Monday 12 August 2013

මෙතෙක් මා ලියූ දෑ කියවපු අයගේ දැනුම උරගා බලන ප්‍රශ්ණ හා උත්තර වැලක්

මෙතෙක් මා ලියූ දෑ කියවපු අයගේ යහපතට මෙම ලිපිය ලෙස දමන්නේ කැලුම් ඇසූ පැණයන්ට ලියූ පිළිතුරුයි. තව බොහෝ දේ දැන ගත යුතු වුව ද, මෙතෙක් කියවූ දෑ තුලින් ඔබ ද මෙම ප්‍රශ්ණ සමඟ පොර බදනවා නම් මෙම ලිපිය වැදගත් වේවි.

කැලුම්, ඔයා අහපු ප්‍රශ්ණ ගැන සතුටු වෙමි. කියන දේ එසේ යයි පිළි නොගෙන ඉන් එහාට ගොස් විමසීම සුවිශේෂයි. ඒවාට උත්තර දෙන්න දැනට එළි දැක් වූ දත්ත ලිපි මදි. තාරය ගැනත්, නැවත ඉපදීම ගැනත්, තාරය හා අවතාරය අතර ඇති සම්බන්ධතාවය ගැනත් ලිව්වම වඩා පැහැදිළි වේවී. ඇත්තටම ලිපි ඔක්කොම දැක්කට පස්සෙ පැහැදිලි ව හැම දෙයක් ම වන ස්වාභාවික ආකාරය දැන ගන්න පුළුවන් වේවි. ඔබ ඇසූ සමහර ඒවා, විශේෂයෙන් ම අවතාරය ගැන දැකීමට නම් තාරය හා එය බැඳි පරිසරය ගැන ප්‍රත්‍යයක්ෂව දැන ගන්න ඕන. අපේ ජීවිත පවතින පරිසරය පාලනය වන, වෙනස් නොවෙන මූලධර්ම ගැන පැහැදිළිව දැන ගන්න ඕන. කෙසේ වෙතත් සරල ව උත්තර දෙන්නම්.

"අමනුෂ්‍යයන් යැයි සිතා නසන්නට, මෙලොවින් තුරන් කරන්නට සිතන තිරිසනුන්, අමනුෂ්‍යයන් හා මූසලයන් (දෙවන, තුන්වන හතරවන දරුවන් ගැන කී ලිපිය බලන්න) ගතහොත් උන්ව මැරීමෙන්/ නැසීමෙන් බලාපොරොත්තු වන්නේ තාවකාලික මැඩ පැවැත්වීමක් පමණද?"

තාරය නැසෙන එකක්. හැසිරීමට තාරය ප්‍රබලව බලපානවා. නසනවා කිව්වෙ නැති කරනවා කියන එකයි. සාමාන්‍ය බඩුවක් හදන කොට වුනත් ඉන් බලාපොරොත්තු වන කාරිය නොකෙරේ නම් රැක ගන්නෙ නැහැ නේ ද? ඒවා විනාශ කරනවා නේ ද? ද්‍රව්‍ය නැවත නැවත භාවිතා වෙනවා. තාරය හදන ද්‍රව්‍ය නැවත නැවත භාවිතයට යනවා. අවතාරය වෙනස් කිරීමක් නොකලොත් ඒ විදියට ම පවතින, සරලව කියනවා නම් virtual machines වගෙ සුවිශේෂ ද්‍රව්‍යමය නිපැයුමක්. ජීවය අද තත්වයට ගෙන ඒමට කල විනාශ කිරීම ගත්තොත් 100%කට පොඩ්ඩක් අඩු බව පෙනෙනවා. සමහර වෙළාවට අළුත් පටන් ගැනීමත් (ලෝක විනාශ) වෙලා තියෙනවා. තාරයට වෙන දේ සරලයි. අවතාරය සංකීර්ණයි. එය නිර්මාණය කරන විදිය තමයි මම දකින ප්‍රබලම විදිය (process). ලංකාවතාර සූත්‍රය යොදාගෙන සුද්දො මේ ප්‍රබලම විදිය ගැන කියනවා (utube බලන්න). ඒවා හරියට නොදැන කියනවා. දැනට ඒ ගැන කීම සුදුසු නෑ. මේ ටික කියන්නම්. අපි ගත්තම අපට ගතින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ හැම දේටම සිත සම්බන්ධයි. සිතට ඊට වඩා ගොඩාක් දේ කල හැකියි. අනන්ත අප්‍රමාණ දුර සිත යොදා තනන්න පුළුවන්. මෙම තල දෙකටම ඉහලින් තලයක තමයි සිත හදන විදිය තියෙන්නෙ. සිතේ හැකියාව ගත්තම, "එය" කොතරම් ප්‍රබල දැයි දැනෙනවා. සුළුවෙන් කියනවා නම්, ඒක, සිතනකොට ඒ සිතන දේවල් හදනවා වගේ දෙයක්. ඒක හිමි එක් අයෙකුට බව ඒකීය ස්වරූපයකින් යුත් පරිසරය තහවුරු කරනවා. ඒ සුවිශේෂත්වය හිරු, බ්‍රහ්ම, Almighty ආදී චරිත වලටත් පණ දෙනවා. මේ සුවිශේෂ හැකියාව තුලින් නොපැවතීම වුනත් කල හැකියි. ඒත් මේ චරිතය සුවිශේෂ වගේම සුවිශේෂ හැසිරීමක් ඇති බව සහතිකයි. බැරිම තැන බලය යොදන බව අපේ පැවැත්ම තුලින් ම පෙනෙනවා. ඒත් ඇවැසි තැන කරන බවත් සහතිකයි. නැවතිය නොහැකි, බලපෑම් නොකල හැකි සුවිශේෂ හැසිරීමක් ඇති කෙනෙක් කරන දේවල් ගැන කිව නොහැකි නිසා සමහර මිනිසුන් ප්‍රශ්ණ කිරීමටත් බයයි. ඒ අත්දැකීමෙන්. සිංහලයන්ට නම් අම්මා තාත්තා වෙත ඇති හැඟීමට සමාන හැසිරීමක් පෙන්වනවා. දැනට මෙතනින් නවතිමු. මම මේ ගැන අත්හදා බැලීම් කලා. මට බනින ලෙස අභියෝග කිරීම තුලින් කලෙත් ඒකයි. හිරුට හෝ හිරුට අනුව යන අයට අවමාන වන විදියට හැසිරීම දැඩි විපාක වලට හේතුවන බව මම අත්දැකපු දෙයක්.

"උන් (අමනුෂ්‍යයන්) නැවත උපදින්නේ ඒ ගතිම සහිතව නේද? අවතාරය මරණය නිසා වෙනස් වීමක් නොවන්නේද? අවතාරය ස්ථිතික නැති බවයි මට හිතෙන්නෙ...මිනිස්කම තිබුනෙකු තිරිසනකු වීම තුල උගේ අවතාරයද වෙනස් විය යුතුයිනෙ..." -

නැවත ඉපදීම ගැන නොකී නිසා උත්තර දීම අපහසුයි. උපතේ සිට විපත දක්වා සිදුවන දේවල් "කොටසක් පමණක්" නැවත ඉපදෙන ආකාරයට බලපානවා. ඒක අවතාරය ක්‍රියාකරන ආකාරයට මිස හැදුන ආකාරයේ වෙනසක් නොවේ. එසේ වීමට තෙවන පාර්ශවයක් ක්‍රියාත්මක විය යුතු බව දත්ත කියනවා. අවතාරය ස්ථීර (ස්ථිතික) වීම හෝ නොවීම තීරණය කරන්නෙ අවතාරය නොවේ. බාහිර බලපෑම නැති නම් ස්ථීර බව ජීවීන් තහවුරු කරනවා. සියලු ජීවීන් ගත් විට වඩා පැහැදිළි වුවත්, දැනට මේ ඇති. මිනිස්කම තිබුනෙකු තිරිසන් වීමක් මා සතු දත්ත හෙළි නොකරයි. එසේ වීම තමන් හෝ බාහිර පාර්ශවයක් නිසා වුනත්, බහුතරය ගත් විට, තිරිසනකු ලෙස පැවති අවතාර නැවත තිරිසනුන් වන බවක් පෙනේ. පොදු කොටස් හා ජීවි වර්ගයකට ඒකීය වූ ගති ගත් විට, ඒවා රැගෙන යන බව අත්දැකීමයි. මෑත සංචාරයේ දී මුල් ම මිනිසුන් කිහිප දෙනෙක් හමු වුනා. ඒ කියන්නේ බිහි වූ ප්‍රථම කාලයේ සිට මනුසතුන් ලෙස සිටිය අයයි. ඔවුන් ඊට කලින් සිටි සතුන් අතර ප්‍රබල කොටස් වීම විමතියෙන් මෙන් මම දුටුවා. අදත් ඔවුන් මුල් මිනිස් ස්වරූපය හෙවත් ගොරිල්ලා වැනි කොටසකින් යුතු වීම අපේ මුල් අවදිය පැහැදිලිවම නිරූපණය කලා.

"උන් (නැසූ නොමිනිසුන්) නැවත ඒ තිරිසන් ගති සමගම ඉපදී සිංහල පද්ධතියට අභියෝග කරනව නේද? නොමිනිසුන් නැසීමකට යටත් කිරීම තුලින්, නොමිනිසුන් මිනිසුන් කල නොහකි බව තහවුරු කරනවද?" - 
 
ගත පමණක් නැසුනොත් සිංහල පද්ධතියට අභියෝග කරනව.  නැවත අළුත් ගතක් හිමිවීම තුල මුල් හැසිරීම නැතිවෙනවා. ඒත් අවතාරය අළුත් තත්ත්වයට නොගැලපේ නම් අභියෝග කරන කොට එළවනවා. බලිතොවිල් තුලින් කරන්නෙ ඒ වගේ දෙයක්. කෙළෙහි ගුණ සැලකීම ප්‍රබල දෙයක්. අතීතයේ වූ දායක වීම් නිසාත් රැකෙනවා. ජීවීන් ඉදිරියට යන විදියට සුවිශේෂ රටාවක් තිබෙනවා. ඒක තමයි අපේ අසමාන බව තුලින් පෙන්වන්නෙ. පැවැත්ම/නැවැත්ම 50% - 50% සමව බෙදීම තුල 50% ක් අනිවාර්යයෙන් ම නැසෙනවා. ඉතිරිය ඇදගෙන ගියත්, නිශ්චිත අවශ්‍යතාවයක් ඉටු කල යුතු නිසා ඊට බාධා කරන උන් නසනවා. නිශ්චිත අවශ්‍යතාවය යනු ජීවත්වීමත් පැවැත්මත් සඳහා සුදුසුවීම ලෙස ස්වාභාවික දත්ත තුලින් දකිනවා. නොමිනිසුන් කියන්නෙ මිනිස්කම සඳහා තේරෙන තරඟයේ පරාජිතයන් නේ ද? පරාජිතයන්ට මරණය අත්විය යුතු බව පරිසරය තහවුරු කරනවා.

"සිංහලයන් තමන්ට එරෙහි වන්නන්, තම ක්‍රමයට හානිකරව එන්නන් එක්කො විනාශ කලා, නැත්තන් එලවා දැම්ම කියලයි මම අසා ඇත්තෙ..මතක විදියට ඔබ කිව්ව මේක...සිංහලකමට ඇති තර්ජන හඳුනාගැනීමේදි ෆීඩ් ෆෝර්වර්ඩ් කන්ට්‍රෝල් ක්‍රමය භාවිත වෙනව නේද?" -

ඔව්. සිංහලයන්ගේ පැවතීම අරුම දෙයක්. වෙන කිසිම ජාතියක් අභියෝග පිට අභියෝග වලට මුහුණ දීල රැකිල නෑ. මෙච්චර විනාශ වෙලත් අපි හැසිරෙන්නෙ කොහොම ද? සිංහලකමට ඇති තර්ජන හඳුනාගැනීමේ දි යොදාගන්න ක්‍රමයක් තියෙනවා. ෆීඩ් ෆෝර්වර්ඩ් කන්ට්‍රෝල් ක්‍රමය කියන්නේ ඒක කපල කොටල මකල හලල ගත් කින්ඩගාර්ඩන් විදිය. ඊට එහා යමක් දැනට කිව නොහැකියි. එය තාක්ෂණිකව මිල කල නොහැකි තරම් ය.

"නොමිනුසුන් නැසීම වෙනුවට, උන්ව මිනිසුන් කිරීම සහ උන්ගෙ මිනිස් හැකියාවන් වැඩදායී ලෙස " ඉතිරිකර" ගැනීම ලෝකයට වැඩදායී නොවන්නේද? උන්ව පරිවර්තනය කිරීම කල නොහැකි නම්, ඊට හේතු කවරේද? අවතාරය උපත් ගණනාවකදී උකහා ගත් දැනුම, පුරුදු ඔස්සේම යාමට පෙළඹීම වැනි සරල හේතුවක් ඒ පිටුපස තියනවද? ( බෞද්දයන් සංසාර පුරුද්ද කියන්නෙ මේකටද ? )" -

ජීවීන් ලෙස ජීවත්වීමේ වගකීම අපට පැවැරෙනවා. අප කරන කියන දේ අනුව නැත්නම් ජීවත්වන ආකාරය අනුව, අපට විතරක් නොව ජීවත්වන අනෙක් සැම ජීවයකටමත් බලපානවා. එතකොට, කියල වැඩක් නැතිකොට, හරි දේ කරන්න බැඳුනු අය ඉන්නවා. එයාල කල යුතු දේ කරනවා. සැබෑ ලෝකෙ පවතින අභියෝග හමුවේ ඔබ කියන දේ අතාත්විකයි. පරිසරය තුල ඇති අභියෝග අප ඈඳාගත යුතුයි. මෙතෙක් අපි පැවතුනේ ස්වාභාවික පරිසරය තුල. අද ලෝකයේ සිටින අය ඔක්කොම වැඩදායී නොවේ. ඔබ කියන ආකාරයේ තත්ත්වයක් හෙවත් නව ආරම්භයක් මිනිසුන්ට පමණක් ළඟදි ලැබේවී. අනාගතයේ දවසක ඒක සියලු ජීවීන්ට හිමි විය හැක. සැබෑ ලෝකෙ සැබෑ විදි තුලින් යා යුතුමයි. නැවත නැවත ඉපදීම තුල,  තමන් හුරු පුරුදු කරගත් හැසිරීම් රටාව, අවතාරයට අනුවත්, දෙමව්පියන්ගෙන් ලැබෙන තාරය සතු හැසිරීම් රටාව අනුවත්,  තමන්ට උරුමකම අනුවත්, බාහිර බලපෑම් නිසාත්, තමන්ට කිසිම ආකාරයකින් නොබැඳුන හේතු නිසාත් වැඩදායී වීම නොවීම තීරණය වෙනවා. බෞද්ධයන් වපුරා ඇති මිථ්‍යාවන් ගැන නැවත ඉපදීම ගැන කියන කොට ලියන්නම්.

"මරණය සහ නැසීම යන වදන් දෙක ස්වභාවිකව හෝ හිතාමත ජීවිතය නැවතීම හෝ තොර කිරීම යන අර්ථ හැරුණු කොට, උපත හා මරණය යන චක්‍රීය සංසිද්ධියට අමතරව, වෙනත් අර්ථයක්, විශේෂයෙන්ම නැසීම යන වචනයෙන්, ජීවිතය නැවැත්වීමක් අදහස් කරනවද?" -

මනුෂ්‍යයන්, තිරිසනුන්, අමනුෂ්‍යයන් හා මූසලයන් එසේ වූයේ ද යම් දිනෙක මනුෂ්‍යයන් පමණක් වේ ද, ඒ එක ක්‍රියාවක ඵලයක් නිසා නොව අවස්ථාවට උචිත ලෙස බිහිවන ක්‍රියාවලියකිනි. සමහරක් දරුවකු නැසීම ස්වාභාවයෙන් ම නොකරති. තවෙකෙක් ඒ දැක නොකරයි. තවෙකෙක් බාහිර පීඩනය (එල්ලා මැරීම) නිසා නොකරයි. යමෙක් මරයි නම් ඌට කුමක් කල යුතු ද? ඒ වගේම තමන් කරමින් අන් අයට ද බලකරනවා නම් මොකද කරන්නේ? පිළිතුරු මෙහි ඇත. නැසීම යනු නැතිකිරීම ලෙස ද ගත හැක. එය කරන විදි බොහෝය. අන්තයටම ගිය විට සම්පූර්ණයෙන් සුන් කර නැවත ඇරඹූ බව ද ඉතිහාසය කියයි.

"බිහි වූ ජීවියකු මෙළොවින් තුරන්ව යාම තුල හෙවත් වඳ වීම තුල, එම ජීවියාගේ තාරයත් අවතාරයත් දෙකම විනාශව ගියා යන්න ගම්‍ය කරනවද? නැතිනම් ඩයිනසෝරයන්ගේ අවතාර අදටත් සත්ත්ව ලෝකයේ ශේෂව පවතීද? වෙනස් තාරයන් දරමින් සත්ත්ව ලෝකය තුල ඩයිනසෝර අවතාර පවතීද? කිසියම් ජීවියකු නැත්තටම නැති වී යා නොහැකිද? ඔබ කියන කරුණු අනුව කිසියම් ජීවී විශේෂයක් බිහි කල කෙනා,උන්ගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය ඉටු නොවීම නිසා, පරිසරයේ ඌට අභියෝග නිර්මාණය කර ස්ථිරවම මිහිතලයෙන් ඌව තුරන් කර දමනවාද?" -

 බොහොම බරපතල දෙයක් අහල තියෙන්නේ. වඳ වීම ලෙස දකින්නේ මේ පරිසරය තුල පැවැත්ම නැති වීමයි. එනම් තාරය නැවත නැවත බිහිකිරීමේ හැකියාව නැතිවීමයි. තාරය මුහුණදෙන අභියෝගවලට අවතාරය දක්වන ප්‍රතිචාර හා දෙකේම ඇති සීමාවලට පිටින් පරිසර විචල්‍යයන් පිහිටීම වඳ වීමට බලපානවා. උදාහරණ ලෙස අප ගත හොත් අපේ පැවැත්මට සෙ. අංශක 36.5 - 37.4 අතර අපේ ශරීරය පවත්වා ගැනීමට බැරි අපට අදාල නැති පරිසර වෙනසක් ඇති වුවහොත් අපි වඳ වෙනවා. මේක තාරය හා අවතාරය බිහිකල ජීවය තුලින් එළි දකින දෙයක්. එවැනි තත්ත්වයක් තුල අපේ අවතාරයට තාරයක් බිහිකල නොහැකි නිසා අවතාරය පමණක් පවතින බව පෙනෙනවා. අවතාරයෙ නැසීම පරිසරය තුලින් නොවන බවට දත්ත තියෙනවා. එසේම එම අවතාර කොටසක් අනෙක් ජීවි අවතාර බිහිකල ජීවීන් ලෙසත් පැවතෙන බව දත්ත හෙළි කරනවා. වඳවීම වැනි ක්‍රියා ඉතා දරුණු සිදුවීම් බවත්, ඊට පිළියම් ලෙස සියලු සතුන්ගෙ පැවැත්මේ වෙනස්කම් වෙන බවත් දත්ත කියනවා. උදාහරණයක් ලෙස ඩයිනසෝරයන්ගේ වඳවීම, පෘථිවියෙ ඇති සීමිත සම්පත් සමඟ නැවත නැවත බිහිවීමට අවශ්‍ය සමතුලිතාවය උන්ගෙ ශරීර ප්‍රමාණය විශාල නිසා බිඳ වැටී  විනාශ වූ බව පෙන්විය හැකියි. පෟථිවිය හා ගැටීම් වලට වඩා මෙම ක්‍රියාවලිය විනාශයට දායක වූ බව, සිතා මතා පැටව් ගැසීම තුලින් මිනිසා ඇතිකරන තත්ත්වය සැසඳූ විට පෙනෙනවා. ඩයිනසෝරයන්ට පසුව එවැනි අතිවිශාල ශරීර ඇති ගොඩ බිම සතුන් නැති නිසා එම සිදුවීම් පාඩමකට ගත් බව පෙනෙනවා.

ඩයිනසෝරයන්ගේ අවතාර අදටත් සත්ත්ව ලෝකයේ එවැනි හා ළඟින් යන කුඩා සතුන් ලෙස සිටිනවා. සමහරක් තාරය නැතිව පවතින්න ඕන. ඊට හේතුව කලින් කලට නැවත නැවත සත්ව වර්ග බිහිවීම සිදුවීමයි. වරක් සතෙක් බිහිවීමට නම්, ඊට කලින් ඒ සතා බිහිවීමට අවශ්‍ය දැනුම එකට පැවතිය යුතුයි.

කිසියම් ජීවියකු නැත්තටම නැතිවීමට අවතාරයද නැතිවෙන්න ඕන. එය එසේ වූ බව ජීවීන් බිහිවීම තුලින් පෙනේ. ඒ එම ජීවීන් පරිසරය තුල පැවතීමට අසමත් වීමයි.

කිසියම් ජීවී විශේෂයක් බිහි කල කෙනා,උන්ගෙන් බලාපොරොත්තු වූ කාර්යභාරය ඉටු නොවීම නිසා, පරිසරයේ ඌට අභියෝග නිර්මාණය කර ස්ථිරවම මිහිතලයෙන් ඌව තුරන් කිරීමට වඩා, ස්වාභාවික පරිසරය තුලින් පැවැත්මට එන අභියෝග තුලින් නැසෙනවා. ඒ වගේම මිනිසුන් ගත් කල අපේක්ෂිත ඉලක්කයට  ගෙන යාමේදී අභියෝග නිර්මාණය කර, අංඟසම්පූර්ණ පරික්ෂාවකට ලක් කර, නුසුදුසු උන් නැසෙන ලෙස  ක්‍රියා කරනවා. මෙහිදී ජීවින් තුලින් බලාපොරොත්තු වන සුවිශේෂ ඉලක්කය කරා යාමට ඔබ ඇසුවාටත් වඩා දේ කරපු/කරන බව දත්ත තුලින් තහවුරු වේ.

ගණිතමය ලෙස බැලුවත් අතිවිශාල විචල්‍යයන් ප්‍රමාණයක් කැටි කොට ඉතා ප්‍රබල මෙන්ම නැවත නැවත බිහිවන නිපැයුම් එකක් නොව එකිනෙකාගේ පැවැත්මට දායක වන නිශ්චිත රාමු තුල විචලනය වන ජීවීන් වැනි නිපැයුම් අතිවිශාල ප්‍රමාණයක්, ඉතා සරල පරිසරයක බිහිකිරීම සඳහා උත්සාහ කරන කොට, ඔබ ඇසුවාට වඩා සංකීර්ණ අධීක්ෂණ පද්ධතියක් ද බිහිවිය යුතුයි නේ ද? එවැනි තත්ත්වයක දී, එක විචල්‍යයක සුළු වෙනසක් වූ විට තවත් එකක සීමා පැනීමත් විය හැකි බව ගණිතමය සමීකරණ තුලින් පෙන්වනවා.

ඔබේ ප්‍රශ්ණය තුල ඇති අවසාන වැකියට අපේ හැසිරීම තුලින් උත්තර ලැබෙනවා. අපි අවශ්‍ය දේ තියාගන්නවා. වැඩකට නැති දේ අතහරිනවා. කරදරයක් නම් විනාශ කරනවා. ඒ වගේ අප සතු හැසිරීම් රටාව අපට හිමිවුනේ කෙසේ ද? ඒවා වෙනස්කිරීමට අපට බැරිවීම තුලින් එය අප කරන දෙයක් නොවන බව කිව හැකි අතර, ඒ "කෙනා" අපට දුන් දේ බව පෙනෙනවා. ඇති කිරීම, නැති කිරීම, පමණක් නොව වෙනස් කිරීම/නොකිරීම වුව එසේ වන බව කිව හැකියි. ඒ සියල්ලම එක්තරා ඉලක්කයකට යන්න පැහැදිලිව අනුගමනය කරන පටිපාටියක් තුලයි වෙන්නෙ. වරදක් හදා ගැනීමට දෙවරක් දීමත් ඊට වඩා නොදීමත් කොතරම් නිවැරදි ද? නිරපේක්ෂ සත්‍යවාදී බව (absolute honesty) තුලින් කිරීම කොතරම් අගේ කල යුතු ද? සිංහලයන් සතු කෙලෙහි ගුණය වැනි දෑ තුලින් හැසිරීම දැකිය හැක. හැකියාවන් බැලූ විට කල නොහැකි දෙයක් හෝ සීමාවක් නැත. එහෙත් පරිසර සාධක තුලින් වෙන දේවල් එලෙසම දැකීමත් වැදගත්.

"බල්ලකුගේ අවතාරය තුල ගබඩා වී ඇති, බලු වර්ගය ලෙස උගේ පැවැත්මට අදාල කරුණු, බලලකුට වැදගත් නොවන නිසා, බල්ලකුගේ අවතාරයක් මරණින් පසු බලලකුගේ තාරයක් තුලට රිංගීම සිදු විය හැක්කක්ද? එහෙම වන්නේ නම්, අප ගෙදර හදන බල්ලකු තුල බලු විශේෂයට වෙනස් වූ, උදාහරණයකට, ඩයිනසෝර ගතිත් තිබිය හැකියි නේද? නමුත් මිනිසුන් අතර මිනිස්කම මෙතරම් විවිධ ප්‍රමාණවලින් පැවත, ඊට අනුව උන්ගේ හැසිරීම වෙනස් වීමට හේතුව කුමක්ද? බලලෙක් මිය ගොස් බල්ලෙකු විය හැකිද? මිනිහකු ජීවිත කාලය තුල කරන තිරිසන් වැඩ නිසා, මරණින් පසු ඌ වඩා සුදුසු තිරිසන් තාරයක් ගනීද? උදා : මුසලයන්.." -

ඉස්සර වෙලා අපි දිහා බලමු. අපේ තාරය ගතහොත් අතිරේක හෝ ප්‍රයෝජනවත් නොවන අංඟ නැත. එසේම මේ බව අනෙක් සතුන්ට  ද අදාල බව පෙනේ. එනයින් හැම සතෙකුගේ ම තාරය නිම වී ඇත්තේ තමන්ගෙ ජීවිත රැකීමට අත්‍යාවශ්‍ය කොටස් වලින් යයි ගත හැක. බල්ලා හා බළලා ගත් විට, හැසිරීම් රටාව වෙනස් නිසා, බල්ලෙකුට බළලෙකු හෝ අනෙක් අතට උපතක් ලැබී නම්, පැවැත්ම ලොකු අභියෝගයකි. 50% නීතිය අනුව නොමැරී සිටියොත් කල් යත්ම උපත් කීපයකදී තාරය හා අවතාරය එකිනෙකින් ඉගෙන තමා උපන් වර්ගයාගෙ ගති ගනී. එහෙත් ස්වාභාවික පරිසරයේ සියලු සතුන් අතර සම බව නිසා, තම වර්ගය දමා වෙනෙකෙකු වීම නොවන තරම් ය. එහෙත් එක්තරා අවතාර කොටසක් මෙසේ විවිධ සතුන් වීම කරන බව පෙනේ. එය සැසඳීමට යෙදුවක් බව කිව හැක.

බිහිවන සරල ස්වාභාවික ආකාරය ගත් විට හැම සතාටම බිහිවන විදිය පොදු ය. ඒ නිසා එකම ස්වරූපයක සතෙක් වීම තමන්ගෙ පුරුදුබව නිසා වන බව පෙනේ. තාරය දෙමව්පියන් මත රැඳෙන නිශ්චිත දෙයක් නිසා අවතාරයට කල හැක්කේ තේරීම පමණකි. වෙනසක් කිරීමට සුවිශේෂ අවතාරයක් වීම අවශ්‍යයි. ඩයිනසෝර ගති ඇති අවතාරයක් බල්ලකු වූ විට ඩයිනසෝර ගති පෙන්වීමේදී ගත එය බලු ක්‍රියාවක් ලෙස පරිසරයට මුදා හරිනවා. බලු, බළල් හෝ ඩයිනසෝර අවතාරයක් තම මුල් වර්ගයට අයත් නොවන තාරයක් තුලින් බිහි වූ විට, තම මුල් වර්ගයට අයත් අවතාරයකට වඩා වෙනසක් දක්වන හැසිරීමක් ඇති බව සූක්ෂම ව බැලූ විට පෙනේ. ළඟදී කල සංචාරයේ දී, සමහර මිනිසුන්, මනුෂ්‍ය වර්ගයා බිහිවීමට පෙර දැරු සත්ව ජීවිත වල ගති ගුණ අදත් රැඟෙන යන බව දුටිමි. සමහරුන් කන බොන දෑ තුලින්, මිනිස් ගතට තම අවතාර සම්බන්ධ කරන්නේ මුල් සතාගේ කොටස් යොදා බව තහවුරු විය. එම නිසා මිනිසාට ආවේනික ගතිගුණ මෙන් ම එම සතාට ආවේනික බැඳීම් ද පෙන්වයි.

මිනිසුන් ගත් කල උන් ද තිරිසන් ය. ඒ කියන්නේ මිනිසුන්ද තිරිසන් ගති ඇති උන් යන්නයි. මිනිස්කම තුලින් ගතිගුණ වෙනස් කිරීමට යාමේ දී, විවිධ ආකාරයන්ට එම වෙනස්වීම පෙන්වන්නේ, එම වෙනස කෙතරම් තමන්ට සමීපව වූවා ද යන්න මතයි. ඒ නිසාම වෙන සතෙක් බවට පත් නොවේ. එහෙත් මිනිසකු වී බල්ලෙකුට ආවේණික ගතිගුණ පෙන්වයි නම් ඒ බල්ලෙකු මිනිසකු වීම පෙන්වීමකි. නැවත බල්ලකු වීම හෝ නොවීම නැවත නැවත ඉපදීම වන ආකාරය අනුව තීරණය වේ. ඒ ගැන අදාල තොරතුරු පසු ලිපියකින් කියමි.

මූසලයන් යනු තිරිසන්බවට වඩා වෙනස් මිනිසුන්ට සීමා වූ ආවේණික හැසිරීමකි. ඒ ගැන දරුවන්ගේ ගති ලියූ ලිපියේ විස්තර කලෙමි. මිනිසුන් ලෙස, වෙන සතුන් ඉපදීම තුල ඒ සතුන්ගේ මුල්ගති උපයෝගී කරගෙන මේ වර්ග හතරේ දරුවන් ලෙස මනුෂ්‍යකරණය කල බව පෙනේ. බොහෝ සිදුවීම්, ප්‍රභේද ලෙස ඇති කර, අධ්‍යයනය කර, අනවශ්‍ය නම් නැති කිරීම වන බව කිව හැක. අවතාරය යනු සතා අනුව තීරණය නොවන, දියුණුවෙන් උපරිමයට ගිය, ඕන විදියකට නැවත නැවත යෙදිය හැකි දෙයක් බව තහවුරු වේ. සරල උදාහරණයක් ලෙස එකම සෛල අවශ්‍ය පරිදි සැකසී අංඟෝපාංඟ ලෙස බිහිවීම දෙස බලන්න.

"වඳ වී ගිය ජීවීන්ගේ අවතාර කොහි පවතීද යන්න ගැටලුවක් මට...ඇතැම් සතුන්ගේ තාරයන් කාලයත් සමග කිසිම වෙනසකට භාජනය නොවී පැවතීම එම නිර්මාණයේ පරිපූර්ණත්වය විදහා පානවද? උදා : මෝරා, සීලකාන්ත්, කැරපොත්තා, වැම්පයර් ස්ක්විඩ්" -

ඉහත උත්තරයේ අවසන් කොටසේ කී දේ බලන්න. වඳ වීම තාරය අනුව වෙන දෙයකි. අවතාර බොහෝ විට නැවත නැවත ජීවීන් බිහිවීම අනුවත්, ඒ ජීවීන් ලෙස ජීවත්වීමට ඇති හැකියාව මතත් නොකඩවා ක්‍රියාත්මක වෙනවා. වඳ වූ සතුන්ගේ ගතේ බලපෑමෙන් අවතාර ද වඳ වූ ස්වභාවයකින් හැසිරීම මිනිසුන් වී මිනිසුන් වඳ කිරීමට බලන උන්ගෙ අවතාර හැසිරෙන ආකාරයෙන් පෙනෙනවා.

ඔබ කී උදාහරණ ගත් කල ජීවී පරිසරයේ පැවැත්මට ස්ථීර අඩිතාලමක් වන කාර්ය කරන ජීවීන් ද, ඉදිරියට වර්ධනය වන ජීවීන් ද, තාවකාළික අවශ්‍යතා සපුරන ජීවීන් ද ඇති විය යුතු බව සනාථ කරනවා. සිංහලයන් බිහි වූ ආකාරය ගැන කී ලිපිය කියවන්න. වෙනස් වීම වන්නේ පරිසරය පැවැත්මට තර්ජනයක් වූ විටයි. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති සතුන් වෙනස්වීම් සියල්ලට මුහුණ දී පරිනත බවක් ලැබූ බිහිවීම් විය නොහැකි ද? එක අතකින් තාරය නිසා වෙනස් වීමද, අනෙක් අතින් අවතාරය නිසා වෙනස් වීම ද, ඒ දෙකේම අවශ්‍යතා නිසා වෙනස් වීම ද, තාර්කික ව සලකා බලන්න. එවිට පිළිතුර පැහැදිළි ය. මිනිසුන් වන අප ඒ සියල්ලට ම වඩා ප්‍රබල බලපෑමකට ලක්වන බව පැහැදිලි ය. එනම් කල නොහැකි දෙයක් කිරීමට බලකිරීමක් වැනිය. එයට මුල් වූ බලය ගත් කල, ඇති, නෑ, බෑ, යනු උත්තර නොවේ.

"සිංහල සමාජයේ පැවති පන්සිල් හා සමාන වූ රීතීන් පද්ධතිය ගැන මට කියන්න කියල ආයෙමත් මතක් කරනවා..ඒ එක එකක් පහදල දෙන්න..." -

මේක පසුවට ලියන්න හිටියත් ඊ ළඟ ලිපිය මෙයට අදාලව ලියන්නම්. ඒ තුලින් පිළිතුරු දෙන්නම්.

1 comment:

  1. ස්තුතියි ගොඩක්...බලාගන ඉන්නව තව කරුණු ලැබෙන තෙක්..

    ReplyDelete

Note: only a member of this blog may post a comment.