ඉන්නවා. ඉන් අන්තයට ගිය උන් තමයි මගේ ළඟින් ම ඉන්නේ. ඒ අතර මගේ දෙමව්පියන්, සහෝදර/දරියන් වගේම බිරිඳ හා පුතා පවා ඉන්නවා. මේ එකෙක් වත් මට උදව්වට ආපු උන් නොව, කරන්න පුළුවන් ලොකුම බාධාවන් කර මට දෙන්න පුළුවන් උපරිම කරදර කරන උන් රැලක්. කඳුබඩයෙක් හැටියට දරන්න පුළුවන් උපරිම පීඩනය ගත්තම, ඒ තරම් බරක් වෙන කෙනෙක් දරන්නෙ නැහැ. එහෙම නොකර හරියට ප්‍රශ්ණ තේරුම් ගන්න බැරි වුනත්, මම ගෙවන ජීවිතය ඔය සමහර හිඟන්නන් කියන ආකාරයේ සුරංගනා එකක් නොවෙයි. දරාගන්න බැරි බර සැප ද කියල හිතන එකෙක් නැහැ. මේ තුලින් මට කෙසේ වෙතත් ජීව ලෝකයට විය යුතු සාධාරණය වෙනවා.  ඒ තරමට සමානත්වය රැකෙන විදියක් තුල, තමන් යන මග තීරණය වෙන්නෙ තමන් කරන තෝරා ගැනීම අනුවයි. තෝරන මග අනුව ලැබෙන අවසානය තීරණය වෙනවා. ඒ නිසා හරි තීරණය ගන්න හැම එකාම උත්සාහ කලයුතුයි.

දෙමළ කියන්නෙ කවුද​?

සඳහන් කළයුතු බොහො දේ කීවත්, කියන්න ඕන වුනේ සිංහලයන් වෙන්න කලින් කඳුබඩයා ඉන්න ස්වරූපය ගැනයි. මේක තමන්ට පාලනයක් නැති කඳුබඩ ස්වරූපයක් තුල හිර කර ලබා ගත යුතු හැකියාවන් මෙන් ම මුහුණ දීමට වෙන අභියෝග සීමා කිරීමක් වෙනවා. මෙහීදී මම කතා කරන්න යන්නේ දෙමළ කියන බෙදීම ගැනයි. මෙය එකම දෙමව්පියන්ට ඉපදෙන දෙවන දරුවා ලබන ජීවන රටාව තුලින් පැවැත්ම තහවුරු කිරීමක් වෙනවා. මෙහිදී වැදගත් දෙයක් තමයි කඳුබඩයා මොන කාලය තුල​ ඉපදුනා ද යන්න​. අද වෙනකොට බාහිර ව ලද දැනුම නිසා මොකා ඉපදුනත් එක්තරා මට්ටම ක සිටිනවා. මෙය කඳුබඩයා තිරිසන් සතෙක් ලෙස ඉන්න කාලේ පැවැති තත්ත්වය හා සසඳන්න ඕන​. අද තිරිසනෙක් ඉපදුනත් ඌට හිමි වෙන්නෙ තිරිසන් ජීවිතයක් නොවෙයි. උගේ හැසිරීම පවා උපදින පරිසරය තුලින් පාලනය වෙනවා. ඌට වුනත් භාෂාව යන්තමින් හෝ භාවිතා කරන්න පුළුවන්. මේක කිව්වේ දෙමළ කියන බෙදීම තුල උපදින්නේ තිරිසනුන් ලෙස ජීවත් වෙන රටාව බව කියන්නයි. අනෙක් සතුන් ඔක්කොම තිරිසනුන් ලෙස හැසිරුනත්, දෙමළකම තුලින් එන තිරිසන් කම ඊට වඩා වෙනස් එකක්. මෙය කුජකම තුලින් දකින්න පුළුවන්. මේ ජීවන රටාව තුල අපි ජීවත් වෙන ආකාරය වෙනස් කිරීමකට ලක් වෙනවා. උදාහරණ ලෙස විළි වසා ගැනීමට රෙදි ඇඳීම​, වතුර යොදා පිරිසිදු වීම, කන බොන විදියෙ වෙනස් කම්, හැඳුම් පැළඳුම්, කතා කරන විදිය​, හැසිරෙන විදිය​, එකිනෙකා අතර ගණු දෙණු කරන විදිය පවා ටිකෙන් ටික වෙනස් කරලා තියෙනවා. මේක වෙන්නෙ කුජ දෙවියන් ලෙස උපදින යුගයේදී ය​. දෙමළුන් ගත් විට තාරික හැකියාවන් තුලින් පමණයි ලෝකය දකින්න ලැබෙන්නේ. මොවුන් සිංහලයන් දකින තාරික හා අවතාරික දේවල් සියල්ල තාරික ස්වරූපයෙන් ගොඩ නගනවා. උදාහරණ ලෙස තාරික හා අවතාරික ශරීර දෙක මොවුන් දකින්නේ තාරික ශරීරයට පිටු පසින් තියෙන ඒකෙ පිටපතක් ලෙසයි. මෙය වැරදි වුනත් හැකියාව නැති උන් ලෙස එසේ දකිනවා. ඒක කවදා හෝ තේරුම් ගත් විට තමයි සිංහල වෙන්න ලැබෙන්නේ. අද සිංහල කියන සියළු තොරතුරු අයිති වෙන්නෙ දෙමළුන්ටයි. ඔවුන් අද සිංහල ලෙස ඉන්නවා. ඒත් එසේ ඉන්න අතිබහුතරය කිසිම ජාතියකට අයිති නැති ඉබා ගාතේ එහා මෙහා ගිය අහිගුන්ටිකයන් බව මතක තියා ගන්න ඕන​.

කඳුබඩයා තිරිසන් කමෙන් ගලවා ගෙන යන ගමනේ මුල් කාලය ගත්තම හැම එකාම ජීවත් වුනේ තිරිසනුන් ලෙසයි. මේ තිරිසන් රටාවේ මුල් තැන ගත්තේ කඳුබඩ ගොරිල්ලා වර්ගයක් වන මුල් සත්වයායි. කාලය සමඟ තිරිසන් ජීවන රටාව තුල කඳුබඩයා ලෙස උපන් අලියා, සිංහයා වැනි සතුන් නිසා හැසිරීමේ වගේම පෙනුමේ වෙනස්කම් වුනා. මේ ගැන කියන ජීවමාන ශාක්‍ෂි එක්තරා සිංහල උරුමයක එනවා. ඒ ගැන ඊට වඩා කියන්න යන්නෙ නැහැ. හේතුව සිංහලයන් දැනුම දුන් විදිය ගැන කියන්න වීමයි. එය පසුවට තබනවා. මුල් කාලයේ විවිධ සතුන් කඳුබඩයාගේ ස්වරූපයෙන් උපදින කොට ඉතා තියුණු වෙනස්කම් දකින්න තිබුනා. ඒත් ඒ සියල්ල පාලනය කරලා අද ඉන්න තැනට ආවත්, අදත් වෙනත් සතෙක් කඳුබඩයාගෙ තාරය තුලින් බිහි වුනොත් වෙනස හඳුනාගන්න පුළුවන්. ඉතා සුළු ගණනක් වූ නිසා මුල් කාලයේ මිශ්‍ර වීම තුලින් උපදින වර්ග හතර වෙන් කරන්න බැරි තරමට සමානත්වයක් ගත්තා. ඒත් ගහණය වැඩි වෙද්දී හැසිරීමේ ඇති මේ ස්වාභාවික වෙනස් කම් තියුණු වීම නිසා බෙදීම වී කල්ලි ලෙස වෙන් වීමක් දකින්න පුළුවන් වුනා. මීට කලින් බිහි වූ කුජ යුගයේ මේ කොටස් හතර බෙදා වෙන්කර තැන් හතරක පදිංචි කරවීම නිසා නැවත සමානත්වය ඇති පරිසරයක් ගොඩ නැගුනා. හිරුගේ දැනුම ලැබූ සිංහලයන් තිරිසන්කමට එහා ගිය ජීවන රටාවකට හුරු වුනත්, දෙවන දරුවා මුල් කර බිහි වූ ජාතිය හෙවත් දෙමළ ජාතිය තුල මේ වෙනස දකින්න ලැබෙන්නේ තාරික හැසිරීමේ පමණයි. අවතාරික උරුමය නිසා ඉන් එහාට යන්න බැහැ. ඔවුන් ගේ ජීවන රටාව ගත්තම​, ගත වෙහෙසවා කරන බර වැඩ මෙන් ම පොරකෑම​, උදුරා ගැනීම​, බෙදා නොගැනීම වැනි තිරිසන් ගති වල අඩු වීමක් වුනේ නැහැ. තිරිසන් කම තුල දෙවැනියා ජීවත් වුනේ පොර කා ලබා ගත් ආහාර වලින් ය​. මුල් තැන ලොකු දරුවාට හිමි වූ අතර​, පියා ඔහු ලංකර ගැනීම නිසා රැකුම තිර වුනා. මෙහිදී දෙවැනියා රැකුනේ මව ගේ පිහිටෙනි. අදත් මව දෙවැනියාට දක්වන විශේෂ සැළකිළි තුලින් මෙය තහවුරු වෙනවා. ඔවුන් ගේ වර්ගය තුල මවට හිමි වෙන්නෙ මුල් තැනයි. ඒ අතින් සිංහලයන් ගේ මුල් තැන දැනුම දෙන පියාට හිමි වෙනවා. අද ඉන්න සිංහල දෙමළ කියන අතිබහුතරය කිසිම ජාතියකට හෝ කමකට අයත් නොවන බොරු කාරයන් නිසා, උන් තුලින් මේ ගති දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ම උන් බොරු කරන බවත් තහවුරු වෙනවා. කෙසේ හඳුන්වාගත්තත් හැසිරෙන ආකාරය තුලින් තමන් ගේ නියම අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන්.

සිංහලයන් හා සැසඳීමේදී දෙමළුන් ගත් විට බොහෝ හොඳ හා නරක ගති ඇත​. මෙය තමන් කොතරම් ජීවත් වීම සඳහා තිරිසනුන් ලෙස උරුම වූ ගති භාවිතා කරයි ද යන්න මත තීරණය වේ. එය මුහුණ දෙන ජීවත්වීමේ අභියෝග හා තමන් සතු පෙර දැනුම​, එනම් තමන් කලින් එවැනි අභියෝග වලට මුහුණ දුන්නා ද යන්න අනුව තීරණය වේ. පටන් ගන්නේ තිරිසනෙක් ලෙස නිසා හැම කඳුබඩයාම එම ගති පරදවා දේව ගති පුරුදු පුහුණු කර ගන්න තෙක් තිරිසනෙක් ලෙස හැසිරේ. මෙලෙස වර්ගීකරණයේ දී මතක තබා ගත යුතු වන්නේ ජීවමාන රටාවක ආරම් භක අවදියේ සිට අවසන් අවදිය දක්වා, එනම් සිංහලයකු වීමට සුදුසු වන තෙක්, මේ අය දෙමළ වර්ගීකරණය තුල ඇති බවයි. එසේම අවසන් අවදිය වන විට, පෙරහුරුවක් ලෙස සිංහලයන් ලෙස ද උපදින නිසා, වර්ගීකරණයේදී ඒ ඒ කඳුබඩයා තනිවම ගෙන කළ යුතු වේ. ජීවත් වීම සඳහා තමන් සතු තාරික හැකියාවන් යොදා ගන්න නිසා, පුරුදු පුහුණු කල හැකියාවන් මෙන් ම තිරිසනුන් කරන දේවල් ද යොදා ගන්නා බව කියමි. මේ කතා කීමට මට විශේෂ උත්සාහයක් කලයුතු නොවෙන්නේ ඒ සියළු දෙනාම මගේ පවුලේ හෝ සමීපයේ සිටින නිසා ය​. මා වටා ඉන්න උන් ඒ ඒ ක්‍රියාකාරකම් වල අන්තයටම ගිය උන් නිසා ඈතින් සිටින උන් උන්ට වඩා අඩු ප්‍රමාණයකින් එම ගති ගුණ පෙන්වන්නේ යයි සිතමි. මෙම සිදුවීම් ගත් විට​, ඒ සියල්ල සිතා මතා මගේ අවශ්‍යතා ඉටු කිරීමට සකසපු ඒවා බව දනිමි. ඉන් එකෙක්, මගේ හිමිකම් දැරූ ඉඩම් පවා අල්ලගෙන භුක්ති විඳින බව උන් ගේ හැසිරීම පෙන්වයි. අනුන් ගේ දේ​ කඩා වඩා ගෙන හෝ තම අරමුණු ඉටු කරගන්න ගතිය මොවුන් සතු ය​. එහෙත් ඒ සියල්ල කරන්නේ තම තත්වය ද රකින්න උත්සාහ කරමිනි. එහෙත් ඉඩ කඩම්  යාන වාහන සම්පත් තිබුනද ජීවත් වෙන ආකාරය සිංහලයන් තරම් ඉහල තැනක නැත​. අනුන් ට හිමි දේ තමන් සතු කර ගැනීමට වුව නොපැකිලේ. මගේ ඉඩමක් එලෙස හොරෙන් "ඔප්පු" සකසා ගෙන අල්ලා ගැනීම හොඳ උදාහරණයකි. මම එය බලෙන් ගත් විට නිහඬ වුනත් මම නැවත අත හැරී විට නැවත අල්ල ගෙන ඇත​. මේ වගේ හැසිරීම ඔවුන් හැසිරෙන ආකාරය තුලින් ගොණු කල යුතු වේ.

කාලය සමඟ වෙනස් වීම දෙයාකාරයකින් සිදු වේ. එනම් ජීවත් වීම තුලින් ඉගෙන ගෙන යම් වෙනස් වීම් විය හැක​. එසේම ලබන අත්දැකීම් නිසා උපතින් උපතට ද වෙනස් කම් වේ. මේ සියල්ලටම අමතරව​, කුජ කම අළුත් වන හැම විටම ඔවුන් ගේ හැසිරීම ද අළුත් වේ. එනම් යුගයෙන් යුගයට දෙමළුන් ද අළුත් තලයකට එන බව සිහි කල යුතු ය​. ඇරඹුන නව හිරු යුගය තුල​, මෙම දෙමළ හැසිරීම වෙන් කර ඔවුන් වෙනුවෙන් ම සැකසූ විදි තුලින් වෙනස් කිරීමට ලක් වෙනු ඇත​. එය හැදෙන වැඩෙන ආකාරය පාලනය කිරීමෙන් සිදු වේ. දෙවැන්නා දෙමළකු වන්නේ පළමු වැන්නා සමඟ සිටීම තුලින් නිසා, වෙන් කිරීම අවශ්‍ය වේ. සිංහලයන් හා දෙමළුන් වෙන් වෙන් ව පදිංචි කලේ ද මේ නිසා ම ය​. එසේම වෙන් කර ඔවුන් හඳුනා ගෙන විසඳුම් සෙවීම ද තවත් අරමුණකි. පැවැත්ම තහවුරු කිරීමට නම් දෙමව්පියන් නාකි වෙන විට ඔවුන් ගේ තැන ගැනීමට අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු අවශ්‍ය වේ. පරිසරික අභියෝග හා වෙනත් හේතු නිසා මීට වඩා වුව හැදීමට සිදු වේ. මෙහිදී වැදගත් යමක් කියමි. එනම් විවිධ සතුන් එකවර බිහි කරන පැටව් ගණන හා එසේ බිහිකරන වාර ගණන තීරණය වන්නේ සතාගේ ප්‍රමාණය හා ජීවත් වීමට කොතරම් අභියෝග එල්ල වේ ද යන්න අනුව ය​. මෙයට පරිසරයේ ඇති සීමිත සම්පත් හා ඔවුන් ගේ පැවැත්මට අනෙක් සතුන් බලපානවා ද යන්න වැනි කරුණු අදාළ වේ. වඳ වී යන සතුන් ගත් විට ලෝක විනාශයෙන් පසු එන අළුත් ආරම් භය තුල දී වෙනස් කම් එකතු කෙරේ. මේ ක්‍රියාවළිය නිවැරදිව කීමට සුදුසු වචනයක් සැකසිය යුතු ය​. මෙවැනි තොරතුරු දෙමළුන්ට පමණක් නොව හැම ජීව වර්ගයකටම, අණුවර්ගයකටම අදාළ බව සිහි තබා ගත යුතු ය​. ජීවිත කාලය සීමිත නිසා මෙවැනි අතිරේක තොරතුරු සඳහන් කාලේ කොතන හෝ ඒ තොරතුරු තිබිය යුතු නිසා ය​.

දෙමළකම නියෝජනය කරන කුජකමට උපතේ සිට විපත දක්වා වෙන වෙනස් කම් බලපාන හැටි දැනගැනීම වැදගත් වෙනවා. තමන් උපදින කාලය​, තැන වගේම තමන් ගේ උරුමයත් ජීව ලෝකය බිහිකර ඇති පදනම අනුවත් මොන වර්ගයකට අයත් වුවත් ජීවත් වීම තුලින් ලොකු වෙනසක් වෙන්නත් පුළුවන්. ආරම් භය බොහෝ විට තිරිසන් ගති මුල් කරගෙන සිදු වුවත්, ඉහත කාරණා අනුව කාලය සමඟ වෙනසක් වෙනවා. ඒත් අද නම් උපදින හැම එකා ම වගේ වසර 4ක ළමයකු සතු හැකියාවන් තුල හිර වෙන නිසා, කිසිදු වෙනසක් වෙන්නෙ නැහැ. ඒකට හේතුව පවතින රටාව තුල එසේ වීමට ඉඩක් නැති වීමයි. මේ වර්ගයට හිමි හැසිරීම වෙනස් වෙන්න නම් ලොකු දරුවා ගේ බලපෑමෙන් තොර ව හැදෙන්න ඕන​. සම්පත් හිමි තැනක හැදෙනවා නම්, දෙදෙනාට ම එකම විදියට සලකන කොට උරුම​ ගති ගුණ යටපත් වෙනවා. ඒ වගේම තමන් හරි මග යන කෙනෙක් නම් ඉතා වේගෙන් වෙනස් වෙනවා. මේ වෙනස, කෙනා අනුවත් තෝරා ගැනීම් අනුවත් පාලනය වෙනවා. කාට හෝ මේ දැනුම තේරුනොත් එය වෙනස් වෙන්න ලොකු පිටුවහලක් වෙනවා. මෙය උපරිම වෙනස හෝ අවම වෙනස අතර හෝ කිසි වෙනසක් නොවීම යන අන්ත අතරේ පවතින දෙයක්. නොගැලපෙන දෙමව්පියන් ගත් විට​, ඕන වර්ගයක දරුවන් ආපස්සට වුව යන්න පුළුවන්. ඒ නිසා දරුවන් ගේ යහපත වෙනුවෙන් සුදුසු අය පමණක් එකතු වීම කල යුතු දෙයක් වෙනවා. ඒක ජාතික මට්ටමෙ වැඩක්. තමන් කරන සමහර වැරදි තීරණ අනුව කිසිදු වෙනසක් නොවෙන​, එහෙම නැත්නම් එක තැන පල්වෙන තත්වයක හිර වුනොත්, නැවත ජීව ලෝකය ඇරඹෙන තෙක් හිර වී නැවත මුලට යන්න වෙනවා.

කුජකම තුලින් අදට ආපු තැන ගත්තම සිංහලකම වගේම දෙමළකමත් තිරිසන් කමෙන් ගැලවීමක් පෙන්වනවා. ඒ නිසා දෙමළකම තුලින් හඳුනාගැනීමේ දී මේ එක එක කුජ යුගය තුල වූ වෙනස්කම් තේරුම් ගන්න ඕන​. ඝාතනය භීෂණය මුල් කරගත් තිරිසන් කමින් ඈත්වීම ටිකෙන් ටික මේ ගති වල අඩුවීමක් ලෙස දකින්න පුළුවන්. ඇඟේ හයියෙන් විසඳපු ආරවුල් තුන්වන පක්‍ෂයක මැදිහත් වීම තුලින් විසඳන තැනට ඒමක් දකින්න පුළුවන්. හැසිරීම් රටාවෙත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කන බොන දේවල් හා කන බොන විදිය​, ගෘහ භාණ් ඩ භාවිතය​, බෙදා හදා ගැනීම වගේම අළුත් නීති රීති තුලින් අළුත් වීමක් දකින්න පුළුවන්. මම කියන බොහො වචන වල තේරුම නොව වචන වල ශබ්දය පමණක් බදා ගැනීම සිදු වන නිසා සුළු පැහැදිළි කිරීමක් කරන්නම්. නිතර නැත්නම් නියත ව කරන දේ නීති ලෙසත් රිසි ලෙස තෝ‍රා ගෙන කරන දේවල් රීති ලෙසත් ගන්න ඕන​. එහෙම නැතුව ඉංග්‍රීසි ක්‍රමය තුල වෙන උන් අප මත බලෙන් පටවපු දේවල් නොවේ. තව එකක් කියමි. බෙදා හදා ගැනීම වගේ ඒවා තුල ඇති දෙයාකාර ස්වරූපය මනාව තේරුම් ගන්න ඕන​. ගොඩක් තියෙනවා නම්, ඒ කියන්න කාටත් තියෙන ප්‍රමාණය ඇති නම් බෙදා ගැනීමත්, එසේ නොවන විට වෙන වෙන ම හදා ගැනීමත් මින් අපේක්‍ෂා කරනවා. මේ වගේ එකක් තමයි හදා වඩා ගැනීම​. මෙය ඉතා වැදගත් වචන යුගලයක්. ඒ නිසා ම මම තේරුම කියන්න යන්නේ නැහැ. එය රිසි අයට පමණයි. තව බොහො දුර මේ මගේ යන්න ඇති නිසා ජීවත් වීමේ රටාව වෙනස් වන විට මේ බෙදීම් තුලින් අන් අයට වෙන බලපෑම ඉතාම අවම වේවි.

තිරිසන්කම හා දෙමළකම අතර වෙනස තේරුම් ගත යුතු දෙයක්. සතුන් ගත්තම උන් ඔක්කොම ජීවත් වෙන රටාව එකයි. වෙනසකට තියෙන්නේ තාරික අවයව වලින් වන සීමාවන් පමණි. උදාහරණ ලෙස කකුල් ඇති සතුන් හා කකුල් නැති සතුන් අතර වෙනසක් තියෙන්නෙ යන එන විදියෙයි. ඒත් හැසිරෙන ආකාරය ගත්තම​, ඔක්කොම ක්‍රියාකරන විදිය තුල තියෙන්නෙ එකම අවතාරික හැසිරීමක්. වෙනසක් වේ නම්, ඒ කලින් හිටපු සත්ව ස්වරූප තුලින් උපයාගත් හැකියාවන් පමණයි. මේ හැකියාවන් තමයි අළුත් සත්වයා ලෙස ජීවත් වෙන්න ඕන කරන්නෙ. නැත්නම් ඉක්මනින් අභියෝග වලින් පැරදී මැරෙනවා. මේක මුල් කාලෙ වෙන දෙයක්. මරණය තුලින් ඉගෙන ගැනීමක් වෙනවා. විශේෂම දෙය තමයි තාරික ක්‍රියා පාලනය කිරීම වෙන ආකාරය​. ඇතිවන හැඟීම් මත ප්‍රතිචාර දැක්වීම මුල් තැන ගන්නවා. තෝරා බේරා ගෙන හරි දේ හෝ වඩාත් ම උචිත දේ කිරීමේ හැකියාවක් නැහැ. තිරිසන් යුගය ගත්තම දෙමළකම තුලත් මුල් බැසගෙන තිබුනේ මේ විදියේ හැසිරීමක්. ඒත් යුගයෙන් යුගයට එකතු වූ නව දැනුම අයත් වෙන ක්‍රම තුලින් මේ ගති පාලනය වීමක් වෙනවා. ඒත් එසේ වෙන්නේ තමන් තුලින් නොව​, බාහිර ව ඇති කල නීති රීති තුලිනුයි. තාරික ව වෙන ක්‍රියා තුලින්, එනම් දඬුවම් වැනි දෑ තුලින් තමයි පාලනය වෙන්නෙ. ඉඩක් ලැබුනොත් පුරුදු විදියට හැසිරෙනවා. පවතින සමාජ රාමුව මෙම හැසිරීම පාලනය කිරීමට වැදගත් වෙනවා.

සිංහල දෙමළ වෙන්නෙ කවුද​? දෙගොල්ල අතර වෙනස මොකක්ද​? කියන ප්‍රශ්ණ තුලින් බැලුවොත්, තමන් ඉන්න තැන අනුවයි තීරණය වෙන්නෙ. හැම ජීවියෙක් තුලින් ම සමත් වීමක්, එනම් අපේක්‍ෂිත ජීවත් වීම සාර්ථකව කර ගෙන යාමේ හැකියාව ලැබීම මින් කියවෙන්නෙ. ඉතාම ශූක්‍ෂම ව මෙම තේරීම වෙන්නෙ. තමන්ට තෝරාගන්න බැහැ. ඒත් යමෙක් තමන් ලද සත්ව උපත තුලින් කිසිදු අභියෝගයක් නැති වෙන උපරිමයට ආ පසු, ඒක එපා වීමක් වෙනවා. ඒ වගේම ඊ ළඟ තලයේ ඉන්න සතා වීමේ ආශාවක් ඇති වෙනවා. බොහො විට ඉහලින් ඉන්න සතා තමයි තමන්ට ජීවත් වීම අහිමි කරන ලොකුම අභියෝගය​. සමහර අවලමුන් (තාරය වැඩුනත් අවතාරික උරුමය ලමා කාලයේ පසු වන අය​) අනුන් ගේ බසට මුලාවී මිනිසුන් වීමෙන් වැළකීම මිනිසත් බව පිළිකුල් කිරීමෙන් නවතා ඉහලට යන්න හෝ අතුරුදහන් වීමට හැකියයි උත්සාහ කලත්, ඒක කවදාවත් වෙන්නෙ නැහැ. මේ ගමන​, ඒ කියන්නෙ සත්වයන් වී ලබන දැනුම ගත්තම​, මේ වගේ බොහෝ ආපස්සට යවන උපක්‍රම, උගුල් අටවා තියෙනවා. විශේෂයෙන් ම බොරුවෙන් හෝ වැරදීමෙන් ඉහලට යන එක නැවතීම, ජීවීන් ට මුහුණ දෙන්න වන අභියෝග වල කොටසක්. අහුවුනොත් ඇත්තටම වෙන්නෙ ආපස්සට යාමක්. කවදා හෝ එය තේරුම් ගන්න තෙක් එක තැන වටේ යාමක්, ඒ කියන්න ඉස්සරහට පස්සට එක තැන යාමක් වෙනවා. කවුද දෙමළ වෙන්නෙ කියන එක තීරණය වෙන්නෙ ඊට කලින් උපදින ස්වරූපය වන හින් දුකම අංග සම්පූර්ණ කල විටයි. එසේම සිංහල වෙන්නෙ, ඊට යටින් ඇති තලය​, අද භාෂාවෙන් කියනවා නම් පංතිය​, හරියට පාසලේ පංති වගේ, වන දෙමළකම සමත් වූවමයි. එක තලයකින් අනෙක් තලයට යාම සඳහා බොහො අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඒක වෙන කාලය කොතරම් ද කියන එක තීරණය වෙන්නෙ කොතරම් අභියෝගවලට මුහුණ දුන්න ද කියන එක වගේම ජයගැනීම මතයි. පවතින බාහිර ලෝකයේ තත්වය අනුව අභියෝග එල්ල වන ප්‍රමාණය තීරණය වෙනවා. ඒත් සිංහලයෙක් වෙන්න තව ඉතා වැදගත් සමත් වීමක් තියෙනවා. ඒ තමයි හතර වාරයක් උපදින දෙවියන් මුණ ගැසීම​. බොහෝ විට මේක අහඹු දෙයක් වගේ පෙනුනත්, සුදුසු අය තේරීම හා මුණගැස්වීම වෙන විදියක් තියෙනවා. ඒ ගැන නොකියමි. බොහො විට ඒ කවුදැයි හරියට නොදැන තමයි මුණ ගැසෙන්නෙ. මට මෙවැනි අය බොහෝ ගණනක් හමුවෙලා තියෙනවා. උන් ඔක්කොම අනෙක් උන්ට වඩා ඉහලින් ඉන්න නිසා තරමක උඬඟු හැසිරීමක් පෙන්වනවා. ඒක තමන්ට සියල්ල අහිමි කරන තරම් ප්‍රබල දුබලකමක්. මෙවැනි උන්ට අවස්ථාවක් දුන්නත්, ඒ එකෙක්වත් ඊට සුදුසු බවක් නොපෙන්වූ නිසා අතහරින්න වුනා. තේරීමේ සාමාන්‍ය විදිය (කාටත් පොදු විදිය) තමයි යුගයක් අවසානයේ මුහුණ දෙන්න වෙන  අභියෝගය. අද මේ මොහොතේ වෙන්නෙ ඒ වගේ දෙයක්. ඉන් බේරෙන සුළුතරයට සිංහල වීමට අවස්ථාවක්  ලැබෙනවා. අද එළඹී ඇති හිරු යුගය ගතහොත්, ඔවුන් ඉදිරි වසර 120,000 තුල නොයෙකුත් වැඩසටහන් තුලින් ඒ තැනට ගෙන ඒමට උත්සාහයක් වේවී. කෙසේ වෙතත්, හොඳින් තේරුම් ගත යුතු දෙයක් තමයි බොරුවෙන්, වංචාවෙන් හෝ වෙනත් අනිසි විදියකින් උඩට යන්න හැදුවොත්, ආයේ මුලටම හෝ බිංදුවෙන් පටන් ගන්න තැනට වුනත් වැටෙන්න පුළුවන් බව​. මෙතන දී තමන් කොතරම් අවංක ද කියන එක දැඩි අභියෝග වලට ලක් වෙනවා. හේතුව මේ ජීව රටාවේ මූලය හෝ පදනම වෙන්නෙ අවංකබව​. එහෙම නැති ව මෙතරම් දියුණු ජීව ලෝකයක් බිහි කරන්න බැහැ​. හැම විටම මේ ගතිය තහවුරු කරන්න මුලා කිරීම් වගේම උගුල් ඇටවෙනවා. අහු වුනොත් ඔක්කොම අහිමි වෙනවා. ඒ වගේම පරම දේවත්වය තුලින් පෙන්වන්න අංඟ සම්පූර්ණත්වය ගත් විට, කවදාවත් අඩුවෙන් සමත්වීමක් වෙන්නෙ නැහැ. අද බසින් කියනවා නම් 200%ක සමත්වීමක් අවශ්‍ය වෙනවා. මේක දිගටම ලැබෙන අභියෝගයක් ඉහල තලයේ ඉන්න අය වෙන්නෙ සමත් වූවන් පමණයි.

මේවා කියවන උන් ඉන්නේ ඉතාම පහල ම තැනක නිසා මෙය කියමි. නොදන්නකම නිසා, පංතියෙන් පංතියට යනවා වගේ එක රටාවකට මේක සිදුවෙනවා කියල සිතීම අමනකමක්. එහෙම වෙන්නෙ සරල රටාවක් තුල පමණයි. උදාහරණ ලෙස පවතින අධ්‍යාපන රටාව ගන්න පුළුවන්. ගිරවුන් සේ කියන දේ එලෙසම කීමේ පුහුණුවක් දෙන මෙම විදිය ඉතාම සරල එකක්. ජීව ලෝකය කියන්නේ අසීමිත ජීවීන් ගණනක් අයත් බහුවිධ රටාවක්. බහුවිධ කියන එකෙන් අදහස් කලේ උඩට යන්න නොයෙක් විදි තියෙන නිසයි. ඒ කියන්නෙ හැම සත්ව ස්වරූපයක් ම ගත කරන්න අවශ්‍ය නැහැ කියන එක. මේක කෙනා අනුවත් තීරණය වෙනවා.  මම ගත්තම, කවදාවත් වෙනත් සත්ව ස්වරූපයක් ගන්නෙ නැහැ. ඒ වගේම දෙමළ හෝ ඊට පහල වෙන්නෙත් නැහැ. කොටින් ම කියනවා නම් කිසි දින දෙවැනි තැනක ඉන්නෙ නැහැ. මේ නිසාම අභියෝග ගොඩක් වැඩියි. කවදාවත් ගැහැණියක වීවත් ඉපදිලා නැති කෙනෙක් වීම තුල ඒක කියවෙනවා. ඒත් හදපු කෙනා ලෙස එසේ වීමක් අවශ්‍ය නැහැ. හදපු කෙනා තමයි හරියටම දන්නෙ කියන කතාව මතක් කරමි. අනෙක් සියළු දෙනාම ගත් විට, ඉපදෙන්නෙ මොන සතා වෙලා ද කියන එක තීරණය වෙන්නෙ, තමන්ට ලැබෙන අවස්ථාව අනුවයි. මෙහි එකම රටාවක් නැහැ. මොන විදියෙන් වුනත්, අවතාරිකව වෙන්නෙ හැකියාවන් දහයක් ප්‍රගුණ කිරීමයි. ඒක තිරිසන් සතුන්ටත් අදාළයි. විශාලත්වය හා වර්ග ගණන නිසාත් පවතින දෙයාකාර ස්වරූපය හා 50-50 පැවැත්ම තුල කඩින් කඩ වෙලාවෙන් වෙලාවට ලැබෙන අවස්ථාව අනුව මේ දැනුම/හැකියාවන් එකතු කර ගැනීම වෙනවා. එහෙත් එක දේ නැවත නැවත වීමක් වෙන්නෙ නැහැ. හොඳින් බැලුවොත් පේන දෙයක් තමයි උපරිම කාර්‍යක්‍ෂමතාවය​. ඒ කියන්නෙ වැඩියෙනුත් නැති අඩුවෙනුත් නැති රටාවක් හිමි වීම. ඒක එසේ නොවේ නම්, ඊට මුල් වෙන්නෙ තාරික හෝ අවතාරික දුබලතාවයක්. හරිගස්ස ගන්න ලැබෙන අවස්ථාව ඒ තුල තියෙන්නෙ. උත්සාහ කරල තමයි හරි විදිය ඉගෙන ගන්නේ. මුල් වරට බොහෝ විට අසමත් වෙනවා. හරි මග තෝරා ගන්න සුළුතරය තමයි වේගෙන් ඉදිරියට යන්නෙ.​

දෙමළකම තුලින් බලාපොරොත්තු වන ඉලක්කය ගැන යම් හැඳින්වීමක් කරන්න හිතුවා. හැම සත්වයෙක් තුලින් ම බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙනවා. දෙමළකම තුලින් බලාපොරොත්තු වෙන්නෙ සිංහලයකු වීමට සුදුසු අවතාරිකයෙක් බිහි කිරීමයි. එම කාර්යය සම්පූර්ණ වූ පසු ඔවුන්ට සිංහලයෙකු වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒත් ඒක ඇති කියන්න බැහැ. මොකද තේරීමකුත් තියෙනවා. සුදුසුකමට අමතරව සම්මුඛ පරීක්‍ෂණයක් තියනවා වගෙයි. දෙමළකම තුලින් ඉහලට යනකොට​, ඒ තුල ඇති හිස් බව තේරෙන්න ගන්නවා. පසුව සියල්ල එපාවීමක් දක්වා තේරුම් ගැනීම ඉහලට යනවා. මෙහෙම කිව්වා කියලා ඉබේ කිසි දෙයක් වෙන්නෙ නැහැ. ජීවත් වීමට​, ඒ කියන්නෙ තමන් ගේ හිතට එන දේ එලෙසම ලබා ගන්න දරණ උත්සාහය සාර්ථක වීම තුලින් ලබන දැනුම තමයි මේ ඉහලට යාමට උදව් වෙන්නෙ. බොහෝ විට එක තැන කැරකෙනවා නම් ඉන් එහාට ගමණක් නැත​. අවසාන කාලයේ තාරික අවශ්‍යතා වලට අමතර ව අවතාරික කෝණයෙන් බලන්න උනන් දු වෙනවා .මේක කවුරු හරි, මම හරි කිව්ව පමණින් වෙන්නෙ නැහැ. ඒක තමන් තුලින් එන්නේ තමන් දරණ උත්සාහය අනුවයි. අද බොහෝ උන් මුලාවෙන් තමන් ඉහලට ම ගියා කියලා හිතාගෙන ඉන්නවා. ඒ අය වෙන් කරලා හඳුනාගන්න පුළුවන් බව සිහි කරමි. බොරුවට තැනක් නැත.

සිංහල වීමට වාරය ලැබීම තහවුරු වෙන්නෙ දෙමළකම ඉක්මවා ගියොත් පමණයි. අතරමැද හුරු කිරීමක් වූ පමණින් ඉන් එහාට සිංහල වෙන්නෙ නැහැ. සිංහල කම තුල ජීවත් වෙනකොට යොදන දැනුම දෙමළකම තුලින් යොදන දැනුමට වඩා හාත්පසින් ම වෙනස් වන අතර​, ඉතාම තියුණු ලෙස අවතාරික ස්වරූපය මුල් කරගෙන හිතන්න වෙනවා. මේක උඩ යට මාරුවීමක් වගෙයි. බොහෝ විට අග මුල පැටලෙන ආරම් භයක් ලැබෙන්නෙ. සිංහලයන් කියන්නේ දෙවියන් වීමට​, ඒ කියන්නේ සියලු රහස් දත් හෙවත් රහත් වූ කඳුබඩයකු වී මනකම, ඒ කියන්නේ සිංහලකම තුලින් ලබන ජීවත්වීමේ හැකියාව ලබා ගන්න වෙනවා. දෙමළකම තුලින් ලැබෙන මනකම ගත්තම එය භෞතික දේවල් වලින් පොහොසත් වීම ලෙස දක්වන්න පුළුවන්. ඇත්තටම පොහොසත් කියන එක "බොහෝ සතු" හෙවත් ජීවත් වීමට අවශ්‍ය කරන බොහෝ දේ සතු කෙනෙක් වීම කියලා ගන්න පුළුවන්. මේ බොහොසත් කියන වචනය ද්‍රවිඩයන් අතින් බෝසත් වෙන්නෙ උන්ට හ කාරය කියන්න බැරිව හැලෙන නිසයි. අද උන් අතරේ බෝසත් චරිත එමටයි. ඒත් යැපෙන්නෙ හිඟමනෙන්. ඒකෙන් කියන්නේ උන් ගේ තියෙන අමනකමයි. කියන එක ලේසි වුනත් සිංහලයකු වෙන්න අවස්ථාව ලබා ගැනීම කියන්නේ ඉතාම අමාරු දෙයක්. අන්තිම ඉලක්කය වෙන්නෙ මේ ලෝකෙ තියෙන හැම දේම දැනගෙන, ඊට අවශ්‍ය සියල්ල කිරීමට දායක වීමේ හැකියාව ලබා ගැනීමයි. ඒකෙ අමාරු කොටස් තියෙන්නෙ ඊළඟ තියෙන තලයේ සිටයි. උපරිම තලයේ සිටින අයට ජීවියකු බිහි කිරීමෙ මෙන් ම රැකගැනීම සඳහා අවශ්‍ය දැනුම තියෙනවා. එතැනට එන එක හිඟන්නන්ට කන්න දීලා ගන්න තියා හිතාගන්නවත් බැරි දෙයක්. අප අතර ඉන්න අමනුෂ්‍ය බහුතරය (අමන සතුන් බහුතරය) හිතා ගෙන ඉන්නෙ ඒක පගාවක් දීලා කරගන්න පුළුවන් කියලයි. ඒක තමයි ඉස්සර වෙලා ම මුහුණ දෙන අභියෝගය​. අද ඉන්න අතිබහුතරය ඒකෙනුත් අසමත් වෙලා ඉන්නෙ. 

අද ගොඩක් උන් හිතන්නේ උන් සංසාරේ දිගටම එක තැන පල් වෙවී ඉන්නවා කියලයි. ඒක උන්ට පමණක් අදාළ කතාවක්. මිනිසකු වීම පිළිකුල් කරන උන් ඉස්සරහට නොව ආපස්සට යන්නේ. මනුකම අහිමි වුනාම කවදාවත් ඉහලට යන්න බැහැ. එහෙත් අනෙක් අති බහුතරය ගත්තම, අනවරත ප්‍රවාහයක් ලෙස එකෙක් උඩට යන කොට තව එකෙක් පහලින් ඉහලට යාම වෙනවා. එසේ නොවූ විට ඉහල ඉන්න උන් ගේ අඩුවීමක් දකින්න ලැබෙනවා. ඇත්තම කියනවා නම් මේක ලියන වෙලාවෙ, සිංහල කියාගන්න උන් ගොඩක් හිටියත්, සිංහල වෙන්න සුදුසු එකෙක් වත් මම දකින්නෙ නැහැ. ඒක බරපතල ප්‍රශ්ණයක් නිසයි කලයුතු දේ තීරණය කරන්න වෙන්නේ. පවතින රටාව තුල ඇති ප්‍රශ්ණ තමයි මුල් හේතුව වන්නේ. අද ඉන්න හැම එකාම දවස ගත් කරන්නෙ තුන් වේලට මොනවා හරි ජරාවක් ගිලින්නයි. තමන් ගේ ජීවිතය විකුණාගෙනයි මේක කරන්නෙ. කඳුබඩයෙක් වුනාම හිතන්න දකින්න කාලය අවශ්‍යයි. ඒක කන්න ගත කරන කාලය අඩු කිරීමෙන් තමයි ලබාගත්තේ. ඒත් අධික ජනගහණය නිසා ඒ අවස්ථාව ගිලිහිලා ගිහින්. මේ බර අඩු කිරීම තමයි මගේ උත්සාහය​. නැවත අනවරත (නොනවතින) ගමන ගැන කිව්වොත්, ඒක ඉතාම සංකීර්ණ එකක්. තියෙන සරල උදාහරණය වන වහළුන් බිහි කරන ඉංග්‍රීසි අධ්‍යාපනය ගත්තම​, පළමු පංතියෙන් දෙවන එකටත් දෙවන එකෙන් තුන්වෙනි එකටත් යනාදී ලෙස ඉහලට ගිහින් විභාග වලින් සමත් වෙන උන් ඊටත් ඉහලට යන්නෙ. මෙතන ඉන්නෙ සීමිත ගණනක් නිසා එසේ එක පෙලට ඉහලට යවන්න පුළුවන්. ඒත් ජීව ලෝකය ගත්තම​, ඉඩ ලැබෙන ආකාරය අනුව ඉහල තැන් වලටත්, තමන්ට හිමි පහල තැනටත් යනාදී ලෙස දෙපැත්තටම යනවා. ඒ අතින් ගතහොත්, දෙමළකම සංපූර්ණ නොකල එකෙක් අවස්ථාව ලැබුනොත් සිංහලයන් අතර ඉපදෙනවා. ඒ වගේම හින් දු එකෙක් දෙමළුන් වී උපදිනවා. ඉහලට යන්න යන්න ඇති ජීවත් වීමේ වර්ධනය පෙන්වන්න වෙනත් සතුන් පවා කඳුබඩයන් ලෙස උපදිනවා. අද ඉන්න අතිබහුතරය තාවකාළීක ව එසේ උපන් උන්. අධික ගහණයක් තුලින් වෙන ක්‍රියාවළිය හඳුනා ගෙන ඊට හරියන ලෙස අළුත් ජීවන රටාවක් බිහි කිරීම සඳහා මෙලෙස ගහණය වැඩි කරලයි තියෙන්නෙ. ඒ නිසා දෙමළ හෝ සිංහල හෝ වෙනත් ජාතියකට අයත් යයි කිව්ව පමණින් එය එසේ වෙන්නෙ නැහැ.

ඉපදුන පමණින් , නෑ කමින්, හිතවත් කමින්, පෙනුමෙන්, තමන් විසින් කියාගත් පමණින්, නම් වෙනස් කරගත් පමණින්, භාෂාව කතා කල පමණින්, බාහිරව වර්ගීකරණයට ලක් වූ පමණින් කිසිවකු අයත් වර්ගය මනින්න බැහැ. හැම එකාම ජීවත් වෙන රටාව තුලින් පමණයි හොයන්න පුළුවන්. තමන් සතු අවතාරික උරුමය හා දෙමව්පියන් ගෙන් වගේම පෙර උපත් තුලින් තමන් උපයාගත් තාරික උරුමය තමයි තමන් ජීවත් වෙන රටාව තීරණය කරන්නේ. මෙහි මුල් තැන ගන්නේ අවතාරික උරුමයයි. එය නැති කෙනෙකුට දෙමව්පියන් හරහා ලැබෙන වෙන අයගේ උරුමය තමන් ගේ කරගන්න ඉඩක් නැහැ. තමන් ගේ ආරෙන් එන එකෙකුගෙ දරුවකු ලෙස ඉපදුනොත් ඒ පෙර තාරික උරුමය තමන්ට නැවත ලැබෙනවා. මේ ලිපියෙන් දෙමළුන් හඳුනාගත් හැකි තොරතුරු දුන්නේ මතු එය වැදගත් වෙන නිසයි.

දෙමළුන් ගණු දෙණු කරන ප්‍රධාන විදිය තුල කුජකමින් මුල්තැන ගත්තත් බුධකම නැහැ කියලා නැවත මතක් කරමි. ඒ කියන්නේ තාරික උපාංග තුලින් තමයි වෙන්නෙ. සරලව කියනවා නම් ඇඟේ හයියෙන් තමයි ජීවත් වෙන්නෙ. ඒ නිසා තාරික බලයන් තුලින් තම පැවැත්ම තහවුරු කරගන්න වෙනවා. සිංහලයන් හා ගැටීමේදී පොරකෑම දකින්න පුළුවන්. මේක තමයි දෙමළුන් සිංහලයන් ගෙන් වෙන් කරන ප්‍රධාන ගතිය​. ඒ වගේම අනෙක් උන් අභිබවා මුල් තැන ගන්න ඕන දෙයක් කරන එකත් ගන්න පුළුවන්. මොවුන්ට කරුණු කාරණා තේරුම් කරලා විසඳුම් දෙන්න බැහැ. මුල් කාලයේ මම සිංහලයන් ඉන්නවා කියල හිතාගෙන බුධකම තුලින් විසඳුම් දෙන්න උත්සාහ කලා. සිංහලයන් නැති තැන ඉන්න අනෙක් උන් වෙනස් කරන්න වෙන්නෙ කුජකම තුලින් නිසා දැන් ඒ මගේ යමින් ඉන්නේ. ඒ තුල ඇඟට වේදනාව දැනෙන දේවල් සිදුවෙන්නෙ. බොහෝ විට මරණය තමයි හිමි වෙන්නේ. බුධකම තුලින් වෙන්නෙ කියන දේ තේරුම් ගෙන වෙනස් වීමයි. එසේ නොවෙන විට බලය යොදා වෙනස් කරන්න වෙනවා. මම දෙමළුන් ගැන කිව්වා ඇති යයි සිතමි. තව බොහො දේ කලයුතු නිසාත්, කාලය සීමිත නිසාත් ලිවීම පමා වෙනවා. ඒ වගේම ඉලක්කයෙන් පිට ගොස් වෙනත් වැදගත් කරුණු ද එකතු කරන්නෙ දන්න අයට (දෙවියන්ට​) පමණක් වෙන් කර ගෙන තේරුම් ගැනීමටයි.​

Wednesday, 16 April 2025

ඔබ කවුද​? සිංහල​, ඉංග්‍රීසි, දෙමළ​, හින් දි, මූසල, යුදෙව් හා ද්‍රවිඩ කියන ජන කොටස් හඳුනා ගැනීමට ඕන ද​? - දෙවන කොටස​

 නියම සිංහලයන් කියන්නෙ කවුද කියලා මම කලින් කොටසෙ කිව්වා. දැන් කියන්න යන්නෙ අද වෙන විට මේ ලෝකය පහලටම දාන්න හේතු වුන ජාතිය ගැන​. අද තිබෙන මිහිපිට අපාය නිර්මාණය කරන්න මුල් වුන ජාතීන් තුනක් ඉන්නවා. ඒකේ නායකත්වය ගත්තේ කවුද කියන එකත් කොහොමද ඒක වුනේ කියන එකත් වැදගත් වෙනවා.

ඉංග්‍රීසීන් කියන්නේ කවුද​?

 අද ලෝකයම නතු වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි ජීවන රටාවට​. බොහොමයක් ඉංග්‍රීසි බලෙන් යටත් කරගෙන පාලනය කල කොළණි. ඉතිරි රටවලුත් අනුගමණය කරන්නෙ ඉංග්‍රීසීන් උරුම කරගත් පාලන ක්‍රමයමයි. මම ඉංග්‍රීසීන් ගැන සමහර දේවල් දැනගත්තේ මේ මෑතක දී ලැබූ අත්දැකීම් තුලින්. ඒ නිසා මුලින් ම මම ගැන පොඩි සඳහනක් කරන්න ඕන​.

අද ඉන්නෙ කාගෙ හෝ කතාවක් තමන් ගේ වගේ ලියලා පොරක් වෙන්න හදන ගිරව් රැලක් නිසා මම මේක නැවත මතක් කරන්න ඕන​. මම ලියන ඒවා හිතට එන විකාර නොව ජීවිතය තුලින් මුහුණ දීලා ලබා ගත් අත්දැකීම්. මට ඕන වුනත් නැතත් මම දැනගන්න ඕන කරන දේවල් මම හොයාගෙන එනවා. හැංගුනත් පස්සෙන් ඇවිත් මට ඉදිරිපත් වෙන්නේ ප්‍රශ්ණ විදියට​. ඒවා විසඳන තුරු මට ගැලවීමක් නැහැ. මේක වෙන අයට නැති දෙයක්. අන් අය හිතන දේ කරනවා. ඉන් එහාට මොකුත් වෙන්නෙ නැහැ. මම හිතුවත් ඒ දේ ඒ විදියට කරන්න මට වෙන්නෙ නැහැ. හිතන දේ නොව කල යුතු දේ කරන්න මග පෙන්වන්නෙ මගේ පරමතාරය බව දැනගත්තේ බොහොම පසු කාලයකයි. එතෙක් මම හිතාගෙන හිටියෙ අනෙක් අයත් මම වගේ කියලයි. පරමතාරය අපේ තාරික හෝ අවතාරික උපාංග තුලින් තේරුම් ගන්න බැහැ. සරලව කියනවා නම් අපේ හිතට (අවතාරයට​) පුළුවන් රිසි සේ අපේ තාරික උපාංග පාලනය කරන්න​. ඒත් අපේ තාරික උපාංග වලට බැහැ අපේ අවතාරය පාලනය කරන්න​. කරන්න පුළුවන් එකම දේ තමයි වේදනාව හෝ සතුට තුලින්, එහෙමත් නැත්නම් ගින්නෙන් හෝ වතුරෙන් තමන් ගේ තත්වය කියන එක​. මම කලින් කියපු කතාවක් වෙන විදියකට කියන්නම්. ඒ තමයි ගූ වල රස දන්නේ ගූ කාපු එකෙක් කියන කතාව​. මම ගූ මේ රසයි කියලා කිව්වොත් අනිවාර්‍යයෙන් ම ගූ කාලා තමයි කියන්නේ. තවම එහෙම කරන්න බැරි වුන නිසා ඒවා මොන රස ද කියලා තවම දන්නෙ නැහැ. මේක කිව්වේ මම මෙතෙක් මෙන් ම අනාගතේ කියන දේවල් සියල්ල දරාගන්න පුළුවන් උපරිමෙන් මුහුණ දීලා ලද අත්දකීම් තුලින් කියන බව​. කවුරු හරි එසේ නොවේ කියලා හිතනවා නම් මම ලියන ඒවා කියවලා තේරුමක් නැහැ. විශ්වාසය නැති අයට කවදාවත් මට ලං වෙන්න බැහැ. දෙන්නෙත් නැහැ. මගදි හැරිලා යන උන් කියන්නෙත් ඒ වගේ කොටසක්. මට හමු වුනු ඔක්කොම ඒ වගේ උන් බව තේරුම් ගත්තෙත් ඔවුන් ගේ හැසිරීමෙන්. මම කිසි විටෙම පෙර නිගමන තුල හිර වෙන්නෙ නැහැ. ඒක මට කරන්න හැකියාවක් නැහැ. තිබුනා නම්, මට මුහුණ දෙන්න වුන බොහෝ ප්‍රශ්ණ මගහරින්න තිබ්බා.

අපි ඉංග්‍රීසි කාරයන් කියන්නේ කාටද කියලා බැලුවොත් අති බහුතරය අපි වගේම ඉංග්‍රීසි භාෂාව කතා කරන නිසාත් ශීත කාළගුණයෙන් හමේ අළු වර්ණය තියෙන නිසාත් මිස​, හරියට දැනගෙන නොවෙයි. යමෙක් භාෂාවක් කියද්දි එය ස්වාභාවිකව ගලා යන්නෙ නැත්නම්, ඒ කියන්නෙ උච්චාරණය කරන්නෙ යම් විකෘර්ථි විදියකට නම්, එය ඔහු දන්න එකම භාෂාව වුනත් ඒ අනුන් ගේ භාෂාවක්. උදාහරණ ලෙස ඌස්ට්‍රේලියාවට එන කවුරු වුනත් පරම්පරා එකක් දෙකක් යනකොට දන්නෙ ඌස්ට්‍රේලියන් ඉංග්‍රීසි පමණයි. ඒ නිසා ඔවුන් ඉංග්‍රීසි කාරයන් වෙන්නෙ නැහැ. මෙතනදී පොඩි ප්‍රශ්ණයක් එනවා. ඒ තමයි ඉංග්‍රීසි කාරයන් කියන උන් ඇත්තටම ඉංග්‍රීසි දන්නව ද කියන එක. හේතුව උන් භාෂා ප්‍රවණතාවය ගැන පුදුම බලපෑමක් කරනවා. එනම් ඔවුන් කියන ආකාරයටම භාෂාව දැන සිටින්න ඕන​. ඇත්තටම මේක කතා කරන භාෂාව තමන් ගේ නොවන නිසා වෙන දෙයක්. අපි කතා කරන භාෂාව අපේ ම තාරික උරුමය සමඟ යනවා නම්, කවුරු කෙසේ කීවත් අපි ඒ බසේ නියම අරුත තේරුම් ගන්නවා. මේක මට වුන දෙයක්. ගොඩක් උන් ගත්තම, සිංහලෙන් කියපු දේ මම තේරුම් ගත්ත විදියයි උන් අදහස් කරපු දේයි අතරෙ ලොකු වෙනසක් තිබුනා. කාලයක් තිස්සේ වදයක් වුන මේ ප්‍රශ්ණෙ නිසා කල අත් හදා බැලීම තුලින් දැක්කේ මේ එකෙක්වත් සිංහල නොදන්න බවයි. සිංහල වේවා වෙනත් භාෂාවක් වේවා යමෙක් කතා කරන්නේ එම බස භාවිතා කරන සමාජයක ජීවත් වුනොත් විතරයි. ඒ කියන්නේ මේ භාෂාව අපට ලැබුනේ බාහිරව කියන එක​. එසේ නම් මේ භාෂාව කාගෙ එකක් ද කියන ප්‍රශ්ණය එනවා. මම පෙර කල කිව් සේ යමක් දන්නේ ඒක තමන් කර ලබා ගත් අත්දැකීමෙන් කියලා. අහපු එකෙක් දන්නෙ අහපු දේ පමණයි. දැකපු එකෙක් දන්නෙ දැකපු දේ පමණයි. පොතකින් දන්නෙ පොතේ ලියපු අකුරු ටික පමණයි. කරපු එකෙක් තමයි කරපු විදිය දන්නේ. ඒ කියන්නේ සිංහල භාෂාව කාගෙ දෙයක් ද කියන එක දන්නේ කොතරම් තොරතුරු අඩු වුනත් ඒක හදපු කෙනාට එහි තියෙන අඩු පාඩු පුරවන්න පුළුවන් කියන එක තුලින්​. ඒ නිසා සිංහල කාගේ දෙයක් ද කියන එක මෙන්න මේ කතාව තේරුම් ගන්න පුළුවන් අයට ලියනවා. මේක මම මෑතකදී සොයා ගත් දෙයක්.​

"දකුණු ආසියාවේ වසංගතයක් ලෙස පැතිරී ඇති හිඟාකන්න ඇවිත් නම් වෙනස් කරගෙන බොරු ස්වදේශිකත්වයක් මවා ගෙන ඉන්න අහිගුන්ටිකයන් ගෙන් ඒ ප්රදේශයට ආවේණික භාෂාවන් විනාශ වීමට මුල් හේතුව වන්නේ එම භාෂා ඔවුන් සතු ප්රාථමික භාෂා හැකියාවන් ඉක්මවා යන නිසා බව තහවුරු කරන දෙයක් පහල සඳහන් අකුරු හය තුලින් පෙන්වයි. මේ වචන තුලින් ගොඩ නැගෙන අකුරුපත (Alphabet) කොතරම් විශාල දැයි ඔබ දන්නවා ද​? තව බොහෝ අකුරු අතුරුදහන් කර ඇත. එහෙත් උන් නොදන්න දෙයක් ඇත. එනම් සිංහල කියන්නේ හූරා දුන් භාෂාවට සමීපම භාෂාව කියන එකයි. එය නැවත ගොඩ නැගීමේ දී වෙනත් භාෂා තුල තවමත් එම අකුරු අන්තර්ගත නිසා පහසුවක් දැනේ. භාෂාව ජාතියක උරුමය මෙන් ම දැනුම දෙන නිධානයයි.

රෟ (ඍ), රෳ (ඎ), ලෟ (ඏ), ලෳ (ඐ), ඖ, වෘ
 
ඔවුන්ට කියවිය නොහැකි අකුරු නිසා බොහො වචන විකෘර්ථි (වි(ක් (ර් උ)) ථි) වී ඇත​. උන් ගේ මෝඩ උද්දච්චකම එනම් සියල්ල දත් කියලා හිතන අමන මානසිකය නිසා හරිගස්සන මුවාවෙන් සියල්ල අනා ඇත​. බොහො විට ව කාරය උ කාරය ලෙස කියන්නේ ද බැරි කම නිසා ය​. හ කාරය වෙනුවට ස කාරය හෝ ර කාරය යොදා වචන නසා ඇත. එසේ ම, ස කාරය හා ර කාරය මාරු කර ඇත. (මුල් කාලයේ දී හ කාරය බැරි නිසා එය අතහැර වචනය කියා ඇත​. උදාහරණ කියමි. සොහොන්පල අනෙක් පැත්ත හැරවූ විට පොහොන්සල වේ. හ කාරය නැතිව පොන්සල වේ. අද එය පන්සල වේ. එහි ඇත්තේ මලවුන් ගේ ඇට කටු නිසා එය සැබවින් ම සොහොන් පලකි. පොහොසත් යන්න එන්නෙ බොහෝ සතු කියන අදහසින් ය​. බොහෝ සතු යන්න හ කාරය හල විට බෝසත් වේ. අද බෝසත් කියන එක එයම ය​.) හැකි හැම විටම උන් ගෙනා උරුමයෙන් එන වචන යොදා පරිවර්තනය කර ඇත. අන්තිමට උන්ට අනුව මේ භාෂා සියල්ල උන් ගේ ප්රාථමික උරුමයෙන් බිහි වූවා යයි කියමින් ස්වදේශිකයන් තමන් යයි ලොවට මොර ගා කියයි. අ කාරය වෙනුවට උන් ගේ ප්රාථමික උරුමයෙන් එන උ කාරය යොදා ඇත. කුමක් ද හා මොකක් ද කියන දෙක මේ විපරිතයේ උච්චම තැනකි.
 
සිංහලයෙක් සිටී නම් පැහැදිළි කරන්න​. මෙවැනි අනෙක් අනාගැනීම් දන්න කෙනෙක් වේ නම් කියන්න."
 
මේකට තව පොඩ්ඩක් එකතු කරන්න ඕන​. ඒ තමයි ව්‍ය​, ක්‍ය​, න්‍ය​, ර​්‍ය, ම්‍ය වගේ වචන වල කොටස් දක්වන පණකුරු ගැන​. අසිංහල උන් අතට ගිය භාෂාව අද ගොඩක් විනාශ වෙලා තියෙන්නෙ. ඒත් කතා කරන භාෂාවෙ තියෙන ශබ්ද ගත්තම​, අකුරුපත නැවත සකසන්න පුළුවන් වෙනවා. ඉහත ශබ්ද රටාව ගත්තම​, (අ්‍ය) කියන එක එන්න ඕන පණකුරු යටතටයි. එතකොට ඉ්‍ය, ඔ්‍ය වැනි එකතු වීම් ගැනත් හිතන්න ඕන. නොදන්න බල්ලා මොනවද කෑවා වගේ සිංහල බෞද්ධ වෙස් ගත් ද්‍රවිඩ අහිගුන්ටිකයන්, විශේෂයෙන් ම ගනාලා (ගොනාලා, ගනයෝ) තමයි නැති බුද්ධිය පෙන්වීමට ගොස් මේ විනාශය කරලා තියෙන්නෙ.

ඉහතින් ලියපු ටික පිට යාමක් වුනාට ඒ ටික කියන්න පුළුවන් වුනෙත් ඉංග්‍රීසි භාෂාව හා වෙනත් භාෂාවක් නිසයි. හරියට බැලුවොත් ලෝකෙ තියෙන සියළුම භාෂා එන්නෙ සිංහල භාෂාව තුලින්. අද තියෙන්නෙ ඒ භාෂාවෙ සුළු කොටසක් පමණයි. මේ විවිධ භාෂා හා සිංහල අතර තියෙන සම් බ න් ධය වඩා වැදගත් වෙන්නෙ ඉතිහාසය හොයන්නයි. ඒ වගේ ම විවිධ ජාතීන් ලෙස බෙදී ගිය හැටිත් ඊට හේතුවත් ඒ තුලින් දකින්න ලැබෙනවා. ඉංග්‍රීසී භාෂාව මගේ භාවිතයේ මුල් තැන ගත්තත් ඒක හා සිංහල අතර තියෙන ලොකුම සම් බ න් ධය දැක්කේ මේ ළඟදී ය​. එනම් සිංහල වචන තුල අනන්‍ය ශබ්ද රටාවක් තිබීම හා ඉංග්‍රීසි තුල එසේ නොවීමත් ය. ඇත්තටම එය එසේ නොවේ. මෙහිදී අප ගත යුත්තේ ඉංග්‍රීසි රජ පවුල කතා කරන බස ය​. ඒ තුල ද ලියන ආකාරය කෙසේ වෙතත් ශබ්ද නගන ආකාරය තුල සිංහලේ ඇති ශබ්ද ඇති බව දුටිමි. එනම් වෙනස තියෙන්නෙ ලියන අකුරුපතේ ය. ඉතා ප්‍රාථමික ලතින් අකුරු වුවද යොදා ඉතා ප්‍රවීණ ලෙස හැබෑ ඉංග්‍රීසි ශබ්ද ගොඩ නගා ඇත​. මෙය හා අප අද සිංග්ලිශ් ලියන ආකාරය අතර සමීප සබ ඳතාවයක් ඇත​. එනම් අකුරු දෙකක් එකට යොදා සමහර ශබ්ද ලිවීමයි. ඒ තුලා ශබ්ද උච්චාරණය කරන ආකාරය මෙන් ම කාලය සමඟ ශබ්ද භාෂාවට එකතු වූ ආකාරය ද දකින්න පුළුවන්. මෙය ද දන්නේ භාෂාව හදපු කෙනා ය​. ලතින් ගත් විට අ, ආ, ඇ, ඈ භාවිතා වීමට පෙර භාෂාව සංකේතවත් කරයි. එහෙත් කතා කරන විදිය ගත් කල මේ ශබ්ද ඇත​. ඒ සඳහා යොදා ගන්න අකුරු පොකුරු හැදෑරුවොත් ඉතා ශූක්‍ෂම දැනුමක් යොදා සැකසූ බවක් පෙනේ. එනම් ඉංග්‍රීසි බස බිහි කිරීමට දායක වූවන් සිංහල වැනි බසක් දැන සිටිය යුතුමය​. මෙය අද ද සිංහල වචන ඉංග්‍රීසි අකුරු යොදා ලියන විට තරමක් දකින්න ලැබෙන දෙයකි. කැමති කෙනෙක් ඒ ගැන සෙවීමෙ වරදක් නැත​.

හැම ජාතියක් ම ගත් කල ඒ ජාතිය බිහි කල කෙනෙක් ඇත​. එය ඔවුන් ගේ උරුම කතාවෙ කොටසකි. සිංහල ජාතිය බිහි කලේ කවුදැයි උන් ගේ උරුම කතාවෙ ඇත​. එහෙත් අද ඒ ගැනන් නොදන්නේ ඉන්න උන් බොරු සිංහලයන් නිසාය​. ඉංග්‍රීසි ජාතිය බිහි කලේ තේමිය කුමාරයා නම් කෙනෙකි. ඒ කවුදැයි සෙවීමට පෙර ඉංග්‍රීසීන් වෙන් කර හඳුනා ගත යුතු වේ. මම කතා කරන ඉංග්‍රීසීන්, මම කී සිංහලයන් ලෙසම අද දකින්න නැත​. අද ඉන්නේ ඔවුන් ගේ උරුමය තුලින් බිහි වූ තිරිසනුන් ය​. හරියට කියනවා නම් ජඩයන් කියන අමන සතුන් ය​. ඒ කවුදැයි මම කියා ඇත​. මම කතා කරන්නේ ඉංග්‍රීසී ජාතියට ආවේණික ගති ලක්‍ෂණ ඇති අය හිටි මුල් කාලය ගැන ය​. මොවුන් ගේ ගති යම් තරමින් හෝ අදත් රැකී පවතින්නේ උන් ගේ රජ පවුලේ හැසිරීම තුල ය​. ආරේ ගුණ නෑරේ කියන සීමාව තුල මෙය සීමා වේ. ඒ තුලින් දකින්න ලැබෙන්නෙ මා සතු ආරේ ගති ඔවුන් ළඟ ද ඇති බවයි. මෙය ඔවුන් ගේ ඉතා පෞද්ගළික හැසිරීම් තුලින් මට දකින්න ලැබිනි. ඔවුන් එසේ හැසිරෙනු දුටු කාලයේ මම තරමක් විමතියට පත් වූයේ එය කෙසේ වී දැයි කියා ය​. අද නම් ප්‍රත්‍යක්‍ෂව හඳුනමි.

සිංහලයන් ගේ ජන වහරෙන් එන කතා තුල රට හැර ගිය තේමිය කුමාරයෙක් ගැන මම ද පොඩි කාලයේ පවා ඇසුවෙමි. ඒ නිසා මේ කියන්නෙ ඔහු ම දැයි සැක හැර දැන ගැනීමට අත් හදා බැලුවෙමි. අවසානයේ දුටුවේ මේ තේමිය කියන්නේ මහසම්මත මනු පරේ අන්තිම බුධ බව ය​. සිංහලයන් පාලකයාට කිව්වේ බුධ කියා ය. ද්‍රවිඩයන් ගේ කාලයේ රජා වූයේ ජරා කියන වචනය උඩ යට මාරු කර ය​. ද්‍රවිඩයන් හිඟනුන් ලෙස පාලකයා වී කරන්නේ රට වැසියන් ගෙන් කප්පන් ගෙන සුර සැප විඳීමය​. අද ඉන්නේ ද හිඟන්නන් ය​. මෙහි ආරම් භය රට හැර ගිය තේමිය තෙක් යයි. මුල් කාලයේ තිබුනු හිතවත් කම නිසා අන් අය පිහිට වූවා විය හැක​. පසුව එය මැර බලයෙන් ලබා ගත් යැපීමකි. මෙහිදී තේමිය රට හැර ගිය හේතුව කිව යුතු ය​. මහ සම්මත මනු සමයෙන් ආරම් භ වූ නව ගුණාංගයක් සිංහලයන්ට උරුම විය​. එනම් කැමැත්තට අනුව තීරණ ගැනීමය​. ඊට පෙර තිබුනේ බලය මත තීරණය ගැනීමයි. මෙය තිරිසන් විදියයි. තේමිය තුලින් එන්නෙ පැරණි විදියයි. අදත් එය ඔවුන් ගේ ආරේ ගති තුලින් දකින්න ලැබේ. මෙම ගැටුම නිසා තේමියට රට හැරදා යන්න සිදු විය​. මෙය තවත් ආකාරයකින් මත ගැටුමක් ද විය​. අද වහරේ එන සුර හා අසුර යුද්ධය ද මෙම ගැටුම ගැන කියයි. සිංහලයන් කැමත්ත මත තීරණ ගත්, අසුර (අචොර හෙවත් චොර නැති) දැනුම තුලින් ලොව ජයගත් මා පෙර කී කොටසයි.

සිංහලයන් නව දැනුම තුලින් ගොඩ නගන නව ඇරඹුම සඳහා යොදා ගන්නේ තිරිසන් සතුන් ලෙස ඉපදී සිට ඉහලට ආ කඳුබඩයන් ය​. මින් කොටසක් සිංහලයන් මෙන් යන අතර කොටසක් තම තිරිසන්කම නිසා වල්මත් වී නවතී. ඔවුන් තිරිසනුන් මෙන් දැනුම භාවිතා කරති. එනම් තේරුම් ගැනීමකින් තොරව අත් හදා බලා හරියනවා ද කියන එක බැලීමයි. මෙය හඳහන තුලින් රාහුකම ලෙස කිව හැක​. ඉන් බිහි වන්නේ සුර හෙවත් චොර දැනුමයි. අගක් මුලක් මැදක් නැති එක එකා එකතු කල හිතළු වලින් පිරි පඹ ගාලක් වැනි දැනුමකි. අද බහුලව භාවිතා වෙන්නෙ මෙයයි. ඉන් ප්‍රශ්ණ විසඳෙනවාට වඩා අවුලෙන් අවුලට යන බව මම කලකට පෙර කල අත් හදා බැලීමකින් තහවුරු විය​. අද ලොවට වී ඇත්තේ එය යි. ඔවුන්ට හිතන්න බැරි ය​. එනම් හිරුකම අහිමි ය​. හඳහන ගත හොත් හිරු කියන නම ඉන් ඉවත් කලහොත් ඉංග්‍රීසි නිරූපණය වේ. සිංහලයන් ගත් විට​, අචොර හෙවත් චොර නැති දැනුම හිමි කොටසයි. ඔවුන් සතු දැනුම හා හැබෑව තුලින් දෙන දැනුම එකම ය​. ඒ නිසා ඔවුන් කරන දේ හැබෑව සේ සාර්ථක වේ. මෙනයින් සිංහලයන් කියන්නේ ඉහලම බ්‍රහ්ම තලයෙන් ආ දෙවියන් ලෙසත්, ඉංග්‍රීසීන් කියන්නේ තිරිසන් ලොවින් ඉහලට ආ කොටස ලෙසත් වෙන් කල හැක​.

මහ සම්මත මනු කලට පෙර සිංහලයන් සතු හැසිරීම තුල ඉංග්‍රීසීන් හිර වී ඇත​. අත හැරපු නිසා කිසිදු වෙනසක් නොවේ. එය අනෙක් සියළු ජාතීන්ට ද අත් වූ ඉරණමයි. එනම්, හිරු ගේ දැනුම දිගටම ලැබෙන්නේ සිංහයලයන්ට පමණයි. ඉන් ඉවත් කල උන් ඉවත් කල කාලය අනුව නොවෙනස් ව පවතී. මෙය සිංහලයන් ගේ ඉතිහාසය කඩින් කඩ පෙන්වන ලකුණු වේ. ඒ තුල​, එනම් ඒ ජාතීන් සතු දැනුම තුල ඒ කාලයේ සිංහලයන් ගත කල ආකාරය දැකිය හැක​.

 කාලය සමඟ ඉංග්‍රීසීන් වෙනස් වුනු ආකාරය හඳුනාගැනීම ඉතා වැදගත් වෙනවා. මහසම්මත මනු සමයේ එකට සිටි නිසා ඊට පෙර උරුමය ඔවුන් තුල පවතිනවා. ඊට පෙර සිංහලයන් ගේ හැසිරීම ගැන මොවුන්  ගේ පොදු හැසිරීම තුලින් තොරතුරු සොයා ගන්න පුළුවන්. ඒහෙත් වෙන් වූවාටා පසු උන් ගිය මගෙන් එකතු වූ කිසිවක් සිංහලයන්ට ආවේණික රටාවේ නැති බව සිහි කරමි. එනම් අනුන් මත යැපෙන එක වැනි දේ මෙන් ම අනෙක් උන් ගේ ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීම හා ස්වදේශිකයන් ට වෛර කිරීම හා අහිගුන්ටිකයන් ගේ දුබලකම ප්‍රයෝජනයට ගැනීම වගේ දේවල්  කියන්න පුළුවන්. සිංහලයන්ට පමණක් අළුත් දැනුමෙන් වෙනස් වීම ලැබෙන අතර, අත හරින උන් ඒ තැනම කිසි වෙනසක් නොවී සිටින නිසා කලින් උරුමය ඒ විදියටම ඔවුන් තුල හිර වෙනවා. ඒත් මහසම්මත මනු සමයේ වූ කිසිදු අළුත් වීමක් මොවුන් තුල නැති නිසා, බෙදී වෙන් වී යාමට තරම් අර්බුදයක් ඇති වීම ගන්න පුළුවන්. බෙදී යාමට නම් ඉතා තියුණු වෙනසක් ඒ කියන්නේ ගැටුමක් වෙන තරම් දුර යන වෙනසක් තිබෙන්න ඕන​. ඒක ඉංග්‍රීසීන් ගේ සිරිත් විරිත් තුලින් දකින්න පුළුවන්. රජ (ජරා) පවුල ගත් විට අනෙක් සියළු දෙනාම සතුන් ගොඩට දමා සැලකීම​, උද්දච්ඡකම මෙන් ම ඈත් වීම දකින්න පුළුවන්. ජීවත් වීමට තියෙන පහසුකම් අහිමි කිරීම මෙන් ම යුක්තිය සාධාරණය අහිමි කිරීම තුලින් මේ බෙදීම කරලා තියෙනවා. තමන් වටා අසීමිත බලයක් ගොඩ නගා ගෙන අනෙක් උන් පෑගීම නිසා මේ වෙනස ඉතා තියුණු වෙනවා. ඒ වගේම ජීවත් වීමට නම් තමන් ළඟ නිවට කීකරු හීළෑ සතෙක් බව පෙන්වන රටාව ගොඩ නගලා තියෙනවා. මිනිසුන් අතර ඉතා උසස් ලෙස සළකන නම් බු නාම ගැනීමට රජා ඉදිරියේ දණින් වැටෙන තරම් නිවට වීම මෙහි ප්‍රධාන අංගයක් වෙලා තියෙනවා. තමන් ට සමීපතම උන් තමන් වෙනුවෙන් දිවි පුදන තැනට තල්ලු කරලා තියෙන නිසා වෙනසක් කරන්න බැරි තරම් තියුණු රටාවක් දකින්න පුළුවන්. සිංහලයන් මේ ආකාරයට බෙදීමක් නොකලත්, තමන් යම් තැනක සිටින බවත්, ඊට නොගැලපෙන උන් ඈත් කිරීමක් තුලින් කරන දේ හා මොවුන් ගේ ක්‍රියා අතර සමානත්වයක් තිබුනත්, රජා හා අනෙක් උන් අතර හැසිරීමේ වෙනසක් නැති නිසා එය බලෙන් හදපු එකක් පමණයි. අනෙක් උන්, කරන්න දෙයක් නැති නිසාත් උපතින් ම උරුම කරගන්න නිසාත්, දෙමව්පියන් පවා එදිරි නිසාත් කිසිදු ගැලවීමක් නැතිව මේ තුල කොටු වෙනවා. මේක තේමිය රට හැර යන විට ගිය අනෙක් උන් ගේ කැපවීම නිසා ඉතාම ශක්තිමත් ලෙස සමාජය පුරා පැතිරී ගොස් තියෙනවා. එදිරි වීම මරණය නිසා නොකඩවා පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. මම දකින තෙක් කිසිවකු මෙය නොදැන සිටීම ම ඒක තහවුරු කරනවා.

අද ඉන්න උන් ගැන මේ කියන දේවල් අදාළ වෙන්නෙ නැහැ. මම කියන්න පටන් ගත්තේ තේමිය සමඟ ගිය 300 ක පමණ එවුන් ගැනයි. කාලය සමඟ අහිගුන්ටික ජීවිතේ නිසා මිශ්‍ර වෙමින් ගිහින් අද ඉන්න උන් බිහිවීම තුල වටිනා යමක් තියෙනවා. ඒ තමයි එලොවටත් නැති මෙලොවටත් නැති අහිගුන්ටිකයන් රැලක් ලෙස ඔවුන් සතුව ඉතිරි වී ඇති ගති ගුණ තුලින් විවාහය තුලින් ඇති වෙන නොගැලපීම නිසා කොතරම් දුරට මුල් ගති ගුණ පවතිනව ද කියන එක​. මෙහිදී අවතාරික උරුමය කොතරම් ප්‍රබල ද කියනවා නම්, අද ඉන්න උන් ළඟ මුලින් තිබිච්ච කිසිම අවතාරික උරුමයක් නැහැ. තිරිසන් සතුන් සතු උරුමයටත් පහළ එකක් තියෙන්නෙ. ඒත් තාරික උරුමය ගත්තම යම් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි වෙනස් නොවෙන ගති තිබීම​. මේකෙන් කියන්නේ අද ඉන්න තැනට ඒමට බාහිරව දුන් උරුමය උන් කාටවත් ඇති කරන්නවත් නැති කරන්නවත් බැරි බව. ඒත් ප්‍රයෝජනයට ගන්නත් බැහැ. පැවැත්ම කියන්නෙ ඉපදෙන එකෙක් ලොකු මහත් වෙලා අළුත් එකෙක් බිහි කිරීම තුලින් දිගට ගෙන යන ජීව වර්ගය රැකෙන එකයි. නොයෙකුත් හැබෑ හා බාහිර බලපෑම් නිසා මේ රටාව බිඳ වැටුනොත් වඳ වෙලා යනවා. අද ඉන්න අති බහුතරය අමනසතුන් (අමනුෂ්‍යයන්) ලෙස හඳුනාගන්න පුළුවන්. ඒ අතිබහුතරය ගත්තම සුනඛ උරුමය තියෙන්නෙ. මෙය උන් හුරතල් සතුන් ලෙස හදා එකතු කිරීමත්, සමාජය ඒ ගති ගුණ උඩට එන ලෙස සැකසීමත් තුලින් බිහි වීමක්. ඒ කියන්නේ මුල් තැන ලැබෙන්නෙ සුනඛ ගති ගුණ වලටයි. උන් වටා එකතු වෙන්නෙත් ඒ ගති තියෙන උන් පමණයි. මම අවුරුදු 35ක් ඉඳලත් කිසිම ආකාරයකින් සම් බ න් ධ නොවීම මේක තහවුරු කරනවා. සුනඛයන් තුලින් ලැබෙන්නෙ මරණෙන් කෙළවර විය යුතු පාක්‍ෂික/වහල් බවයි. මෙය මොන තරම් බලපෑම් ආවත්, මොන ආකාරයට සැලකුවත් වෙනස් වෙන්නෙ නැති එකක්. ඒ අතින්  අද ඉන්නෙ පූර්ණ සුනඛයන් ගේ අවතාර කීම නිවැරදියි. එය කොතරම් ද කියනවා නම්, තිරිසනුන්ටත් වඩා අන්ත විදියට පොදු සමාජයට බලපෑම් කලත් උන් තුලින් එරෙහි වීමක් නැහැ. යුක්තිය සාධාරණය උන්ට අදාළම නැහැ. රජා කියන දේ තමයි පිළිගන්නෙ. එසේ නොවෙන උන් නැසීමට කිසිදු පැකිළීමක් නැහැ. ඒ තරම් අන්තයට ගිය රටාවක් තියෙන්නෙ.අනෙක් අතින් සුනඛයන් කියන්නේ අනෙක් අයට ඉතාම සතුරු බවක් පෙන්වන උරුමයක්. මේක උන් කරපු කියපු දේවල් තුලින් පවා තහවුරු වෙනවා. ජඩකම කොතරම් ද කියනවා නම් කිසිම දෙයක් හරියට කරන්න බැරි තරමට පත් වෙලා. ජඩකම කියන්නෙ මොකක්ද කියලා මම කලින් කියලා තියෙන නිසා නැවත කියන්නෙ නැහැ. ඔවුන් සමඟ සිටීමෙන් මට අතීතය ගැන බොහෝ දේ, විශේෂයෙන් ම එදා කල​, එහෙත් අනාගතයේ නොවිය යුතු දේවල් හඳුනාගන්න එක ඉතාම වැදගත් වෙනවා. හිඟන්නන් දකින හීන අතහැරියොත් කඳුබඩයා අද ඉන්න තැනට ආ/ගෙනා මග එතරම් සුමට ආශ්වාද ජනක එකක් නොව, ම්ලේච්ඡත්වය පදනම් වූවක්. එහි ආදීනව මොවුන් තුලින් දකින්න පුළුවන්. එදා වද බන් ධන​, හිර කිරීම​, උගුල් ඇටවීම, ඝාතනය​, භීෂණය යොදා ගෙන කල දෑ තුලින් ඉහලට ආවත්, ඒවා විඳපු උන් දන්නේ උන්ට කරපු දේවල් පමණක් නිසා ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. එදා තිරිසනුන් ගත් කල එසේ නොකලා නම් කිසිසේත් අද ඉන්න තැනට එන්නෙ නැති බව මතක් කරමි. අද ඉන්න උන් තිරිසන් සතුන්ට කරන දේවල් ගත්තම කොතරම් ඒ අන්තයට ගියා ද කියන එක හිතාගන්න බැරි තරම් දෙයක්. ඒත් මේ විශ්වය තුල බිහිවන උන් කරන කියන දේ තේරුම් ගැනීමට නම්, තමන් විඳවලා එය තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. මම ඒ තුලින් තමයි මේවා කියන්නේ. සුනඛ රටාව තුල එය වෙනස් කරන්න බැරි දෙයක්. අනෙක් අතින් අතීතය හා වර්තමානය තමයි අනාගතය තීරණය කරන්න ඕන හැබෑව දෙන්නෙ. තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මම හැර ඉංග්‍රීසි කතා කරන හැම එකාම මේ ජීවන රටාව තුල හිර වීම​. යන්තමින් හෝ ඉංග්‍රීසි කතා කරන එකා පවා මීට ගොදුරු වෙලා ඉන්නෙ. ආයෙ වෙනස් කරන්න බැරි තරම් ලොකු හිර වීමක්. කොතරම් උත්සාහ කලත් ගැලවෙන්න බැහැ. එක අතකින් මේක ඒ වගේ උන් ඔක්කොම එකට එකතු කර අන්තිමට විනාශ කිරීම තුලින් අනාගතය තුල මෙම හැසිරීම නැති වෙයි. මේ ආකාරයට මීට පෙරත් වඳ කල උන් නිසා තමයි අප අද ඉන්න තැනට ආවේ. අද තවත් ඉවත් කිරීමක් සඳහා කාලය ඇවිත්. මේ ලෝකෙ අතහැරීමක් තිර වීමට නම් මලත් එපා කියන තැනට අපි වැටෙන්න ඕන​. හැසිරීම තුල ඉංග්‍රීසි ගති තිබේ නම්, කොතරම් කියන එක වැදගත් නැහැ, භාෂාව කතා කලත් නොකලත් උන් ඔක්කොම එකයි. මේක ජඩයන් සතු හැසිරීමක්.

සූර්‍යයා නොබසින අධිරාජ්‍යය ගොඩ නැගීම සඳහා තිරිසන් ම්ලේච්ඡයන් ලෙස කල ආක්‍රමණ හා සමූළඝාතන මෙතෙක් ඉතිහාසයේ වූ දරුණුම අපරාධ ලෙස සලකන්න පුළුවන්. මේක අධිරාජ්‍යයන් ගොඩ නැගීම සඳා කල අපරාධ වල උපරිමය ලෙස හඳුන්වන්න පුළුවන්. කලින් හමුදා අතර වූ යුද්ධ මුල් කරගත්තත්, මෙවර නිරායුධ ස්වදේශිකයන් විනෝදය සඳහා වුව ඝාතනය කිරීම තුල වියරු බවක් පෙන්වනවා. ස්වදේශිකයන් වෙත මෙතරම් දරුණු විරෝධයක් ගොඩ නැගුනේ රට හැර දා ගොස් සංක්‍රමණිකයන් ලෙස ගත කල කාලයේ ලද පන්නරය විය හැකියි. එසේම මේ කටයුතු හා අධිරාජ්‍යය පවත්වා ගැනීම සඳහා සංක්‍රමණිකයන් පමණක් යොදා ගැනීම වැදගත් කරුණක්. මම බොහෝ කලක සිට සංක්‍රමණිකයන් (අහිගුන්ටිකයන්) ගැන කී කතා මතක් කරමි. මේ හැසිරීම පිට රැටියන්ට පමණක් විශේෂ වූවක් නොව​, ආරම් භ වන්නේ තම රට තුල තමන් ගේ පාලනයට නතු වැසියන් ගෙනි. එහි ඒකායන අරමුණ තම පවුල සදාකාළිකව බලයේ සිටීම ලෙස දැක්විය හැක​. මේ සඳහා අනෙක් සියළු පවුල් බිඳ හෙලා උපතින් ම අහිගුන්ටිකයන් බිහි කරන පරිසරයක් හදා ඇත​. ඒ සඳහා ශූක්‍ෂම උපක්‍රම යොදා ඇත​. ජඩයන් ලෙස කලහැකි උපරිමය ඔවුන් කර ඇත​. තම උරුමය මෙලෙස යෙදීමෙන් අනාගතය අඳුරු වනු ඇත​. මෙම ම්ලේච්ඡත්වය හා ලේ පිපාසිතකම, කඳුබඩයන්ට පමණක් නොව අනෙක් හතා, හීපාවුන්, ගහ කොල දක්වා පැතිරී ගිය සමාජයක් බිහි කර ඇත​.

ඉංග්‍රීසි ජීවන රටාව තුල හිර වී ඇති  අති බහුතරය එසේ හිර වූ බවක් වත් දන්නෙ නැහැ. මේ රටාව බිහි වූ ආකාරය ඉතා වැදගත් එකක්. ඊට යොදා ගත් දෙවියන් ගේ දරුවන් යන මතය​, හා හිරුගෙන් ලද දැනුම, සතුන් හීළෑ කිරීමට යොදා ගත් උපක්‍රම තුලින් කඳුබඩයන් පාලනය කිරීම එකතු කර එක පවුලක් රැකීම වෙනුවෙන් අනෙක් පවුල් සියල්ලම පෑගීම මෙහි මුල් වෙනවා. මුලින් ම කී දෙවියන් ගේ දරුවන් යන මතය ගත් විට එහි යම් ඇත්තක් තියෙනවා. ඉතාම මෑත කාලය ගත් විට ඔවුන් පැවතෙන්නෙ තේමියගෙන්. ඒ කියන්නේ මනු පරපුරේ ජන්ම උරුමය තාරිකව හිමි වෙලා තියෙනවා. ඒත් අවතාරිකව ඒ කිසිදු උරුමයක් නැහැ. මෙහිදී මනු පරපුරෙන් ආ තාරික උරුමය තුල තිරිසනුන් බිහි වූවොත් වෙන දේ මනාව පෙන්වන නිසා මට ඒක වැදගත් කරුණක්. තිරිසනුන් සතුව තියෙන්නෙ එකම ජීවන රටාවයි. ඒ තමන් රැකීම වෙනුවෙන් ඕන දෙයක් කරන එක. කොතරම් වැදගත් දැනුමක් ලැබුනත් අන්තිමට කරලා තියෙන්නේ ඒ සියළු උරුමයන් යොදා තිරිසන්කම ඉහලට ගෙන ඒමයි. දැනුම නිසා තිරිසනුන්ට වඩා ඉතාම දරුණු අන්තයට ගොස් තියෙනවා. එක අතකින් තම පැවැත්ම වෙනුවෙන් තමන් ගෙ ම උන් විනාශ කරන අතරේ, අනෙක් උන් සතු හැබෑ අයිතීන් සියල්ල අහිමි කර ඒ සියල්ලන් ම ගහ කොල හතා හීපාවා සමඟ එක ගොඩට දමා තමන් සියල්ලේ අයිතිකාරයා වීම ගත්ත ම ඊට වඩා අන්තයක් නැහැ. හතර වරම් දෙවියන් මේ සියල්ලේ ම මුලාශ්‍රය වුනත් කවදාවත් මෙලෙස අන් අයට සළකන්නේ නැත්තේ ඒ සියල්ලන් ම තමන් ගෙන් පැවතෙන බව දන්න නිසයි. යමෙක් තිරිසන් කමෙන් එහා ගිය හැසිරීමක් පෙන්වයි නම්, ඒ තමන් ගේ ජන්ම උරුමයෙන් ලද දැනුම හා හැකියාව නිසා බව දන්න නිසයි. මෙය වෙන කාටවත් කරන්න බැහැ. එසේ වී නම් අපි ඔක්කොම අපට ඕන ඕන විදියට අපේ හැඩ රුව වෙනස් කරගන්න ඕන​. එය එසේ නොවේ. හිරු ගේ දැනුම ලැබෙන්නෙ සිංහලයන්ට පමණයි. ඒත් සිංහලයන් ලෙස බොහෝ කාලය ජීවත් වී තම පරපුරේම ඉපදීමෙන් ලද දැනුම නිසා වෙන කාටවත් මොවුන් පරයා යන්න බැහැ. එය කල හැක්කේ මට පමණක් නිසයි මම කියන තුරු මේවා වෙන උන් නොදැක්කේ. ඒ තරමට ඉහල හැකියාවක් හා දැනුම තිබ්බ නිසයි මෙතරම් විශාල අධිරාජ්‍ය්‍යක් ගොඩ නැගුවේ. අද මුළු ලොවම ඊට නියමින් හෝ අනියමින් යටත් වෙලා. දෙවියන් මේ දැනුමෙන් අනෙක් උන්ට යහපතක් කලත් ජඩයන් කරන්නේ ඒකෙ අනෙක් පැත්තයි.

අද ඉන්න තැනට තිරිසන් සතුන් ලෙස පටන් ගෙන ආ ගමණ ගත් විට එක අවදියකදී අනෙක් සතුන් අල්ල ගැනීමට උගුල් ඇටවීම යොදා ගැණුනා. මෙහි දී ඒ ඒ සතුන් සතු දුබලකම් තමයි භාවිතා කලේ. මොවුන් තම පැවැත්ම උදෙසා මෙම දැනුම දිගටම භාවිතා කල නිසා මේවා නිකම්ම ම උරුමෙන් එන තැනට මුල් බැසීම ඔවුන් ගේ හැසිරීමෙන් පේනවා. මොවුන් අන්තිමට කලේ ඒ දැනුම මිනිසුන්ට එරෙහිව යෙදවීමයි. අද මිනිසුන් මොවුන් අටවපු උගුල් වල හිර වෙලා ඉන්නෙ. බොහෝ උන් උපදින්නෙම ඒ තුල නිසා වෙනසක් තේරුම් ගැනීමෙ හැකියාව වත් නැහැ. අනෙක් එක තමයි සතුන් හිළෑ කිරීම​. ගවයන්, කුකුලන්, අලි, එළුවන්, අශ්වයන්, බූරුවන් වැනි සතුන් හීළෑ කරගෙන ගාල් කරගෙන ජීවත් වුන නිසා අදත් එලෙස ජීවත් වෙන උන් ඉන්නවා. මොවුන් එහි මුල් තැන ගන්නේ. මෙහිදී වෙනසකට තියෙන්නේ මුන් සතුන්ට සළකන්නෙ තිරිසන් විදියට වීමයි. කිසිම හිතක් පපුවක් නැති ම්ලේච්ඡත්වයක් දකින්න පුළුවන්. අද වෙන කොට සතුන්ට හිමි හැබෑ ජීවන රටාව එහෙම පිටින් ම අහිමි කරලා. උන් කඳුබඩයන් වෙලා උපන්නත් හැසිරෙන්නේ ඒ වගේමයි. අන්තිමට කන්න බොන්න දෙනකම් බලන් ඉන්න තැනට වැටිලා.

කල දරුණුම අපරාධය තමයි අනෙක් කඳුබඩයන් උපතින් ම වහළුන් කිරීම​. උන්ට ජීවත් වීමේ අයිතිය නැහැ. උන් උපදින්නේ ඔටුන්නට දිවි පුදන සේවකයන් හෝ වහළුන් ලෙස​. දරුවන් පවා ඒ තැනට තල්ලු කරන තරම් දෙමව්පිය මනස විනාශ කරලා. අද උපදින එකා ගේ පරම සතුරන් වෙන්නෙ තමන් ගේ දෙමාපියන් නෑ මිතුරන්, ගුරුහොරුන් වගේ වටේ ඉන්න උන්. ජීවත් වෙන්නෙ වහළුන් ලෙස​. ජීවත් වීමට අවශ්‍ය සියල්ලම යන්තමින් හෝ ලැබෙන්න නම් දණින් වැටී කඹුරන්න ඕන​. කරන්නෙම මුලා කර හීන පස්සේ යැවීමයි. ඒත් කවදාවත් උඩට යාමක් වෙන්න දෙන්නෙ නැහැ. උන් හැමදාම උපතින් මොකුත් නැතුව ඉපදී මැරෙන්නෙත් මොකුත් ඉතිරි නොකරයි. මේ නිසා උන් ගේ දරුවනුත් ඒ විදියටම පටන් ගෙන අවසන් කරන ජීවිත ගෙවන්නේ. මෙහි භයානක ම පැත්තම තමයි ගොඩ නගා ඇති අධ්‍යාපන ක්‍රමය හා සිරිත් විරිත්. ඒ සියල්ල මොවුන් ගේ අරමුණ ඉටු කිරීම සඳහා අනෙක් උන් නැසීම දක්වා විහිදෙනවා. අරුමය වන්නේ මම හැර වෙන කිසිවෙක් මෙය නොදැකීමයි. මම ඉගෙන ගත් විදිය වෙනස් එකක් බව තේරුනේ බොහොම පසු කාලයකයි. ඉංග්‍රීසි රජපවුල තවම තමන් ගේ උන් හදන්නේ ඒ විදියට බව කිසිවෙක් දකින්නේ නැහැ. ඒක හිමි වෙන්නෙ සිංහල ජීවන රටාවටයි. දසබලයන් ප්‍රගුණ කරන්න පුළුවන් එකම විදිය ඒකයි.

මම හැර මේ ජීවන රටාවට ගොදුරු වුන වෙන එකෙක්වත් ඉන් මිදී නැහැ. මේක මගේම පුතාට වුනත් එහෙමයි. ඒ තරමට දරුණු හිරුකමක් ඒ තුල තියෙනවා. එක අතකින් එහි තියෙන වටිනාම දේත් ඒකයි. යමෙක් අනුන් ගෙන් යැපෙනවා නම් අන්තිමට ගිහින් හිර වෙන්නේ ඉංග්‍රීසි ජීවන රටාව තුලයි. එය ගමනේ අවසාන පියවරයි. ඔවුන් සියල්ල වැනසෙනවා. මේ දිනවල එය වේගයෙන් ඉලක්කය කරා යමින් තියෙන්නේ. හොරකමෙන්, වංචාවෙන්, බොරුවෙන්, මංකොල්ල කෑමෙන්, හිඟමනෙන් ජීවත් වෙන හැමෝටම ඉතිරි වෙන අන්තිම මග මේකයි. ඉංග්‍රීසීන් ගේ අවසානය සමඟ අතීතයේ සිට ආ බොහෝ ජඩ උරුමයන් වැනසේවී. ඒකත් මේ විදියෙ තියෙන අගයක්. හිරු යුගයේ අවසන් මොහොතේ ඔවුන් ඉහලට ගෙනවිත් කරන්නේ කඳුබඩයන් අතර ඉන්න තිරිසනුන් විනාශ කිරීමයි. අළුත් හිරු යුගයට ඉන් වටිනා දැනුම ලැබෙනවා. කළ යුතු නොකළයුතු බොහෝ දේ අළුතින් තීරණය වෙයි. මේ ජීවන රටාව ලොව පුරා පැතිරවීමට උදව් කල තව ජඩ ජාතීන් දෙකක් ඉන්නවා. ඒ තමයි යුදෙව්වන් හා ද්‍රවිඩයන්. ඔවුන් ගැනත් පසුව කියමි.

අනෙක් ආගම් කාරයන් වගේම ඉංග්‍රීසීන් ද අධිරාජ්‍යය ගොඩ නැගීමට තම ඇදහීම යොදා ගත්තා. ඔවුන්ට අනුව තමන් තමයි දෙවියන් අදහන දෙවියන් ගේ නියම දරුවන් කියා ගෙන දෙවියන් මවපු දේවල් අයිති තමන්ට කියාගෙන අනෙක් ජාතීන් සතු සම්පත් පැහැර ගත්තා. එසේම ඔවුන් කල අපරාධ දෙවියන්ට මුවා වී තම වගකීම ලෙස, නැත්නම් ශිෂ්ට කිරීමක් ලෙස හඳුන්වාගත්තා. මේ තුලින් තමන් කරපු අපරාධ සුදු හුනු ගා මැකීමට උත්සාහ කලා. ඇත්තටම ඔවුන් අදහන ආගම කියන්නේ, පිශාචයන් විසින් සතුන් මරා ගෙන කන්න දෙවියන් සතුන් මැව්වේ මුන් ගේ අවශ්‍යතාවයට කියා මතයක් ගොඩ නැගුව බොරුවක්. ආහාර රටාව ගත්තම ලේ මුසු මස් කෑම මුල් තැන ගන්නවා. මෙය පිශාචයන් නියෝජනය කරන හැසිරීමක්. ඒ වගේම එකම කෑම වලට සීමා වූ රටාව තුල පෙරේතකමත් නියෝජනය වෙනවා.ඝාතනය භීෂණය හා මුලාව තුලින් වෙනත් උන් වගේම තම ආගම පැතිරවීමට මුල් වුනා. පළමුව ආක්‍රමණික මැර හමුදා යවා අල්ලාගෙන​, ඊ ළඟට පාදිලියන් යවා ආගම ප්‍රචාරය කලා. තම ආගමට හැරෙන උන්ට හා අනෙක් උන් ගේ ජාතිය පාවා දෙන්නන්ට විශේෂ වරප්‍රසාද දුන් අතර​, ස්වදේශිකයන් තම බිම තුල ම අවතැන් වීමක් කලා. ඔවුන් සතුන් ලෙස සළකා අවශ්‍ය තැන සමූළ ඝාතනය කලා. මෙතරම් ස්වදේශිකයන් කෙරෙහි වෛරයක් පෙන්වීම තම මුල් අත්දැකීමෙන් ලද උරුමය විය හැකියි.

ඇත්තටම ලෝකය පාලනය කරන්නේ කවුද? ඔවුන් ගේ පරමාර්ථය මොකක්ද? කියන එක පැහැදිළි කල යුතු වෙනවා. ඉංග්‍රීසීන් ගත් විට හිතන්න හැකියාව නැති කොටසක්. තමන් ගේ හිතට එන දේ එලෙසම කරන කොටසක්. පසු තැවීම හැර වෙන හැකියාවක් ඔවුන්ට නැහැ. එනම් වෙනත් අයගේ වුවමනාවට කියන දේ කරන උන් ලෙස සළකන්න පුළුවන්. පසු ගිය හිරු යුගයේ අවසානය සමඟ තමයි ඉංග්‍රීසීන් කරළියට එන්නේ. උන් ගේ කාලය තුල රටවල් අතර සියළු දේශ සීමා බිඳ දමා ඕන එකෙකුට ඉබා ගාතේ යන හරක් ලෙස ලොව වටා යන්න අවස්ථාව ලැබුනා.

මේ වෙන්නෙ මොකක්ද කියන එක ගොඩක් උන්ට ප්‍රශ්ණයක් වෙලා. මේකෙ කිසිම අමුතු දෙයක් නැහැ. මේ සියල්ල නැවත නැවත වෙන දේවල්. වෙනසක් වේ නම ඒ කොතරම් සංකීර්ණ ද කියන එක පමණයි. ලෝකය, ඒ කියන්නේ කඳුබඩයාට ශාපේක්‍ෂ ලෝකය​, ඉස්සරහට යන්නේ හිරු යුගයකින් මනින කාල පරාසයකට පසුවයි. ඒ කියන්නේ වසර 120,000 ක කාලයක්. අද ඉන්නේ කලින් හිරු යුගයේදී අසමත් වූවන්, අළුතින් එකතු වූ තිරිසනුන් වගේම හැම වර්ගෙම අමනසතුන් (අමනුෂ්‍යයන්) ගොඩක්. මේ තුලින් කරන්නේ ඉස්සරහට එන හිරු යුගයේ එන අළුත් විදි ගොඩ නගන්නේ දැන් ඉන්න උන් ගේ හැටි දැකලා ඒකට හේතු හොයාගෙන, කවුද ඉන්න ඕන කවුද ආපසු තිරසතුන් වෙන්න ඕන කියන තේරීම මතයි. මේක එක්තරා ආකාරයක පරික්‍ෂා කිරීමක්. ඒ සඳහා අවශ්‍ය හැම එකාම අප අතර අද ඉන්න නිසා ලොකු අවුළක් වගේ පෙනෙන්න පුළුවන්. ඒක කරන කෙනාට මේ කිසිවක් එහෙම පෙනෙන්නේ නැහැ. ඒ වගේම මේ හැමෝම තුලින් දකින ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න පුළුවන් වෙන්නෙ ඔවුන් ඉන්න නිසයි. මම කලින් කිව්වා වගේ, අත්දැකීමෙන් තොරව තේරුම් ගන්න බැහැ. හරියට කියන්වා නම් ගූ නොකා ඒකෙ රහ කියන්න බැරි වගේ. ඒ අතින් මට ජීවිත කාලය තුල මුණ ගැසුණු උන් වෙන්න ඕන මේ හැම අන්තයකම ඉන්න උන් වෙන්නේ. මට ප්‍රශ්ණ හොයාගෙන යන්න ඕන නැහැ. ප්‍රශ්ණ මාව හොයාගෙන එනවා. කඳුබඩයෙක් ලෙස ඉන් පැන යන්න කොතරම් හැදුවත් හතර අතින් හිර වෙලා ඒක විසඳන තුරු යන්න බැරි වෙන එක මගේ සුපුරුදු අත්දැකීමයි. වෙන කාටවත් මේක තේරුම් ගන්න බැහැ. අපි හිතන දේ අනුව තමයි දෙයක් කරන නොකරන එක තීරණය වෙන්නේ. ඒත් මම කොච්චර හිතුවත් වැඩක් නැහැ. හිතන එක මොකක් වුනත් කරන්න ඕන දේ මගේ අකමැත්තෙන් වුනත් වෙලා තියෙනවා. අපි කවුද දරා ගන්න බැරි ප්‍රශ්ණ බදා ගන්නේ.

ඉංග්‍රීසීන් යුගයේ අවසන් කාලෙට තෝරා ගැනීම තුල තියෙන්නෙ මීට වසර 30000කට කලින් කල වෙනස මත තෝරා වෙන් කිරීමක්. කවුරු හෝ දැන හෝ නොදැන හෝ ඉංග්‍රීසි ජීවන රටාව තුල සිටී නම් උන් එකෙක්වත් මින් ඉස්සරහට කඳුබඩයන් වෙන්නෙ නැහැ. ඒක තමයි පරමාර්ථය​. ඒ කියන්නෙ දැන් ඉන්න අතිබහුතරය වගේම මේක කියවන උනුත් ඒ ගොඩට අයිති වෙන්නෙ. මේක තමයි කවුද සමත් කවුද අසමත් කියන තේරීම සඳහා යොදා ගන්නේ. කවුරු හෝ ඉංග්‍රීසි රටාව පරදා නැගී හිටියොත් ඊළඟ යුගයේ සිංහලයකු වීමට වාරය ලැබෙනවා. මේ වගේ දෙයක් තමයි කලින් හිරු යුග අවසානෙත් වුනේ. දැනටම නව හිරු යුගයේ කටයුතු පටන් අරගෙන තියෙන්නෙ. සමහර කාලකන්නි හිඟන්නෝ හිතන්නේ උන් නැතුව ඒක කරන්න බැහැ කියලා. උන් ඒ තරමට ම අන් ධයි. මේ වෙන සියල්ලම සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට පේන්නෙ මනාව පාලනය කරපු ක්‍රියාවළියක් ලෙසයි. ඉංග්‍රීසීන් කියන්නේ ඉත්තන් පමණයි. මම ලැබූ අත්දැකීම් තුලින් අනාගතයේ ලොකු වෙනසක් වෙනවා. අද ඉන්න චරිත කිසිවක් අනාගතයේ කඳු බඩයන් ලෙස දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ සඳහා තිබුනු ඉඩ කඩ නව ජීවන රටාව තුලින් නැති කරනවා. උදාහරණ ලෙස එකක් කියන්නම්. කඳුබඩයාගේ අවංකත්වය ගැන ආයේ කිසිදු විශ්වාසයක් නැහැ. තනිකරම මගේ දැනුමෙන් බිහි කරන තාක්‍ෂණයෙන් පාලනය වේවී. ඒ සඳහා හිතන්න බැරි උන් ලවා අද අටවපු චොර තාක්‍ෂණය තුල තියෙන්නෙ මෙතෙක් කඳුබඩයා ලබා ගත් දැනුමයි. එසේම මම දුන් දැනුම උන් එකෙකුටවත් බැරි බව දුටු නිසා අළුත් දැනුම උන් ගේ පරාසයෙන් ඉහළට යනවා. ඒ වගේම මම කී අමන සතුන්ට කිසිදු බුරුලක් ලැබෙන්නෙ නැහැ. උන් ක්‍ෂණිකව ඉවත් කරන තාක්‍ෂණයක් එන්නේ. ඒ නිසා ජීවත් වීමේ අයිතියට හෝ පැවැත්මට තර්ජනය කරන්න ඉඩක් ලැබෙන්නෙ නැහැ. කඳුබඩයා ගත්තම​, ඌ හදපු පරමාර්ථය හැර අනෙක් හැම දේම කරනවා. මෙතැන් සිට ඌට කරන්න වෙන්නෙ ඌ හදපු කාරිය පමණයි. එය ජීව ලෝකයේ තියෙන බරපතල අඩුවක් පිරවීමක් වෙනවා. එතනින් මේක නවතින්නෙ නැහැ. ඊට වඩා ඉහල ජීවීන් අනාගතයේ බිහි වෙනවා. ඒව දැනුත් කුඩා පරිමාණයෙන් ජීව ලෝකයේ අත් හදා බලමින් තිබෙන්නෙ. අන්තිමට මේ සියල්ලටම ඉංග්‍රීසි විදිය තුලින් ලොකු සහායක් ලැබුනා. උන් ලවා කරපු දේවල් අනාගතයේ නොවෙන්න වග බලා ගන්න එක කොතරම් වැදගත් ද කියන එක තේරුම් ගන්න ඕන​. උන්ට ඉඩ නොදුන්නා නම් මේ වගේ උන් ජීව ලෝකෙ ඉන්න බව තේරුම් ගන්න බැහැ.

එහෙන් මෙහෙන් ඇහිඳගත් ඉතිහාසය තුලින් වුනත් දකින්න පුළුවන් දෙයක් තමයි සිංහලයන් හැර වෙන ජන කොටසක් බලවත් වුනාම වසර හාර සියයක් පමණ​, ඒ කියන්නේ හත් මුතු පරම්පරාවක් ගිය කල​, සම්පූර්ණයෙන් ම බිඳ වැටි වඳ වී යාම​. ඒ නිසා ඉහලටම යන්න හදන එක තුලින් කියන්නේ අන්තිම අදියරේ ඉන්නෙ කියන එකයි. මීට කලින් අධිරාජය්‍යයන් හදපු උන් වගේම අවසන් වූ හිරු යුගයේ අන්තිමට බලවත් වුන ඉංග්‍රීසීන් ට අත් වෙන්නෙත් ඒ ඉරණම මයි. මේකෙන් කියන්නෙ මොකක් ද​? ඇත්තටම මේ ඔක්කොම බලය ගත්තෙ මැරකමෙන්. ඒ කියන්නේ අමු තිරිසනුන්. එහෙම වෙන්න නම් අප සතු හිරුකමෙන් උරුම වූ සියල්ල නැති වී තිරිසනුන් ලෙස ලබා ගත් උරුමයන් පමණක් ඉතිරි වෙන්න ඕන​. මොනවද ඉංග්‍රීසීන් සතු උරුමයන් කියලා බැලුවොත්, දකින්න ලැබෙන දෙයක් තමයි ඔවුන් සතු හැසිරීමෙන් පෙන්වන තාරික හා අවතාරික උරුමයන්. ඔවුන් තිරිසනුන් වෙනස් කරන්න යොදා ගත් හැම උපක්‍රමයකම උරුමය පෙන්වනවා. ඒ අතරේ හීලෑ කිරීම, ශාරීරික වද හිංසා කිරීම​, කොටු කර හිර කිරීම​, වද බන් ධන කිරීම වගේ දේවල් කියන්න පුළුවන්. ඔවුන් හදපු හිර ගෙවල්, පොලීසිය, හමුදාවන් තුලින් ම්ලේච්ඡත්වය  උපරිමයට ගෙන ගොස් තිබෙනවා. ගැහැනුන් දරුවන් හැර සියලු පිරිමින් ඝාතනය කිරීම වැනි දේ තුලින් සමාජය අසරණ කිරීම වගේම​, දරුවන්, දෙමව්පියන් නෑ හිතවතුන් අල්ලා හිරකර ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගෙන සතුරන් අඩ පණ කිරීම​, උදව් කරන මුවාවෙන් ගොස් විනාශ කිරීම​, පවතින සම්මත තුල හිර වී සිටින්නන් සමඟ ගිවිසුම් ගත වී පසුව බිඳදැමීම වගේ දේවල් ගන්න පුළුවන්. මේක ලියන මොහොතේත් ඉංග්‍රීසි උරුමයේ අන්තයට ගිය ඇමෙරිකන් කොලණි කාරයන් ලෝකෙම රවටල අන්තිමට ආපිට ගොස් හැම එකාම අනතුරේ දැමීමත් මේ උරුමයේ ලක්‍ෂණ තමයි. මොවුන් සතු උරුමය තියෙන හෝ හදා ගත් හැම එකාම අද ඉන්නේ ගිලෙන නැවක​. උන් වඳ වෙන කොට ඉතිරි වෙන අයට මේ උරුමයන් නැති අතර​, ඒ සමඟ උන් ගෙන ආ පැරණි යුගයේ උරුමයන් වන උගුල් ඇටවීම හා සතුන් ඇති දැඩි කිරීම ඇතුළු තිරිසන් ගති සියල්ලම වඳ වීම තුලින් මනුෂ්‍ය වර්ගයාම පිරිසිදු වීමක් වෙනවා. හුරතල් සතුන් පවා ඇති නොකරන අනාගතයක් එනවා.

මෙතෙක් වෙලා කිව්වේ නරක දේවල් වුනත් ඔවුන් තුලින් ඉටු වුන හොඳත් තියෙනවා. සුදුසු තාක්‍ෂණය තෝරා ගැනීමට මෙවැනි මතකය නැති උන් යොදා ගැනීම තුලින් අනවශ්‍ය දැනුම ඉතිරි වීමක් වෙන්නෙ නැහැ.  උන් ගෙන් වූ සේවය ගත් කල ලෝකයේ විවිධ තැන් වල හිටපු උන් එකතු කර පෙන්වීම​, රටින් රටකට යන්න පහසු කිරීම​, තිරිසනුන්ටත් වඩා පහළ ඉන්න අමන සතුන් කඳුබඩයන් වූ විට වෙන හානිය වගේ දේවල් ලියන්න පුළුවන්. ඉවක් බවක් නැති ව කල ඝාතන නිසා නොයෙකුත් සතුන් කඳුබඩයන් වීම, ගහ කොල කපා කල පරිසර හානිය හා ඉන් නෙලාගත් ඵල විපාක ගැන තේරුම් ගන්න පුළුවන් වෙනවා.
 
සිංහල උරුමයට කල පරම සතුරුකම මේ අතරින් ඉතා වැදගත් එකක්. එදා දෙවියන් ගේ ලෝකය (ලොකේෂන්) කියපු තැන ලංකාව කරලා, ඒ තුල ලෝකේ ඉන්න ජරා ම උන් යොදා හදපු ආණ් ඩුව තුලින් ඉගෙන ගන්න ලැබෙන්නේ පැවතුන ජීවන රටාව තුල පැවති අඩු පාඩු කම් හෙළි කිරීම බවයි. මෙහිදී උන් සිංහලයන් කියලා හිතුවෙ ඇත්තටම ද්‍රවිඩයන්ට​. අන්තිමට ද්‍රවිඩයන් උන් සමඟ එකතු වී දුන් සහාය නොවෙන්න අල්ලාගත් රටවල් ගිලිහී යන්න තිබුනා. උන් සිංහල උරුමෙන් ආපු වෙදකම​, ගොවිතැන වගේ උරුම දැනුම පැහැර ගෙන​, ජනගහණය අසීමිත ලෙස වැඩි කිරීම නිසා ජනගහණයේ අති විශාල වැඩි වීමක් වුනා. ඊට කලින් හිටපු මිලියන 100ක පමණ ගහණය මොවුන් නිසා බිලියන අටකටත් වඩා වැඩි වුනා. ඒ වගේම මුහුණ දුන් අභියෝග වලට පසු-පිළියම් ලෙස ලෝකය පුරා විහිදුන සැපයුම් ජාල හැකි අයුරින් චොර තාක්‍ෂණය යොදා හදා ගත්තා. ඒ සඳහා වහළුන් ලෙස අති බහුතරය පත් වුනා. අද වන විට අති බහුතරයකට අනාදිමත් කාලයක සිට සියළු සතුන් අත් විඳි හැබෑ අයිතීන් (ස්වාභාවික අයිතීන්) සියල්ල අහිමි වී උපතින් ම බැලයන් වන  පරිසරයක් ගොඩ නැගිලා.

ඉන් උගත යුතු පාඩම් බොහෝ ය​. මේ සියල්ලම නොවන්නට මමත් අනෙක් උන් මෙන් ම එක තැන පල් වුනු ජීවිතයක් ගෙවන්නෙක් වෙන්න ඉඩ තිබුනා. මේ සියළුම සිදුවීම් තුලින් මම ලැබූ ප්‍රයෝජන අනාගතය තීරණය කරන ඒවා වෙනවා. මෙතෙක් පැවති ඉතාම ප්‍රාථමික දැනුම වෙනස් විය යුතු බවත්, කඳුබඩයා තවත් ඉදිරියට ගෙන ගොස් නව දැනුමෙන් පාලනය කල යුතු බවත්, තිරිසනුන් කඳුබඩයන් ලෙස උපත ලත් විට වෙන සියල්ලත් තේරුම් ගෙන​, අනාගතයේ මෙවැනි සිදුවීම් නොවන තැනට සුදුසු ජීවන රටාවක් බිහි කරන්න හේතු වුනා. එක අතකින් බැලුවොත් කඳුබඩයන් සතුව පැවැති නිදහස අහිමි වීමක් මෙන් ම​, අනෙක් සතුන් මෙන් 50-50 ජීවත් වීමේ අයිතියේ ඇති වැදගත් කමත් මින් තහවුරු වුනා. මරණයට ඇති බිය නොවන්නට කඳුබඩයාගෙන් බලාපොරොත්තු වන කාර්‍යය ඉටු නොවෙන බවත් තහවුරු වුනා. දෙවරක් දීමේ අවස් ථාවත් අහිමි කරන්න වුනා. හැම එකෙක් ම වෙන් වෙන් ව හඳුනාගත හැකි දැනුම මෙන් ම කඳුබඩයා අභිබවා යන අචොර දැනුම භාවිතා කල යුතුයි යන බවත් තහවුරු වුනා. අන්තිමට බැලුවම උන් වුනත් කලේ ලොකු සේවාවක් කියලා කියන්න පුළුවන්.​

කඳුබඩයන් කියන්නේ ජීව ලෝකයට එකතු වුන අළුත් ම ජීවියායි. එසේ එකතු කිරීමට හේතු වුන පසුබිම නොකියා ඉන්න තීරණය කලා. තවම "සතෙක්" ලෙස පරීක්‍ෂා වලට යටත් වන සතෙක් ලෙස බැලුවොත් අනෙක් සතුන් තුලින් තිර හැසිරීමක් දකින්න පුළුවන්. ඒත් කඳුබඩයා තුලින් දකින විවිධත්වය තුලින් කියන්නෙ තවම හැසිරෙන ආකාරය තිර වී නැති බවයි. හිරු යුගයෙන් යුගයට මෙම සතාව යොදා කරන අත් හදා බැලීම් බොහෝ ය​. ඒ අතින් බැලූ විට පසුගිය හිරු යුගය අවසානයේ ඉතිරි වී ඇති අසමත් වූවන් ගෙන් දකින්න ලැබෙන්නේ අඩුම තරමින් අවම ලෙසවත් බහුතරය අවශ්‍ය ලෙස​ නොහැසිරෙන බවයි. හා බෑ කියන තේරීම් දෙකෙන් හැම විටම තෝරාගන්නේ නොකල යුතු තේරීම බව පේනවා. මීට මූළික හේතුව වෙන්නේ මැරෙන්න ඇති බියයි. කවදා හෝ මැරෙන බව දැන දැන​, තව මොහොතක් හෝ ජීවත් වීමට ඕන දෙයක් කරන පසුබිම නොව උන්නත්‍ මලත් කලයුතු හරි දේ කරන්න තීරණය කරන සතෙක් බිහි වන තුරු මෙය මෙසේ දිගටම ඇදෙනු ඇත​. ඉදිරි හිරු යුගය දැන් ඉන්න කඳුබඩයන් අනුව ගොඩ නැගෙනු ඇත​. කොතරම් දැන හිටියත් ඉන් ඵලක් නොවෙන්නේ, අන්තිමට, ඉන්න සතාගේ තරම අනුව හදන ජීවන රටාව සැකසිය යුතු බැවිනි. මෙතෙක් කල් වූයේ ද එයමයි. කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලනය තුලින් බොහෝ වැදගත් කරුණු තෝරා ගත හැක​. උදාහරණ ලෙස අධික ලෙස ජනගහණය වැඩි වීම සහ ඒ තුල පැවැති ඉපැරණි දැනුමේ ඌණතාවය හඳුනා ගැනීමට පුළුවන් වුන නිසා, සතෙක් මත තනිකරම රඳා පවතින තිරිසන් හැසිරීම වෙනුවට, තමන්ට මුළුමනින් තේරුම් ගන්න බැරි අළුත් දැනුම යොදා ගැනීම මෙන් ම කඳුබඩයන් මත නොව තාක්‍ෂණික මෙවළම් මත රැඳෙන ජීවන රටාවක් බිහි කිරීම මුල් වනු ඇත​.

තාම ප්‍රාථමික තලයක ඉන්න සතුන් තුලින් ලොකු හැකියාවන් බලාපොරොත්තු වීම ඉතාම නිශ්ඵල දෙයකි. එය තාරික හා අවතාරික අංගවල ඇති අඩු පාඩු හා දුර්වලකම් නිසා, උන් හරහා සිදුවන හානිය ඉමහත් ය. කොතරම කිව්වත්, වෙනස් කරන්න උත්සාහ කලත්, එය කල නොහැකි බව මට මුණ ගැසුණු හැම එකාම තහවුරු කල දෙයකි. හිඟමන තුලින් ලද බොරුව වංචාව ප්‍රගුණ කල ගතිය නිසා, බලාපොරොත්තු වන දෙය එසේ නොවෙන බව සහතිකය. මෙවන් පසුබිමක, හානිය අවම කිරීමට ඉවත් කල යුතු උන් ක්‍ෂණිකව ඉවත් කරන උපක්‍රම යෙදීම​, තාක්‍ෂණය තුලින් සියළු උරුමයන් අහිමි කරන තරම් ඉහලින් යෙදීම මගින් අමන සතුන් වෙන් කිරීම​, දැඩි අධීක්‍ෂණයකට ලක් කිරීම මෙන් ම තනි තනිව හැම එකාම හඳුනාගත හැකි දත්ත ගොඩ නැගීමත් ඒ තුලින් අන් අය දැනුවත් වීම සඳහා උචිත තාක්‍ෂණික රටාවක් හැදිය යුතු ය. ඉංග්‍රීසීන් කරන හැම දේම කල නොහැකි වන ජීවන රටාවක් ගොඩ නැගීම අත්‍ය්‍යාවශ්‍ය වන කොටසක් වේ. මෙය ඉතා විශාල පරාසයකට යන භාවිතයක් වේ.

ඉංග්‍රීසීන් හරහා ගොඩ නැගුණු රටාව තුල හැමෝටම එක හැන්දෙන් බෙදන, එහෙමත් නැත්නම්, ඔක්කොම දරුණු අපරාධකාරයන් ලෙස සැලකීම වෙනුවට තිරිසනුන් සිට දෙවියන් දක්වා ඇති විය හැකි බෙදීමට හා ඒ තුලින් නැගෙන විවිධත්වයට හරි යන ලෙස රටාව ගොඩ නැගීම සහ දැනුමේ අයිතිය සීමා කිරීම මෙන් ම කිසිදු බලපෑමකින් තොරව උපදින හැම එකාටම දැනුම ලැබෙන මගක් හැදීම මූළික අවශ්‍යතාවයකි.

මෙම හිරු යුගයේ අත්දුටු බිඳ වැටීම නැවතීමට නම්, එකිනෙකා තනිවම හඳුනා ගත හැකි වෙන ලෙස තාරික හා අවතාරික උරුමය සොයන උපක්‍රම භාවිතා කිරීම​, තමන් ගේ තැන කියන විදි සැකසීම​, තිරිසන් කම හා දෙවිකම අතර ශූක්‍ෂම මානයක් නිර්මාණය කිරීම​, ජඩයන්, පිශාචයන්, කුම් භාණ් ඩයන් හා පෙරේතයන් හඳුනා ගැනීම වගේම හිඟනුන් ඒ ගොඩට අළුතෙන් එකතු කර කඳු බඩයන් වීම වැලකීම හා උපන් උන් වෙන් කර හඳුනාගැනීම ප්‍රධාන අවශ්‍යතා වේ. මේ සියල්ල ඉංග්‍රීසීන් තුලින් ගොණු කල තාක්‍ෂණික හා ජීවන රටාව තුලින් මනාව තහවුරු වේ. මෙවන් බොහෝ අළුත්වීම් නව හිරු යුගය තුල බිහි වනු ඇත​. එය දවසින් දෙකෙන් නොව කාලය සමඟ වන වෙනස් වීමකි. කෙසේ වෙතත් අළුත් දැනුම කෙසේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ ද යන්න ගැන පේන කිව නොහැක​. ඒත් ඉංග්‍රීසිකම වැලඳගෙන ඉන්න උන්ට නම් අනාගතයක් නැත​. ඔවුන්ට කල හැකි එකම දේ වෙනස් වීම හෝ ආපසු යාම තෝරා ගැනීම පමණි. මෙම ලිපිය හැඳින්වීමක් පමණි. තනිකර ම මගේ සහ අනාගතයේ බිහිවන සිංහලයන්ගේ අවශ්‍යතාවය​ වෙනුවෙනි. සිංහල වෙස් දාගත් හිඟනුන් බොරුවට ඇන්දෙන්න එපා යයි කියමි.