Tuesday, 12 May 2020

නිවේදන 01: "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම - විශ්වාස කරන්නන්ට පමණි.

හඳුන්වා දීම


මෙය 2018 දෙසැම්බර් 18 දින මුදා හැරීමට සැකසූ එකක් වුවත් මෙතෙක් පමා කලේ පසුගිය වසර එක හමාර තුල රට හා ඒ තුල සිටින්නන්ගේ වත්මන් ස්වරූපය තුලින් ගත් තීරණ නිසයි. අද මේ රට හිඟමනේ ආ අහිගුන්ටිකයන් පිරි රටකි. ඉංග්‍රීසීන් මංකොල්ල කෑමට හැදූ ම්ලේච්ඡ ආක්‍රමණික හමුදා පාලනය එලෙසින් ම අදත් පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසීන්ට බැලමෙහෙ කල සංක්‍රමණිකයන් මුල් තැන ගෙන ය. වෙන දේවල් ගත් කල වලව්වෙ හාමුගෙ චරිතය රඟපාන වලව්වෙ කටු කන බල්ලාගෙ රඟපෑම සිහි වේ. මේ රට අපායකි. වෙනස් කිරීමට නම්, ඉංග්‍රීසීන් මංකොල්ල කෑමට හැදූ ම්ලේච්ඡ ආක්‍රමණික හමුදා පාලනය බිඳ දමා, හිඟමනේ ආ අහිගුන්ටිකයන්ගෙන් තොර රටක් බවට පත් කල යුතුයි. මේ ඒ සඳහා ගනු ලබන පළමු පියවර වේ.

"ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම


ඔබේ රට, "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීමට ඔබට ආශාවක් ඇතැයි සිතමි. මෙම ඉලක්කය සපුරා ලීමට, 2006 දී ප්‍රකට දේශපාලනඥයකුගේ සහාය ලබාගැනීමට කල උත්සාහය අසාර්ථක වුවත්, අද එය සපුරාලීමට අපට හැකියාව ඇත. එසේ වීමට, ශක්තිය ඇති දැයේ හිමිකාරයන් අවශ්‍ය බව නොරහසකි. මෙම නිවේදනය එවැන්නන් සෙවීමට කරන උත්සාහයක් බව පවසමි. ඔබ එවැනි තත්වයකට ළඟා වී නැති නම්, මෙම නිවේදනය ඔබ දන්නා එවැන්නකු අතට පත් කරන්න.

ලොව පුරා ව්‍යාප්ත ඉංග්‍රීසි ආධිපත්‍යය හමුවේ, අපේ රට ඊට යා වී ඇත්තේ, අමු ද්‍රව්‍ය සපයා යැපෙන, දණින් වැටී ඉංග්‍රීසීන් නමඳින, අතහැර දැමූ තුන් වන ලෝකයේ ඉංග්‍රීසි කොළණියක් ලෙස ය.  මේ දෙස බැලූ විට, "ජීවත්වීමට හිතකර ම ප්‍රබල රට" කිරීම ඔබට මිරිඟුවකි. කවදා හෝ මේ ආධිපත්‍යය බිඳ වැටෙන්නේ ඔවුන්ගෙ මේ ආධිපත්‍යයට මුල් වන බල රාමුවෙන් මිදුනොත් පමණි. එතෙක්, ඔබ උගුලක හිර වූ සතෙකු ලෙස පැන යාමට දරණ තැත නිශ්ඵල වේ. මෙම නිවේදනය ඔවුන්ගේ ආධිපත්‍යයට මුල් වන බල රාමුව මකුළු දැලකට සමාන කල හැකි කෙනෙකුගෙන් බව මතක් කරමි. පවතින රාමුව තුල හිර වී ක්‍රියාත්මක වන බලවේග, කිසිසේත් එම මග නොයන, කඩාකප්පල්කාරී අවස්ථාවාදී ජඩයන් බව නොදන්නේ මලවුන් පමණි. මේ ජඩයන් සමග අපේ කිසිදු ගණුදෙණුවක් නැති අතර, අනාගතයේ ද ඒ මග යන්නන් සමග එවැන්නක් නොවන බව සහතික කරමු.

රටේ පවතින අර්බුදකාරී තත්ත්ව යටතේ, හිසේ ඇම්මට කොට්ටය මාරු කරන සේ, මෙතෙක් කල් ක්‍රියාත්මක කල විසඳුම් කොතරම් අසාර්ථක ද යන්න ඉතිහාසයෙන් තහවුරු වේ. අප, පවතින පාලන ක්‍රමයේ ඉත්තන් නොවන අතර, "පවතින පාලන ක්‍රමය" ඉංග්‍රීසි ආක්‍රමණිකයන් බලෙන් ඇටවූ නීති විරෝධී එකක් ලෙස සලකමු.

කවුරු හෝ පවතින "නීති විරෝධී" පාලන ක්‍රමයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන්, මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු නියෝජිතයන් හෝ ජනාධිපති පත් කිරීමෙන්, මවාගත් "පරමාධිපත්‍යය", ඡන්දයෙන් තීරණය වන විධායකය, ඡන්දයෙන් තීරණය වන ව්‍යවස්ථාදායකය හා ඡන්දයකින් නොතෝරන අධිකරණය අතර හුවමාරු කිරීමෙන් විසඳුම් ලැබේ යයි පවසනවා නම්, ඒ මතකය අහිමි වූවෙකි. එසේ මෙතෙක් කලක් කල දේ කෙළවර වූයේ අද රටේ ඇති අර්බුදකාරි තත්වයෙන් නේ ද? අසාර්ථක බව පෙනි පෙනී මෙවැනි යෝජනා කරන්නේ අඳබාලයන් නොවේ ද? ඔබ ඔවුන් විශ්වාස කරයි නම්, ඊ ළඟට මීටත් වඩා දරුණු අර්බුදවලට ඔබ මුහුණ දෙනු ඇත. අතීතයේ ඒ මග ගිය ශිෂ්ටාචාරවල අද ඉතිරිව ඇත්තේ නටබුන් පමණි. එවන් අනාගතයක් ඔබට උරුම වීම වැලැක්වීම මගේ අභිප්‍රායයි.

මංකොල්ලකෑමට ඇටවූ වර්තමාන ඉංග්‍රීසි පාලන රටාව තුල, ඔබ මුහුණ දෙන අභියෝගවලට විසඳුම් නැති බව අදාළ සියලුම ඉංග්‍රීසි කොළණි තුලින් පිළිබිඹු වේ. නිදහස් ස්වෛරී ස්වාධීන රටක් යයි මවාගත් සිහිනය තුල අදත් ක්‍රියාත්මක වන්නේ 1948 ට පෙර පැවති පාලන තන්ත්‍රය හා එයට සේවය කල සංක්‍රමණිකයන්ගේ තීරණ නොවේ ද? මේ තුලින් ඔබට ගැලවීමක් නැත.

ණය ගෙවීමට, තවත් ණය ගන්නා තරමට ආර්ථික පරිහානියට ළඟා වී ඇති රටක අනාගතය ඉතාම අඳුරු ය.

බලෙන් ඇටවූ කොළණි පාලනය තුල කොටු වී ගැලවීමට දරණ නිරර්ථක උත්සාහය දැක, ඒ බව පසක් කරගත් අය සඳහා ගැලපෙන "හොඳම" විසඳීම දීම මගේ වගකීම ලෙස සලකමි. මේ පනිවිඩය සමාජගත කරන්නේ සුදුසු අයගේ අවධානය සඳහායි.

මේ පනිවිඩය ගෙනෙන මා ගැන යම් හැඳින්වීමක් කල යුතු යයි සිතමි. මම බොහෝ ක්ෂේත්‍රයන්හි ඉහලම ඉම පසු කල අයෙක් වෙමි. උදාහරණ ලෙස, 1994 දී මා මුදා හල දැනුම පූර්ණව දැනගත් අයකු නැතත්, තමනට හැකි පමණින් බොහෝ ක්ෂේත්‍රයන්හි භාවිතා වේ. සිය දහස් ගණනින් උගතුන්, විද්වතුන් ලෙස හඳුන්වා ගන්නන් මෙන්ම අතිවිශාල පේටන්ට් බලපත්‍ර ප්‍රමාණයක් ද බිහි වී ඇත. 2010 දී, එක් ක්ෂේත්‍රයක ඇති වූ ප්‍රබල අර්බුදයකදී, ලෝකයේ ඉහලම තලයේ සිටින්නන් විසඳුම නොදැන අසරණ වූ විට, ඔවුන්ගේම වචන වලින් කල නොහැකි යයි කී විදියකින් විසඳුවෙමි. මෙවැනි බොහෝ අර්බුද විසඳා ඇති මට, ඔබ මුහුණ දෙන අර්බුදය ඉතාම සරල එකකි. මම දකින්නේ, විසඳුම් දීමට වෙර දරන අයගේ නොහැකියාව පුන පුනා කියන අසරණකමෙන් හෙම්බත් වූවන්ගේ දසුනකි. එවැනි අවස්ථාවක ඔවුන් පසුපස යාම නිශ්ඵල ය.

ඔබ අත්දුටු තවත් ප්‍රබල අර්බුදයකට මුහුණ දීමට මොහොතකට පෙර මම මේ රටට ආවේ, ඔබට, විශේෂයෙන්ම අතරමං වී මංමුලා වූ ස්වදේශික ජන කොටසට ගැලවීමට මග පෙන්වීම සඳහායි. ඊට මුල් වන්නේ, මා කල අධ්‍යයනයකදී, අඝෝරී සංක්‍රමණිකයන් ඔවුන්ගෙ උරුමයට සරිලන ලෙස විකෘර්ථි කර ගොඩ නගා ඇති දියසේන නම් මවාගත් චරිතයට පාදක වූ සැබෑ ස්වදේශික කතාවේ නිශ්චිතව ම සඳහන් වන කරුණු තුලින්, ඒ මම ම බව තහවුරු වූ නිසා ය. විකෘර්ථි කිරීම් තුලින් ප්‍රබන්ධයක් වූ මේ ඉපැරණි සිංහල උරුමය මිථ්‍යාවක් ලෙස බැහැර කිරීම අමනකමකි. එය කොතරම් සැබෑ ද යන්න ඉදිරියේ දී තහවුරු වේවි.

මගේ උත්සාහය, මෙයාකාරයෙන් මහජනයන් අමතා, මගේ විසඳුම් තේරීමේ අයිතිය ඔවුන් සතු කිරීමයි. ඒ සඳහා, බාධාවකින් තොරව, මාධ්‍ය හා පොදු වැසියන් මෙම කාර්යයට සහභාගී වේ යයි සිතමි. යෝජිත විසඳුම සඳහා මා භාවිතා කරන දැනුම මිනිසුන් අතර නැත. එසේ ම, නොදන්නා අයට මහ මෙරක් සේ පෙනෙන ප්‍රශ්ණ, "දන්නා අයට" සුළු ප්‍රශ්ණ බව මතක් කරමි. ඔබ මුහුණ දෙන ප්‍රශ්ණ හා ඒවාට මා යෝජනා කරන විසඳුම් සමාජ ගත කර, සංවාදයකට ලක් කිරීම මෙම පනිවිඩය හරහා බලාපොරොත්තුවන ඉලක්කයයි. විශේෂයෙන්ම සිංහල ජන සමූහය මුහුණ දෙන ප්‍රශ්ණ සියල්ලට ම විසඳුම් දී, ඔවුන් සුරැකීම මගේ ආගමනයේ මූළික පරමාර්ථයයි. කෙසේ හෝ එය ඉටු කිරීමේ හැකියාව මා සතු නිසා, සහාය වීමෙන් ඔබට ද සාර්ථක දිවි පෙවෙතක් උරුම වනු දැක්ම මගේ ආරම්භක පියවරෙන් බලාපොරොත්තු වෙමි.

2006 දී මේ රට ලෝකයේ ජීවත්වීමට හොඳම රට කිරීමට මා කල යෝජනාව ක්‍රියාවෙන් ඉටු කිරීම සඳහා කැප වී ආ මම, ඒ සඳහා දායක විය හැකි අයට පෙරමුණ ගන්නා ලෙස ඉල්ලමි. ජඩකම ඉහ වහා ගිය සමයක, දෙවිකම විහිළුවක් සේ ඔබ හිතුවත්, මේ දෙක අන්ත දෙකක් බව පෙන්වීමත්, උපදින සැමට උපදින වර්ගයාට හිමි ජීවන රටාව ගොඩනැගීමත් මගේ කාර්යයයි. උනන්දු වන අයට අවශ්‍ය පසුබිම් තොරතුරු සපයනු ලැබේ.

- පියකෙනා

Tuesday, 14 May 2019

දැන ගත යුතු දෙයක් ගැන ...."පරමතාරය"

මෙතෙක් කල් ඉතා සීමිත දැනුමක් ගැන කීවත්, අද කියන දේ ඔබට ඉතා වැදගත් විය හැක. මෙය අද ඔබ වටා සිදුවන සියල්ල තේරුම් ගැනීමට උදව් වනු ඇත. මාධ්‍ය වාරණය තුල තනි වී ඔබ තැවෙන මොහොතේ ඔබ හිරුකම තුලින් උරුම කරගන්නා ඵලය (ඉරණම) ගැන ද මෙය ඉඟියකි.

කලින් කී ලෙස, ඔබ තාරය හා අවතාරය එකතු වී හැදුනු "ජීවියෙකි". ඔබට වඩා ම පැහැදිළි වන්නේ ඔබේ තාරයයි. එහෙත් සැබෑ ඔබ ඒ තාරය හසුරුවන අවතාරය වේ. එය වෙනත් විශ්වයක ඇති ද්‍රව්‍යමය නිපැයුමකි. ස්වභාවයෙන් සදාකාළික ස්වරූපයක් ගන්නා එම ශරීරය ඔබේ සැබෑ අනන්‍යතාවය කියන කොටසයි. ඉන් ඔබ්බට යන ඔබට නොදැනෙන තේරුම් ගත නොහැකි ඉතා වැදගත් මෙන්ම ඔබේ හැම අංඟයක්ම පාලනය කරන කෙනෙක් ඇත. ඒ ඔබේ සැබෑ නායකයා ද වන්නේ ය. ඔබ ජීවියෙක් වන්නේ ද ඒ තුලිනි. මම මේ මූලාශ්‍රය "පරමජීවියා" ලෙස හඳුන්වා දුන්නෙමි. අද ඉන් එහාට යන්නෙ, ඒ බව දැන, ඔබට සැබෑ මග පෙන්වන නායකයා හඳුන්වා දී එළඹ ඇති මංමුලාකාරී පසු බිමේ ඔබ යා යුතු මග පෙන්වීමටයි.

"පරමජීවියා" ගත් කල, ස්වරූපය නිර්ණය වන්නේ "පරමතාරය" තුලිනි. ඒ ගැන දන්නේ ද කෙබඳු දැයි කිව හැක්කේ ද "පරමජීවියා"ට පමණි. එහෙත් ඔබ තාරික හා අවතාරික එකතුවෙන් පිළිබිඹු කරන්නේ පරමතාරයේ ඉතා සුළු කොටසකි. ඒ ආකාරයෙන් බැලුවොත් සියලු මනුෂ්‍යයන් ද අනෙක් ජීවී වර්ග හා එකී වර්ග තුල ප්‍රභේද ලෙස බෙදී යන එම වර්ගයේ ජීවීන් ද මෙම පරමතාරයේ අනෙක් කොටස් නියෝජනය කරනවා යයි කිව හැක. සැබැවින්ම "පරමජීවියා" නියෝජනය කරන පරමතාරය ඊටත් එහා යන එකකි. එය සෑදී ඇති ද්‍රව්‍ය සැබෑ පණ යයි කීම නිවැරදි ය. සියලුම ජීවීන්, "ජීවීන්" වන්නේ මේ පණ තුලින් බව ඔබ නොදන්නවා විය හැක. එසේ ම මේ විස්තර තුලින් ඔබ කොතරම් පරම ජීවියාගේ බලපෑමට නතු ද යන්න ඔබ තුලින් දැකගත හැකි ඔබේ සීමාවන් තුලින් තහවුරු කරගත හැක.

දැන් ඔබේ අතීතය වර්තමානය මෙන්ම අනාගතය තීරණය කරන එකම බලය මේ "පරමජීවියා" යයි තේරුම් ගන්න. අද ඔබ වටා නැගෙන සියල්ලම "පරමජීවියා"ගේ අවශ්‍යතා ඉටු කරන පරිසරය බව දැන ගන්න. "පරමජීවියා" පෙන්වන මග යන්නෝ ජය ගන්නා අතර සෙස්සෝ ආපස්සට යනු ඇත. ඔබට ඇති ප්‍රශ්ණය "පරමජීවියා" පෙන්වන මග හඳුනා ගැනීම නම්, මම ඔබට ඊ ළඟට කියන දේවල් තේරුම් ගන්න.

"පරමජීවියා" ගත් කල, පරමතාරයට අමතරව සුවිශේෂ අවතාරයක් ද කලින් කලට ගොඩ නගා ගන්නා තාරයකින් ද සමන්විත වේ. කලින් කලට ගොඩ නගා ගන්නා තාරය තුලින්,  අතරමැදියකු නොමැතිව තාරික ලෝකය දැකීමට ඉඩ ලැබේ. අද ගත් කල, අවතාරිකව දක්වන ප්‍රතිචාර හා තාරික ක්‍රියා කොතරම් පරස්පර ද යන්න ඔබ හොඳට දන්නවා. උදාහරණ ලෙස වචනයෙන් මානව දයාව ගැන උතුරායන අදහස් දක්වන ම්ලේච්ඡ ඝාතකයන්ගේ තාරික හැසිරීම දැකීමට නම් තාරයක් අවශ්‍යමයි නේ ද?

"පරමජීවියා"ගේ තාරික ගොඩ නැගීම හෙවත් මනුෂ්‍ය උපතක් ලබාගැනීම හතර ආකාරයකින් නිශ්චිත කාල රාමුවකට අනුව සිදු වේ. ඔබ දන්නා සතරවරම් දෙවියන් යන්න තුල මෙම සිඳුවීම ගැබ් වී ඇත.

මනුෂ්‍ය උපතක් ලබාගැනීම තුලින් "පරමජීවියා"ගේ අවතාරය ගැන ද කිව හැක. එය හඳහනින් පිළිබිඹු වේ. එනම්, ග්‍රහයන් සියලු දෙනාම ස්වක්ෂේත්‍ර හෝ උච්ච වීමයි. උච්ච වූ ග්‍රහයන් ඒ උපතේ දී කලයුතු කාර්යයන් බලගන්වන පිහිටීම් ය. ඔබ අසා ඇති පියකෙනාගේ (ද්‍රවිඩයන්ට දියසේන) උපත සිදු වූ දින උපන් වෙලාවේ පැවති ග්‍රහයන් මනාව "පරමජීවියා"ගේ අවතාරය පිළිබිඹු කරයි.

කීමට වැදගත් ම දෙය, පරම ජීවියා තම පරමතාරයෙන් අනෙක් අවතාරිකයන් ලබා දෙන තොරතුරු වලට අමතර ව තම දසබලධාරී අවතාරයෙන් ද ඊට බැඳී තාරික ස්වරූපයෙන් ද ඔබ ගේ හැසිරීම මනාව අධීක්ෂණය කර බේරා ගත යුතු අය ගලවාගැනීමත් නුසුදුස්සන් තාරික ස්වරූපයෙන් ඉවත් කිරීමත් කරන බවයි. වෙන්නේ මොනවා දැයි නොදනී නම් මෙය තවත් අළුත් ආරම්භයකට මග පෙන්වන යුග විනාශයක් බව දත යුතුයි.

ඔබ සිංහල නම් ගැලවීමට තෝරාගත යුත්තේ තාරික ස්වරූපයෙන් ඉන්නා "පරමජීවියා"ගේ මග පෙන්වීම බව මතක තබා ගන්න. මේ සියුම් පරික්ෂාවකින් සුදුස්සන් තෝරන කාලයි. බොරුකාරයන් බොරුවෙන නැසෙන,  ම්ලේච්ඡයන් ම්ලේච්ඡත්වයෙන් නැසෙන, හිඟනුන් බඩගින්නේ නැසෙන යුග විනාශයයි.

එසේම නව හිරු යුගයක ආරම්භයයි. හිරුකම පැරදිය නොහැකි ඔබ පාලනය කරන එකම බලයයි.