tag:blogger.com,1999:blog-6179211037531816440.post5929341848337015218..comments2023-06-10T01:36:08.845-07:00Comments on මිනිස්කම: මිනිසුන් අතර වෙනස සිංහල ජන සමාජය විශ්ලේෂණය කර හදාරමු.Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)http://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6179211037531816440.post-69684223093630463742013-07-23T05:58:45.613-07:002013-07-23T05:58:45.613-07:00කැලුම් ඔබ කියන දේ මම දනිමි. ඒත් අළුතින් යමක් කියන ...කැලුම් ඔබ කියන දේ මම දනිමි. ඒත් අළුතින් යමක් කියන කොට සරලව කීමට ගතවන කාලය වැඩි නිසා කෙටියෙන් ලියන්න වෙනවා. අද අපේ සිත (අවතාරය) අලස වෙලා. ගතත් ඒ වගේමයි. අවතාරය පණ ගැන්වීමට නම් බරපතල ලෙස මානසික හා ශාරීරික අභියෝග වලට මුහුණ දෙන්න ඕන.

"අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන අය හොයන්න අකමැතියි, දෙනවනම් කැමතියි...සරලව කරුණු ඉදිරිපත් වෙනකොට කියවන්න යොමුකරවගන්න පහසුයි..." - ඒ අයට අහපු දේ එලෙසම කීම හැර වෙන ගත යුත්තක් නෑ. මිනිසුන් ලෙස නැසීම අනුමත නොකලත්, මළවුන් හා සියදිවි නසාගන්නන් වෙනුවෙන් කාලය යෙදවීම පැවැත්ම රැකීමෙදි නොකෙරෙන දෙයක්.

සිංහල කියන්නේ බැරි දේ කරන කොටසක්. ඒ නිසා ප්‍රශ්ණ නැගීම හා ගැටීම තුලින් තමන් ම සොයාගැනීම අත්‍යාවශ්‍යයි. නොඑසේ නම්, අද අප අතරෙ සිටින බහුතරය වන හින්දු ආගමිකයන් වගේ ඇසූ දේ කියව කියව සිටීවි.

ඇත්තටම බොහෝ වැදගත් දේ, විශේෂයෙන් ම මිනිසුන් වීමට ප්‍රථම, මම මිනිස් වර්ගය බිහිකල ආකාරය කී විට සඳහන් කල සතුන් සේ උන් ඇත්තන්ගේ අවතාරගත බැඳීම් වල බලපෑම මේක ලියන කොට සම්පූර්ණයෙන් ම අතහැරියා. මෑතක ගිය ගමනේ දී අත් දුටු මෙවැනි දේ කොතරම් මිනිසුන්ගෙ ආවේනික හැසිරීම් පාලනය කරනව ද කියන එකත් නොකීවේ සංකීර්ණ වන නිසා. මම කිව්වෙ හැම මිනිසාම වෙන් කර හඳුනාගෙන ඒ හැම කෙනාම එලෙස වීමට දායක වූ කරුණු වලින් බිඳක් පමණයි.

සිංහල බස අප සතු සංකීර්ණ ම බසයි. ඒ අනුව අප හැඩ ගැසෙමු. වහර නම් යෙදුවේ සිතා මතාම සම්මතයෙන් බැහැර වීමටයි. ඒ ගැන පසුවට ලියමි. අවශ්‍ය තැන පැහැදිළි කරන්නම්. ඒක කියවන අය මත රැඳෙනවා.

ඉගෙනීම කියන්නෙ නොතේරෙන දේවල් ඇසීම තුලින් දැනගැනීම නේ ද? මේ මා කී සියල්ලම අප ඉදිරියේ ඇති දෑ නේ ද?

ඔබ කියන කාරිය කිරීමට අවශ්‍ය අය බිහි කිරීමට වෑයම් කරමු. Priyantha Piyasena Abeywickrama (Anonymous One orig)https://www.blogger.com/profile/09610566947410383592noreply@blogger.comtag:blogger.com,1999:blog-6179211037531816440.post-76446204501525297352013-07-23T03:53:45.463-07:002013-07-23T03:53:45.463-07:00අගනා ලිපියක්..බලාගන ඉන්නෙ අලුත් කරුණු එකතුකරගන්න.....අගනා ලිපියක්..බලාගන ඉන්නෙ අලුත් කරුණු එකතුකරගන්න...ඇතැම් තැන් වලදී කරුණු හිතාගැනීමට ඉඩ නොදී සරලව සියලු කරුණු දෙන්නේ නම් වටිනවා..හැකි තරම් සරල වහරකින් කරුණු ඉදිරිපත් කලොත් බොහෝ දෙනා තුල නිද්‍රාගතව ඇති සිංහලකමට පණ එනු ඇති...
සංකීර්ණ රටාවකින් දැක්වෙන කරුණු බොහොමයක් දෙනා කියවන්න අකමැතියි...අද පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන අය හොයන්න අකමැතියි, දෙනවනම් කැමතියි...සරලව කරුණු ඉදිරිපත් වෙනකොට කියවන්න යොමුකරවගන්න පහසුයි...දැනුම සීනි බෝල වචන වලින් කියන්න බෑ තමයි. නමුත් සාමාන්‍ය ජනයාද ඉලක්ක කරගෙන ලිවීම වැදගත් කියල හිතනවා...

කුල ක්‍රමය ගැනත්, ජ්‍යෝතිශයේ අන්තර්ගත කරුණු ගැනත් ගොඩක් ස්තූතියි..ඒ කියන්නෙ අද දේව වර්ගය ලෙස හඳුන්වන කොටස තුල ගත දුබල අය වගේම ප්‍රභල අයත් ඉන්නවා...Kelum Jayasinghehttps://www.blogger.com/profile/06404780612881559687noreply@blogger.com