Wednesday 14 December 2016

සැරීමට ඇති උරුමයන් පවත්වාගෙන යාමට ඇති අයිතිය රකිමු..

මේක අද සිංහලයන්ට අහිමි වෙච්ච දෙයක්. නොයෙකුත් තර්ජන ගර්ජන වගේම මුලා කිරීමෙනුත්, බලෙන් දෙන පරයන්ගෙ අධ්‍යාපනයෙනුත්, අනුන් ගොතපු ඉතිහාස වලිනුත්, උන්ම හදාගත් උන්ගෙම කැලෑ නීති වලිනුත් සිංහලයන්ගෙ මේ උරුමය හොඳටම පාගලා තියෙන්නෙ. සිංහලයන් කොතරම් අසරණ ද කියනවා නම් ඒ ඔක්කොම ප්‍රෝඪාවන් පිළි ගන්න තරම් සිංහලයන් පිරිහිලා. එවැනි කාලයක මේක ඉතාම කාලෝචිත මතක් කිරීමක් වගේම පොදු වගකීමක් විය යුතු දෙයක්.

සිංහලයන් අද මුහුණ දෙන හැම ප්‍රශ්ණයකට ම මුල් වෙන්නෙ මෙතෙක් උරුම කරගත් උරුමය තුල ඇති දැනුමට එහා යන තත්වයයි. අඩුම තරමින් ප්‍රශ්ණය තේරුම් ගන්නවත් බැහැ. එවන් පසු බිමක, මම උත්සාහ කරන්නෙ සිංහලයන් සමඟ මගේ දැනුම බෙදාගෙන, ප්‍රශ්ණය තේරුම් ගන්න  පමණක් නොව ආයෙ එවැනි ප්‍රශ්ණ නොඑන ආකාරයේ විසඳුමක් දීමටයි.

සිංහලයන්ට තමන් අනෙක් මනුසතුන්ගෙන් වෙන් කරගන්න බැහැ. ඊට හේතුව සතුරන් සිංහලයන්ගෙ මුරකාවල් බිඳ දමා සිංහල වෙස් ගත හැකි නිසයි. මනුසතුන් හැදිච්ච ආකාරය ගැනත්, උරුමය නිරූපණය වන ආකාරය ගැනත් මේ අතරෙ පැහැදිළි කරන්නෙ එම දුබලතාවය පිටු දැක තමන්ගෙ අනන්‍යතාවය රැක ගැනීමට මග පාදන්නයි.

අදාළ වීඩියෝ පුරුක පහළින්. සම්පූර්ණ අවබෝධය ලබාගැනීමට සිංහලයන්ට හැකි වේ යයි සිතමි. යූ ටියුබයේ ඇති වීඩියෝ පොදු දර්ශණයට තබන්නෙ ඉතා සීමිත කාලයකට බව කරුණාවෙන් සලකන්න. යම් අගයක් දකී නම් බාගෙන බෙදා ගන්න. අවශ්‍ය නම් miniskama@gamil.com හරහා විමසන්න. කලින් නොදන්වා සීමිත කාලයකට පසු වීඩියෝ ඉවත් කරන බව සිතේ තබාගන්න.


https://www.youtube.com/watch?v=9b4kquAr_d8&feature=youtu.be

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.