Tuesday 25 October 2016

හුස්ම ගැනීමේ අයිතිය රකිමු...

ජීවත්වීම තමන්ගෙ අරමුණ කරගත් විට හුස්ම ගැනීම එහි ප්‍රධානම අවශ්‍යතාවය වෙනවා. අද මුදල් ඉපැයීම, දිව්‍ය ලෝකෙ යෑම හෝ නිර්වාන් සෙවීම අරමුණ කර ගත් උන්ට නොපෙනෙන නොදැනෙන බොහෝ දේ ජීවත්වීම තමන්ගෙ අරමුණ කරගත් විට පැහැදිළිව දකින්න පුළුවන්.

මනුෂ්‍යයකු ලෙස ඉපදී මනුෂ්‍යයකු ලෙස ජීවත් වී මනුෂ්‍යයකු ලෙස මිය යාම නැවත නැවත උරුමකර ගැනීමට කලයුතු දෙයක් තමයි ඒ සඳහා අයිති විය යුතු දෑ රැකීම. ඉන් පළමු වැන්න තමයි හුස්ම ගැනීම. ඒ ගැන සුළු අදහස් දැක්වීමක් මේ පුරුකෙ ඇති වීඩියෝවෙ තියෙනවා.

කිව යුතු බොහෝ දේ ඇතත්, බාහිර ලෝකය හරහා කරන හුවමාරුවක් නිසා බොහෝ දේ පසුවට කල් තැබුවත්, කියා ඇති දේ තුලින් අවධානය යොමු වේ යයි සිතමි.

මෙම පලකිරීම් සියල්ල සිංහලයන්ගෙ ප්‍රයෝජනයට බව සිහි කරන්නේ අයාලේ යන හිඟනුන් වැනි හැම දේකටම හොම්බ දාන සංක්‍රමණිකයන් තම උරුමයට අනුව මේවා උඩින් පල්ලෙන් බලන බව පෙනෙන නිසයි. සිංහලයන් නම් තමන් කියවා නොනැවතී තම වර්ගයාට ද එම අවස්ථාව දෙන බව මගේ හැඟීමයි. හිඟනුන් අතර හුවමාරු වන කඩමාල්ලක ගනේට මගේ දැනුම වැටෙනු දැකීම මගේ අභිප්‍රාය නොවේ. අවාසනාවට සිංහලයන්ට මේ තොරතුරු දැක බලාගැනීමට අවශ්‍ය පහසුකම් නැති නිසා, යම් සිංහලයෙක් වේ නම්, එම බහුතරයට මෙම තොරතුරු රැඟෙන යන ලෙස ඉල්ලමි. බාගත කර ඔවුන්ට නැරඹීමට අවස්ථාව දෙන්න. සිංහල නොවේ නම් වෙන දේ සිහිවිකල් වීම බව නැවත මතක් කරමි.

වීඩියෝව මේ පුරුකෙන් බලන්න.




https://www.youtube.com/watch?v=3wMEkTGoj4Y

Wednesday 19 October 2016

සිංහලයන් වැටුනු තැනින් නැගිටින විදිය ...

අද කතාකරන්නෙ පුද්ගලයන් ලෙස තම තමන් කලයුතු කාර්යභාරය ගැනයි. ජීවත්වෙන්න උත්සාහ කරන අය මරණයෙන් බේරාගන්න පුළුවන්. ඒත් කවුරුහරි මැරෙන්න දඟලනවා නම් හෝ මරණය සොයා නොනවත්වාම යනවා නම් කාටවත් මොකුත් කරන්න බෑ. එකිනෙකා ලෙස මේ කතාවෙන් කියන විදියට උත්සාහ කලොත් ඒක ජාතියටම කරන විශාල මෙහෙයක් වෙනවා.

ජාතිය නොරැක තමන්ට රැක්මක් නැති බව සිහි කරගෙන මෙහි ඇති පුරුකෙන් ගොස් කතාවට සවන් දී තමන්ගෙ අනාගතය සුරැකීමට දායක වෙන්න.

https://www.youtube.com/watch?v=-ByolNEtRss&feature=youtu.be

Wednesday 12 October 2016

සිංහලයන් අද ඉන්න තැනට ආ හැටි...

අද කතා කරන්නෙ සිංහලයන් අද ඉන්න තත්වයට ළඟා වුන ආකාරය ගැනයි. ඒ වගේම ඉන් මිදීමට පුද්ගලයන් ලෙස ඔවුන් කලයුතු උත්සාහය ගැන ද මම කතා කරනවා. විසඳුම් සෙවීමට නම් ප්‍රථමයෙන් මුහුණ දෙන ප්‍රශ්ණයන් හඳුනා ගන්න ඕන.

මර උගුලක පැටළී ගැලවෙන්න මගක් නොපෙනෙන තිරිසනුන්ට ඉන් ගැලවී යාමට මගක් නැති වුවත්, තමන්ගෙ වර්ගයාගෙ වෙස් ගත් අමනුෂ්‍යයන් හදපු මර උගුලකට නින්දෙන් ගොස් අසුවී ගැලවීමක් පෙනෙන තෙක් මානයක නැතිව මුලාවෙන් තව තවත් හිරවෙන සිංහලයන්ට මෙහි කියන ලෙස උත්සාහ කලොත් මට ගැලවෙන හැටි විතරක් නොව කොටු කල උන් නසන හැටි ද පෙන්විය හැකියි.

අතීතය, වර්තමානය, අනාගතය දකින මම ඔබේ තේරීමට බලපෑම් නොකලත්, යම් දිනක ඔබම ඔබේ තේරීමේ ඵලවිපාක භුක්ති විඳින විට, ඔබට මම සිහිවෙන බව දනිමි.

වීඩියෝවේ පුරුක මෙන්න. කිහිප සැරයක් කියවා තේරුම් ගැනීමට උත්සාහ නොකරන අය සිංහල උරුමයක් නැති අය ලෙස මම දකිමි.


https://www.youtube.com/watch?v=OEwa1mSkxz4

Wednesday 5 October 2016

මම කවුද? දියසේන ද?

අද මම කතා කරන්නෙ "මම කවුද? දියසේන ද?" කියලා හඳුන්වා දීමටයි. සිංහලයන්ට හුරුපුරුදු කතාබහ කරල අදහස් හුවමාරු කරගැනීමේ පුරුද්දට සමීප වීඩියෝ භාවිතය තුලින් මෙසේ පවසන එක රචනයක් හරහා දෙනවාට වඩා උචිත යයි සිතමි.

පොදු මාධ්‍යගත කිරීමක් ලෙස දෙන්නෙ සීමා ඉවත් කිරීමට වුවත් මම ඇත්තටම කතා කරන්නෙ මගේ නෑ මිතුරන්ටයි. අපේ භෞතික සීමාවන් නිසා අනන්ත කාලයක් තුල පැවති සබඳතා වලින් ගොඩ නැගුණු නෑකම් මිත්‍රකම් තවදුරටත් නොදැන හිටියත්, මගේ කතාව තුලින් එය පණ ගැන්වේ යයි සිතමි.

අනුන්ගෙ උරුමයන් උන්ට දී අපේ උරුමය අපේ කරගැනීමට තවත් පියවරක් ඉදිරියට තබමි.

මගේ සැබෑ ලොවේ ගමනේ මූලාරම්භය සිංහලයන්ගෙ මූලාරම්භය වන "පරමමුලින්" ඇරඹුනු වග මතක් කරමින් අවශ්‍ය යූටියුබ් පුරුක මේ බව ලියමි.


https://www.youtube.com/watch?v=rvFW4HWoZNo