Sunday 14 June 2015

ඔබ සිංහල ද? සිංහලකම ජන්ම උරුමයක් ද? නැත්නම් සිංහලකම අහිමි වන දෙයක් ද?

හුඟ කාලෙකින් තවත් වැදගත් දෙයක් ගැන ලියන්න හිතුවා. මම ලිවීමට වැඩි උත්සාහයක් නොකලේ ලියන ඒවා පත්තරේක දාන ලිපි නොව කලයුතු දෙයක් නිසා වුනත්, කියවන අය තුල "සිංහලකම " විරල නිසයි. අද බොහෝ අය තමන්ගෙ ජාතිය සිංහල බව මතක් වෙන්නෙ අන් අයගෙන් තමන් වෙන් කර "පොරක්" බව පෙන්වීමටයි. ඒ තුලම සිංහලකම දියාරු වෙනවා.

සිංහලකම එහෙම නැත්නම් සිංහල උරුමය කියන්නෙ උඩඟු වීමටවත් සිංහලයන් රැවටීමටවත් නොවේ. සැබැවින්ම ඒක ජන කොටසක් ලෙස ස්වයංපෝෂිතව ව දීර්ඝ කාලයක් ජීවත්වීම තුලින් පන්නරය ලැබූ උපතේ සිට විපත දක්වා ජීවිතයේ හැම මොහොතකම භාවිත වන තොරතුරු හා ක්‍රියාකාරකම් වල එකතුවක්.

ඉහත කී සිංහලකමේ අරුත ගත්තම අද කී දෙනෙක් ඒ අනුව ජීවත් වෙනවා ද යන්න විමසුවොත්, එකතුව ශුන්‍යයයි. ඒ කියන්නෙ ඔබ සිංහලකම නැති අයෙකු බවයි. පහත සඳහන් දේ ඔබ කරනවා නම් ඔබට ඇති සිංහලකමක් නැත. එය නැති වීමකට වඩා අත් හැරීමක් වෙනවා.

1. ඔබ මනුෂ්‍යකම පිළිකුල් කරන බෞද්ධ ආගමිකයෙක් නම්, ඔබ බදාගෙන ඉන්න උරුමය අයත් වෙන්නෙ සුනීත සෝපාක සිදට් වැනි හින්දු ශුද්‍රකම අනුව ජීවත් වන කොටසටයි. සිංහල බුධලා මනුෂ්‍යකම අගය කිරීම මුල් කරගත් අයයි. මේ දෙක අන්ත දෙකක්.

2. ඔබ සේවකයෙක් හෝ ගතේ සිතේ හැකියාව උගස්කර යැපෙනවා නම් ඔබ අයත් වෙන්නෙ ඉන්දියාවේ ඉඳලා හිඟමනේ ආ අහිගුණ්ඨිකයන්ගෙ උරුමය වූ හිඟනකම අනුව ජීවත් වන කොටසටයි. සිංහල රට, දැය, කම නැති භංග කලේ මේ හිඟනකමයි. අම්මා හෝ තාත්තා හිඟනකම උරුම වූවෙක් නම්, ඔබ අනිවාර්යයෙන් ම හිඟනකම අනුව ජීවත් වන කොටසට අයත් වෙන්නෙ. හිඟනකම කියන්නෙ මනුසතෙක් වූවත් තමන්ගෙ අත පය ගත සිත භාවිතා කිරීමට බැරිවීමයි. සිංහල ජාතිය විනාශ කල හිඟනකම කිරි හැලියකට දැමූ ගොම බිඳක් සේ හැම උරුමයක් ම නැති කල ශාපයක්. ඒ ගැන මම ලිපි කිහිපයක් ලිව්වත් බලන්න තරම් වත් සිංහලකම ඇති අය හුඟක් අඩුයි.




හිඟනකම හඳුනාගන්න අවස්ථාවක්


තමන්ගෙ ජාතිය ගැන ගෑවිලාවත් හැඟීමක් තිබේ නම් ඒක විනාශ කර සුණු විසුණු කල "හිඟනකම" කොතරම් බියකරු ශාපයක් ද අනතුරක් ද තේරුම් ගත නොහැකි නම්, ඔබ සිංහලයෙක් කීමත් සුනඛයකු සිංහ නාද කිරීම වගෙයි. හිඟනකම සිංහලයන් නරාවලකට ඇද දැමු බලපෑමක්. එය පිටු නොදැක කවදාවත් සිංහලයෙක් වෙන්න බැහැ. කොච්චර කිව්වත්, තමන් ම තේරුම් නොගෙන බේරීමක් නැති උගුලක්.

3. ඔබ පවතින ආණ්ඩුව රකින්නෙක් හෝ එය බදාගත් දේශපාළුවෙක් නම්, ඔබට වඩා සුනඛයන්ට සිංහලයන් කීම කරන්න වෙනවා. හේතුව, පවතින රජය සහමුලින්ම ඉංග්‍රීසි නිර්මාණයක්. ඒක බදාගත් දේශපාලුවන් කියන්නේ, සිංහලයන් නොව හිඟමනේ ආ මලයාලීන් හා ශුද්‍රයන් වෙනවා. හේතුව, ඔවුන්ට හිඟනකමේ උරුමය වන ලැජ්ජාව නැති කම, රැවටීම, බොරු කීම, වටින කියන හැම දේම විකුණගෙන කෑම වගේ ම තමන්ගෙ අත පය ගත සිත භාවිතා කිරීමට බැරිවීම  ප්‍රධාන චරිත ලක්ෂණ වීමයි. හිඟනුන් අන් අය දිහා බලන්නෙත් ඒ විදියටම බව අමතක කරන්න එපා.

4. ඔබට සිංහලේ තමන්ගෙ රට බවත්, සිංහල භාෂාව තමන්ගෙ බවත්,  මනුෂ්‍යකම තමන්ගෙ උරුමය බවත් සහජයෙන් (කිසිදු ආයාසකයන් යටපත් කල නොහැකි) නොදැනේ නම්, ඔබ සිංහල කතා කරන සංක්‍රමණිකයෙකි. ඔබ හොරෙකි. සිංහල උරුමය විකුණාගෙන කන ශුද්‍රයෙකි.

මෙසේ සිංහලකම කොටස් වශයෙන් ගත් කල, ඔබ වටා ඇති අයගේ ද සිංහලකම තක්සේරු කල හැක. එනයින් ඔබට මෙතෙක් ලොව බිහි වී ඇති, "පවතින" (lasting) ජීවන රටාව වන සිංහලකම පැහැදිලිව හඳුනා ගත හැක. නැවත සිංහලකම ඔබේ උරුමය කර ගැනීමට කලයුතු වන්නෙ, හඳුනා ගන්න සිංහලකමේ අංඟ ඔබේ ජීවන රටාව කර ගැනීම ය. යම් හෙයකින් ඔබ එම උත්සාහයෙන් ඔබේ ජීවන රටාවට වෙනසක් නොකරයි නම් ඔබ පරාජිතයෙකි. පරාජිතයන්ට පැවැත්මක් නැත.

ඔබ සිංහල ද?


මට තවම අංඟ සම්පූර්ණ සැබෑ සිංහලයකු හමු වී නැත. සිංහලයන් ලෙස හඳුන්වා ගන්න බහුතරය ගත් කල හිඟනකම ඔවුන්ගේ සැබෑ උරුමයයි. ඔවුන් ජීවත් වෙන්නෙ හිඟනුන් වගේමයි. එහි කොතරම් ගිලී ඇති දැයි කියනවා නම්, ඔවුන්ට අනුව සිංහලකම කියන්නේ හිඟනකමටයි. ඒ තරමටම මුලා වී ඇත. ගැලවීම ඇත්තේ තම ජීවිතය ගිලගත් හිඟනකම බිඳ දැමීමයි. ඒ සඳහා ආරම්භය මගේ ලිපි තුල ඇත. හිඟනකමෙන් නොමිදුනොත් ඔබ නැවත මනුෂ්‍යයකු නොවන කාලයක් උදාවේවි.

සිංහලකම ජන්ම උරුමයක් ද?


සැබෑ සිංහලයකු වීමට නම්, තම අවතාරික උරුමය හෙවත් කාලාන්තරයක් සිංහලයන් අතරේ ඉපදී ලැබූ උරුමය තියෙන්න ඕන. දෙමව්පියන්ගෙන් උරුම වන තාරික උරුමය සිංහල වීම ද අවශ්‍යයි. එසේ නොවේ නම්, සිංහලයකු ලෙස හිතන, ඒත් හැසිරීමෙන් අසිංහලබව පෙන්වන චරිතයක් වේ. මෙය අද ප්‍රබල ලෙස දකින අර්බුදයයි.

නැත්නම් සිංහලකම අහිමි වන දෙයක් ද?


මෙය සිංහලයන්ටත් සිංහල වීමට ඕන කරන අසිංහලයන්ටත් එක සේ වැදගත් ප්‍රශ්ණයක්. සිංහලකම යනු සිංහලයන් වූ සත්ව වර්ගයා සමඟ දිගු කලක් සම්බන්ධ වී උරුම කර දුන් හිරුගේ උත්සාහයයි. හිරු නොවන්නට තවමත් මානවයා තිරිසනෙකි. දිගු කාලයක් තුල හතර විදියකින් හිරු යුගයකින් තවත් හිරු යුගයකට දක්කාගෙන ආ මානවයා කෙසේ අද ඉන්න තැනට ආවා ද යන්න සිංහල උරුමය තුල ගැබ් වී ඇත. සිංහලයකු වීම උත්සාහයෙන් ලබා ගෙන උත්සාහයෙන් රැකගත යුත්තකි. නොඑසේ නම් සිංහලකම අහිමි වේ. බාහිර ව, හිරු විසින් නුසුදුසු එවුන් ඉවත් කර ඇති බව ඉතිහාසය තුලින් දිස් වේ. ඉහත සඳවහන් කල ආකාරයේ අසිංහල දේ කරයි නම්, ඔබට වුව සිංහලකම අහිමි වනු ඇත. එය ඔබ ඉදිරියට නොව ඉබාගාතේ යවන ක්‍රියාවකි.

තමන්ට ඕන නම්, උත්සාහයෙන් හා කැපවීමෙන් සිංහලයකු වීම කල හැක. ඒ සඳහා පරම්පරා විස්සක (20) තරම් කාලයක් හා තමන්ට මුහුණ දෙන අභියෝගවලට මුහුණ දෙන ආකාරය අනුව තීරණය වේ. සිංහලකම යනු සත්වයකුගේ ඉතාමත් වැදගත් අවස්ථාවකි. එසේ නොවී නම්, එක තැන කැකෑරෙන සත්ව ලෝකයේ හිර වේ. මිනිස් වර්ගයා ගත් කල, සංකීර්ණත්වය හා බරපතලකම ගත් විට සිංහලකම පරම කමයි. එය පසුපස ඉතා වැදගත් කාර්ය භාරයක් ඇත. එසේම, සිංහලකම යනු තේරීමක් මිස,  පිනට දීමක් නොවේ. කවදාවත් බොරුවෙන් මුලාවෙන් හෝ සිංහලයන් අතර ඉඳ සිංහල වෙස් ගැනීමෙන් සිංහලයකු විය නොහැක. එසේ කිරීම ආපසු ආරම්භයට යන පොටකි.

සිංහලකම යනු ජීවත්වීමට හදපු කමකි. එය හිමි ජීවිතය අගයන අයට පමණි. එසේ නොවේ නම්, කවදාවත් සිංහලයකු නොවේ.