Wednesday 11 February 2015

"බුදුන් ලංකාවේ උපන්නේ ද?"

 පසුගිය කාලේ රටේ ඇති වූ අනපේක්ෂිත වාතාවරණය නිසා මේ ලිපිය දාන්න පමා වුනා. මේක මිත්‍රයකු නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරක්. සිංහලයන් ගැන කතා කරන කොට අද සිංහලයන් සම්පූර්ණයෙන් ම මුලා වූ කොටසක්. කෙටියෙන් කියනවා නම් සිංහලයන් තමන්ගෙ කියන හැම උරුමය ම ඔවුන්ගෙ නොවෙයි. උදාහරණ ලෙස ආණ්ඩුව 100%ක් ම ඉංග්‍රීසි කොළණි ආයතන වල එකතුවක්. ඔවුන්ගෙ ඉතිහාසය ලෙස දකින්නේ ඉන්දියාවෙ ඉඳලා හිඟමන් යදිමින් ඇවිල්ලා පදිංචි වුනු හින්දු/දෙමළ/ද්‍රවිඩ කොටස් ගෙනා මතකයයි. ඇත්තට ම සිංහල ජාතිය නිරූපණය කරන්නෙත් මෙලෙස විත් සිංහල බස යන්තමින් දත් හිඟනුන් ය. එවැනි අර්බුදයකට මුහුණ දෙන සැබෑ සිංහලයන් ගත්තම ඔවුන්ගේ ජීවන රටාව සිංහලකමෙන් බැහැර වීමට බලපෑ ඇදහිලිත් නිරූපණය කරන්නෙ මෙලෙස විත් සිංහල බස යන්තමින් දත් හිඟනුන් ගෙනා ඇදහිලි වීම පුදුමාකාර විපරිතයක්. අද ඔවුන් බෞද්ධාගම හෙවත් බුධ ආකම ලෙස එය හඳුන්වනවා. වචනය තුලම එය සිංහල නොවන දෙයක් බව සනාථ වුවත්, ඔවුන්ට කිසිම හැඟීමක් නැතිව එය තමන්ගෙ පැවැත්මට, සැබවින් ම "නැවැත්මට" යොදා ගන්නවා. මෙහි දී "බුධ ආකම" ලෙස මෙම ඇදහීමට නම් දීමට නම් ඒ එන විටත් "බුධ කම" ලෙස ඔවුන් ඇදහූ යමක් පැවතුන බව සරලව තේරුම් ගත හැකි දෙයක්. අද පවතින බෞද්ධාගම හෙවත් බුධ ආකම ගතහොත්, ඉන්දියාවෙන් ආ හිඟනුන්ට ආවේනික ඇදහිලි හා සිංහලයන්ගේ ඇදහිලි වල අච්චාරුවක් බව පැහැදිලියි. ඒත් 1815ට පෙර පැවති වසර දහස් ගණනක ද්‍රවිඩ පාලනයත්, එය පාවා දී 1815 සිට ඉංග්‍රීසීන්ගෙන් හිඟා ගත් බලතල නිසා "ඉන්දියාවෙන් ආ හිඟනුන්ට ආවේනික ඇදහිලි" මුල් තැන ගෙන සිංහලයන්ගේ ඇදහිලි වලට ගරහන තැනට "සිංහල බෞද්ධ" වෙස් ගත් හිඟන සංක්‍රමණිකයන් ඉදිරිපත් වෙනවා. මේක අන්තර්ජාලයේ බහුලව පවතින හැසිරීමක්.

"ඉන්දියාවෙන් ආ හිඟනුන්ට ආවේනික ඇදහිලි" මුල් තැනට ඒම නිසා බුධ ගත් තැනට පත්වෙලා ඉන්න බුද්ධ (සිංහලකරණය වූ බුධ් කියන හින්දි වචනය) පවා ඉන්දියාවේ හිටපු කෙනෙක් වෙලා. සැබැවින් ම "පරම බුධ" (බුධ යන නම දැරූ පළමු කෙනා) ඉන්දියාවෙ හිටපු කාලෙ හිටියදවත් නොදන්න හිඟමනෙන් යැපුන කෙනෙක්. එම කෙනා ගැන කතාකිරීමත් ලැජ්ජාවට කාරණයක් වුනත්, සිංහලයන් මුලාවෙන් ගැලවීමට මෙසේ ලියමි.

මෙතැන් සිට මිතුරාට කී දේ සංස්කරණය කර දමමි.............................

සමහර වෙලාවට අපේ හැකියාවන්ගෙ ඇති නොහික්මුණු බව නිසා හරියටම නොකියවා තීරණ ගැනීම (JUMP TO CONCLUSIONS) ගැන හොඳ උදාහරණයක් මේකෙ තියෙන නිසා මෙසේ එකතු කරමි. මෙය මෑතකදී මිත්‍රයා මගෙන් ඇසූ "බුදුන් ලංකාවේ උපන්නේ ද?" යන ප්‍රශ්ණයට මා විසින් කල හැදැරීම් වල තොරතුරු බිඳක් ලිවීමටත් උපයෝගී කර ගනිමි.

මෙම ලිපියට බලපෑ බුකියේ වූ සඳහනක මුල් වාක්‍යය වන "සිංහල රජු විසින් ජනාවාස කරන ලද්දේ නුයි සිංහල ද්වීපය යන නම හටගත්තේ ය." යන වැකිය තුල  තියෙනවා තමන්ගෙ නොදැනුවත් කම පෙන්වන වටිනා හැසීරීමක්. ඒකට මම කියන්නෙ චක්‍රීය මූලධර්මය (Circular Theory) වැනි හැඳින්වීමක්. සරල ව කියනවා නම් වටේ යාම නිසා එක තැන කැරකෙන ආකාරයේ මතයක්. කලකට පෙර මා සමඟ සයිබරේ දී ගැටුනු භික්ෂුවක්, මම සිංහල යන වචනයේ තේරුම ඇහුවම මේ වගේ ම වටේ ගියා. ඒක හෙළි කලා ම ඔහු අතුරුදහන් වුනා.

විස්තරාත්මක ව කියනවා නම්, සිංහල රජු කියන එකේ ඇති "සිංහල" කියන කොටස තියෙන නිසා මේක ගොන් කතාවක් වෙනවා. එනම් සිංහල රජු කියන්නෙ සිංහලයන්ගෙ නායකයා වීමයි. මීට වඩා ප්‍රසිද්ධ කතාවක් වන කුකුලා ද බිත්තරය ද පළමුව බිහි වුනේ යන මතය ගත්තම ඒකත් මේ චක්‍රීය මූලධර්මය (Circular Theory) පෙන්වන අගමුල පැටළුණ කතාවක්. ඒත් මේක සැබෑ (ස්වාභාවික) පරිසරයෙන් දකින්න පුළුවන්. කුකුලා බිහිවීමට අනිවාර්යයෙන් ම කුකුල් බිත්තරයක් අවශ්‍යයි. ඊට අමතරව කිකිළියකුත් තව බිත්තරයකින් ආ යුතුයි. ඒ දෙදෙනාගේ එකතුවෙන් බිහි වෙන "අළුත්" බිත්තරයකින් තවත් කුකුලෙකු හෝ කිකිළියක බිහි වෙනවා. මෙතන සැබෑව කාටත් පිළිගත හැකියි. ඒත් කුකුලා ද බිත්තරය ද පළමුව බිහි වුනේ යන මතය ගත්තම, ඒ තුලින් බිත්තරයෙන් එන එකා ඒ බිත්තරය ම වෙලා කුකුලා වෙනවා යන හැඟීම දුන්නත් ඒක සැබෑවට හුඟාක් ඈතයි.

ඉහත සඳහන් සිංහල යන වචනය සදාකාලික ව පැවතියා නම් කියන කතාව හරි. ඒත් ඒක සැබෑව නොවේ. මේ වචනයේ බිහිවීම සැබෑව තුලින් හෙළි කල නිසා නැවත නොලියමි. මේ වගේම හතර බීරි කතාවක් ජීවීයේ ඇතිවීම නැතිවීම ගැනත් අද ගෙතිලා තියෙනවා. එය "කර්මය" යන අද්භූත චක්‍රීය මූලධර්මය (Circular Theory) යොදාගෙන පැවසීමත් මෙවැනි දෙයක්.

මේ වාක්‍යය තුල ඇති අසිංහල බව හා ආවේණික ගතිය ගත්තම දෙමළ අය ගේ ගෙතුවක් බව තහවුරු වෙනවා. කාලය සීමිත නිසා ඒ ගැන නොකියමි.

ඊ ළඟට ඉහත සඳහන් කල ප්‍රකාශයේ, "සිංහල" දිවයින මනුෂ්‍ය වාසයක් කලේත්, සිංහල ජාතිය පටන් ගන්නා ලද්දේත් තමන් යයි ගෞතම බුදු රජාණන් වහන්සේ කෙනෙක් ශ්‍රී මුඛයකින් වදාරලා තියෙනවා. මේ ශ්‍රී මුඛය මොකක් ද නොකියා, මේ කතාව විග්‍රහ කරන්නම්.  මේක මෑතකදී සිංහල වෙස් ගත් ඉන්දියාවෙන් ආ හිඟනුන් අමු අමුවේ විකෘර්ථි කල සැබෑ සිංහල උරුමයේ කොටසක්. මුල් උරුමයේ තියෙන්නෙ සිංහල ජාතිය බිහි කලේ හිරු දෙවියන් බවයි. දෙමළ මුඛ වලින් හිරු කියන්නේ සූර්යයා යයි විකෘර්ථි  වුනත්, සැබෑ හිරු හෙවත් හූරා කියන්නේ සිංහලයන් අතර ඉපදුන කෙනෙක්. හිඟනුන් කියන්නෙ ලැජ්ජාවක් නැති උන් කියලා මම නැවත නැවත කියන්නෙ, උන් තම බඩ වියත රැක ගැනීමට නොකියන නොකරන දෙයක් නැති නිසයි. වෙනත් ආකමක හිඟන්නෙක් තමන් දෙවියන්ගෙ පුතා යයි කියලා කුරුසෙ ඇණ ගහලා මැරුම් කෑවා. මෙහි දී දෙවියන් බුදුන් කියන චරිත හඳුනා නොගත් මිනිසුන් මුලා කර රවටා තමන්ගෙ යැපීමට ඔවුන් කොටුකර ගැනීමක් පෙන්වනවා.

ඉහත කතාවෙ ඉන්න ගෞතම බුදු රජාණන් වහන්සේ හිටියෙ කොයි දීපංකරේ ද කියලා බැලුවොත්, ඒකත්, මෑතකදී සිංහල වෙස් ගත් ඉන්දියාවෙන් ආ හිඟනුන් අමු අමුවේ විකෘර්ථි කල සැබෑ සිංහල උරුමයේ කොටසක් බව ඔප්පු වෙනවා. බුකියේ/අන්තර්ජාලය තුල වූ විශාරදයකුට අනුව ගෝතම (ගෞතම) යන වදනේ අරුත ගවයන්ට නායකයා ලෙස දැක්වීම සිහි කර, ගවයන් අතරේ එවැන්නකු සිටියා දැයි සෙවීම ඔබට භාරයි. සැබෑ සිංහල උරුමයේ  අසිංහල නමක් වන ගෝතම (ගෞතම) ලා නැත. හිටියේ තේමිය බුධ නමැත්තෙකි. ඔහුට රට හැර දා යාමට සිදු විය. "ගිය තේමිය" යන්න දෙමළකරණය වී ගෝතම (ගෞතම) කර සිංහල බුධගේ වෙස් පැළඳූ සිදට් ස්වාමි නම් අය ගැන මේ මහා කෙප්පය ගෙතුවේ දෙමළ ශ්‍රී මුඛ වලින් බව පැහැදිලි ය. දෙමළ හැසිරීම එයයි. ඕන දෙයක් තමන්ගේ දේට පටලවා තමන්ගේ යයි නොකියයි නම් ඒ දෙමළකු නොවේ.

තේමිය බුධ ගැන ද මම කියා ඇත.


සිංහලයන්ගේ උරුමය ගැන සෙවීමේ දී, බෞද්ධ ආකමිකයන් යයි කියාගන්න උන් ලියා ඇති පතපොත සියල්ල තම ආකම සිංහලයන්ට පැටවීමට ගෙතූ කෙප්ප බව මතක තබා ගත යුතු ය. නානා ප්‍රකාර ජාතක කතා හා පත පොත යනු සිංහලයන් මුලා කිරීමට භික්ෂූන් (මේ දෙමළ වචනයකි) ගෙතු කතා බව ඔවුන්ගේ ශ්‍රී මුඛ වලින් අද කියවෙන බව මතක් කරමි. එසේම කුරුස ආකම, හින්දි ආකම, මූසල ආකම ද මෙවැනිම කතා ගොතා සැබෑ සිංහල උරුමයේ කොටස් උඩුයටිකුරු කර ඇත. ඔවුන්ගේ කතා, මූලාශ්‍ර නොව විකෘර්ථි වූ ආශ්‍ර ලෙස ගත යුතු ය. සැබෑ සිංහල උරුමය සොයන විදිය දත්තෙකුට මේවා තුලින් වූ විකෘර්ථිවීම් පැහැදිලි වේ.


මිත්‍රයා මගෙන් ඇසූ "බුදුන් ලංකාවේ උපන්නේ ද?" යන ප්‍රශ්ණයට මා විසින් කල හැදැරීම් වල තොරතුරු බිඳක් ලිවීමට දැන් උත්සාහ කරන්නම්. සිංහලයන්ගෙ අතීතයේ සිදුවීම් සොයන කොට, ඒ උරුමයේ අද සැබෑව ලෙස ගොඩ නැගී ආ භාෂාව හා හැසිරීම් රටාව හඳුනා ගෙන ඒ අතීතය දකින්න ඕන. ගෝතම කෙනෙක්, සිදට් කෙනෙක්, බුදුන් කෙනෙක්, වහන්සේ කෙනෙක්, විශේෂයෙන් ම අප කතා කරන ආකාරයේ කෙනෙක් හිටියා නම් ඒ බව පැහැදිලිව ම භාෂාව හා හැසිරීම් රටාව  තුල රැකිලා තියෙන්න ඕන. මම කී ගෝතම, සිදට්, බුදුන්, වහන්සේ යන වචන කිසිවක් සිංහල නොවේ. ඒවා සිංහලයන් අතරට හිඟමනේ ආ ශුද්‍රයන් ගෙනා වචන බව කිව හැකියි. අද සිංහල ජාතිකයන් ලෙස විවිධ සංක්‍රමණික කොටස් පෙනී හිටිනවා. අද රාජ්‍ය බලය තියෙන්නේ සිංහලයන් අතරට හිඟමනේ ආ ශුද්‍රයන් අත බව දැකීම අත්‍යාවශ්‍යයි. සිංහල භාෂාවෙ නැති වචන කිසි සේත් සිංහල අතීතයට අයත් නැහැ.

ඒත් සිංහලයන් අතර තියෙනවා බුධ හා තේමිය කියලා වචන දෙකක්. ඒවා වෙන කිසිම භාෂාවකින් අරුත් නොදෙන සැබෑ සිංහල අරුත් දෙනවා. මෙම බුධ කියන වචනය පසුව හින්දූන්ට බුද් වූ බව ඔවුන්ගෙ උරුමය තුල තියෙනවා. පසුව දෙමළුන් හරහා බුද්ධ වී සිංහලට ආවේ, මේ බුද් කියන හින්දි වචනයයි. එහි අරුත දැකීමට හින්දි අතීතය බලන්න ඕන. හින්දීන් කියන්නෙ සිංහලයන් නොවන නිසා, ඒ ගැන මෙතන නොකියමි.

බුධ යන වචනය කවුරුත් දන්න එකක්. සිංහලයන්ට අනුව බුධ දෙවියන් කියලයි අදහස් කරන්නෙ. බුධ යන වචනය මුල් කරගත් සිංහල වචන එය සිංහල උරුමයක් කියා පෙන්වනවා. අළුත් තොරතුරු ටිකක් කියනවා. විශේෂයෙන් ම හිරු දෙවියන් (මෑත භාවිතයේ මනු හෙවත් විෂ්ණු = විශ්ව මනු) සතු අවතාර දහය ගත් කල, බුධ අවතාරය නියෝජනය කරන්නේ, ජීවීන්ට වෙනස් කල නොහැකි, ජීවීන්ගෙ ඇති වීම හා පැවතීම තීරණය කරන දැනුමයි. වෙන විදියකට කියනවා නම් අපට බාහිර ව අප පාලනය වන ආකාරය කියන දැනුමයි.

බුධ යන වචනය ගත හොත් එය බහුලව යොදා ගත් නමක්. බොහෝ නම් අගට බුධ කියන කොටස භාවිතා වුනා. කාෂ්‍යප (කසුබ්) බුධ වැනි නම් ඇති අය හිටියා. මේකත් සිංහ කියන කොටස වගේ නම් වලට එකතු වුන එකක්. ඒ නිසා බොහෝ බුධලා සිංහලයන් අතර සිටියා. ඒත් එසේ බහුලව හිටපු බුධලා ගත්තම නා නා ප්‍රකාර සිංහ ලා වගෙයි. ඒත් ඉතිහාසයෙන් ආ පස්සට අතීතයට යන කොට සිංහලා බුධලා ගණනින් අඩු වී එක් අයකුගෙන් ඇරඹුනා කියලා දැකිය හැකියි. එනම් මුල් ම බුධ, හෙවත් "පරම බුධ" (බුධ යන නම දැරූ පළමු කෙනා), ඉතා ම සුවිශේෂ කෙනෙක්. විශේෂ හැකියාවන් ගත්තම ඒ සියල්ල මේ බුධ දෙවියන්ගේ බව පෙන්වනවා. එසේ ම මුල් ම සිංහ යනු ද ඉතා ම සුවිශේෂ කෙනෙක් බව පෙන්වනවා.

අද පවතින තැනට අප ආ සැබෑ ගමන තහවුරු ව දත් කල, මුල් ම බුධත් මුල් ම සිංහත්, එකම කෙනෙකු බවත්, ඒ කෙනා ම හිරු දෙවියන් හා මහ සම්මත මනු (විෂ්ණු = විශ්ව මනු) යන දෙදෙනා ද මේ කෙනාම බවත් තහවුරු වෙනවා. මේ කෙනාගේ උපත් අවතාර නාම වලින් කියනවා නම්, හිරු, බුධ, කුජ (සිංහ = ශිල = ඉලා+හ්) හා ගුරු (විෂ්ණු) යන චරිතාංඟ වල මුල් වීම දක්වනවා. ඒ උපත් තුලින් මිනිසුන්ට කල බලපෑම් තවමත් මිනිස් හැසිරීම් තුල රැකිලා තිබෙන නිසා සැබෑ ලෝකය තුලින් තහවුරු වෙනවා. සතර වරම් දෙවියන් ලෙස මුලින් ම අරුත් දුන්නේ මේ සතර දේව උපත් බව කිව හැකියි. උපත් ගත් කල, මිනිස් ඉතිහාසයේ වෙනස්වීම් තුලින් තහවුරු කලොත් මුල් ම බුධ (බුධ දෙවියන්) බිහි වුනේ මීට වසර අනූ දාහකට (90,000) පමණ පෙර බව පැහැදිළි ව පෙන්වන තොරතුරු අදත් ඇති සැබෑ ලෝක දත්ත වලින් පෙන්විය හැකියි.
හින්දූන්ට අනුව බුධ දෙවියන් යනු විෂ්ණු දෙවියන් උපදින එක අවතාරයක් යයි කීමෙ ඇත්තක් තියෙනවා. ඒත් යුග අවශ්‍යතා අනුව කල යුතු කාර්යය මුල් කරගෙන ඊට සරිලන උපතක් ලැබුවත්, හැම දාම තුන් ලොවට (අතීතයට, වර්තමානයට අනාගතයට) අධිපති, දස බලධාරී කෙනෙක් ඉන්න බව ජීව ලෝකය හැම අතින්ම තහවුරු කරනවා.

අහපු ප්‍රශ්ණයට කෙලින් ම පිළිතුරු දෙනවා නම්, ප්‍රථම බුධ (බුධ දෙවියන්)ගෙ උපත වුනේ සිංහල රටේ සිංහල ජාතිය බිහිවුන විශේෂ තැනකයි. එවැනි බලැති කෙනෙකුගේ උපත අහඹුවක් නොව කාළීණ තේරීමක්. මිනිස් ලෝකයේ කේන්ද්‍රය සිංහල රට බව අදත් අළුත් දේ මුලින් ම ඇරඹෙන තැන ලෙස සිදුවීම් හරහා තහවුරු වෙනවා. මේ මුල් ජීවියා හිරු දෙවියන් (වඩාත් ම සුදුසු වචනය වන්නේ "පරම දෙවි") ලෙස ගතහොත්, අද නැවත ඇවිත් මිනිස් අනාගතය තීරණය කරන බව කියලා තියෙනවා. ඒ අනුව ඔය කියන හිරු දෙවියන් සිංහලයන් අතර සිටින බව මම දකිනවා. මිනිස් වෙස් ගත්තම වෙනස් බව නොපෙනුනත් කරන කියන දේ තුලින් හඳුනා ගන්න පුළුවන්. එය තහවුරු වූ නිසා මමත් සිංහලයන් හා ගැවසී ඒ ගැන සොයනවා.

ඒත් අද ප්‍රසිද්ධ මතය වන සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ කියන්නෙ දෙමළු ගොතපු මහා කෙප්පයක්. හිටපු කාලෙ, දහසකුත් එකක් නිඝන්ඨයන් අතර තමන් බුද් කෙනෙක් ලෙස හඳුන්වාගත් සිදට් නම් හින්දු ස්වාමී යනු ශුද්‍ර කුල උපන් හිඟමනෙන් යැපුනෙකු බවට සැබෑ සාක්ෂි අද බහුතරය අදහන බෞද්ධ ආගම (බුධ කම හා මුසු කල හින්දු ශුද්‍ර ජාතික හිඟනුන් ගෙනා ඇදහීම්) තුල තියෙනවා. අන්ත දෙකක ඇති ඇදහීම් දෙකක් එකට ඇනී අද පවතින දේ ගත්තම සම වෙන්නෙ බත් හා අශූචි සම සම ව මිශ්‍ර කල බෙදූ කෑම පිඟාණකටයි. කරන කියන දේවල් එකින් එක ගෙන වෙන් කල විට බුධ කම හා ඊට පරස්පර බුධ ආකම වෙන් කරන්න පුළුවන්. ඒක පසුවට දාමු. මම ඔබට පිළිතුරු දුන්නා යයි සිතමි.

මිතුරාට කී දේ මෙතනින් නිමයි.........

සිංහලයන් අද සිටින තැන ගත් විට මෙවැනි මුලාවීම් අරුමයක් නොවේ. එය සිංහලයන්ගේ ඉදිරි ගමනට දායක වන දුර්වලතා හඳුනා ගැනීමකි. සිංහලයන් නැවත නගා සිටුවන්නේ ද සැබෑ බුධකම නැවත ගොඩ නගන්නේ ද දියසේන යයි ඓතිහාසික ව පැවසේ. එය එසේම වන බව අද ස්ථීරව කිව හැක.

මෙතෙක් ගොඩක් දේ ගැන කීවත් නැවත සිංහලකම තමන්ගේ ජීවන රටාව කරගන්නා ආකාරය පැහැදිලි ව නොකීවෙමි. දැන් එයට කාලය උදා වී ඇත. එහි පළමු පියවර ලෙස "සිංහලයන් තමන්ගේ දේ ලෙස සලකන සියල්ලම සැකයට හා අවිශ්වාසයට බඳුන් කර, ඒ තුල ඇති අසිංහලබව හෙවත් තමන්ට නොගැලපෙන බව තරයේ අවබෝධ කර ගත යුතු ය. උදාහරණ ලෙස: ජීවිතය නිවීම යනු සිංහලකමේ කොටසක් හෝ යන්තමින් සිතෙන තාක් කල් ඔබට සිංහලයකු විය නොහැක. මෙම හැඟීම තුරං කිරීමට නම් එය තමන්ගෙ උරුමයක් නොවන බව නිතර සිහි කරන්න. ඒ වෙනුවට සිංහලකම කියන්නේ ජීවිතය රැකීම බව තරයේ සිහිපත් කර බදාගන්න. එය නැවත සිංහලයකු වීමට තබන පළමු පියවරයි. ඉතිරිය පසු ව කතා කරමි.


පසුව ලිවීම: මෙතෙක් සිංහලෙන් ලිවීම සයිබරය තුල සුරක්ෂිතව පැවතින. දැන් එසේ නොවන බව පරිවර්තන පහසුකම් තුලින් දිස් වේ. එම නිසා අඩු ලුහුඬු කම්, වාක්‍ය තුල පැටලීම් තිබුනත් සංස්කරණය නොකරමි. පැහැදිලි කිරීම් අවශ්‍ය නම් විමසන්න.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.