Wednesday 28 December 2016

උරුම වූ සිරිත් විරිත් පවත්වාගෙන යාමට ඇති අයිතිය රකිමු ...

සිංහලයන් සතුව ඉතා වැදගත් සිරිත් විරිත් සමූහයක් ඇත. ඒවා සියල්ල මනුෂ්‍යයකු ලෙස ජීවත්වීමට ගොඩ නගා ඇත. කොතරම් ද කියනවා නම්, වෙන කිසිදු ජාතියකට අයත් උරුම වලට වඩා ඉතා විශාලය.

පහුගිය කාලය තුල සිට එල්ලවෙමින් ඇති බාහිර අභියෝග හමුවේ මේ සියල්ල බිඳවැටීමට හා අනන්‍යබව නැසීමට බාහිර බලවේග බල පා ඇත. සමහර වැදගත් සිරිත් විරිත් සිංහලයන් මත බලෙන් පටවා ඇතැයි යන මතයක් ගොඩනගන සතුරන් සිංහලයන් අතරම සිටී.

උරුම වූ සිරිත් විරිත් වටිනාකමින් අනූණ වුවත්, මෙලෙස විනාශ වීමට හේතු වූයේ පුද්ගලයන්ගෙ සීමාවන් තුලින් රැකීම ඉටු නොවුන නිසා ය. මෙම උරුමය දිගටම පවත්වාගත යුතු ඉතා වැදගත් දේ නිසා සිංහල පාලන රටාවක සාමූහික වගකීම් දරණ රංචුවක ස්වරූපයකින් කලයුතු පොදු කාර්යයකි. එසේම එහි අනන්‍යතාවය මතු පරපුරවල් හරහා රැකෙන ආකාරයටත්, මිනිසුන් ලෙස ඉදිරියට යන ගමනේදී මුහුණ දෙන අභියෝග හමුවේ වැඩි දියුණු වන ආකාරයටත් පවත්වා ගැනීම ආයතනික වගකීමක් විය යුතුයි.

උරුම වූ සිරිත් විරිත් ගත් කල ඒ හරහා සමාජයක් ලෙස පැවතීමට රැකිය යුතු අගයන් හා අණුගමණය කලයුතු පිළිවෙත් අඩංඟු වේ. ඒ තුලින් පුද්ගලයන් ලෙසත් පුද්ගල හැකියාවට දැරිය නොහැකි අතිවිශාල සාමාජිකයන් ප්‍රමාණයක් රංචුවක් යන හැඟීමෙන් පවත්වාගෙන යන පරිසරයක් හා ගැලපෙන ජීවන රටාවක් ගොඩ නැගී ඇත. මෙය වර්තමාන හා අනාගත අවශ්‍යතා සපුරන ලෙස ගොඩ නැගිය යුතු ආයතනික ව්‍යුහය සැකසීම අපේ වගකීම වී ඇත.

තමන් කොතන සිටියත් මොනවා කලත් තමන් රංචුවේ එකෙක් බව නිතර මතක් කරන සිරිත් විරිත් එකතු වන ආකාරයක් ද ඒ තුලින් ගොඩනැගිය යුතුයි. තම උරුම වූ සිරිත් විරිත් අහිමි වීමත් අනුන්ගෙ උරුම වූ සිරිත් විරිත් තමන්ගෙ වීමත් අප අතරමන් කර විනාශයට යොමු කරයි.

මේ කාරණාව ගැන මම කතා කරන වීඩියෝව මේ පුරුකෙන් බා ගන්න. තව බොහෝ තොරතුරු ඊට අයත් බව අමතක නොකරන්න. ඊට අවශ්‍ය පසුබිම යථා කාලයේදී ගොඩ නැගේවි.

https://www.youtube.com/watch?v=elr2xzEf6GQ

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.