Wednesday, 11 March 2026

ක්‍රියාකාරීවීම ඇරඹේ.

බොහෝ සීමාවන් හා කරදර මැද කාලයක් තිස්සේ සිංහල ජාතිය බිහි කිරීමට මේ බ්ලොගය හරහා බොහෝ තොරතුරු ඉදිරිපත් කලෙමි. ඉන් ඵලක් නැතැයි සිතා වෙනත් ආකාරයකින් මගේ වගකීම ඉටු කිරීමට යන අතරේ, නොහිතපු මොහොතක, නොහිතපු ආකාරයට, මම අපේක්‍ෂා කල ලෙස, මම හරියාකාරව හඳුනාගත් කෙනෙක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මට සහාය වීම එක අතකින් මම ලද ජයග්‍රහනයක් මෙන් ම, තවත් අතකින් බිඳී ගිය බලාපොරොත්තු පිබිදීමක් හා අළුත් වගකීම් ගොඩක් දරාගැනීමට සිදුවීමක් බව කියමි. මෙතෙක් දුරින් සිටි මම දැන් සමීප වීමටත්, සිංහලයන් වීමට කැමති සුදුසු අය පණ ගැන්වීමටත් තීරණය කලෙමි. මෙහි සුවිශේෂත්වය වන්නේ බොහෝ කාලයක් මට අභියෝග කල නින්දා අපහාස කල කෙනෙකුට එසේ හැබෑව දකින්නට තරම් හැකියාවක් සතුවීම තුලින් මම ඔබේ අනාගතයද දකින්න පටන් ගත් එකයි.

අනාගතයට ගැලපෙන නව ජීවන රටාවක් බිහිකිරීම තනිවම කල නොහැකි දෙයක් මෙන් ම, එය පවත්වා ගෙන යාමට අනවතර (නොනවතින) ජන සමාජයක් ද අවශ්‍ය වේ. එහි කොටස් කරුවන් ලෙස​, ජීවත් වීමට අවශ්‍ය නව දැනුම තුලින් බිහි වෙන රටාව බලගන්වන නව පරපුරක් බිහි කිරීමට අවශ්‍යයි. ඔවුන් එහි මුල් තැන ගනු ඇත​. මට රිසි අය (නූගතුන් සෘෂි වරුන් යයි කියන අය​​) තෝරාගෙන සිංහලයන්ට පමණක් සීමා වූ සුවිශේෂ දැනුම දෙන්නට කාලය පැමිණ ඇත​. මෙහි ඒ දැනුම දිය නොහැකි නිසා හඳුන්වාදීමකට පමණක් සීමා විය​. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය දැනුවත් කිරීම පිණිස ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී ස්වාධීන ව කරගෙන යන අන්තර්ජාල අඩවිය පහත සඳහන් ලිංක් එකෙන් ගොස් හඳුනා ගන්න​. සුදුසු අය කවුදැයි මම දැනටම කියා ඇත​. ඔබ ඒ අයෙක් යයි සිතෙනවා නම් මෙය ඔබේ අවස්ථාවයි. ඉන් ඔබට මෙන් ම ලොවට විශාල සේවයක් වනු ඇත​. ඒ ගැන මෙම අන්තර්ජාල අඩවිය කරන සුවිශේෂ පුද්ගලයා ඔබට සහාය වනු ඇත​. සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හා ෂෙයාර් කිරීමෙන්, ඔබේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමෙන් සහාය වන්න​. ඔහු මෙන් ඔබ ද අනාගතයේ සුවිශේෂ තැනක් ලබන බව සහතිකයි. ඔබ සිටින සත්ව ලෝකයෙන් මීදී ඉහල තල වලට යාමට ඇති එක ම මග, මගේ දැනුමෙන් පෝෂණය වූ සිංහලයකු වීම බව අවධාරණය කරමි. චින්තක වීරකෝන් යන අන්වර්ථ නාමෙන් අන්තර්ජාලයට ප්‍රවිශ්ට වූ ඔබේ සගයා ඔහුගේ අත්දැකීම් තුලින් ඔබට හැබෑව හඳුනා ගන්න උදව් කරන බව මම දනිමි. බලා සිටීමට හෝ ප්‍රමාද වීමට කාලයක් නැත​. වට පිටින් සිදු වෙන දේ ඔබට දැනේ නම ප්‍රමාදය ඔබ ගිල ගනු ඇත​.

සිංහලයන් වීමට කැමති, ඒ සඳහා සුදුසු සියළු දෙනාම ඒකරාශී කර ගැනීමට කැප වෙන අය සුවිශේෂ බව සනාථ වනු ඇත​. කතාව නිම කර​, ක්‍රියාවෙන් මම හඳුන්වා දීම දැන් පටන් ගනීමි. ඔබ  මේ වැකියත් කියෙව්වා නම්, අමුණා ඇති පුරුකේ තියෙන වීඩියෝවත් සම්පූර්ණයෙන් බලා සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් හා ෂෙයාර් කිරීමෙන් පසු ඒ බව කියා ප්‍රතිචාරයක් එකතු කරන්න​. එය ඔබේ මුළු අනාගතයම ඔබ නොහිතන මාවතකට ගෙන යන බව මම අවධාරණය කරමි.

https://www.youtube.com/watch?v=3DTwjUpHfig