Sunday, 15 June 2014

"සිංහල ජාතිය" හඳුනා ගැනීම

අද ජාතිය කියන වචනය දැඩි ලෙස විකෘර්ථි වූ වචනයක්. විශේෂයෙන් ම ඉංග්‍රීසි භාෂාව හෝ සිංහල භාෂාව තමන්ගෙ උරුමය නොවන, එහෙත් සිංහලයන් අතරට පැමිණ, සිංහල වචන කිහිපයක් දන්න සංක්‍රමණික උරුමය ඇති අය, ජාතිය කියන්න National කියන අරුත යයි කර ඇති විනාශය මෙයට හේතුවෙනවා. ඉංග්‍රීසින් ගත්තම English හා British කියන්නෙ National කියන එකම අරුත නොදෙන්නා සේ සිංහල වචනයක් වන ජාතිය යන වචනය ද ඊටම ආවේණික අරුතක් ගන්නවා.

ජාතිය යන වචනය යෙදෙන ආකාරය ගත්තම, ඒක මිනිසුන්ට පමණක් සීමා නොවූ වචනයක් බව භාවිතය තුලින් දකින්න පුළුවන්. එක එක කෑම ජාති, පළතුරු ජාති, ගස් ජාති, අල ජාති යන යෙදුම් ගත්තම, එහි අරුත පැහැදිලි වෙනවා.

මෙහි දී වඩා ම වැදගත් වෙන යෙදුම තමයි "සිංහල ජාතිය" කියන එක. ඒත් ඉංග්‍රීසීන් හඳුන්වා දුන් උප්පැන්නය හා මවගේ ජාතිය දරුවාගේ ජාතිය ලෙස, හරිහමන් තාත්තා කෙනෙක් නැතිව බිහි වූ දේශපාලුවන් පැන වූ නීති හරහා තමන් අයත් "සිංහල ජාතිය"ට යයි බලෙන් සිංහල වූ අසිංහලයන් හැසිරෙන ආකාරය ගත්තම, "සිංහල ජාතිය" යනු තේරුමක් නැති යෙදුමක් වීම නිසා යම් ආකාරයක සම්මතයක් ගොඩ නැගීම මගේ පරමාර්ථයයි.

"සිංහල ජාතිය"ට අයත් වීමට නම් තමන්ගේ දෙමව්පියන්ගේ දෙමව්පිය බස සිංහල විය යුතුය. අද බොහෝ අසිංහලයන් "සිංහල ජාතිය"ට හිමිකම් ගැනීමට මවගේ භාෂාව යොදා ගැනීම පිළිකුල් සහගත ය. දරුවකු මවගේත් පියාගෙත් උරුමය පොදි බැඳගෙන මෙලොවට බිහි වී හැදෙන්නේ වැඩෙන්නේ "දෙමව්පියන්" සමඟ ය. මෙහි දී මව සහ පියා, දරුවා සතු තම උරුමය පණ ගන්වන්නේ තම හැසිරීම තුලිනි. වෙනත් ජාතියක පියෙකුට කෙසේ වත් "සිංහල ජාතිය"ට උරුම ගති ගුණ දිය නොහැකි බව සැකයෙන් තොර ය. සමාජය තුලින් මේ බව තහවුරු වේ.

ඊ ළඟට දෙමාපිය උරුමයෙන් "සිංහල ජාතිය"ට අයත් වුව ද, දරුවා එම ජාතීයට අයත් වීම හෝ නොවීම තීරණය වන්නේ හැසිරීම තුලින් තමන් කෙතරම් සිංහලයන්ට සමාන ද යන්න මත ය. මෙහි දී, "සිංහල ජාතිය" සතු ආවේණික ගති ලක්ෂණ නැති කවරකු වුව ඊට අයත් යයි කීම, "සිංහල ජාතිය"ට කරන බලවත් අපරාධයක් වේ. මෙහි දී "සිංහල ජාතිය" හඳුනා ගැනීම අවශ්‍ය වේ. විවිධ ජාතීන් ගේ ජීවන රටාව බාහිර කෝණයකින් අධ්‍යයනය කල විට, ඒ ඒ ජාතියට පමණක් ආවේණික ජීවන රටාවක් ඇත. එක් එක් ජාතිය තුල සිටින මිනිසුන් ගේ ජීවන රටා ගත් විට, එනම් මොහොතින් මොහොතට ජීවත් වීම ගත් විට, දක්වන ජීවන රටාවන් එකතු කල විට, එම ජාතිය නිරූපණය කරන්නේ යයි කිව හැක.

මෙහිදී මිනිසාගේ සැබෑ (ස්වාභාවික) උරුමය වන තිරිසන්කම අනෙක් සියලුම ජීවීන්ට පොදු වූ ජීවන රටාවක් බව කිව යුතු ය. ඒ තුල, ජීවත් වීම යනු සැබෑ (ස්වාභාවික) හැඟීම් මත ක්‍රියා කර පණ රැක ගැනීමයි. මෙහිදී තමන්ට පාලනයක් නැති ජීවන රටාවක සතුන් කොටු වී ඇත. එය තමන් ගොඩ නැගුවක් නොව, බාහිරව ගොඩ නැගුවක් බවත්, ඒක වෙනස් කිරීම තමන්ගේ හැකියාවන්ට වඩා ඉහළ බවත් පෙන්වන සාධක බොහෝ ය. කලින් ජීවයේ බිහි වීම ගැන කතා කල විට, ගත යනු කෑල්ලෙන් කෑල්ල එකතු වූවක් නොව අංඟ සම්පූර්ණ ව බිහිවීම ජීවය රැකීමට අවශ්‍ය බව කියමි. ඊට හේතු ලෙස, පරිසරය තුලින් එවැනි කෑල්ලෙන් කෑල්ල එකතු වීම පෙන්වන ජීවීන්ගේ කෑලි නැති වීමත්, ඉන්න සියලු ජීවීන්ගේ කෑල්ලක් හෝ ඉවත් කල විට එය ජීවිය රැකීමට දැඩි සේ බලපාන බවත් දැක්විය හැක. මෙම සැබෑ (ස්වාභාවික) උරුමය කෙසේ ලැබේ දැයි කීම මගේ අරමුණ නොවේ.

මිනිසුන් ගත් කල, උපතින් මේ සැබෑ (ස්වාභාවික) උරුමය රැඟෙන උපදින බව දරුවන් ගේ හැසිරීමෙන් පෙන්වනවා. ඒ අතරේ ඊට අමතර උරුමයක් ද කරපින්නා ගෙන උපදින බවත්, එය එකිනෙකාට වෙනස් වීමත් දරුවන් ගේ හැසිරීමෙන් පෙන්වනවා. එහෙත් එම දරුවන් වැඩිහිටියන් වන විට හැසිරෙන ආකාරය, එකිනෙකාට වෙනස් වුව ද, එක්තරා ආකාරයක සැබෑ (ස්වාභාවික) උරුමයට පිට හැසිරීමක් පෙන්වනවා. මෙන්න මේ වෙනස විවිධ ජාතීන්ට ආවේණික හැසිරීමේ උරුමය ලෙස දැක්විය හැකියි. විවිධ ජාතීන්ට ආවේණික හැසිරීමේ උරුමය ගත් කල, එය හා සැබෑ (ස්වාභාවික) උරුමය අතර විවිධ ප්‍රමාණයෙන් වෙනස දක්වනවා. මෙහි දී, විවිධ ජාතීන්ට පොදු වූ ද, ඒ ඒ ජාතීන්ට ආවේණික වූ ද, තවත් ජාතීන්ට අයත් නොවන වූ ද, ගති පැවතුම් සමූහයක් හඳුනා ගන්න පුළුවන්. මෙහි දී පුද්ගලයන් ලෙස, පවුළක් ලෙස, සමාජයක් ලෙස වගේම ජාතියක් ලෙස ජීවත් වීමට උපකාරී වන දේ තුලින් මේ සමූහය හඳුනා ගත හැකියි.

සිංහලයන් ගත් කල, වෙන කිසිදු ජාතියකට වඩා සැබෑ (ස්වාභාවික) උරුමයට එහා යන ගති පැවතුම් සමූහයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම අන් හැම ජාතියක් ම සංකේතවත් කරන ප්‍රධාන උරුමය ඔවුන් බැහැර කිරීමත් දකින්න පුළුවන්. ඒ තුල එකට සිටීමත්, ජාතීන් ලෙස බෙදීමට හේතු වූ සාධකත් මනාව පිළිබිඹු කරනවා. මෙය එකට එකතුවන මිනිසුන් අතර ඇතිවන සබඳතා වගේ ම විරුද්ධතා වලට සමීප වීම පැහැදිලිව මහා පරිමාණයෙන් යෙදීමක් ලෙස අරුත් දිය හැකියි.

මෙහි දී, සිංහලයන් කාටත් පොදු උරුමය වන භාෂාව ඉතා වැදගත් ප්‍රථම තැන ගන්නවා. ඒ තුලින් සිංහලයන් හා සිංහලයන් නොවන ජාතීන් හඳුනා ගත හැකියි. යමෙක් සිංහල භාෂාව ප්‍රතික්ෂේප කරයි නම්, ඒ කෙනා සිංහලයකු යයි කීම වැරදි ය. මෙය බාහිරව උරුම වූවක් විය හැකි දෙයකි. මෙහි දී තමන් හැදෙන වැඩෙන සමාජය දැඩි ලෙස ජාතිකත්වය තෝරා ගැනීමට බලපානවා. අද සිංහල ජාතිකයකුට හිමි උරුමය දිස්වන හැසිරීමක්, තමන් සිංහල යයි කියන කිසිවෙකු තුලින් මුළුමනින් හෙළි නොවීම, සිංහල ජාතිකත්වය කොතරම් පරිහාණියට ලක් වී ඇති දැයි පෙන්වනවා.

මෙහි දී සිංහල ජාතිකත්වය ගොඩ නැගීම සඳහා තමන් සිංහල යයි කියන සියල්ලන්ගේම හැසිරීම හඳුනා ගන්න ඕන. එසේ බැලූ විට, සිංහලයන්ට පමණක් ආවේණික වූ මෙන්ම, සිංහලයන් සම්පූර්ණයෙන් ම පිටු දකින උරුමයන් ඇති අය, තමන් සිංහල යයි කියන අය අතර සිටීම දකින්න පුළුවන්. එනම්, සිංහල ජාතිකයෙක් වීම එකම සමාජයක ඉපදීමට වඩා එහා යන විදියකින් බිහි විය යුතු බව පෙන්වනවා.

විවිධ ජාතීන් මෙලෙස අධ්‍යයනය කල විට, ඒ ඒ ජාතියට ආවේණික හා අනෙක් ජාතීන්ට ද පොදු වූ ගති පැවතුම් හඳුනා ගන්න පුළුවන්. ඒ සියල්ල මූළික ජාතීන් හතරකට බෙදිය හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ, එම මූළික ජාතීන් හතරකට උරුම ආවේණික හැසිරීම් රටාවන්, එකම දෙමව්පියන්ට දාව උපදින දරුවන්ගේ උරුම ආවේණික හැසිරීම් රටාවන් හා සම වීමයි. මේ බව, පිරිමින්ට හා ගැහැණුන්ට ආවේණික ගති ඉවත් කර බැලූ විට, සිංහල (සිංහ+ලොකු), දෙමළ, හින්නි හා මූසල යන නම් හතරින් කියන ජාතීන්ටත්, එකම  දෙමව්පියන්ට දාව උපදින දරුවන්ටත් යොදන සිංහල වචන හරහා තහවුරු වන නිසා, සිංහලයන් ඒ ගැන දැන සිටි බව කියනවා.

ජාතිකත්වයත්, මිනිසුන්ට උරුම වන අඟපසඟ මෙන් ම ස්වයංතීරණයකින් ලබා ගත නොහැකි උරුමයක් නිසා, එම උරුමය හිමි විය යුතුය. උදාහරණ ලෙස ජාතිය සිංහල වෙන කෙනෙකුට සිංහලකම වෙනුවට දෙමළකම හෝ ඉංග්‍රීසිකම පැටවීමෙන් කරන්නෙ බරපතල අපරාධයකි. එය දෙමව්පියන් ඝාතනය කල මිනීමරුවෙකුට ඔවුන්ගෙ දරුවන් හදා වඩා ගන්නට දීම වැනි ය.  ඒ අතින්, අද දෙමව්පියන් නොසිටියා නම්, දරුවෙකුට තම උරුමය හිමි වේ යයි කිව හැකි තරම් ය. බොහෝ දරුවන් නොමග යවන්නෙ ඔවුන්ගේ ආරක්ෂකයන් ම නිසා, මෙම පරිහානිය වැලැක්වීමට නම් දෙමව්පියන්ට එහා ගිය පැවැත්මක් අවශ්‍ය වේ.

අද සිංහලයන්ගෙන් පැවතෙන්නන් මුහුණ දෙන අනන්‍යතාවය පිළිබඳ අර්බුදය, අනෙක් සියලු ජාතීන්ට ද පොදු වුව ද මෙම විවරණය සිංහලයන්ට සීමා කරන්නේ, මගේ ඉලක්කය ඔවුන් නිසාය. ජාතියක් ලෙස ගත් විට කිසිදු සිංහලයකු ලෙස ජීවත්වන්නෙකු නැතැයි කලින් කීවේ, එසේ වීමට අවශ්‍ය සිංහල පරිසරයක් නැති වීම නිසා එවැනි බිහිවීමක් නොවීමය. එහෙත් සිංහලකම යනු ඉවත් කල නොහැකි කොටසක් බව තහවුරු වන්නෙ ඔවුන් අතර සිංහලකම තවමත් ජීවමාන නිසා ය. ජාතියක් යනු එම ජාතියට අයත් සියල්ලන් ම නියෝජනය කරන උරුමයන් පිළිබිඹු කිරීමක් නිසා, සමාජය තුල සිටින විවිධ පුද්ගලයන්ගේ ජීවන රටාවන් තුල සිංහල ජාතිය නියෝජනය කරන අගයන් අඩු වැඩි වශයෙන් පවතින නිසා, ඒ තුලින් සිංහල ජාතිය සතු අනන්‍ය ජීවන රටාව තෝරා බේරා ගත හැක.

තමන් සිංහල යයි කියන එකිනෙකා ගත් කල ප්‍රධාන ජාතීන් හතරේම මිශ්‍ර වීමක් පෙන්වන අතර, බහුතරය සතු අගයන් විශාල ප්‍රමාණයක් මූසල ජාතිකත්වය නියෝජනය කරන්නේ කාලීණ යුගය නිසා විය යුතුය. එසේම හින්දු හා දෙමළ ජාතිකත්වයන් නියෝජනය වන ප්‍රමාණය බැලූ විට, අති බහුතරය සිංහලකම අහිමි වූවන් හෝ සිංහල වෙස් ගත් අසිංහල සංක්‍රමණිකයන් වීම, සිංහලකම හඳුනා ගැනීමේ දී ප්‍රබල අභියෝගයක් වේ.

අද බොහෝ විට තමන් සිංහල ජාතිකයන් යයි මහ හඬින් මොර දෙන්නන් හෝ තමන් සිංහල ජාතිය නියෝජනය කරන/රකින පිරිසට අයත් යයි කියන කිසිවකු සිංහල ජාතියට අයත් නොවීම සැබෑවකි. ඔවුන්ගෙ ආධිපත්‍යය හමුවේ, තමන්ගේ උරුමය ඊට පටහැනි නිසා, තමන් සිංහල ජාතිකයන් නොවේ යයි සිතන කොටස තුල සැබෑ සිංහල උරුමය ඇති බව තහවුරු වේ.

යමෙක් ජීවත් වෙන ආකාරය තුලින් සිංහලයකු වීම හෝ නොවීම මැනිය හැකි හොඳම උපක්‍රමය නම්, සිංහල භාෂාව කතා කරන සමාජය තුල ඇති සියලු ජීවන මාර්ග හඳුනාගෙන, ඊට සමගාමී ව දෙමළ, හින්දි හා මූසල ජාතිකත්වය නියෝජනය කරන රටවල පවතින සියලු ජීවන මාර්ග එයින් අඩු කිරීමයි. මෙහි දී ඉතා වැදගත් කරුණ වන්නේ, සිංහල සමාජයට අනෙක් ජාතීන් රිංඟා ගෙන සිටිය ද, ඒ කිසිදු ජාතිකත්වයක් නියෝජනය කරන සමාජයකට සිංහලයන් එකතු වීමක් නොවීමයි. එනම් සිංහලයන් සංක්‍රමණිකයන් නොවූ බවයි.

ජාතිකත්වය ගත් විට, ඉංග්‍රීසීන් වර්ණයෙන් වෙනස් වුව ද, දෙමළ ජාතිකත්වයට ඇති සමානකම නිසා වෙන් කර හඳුනා ගැනීම පහසු ය. ජාතිය හඳුනාගත හැකි විදියක් වන්නේ තමන් කරන දේ සිංහලකමට අයත් දැයි විමසීම ය. අනෙක වන්නේ තමන් කරන දේ වෙනත් ජාතියකට අයත් වූවකු කරනවා දැයි විමසීම ය.

තමන්ගේ ජාතිකත්වය තෝරා බේරා ගෙන රැක ගැනීම වැදගත් වන්නේ, වැරදීම විනාශයෙන් කෙළවර වන නිසා ය. සිංහලකම නැති සිංහලයා වඳ වන බව ඓතිහාසික දත්ත වුව තහවුරු කරනවා. නැවත නැවත ශරීරයක් බිහිකර පවත්වා ගන්නා ජීවය තමන්ගේම යයි පවතින්නෙ, පැවැත්ම තුලිනි. තම උරුමය ඉදිරියටත් හිමි වීම අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසා ය. එය අහිමි වූ විට, තමන්ට නිවසක් නැති එකෙක් අනුන්ගෙ අගු පිල් වල ලගින සේ කටුක ජීවිතයක් ගෙවයි. සිංහලයන් තමන්ගෙ උරුමය වන සිංහලකම රැකීමට දිවි පුදන්නේ ද, එය එතරම් ම වැදගත් නිසා ය. මේ ලිපිය තුලින්, ආකම් අතහැර තම උරුමය වන සිංහලකම තෝරා ගැනීමට උපකාරී වීම මගේ අභිලාසයයි. එය ඉටුකිරීම සිංහලයන්ට භාරයි.

සිංහල ජාතිය නිරූපණය කරන සිංහලකම බාහිරව සිංහලයන්ට දුන් උරුමයක් බවත්, එය දීර්ඝ කාලීණ උත්සාහයක ප්‍රථිලයක් බවත්, එසේ කලේ, ජීවීන් සතු, එහෙත් ජීවීන්ට වෙනස් කල නොහැකි උරුමයන් ජීවීන්ට ලබා දුන්න කෙනා බවත් තහවුරු වුව ද, ඒ ගැන කතා කිරීම නුසුදුසු නිසා විස්තර දිය නොහැකි වීම ගැන කණගාටු වෙමි.

(කාලය සීමිත නිසා නැවත කියවා නිවැරදි කිරීමක් නොකල බව කරුණාවෙන් සලකන්න.)


1 comment:

  1. බ්ලොගර් ෆලෝවර්එක දාන්නකෝ

    ReplyDelete