tag:blogger.com,1999:blog-6179211037531816440.post23235922496501693..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: සිංහලයන් හිරු දෙවියන් කියල කියන්නේ කාටදැයි හඳුනාගමු.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6179211037531816440.post-23072573084257202972013-04-12T05:52:49.800-07:002013-04-12T05:52:49.800-07:00http://sinha-ali.blogspot.com.au/2013/04/blog-post...http://sinha-ali.blogspot.com.au/2013/04/blog-post.html බලන්න.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-37125871645857180332013-04-10T20:55:26.241-07:002013-04-10T20:55:26.241-07:00ඇනොනිමස් වන් ඔරිග් මහත්තයට මේ දැනුම පහළ වුනේ කොහොම...ඇනොනිමස් වන් ඔරිග් මහත්තයට මේ දැනුම පහළ වුනේ කොහොමද කියල කිව්වනම් තරහ නොගෙන? ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-44120517476015293092013-01-31T21:34:34.311-08:002013-01-31T21:34:34.311-08:00ඒ වෙද මහත්තයගෙ ලිපිය මගේ දත්ත ගබඩාවේ ඇති. ඒත් හොයන...ඒ වෙද මහත්තයගෙ ලිපිය මගේ දත්ත ගබඩාවේ ඇති. ඒත් හොයන්න වෙන්නෙ පස්සෙ. සිංහලයො අපට නොපෙනෙන සීමාව දැන සිටි බව, විවිධ ආගමිකයන් ගිරව් වගේ කියන ඒවා ඇතුළේ හිරවෙලා තියෙනවා. ඒ වගේම තමන් ළඟ උපදින අයත් කවුද කියල තීරණය කල හැකියි. ඒවා වෙන්නේ උඩින් තියෙන නීති එක්කයි. එක් කෙනෙකුට එකම අන්තයකට, ඒ කියන්නේ උදාහරණ ලෙස සැප ම ගැනීම වෙන්නේ නෑ. ඒ ඔක්කොම පැවැත්ම රැකෙන විදියට කෙරෙන්නෙ.

ඔවුන් භාවිත කල ක්‍රම වේදය නැවත නිපදවන්න පුළුවන්. සිත හැම දේටම බලපානව නේ. තමන් හරි මග යන්නත් ඕන. ජීවිතේ නිවන සිතට මේවා නොදැනේ.

කේන්ද්‍රයේ හිස් කොටු වලින් කුමක් ගම්‍ය වේදැයි මම සරලව කිව්වා. කේන්ද්‍රය කියන්නේ ගිනි ගොඩක් (ඉස්සර ජීවිතය ගිනි දළුවක් වැනි යයි උපමාවක් තිබුනා - කැළේ ගිනි ගොඩවල් ගහල තමයි ආලෝකය, ආරක්ෂාව, රෂ්ණය ලබා ගත්තේ. කැති පොරෝ කියත් නැතුව ගිනි දළුව පවත්වා ගැනීමත්, ඒ කාලේ, බේත් නැතුව, වගාව නැතුව, ජීවිතයක් රකිනවාට සමානයි නේද?) වටා හිඳගත් හිරු, සඳු, කුජ, ..... කියන අවතාර ලෙස ගන්න. තැන් දොළහක් තිබ්බට නව දෙනයි ඉන්නේ. ඒ හිස් තැන් තුන, "ඉපදුන තැන, ඉපදුන දින සූර්යයාගේ සැබෑ පිහිටීම, ඉපදුන කෙනා" යන තුන නියෝජනය කරන ලෙස යෙදුවම දියසේන කියන කෙනාගෙ අනන්‍ය බව තහවුරු වුනා.

මම පොත් කියෙව්වට ඒවා මගේ දේ ලෙස නොගනිමි. එක්තරා විදියකට හැම දේම ස්වභාවික ලෝකෙට සම්බන්ධ වෙනවා. කියන දේවල අරුත එතැනදී පැහැදිළි වෙනවා.

අප කියන දේ කොතරම් හරිද කියන එකට අප පරිහරණය කරන දත්ත වලට වඩා වැදගත් බාහිර දේවල් තියෙනවා. නාඩි අල්ලල ලෙඩ කියනකොට වුනත්, හිතට එන දේවල් නාඩි අල්ලල කියන කෙනා අනුව වෙනස් වෙනවා.

සිංහලයන් තරම් අභියෝග වලට මුහුන දුන් වෙන ජාතියක් නැත. නිර්මාණයක හැසිරීම මැනීමට පරික්ෂා කල යුතුමය. පුදුමයකට ඇත්තේ හොම්බෙන් යන විට ලබන එන්නත ය.

//අපේ උපත සමග අපට පැවරුණු කිසියම් වගකීම් සමුදායක් තිබිය යුතුයි කියල මම හැමදාම හිතුව.// - ඔව්. අපේ වෙනස්කම්, බැරිකම නොව අපට පැවරුණු වගකීම් ඉටු කිරීමට ලැබූ අංඟෝපාංඟයන් නිසා වේ. එය එක උපතකට සීමා නොවූ අපේ ක්‍රියාවෙන් පිළිබිඹු වන අන්තයක් කරා යාමකැයි මම සිතමි. හැම වේයා ම එකම වැඩේ කලොත් එතැන වේ හුඹහක් තිබේ ද?

Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-75999093588564549192013-01-31T18:18:24.184-08:002013-01-31T18:18:24.184-08:00අගෙයි ඔබේ කතාව...ඒ වෙද මහත්තයගෙ ලිපියෙ තිබුණු ඊට ව...අගෙයි ඔබේ කතාව...ඒ වෙද මහත්තයගෙ ලිපියෙ තිබුණු ඊට වැඩි කරුනු කියන්න බැරිද? එසේ කීමට ඔවුන් භාවිත කල ක්‍රම වේදය නැවත නිපදවන්න බැරි වෙයිද? එය ඉතා අග්‍රගණ්‍ය හැකියාවක්නෙ...ඒ වගේ දෙයකට සෙවුම් ක්‍රමයක් නිපදවාගෙන තිබීම තුලින් පැහැදිළි වෙනව සිංහලයො අපට නොපෙනෙන සීමාව ( මරණය, ඉන් පසුව කුමක් වන්නේද, ඉපදීමට කුසකට යන්නේ කෙසේද කියන වැනි කරුණු...) හොඳින් දැනගෙන හිටිය කියල...
සිංහල භාව කේන්ද්‍ර ක්‍රමය ඔය දළ කේන්ද්‍ර ක්‍රමයට වඩා බොහෝ වෙනස්...කාලාන්තරයක් හොයල හොයල විද්‍යාරත්න මහත්තයගෙ ජ්‍යෝතිශ සංග්‍රහය කොටස් 5 ක් පොටෝකොපි කරගත්ත...තාම අධ්‍යනයට වෙලාවක් ලැබුනෙ නෑ..ඉන්දියානු ක්‍රමය තුල නිවැරදි භාවය සම්බන්ධ ගැටළු තියනව එය කොතරම් මුල් බැසගෙන තිබුනත්...
කේන්ද්‍රයේ හිස් කොටු වලින් කුමක් ගම්‍ය වේදැයි පහදන්න.
නිවැරදිව පංචාංග ලිත් පද්ධතිය සකසා ජ්‍යෝතිශයේ සත්‍යතාව තහවුරු කල යුතුයි. ලිත් නොතිබුණු කාලයේ ගමේ ගොඩේ හිටි ජ්‍යෝතීර්වේදියකු ග්‍රහ රාශි චාරය කෙසේ සොයා ගත්තාද යන්න අපි සිතිය යුතුයි, එනම් පියවරින් වේලාව සොයා නැතිනම් ඉපදුනු වේලාවේ සිට කෙසෙල් ගොබයක් ඇදෙන ප්‍රමාණය මැණ එයින් පවා නිවැරදිව තොරතුරු පුද්ගලයකු ගැන කියන්නට තරම් ප්‍රභල ජ්‍යෝතිශයක් අපට තිබුණනෙ..අද මේ වල් බාවන්ට ලිත හරියට ගැණ ගන්න බෑ...පැහැදිළියි මේ ක්‍රම වේද නසන්න, සිංහලයො දීනයො, නිවටයො කරන්න එදා ඉඳලම අවශ්‍යතාවය තිබුණ කියල.
ඕනැ ඕනැ තැනක ඉපදෙන්න බෑ කියන කතාවත් හරිම වැදගත්...අපේ උපත සමග අපට පැවරුණු කිසියම් වගකීම් සමුදායක් තිබිය යුතුයි කියල මම හැමදාම හිතුව. සමහරවිට ඒ නැති වූ සිංහලකමට පණ දීම වෙන්නැති...මායා, ඉන්කා, දකුණු ඇමරිකානු ශිෂ්ඨාචාර, අපේකම ආදී දේට මා තුල ඇතිව ඇති කොන්දේසි විරහිත නැඹුරුවත් මාව විශ්මයට පත් කරනව...Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-40867635957038838872013-01-31T16:46:42.844-08:002013-01-31T16:46:42.844-08:00අගේ ඇති කතාවක්. ඒ වගේ බලු පැටවුන් ඉපදුන වෙලාව අනුව...අගේ ඇති කතාවක්. ඒ වගේ බලු පැටවුන් ඉපදුන වෙලාව අනුව කේන්ද්‍ර හැදීම, ඇත්තටම ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම වැරදි ලෙස භාවිතයක්. එසේම අනාවැකි කීමත් එවැනි දෙයක්. හරි වගේ පෙනෙන්න ඒ තුල තියෙන නිශ්චිත අභියෝග චක්‍රය නිසයි. මිනිසුන් සතුන්ට වඩා වෙනස් ජීවිතයක් ගත කරන නිසා, ස්වාභාවයෙන් තම හැකියාව පරික්ෂාවට ලක් වෙන්නෙ නෑ. සතුන්ගෙ ප්‍රථම කාර්යය කුසගිනි නිවීම. දෙවැනි එක වර්ගයා බෝ කිරීම. එච්චරයි. තුන් වන අභියෝගයක් නෑ. ඒ කාර්යයන් දෙකේ දී, ජීවිතය, මරණය, කියන දෙක සම සමව පවතින සබඳතාවයක්. මිනිසුන්ට සංඛ්‍යාව ගත්තම ඔය අභියෝග දෙක නැති තරම්. තමන්ගෙ පැවැත්මට, යම් ආකාරයකින් තමන්ගෙ හැසිරීම අභියෝගයකට ලක් නොවේ නම්, කාල බීල පෙරලෙන්න බැරි මස් ගොඩක් වෙනවා නේද? මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන හැසිරීමට සරිලන අභියෝග, ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම තුලින් එළි දකිනවා. ඇත්තටම මනස අප ඒ තත්වයට ඇද දමලා, අභියෝග බලෙන් ගන්නවා. ඒකත් එක විදියක ඉල්ලගෙන කෑමක්.

ඒ කතාවෙන් හෙළිවෙන්නෙත්, මිනිසෙකුට ඕන ඕන වෙළාවට ඉපදීමට බැරි බව නේද? ඒත් සතුන්ට එහෙම නෑ. ඒ වගේම කොයි වෙළාවේ ඉපදුනත්, මිනිසුන්ට කියන දේ වළංඟු වෙන්නෙත් නෑ. මේ වගේ ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම පරික්ෂා කිරීමට උත්සාහ කරන අය, තමන්ගෙ නොදන්න කම පෙන්වනවා. ඒක වෙන්න ඇති මුදලාලිට තද වුනේ. පුරන් කොටන උදැල්ලෙන් වී පාගන්න බැහැ නෙ.

මම හුඟක් ඉස්සර ලංකාදීපෙ වෙදෙක් ලියපු සිංහල ලිපියක් කියෙව්වා. ඒකෙ, ආදි සිංහලයනට තමන් උපදින තැන, වේළාව, දෙමව්පියන් තීරණය කිරීමේ හැකියාව තිබුනා යයි ලියල තිබුනා. ඒ ගැන හරියට ඇත්ත දැනගත්තෙ දියසේන ගැන සිංහලයන් කියපු දේ සොයන කොටයි. හරියටම තමන් උපදින තැන වෙළාව දිනය කියල තිබුනා. ඒත් කිසිවෙකුට හරියට කියන්න බැරි වුනා. ඒකට හේතුව තමයි කේන්දරේ හිස් කොටු තුන ගැන නොසිතීම. ඉපදුන තැන (ඇත්තටම හැම කෙනාටම හැම තැනම ඉපදීමට නොහැක), ඉපදුන දින සූර්යයාගේ සැබෑ පිහිටීම, ඉපදුන කෙනා යන තුන නොදැන ජීවිත (ජ්‍යෝතිෂ) දැනුම භාවිතා කිරීම අසම්පූර්ණයි. එම දින, එම වෙලාව හා කෙනා ගෙන බැලූ විට ජීවිත (ජ්‍යෝතිෂ) දැනුමට මුල් වූ පදනම සොයා ගත හැකියි. සිංහල දේවල විශේෂත්වය, බාහිර දේවලින් නොව මූලික පදනමක සිට දැනුම බිහිවීමයි. ඒත් අද බහුතරය කතාකරන්නේ, ඒ දැනුමෙන් හින්දුන්ට තේරුන ටික නැවත කපා කොට සංස්කරණය කරල ගත් දෙයක් ගැන. මේ ගැන පසුව තව විස්තර ලියන්නම්.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-90888797744348828352013-01-31T07:02:43.785-08:002013-01-31T07:02:43.785-08:00මගේ අත්තාගේ යහළුවකු වූ ගමේ කඩේ මුදලාලි ප්‍රවීණ ජ්...මගේ අත්තාගේ යහළුවකු වූ ගමේ කඩේ මුදලාලි ප්‍රවීණ ජ්යෝතීර්වේදියෙකි. ඔහුගේ ජ්‍යෝතිශ දැනුම මිනීමට වරක් එක් අයෙක් මෙවන් දෙයක් කලේලු.

තම දරුවා බිහි වුනු ආසන්නයේම ඔහුගේ නිවසේ බැල්ලකට පැටවුන් බිහි වී ඇත. බලු පැටවකු බිහි වූ වෙලාව සටහන් කරගත් ඔහු කඩේ මුදලාලිට එය ගෙනත් දී තම දරුවා බව පවසා වේලාව සාදා දෙන ලෙස පැවසීලු.. මුදලාලි වෙලාව හදනවලු..ඔලුව කස කස හදනවලු.. හදන හැම වෙලේම එන්නෙ තිරිසන් උපතක කේන්ද්රයක්ලු… නමුත් අර මිණිහ දරුවෙක් කියල ගෙනත් දුන්න නිසා හිතාගන්නත් බැරිලු…දුන්නු වෙලාව හරියටම හරිද අහපුවම මිනිහ කියනවලු ඔව් කියල…හදල හදල අවසානෙ මුදලාලි කිව්වලු, දුන්නු වෙලාවෙ හැටියට නම් මහත්තයො මිනිස් උපතක් වෙන්න බෑ, අනිවාර්යෙන්ම ත්රිසනෙකුයි ඉපදිලා තියෙන්නෙ කියල…
ඉතින් මිනිහ පැහැදිලා කිව්වලු, ඔව් මුදලලි හරි, මම ඔය මුදලාලිගෙ සාස්තරේ සත්‍යාසත්‍යතාව බලන්න ගෙනත් දුන්නෙ අපේ බැල්ලිට පැටිය බිහිවෙද්දි ගත්ත වෙලාව කියල… මුදලාලි ඔය සිද්ධිය නිසා ඒ මනුස්සය එක්ක ගොඩ කාලයක් තරහින් හිටියලු…
Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.com