Friday 2 August 2013

දෛවය හා ඉරණම හඳුනා ගමු

සිංහලයන්ගෙ ජීවිත දැනුම ගැන කියන කොට, මේ ගැනත් කියන්න හිතුවා. දෛවය, ඒ ගැන කියන දෛවඥයන් ගැන ඇසුවෙමු. පශ්චාත් මරණ සහතිකය ලියන සේ ඉරණම යන වදන යොදන්නේ ද වුන දේ එසේ වීමට නියත බව කියමිනි. සැබැවින් ම දෛවය හා ඉරණම යනු සිංහල වදන් ද?

මම මේ ගැන ලියන්නෙ වචන වල අරුතවත් නොදැන ඒවා ප්‍රතික්ෂේප කරන උගතුන් සිටින නිසා ය. ඒ මදිවට සිංහල කියන වචනෙ අරුත නොදැන අපිත් ඔඳ සිංහලයන් යයි මේ අය ම මොර දෙනවා. භාෂාව කියන්නේ ජාතක උරුමය කියන ප්‍රධාන මිනුම. අරුත නොදත් අය ජාතක උරුමය කියන්නේ එම ජාතියට අයත් නිසා දැයි අසමි.

මේ ලිපිය කලින් ලිපියට ඇමුණුමක්. ඒ අතරෙ සමහරු හැම දේම මේ දෙකට පවරා, තමන්ට කරකියාගත හැකි දෙයක් නෑ කියනවා. දෛවය හා ඉරණම කියන්නෙ සිංහල වචන ද, නැත්නම් මේ වචන විකෘර්ති වූ ඒවා ද? පැහැදිළි කරන කොට, ජීවිතය (දිවිය දෛවය වී ඇත) හා හිරුකම (හිරු ඉරු වී කම ණම වී ශබ්ද කිරීම පහසු වී ඇත) කීවොත් පැහැදිලි විය යුතු ය.

ජීවිතය (දිවිය, දිවිපෙවත, දෛවය) කියන්නෙ අප ජීවත් වන ආකාරය ගැන කීමයි. ඉන් අදහස් කලේ අප විසින් සිතා මතා තෝරාගෙන කරන කියන දෑ ය. අවශ්‍ය තැන නොකිරීමටත් හැකි අපේ පාලනයට නතු වූ දෑ ය. අප කන බොන දෑ, කරන කියන රැකියා වැනි දෑ මෙයට අයත් වේ. අපට වෙන දේවල් කොච්චර නම් අපේ ජීවත් වීම අනුව තීරණය වෙනව ද? කොටින් ම, අප සිංහල නැති පරිසරයක ඉපදුනා නම් සිංහල වේ ද? දෙමළෙක් සිංහල පරිසරයක ඉපදුනා නම් සිංහල වේ ද? එතකොට අපි කරන කියන දෑ, කන බොන දෑ, හිතන පතන දෑ, අපි ජීවත්වන විදියට  බැඳී නැද්ද? ඉතින් අපේ  පැවැත්ම මෙන්ම නැවැත්ම අප ජීවත්වන ආකාරයට තීරණය නොවේ ද? එතකොට, කලින් සඳහන් කල ජීවිත දැනුම (ජ්‍යෝතිෂය) හා දෛවය කියන්නෙ එකක් නොවන බව පැහැදිළි නොවේ ද? එසේ නම් තමා දෛවඥයකු යයි කියන්නා අසිංහල හෝ මුලා වූ බොරු කාරයකු නේ ද?

දැන් ඉරණම (හිරුකම) ගැන විමසමු. මම කලින් හිරු ගැන කියා එම නම සූර්යයාට කීම වැරදි යයි කීවෙමි. මෙම අනාගැනීම දෙමළුන් කල දෙයකි. එතකොට මොකක්ද මේ හිරුකම කියන්නෙ. අපි ඔක්කොම හිතන් ඉන්නෙ නම්, අත පය වැනි අංඟ පමණක් නොව අප සතු සියලු හැකියාවන් ද අප විසින් බිහි කල දැ කියා ය. එම මතය දැරීමට සරිලන ආභරණ ලෙස, අපටත්, හරකුන්ට වගේ වල්ගයක් අං දෙකක් නොලැබුනේ ඇයි? අපේ දෙමව්පියන්ට නැති යමක් අපට තිබේ ද? එතකොට එයාලගෙ දෙමව්පියන්ට නැති දෙයක් එයාලට තිබේ ද? මේ ආකාරයට බැලූ විට, අප නියෝජනය කරන ගත සිත කෙසේ මේ ස්වරූපය ගත්ත ද? කලින් හිරු කවුද කියාත් සිංහලයන් දැරූ මතයත් කීවෙමි. ඉන් අදහස් කලේ සියල්ල ලැබුනේ හිරුගෙන් යයි කීම ය. අංඟ සම්පූර්ණ බිහිකිරීමක් වන අප ජීවත් කරවීමටත්, අපේ පැවැත්ම තහවුරු කිරීමටත් මෙම නිර්මාණය තුල බොහෝ දෑ ඇත. ඉන් බොහොමයක් අපට පාලනය කල නොහැකි හැඟීම් හා ක්‍රියා ලෙස පවතී. ඊට අදාළ තොරතුරු වලින් කොටසක් කලින් ලිපියේ කීවෙමි. ග්‍රහ චාරය හා කෘතීම ග්‍රහ චාර තුලින් බිහි වූ කාලමානයකට අනුව යන අප සැමට පොදු ක්‍රියා පටිපාටියක් ගැන කීවෙමි. ඊට අමතරව තව බොහෝ බරපතල නීතිරීති සමූහයකට අනුව අපේ ජීවත්වීමත් පැවැත්මත් තීරණය වන බව අප අතර වන දෑ සනාථ කරයි. ඒවා කෙතරම් ප්‍රබල දැයි කියනවා නම්, සීමා පැන්න විට, ස්වයංනාශක ක්‍රියාවන්ට පොළඹවන, ජීවිතය උඩු යටිකුරු කරන, සිතා ගැනීමට බැරි දේ වන ආකාරයේ බලපෑමක් කරන බව තහවුරු වේ. ඒවා  ජීවීන් මෙතෙක් දුර ආ ගමන සංකේතවත් කරන බලපෑම් බව තහවුරු කල හැක. එසේ නම් හිරුකම (ඉරණම) කියන්නේ ද ඉතා වැදගත්, අපට කෙලින් ම බලපාන දෙයක් නොවේ ද? මෙය කාලය තැන කෙනා අනුව නොව, ඊට වඩා වෙනස්, අප හසුරුවන දෙයක් ලෙස පෙන්විය හැක.

කලින් ලිපියේ ගත් මෝටර් රථය උදාහරණයක් ලෙස ගත් විට, හිරුකම යනු, රථය මාර්ගයෙන් පිට යාම වැලැක්වීමට යෙදූ වැඩපිළිවෙලක් වැනි, ජීවිතය හරි මගේ යාමට යෙදූ අනඟි රැකවරණ සමූහයක් ලෙස සරලව කිව හැක.

මෙම විග්‍රහය තුලින් මා හෙළි කලේ ජීවත්වන ආකාරය (ජීවිතය - දිවිය-දෛවය) හා හිරුකම (ඉරණම) යනු නිකම්ම නිකම් අපභ්‍රංශ නොව අපට වැදගත් වන දැනුමේ තවත් පැති විස්තර කරන වැදගත් තොරතුරු හඳුන්වා දීමක් බව ය. එම රහස් දත්තෙකු ගේ ජීවිත රැකෙන්නේම ය. මගේ විමතිය යොමු වන්නේ, මෙකී දැනුම කීමට නම් අපේ ජීවය බිහි වී ඇති ආකාරය මනාව දත යුතු ය යන කාරණයටයි.

මේ ලිපිය කියවූ ඔබ අපේ දිවිපෙවත (දෛවය) හා හිරුකම (ඉරණම) ඔබට බල නොපාන බව කියනවා ද? එහෙත් එක් අයකුට එම තැන හිමිවිය යුතු බව තර්කයෙන් කියවේ. එනම් එම තැන හිමි හිරුට ය.

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.