Wednesday, 16 November 2016

ගෘහස්ත ජීවිතයට ඇති අයිතිය රකිමු ...

අපට තියෙන කොට අගය නැති වුනත්, අහිමි වුනාම ජීවිතය පවා අහිමි වන දෑ බොහෝ ය. අද කතාව ඉන් එකක් වන ගෘහස්ත ජීවිතය ගැනයි. සරල ව කියනවා නම් ගුහාවක ජීවත්වීමට ඇති අයිතිය ගැනයි. මෙය තේරුම් ගැනීමට අද තමන්ගෙ ගෙදර නොගොස් රැය පහන් කරන්න. එහෙම කලොත් ඔබ මගේ කතාව නැවත නැවත බලා තේරුම් ගන්නවා පමණක් නොව ඒ අයිතිය රැකීමට මම දරණ උත්සාහයට එක හිතින් දායක වී තම හිත මිතුරු සිංහලයන්ද යොමු කරාවි.

දැනුම නැති මිනිසා අනුන්ට කඹුරණ වහලෙකි. දැනුම දරාගෙන අවතාර ගත කොට අනාගතය සුරක්ෂිත කරගන්න. මෙම දැනුම දෙන්නෙ සිංහලයන් සමඟ ඇති පාරම්පරික ලෙන් ගතුකම නිසා ය. ඔබ කාටවත් ඊට ණය නැත. මට ඔබෙන් තුටු පඬුරු හෝ වැඳුම් පිදුම් අවශ්‍ය නැත. මෙම දැනුම මගේ ය. වෙන කිසිවකු මගේ නියෝජිතයකු නොවේ. අවශ්‍ය තැන මම ඔබේ පිහිටට සිටිමි. ඔබ මම කවුදැයි හඳුනාගත් දින එය පසක් වනු ඇත. තව බොහෝ දැනුම දෙමි. එසේම නොදෙන දැනුම ද බොහෝ ය. දෙන්නේ ඔබට දරාගත හැකි ප්‍රමාණයකින් ඔබට ගැලපෙන ආකාරයටයි. ඒ මග එසේම යන්නා නිසි තැනට යනු ඇත. කඩින් කඩ යන, තමන්ට රිසි ලෙස තෝරා ගන්නා කෙළවර වන්නෙ අතරමං වී නන්නත්තාර වීමෙනි.

යමෙක් මගෙන් ප්‍රශ්ණ අසා මට වඩා දන්න බව ඒත්තු ගැන්වීමට හෝ තමන්ද මේවා දන්නවා යයි සිතන්නේ නම් ඒ යාචකයෙකි. ඔවුන්ට මගේ ඇති ඇල්ම ඉතාම අල්ප ය. සැබෑ ලෝකයෙ මගේ දැනුමට හැකියාවට සම වූවෙකු තව ම මට හමු වී නැත. සිංහල  පුරාවෘත්ත වලට අනුව කිසිදා හමු නොවනු ඇත. මම නිකම් දෙන නිසා අගයක් නැතැයි සිතන්නා අනාගතය අහිමි මූසලයෙකි. මම ලියන කියන දේ සිංහලෙන් සිංහලයා උදෙසා බව අමතක නොකරන්න.

මේ පුරුකෙන් කතාවට මග පෑදේ. නිදිමත ගතිය එපාවීම සාමාන්‍යයි. අපි ස්වභාවයෙන් තිරිසනුන් ය. අළුත් දැනුමට අලසයි. එහෙත් උත්සාහයෙන් ගන්නා අයට සතුටක් දැනේවි. එයම බලෙන් ලැබෙන විට දැඩි පීඩනයක් දැනේවි. තේරීම ඔබ සතු ය. දීම මා සතුය. නැවත හමුවෙන තුරු ආයුබෝවන්!

https://www.youtube.com/watch?v=bu2w5ksF_Ok&feature=youtu.be

No comments:

Post a Comment