Monday, 21 January 2013

සිංහල භාෂාව - 2

සිංහල භාෂාව කොතරම් ජීවීද යන බව සමහර ප්‍රතිචාර තුලින් පෙනේ. රචකයා ඒවා ඉවත් කර ගැනීම කණගාටුදායක වුවත් මා සතුව මා පවත්වාගෙන යන බ්ලොගය තුල සියලු දෑ ඇති බව කියමින් මෙය අරඹමි.

භාෂාව යනු විවිධාකාර ගතිගුණ ඇති පුද්ගලයන්ගෙන් සැදි ජාතියක අතීතය වර්තමානය අනාගතය ගොනු කර බැඳ තබන මහා කඹයයි. තම ඕනෑ එපාකම් අනෙකුන්ට කීමට බස අත්‍යාවශ්‍යයය. එහෙත් අද සිංහල භාෂාව අඩපන කර නැසීමට වෙර දරන හින්දු බෞද්ධ (දෙමළ) ඇදහිලි හමුවේ, ප්‍රිය වචන විතරක් භාවිතා කරන ලෙස කියන වැදි බණ නිසා, බසින් අඩක්ම අක්‍රීය වී ඇත. එය ශාරීරිකව එක අංශයක් හිසේ සිට පතුළ දක්වා අඩපන කරන හදවත් කම්පනයකට පසු ජීවත් වීම වැනිය. මෙම ආක්‍රමණික බලපෑම නිසා අද එම වචන යෙදීම නොකරන තරම්ය. මේ බ්ලොගය ඇරඹීමට පෙර මා ජාල අඩවියක් හැදීමට සිතුවේ, සිංහල බසින් කැමති දෙයක් කීමට ඉඩ දීමටය. වචන හැසිරවීම සිත කරන නිසා, එමගින් සිත දැකිය හැක.
එහෙත් කොන්දේසි විරහිතව එවැනි අඩවි නැත. මෑතකදී යමෙක් කල ඉල්ලීම අනුව මේ බ්ලොගය පටන් ගත්තේ මේ ටික කියවූවාට පසුය.

"What's a blog?

A blog is a personal diary. A daily pulpit. A collaborative space. A political soapbox. A breaking-news outlet. A collection of links. Your own private thoughts. Memos to the world.

Your blog is whatever you want it to be. There are millions of them, in all shapes and sizes, and there are no real rules.

In simple terms, a blog is a website, where you write stuff on an ongoing basis. New stuff shows up at the top, so your visitors can read what's new. Then they comment on it or link to it or email you. Or not.

Since Blogger was launched in 1999, blogs have reshaped the web, impacted politics, shaken up journalism, and enabled millions of people to have a voice and connect with others.

And we are pretty sure that the whole deal is just getting started....."

ඉංග්‍රීසි දැනුම ඇති නම් "... and there are no real rules." යන කොටස පැහැදිළි විය යුතුය.

එම නිසා සිංහල භාෂාවෙන් ලියන ඕනම වචනයකට විවෘර්තව ඇත. එහෙත් සිංහලකම ගැරහීමට සීමා දැම්මේ සිංහලයන්ට ගරු කිරීමටය.

සිංහලයකු වීමට නම් බස සපුරා දත යුතුය. වචන යොදන ආකාරයද දත යුතුය. සිංහල බසේ සැම වචනයක්ම කොතරම් ස්වාභාවිකද? චොර චොර ගා වැටෙන්නේ වචුරය (වතුර - water) ය. එසේම තම සිතේ ඇති හැඟීම් වන කෝපය, වෛරය, තරහ, පිළිකුල, අපහාසය, නින්දා කිරීම සඳහාද වචන බොහෝය. මෙම වචන සැදුනු ආකාරයද, ඊට පාදක වූ නීතිරීති ද නොදැන සිංහලයකු විය හැකිද? කවදාවත් නොහැක. විශේෂයෙන් ම අසභ්‍ය වචන සැකසී ඇති ආකාරයද සිංහලකමට කදිමට ගැලපේ.

උදාහරණ ලෙස අවලමා යන වචනය එන්නෙ අවළංඟු වැඩ කරන්නා, හෙවත් සිංහල සම්මතයට එරෙහිව යන්නා කීමටය. බැනීමට සතුන්ගේ නාම යොදන්නේද සිංහලකමට නොගැලපෙන, ඒ සතාට ආවේණි හැසිරීමක් දුටු විටය. උදාහරණ ලෙස ඌරා යයි කියන්නේ මඩ ගාගෙන ඉන්න ආකාරයේ හැසිරීම දුටු විටය. එහෙත් මෙවැනි වචන වෙන ජාතිකයන් යොදන්නේ එම අදහසින් නොවන බව දත යුතුය. උදාහරණ ලෙස තම්බීන් ඌරා කියන්නේ ආගමික බලපෑමෙනි. ඌරා සිංහලයන් වුව මසට කන සතෙක් නිසා එතරම් ඌරා පිළිකුල් කිරීමක් නැත. තම්බීන් එය යොදන්නේ උන්ගෙ ගතිද එවැනි වුව, ඌරා වෙන් කර හඳුනාගෙන ඈත් කිරීමෙන් තමන් එසේ නොවේ යයි රැවටීමටය. බල්ලන් සමඟ සිටි විට මැක්කන් ඇඟට ගොඩවන්නා සේ ජාතියකට අයත් දෑ ඒ අතර වසන විජාතිකයන්ට ද උරුම වීම වැළැක්විය නොහැක. මම උත්සාහ කලේ සිංහල වචන දත් පමණින් සිංහලයකු නොවන බවත්, වචන හසුරවන ආකාරයද වැදගත් කොටසක් බව කීමටය.

අද ගූගල් හරහා ඉංග්‍රීසියෙන් ලියන බොහෝ උන් සිංහල වචන යොදා පවසන්නේ සිංහල බස නොව තමන් ජීවත්වන පරිසරයේ හැසිරීම් රටාව බව හඳුනා ගැනීමෙන්, බස කෙලෙසනු දුටු විට පහර දී රැකුම කල හැක. හැම ජාතියකටම අනන්‍ය වූ ජාතික සම්පත් ඇත. ඒවා අයිති එම ජාතියටය. සිංහල බස සිංහලයන් ගේය. එයට පර වැහැර යොදන්නා සතුරෙකි. සිංහලයාගේ පැවැත්ම බස රැකුණොත් පමණක් රැකේ.

අද වන විට සිංහල බසට පර භාෂා මිශ්‍ර කර අරුතක් නැති, විපරිත වචන මවා ඇත. අපි මුදලි, කෝරාළ, ආරච්චි, අප්පච්චි, වලව්ව වැනි දෑ සිංහල වචන යයි සිතමු. සැබැවින්ම ඒවා සිංහල රට පාලනය කල දෙමළු ගෙතූ වචන ය . මුදලි යනු මෝඩ අලියා දෙමළුන්ට ඇසුනු විදියයි. කෝරාළ යනු ගොවිරාළ දෙමළ විදියට වර නැගුණකි. ආච්චිට හාල් ගරන වචනද සිංහල වහරට විපරිතය. නිලමේ ද දෙමළ වදනකි. වලව්ව යයි දෙමළු සිටි තැන්, අලව් නුවර යයි උන් ගෙනා වදනක් බිඳ උන්ටම කැවීමකි. දෙමළුන්ට හාමු වූයේද හින්දූන්ට ස්වාමි වූයේද සිංහලෙන් කී හාමිය. එහි ගැහැණු වදන හාමිනේය. යමෙක් කී පමණින් උසස් යයි කියා පර වචන යෙදීම නිවට ගතියකි.


මෑතකදී බ්ලොගයක මක් කරනවාද යන වචනය විහිළුවට ලක් කරනු දුටුවෙමි. සිංහල වචන අතර දෙමළ වචන මුල්තැන ගන්නේ එවැනි සිංහල වෙස් ගත් දෙමළුන් සිටින නිසාය. කුයන්න යොදා කුමක් වෙලා දැයි ඇසීම දෙමළකමයි. එසේ නම් මොනවා කරනවාද මේ මොනොව ද යන වදන් කුමොනවා කරනවාද මේ කුමොනොව ද යයි වර නැගිය යුතුය. අනෙක මක් කරනවා දැයි කියන්නේ මාතර මිස යාපනයේ නොවේ.

අද සිංහ වී ඇති නම් බොහෝය. මුලදී සිංහල වු පදය සිංහ වූයේ බෞද්ධ දෙමළුන් "සිංහල" යන වදනට දුන් විකෘර්ති අර්ථය නිසාය. හා මදුරුවා දෙමළ විදියට ගෞරවාර්ථයෙන් හාමුදුරුවෝ විය. අපේ රට කෙතරම් 1815 වන විට දෙමළ වී දැයි කියනවා නම්, ඉංග්‍රීසින් හා ගැසූ හොර ගිවිසුමට දෙමළෙන් අත්සන් කල නිලමේලාද බොහෝය. නිලමෙ, මුදලි, කෝරළේ වැනි නම් ඇතිව එකල රජාට සේවය කල උන් දෙමළුන්මය. දෙමළුන් තමන්ගෙ උන්ම පහලට දා තමන් උසස් යයි මානයෙන් ඉදිමුන කොටසකි. ලංකාවේදී ද එම උද්දච්චකම පෙන්වීමට අසල්වැසි සිංහලයන් තලාපෙලා ඇති බව අද ද තහවුරු වේ. මේ මාන්නාධික දෙමළුන් 1815 දී අධිතණ්හාවෙන් බලය නැති කරගත් විට, රහසේ සිංහල වෙස් ගත්ත ද, අද දක්වා තම ජන්ම ගතිය හැර නැත. සිංහලුන්ගේ දේපළ පැහැරගෙන උන්ගෙ රටේදීම උන් පිටරැටියන් කල වසලයන්  වනසා තම සම්පත් නැවත බෙදා දිය යුතු බවද සිංහලයන්ට කියමි. බලය ඉදිරියේ අසරණ වුවද භාෂාව තුලින් සිංහලයන් තම සිතේ ඇති හැඟීම් මුදා හැරීම කොතරම් අසිරිමත් ද?

අද සිංහලයන් එවැනීම පීඩනයකට භාජනය කිරීමට ඉංග්‍රීසි ආධිපත්‍යයය සමත් වී ඇත. ඉංග්‍රීසි බස මහ මඟ, අගු පිල් වල ලගින සුද්දාගේද භාෂාවය. සමහර නිවටුන් එය සම්භාව්‍ය භාෂාවක් ලෙස දැකීම මස් පුලුස්සාකෑම දිව්‍ය ආහාරයක් සේ දැකීමට නොදෙවෙනිය. බලයට කෑඳර උන් ඉංග්‍රීසි බස කරපින්නා ගෙන දෙමළුන් හැසුරුන ආකාරයටම සිංහලයන් පාගා ඇත. සිංහලුන්ගේ දේපළ පැහැරගෙන උන්ගෙ රටේදීම උන් තලන පෙලන ඉංග්‍රීසි වාදී වසලයන් වනසා තම සම්පත් නැවත බෙදා දිය යුතු බවද සිංහලයන්ට කියමි.

මම මෙතරම් සිංහලකම වෙනුවෙන් පෙනී සිටින්නේ එතුල සැඟවුන දැනුම කොතරම් අඟනේදැයි දත් නිසාය. තේරුම් ගැනීමට නොහැකි තරමටම අමාරු විෂයයක් ගැන ලියන්නේ ද දැඩි උත්සාහයකිනි. තේරුම් ගැනීමට අපහසුවීම රහසක් නොවේ. එහෙත් උත්සාහයෙන් තොරව ජයක් නැත.

මම නිර්නාමිකව ලිවීම ගැන අභියෝග කරන බව දනිමි. මා ලියන දෙයින් මා දැකීම අගයමි. මම සිංහලයන් ගැන දැන ගැනීමට කොතරම් උත්සාහ කරනවාද යන්න මෙම උදාහරණයෙන් කියමි. මම http://www.youtube.com/watch?v=l58wyPBBYd0 වීඩියෝවේ කොටස් හතරම බැලූ වාර ගණන සියය ඉක්ම වූවද නැවත නැවත බලමි. මෙය මහසොහොන් සමයමේ කොටස් ය. මා සියැසින් මෙවැන්නක් දුටුවේ වසර තිස් හතරකට පමණ පෙරය. මේ තුල කොතරම් සිංහල දැනුම රැඳී ඇත් දැයි වෙදකමේ එක් අංඟයක් වන ගුරුකම් ගැන කියන විට ලියමි. මේ දැනුමරැකගෙන ඉදිරියට ගෙන යන්නේ ගුරුලාය. බුධලා ගෙන යන දැනුම ගැනද කියමි. සිංහලේ බුද්ධලා නැත. මේ සියල්ලටම සිංහල බස අත්‍යාවශ්‍ය නොවේද?

කලින් ලිපියේ සිංහල හෝඩියේ අණුපිළිවෙළ ගැන කී විට සාධක විමසනු දුටිමි. කියන දේ කීමට පුරුදු කරන ඉංග්‍රීසි අධ්‍යාපනයට අනුව එය නිවැරදිය. එහෙත් සිංහල විදියට කන වැළ ඇල්ලීමකි. සිංහල හෝඩිය ප්‍රසිද්ධ දත්තයකි. එය ශබ්ද නගා කොතැන කට උල්වී අකුරු තුනක් කියවේදැයි නොබලා ප්‍රශ්ණ ඇසීම රහත්වීමට වෙනෙකෙකු දැනුම සොයනවා වැනිය.

අද තවත් වැදගත් දෙයක් ලියමි. සිංහල හෝඩියේ ඉරු ඉරූ හා ඉලු ඉලූ යයි අභාවයට යවා ඇති අකුරු හතරක් ඇත. මේ ඉකාරය දෙමළාගෙ වාචාල කටට සැකසුවකි. සැබෑ අකුරු ර්+උ, ර්+ඌ හා ල්+උ, ල්+ඌ ය. + ලකුණ එම ශබ්ද එකවර හඬ නැගිය යුතු යයි කීමට සංකේතවත් කලෙමි. සැබැවින්ම මෙම අකුරු දෙවර්ගය සිංහල හෝඩියේ ශබ්ද තුනෙන් දෙකක් (2/3) පමණ නියෝජනය කරයි. හෝඩියේ  නැති වුවද වහරේ එමට ඇත. වික්රම හා වික්‍රම යන වදන් වල, ක්ර හා ක්‍ර එකම නොවන බවට ඉඟි කරමි.

බොහෝ හීළෑ ගව අධ්‍යාපනයේ නියැලෙන්නන්, පර වචන වලින් සිංහල බස පෝෂණය වනවා යයි කීම සියදිවි නසා ගැනීමට වස පානය කිරීමෙන් පිපාසය නිවෙනවා යයි කියනවා වැනිය. ඉහත ඌරෙකුගෙ කතාවෙන් එය පැහැදිලි කලෙමි.

අද අසභ්‍ය වචනයක් යයි කියන දරුඵල ගන්වනවා යන අදහස කියන වචනය නැති නිසා සිංහලයන් නපුංසකයන් යයි පෙන්වීමට තරම් සමහර බෞද්ධයන් සමත් වී ඇත. ඒ වෙන ගැලපෙන වචන නැති නිසාය.

සංසේචනය මෝචනය වැනි වදන් කොතරම් පර දැයි කියනවා නම් සිත නිහඬ කරවන සුළුය. එහෙත් හ්ප් හ්ප් හඩින් නැගුන ස්වාභාවික වදන කොතරම් සිත ඇදගන්නවාද කියනවා නම්, එය බහුලව යෙදීමට තරම් ගෞරවණීය වදනකි. යමෙක් කී පමණින් බසක වචන හැරයාම බරපතල අපරාධයකි. වචන යනු ශබ්ද ගොනුවක් යොදා අරුත් දීමට ගෙතු සංකේතයක් මිස, ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදිය යුතු කෑම වැනි දෙයක් නොවේ. අද බාහිර බලපෑම් නිසා අසභ්‍යකරණය වූ සමහර වදන්, අතීතයේ රජුන් ඇමතු කලක් ද විය. උදාහරණ ලෙස, අද ව්‍යවහාරයෙන් බැහැර කර ඇති අඩා, අඩෝ, මුල් කල රැහේ නායකයා ඇමතූ වදනය. එය පසුව තෝ (Thou - you) විය.  අඩා යන වචනය නොවන්නට ඇඩම් යන වචනය බිහි නොවනු ඇත. පසුව උඹ නුඹ විය. අද ඔයා යයි කීමට බලකරන විට, අප කොතරම් ගැහැණුකරණය වී ඇති දැයි සිතේ.



2 comments:

  1. ඔල්මොරොන්දම් අන්දකයිප්පු වගේ... මේ කී වචන වල අරුත්නම් මම නොදනිමි. ඇත්තෙන්ම මා කරකවා අතහැරි සෙයක් දැනේ. අයියෝ... කීමට දෙයක්වත් සිතා ගත නොහැකිව අසරණ බවට පත් වී සිටිමි.

    ඔබේ බ්ලොගය දිගටම බලමි. සමහර විට දිගටම කියවන විට දෙකින් එකක් සිදු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ, තේරෙන්නේ නෑ කියලද කිව්වෙ? අණ්ඩරදෙමළ කියල කියන අයත් ඉන්නවා. ඔය වචනවලින් දෙමළ අයගෙ කතාව ගැන ගැන තමයි කියන්නේ.

      මුල සිට බැලුවා නම් තමා හොඳ. අළුත් කෑම දිරවීමට කාලය යනවනේ. ඒත් මම නම් තවම ඉගෙන ගන්නවා. ඒකට උදා: http://www.youtube.com/watch?v=l58wyPBBYd0&feature=related වීඩියෝවත් සිය සැරයකට වඩා බැලුවා. බලන්න බලන්න කොච්චර දේවල් දැන ගත්තද?

      Delete