Thursday, 12 December 2013

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය) - පළමු කොටස

හැඳින්වීම:


සිංහල සමාජය විග්‍රහ කිරීම මගේ ප්‍රධාන ඉලක්කයයි. ඒ අතරේ සිංහල උරුමයන් ලෙස දකින දේ හා එසේ නොවන දේ උකහා ගැනීම තුලින් සිංහලකම හා ඊට සමගාමී ව ඇති වෙනත් උරුමකම් ඇති මානව වර්ගීකරණයක් මෙතැන් සිට අරඹමි. එහි ආරම්භය ලෙස "හිඟාකෑම (හිඟනකම), පොරකෑම (පොර කන ගතිය) හා උලා කෑම (නිසරු දේ කන ගතිය)" තෝරා ගනිමි. මෙය ඉතා වැදගත් වෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස සිටි යුගයේ තිබුනු උරුමයන්ට මේ තොරතුරු බැඳෙන නිසා ය.

මුලින්ම "උරුමකම්" යන වචනය කෙසේ මා අරුත් දෙනවා දැයි කිවයුතු වේ. මෙය උපත හරහා අප ලබා ගත් සහජ ගතිලක්ෂණ ලෙස දැක්විය හැක. උදාහරණ ලෙස සිංහල කතාකරන පරිසරයක උපන්නකු නිතැතින් ම සිංහල බස තම මාධ්‍යයය ලෙස තෝරාගන්නේ එය එම සමාජය තුල තම ජීවත්වීමට අත්‍යාවශ්‍ය නිසා ය. එසේ ම එසේ උපදින්නෙකු බොහෝ විට පෙර උපත් තුලින් ද සිංහලයකු වී නම්, තම උරුමය උපතට පෙර හිමියකු නිසා උරුමකම ප්‍රබල වේ. පැහැදිලිව කියනවා නම් "උරුමකම්" යනු ජීවත්වීමේ පරාස තුල දිගින් දිගට ම ජීවත්වීම සඳහා නොකඩවා භාවිතා වන කම් (ක්‍රියා, දේවල්, නීති, රීති, පිළිවෙත්,....) ලෙස හැඳින්විය හැක. එසේම අප අපේ අනන්‍යතාවයට ගැලපෙන සේ ජීවත් කරවීමට පදනම් වන සියලු දෑ හා දැනුම අපේ "උරුමකම්" ලෙස හැඳින්විය හැක.

හිඟාකෑම (හිඟනකම - හිඟා කන ගතිය):


අප දැන හෝ නොදැන හිඟාකෑම තුලින් ජීවත්වීම කරනවා දැයි කිව හැකි ය. හිඟා කෑම තුලින් යැපෙන විට අපේ ජීවත් වීමට අවශ්‍ය දෑ ලබාගන්නෙ අපේ උත්සාහය තුලින් නොවේ. තිරිසන් ලෝකයේ, සියලු සත්ව වර්ගයක් ම තම පැවැත්මට හිඟාකෑම යොදා ගනී. හිඟාකෑමේ දී ජීවත්වීමට අවශ්‍ය දෑ ලබාගන්නෙ වෙන කෙනෙක්  දීම තුලින් ය.

මෙය බොහෝ සතුන්ට ස්වාභාවික පරිසරය තුල ජීවත්වීමට ලැබෙන එකම විදියයි. වේයන්, කූඹි වර්ග ජීවත්වන සමාජ රටාව තුලත්, ඊට සමගාමීව පවතින මිනිස් සමාජය තුලත් ජීවත්වීමට අවශ්‍ය දෑ කණ්ඩායම් ලෙස බෙදී කිරීමක් දැකිය හැක. එහෙත් ශාක ගත් විට ජීවත් වීමට අවශ්‍ය දේ තමන් විසින් ම සකසා ගැනීමක් සිදුවේ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පරිසරය තුලින් ලැබෙන බවත්, නිශ්චල පැවැත්ම නිසා, හුළඟ, වැස්ස වැනි ස්වාභාවික සිදුවීම් හරහා මෙය වෙන බවත් දැකිය හැක. බොහෝ සතුන්, ශාක හා ඒවා නිපදවන දේ ආහාර ලෙස ගෙන යැපෙති. වැඩිදුර හැදෑරූ විට ජංගම ජීවීන් (සතුන්) යනු නිශ්චල පැවැත්ම ඇති ශාකවල ඌනතා පිරවීමට ගොඩ නැගූ ජීවීන් විශේෂයක් බව පෙන්විය හැක. මෙකී පාරිසරික ක්‍රියාවළි තුලින් සත්ව පැවැත්ම දෙස බැලූ විට, ජංගම ජීවීන් (සතුන්) හිඟමනින් ජීවත් වෙනවා යයි කීම, තවත් ආකාරයක ජීවත්වීමකට සුදු හුණු ගෑමක් නිසා මෙසේ ලියා තබමි. මේ කියන ජීවත්වීමේ උපක්‍රමය මිනිසුන්ට ප්‍රබල ලෙස බලපාන්නකි. එනම් තමන් කිසිදු උත්සාහයක් නොකර, අනුන්ගෙ ශ්‍රමයේ ඵලයන් කා බී ජීවත්වීමයි. ඒ සඳහා මිනිසුන් තමන්ට ම ආවේණික උපක්‍රම සකසාගෙන, අනුන්ගෙ ශ්‍රමයේ ඵලයන් ගෙන යැපෙන්නේ, ශ්‍රමය යොදන්නාගේ පැවැත්මට ද තර්ජනය වන සේ ය. මම මෙය හිඟනකමේ අන්තය ලෙස ගනිමි.

හිඟාකෑම තුල ඇති සුවිශේෂත්වය ලබන්නා හා දෙන්නා අතර ඇති සබඳතාවයි. එනම්, දෙන්නා (දෙන කෙනා), එය අහිමි කරගන්නෙ බාහිරව එල්ලවන බලපෑමට වඩා සිය කැමැත්ත තුලින් වීම ය. මෙය හිඟා කන්නාගේ ඉල්ලීමට කරන ප්‍රතිචාරයක් ලෙස සිදුවේ. මෙම හිඟාකෑම ගත් කල, තම උරුමය තිරිසන්කම තුලින් ආවක් බව පෙනේ. තිරිසනුන් ලෙස පරිසරයේ ඇති දෑ තුලින් යැපුණු මානවයා, ඉන් මිදී අද ඉන්න සමාජ ජීවියාගේ තත්ත්වයට ඒමේ දී, කොටසක්, පරණ උරුමය තුල ම සිරවී හිඟමනින් යැපීම ජීවිකාව කරගත් බව පෙනේ. මිනිසා සමාජ ජීවියකු ලෙස ඉදිරියට යන විට, ඊට සමාණුපාතිකව, හිඟමනින් යැපීම ජීවිකාව කරගත් උන් තම ජීවිකාව ගෙන යාමට අවශ්‍ය උපක්‍රම ද වඩාගත් බව ඉතිහාසය තුලින් දිස් වේ. ඒ අතරේ, මිනිසුන් ලෙස උපදින අනෙක් සත්වයන්, තමන්ට උරුම වූ මිනිස් හැකියාවන් නැති නිසා, තම උරුමය තුලින් ජීවත්වීමට මෙම හිඟමනින් යැපීම ජීවිකාව කරගත් උන් හරහා මග පාදගත් බව සමාජය තුල ඇති දත්ත පෙන්වයි.

ඉහත කී මිනිසුන් ලෙස උපදින අනෙක් සත්වයන් ජීවත් වන ආකාරය තව විග්‍රහ කල යුතු යයි සිතමි. වෙනත් සතෙකුට මිනිසකු වීම ලෙහෙසි නැත. එහෙත් මිනිස් වර්ගයා සමඟ ළඟ ඇසුර නිසා අන්න්‍යෝන්‍ය සබඳතා තුලින් සම බවක් ලබා මිනිසුන් වන සත්ව වර්ග ඇත. එවන් ජීවීන් ගෙ උපත හඳුනා ගැනීම පහසු ය. හීළෑ ගවයෙකු ලෙස මිනිස් වර්ගයා සමඟ ළඟ ඇසුර නිසා මිනිස් බව ලැබුවකුට, පූර්ණ මිනිස් හැකියාවන් ලැබීමට අනන්ත වාරයක් මිනිසකු විය යුතු ය. එහෙත් ආරම්භක කාලය තුල හැසිරීම ජීවි වර්ග දෙකට ම පොදු වූ රටාවක් පෙන්වයි. ප්‍රධාන ව, කෑම බීම වැනි අත්‍යාවශ්‍ය දෑ වලට සීමා වූ, කියන සරල වැඩක් පලක් කර ජීවත් වීම බහුල ව දැකිය හැක. තවත් සමීප සතෙකු වන සුනඛයන් මිනිස් බව ලැබූ විට, ඉතා සුවිශේෂ හැකියාවන් පෙන්වනවා. සත්ව ලෝකය තුල සුනඛයා හැසිරීම තුලින් ප්‍රගුණ කරගත් ගති ඇත. ඒ අතර, තම සමාජය තුල ඇති අණුපිළිවෙල නිතැතින් ම පිළි ගනී. එසේම තමන්ට හිමි තැන ද රකී. තම වාරය ලැබෙන තුරු බලා සිටීම, ස්වාමියාට රිසි ලෙස හැසිරීම, නිකරුණේ කාලය ගත කරන විට ඇඟපත හකුලවාගෙන සිටීම, ස්වාමියා දෙන ඕන දෙයක් කෑම, ස්වාමියාගෙ පැත්ත ගැනීම වැනි ගති මෙන් ම තමන්ට ම ආවේනික මිනිසුන් නුරුස්සන ගති ද ඇත. මේ ගැන සෙවීම ඔබට භාරයි. එහෙත් සුනඛයකු මිනිසකු වූ විට හැසිරීම, මේ ගති නිසා වෙනස් වේ. වැඩපල කර පුරුද්දක් නැති නිසා, හිඟමනෙන් හෝ ගැතියකු වීමෙන් රැකේ. තමන් ආහාර ගැනීමේ දී මෙන් ම, හැසිරීම තුල ද සමානත්වයට වඩා අණුපිළිවෙලකට කටයුතු කරයි. හැසිරීම තුල නිවටකම ඇත. මෙහි දී ආවේනික විශේෂ ලක්ෂණයක් ඇත. එනම් මිනිසා කන ආකාරයට වඩා මිනිසා නොකරන ආකාරයට කෑමයි. එනම් වීසි කරන දේ කෑමට පෙළඹීමයි. පුරුද්ද හරහා, බාල කෑම හා විවිධත්වය තම ජීවිකාව කරගනියි. බොහෝ හිඟමන් යදින්නන් තුල ද මෙම ලක්ෂණ ඇත. හිඟන්නාට හොඳම දේ නොව විවිධාකාර කෑම ගැනීමට සිදුවේ. එය පුරුද්දක් ලෙස ගත් කල, සුනඛයන්ගේ හැසිරීමට සම වේ. හිඟනකමට අවශ්‍ය නිවටකම හා ඉවසීම සුනඛයාගෙ උරුම ගති වැනි ය. එහෙත් සුනඛයා නිවට වන්නෙ ස්වාමියාට ය. තමන්ට පහල සිටින උන්ට සලකන්නේ බල්ලන්ට ලෙස උජාරුවෙනි. එහෙත් හිඟන මිනිසකුට එවැනි උජාරුවීමක් අහිමි ය. මේ නිසා මිනිස්බව ගත් සුනඛයන් මිනිසත් බවට ප්‍රිය නොවෙන්නෙ, සුනඛ ගති මිනිසුන් හෙලා දකින නිසා යයි කිව හැක. තමන්ට රිසි සේ හැසිරීමට නොලැබීම කාටත් අපහසු දෙයකි. එසේ නම් සුනඛයන් මිනිස්බව පිළිකුල් කලයුතුයි නේ ද?

අතපය හකුලාගෙන සිටීම, කෑම දෙනකම් බලාගෙන සිටීම, ඉවසීම මෙන් ම බල්ලන් සේ බිරීම කරන මනුෂ්‍යයන් මෙම ජන්ම ගති පෙන්වීම කොතරම් අපූරු ද? සමහරුන් තමන්ගෙ කෑමට ඇති උරුමය හිඟමනින් ලැබෙන විවිධත්වය තුලින් තහවුරු කර ගැනීම ද, මිනිස් හැකියාවන් තුලින් හිඟාකෑම සාධරණීකරණය ද කරන බව පෙනේ. මෙම ගති ස්වභාවය තුලින් මානවයාට වඩා තියුණු වෙනසක් පෙන්වීම නිසා හඳුනා ගැනීම පහසු ය. මානවයා ගත් කල එක්තරා තේරීම් රටාවකට හුරුවීම නිසා කෑමෙහි ඒකාකාරි බවක් ඇත. විවිධ උපත් හරහා මානවයන් වූ අන් සතුන් මානව ස්වරූපයට මුවා වී, පරණ ජන්ම උරුමය රැකීම නිසා මානව අගයන් බිඳවැටීමක් වී ඇත. ඒ නිසා, හිඟාකෑම යනු අප ප්‍රතික්ෂේප කලයුතු, සමාජයෙන් තුරං කල යුතු බාහිර උරුමයක් ලෙස හඳුන්වමි. සමාජ සත්වයකු ලෙස, තමන් ජීවත්වීමට අවශ්‍ය එක කොටසක් කිරීම තුලින් බිහි වූ මෙම අවමානව උරුමය, සමාජ රටාව තුල ජීවත්වීමට අවශ්‍ය දේ බිහි කිරීමට දායකත්වයක් නැති, තමන්ට පමණක් වාසි සහගත වන තනතුරු තුලින් ස්ථාවර වී ඇත. මෙය අද කොතරම් මුල් බැසගෙන ඇත්දැයි කියනවා නම්, තම කාර්යයන් කිරීමට සත්වයන් සහාය කරගත් මිනිසුන්, අද වන විට මිනිස් වෙස් ගත් තිරිසනුන් ජීවත් කරවීමට බැලමෙහෙ කරන උන් බවට පත් වී ඇත. මෙය, මිනිසුන් වෙනස් කලයුතු බරපතල තත්ත්වයකි.

ඉහත කී හිඟා කෑම අද ලංකාවේ (සිංහල රටේ) කොතරම් තදින් මුල් බැස ගෙන ඇති දැයි බැලූ විට, රට අදත් පාලනය වන ගරාවැටුනු ඉංග්‍රීසීන් බිහිකල ආණ්ඩුවේ මූලික පදනම වන්නේ ද, රටේ සියලු සම්පත් වලින් යැපෙන නිකමුන් නායක වෙසින් යැපෙන තේමිය බුධගේ දැනුමෙන් බිහි වූවකි. විශේෂත්වයකට ඇත්තෙ, අද වන විට මුළු රාජ්‍ය ඒකකයම බදාගෙන සිටින්නෙ, මීට වසර හාරදහසකට පමණ පෙර සිට මෑතක් වන තුරු ඉබේගාතේ ඇවිත් සිංහලයන්ගෙන් යැපී දේවාල, කෝවිල්, පන්සල්, පල්ලි, මොස්කු හදාගෙන ඒ තුලින් යැපෙමින් කිසිදු ඵලදායි ක්‍රියාවක නොයෙදෙන හිඟන සම්භවයක් ඇති උන් වීම ය. බහුතරය රාවණා ලෙස නම් ගත් අන්තිම සක්විති රජාගෙන් පසු සමාජ රටාව බිඳ වැටුනු විට අනාථ වී හිඟමනට වැටී ඉබාගාතේ ආ "මලයාලි හිඟනුන්" ලෙස නම් කරන ජන කොටසයි.

හිඟමනට වැටෙන්නා සතු සුවිශේෂ ලක්ෂණය වන්නේ පමණ දැන වියදම් හෙවත් පරිභෝජනය පාලනය කිරීමට ඇති නොහැකියාවයි. එය කෙතරම් ප්‍රබලද කියනවා නම් එවැන්නන්ට ලෝකයේ තියෙන සම්පත් සියල්ල ලැබුන ද, ඒ සියල්ල අහිමි වී සුපුරුදු හිඟමනට වැටීමයි. එවැනි හිඟනුන් පිරි ආණ්ඩුව අද වන විට ගස් කපා, භූමියා විකුණා, ණය ගෙන රට ම වලපල්ලට යවා ඇත. අපට නොපෙන සම්පත් වුව හිඟණුන්ට පෙනෙන බව කරන කියන දෑ තුලින් පැහැදිලි වේ. එනම් තව තවත් ණය ගත හැකි බවයි. උන්ට කවදාවත් එම මුග්ධ ගතියෙන් ගැලවිය නොහැක. ප්‍රශ්ණයකට ඇත්තේ කොතරම් දුර මේ විදියට ජීවත් විය හැකි ද යන්නයි. අද වන විට, හිඟනකමේ දොරටුව ළඟට ආ බව සූදුව හා ගණිකා වෘත්ත්තිය ගැන දක්වන ආකල්පය තුලින් දිස්වේ. එයිනුත් බැරි විට, උන් දහස් ගණනින් නොව ඊට වඩා බරපතල හාණියකට ලක්වී වඳ වන බව ඉතිහාසය තුලින් දකිමි. සිංහලයන්ට, මෙය සිදු වීම බලා සිටීමට බැරි වුවත්, හිඟනකමට වඳින, එයින් යැපෙන උන්ගෙ ඇති සිංහලකම මිය ගොස් ය. එය පණ ගැන්වීමට නම් හිඟනකම මුළුමනින් පිටු දැකිය යුතුය. ඒ සඳහා හිඟනකම හිමි නොවන, ජීවත්වීම පදනම වූ, ඵලදායී කාර්ය තුලින් පමණක් යැපෙන පරිසරයක් බිහි කල යුතුය. එබැවින් හිඟනකම යනු මනාව හඳුනාගත යුතු මෙන් ම මිනිස්බව තුලින් මුළිනුපුටා දැමිය යුතු උරුමයක් බව කියමි.



ඊළඟට දෙවන කොටස ...........





Monday, 18 November 2013

වල්මත් වූ ජාතියක නම වන සිංහල නම් වදනේ අරුත සොයමු - සිව්වන කොටස

හිරු, බුධ සිංහ ගැන මෙතෙක් කතා කලෙමු. මෙම කොටස ආරම්භ කරන්නේ අද ද මහසම්මත මනු ලෙස හැඳින්වෙන හිරුගේ නැවත ඉපදීම ගැනයි. සිංහ මීට වසර හැට දහසකට පමණ පෙර බිහි වී යයි කීවෙමි. එකල මානවයා මුහුණ දුන් පරිසරය කීවෙමි. අදාළ කාලයේ මානවයන් වඳවීමට ආසන්න වූ බවක් බටහිර ක්‍රමයක් වන ජාන විජ්ජාව නම් දෙය තුලින් අද ඉන්න මිනිස් ජාන උරුමය අධ්‍යයනය කර කියන බව සොයා ගෙන ඇත. එය බාහිර තොරතුරක් ලෙස ලීවෙමි. මගේ උත්සාහය, මා නම් කල සිංහල විදිය තුලින් ඉතිහාසය කීමයි. දැන් හදන්නේ මහසම්මත මනු ලෙස හැඳින්වෙන හිරුගේ නැවත ඉපදීම හා බැඳි තොරතුරු බිඳක් පැවසීමයි.

අද බාහිර බලපෑම් නිසා මහසම්මත මනු ලෙස හැඳින්වුව ද, මෙවර හිරු උපන්නේ සුමන ලෙස ය. මෙය මනු, සුමන, සමන්, විශ්ව මනු, විෂ්ණු යනා දී විවිධ නම් වලින් හඳුන්වා ඇත. එහෙත් සමනළ කන්ද හා බැඳි ඉතිහාසය ගත් කල සුමන යන නම අදටත් රැකී ඇත. විවිධ ජාතීන් ලිවූ විවිධ දේ තුලින් සුමන (මනු) ගැන නොයෙකුත් තොරතුරු තිබුන ද, ඒවා මුල් කොට කතා කිරීම මගේ අදහසක් නොවේ. ඊට වඩා, ඔහු මානවයා හසුරවා ගැනීමට කල කාර්ය භාරය පැහැදිළි කිරීම මගේ අරමුණයි.

සිංහ ලෙස හිරු උපදින විට මානව සමාජය පැවති අයුරුත්, එයින් මුදවා ගැනීමට කල දෑ ත් කීවෙමි. හිරු, මහසම්මත මනු ලෙස බිහි වූ කල පැවතියේ ද මානවයා මරණාසන්න වූ පරිසරයකි. සිංහ ලෙස බෙදා වෙන් කර, තිරිසන් බවෙන් මුදවා ඉහල තලයකට ගෙන ගිය මානවයා, සුපුරුදු තිරිසන් උරුමය නිසා, තමන් අන් අයට වඩා ඉහළයි යන මතයේ ගිලී, පිල් බෙදී එකිනෙකා මරාගන්න පරිසරයක් මනුගේ උපත වන සමයේ පැවතින. එසේ බලයැති උන් මරාගන්නා විට බහුතරය ජීවත්වූයේ ඉතා අසරණව ය. දැනුමෙන් බලවත් වූවන්, අපරාධ කිරීමේ අයිතිය අතට ගෙන සමාජය ම ලේ මත සිටින කාලයක් උදා වී තිබින. එහි අන්තයට ම ගොස්, මානවයා පිළිසරණක් නොමැති ව අසරණ බවෙන් පණ අදින විට, සියලු මානවයන් ජාතිකත්වය තුලින් බිහි වූ නායකත්වය හරහා එක්සත් කලේ ය. තමන්ගේ කැමැත්ත අනුව නායකයකු තේරීම පටන් ගති. මෙම සුවිශේෂ ගතිය මෙලොවට අළුත් දෙයක් වන්නේ, තිරිසන් ලොව හැමදාම ඉහලම තලයේ සිටියේ බලය වැඩි උන් වීම නිසා ය.

 මහ සම්මත මනුට දරුවන් දස දෙනෙකු සිටිය බව අද තෙක් රැකුණු තොරතුරකි. ඔහු තම පුතුන් මුල් කොට කුල දහයකට බෙදා හැමෝටම ජීවත්වීමට වස්ථාව උදා කලේ ය. දරුවන් ගණන වැඩි වන විට, අතුරු ආබාධ වල වැඩිවීමක් තිබුනු බවත්, ඒ සඳහා ලෙඩරෝග සුව කිරීමට අවශ්‍ය දැනුම හා ජාතියක් ලෙස පැවතීමට අවශ්‍ය හැකියාවන් දෙන ගුරුලා ද, සැකෙන් බියෙන් මුලා වී ජීවත්වීම වැළකීමට බුධලා ද බිහි කලේ ය. ජාතිකත්වය තුල එකම පවුළක් කියන මතය ගොඩ නැඟීමට, අළුත් අවුරුදු උදාවක් ඇරඹුවේ ය. අදත් මනු වර්ෂ ලෙස අවුරුදු තිස්දහසක අතීතයට දිව යන වර්ෂ ගණන් කිරීමක් මාතර ප්‍රදේශයේ පවතී. මන්නාරමේ පරපාකන්ද ගමේ පිහිටි මනුගේ මාළිඟයට උතුරට යන සූර්යයා මුදුන් වීම නව වසරක ආරම්භය විය. මනු ගැන බොහෝ තොරතුරු කලින් ලිපියක ලියා ඇති නිසා, ඔහු නිසා සිංහල ජාතියේ ඇති වූ වෙනස් කම් ගැන කියමි.

මනු බිහිකල බොහෝ සිරිත් විරිත් අදත් සිංහලයන් නාමික ව හෝ පුරුද්දක් ලෙස කරනවා. බොහෝ දේ මිශ්‍ර වී ඇත. අරුත් දිය හැකි අය ද විරළ ය. ඔහු කල ප්‍රධාන ම වෙනස නම්, අධික ජනගහණයක් ඇති සමාජයක් පවත්වා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. මෙය වචනයට පමණක් නොව ක්‍රියාවෙන් ද තහවුරු කිරීමට, එරෙහි වන්නන්ට දැඩි දඬුවම් ද පැනවීය. අද හැම ජාතියට ම පොදු බරපතලම දඬුවම වන මරණ දඬුවම පැනවූයේ මනු ය. අනෙක් මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගත් විට එල්ලා මැරීම ඇරඹිණි. බොහෝ දෙනා සංවිධානාත්මක ව්‍යුහයක් තුල එකට වැඩ කිරීම නිසා, දැනුම යොදා බොහෝ අළුත් ඉදිකිරීම් සිදුවිය. අද දෙමළුන් තමන්ගෙ නිජ බිම යයි කියන උතුරු ප්‍රදේශය මනුගේ භූමියයි. එයට උරුම කී හැම එකා ම වඳ වූ බව ඉතිහාසය තුලින් දැකිය හැක.

මනුගේ ක්‍රියා තුලින් සිංහ ලෙස කල වෙනස ඉදිරියට යාම සිදු විය. සිංහලයන් අතර ද වර්ග දහයක බෙදීමක්, තමන් උපදින තැන මත ඇති කලේ ය. සිංහල දෙමළ, හින්දි ගත් කල, මනු ක්‍රියාකල ආකාරය තෙයාකාර බව ඔහුගෙන් දායාද වූ ගතිලක්ෂණ බැලූ විට පෙනේ. මූසලයන්ට දැනුම කෙලින් දීමක් නොවූ තරම් ය. ඒ ඔවුන් අදත් සිංහ දුන් දැනුම පමණක් ගතිලක්ෂණ තුලින් පෙන්වීමයි. සිංහ මෙන් මනු ද මෙවැනි අසමාන සැලකිළි තුලින්, සමහර මානවයන් මනුෂ්‍යකමට නුසුදුසු ලෙස ඈත් කිරීම කල බව පැහැදිළි ව පෙනේ. දෙමළුන් හා හින්දූන් ලැබුවේ සිංහලයන් ලැබූ දෙයින් සොච්චමක් බව පෙනේ. අද ඔවුන්ට උරුම මනුගේ දැනුම ඔහුගේ යයි කිව නොහැකි තරමට උඩුයටිකුරු වී ඇත. එසේම එය තෙවැනි පාර්ශව හරහා ඉබාගාතේ ගිය මිශ්‍ර වූ දැනුම ලෙස පෙනේ. සිංහලයන් ජීවත්වීම සරල දෙයක් යයි සිතීමට මුල් වූයේ ද මනුගෙ දැනුමයි. ලෙඩ රෝග වලින්, කුසගින්නෙන්, පිපාසෙන් මිය නොයයි නම්, ජීවිතයට ස්වාභාවයෙන් අභියෝග එල්ල වේ ද?

මනුගෙන් පසු බිහි වූ පරපුර බුධලා ලෙස ජාතිය ඉදිරියට ගෙන ගිය හ. මේ කාලයේ ලැබුණු දැනුම, නිශ්චිත නිර්මාණයක් වන මිනිසුන්ට දරා ගැනීමට හැකි සීමාවන් ඉක්ම වී ය. ජීවත්වීම සාර්ථක කිරීමට බිහි කල සංකීර්ණ දැනුම් පද්ධතිය හරහා මිනිසුන් අතර දැනුමේ විශාල පරතරයක් බිහි විය. හිරු ගේ නැවත නැවත බිහිවීම හරහා ඔහුට ආසන්න කොටසට වැඩි හැකියාවන් මෙන්ම දැනුම උරුම වීම නිසා දෙකට බෙදීමක් මනුට පසු සිදුවිය. ආරේ අය හෙවත් ආර්ය උපත මේ උරුමය තුල උපත ලද බෙදීමකි. (අද සුනඛයන් වුව තමන් හඳුනාගැනීමට මෙම වචනය යොදවනවා. වචන දනී නම් ඈඳීමට වෙහෙස විය යුතු නැත.) මෙය අන්තිම බුධ වූ තේමිය යටතේ බෙදීමක් වන තරමට දුර දිග ගියා. මෙහි දී තේමිය යන නම හරහා බිහි වූ තුමා, තොමෝ වැනි ගෞරවාර්ථ වචන හරහා උන් හා අපි ලෙස බෙදීමක් වූ බව තහවුරු වේ. අන්තිමට තේමිය පිරිවර සමඟ රට හැර යාමෙන් සිංහලයන් දෙකට බෙදී ගිය බව පෙනේ.

ඉහත කී බෙදීම ගත් විට, ඊට සමාන, ගහක අතු බෙදීම සිහි විය. ගහකට දරාගත හැකි බර සීමිත නිසා අතු වලට බෙදීම තුලින් පැවැත්මට ඇති ගැටුම නිමා වේ. එහෙත් අතු දෙක ම, ඒ දෙකට පොදු කඳේ කොටස හරහා බැඳේ. මේ උදාහරණය කීවේ මිනිසුන් අතර බෙදීම ද ඊට සමාන නිසා ය. බොහෝ ජාතීන් බෙදීමට මුල් වන්නේ, එකට හිටිය නොහැකි තරම් විරසක වූ විට ය. සිංහලයන් ගේ වූ බෙදීම ඉතා වැදගත් එකකි. දැනුම හරහා අන් සතුන් ද තම පැවැත්මට යොදා ගත්තේ මිනිසා ය. ජනගහණය වැඩිවීමත් සමඟ තිරිසනුන් මිනිසුන් විය. එවන් පසුබිමක, මිනිසුන් වුව, තිරිසනුන් සොයන්නේ කැලේ ජීවත් වූ කාලයේ සිටි සරල ජීවිතය ම ය. තේමිය බුධ සමයේ, මිනිසුන් ද හීළෑ වූ සතුන් ලෙස සැලකීම සිංහලයන් අනුමත කලේ නැත. ප්‍රථිඵලය වූයේ තේමිය තම පිරිවර සමඟ රටින් පිටවීම ය.

තේමිය පිටවුනේ නිකම් නොවේ. තමන් වටේ සිටි අතිදක්ෂ හැකියාවන් ඇති අය ද සමඟ ය. මෙය මනු ලෙස කලින් බිහි වූ හිරුගේ අණුමැතිය ඇති ව වූවක් බව, තේමිය සමඟ ගිය අයගේ විශේෂත්වය මෙන්ම තේමියට දැක්වූ ඔවුන්ගේ ලෙන්ගතුකම තුලින් දිස් වේ. එසේ ගිය අයගෙන් හිස් වූ සිංහල ජාතිය, අද වන තෙක් ඒ හැකියාවන් අහිමි වීමෙන් පීඩා විඳී. තේමිය ගිය නිසා, ගිය තේමිය හෙවත් ගෝ(go)තම නම් විය. අදත් සිංහල වහරේ, ගිය තේමිය කුමාරයෙක් ගැන කතාවක් ඇත. සිංහල ජාතික උරුමය නැසූ දෙමළ ගැති හින්දු බෞද්ධයන් මේ කතාව ද ඔවුන්ගේ උරුමයක් කරගෙන ඇත. එහෙත්, මෙසේ බෙදී ගිය තේමිය තම දැනුම යොදා තවත් ජාතියක් බිහිකර ඇත. එම ජාතිය ද නමෙන් සිංහල වූ බව, අද දැඩි සීතල කාළගුණය තුල වෙනස් වූ වචනය වන English යන වචනයෙන් හැඳින්වේ. එහෙත් බහුතරය හීළෑකල තිරිසනුන් ලෙස ජීවත් වෙති. ඔවුන්ගේ මූලාශ්‍ර තුල ප්‍රින්ස් තේමිය තම ජාතිය බිහි කල බව කියවේ. අතු බෙදීමට පෙර ගසේ කඳ අතු දෙකේ ම ප්‍රභවය වන සේ, බෙදීමට පෙර පැවති සම වීමක් ද, බෙදීමට පසු බිහි වූ දෑ ප්‍රතිවිරුද්ධ වීම ද, මා කලින් කී දෙයාකාර බෙදීම හා ස්ථාවර බව ගැන ලියපු දේවල් මතක් කරනවා. මේ බෙදීම භාෂාව ද දෙකට බෙදුවා යයි කිව හැක.

භාෂාවන්ගේ බෙදීමට පෙර ඉතිහාසය, අදත් ඉංග්‍රීසි තුල තිබීම නිසා දෙමළුන් සිංහල බස විකෘථි කල තැන් ඉංග්‍රීසි හරහා අණාවරණය වේ. මෙහි දී, බෙදීමට පෙර එකම ආකාරයක භාෂාවක් යොදාගත් බව බස ඒ කාලයට ගෙන ගිය විට තහවුරු වේ. සිංහලේ වචනයකට පසුව යෙදෙන "ද" කාරයත්, ඉංග්‍රීසියේ වචනයට කලින් යෙදෙන the කාරයත් අපූරු සබඳතාවක් කියයි. සිංහයන් නැති ශීත කාන්තාරයක සිංහ ලකුණ යොදාගැනීමත් අපූරුය. මේ බෙදීම කෙසේ වෙතත්, 1815 දී සිංහල ජාතිය දෙමළකරණය වීම නැවතුවේ, ඉංග්‍රීසීන් යොදා සංහාරය කිරීමෙනි. අද ඉංග්‍රීසීන් අවසන් පියවර ගන්නේ පැවැත්ම අනවශ්‍ය නිසා විය යුතු ය. මේ ගැන කීවේ කිව යුතු නිසාම ය. එහෙත් ඒ ගැන දීර්ඝ ලෙස නොකියමි.

හිරු, මනු ලෙස ඉපදී කල වෙනස තුලින් අද සිටින මිනිස් සමාජය බිහි විය. එය ද කලින් මෙන් සුපුරුදු ලෙස ගරා වැටී වඳ වීමට ආසන්න ය. අද වන විට වසර 120,000 ක කාලයක් ආ මානව ගමන තීරණාත්මක වී ඇත. හිරු නැවත දියසේන ලෙස එන බව කියා ඇත. ඔහු කෙසේ මෙවර ප්‍රශ්ණ නිරාකරණය කරනවා දැයි කිව නොහැකි නම්, මෙතෙක් කී සියල්ල ඵලක් නැත. අද මිනිසා තරම් නිහීණ, නින්දිත, පිරිහුණු වෙන සතෙක් නැති තරම් ය. දෙමව්පියන් තම පහසුව සඳහා නූපන් දරුවන් මරති. උපදින දරුවන් මරුවන්ට පූජා කරති. අගය මවාගත් මුදල් වෙනුවෙන් නොකරන දෙයක් නැත. ජීවත්වන ආකාරය උපතටත් පෙර අන් අය තීරණය කරති. මව්වරුන් තම දරුවන් තනිකර අනුන්ගෙ දරුවන් බැලීමට ජීවිත කැප කරති. බහුතරය මිනිස් බව ප්‍රතික්ෂේප කරති. මිනීමරුවන්, හොරුන්, දූෂකයන්, පරයන් දෙවියන්ටත් වඩා උතුම් ය. නායකයන් අමනුලා ය. දෙවියන් ප්‍රේතයන් වී, ප්‍රේතයන් (පෙරේතයන්) දෙවියන් වී ඇත. තිරිසනුන් හීළෑකර උදව් ගත් මිනිසුන්, අද එතැනට වැටී, මිනිස් වෙස් ගත් තිරිසනුන්ගේ යැපීමට බැලමෙහෙ කරති. සත්ව ශාක පූර්ණ වූ ජීව ලෝකය සුනුවිසුණු කර ජීවය නැසීමට උත්සාහ කරයි. මිනිසා වසංගත රෝග පතුරුවන විෂ බීජයක් වී ඇත. තව බොහෝ කිව හැක. ඇස් ඉදිරියේ ඇති දෙය නොදකී නම් කිව යුතු නැත.

මෙහිදී වැදගත් වන්නේ හිරු දියසේන ලෙස කරනවා යයි සිතිය හැකි දේ ය. මිනිස් වෙස් ගැන්වූ තිරිසනුන් නැවත මුල් තත්ත්වයට යවනු ඇත. මිනිස්කම මිනිසාට හිමිවෙනු ඇත. එනම් මිනිසුන්ට තම ජීවිතය නැවත ලැබෙනු ඇත. මිනිස්බව නැසුනේ තිරිසනුන් නිසා ය. තිරිසනුන්ට ද නැවත ආරම්භයක් දෙනු ඇත. සිංහ හා මනු ලෙස දඬුවම් දුන්නේ අපරාධයක් කල පසුය. එය අපරාධයක් කිරීමට පෙර ක්‍රියාත්මක වනු ඇත. මිනිසාගේ ඇති සීමිත හැකියාවන් නිසා දැනුම හරහා මිස, මිනිසුන් හරහා යැපීමක් නොවෙනු ඇත. මිනිසා සතු තේරීමේ අයිතිය ජීවත්වීමටත්, මෙතෙක් මිනිසා හැඩගැස් වූ භාරදූර කාර්යයටත් සීමා වෙනු ඇත. මා කියන දේ සිදුවීම් හරහා කීව ද, බොහෝ තොරතුරු අනාවැකි ලෙස කියා තිබීම අරුමයකි. එසේ ම, කරන්නට යන දේවල් දැනට ම අත්හදා සාර්ථක බව තහවුරු කර ගැනීම තුල, අප අවට අපේ අනාගතය තීරණය කරන අත්හහදා බැලීම් තිබීම, අද්භූත ක්‍රියාවළියකට වඩා ඉතා සංකීර්ණ දැනුම ම භාවිතා කිරීම හරහා වෙන බව කියමි.

මෙතෙක් කී තොරතුරු කෙසේ කීවා දැයි සැක කිරීම පරිසරයෙන් බැහැරවීම පෙන්වයි. අප අවට සිටින මිනිස් සමාජය තුල කැලෑවේ සිට අද දක්වා වූ සියලු වෙනස්කම් පෙන්වන, අදත් ඒ ඒ කාලයට පමණක් සීමා වූ මිනිස් කොටස් ඇත. හිරු පමණත් දත් ජන කොටස්, හිරු හා බුධ දත් ජන කොටස්,  හිරු, බුධ හා සිංහ දත් ජන කොටස්, හිරු, බුධ, සිංහ හා මනු දත් කොටස් මෙන්ම, ඒ කාල පරාස අතර වෙනස්වීම් පෙන්වන ජන කොටස් ද, මේ කිසිත් නොදන්නා මෑතකදී මිනිස් වෙස් ගත් විවිධ සත්ත්වයන් බහුතරයක් ද අද මිනිස් සමාජය නියෝජනය කරයි. ජීවය හා බැඳි නියත බව ද, බාහිර ව ලැබූ දැනුම හරහා වූ වෙනස්කම් ද මිනිස් හැකියාවට පාලනය කල නොහැකි නිසා ඒ කාලයට අනුරූප ව රැඳී ඇත. එනම් මිනිසා, මිනිස් ඉතිහාසය සංකේතවත් කරන ඉතිහාස පොතේ ජීවමාන පිටුවක් නිසා, මුළු ඉතිහාසය ම මිනිසා තුලින් හෙළි වේ. වෙනස් කම් වූ රටාවේ ඇති ගැලපීම එය ස්වභාවික කරයි. මෙම දිගු ගමනේ අවසානය, අළුත් ජීවියෙකු බිහිකරණ ආකාරය වීම වැදගත් ය. එනම් හෙට අද සිටින ජීවීන් අතරට අළුත් ජීවියකු එකතු වීමය. එයට මුල් වී ජයගත් ජීවීන් අළුත් ජීවියාගේ හිමිකරුවන් වෙනු ඇත. මෙය මෙම විශ්වයේ ජීවයේ නව නැම්මක් විය යුතුය. ඒ ගැන අනාගතය තුලින් ම දකිමු. අද සිටින විවිධ ජීවීන් බිහි වූවේ ද මෙසේ යයි සටහන් කරමි. ඊ ළඟට සිංහ ජාතිය බෙදීම තුල වෙන් වී, අද අනුන්ගේ ජාති වලට හිමිකම් කියන උන් හඳුනාගැනීම ගැන කියමි.

මනුගේ සමයේ බිහිවූ අපරාධයට දඬුවම් කිරීමේ ක්‍රියාවළිය තුලින්, අති දුෂ්කර පරිසර තුල සැඟවී, අද ලෝකය ම අපරාධයෙන් පිරවූ විවිධ ජාතීන් බිහි වීම ගැන මෙහිදී කතා නොකලේ සරල බව රැකීමටයි.

........ මේ අවසාන කොටසයි.

මේ කොටස මුදා හැර, පසු දින කරන එකතු කිරීම:

විවිධ විකාර මානසික මතධාරීන්, ඇසට පෙනෙන, කනට ඇහෙන, අත් දකින, විවිධ මිනිස් ජීව වර්ග, එක ගොඩකට දමා "අපි ඔක්කොම එකම ජාතියේ මිනිස්සු" යන ඔල්මාද කතාව ප්‍රබලව මාධ්‍යයයන් හරහා හිතට කැවීමට උත්සාහ කරන යුගයක, ස්වාභාවික ගතිලක්ෂණ තුලින් මානව සමාජය තුල ඇති විවිධ මිනිස් ජීව වර්ග ඇති බව කී විට, අවබෝධ කරගත නොහැකි අයගේ යහපතට, වෙනත් ජීවීන් හරහා උදාහරණ මෙසේ දෙමි. අප වඳුරන් කී පමණින් ආවේණික ගතිලක්ෂණ වලින් වෙනස් වන වඳුරු වර්ග එක ගොන්නකට දැමිය නොහැක. එසේ ම ගෙම්ඹන් ගත් කල ද කොතරම් විවිධ වර්ග තිබේ ද? මඳුරු වර්ග ද හරක් වර්ග ද බොහෝ ය. ශාක ජීවීන් ගත් කල, කොතරම් කෙසෙල් වර්ග තිබේ ද? එසේම අඹ වර්ග ද කොස් වර්ග ද බොහෝ ය. මෙහි දී, වචන තුලින් නොව ස්වභාවික ලෝකය තුලින් ජීව වර්ගීකරණය දැකීම කල යුතු වේ.