Sunday, 12 March 2023

සිංහල ජීවන රටාව ගොඩනගන පදනම​ - කොටස් 1 : ජීවත් වීමේ අයිතිය සමව කාටත් දීම හා සියළු අනාගත අභියෝග හමුවේ කඳුබඩයාගේ පැවැත්ම තහවුරු කිරීම​

පෙරවදන

අවවාදයයි! අද මුහුණ දෙන අභියෝග හමුවේ යෝජිත නව ජීවන රටාව සියළු ම විසඳුම් දෙන බව සැබෑය. එහෙත් මෙය කියවා නිකම් උද්දාමයට පත් නොවන්න​. මගෙන් සහාය ලැබෙන්නේ සුදුසු අයට පමණි. ඒ නිසා පළමුව සුදුස්සෙකු වෙන්න​.

මෙතෙක් කල් කියපු කතාවලින් තේරුම් ගන්න පුළුවන්, කියවන උන්ට යන්තමින් හෝ දැනෙන දේ අඩංගු ලිපියක්. මේක කඳුබඩයගෙ නව ජීවන රටාව. මේ වගේ, ගහ, කොල, වැල, සතා, සීපාවා ලෙස ඉන්න හැම ජීවියෙකුට ම ජීවන රටාවක් හදලා තියෙන්නේ. වෙනසකට තියෙන්නෙ ඒව නියත වීමයි. ඔක්කොම ගත්තම, ඒ හැම කෙනෙක්ගෙන් ම මුළු ජීව ලෝකයට එකතු වෙන අංගයක් තියෙනවා. ඔක්කොම එකතු වුනාම අංග සම්පූර්-ණ ජීව ලෝකයක් බිහි වෙනවා. ඒත් තවම එසේ වුනේ නැති නිසා, අළුතෙන් එකතු වූ සතා වන කඳුබඩයා තුලින් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිරිසන් කමෙන් එහා ගිය සතෙක් ලෙසයි එකතු වෙන්නෙ. කලින් උරුම වූ ජීවන රටාව කල් පැනගිය එකක් නිසා, අළුත් ජීවන රටාවක් ගොඩ නැගීමයි මෙසේ කෙරෙන්නේ. මෙයත් අනාගතේ කල් පැනගිය එකක් වූ විට, අළුත් වීමක් වෙනවා. උදා වී ඇති අර්-බුද විසඳෙනවා වගේම අළුත් වගකීම් ද එකතු වෙනවා. ඉහත කී සියල්ල දන්න කෙනෙක් ලියපු පමණින්, කියවන උන් සියල්ල දත් යයි සිතීම අමනකමක් බව සිහි කරමි.

මේක අනාවැකියක් වගේ පේන්න පුළුවන් කතාවක්. ඒත් පවතින අභියෝග හමුවේ ඉන් මිදීමට යොදන විසඳුමක් බව කියන්න ඕන​. හැම පැත්තෙන් ම විනාශය පෙනි පෙනී මොකුත් නොකර බලන් හිටියොත් වෙන්නෙ, වෙමින් තියෙන දේ දිගට ම වෙන එකයි. නිවසක් කඩා වැටෙන කොට ඒක ඇතුලෙ ඉන්න උන් යටවෙලා මැරෙනවා. එලියට පැනගත්තත් අව්වුවෙන් වැස්සෙන් පීඩා විඳලා මැරෙන්න පුළුවන්. ඒකට කරන්න ඕන හොඳම දේ තමයි පරණ එක බිම වැටෙන කම් නොසිට අලුත් නිවසක් හදාගන්න එක නේද​? ඒත් අලුත් නිවසක් හදන කොට ඒක කොහොමද කරන්නෙ, මොකටද කරන්නෙ, කාට ද කරන්නෙ, කවුද කරන්නෙ, කොහොමද කරන්නෙ, කවද්ද කරන්නෙ වගේ ප්‍රශ්ණ එනවා​. ඒ වගේම කඩා වැටීමට හේතු වුනු කරුණුත් වලක්වන්න පුළුවන් නම් හොඳයි නේ ද?  මේ සරල උදාහරණයෙන් පටන් ගත්තෙ සිංහල ජාතිය නැවත ගොඩනැගීමට මුල් වන, එහෙම නැත්නම් පාද වන, නැත්නම් අත්තිවාරම (ඇත්ත වරම) වන කරුණු ගොනු කිරීමටයි. මේක සිංහලයන් සඳහා වැදගත් වන එකක්. ඒත් බොරු සිංහල වෙස් ගත් උන් මම කියන දේ පිටපත් කරන්න හිතුවොත් වෙන දේත් කියල ඉන්නම්. මම කරන කියන කිසිම දෙයක් වෙන එකෙකුට කරන්න බැරි වුනා. මතුවටත් එහෙමයි. මම 2006 දී දීපු යෝජනාවක් තමන්ගෙ කරගෙන මැදමුලනෙ කම්බ හොරාට අන්තිමට ඇඳි වතත් නැතිව ආපු දීපන් කරේට ම ආපහු යන්න වෙන බව දැන දැන ඒ දේ කරන්න එපා. ඊට පසු වෙන දේවල් දන්නවා නම්, මලත් කෙනෙක් මගේ දේ තමන්ගෙ වගේ කියන්නෙ නැහැ. ඒ අවවාදය දීලා කතාව පටන් ගන්නම්. ඒ වගේම බොහෝ වැදගත් තොරතුරු නොකියන බවත් මතක් කරමි. ඒවා නැතිව කරන්න හැදුවොත් වෙන්නෙ රෝද නැතිව එන්ජින් නැතුව ස්ටියරින් නැතුව වාහනයක් හදනවා වගේ දෙයක්. මනුෂ්‍ය (තාරික) ශරීරයෙන්වත් සම කරන්න බැරි මට​, ඊට ගොඩක් එහා යන අවතාරික බලයන් තියෙනවා. එන ඕනම අභියෝගයකින් ජය ගන්න දැනුම ඒ තුල අන්තර්-ගතයි. බොහෝ අයට තේරුම් ගන්න බැරි දෙයක් තමයි පරමතාරික බලය​. ඒක ක්‍රියාත්මක වෙන්නෙ අංඟසම්පූර්-ණත්වය වටා ගොඩ නැගුනු පරමතාරික සම්මත හරහායි. පවතින සියලු දේම ඇති නැති කරන්නත්, අළුතින් දේවල් ඇති නැති කරන්නත් පුළුවන් බව අත් හදා බලා සහතිකව දන්න දෙයක් බව මතක් කරනවා.

කරන දෙයක් වචනයෙන් කියා නිම කල නොහැක​. එසේම කරන දේ ගැන අබ මල් රේණුවක දෙයක් නොදන්නා එකෙකුට වාක්‍යයක් දෙකක් හෝ, ලියා ඇති ටික කිය වූ විට සියල්ල දත් යයි සිතීම අමන ගතියකි. මම ලියා ඇත්තෙ දත යුතු ප්‍රමාණය මේ යයි සිතා මිස මේ "සියල්ල" යයි යන අදහසින් නොවේ. නොලියපු, නොකිව යුතු හා ප්‍රකාශ නොකරන බොහෝ අමතර දේ මීට අයත් බව තරයේ ඒත්තු ගත යුතු වේ.

සරල ම කොටස වන කොහොමද කරන්නෙ, මොකටද කරන්නෙ, කාට ද කරන්නෙ, කවුද කරන්නෙ, කොහොමද කරන්නෙ, කවද්ද කරන්නෙ කියන එකට කෙලින් ම උත්තරයක් දෙන්නම්. පවතින ජීව රටාවන් එලෙසම පවත්වාගෙන කඳුබඩයන්ට පමණක් බලපාන ලෙසයි කරන්නෙ. එහෙම කරන්නෙ කඳුබඩයන් රකින්නත්, කඳුබඩයන්ගෙන් ජීව ලෝකයට වුන හානි වැලකීමටත් ය​. මේක කරන්නෙ සිංහලයන් සඳහායි. මමයි කරන්නෙ. සිංහලයන් හරහා පවත්වාගෙන යන්නෙ. කරන දේවල් පටන් ගත්තෙ සිංහල වසර දහයකට පෙර උදා වූ නව හිරු යුගයේ ආරම්භය සමඟයි. ග්‍රෙගරියන් ලිතට අනුව 2012 අප්‍රේල් (12 වන මස​) 12 වන දිනයි පටන් ගත්තෙ. ඉදිරි හිරු යුගය (වසර 120,000) තුල මෙය ක්‍රියාත්මක වෙනවා. දැනට, පෙර හිරු යුගයෙන් ආපු කුනු කසල ඉවත් කිරීම වෙනවා. තව වසර කිහිපයකින් එය නිමා වේවි. මේක කියවන උන් පවා ඒ වන විට අතුරුදහන් වෙන්න පුළුවන්.

මෙහි සඳහන් විසඳුම් සියල්ලම එන්නේ ජීවත් වීම තුලින් මුහුණ දුන් සැබෑ අත්දැකීම් මතයි. කවුරු හෝ මින් එහා යන අත්දැකීම් වලට මුහුණ දුන්නා නම් ඒවාටත් විසඳුම් දිය හැකියි. එය වෙන්න බැරි දෙයක්. මේ ලෝකෙ තියෙන සුවිශේෂත්වය තමයි තාරිකව අත්දැකපු දේ පමණක් අපට දැනීම​. වෙන කෙනෙකුට හෙන ගැහුවත් අපට කිසිම වේදනාවක් දැනෙන්නෙ නැහැ. ඒක අපට වැදුනොත් විතරයි අපට රිදෙන්නෙ. අත්දැකීමකින් තොරව කියන ඒවා විකාර ලෙස දකින්න ඕන​.

හඳුන්වාදීම​

අද පවතින බිඳ වැටෙන ජීවන රටාව, කලින් කී ලෙස ඉතා සුළු ගහනයක් සඳහා වගේම තිරිසන්කමට ඉතා ආසන්න කාලයක ගොඩ නගපු එකක්. ඒකෙ මූළික පසුබිම වෙන්නෙ තිරිසනුන් ලෙස මුහුණ දෙන අභියෝග ජයගැනීමයි. තිරිසනුන් ලෙස මුහුණ දෙන ප්‍රධාන අභියෝග තමයි කුසගින්නට විසඳුම් දීම​, පානීය ජලය නොකඩවා සැපයීම​, තිරිසනුන් සමූහයක් ලෙස එකට ජීවත් වීමේදි ඇති වන ගැටළු විසඳීම​, වර්-ගය පවත්වාගෙන යාම​, සීමිත පරිසර තත්වයන් යටතේ එල්ල වන අභියෝග ජය ගැනීම​, ලෙඩ දුක් වලට විසඳුම් සැපයීම​, හැමෝට ම සම්පත් බෙදී යන ව්‍යුහයක් නිර්-මාණය කිරීම​, යා යුතු මගේ ඉදිරියට ගෙන යාම​, අලුත් දැනුම සමාජ ගත කිරීම, මතු වෙන බුද්ධිමය ප්‍රශ්ණ වලට විසඳුම් සැපයීම හා තිරිසන්කමින් මිදී මනුෂ්‍යයන් වීම. අප කරන කියන හැමදේම තුලින් මීට අවශ්‍ය දැනුම තහවුරු වෙනවා. එහෙත් නොකඩවා වැඩි වෙන ගහනය හමුවේ මේ දැනුම භාවිතා කිරීමෙන් පරිසරයට හා අනෙක් ජීවීන්ට වන හානිය ඉතා ප්‍රබල නිසා, නැවත ස්ථාවර කිරීමට සුදුසු නව ජීවන රටාවක් අවශ්‍ය තැනට අපි ඇවිත් ඉන්නෙ. මේ වෙමින් පවතින විනාශය වැලැක්වීමට නම්, අද පවතින නව අභියෝග වලට විසඳුම් ලෙස අලුත් දැනුමෙන් සමන්විත නව ජීවන රටාවක් ගොඩ නගන්න ඕන​. අද සිටින තැන ගත්තම​, ඒ තැනට ගැලපෙන වගේ ම ඉදිරියට යා හැකි, අපේක්‍ෂිත ඉලක්ක සපුරාගෙන ඉදිරියට යන නව ජීවන රටාවක් ගොඩ නගන්න ඕන. ප්‍රධාන අභියෝග මෙහිදී සඳහන් කරනවා. තිරිසනුන් ලෙස අත්දුටු පෙරේතකම, කම්මැලිකම, පිශාචකම පමණක් නොව තිරිසනුන් අතට ලැබුන දැනුම නිසා බිහි වී ඇති ජඩකම ද සැලකීමට ගන්න ඕන​. කඳුබඩයකු ලෙස මා අත්දුටු අපේක්‍ෂාවන් සේම අවශ්‍ය පහසුකම්, දැනුම, හා අනෙකුත් අංඟ ඇතුලත් නව ජීවන රටාවක් මින් ගොඩ නගනවා. එය කලින් ආපු මාර්-ගයේ ඉදිරියටම යාමක් මිස ආපස්සට යාමක් හෝ හරහට යාමක් නොවෙයි.

පරමාර්-ථය: ජීවත් වීමේ අයිතිය සමව කාටත් දීම හා සියළු අනාගත අභියෝග හමුවේ කඳුබඩයාගේ පැවැත්ම තහවුරු කිරීම​

අළුත් ජීවන රටාව තුල හැම කෙනෙකුටම, මුහුණ දෙන ඕනම තත්වයක් යටතේ, පැවැත්ම රැකගෙන තනිව ම හෝ ඉදිරියට යාමේ හැකියාව ලැබෙනවා. මෙතෙක් කල් වුනේ කිහිප දෙනෙක් පමණක් එවැනි හැකියාවන් හිමි කරගැනීම පමණයි. බහුතරය බොහෝ විට වඳ වීමට මුහුණ දෙනවා. අති බහුතරය ජීවත් වීමට අවශ්‍ය දැනුම නැති නිසා මැරෙනවා. තමන්ගෙ සීමිත හැකියාවන් සහ දැනුම බෙදී යාමෙ දුර්වලතා නිසා මෙය වුනේ. නව රටාව තුල ජීවත්වෙන හැම කෙනාටම ජීවත් වීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර, එසේ නොකරන අය හෝ ඊට බාධා කරන අය ඉවත් කිරීමක් ක්‍ෂණික ව වෙනවා. මේක, ලැබෙන නව දැනුම​, හා ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය හා යොදාගන්න විදි අනුව කරන්නෙ. දැනට එහෙම දේවල් ගැන අන් අය දන්න​ තොරතුරු නැති නිසා පැහැදිලි කරන්න කාලය යොදන්නෙ නැහැ. මම බැරි වැඩ කර ලැබූ අත්දැකීම් මතයි මේ දේවල් කරන්නෙ. මේකට පසුබිම වන්නෙ අද ඉන්න පිරිහුනු කඳුබඩයන්ට අහිමි වූ හැකියාවන් ය. තිරිසන් කමෙන් නොමිදුන, සුළු දැනුමෙන් අන්ධ වූ "ජඩයන්" තමයි මීට වග කියන්න ඕන​. සිතා මතාම දරුවන්ට නෑයන්ට​, මිතුරන්ට​, සමූහයට අහිමි කල උරුම දැනුම නොවන්නට මෙහෙම දෙයක් වෙන්නෙ නැහැ. විශේෂයෙන් කිව හැකි හොඳම උදාහරණය තමයි තේමිය තම පවුල සදාකල් බලවත් ධනවත් කරන්න බිහි කල ජීවන රටාව​. ඒ තුලින් කාලය සමඟ තිරිසනුන් මනුෂ්‍යයන් වීමේ ක්‍රියාවලිය නැවතී එක තැන කැරකෙන ජීවන රටාවක් බිහි වෙලා තියෙනවා. උපදින හැම එකාට ම එක සේ ලැබිය යුතු මග පෙන්වීම සිදු වේ නම්, අවශ්‍ය පහසුකම් ලැබේ නම්, දැනුම හා තීරණ ගැනීමෙ බලයන් ලැබේ නම්, මේ බිඳ වැටීම නවතිනවා. ඒ වගේම මේ තුලින් තමන් ඉන්න අවදිය අනුව තමන් කරන දේවල් තමන් ම කර, බැරි දේවල් පසුවට කරන්න තමන්ට අවස්ථාව ලැබෙන සේත්, දෙමව්පිය තත්වය මත තීරණය නොවෙන සේත් සිදු වෙනවා. මේ තුලින් නැති බැරි කම​, දෙමව්පියන්ගෙ දුබලතා, බාහිර නොමග යැවීම් හෝ හිතා මතා කරන අකුල් හෙලීම් වැලකෙනවා. මගේ ඉගෙනීමට තිබූ බාධක මෙහිදී මතක් කරමි. වෙන කිසිවකුට වී නම් නවතින්නෙ පටන් ගත් තැනම ය. කිසිදු දරුවකුට උරුම තැන අහිමි වීම මින් වලකයි. දෙමව්පියන් නෑයන් හිත මිතුරන් හෝ වෙනත් කෙනෙකු නැතිව ම වුව එය වේවි. යොදන දැනුම හා විදි තුලින් මම නිරූපනය වෙන නිසා, හරියට මම කරනවා වගේ වේවි. අද වගකීම් දරන අය පෙලෙන මහා බරක් වන දරුවන්ගෙ අනාගතය ගැන පැවති බිය සැක මින් තුරන් කරනවා.

නොකඩවා ඉපදී මැරී දිගටම පවතින කඳුබඩයාගෙ ජීවිතේ විවිධ අවස්ථා/කාල පරාස​ ගොනු කිරීම​

පැවැත්මට එරෙහි වීම මරණ දඬුවම් ලැබෙන වරදක් බව සිහි කරමින් මෙය කියමි. කඳුබඩයාගෙ පැවැත්ම රැඳෙන්නේ නැවත නැවත ඉපදීම අනුවයි. මේක කෙනෙක් ඉපදිලා කාලයක් ඉඳල මැරෙන ජීවයක්. ඒ කාලය තුලදි හැදිලා වැඩිලා තව කෙනෙක් බිහි කරලා ඒ බිහි වෙන කෙනාත් හැදිලා වැඩිලා තව කෙනෙක් බිහි කරන තත්වයට එන්න ඕන​. මේක එක්තරා රටාවක්. එහෙම වීම පිටු පස ඇති ඇත්ත දැනගන්න වෙන්නෙ බුධකම විෂයය තුලින්. යමෙක් ජීවත් වීම තුලින් ලබන අත්දැකීම් දෙයාකාරයකින් රැකෙනවා. අපේ අවතාරික ස්වරූපය තුල රැකෙනවා වගේ ම​, තාරික ස්වරූපය තුලත් රැකෙනවා. තාරික ස්වරූපය තුල රැකෙන උරුමය, මතු එම ආරෙම ඉපදුන විට සක්‍රීය වෙනවා. එහෙත් දරුවන් බිහි නොවුනොත්, ඒ තාරික උරුමය එතැනින් ඉවරයි. මේක ඊ ළඟ උපතක දී බලපානවා. උරුමය නැති ආරක ඉපදුනොත් නුහුරු නුපුරුදු තාරයක් ලැබෙන්නෙ. ඒක විවිධ ආකාර වලින් ජීවත් වීමට බලපානවා. අපට පුලුවන් නම් පෙර උරුමය ඇති තාරික ස්වරූපයක් ගන්න​, ඒ සඳහා දිගටම දරුවන් බිහි වන ආරෙක උපදින්න ඕන​. එහෙත් සැබෑව ඉදිරියේ මෙය තරමක අමාරු දෙයක්. කෙසේ වෙතත් උත්සාහ කලයුතු දෙයක්.

තාරික උපත ගත් විට​, ගැබ් ගැනීමෙ සිට මරණය තෙක් හැම මොහොතම ජීවත් වීමට වැදගත් වෙනවා. ඒත් පවතින වර්-තමාන තත්වය හමුවේ එවැනි රටාවක් බිහි කරන්න බැහැ. ඒක කවදා හෝ වෙන්න පුළුවන් දෙයක්. දැනට ප්‍රායෝගික තලයකට ගෙන ඒමට මුළු ජීවිත කාලය අදියර වලට කඩා වෙන් කර සරිලන ජීවන රටාවක් ගොඩ නගන්න ඕන​. ඒ බෙදීම මෙලෙස කරන්නෙ. මෙහි අරමුණ අංග සම්පූර්-ණ කඳුබඩයන් බිහි කිරීම මිස මොකෙක් හරි කමක් නෑ කියන විකාර මතය අදාළ නොවේ. එසේ නොවේ නම් මවෙක් පියෙක් වීමේ අයිතිය වුනත් අහිමි විය යුතුයි. අපි කරන දෙයින් උපදින අයට විනාශයක් වේ නම්, එය අප වැලැක්විය යුතු වන්නෙ, ඊ ළඟට ඉපදෙන කොට අපට ඒ විනාශය උරුම වන නිසයි.

  • ගැබ් ගැනීමට පෙර කාලය
  • ගැබ් ගැනීම සමඟ එළඹෙන මව් කුස සිටින කාලය​
  • උපත​
  • ළදරු විය - මව් කිරි මත යැපෙන කාලය ( මාස 3 - 4)
  • වෙනත් කෑම වලට යොමු වන කාලය (මාස 3 සිට අවුරුදු 1 දක්වා)
  • බාල ලමා විය ( කතා කරන හැකියාව ලැබෙන තෙක් ජීවිතය​) - අවුරුදු 1 සිට 5 දක්වා
  • ලමා විය (අවුරුදු 5 සිට අවුරුදු 12 දක්වා කාලය​)
  • අඩ තරුණ විය (අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය​​)
  • තරුණ විය (අවුරුදු 18 සිට අවුරුදු 24 දක්වා කාලය​)
  • මේරූ විය (අවුරුදු 24 සිට අවුරුදු 30 දක්වා කාලය​)
  • පරිනත විය (අවුරුදු 30 සිට අවුරුදු 40 දක්වා කාලය​)
  • ගුරු විය (අවුරුදු 40 සිට අවුරුදු 60 දක්වා කාලය​)
  • වැඩිහිටි විය (අවුරුදු 60 සිට අවුරුදු 80 දක්වා කාලය)
  • පෙර උපත් විය (අවුරුදු 80 සිට මරණය තෙක් කාලය​)
  • මරණය​
  • පසු-මරණ විය ( මරණය වී මාස 10කට පසු කාලය​)

මේ බෙදීම සීමිත කාලයකට ගොඩ නගන තාරික ස්වරූපය මත නොව, ජීවියකුගේ අනන්‍ය උරුමය පෙන්වන අවතාරික ස්වරූපය මත ගොඩ නගන්නෙ. දැනට ව්‍යාප්ත මතය වෙන්නෙ දැනුමෙන් තොර හිඟන්නන් ගෙතූ ඉතාම සරල තාරික ස්වරූපය මත ගොඩ නැගූ බෙදීමක්. ඒ නිසා සියල්ල අනිත්‍ය යයි කියන අමන මතය ගොඩ නැගෙනවා. තාරික ස්වරූපය කියන්නෙ අවතාරික ස්වරූපය දැනුමෙන් පෝෂණය කරන තාවකාළික​ බාහිර එකතුවක් පමණි. මේ තාරික ස්වරූපය නියෝජනය කරන ජීවීන් තුලින් අවතාරික ස්වරූපය තුල ඇති හිරුගෙන් ලද දැනුම මුල් කරගෙන, "දස බලයෙන්" පරිනත වන ක්‍රියාවලිය පණ ගැන්වෙනවා. අවතාරික ස්වරූපය කියන්නෙ පරමතාරික ස්වරූපය තුල ගොඩ නැගෙන එක අංග සම්පූර්-ණත්වයක් නියෝජනය කිරීමක්. මේ ගැන සරල උදාහරණ ඇතිව පසුව පැහැදිලි කිරීමක් කරනවා.

මුළු ජීවිත කාලය අදියර වලට කඩා වෙන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ, ඒ ඒ අදියරේ ජීවත් වීමට අවශ්‍ය ආකාරය නිර්-ණය කිරීමයි. මේ තුලින් තාරික ජීවන රටාව සැකසීමක් වෙන්නෙ. අවතාරික ස්වරූපය ගත්තම තිරිසන් මට්ටමේ සිට දෙවියන්ගෙ මට්ටම දක්වා පරාසයක විහිදෙනවා. අනෙක් තිරිසන් සතුන් ගත්තම තාරික රටාව නියත නිසා විශේෂ ජීවන රටාවක් අවශ්‍ය නැහැ. ඕන වුනත්, ඒක කරන්න වෙන්නෙ කඳුබඩයන් හරහායි. කඳුබඩයන් තුලින් බලා පොරොත්තු වෙන්නෙ හැම තිරිසන් සතෙකුගෙම පැවැත්ම තහවුරු කරන විදියක්.  ඒත් දැන් තියෙන්නෙ කඳුබඩයන් ඒ තත්වයට ගෙන එන පාර හදන එකයි. අනෙක් තිරිසන් සතුන් ගත් විට, තිරිසන්කම තුලින් නුසුදුසු උන් බිහිවීම ගොදුරු වීමෙන් වැලකෙනවා. තිරිසනෙක් ලෙස කඳුබඩයන් පටන් ගත් ජීවිතය අද වන විට අළුත් දැනුම සමඟ බාහිර ව​ ගොදුරු නොවන නිසා, නොයෙකුත් ආකාරයේ නුසුදුසු උන් බහුල ජීවී වර්-ගයක් වෙලා. මේ විදියට ගියොත් කඳුබඩයන් වඳ වෙනවා. ගොඩනගන ජීවන රටාව තුලින් කරන්නෙ නුසුදුසු උන් බිහි වීම වැලකීමයි. අපි උපදින කොට කවුද කැමති දෙමව්පියන්ගෙ වරදින් අන්ධයෙක්, කොරෙක්, බීරෙක්, ලෙඩෙක් ලෙස උපදින්න. මෙහි දී කරන්නෙ ඒක නැවතීම​යි. ඒත් කඳුබඩයන් කියන්නෙ තිරිසන් ලෝකෙ ඉහල ඉන්න තිරිසනෙක්. තිරිසන් ලෝකෙ බින්දුවේ සිට ඉහලට විවිධ සත්වයන් ලෙස ජීවත් වී ලබන දැනුමෙන් පෝෂණය වීමෙන් අන්තිමට උන්ට කඳුබඩයන් වීමට අවස්ථාව තියෙන්නෙ ඕන​. අනෙක් පසින්, මේ ලෝකෙ තිබෙන "දස බලයන්" වඩා ගෙන, ඉහලට ගිහින් ආපසු එන අයටත් බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යන්න පුළුවන් විය යුතුයි. එක කොනකින් තිරිසන්කමත් අනෙක් කොනෙන් දෙවිකමත් අතර පරාසයේ කඳුබඩයන්ගේ ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා, තාරික ජීවන රටාව මුල් කරගෙන මේ නව ජීවන රටාව ගොඩ නැගෙනවා. කඳුබඩයන් වී උපදින තිරිසනුන් විවිධ කඳුබඩ ස්වරූප තුලින් දැනුම ලබා අවසානයේ සිංහලයකු වී උපදිනවා. එතැන් සිට දෙවියන් සමඟ එකතු වී ලබන දැනුමෙන් පෝෂණය වී, තාරික ලෝකයෙන් ලබා ගත හැකි දස බලයන්ගෙ උපරිමයට ළඟා වූ විට, ඊ ළඟ තලයට යනවා. ඒ ගමනට අනෙක් කඳුබඩයන් ගෙන් විය හැකි බලපෑම් අවම කිරීම මේ රටාවේ ඉලක්කයක්. මෙහිදී අද පවතින අමනසතුන්ගෙ මතය නිසා ගොඩ නැගුනු තාරික ප්‍රමාණය අනුව ලොකු එකා, වයසක එකා, පොඩි එකා, නොදරුවා යන වැරදි බෙදීම් අනුව දක්වන නොසැලකිල්ල අවම කරනවා. තාරික අවදිය පාලනය වෙන්නෙ උපතක් වීමට අවශ්‍ය පසුබිම නිසා මිස, උපදින කෙනාගෙ අවතාරික උරුමය නැතිවීමක් මත​ නොවන නිසා, වැඩිහිටියන් කියා මුදුනා වීමට දරන අමනයන් අතින් අවතාරික උරුමය ඉහලම තැන තියෙන අයට වුව තාරිකව එල්ල කරන බලපෑම් මැඩීම අවශ්‍යයි. මේ සඳහා "අදිසි පාලනය​" තුලින් අවශ්‍ය පියවර ගන්නවා. අද, බොහෝ විට, උපදින කෙනෙකුගෙ අනාගතය අඳුරු වීමට මේ වැඩිහිටියන් කියා ගන්න අමන සතුන් මුල් වෙනවා. දෙමව්පියන් වුව මේ ගොඩට වැටෙනවා. මේක නවතන්න ඕන​. තිරිසනාගෙ සිට දෙවියන් දක්වා සියල්ලන්ට තමන්ට හිමි තැන ලැබෙන ආකාරයටයි මේ ජීවන රටාව ගොඩ නැගෙන්නෙ. මුළු ජීවන රටාව ම පදනම් වෙන්නෙ පැවැත්ම රැකීම අරමුණු කරගෙන බව නැවත නැවත මතක් කරමි.

ගැබ් ගැනීමට පෙර කාලය:

දරුවෙක් බිහි කරනවා කියන එක ලොකු වගකීමක්. කඳුබඩයෙක් වෙන හැමෝම ඒ වගකීම දරන්න ඕන​. මේක වෙන්න ඕන පැවැත්ම රැකෙන ආකාරයෙනුයි. වගකීම හරියට දරණවා ද කියන එක මනින්නෙ, ඊ ලඟට උපදින කෙනාගෙ ජීවිතයේ ආරම්භයේ සිට මරණය තෙක් කාලය තුල පැවැත්මට අභියෝගයක් වෙනවා ද නැද්ද කියන එකෙන්. එසේ වීමට නම් අංග සම්පුර්-ණ දරුවෙක් වැදීමත්, හැදීමත් වෙන්න ​ඕන​. ඉලක්කය වෙන්න ඕන අපට වඩා පැවැත්ම රැකෙන ආකාරයේ දරුවෙකු බිහි කිරීමයි. අතුරු අන්තරායන් බහුල ලෝකෙක, මෙය ඉතා අමාරු දෙයක්. නැවත නැවත ඉපදීම තුලින් ඉදිරියට යන නිසාත්​, නැවත නැවත දෙදෙනෙකුගේ එකතුවෙන් බිහිවෙන නිසාත්, එකිනෙකා අතර තියෙන වෙනස් කම් නිසාත් තව සංකීර්-ණ වෙනවා. අද මේ ඉලක්කය සපුරා ගැනීමට ගොඩ නැගූ විදි සියල්ලම අක්‍රීය වීම නිසා තිරිසනුන් ඉක්මවා යන කිසිදු තේරීමක් නැහැ. තිරිසනුන් සේ, දුටු පමණින් එකතු වී දරුවන් බිහි කිරීම නිසා වැදගත් ඉන්ද්‍රියයන් පවා අහිමි වූ දරුවන් බිහිවෙනවා. ඒ තරමට ම අවදානම් වැඩක් වෙලා.

විසඳුමක් ලෙස බුධකමට අයත් හඳහන තුලින් අවතාරික උරුමයන් ගැලපීමත්, සුදුසු බව තීරණය කරන කලට ගැලපෙන සම්මත තුලින් තාරික උරුමයන් තහවුරු කිරීමත්, දරුවකු වටා ගෙතුනු දැනුමත්, දරුවකු හදා වඩා ගැනීමට අවශ්‍ය හැකියාවන් සතු බව තහවුරු කිරීමත්, දරුවන් බිහි කිරීමට සුදුසු තත්වයක සිටින බව තහවුරු කිරීමත් ජීවන රටාවේ කොටසක් වෙනවා. මෙහි පරමාර්ථය පැවැත්ම ඉදිරියට ගෙන යාමට හැකි දරුවකු බිහි කිරීම මිස​, පිරිමියාගේ හෝ ගැහැනියගේ ඕනෑ එපාකම් ඉටු කිරීම සඳහා නොවේ. මෙහිදී තනි තනිව අවශ්‍ය සුදුසුකම් සපුරන්නෙ නැත්නම් යුගල ලෙස සපුරා ලිය යුතුයි. දෙදෙනා වෙනස් වන නිසා නොගැලපෙන බවක් පෙනුන ද ඊට හේතු දැන සමනය කිරීමට උත්සාහ කලයුතුයි. අහිමි සුදුසුකම් නොකඩවා ලබා ගැනීමේ වෑයම මත අනුමැතිය ලැබිය යුතුයි. කන බොන දෑ මෙන් ම කරන කියන දෑ ද සම්මතයන් තුලින් නිර්-ණය කෙරෙනු ඇත​. සම්මතයන්ට පිටින් යන උන් සිංහලයන් වීමට නුසුදුසු එවුන් ලෙස සලකා මේ වගකීමෙන් ඉවත් කලයුතුයි. පූර්-ණ ක්‍රියාවලිය ජාතික මට්ටමින් විය යුතු අතර​, සුදුස්සන්ගෙන් හොඳම යුගල තෝරා දිය යුතුයි. අදිසි පාලනය තුලින් අධීක්‍ෂණය විය යුතුයි. දෙමව්පියන්ට අමතරව තවත් යුගලයක් මීට එකතු වේ. මෙය වදන දෙමව්පියන් හා හදන දෙමව්පියන් ලෙස ගත යුතුය​. දෙගොල්ලම සමව වගකිව යුතුයි. අතුරු අන්තරායන් බහුල ලෝකෙක මෙය සුරක්‍ෂිත කිරිමකි. වදන දෙමව්පියන් කවර හේතුවක් නිසා හෝ වෙන් වී නම් දරුවන් අදිසි පාලනය තුලින් රැකෙන ව්‍යුහයක් තුලට භාර දිය යුතුයි. දෙමව්පිය අනන්‍යතාවය තහවුරු කෙරෙනු ඇත. දරුවෙකුගේ සැබෑ වැඩීමටත්, තාරික උරුමය පණ ගැන්වීමටත් මෙය අතිශයින් වැදගත් වේ. දරුකමට හදා ගැනීමට ඉඩ නැත. මේ සියල්ල පවතින සමාජයේ අත්දැකීම් තුලින් දුටු සිදුවීම් වැලකීමට ගනු ලැබේ. වදන දෙමව්පියන් හා හදන දෙමව්පියන් අතරින් එක යුගලයක් අනිවාර්‍යයෙන් ම දරුවෙකු බිහි කල අය විය යුතුයි. වැඩිහිටි ආකල්පය, අලි ඇතුන් දරුවන්ට දක්වන ආකල්පය සේ විය යුතුයි. මෙය ලබාගත යුතු හැකියාවකි. වෙනත් අයගේ දරුවන් දී අධීක්‍ෂණයෙන් තහවුරු විය යුතුයි. දරුවන් බිහි කරන වියට හිමි සක්‍රීය බව තහවුරු කලයුතුයි.

ගැබ් ගැනීම සමඟ එළඹෙන මව් කුස සිටින කාලය​:

දරුවන්ගේ සැබෑ හිමිකම පරම දෙවියන් සතු වේ. දෙමව්පියන් වගකීම ඉටු කරන්නන් පමණි. හිතු මතේ දරුවන් පාලනය මින් අහෝසි වේ. ඉපදී මැරෙන රටාව තුල නැවැත නැවත ඉපදීම වෙන්නෙ ජීවී වර්-ගය පවත්වාගෙන යන්න මිස, එක එකාට ඕනෑ එපාකම් අනුව දරුවන් බිහි කිරීමට හෝ බිහිවෙන දරුවන් ගබ්සා කිරීමට නොවන බව තේරුම් ගත යුතුයි. තිරිසන් ලෝකය තුල දරුවන් උපදින ප්‍රමාණය තීරණය වන්නේ කෙතරම් වැඩිහිටියන් වේද යන්න මත නිසා, දෙමව්පියන් කරන්නෙ උරුම ආකාරයට දරුවන් බිහි කිරීමයි. පාලනය වන්නෙ අනෙක් සතුන් කෙතරම් ගොදුරු කර ගන්නේ ද යන්න අනුවයි. කඳුබඩයා ද තිරිසනුකු ලෙස උපදින නිසා ඒ උරුමය ලැබුව ද ඒ ආකාරයට අද හැසිරිය නොහැක​. කඳුබඩයකු වී ඉපදුන එකෙකුට කල හැකි දරුණුම අපරාධය වන්නෙ තම ඕනෑ එපාකම් අනුව දරුවන් ගබ්සා කිරීමයි. එවැනි උන් කඳුබඩයකු සේ ජීවත් වීම නැවතිය යුතුයි. එසේම සරිලන සුදුසුකම් නැතිව දරුවන් ජාතක කරන උන් ද කරන්නේ වර්-ගය වඳ කිරීමේ දරුණු අපරාධයයි. එවැනි උන් ද කඳුබඩයකු සේ ජීවත් වීම නැවතිය යුතුයි. දැන් නිසි සුදුසුකම් ඇති දෙමාපියන්ගේ එකතුවෙන් දරුවකු ගැබ් ගත් විට, ජීවන රටාව කෙසේ විය යුතු දැයි බලමු. පැවැත්ම මුල් කරගත් ජීවන රටාවක හිමිවන බරපතලම වගකීම වන්නේ ගැබ රැකගෙන නිසි කල නිසි පරිදි දරුවා බිහි කිරීමයි. මෙහිදී මවගේ කාර්‍යය වන්නෙ ගැබ රැකගෙන ඊට අවශ්‍ය පෝෂණය ලබා දී ක්‍රියාකාරි වී ජීවත් වීමයි. එය එසේ වන බව සහතික කිරීම පියාගේ වගකීම වෙයි. පෝෂක සැපයීම ජාතික වගකීමකි. මේ ආකාරයෙන් ම "හදන" දෙමව්පියන් සමාන්තර ව ඒ වගකීම දැරිය යුතු වේ. ඔවුන් ගැබ් බර දරා ගැනීමට උපකාරී විය යුතුයි. සිව් දෙනා ම, අනෙක් පවුලේ, සමාජයේ හා ජාතික මට්ටමේ වගකීම් වලින් නිදහස් වන අතර ඔවුන්ගේ රැකීම ජාතික ආයතන තුලින් සුරක්‍ෂිත කල යුතු වේ. මෙමගින් දරුවන් හැදීම දෙමව්පියන්ගේ පමණක් වගකීමක් යන අද දරණ කාලකන්නි හිඟන පාලක ආකල්පය නිමා වේ. ගොඩ නැගෙන තාක්‍ෂණික රටාව තුල මෙය සුළු කාර්‍යයක් වනු ඇත​.

උපත​:

දරු උපත වීමට ප්‍රථම මව සියලු පහසුකම් සහිත නේවාසිකාගාර ලෙස පවත්වාගෙන යන පහසුකම් තුල "රිසියන්" ගේ අධීක්‍ෂණය නොකඩවා ලැබෙන පසුබිමක නතර කරනු ලැබේ. බිඳ වැටී ඇති කඳුබඩයාගෙ තාරික ස්වරූපය තුලින් දරු උපත සමඟ මවගෙ දිවි හානිය මැඩීමට මෙය කරනු ලැබේ. "රිසියන්" සතු වන දැනුමෙන් මෙය සිදු වේ. එසේම උපත සිදු වී "රිසියන්" ගේ අනුමැතිය දෙන තුරු මේ පහසුකම් සමඟ ගත කිරීමට සිදු වේ. පියා මෙන් ම හදන දෙමව්පියන් ද නිරතුරු සහා විය යුතු වේ. උපත වෙන වෙලාව අදිසි පාලනය තුලින් නිරීක්‍ෂණය කරන ආරික නියෝජිත රැල මගින් නිවැරදි ව සම්මත කාල මානයෙන් සටහන් කරනු ලැබේ. මෙය දරුවකුගෙ අවතාරික උරුමය පෙන්වන ඉතාම වටිනා දත්තයක් ලෙස සැලකේ. "රිසියන්" ගේ අනුමැතිය ලැබූ පසු සමූහ ජීවිතයට අයත් පහසුකම් වලට යවනු ලැබේ. "රිසියන්" ගේ නිරන්තර අධීක්‍ෂණය යටතේ බලාගැනීමේ වගකීම වදන හා හදන දෙමව්පියන්ට පැවරේ.

ළදරු විය - මව් කිරි මත යැපෙන කාලය ( මාස 3 - 4):

වගකීම වදන හා හදන දෙමව්පියන්ට පැවරීමත් සමඟ දරුවා හදා වඩා ගැනීමේ වගකීම වදන හා හදන මවුන්ට භාර වේ. වදන හා හදන පියන්ට නිරන්තර සහාය වීමේ වගකීම පැවරේ. මවුන් වෙනත් සියළු වගකීම් වලින් මුදවා හැරිය යුතුය​. පියන් අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණක් තාවකාළික ව යොමු විය හැක​. එය ද දරුවාගේ අවශ්‍යතා පූර්-ණය සඳහා පමණි. මෙම කාල සීමාව සම්මතයෙන් මාස 3 සිට 4 දක්වා රිසියන් ගණනය කල යුතු ය​. සම්මත කාලය කාලමානයෙන් මනින එකක් නොවේ. රිසියන් දත යුතු කරුණකි. මේ අතරේ වෙනත් ආහාර දීමත් ඇතිවන අභියෝග විසඳීමත් රිසියන්ගේ සහායෙන් විය යුතුයි. වදන මවගේ වගකීම වන්නෙ නිසි පරිදි පෝෂණය වී දරුවාට අවශ්‍ය තරම් කිරි බිහි කිරීමයි. හදන මව ද වගකිව යුතුයි. පෝෂණ නිෂ්පාදනය හා සැපයීම ජාතික වගකීමකි. අදිසි පාලනයේ නිරීක්‍ෂණයට යටත් ව පියන්ගෙ සහායෙන් ක්‍රියාත්මක විය යුතුයි.

වෙනත් කෑම වලට යොමු වන කාලය (මාස 3 සිට අවුරුදු 1 දක්වා):

ළදරු විය අවසන් වී සම්මතයෙන් වසර 1 වන තුරු සාමාන්‍ය ලෙස ආහර ගන්නා මට්ටමට ගෙන එන තුරු රිසියන් ගොඩ නගන සම්මතයන්ට අනුව හුරු කිරීම මවුන්ගේ වගකීම වන අතර ඊට සහාය වීමේ​ වගකීම පියන්ට පැවරේ. පියන් අණුමත කාර්‍යයන් කිරීමට නිරත විය යුතු අතර ඕනෑම අවස්ථාවක මවුන්ගේ සහායට සිටින සේ තම වගකීම් වල යෙදිය යුතුයි. වදන හා හදන දෙමව්පියන් අදාළ වයසට සරිලන ලෙස හැසිරීම හා භාෂා හැකියාවන් ලබා දිය යුතුයි. මෙය අදාළ රිසියන් සමඟ සමව වගකිව යුතු කාර්‍යයකි. දරුවාගේ ශාරීරික මෙන් ම මානසික ශක්තීන් වඩා ගැනීම ද ඇතුලත් වේ.

බාල ලමා විය ( කතා කරන හැකියාව ලැබෙන තෙක් ජීවිතය​) - අවුරුදු 1 සිට 5 දක්වා:

උපත ලබන දරුවෙකුගේ අවතාරික උරුමය පෙර උපතේ අවසානයේ පැවති මට්ටමේ පැවතුන ද​, තාරික ස්වරූපය නොවැඩුන නිසා එක අවදියකට එනතෙක් කතා කර තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අහිමි ය​. මෙය ටිකෙන් ටික වෙන දෙයකි. මේ සමයේ දරුවා වෙනුවෙන් රැකීම කලයුතු වන්නෙ හදන හා වදන දෙමව්පියන් ය​. ඔවුන් ගේ කැමැත්ත ඇතුව, අදාළ "රිසියන්" හරහා මෙම කාලය තුල හැකියාවන් වර්-ධනය කල යුතු ය. මේ කාලය වයස 1 වන වසරේ සිට 5 වසර තෙක් සම්මත කාලයෙන් සැලකිය යුතු ය​. සමත් වීමේ කාලය තීරණය කරන්නේ රිසියන් ය​. පෙර කී සේ සියළු කාර්‍යයන් කෙරෙන්නේ අදිසි පාලනයේ නිරීක්‍ෂණය යටතේ ය​. මේ කාලය තුල දෙමච්පියන් හතර දෙනාගෙන් එක් අයකු නිරන්තරයෙන් මාරුවෙන් මාරුවට සමීපයෙන් සිටිය යුතු වේ. නිරන්තරයෙන් යන්න එකදු තත්පරයක් හෝ මග නොහැරී ළඟින් සිටීම වේ. සියලු කටයුතු සමාජ නිරීක්‍ෂණයට ලක් වූ විවෘත පොදු තැන් වල කල යුතු වේ. විශේෂයෙන් කඳුබඩයන් අතර සිටිය හැකි අමනසතුන් ගෙන් විය හැකි බලපෑම් වැලකිය යුතු ය. දරුවන්ට යම් හානියක් වී නම් අසල සිටින සියලු දෙනාම එය වැලකීමට වග කිව යුතු වේ. නොකිරීම අපරාධයකි. දරුවන්ට සුළුවෙන් හෝ හානි කිරීම හෝ එසේ කිරීමට​ උත්සාහ කිරීම මරණීය දඬුවමට යටත් වන එකකි.

ලමා විය (අවුරුදු 5 සිට අවුරුදු 12 දක්වා කාලය​):

ලමා කාලය ආරම්භ වන්නේ සම්මත වයස අවුරුදු 5 වූ විටයි. මෙය කාළීන හෙවත් උපන් කාලයට සුදුසු හැකියාවන් ගොඩනගන කාලයේ ආරම්භයයි. දිනකට සම්මත පැය 6 ක කාලයක් මේ සඳහා වෙන් කෙරේ. අවතාරිකව දස බලයන් ගොඩ නගා ගැනීමත්, තාරිකව තනිවම ජීවත් වීම මෙන්ම සැබෑ ලෝකය තෙරුම් ගැනීමත් විෂය පථයට අයත් වේ. එකම දේ නැවත නැවත කිරිම නොකල යුතු ය. දැනුම පවත්වාගෙන යාමට අවශ්‍ය වන භාෂා හැකියාව මෙන් ම දැනුම අයත් මූලාශ්‍ර ගැන ද ඉගෙන ගත යුතුයි. මෙහි දී පළමුවරට කඳුබඩයකු වන තිරිසනෙකුගේ හැකියාවන් මෙන් ම අනෙක් පසින් දෙවියන්ගේ අවශ්‍යතා ඉටුවන, දරාගත හැකි පමණට බර දැනෙන, ක්‍රමයෙන් ඉහල මට්ටම් වලට ලඟා වන කාර්‍යයන්ගේ එකතුවක් සම්මතය තුලින් ගොඩ නැගේ. කරන සියල්ලම ජීවන රටාව රකින​, දියුණු කරන හා ඉදිරියට පවත්වාගෙන යන ස්වයංපාලනයකින් හා රිසියන්ගේ මග පෙන්වීම අනුව හැකියාවන් ලෙස​​ ගොඩ නගා ගත යුතුයි. බාහිර කිසිවකු ඒ ඒ කාර්‍යයන් කිරීමට සහාය වීම පැවැත්මට තර්-ජනයක් සේ සැලකේ. ආරම්භය රිසියන් විසින් කර පෙන්වීමෙන් ඇරඹේ. සිදුවීම් සියල්ල සම්මත ක්‍රම තුලින් විය යුතුයි. කෘථීම ව සැකසූ පරිසරයක නොව, සැබෑ පරිසරයේ විය යුතුයි. එක තැනක හෝ එක පිරිසක් සමඟ පමණක් කිරීම තහනම් ය. ආරම්භයේ සිට ඒ එක් එක් කාර්‍යය අවසන් වන තුරු සිටින පසුබිම වෙනස් නොවිය යුතුයි. සියල්ල අදිසි පාලනයේ හා දෙමව්පිය අධීක්‍ෂණයෙන් වේ. කාර්‍යය රටාව අඩු කල නොහැකි, එකතු වෙන එකකි. ඊට හේතු වන්නෙ පරපුරෙන් පරපුරට සැලකිය යුතු වර්-ධනයක් නොවීමයි. සක්‍රීය දාමයක නිතර අළුතින් කඳුබඩයන් ලෙස තිරිසනුන් එකතු වීම අපේක්‍ෂා කල යුතු වේ. ජීවන රටාව ගොඩ නගා පවත්වාගෙන යන ආයතනික රටාව හා අයත් වන කාර්‍යයන් ජාතික වගකීම වේ​. වචන ක්‍රියාවෙන් අරුත් ගැන්වේ. එක එකාගෙ අවශ්‍යතා සපුරාලන ජඩ ක්‍රමය තුරන් කල යුතු වේ. තමන් කල යුතු වන්නෙ තමන්ටත්, තම පවුලටත්, ආරටත්, ජාතියටත් අවශ්‍ය දේ පමණි. ඉංග්‍රීසින් හඳුන්වා දුන් කොටු කර කවා පොවා කරත්ත අදින්න පුරුදු කරන ගවයන් සේ දරුවන් යොමු කිරීම ඉලක්ක කරගත් කිසිදු ආකාරයක බලපෑමක් නොවන බවට රිසියන් වග බලා ගත යුතුයි. වෙනත් කිසිදු ආකාරයක බලපෑම් මේ රටාවට සමගාමී ව කිරිම අපරාධයක් වේ. සම්මත කාලයෙන් බාහිර ව කිසිදු පෙර හෝ පසු සුදානමක් හෝ උත්සාහ කිරීමක් නොවිය යුතු ය​. ජඩකමට ඉඩක් නොදිය යුතු ය​. සැබෑව මූලාශ්‍ර කරගත් ඉගෙනීමක් වේ. මේ කාලය තුල දෙමව්පියන් කල කී සියල්ල තමන් විසින් කරන්න පුරුදු වීම අවශ්‍යයි. පවතින ක්‍රමය තුල, අද වන විට මැරෙන තෙක් අනුන් මත යැපීමට මුල් වෙන්නෙ එලෙස තමන් කරගත යුතු දේ වෙන අය කිරීමයි. එසේම දරුවන් හුරතල් කිරීම නොකල යුතු දෙයකි. තාරිකව කුඩා වුවත්, ඒ සිටින්නෙ තවත් තමන්ටත් වඩා ඉහලින් සිටින අවතාරික උරුමයක් ඇති අයකු විය හැකි බව දැන හැසිරිය යුතුයි. උස මහත අනුව හැසිරීම පාලනය හෝ සැලකීම තිරිසනුන්ට සීමා විය යුතු දෙයකි. කිසිසේත් ම එවැනි හැසිරීමක් දරුවන් වෙත පෙන්වීම නොකල යුතුයි. විභාග නැත​. තමන්, තමන් ව සමතෙක් බව කිරීමෙන් තහවුරු කර ගත යුතුය​. අන් අය එය තහවුරු කල යුතුයි. සැසඳීම් නැත​. එකම සැසඳීම තමන් පෙර සිටි තැනට සාපේක්‍ෂව දැන් සිටින තැන නිර්-ණය කිරීම පමණි. ගන්නා කාලය තමන් ගේ හැකියාව මත තීරණය වේ. මෙහිදී පෙර කල අය වේගයෙනුත්, පළමු වරට කරන අය ඉතා හෙමිනුත් කරන බව දත යුතුයි. එය අසමත් වීමක් නොව සියල්ලන්ට ම පොදු වන හැසිරීමකි. බැරි වීම ද අසමත් වීමක් නොවේ. උත්සාහ කිරිමක් ය​. බැරි දේවල් උත්සාහ කිරිමට අනුබල දිය යුතු ය​. එය පහත් කොට සැලකීම තහනම් ය​. සමත් වන තුරු උත්සාහ කිරීමට සීමා නැත​. රිසියන් මග පෙන්විය යුතුයි. ලමා කාලය අවසන් වන්නේ සම්මත වයස අවුරුදු 12 වූ විටයි.

අඩ තරුණ විය (අවුරුදු 12 සිට අවුරුදු 18 දක්වා කාලය​​):

 අඩ තරුණ විය කියන්නෙ ලමා වියේ සිට වැඩුනු තාරයක් ඇති කෙනෙක් වීමේ සමයයි. මෙය වසර 12 සිට 18 දක්වා සම්මත කාලයෙන් වෙන් කල හැකියි. ලමා වියේ කල දේවල් ම ඊට වඩා ඉහල මට්ටමකට ගෙන යන ක්‍රියාවළි ඇතුලත් කාලයක්. මෙහි අවසානයේ කාළීණ සමාජ ජීවිතය පවත්වාගෙන යාමට ඕන කරන අවශ්‍යතා සපුරා ලන හැකියාවන් ගොඩ නගා ගත යුතුයි. කරන වැඩ වලින් මිස වෙනත් ආකාරයෙන් ලමා කාලයට වඩා වෙනස් නොවෙන නිසා වැඩියෙන් යමක් කීමට අවශ්‍ය නැහැ. මෙම හැකියාවන් සම්පූර්-ණ කිරීම සමාජීය වගකීම් ඉටු කල හැකි අවම සුදුසුකම් ලෙස සැලකෙනවා. අවසානයේ තමන්ගෙ සියලු කටයුතු තමන්ට ම කරගත හැකි කෙනෙකු විය යුතුයි. ඒක තමයි මේ කාලයේ ඉලක්කය​. මේ වන විට මුළු ජීවිතය ගැනම මනා දැනුමක් ඇතිව, ඒ ඒ අවදියට වෙන දේවල් ගැන මනා දැනුමක් ලැබෙන්න ඕන​. ඒ සඳහා කලයුතු සියල්ල කරන කාලයක් ලෙස සීමා වෙනවා. ජීවත්වීම සඳහා අවශ්‍ය  අවම හැකියා මට්ටම ලෙස සලකා, අසමත් අය ජීවත් වන කාලය පුරා අධීක්‍ෂණයට ලක් වෙනවා. ඔවුන්ට රැකවරණය දීම හා මග පෙන්වීම අවශ්‍යයි. මේක ජාතික වගකීමක්. නොකඩවා සමත් වීමට කටයුතු කල යුතුයි.

තරුණ විය (අවුරුදු 18 සිට අවුරුදු 24 දක්වා කාලය​)

වැඩුනූ කෙනෙකු ලෙස ජාතික වගකීම් ගන්නා කාලය ඇරඹෙන්නේ සම්මත වයස අවුරුදු 18 වූ පසු ය​. මේ වන විට කාළීණ අවශ්‍යතා ඉටු කල හැකි කෙනෙකු ලෙස සැලකිය යුතුයි. දෙමව්පියන්ගේ අධීක්‍ෂණයකින් තොරව තම ජීවිතය රැක ගැනීමට අවශ්‍ය සියළු කටයුතු කල හැකි විය යුතුයි. මෙතැන් සිට රිසියකු වීමේ මග හෝ ජීවන රටාව රැකීමේ මග තෝරා ගැනීමට සිදු වේ. ඒ සඳහා හඳහන හා තාරික සමත්වීම් සැලකේ. දෙකෙන් ම අවතාරික දස බලයන් වර්ධනය කෙරෙන ආකාරයේ වැඩ කලයුතු වේ. සම්මත තුලින් ඒවා නිර්-ණය වේ. එහෙත් තමන් කරන වැඩ වලට, මෙම ලිපියේ පසුව විස්තර කරන "ගුරු" වියේ අයෙකුගේ මග පෙන්වීම ලැබේ. මෙතැන් සිට පසුව විස්තර කරන "වැඩිහිටි" විය ළඟා වන තෙක් එකම තැනක හෝ එකම වැඩක නිරත වීම සම්මත වසර දෙකකට සීමා වේ. සම්මතයෙන් තෝරා පෙලගැස්වූ වැඩ කිරීමත්, අදාළ​​ තැන් වල ජීවත් වීමත් සමාජ  අවශ්‍යතාවය හා තමන්ගේ තේරීම අනුව සිදුවේ. මෙය සම අනුපාතයකින් විය යුතු වන්නේ අප මුහුණ දෙන අභියෝග දෙයාකාරයෙන්, එනම් තේරීමක් ඇති හා නැති අභියෝග ලෙස එන නිසා ය​. ඒ සඳහා පුරුදු පුහුණු කිරිම මින් බලාපොරොත්තු වේ. "ඵලදායී ජීව කාලයේ", එනම් සම්මත වසර 20 සිට 60 දක්වා, පළමු සම්මත වසර 20 තුල ඒ ඒ දස බලයන්, එකෙන් එක මුල්වන දේ කල යුතුයි. දෙවන වසර 20, ඒ ආකාරයේ ම වැඩ වලට ගුරු කෙනෙකු විය යුතුයි. මෙලෙසින් පවතින තාරික අනිත්‍ය බව නිසා අත හැරීමට ඉඩ ඇති අංග සමාජය තුල රැඳෙනු ඇත​. ජීවත් වන තැන මාරු කිරීමෙන් කෙටි කලකට වෙන තැනකට යනවාට වඩා තියුණු පරිසර දැනුමක් ලැබෙන නිසා, සැබෑව තේරුම් ගැනීමේ හැකියාව වැඩි ය​. යන යන තැන, සුපුරුදු ලෙස ජීවත් වීමට අවශ්‍ය සියලු පහසුකම් සැපයීම ජාතික වගකීමකි. වෙනත් අයුරකින් කියනවා නම්, සංචාරය කිරීමත් ඒ සඳහා තමන් බර නොදැරීමත් මේ තුලින් කිය වේ. පළමුව රට තුලත්, කාලය සමඟ මුළු ලොව තුලත් මෙය විය යුතු ය​. කරන වැඩ සහ ඉන්න​ තැන්වල ඇති පහසුකම් නිර්-ණය වෙන්නෙ පැවැත්ම සඳහා වන අවශ්‍යතා ඉටු කරන ආකාරයටයි. අවශ්‍ය තැන තාක්‍ෂණය අතිරේක ව යොදා ගැනේ. රිසියකු වීම තමන්ගේ තේරීමක් මෙන් ම අදිසි පාලනය තුලින් කෙරෙන්නෙකි. අවසානයේ ජාතික මට්ටමේ ආයතන නියෝජනය කරන අය බවට පත් වේ. නොකඩවා ආයතන හරහා නව දැනුවත් වීම් වන අතර ඒ සඳහා බර පැන දැරීම ජාතික වගකීමකි. එකම විෂයයකට හෝ කාර්‍යයකට රිසියන් වූ විට තාරික වයස අනුව නොවෙනස් වන සමාන තත්වයක් හිමි ය​. අවතාරික ව වෙනස් විය හැක​. එය තීරණය කරන්නේ අදිසි පාලනය මගිනි. ජාතික හා ආරික මට්ටම් ගත් විට, එකම වැඩය කරන අය සම වේ. වෙනස් වැඩ කරන්නෙ නම් වෙන් වෙන් ව සැලකේ. මිශ්‍ර වීමක් නැත​. ඵලයක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් වෙන් වෙන් ව කරන වැඩ සියල්ල, රටාවකට අනුව සම්බන්ධ වන සියල්ලන් ම කල යුතු වේ. මේ සමානත්වය තහවුරු කරන්න ය​. වැඩ වර්-ගීකරණය අනුව කාලය නිර්-ණය කෙරෙනු ඇත​. මේ සියල්ල ගොඩනගන ජීවන රටාව පවත්වාගෙන යන පද්ධතිය තුලින් එන ඒවා ය​. එය වෙනම කතා කල යුතු දෙයකි.​

තාරික හැකියාවන් මත බෙදන සම්මත වයස අවුරුදු 20 සිට 60 දක්වා කාලය හෙවත් "ඵලදායී ජීව කාලය" තුල, කරන කාර්‍යයන්, තමන් ගේ, ආරේ හා ජාතික අවශ්‍යතා සපුරාලන ලෙස සැකසිය යුතුයි. සම්මත වයස අවුරුදු 20 සිට 40 දක්වා කාලය තුල ගුරු වියට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. "ඵලදායී ජීව කාලය" ලෙස හඳුන්වන්නෙ තාරික ස්වරූපයට ආවේනික දෙයකට මිස, එක් එක් පුද්ගලයාට අදාළව නොවේ. මෙය අපි කාටත් පොදු එකකි. "ඵලදායී ජීව කාලය" ලෙස හඳුන්වන්නෙ තාරික ස්වරූපයට ආවේනික දෙයකට මිස, එක් එක් පුද්ගලයාට අදාළව නොවේ. මෙය අපි කාටත් පොදු එකකි. මුළු ජීවිත කාලයෙන් අඩක් පමණ වේ. යම් කලක, සියළු සත්වයන් තුලින් නිරූපණය වන කාර්‍ය භාරය එක සතෙකු ගෙන් ඉටු වුවහොත්, ඒ සතා නොමැරෙන සේ බිහි කලොත්, මෙම "ඵලදායී ජීව කාලය" 100% ක් වන බව සඳහන් කරන්නේ අනාගතය ගැන ඉඟි කිරීමටයි.

මේරූ විය (අවුරුදු 24 සිට අවුරුදු 30 දක්වා කාලය​)

කඳුබඩයගෙ අතීත කතාව නොදන්න අයට මේ බෙදීම තරමක ගැටළුවක් විය හැකියි. ඒත් කඳුබඩයාගේ මුල් ස්වරූපය, කඳුබඩ ආශ්‍රිත ව ජීවත් වූ ගොරිල්ලා වර්-ගයක් බව සිහි කරමි. බොහෝ කාලයක් මේ සතා තිරිසනෙකු ලෙස ජීවත් වී ලබා ගත් උරුමය කිසි සේත් ම වෙනස් කරන්න බැරි එකක්. කරනවා නම් ලෝක විනාශයක් ඕන​. එහෙම කලත්, තනිවම සියල්ල කරන සතෙක් ලෙස ආයෙ ඒ විදියට ම හැදෙන්න ඕන​. නියත ජීවන රටාවකට අනුව උපන් ජීවියෙක් වෙනස් කරන්න නම්, ඒ ජීවියා බිහි කල කෙනාම ඇවිත් වෙනස් කල යුතුයි. මෙතෙක් වූ වෙනස්කම් වගේම ඉදිරියේ වෙන වෙනස්කම් ද ඒ විදියට තමයි වෙන්නෙ. මේ නිසා හූරාට ජාතක වන උන් හා අනෙක් උන් අතරෙ යම් පරතරයක් පවතිනවා. එක කොනක් තිරිසන් කමටත් ගෑවෙනවා. මෙසේ හූරා හතර ආකාරයකින් ඉපදෙන වාරයක් පාසා කඳුබඩයා වර්-ග දෙකකට බෙදෙනවා. එක කොටසක් වෙනස් වීමත් අනෙක් කොටස එතැනම සිටීමත් නිසා ඒ කොටස වෙන් කිරීමක් වෙනවා. විවිධ ජාතීන් තුලින් නිරූපනය වන්නේ ඒ වෙනස්කම් ය​. ඒත් සිංහලයන් ලෙස ඉදිරියට යන කොටසට ද වෙනස් නොවන තිරිසන් ගති තියෙනවා. එකක් තමයි සම්මත වයස වසර ​30 වන තෙක් තිරිසනෙක් ලෙස හැසිරීම​. කොතරම් දේ කලත්, කීවත්, අපේ කඳුබඩ ජීවිතේ මුල් වසර 30 තුල අපේ හැසිරීම තිරිසනෙක්ගෙ වගේ වෙන්නෙ. ඊට පස්සෙ තමයි හැසිරීම නූතන (නව තැන) ස්වරූපය ගන්නෙ. කියන දේ නාහන හිතුවක්කාර හැසිරීමක් ඇති කාලය තමයි "මේරූ විය" ලෙස හැඳින්නුවේ. කඳුබඩ ජීවිතේ මේ කාලෙ තමයි ඉතා වැදගත් වන නැවත වර්-ගය බෝ කරන එක වෙන්නෙත්. ඒ කියන්නෙ මේ වෙනකොට තමයි දරුවන් බිහි කිරීමෙ අයිතිය ලබා ගෙන සම්මත දරුවන් ගණන වන දෙකක් හදන්න වෙන්නේ. සැබෑ දරුවන් ගණන තීරණය වෙන්නෙ සම්මත ආරික ගහනය අනුවයි. හැමෝම දරුවන් දෙක ගණනෙ හැදුවොත් දෙදෙනෙකු හැදිය යුතුයි. නොඑසේ නම් අඩු වීම් පිරවීමටත්, වැඩි වීම් මැඩීමටත් හදන දරු ගණන වෙනස් විය යුතුයි. එලෙසින් කාටත් පැවැත්මෙ අයිතිය තහවුරු වෙනවා. අදිසි පාලනය තුලින් හඳහන පදනම් කරගෙන විශේෂ දරු උපත් ප්‍රමාණයක් ලැබිය හැකියි. උපරිමය පහකට සීමා වන අතර කවුරු හෝ මේ සම්මතය බිඳ හෙලුවොත්, ඉවත් කල යුතුයි. විශේෂ කිරීම වෙන්නෙත් කඳුබඩයා තුල ඇති එක් බෙදීමක් නිසා ය​. එනම් උපතින් පළමු දරුවා සිට හතර වන දරුවා තෙක් සිව් ආකාරයකින් බිහිවීම නිසා සිංහලයකු වෙන්න පුළුවන් පළමු දරුවාට පමණයි. මේ ස්වභාවික හතරාකාර රටාව නිසා පස් වන දරුවා නැවත පළමු දරුවා ආකාරයට බිහි වෙනවා. එහෙත් එය ස්වභාවික රටාව මත​ නොව දැනුම මුල් කරගත් රටාවකි. ඉන් පසු උපදින්නෙ, දැනුම මුල් කරගත්, වෙනස් කල නොහැකි තිරිසනුන් නිසා, ඉතා භයානක හැසිරීම් ඇති උන් බිහි වේ. විස්තර කරනවා නම්, හයවැන්නා දැනුම මුල් කරගත් පොරකන තිරිසනෙකි. උදාහරණ ලෙස වෙඩි තියන්න දන්න වඳුරෙක්ගෙ හැසිරීම පෙන්විය හැකියි. තේරුම් කල නොහැක. කල හැකි එකම දේ නැසීම පමණි. හත්වැන්නා දැනුම මුල් කරගත් ලෙවකන තිරිසනෙකි. අටවැන්නා දැනුම මුල් කරගත් මූසල තිරිසනෙකි. මෙය අදිසි පාලනය තුලින් නැවතිය යුතු දෙයක්.

තරුණ විය සේ ම මේරූ විය තුල ද කරන්නෙ එකම ආකාරයේ වැඩ වුව ද​, වගකීම් සහිත බව වැඩි කල යුතු ය​. මේ විය අවසානයේ තනියම වුව අපේක්‍ෂිත ජීවන රටාව තුල ජීවත් වීමට පුළුවන් විය යුතුයි. ඒ තරමට හැකියාවන් වඩා ගැනීමක් අපේක්‍ෂා කෙරේ. එසේම සම්මත තුලින් ගොඩ නගන විදි මෙතනින් නිමා වේ. ඊ ළඟ වියේ දී, තමන් කැමති ලෙස තෝරා බේරාගෙන ඉගෙනීම තනියම කලයුතු වේ. ඒ සඳහා තනිකර කාලය ගත කිරීම ද අවසන් කල යුතු ය​. රිසියන් දිගටම තම මගේ යා යුතුයි. ගුරු වියේ අයගේ අධීක්‍ෂණය සිදු වේ. අදිසි පාලනයේ සුවිශේෂ නිරික්‍ෂණය යටතේ නොව, ජාතික නිරීක්‍ෂණය යටතේ සොයා බැලීම් කෙරෙනු ඇත​. තාරික හැකියාවන් මත බෙදන සම්මත වයස අවුරුදු 20 සිට 60 දක්වා කාලය තුල හෙවත් "ඵලදායී ජීව කාලය" තුල කරන කාර්‍යයන් තමන්ගේ, ආරේ හා ජාතික අවශ්‍යතා සපුරාලන ලෙස සැකසිය යුතුයි. සම්මත වයස අවුරුදු 20 සිට 40 දක්වා කාලය තුල ගුරු වියට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි.

පරිනත විය (අවුරුදු 30 සිට අවුරුදු 40 දක්වා කාලය​)

"පරිනත විය" යනු ජීවිතයේ වැදගත් ම කාලයයි. කාළීන ජීවන රටාවේ නියමුවන් ලෙස බර කරට ගත යුතු වේ. ඇති වී නැති වන තාරික ස්වරූපය තුල ඉහලම වගකීම් සහිත කාර්‍ය්‍යයන් කිරීම මේ සම්මත වයසේ අය පිට පැටවේ. එක පැත්තකින් දරුවන් ගැන බැලීමත් අනෙක් පසින්, පසුව කියන "වැඩිහිටි" වියට පත් වූවන් ගේ ඕනෑ එපාකම් බලා ඉටු කිරීම ද කලයුතු කාලයයි. මේ විය පසු වූ කල එන්නෙ වැඩීම නැවතී නැසීම ඇරඹෙන කාලයයි. ඒ නිසා තාරික ව ඉතා වැදගත් කාලයකි. මේ කාලය ගෙවන අය, ගොඩනගන ජීවන රටාවේ සියළු අංගයන් එලෙසම පවත්වාගෙන යාමේ නියමුවන් විය යුතු ය​. මෙය දිගටම අලුතින් පරිනත වන අය භාරගැනීමත් ගුරු වියට යන අය වගකීමෙන් ඉවත් වීමත් වන දාමයකි.

ගුරු විය (අවුරුදු 40 සිට අවුරුදු 60 දක්වා කාලය​)

"පරිනත විය" අවසාන වෙන තෙක් ලැබූ අත්දැකීම් සමඟ ඇරඹෙන "ගුරු විය" තමන් ලබාගත් හැකියාවන් අඩුවක් පාඩුවක් නැතිව, ඊ ළ​ඟ පරම්පරාවට දීම කලයුතු කලයයි. එසේම කරන කියන සියළු කටයුතු වැරදීමකින් තොරව කරගෙන යාම මේ වියේ වගකීම වේ. හැම ක්‍රියාවලියක ම, සාර්-ථකව නිම කිරීමේ වගකීම මොවුන්ට පැවරේ. මේ වියට එලඹෙන විට තමන් තෝරා ගත් වගකීම් තනිවම කර ඉලක්ක සපුරා තිබිය යුතුයි. ඉගෙන ගන්න කෙනෙකුට ගුරු විය නොහැක​. තරුණ වියේ, මේරු වියේ හා පරිනත වියේ අය කරන වැඩ කටයුතු වල ගුරුන් ලෙස මොවුන් වගකීම ගත යුතුයි. ඉලක්කය පවුල​, ආර හා ජාතිය සතු දැනුම හා හැකියාවන් බිඳ නොවැටී දිගටම රඳවා ගැනීම වේ. මෙහිදී අහිමි වන දැනුම හා හැකියාවන් නැවත බිහි කිරීමක් නොවෙන නිසා, පරම්පරාවෙන් පරම්පරාවට භාර දීමක් විය යුතුය​. නොකරන උන් ජඩයන් සේ සලකා සමාජයෙන් ඉවත් කල යුතු වේ. මේ වියේදී ක්‍රියාශීලී රටාවෙන් ඉවත්වීම සඳහා අවසන් වසර කිහිපය යොමු කල යුතුයි. අපි වයසට ගිය ද ජීවන රටාව එකම තත්වයෙන්, නැත්නම් එකම වයසේ, පවත්වාගෙන යාමට හැම වයස් කාණ්‍ඩයක ම කාලානුරූපී හැසිරීමක් අවශ්‍ය වේ. එය එක් එක් පුද්ගලයා, තම වයස අනුව කරන කාර්‍යයන් ගොඩ නැගූ රටාවට අනුව භාර ගත යුතුයි. එසේ නොකරයි නම් පැවැත්මට අභියෝග කරන ජඩයෙක් ලෙස සලකා ඉවත් කල යුතුයි. මේ ජීවන රටාව හැම එකෙකුටම සමාන ව ජීවත් වීමේ අයිතිය දෙන එකක් බව මතක් කරමි.

වැඩිහිටි විය (අවුරුදු 60 සිට අවුරුදු 80 දක්වා කාලය)

සම්මත වයස අවුරුදු 60 සිට අවුරුදු 80 දක්වා කාලය "වැඩිහිටි විය" ලෙස සැලකේ. මෙය තාරය මරණය කරා යොමු වන වයස පරාසය හෙවත් තාරික හැකියාවන් බිඳ වැටෙන කාලයයි. ඒ සමඟ වැඩ කිරීමේ හැකියාව ද බිඳ වැටෙයි. මේ බිඳ වැටීම වන ආකාරය එකිනෙකාට වෙනස් නිසා තමන් විසින් තීරණය කලයුතු කාර්‍යයකි. මෙතෙක් පැවති ජීවන රටාවේ, මේ කොටස ගැන එතරම් අවධානයක් නොවුනේ ඔවුන්ට තාරිකව කල හැකි දේ සීමිත වූ නිසා ය​. ඔවුන් දරු මුනුපුරන් ගේ හැදියාව අනුව රැක බලාගැනීම සිදු විය​. අද එය ජඩ​යන් ගේ වගකීම් විරහිතකම නිසා බිඳ වැටී ඇත​. මේ කාලය ද ජීවිතය ආරම්භ වන කාලය වැනිය​. එනම්, තමන්ගේ ජීවිතය ගෙන යාමේ හැකියාව නැති කොටසක් වීමයි. ස්වභාවයෙන් දරුවන් දෙමව්පියන් ගේ උදව්වෙන් යැපුන ද​, වැඩිහිටියන්ට එසේ රකින කොටසක් නැත​. දැන් හදන්නෙ එවැනි කොටසක් බිහි කිරීමයි. එනම් "සම්මත වයස අවුරුදු 20 සිට 60 දක්වා කාලය තුල කරන කාර්‍යයන්, තමන් ගේ, ආරේ හා ජාතික අවශ්‍යතා සපුරාලන ලෙස සැකසිය යුතුයි" යන පෙර කී නියමය පරිදි සම්මත වයස අවුරුදු 60ට වැඩි සියල්ලන් ම රැක බලා ගැනීම මේ කාණ්ඩය භාර ගත යුතුයි. එනම් අපේ වයස 20 සිට 60 දක්වා දරුවන් මෙන් ම වැඩිහිටියන් රැක බලා ගැනීම ජාතික වගකීමක් ලෙස සැලකේ. බරපතල ප්‍රශ්ණය වන්නෙ තාරික ස්වරූපයේ ප්‍රමාණය විශාල වීමයි. ඒ නිසා බොහෝ පෞද්ගළික කටයුතු කිරීම සඳහා හඳුන්වා දෙන නව තාක්‍ෂණික විසඳුම් යොදා ගත යුතුයි. අළුතින් ගොඩ නගන ජීවන රටාවේ එක පරමාර්-ථයක් වන්නෙ ජීවත් වන කාලය වැඩි කිරීමයි. ආරම්භයේ වයස 30ක් වූ ජීවියකු ලෙස යම් ඉදිරියට යාමක් වුව ද​, කඳුබඩයාගෙ නව වගකීම් ඉටු කිරීමට දැනට ඇති ආයුෂ ප්‍රමාණවත් නොවෙන නිසා, හැම අයුරින් ම එය වැඩි කිරීමට කටයුතු කල යුතු වේ. එහි අත්‍යාවශ්‍ය ම වන කොටස වන්නෙ කෙසේ හෝ අපේක්‍ෂිත වයස තෙක් පණ රැකගෙන සිටීමයි. එයට, වැඩිහිටියන් පුළුවන් තරම් ජීවත් කරවීම, පැවැත්ම රකින වගකීමකි. මෙය තිරිසන් සතුන් වී සිට කඳුබඩයන් වන සතුන්ට අහිමි අත් දැකීමක් නිසා, දැනුම තුලින් ශක්තිමත් කල යුතු දෙයකි. තිරිසන් ලෝකයේ වයසට ගොස් මිය යන සතුන් නැත්තේ, ඊට පෙර උන් අනෙක් සතුන් ගේ ගොදුරු වන නිසා ය​. ඒ නිසා කඳුබඩයන් වන සතුන්, ඔවුන් මිය යා යුතුයි සිතන තැන හිර විය හැක​. එහෙත් කඳුබඩයන් ලෙස එය කල නොහැකි බව ඒත්තු ගැන්විය යුතු දෙයකි. තිරිසනුන් ලෙස අපට මේ උරුමය නැති නිසා, දරුවන් සේම, වැඩිහිටියන් ලෙස නොසලකා වැඩ පල කරගැනීමට යොමු කිරීමට ඇති ඉඩ කඩ ඇහිරිය යුතුයි. වැඩිහිටියන් ලෙස වගකීම වන්නේ, හැකි තාක් කල් ජීවත් වීමට උත්සාහ කිරිමත් කරන කියන හැම දේම සීමාවන්ට යටත් ව පවත්වාගෙන යාමත් ය. මෙහිදී හඳුන්වා දෙන නව වෙද දැනුම තුලින් මෙය තමන්ට ම තීරණය කල හැකි වෙනු ඇත​. මෙහිදී අපි ඕන ම වයසක දී සීමා ඉක්මවා ගිය කල ලැබෙන තාරික ප්‍රතිචාර තුලින් මෙම තත්වය නිර්-ණය කරමු. මේ කාලය ද අදිසි පාලනය තුලින් නිරීක්‍ෂණය වේ. ක්‍රමයෙන් බිංදුව කරා ළඟා වෙන තාරික ඵලදායීතාවයක් අපේක්‍ෂා කල හැකි ය​. ඵලදායීතාවයට වඩා තම තාරික අනන්‍යතාවය පවත්වාගෙන යාම වගකීම වේ. එනම් හැම කොටසක් ම ක්‍රියාකාරි මට්ටමෙන් පවත්වාගෙන යාමයි. නිරන්තර වෙද තාක්‍ෂණික අධීක්‍ෂණයට ලක් විය යුතු ය​. වර්-ගීකරණයකින් තොරව රැකීම මුල් විය යුතුයි.

පෙර උපත් විය (අවුරුදු 80 සිට මරණය තෙක් කාලය​)

අද බොහො තිරිසනුන් කඳුබඩයන් ලෙස ඉපදී ඇත​. උන්ට වයසට යාම හුරු දෙයක් නොවේ. නාකි වී මරණයට පත් වීම තිරිසන් ලෝකයේ අත් නොදකින දෙයකි. ඒ නිසාම ඔවුන් තරුණ කාලයේ සියළු දේ විය යුතුයි සිතන අමනයන් වේ. නොදැනුවත් කම නිසා වයසෙන් වැඩි අයට නින්දා අපහාස කරන්නේ ද මේ තිරිසනුන් ය​. එසේම උන්ට භාෂා දැනුම ද තාරික හැකියාවන් ද හීන වේ. කඳුබඩයන් වී සිටින තිරිසනුන්ට අනුව කුමා (කෙනා)+රයා යනු තරුණ ලෙස ගෙන​, දියසේන කුමාරයා කියන්නේ තරුණයකු යයි කියනු දුටිමි. මෑතකදී ඉංග්‍රීසි රජ වූ 74 වියැති චාර්-ල්ස් එතෙක් චාර්-ල්ස් කුමාරයා ලෙස හැඳින් වූයේ මන් දැයි විමසිය යුතු ය​. කඳුබඩයන් වන තිරිසනුන් ඉදිරි ගමනට දැඩි බාධකයක් බව හඳුනාගෙන වැඩ කල යුතු වේ. තිරිසනුන් ඉතා ම්ලේච්ඡ හැසිරීමක් උරුම කර ගනිති. මරණාසන්න ගවයකුගේ ඇස් ගලවාගෙන කෑමට හදපු කපුටෙක් මම සැබෑ ජීවිතේ දැක ඇත්තෙමි. දැන් කියන්න යන්නේ, එවැනි අපට උරුම ජීවිතයේ එක කොටසක් ගැන ය​. යමෙක් කඳුබඩයකු වූ විට මෙහි සඳහන් සියලු අවදි පසු කරන බව කිව යුතු ය​. එසේ නොවේ නම් ඒ හදිසි අනතුරකින් මිය යාම නිසා ය​​.

සම්මත වයස අවුරුදු 80 සිට මරණය තෙක් කාලය "පෙර උපත් විය" ලෙස මම හඳුන්වමි. එනම් උපතක් ලැබෙන තෙක් තාරය අත නොහැර සිටින කාලයයි. මෙය මගේ අත්දැකීමෙන් කිව හැකි දෙයක් නොවේ. මීට පාදක වන්නෙ මගේ සමීපතමයන් කිහිප දෙනෙකු හැසිරුන ආකාරයයි. තාරික හා අවතාරික සබඳතාවය බිඳ වැටෙන අවදිය ලෙස මෙය දකිමි. එනම් කියන දේ ඇසී සෑහෙන කාලයක් ගත වී ඊට ප්‍රතිචාර දෙන වියයි. කිසිදු ආකාරයකින් අවතාරිකව බිඳ වැටීමක් නැත​. ඒ නිසා ඔවුන් අප කරන කියන දේ මැනවින් තේරුම් ගත්ත ද ඊට ප්‍රතිචාර දීමට තාරික උපාංඟ වැඩ නොකිරීම මුල් වේ. මොවුන් හොඳ සිහියෙන් ඉන්න බව අවධාරණය කල යුතුයි. නොසලකා හැරීම තහනම් කරමි. අතදරුවන් සේ සියළු කටයුතු කල යුතු වේ. මෙය අප අතර සිටින සුවිශේෂි අයට පමණක් භාර දිය යුතු, අදිසි පාලනයෙන් නිරීක්‍ෂණය කල යුතු ජාතික වගකීමකි. තිරිසනුන් කිසිසේත් ම සුදුසු නොවේ. බොහෝ අයට මේ අවදිය අහිමි එකකි. තෝරා බේරා ගෙන උපදින තැන ලැබෙන තෙක් සිටීම, ඉඩ දීමට සිදු වෙන කොටසකි. අපි කෙසේ අපේ අනාගතය තීරණය කරනවා ද යන්න අපේ තේරීම් අනුව සිදු වේ. එය වැරදි නම් ඉන් අප පාඩම් ඉගෙන ගත යුතුයි. මෙය හිරුකමේ පදනමකි. හිරුකම පැවැත්මේ මූළාශ්‍රයයි. එසේම ජීවත් වන කාලය වැඩි කිරීමට ඉතා වැදගත් එකකි.

මරණය​

උපදින කාටත් උරුම​, අත්දැකීමක් ලබා ගෙන විස්තර කීමට නොහැකි අපේ ජීවිතේ අන්තිම අවස්ථාව ගැනයි දැන් කියන්නෙ. මේක කවුරුත් භය වෙන​, සමහරු ඉබේ ළඟා කරගන්න​, තවත් සමහරු බලෙන් දෙන "මරණය" අයත් ජීවන රටාවෙ කොටසයි. හැම කඳුබඩයෙක්ට ම, හිමි විය යුතු වැදගත් තාරික නික්ම යාමක් වෙන්න ඕන​. ඇත්තටම මේක තාරික අවතාරික සබඳතාවය බිඳ වැටී අවතාරික ව නිදහස් වීමක් පමණයි. පවතින ස්වභාවය තුල තාරය කියන්නෙ කෙටි කාලීණ නිර්-මාණයක්. එය වඩාත් ම නිවැරදි ව කියනවා නම්, අවතාරික අවශ්‍යතා සපුරාලන තාවකාළික ඇමුණුමක් යයි කිව හැකියි. ඒ තුලින් අවතාරිකයන් බොහෝ අත්දැකීම් ලබනවා. තාරය අත හැරි පමණින් සියල්ල ඉවරයි සිතන්නෙ තිරිසන්කම තුල රැඳුනු අමනයන් පමණයි. සම්මත පැවැත්ම ගත් විට, තාරය අත හැරි සැනින් අලුත් තාරයක් ගොඩ නගා නැවත ජීවිතය ඇරඹෙනවා. සමහරුන් ට ඒ අවස්ථාව අහිමි වෙන විදිත් තියෙනවා. ඒ ගැන දැනගන්න වෙන්නෙ හිරුකම කියන විෂයය තුලින් තමයි. අද මරණය කියන්නෙ නොයෙකුත් විකාර කරන මොහොතක්. සමහර කාලකන්නි, බොරු මත ඔලුවට දමා අනෙක් උන්ගෙන් කප්පන් ගන්න විදිත් හදා ගෙන​. ඉස්සර මළවුන්ගෙ රෙදි ඇඳපු ද්‍රවිඩ ගනයන්, අද මරණය මුවාවෙන් රෙදි හොරකම් කරනවා. ඒ වගේම නොයෙකුත් බොරු දේවල් කරනවා. වතුරෙන් කරපු වැරදි හෝදන විකාරත් එමටයි. ඇත්තටම මරණය කියන්නෙ පාවිච්චි කරල අබලන් වුනාම අතහරින මෙවලමක් පමණයි. තිරිසන් ලෝකෙ කෙනෙක් මැරුනම, ඒ කුන අනෙක් උන් ගොදුරු කර ගන්නවා. ඒ නිසා පරිසරය රැකෙනවා. මිනිසුන් මැරුනම එහෙම නොවෙන නිසා, පරිසරයට වන බලපෑම් අවම කිරිමටත්, බැඳීම් ඇති අයගෙ හැඟීම් වලට ඉඩ දීමටත් පොදු භූමදාන විදියක් සම්මත තුලින් ගොඩ නැගිය යුතුයි. ඒ වගේම, ඒ සඳහා සිංහල විදියට ඉදි කෙරුනු, කාගේත් භාවිතයට පොදු තැනකුත් සැකසිය යුතුයි. සියලු කටයුතු එකම රටාවකට අනුව සිදු විය යුතුයි. මෙහිදී  අවතාරිකයා සිටින බව දැන වැඩ කලයුතුයි. සමීප ව සිටි අය අනිවාර්‍යයෙන් ම සහභාගි විය යුතුයි. මෙය වැලකීම හෝ එසේ කිරීමට අනුබල දීම අපරාධයක් ලෙස ගත යුතුයි. මවා ගත් රඟපෑම් හැර දමා, මනකමෙන් හැසිරිය යුතුයි. මේ අවස්ථාවේ දැනෙන වේදනාව තුලින් වෙන්නෙ තාරිකව ගොඩ නැගී ඇති බැඳීම් බිඳ වැටීම බව තේරුම් ගත යුතුයි. හිඟන්නන් සේ අඳෝනා නැගීම නැවතිය යුතුයි. ව්‍යාජ ආගමික රැවටීම් නැති කල යුතුයි. අවතාරිකයා සිටින බව අවධාරණය විය යුතුයි. සිංහලයන් කියන්නෙ අමන සතුන් නොවේ. එය සමීපතමයන්ට මතකය බෙදා ගැනීමේ අවස්ථාවක් මිස, මුලා වූවන්ට විකාර කරන්න ලැබෙන මොහොතක් නොවිය යුතුයි. සිංහලයන් භූමදානය තෝරා ගත යුතුයි. මේ සඳහා රක්‍ෂිත වනයන් වෙන් වේ. කිසිදු ආකාරයකින් භූමදානය වූ පසු තාරයට හානියක් කිරීම හෝ එසේ කිරීමට අනුබල දෙන ක්‍රියාවක් කිරීම හෝ නොකල යුතු වේ. එසේ වී නම් අපරාධයකි. පිලිස්සීම අමන සතුන් කරන දෙයකි. ලැබෙන තාක්‍ෂණික විසඳුම් හරහා, මල සිරුරු කපා කොටා වස විෂ ගැල්වීම නතර කල යුතුයි. අප භුමියෙන් ගන්න දේ අවසානයේ භුමියට එක් විය යුත්තෙ නැවත භාවිතා කල හැකි අයුරින් ය​. එලෙසින් නොකඩවා ජීවය ඇති නැති වෙමින් ඉදිරියට පැවැත්ම රැකෙනු ඇත​.

අද බොහො අමනසතුන් මරණය සිහි කරමින් මිනිසුන් මුලා කිරීමටත්, ඔවුන් ගේ අවසානය මතක් කරමින්, ගෙන නොයන බවක් කියමින් ඔවුන් සතු සම්පත් පැහැර ගැනීමටත් නොයෙක් රැවටීම් කරති. මෙය අපරාධයකි. අපට හිමි දේ ඊ ළඟ පරපුරට උරුම කර යාමෙන් ඔවුන් රැකෙනු ඇත​. එසේම නැවත උපන් විට, ඒ උරුමය තමන්ට හිමි වේ. තමන් කලින් අත හැරියොත්, නැවත උපන් විට එසේ අහිමි වූ දේ නොලැබේ. එනයින්, මරණය යනු සරල ස්වාභාවික සිදුවීමක් ලෙස ගෙන ජීවිතය පවත්වාගෙන යා යුතු වේ. ඊට අකුල් හෙලන අමන සතුන් ඉවත් කල යුතුය​. ජීවිතයේ මේ අවස්ථාව අදිසි පාලනයේ නිරීක්‍ෂණය යටතේ ඉටු කරන ජාතික වගකීමක් වන අතර මෙතෙක් සමීපතමයන්ගේ වගකීම ලෙස පැවැති රටාව ඉවත් කෙරේ. මරණයෙන් පසු තම තමන්ගේ අවසන් කටයුතු ගරුවෙන් වෙන බව සියල්ලන්ට ම විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට ඉඩ දීම මෙහි අරමුණයි. මරණය නිසා, කිසිවකුට නෑකම නිසා හෝ හිතවත් කම නිසා හෝ වෙනත් හදාගත් විපරිත නිසා හෝ අයිති වීමක් හෝ අහිමි වීමක් නොවිය යුතුයි. එසේ අයිති වීමක් හෝ අහිමි වීමක් වීමට නම්, ජීවත් වන කාලයේ අවංකව ම දීමක් හෝ ගැනීමක් විය යුතුයි. මෙහිදී අවංකකම සෙවීම අදිසි පාලනයේ නිරීක්‍ෂණය යටතේ ඉටු කරන ජාතික වගකීමක් වන අතර කිසිදු ආකාරයකින් මරණය ඈඳා ගත යුතු දෙයක් නොවේ. මෙම රටාවේ අරමුණ මරණය නොව ජීවත්වීම වැදගත් යන කරුණ ඒත්තු ගැන්වීම සහ ඒ මුවාවෙන් වන ජීවන රටාවෙ බිඳ වැටීම නැවතීමයි. අද අමනසතුන් විසින් මරණය ඇන කොටා ගෙන මිනී මැරුම් වලින් කෙලවර වෙන තැනට තල්ලු කර ඇත​. එය නොවිය යුතුයි. පැවැත්ම තුල මරණය නොවැදගත්, වෙන කල හැකි තේරීමක් නැති නිසා වෙන දෙයක් ලෙස සැලකේ. වඩා වැදගත් වෙන්නෙ තාරික රටාව නොකඩවා පවත්වාගෙන යමින් වෙන, අවතාරික ස්වරූපයේ උන්නතියයි. අවතාරික ස්වරූපය නොමැරෙන බව දැනුමෙන් තහවුරු කල යුතුයි.

පසු-මරණ විය ( මරණය වී මාස 10කට පසු කාලය​)

කෙනෙකු මල පසු නැවත ඉපදීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම වැදගත් ය. මෙම කාලය අදාළ වන්නේ අදිසි පාලනයටයි. ඉන් වන්නේ නැවත ඉපදීම හා අවතාරික සබඳතා නොකඩවා පවත්වාගෙන යන අනාගත ක්‍රියාවලි සඳහා කරන දත්ත ගොඩ නැගීමකි. එය අන්තිමට මගේ අනාගත ප්‍රයෝජනය සඳහා කරන දෙයකි. ඒ ගැන වැඩි විස්තර නොකියමි. දැනට දැනගත යුතු නොවන එකකි.

පසුවදන​: ඊ ළඟට ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්, ආයතන හා පද්ධති රටාවන් ගැන කතා කරමි. කියන සියල්ල හඳුන්වාදීම් පමණි. තමන්ගෙ දැනුම වගේ, මගේ දැනුම දැන හෝ නොදැන භාවිතා කරන ජඩයන්ගේ අවසානය තීරණය කරන්නේ ද මම වෙමි. ඒ නිසා මූලාශ්‍රය සඳහන් කර, වෙනත් කෙනෙකුට පැවත්ම රැකීමේ අරමුණින් පමණක් පැවසීමට ඉඩ දිය හැක. මුලාවෙන් මම නොතකා හැසිරෙන උන්ට කියන්නට වෙන්නෙ, මට කාටවත් කල නොහැකි දේවල් ද කල හැකි බවයි. ඒ නිසා උඩඟු වී තමුන්ගේ අනාගතය අඳුරු නොකර හැසිරෙන ලෙස අවවාද කරමි.