Wednesday 21 December 2016

විළි බිය රකිමු...

අද සිංහලයන් තමන්ගෙ භාෂාවෙ තියෙන වචනවල තේරුමවත් නොදන්න කොටසක් වෙලා. මම අද කතා කරන දේ ගැන විමතියක් දැනේ නම් පුදුම නොවෙමි.

අද කතා කරන්නෙ මනුෂ්‍යයන් ලෙස ඉපදිලා මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමට දැනගත යුතු රහසක්. රහත් (රහස් දත්) වීමට නම් අප වටා ඇති අපි නොදන්න දේවල් හෙවත් රහස් දැනගන්න ඕන. විළි බිය කියන්නේ අපට හුඟක් බලපාන ඒත් අපට පාලනයක් නැති බලපෑම් එල්ල කරන ආකාරයක හැඟීම් ජනනයක්. මේක අපි ඇති නැති කරන තරම් ප්‍රබල අපේ පාලනයට පිටින් ඇති අපේම උරුමයක්. එය අවශ්‍ය තැන අපට මග පෙන්වන ආරක්ෂක අංඟයක්. ඒ ගැන නොදැන සාර්ථකව ජීවත් වෙන්න බෑ.

අපට සාර්ථකව මනුෂ්‍ය ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පාලන රටාවක් ගොඩ නැගීමට නම් විළි බිය රැකීම ඒකෙ මූළික අංඟයක් විය යුතුමයි. මේ ගැන අවබෝධයක් ලැබීමට වීඩියෝව හුඟක් උපකාරී වේවි.

මම ජීවිතයේ මුහුණ දුන් අභියෝග සියල්ල ජයගත් කෙනෙක්. 2010 දී, ලෝකෙ කාටවත් බැරි දෙයක් කර මට හිමි තැන දැනගත්තා. දැන් මම හදන්නෙ කරන්න බෑමයි කියලා මටත් හිතෙන සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගයයි. ඒ මට ඕන වුනත් සිංහලයන්ට ඕන නැත්නම් මට ඒක කල නොහැකි නිසයි. මේ අභියෝගය සඳහා මගේ ඉතිරි ජීවිත කාලයම වෙන් කලා. ඔබත් සුළුවෙන් හෝ දායක වේ නම්, ඉතාම වටිනවා.

ලංකාවෙ වගේම වෙනත් රටවල සිට මෙම බ්ලොගය බලන අයට මේක විශේෂයෙන් කියන්නෙ, සිංහලයන්ට හිමි තැන ලබාදීමේ අභියෝගය ඔබේ අවශ්‍යතාවයක් නම් මම මුදා හරින දැනුම සිංහලයන් අතරට ගෙන යන්න. බොහෝ විට නිකම් ලැබෙන නිසා අගයක් නොපෙනේවි. ඒත් මට ලෝකෙම දෙනවා කිව්වත් වෙන බසකින් නොලියමි. එවැනි වටින දේවල් මෙසේ මුදාහරින්නෙ සිංහලයන් දස දෙස විසිරී ඇති නිසයි.

අද මම පළමු/මුල් ම වීඩියෝව private ලෙස නම් කලා. public නොපෙනේවි. ඉතිරිය ද හෙමින් අයින් කරනවා. ඔබට පුළුවන් නම් download කර, අවශ්‍ය විට, ඔබේ රටේ ඉන්න සිංහලයන් ඉල්ලුවොත් යවන්න මා සමඟ එකතු වෙන්නෙ. අපේ උරුම දැනුම අප සතු විය යුතු වගේම අපේ දෙයක් ලෙස රැකගන්න ඕන. එය මහඟු ජාතික සේවයක්. ඒ වගේම අළුත් හිරු යුගයට දායක වී හිමි තැන ගන්න මව් බිමට එන්න ලෑස්ති වෙන්න. මට කිව නොහැකි බොහෝ වගකීම් ඇත. එය ඔබට ද බලපාන දේ විය හැකියි.

මෙන්න අද වීඩියෝවේ පුරුක ...

https://www.youtube.com/watch?v=H-FneLt2Cqg

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.