Tuesday 27 September 2016

සිංහලයන් කවුද?

සිංහලයන් යන නම භාවිතා කරමින් එවැනි ජන කොටසක් සඳහා යයි කියමින් මම මෙතෙක් කල් බොහෝ දෑ ලිව්වෙමි. ඒත්, ඕන වුනත්, මම සොයන සිංහලයන් කවුදැයි පැහැදිළි කිරීමට වෙලාවක් ලැබුනෙ නෑ. ඉංග්‍රීසි තාක්ෂණය හරහා සිංහලෙන් ලිවීම ඉතා අපහසු නිසා ලියමනකින් එසේ පැවසීම කරන්න බැරි වුනා. මට කාලය හුඟක් වටිනවා. ඒ වගේම සිංහලයන් වෙනුවෙනුත් කාලය වැයකරන්න ඕන. මේකට සමබර විසඳුමක් ලෙසත්, පහසුවටත් ලාභයටත් දැන දැනම හරි දෙයක් කිරීමට පවතින බාලතාක්ෂණයෙන් වීඩියෝ ලෙස මගේ කතාව ඉදිරිපත් කරමි.

අරුතේ ගුණාත්මක බව මිස රූපයේ සුන්දර බව අපේක්ෂා නොකලෙමි. සුළුකාලයකින් සීමිත සම්පත් වලින් ඉදිරිපත් කරන දේ වැදගත් බවෙන් අඩු නොකිරීමට උත්සාහ කරමි. මුණ ගැසී කතා කිරීම පරම විදිය වුවත් පවතින තත්ව හමුවේ මෙසේ හෝ සිංහලයන්ගෙ යහපතට දායක වීම අගේ යයි සිතමි.

https://www.youtube.com/watch?v=e5YrOI-iD4k&feature=youtu.be

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.